Sunday, July 22, 2018

චන්ද්‍ර මෝහන් ජෙයින් හෙවත් භගවාන් ශ්‍රී රජ්නීෂ් හෙවත් ඕෂෝ

ඕෂෝ ගේ කතාව පිටස්තර ඇසකින්.

දැන් පිටස්තර කිව්වේ ඇයි කිව්වොත් මම ඕෂෝ ගේ පොත් කියවා නෑ. කියවන්න කියල ලොකු අදහසකුත් නෑ. ඒ නිසාම මම ඕෂෝ ගේ දර්ශනය විවේචනය කරන්නෙත් නෑ. මේ ඕෂෝ වටා නිර්මාණය වන සිද්ධි ගැන පොඩි විශ්ලේෂණයක්. ඒ සඳහා ඕෂෝ ගැන වගේම 
ඔහුගේ ලේකම්  වරිය  හෙවත්  ඔහුගේ  වැඩසටහනේ  සැබෑ  ආකිටෙක්ට්   ලෙස  කටයුතු  කළ   ශීලා ගැනත් කියවන්න වෙනවා. ශීලා ගැන යු ටියුබ් ගමකට තියෙනවා. ශීලා කතා කරන එව්වා.

ඕෂෝ  ගේ  එව්වත්   තියෙනවා. පොඩි අදහසක්  ගන්නඑකක් දානවා මෙතන.

1. ඕෂෝ වයස් 21 දී එන්ලයිටන්මන්ට් එකක් ලැබුණා කියනවා. ඒ ලෝකය ගැන අවබෝධයක් වගේ අර්ථයකින්. බොහොම ගැඹුරු අවබෝධයක්. මෙකකෙතරම් ස්ට්‍රෝන් ද කිව්වොත් ඕෂෝ විවාහ වන්නේත් නෑ

2. ඕෂෝ දිගටම ඉගෙන ගන්නවා පශ්වාත් උපාධි දක්වා. දර්ශනවාදය ගැන. ඉන්දීය විවික දර්ශනවාදය උගන්වනවා

3. ඕෂෝ මේ අතරේ දේශනා කරනවා . ඒ දේශනා වල තියෙන්නේ භාවනා ස්පිරිචුලලිටි සහ පවතින රාමුව ගැන විවේචනයක්. ඒ වගේම ඔහු සෙක්ස් ෆ්‍රීඩම් වගේ 60 දශකය වෙද්දී බටහිර පවා පිලි නොගත් දේවල් දේශනා කරනවා. ඒ සමහර දේවල් ගැන ඔහු අනාගතවාදියෙක්. ඕෂෝ පවතින සියලු ආගම් විවේචනය කරනවා හින්දු ඇතුළුව. ඊට එක හේතුවක් ආගම් සියල්ල සීමාකාරී මිනිසුන් නීතිවලින් බඳින ඒවා වීම

4. ඕෂෝ ගේ දේශනා වටේ ඉන්දියන් මිනිස්සු බැඳෙනවා. ඔහු ධනවතුන්ට  ස්පිරිචුවල් සපෝට් දෙනවා. ඊට විශාල මිලක් අයකරනවා. කන්ට්‍රවර්සි නිසා විවියේ සේවයෙන් නෙරපනවා, ඕෂෝ ආශ්රම් එකක් හදාගෙන සෙට්ල් වෙනවා. මේ කාලේ ඕෂෝ ගේ සෙකට්‍රි ධනවත් පවුලක කාන්තාවක්. ඔහු රඳා පවතින්නේ ආධාර මත. ඉන්දීය සමාජයේ. ඒ හරහා විශාල ධනයක් එකති වෙනවා.

5. ඕෂෝ බටහිර ජනප්‍රිය වෙනවා. හිපි මූමන්ට් එක එක්ක ආපු පෙරදිග ගැන අවෙයානස් එක නිසා වෙන්න ඇති. බටහිර ජනයා ආශ්රම් එකට එනවා භාවනා කරන්න සහ "එන්ලයිටන්" වෙන්න. ඕෂෝ උන්ගෙන් මුදල් අයකරනවා

6. කතාව පුරාම පෙනෙන දේ නම් ඕෂෝ තම එන්ලයිටන්මන්ට් එක බෙදුවේ මුදල් වලට කියල. ඔහුගේ මූමන්ට් එක පුරාම ඔහු ලඟින් ඉන්නේ සල්ලි කාරයින්. බටහිරත් ධනවත් හෝ මධ්‍යම පාන්තික උගතුන්. ඕෂෝ මුන්ට ග්‍රීඩ් එක අතාරින්න කියනවා. ඒ අතාරින වෙල්ත් එක තම මූමන්ට් එකට ගන්නවා. ශීලා ට අනුව ඕෂෝ කියන්නේ හොඳ කැපිටලිස්ට් කෙනෙක්. එන්ලයිටන්මන්ට් කියන්නේ නියම ප්‍රොඩක්ට් එකක්. ඒක ද්‍රව්‍යමය නෑ, නිෂ්පාදන මිලක් නෑ. දුන්නට පස්සේ මට ලැබුණේ නෑ කිව්වොත් ඒක ගත්ත එකාගේ වරද, ලැබුණා කිව්වොත් ඒ ඕෂෝ ගේ හැකියාව. අනික රිටර්න් කර සල්ලි ඉල්ලගන්න බෑ.

7. කෝම හරි ඕෂෝ ගේ දර්ශනය අමු පුස්සක් වෙන්න බෑ එක අල්ල ගත්ත මිනිස්සු දිහා බැලුවම. ඔහු සමාජයේ සංවේදී නිලයකට  ගහනවා කිවහැකියි.

8. ධනවත් ඉන්දීය ගැහැණිය ඉන්දියාව තුල ඔහු එස්ටබ්ලිෂ් කලාට ඒ මදි. ඕෂෝ ඇය  ඉවත් කර ශීලා සෙකට්‍රි කර  ගන්නවා. ඇමරිකන් මාස්ටර්ස් එකක් තියෙන බටහිරට ඇක්සස් කළහැකි ක්‍රියාකාරී ගැහැනියක්. මේ ක්ලෝස් ටයර් එකේ ගැහැණු ඕෂෝ සමග සෙක්ස් පවා කල බව ශීලා ගේ කතාව අනුව හිතෙනවා. මම ඒක හයිලයිට් කරන්නේ ඕෂෝ ඇත්තටම මේ දර්ශනය තුලින් තම සියලු අවශ්‍යතා සපුරා ගත් බව කියන්න.


9. 70 දශකයේ අග ඉන්දියාවේ පාලක පක්ෂය ඔවුන්ට වලි දානවා . චෝදනා වනුයේ සාමාජිකයන් ට වයලන්ට් ක්‍රම වලින් එන්ලයිටන්මන්ට් දීම [කාමර වල බලෙන් සිර කිරීම වගේ] මත්ද්‍රව්‍ය සහ ගණිකාවන් [ෆ්‍රී සෙක්ස් සහ නාකොටික් ෆ්‍රීඩම් නිසා මෙහෙම කිව්ව වෙන්න පුළුවන්] . ඕෂෝ මේවා මෙහෙමම කරන්න කියූ බවට සාක්කි නැතත් ඔහු ඒවා දන හුන් බවත් අනුමත කල බවත් කියවෙනවා. එසේම ඕෂෝ ගේ ටැක්ස් free ස්ටේට් එක ඉවත් කල විට ඩො මි 5 ක ටැක්ස් එකක් සෙට් වීම. මේ චෝදනා වලට මුලදී ඔහුට සහය දුන්නු ඉන්දිරා ගේ විපක්ෂයත් පස්සේ සපෝට් කරන එක ඒවා නිවැරදි බවට සාධකයක්. ශීලා ගේ මෙහෙයවීම එක්ක ඕෂෝ ඉන්දියාව හැර යනවා

10. ඇමරිකාවේ ඔරිගන් වල ගම්බද පෙදෙසක ව සැ 100 ක පමණ විශාල ඉඩමක් සල්ලි වලට ගන්න තරම් ඔවුන්ට සල්ලි තියෙනවා, මේකනම් දත් දොස්තර කෙනෙක් ලෙස ඕෂෝ දක්වන හැකියාව ඉතින්. මේ ඉඩමේ සියල් සපිරි මාලිගාවක ඉන්න ඔහුට හැකිවෙනවා. ඔහු සියලු සම්පත් විඳිමින් ජනයාගේ පූජනීයාත්වයට පත් වෙමින් මේ යුටෝපිය නගරය [රාජ්නීශ්පුරම්] හදන සැලසුමේ ඉන්නේ. දිනකට පැය 12ක් ඔක්කොම වැඩ. නගරයක් දුවන්න අවශ්‍ය ශිල්ප දැනුම තියෙනවා. එයාපෝට් හොස්පිටල් ලැබ්ස් එහෙමත් තියෙනවා. හැබැයි ඔක්කොම ගොවිතැන් සහ පොදු වැඩත් කරනවා. මේ කිසිවකට ඕෂෝ ගෙවන්නේ නෑ සියල්ලට ගෙවන්නේ අනුගාමිකයන් මයි.

11. ඔරිගන් ස්ටේට් එකේ බලධාරීන් එක්ක ගැටුම් ඇතිවෙනවා. පළාතේ ජනයා ප්‍රතිරෝධයක් දක්වනවා. මීට එක හේතුවක් වන්නේ ඇමරිකාවේ ක්‍රිස්තියානි ජාතිවාදය, හැබැයි ඕෂෝ ලා පිටින් මිනිස්සු ගෙන්වන එක ගැන ඔවුන් විරුද්ධ වෙනවා නගරයේ බොහෝ දෙනා ඇමරිකන් සිටිසන්ලා නෙවි. ඕෂෝ පවා. ප්රෝස්ටිටියුශ්න් සහ මත්ද්‍රව්‍ය චෝදනා ආයේ එනවා, හැබැයි නවත වරක් මීට හේතුව උන්ගේ නිදහස් ගති වීම පමණක් වෙන්න පුළුවන්.

12. මේ වෙද්දී ශීලා අතිශයින් ක්‍රියාකාරියි. ඕෂෝ වෙනුවෙන් පාලනේ ගෙනියන්න්නේ එයා ඕෂෝ ඒ කිසිවක භෞතික අගයක එල්බ ඉන්නේ නෑ. හැබැයි ඔහු තමා ශීලා මෙහෙයවන්නේ. ශීලා කියන පරිදි ඕෂෝ එකම දෙගන දවස් දෙකක දරන්නේ මත දෙකක් හැබැයි ඒ දෙකම ඔහුට මනා සේ පැහැදිලි කල හැකියි. එසේම ඔහු exact කතා  කියන්නේ නෑ [සියලු ආගමික බිස්නස් කාරයින් කරන දෙයක්]. ඔහු සියල්ල කියන්නේ දාර්ශනික අදහස් ලෙස. රාජ්නිශ්පුරම් වල කට්ටිය ඒවා රියලිටිය එක්ක ගලපා ගත්ත මිස ඕෂෝ ඒවා ගැන හෙව්වේ නෑ. ඉතින් මේ ග්රූප් එකේ නියම නායිකාව ශීලා. ඕෂෝ අධ්‍යාත්මික නායකයෙක්. ශීලාට ඕෂෝ කියන දේවල් තේරිලා නෑ වගේම තේරෙන්න තරම් පැහැදිලිත් නෑ. එය අ කලේ එයාට තේරුණු දේ

13. ඕෂෝ කියන්නේ ඉන්ඩිවිජුවලස්ම් දේශනා කල අයෙක්. කලෙක්ටිවිස්ම් විරොධියෙක්. එහෙත් ඔහු ගොඩනගන්නේ කලෙක්ටිවිස්ට් සමාජයක්. හැබැයි ඔහු කියන්නේ ඒවා ගැන ඔහු වොරීඩ් නෑ කියල. ඇත්තෙම්ම සමාජය හදන්නේ ශීලා ඇතුළු අනුගාමිකයන් ඕෂෝ කරන්නේ දේශනා ආදිය කරමින් එතන ඉන්න එක.

14. ඔරිගන් වල බලධාරීන්ගෙන් බේරෙන්න මෙයාල කරන්නේ මෙයාල චන්දේ ඉල්ලන එක. එහෙම කරලා ඇන්ටිලොප් කියන 75 ක ජනගහනයක් තියෙන නගරෙක බලය මුන් අල්ලනවා. ඊට පස්සේ වෙස්කෝ කවුන්ටි  වල ප්‍රධාන චන්දෙට මෙයාල ඉදිරිපත් වෙනවා.


15. වෙස්කෝ කවුන්ටි චන්දෙට ඉදිරපත් වීම ඕෂෝ ගේ අදහසක් වගේ පෙනෙන්නේ අඩුම ගානේ එහෙම දෙයක් හින්ට් කරන ඒකවත් ඕෂෝ කරනවා. සැලසුම ක්‍රියාත්මක කරන්නේ ශීල. ශීලා දිගටම කියන්නේ ඕෂෝ ගේ මග පෙන්දීම යටතේ ඔහුගේ සැලසුම සාර්ථක කරගන්න කලයුතු හැමදේම ඇය කළා කියල.

16. පළවෙනිම දේ චන්ද දායකයින් එකතු කිරීම මේ සඳහා ඇමරිකාවේ තැන තැන ඉන්න හෝම්ලස් උන්ට කන්න බොන්න දෙනවා කියල ශේල්ටර්ස් හදලා රාජ්නීශ්පුරම් වලට ගේනවා. උන්ව ලියාපදිංචි කිරීමෙන් චන්ද වැඩි කරගන්න හදන්නේ.

17. ඒත් එකතුවුන ගණන මදි. ඒ නිසා ශීලා තීරණය කරනවා කවුන්ටියේ ජනතාව ලෙඩ කරලා චන්දෙට යන ගණන අඩු කරන්න. වෙන දිනන්න විදිහක් නෑ. ඒ නිසා ඔවුන් සැල්මොනෙල්ලා ගෙනත් ඔවුන්ගේ ලැබ වල කල්චර් කරනවා. ට්‍රයල් එකක් ලෙස ඒවා රෙස්ටෝරන්ට් කීපෙකට දානවා. 750 ඉක්මවා ලෙඩ වෙනවා. මේ ට්‍රයල් එක. මේක මහා පරිමානෙන් කලොත් සහ වතුර සප්ලයි එකට දැම්මොත් මුළු ප්රාන්තේම චන්දෙන් ඉවත් කරන්න ශීලා සැලසුම් කරනවා. දැන් මේ මට්ටමට ඕෂෝ සම්බන්ධ ඇතැයි මම හිතන්නේ නෑ, ඒත් මේ ගානට මුන්ව ගෙන එන්නේ ඔහු. ශීල ඇටර්නි ජෙනරාල් මරණ ඔප්ෂන් එක පවා කන්සිඩර් කල බවට කියවෙනවා. මේක 100% ෂුවර් නෑ.

18. ආ මේ වෙද්දී සාමයෙන් ආපු ඕෂෝ ලා මිලිශියා එකක් නඩත්තු කරනවා ආරක්ෂාවට කියල. ශීලා තමා ලීඩ් කරන්නේ. ගන්ස් පේනවා වීඩියෝ වල.

19. මේ අතර ඔවුන් දන ගන්නවා හෝම්ලස් උන් රෙජිස්ටර් කරන්න බෑ කියල. සැලසුම් අසාර්ථකයි. සියල්ල අතහැර දානවා. ඒ කිසිවක් කාටවාත් මාට්ටු වෙන්නේ නෑ. හැබැයි සැක කෙරෙනවා. සෙනෙටර් කෙනෙක් සැක කරනවා සැල්මොනෙල්ලා රෝගය මුන්ගේ වැඩක් කියා.

20. මේ අතර බලධාරීන් ඕෂෝ වටේ කැරකෙනවා මොකද ඕෂෝ අර ඇමරිකන් නොවන සිය අනුගාමිකයින් ෆේක් විවාහ හරහා ඇමරිකන් සිටිසන් බවට හරවාගෙන ඉන්න නිසා. මේ කේස් එක මේ වෙද්දී 
 යටින් දුවනවා. හැබැයි ඕෂෝ ගේ කට්ටිය කියන්නේ මේක ඔහුව කොටු කරන්න හදාපු බොරු ප්‍රෝඩාවක් කියා.

21. ඕෂෝ ශීලා භේද වෙනවා. බොහෝවිට හේතුව ශීලා කරන්න ගිය විනාශකාරී දේවල් වෙන්න පුළුවන්, හරියටම දන්නේ නෑ. ඕෂෝ පොලිසියට කියනවා සිද්ධිය, ශීලා පලා යනවා ජර්මනියට.

22. ඕෂෝ ත් පලයන්න උත්සහ කරනවා. දෙන්නවම අල්ලනවා. ඕෂෝ ගේ සිටිසන්ශිප් සිද්ධිය ශීලාගේ විනාශකාරී සැලසුම්.

23. ශීල කියන හැටියට ඔරිගන් බලධාරීන් එක්ක එකඟතාවයකින් ඕෂෝ ඉන්දියාවට් යවන පොරොන්දුව පිට ශීලා හිරේ ගියේ, ඒවා එහෙම්ම දන්නේ නෑ. ඕෂෝ ඩිපොට් කරනවා ශීලා වසර 3+ හිරේ,

24. ඕෂෝ ආපහු ඉන්දියාවට ගිහින් තමන්ගේ ආශ්රම් එකේ අවු 5 ක් ඉඳල මැරෙනවා. ශීලා නිදහස් වෙලා ස්විට්සර්ලන්තේ ඉන්නවා. රාජ්නීෂ් වරු විවිධ ආකාරෙට තවමත් ලෝකේ ඉන්නවා. ඕෂෝ දර්ශනය පවතිනවා. හැබැයි යුටෝපියාව ඇරෙන්න.

25. කෙසේ නමුත් බටහිර එබ්‍රහමික දර්ශනේ හිරවෙච්ච සමාජය වඩාත් මොඩර්න් විදිහට ලෝකේ දකින්න ඕෂෝ කල වෙනස බලපාපු බව කියනවා. ඕෂෝ හිපි ව්‍යාපාරය වගේම පවතින තඩි දොග්මා එක කඩල ඒ තුල තමනුත් විනාශ වෙනවා. හැබැයි ඒ වගේ බිඳපු තැන්වලින් තමා ලෝකය ඉස්සරහට යන්නේ

Wednesday, July 11, 2018

තායිලන්තයේ තාම් ලුවාන් උමගේ කතාව

මේ සටහන තියන්නේ සුවිශේෂී කතාවක් ගැන මතක සටහනක් වශයෙන්. සමහර ජීවමාන අවස්ථා තියෙනවා "මම ඒක දැක්ක" කියල දරුවෙකුට දවසක කියන්න පුළුවන් අවස්ථා. යුරි ගගාරින් අභ්‍යවකාශයේ පළමු ගමන ගිය දිනය, ආම්ස්ට්‍රෝන් සහ ඔල්ඩ්රින් සඳ මත පා තැබීම වගේ දෙයක් වෙන්න පුළුවන්. දෑසින් දැක්කෙම නැතත් සමහර විට මනසින් වත් පරිකල්පනය කරන ලෙස ප්‍රධාන ධාරාව එක්ක සම්බන්ධ වී සිටීම. 2009 යුධ ජයග්‍රහණය, 2004 සුනාමිය

මේකත් එහෙම අවස්තාවක්. ඇත්තෙන්ම මේ සටහන එන්නේ අදාළ සිදුවීම  ගැන  ෆේස්බුක්  පෝස්ට්  එකක  එක්රැස්  කල කාරණා  ඇසුරෙන්.   කමෙන්ට් 1200  සහ  ශෙයා  කිරීම්  110  ඉක්මවා ගිය  ඒ  පෝස්ට්  එකට  සම්පත්  දායකත්වය සහ  සහබාගිත්වය සැපයු  සැමට  ස්තුති  කරන්න  මේක  අවස්තාවක්  කරගන්නවා.

අපි ඔක්කොම මේ ගමන එක්ක යන්න තීරණය කළේ තායිලන්තයේ පාපන්දු පිලක ඇසිස්ටන්ට් කෝච් කෙනෙක් වන එක්පොල් හෙවත් "එක්". ඔහු කුඩාකල මවුපියන් අහිමි වීමෙන් පස්සේ මහණ දිවියට ඇතුළු කරලා පස්සේ තම මිත්තනිය රැක බලාගන්න සිවුරු ඇරපු අවු 25 ක තරුණයෙක්. එක් තරමක් එක්ස්ට්‍රීම් කෝචින් ටෙක්නික් යොදාගත්ත, එහෙත් එනිසාම කණ්ඩායමේ ආදරයට පාත්‍ර වෙච්ච කෙනෙක්. ඔහු තම කණ්ඩායමට ටීම් බිල්ඩින් සඳහා අසීරු ඉලක්ක සැපයු අතර ඒවා බොහෝ විට ඇඩ්වෙන්චර් ක්‍රියා.

ඔවුන් ජීවත් වුණේ තායිලන්තයේ චියන් රයි පළාතේ බුරුමය සමග බෝඩර් එකේ පිහිටි මා සයි නගරය අවට. චියන් රයි කියන්නේ තායිලන්තයේ උතුරින්ම පිහිටි පළාත. ඒ අවට බුරුමයට සහ ලාඕසයට මායිම් වන මීකොන් නදියේ ලොව ප්‍රකට හන්දියක් තියෙනවා ස්වර්ණ ත්‍රිකෝණය කියල [පසුකාලීනව එහි මත්ද්‍රව්‍ය නිෂ්පාදන නිසා අද මේ නම යෙදෙන්නේ මත්ද්‍රව්‍ය කලාපය හඳුන්වන්න]. බුරුම අනාතයින් එදිනෙදා රස්සාවට එන බුරුම ජාතිකයන් සහ බෝඩරය හරහා ආවාහ විවාහ නිසා තායිලන්තයේ උතුරුදිග ම නගරය වන මා සයි බුරුම තායි ජන මිශ්‍රණයක් සහිත නගරයක්. ග්‍රාමීය ප්‍රදේශයක් නිසා එකිනෙකා කෙරෙහි ලං ව බැඳුන සමාජයක්.

Image result for chiang rai location

ගිනිකොණ ආසියානු උස්බිම් කියන හිමාලයට නැගෙනහිර කඳු පද්ධතියේ උසින් අඩු කෙළවරවල් මේ ප්‍රාන්තය තුල තියෙනවා. තායිලන්තයේ දිගම ගුහා පද්ධතිය වන කිමි 10 කට වඩා දිග තාම් ලුවාන් ගුහාව පවතින්නේ මා සයි නගරය අවට. මේ ගුහාවේ මුල හරිය බොහෝ දෙනා ඇවිද ගෙන යන කොටසක් එහෙත් සමහර තැන් අඩි තිහ හතලිහ උස කඳු නැගීමේ හැකියා අවශ්‍ය ගල් කුළු ඒ වගේම පටු ස්ථාන සහිතයි. වැසි සමයේ ගුහාවට යන්න එපා කියන්නේ ගුහාවේ මුවවිට වටේ භූමියට වඩා පහතින් පිහිටි නිසා ඒ කොටසට වතුර පිරෙන බැවින්.

එක් විසින් තම කණ්ඩායමට ලබාදෙන එක අසීරු අභ්‍යාසයක් වෙන්නේ මේ ගුහාව ඇතුලට යන එක. ගමන මිස් වෙච්ච සමහර සිසුන් කියන පරිදි එක්තරා තැනක තම නම ලියා එන්න කියන අභියෝගය තමා දෙන්නේ, ඒ සමගම කණ්ඩායමේ කෙනෙකුගේ උපන්දිනයකුත් යෙදෙන නිසා ඇතුලෙම උපන්දින පාටිය දාන්න කෑමත් අරගෙන කට්ටිය යන්නේ. වයස 11-16 අතර දරුවන් 12 ක් සහ පුහුණුකරු එක් මේ ගමනට සහබාගි වෙනවා.

ඔවුන් කරන මිස්ටේක් එක වන්නේ වැසි සමයක මේ ගමන යොදාගැනීම. එපා කියා අනතුරු අඟවා තිබ්බත් ඕනේ තරම් ගමේ අය වැසි කාලවල යන බවත් කියවෙනවා. ඒ අනුව අනතුරු ඇඟවීම එතරම් සීරියස් සලකන බවක් පෙනෙන්න නෑ. කෙසේ වෙතත් කණ්ඩායම ගුහාව ඇතුලේ ඉන්න වෙලාවේ විශාල මෝසම් වර්ෂාවක් වැටිලා වටෙන්ම ගලන වතුර ගුහාවට පිරෙන්න ගන්නවා. පුනීලයක් වගේ එකතුවෙන මේ වතුර ඇතුලේ සිහින් තැන්වල සුනාමියක් වගේ පිරෙන බව කියවෙනවා. ඇතුලේ වෙච්ච දේ තවම අපි දන්නේ නෑ. කෙසේ වෙතත් කණ්ඩායම මුලින්ම මුහුණ දුන්නු ගැටලුව ලෙස සැලකෙන්නේ ආපු පාර ජලයෙන් යටවීම. ගුහාව සම්පුර්ණයෙන්ම පිරීම නිසා කිමිදෙන්න වන තැනුත් මුල හරියේ තියෙනවා, කණ්ඩායමේ ඔක්කොටම වගේ පිහිනන්නවත් බෑ. ඒ නිසා ආපහු එලියට එන්න කොහෙත්ම බෑ කට වතුරෙන් සීල් වෙලා. කණ්ඩායම මේ නිසා වඩාත් ආරක්‍ෂිත තැන් සොයමින් ඇතුලට ගියා කියා හිතනවා.

කෙසේ නමුත් දෙවැනි ගැටලුව වන්නේ කන්දේ ඇතුලේ දිය සීරාව ලීක් වෙලා ගුහාවේ ඇතුලේ අසීරු තැන් පිරී යාම. ජල උස අඩි තිහක් වගේ වෙන තැනුත් තියෙන නිසා මේ වෙද්දී ගුහා සංකීර්ණය ලෝකේ ඉන්න විශේෂඥ මට්ටමේ ගුහා කිමිදීම් කරන කෙනෙකුට පවා අසීරු වන ගානට ඇවිත්. කණ්ඩායම කෙසේ පණ බේරාගෙන ගියාද කියා අපි තවම නොදන්නා නමුත් ඔවුන් ගියා කියා හිතන සමහර තැන් අඩි දෙකක පමණ විශ්කම්භයක අඩි පනහක් පමණ දිග තැන්. දැන් චෝක් පොයින්ට් කියන එක තැනක් අඩියකට වඩා මදක් පළල තැනක්. මේවා වතුරෙන් පිරෙන්න පෙර ඔවුන් යන්න ඇති ඒ සමගම ඔවුන් පසුපසින් වතුර ඇවිත් පිරෙන්න ඇති.

ළමයි සහ පුහුණුකරු අතුරුදහන් වීම එක්ක හැමෝම කලබල වෙලා මේ අය හොයන මෙහෙයුමක් පටන් ගන්නවා. මුලින්ම තායි නාවික හමුදාවේ මුහුදු, ගුවන්, ගොඩබිම් ඒකකය හෙවත් සීල් යුනිට් එක මේකට සහබාගි වෙන්නේ. ගුහාවේ ජලය පිරුණු තත්වය නිසා ජාත්‍යන්තර මට්ටමින් ගුහා කිමිදීමේ විශේෂඥයින් මේ වැඩේට එකතු වෙනවා. විදේශිකයන් වුනත් ඔවුන්ගෙන් සමහරු තායිලන්තේම කිමිදීම් ආශ්‍රිත සංචාරක ව්‍යාපාර කරන එක නිසා වෙන්න ඕනේ මෙතරම් ඉක්මනින් ඔවුන්ගේ සමාජයේ ජාත්‍යන්තර අවධානය ලැබෙන්නේ. එසේම  මේ ගුහාව සිතියම්ගත   කල  බ්‍රිතාන්‍ය  ජාතිකයා  සොයා   තායි රජය  යාම  නිසා  බ්‍රිතාන්‍ය  ගුහා කිමිදුම්  සමාජයේ  අවධානය   කල්තියා ලබා  දෙන්න  ඔහු  සමත්  වෙනවා.

මේ විශේෂඥයින් අතර රිචර්ඩ් ස්ටෑන්ටන් සහ ජෝන් වොලන්තන් කියන බ්‍රිතාන්‍ය ජාතිකයන් දෙදෙනා තමා දුරටම යන්නේ. කිසියම් හේතුවකට ළමයි ගුහාවේ එක කුටීරයක ඉන්න ඕනේ කියා ඔවුන් හිතනවා, මම හිතන්නේ ගමනට සහබාගි නොවූ අය දැනගෙන ඉන්න ඇති ගමනේ සැලසුම. මේ ස්ථානය ගුහාවේ කිමි තුනක් පමණ එහා තියෙන වැලිපරයක් [නම ලියල එන්න කිව්වේ මෙතන වෙන්න පුළුවන්]. තායිලන්තයේ සුප්‍රකට පට්තායා වෙරළ නමින් මෙතනට පට්තායා බීච් කියා කියනවා [ඇත්ත පට්තායා වෙරළ තියෙන්නේ බැංකොක් වලට දකුණින්, මේ ස්ථානය එක්ක කිසිම සම්බන්දයක් නෑ. එහෙත් පට්තායා නම ප්‍රකට නිසා ගුහාවේ වැලිපරයට ඒ නම දැම්ම වෙන්න පුළුවන්. පට්තායා II කියල ගංගාවක වෙරලකුත් මේ ප්‍රාන්තයේ තියෙනවා]. කෙසේ වෙතත් ඒම වැලිපරය තරමක් උස නිසා ළමයි ඕකේ උඩ ඇති කියලයි එතනට යන්නේ. එහෙත් කිමිදුම් කරුවන් නොසිතු සේ එතන වැලිපරය සම්පුර්ණයෙන් යටකරගෙන විශාල දියපහරක් ගලාගෙන යනවා.

ඊ ගාවට වෙච්ච දේ තමා මේ සිදුවීමේ පුදුම සහගතම තැන. මඩ වතුරේ අතපත ගාලා මිසක් හොයන්න බැරි තත්ත්ව යටතේ මේ දෙන්න හොයා ගන්නවා අර පෙර කියූ අඩි දෙකක් විෂ්කම්භය සහිත ගුහා කට. ඔවුන් විෂය විශේෂඥයින් නිසා දිය ගලන ආකාරය සලකා සොයාගත්තා වෙන්න පුළුවන්. මේ පටු කුහරය අඩි පනහක් පමණ දිගයි, මේ වෙද්දී ජලයෙන් පිරිලා. ඒත් මේ දෙන්න ඒ හරහා යනවා. කොහොම ඒ වගේ අවදානම් සහ පුදුමාකාර තීන්දුවකට ආව ද දන්නේ නෑ. පෙර කියූ සියලු අසීරු තැන් තියෙන්නේ මේ පට්තායා වෙරළින් එහා කොටසේ. සියල්ල තනිකර අඳුරේ හිස්වස්මේ එලිය පවා වැඩක් නෑ මඩ ජලය නිසා.

තවත් කිලෝමීටරයක් පමණ සහ අඩි තිහකට වඩා දියයට ගැඹුරේ කිමිදුමකින් පස්සේ මේ දෙන්න හොයා ගන්නවා ළමයි සහ පුහුණුකරු උසින් පිහිටි පස් කණ්ඩියක් මත ඉන්න බව. පෙර කී පටු කුහරයට පිරෙන වතුර ඔවුන් ආසන්නයට ඇවිත්. ඉතා කුඩා ඉඩක ඔවුන් දින නවයක් ඉන්නවා. පාටියට ගෙනා ආහාර සලාක ක්‍රමයට බෙදාගෙන තියෙනවා. එසේම පුහුණුකරු ඔවුන්ට භාවනා මගින් ශක්තිය ක්ෂය වීම අවම කරන හැටි හුරු කළා කියනවා. ඔවුන් හිතාගන්න බැරි තරම් යහපත් මානසික තත්වයක ඉන්නවා. භාවනා සහ කණ්ඩායම් හැගීම නිසා වෙන්න පුළුවන්.

දැන් කතාව දිහා ආපහු හැරිලා බැලුවොත්; ළමයි ඉන්නේ මුව විටෙ සිට කිමි 4ක් දුර, අඩි කීපයක් උස ගැට්ටක.. වතුර අඩි කීපයක් පහල වෙනකම් ඇවිත්. මේ දුර යන්න දැන් වෙද්දී වතුරේ අඩි 30 වගේ ගැඹුරට මුළු දුරම වගේ කිමිදෙන්න ඕනේ. ඒ වගේම මිනිස් සිරුරක වටරවුමේ තරම් හීනි ටනල් කෑලි වලින් යන්න ඕනේ. එසේම ගුහාවේ ඊට පෙර පෙදෙස් සියල්ලම ජලයෙන් යට වෙලා, කලින් කඳු නැගීම් කල තැන්වල දැන් කිමිදීම් අවශ්‍යයි. පැය හයක් යනවා එක්ස්පීරියන්ස්ඩ් කේව් එක්ස්ප්ලෝරර් කෙනෙකුට එළියේ සිට කණ්ඩායම ඉන්න තැනට යන්න.

No automatic alt text available.

වතුර තියෙනකම් හොඳ ඩයිවින් ස්කිල් නැතුව එන්න බෑ. වතුර මෝටර් දාල ඉස්සත් මාස 4ක් වත් වැස්ස තියෙනවා. ඒ නිසා කලින් කතා වුනේ මාස 4 ඔතන තියන්න. ඒත් මෝසම් ක්‍රියාකාරිත්වයක් නිසා ඉදිරි දින කීපයේ මහා වැසි ඇද හැලෙන බවට අලුත් නිවේදනයක් ආපු නිසා බේරගන්න නම් දැන් ගේන්න ම වෙනවා. නොවේනම් ඔය ඉන්න තැන පිරිලා ගිලිලා මැරෙයි. එසේම 16% ට පමණ ඔක්සිජන් මට්ටම අඩුවීම සහ කාබන් ඩයොක්සයිඩ් මට්ටම වැඩිවීම කියන ගැටළු දෙකත් ඉක්මනින්ම තීරණාත්මක තත්වයක් ඇති කරන්න පුළුවන්. ඒ නිසා දිගු කලක් ඔතන තියන්න බෑ . ඔක්සිජන් 12% ට අඩු වුනොත් හෝ කාබන් ඩයොක්සයිඩ් වැඩි වුනොත් එහෙමත් නැත්නම් තව වැස්සකින් ජල මට්ටම නැග්ගොත් ඔවුන් මිය යනවා.

No automatic alt text available.

තායි සීල් භටයින් සහ ස්වෙච්චා කිමිදුම් කරුවන් දරුවන්ට අවශ්‍ය ආහාර සහ සෞධ්‍ය පහසුකම් සපයනවා. සෞඛ්‍ය සේවා සැපයිය හැකි සීල් භටයින් සහිත ටීම් එකක් දිගටම ඔවුන් එක්ක ඉන්නවා. ඒ අය කණ්ඩායමට පිහිනුම් සහ කිමිදුම් පාඩම් ලබාදෙනවා. වෙනම ටීම් එකක් සහන සේවා වෙනුවෙන් එදිනෙදා පැය එකොළහක රවුන්ඩ් ට්‍රිප් එක යනවා. හිතාගන්න අමාරුයි මේ වගේ සියුම් කුහර අස්සෙන් එදිනෙදා මේ කට්ටිය කොහොම ආවා ගියාද කියල. පෙර කී පටු කුහරයෙන් ස්කුබා ඇඳුමේ වායු සිලින්ඩරය එක්ක යන්න බෑ සිලින්ඩරය ඉදිරියට ගෙන තල්ලු කරමින් යන්න ඕනේ. ඒත් අඩුවෙන ඔක්සිජන් වෙනුවෙන් අමතර සිලින්ඩර පවා සපයා දෙන්න ඔවුන් සමත් වෙනවා.

මෙන්න මේ කටයුතු අතර කණ්ඩායමට ඔක්සිජන් සපයන්න ගිය සේවයෙන් ඉවත්වූ සාමාන් ගුනාන් නම් සීල් භටයෙක් ආපහු එද්දී තමන්ගේ ඔක්සිජන් ඉවර වීමෙන් මිය යනවා. මේක මම හිතන්නේ මුදාගැනීමේ අවදානම ගැන හොඳ කියවීමක් වුනා.

මම මේ වැඩසටහනේ දකින ලස්සනම දේ නම් ඔවුන් මෙය කළමනාකරණය කල හැටි. පලවෙනි ලොජිකල් වැඩේ තමා කට අවට තියෙන වතුර බැස්සවීම. මේ සඳහා අධි බල මෝටර් යොදා ඒ වතුර බස්සන්න පටන් ගන්නවා. වතුර පහල පිරිලා කුඹුරු වල ගංවතුරක් වෙනකම්. එසේම සැපයුම් දිගටම පවත්වා ගන්නවා. පහු වෙද්දී වායු නලයක් දාන්න හැදුවත් එය අසාර්ථක වෙනවා එහෙත් මුළු දුරට ලණුවක් යොදා අතරමග ඔක්සිජන් සංචිත තියාගන්න සීල් භටයින් කටයුතු කරනවා. වෙනම පිරිසක් කන්ද උඩින් හාරන්න පුලුවන්ද කියා බලනවා. ගුහාවල සාමාන්‍යයෙන් පවතින චිමිනි සිදුරු තියේද කියන එක තමා ඔවුන් බලන්නේ. එසේම ඉහල වනාන්තරයේ සිවිල් ඉංජිනේරුවන් සහ වනජීවී නිලධාරින් කන්දේ ජලය රැඳෙන තැන් පාරමින් සියලු ජලය මතුපිටින් ගලන්න සලස්වනවා මොකද එසේ නොවේනම් කුහර වලින් ඇතුලට ගලන නිසා. මේ සියල්ල නිසා වැස්ස අතරේ පවා ගුහාවේ එලිය හරියේ ජල මට්ටම අඩු කරගන්න ඔවුන් සමත් වෙනවා.

උඩින් හාරන එක බොහෝ දෙනෙක් දැක්ක පැහැදිලි චිසඳුමක්. වසර කීපයකට පෙර චිලි වල පතලක හිරවූ මිනිසුන් පිරිසක් මුදාගත්තේ හාරලා කැප්සියුල් එකක් යැවීමෙන්. එහෙත් මේ සිද්ධිය ඒ හා සමාන නෑ. පළමුවෙන්ම පතල වගේ ගුහාවේ නිරවද්‍ය සිතියම් නෑ. හාරන තැන තීන්දු කරගන්න. පතලේ වගේ පුහුණු මිනිස්සු නෙවි ඉන්නේ ගුහාවේ ළමයි ටිකක්. පතල හාරන්න වුනේ මීටර හාරසීයකට අඩුවෙන් මෙතන කන්දේ මතුපිට සිට කිලෝමීටරයක් පමණ පහල තමා ගුහාව තියේ කියා හිතන්නේ එසේම පතල හාරන්න දින 69ක් ගියා, මෙතන එතරම් කල් තිබ්බේ නෑ.

එසේම ගුහාවට ඩයිනමයිට් දාන එකත් ඉග්නෝ කලේ ඉන් වඩාත් බරපතල අනතුරක් වෙන්න පුළුවන් නිසා. හැබැයි ගල් කටුව සහ මිටියෙන් ගුහාවේ බොහෝ තැන් පුළුල් කරගන්න තායි සීල් භටයින් කටයුතු කරනවා.

මේ සියල්ල අතර සිසුන්ට තම කෑම පංගුව පවා පුද කරමින් හිටි පුහුණුකරු ඔවුන් රැකබලාගෙන කල වැඩ කොටසත් සුවිශේෂී එකක්.

මේ සියල්ල නිසා ජුලි 9 ඉරිදා වෙද්දී අර පට්තායා බීච් කියන තැනින් මෙහා සියලු ස්ථාන වල ජලය අඩුකර පඩි සකසා ගමනාගමනය පහසු කරගන්න ඔවුන් සමත් වෙනවා. ඒ අනුව පට්තායා බීච් වලින් එහා පටු ගැඹුරු කුහර තුල කිමි එකක පමණ කිමිදීම් සහ  ඉතිරියේ  ගල්  මත නැගීම  ඇරෙන්න වෙනත් කිසි අනතුරක් ඉතිරි වී නෑ.  වැස්ස තවත් වැඩිවන නිසා වැඩිපුර කාලය නැති බැවින් ඔවුන් මුදාගැනීම පටන් ගන්නවා.

ජාත්‍යන්තර කිමිදුම්කරුවන් මේ සඳහා ඕස්ට්‍රේලියානු ජාතික වෛද්‍ය රිචර්ඩ් හැරිස් ව ඉල්ලා සිටිනවා. වෘත්තියෙන් නිර්වින්දනවේදියෙක් වන හදිසි ගිලන් රථ අංශයේ කටයුතු කරන ඔහු වසර තිහකට වඩා අසීරු ගැඹුරු ගුහා කිමිදුම් සහ මුදාගැනීම් වලට වෙනම ප්‍රසිද්ධියක් උසුලනවා. ගුහාව තුල සිටින ළමයින්ට අවශ්‍යම වෛද්‍ය හැකියාව තියෙනා නිසා ඔහුව නිවාඩුවකින් ගෙන්වා ගන්නේ [මේ නිවාඩුවත් ඒ වගෙම අසීරු ගුහාවක කිමිදුම් ගමනක් වෙනුවෙන් අරගෙන තියෙන්නේ].

වෛද්‍යවරයා ගුහාව තුල රඳවා ඔහුගේ පරික්ෂාව අනුව සුදුසු අය මුදාගන්නේ. ඒ අය පළමුවෙන් කිලෝමීටරයකට ආසන්න අසීරු කිමිදුම් ගමනක් නිමා කරන්න ඕනේ පෙර කී පටු කුහර අස්සෙන්. ඒ සඳහා මග දිගට ඔක්සිජන් සිලින්ඩර සපයනවා. කිමිදුම් කරුවන් තිදෙනෙක් මුදා ගන්නා කෙනා සමග එනවා. ඔක්සිජන් පවා ලබා දෙන්නේ ඔවුන්. මේ කොටස තුල මානසිකත්වය පවත්වා ගන්න ඉතාම අසීරුයි. සුළු කලබල වීමකින් සියල්ල කෙලවර වෙන්න පුළුවන්. මඩ නිසා පේන්නේ නෑ වගේම සිය දහරා නිසා පටු තැන් වල බැලන්ස් තියාගන්න බෑ. මානසික අතින් දුර්වල සමහරුන්ට ආතතිය අඩුකරන බෙහෙත් දෙන්න වෛද්‍යවරයා කටයුතු කර තියෙනවා. කෙසේ වෙතත් ඒ ගමනින් පස්සේ බඩ ගාලා කඳු නැගලා අතරමැදි කුටීරයකට එනවා. එතැනදී ප්‍රථමාධාර දීල ආධාරකයක තබන පුද්ගලයා එකසිය පනහක් පමණ සීල් භටයින් ගේ කර මතින් තවත් කිමි කීපයක අසීරු එහෙත් ජලය බස්සන ලද කොටස පහු කරලා තමා ගිලන් රථය කරා එන්නේ.

Image may contain: text


මෙන්න  මේ ආකාරයට දින තුනකදී සියලු දෙනා මුදාගන්න සමත් වෙනවා. කිසිවෙකුට අතරමග කිසිම අනතුරක් වී නැහැ. ඔවුන් දැනට රෝහල් ගතකර තියෙනවා. නිව්මෝනියාව වැනි ආබාධ වලට ඔවුන් ප්‍රතිකාර ලබනවා. කෙසේ නමුත් සියලු දෙනා මුදාගෙන, මුදාගත් පිරිස් සහ වෛද්‍ය වරයා එලියට ආවට පස්සේ ගුහාව සුද්ද කර සිලින්ඩර රැගෙන එන්න ගිය එකසිය පනහකට අධික සීල් වරුන්ට එකවර ඉහල නැග්ග ජලකඳ සුනාමියක් වගේ තමන් වෙත එන බව දකින්න ලැබෙනවා. අතිශය භයානක මේ මුදාගැනීම අහවර වන්නේ ඒ සීල් භටයින් පණ බේරාගෙන ගුහාවෙන් එලියට දිව යාමෙන්. ඒ අනුව මොහොතක් හෝ පමා වුණා නම් ඇතුලේ ඉන්න පිරිසට විශාල අනතුරක් වෙලා මේක කෙළවර වෙන්න ඉඩ තිබ්බේ.

මේ සාමුහික වැඩසටහනේ වැදගත් වැඩක් වුනේ මහජන අංශය කලමනාකරනය කල හැටි. අම්මල තාත්තල බිම හැපිලා වැලපෙනවා අපි දැක්කේ නෑ. ළමයි රෝහල් ගත කරගෙන යද්දිත් සියල්ලන් මුදා ගන්න තුරු මව්පියන් ගුහාව ළඟම හිටිය බව වාර්තා වුණා. මාධ්‍ය වලට හෝ ගොසිප් වලට කවුරුත් අනවශ්‍ය ඉඩක් දුන්නේ නෑ. පළාතේ ආණ්ඩුකාරයා ඒ සියල්ල මනා සේ පාලනය කළා. අනිසි පින්තුර දැම්මොත් නඩු දාන බව දන්වා සිටියා. අනවශ්‍ය ප්‍රශ්න ඇහුවොත් කෙලින්ම එහෙම නොඅසන්න කියා ඒ අයට දැනුම් දුන්න. මහජන අංශය ඒකාධිපතියෙක් වගේ හසුරුවද්දී මුදාගැනීමේ අංශය විශේෂඥ දැනුමට බාරදීල සුදුසු ම තැනදී තීරණ ගන්න එක පමණයි ඔහු කලේ.

කෙසේ වෙතත් මුළු වැඩේම අමාරුම සහ විශිෂ්ටම මිනිස් හැකියාව පෙන්වුයේ අනතුරට පත් ළමුන්. වයස දහ අටට අඩු කෙනෙක් කවදාවත් නොකරන ගුහා තුල කිමිදීම් වගේ දෙයක් මේ අයට කරන්න වුනේ දවස් නවයක් හාමත් වෙලා ඉඳල පීනන්න පවා බැරිව. මානසික ව වියවුල් වී මගදී මැරෙයි කියා බය වෙච්ච අයගෙන් සමහරු හිනාවෙවී ගිලන් රථය කරා ඇවිදගෙන ආපු හැටි ලෝකය පුදුමයට පත්කලා.

අවාසනාවන්ත සිද්ධි ලෙස සටහන් වන්නේ සේවයෙන් ඉවත් වූ සීල් භටයෙක් ස්වේච්චා සේවයේදී මිය යාමත්, ගුහාව තුල සිටියදී ඕස්ට්‍රේලියානු වෛද්යවරයාගේ පියා මිය යාමත් [පියා  මුදා ගැනීම  ඉවර  වුනාට  පස්සේ  මැරෙන්නේ.  වෛද්‍යවරයා දන්නේ  එලියට   ආවට   පස්සේ], තායි ඒකාධිපති පාලනයේ දෝෂ දර්ශනයට පාත්‍ර වන පළාත් ආණ්ඩුකාරයා තනතුරෙන් පහලට දැමීමත්. ආණ්ඩුකාරයා ට ඉහලින් තායි නිලධාරින් විවිධ විකාර කල බවත් පොලිස් නිලධාරින් සහන සේවා වල‍ට බාධා කල බවත් කියවෙන නමුත් ඔහු මැදිහත්ව සියල්ල කළමනාකරණය කරන්න සහ විශේෂඥ තීරණ වලට අනුකුලව කටයුතු කරන්න ගත්ත උත්සාහය නොවෙන්න මේ මුදාගැනීම කරන්න බෑ. මේ  සිද්ධියට  පෙර  පටන්  ඇතිවුණු  ගැටුමක්  හේතුවෙන්  සිකුරාදා  තනතුරින් පහකළ  පසුවත් ඉරිදා සිට   අඟහරුවාදා  දක්වා  මෙහෙයුම්  වලට  නායකත්වය  දුන්  නිසා "ගුහාවේ  ආණ්ඩුකාර" කියා  මිනිසුන්  ඔහුට   කියනවා.

එසේම මේ සමග අතුරු කතා ලෙස ඉලෝන් මස්ක් සහ ඔහුගේ සමාගම් වල සේවකයින් විසින් පැය අටකදී මුදාගැනීමේ සබ්මැරීනයක් නිපදවීම [පාපන්දු පිල නමින් වයිල්ඩ් බෝ කියා නම්කළ මෙය මස්ක් ගේ අභ්‍යවකාශ වැඩසටහන තුල ජීවිතාරක්ෂක මොඩියුලයක් ලෙස වැඩි දියුණු කරන්න නියමිතයි], මස්ක් ටත් පෙර තායි පියෙක් සහ දුවක් එකතුව මුදාගැනීමේ මොඩියුලයක් නිපදවීම සහ අසීරු මුදාගැනීම් ගැන ලොව පුරා කතිකාවක් ඇතිවීම සලකන්න පුළුවන්. මේ කිසිම යන්ත්‍රයක් යොදාගත්තේ නෑ මොකද ඒවායේ උපයෝගිතාවය ගැන ස්තිර විශ්වාසයක් කාටවත් නැති නිසා.

මෙය සැලකෙන්නේ ඉතිහාසයේ සිදු වූ සංකීර්ණම සහ අසීරුම මුදාගැනීමේ ක්‍රියාව ලෙස. ඊටම ආවේනික සියුම් තත්ත්ව රාශියක් විසින් ඒ අවස්තාව නිර්මාණය කරනවා. ඒ සමග එතෙක් ආශ්චර්යයක් ලෙස සැලකු චිලි වල මුදා ගැනීම  සාමාන්‍ය  දෙයක් බව‍ට පත්වෙනවා. චිලි සිදුවීම වෙලාවේ මුදාගැනීමේ කැප්සියුල් එක ඩිසයින් කල නාසා ආයතනය කිව්ව චිලි අය මුදාගැනීමේ වැඩසටහන් වල පෙළපොත අලුතෙන් ලිව්වා කියල. එහෙමනම් තායිලන්තයේ එක්රැස් වූ තායි සීල් භටයින් නිලධාරින් සහ ජාත්‍යන්තර විශේෂඥයින් මුදාගැනීම ගැන ඊට එහා මට්ටමක පර්යේෂණ පත්‍රිකාවක් එලි දැක්වූ බව අපිට කියන්න පුළුවන්. එසේම පුහුණුකරු සහ කණ්ඩායම කාටවත් හිතාගන්න බැරි මිනිස් හැකියාවක ඉහළම අවස්තාවක් පෙන්නලා තියෙනවා.