මේකත් ප්‍රශ්නයක් සහ උත්තරයක්.
------------
මීට දශක කීපෙකට ඉස්සර පවා තමන්ගේ යටත් විජිතයක් වෙච්ච රටකින් සල්ලි ඉල්ලලා හිඟමනේ යන්න බලවත් කොලොනියල් රටකට මෑතකදී සිද්ධ වුනා. මේ යටත් විජිතය කොලොනියල් බලවතාගෙන් සියවස් ගානක් දුක් වින්ද නිදහස අමාරුවෙන් දිනාගත්ත රටක් වුනත් ඔවුන් මුදල් සපයනවා. ඒ නිසාම දැන් ඒ ඉපැරණි බලවත් රාජ්‍යයේ සමාගම් රාශියක් සහ වටිනා දේපොළ අයිතිකරගෙන එහි ලක්සරි ප්‍රදේශවල හයි එන්ඩ් ජීවිතයක් ගෙවන බර පිරිසක් පෙර කී යටත් විජිතයේ මිනිස්සු.
1. කොලොනියල් රට කවුද?
2. යටත් විජිතය කවුද?
3. යටත් විජිතය මෙතරම් ධනවත් වුනේ කොහොමද?
4. මේ යටත් විජිතයේ අගනුවර සුවිශේෂී ලෝක වාර්තාවකට හිමිකම් කියනවා ඒ මොකද්ද?
5. ඒ වාර්තාව හිමිවෙන හේතුව මොකද්ද?
---------------
කවුරුත් දන්නා පරිදි ඇන්ගෝලාව පෘතුගීසි යටත් විජිතයක්. ඒ වගේම පෘතුගීසින් වහලුන් අල්ලාගත්ත ප්‍රධාන තැනක්. ඇන්ගෝලාව පෘතුගීසින් අතින් සැහෙන්න කරදර විඳිනවා. එය සියවස් හතරකට වඩා ඔවුන් යටතේ තිබිලා 1975 නිදහස් වෙන්නේ සටනකින්. ඒ සටනේ පාර්ශ්ව දෙකක් පසුව සීතල යුද්ධයේදෙපැත්තට බෙදිලා නැවත සටන් කරන නිසා ඇන්ගෝලා සිවිල් යුද්ධය තව දශක තුනක් පමණ ඇදෙනවා. ඉන් සෝවියට්පැත්තට බර ඒකාධිපතියා බලය ලබාගෙන ඇමරිකන් පැත්තට බර ත්‍රස්තවාදියාගේ කල්ලිය වන යුනිටා එක්ක ගැටෙන්නේ. යුනිටා නායකයා මරා දමලා අවසානේ අන්ගොලාවේ සිවිල් යුද්ධය ඉවරවෙනවා 2000 දශකයේ.
සිවිල් යුද්ධයෙන් පස්සේ ඇන්ගෝලාවේ තෙල් සම්පත් දියුණු වීම නිසා ඔවුන්ගේ ආර්ථිකය ප්‍රසාරණය වෙනවා, ඉලක්කම් දෙකේ වර්ධන වේගයක් පවතී අවුරුදු පවා තියෙනවා. එහෙත් රටේ සම්පත් බෙදිලා නැහැ, ඔක්කොම වගේ මෙහෙයවන්නේ පාලක ඒකාධිපතියා සහ ඔවුන්ගේ පවුල්, හිතවතුන් විසින්. මේ නිසා ධනය විශාල ලෙස සංකේන්ද්‍රගත වෙලා තියෙන්නේ. ඇන්ගෝලාව අතිශයින් දූෂිත රටක්.
පෘතුගාලය මේ අතර ආර්ථික අතින්කඩා වැටිලා බංකොලොත් වෙන්න ගිහින් සහන සේවා කප්පාදු කර යුරෝපා සංගමයේ ණයකින් තමයි බේරෙන්නේ. මේ සිද්ධියෙන් පස්සේ පෘතුගාල අගමැති ලැජ්ජාව ලිස්බන් වල තියලා අන්ගොලාවට ගිහින් එහි රජයට කියනවා තමන්ගේ රටේ ආයෝජනය කරන්නකියලා. මේ යෝජනාවට ඇන්ගෝලාව කැමතිවෙලා ඇන්ගෝලාවේ හැදුනු බිස්නස් කොමියුනිටි එක බස්සනවා ලිස්බන් වලට. එක්තරා සීමාවකින් එහා ධන ආයෝජනයක් කරන අයට පෘතුගාලය සිටිසන්ශිප් පවා දෙනවා මෑතක සිට. ඒ යටතේ වැඩියෙන්ම ආවේ ඇන්ගෝලා සල්ලිකාරයෝ ලු.
දැන් පෘතුගාලයේ පත්තර ටීවී වාණිජ සමාගම් බැංකු රියල් එස්ටේට් වගේ ක්ෂේත්‍ර ගණනාවක් අයිති කරගෙන ඉන්නේ ඇන්ගෝලා සල්ලිකාරයින්. ආණ්ඩුවේ ආයතන පුද්ගලික අංශයට දෙනකොට එව්වත් ගිහින් තියෙන්නේ ඔවුන් අතට. ඒ පාලනය කොපමණ ද කිව්වොත් දැන් පෘතුගාල මාධ්‍ය අන්ගොලාවේ දූෂණ සහ මානව හිමිකම් උල්ලංඝන ගැන පවා මොකුත් කියන්නේ නැහැල්ලු. යුරෝ බිලියන 20 අවට විශාල ධනයක් ඇන්ගෝලාවේ මිනිස්සු ගෙනල්ලා තියෙනවා. ලිස්බන් වල ලක්සරි ලෙස සම්මත ස්ථාන වල ඔවුන් පදිංචි වන්නේ. විරැකියාවෙන් පෙලෙන පෘතුගාල තරුණ පිරිස් ඇන්ගෝලාවේ රස්සාහොයාගෙන යනනිසා දැන් ඇන්ගෝලා පෘතුගීසි ජනගහනය වර්ධනය වීමකුත් වෙනවාලු.
අන්ගොලාවේ ලුවන්ඩා අගනුවර ලෝක ප්‍රසිද්ධ වන්නේ ලෝකයේ ජීවන වියදම ඉහලම නගරය ලෙසටයි. මෙතැනදී ජීවන වියදම ඉහල කියන්නේ පිටස්තර අයට සහ හයි ක්ලාස් සමාජයට පමණයි. මිලියන හයක ලුවන්ඩා නගර ජනගහනයෙන් 2/3 පමණ ඉන්නේ යුද්ධේ නිසා පන බේරාගෙන අගනුවරට ආපු අවතැන් වූ පිරිස්. යුද්ධේ දිගට ඇදුනු නිසාදැන් ඔවුන්ට ආපහු යන්න බැහැ. ඒ මිනිස්සු ඉන්නේ මුඩුක්කු වල, ඒ මිනිස්සු කොහොම හරි එදා වේලක් හොයාගෙන ඉන්නවා. ඒ මිනිස්සු ඉන්න ආකාරයට පිර්ටරටින් එන හෝ සල්ලි තියෙන අයට ඉන්න බැහැ.
යන්තම් එදාවේල ඇරෙන්න අනිත් හැම දෙයක්ම ලුවන්ඩා වලට ආනයනය කරන්න වෙනවා, රටේ කිසිම නිෂ්පාදනයක් හෝ කෘෂි ආර්ථිකයක් නැහැ, යුද්ධය නිසා. ඒ ආනයන සපුරා පාලනය කරන්නේ පාලක පිරිසේ පවුල් [ජනාධිපතිගේ දුව බිලියන ගණනක ධනයක් හිමි ව්‍යාපාරිකාවක්] ඉතින් ආනයන ද්‍රව්‍ය වල මිල තීන්දු කරන්නේ තනි මතයට. ටෙන්ඩර් නැහැ නීති නැහැ. ඒකාධිකාරයක්. සාමාන්‍ය දෙයක් වන සපත්තු දෙකක් හොඳ කමිසයක් හෝ බර්ගර් එකක් වගේ දෙයක් යුරෝපේ වගේ දෙගුණයක් විතර ගණන් ලු.
ඒ මිලත් ගෙවාගෙන එහි ගැවසෙන පිටරැටියන් ඉන්නේ තෙල් ආර්ථිකය නිසා. නයිජීරියාවට පස්සේ ඇන්ගෝලාව තමයි අප්‍රිකාවේ ඒ හරියේ ලොකුම තෙල් සම්පත් හිමිකරු.
ලුවන්ඩා ලෝකයේ තෙවැනි විශාලම පෘතුගීසි කතා කරන නගරය [රියෝ, සාවෝ පාවුලෝ දෙකටපස්සේ], සහ විශාලම පෘතුගීසි කතා කරන අගනුවර.
යටත් විජිතයෙන් හිඟා කන්නට යන්නට සිදු වූ ඒ ස්වර්ණමය මොහොත