Saturday, July 20, 2019

සඳ ගමනින් පසු

සඳ ගමනට පනස් වසක් පිරෙන වෙලාවෙ ආයිමත් කතාකරන්න හිතුවෙ  එතනින්  එහාට  මොකද  වෙන්නෙ  කියන එක. මේක  සයිෆයි  එකක්වත්  විද්‍යාවෙ  අනගි  හැකියා  ගැන  ශෝ  එකක්වත්  නෙවි, රියලිටිය  තේරුම්  ගන්න උත්සාහයක්  සහ  ඒ  ගැන  ක්‍රිටික්  එකක්.

1. අවු 50 ක් ගිහිල්ලත් 
සඳ ගමනට එහාට යන දෙයක් අපි ඒ අන්ශයෙන් කරල නැහැ කියලනෙ මාධ්‍ය  ඔක්කොම  කියන්නෙ. [මීර් සහ ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම්පොල ඔයිට එහා යන දේවල් කියා මම හිතනවා ඒක වෙනම කතා කලා] ඒ කියන්නෙ අභ්‍යවකාශය කියන්නෙ මිනිසුන්ට තේරුමක් ඇති ගවේශන මාධ්‍යයක් නොවේ. රාජ්‍යයන් කීපයක් ලොකුකම කියවන්න සහ සීතල යුද්ද නිසා සල්ලි වියදම් කරල ටොප් රිසෝසස් දාල ඕව කලා වුනාට එතනින් පස්සෙ ජාමෙ බේරගන්නයි නාමෙ සුරකින්නයි ලාවට ෆන්ඩ්ස් වෙන්කලා පමනයි. පුද්ගලික අන්ශය ඒ අවු 50 ටම කලේ කතාකිරීම සහ පර්‍යේශන කීපයක් පමනයි. වයබල් බිස්නස් එකක් තවම නිර්මානය වෙලා නැහැ.

2. මිනිසා වෙනත් ඕනෙම ජීවියෙක් වගේ ටික ටික තම හැකියාව වැඩි වෙද්දි තමන් වටේ තියෙන දේවල් වලට අවධානය දෙන්න සැරිසරන්න පටන් ගන්න්ව. මුලින්ම මුහුද දෙවනුව අහස ඊට පස්සෙ අපේ ග්‍රහලෝකෙ අවට අභ්‍යවකාශය, ඒත් ඒ සැරිසරන මිනිස් ගතිය එක පාරට නවතිනවා. මුදල් මෙන්ම දැනුමත් අඩුවෙන් තමා ඒ දිහාට හැරෙන්නෙ. ඊට හේතුව වෙන්නෙ පරිගනකය සයිබරය සහ ස්මාට් ෆෝන් එකේ ආගමනය ද? ඒවා එක්තරා ආකාරෙක ඇබ්බැහියක් වෙනව මිනිසුන්ට. ඒ වගේම ඒවා මිනිසුන්ගේ ඉහලම දැනුම සහ ප්‍රාග්ධන ආයෝජන තමන් දිහාට ඇදල ගන්නවා. ඒ සමග අභ්‍යවකාශය වැනි ක්ශේත්‍ර පසුබානවා වෙන්න බැරිද?

3. අපි අභ්‍යවකාශ යුගයේ අනාගතය ගැන කතා කලොත්, නාසා අගහරු ගමන් සිදුවීමට ලොකු ඉඩක් තිබ්බත් රාජ්‍ය අන්ශයෙන් පලවෙනි ලෝකෙ රටවල් මේවට ෆන්ඩ් කරන එක ලොකුවට වෙන එකක් නැහැ. වෙන්න පුලුවන් එකම දෙ එ පුද්ගලික අන්ශය. ඒත් අභ්‍යවකාශ සන්චාරක කර්මාන්තය කියන එක වියදම සහ තාක්ශනික ගැටලු එක්ක හිරවෙලා. ඒත් අභ්‍යවකාශ ඩොකියුමෙන්ටරි කියන දේ තාම වෙලා නැහැ. ක්ලාක් ගෙ රාමා සීරිස් එකේ එක තැනක, පිටසක්වලින් පොලොවට එන යානයක් නිරික්ශනය කරන්න තරම් ෆන්ඩ්ස් නැති වුනාම ජනමාධ්‍යවේදිනියක් ඒ ගැන වාර්තා වැඩසටහනක් කරන්න මාධ්‍ය ආයතනයකින් ෆන්ඩ්ස් ගන්නවා. මම හිතන්නෙ මේක ඉක්මනින්ම එක්ස්ප්ලොයිට් වෙන්න නියමිත ක්ශේත්‍රයක්. අනික මිනිස්සු යන්නම ඕනෙ නැහැ. මම දකින්න හදන්නෙ එන් බී සී සී එන් එන් වගේ ආයතන තමන්ගෙම යානා යවල අභ්‍යවකාශ්‍යේ මනස්කාන්ත දේවල් වාර්තා වැඩසටහන් ලෙස ප්‍රසන්ට් කරන එක ගැන.

4. 2022 ඇස්ටරොයිඩ් බෙල්ට් එකේ තියෙන සයිකි කියන ලෝහ කුට්ටියට මිශන් එකක් යනවා. ලෝහ ලෙස පවතින නිරාවරනය වු ලොකුම එකතුව ඒක [බෙල්ට් එක හදන්න හේතුවන ගරහලෝකය පුපුරල යද්දි ඉතුරු වෙන එහි මධ්‍යය කියල හිතන්නෙ] එතනින් නිස්සාරනය කල හැකි ලෝහ ප්‍රමානය පොලොවෙ අවශ්‍යතාවය වගේ අතිහ්සයින් විශාල ගුනාකාරයක්. ඒත් ඒ ලෝහ ලේසියෙන් සහ වයබල් ලෙස ගේන්න පුලුවන් කක්ශයට පමනයි. එතනින් බිමට බාන්න යන කොස්ට් එකෙන් පොලොවෙ ලෝහ වලට වඩා විශාල ලෙස ඒ ලෝහ මිල වැඩි වෙනවා, හැබැයි කක්ශය මත කෙරෙන ඉදිකිරීමකදි ගුරුත්වය ඉක්මවා ලෝහ බිම සිට ගෙනියනවට වඩා සයිකි ඉදල ගේන එක ලාබ වෙන්න පුලුවන්. සයිකි වල පතල් සහ අභ්‍යවකාශයේ බිහිවන ආකෘති [හෝටල්/ජනාවාස] කියන එක වැදගත් මාතෘකාවක් වුනොත් මගේ මේ කතාව වෙනස් වේවි.

5. අභ්‍යවකාශය කෙරෙහි ඇමරිකාව වගෙ රටවල රාජ්‍ය අන්ශයේ අවධානය ක්‍රමයෙන් අඩු වෙද්දි, චීනය ඉන්දියාව වගෙ රටවල් තමා ඒ ගැන උනන්දු වන්නෙ, ඉරානය පවා ඇත්තට හෝ බොරුවට අභ්‍යවකාශ වැඩ සටහන් ගැන කියවනවා. ක්‍රිකට් ක්‍රීඩාව සුද්ද පටන්ගෙන අන්තිමේ ඉන්දියාවෙ නතර වුනා වගේ සොෆ්ට්වෙයා ඉන්ඩස්ට්‍රිය ඇමරිකාවෙ පටන්ගෙන අද ආසියාවෙන් කොරව ගන්නව වගේ, මේ ක්ශේත්‍රයත් අන්තිමෙ ආසියාවෙ නතර වෙන්න පුලුවන්. ඇමරිකන්/බහුජාතික පුද්ගලික අන්ශය ලාබ මාකට් හොයාගෙන යාවි. ලන්කාව මේ ගැන හිතල තියේද?

6. කෝම වුනත් ලෝකය සඳ ගමන ගැන නොස්ටල්ජියව සමරන මොහොතක ලන්කාවෙ ඒ සම්බන්ධයෙන් තියෙන ලොකුම ප්‍රශ්නය ඒක එහෙම වුනේ නැහැ කියන කොන්ස්පරසිය විතරක් වීම් ඛේදනීය තත්වයක්. ඒ මතය එතරම්ම ලොකු කතිකාවක් වෙන්න බලපාන ලන්කා මාන්සිකත්වය තමයි එතන කී පොයින්ට් එක. තමන්ට මේ මොහොතෙ බැරි නිසා ඒත් ලොකු [කියා අපිම හිතන] අතීතයකුත් තියෙන නිසා පරන වලවුකාරයෙක් අලුත් සල්ලිකාරයෙක් ගැන ස්කෙප්ටිකල් වෙනව වගේ අපේ උන් හැසිරෙන්නෙ. ඒ නිසා බොහෝ දෙනෙක් ආසයි හිතන්න ඇත්තටම ඕකුන් ගියේ නැහැ කියල. ලාවට හරි සාක්කි කියල දෙයක් දැක්කොත් එල්බ ගන්නව.

7. ටෙරාෆෝමින් සහ වෙනත් ග්‍රහලෝක වල ජනපද. ප්ලීස් අපි විහිලු නොකර ඉමු. සයන්ස් හොලිවුඩ් වලින් ගන්න එපා. ඒකත් තව කනගාටුදායක කතාවක්. මම හිතන්නෙ කක්ශගත ජනපද තමා දැනට තියෙන තාක්ශනයේ උපරිමය.

8. මේ  ගැන  ෆේස්බුක්  එකේ  යන  සන්වාදයේ  මම  දුටු  දෙයක්  තමා  බොහෝ  දෙනෙක්  ස්පේස්  ටුවරිස්ම්  ගැන ලොකුවට මවාගෙන ඉන්නවා.  ඊට  එක  හේතුවක්  ටෙකි  සමාගම් කීපෙක  අතිරික්ත  ප්‍රාග්ධනය  "වෙන  කරන්න  දෙයක්  නැති  නිසා"  ඒ  අන්ශයට  යෙදවීම  සහ  ඒ  සමග  නිර්මානය  වන  හයිප්  එක.  ඒත් ස්පේස්  ටුවරිස්ම්  වල  මූලික වියදම  එක්ක  එය  ලෝක වාසි  බහුතරයක්  ජනයා   නිතර  කරන  එකක්  වීමෙ  ඉඩකඩ   අඩුයි.  ඒ  වගේම  අභ්‍යවකාශය  කියන්නෙ ඔය  කියන තරම්   එක්සයිටින්  තැනක්  නොවේ.  බොහෝ  විට  තියෙන්න  අදුරු   නිශ්චල බෝරින් පසුබිමක්.  මොකුත්  සිද්ද  නොවෙන.  ඔහොම  තැනකට  මිනිස්සු  පිස්සො  වගේ  යාවි කියල හිතන්න  අමාරුයි.  ඔන්න ඔය  නිසා  තමා  හොටෙලියර්   කෙනෙක්  මේ  ගැන  නිකම් වත්  උනන්දු  නොවෙන්නෙ.  මිනිසාගෙ  සන්චරන උනන්දුව  ගැන  හරියට  දන්නෙ  හොටෙලියර්ස්  ලා.  මිනිසාගෙ  සන්චරන  උනන්දුවට  අභ්‍යවකාශය  ලොකු  බලපෑමක්  නොකරන  නිසා  තමා  උන්  උනන්දු  නැත්තෙ.  දැනට  මේ  ගැන  උනන්දුව  දක්වන්නන්  මේකෙ  තාක්ශනික  පැත්ත ගැන  මිස  මාකට්   රියලිටිය  ගැන  ලොකු  අවබෝදෙකින්  ඉන්න  බවක්  පේන්නෙ  නැහැ.

9. ස්පේස්  ටුවරිස්ම්  ගැන  ලොකුවට  කතාවෙන  මේ  මොහොතෙ ක්ලාක්  ගේ සැටර්න්  රයිසින්  කියන  කෙටි  ප්‍රබන්ධය   බොහෝ  දෙනෙකුට  අමතක  වෙනවා.  මේ  තමයි මම හිතන හැටියට  ස්පේස්  ටුවරිස්ම්  ගැන  මුලින්ම  කතාවෙන  මොහොත, 1961 දි. ක්ලාක්  මේ  ප්‍රබන්ධයේ  වැදගත්  කාරනා  කීපයක්  කතාවට   ගන්නව.  පලවෙනියටම  ඔහු  දකිනවා  පවතින  තාක්ශනය  සහ  රොකට්  ක්‍රමවේද  වලින්  මිනිහෙක්ව  අභ්‍යවකාශයට  යවන්න  යන  වියදම  එක්ක  මේක වයබල් බිස්නස්  එකක්  නෙවි  කියල.  ඒ නිසා ප්‍රබන්ධය තුල ඔහු  ප්‍රතිගුරුත්ව  ඩ්‍රයිව්  එක  කියල  එකක්  නිර්මානය  කරනවා.  එතකොට  ඔහු දකිනවා  අභ්‍යවකාශය  සාමාන්‍යෙයෙන් බෝරින් අදුරු  නිශ්චල  තැනක්  බව. ඒ නිසා  ඔහු  තෝරන්නෙ  සෙනසුරුගේ  චන්ද්‍රයෙක්  මත  සිට  සෙනසුරු  උදාව නිරික්ශනය  කරන්න  හෝටලයක්.  මේ  හෝටලේ  ඉස්සරහ අහසෙන්  බාගයක්  වගේ පිරෙන්න  වටේ  කැරකෙන  වලලු  එක්ක  සෙනසුරු  උදාවීම  මිනිසුන්ට  ගිහින්  බලන්න  තරම්  වටී කියල  ඔහු හිතනවා.  තෙවනුව   ඔහුගෙ  ප්‍රබන්ධයේ   ඔන්ටප්‍රිනර්   හොටෙලියර් කෙනෙක්  මේ  සන්චාරක  කර්මාන්තය  ගැන  රියලිස්ටික්  අදහසක්  තියෙන්නෙ  ඔවුන්ට  බව  තමා  ඒකෙන්  ඔහු කියන්න  හදන්නෙ. ඔය  වගෙ තත්ව  රාශියක්  සම්පුර්න  වුනොත්  එක  හෝටලයක්  විතර  සාර්තක  වෙයි.

Saturday, July 13, 2019

චන්ද්‍ර ගමනට අඩ සියවසකි

අද කියවන ආටිකල් එකක පලවෙනි වගන්තිය

Fifty years on, the Apollo Moon programme is probably still humankind's single greatest technological achievement.

ඇමරිකාව හදට ගිය එක ඒ අවස්තාවෙ තිබ්බ විශාල ඊගෝ ඉශු එකක අවසානයක්. ඒ නිසා ඉහත වගන්තිය අර්ධ වශෙය්න් ඇත්ත වුනත් පත දේශපාලනික ප්‍රකාශයක්. ඇමරිකාවට ඕනෙ කලේ මෙ වගන්තිය ලෝකෙ ඉහලින්ම ලියල ඉවරයක් කරන්න.

කොටිම්ම ඇමරිකාව අභ්‍යවකාශයට යන්න හිටපු රටක් නෙවි. රුසියාව වුනත්. ඒ දෙගොල්ලටම ඒ සදහා අවකාශ ලැබෙන්නෙ හිට්ලර් ගේ රොකට් ප්‍රොජෙක්ට් එකේ දැනුම සහ මිනිස් බලය උස්සගෙන හොර පාරෙන් තම දෙරටට දැක්කුව නිසා. එතනින් රුසියාව එකාධිපති නායකය ස්ටාලින් නිසා ඉක්මනින් තම වැඩ සටහන ඉස්සරහට ගෙන ගියා.

කතන්දරේ පටන් ගන්නෙ 1957 රුසියාව ස්පුට්නික් යානය අභයවකාශයට යවපු වෙලාවෙ. මේ වෙද්දි ඇමරිකන් අභ්‍යවකාශ වැඩසටහන තිබ්බෙ කෙතරම් පස්සෙද කිව්වොත් රුසියාව යැව්වෙ මොකද්ද කියල බලාගන්නවත් ඇමරිකාවට විදියක් තිබ්බෙ නැහැ. ඒ තරම් කුඩා ස්තානය නොදන්න ආකාශ වස්තුවක් හොයල නිරික්ශනය කරන්න සමත් දුරේක්ශ තිබ්බෙ නැහැ. ඒත් ජනයා පුදුම ලෙස බිය වෙනවා. ස්පුට්නික් කියන්නෙ මොකද්ද කියන එක රුසියාව මුලින් ක්ලැසිෆයි කරලා පස්සෙ නිකම් අභ්‍යවකාශ යානයක් කියල කිව්ව එක ඊට එක හේතුවක්. මේක සාමකාමි අභ්‍යවකාශ යානයක් කියල ඇමරිකන් ජනයා පිලිගන්නෙ නැහැ. කෙමිකල් බයෝලොජිකල් හෝ නියුක් වෙපන් එකක් කියල ඔවුන් හිතනවා. යානය හොයාගන්නෙ ස්මිත්සෝනියන් ආයතනෙ දුරේක්ශ වලින්. ඒ ඉතාම අපෙහැදිලි කුඩා ඩොට් එකක් ලෙස. ඒත් එය මොකද්ද එයින් කල හැක්කෙ මොකක්ද කියල දැන ගන්න මහජනයා දෙන ෆෝන් කෝල් හින්ද ස්මිත්සෝනියන් ආයතනයට තම දුරකතන රිසීවාර් ඉවත් කර තියන්න සිද්ද වෙනවා. තනි හිස්ටීරියා මොහොතක්.

අන්න එතන පටන් තමන්ට වැටුනු මේ අවමානය සහ පසුබෑමෙන් ඉස්සරහට එන්න ඇමරිකාව දත කාගෙන වැඩ කරනවා. පාසල් වල විශය නිර්දේශ පවා වෙනස් කලාලු.

ඇමරිකාවට කලහැකි බොහෝ දේවල් ඉතුරු නැහැ. මොකද අභ්‍යවකාශයට යන පලවෙනියා ගිහින් ඒ වෙද්දි. යානයක් සතෙක් සහ මිනිසෙක් [ස්ත්‍රීවාදින්ට මදිනම් ගැහැනියකුත්] රුසියාව කොටු ඔක්කොම ටික් කරල. ඉතින් ඇමරිකාවට වැඩේ කරන්න කලින් කරන්න වැඩක් හදන්න වෙනවා.

පිස්සො වගෙ පිස්සො වගේ මහන්සි වෙලා ඇමරිකාව හදට යනවා ඒ සමගම මාධ්‍ය වලින් ලොකුවටම ආවරනය දෙනවා මේකට. හදට යාම තමා උපරිමේ කියන මතය මහජනයට පොවනවා. රුසියාව ටික් කල එව්වට උඩින් ඇමරිකාව එකක් ගහනවා.

වෙන කවුරුත් මිනිසුන් හදට යවන්නෙ නැහැ. ඇමරිකාවත් ඕක කරන්නෙ පලමු ගමනින් පසු අවු දෙක තුනයි. එහෙ ඔච්චර ලොකු සීන්ස් නැහැ එහෙ සීන් තියේද නැද්ද කියල දැනගන්න මිනිස්සු යන්නම ඕනෙත් නැහැ. මේ දෙරටම සද සහ අනිකුත් ආකාශ වස්තු ගවේශනයට යානා යවනවා. වටේ ගිහින් හොයා ගන්න එකට වඩා මාර බක්කන් බැහැල ගන්න බැහැ. ඒත් ලෝකෙ ඉන්න ලොකුම ක්‍රයි බේබි කෙනෙකුට රිපෝට් කාඩ් එකේ 100/100 දාගන්න දෙයක් තියෙන්න ඕනෙ. එච්චරයි.

කොටිම්ම  කාල්  සේගන්  කියන  මේ  කතාවට අනුව ඇමරිකාව  දිගටම යවන්නෙ  සයන්ටිස්ට්  ල   නෙවි   හුදෙක්  නියමුවන්  සහ  ඉන්ජිනේරුවන්   මිසක.  පලවෙනි  වරට  සයන්ටිස්ට්  කෙනෙක්  යවපු  ගමන්  ඇමරිකාව  මිශන්  එක  අතහැර  දානවා.  ඒ කියන්නෙ  මේකෙ ලොකු  විද්‍යාත්මක  උනන්දුවක්  නැහැ.  වැඩේ  සාර්තකව  කරගන්න  ඕනෙ  කම  පමනයි.  බේසිකලි  කොටුව  ටික්  කරගන්න.


අභයවකාශ්‍යට ගිහින් කක්ශගත වුනාම වෙන ඕනෙම තැනකට යන එක හෙනම සින් එකක් නෙවි. එතන පටන් දුර ලොකු අවුලක් නෙවි මොකද කිමි ගානට නෙවි බිල වැටෙන්නෙ. අභ්‍යවකාශ  කතාවෙ  අවදානම්  සහ  අසීරුම  කාර්‍යයන්  තියෙන්නෙ පෘතුවි  ගුරුත්වය  එක්ක  හැප්පෙන  කක්ශය  කරා  ගමනේ.

කෙසේ වෙතත් වෙනත් ලෝකයකට ගොඩ බැසීම කියන කාරනාව නම් විද්‍යා තාක්ශන අන්ශ වල වැදගත් සන්ධිස්තානයක්. මොකද  තවත්  ලෝකයක  ගුරුත්වය  එක්ක  ගැටෙමින්  ඒ  අසිරු  කාර්‍යය  කරන්න  ඕනෙ.  ගනනයන්  වල  සුලු  හෝ  වැරදි  තියෙන්න  බැහැ.  මේ  කාලෙ  ගනනයන් කලෙ එ කඩදාසියේ.

කාරණා එහෙමයි. හැබැයි එදා ගහගත්ත සීල් එක තවම තියෙනවා. දැන් ඒ සීන් එක වෙලා අවුරුදු පනහක්.

ඕකෙන් පස්සෙත් රුසියාව තව කොටුවක් ටික් කරනවා. ඒ අභ්‍යවකාශයේ නිත්‍ය මධ්‍යස්තානයක් හදල. ඒ තමා මීර්. මේක  වැදගත්  වන්නෙ  කක්ශය  මත  ස්ටේශන්  එකක්  තියෙන  කොට  කක්ශයට  එලියෙන්  වෙන  කටයුතු  එතන  සිට  මැනේජ්  කල  හැකි  නිසා.  මම හිතන තාලෙට මිනිස් අභ්‍යවකාශ ගවේශනයේ ලොකුම ඇචිව්මන්ට් එක ස්පුට්නික් නෙවිනම් මීර්.

කෙසේ  වෙතත්  මෙන්න  අර  ආටිකල්  එක.