ෆේස් බුක් එකේ, බ්ලොග් කොමෙන්ට් අවකාශයේ, ඊමේල් වල, අතන මෙතන කතාවෙන අප හා ලෝකය ගැන වග තුග එක තැනකට එකතු කරන්න ගන්නා වෑයමක්
Saturday, March 18, 2023
MH370
MH370 ගැන අලුතෙන් කතාවක් ලියන්න කළින් මං බැලුව කෝ මගෙ කලින් පෝස්ටෙක කියල. ඒත් බැලුවම මේ බ්ලොග් එක පටන්ගෙන තියෙන්නෙ අනතුරට කාලෙකට පස්සෙ. ඒ නිසා මට කුඩා විස්තරයක් දාන්න වෙනව.
2014 මාර්තු අට මධ්‍යම රාත්‍රියට පස්සෙ ක්වාලාලම්පුර් සිට බෙයිජින් කරා යන MH370 යානය තමන්ගෙ ස්තානිය හා වෙනත් සනීවේදනයන් නතර කරනව රාත්‍රි 1:19 ට. ඒ යානය මැලේසිය ගුවන් සීමාවෙන් වියට්නාම් සීමාවට මාරුවෙන අවස්තාවෙදි. එතැන් සිට යානයෙන් කිසි ආරංචියක් නෑ. යානය එක්ක මගීන් 227ක් හා කාර්‍ය මණ්ඩලයෙ 12ක් අතුරුදහන්. දින කීපෙකින් මැලේසියන් හමුදා කියනව රේඩාර් වල තිබ්බ කියල හදුනා නොගත් යානයක් MH370 අතුරුදන් වූ මොහොතේ එම ස්තානයේ සිට ආපසු හරවා මැලේසියා තායිලන්ත දේශසීමාව ඔස්සෙ ඉන්දියන් සාගරය ඇවිත් අන්දමන් දිහාට ගියා කියල. රේඩාර් රේන්ජ් එක ඉවරයි එතනින්. සති කීපෙකින් ගුවන් යානාවල තියෙන මීට කලින් කිසිම දේකට භාවිතා නොකළ නිශ්පාදකයන්ගෙ හාට්බීට් එකක් ඉන්මාසැට් සමාගමේ චන්ද්‍රිකාවක සටහන් වෙලා තිබිල ලැබෙනව. ඒ දත්ත අනුව MH370 යානය සෑම පැයකටම වරක් දීපු හාට්බීට් එකක් සටහන් වෙනව අතුරුදන් වූ අවස්තාවෙ සිට තවත් පැය 6ක්. මේ කාලය යානයේ ඉන්ධන අහවර වෙන්න තිබ්බ කාලයට සමානයි. හාට්බීට් වල යානයේ ස්තානය සටහන් වන්නෙ නෑ. ඒත් දුර හොයා ගන්න පුලුවන්. ඒ අනුව චන්දිකාවේ ස්තානය කේන්ද්‍ර කරගත් ආක් 6ක් අදිනව. ඒ ආක් 6 මත උතුරු හෝ දකුණු දෙසට ගිය පාරවල් කියල සරළ රේඛා දෙකක් මාක් කරනව (ඕක සරළ රේඛාවක් කියන්නෙ ඔටෝපයිලට් ගියා නියමුවෙක් නෑ කියන උපකල්පනයෙන්). එකක් කෙලවර වනෙ රටවල් ගානක් උඩින් ගිහින් කසකස්තානෙ. අනික මූද උඩින් ගිහින් ඉන්දීය සාගරේ දකුණු පැත්තට වෙන තැනක. මේකෙන් දකුණු පාර තමා හරි කියල හිතන්නෙ. ඒ අනුව යානය කඩා වැටුන කියල වකිමි 120000 ක කලාපයක් මාක් කරල මුහුදු පතුල පරික්ශා කරනව. ලංකාව වගේ දෙගුණයක් විශාල ග්‍රෑන්ඩ් කැනියන් වගෙ කැනියන් තියෙන මේ මූදු පතුල් කොටසේ යානය හමුවන්නෙ නෑ. ඒ නිසා ඒ පරික්ශණ නවතා දානවා. ඒ තමා මෙතෙක් කතාව.
කෙසේ වෙතත් මේකෙ තියෙන අභිරහස් ස්වභාවය නිසා කන්ස්පරසි කතා අඩු නැතුව හැදෙනවා. දැන් සිද්ද වෙන අලුත් දේ නම් ගැන අලුත් නෙට්ෆ්ලික්ස් සිරිස් එකක් එලියට එන එක. ඇත්තෙන්ම ඒකෙ අලුත් දෙයක් නෑ තියෙන්නෙ කන්ස්පරසි කතා දෙකකට සුළං ගහන එක. මොකද ඒ කතා දෙක පොත් දෙකක් ලෙස පළ කර තියෙන නිසා.
ඒ කතා තමා යානය රුසියානුන් කසකස්තාන් වලට ගෙන ගියා කියල ජෙෆ් වයිස් කියන කතාව සහ යානය දකුණු චීන මුහුදේදි ඇමරිකන් ගුවන් හමුදාව බිම දැම්ම කියල ෆ්ලොරන්ස් ඩ'ශන්ජි කියන කතාව.
නෙට්ෆ්ලික්ස් එකේ නොකිව්වට මේ දෙන්න මේ කතා දෙක ගැන පොත් දෙකක් පළ කර තියෙන අතර ඒ නිසා යානයට වුණ දේ ගවේශණය කරන්නන්ගෙ දැඩි විවේචනයට පාත්‍ර වෙනව. එයාල දෙන්නගෙ කතා කෙතරම් අවුල් ද කියල ඕනෙතරම් විස්තර හොයාගන්න පුලුවන්. ඒ අතර තියෙන වැදගත්ම දේ තමා මෙතෙක් යානයේ කොටස් කියා හිතන මැඩගස්කරය රියුනියන් හා මොසැම්බික් වෙරළෙන් හමුවන ගුවන් යානා කැබලි. ඒ දෙන්නම ඒව බොරු ප්ලාන්ට් කල කොටස් කියල කතාවෙන් පනින්න හදනව. ඒත් මිනිස්සු විශාල පිරිසකට ඒව එක එක තැන්වල හමුවනව. එහෙම ප්ලාන්ට් කරන්න බෑ.
මේ බහුබූත කතාවලට හුළං ගහන නිසා වැදගත් කතා දෙකක් නෙට්ෆ්ලික්ස් එකට මිස් වෙනව. ඒ කතාවලට සම්බන්ධ අය කන්ස්පරසි කාරයින් එක්ක උන්ගෙ පොත් වලට හුළං ගහන්න අකමැත්තෙන් අදාල වැඩසටහනින් ඉවත් වීම නිසා.
එකක් තමා ඉන්දීය සාගරයේ යානය හොයාපු අය යානය වැටුන කියල හෙව්වෙ එහි නියමුවා ගෙ පාලනයෙන් ගිලිහි ගියානම් කෙලින්ම ඇදවැටෙන කලාපෙ පමණයි කියන එක. ඒත් නියමුවාට අවශ්‍යනම් ඉන්ධන රහිතව යානය සැහෙන දුරක් එහාට ග්ලයිඩ් කරන්න ඉඩ තිබ්බ කියන එක සැලකෙන්නෙ නෑ. එහෙම හිතුවොත් පරික්ශා කරන්න ලැබෙන කලාපය ඉතා විශාලයි. ඒක කරගන්න අමාරු වැඩක්.
අනික තමා යානය ගිය මාර්ගයේ ශෝට් වේව් වලට වුන ඩිස්‍රප්ශන් එක මැනීමෙන් යානයෙ මාර්ගය හොයාපු රිචඩ් ගොඩ්ෆී ගෙ කල්පිතය. ගොඩ්ෆ්‍රී සමත් වෙනවා ඉන්මාසැට් ආයතනයෙ පැයෙන් පැයට ගත්ත ඩොට් හය හතක් වෙනුවට වඩාත් සවිස්තර මාර්ගයක් අදින්න. මේ මාර්ගයට අනුව ගොඩ්ෆ්‍රී කියනව යානය තනි සරළ රේඛාවක නොගිය බවත් හොයාපු කලාපෙන් පොඩ්ඩක් එහාට ගිය බවත්. ඒ වගේම නියමුවෙක් හිටි බවත් යානය අවසන් මොහොත වෙනකම් නියමුවාගෙ පාලනයෙ තිබ්බ බවත්. එනම් බොහොවිට ග්ලයිඩ් කල බවත්. ගොඩ්ෆ්‍රි ගෙ ශෝට්වේව් මෙතඩ් එක නිරවද්‍යය්‍යි කියල තහවුරු වෙලා නෑ. ඒත් ඒක සලකා බලන්නම ඔනෙ එකක්. කලින් තිබ්බ වකිමි 120000 කලාපය හා ග්ලයිඩ් කළානම් එන ඊටත් ලොකු කලාපය වකිමි 300 ට අඩු කරන්න ගොඩ්ෆ්‍රී සමත් වෙනවා.
ගොඩ්ෆ්‍රී ගෙ ගමන් මගේ තියෙන එක දත්තයක් අතිශයින් වැදගත්. එනම් මැලේසියාව ආසන්න මුහුදේ යානය වට ගහමින් සැලකියයුතු කාලයක් හිටිය කියන එක. අනික් කතා එක්ක බැලුවම නියමුවා මෙහෙම හිටියනම් යානය පිටින් සමූහඝාතනයට ලක්වීමේ කල්පිතය වඩාත් ශක්තිමත් වෙනව. එහෙම වට ගහමින් ඉන්නෙ කිසියම් බලධාරියෙකුගෙන් කිසියම් දෙයක් ඉල්ලල ඒ සන්වාදයේ යෙදෙන වෙලාවෙ වෙන්න පුලුවන්. ඒත් මේ කතාව හරිනම් යානය වැටෙන්නත් කලින් මැලේසියා රජය වෙච්ච දේ දන්නා බවත් ඔවුන් ඉල්ලීම නොදීමෙන් යානය විනාශ වු බවත් පිලිගන්න වෙනවා. මේක ඉතාම බරපතල චෝදනාවක්.
ගොඩ්ෆ්‍රී ගෙ මේ අවසන් දත්තය නිසා මෙතෙක් සැක කළ මුත් සාක්කියක් නොතිබ්බ නියමු සුහායර් ශා විසින් මේක කලා හේතුව අන්වර් ඊබ්‍රහිම් නම් මැලෙසියන් දේශපාලකය සිරගත කල නිසා (නඩු තීන්දුව ආවෙ එදා හෝ කලින් දවසෙ) කියන කතාව වඩාත් ස්තාවර වෙනව. මොකද ඔහු අන්වර් නිදහස් කරනකම් යානය කිසියම් වෙලාවක් තියාගෙන හිටියත් එහෙම නොකල නිසා සමූහඝාතනය කලා කියල තර්ක කල හැකියි. සුහයර් ශා ගෙ නිවසෙ ගුවන් සිමියුලේටරයෙ මේ ප්‍රදේශය කරා ගමන් කල ගමනාන්තයක් නැති පාත් එකක් ප්‍රැක්ටිස් කර තිබ්බ බවත් හෙළීවී තියෙනව. අන්වර් ඊබ්‍රාහිම් සිදුවීම හැරුණුවිට සුහයර් ශා කියන්නෙ ස්මූහඝාතන හෝ සියදිවි හනි කරගන්න ගති පෙන්වපු අයෙක් නොවේ.
කොන්ස්පරසි ඩබල වෙනුවට ගොඩ්ෆ්‍රී ගෙ කතාවට එලියට දැම්මනම් නෙට්ෆ්ලික්ස් වඩාත් හොද වැඩක් කලා කියන්න තිබ්බ. මොකද ඔහු කියන කුඩා කලාපෙ යානය හොයන්න දැන් අවශ්‍ය මැලේසියන් සහය සහ මුදල් පමණයි. ඒත් සැක කෙරෙන පරිදි ඔවුන් එක්ක නෙගෝශියේශන් එකක් වුනානම් හා ඔවුන් මේ ගැන දැනන් හිටියනම් ඔවුන් කීයටවත් පරික්ශනයක් කරන්නෙ නෑ. ගොඩ්ෆ්‍රීත් 100% හරිද දන්නෙ නෑ ඒත් ඔහුගෙ උත්සාහය නිකම් උඩ බලාගෙන කතා ලියනවට වඩා බෙහෙවින් ඉස්සරහින් තියෙනව. අවාසනාවට නෙට්ෆ්ලික්ස් වල කුණු කන්දල් තමා ඉතුරු වෙන්නෙ.
මේ තියෙන්නෙ ඒ වැදගත් කතා දෙක. නෙට්ෆ්ලික්ස් වෙනුවට මේ දෙක බලන්න.
1. යානය ග්ලයිඩ් කල බව: https://www.youtube.com/watch?v=Cm1j1fpldkc
2. ගොඩ්ෆ්‍රීගේ කල්පිතය: https://www.youtube.com/watch?v=Jq-d4Kl8Xh4
Subscribe to:
Posts (Atom)