Showing posts with label සිද්ධි. Show all posts
Showing posts with label සිද්ධි. Show all posts

Saturday, October 14, 2023

බීට ඉශ්‍රයල්

1980 එක්තරා දවසක සුඩානයේ රතු මුහුදු වෙරලේ තියෙන අරවුස් කියන ගම්මානෙ ඉතාලි සමාගමක් විසින් පව්ත්වාගෙන ගොස් අතහැර දමාපු ඩයිවින් රිසෝට් එකක් බලන්න එනව ස්විට්සර්ලන්ත සමාගමකින්. මේ රිසෝට් එක ගැන සැහෙන පැහැදීමට පත්වන ස්විට්සර්ලන්ත ව්‍ය්වසායක පිරිස මේක ඩොලර් ලක්ශ දෙකහමාරක වාර්ශික කුලියකට අරගෙන එතන අරවුස් නමින් ඩයිවින්‍ රිසෝට් එකක් කරගෙන යන්න තීරණය කරනවා. සුඩාන ආණ්ඩුවටත් ඒක බොහොම සතුටට හේතුවක්. මුස්ලිම් අරාබි රටක් ලෙස සුඩානයේ ඒ වගෙ සංචාරක ආයතන සුලබ නෑ.

අරවුස් කෙමෙන් ජනප්‍රිය වෙනවා. රතු මුහුදේ බොහොම සුන්දර කලාපයක කිමිදෙන්න ස්නෝක්ල් කරන පහසුකම් සපයනවා. එහි සේවය කරන්න සුඩාන සේවක සේවිකාවන් ගන්නව. ඉහළ මැනේජ්මන්ට් එක සහ ඩයිවින් ඉන්ස්ට්‍රක්ශන් ගයිඩින් බෝට්ටු ඔපරේට් කිරීම ආදිය කරන්නෙ යුරෝපින්. එදිනෙදා හොස්පිටැලිටි වැඩ කරන්නෙ සුඩාන සේවකයින්.



හැබැයි මේ හෝටලෙ එක තැනක්තියෙනවා සුඩාන සේවකයින්ට ඇතුලු වෙන්න බැරි. ඒ කිමිදුම් ස්ටෝරු කාමරය . අන්න ඒ කාමරේ ඇතුලෙ ඉතාම දියුනු තක්ශ්ණයෙන් යුතු (1980 දශකෙට) පණිවුඩ හුවමාරු උපකරණ සහිත මෙහෙයුම් මධ්‍යස්තානයක් තියෙනව. අන්න ඒ මෙහෙයුම්මධ්‍යස්තානය හරහා මේ ෆේක් සමාගමේ ඉන්න හොටල්කාරයින්, ඉහල මැනේජර් ලා කිමිදුම් උප්දේශකයින් ආදි ලෙස වෙස් වලාගෙන ඉන්න මොසාඩ් නියෝජිතයන් තමන්ගෙ මෙහෙයුම කරගෙන යනවා.

අපි දැන් කතාව රෝල් බැක් කරමු.

අදින් වසර 3000 කට පමණ පෙර හෝ 2700 කට පමණ පෙර වත්මන් ඊශ්‍රායලය තුල තිබ්බ කිසියම් යුදෙව් රටකින් යුදෙව්වන් පිරිසක් ඉතියෝපියාවට එනවා. මේ අය සමහර විට සොලමන් රජුට දාව ශීබා රැජිණිය උපදවපු කුමාරයා හෙවත් දීර්ඝ ඉතියෝපියානු රාජ පරම්පරාවල ආරම්භකයා තම පියා මුණ ගැහෙන්න ගිය වෙලාවෙ ඔහු ගැන පැහැදීමකින් ආපු යුදෙව් ප්‍රජාවක් වෙන්න පුලුවන් (වසර 3000ට පෙර). නෙවිනම් වසර 2700 ට පෙර නව ඇසිරියානු හමුදා හමුවේ එක යුදෙව් නගරයක් බිද වැටුනම එතනින් අවතැන් වු හා පලාගිය ප්‍රජා හෙවත් ලොස්ට් ට්‍රයිබ්ස් දහයෙන් එකක් වෙන්නත් පුලුවන්. නෙවිනම් ඔය වගෙ කාල වකවානුවක සිවිල් යුද්දයක් හෝ වෙනත් වින්නැහියක් නිසා යුදෙව් රටකින් පලා ආ පිරිසක්. හවුස් ඔෆ් ඊශ්‍රායල් හෙවත් ඊශ්‍රායල ගෝත්‍රය යන නමින් බීට ඉස්ශ්‍රායල් ලෙස තමන් හදුන්වා ගන්නව.

බීට ඊශ්‍රායල් වරුන් ඉන්නෙ ඉතියෝපියාවෙ අතිශයින් දුශ්කර කදුකර බිමක. වාහනයක් යන පාරක්වත් නැති පලාතක්. බහූතරය ගොවීන්. හැබැයි ඔවුන් වසර 3000ක් පමණ සෙසු යුදෙව්වන්ගෙන් දුරස් වුනාට ඔවුන් හා සමානවම ආගමික වතාවත් කරනව සන්ස්කෲතිකව ඊශ්‍රායලයේ ඉන්න සාම්ප්‍රදායික යුදෙව්වන්ට ලොකු වෙනසක් නෑ.

බීට ඊශ්‍රායල් තමන් යුදෙව්වො කියල දන්නව. යුදෙව්වන්ගේ දේශය විනාස වුනා කියල හිතා ඉන්නව (ඒක හරි ඉතින් එයාල ආවට පස්සෙ වටගානකින් දේශය විනාශ වෙනව) මේ ලෝකෙ ඉතිරි වෙලා ඉන්න එකම යුදෙව් ප්‍රජාව තමන් කියල හිතා ඉන්නෙ මේ හැමෝටම ආපහු සයෝනයට යන්න ජෙරුසෙලම දකින්න හීනයක් තියෙනව. ඒක පරම්පරාවෙන් කට වචනෙන් ආපු කතාවක්. ඒ මිසක ජෙරුසෙලම තියෙන්නෙ කොහෙද කියන්න අඩු ගානෙ ලෝක සිතියමක් වත් මේ අතිශයින් ග්‍රාමිය ඉතියෝපියන් කන්දෙ අයට නෑ.

1974 දි එතෙක් තිබ්බ රාජාන්ඩුව පෙරළන ඉතියෝපියානු සමාජවාදු මිලිටරි හුන්ටාව එහෙ සමාජවාදි රාජ්‍යයක් හදනවනෙ. මේක අත්‍යන්තයෙන්ම ෆේල් වෙනකොට ටිග්‍රේ එරිත්‍රියා වගෙ පලාත් වලින් රෙසිස්ටන්ස් එකක් පටන් ගන්නව. සමාජවාදි ආර්තික පරික්ශණ වල ෆේලියර් සිවිල් යුද්දෙ මදිවට සහෙල් කලාපෙ ලොකු නියන් කාලෙකුත් එනව. ටිග්‍රේ ඇතුලු කදු වලට ආහාර සැපයුම නතර කරනව සමාජවාදි ආණ්ඩුවෙන් (දැන් ගාසාවට කලා වගෙ) මේ නිසා ටිග්‍රේ අවට කදුකරයේ විශාල ආහාර හිගයක් ඇතිවෙනව හැමෝම දන්න ඉතියෝපියානු සාගතය මේක.

මේ කාලෙත් බීට ඉශ්‍රායල් වරු පුරුදු පරිදි එදාවේලක් කාල ඉන්නව, දුශ්කර නිසාම රටේ අර්බුදත් වැඩිය දැනෙන් නෑ. හැබැයි එක බීට ඉශ්‍රායල් වරයෙක් කැරලිකාරයින්ට උදව් කලා කියල ස්මාජවාදි ආන්ඩුව ඔහු පස්සෙ පන්නන්න ගන්නව. මෙ පුද්ගලයා පණ බේරගෙන සුඩානයේ තියෙන අනාත කදවුරකට එනව. එහිදී ඔහු ඊශ්‍රායලය කියන රට ගැන කරුණු හොයාගෙන ඊශ්‍රායලයට තමන්ගෙ විස්තරය දැනුම් දෙනවා.

කතාව අහන මොසාඩ් ආයතනය තමන්ගෙ රටේ ගෝත්‍රයක් ද මේ කියල මිශන් එකක් එවනව. ඊශ්‍රායලය පිළි නොගන්න අරාබි රටක් වන සුඩානෙට බහින්න ලේසි නැති නිසා මාට්ටු වුනොත් ඔලුව ගැලවෙන නිසා තමා වෙරල අවට පොඩි රවුමක් දාල හෝටලයක් හොයන් ස්විස් කට්ටියක් වගෙ එතෙන්ට බහින්නෙ. පෙර කී පුද්ගලයා හමුවන මොසාඩ් නිලධාරින් හා ඊශ්‍රායල ආන්ඩුව තීරණය කරනව ඉතියෝපියාවෙ මතුවන තත්වයන් එක්ක අනාරක්ශිත නිසා මේ ගෝත්‍රය ඊශ්‍රායලයට ගෙනියන්න.

හෝටලෙ දුවන අතරෙ ඒජන්ට්ස් ලා වැඩේ කරගෙන යනව. ජෙරුසෙලමට යන්න ලෑස්ති වෙන්න කියල පණිවුඩය යවනව ගැමියන්ට. මේක අහන යුදෙව් ගෝත්‍ර කිමි 500 කට දිග ගමනක් පයින් කදු හෙල් ඔස්සෙ ඇවිත් සුඩානයට එනව. ඒ එන ඔක්කොම අර අනාත කදවුරු වලට තමා යන්නෙ. මේ දුශ්කර ගමන් වලදි සිවිල් යුද්ද වලට අහුවෙල හොරුන්ට අහුවෙලා හෝ අනතුරු වෙලා දාස් ගානක් මැරිල තියෙනව

ඊට පස්සෙ මොසඩ් ඒජන්තයින් ලොරි ලෑස්ති කරල මේ අයට පනිවුඩය යවනව. ඒක මොනවගේ පනිවුඩයක් ද කිව්වොත් බොහොවිට මහරාත්‍රියෙ නිදියන් ඉන්න පිරිසක් ඇහැරල ජෙරුසෙලමට යන්න එන්න කියල එක්කගෙන යනව වගෙ කෙරෙන්නෙ. මේ මිනිස්සු ජීවිතේට ලොරියක්වත් දැකල නෑ.

ලොරිය හොර පාරෙන් කාන්තාරෙ ඔස්සෙ යනව හෝටලේ ආසන්න වෙරලට. රත්‍රී කීපයක් ගෙවන්න ඉඩ තියෙනව. ඒ වෙලාවලට ඔවුන්ව රහසිගත වාඩි (අරාබි බසින් වාඩි කියන්නෙ ගැඹුරට හෑරුනු වියලී ගිය ගන්ගා නිම්න. සුඩාන කාන්තාරෙ මේව තියෙනව) අර මිනිස්සු සමහර වෙලාවට ඊශ්‍රායලයට ආව කියල සුඩාන කාන්තාරෙ පොලොව සිපගන්නවලු.

අන්තිමේ වෙරලට එන අයව ඩිංගි බෝට්ටු වලින් ඊස්‍රායල නැවකට අරන් ගිහින් ඔවුන්ව ඊශ්‍රායලයට ගෙන යනව. බෝට්ටු සෙල්ලම සුඩානයට මාට්ටු වුනාම හර්කියුලිස් ප්ලේන් කාන්තාරෙට කලුවරේ බස්සල එයාලිෆ්ට් කරනව.

මේ ඔක්කොම මැද්දෙ රිසෝට් එක මාට්ටු නොවී දුවනව. ලොව පුරා සංචාරක මැගසින් වල නම යනව. හවුස් ෆුල් වෙනව. මිශන් එක කරන්න එව්ව ස්ටාෆ් එකට අමතරව හෝටලෙ දුවන්න කියල වැඩියෙන් මොසාඩ් උන් එවන්න වෙනව. සුඩාන රජයේ ඉහල නිලදාරින් තානාපති හා රාජ්‍යතාන්ත්‍රිකයන් නිතර එනව. අපරාදෙ කියන්න බෑ මිශන් එකට වියදමක් යන්නෙම නැති තරම් මොකද හෝටලේ ආදයමෙන් හෝටලයත් කරල රෙස්කියු මිශන් එකත් කරන්න පූලුවන්.

1980 පටන් ගන්න හෝටලේ මේ වෙනකොට අවු 5 ක් දුවල. ඒ කාලෙ ඉහියෝපියාවෙ සාගතය හා සිවිල් යුද්දයේ උපරිමේ. එකතැනකදි සුඩානයට මේ ගැන ඉව වැටුනු බව දැනගත්තම ඇමරිකාවට කියල රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් හා ලොකු මුදල් හුවමාරු වලින් සුඩාන නායකයව එකග කරගන්නව රාත්‍රියෙ හොරෙන්ම ඛාර්ටුම් ගුවන් තොටුපොලෙන්ම ගෙනියන්න. මේ වෙනකොට 6000 කට වඩා ගෙන ගිහින්.

ලොකු ලොකු නම්බර්ස් වලින් යනකොට එක තැනකදි මේ සියල්ල පත්තර වල පළ වෙනව. මේ කාලෙම සුඩානෙත් හමුදා කුමන්ත්‍රණයක් වෙනව. කුමණ්ත්‍රණය සමගම අරවුස් රිසෝට් එක රේඩ් කරන්න යන ආරංචියක් එන නිසා එක පාරට දවසක් ඒකෙ ඉන්න මොසාඩ් ඒජන්ට්ස් ලා තමන්ගෙ වාහන වලින් කාන්තාරෙට බාපු කාගෝ ප්ලේන් එකක් ඇතුලට ඩ්‍රයිව් කරල ඊශ්‍රායලයට ම යනව. එක පාරට හෝටලෙ ගෙස්ට්ලා ෆුල් ඉද්දි ලෝකල් සේවකයින් පමනක් ඉතුරු වෙනව. අඩුම ගානෙ ඔවුන් දන්නෙවත් නෑ අපර් මැනේජ්මන්ට් එක දාල ගියා කියලවත්. අරවුස් රිසෝට් එක ඒ සමගම වහල දානව.

මීට පස්සෙ ඇමරිකාව හරහ රාජ්‍යතාන්ත්‍රික බලපෑම්, වෙපන්ස් හා සල්ලි දෙමින් ඉතියෝපියානු සමාජවාදි හුන්ටාවේ අවසරය මත අඩිස් අබාබා වලින්ම බිට ඉශ්‍රායල් ලා එයාලිෆ්ට් කරනව රහසේ.

ඔක්කොම 90000කට වඩා (කරෙක්ශන්: කලින් ලිව්වෙ 18000 කියන්නෙ 1991 එක මිශන් එකකින් දවස් දෙකක වගෙ කාලෙක එයාලිෆ්ට් කල තරම) එක්ක ගියා කියනව. 2000 ට(සමහර සෝසස් අනුව 4000ක්) වඩා මග මැරිල තියෙනව. එක බෝයින් 747 ගුවන් යානෙක එක්දාස් ගානක් එයාලිෆ්ට් කරලා ලොකෙ වැඩිම මගීන් ගානක් ගිය ප්ලේන් එකේ වාර්තාව තියල තියෙන්නෙත් මේ මිශන් එකේ.

ජෙරුසෙලමේ මෙන්න මේ  සිහිවටන පලකය ස්මරණය කරන්නෙ එදා  ආපු අමාරු ගමන.



අදටත් බීට ඊශ්‍රායල් ලා ඉන්නෙ ඉශ්‍රායලේ. අවුරුදු දාස් ගානක් ලෝකෙන් වෙන් වෙච්ච ඇත්තෙන්ම ලොස්ට්ට්‍රයිබ් එකක් එක පාරට දියුනු රටකට ආවම කොහොම ශොක් වුනාද දන්නෙ නෑ. 2009 මේ වැඩේ පටන් ගත්ත බීට ඉශ්‍රායල් වරයා මිය ගියාම ජාතික වීරයෙක්ලෙස සැලකුම් ලබනව.

මාර රොමැන්ටික් නේ. තමන්ගෙ ජාතියෙ මිනිස්සු ලෝකෙකොහෙ හිටියත් උන්ව බේරගෙන අරන් ආව කියන එක. ක්‍රි පූ 680 විතර යුද්දෙකින් අතුරුදහන් වෙච්ච ට්‍රයිබ්ස් 10 තාම හොයන එක.

පොඩ්ඩක් හෝව්. ඔබට මේ රොමෑන්ටික් ජාත්‍ය්ලය තුල පවතින ජතිවාදය පේනවද?

ඊශ්‍රායලය කියන රට ලොකෙ ඕනෙම තූත්තුකුඩියක ඉන්න යුදෙව් කියන ලේබලය කොහොම හෝ ගහගත්ත - අවු 3000 ක් වෙන් වෙලා හිටියත් කමක් නෑති - ඕනෙම එකෙකුට සිටිසන්ශිප් දෙනව ගෙන්න ගන්නව. ඒ වෙනුවෙන් පුදුම මහන්සියක් අවදානමක් හා වියදමක් දරනව. ඒත් 1947 සිට මේ දක්වා ඔහොම ආපු ඊශ්‍රායල් වරුන්ට පදිංචි වෙන්න සරු බිම් වතුර තියෙන තෑන් වල එහෙම අල්ලා ගන්න එලවා දාපු ඒවයෙ හිටපු පලස්තීන අරාබින් මිලියන පහකට වඩා ඒ අවට රටවල අවතැන්ව ඉන්නව. උන්ට ඊශ්‍රායලයට ඇතුලුවීම තහනම්. ද්වි රාජ්‍ය ගිවිසුමෙත් එක කොන්දේසියක් තමා හැදෙන පලස්තින රාජ්‍යයට වත් තමන්ගෙ රටෙන් එලවා දාපු පලස්තින අවතැන් මිනිසුන් වද්ද ගන්න තහනම්.

ඉතියෝපියානු සගතයෙ කන්න නැතිවෙයි කියල මේ මිනිස්සු අරන් එනව දැන් ගාසාවට ආහාර සහ වතුර කපල තියෙන්නෙ ගාසාවෙ සිවිල් වැසියන් මේ බෝම්බ දාන අස්සෙ ප්‍රාණ ඇපකාරයින්ව හමාස් එකෙන් බේරගෙන ගෙනත් නොදුන්නොත් වතුර හා ආහාර ලැබෙන්නෙ නෑ උන්ට.

පිටට පේන ජාත්‍යාලය අස්සෙ දුවන අපාතයිඩ් නරුම කම ඒකයි.

බීට ඉශ්‍රායල් කතාව නෙට්ෆ්ලික්ස් එකේ තියේලු. Red Sea Diving Resort කියල. හැබැයි ෆිල්ම් එකක් වගෙ වෙන අතින් කෑලි දාල කතාව වෙනස් ලු තියෙන්නෙ.

ඊට පස්සෙ මොකද වුණෙ දන්නවද ඔයා?

ඒ කිව්වෙ ඉතින් එයාලිෆ්ට් කරගෙන ආවනෙ මේ හීබෲ කතානොකරන එත්නික් අප්‍රිකානු යුදෙව්වන්ව. ආපු උන්ට මොකද වුනේ?

තනි නිරවුල් සෝස් එකක් ඩොක් එකක් නෑ. විකියෙ පොඩි සමරියක් තියෙනව සමහර දත්ත සමග. පේන තාලෙට වෙලා තියෙන්නෙ ඔවුන්ට බටහිර අධ්‍යපනය ලද ඉන්ග්‍රීසි හා හීබෲ කතාකරන යුදෙව්වන් එක්ක තරග කරන්න සිද්ද වීම. මේ නිසා බීට ඉශ්‍රායල් වරුන්ගේ මුල් පරපුරට රස්සා කරගන්න බැරුව ආන්ඩුවේ සුබසාධනයෙන් යැපුනා කියනවා. හැබැයි ඉතින් මේවා රිෆියුජි සංක්‍රමණයේ නෝමල් තත්වයක්. දෙවෙනි පරපුර අනෙක් යුදෙව්වන් වගේම ඉගෙනගෙන රස්සාවාට හමුදාවට බැදිල සාමාන්‍ය ලෙස හිටිය කියනව ඒත් ජනගහන ප්‍රතිශතයට සාපේක්ශව හොද රස්සවල ඉන්න ප්‍රතිශතය අඩු නිසා ඔවුන්ට සිස්ටමික් කැපිල්ලක් තියේ කියලත් මතයක් තියෙනව. මුලු ඊශ්‍රායලයම මේ කලු ජාතිකයන් යුදෙව්වන් ලෙස පිලි නොගන්න නිසා රට තුල පොඩි කැපිල්ලකුත් තියේ කියනව. හැබැයි සමස්ත බහුතරය ඔවුන් පිලිගන්නව ඔවුන්ගෙ නිවාඩු දවස් විශේශ දවස් හා ඔවුන් ආපු ගමන සමරනවා. අද වෙද්දි ඊශ්‍රායල් ජනගහනයනෙ 2%ක් හෙවත් 160000 පමණ ඉන්නෙ බීට ඉශ්‍රායල් වරු. අවුල් වෙලා ආපහු ගිය බවක්නම් අහන්න ලැබිලානෑ.

බීට ඉශ්‍රායල් සංක්‍රමණය ඊට පස්සෙත් වෙලා තියෙනව. සමාජවාදි ආංඩුව එලෙව්වට පස්සෙ ආපු නව රජය යටතෙ සක්‍රමණ වැඩසටහනක් තුලින්. කාලයත් එක්ක ඉතියෝපියාවෙ බීට ඉශ්‍රායල් ප්‍රදේශත් ලෝකෙට එකතුවෙලා. ගොන්ඩෝර් කියන නගරයෙ දැන් ඊශ්‍රායල් ඒජන්සි එහෙමත් තියෙනව. දිගින් දිගටම කැමැති බීට ඉස්ග්‍රායල් වරුන් එක්ක ගියත් තාමත් 12000 පමණ ඉතියෝපියාවෙ ඉතුරු වෙලා ඉන්නව. ඒ වගේම සහශ්‍ර ගානක් තුල ඉතියෝපියානු මුස්ලිම්/ක්‍රිස්තියානි බලපෑම් එක්ක කැමත්තෙන් හෝ බලෙන් කන්වර්ට් වූ නමුත් පහුගිය අවුරුදු සීයතුල ආයෙ යුදෙව් වූ යුදෙව්වන් ඉන්නව ඒ වගේම බ්ලඩ් ලයින් එක ශුවර් නැති (මික්ස්ඩ්) අයත් ඉන්නව. මෙයාලගෙ වීස ප්‍රොසෙස් කරගන්න ඉදහිට යුදෙව් සංව්ධාන උද්ඝෝශන එහෙමත් කරනව. ඊයෙ පෙරේද ඇති වූ ඉහියෝපියානු යුද්දය නිසා මේ අය වැඩි හරියක් ප්‍රොසෙස් එක ස්පීඩ් කරල ගෙන්වාගෙන තියෙනව. පහුගිය මැයි වල 200ක්.

Saturday, January 15, 2022

සැන්සිබාර විප්ලවයෙන් ලෝකෙට ලැබුණු ඉහළම දායාදය

සැන්සිබාර විප්ලවය ගැන සයිබරයේ කීප වරක් කතාවෙන්න යෙදුනා. මේ පෝස්ට් එක ඒ කතාබස් වල එකතුවක්. මීට පාදක වෙනව මේ සම්බන්දයෙන් සාමාන්‍ය දැනීම් සමූහ වල දාපු ප්‍රශ්න හා වෙනත් සන්වාද. මේක ලියන්න කියල දිරිමත් කර ක්‍රිශ්ණා  රාමනායකට විශේෂ ස්තූතිය.

සැන්සිබාර විප්ලවය නිසා කතාවට ගන්න ඕනෙ වැදගත් නම් හතරක් මෙහි සදහන් වෙනව. මෙයින් පළමු වැනි කෙනා විප්ලව කාරයෙක් වුණාට ඒ ගැන ලොකු අවබෝධයක් තිබ්බ කෙනෙක් නොවේ. සැන්සිබාර් වාසියෙකුත් නෙවි. වෲත්තියෙන් ඔහු කුලීවැඩක් හොයාන රටින් රට ගිය මිනිහෙක්. ස්ත්‍රී දූෂණ ආදී සිද්ධි වලට හිරගත වෙච්ච කෙනෙක්. එහෙත් ඔහු වැඩ කරන්න ගිය රටේ පීඩිත ජනතාව මෙහෙයවා සන්නද්ධ කැරැල්ලක් ගහලා රාජාණ්ඩුව පරදා බලය ගන්නවා, ඊට පස්සේ ඔහු රටේ ප්‍රබලව උන්නු ප්‍රජාවට එරෙහිව ම්ලේච්ච සමූල ඝාතන සහ ස්ත්‍රී දූෂණ රැල්ලක් පටන් ගන්නවා. ඔහු තමා විසින්ම ඉහල හමුදා තනතුරකට පත්කර ගන්නවා. 

මෙන්න මේ වෙලාවෙ අපි කතාවට ගන්න අනිත් චරිත දෙක ක්‍රියාත්මක වන්නෙ. එක්කෙනෙක් මේ විප්ලවීය පක්ශයේ නායකය දෙවැන්නා අසල තියෙන ලොකු රටේ එවනිම විප්ලවීය නිදහස් සටනකින් බලේට ආපු නායකය. මේ දෙන්නගෙ එකගතාවය නිසා පෙර කී පුද්ගලයගේ ම්ලේච්ච පාලනය යටපත් වෙලා අලුත් ම රටක් ලොකෙට එකතු වෙනව. ඒ ටැන්සානියාව.

හතරවෙනි කෙනා මේ කිසිවකට සම්බන්ද කෙනෙක් නෙවි. ඔහු සැන්සිබාරයේ ජීවත්වූ සුලු ජනවර්ගයක මනුස්සයෙක්. කැරැල්ලෙන් පස්සෙ වෙනත් ධනවත් සුලු වාර්ගිකයන්ට එරෙහීව මුදාහරින ම්ලේච්චත්වයෙන් බේරෙන්න ඇදිවත පමණක් එක්ක ඒ පවුල බ්‍රිතාන්‍යයට පළා යාවා. ඒත් ඒ ගමන නිසා මේ පුද්ගලයා දවසක ලෝක පූජිත කෙනෙක් වෙනව. මගෙ මතය අනුව සැන්සිබාර් විප්ලවය නිසා ලොකෙට වුන ලොකුම යහපත ඒකයි.

සැන්සිබාර් කියන්නේ අරාබි වහල් වෙළඳුන් ගේ තිප්පොල. කාලෙක පටන් අප්‍රිකානු මහද්වීපයෙන් වහලුන් ගෙනයන්න ඉරාන [පර්සියන්] සන අරාබි මිනිසුන් සැන්සිබාර් දූපත පාවිච්චි කළා. පසුව එය ඕමාන අධිරාජ්‍යයේ කොටසක් වුනා. ඊගාවට ස්වාධීන සුල්තනට් එකක් වෙලා පස්සේ බ්‍රිතාන්‍ය ආරක්‍ෂිත සුල්තනෙට් එකක් ලෙසයි පාලනය ගියේ.

මේ කාලවල මුස්ලිම් අරාබි සුළුතරය රටේ ඉඩම් සහ ධනය තනිකර භුක්ති වින්දා. අප්‍රිකානු/පර්සියානු බහුතරයක් සහ නිදහස් වූ වහලුන් ආදිය 60% පමණ වුණා. ඔවුන් සම්පත් රහිතව දුප්පත් ජීවිත ගෙව්වේ. 60 දශකයේ බ්‍රිතාන්‍යයන් නිදහස දීල පවත්වන චන්දෙ වැඩි චන්ද ලැබෙන්නේ අප්‍රිකානු/පර්සියානු බහුතරය නියෝජනය කළ පක්ෂයට වුනත් චන්ද ක්‍රමය නිසා වැඩි ආසන යන්නේ අරාබීන්ට. ඒ වගේම මේ විශාල සමාජ අසාධාරණය පදනම් කරගෙන මාක්ස්වාදී නැඹුරුවකින් බිහිවන පක්ෂය තහනම් කරල තිබ්බේ.

අපේ  කතාවෙ පළමු පුද්ගලයා වන ජොන් ඔකෙලෝ කතාවට ඇතුළු වන්නේ කුලී කාරයෙක් ලෙස සැන්සිබාරය යටතේ පවතින දූපතකට ආවම. ඔකෙලෝ උපන්නේ උගන්ඩාවේ. කුඩාකල මව්පියන් මිය යනවා පස්සේ ඔහු කුලී රස්සා කරමින් තැන් තැන් වල ඇවිදිනවා. නැගෙනහිර අප්‍රිකාවේ බ්‍රිතාන්‍ය යටත් විජිත අතර ඇවිදින අතරේ ස්ත්‍රී දූෂණ කතාවකට සිර දඬුවම් පවා විඳිනවා. ඔකෙලෝ දැඩි අන්තවාදී ක්‍රිස්තියානි කාරයෙක්.

ඔකෙලෝ පෙම්බා [සැන්සිබාරයේ කොටසක්] දූපතේ වැඩ කරන ගමන් රට පුරා ඇවිදිනවා ආගමික කතන්දර කියමින්, ඒ කාලේ ඔහු තම අනන්යතාවය නියෝජනය වන අප්‍රිකානු [සහ පර්සියානු] පක්ෂය එක්ක දේශපාලනේ පටන් ගන්නවා. ආගමික හේතු සහ සමාජ පීඩනය අසාධාරණය ආදිය නිසා සුල්තාන් එක්ක අරාබින් එක්ක සහ බ්‍රිතාන්‍යයින් ගෙන ආ ඉන්දියානුන් එක්ක මාර වෛරයකින් ඔහු ඉන්නේ. මේ වෛරය එක්ක ඔහු පක්ෂය තුල අන්තවාදී කල්ලියක් හදා ගන්නවා, එසේම තහනම් කළ මාක්ස්වාදී පක්ෂයත් එක්ක එකඟතා ඇති කර ගන්නවා.

අප්‍රිකානු/පර්සියානු පක්ෂයේ නායකයා තරමක් ලෝකෙ ඇවිදල තියෙන දේශපාලනය ගැන හොඳ  අවබෝධයක් තිබ්බ අබෙඩ් කරුමේ මේ තත්වය දැකලා පොලිසියට ඔත්තු දුන්න බවත් කියවෙනවා. ඔහු මේ වෙද්දී ඉන්නේ ප්‍රජාතාන්ත්‍රිකව රටේ බලය ගන්න සංවාදයක - මොකද ඔහුට දැනටමත් චන්ද බහුතරය ඇවිත් ආසන ගාන පමණයි අඩු. ඉන් පසු ඔහු රටින් ඉවතට යනවා [කැරැල්ල මග හරින්න ගියා වෙන්නත් පුළුවන්]

ඔකෙලෝ ගේ කරලිකාරයින්ට ආයුධ වත් ඒ හැටි නැහැ. ඔකෙලෝ සැලසුම් කරන්නෙ කැති පොරෝ අරන් ගිහින් එක පොලිසියකට  ගහල ඒකෙන් වෙපන් අරගෙන ඉස්සරහට යන්න. නොසිතු පරිදි මේක සාර්තක වෙලා  ඔවුන් සන්සිබාරය අල්ලනවා. [මෙය රෝහණ විජේවීර විසින් කොපි කළ බව කියවෙනවා එහෙත් සැන්සිබාරය ලක්ෂ තුනක මිනිස්සු උන්න 50000 පමණ අරාබින් පිරිසක් පාලනය කළ කුඩා රටක්. වැරදුනු තැන එතනින් කියවන්න පුළුවන්] මෙය හැමෝටම සර්ප්‍රයිස් එකක් . ඊට පස්සේ තමා ෆීල්ඩ් මාෂල් ලෙස නම්කරගෙන කැරලිකාරයින් ලවා අරාබි ඉන්දියානු සමූලඝාතනයක් හා ස්ත්‍රී දූෂණ කරනවා. මසක පමණ අරාජික සමූල ඝාතන යුගයක 20000 පමණ මැරුණා කියා හිතනවා. ඔකෙලෝ දෙවියන්ගේ [ක්‍රිස්තියානි] දූතයා ලෙස මේ ඝාතන වලට අණ දෙන්නේ.

ඔකෙලෝ අබේඩ් කරුමේ ආපහු ආවම ඔහුගේ නායකත්වය පිලිගන්නවා. දේශපාලන නායකත්වය ඔහුට පවරන නමුත් මිලිටරි තියාගන්නෙ තමන් අතේ. ඒ නිසා බලය තියෙන්නේ ඔකෙලෝ අතේ. ඔකෙලෝ මේ අතරේ කෙන්යාව එක්ක සැන්සිබාරය එකතු කරන්න උත්සහ ගන්නවා

අබේඩ් කරුමේ සහය පතන්නේ අසල්වැසි ටන්ගනිකා රටේ නායක ජුලියස් නියරේරේ ගෙන්. මෙහි සූක්ෂම මෙහෙයුම කරන්නේ නියරේරේ. විදෙස් සංචාරයකට ගිය ඔකෙලෝ ට නැවත සැන්සිබාර දොපතට යන්න නොදී ඔහු රඳවා ගන්නවා. ඒ සමගම කරුමේ ඔහු ද්‍රෝහියෙක් ලෙස නම්කර පිටුවහල් කර පසුව නියරේරේ එක්ක එකතු වෙලා ටැන්සානියා දේශය හදනවා. කරුමේ මෙය කරන්නේ තම රටේ තමන්ට පාලනයක් නැති නිසා කියලයි කියන්නේ, ඔකෙලෝ ගේ අන්තවාදීන් සහ මාක්ස්වාදීන් ගෙන් බේරෙන්න. අදටත් සැන්සිබාර් දේශය ටැන්සානියාවෙ කොටසක්. අදටත් එය නිදහස් වෙන්න ඕනේ කියා වාද විවාද සහ තරමක් උණුසුම් ගැටුම් ඇතිවෙනවා. දැන් ජනගහනය මිලියනයට වැඩියි.

ඔකෙලෝ උපන් රට වන උගන්ඩාවට යනවා. එහිදී ඉඩි අමීන් ගේ සටනට ප්‍රසිද්ධියේ උදව් දෙනවා, අමීන් බලය කොල්ල කාල තමන්වත් ෆීල්ඩ් මාෂල් කර ගත්තම ඔකෙලෝ කියනවා දැන් උගන්ඩාවට ෆීල්ඩ් මාෂල් ලා දෙන්නයි කියල ඔකෙලෝ ගැන ඊට වඩා දන්නේ නැහැ. ප්‍රකාශය නිසා අමීන් අතින් මැරුම් කාපු බව තමා සැලකෙන්නේ.

මේ දේවල් මෙහෙම වෙන අතරෙ මේ විප්ලව කතාවලට කිසිම සම්බන්දයක් නැති එක්තරා තරුණයෙක් ඉන්නව සැන්සිබාරයේ. ඔහුගේ නම ෆාරොක් බල්සාරා. ෆාරොක් උපදින්නෙ සැන්සිබාරයේ ස්ටෝන් ටවුන් අගනුවර. ඔහු එවකට බ්‍රිතන්‍ය රජයේ නිළයක් දරන ඉන්දීයන් පාර්සි පවුලක දරුවෙක්. ඒ කියන්නෙ ඉරාන සම්භවය තියෙන ඉන්දියානුවෙක්.

මේ  ධනවත් ඉන්දියන් පවුල ෆාරොක් ව පාසල් අධ්‍යාපනය ලබාගන්න ගන්න ඉන්දියාවට යවනව. ඔහු ඉන්දියාවෙදි බටහිර සන්ගීතය හදාරනව. මියුසිකල් ගෲප් එහෙමත් හදනව. ඒත් බල්සාරා පවුලේ අනිත් කසින්ස් ලා වගෙ ඉහලට ඉගෙන ගන්නෙ නෑ. පස්සෙ තාත්ත ඔහුව සැන්සිබාරෙ ගෙනල්ල උගන්වන්න හැදුවත් ඒකත් ෆේලියර් එකක්. ෆාරොක් විවි ප්‍රවේශය හොදට කරන්නෙ නෑ, මිනිහගෙ හිත සන්ගීතෙ ගැනමයි. ඔන්න ඔය වෙලාවෙ තමා විප්ලවේ වෙන්නෙ.

විප්ලවයට පසු භීම සමයේ කැරලි කාරයින්ගෙ ඉලක්ක වෙන්නෙ එහි සිටින අරාබින් ආසියානුන් බ්‍රිතාන්‍ය සම්බන්ධකම් ඇත්තන් සහ සල්ලිකාරයින්. බල්සාරා ලට මේකෙ කොලිෆිකේශන් ගානක් තියෙන නිස පලා යන්න සිද්ද වෙනව. ආපහු ඉන්දියාවට යන්න නම් පුර්වැසිකම් ප්‍රශ්නයක් එනව මොකද ෆාරුක් ගේ තාත්ත එන්නෙ බ්‍රිතාන්‍ය පාස්පෝට් එකකින්. එහෙම දෙයකට ගත කරන්න කාලයක් නැති නිස ඔවුන් බ්‍රිතාන්‍යට පැනල යනව.

දහ අට වියැති ෆාරොක් බල්සාරා බ්‍රිතාන්‍යට යන්නෙ එහෙමයි. ඔහුට ඉහලට උගන්වල ලෝයර් කෙනෙක් අකවුන්ටන්ට් කෙනෙක් කරන ඉන්දීය ටයිප් මවුපියන්ගෙ හීනය තවදුරටත් ෆේල් වෙනව. ෆාරොක් තෝරාගන්නෙ කලාව. සන්ගීතය සහ චිත්‍ර. ෆාරොක් පාට් ටයිම් බැගේජ් හැන්ඩ්ලර් ජොබ් එකක් කරමින් සන්ගීතය ඉගෙන ගන්න විවි ට යනව.

ඒ විශ්ව විද්‍යාලෙ සෙට් වෙන යාලුවන් එක්ක තමා වයස 24 දි පමණ ඔහු සන්ගීත කණ්ඩායමකට එකතු වෙන්නෙ. පස්සෙ ෆාරොක් ගේ අදහසුත් එක්ක ඒ කණ්ඩායම් තමා ක්වීන් ලෙස නම් කෙරෙන්නෙ. මේ වෙද්දි ඔහුගෙ නම වෙනස් කරගන්නව ෆ්‍රෙඩි මර්කරි කියල.

ක්වීන් රොක් බෑන්ඩ් එකයි ෆ්‍රෙඩි මර්කරි යි ගැන මන් ලියන්න ඕනෙ නෑ. ඒත් 18 දි සැන්සිබාරය වගෙ එ තැනක සිට එන්ගලන්තෙට පය තිබ්බ ඉන්දියන් පාර්සි කොල්ලෙක් 25 දි ලෝක පූජිත රොක් බෑන්ඩ් එකක් හදපු එක රිමාකබල්. වයස 29 දි මෙතෙක් ඉතිහාසෙ ලියවුනු හොදම රොක් ගිය ලෙස බහුතරයක් හිතන බොහිමියන් රැප්සොඩි ගීය ලියල එහි ලීඩ් ගායනය කරන්නෙත් ඔහු. ඉතිරි ටික මෙතන ලියන්නවත් ඕනෙ නැති තරම් ප්‍රකට කාරණා.

සැන්සිබාර් විප්ලවේ නොවෙන්න ඉතාම ඉහල සමාජයෙ උන් ධනවත් කොලෝනියල් පවුලෙ උන් ෆාරොක්ට උගන්නල හො බිස්නස් එකක් සෙට් කරල දීල මිනිහ එක්කො හරියට හෝ වැරදියට ඒක කරල ඔය පොඩි බැන්ඩ් එකකුත් හදන් රස්තියාදු වෙලා ටැන්සානියාවෙ හෝ සැන්සිබාරෙ ම ඉවරයක් වෙන ලොකු ඉඩක් තිබ්බ. මේ සියල්ල මෙලෙසින් වුනේ සැන්සිබාර් විප්ලවය නිසා කියල හිතන එක බොහෝ දුරට ලොජිකල්.

ඒ නිසා සැන්සිබාර් විප්ලවය ලෝකෙට දුන්න ඉහල ම දායාදය කියල මට හිතෙන්නෙ ෆ්‍රෙඩි මර්කරි ක්වීන් බෑන්ඩ් එක සහ බොහිමියන් රැප්සොඩි වගෙ නිර්මාණ.

Saturday, August 15, 2020

2020 වසරේ අගෝස්තු 04 දින බේරූට් නම් නගරය ගැනයි

සයිප්‍රසයෙ ඉන්න රුසියන් ව්‍යාපාරිකයෙක් හා හා පුරා කියල නෞකා ව්‍යාපාරෙට බහින්න හිතන් පරණ නැවක් ගන්නව රෝසස් කියල. බිස්නස් කාරයෙක් කිව්වට මූ ලෝක හිගන්නෙක්. නැව වුණත් හද්ද පරණයි, තැන තැන අබලන්. මේ නැවට සෙට් වෙනව ජෝජියාවෙ සිට මොසැම්බික් දක්වා භාණඩ තොගයක් ප්‍රවාහනය කරන්න. නැව භාණ්ඩ තොගයත් අරගෙන කළු මුහුදෙන් මධ්‍යධරණියට එනව. ඒ අතර තුර්කි වරායකදි පඩි ගෙවාගන්න බැරුව ස්ටාෆ් එක අයින් වෙලා වෙන සෙට් එකක් හයර් කරගෙන නැව යන්නෙ. නැව ඇතැන්ස් වලට එනව. ගමනෙ වියදම සහ සූවස් ඇලේ ගාස්තු ගෙවාගන්න අමාරු නිසා නැව් හිමියා තවත් හයර් එකක් හොයාගන්නකම් එතන නතර වෙලා ඉන්නව. ඒ පාර සෙට් වෙනව තව හයර් එකක් ගල්‍ රෝල් ඇතුලු පාර හදන උපකරණ රාශියක් අරගෙන යන්න. මේ දෙවෙනි කාගෝ ලෝඩ් එක ගන්න නැව යනව ලෙබනනයෙ බේරූට් වලට. ඒත් බේරූට් වලදි තමා දැනගන්නෙ නැවේ ඩෙක්ස් හයිය මදි කියල මේ කාගෝ එකට. ගල් රෝල් ලෝඩ් කරද්දි නැවේ ඩෙක් එක නැවුම් දෙනව. 1986 හදාපු මේ නැවේ අබලන් තත්වය ගැන වෝනින් ලබාපු එකක්. ඉතින් ගල් රෝල් පටවා ගන්න වෙන්නෙ නෑ. ඒ වගේම ඒ අතර වැටුප් ඉල්ලල අලුත් ස්ටාෆ් එකත් වලියක් දා ගන්නව. නැව සැහෙන කාලයක් මේ හේතු නිසා බේරූට් වල රස්තියාදු වෙනව.

අවසානෙ නොගෙවු වරාය ගාස්තු ඩොලර් ලක්ශයක් නිසා ලෙබනන් බලධාරින් නැව සීස් කරනව.

ඔවුන් මයිනර් ස්ටාෆ් ඔක්කොම යවල කැප්ටන් සහ ඉහළ නිළධාරින් තිදෙනෙක් නැවේ නිවාස අඩස්සියෙ තියල මුදල අයකරගන්න හදන්නෙ. ඒත් නැව් හිමියට සල්ලි නෑ. මිනිහ සේවකයින්ට පඩි ගෙවලත් නෑ. නැව තුල අල්ලගෙන ඉන්න අය මුදාගන්න ඔහුට හැකියාවකුත් නෑ. ඒ වෙනකොටත් ටික ටික ගිලෙමින් තිබෙන නැවේ පිරෙන වතුර දිනපතා ඉවත් කරගන්න ඕනෙ. අවසානෙ නැවේ ඉන්න කට්ටිය නැවේ ඉතිරි ඉන්ධන විකුණා නඩු කියල මාස ගානකට පස්සෙ නිදහස ලබාගන්නව අනාරක්ශිත බව මත. ඒ නඩුවෙම අනාරක්ශිත නැවේ භාන්ඩ තොගය ඉවත් කරන්නත් යෝජනා කරනවා. ඒ නිසා ඒ බඩු ටික එතනම වෙයාහවුස් එකකට පටවන ලෙබනන බලධාරින් රෝසස් නෞකාව විනාශ කර හෝ ගිල්වා දානවා, ඒ කොහෙද කොහොමද කියල දන්නෙ නෑ.

මේ 2014 වසරේ. එසේ නැවෙන් බා ගන්නෙ හයි ඩෙන්සිටි ඇමෝනියන් නයිට්‍රේට් ටොන් 3000කට මදක් අඩු තරමක්. ඇමෝනියම් නයිට්‍රේට් කියන්නෙ පුපුරන ද්‍රව්‍යයක් !!!

කාලය ගෙවෙනෙවා. අනේ මේ අහින්සක ඇමෝනියම් නයිට්‍රේට් තොගය මිලියන දෙකක මෙට්‍රොපොලිටන් එකේ මැද්දෙ තියෙන හාබර් එකේ ඉස්ටෝරුවේ ඔහේ තියෙනව. කවුරුත් දන්නෙ නෑ.

කවුරුත් දන්නෙ නෑ නෙවි කවුරුහරි දන්නව. සාමාන්‍ය මිනිස්සු දන්නෙ නෑ. ඒත් කස්ටම් එකේ උන් දන්නව. උන් මේක එක්කො ඉවත් කර විනාස කරන්න හෝ නැවත විකුනා දමන්න අවසර ඉල්ලා ලිපියක් යවනවා "හදිසි නඩු විසදන" නඩුකාරයට. නඩුකාරය වැඩි විස්තර ඉල්ලා උත්තරයක් එව්ව කියල කියනවා. ඒත් ඒ මොකවත් යැවෙන්නෙ නෑ. ආයෙ ටික දවසකින් පෙර සේම අවසර ඉල්ලා ලිපියක් එවනව කස්ටම් එකෙන්. ආයෙ නඩුකාරය විස්තර ඉල්ලනව. ඔය සයිකල් එක පස් පාරක් වෙලා තියෙනව වසර හයට.

නඩුකාරයට අනුව නඩු තීන්දුවෙ තියෙන්නෙ මෙම භාන්ඩ තොගය ඊට ගැලපෙන ආරක්ශිත තත්ව යටතේ අසුරාතබන්න කියල ප්‍රවාහන අමාත්‍යන්ශයට. ප්‍රවාහන අමාතයන්ශයට ඕනෙනම් වෙන ඕනෙ දෙයක් කරන්න බලෙ එතිබ්බ කියල නඩුකාරය කියනව. ප්‍රවාහන අමාත්‍යන්ශය මේ භාන්ඩ තොගය අසුරන බලය කස්ටම් එකට පවරනවා, ඒත් වෙන මොකුත් කරන්න ඕඩර් එකක් දීල නෑ. අසුරන ආකාරය ගැන කෝම උපදෙසක් දුන්නද දන්නෙත් නෑ. කස්ටම් එකේ උන්ට කොමන් සෙන්ස් තිබ්බ බවක් පේන්නෙත් නෑ.

දැන් ඔබට තේරෙනව ඇති මේකෙ අගමුල හොයන එක හිතනවට වඩා අසිරුයි කියල. කවුරුත් දන්නෙ නෑ නෙවි, රාජ්‍ය ආයතන කීපයක් දැනගෙන ඉදල, ඒ එක්කෙනෙක්වත් කොමන් සෙන්ස් එක වැඩ කරල නෑ, ඒ වෙනුවට පොතේ තාලෙට නීතියට අකුරට ලියුම් ගහමින් ඉදල.

ඉතිරි ටික ඉතින් දන්නවනෙ. අගෝස්තු 4 හාබර් එකේ ගින්නක් හටගන්නව. හේතුව හරියට දන්නෙ නෑ බොහෝ විට වැල්ඩින් වැඩක ප්‍රතිපලයක් ලෙස හටගන්න ගින්නක්. ඒ ගින්න කෙමෙන් ඇමෝනියම් නයිට්‍රේට් ස්ටොරේජ් එක කරා එනව.

ඊ ගාව විනාඩිකීපෙ හැමෝම දැක්ක. ඇතිවන පිපිරීමෙන් හිරෝශිමා වගේ හත්තක හැඩ පොඩි වලාකුලක් අහසට යනව. සුපර් සොනික් එක්ස්ප්ලෝශන් එකක් නිසා ඇතිවන ශොක්වේව් එකේ ජලවාශ්ප කන්ඩෙන්ස් වෙලා වතුර වෙනව ඒ තමා අර බෝල ශේප් වලාකුල. වෙයාහවුස් එක තිබ්බ තැන මීටර 140 ක පලල වලක් මූදට එකතු වෙලා අහල පහල කිසිම ගොඩනැගිල්ලක ගන්න කිසිම දෙයක් නෑ සැකිලි පමනයි. කිමි ගානක් යනකම් නිවාස සහ ගොඩනැගිලි හානි වෙලා. කිමි 9 ක් එහා ගුවන් තොටුපොලේ පවා හානි තියෙනව. සද්දෙ කිමි 240ක් ඈත මූදෙ අර නැව් හිමිය ඉන්න සයිප්‍රසේට ඇහිල තියෙනව. "අන්න මගේ ඇමෝනියම් නයිට්‍රේට්" කියල මිනිහට නිකමටවත් හිතුනද මන්දා.

පිපිරුමේ ප්‍රබලතාවය හීරෝශිමා බෝම්බයෙන් 1/10 පමණ කියල සැලකෙන්නෙ. ඒ නිසා මේක න්‍යශ්ටික නොවන ලොකුම පිපිරුම් කීපයෙන් එකක්. ඇමෝනියම් නයිට්‍රේට් ටොන් 2750 ක් පුපුරා ගියා කියා සැලකෙනව. කිලෝටන් 1.2-1.5 පමණ පිපිරුමක් කියල කියන්නෙ.

ලෙබනන් වාසින් 157 ක් දැනට මියගියා කියා හිතනව. 5000 කට වඩා තුවාලයි. 300000 කට වඩා නිවෙස් අහිමියි. මුලු පාඩුව ඩො බි 15 ක් කියල කියන්නෙ. ඒ ලෙබනනයේ දදේනි යෙන් 1/4 ක්. මේ අනතුර වෙන්නෙ ඉතාම අසාර්තක ආර්තිකයක් නිස බේල් අවුට් අරගෙන ණය සහ පොලි ගෙවමින් උන්නු ලෙබනනයට ඊටත් පස්සෙ ආපු කෝවිඩ් 19 නිසා සම්පුර්නයෙන්ම වගේ ආදායම් අහිමි වූ තත්වයක. හොස්පිටල් වල බෙහෙත් හා උපකරණ හිගයන් එන්නෙ 2018 සිට, ඒව කෝවිඩ් 19නිසා වඩාත් තීව්‍ර වෙද්දි තමා මේක වෙන්නෙ. ඒ නිසා සෞඛ්‍ය සේවකයින් කියන්නෙ පිපිරුමෙන් වැඩි පිරිස මැරෙන්නෙ එතන නෙවි හොස්පිටල් වල කියල බේත් නැතුව.

පිපිරුම වෙන තැන අල්ලපු බිල්ඩිම ලෙබනනයේ ජනයාට කන්න ආහාර එක් රැස් කල ධාන්‍යාගාරය, ඒකෙ තිබ්බ ධාන්‍ය වසරකට පමණ කන්න පුලුවන් කියල කියනව. ඒක සම්පුර්නයෙන් විනාශයි. අයිරොනිකලි මේ ධානය් පිටරටින් ගෙන්වන්නෙ ලෙබනන ගොවියාට සහන සලසා දෙන අමාරු නිසා, ඒත් ඒ ගොවියාට ඕනෙ ප්‍රධානම දේ පොහොර. ඇමෝනියම් නයිට්‍රේට් කියන්නෙ පොහොර නිපදවන්න පුලුවන් ද්‍රව්‍යයක්. අවු හයක් ආන්ඩුවෙ ආයතන ඔට්ටු සෙල්ලම් කරමින් උන්නු වෙලාවෙ මේ පෝර ටික බෙදල දුන්නනම් සමහරවිට ඔච්චර ධාන්‍ය ආනයනය කරන්නෙ නැතුව ඉන්නත් තිබ්බ.

තව කතාවක් තමා, හාබර් එකේ ගින්නක් හටගෙන ගින්න එක්ස්ප්ලෝසිව් දිහාට එනකොටවත් කිසිවෙක් මිනිස්සු ඉවකුවේට් කර නෑ. ඒ තියා ගින්න නිවන්න එවල තියෙන්නෙ ගිනි නිවන්නන්/නිවන්නියන් දහ දෙනයි, උනුත් මේක ගැන දැන උන්නු බවක් පේන්නෙ නෑ උන් එතනම ආසන්නයෙ ඉදල තියෙන්නෙ. උන් ගැන කිසිම ශේශයක් හොයන්න නෑ.

පස්සෙ හොයාගත්ත තවත් කතාවක් තමා, මේ ඇමෝනියම් නයිට්‍රේට් අයිනෙම තව ස්ටොක් එකක් ගහලලු ෆයර්වර්ක්ස්. ෆයර්වර්ක්ස් පුපුරන එක ඇමෝනියම් නයිට්‍රේට් වල පිපිරීමට උත්ප්‍රේරකයක් වෙනව. ඒ  බව  මෙන්න මේ විඩියෝවෙනුත්  බලාගන්න පුලුවන් මේකෙ  ස්ලෝ මෝශන් යන්නෙ.

රාජ්‍ය අන්ශය, බියුරෝක්‍රසිය කෙතරම් විකෘති ලෙස හැසිරෙන්න පුලුවන්ද කියන එකට පට්ට උදාහරනයක්. දැන් ලෝකෙ පුරාම ආධාර එකතු කරනවා ලෙබනනනයට.

බේරූට් ටිකක් හිතට වැදුණූ සිද්දියක්. මගේ අරුම කාරුණික හදවත නිසාවත් මානව සන්හතියේ අගති හා ඇගනි දැක මගේ හිත උණුවෙන නිසාවත් නෙවි, ඒක අස්සෙ තියෙන පොඩි පොඩි කාරනා රාශියක් විසින් ඇති කරන උනන්දුව, කුතුහළය සහ කෝශන් එක නිසා.

අපිත් ඉන්නෙ 
බේරූට් වගේ තැනක ද?

ලන්කාවෙ නම් මේ වගෙ දේවල් රාශියක් වුණා පහුගිය කාලෙ. පාස්කු ප්‍රහාරය, මීතොට මුල්ල බැහැර ද්‍රව්‍ය කන්ද ගිලා බැසීම සහ සාලාව ආයුධ ගබඩාව පිපිරීම. ඒත් ලෙබනනේ හද්ද ගොන් රටක් අපි ඉන්න පළමු ලෝකෙ රටේ ඒක වෙන එකක් නෑ කියල හිතෙන අය ඉන්නව නම් හිතාමත නොකළ පිපිරුම් අනතුරු ගැන කියවන්න. වැඩියෙන්ම ඒව වෙලා තියෙන්නෙ පළමු ලෝකෙ රටවල. මේ මොහොතෙ වුණත් අනාරක්ශිත ස්ටොක්ස් ඔබ අවට තියෙන්න පුළුවන්.

කෙසේ වෙතත් මේ පිපිරීමෙන් මිනිස්සු අනවශ්‍ය ඇමෝනියම් නයිට්‍රේට් භිතිකාවක් හදාගන්න බවකුත් පේනවා. ඇමෝනියම් නයිට්‍රේට් කියන්නෙ ප්‍රබල පුපුරන ද්‍රව්‍යයක් වගේම ඒක පොහොර වැනි එදිනෙදා භාවිතාවන් වලටත් යොදා ගන්නව. ඒ නිසා කෘශි සහ පතල් කර්මාන්තය සම්බන්ද හේතු මත ඒව ස්ටොක් කරගන්න සිද්ද වෙන අවස්තා තියෙනව.

ඇමෝනියම් නයිට්‍රේට් කියන්නෙ ලේසියෙන් පුපුරා යන ඒ නිසාම කොහෙත්ම භාවිතා නොකළ යුතු දෙයක් නෙවි. ඇමෝනියම් නයිට්‍රේට් පුපුරන්නෙ ඉතා ඉහල හෙවත් සෙල්සියස් දහස ආසන්න උශ්ණත්ව වලදි ඒත් ඒ තත්වය සම්පුර්ණ නොවෙන තැනක ඒවායෙන් ලොකු අනතුරක් නෑ. සාමාන්‍ය ගින්නකදි නිකම් පිළිස්සි යන්න පුලුවන්.

ඒ නිසාම කියන්නෙ ඇමෝනියම් නයිට්‍රෙට් ගිනි ගැනීමේ අවදානමක් පවතීනම් ඒ ගින්න මූලික මට්ටමින් වළකා ගන්න හෝ උත්ප්‍රේරක ගින්නෙන් ඉවත් කරගන්න බැරිනම් කළ යුත්තෙ ගිනි නිවන භටයින් ඒ අසළට නොයවා ඒ වෙනුවට ජනයා ඉවකුවේට් කරන එක කියල. මොකද ඇමෝනියක් නයිට්‍රේට් පිපිරුවොත් ගිනි නිවන්නන්ට කළ හැක්කක් නෑ, එසේ නොවුණොත් ඒක නිකම් ඔහෙ පිළිස්සි යාවි. 

බේරූට් 
වල ගින්න නිවන්න ගිය දහදෙනාගෙන් අර ලස්සන මෙඩික් ගිනි නිවන්නිය ගෙ බොඩි එක විතරයි හම්බුනා කියන්නෙ, අනික් උන් වාශ්ප වෙලා වෙන්නත් පුලුවන් ලු. මේ සටහෙනේ යට කියන ටියන්ජින් පිපිරුමේ මියගිය එකසිය හැත්ත ගානෙන් සීයකට වඩා ගිනි නිවන්නන්.

සාමාන්‍ය තත්ව වල පුපුරා නොගියට ඇමෝනියම් නයිට්‍රේට් පිපිරීම් නිතර වාර්තා වෙනව. ඒකට විවිධ හේතු තියෙනව. එකක් තමා භාවිතාවෙන් තොර ස්ටොක් කිරීම්. ඒ කියන්නෙ කිසියම් නිශ්පාදනයක් කරන්නෙ නැතුව නිකම් ඔහෙ තියන එක. කාලයත් එක්ක දේවල් දෙකක් වෙනව.එකක් තමා අන්තරායකාරිබව ගැන දෙන අවධානය අඩුවීම [කාලයක් තිබ්බනෙ කියන පදනමින්] දෙවැන්න ඇමෝනියම් නයිට්‍රේට් තියෙන නිසාම එතන වෙනත් පුපුරන ද්‍රව්‍ය ද රැස් කිරීම. මිනිස්සු හිතා ඉන්නෙ දැන් එතන ඇමෝනියම් නයිට්‍රේට් තියෙන නිසා තව වෙඩි බේත් වගේ දෙවල් ස්ටොක් කරන එක ඕකෙ කියල. අන්න ඒ සාමාන්‍ය උශ්ණත්ව වල පුපුරන අනෙකුත් දේවල් තමා ඇමෝනියම් නයිට්‍රේට් වල පිපිරුමට අවශ්‍ය උශ්ණත්වය නිර්මාණය කරන්නෙ.

දැන් හැමෝම වගෙ දන්නව 
බේරූට් වල ඇමෝනියම් නයිට්‍රේට් ස්ටොක් එකක් තිබ්බ නිසා එතනම තව ෆයර් වර්ක් වගේකුත් එක් රැස් කර තිබ්බ කියල. නොතේරිම මේ නගර මැද්දෙ ස්ටොරේජ් එක පුපුරන ද්‍රව්‍ය පොදුවෙ එක් රැස් කරන තැනක් වෙනව. ඒ නිසයි මේ පිපිරීමට අවශ්‍ය තාපය ජනනය වන්නෙ.

එසේම 2015 චීනයෙ ටියන්ජින් ජනාකිර්ණ නගරය මැද්දෙ හාබර් එකේ ඇමෝනියම් නයිට්‍රේට් ඔහේ ස්ටොක් කරල තියල. පස්සෙ එතන වෙනත්පුපුරන ද්‍රව්‍ය රාශියකුත් එකතු කරල අන්තිමේ ඒ වෙනත් ස්ටොක් එකක් දැඩි හිරු එළිය නිසා ගිනි අරගෙන තමා අර පත වලක් හැරුණු පිපිරීම සිද්ද වන්නෙ. ඒ ටොන් 800ක පිපිරුමක්
බේරූට් 2750 ක් වගෙ.

කෝම වුණත් න්‍යශ්ටික නොවන පිපිරුම් අතර ඉහළීන්ම තියෙන එක වෙන එකක්. ඒකත් වෙන්නෙ තවත් හාබර් එකක. නැවක ආපු ලෝඩ් එකක් මයි. එතන පුපුරන ද්‍රව්‍ය වන්නෙ ටී එන් ටී ටොන් තුන්දාහක් පමණ. ඒකට උත්ප්‍රේරක වන්නෙ නැවේම තියෙන බෙන්සෝල් නම් වාශ්පශිලි ගිනිගන්නා ද්‍රව්‍ය ස්ටොක් එක. අනතුරට හේතුව නැව් දෙකක ගැටුමක්. අනතුර මොන වගේද කිව්වොත් නැවේ කාල තුවක්කුව හමුවන්නෙ කිමි පහක් ගොඩබිම, නැන්ගුරම කිමි තුනක් ගොඩබිමේ. පිපිරීම වෙනෙන් වතුරෙ නිසා හාබර් එකේ පතුල පේන්න තරම් වතුර තල්ලු වෙලා තියෙනව. ඒ නිසා හටගන්නා සුනාමිය මීටර 18ක් උසයි. ශොක් වේව් එක කිමි එකසිය ගානක් දුර ගිහින් තියෙනවා. පිපිරීමෙ උශ්ණත්වය සෙල්සියස් 5000 හෙවත් සූර්‍යයා මතුපිට උශ්ණත්වය වගේ කියල කියන්නෙ. උණු වෙලා උඩ ගිය යකඩ බෝල වෙලා බිමට වැටිල තියෙනව.

බේරූට් 
වගෙ ලොකු නගරයක් නෙවි දාස් ගානක් ඉන්න එකක් ඒත් මරණ දෙදාහකට ආසන්නයි. පුදුමය කියන්නෙ නැව ගිනි ගන්න කොටම බේරගන්න බැරි බව දන්නා නිසා නැවේ කෲ එක බෝට්ටු මූදට දාල පළා යනවා. ඒ වුනත් සීන් එක බලන්න නගර වාසින් වෙරළට එනව. උන්ට අර මිනිස්සු කොච්චර එපා කිව්වත් ඒක ඇහෙන්නෙ නෑ. අන්තිමට 2000 පමණ මළාට නැවේ කෲ එකෙන් මැරුණෙ එක්කෙනයි.

මේ පිපිරුම 
බේරූට් පිපිරුම වගේ දෙකහමාරක් ලොකුයි. කොටිම්ම ඒක කෙතරම් ලොකු එකක්ද කියනව නම් අද වෙනත් පිපිරුම් වල සයිස් මනින්න භාවිතා කරන හිරෝශිමා පිපිරීමෙ සයිස් එක පත්තර වල යන්නෙ අපි මේ කියන පිපිරීම වගේ හත් ගුණයක් කියල [ඒත් දැන් දන්න තරමින් හතර ගුණයක්]

මේ  පිපිරීම  වන්නෙ  කැනඩාවෙ  නෝවා  ස්කොටියා [ස්කෝශියා]  ප්‍රාන්තයේ  හැලිෆැක්ස් වරායේ  1917  දි

Wednesday, May 27, 2020

කහපාට කලුපාට වළාකුළු


මේ ටික මන් ලියල තියෙන්නෙ පෙබරවාරි 19. දවස කිව්වෙ මේ සිද්ධිය තව දුරටත් අනාගත කාලෙන් තියන්න බැරි නිසා.

පහුගිය කාලෙ ආසියා අප්‍රිකා ඕශනියා කලාපෙ වෙච්ච බොහෝ ස්වාභාවික ව්‍යසන එකතු වෙන්නෙ එක තැනකට. පහුගිය වසර දෙකේ පමණ ඉන්දීය සාගරයේ බටහිර පැත්තෙ වායු පීඩනය අසාමාන්‍ය ලෙස ඉහළ යාමට. ඉන්දියන් ඕශන් ඩයිපෝලේ ස්ට්‍රෝන් පොසිටිව් අවස්තාව කියල ටෙක්නිකල් නමක් මොඩල් කරල තියෙනවා ඕකට.


දැන් ඒ සන්සිද්දිය නිමා වෙලා තියෙන්නෙ. නිමා වෙනව කිව්වට 2017 තිබ්බ පොසිටිව් ඩයිපෝල් එක සුලු කාලෙකට නිමාවට පත්වෙලා තමා ආයෙ අවු දෙකක් විතර හිටින ලොකු එක ආවෙ. ඒ නිසා ඉස්සරහට ඉක්මනින් ආපහු එන්නත් බැරි නෑ.

කෙසේ වෙතත් ලැව්ගිනි, හීට් වේව්, නියන් සහ අධික උණුසුම ලෙස ඔස්ට්‍රෙලියාවත් සුලි සුලන් ලෙස අරාබිය අප්‍රිකාවත් පීඩාවට ලක් කළ ඒ කාළගුණ පද්දතිය ඉවර වුනත් ඒකෙන් ඉතුරු කරල ගිය අන්තිම හෙවනැල්ල තාම තියෙනවා.

හෙවනැල්ලක් ම තමා. දුරින් එනකොට පේන්නෙ විශාල වැහි වලාකුලක් වගේ ඒත් ඒ වළාකුල එකපාරට ඔබේ ගමට පාත් වෙලා කොලපාට යමක් පණ තියෙන ගහක් නෑර කලු සහ කහපාටින් සරසන කොට පරක්කු වැඩියි.

ඔව් ඒ තමයි ලෝකස්ට් ලා. මුන්ට පළගැටි කියන එක වැරදියි, පළගැටි කියන්නෙ එතරම් සක්‍රිය නැති තනිව ඉන්න සතුන් වර්ගයක්. උන් ලෝකස්ට් බවට පරිවර්තනය වන ක්‍රියාදාමය මාර වැදගත් ජෛව ක්‍රියාවක්. එක සතෙක්ගෙන් වෙන සතෙක් හැදෙනවා වගේ තමා. තනියම එක තැනක ඉන්න තරම් "මෝඩ" පළගැටියෙක් ගෙන් ලෝකස්ට් කෙනෙක් නිර්මාණය වෙද්දි උන්ගෙ මොළය විශාල පරිමාණයෙන් වර්ධනය වෙනවා කකුල් කුඩා වෙලා අත්තටු විශාල වෙනවා. මේ අලුත් "බුද්ධිමත්" සත සමාජශිලි එකෙක්. රන්චු ගෙහෙන්න ඇවිදින්න තරම් බුද්ධියක් තියෙනව. පුන්චු රන්චු නොවේ බිලියන සීය පනින නිව්‍යෝක් නගරයට වඩා ලොකු පලාතක විසිරි රන්චු වාර්තා වෙනවා. කිමි සියගණන් යන්න සමත්.

ආපහු කතාවට ආවොත්, මේ වසරේ ලොකස්ට් අර්බුදයත් ගිහිල්ල ඉන්දිය සාගරික ඩයිපෝලයේ බිලට වැටෙන්නෙ. ඒ මෙහෙම.

නැගෙනහිර අප්‍රිකාව සහ ආසියාව තුල පැතිරෙන ලෝකස්ට් අර්බුදය පටන් ගන්නෙ අරාබියෙන්. අරාබි කාන්තාරෙට 2018 මාස කීපෙක ගැප් එකක් එක්ක අසාමාන්‍ය ලෙස කඩා වදින මෙකුනු සහ ලූබන් කියන සුළි සුළන් දෙකක් නිසා අරාබි කාන්තාරය දෙවතාවක් තාවකාලික විල් බවට හැරෙනවා. සවුදි යේමන් බෝඩරේ සහ යේමනයේ. මේ කලාපය සක්‍රිය යුද කලාපයක් නිසා ලෝකස්ට් මර්ධනයට භාවිතා කරන රසායන යොදන්න විදියක් නෑ.





ලෝකස්ට් එකෙක් ඉන්නෙ මාස තුනක සිට පහක වගේ කාලයක්. ප්‍රමාණවත් වතුර ලැබුනොත් උන්ට පුලුවන් එක ජෙනරේශන් එකකින් ගණන විසි ගුණයකින් වැඩි කරන්න. මේ කියන 2018 වසරේ කාලෙ අරාබි කාන්තාරෙ ලෝකස්ට් ගහණය 8000 ගුණයකින් පමණ වැඩිවෙන්න ඇති කියනව.

ඒ ලෝකස්ට් ලා කැම හොයාගෙන කිමි200 300 පළල රතු මුහුද හරහා සෝමාලියාවට එනවා. සාපේක්ශව සෝමාලියාවෙ ශාක සුලබයි. ආයෙමත් යුද කලාපයක් නිසා කිසි පාලනයක් නෑ. ඒ මදිවට 2019 මුල සෝමාලියාවටත් සුලි කුනාටුවක් එනව ඒකත් ඩයිපෝල ක්‍රියාකාරිත්වයක් ලෙස සලකන්නෙ. සෝමාලියාවෙදි උන් ආයෙ කීප දාස් ගුනයකින් වර්ධනය වෙනවා.

දැන් ඒ ආකාරෙට ට්‍රිලියන ගණන් වලින් ගනින්න වෙන පාලනයකින් තොර ලෝකස්ට් ප්‍රජාව ජන්ම භුමියෙන් දෙපැත්තට යනවා. කෙන්‍යාව ඉතියෝපියාව වගේ රටවල අලුත් වැස්ස එක්ක සරුවට වැවුණු ගොවිබිම් ඉවරයි. දැන් ඒ රටවල් ආහාර අර්බුදයක් එයි කියල ආධාර එකතු කරනවා. ටැන්සානියා උගන්ඩා වගේ රටවලටත් අනතුරු ඇගවීම් දීල.

අනිත් පැත්තට පාකිස්තානය වෙනකම් ආපු ලෝකස්ට් ලා ඉන්දියාවට එන එක දැන් වෙන්න නියමිත එකක්. මෙතෙක් කලාපෙට අහු නොවුන ලන්කාවටත් දැනට වෝනින් දීල තියෙන්නෙ.

කෝම වුණත් ඩේවිඩ් ඇටෙන්බොරෝ කියන්නෙ ලෝක ආහාර අර්බුදයට හේතුවකට වඩා විසදුමක් කියල ලෝකස්ට් ලා. ඒ කියන්නෙ උන් අල්ලල උන්ගෙ ප්‍රෝටින ප්‍රොසෙස් කරල මිනිසුන්ට කන්න හිතෙන කැමක් ලෙස ආවොත් [එහෙම දැනුත් වෙනව, අපි මලාට නොකන සතුන්ගේ කොටස් අඹරල මීට් බෝල්ස් සොසේජස් එහෙම හදන්නෙ]. ඒත් ඒක ෆියුචරිස්ටික් කතාවක් පමණයි. දැනට තියෙන ගැටලුව ව්‍යසනයෙන් බේරෙන්නෙ කෝමද කියන එක.

ලස්සනම සිද්දිය නම් පෙර කී අභිජනන කලාපයේ ඉදිරි වසරක දෙකක කාලගුණය බැලුවම මෙ ඉන්න ප්‍රජාව 400 ගුණයකින් පමණ වැඩි වෙන්න ලොකු ඉඩක් තියේලු. මේ සම්බන්දයෙන් කල හැකි කිසිවක් නෑ මොකද යේමනය සහ සෝමාලියාව යුද කලාපයක් නිසා.

නිකමට හිතන්න 400 ගුණයකින් මේක වැඩි වුනොත්....

-----------------

මේ  ටික  අද.  ඉස්සරහට තව  සීන්  වුනොත්  ඒවත් ලියමු


සාමාන්‍යයෙන් ඉන්දියාවට ලෝකස්ට් ප්‍රහාර එල්ල වෙනවා. දැනට උන් ඇවිත් තියෙන්නෙ රාජස්තාන් මධ්‍ය ප්‍රදේශ් හා ගුජරාට් වලට. මම මේ සමග ශෙයා කරන සටහන ලියන මොහොතෙත් ඒක කෝමත් වෙන්න නියමිතයි කියල තිබ්බෙ.

ඒක වෙලා.

ඒ පදනමින් ඔන්න ලන්කාවටත් එයි කියල බය කරන්න අවශ්‍ය නෑ. මොකද ලන්කාවට සැලකියයුතු ලෝකස්ට් ප්‍රහාරයක් එල්ල වෙලාම නෑ. ඉන්දියාවට ආපු එක ලන්කාවට එන එකට පෙර නිමිට්තක් ලෙස ගන්න බෑ.


ඒත්...

වෙන්න බෑ කියු දේවල් සිද්ද වෙන තරමට මම හිතන්නෙ මේකත් ඇලට් එකේ ඉන්න ඕනෙ තත්වයක්. කවදාවත් නැතුව ලෝක සන්විධාන ලන්කාවටත් අනතුරු අගවා තියෙන්නෙ නිකම්ම වෙන්න බෑ. ඒ වගේම මේ වසරේ ලෝකස්ට් ගහණය අනිත් වසර වලට වඩා බෙහෙවින් වැඩියි,

ඒ නිසා මේකත් ලන්කාවෙ කර මත කඩා වැටෙන්න බැරි නෑ.

Sunday, December 1, 2019

පහුගිය දෙසියවසේ රටක් මුහුණ දුන් දරුණු ම යුද්ධය හෙවත් පැරගුවේ ඛේදවාචකය

යුද්ද වලින් ලෝකෙ හෝ රටක ජනගහනය විනාස වෙනව කියන එක වැරදි මතයක්. මැත කාලෙ වෙච්ච ඕනෙම බිහිසුනු යුද්දෙකින් රටක මියයන ප්‍රමානය ජනගහනයෙන් නොසැලකිය යුතු ප්‍රතිශතයක් හෝ සීයට පොඩි ගානක්.

ඉස්සර නම් රෝමන් සහ මොන්ගල් අධිරාජ්‍ය යුද්ද කරල පැරදුනාම ඒ මුලු ජනතාවම අල්ලල සමුල ඝාතනය කරපු අවස්තා තියෙනවා. ඒ සුවිශේශි නරුමකම්. අනික දුර අතීතෙ කතා. පහුගිය වසර දෙසිය තුල යුද්දෙන් මිය යන ප්‍රමාන රටේ ජනගහනයට ලොකු බලපෑමක් කර නැහැ. ඒත් එක යුද්දයක් ඇරෙන්න.

මේ යුද්දය තුලදි එක්තරා රටක මුලු ජනගහනයෙන් වීශාල ප්‍රමානයක් මිය යනවා. ඒ සමුලඝාතන ලෙස නොවේ. එක්කො යුද්දය නිසා නෙවිනම් යුද්දය එක්ක එන විවිධ රෝග නිසා. බේසිකලි යටත් වෙන්න ඕනෙ තරම් පැරදුනත් උන් යටත් නොවි දිගටම පිස්සො වගේ යුද්දෙ කරන නිසා. මිය යන තරම කෙතරම්ද කිව්වොත් රට පව්ත්වා ගන්න බැරිවෙනවා. රට අසල්වාසින් අතර බෙදන්නත් ගිහින් ආයෙ ඔවුන් හිතනව රට තියෙන්න ඕනෙ කියල. රට පවත්වා ගන්න මිනිසුන් වෙන රටවලින් සන්ක්‍රමනය කරවනවා.

කොටිම්ම මේ යුද්දය ඒ රට විසින් අවුලුවා ගන්න අනවශ්‍ය පිස්සු යුද්දයක්. ඔවුන් හැප්පෙන්නෙ හිතන්නවත් පුලුවන් බලයක් එක්ක නෙවි. ඒ වගේම මරන වලින් වැඩි හරියක් තමන් අතින්මයි සිද්ද වෙන්නෙ.

1. යුද්දය මොකද්ද?

2. පාර්ශ්ව කවුද?

3. හේතුව කුමක්ද?

4. රට එක පිටින් වැනසුනත් රටක් ලෙස ඉතුරු කලේ ඇයි?

5. රටේ ජනගහනයට වෙන බලපෑම කුමක්ද? [නිසි සන්ඛ්‍යා ලේඛන නැති නිසා අදහස් රාශියක් තියෙනවා]

6. [බෝනස්] මේ වගේ සුයිසයිඩල් පිස්සු යුද්දයක් කරන්න හේතු වෙච්ච අමුතු ගතියක් මේ රටේ තියෙනවා. ඔවුන් කලාපිය රටවලට වඩා චුට්ටක් වෙනස්. ඒ බව ඔවුන්ගෙ භාශා භාවිතයෙන් පවා විඩ්‍යාමාන වෙනවා. මේ රටෙ එ තියෙන භාශාමය අමුත්ත මොකද්ද?

-----------------

මේ ප්රශ්නයට පිලිතුර ලෙස බලාපොරොත්තු වුනේ පැරගුවේ යුද්දය හෙවත් war of triple alliance

රුවන්ඩා හුටු-ටුට්සි ගෝත්ර ගැටුම නරකම උත්තරයක් නොවුනත්පැරගුවේ යුද්දය එක්ක ඒකත් නතින්.
මම කතාව ටිකක් දිග ඇරල ලියන්නම්. සන්කිර්ණ  සිද්ඩියක්  නිසා  කතාව  දෙකට  කඩනවා.  ඉතිහාසය  සන  යුද්දය   වශයෙන්. ලේසි කෑල්ල  යුද්දය  මුලින් ගම්මු.  කොහොමත් අපි මේ ගැන නිසි අධ්යනයක් කරනවා නම් පැරගුවේ ඉතිහාසය එක පිටින්ම සලකන්නම වෙනවා. හැබැයි ඊට කලින් අපි සිදුවීම බලමු.

යුද්දය

1860 දශකයේ දකුනු ඇමරිකාවෙ පහල කෑල්ලෙ රටවල් හතර නිතර යුද වල පැටලුනා. බර්සිල අධිරාජ්යය සහ ආජන්ටිනාව තමා බලවතුන්. ඉතා කුඩ උරුගුවේ රාජ්යය ආජන්ටිනාව එක්ක පැටලිලා නිදහස දිනාගත්තට අර දෙගොල්ල්ලම එයාලට දැඩිලෙස බලපැම් කලා. තමන්ගේ රූකඩ ආන්ඩු හදාගන්න. එවකට පැරගුවේ කියන්නෙ බ්රසිලය සහ ආජන්ටිනාව වගේම බලවත් රාජ්යයක් [එතනට ආපු හැටි වෙනම බලමු].

ගටුමට ආසන්න හේතුව වන්නෙ උරුගුවේ හි ජාතිකවාදි ආන්ඩුවක් පෙරලා ලිබරල් වාදියෙක් ස්තාපනය කරන්න බ්රසිලය ගන්න වෑයමක්. මේ සමග ආජන්ටිනාවත් ඉන්නවා. පැරගුවේ කියන්නෙ ජාතිකවාදි එකාධිපතියෙක් ලෙජිස්ලේශන් වලින් පත්කරගන්න රටක්. පැරගුවේ ආජන්ටිනාවෙන් නිදහස් දිනාගන්නෙ පොඩි වලියක් දාගෙන. බ්‍රසිලය පැරගුවේ උන් වහල් කමට ගත්ත සතුරා. මේ සතුරන් දෙන්න බලව්ත් වීම වලකන්න සහ ජාතිකවාදි ආන්ඩුව බේරගන්න තමා මේ වලියට බහින්නෙ.

ඒ වෙද්ද කලාපයෙ ලොකුම ආමි එක පැරගුවේ, සාපේක්ශව ලොකු බලයක් සහ අද තියෙන රට වගෙ දෙගුනයක විතර රටක්. එහෙත් ජනගහනයක් ලෙස මිලියන බාගයක් පමන තමා ඉන්නෙ. එය බ්රසිලයේ රිසර්ව් ෆෝස් එකට වඩා පොඩියි. බ්රසිල ආජන්ටිනා දෙකේ මිලියන දහය පහලව වගෙ ඉන්නව. අවාසනාවට මේව ඇනලයිස් කරගන්න තරම් බුද්ධියක් පැරගිවේ වලට නැහැ

පැරගුවේ උරුගුවේ දේශසීමාවක් නැති නිසා උන්ට උරුගුවේ වලට උදව් කරන්න එන්න අවසර ඉල්ලනව ආජන්ටිනාව හරහ යන්න. ආජන්ටිනාව ප්රතික්ශේප කලාම ආජන්ටිනාවෙ ප්රාන්තයක් අල්ලගෙන ඉදිරියට එනවා. එසේම බ්රසිලයෙත් කොටසක් අල්ලගන්නව. මේ මොහොත වෙද්දි පැරගුවේ ජයග්රාහි ලෙස ඉන්නෙ.

මේ අතර උරුගුවේ ජාතිකවාදින් පැරදිලා ලිබරල් වරුන් බලය අල්ලනවා. ඉන් පසු රටවල් තුනම එකතුවෙලා පැරගුවේට යුද ප්රකාශ කරනවා.

අවුල පටන් ගන්නෙ මෙතනදි. මුලකාලෙනම් පැරගුවේ තරමක් සාර්තකව සටන් කරනවා. එක ස්ටේජ් එකක යුද්දය ඔවුන්ගේ ජයග්රහනය එක්ක තාවකාලිකව නවතිනවා. ඒත් ඊට පස්සෙ රටවල් තුනේ හමුද සන්විධානය වෙලා නැවත පහර දෙනවා. යුද්දය පැර්ගුවේ ඇතුලටත් අගනුවර වන ඇසන්සියන් වලටත් පැතිරෙනවා.

පැරගුවේ මේ වෙද්දි රිසෝසස් වලින් සම්පුර්නයෙන්ම හිදිලා. මිලියන බාගෙකට අවු පහක් මේක අදින්න බැහැ. මේක සාමාන්යයෙන් රටක් යටත් වෙන මොහොතක්. පැරගුවේ ඒකාධිපති සොලානෝ ලෝපෙස් පිස්සු චරිතයක් වගෙ හැසිරෙන්නෙ මෙතනදි. ඔහු යටත් වීම තෝරන්නෙ නැහැ. එහෙම යෝජනා කරන පවුලේ සහෝදරයින් මරා දානවා පාවාදෙන්නන් ලෙස. අවියක් ඔසවන්න පුලුවන් තරම් අවු 10 වගේ දරුවන් පවා හමුදාවට දානවා. ගැහැනුන් පවා ෆ්රන්ට් ලයින් නොවෙන කටයුතු වලට දානවා. නගර හැර යද්දි ඒව ගිනිබත් කරල ගෙනයා නොහැකි සියලු දෙනා තමන් විසින්ම මරා දාලයි යන්නෙ.

අවසානෙ ලෝපෙස්ව බ්රසිල තුවක්කුවකින් මරා දැමෙනකම් මේ සටන ඉවර වෙන්නෙ නැහැ. ඒ වෙද්දි අර ලක්ශ පහෙන් ලක්ශ තුනක් පමන මලා කියල කියන්නෙ. පිරිමි ජනගහනයෙන් සීයට 70 සිට 90 දක්වා මැරිල. රටක් කියල මොකුත් ඉතුරු නැහැ. මේ දත්ත ඩිස්පියුටඩ්. 1850 විතර එක වාර්තවක් අනුව මි 1.3ක් තමයි ජනගහනය. හැබැයි වැඩි වාර්තා කියන්නෙ ලක්ශ 5 කියල . 1873 විතර ජර්මානු වාර්තාවක් අනුව ලක්ශ දෙකයි ඔක්කොම ඉතුරු. ජනගහනයෙන් 60%ක් මේ යුද්දෙන් මලා කියන එක තම අ බොහෝ විට පිලි ගැනෙන්නෙ.

ජයග්රාහි ආජන්ටිනාව ඉතිහාසෙම බලා උන්න වගේ මේ කවුරුත් නැති රට තමන්ගේ ප්රාන්තයක් කරගන්න හදනවා. ඒත් ඊට බ්රසිලය විරුද්ද වෙනවා මොකද දෙරට නිතර ඇවිලෙන නිසා බෆර් ස්ටේට් එකක් මැද්දට දාගන්න ඕනෙ කියල. මේ යුද්දයට හේතු වෙච්ච උරුගුවේ උන් මහ ලොකු දායකත්වයක් දෙන්නෙ හෝ මියයන්නෙ වත් නැහැ.

කෝම වුනත් බ්රසිලය ආජන්ටිනාව සහ බොලිවියාවෙ චාකො වරු පැරගුවේ කොටස් අල්ලගන්නව. ගග දිගේ චුට්ටි කෑල්ලක් පමනයි ඉතුරු. පස්සෙ 1930 විතර පැරගුවේ ආයෙ බොලිවියා එක්ක යුද කරල චාකො කොටස ගන්නව. ඒත් රට ඉතාම පසුගාමි කුඩා රටක්

එහෙමවත් වෙන්නෙ එතනින් එහාට එන ප්රජාතාන්ත්රික ආන්ඩු යුරෝපෙන් මිනිස්සු ගෙන්න ගත්ත නිසා. නොවේනම් රටක් දුවන්නහැකියාවක් තිබිල නැහැ.

ලද අවස්තාවෙන් ආජන්ටිනා සමාගම් ලෝකයාට් වහල තිබ්බ කලාපයේ දියුනුම පද්දතියක් වෙච්ච එක්තරා ආකාරයක රාජ්ය සමාජවාදය්ක් දිව්ව පැරගිවේ ආර්තිකය තම අනසකට ගන්නව.

ඒ සෙල්ලම තාමත් එහෙමයි. ඉතිරිය හෙවත් මෙතනට ආපු හැටි වෙනම ලියමු.

ඉතිහාසය

ඉන්ටරස්ටින්ම දේ බෝනස් ප්‍රශ්නෙ. පැරගුවේ  අමුතු  රටක් .  ඒක  එහෙම  වෙන්නෙ  කෝමද? අපිට 1530 විතර වෙනකම් එහාට යන්න වෙනව.

මුලිම්ම පරානා සහ පැරගුවේ ගන්ගා දිගේ ගිය ස්පාඤ්ඤ ගවේශකයින්ට ඕනෙ කලේ පීරු කරා යන පාරක්. පැනමා ඇලත් නැති කාලෙනෙ. ඒ නිසා මග හදන අතරමැදි නවාතැන තමා අසන්සියන් නගරය. මුල්ම කාලෙ මේක ඒ පැත්තෙ ලොකුම ජනාවාසය.

රට ඇතුලට කිමි 2000 වගේ යන එක අසිරු නිසා ගැහැනු එන්නෙ නැහැ මේ ජනාවාසයට. මේ පෙදෙසෙ ඉන්න ගුවරානි කියන ඇමරින්දියන් ප්‍රජාව. මොවුන් දිගටම ඉන්කා අධිරාජ්‍යයෙන් බැට කාපු නිසා ස්පාඤ්ඤ වරුන් ව මිතුරන් ලෙස බාරගන්නවා. මෙතන ඉදල ඔක්කොම දේවල් කනපිටට වෙන්නෙ. උදාහරනෙකට ගුවරනි පවුල් සිය කැමැත්තෙන් කෙල්ලන්ව ස්පාඤ්ඤ පිරිමින්ට සපයා දෙනවා. ස්පාඤ්ඤ පිරිමි ගුවරනි ලින්ගික මෙහෙකාරියන් දුසිම් ගනන් තියන් ඉන්නෙ. මේ සමග වෙන්නෙ මොකද්ද? ඉතා විශාල ප්‍රමානයක් ස්පාඤ්ඤ ගුවරනි මිශ්‍ර දරුවන් උපදිනවා. මෙ දරුවන් කතෝලික සහ ස්පාඤ්ඤ ශිශ්ටාචාරෙ හැදෙන්නෙ, ඒත් උන්ගෙ අම්මල ගුවරනි, උන් කතා කරන්නෙ ගුවරනි. ගුවරනි කියන්නෙ ඉන්ක වගේ දියුනු සහ ලේයර් හැදුනු සමාජයක් නෙවි. උන් බොහොම අල්පේච්ච සමානත්මතාවයෙ දිව්ව සමාජයක්. ජනපදිකයන් ඒ චින්තනයෙන් පෝශනය වන්නෙ.

1600 විතර වෙද්දි යුරොපියන් ස්පාඤ්ඤ වරුන් සහ ස්වදේශික ගුවරනි අමිශ්‍ර ජනයා කියන දෙකම ඉක්මවල අසන්සියන් සහ අවට ජනපදවල බහුතරය වෙන්නෙ මේ ක්ශනික ලෙස හැදෙන මිශ්‍ර ජනපදිකයන්. මෙ ජනපදිකයන් ස්පාඤ්ඤ ආධිපත්‍ය පිලිගත්තට ස්වාධිනත්වය සහ ම්ලෙච්චත්වය ප්‍රිය කරනවා. ස්වදේශික ගුවරනි වරුන් වහල් කමට ගන්නවා. ස්පාඤ්ඤ රජා එවන ආන්ඩුකාරයින් ගහල එලවනවා. උන්ට ඕනෙ උන් ස්පාඤ්ඤ ආන්ඩුකාර ලෙස දාගන්නව. පොඩ්ඩ ගැස්සුනොය්ත් කැරලි ගහනව. මෙ නිසා ස්පාඤ්ඤ රජය සහ කතෝලික පල්ලිය ගුවරනි [අමිශ්‍ර] අයව ක්‍රිස්ත්‍යානි කරගෙන උන්ව නාගරික ඒකක වල දාල උන්ට ආමි එකක් දෙනව මොකද නෙවිනම් උන්ව වහල් කමට ගන්න නිසා. හිතන්න කොයි කොලෝනියල් ජනපදයෙද ස්වදේශිකයන් රකින්න කොලෝනියල් සහ පල්ලි බලය වෙහෙසුනෙ. කොහෙද උන්ට ආමි එකක් දුන්නෙ. හැබැයි ජනපදිකයන් කැරලි ගහද්දි ස්පාඤ්ඤ රජා වෙනුවෙන් සටන් වදින්නෙ අමිශ්‍ර ගුවරනි හමුදා.

ඔන්න ඔහොමයි අසන්සියන් අවට ජනපද පවතින්නෙ. ඒ අතර ස්වාභාවික සම්පත් නැති නිසා අසන්සියන් ස්පාඤ්ඤ පාලනයට මෙලෝ රහල් නති වෙනවා. ඔවුන් බුවනොස් අයර්ස් වලට හැරෙනවා. අසන්සිය්න් බුවනොස් අයර්ස් වල ප්‍රාන්තයක් වෙනවා. ජනපදිකයන්ට මේ ගැන කේන්තියක් එන්නෙ.

1811 ස්පාඤ්ඤ ආන්ඩුව නැපෝලියන් නිසා යටත්විජිත කටයුතු වලින් බැහැර වෙද්දි බුවනෝස් අයර්ස් ස්පාඤ්ඤ රජු නියෝජනය කරන්න හදනව. ඒ වෙලාවෙ අසන්සියන් සහ අවට ජනපද උන් එක්ක වලියක් දාගෙන ස්වාධීන වෙනව. දකූනු ඇමරිකාවෙ පලවෙනි ස්වාධීන ජනරජය. මේ අරගලයෙදි ඉතුරු වෙච්ච ස්පාඤ්ඤ සම්බන්දයනුත් එලවා දාල ගුවරනි මිශ්‍ර ජනපදිකයන් රට අල්ල ගන්නව. රට පාලනය කරන්න හමුදා කොමිටියක් හෙවත් ජුන්ටාවක්. රටක් පාලනය කරන්න තරම් උගතුන් නැහැ. රටේ ඉස්කෝල කීපයක් ඇරෙන්න කිසි අඪ්ඃයාපනයක් නැහැ. ආජන්ටිනා එක්ක නිදහස උදෙසා රාජ්‍යතාන්ත්‍රික කතාවක් කරන්න තේරෙන කෙනෙක් නැහැ.

දැන් පැරගුවේ කතාවෙ අත්‍යවශ්‍ය එක චරිතයක් හෙවත් හොසේ ෆ්‍රන්සියා කතාවට ගන්න ඕනෙ. පැරගුවේ නූගත් රටේ ෆ්‍රැන්සියාට ඩොක්ටරේට් එකක් තියෙනවා. මිනිහ ගනිතය හදාරනවා. ටෙලස්කෝප් එකක් තියන් අහස බලනව. මිනිහ ප්‍රන්ස විප්ලවය ගැන දන්නව. රූසෝ ගේ කතා අනුසාරයෙන් කතා පවත්වනවා. ඉතින් මිලිටරි ජුන්ටාව ආජන්ටිනා එක්ක නෙගෝශියට් කරන්නත් තියෙන නිසා ෆ්‍රන්සියා ජීවිත කාලෙටම එකාධිපති හෙවත් සුප්‍රිමෝ කරල දානව.

ෆ්‍රැන්සියා ලෝක අන්ඩයෙක්. මිනිහ ආජන්ටිනාව ගොනාට අන්දල කිසිම දෙයක් රිටර්න් නොදි නිදහස ගන්නව. හමුදාකාරයින් එකා එකා අල්ලල විවිද චෝදනා මත මරා දානව. සියලු ප්‍රතිවාදින් හිරේ දානව. රටවැසියා ගේ ආදරය දිනාගනිමින්ම සියලු දේපොල ආන්ඩුවට ගන්නව. ඒ කරල ෆ්‍රැන්සිය හදනව රාජ්‍යය විසින් සියල්ල පාලනය කරන සන්වෘත රටක්. සියලු දෙනා සර්ව සමානයි. සියලු දෙනාට බෙනිෆිට්ස් යනවා. ආජන්ටිනාව නිතර නිතර පරානා ගග වහල කෙනෙහිලි කරන නිසා ආර්තිකයේ පිටස්තර සම්බන්ද නවතනවා - ස්ව්‍යන්පෝශිත. එක අවස්තාවක රටට ආපු පිටරැටියෙක්‍ ට වත් ආපහු යන්න බැහැ.

හැබැයි මිනිහ රට හදනව. රට කුඩා වුනාට ප්‍රබල ආර්තික බලයක් වෙනව. අහල පහල ලොකු රටවල් වගේ කාටවත් නයත් නැහැ. ෆ්‍රැන්සියා අවන්කයි. සත පහක් හොරෙන් ගන්නෙ නැහැ බලය තිබ්බට. මැරෙන කොට අවුරුදු ගානක් මිනිහගෙ පඩියත් රටේ නමින් බැන්කුවට දාල තියෙන්නෙ. මිනිහ මැරෙද්දි කලාපෙ ලොකුම සක්‍රිය හමුදාව උන්ගෙ. ආර්තිකයත් සවිමත්. හැබැයි දියුනු දේශපාලනයක් නැහැ.

මේ ෆ්‍රන්සියා ඔහුගෙ ගුවරනි පැල්පත් නිවස අසල. ඔහු මැරෙනකම් ඉන්නෙ ඒ ගෙදර. ධනය භාවිතා කරන්නෙ නැහැ. ෆ්‍රන්සියා ගේ ඇදුම රටේ ජන අනන්‍යතාවයට අනගි උදාහරනයක්
Image may contain: one or more people

ඊ ගාවට ජීවිත කාලෙට ඒකාධිපති පට්ටම දෙන්නෙ ලෝපෙස් පිය පුතු දෙන්නට. ලෝපෙස් පියා හොරෙක්. මිනිහ රටේ ආන්ඩුව සහ සම්පත් තමන්ගෙ පවුලට ගන්නව. ෆ්‍රැන්සියාගෙ ක්‍රමයට එරෙහිව ගොස් අහල පහල යුද්ද වලට හොට දානව. ලෝපෙස් පුතා සොලානො ලෝපෙස් මිනිහ මේ සමානාත්මතාවය සහ මහජන දේපොල දන්නෙ නැහැ. මිනිහට අනුව රටම පවුලෙ බූදලේ. මිනිස්සු පවුලෙ සේවක. ඒ අතරෙ ඔහුව තාත්ත යුරෝපෙට යවනව. යුරොපෙ කෙලිදෙලෙන් ඉන්න සොලානො ලෝපෙස් නැපෝලියන් ගැන උඅනන්දු වෙනවා. නැපෝලියන් සහ යුරොප්ප ආගලය වටහා ගෙන නැහැ. ඒත් පිටපොත්තෙන් නැපෝලියන් කොපි කරන්න හදන ගති පේනවා.

1864 විතර සොලානො ලෝපෙස් බ්‍රසිලයට සහ ආජන්ටිනාවට එරෙහිව උරුගුවේ ජාතිකවාදයට සහය දෙන්න යන පසුබිම ඕකයි. පැරගුවේ කියනෙ අර්ධ ගුවරනි රටක්. සන්වෘත රටක්. ආජන්ටිනා බ්‍රසිල් එක්ක තරහයි සහ උනුත් බලන් ඉන්නෙ මේ කලාපිය විකෘතියට ශොට් එක දෙන්න. සොලානො ලෝපෙස් ලෝකය හරියට වටහා නොගත් රජ පවුලක පිස්සෙක්. නැපෝලියන් වෙන්න හදපු. පැරගුවේ ජනතාව රාජ්‍යයට සේවය කරන්න ෆ්‍රන්සියා විසින් පුහුනු කල ප්‍රජාවක්. ටිකක් විතර ස්ටාලින් මාවෝ වගේ.

විනාශය පෙනි පෙනිත් යටත් නොවුනෙ ඒකයි. අදටත් පැරගුවේ වල සොලානො ලෝපෙස් කියන්නෙ වීරයෙක්. රනබිමේ යටත් නොවි මැරිල වැටෙනකම් සටන් කල ගුවරනි වීරයෙක්.

ලෝකයේ බොහෝ රටවල් රාජ්‍ය භාශා දෙක දෙක තිබ්බට, රටේම ජනගහනය ඒ භාශා දෙකම එක හා සමානව කතා කරන කිරිම රටක් වෙන නැහැ. පැරගුවෙ වල ස්පාඤ්ඤ සහ ගුවරනි දෙකම රාජ්ය භාශා වන අතර රටවැසියා දෙකම එක හා සමානව කතා කරනවා. සමහර විට කොන්ගෝ වල ටිකක් මෙහෙම තත්වයක් ඇති. වෙනනම් දන්නෙ නැහැ.

අදටත් පැරගුවේ උන් හරි අමුතුයි. සන්ක්‍රමනික්‍යන් හරිම අඩුයි. දුප්පත් උනත් රට හැර යන්නෙ නැහැ. උගත් කම අඩුම රටක්. ඒ වගේම අමුතු මිනිස්සු ඉන්නෙ. අනුව දශකෙ අග උන්නු ගෝල් කීපර් හොසෙ ලුයි චිලවෙයා සමහරුන්ට මතක ඇති. පොරට හිතුනම ගෝල් එක ඇරල දාල බෝලෙ ගෙනත් අනිත් පත්තෙන් ගෝල් එකක් ගහල යනව.

Sunday, November 10, 2019

අඩබෙර කරුගේ වැරදුනු පනිවුඩයට වසර තිහකි

ප්‍රශ්නයක් ඇහුව.

අනාදිමත් කලෙක සිට නාට්ටි වල උන්නු භුමිකාවක් අඩබෙරකාරයා. ඒත් මේකගෙ චරිතෙ කවදාවත් ලොකු එකක් නෙවි. ඉස්කෝලෙ උනත් ඔය වටේ ඉන්න එකෙක් අරගෙන පොඩියට ඕක බාර දෙන්නෙ. පොර කරන්නෙ බෙරේ ගහල අසව් අසව් කියල කොලේ කියවල වැනිශ් වෙන එක. එච්චරයි, ඉවරයි.

ඒත් මිනිහ ඔය කොලේ කියවන්නෙ රජා ලියාපු පනිවිඩේ මද? යම් හෙයකින් රජා ලිව්ව පනිවිඩේ නැතුව වෙන එකක් කියවන දවසට අඩබෙර කාරයා නාට්ටියේ ප්‍රධාන චරිතය වෙනවා. අන්න එහෙම වෙච්ච නාට්ටියකුත් තියෙනවා.

මේකෙ රජා අඩබෙර කරයට දෙන්නෙ බොහොම හදිසි පනිවිඩයක්. ඒකත් රජා ලිව්ව එක උඩින් පුරෝහිතත් ලියල මහ ඇමති ඉදල දොරටුපාල වෙනකම් සන්ශෝධන දාල වරින් වර සන්ශෝධන කොල්ලො අතේ මගටත් එවනවා අඩබෙර කාරයාට මේක හම්බුවෙන්නෙත් කියවගන්නවත් කාලයක් නැතුව.

ඉතින් ඒ අඩබෙර කාරයා කොලේ තියෙන එක වෙනුවට වෙනින් කතාවක් කියනවා හිතාමතා නෙවි මිස්ටේක්. ඒ කතාව ගමෙන් ගම පසල් දනව්වෙන් පසල් දනව්ව පැතිරෙනවා. ඒ එක්කම මහ අලකලන්චි රාශියක් වෙන්න පටන් ගන්නව. ඒ සමගම ඔහු මේ කතාවෙ ප්‍රධාන චරිතයක් වෙනවා.

1. මේ කතන්දරේ මොකද්ද? අඩබෙර කාරයා ගෙ නම මොකද්ද?

2. මේ මිස්ටේක් එකේ ප්‍රතිපල ලෙස නාට්ටිය ඉවර වෙන්නෙ කෝමද?

3. මේ වෙලාවෙ කතාවෙ උන්නු චරිත දෙකක් තම හිතවත් සලුපිලි හැරදාල කරන දුශ්ට ප්රකාශ දෙකකින් එයාලත් ඉතිහාසගත වෙනවා ඒ දෙන්න කවුද?

4. වෙනත් දේශයක වීර පුරුශයෙක් ඇතිවන අලකලන්චිය තුල අතරමන් වෙනවා. එදා මිනිහ මුහුන දෙන ගැටලුව වෙනත් දිග කතාවකට මුල පුරනවා. මේ කෙනා කවුද එයා මූන දෙන ගැටලුව සහ ඒ මත නිර්මානය වෙන සිද්දි මොනවද?

--------------

ඔහු ගන්ටර් [ගුන්ටර්??] ශැබොව්ස්කි. නැ බර්ලිනයේ සමාජවාදි පක්ශයේ ලේකම්. අඩබෙර කාරයා හෙවත් මාධ්‍ය ප්‍රකාශක ජොබ් එක දෙන්නෙ ඔහුට. පාසල් නාට්ටියක් වගේ තමයි ඒක ලොකු තනතුරක් නෙවි. සාමාන්‍ය තත්ව යටතේ අපිට ඔහු ගැන කතා කරන්න වෙන්න නියමිත නෑ. තනතුර මෙයාටම දීපු එකක් නෙවි. එ වෙලාවෙ එතන උන්නු නිස කරන්න වෙච්ච එකක්. ඉස්කොල්ලෙ නාට්ටියක විදියටම.

ඊට කලින් කතාවෙ පසුබිම ගත්තොත්, මේ 1989 නොවැම්බර් මාසෙ. ජර්මනිය දෙකට බෙදල අවු 40 කට වැඩියි. නැගෙනහිර ජර්මනිය හෙවත් සමාජවාදි කොටස සෝවියට් පාලනය යටතෙ පවත්වාගන්න සමාජවදි පක්ශයක් දැඩි ඒකාදිකාරයෙන් පාලනය කරන්නෙ. බටහිර කොටස ලිබරල් ධනවාද්‍ය යටතෙ ඇමරික කදවුරට සහය දක්වන රටක්. බර්ලිනය දෙගොල්ලටම අයිතියි. නැගෙනහිරින් බටහිරට මිනිස්සු පලා යන එක නවතන්න බර්ලිනයේ නගරෙ මැද්දෙන් තාප්පෙ ගහන්නෙ මීට අවු 30 කට විතර කලින් ඒ තාප්පය ඉතාම දරදඩු ලෙස මිලිටරි පාලනය යටතෙ තිබ්බෙ එතනින් යන්න බැහැ වෙඩි කන්න වෙනවා. මේකට තමා අයන් කර්ට්න් එක කිව්වෙ

නැගෙනහිර ජර්මනිය 1989 වෙද්දි ආර්තිකව සම්පුර්නයෙන්ම වගෙ වැටිලා උන්නෙ. එහෙම රටක් ලොක සිතියමේ තිබ්බෙ අයන් කර්ට්න් එක නිසා. මිනිස්සු සමාජවදි සිස්‍ටම් එක එපාවෙල කොහෙට හරි පැනල යන්න උත්සහ කරමින් හිටියෙ, රටේ ආහාර හිගයන් සහ පෝලිම් ඒවා පියවාගන්න විදියක් නැතුව ණය වෙලා වෙච්ච ණය බේරන්නත් බැරුව අන්තිමේ බටහිර ජර්මනිය ඉදිරියේ පින්සෙන්ඩු වෙලා උන්වත් ණයක් දෙන්නෙ නැහැ. මිනිස්සු තාප්පෙ පැත්තෙන් යා ගන්න බැරි නිසා වටෙන් ගිහ්න් චෙකොස්ලෝවැකියාව හරහා හන්ගේරියා ඔස්ට්‍රියා පැත්තෙන් පලා යනවා. මේ අතර වියපත් දිර්ඝ කාලින නායකය එරික් හොනෙකර් වයස නිසා ඉවත් වෙනවා. මිනිහගෙ දෙවෙනියට බලය් ආවෙ මෙ මොහොතෙමයි.

අපි කතාවෙන සිද්ධිය පටන් ගන්නෙ මේ වෙලාවෙ රට පුරා ජනයා උද්ඝෝශන කරන අතර සමාජවාදි චෙකොස්ලෝවැකියාව තමන්ගෙ රට හරහා මිනිස්සු යනවට විරුද්ද වෙනවා. මේ සියල්ල යටපත් කරන්න අලුත් නායකය හිතනවා. ඒ අනුව ඔහු සන්ක්‍රමන නීති වෙනස් කරනවා. ඔහු කිව්ව දේ මොකද්ද කියන එක ගැන නිරවුල් අදහසක් නැහැ. ඒත් අඩුම මට්ටමක වෙනස්කම් වලින් ඒ කිව්වෙ හැකිනම් කොස්මටික් වෙනස්කම් වලින් මිනිස්සු ශේප් කරගන්න එක තමා අරමුන. එසේම රට දාල යන ප්‍රති විප්ලවවාදින් පිටුවහල් කිරීමෙ අදහස ත් තිබිල තියෙනව. කෙසේ වෙතත් ඔහු විසින් නිර්මානය කරන හදිසි රෙගුලාසි වෙනසක් වෙනත් පාර්ශ්ව රාශියක් අතින් වෙනස් වෙලා හදිසියේම මාධ්‍ය වෙත නිකුත් කෙරෙනවා. ඒ කටයුත්ත කරන්නෙ ගන්ටර් ශැබොව්ස්කි.

ගන්ටර් ට මේ නිවේදනාය් ලැබෙන්නෙ ඉතා කෙටි කලකින් ප්‍රසිද්ධ කරන්න. ඔහු ඒ ගැන නිසි අවබෝධයක සිට නැහැ. ඒ වගේම ඔහුට පක්ශයේ විවිධ පිරිස් අතේ පුන්චි වෙනස්කම් රාශියක් පනිවුඩ ලෙස එනවා. ඒ ඔක්කොම එකතු කරල අවසන් එකක් හදගන්න ඔහුට කාලයක් තිබිලත් නැහැ.

දන්න තරමින් ගන්ටර් කියන්න නියමිතව තිබ්බෙ මෙහෙම එකක්. "පූර්නකාලින පදින්චියට හෝ තාවකාලික සන්චාරයට බටහිර ජර්මනියට යන නීති වෙනස් කරන අතර ඒ සදහා බර්ලින් තාප්පයේ මුරපොලවල් විවර කරදෙනවා [මේ අර වෙන රටවල් අස්සෙන් යන එක නවතන්න ඕනෙ නිසා]. ඔබට යාමට අවශ්‍ය නම් අහවල් ආයතනයෙන් ඉක්මෛන් අවසරයක් ලබා දෙනව. මේ නීතිය නුදුරු අනාගතයේ [හෝ හෙට සිට] බලාත්මක වනු ඇති" මේකත් ටක්කෙට හොයන්න පුලුවන් කමක් නැහැ වේරියන්ට් බරගානක් තියෙනවා. හැබැයි ට්‍රයි කරන්නෙ අවසර ඉක්මනින් දීල පාලිත තත්ව යටතෙ මිනිස්සු ශේප් වෙන වෙනසක් කරන්න.

ගන්ටර් කිව්වෙ මෙම එකක්. "පුර්නකාලින පදින්චියට හෝ තාවකාලික සන්චාරයට බටහිර ජර්මනියට යන නීති වෙනස් කරන අතර ඒ සදහා බර්ලින් තාප්පයේ මුරපොලවල් විවර කරදෙනවා" වැල්වටාරම් අයෙව්වම ඕකෙ තිබ්බෙ එච්චරයි. ඉතින් මාධ්‍යවේදින් පුදුමයෙන් වගේ ඒ කවද සිට ද කියල අහපුවම ගන්ටර් ට හොයාගන්න බැහැ කවදා සිට ද කියල. මිනිහ කියනව "මන් හිතන්නෙ ඉමිඩියට්ලි මේ දැන් මේ මොහොතෙ සිට" කියල. මේක කියන්නෙ රාත්‍රියක.

සෝමාලියාවට පාන් දැම්ම වගේ

මේ කතාව මුලු නැගෙනහිර ජර්මනියෙම යනවා. දන්නවනෙ ඉතින් සමාජවාදි රටවල සියලු මාධ්‍ය මධ්‍යගතව පාලනය වෙනවා පක්ශයේ මතේ තමයි හැම මුල්ලකම යන්නෙ. ඉතින් මේක හැමතැනම යනවා. මේකෙ තියෙන අඩුපාඩු හදන්න රජය උත්සහ කලාද රජය ඒව දැක්කද කියල දන්නෙ නැහැ. රෑ හතට කල මිස්ටේක් එක ඒ මොහොතෙ කරෙක්ට් කරන එක ලේසි නැහැ. ඒත් මේක අහන නැගෙනහිර ජර්මානුන් පවුල් පිටින් මහ රාත්‍රියෙම තාප්පෙ දිහාට එනවා. මුරපොලවල් ලග හිතාගන්න බැරි ජනතාවන් ඒක රාශි වෙනකොට සෙබලු අහනව හමුදා ලොක්කන්ගෙන් වෙඩි තියන්නද කියල, ඒත් වෙඩි තියන්න බැහැනෙ ලොක්කොත් අර නිවේදනය අහල තියෙනවනෙ. ලොක්කො දෙලොවක හිරවෙලා හිතල බලල ඔන්න ඔහේ ගන්ටර් කිව්ව එකේ කියල එහෙනම් ගේට්ටු ඇරල දාපල්ල කියනවා.

රෙස්ට් වොස් හිස්ට්‍රි වෙන්නෙ ඕම. නැගෙනහිර ජර්මනියෙ සමාජවාදි පාලනය් සතිකීපයක් වත් තියෙන්නෙ නැහැ, මිනිස්සු පිස්සො වගෙ එහා මෙහා යමින් උනුනුන් බදාගෙන එක ජර්මනියක් වෙන්න පටන් ගන්නව. මාස කීපෙකින් බටහිර නැගෙනහිරව තමන්ගෙ කොටසක් කර ගන්නව. ඔන්න ඔය තාප්ප අලකලන්චිය වෙලා ඊයෙට වසර තිහක්.

ප්‍රති තර්කයක් ලෙස ඕක කෝමත් වැටෙන්න තමා තිබ්බෙ කියන්න පුලුවන්. එසේම ඕක නොවුනත් මිනිස්සු රට හැර යන්න පටන්ගෙන තිබ්බෙ. නැගෙනහිරයුරෝපෙ සමාජවාදි රටවල් ඒ වෙච්චිත් වැටිල තිබ්බ. අනික ගොර්බශෝප් මේ කිසිවකට මැදුහත් වෙන්නෙ නැහැ. එයාගෙ ටිකට් එකත් තව අවු දෙකක් යන්න කලින් සෙට් වෙනව. ඒ වුනාට ඕක කෝමත් වැටෙන්න තිබබ් වුනාට මේම තමා වැටුනෙ.

අඩබෙර කාරයා කතා නායක වුනේ ඒම

මේ වෙලාවෙ තමයි බටහිර ජර්මනිය දකින්නෙ තමන් එක්ක එක පතේ කාපු නේටෝ සහෝදරයින් මොන වගේ අමනයින්ද කියල. බ්‍රිතාන්‍යයෙ මාගරට් තැචර් ගොර්බශෝප් ට කතා කරල ඉල්ලීමක් කරනවා මේ දෙරට එක්වීම නවතන්න කියල. ප්‍රන්ශයේ ප්‍රන්ශුවා මිතරෝන් කියනවා හිට්ලර්ගේ කාලෙටත් වඩා විසාල ජර්මානු රාජ්‍යයක් දැන් බිහිවෙමින් පවතින අතර මේකෙ නරක ප්‍රතිපල යුරෝපයටත් ලෝකයටත් බලපානු ඇත කියල. හැබැයි ගොර්බශෝප් මේ ගැන කිසිම බලපෑමක් කරන්නෙ නැහැ.

මේ මොහොතෙ ගොර්බශෝප් ගේ හැසිරීමෙත් ගැටලු තියෙනවා. මොකද කලින් කිව්ව වගේ දිගුකාලිනව සෝවියට් පාලනයකින් නෙ නැගෙනහිර පවත්වා ගත්තෙ. ඉතින් නැගෙනහිර ජර්මනියෙ ස්තානගත වෙච්ච සෝවියට් මිලිටරි යුනිට් ඉන්නව, ඩ්‍රෙස්ඩන් වගේ නගර වල වෙනම සෝවියට් සෙබලු ඉන්න ප්‍රදේශ පවා තියෙනව. අන්න ඒ ප්‍රදේශයක ඔත්තු එකතු කරන තරුන කේජිබි නිලදාරියෙක් ලෙස සහ ව්‍යාජ භාශා පරිවර්තකයෙක් ලෙස සේවය කල කෙනෙක් තමයි ව්ලැඩිමිර් පූටින් කියන්නෙ, පූටින් ගේ ජොබ් එක භාශා පරිවර්තක වෙන්නෙ ඒ හරහා බටහිර රාජ්‍යතාන්ත්‍රිකයන් එක්ක යාලු මිත්‍රකම් හදා ගන්න පුලුවන් නිසා. මේ අලකලන්චිය අස්සෙ මුදා හැරෙන ජර්මානු මිනිස්සු කල්ලියක් නැගෙනහිර ජර්මානු හමුදා ඒකක වලටත් පහර දිල පූටින්ල උන්නු පලාතට එනවා.

පූටින් කෙලිම්ම තමන්ගෙ උසස් නිලධාරින් අමතනවා මොකද්ද කරන්න ඔනෙ කියල. උන් පූටින්ට කියනව ක්‍රෙම්ලින් එකෙන් අහල කියන්නම් කියල. සුලු වේලාවකින් පූටින්ට ලැබෙන උත්තරේ - ක්‍රෙම්ලිනය නිහඩයි - කියන එක. පූටින් කියන පරිදි මේ මොහොත ඔහු ජිවිතේ අසරනම වෙන මොහොතක්. අවශ්‍යනම් එන උන්ට වෙඩි තිය්ල බලය පාවිච්චි කරල ඉවකුවේට් කරන්න පුලුවන්. ආරක්ශිතනම් යටත් වෙලා මොස්කව් බලා යන්න පුලුවන්. ගොර්බශෝප් ඇතුලු සෝවියට් ලොක්කො හමුදාවට මේ දෙකෙන් එකක් ඕඩර් කරන්න ඕනෙ ඒකට නෙගෝශියේට් කරගන්න ඕනෙ. ඒත් ඔහුට ලැබෙන්නෙ නිහඩතාවය පමනයි. පූටින් තමන්ගෙ ඉස්සරහට එන මිනිසුන්ට නිරවුල් ජර්මන් වලින් මිත්‍රශීලි ලෙස කියනවා අපිට උඹල කුඩු පට්ටම් වෙන්න තියල දාන්න පුලුවන්. ඒත් අපි එහෙම කරන්නෙ උඹල කරදරය්ක් කලොත් විතරයි. උඹල ජර්මනියෙ කරගන්න එව්වට අපි මැදිහත් වෙන්නෙ නැහැ, උබල අපට කරදර නොකලොත් කියල. මේක සාර්තක වෙනවා. ඒසමග සෝවියට් හමුදා ආපහු යනවා.

මේ සිද්දිය තරුන කේජිබි නිළධාරියා ගේ ජීවිතේට ලොකු බලපැමක් කලා කියනවා. එසේම ඔහු බලයට ආවම තමන්ටම කරගත්ත පොරොන්දුවක් වනුයේ රුසියානු හමුදා හෝ රුසියානු පාර්ශ්ව කරුවෙක් මොස්කව් වලින් උත්තරයක් බලාපොරොත්තු වන කිසිම මොහොතක ඔවුන් හිස් අතින් නොයවන බව. ඒක නම් අගේට වෙනවා තාම. ක්‍රෙම්ලිනය නිහඩ නැහැ කිසිම මොහොතක

සිද්ධිය ඇසු දුටු අයගේ සාක්ශි

Sunday, October 20, 2019

ක්‍රිස්තියානි මූලධර්මවාදියෙකුගේ ටායිපින් කැරැල්ල

මේ ප්‍රශ්නය ට්‍රිකි වැඩි වුනා නොසිතු ලෙසට. ඒත් මේක බොහෝ දෙනෙක් නොදන්නා එහෙත් අතිශයින් වැදගත් සිදුවීමක්. ප්‍රශ්න ගොඩක්.

ලෝක ඉතිහාසෙ වෙන එක්තරා සිද්ධියක් පොඩ්ඩක් එහෙ මෙහෙ වෙන්න ලෝකයේ ක්‍රිස්තියානි ජනගහනය මීට වඩා බෙහෙවින්ම වැඩි වෙන්න ඉඩ තිබ්බ. මේ සිද්ධිය එක පුද්ගලයෙක් වටේ කේන්ද්‍රගත වෙන්නෙ. එහෙත් එහි අවසාන පලය පෙර නොවු විරු ආකාරයේ ව්‍යසනයක්. එසේම එය වර්තමානයේ කිසියම් ජාත්‍යන්තර ක්‍රියාකාරකමකට විශාල ලෙස සමානතා දක්වනවා.

මේක බොහෝ දෙනෙකුගෙ අවධානය නොලබන ඉතා වැදගත් සිදුවීමක්.

1. මේ සිද්ධිය මොකද්ද?

2. මේක කේන්ද්‍රගත වෙන්නෙ කවුරු වටේද? ඒ කොහොම පසුබිමකින්ද?

3. ඔහු කරන්න ගියේ මොකද්ද?

4. මේකට සමානකම් දක්වන වර්තමාන ක්‍රියාවලිය මොකද්ද?

5. මේක ඉවර කර දාන්නෙ කවුද? ඉවර වෙන්න බලපාන හේතු මොනවාද?

6. මේක එහෙම ඉවර නොවුනානම් හෙවත් What if කෝණයකින් ලෝකයට වෙන්න තිබ්බ බලපෑම් මොනවද?

7. මේක එක්ක විවිධ ලෝක වාර්තා කීපයක් කියවෙනවා. ඒ මොනවාද?

8. මේ සිදුවිමෙන් නිර්මානය වන තත්ව තුල ලෝකයට ඉතාම අර්තවත් දේවල් කීපෙකුත් වෙලා තියෙනවා. ඒ මොනවාද?

9. වෙන කෙනෙක් මේ සිද්දිය ආදර්ශයට අරගන්නවා පස්සෙ කාලෙක. ඔහු කවුද?

---------------

අපේ  කතානායකයා හොන් ක්ශියුචුවාන් [Hong Xiuquan - මගෙ චීන  හැකියා  සීමිත  හෙවත්  සීරෝ  නිසා  මේක  හරියට කියෙව්වද  මන්දා]. 1814  හොන්කොන්   ආසන්නයෙ ගුවන්ශොවු  ප්‍රාන්තයේ උපදින්නෙ.  ඔහුගේ  මූලයන්  ගැන තියෙන  විවාදය  අනුව එක්කො  ඔහු ප්‍රාදෙශිය  මට්ටමේ  ධනවත්  පවුලක  කෙනෙක් හෝ  දුප්පත් පවුලක කෙනෙක්.  හැබැයි ස්තිරවම  ඔහුගේ  මූලයන් චීනයේ  හක්කා  ගෝත්‍රික  ප්‍රජාවේ. අපි  කලින් කතා  කලා  ප්‍රාදේශිය  ගෝත්‍ර  යාකරල  එක  හැන් ජනවර්ගයක්  හදාපු  කතාව.  හක්කා  කියන්නෙ හැන්  වල  උප  ප්‍රබේදයක්  හෙවත්  හැන්  කරනය වෙන සන්ක්‍රමනිකයන්ට  කියන නම [අර්තය  ආගන්තුකයන් කියන එක].  ඒ කාලෙ  නැගෙනහිර  චීනයේ  හක්කා  වරුන් සුලබයි  ඒ  අයට  සෙසු  හැන් වරුන් දක්වන්නෙ  අඩු  සැලකිල්ලක්.

හොන් ඉගෙනීමට  දක්ශයෙක්  කියල  කියන්නෙ.  ඒ කාලෙ  චීනෙ  තමා  ලෝකෙ එකම රට  තරග  විබාගයකින් රාජ්‍ය   සේවයට  බදවා  ගන්න. පස්සෙ  මුලු ලෝකෙම කොපි  කරන්නෙ  ඒ  විබාගෙ [හෙවත්  අපි  ඔක්කොම  විබාගෙ  කියන්නෙ  හයවෙනි  සියවසේ සිට  චීන  රාජ්‍ය සේවයට  මිනිස්සු  බදවා  ගත්ත  පටිපාටියෙ  බටහිරයන්ගෙ  කොපියකට].  ඒ කාලෙ  ඉගෙන  ගන්න දක්ශ  කෙනෙකුට  මුලු  පලාතෙම උන්  සපෝට් කරනවා  විබාගෙ  පාස්  වෙලා  රාජ  සේවයට   යන්න.  මේ විබාගයට එන්නෙ  කොන්ෆියුසියස්  දර්ශනය  අනුව රාජ්‍ය  පාලන නීති  සහ සමාජ  සන්ස්කෘතික  ප්‍රශ්න.

හොන්  මේ  විබාගෙ  ෆේල්  වෙනවා.   එක පාරක්  නෙවි  එක  දිගට තුන්  පාරක්.  මේ  සදහා  ඔහු  මුලු  ජීවිතේම කැප  කරල  මාරෙට  වෙහෙසිලා  ඉතා දුර  නගරෙකට ගිහින් තමා  විබාගෙ කරන්නෙ.  තුන්  පාරම  ෆේල්  වෙනවා. තුන්වෙනි  පාර  ෆේල්  වුනාම්  තෙහෙට්ටුව  එක්ක හොන්  රෝගි  වෙනවා.  මේ රෝගි  තත්වය  කෝමා  එක්ක වගේ කියල කියන්නෙ.  කිසියම්  සිහි නැති  අවස්තාවක්.  උන  විකාරයක්  වෙන්නත්  පුලුවන්.  ඒ  වෙලාවෙ  හොන්  දකිනවා  කිසියම්  වියරු  හීනයක්.  ඒකෙ  ඉන්න එක  මිනිහෙක් වියපත්  කෙනෙක්  එයා හොන  කඩුවක්  දීල  කියනවා ඔබ  මගේ  පුත්‍රයා ඔබ  යක්ශයාගෙ  බලවේගය  විනශ  කරන්න කියල.  තව  තරුන  කෙනෙක් හොන්ට   කියනවා ඒක  කරන ආකාරය. හීනය  ලොකු  බලපෑමක්  වෙනෙන් නැහැ ඒ වෙලාවෙ

හොන්  සුව  වෙනවා.  සුව  වෙලා   ආයෙ අවුරුදු  ගානක් පාඩම් කරල හතරවෙනි පාරටත්  විබාගෙ ලියනවා.  ඒකත්  ෆේල්

හොන්  ගෙදර  ඇවිත්   ගමේ පාසලේ  උගන්වනවා.  අර හීනය ඔහුට  වද  දෙනවා.  මේ  අතර  දවසක්  හොන් ගේ  සහෝදරයෙක්  ඔහුගෙ  පොත්  අස්සෙ  තිබිල  කිසියම් ප්‍රචාරක පැම්ප්ලට්  එකක්  හොයා  ගන්නවා.  ඒක  හොන්  ට   ඇමරිකානු  ජාතික  ආගම් පතුරන්නෙක්  විබාගෙ ලියන්න  ගිය වෙලාවෙ දීපු  කොලයක්.  එහි තියෙන්නෙ ක්‍රිස්තියානි පනිවුඩය. හොන් ඒක  කියවා වත්  නැහැ  ඒ වෙනකම්.

මේ   
පැම්ප්ලට් එක  කියවන් හොන්  ඒ  හරහා  අර හීනෙ  ඉන්න  කෙනා  සර්වබලදාරි  ගෝඩ්  බවත්  අනික  ජේසු තුමා  බවත්  හදුනා   ගන්නවා [හිතා  ගන්නවා]. ඒ  අනුව  තමා  දෙවියන්ගේ පුත්‍රයා  ජේසුගේ  සහෝදරයා කියල  හොන් කියන්න  ගන්නවා.  හොන්  පවුලේ  අය  සහ  මිතුරන්  ක්‍රිස්තියානිය  ඉගෙන  ගන්න  සහ  දෙශනා  කරන්න පටන්  ගන්නවා.  එයාලා ඒකට  කියන්නෙ  සාමයේ  මහා  පනිවුඩය  හෙවත්  ටායිපින් [Taiping].

මේ  අවස්තාවෙ  චීනය  ගැන  මදක් සලකන්න ඕනෙ.  මේ  වෙද්දි   හැන්  බහුතර  චීනය  පාලනය  කරන්නෙ  මැන්චු  වාර්ගික  ක්චින්  [Qing -  වසර  දෙදාහකට කලින් එක චීනයක් හදාපු 
Qin ලා  නොවේ] අදිරාජ්‍යය.  ඔවුන්ගේ  පාලන කලාපය  වත්මන් චීනය වගේ  එකහමාරක්. ලෝක  ජනගහනයෙන්  38% ක්  ඉන්නෙ  මේකෙ. ඒත්  ක්චින්  වරුන් පිරිහිලා  ඉන්නෙ.  ප්‍රධාන  ජාතිය  වන හැන්  වරු  ඔවුන්  එලවන්න රට පුරා  කැරලි  ගහනවා.  ඕපියම්  යුද්ද  වලින් යුරෝපා  ජාතින්ගෙන් පැරදිලා  ඉතාම  දරදඩු  වන්දි ගෙවන්න වෙනවා.  කාලයක්  එක තැන පල්වෙන සිස්ටම් එක  පිරිහිලා. මිනිස්සු ඉන්නෙ වෛරයෙන්.

හොන්  දෙවියන්  ගේ පනිවුඩයේ  එලවන්න කිව්ව යක්ශයාගෙ  නියෝජිතයන් ලෙස  හදුනා  ගන්නෙ  ක්චින්  අධිරාජ්‍යය.

මොවුන් මුල් කාලෙ  මිනිසුන්  අතින් උපහාසයට  පාත්‍ර  වෙනවා.  එතකොට  ටායිපින්  වරු  තවත් රට   තුලට තම ප්‍රචාරය   ගෙනියනවා.  මේ කාලෙ  චීනය  බහු  ආගමික  රටක්.  බහුතර  කොන්ෆියුසියස්  ක්‍රමයට  රට  දිව්වට   පාලකයින් බෞද්ධ.  ක්‍රිස්තියානි  මිශන්  ශැන්හයි  හා  ගුවන්ඩොන්  වල  පැතිරෙන්න පටන්ගෙන. මුස්ලිම්මුත් ඉන්නව  බටහිරට  වෙන්න.

ටායිපින්  වරුන් සාර්තක වන්නෙ  සමජියව කොන් වෙලා  ඉන්න  ග්‍රාමිය හක්කා  වරුන්  අතර.  ආගමට  වඩා  උන්  බලන්නෙ  ක්චින්  එක්ක  තියෙන  වෛරය.  ඒ නිසා  මේ  වෙද්දි  කීප  දාහක  මිලිශියා  එකක්  හදාගන්නත්  ටායිපින්  වරු  සමත්  වෙනවා. මේ  දේවල්  කරල  දෙන්නෙ  හොන්  ගෙ  මිතුරෙක්  වන ෆෙන්. ඔහු තමා මුල  කාලෙ  භුමියේ සන්විධානය  හදන්නෙ.  හොන්  බයිබලය කියවමින්  ආගමික  ඩොක්ට්‍රින්  එක  දේශනා  කරනවා. ඔහු  දෙවියන්ගේ  පුත්‍රයා සහ  උත්තරීතර  නායකයා.

ක්චින්  වරු  ටායිපින්  වරුන්ට  පහර  දෙන්නෙ  මේ මොහොතේ.  ඒත් නොසිතු  පරිදි  ආගමික කල්ට්   එකේ උන්  ක්චින් බල ඇනිය  පරදනවා.  කැපවීම  සටන් කලා  දක්ශතා  ඉහල  දාගැනීම  දේව භක්තිය  ආදිය  නිසා  ටායීපින්  වරු  දක්ශ  සටන් කරුවන්.

එතනින් පටන් ගන කැරැල්ලට  කියන්නෙ  ටායිපින් කැරැල්ල  කියල. 1845  විතර  මේක  පටන් ගන්නෙ.  ටායිපින්  වරු  ගමින් ගමට ප්‍රාන්තෙන් ප්‍රාන්තෙට යමින්  නගරයෙන්  නගරය  අල්ලා  ගන්නවා.  විවිධ  හේතු  මත  ක්චින්  ලා එක්ක  අමනාප  මිනිස්සු  ටායිපින්  එක්ක එකතු  වෙනවා.  මේ  වෙද්දි  මිලියන ගානක  සපෝට්  එකක් එනවා.  මිලිශියාව පමනක්  මිලියනයකට  වැඩියි.

ටායිපින්  වරුන්ගේ  ලොකුම  ජය  තමා දකුනු  චීනෙ  ප්‍රධානම  නගරය  වන  නැන්ජින්  අල්ලන එක.  ඒක  අගනුවර  කරලා  ඔවුන්  
සාමයේ  මහා  පනිවුඩයේ  දිව්යා  රාජ්‍යය  හෙවත්   හෙවන්ලි  කින්ඩම්  ඔෆ් ටායිපින්  කියන එක  හදනවා.  ඔවුන්  ඒක  අවුරුදු  දහතුනක්  පාලනය  කරනවා.
ටායිපින් කියන්නෙ ක්‍ර්ස්තියානි අන්තවාදයක්.  ක්‍රිස්තියානි  නොවන  සියල්ලන් මරා  දානවා.  එසේම  ආගමිකව  දැඩි  නීති එක්ක  ජීවත්  වෙන්න ඕනෙ. දස  පනත  අමතකනම්  මරනවා. ප්‍රේම  සම්බන්ද  විවාහයෙන්  පිට  සම්බන්ද වගේ එව්වට  මරන  දඩුවම. පොඩි  කාරනයක්  වුනොත්  පවුලෙන්ම  පලි  ගන්නවා.  හොන් ගේ දකුනු  අත  වගේ ඉන්න ෆෙන්  එක  සටනකදි  මිය  ගියාම  ඒ  ටවුම  සමුලඝාතනය  කරනවා.   ගැනු  පිරිමි වෙනම  වෙන්ව  ඉන්න  ඕනෙ.  විවාහක  වුනත්  එහෙමයි.  ඒ කියන්නෙ  විවාහ  දිවියේ  පුද්ගලිකත්වයත්  හොන්  ගෙ  ඉගැන්වීම්  එක්ක  ඔහුට  ඕනෙ  තාලෙට  වෙන්නෙ. එහෙම නොකලොත් මරනවා.

ආගමකට  වඩා  ඔවුන් කල්ට් එකක්.  ඔය ජෝන්ස් ටවුන්  හෝ ඕශෝ  ගේ  රාජ්නීශ් පුරම්  වගේ  තමා ඔවුන්  හැසිරෙන්නෙත්.  එත්  ම්ලේච්චත්වයෙන් එයාල  සමාන් වන්නෙ  අයිසිස්  එකට.  ඒක  තමා  ටායිපින්  ලට  දෙන්න  තියෙන  ආසන්නම  උදාහරනෙ  මොකද ඉරාක  සිරියන්  සුන්නි  වරු  මුලු  ගැන්නිලා  උන්න  වෙලාවෙ  ආගමික  අන්තවාදයකින් ම්ලේච්චත්වය  කරා  ගෙනියපු  නිසා.


ටායිපින්වරුන්ගේ  යහපත්  දේවල්  තිබ්බ. වැදගත්  ම  එක  තමා කාන්තාවන්ට   සම  තැන දීම.  ටායිපින්  රාජ්‍යයේ  කාන්තාවන්  සහ  පිරිමින්  සර්වසමයි.  මේ  කාලෙ  බිලිදියක්  උපන්නොත්   පනපිටින්  වලලන  එක  නෝම් එකක්  වුන  චීනෙ  මේක හිතාගන්නත්  බැරි  දෙයක්.  ටායිප්න්  රාජ්‍යයෙ  රැකියා  වලට  පමනක් නෙවි හමුදාවට  බැට්ල්  ෆ්‍රන්ට්  එකට පවා  කාන්තාවො  යනවා.  ඔවුන්  පිරිමින් හා සමව  උසස්  වෙනවා  හමුදාවෙ ඉහල තනතුරු වල  කාන්තාවො  ඉන්නව. හොන් ගේ  සහෝදරියක්  ඉන්නව  සටන් කලා  මාස්ටර්  කරල  එයා  හමුදාවෙ  ඉහලම  තනතුරක්  දරන්නෙ.   මෙන්න  මේ  සිද්දීය  මිශනාරින්  හරහා  යුරොපය  සහ  ඇමරිකාවට  බලපෑමක්  කරන්න  සමත්  වෙනවා.  හොන්  පුද්ගලිකව  ඇමරිකාවට  ප්‍රශන්සාවක්  යවනවා  ව්‍ය්වස්තාවෙන් කාන්තාවන්ට වෙනස්කම්  නොකිරීම  ගැන.

ටායිපින්  වරුන්  සාමුහිකවාදින්.  ගොවිපොල  සහ  ඉඩම් රටෙ එ සම්පත්  සියල්ල  පොදු භාවිතයක  තියෙන්නෙ.  මේක  එවකට  ප්රවේනිදාසයින්  සහ  ඉඩම් හිමියන් උන්නු  චීනයට  විශාල  ප්‍රගතිශීලි  දෙයක්.  මෙන්න මේක  තමා  පස්සෙ  කාලෙක  මාවෝ  සේතුන්  විසින්  ආදර්ශයට  ගන්නෙ  ඔහුගේ  සිස්ටම් එක  හදද්දි.  මාක්ස්  පවා  ටායිපින්  වරුන්  කෙරෙහි  ප්‍රසාදයෙන්  උන්නත්  ඔවුන්ගේ  ආගමික  අන්තවාදය  නිසා මාක්ස්  ඔවුන්  බැහැර  කරනවා,

මේ  සියලු  යහපත් ලක්ශන  මෙන්ම  ක්‍රිස්තියානි  වීමත්  නිසා  බටහිරෙන් ටායිපින්  දිව්‍ය් රාජ්‍යයට  සන්ක්‍රමනිකයන් එනවා.  එක්තරා  කාලෙක  ඔවුන්ට බටහිර  මිලිටරි  සහය  සහ  ට්‍රේනින්  පවා  ලැබෙනවා. මේ  වෙද්දි  ක්චින්  එක්ක   දෙවෙනි  ඔපියම් යුද්දෙ  පැටලිලා  ඉන්න නිසා බටහිර   බොහෝ  විට  ටාය්පින්  දිව්‍ය  රාජ්‍යයට  උදව්  කරන්න  ඉඩ තිබ්බ.

මේ  බොහෝ  පද්ධති  හදන්නෙ  හොන්  ගෙ  මහ  ඇමති  යැන්.  නූගත් කම්කරුවෙක්  වන යැන්  ඉතාම  ශුර   ලෙස  මේ  පද්ධති  නිර්මාණය කරනවා.  1856  වෙද්දි  ටායිපින්  දිව්‍ය  රාජ්‍යය  ඉතාම සාර්තකයි.

ක්චින්  චීන  අධිරාජ්‍යය  බැලුවොත්,  ක්චින්වරුන් අන්තිම  අසාධ්‍ය ගානෙ  ඉන්නෙ.  ටායිපින් පමනක් නෙවි  එකවර  රට පුර  කැරලි  පහක්  දහයක්  පමන. දෙවෙනි  ඔපියම් යුද්දයත්  පරදිමින්.  ටායිපින් වරු  යුද්ද  අතර  ක්චින්  නාවික  හමුදාවෙ කොටසකුත්  අල්ලගෙන ගග  දිගේ  පහර දෙනවා. නේපාලය  ටිබෙට්  චීනය  ආක්‍රමනය  කරනවා,  මේ  සියවසට   කියන්නෙ  සෙන්චරි  ඔෆ්  හියුමිලියේශන්  කියල. ටායිපින්  වරු  ශැන්හයි  වරාය  වටලනවා.  බීජින්  වලට  කිමි  78  ආසන්නයට  එනවා.

හරි  මේක  තමා  ඒ  මැජිකල් what if මොහොත. 1856-1860 අතරෙ  වෙන  සිද්දි  කීපයක්  එහෙම  නොවුනා  නම් මොකක්  වෙයිද?

බටහිර  සහය  ලබන  ටායිපින්  රාජ්‍යයට  අල්ලන්න තිබ්බෙ  බීජින්  පමනයි.  බීජින්  වැටුනම  සෙසු  චිනය  වැටෙනවා.  ක්චින්  වරුන්ට මෙලෝ චාන්ස්  එකක් තිබ්බෙ  නැහැ.  ඒ  සමග  හැදෙන්නෙ ශු  රෝමයටත් වඩා අන්තවාදි  ක්‍රිස්තියානි රාජ්‍යයක්. අයිසිස්  වගේ. ලෝක  ජනගහනයෙන්  38% ක්  [මැරෙන කොටස  අඩුකරන්න  වෙයි]  එතන. එතනින් නික ඉන්නෙ නැහනෙ.ඒ  ක්‍රිස්ත්‍යානි  රාජ්‍යය  [බටහිර  සහය  එක්ක]  චීනෙ  වටේටම  යනවා. ජපානය  කොරියාව  ඉන්දු චීනය  ඉන්දියාව මධයම් ආසියාව.  එක  සියවසක්  ඕක තිබ්බනම්  තියෙන්නෙ  මේ ලෝකෙ  නෙවි ඕල්මොස්ට්  ක්‍රිස්තියානි  ලෝකයක්.

ඒත්  එහෙම  වෙන්නෙ  නැහැ.  1853  සිට  හොන්  ඉතාම කාමභෝගි සහ  ආගමික  ජීවිතයක් ගෙවන්නෙ  රට  දුවන්නෙ යැන්.  යැන්  1856  දි  කියනවා  දෙවියන් එයාටත්  කතා කලා කියල.  ඒ   පුන්චි  සිද්ධිය  යැන් හොන්  දෙන්න  අතර  ගැටුමක්  හදනවා.  යැන් ප්‍රසිද්ධියේ  කියනවා  හොන් බොරු කාරයෙක් තමා  තම හරි  දේව  නියෝජිතයා  කියල.  හොන්  අනිත්  සෙන්පතියන් ගෙන්නල  යැන්  ව  මරනවා. ඊට  පස්සෙ කුපිත  වෙන  යැන්  අනුගාමිකයන්  සනසන්න  ඒ  සෙන්පතියනුත්   මරනවා.  මේ  කුලල්  කා ගැනිමෙන්  ඔවුන් බෙදෙනවා, හමුදා  දුබල වෙනවා  වගේම  අභ්‍යන්තර  පර්ජ්  ලෙස  විශාල  සමුල  ඝාතන  කරන්න සිද්ද වෙනවා. ඊ ගාව මිස්ටේක්  එක  1860  හොන්  සහ  සෙන්පතියන් බීජින්  වෙනුවට ශැන්හයි  වටලන  එක.  ශැන්හයි  කියන්නෙ  ක්චින්  අනුමැතියෙන් බටහිරයන්  දුවන  වෙලද  වරායක්.  ක්චින් වරු  ෆේල්  වෙනකොට  යුරොපිය හමුදා  අවසානෙ  ටායිපින්  වරුන්ට  පහර  දීල  පරදනවා.  මේ  වෙද්දි  විවිධ  ම්ලේච්ච  ක්‍රියා  නිසා  ක්‍රමයෙන්  බටහිර  ලෝකෙන්  කොන් වෙන ටායිපින් වරුන්ට  එරෙහිව  ක්චින් වරු  එක්ක බටහිරයන්  එකතු  වෙන්නෙ  මේ  සටනේදි.

ඊට  අමතරව  ක්චින් වරු  නැතිවෙන්නම කාල  ඉන්න  නිසා ම්ලේච්ච  ටායිපින්  ආක්‍රමන  වලට  එරෙහිව  විවිධ  ප්‍රාන්ත  වල  මිලිශියා  හැදෙනවා. ඉස්සර  නම්  ක්චින් වරු  මේකට  ඉඩ  දෙන්නෙ නැහැ  ඒත්  මේ වෙලාවෙ  ඊට  ඉඩ  දෙනවා අසාධ්‍ය තත්වය  නිසා.  මේ මිලිශියා  නිසා ක්චින්  අධිරාජ්‍ය  දුර්වල  වෙලා  පස්සෙ  විනාස වෙලා  යනවා.  ඒත්  1860  දශකේ  මිලිශියා ඔක්කොම  ඉලක්ක කරන්නෙ ටායිපින්  වරුන්.

මෙන්න  මේ බලවේග සියල්ල විසින්  නගරයෙන් නගරය  ටායිපින් වරුන්ගෙන් මුදාගෙන  අන්තිමේ  1864   නැන්ජින්  වටලනවා.

හොන්  ට  වරදින්නෙ  දෙවියන්  තමා  බේරාගනියි   කියා  හිතන නිසා.  හොන්ට පසුබසින්න  දෙන  උපදෙස්  ඔහු පිලිගන්නෙ නැහැ, පසු  බසින්නන් මරා දානවා. වටලන  හමුදා  ආහාර   බ්ලොක්  කලාම හොන්  වටේ  තියෙන  වල් පැලෑටි  වලින්  ආශ්චර්‍යයක්  කරල  ආහාර  හදන්න  යනවා  බයිබල්  ස්ටයිල්  එකට.  අන්න  ඒ  ආහාරයක් විස  වෙලා  හොන්  මැරෙනවා. සමහරු  හිතනවා  ජෝන්ස්ටවුන්  වර්ගයේ  සුයිසයිඩ්  එකක්  කීයල.

ක්චින්  හමුදා  නැන්ජින් සමුල ඝාතනය  කරනවා.  ටායිපින් කන්වර්ට්  වෙච්ච  අය  [අයිසිස්  වගේ]  ආපහු  හරවන්න බැරිනිසා  ක්චින්  ලට  වෙන  විකල්පයක් නැහැ.  ලක්ශ ගානක් පැය  හැත්තදෙකකකදි  මරනවා. අන්තිම ටායිපින් වරයාත්  තව අවුරුදු  කීපයක්  යද්දි  යටත් වෙනවා.

දශක දෙකක්  පමන ඇදුනු  මේ  කතාවෙ  අවසානෙ  මිලියන විස්සත්  තිහත්  අතර  ඝාතන  ප්‍රමානයක් වෙලා  තියෙනවා.  චීනයේ  මි  400  ජනගහනයෙන්. මේ  ප්‍රමානය [ලන්කාවෙ ඔක්කොම විතර]  ඒ වෙද්දි  තනි  කැරැල්ලක  ලොකුඅම්  ජන සන්හාරය.  මේක  කොමියුනිස්ට්  චීනෙ  මුලු  ජන සන්හාරය  එක්ක  සන්සන්දනාතමක  වෙනවා කියනවා.  පලමු ලෝක යුද්දය  නැපෝලියන්  යුද්ද  වගේ එව්වට  වඩා  වැඩියි. සන්සන්දනාත්මකව  සමකාලින  ඇමරිකන් සිවිල් යුද්දෙ  ඝාතන  මිලියනයක් වත්  වෙලා  නැහැ.

ටාය්පින්  කැරැල්ල  ඉතාම  අඩුවෙන්  කතාවෙන ඉතාම  විශාල  සහ යුනික්  කැරැල්ලක්.  

Wednesday, July 11, 2018

තායිලන්තයේ තාම් ලුවාන් උමගේ කතාව

මේ සටහන තියන්නේ සුවිශේෂී කතාවක් ගැන මතක සටහනක් වශයෙන්. සමහර ජීවමාන අවස්ථා තියෙනවා "මම ඒක දැක්ක" කියල දරුවෙකුට දවසක කියන්න පුළුවන් අවස්ථා. යුරි ගගාරින් අභ්‍යවකාශයේ පළමු ගමන ගිය දිනය, ආම්ස්ට්‍රෝන් සහ ඔල්ඩ්රින් සඳ මත පා තැබීම වගේ දෙයක් වෙන්න පුළුවන්. දෑසින් දැක්කෙම නැතත් සමහර විට මනසින් වත් පරිකල්පනය කරන ලෙස ප්‍රධාන ධාරාව එක්ක සම්බන්ධ වී සිටීම. 2009 යුධ ජයග්‍රහණය, 2004 සුනාමිය

මේකත් එහෙම අවස්තාවක්. ඇත්තෙන්ම මේ සටහන එන්නේ අදාළ සිදුවීම  ගැන  ෆේස්බුක්  පෝස්ට්  එකක  එක්රැස්  කල කාරණා  ඇසුරෙන්.   කමෙන්ට් 1200  සහ  ශෙයා  කිරීම්  110  ඉක්මවා ගිය  ඒ  පෝස්ට්  එකට  සම්පත්  දායකත්වය සහ  සහබාගිත්වය සැපයු  සැමට  ස්තුති  කරන්න  මේක  අවස්තාවක්  කරගන්නවා.

අපි ඔක්කොම මේ ගමන එක්ක යන්න තීරණය කළේ තායිලන්තයේ පාපන්දු පිලක ඇසිස්ටන්ට් කෝච් කෙනෙක් වන එක්පොල් හෙවත් "එක්". ඔහු කුඩාකල මවුපියන් අහිමි වීමෙන් පස්සේ මහණ දිවියට ඇතුළු කරලා පස්සේ තම මිත්තනිය රැක බලාගන්න සිවුරු ඇරපු අවු 25 ක තරුණයෙක්. එක් තරමක් එක්ස්ට්‍රීම් කෝචින් ටෙක්නික් යොදාගත්ත, එහෙත් එනිසාම කණ්ඩායමේ ආදරයට පාත්‍ර වෙච්ච කෙනෙක්. ඔහු තම කණ්ඩායමට ටීම් බිල්ඩින් සඳහා අසීරු ඉලක්ක සැපයු අතර ඒවා බොහෝ විට ඇඩ්වෙන්චර් ක්‍රියා.

ඔවුන් ජීවත් වුණේ තායිලන්තයේ චියන් රයි පළාතේ බුරුමය සමග බෝඩර් එකේ පිහිටි මා සයි නගරය අවට. චියන් රයි කියන්නේ තායිලන්තයේ උතුරින්ම පිහිටි පළාත. ඒ අවට බුරුමයට සහ ලාඕසයට මායිම් වන මීකොන් නදියේ ලොව ප්‍රකට හන්දියක් තියෙනවා ස්වර්ණ ත්‍රිකෝණය කියල [පසුකාලීනව එහි මත්ද්‍රව්‍ය නිෂ්පාදන නිසා අද මේ නම යෙදෙන්නේ මත්ද්‍රව්‍ය කලාපය හඳුන්වන්න]. බුරුම අනාතයින් එදිනෙදා රස්සාවට එන බුරුම ජාතිකයන් සහ බෝඩරය හරහා ආවාහ විවාහ නිසා තායිලන්තයේ උතුරුදිග ම නගරය වන මා සයි බුරුම තායි ජන මිශ්‍රණයක් සහිත නගරයක්. ග්‍රාමීය ප්‍රදේශයක් නිසා එකිනෙකා කෙරෙහි ලං ව බැඳුන සමාජයක්.

Image result for chiang rai location

ගිනිකොණ ආසියානු උස්බිම් කියන හිමාලයට නැගෙනහිර කඳු පද්ධතියේ උසින් අඩු කෙළවරවල් මේ ප්‍රාන්තය තුල තියෙනවා. තායිලන්තයේ දිගම ගුහා පද්ධතිය වන කිමි 10 කට වඩා දිග තාම් ලුවාන් ගුහාව පවතින්නේ මා සයි නගරය අවට. මේ ගුහාවේ මුල හරිය බොහෝ දෙනා ඇවිද ගෙන යන කොටසක් එහෙත් සමහර තැන් අඩි තිහ හතලිහ උස කඳු නැගීමේ හැකියා අවශ්‍ය ගල් කුළු ඒ වගේම පටු ස්ථාන සහිතයි. වැසි සමයේ ගුහාවට යන්න එපා කියන්නේ ගුහාවේ මුවවිට වටේ භූමියට වඩා පහතින් පිහිටි නිසා ඒ කොටසට වතුර පිරෙන බැවින්.

එක් විසින් තම කණ්ඩායමට ලබාදෙන එක අසීරු අභ්‍යාසයක් වෙන්නේ මේ ගුහාව ඇතුලට යන එක. ගමන මිස් වෙච්ච සමහර සිසුන් කියන පරිදි එක්තරා තැනක තම නම ලියා එන්න කියන අභියෝගය තමා දෙන්නේ, ඒ සමගම කණ්ඩායමේ කෙනෙකුගේ උපන්දිනයකුත් යෙදෙන නිසා ඇතුලෙම උපන්දින පාටිය දාන්න කෑමත් අරගෙන කට්ටිය යන්නේ. වයස 11-16 අතර දරුවන් 12 ක් සහ පුහුණුකරු එක් මේ ගමනට සහබාගි වෙනවා.

ඔවුන් කරන මිස්ටේක් එක වන්නේ වැසි සමයක මේ ගමන යොදාගැනීම. එපා කියා අනතුරු අඟවා තිබ්බත් ඕනේ තරම් ගමේ අය වැසි කාලවල යන බවත් කියවෙනවා. ඒ අනුව අනතුරු ඇඟවීම එතරම් සීරියස් සලකන බවක් පෙනෙන්න නෑ. කෙසේ වෙතත් කණ්ඩායම ගුහාව ඇතුලේ ඉන්න වෙලාවේ විශාල මෝසම් වර්ෂාවක් වැටිලා වටෙන්ම ගලන වතුර ගුහාවට පිරෙන්න ගන්නවා. පුනීලයක් වගේ එකතුවෙන මේ වතුර ඇතුලේ සිහින් තැන්වල සුනාමියක් වගේ පිරෙන බව කියවෙනවා. ඇතුලේ වෙච්ච දේ තවම අපි දන්නේ නෑ. කෙසේ වෙතත් කණ්ඩායම මුලින්ම මුහුණ දුන්නු ගැටලුව ලෙස සැලකෙන්නේ ආපු පාර ජලයෙන් යටවීම. ගුහාව සම්පුර්ණයෙන්ම පිරීම නිසා කිමිදෙන්න වන තැනුත් මුල හරියේ තියෙනවා, කණ්ඩායමේ ඔක්කොටම වගේ පිහිනන්නවත් බෑ. ඒ නිසා ආපහු එලියට එන්න කොහෙත්ම බෑ කට වතුරෙන් සීල් වෙලා. කණ්ඩායම මේ නිසා වඩාත් ආරක්‍ෂිත තැන් සොයමින් ඇතුලට ගියා කියා හිතනවා.

කෙසේ නමුත් දෙවැනි ගැටලුව වන්නේ කන්දේ ඇතුලේ දිය සීරාව ලීක් වෙලා ගුහාවේ ඇතුලේ අසීරු තැන් පිරී යාම. ජල උස අඩි තිහක් වගේ වෙන තැනුත් තියෙන නිසා මේ වෙද්දී ගුහා සංකීර්ණය ලෝකේ ඉන්න විශේෂඥ මට්ටමේ ගුහා කිමිදීම් කරන කෙනෙකුට පවා අසීරු වන ගානට ඇවිත්. කණ්ඩායම කෙසේ පණ බේරාගෙන ගියාද කියා අපි තවම නොදන්නා නමුත් ඔවුන් ගියා කියා හිතන සමහර තැන් අඩි දෙකක පමණ විශ්කම්භයක අඩි පනහක් පමණ දිග තැන්. දැන් චෝක් පොයින්ට් කියන එක තැනක් අඩියකට වඩා මදක් පළල තැනක්. මේවා වතුරෙන් පිරෙන්න පෙර ඔවුන් යන්න ඇති ඒ සමගම ඔවුන් පසුපසින් වතුර ඇවිත් පිරෙන්න ඇති.

ළමයි සහ පුහුණුකරු අතුරුදහන් වීම එක්ක හැමෝම කලබල වෙලා මේ අය හොයන මෙහෙයුමක් පටන් ගන්නවා. මුලින්ම තායි නාවික හමුදාවේ මුහුදු, ගුවන්, ගොඩබිම් ඒකකය හෙවත් සීල් යුනිට් එක මේකට සහබාගි වෙන්නේ. ගුහාවේ ජලය පිරුණු තත්වය නිසා ජාත්‍යන්තර මට්ටමින් ගුහා කිමිදීමේ විශේෂඥයින් මේ වැඩේට එකතු වෙනවා. විදේශිකයන් වුනත් ඔවුන්ගෙන් සමහරු තායිලන්තේම කිමිදීම් ආශ්‍රිත සංචාරක ව්‍යාපාර කරන එක නිසා වෙන්න ඕනේ මෙතරම් ඉක්මනින් ඔවුන්ගේ සමාජයේ ජාත්‍යන්තර අවධානය ලැබෙන්නේ. එසේම  මේ ගුහාව සිතියම්ගත   කල  බ්‍රිතාන්‍ය  ජාතිකයා  සොයා   තායි රජය  යාම  නිසා  බ්‍රිතාන්‍ය  ගුහා කිමිදුම්  සමාජයේ  අවධානය   කල්තියා ලබා  දෙන්න  ඔහු  සමත්  වෙනවා.

මේ විශේෂඥයින් අතර රිචර්ඩ් ස්ටෑන්ටන් සහ ජෝන් වොලන්තන් කියන බ්‍රිතාන්‍ය ජාතිකයන් දෙදෙනා තමා දුරටම යන්නේ. කිසියම් හේතුවකට ළමයි ගුහාවේ එක කුටීරයක ඉන්න ඕනේ කියා ඔවුන් හිතනවා, මම හිතන්නේ ගමනට සහබාගි නොවූ අය දැනගෙන ඉන්න ඇති ගමනේ සැලසුම. මේ ස්ථානය ගුහාවේ කිමි තුනක් පමණ එහා තියෙන වැලිපරයක් [නම ලියල එන්න කිව්වේ මෙතන වෙන්න පුළුවන්]. තායිලන්තයේ සුප්‍රකට පට්තායා වෙරළ නමින් මෙතනට පට්තායා බීච් කියා කියනවා [ඇත්ත පට්තායා වෙරළ තියෙන්නේ බැංකොක් වලට දකුණින්, මේ ස්ථානය එක්ක කිසිම සම්බන්දයක් නෑ. එහෙත් පට්තායා නම ප්‍රකට නිසා ගුහාවේ වැලිපරයට ඒ නම දැම්ම වෙන්න පුළුවන්. පට්තායා II කියල ගංගාවක වෙරලකුත් මේ ප්‍රාන්තයේ තියෙනවා]. කෙසේ වෙතත් ඒම වැලිපරය තරමක් උස නිසා ළමයි ඕකේ උඩ ඇති කියලයි එතනට යන්නේ. එහෙත් කිමිදුම් කරුවන් නොසිතු සේ එතන වැලිපරය සම්පුර්ණයෙන් යටකරගෙන විශාල දියපහරක් ගලාගෙන යනවා.

ඊ ගාවට වෙච්ච දේ තමා මේ සිදුවීමේ පුදුම සහගතම තැන. මඩ වතුරේ අතපත ගාලා මිසක් හොයන්න බැරි තත්ත්ව යටතේ මේ දෙන්න හොයා ගන්නවා අර පෙර කියූ අඩි දෙකක් විෂ්කම්භය සහිත ගුහා කට. ඔවුන් විෂය විශේෂඥයින් නිසා දිය ගලන ආකාරය සලකා සොයාගත්තා වෙන්න පුළුවන්. මේ පටු කුහරය අඩි පනහක් පමණ දිගයි, මේ වෙද්දී ජලයෙන් පිරිලා. ඒත් මේ දෙන්න ඒ හරහා යනවා. කොහොම ඒ වගේ අවදානම් සහ පුදුමාකාර තීන්දුවකට ආව ද දන්නේ නෑ. පෙර කියූ සියලු අසීරු තැන් තියෙන්නේ මේ පට්තායා වෙරළින් එහා කොටසේ. සියල්ල තනිකර අඳුරේ හිස්වස්මේ එලිය පවා වැඩක් නෑ මඩ ජලය නිසා.

තවත් කිලෝමීටරයක් පමණ සහ අඩි තිහකට වඩා දියයට ගැඹුරේ කිමිදුමකින් පස්සේ මේ දෙන්න හොයා ගන්නවා ළමයි සහ පුහුණුකරු උසින් පිහිටි පස් කණ්ඩියක් මත ඉන්න බව. පෙර කී පටු කුහරයට පිරෙන වතුර ඔවුන් ආසන්නයට ඇවිත්. ඉතා කුඩා ඉඩක ඔවුන් දින නවයක් ඉන්නවා. පාටියට ගෙනා ආහාර සලාක ක්‍රමයට බෙදාගෙන තියෙනවා. එසේම පුහුණුකරු ඔවුන්ට භාවනා මගින් ශක්තිය ක්ෂය වීම අවම කරන හැටි හුරු කළා කියනවා. ඔවුන් හිතාගන්න බැරි තරම් යහපත් මානසික තත්වයක ඉන්නවා. භාවනා සහ කණ්ඩායම් හැගීම නිසා වෙන්න පුළුවන්.

දැන් කතාව දිහා ආපහු හැරිලා බැලුවොත්; ළමයි ඉන්නේ මුව විටෙ සිට කිමි 4ක් දුර, අඩි කීපයක් උස ගැට්ටක.. වතුර අඩි කීපයක් පහල වෙනකම් ඇවිත්. මේ දුර යන්න දැන් වෙද්දී වතුරේ අඩි 30 වගේ ගැඹුරට මුළු දුරම වගේ කිමිදෙන්න ඕනේ. ඒ වගේම මිනිස් සිරුරක වටරවුමේ තරම් හීනි ටනල් කෑලි වලින් යන්න ඕනේ. එසේම ගුහාවේ ඊට පෙර පෙදෙස් සියල්ලම ජලයෙන් යට වෙලා, කලින් කඳු නැගීම් කල තැන්වල දැන් කිමිදීම් අවශ්‍යයි. පැය හයක් යනවා එක්ස්පීරියන්ස්ඩ් කේව් එක්ස්ප්ලෝරර් කෙනෙකුට එළියේ සිට කණ්ඩායම ඉන්න තැනට යන්න.

No automatic alt text available.

වතුර තියෙනකම් හොඳ ඩයිවින් ස්කිල් නැතුව එන්න බෑ. වතුර මෝටර් දාල ඉස්සත් මාස 4ක් වත් වැස්ස තියෙනවා. ඒ නිසා කලින් කතා වුනේ මාස 4 ඔතන තියන්න. ඒත් මෝසම් ක්‍රියාකාරිත්වයක් නිසා ඉදිරි දින කීපයේ මහා වැසි ඇද හැලෙන බවට අලුත් නිවේදනයක් ආපු නිසා බේරගන්න නම් දැන් ගේන්න ම වෙනවා. නොවේනම් ඔය ඉන්න තැන පිරිලා ගිලිලා මැරෙයි. එසේම 16% ට පමණ ඔක්සිජන් මට්ටම අඩුවීම සහ කාබන් ඩයොක්සයිඩ් මට්ටම වැඩිවීම කියන ගැටළු දෙකත් ඉක්මනින්ම තීරණාත්මක තත්වයක් ඇති කරන්න පුළුවන්. ඒ නිසා දිගු කලක් ඔතන තියන්න බෑ . ඔක්සිජන් 12% ට අඩු වුනොත් හෝ කාබන් ඩයොක්සයිඩ් වැඩි වුනොත් එහෙමත් නැත්නම් තව වැස්සකින් ජල මට්ටම නැග්ගොත් ඔවුන් මිය යනවා.

No automatic alt text available.

තායි සීල් භටයින් සහ ස්වෙච්චා කිමිදුම් කරුවන් දරුවන්ට අවශ්‍ය ආහාර සහ සෞධ්‍ය පහසුකම් සපයනවා. සෞඛ්‍ය සේවා සැපයිය හැකි සීල් භටයින් සහිත ටීම් එකක් දිගටම ඔවුන් එක්ක ඉන්නවා. ඒ අය කණ්ඩායමට පිහිනුම් සහ කිමිදුම් පාඩම් ලබාදෙනවා. වෙනම ටීම් එකක් සහන සේවා වෙනුවෙන් එදිනෙදා පැය එකොළහක රවුන්ඩ් ට්‍රිප් එක යනවා. හිතාගන්න අමාරුයි මේ වගේ සියුම් කුහර අස්සෙන් එදිනෙදා මේ කට්ටිය කොහොම ආවා ගියාද කියල. පෙර කී පටු කුහරයෙන් ස්කුබා ඇඳුමේ වායු සිලින්ඩරය එක්ක යන්න බෑ සිලින්ඩරය ඉදිරියට ගෙන තල්ලු කරමින් යන්න ඕනේ. ඒත් අඩුවෙන ඔක්සිජන් වෙනුවෙන් අමතර සිලින්ඩර පවා සපයා දෙන්න ඔවුන් සමත් වෙනවා.

මෙන්න මේ කටයුතු අතර කණ්ඩායමට ඔක්සිජන් සපයන්න ගිය සේවයෙන් ඉවත්වූ සාමාන් ගුනාන් නම් සීල් භටයෙක් ආපහු එද්දී තමන්ගේ ඔක්සිජන් ඉවර වීමෙන් මිය යනවා. මේක මම හිතන්නේ මුදාගැනීමේ අවදානම ගැන හොඳ කියවීමක් වුනා.

මම මේ වැඩසටහනේ දකින ලස්සනම දේ නම් ඔවුන් මෙය කළමනාකරණය කල හැටි. පලවෙනි ලොජිකල් වැඩේ තමා කට අවට තියෙන වතුර බැස්සවීම. මේ සඳහා අධි බල මෝටර් යොදා ඒ වතුර බස්සන්න පටන් ගන්නවා. වතුර පහල පිරිලා කුඹුරු වල ගංවතුරක් වෙනකම්. එසේම සැපයුම් දිගටම පවත්වා ගන්නවා. පහු වෙද්දී වායු නලයක් දාන්න හැදුවත් එය අසාර්ථක වෙනවා එහෙත් මුළු දුරට ලණුවක් යොදා අතරමග ඔක්සිජන් සංචිත තියාගන්න සීල් භටයින් කටයුතු කරනවා. වෙනම පිරිසක් කන්ද උඩින් හාරන්න පුලුවන්ද කියා බලනවා. ගුහාවල සාමාන්‍යයෙන් පවතින චිමිනි සිදුරු තියේද කියන එක තමා ඔවුන් බලන්නේ. එසේම ඉහල වනාන්තරයේ සිවිල් ඉංජිනේරුවන් සහ වනජීවී නිලධාරින් කන්දේ ජලය රැඳෙන තැන් පාරමින් සියලු ජලය මතුපිටින් ගලන්න සලස්වනවා මොකද එසේ නොවේනම් කුහර වලින් ඇතුලට ගලන නිසා. මේ සියල්ල නිසා වැස්ස අතරේ පවා ගුහාවේ එලිය හරියේ ජල මට්ටම අඩු කරගන්න ඔවුන් සමත් වෙනවා.

උඩින් හාරන එක බොහෝ දෙනෙක් දැක්ක පැහැදිලි චිසඳුමක්. වසර කීපයකට පෙර චිලි වල පතලක හිරවූ මිනිසුන් පිරිසක් මුදාගත්තේ හාරලා කැප්සියුල් එකක් යැවීමෙන්. එහෙත් මේ සිද්ධිය ඒ හා සමාන නෑ. පළමුවෙන්ම පතල වගේ ගුහාවේ නිරවද්‍ය සිතියම් නෑ. හාරන තැන තීන්දු කරගන්න. පතලේ වගේ පුහුණු මිනිස්සු නෙවි ඉන්නේ ගුහාවේ ළමයි ටිකක්. පතල හාරන්න වුනේ මීටර හාරසීයකට අඩුවෙන් මෙතන කන්දේ මතුපිට සිට කිලෝමීටරයක් පමණ පහල තමා ගුහාව තියේ කියා හිතන්නේ එසේම පතල හාරන්න දින 69ක් ගියා, මෙතන එතරම් කල් තිබ්බේ නෑ.

එසේම ගුහාවට ඩයිනමයිට් දාන එකත් ඉග්නෝ කලේ ඉන් වඩාත් බරපතල අනතුරක් වෙන්න පුළුවන් නිසා. හැබැයි ගල් කටුව සහ මිටියෙන් ගුහාවේ බොහෝ තැන් පුළුල් කරගන්න තායි සීල් භටයින් කටයුතු කරනවා.

මේ සියල්ල අතර සිසුන්ට තම කෑම පංගුව පවා පුද කරමින් හිටි පුහුණුකරු ඔවුන් රැකබලාගෙන කල වැඩ කොටසත් සුවිශේෂී එකක්.

මේ සියල්ල නිසා ජුලි 9 ඉරිදා වෙද්දී අර පට්තායා බීච් කියන තැනින් මෙහා සියලු ස්ථාන වල ජලය අඩුකර පඩි සකසා ගමනාගමනය පහසු කරගන්න ඔවුන් සමත් වෙනවා. ඒ අනුව පට්තායා බීච් වලින් එහා පටු ගැඹුරු කුහර තුල කිමි එකක පමණ කිමිදීම් සහ  ඉතිරියේ  ගල්  මත නැගීම  ඇරෙන්න වෙනත් කිසි අනතුරක් ඉතිරි වී නෑ.  වැස්ස තවත් වැඩිවන නිසා වැඩිපුර කාලය නැති බැවින් ඔවුන් මුදාගැනීම පටන් ගන්නවා.

ජාත්‍යන්තර කිමිදුම්කරුවන් මේ සඳහා ඕස්ට්‍රේලියානු ජාතික වෛද්‍ය රිචර්ඩ් හැරිස් ව ඉල්ලා සිටිනවා. වෘත්තියෙන් නිර්වින්දනවේදියෙක් වන හදිසි ගිලන් රථ අංශයේ කටයුතු කරන ඔහු වසර තිහකට වඩා අසීරු ගැඹුරු ගුහා කිමිදුම් සහ මුදාගැනීම් වලට වෙනම ප්‍රසිද්ධියක් උසුලනවා. ගුහාව තුල සිටින ළමයින්ට අවශ්‍යම වෛද්‍ය හැකියාව තියෙනා නිසා ඔහුව නිවාඩුවකින් ගෙන්වා ගන්නේ [මේ නිවාඩුවත් ඒ වගෙම අසීරු ගුහාවක කිමිදුම් ගමනක් වෙනුවෙන් අරගෙන තියෙන්නේ].

වෛද්‍යවරයා ගුහාව තුල රඳවා ඔහුගේ පරික්ෂාව අනුව සුදුසු අය මුදාගන්නේ. ඒ අය පළමුවෙන් කිලෝමීටරයකට ආසන්න අසීරු කිමිදුම් ගමනක් නිමා කරන්න ඕනේ පෙර කී පටු කුහර අස්සෙන්. ඒ සඳහා මග දිගට ඔක්සිජන් සිලින්ඩර සපයනවා. කිමිදුම් කරුවන් තිදෙනෙක් මුදා ගන්නා කෙනා සමග එනවා. ඔක්සිජන් පවා ලබා දෙන්නේ ඔවුන්. මේ කොටස තුල මානසිකත්වය පවත්වා ගන්න ඉතාම අසීරුයි. සුළු කලබල වීමකින් සියල්ල කෙලවර වෙන්න පුළුවන්. මඩ නිසා පේන්නේ නෑ වගේම සිය දහරා නිසා පටු තැන් වල බැලන්ස් තියාගන්න බෑ. මානසික අතින් දුර්වල සමහරුන්ට ආතතිය අඩුකරන බෙහෙත් දෙන්න වෛද්‍යවරයා කටයුතු කර තියෙනවා. කෙසේ වෙතත් ඒ ගමනින් පස්සේ බඩ ගාලා කඳු නැගලා අතරමැදි කුටීරයකට එනවා. එතැනදී ප්‍රථමාධාර දීල ආධාරකයක තබන පුද්ගලයා එකසිය පනහක් පමණ සීල් භටයින් ගේ කර මතින් තවත් කිමි කීපයක අසීරු එහෙත් ජලය බස්සන ලද කොටස පහු කරලා තමා ගිලන් රථය කරා එන්නේ.

Image may contain: text


මෙන්න  මේ ආකාරයට දින තුනකදී සියලු දෙනා මුදාගන්න සමත් වෙනවා. කිසිවෙකුට අතරමග කිසිම අනතුරක් වී නැහැ. ඔවුන් දැනට රෝහල් ගතකර තියෙනවා. නිව්මෝනියාව වැනි ආබාධ වලට ඔවුන් ප්‍රතිකාර ලබනවා. කෙසේ නමුත් සියලු දෙනා මුදාගෙන, මුදාගත් පිරිස් සහ වෛද්‍ය වරයා එලියට ආවට පස්සේ ගුහාව සුද්ද කර සිලින්ඩර රැගෙන එන්න ගිය එකසිය පනහකට අධික සීල් වරුන්ට එකවර ඉහල නැග්ග ජලකඳ සුනාමියක් වගේ තමන් වෙත එන බව දකින්න ලැබෙනවා. අතිශය භයානක මේ මුදාගැනීම අහවර වන්නේ ඒ සීල් භටයින් පණ බේරාගෙන ගුහාවෙන් එලියට දිව යාමෙන්. ඒ අනුව මොහොතක් හෝ පමා වුණා නම් ඇතුලේ ඉන්න පිරිසට විශාල අනතුරක් වෙලා මේක කෙළවර වෙන්න ඉඩ තිබ්බේ.

මේ සාමුහික වැඩසටහනේ වැදගත් වැඩක් වුනේ මහජන අංශය කලමනාකරනය කල හැටි. අම්මල තාත්තල බිම හැපිලා වැලපෙනවා අපි දැක්කේ නෑ. ළමයි රෝහල් ගත කරගෙන යද්දිත් සියල්ලන් මුදා ගන්න තුරු මව්පියන් ගුහාව ළඟම හිටිය බව වාර්තා වුණා. මාධ්‍ය වලට හෝ ගොසිප් වලට කවුරුත් අනවශ්‍ය ඉඩක් දුන්නේ නෑ. පළාතේ ආණ්ඩුකාරයා ඒ සියල්ල මනා සේ පාලනය කළා. අනිසි පින්තුර දැම්මොත් නඩු දාන බව දන්වා සිටියා. අනවශ්‍ය ප්‍රශ්න ඇහුවොත් කෙලින්ම එහෙම නොඅසන්න කියා ඒ අයට දැනුම් දුන්න. මහජන අංශය ඒකාධිපතියෙක් වගේ හසුරුවද්දී මුදාගැනීමේ අංශය විශේෂඥ දැනුමට බාරදීල සුදුසු ම තැනදී තීරණ ගන්න එක පමණයි ඔහු කලේ.

කෙසේ වෙතත් මුළු වැඩේම අමාරුම සහ විශිෂ්ටම මිනිස් හැකියාව පෙන්වුයේ අනතුරට පත් ළමුන්. වයස දහ අටට අඩු කෙනෙක් කවදාවත් නොකරන ගුහා තුල කිමිදීම් වගේ දෙයක් මේ අයට කරන්න වුනේ දවස් නවයක් හාමත් වෙලා ඉඳල පීනන්න පවා බැරිව. මානසික ව වියවුල් වී මගදී මැරෙයි කියා බය වෙච්ච අයගෙන් සමහරු හිනාවෙවී ගිලන් රථය කරා ඇවිදගෙන ආපු හැටි ලෝකය පුදුමයට පත්කලා.

අවාසනාවන්ත සිද්ධි ලෙස සටහන් වන්නේ සේවයෙන් ඉවත් වූ සීල් භටයෙක් ස්වේච්චා සේවයේදී මිය යාමත්, ගුහාව තුල සිටියදී ඕස්ට්‍රේලියානු වෛද්යවරයාගේ පියා මිය යාමත් [පියා  මුදා ගැනීම  ඉවර  වුනාට  පස්සේ  මැරෙන්නේ.  වෛද්‍යවරයා දන්නේ  එලියට   ආවට   පස්සේ], තායි ඒකාධිපති පාලනයේ දෝෂ දර්ශනයට පාත්‍ර වන පළාත් ආණ්ඩුකාරයා තනතුරෙන් පහලට දැමීමත්. ආණ්ඩුකාරයා ට ඉහලින් තායි නිලධාරින් විවිධ විකාර කල බවත් පොලිස් නිලධාරින් සහන සේවා වල‍ට බාධා කල බවත් කියවෙන නමුත් ඔහු මැදිහත්ව සියල්ල කළමනාකරණය කරන්න සහ විශේෂඥ තීරණ වලට අනුකුලව කටයුතු කරන්න ගත්ත උත්සාහය නොවෙන්න මේ මුදාගැනීම කරන්න බෑ. මේ  සිද්ධියට  පෙර  පටන්  ඇතිවුණු  ගැටුමක්  හේතුවෙන්  සිකුරාදා  තනතුරින් පහකළ  පසුවත් ඉරිදා සිට   අඟහරුවාදා  දක්වා  මෙහෙයුම්  වලට  නායකත්වය  දුන්  නිසා "ගුහාවේ  ආණ්ඩුකාර" කියා  මිනිසුන්  ඔහුට   කියනවා.

එසේම මේ සමග අතුරු කතා ලෙස ඉලෝන් මස්ක් සහ ඔහුගේ සමාගම් වල සේවකයින් විසින් පැය අටකදී මුදාගැනීමේ සබ්මැරීනයක් නිපදවීම [පාපන්දු පිල නමින් වයිල්ඩ් බෝ කියා නම්කළ මෙය මස්ක් ගේ අභ්‍යවකාශ වැඩසටහන තුල ජීවිතාරක්ෂක මොඩියුලයක් ලෙස වැඩි දියුණු කරන්න නියමිතයි], මස්ක් ටත් පෙර තායි පියෙක් සහ දුවක් එකතුව මුදාගැනීමේ මොඩියුලයක් නිපදවීම සහ අසීරු මුදාගැනීම් ගැන ලොව පුරා කතිකාවක් ඇතිවීම සලකන්න පුළුවන්. මේ කිසිම යන්ත්‍රයක් යොදාගත්තේ නෑ මොකද ඒවායේ උපයෝගිතාවය ගැන ස්තිර විශ්වාසයක් කාටවත් නැති නිසා.

මෙය සැලකෙන්නේ ඉතිහාසයේ සිදු වූ සංකීර්ණම සහ අසීරුම මුදාගැනීමේ ක්‍රියාව ලෙස. ඊටම ආවේනික සියුම් තත්ත්ව රාශියක් විසින් ඒ අවස්තාව නිර්මාණය කරනවා. ඒ සමග එතෙක් ආශ්චර්යයක් ලෙස සැලකු චිලි වල මුදා ගැනීම  සාමාන්‍ය  දෙයක් බව‍ට පත්වෙනවා. චිලි සිදුවීම වෙලාවේ මුදාගැනීමේ කැප්සියුල් එක ඩිසයින් කල නාසා ආයතනය කිව්ව චිලි අය මුදාගැනීමේ වැඩසටහන් වල පෙළපොත අලුතෙන් ලිව්වා කියල. එහෙමනම් තායිලන්තයේ එක්රැස් වූ තායි සීල් භටයින් නිලධාරින් සහ ජාත්‍යන්තර විශේෂඥයින් මුදාගැනීම ගැන ඊට එහා මට්ටමක පර්යේෂණ පත්‍රිකාවක් එලි දැක්වූ බව අපිට කියන්න පුළුවන්. එසේම පුහුණුකරු සහ කණ්ඩායම කාටවත් හිතාගන්න බැරි මිනිස් හැකියාවක ඉහළම අවස්තාවක් පෙන්නලා තියෙනවා.

Wednesday, November 15, 2017

ග්‍රේස් මුගාබේ ට එරෙහි සිම්බාවන්ගේ කැරැල්ල

සිම්බාබ්වේ කැරැල්ල ගැන කියවනවා නම් කතා කල යුත්තේ රොබට් බුගාබේ ගැන නෙවි ග්‍රේස් මුගාබේ ගැන. මේවා අතිශය පුද්ගලික කරුණු වුනත් අවසාන උත්තරේ ට එන ස්ටෙප්ස් නිසා කතාකරන්න වෙනවා.

පහත දැක්වෙන්නේ ග්‍රේස් ගේ ටයිම් ලයින් එක.

> උපත - 1965

> පළමු විවාහය -1983 [යුද සෙබලෙක් සමග]

> පළමු විවාහයේ දරුවා - 1984

> රොබට්මුගාබේ ගේ ලේකම් වරිය ලෙස - 80 දශකය අග

> රොබට් මුගාබේ සමග අනියම් සම්බන්ධය - ඒ කාලයේම

> රොබට් මුගාබේ ගෙන් පළමු දරුවා - 1988 [ඉන්පසු තවත් දරු දෙදෙනෙක් අනියම් සම්බන්ධය තුල හා දෙවැනි විවාහයෙන් පසු]

> පළමු විවාහයෙන් දික්කසාදය - 1996

> රොබට් මුගාබේ හා විවාහය - 1996 [ඔහුගේ පළමු බිරිය මියගිය පසු]

වයස 31 දී ඇය විවාහ වන්නේ 72 හැවිරිදි මහලු නායකයා සමග. ඔවුන් දෙදෙනාගේ ලොකුම දරුවා ගේ වයස තවම 29 යි.

මුගාබේ ගේ පෙර විවාහයේ [ග්‍රේස් ට වඩා වසරක් වැඩිමල්] දරුවා මියයනවා වයස 3 දී නිදහස් සටන අතරතුර මව සමග සැඟවී සිටියදී. මුගාබේ එවකට හිරේ දරුවා ගේ මරණයටවත් යන්න ලැබෙන්නේ නෑ.

මුගාබේ පවුලේ ගැටලුව තියෙන්නේ මෙතන. පක්ෂයේ ඊ ගාව නායකයට නොදී පවුල තුල බලය තියාගන්න කරන උත්සාහය. එහෙත් නිසි අනුප්‍රාප්තිකයෙක් නෑ. පළමු විවාහයේ දරුවා උන්නා නම් 53 වියැති ඔහු මේ වනවිට ක්‍රමිකව ගෙනත් තියෙයි.

මේ උත්සාහය කෘතීම ලෙස ග්‍රේස් එතනට ගන්න. එහි නියමුවා රොබට් ද ග්‍රේස් ද කියන්න දන්නේ නෑ. එය ක්‍රමික පරිවර්තනයකුත් නෙවෙයි. ක්ෂණිකව 2014 විතර පටන් ගන්න එකක්. ඊට පෙර එවකට 90 වියැති රොබට් කිසියම් උත්සව අවස්තාවක ඇද වැටිලා රෝගාතුර වෙලා ඉන්නවා. ඒ අනුව ස්වභාව ධර්මයේ තීන්දුවට පෙර මේ වැඩ සටහන හදිස්සි කළා වෙන්න පුළුවන්. ඉතාම මහලු නායකයා නොවේ දැන් රියදුරු අසුනේ ඉන්නේ බිරිය. රොබට් ගේ මළ සිරුර ඉල්ලුවත් අපි දිනනවා කියන ඇගේ ප්‍රසිද්ධ ප්‍රකාශය අස්සෙත් තියෙන්නේ මේ සැලසුම වෙන්න ඕනේ.

මේ ග්‍රේස් ගේ කතාවේ ඉතිරි ටික.

> පක්ෂ කාන්තා කණ්ඩායමේ නායකත්වය - 2014

> ජනාධිපති තනතුරට ඉදිරිපත් වීම ගැන කතා කරන්නේ - 2015 සිට

> උප ජනාධිපති එක්ක පක්ෂයේ ප්‍රතිරෝධය - 2016 සිට [නිදහස් සටනේ නියමුවෙක් මෙයත්]

> උප ජනාධිපති එළවීම - 2017

ඒ අනුව කතාව පැහැදිලියි. සිම්බාබ්වේ රටේ මිනිසුන්ටත් මේ කොහෙවත් නැති ගෑනියෙක් උඩින් පාත් වෙලා බලය ගන්න එක අවුල්. ලෝකයා එක්ක කෙතරම් ගැටුනත් රොබට් අදත් රටවැසියාගේ නොමද ගෞරවය ලබන්නෙක්. නිදහස් අරගලය තුල ඔහු විඳි දුක් හා කල කැපකිරීම් නෙල්සන් මැන්ඩෙලා හා සමානයි.

කැරලි ගහපු උනුත් රොබට් ට කරදරයක් නෑ රොබට් යහතින් ඉන්නවා රොබට් එක්ක තරහක් නෑ කියන්නේ ඒ නිසා.

එහෙත් මේ කාන්තාව රටවැසියා තුල නිර්මාණය කර ඇත්තේ 50-50 දැක්මක්. 2014 ට පෙර ඇය ප්‍රසිද්ධ අධි වියදම් සාප්පු සවාරි වගේ දේවල් වලට. නිදහස් සටනේ වැදගත් කාර්යභාරයක් කල අම්මා ලෙස ජාතිය විසින් ආදරයෙන් සිහි කල පෙර බිරිය ඉන්න තැනට මෙයා හොරපාරෙන් ඇවිත් එතන අල්ල ගන්නවට ඒ රටේ ජන මානසිකත්වය පවා අකමැති ඇති.

රොබට් ට කරදරයක් කරන්නේ නෑ එහෙත් ඔහු වටා සිට රටේ ධනය කොල්ලකන එවුන්ට දඬුවම් කරනවා කියන්නේ ඒකයි. දැනට දන්නා තරමින් ග්‍රේස් ඉන්නේ හමුදා අත් අඩංගුවේ.

ප.ලි. ග්‍රේස් නැමීබියාවට පළා ගිය බව පසුව දැනගන්න ලැබුණා. ස්තුතියි අජිත් ධර්මකීර්ති මේ නිවුස් එක අප්ඩේට් කලාට