Sunday, November 10, 2019

අඩබෙර කරුගේ වැරදුනු පනිවුඩයට වසර තිහකි

ප්‍රශ්නයක් ඇහුව.

අනාදිමත් කලෙක සිට නාට්ටි වල උන්නු භුමිකාවක් අඩබෙරකාරයා. ඒත් මේකගෙ චරිතෙ කවදාවත් ලොකු එකක් නෙවි. ඉස්කෝලෙ උනත් ඔය වටේ ඉන්න එකෙක් අරගෙන පොඩියට ඕක බාර දෙන්නෙ. පොර කරන්නෙ බෙරේ ගහල අසව් අසව් කියල කොලේ කියවල වැනිශ් වෙන එක. එච්චරයි, ඉවරයි.

ඒත් මිනිහ ඔය කොලේ කියවන්නෙ රජා ලියාපු පනිවිඩේ මද? යම් හෙයකින් රජා ලිව්ව පනිවිඩේ නැතුව වෙන එකක් කියවන දවසට අඩබෙර කාරයා නාට්ටියේ ප්‍රධාන චරිතය වෙනවා. අන්න එහෙම වෙච්ච නාට්ටියකුත් තියෙනවා.

මේකෙ රජා අඩබෙර කරයට දෙන්නෙ බොහොම හදිසි පනිවිඩයක්. ඒකත් රජා ලිව්ව එක උඩින් පුරෝහිතත් ලියල මහ ඇමති ඉදල දොරටුපාල වෙනකම් සන්ශෝධන දාල වරින් වර සන්ශෝධන කොල්ලො අතේ මගටත් එවනවා අඩබෙර කාරයාට මේක හම්බුවෙන්නෙත් කියවගන්නවත් කාලයක් නැතුව.

ඉතින් ඒ අඩබෙර කාරයා කොලේ තියෙන එක වෙනුවට වෙනින් කතාවක් කියනවා හිතාමතා නෙවි මිස්ටේක්. ඒ කතාව ගමෙන් ගම පසල් දනව්වෙන් පසල් දනව්ව පැතිරෙනවා. ඒ එක්කම මහ අලකලන්චි රාශියක් වෙන්න පටන් ගන්නව. ඒ සමගම ඔහු මේ කතාවෙ ප්‍රධාන චරිතයක් වෙනවා.

1. මේ කතන්දරේ මොකද්ද? අඩබෙර කාරයා ගෙ නම මොකද්ද?

2. මේ මිස්ටේක් එකේ ප්‍රතිපල ලෙස නාට්ටිය ඉවර වෙන්නෙ කෝමද?

3. මේ වෙලාවෙ කතාවෙ උන්නු චරිත දෙකක් තම හිතවත් සලුපිලි හැරදාල කරන දුශ්ට ප්රකාශ දෙකකින් එයාලත් ඉතිහාසගත වෙනවා ඒ දෙන්න කවුද?

4. වෙනත් දේශයක වීර පුරුශයෙක් ඇතිවන අලකලන්චිය තුල අතරමන් වෙනවා. එදා මිනිහ මුහුන දෙන ගැටලුව වෙනත් දිග කතාවකට මුල පුරනවා. මේ කෙනා කවුද එයා මූන දෙන ගැටලුව සහ ඒ මත නිර්මානය වෙන සිද්දි මොනවද?

--------------

ඔහු ගන්ටර් [ගුන්ටර්??] ශැබොව්ස්කි. නැ බර්ලිනයේ සමාජවාදි පක්ශයේ ලේකම්. අඩබෙර කාරයා හෙවත් මාධ්‍ය ප්‍රකාශක ජොබ් එක දෙන්නෙ ඔහුට. පාසල් නාට්ටියක් වගේ තමයි ඒක ලොකු තනතුරක් නෙවි. සාමාන්‍ය තත්ව යටතේ අපිට ඔහු ගැන කතා කරන්න වෙන්න නියමිත නෑ. තනතුර මෙයාටම දීපු එකක් නෙවි. එ වෙලාවෙ එතන උන්නු නිස කරන්න වෙච්ච එකක්. ඉස්කොල්ලෙ නාට්ටියක විදියටම.

ඊට කලින් කතාවෙ පසුබිම ගත්තොත්, මේ 1989 නොවැම්බර් මාසෙ. ජර්මනිය දෙකට බෙදල අවු 40 කට වැඩියි. නැගෙනහිර ජර්මනිය හෙවත් සමාජවාදි කොටස සෝවියට් පාලනය යටතෙ පවත්වාගන්න සමාජවදි පක්ශයක් දැඩි ඒකාදිකාරයෙන් පාලනය කරන්නෙ. බටහිර කොටස ලිබරල් ධනවාද්‍ය යටතෙ ඇමරික කදවුරට සහය දක්වන රටක්. බර්ලිනය දෙගොල්ලටම අයිතියි. නැගෙනහිරින් බටහිරට මිනිස්සු පලා යන එක නවතන්න බර්ලිනයේ නගරෙ මැද්දෙන් තාප්පෙ ගහන්නෙ මීට අවු 30 කට විතර කලින් ඒ තාප්පය ඉතාම දරදඩු ලෙස මිලිටරි පාලනය යටතෙ තිබ්බෙ එතනින් යන්න බැහැ වෙඩි කන්න වෙනවා. මේකට තමා අයන් කර්ට්න් එක කිව්වෙ

නැගෙනහිර ජර්මනිය 1989 වෙද්දි ආර්තිකව සම්පුර්නයෙන්ම වගෙ වැටිලා උන්නෙ. එහෙම රටක් ලොක සිතියමේ තිබ්බෙ අයන් කර්ට්න් එක නිසා. මිනිස්සු සමාජවදි සිස්‍ටම් එක එපාවෙල කොහෙට හරි පැනල යන්න උත්සහ කරමින් හිටියෙ, රටේ ආහාර හිගයන් සහ පෝලිම් ඒවා පියවාගන්න විදියක් නැතුව ණය වෙලා වෙච්ච ණය බේරන්නත් බැරුව අන්තිමේ බටහිර ජර්මනිය ඉදිරියේ පින්සෙන්ඩු වෙලා උන්වත් ණයක් දෙන්නෙ නැහැ. මිනිස්සු තාප්පෙ පැත්තෙන් යා ගන්න බැරි නිසා වටෙන් ගිහ්න් චෙකොස්ලෝවැකියාව හරහා හන්ගේරියා ඔස්ට්‍රියා පැත්තෙන් පලා යනවා. මේ අතර වියපත් දිර්ඝ කාලින නායකය එරික් හොනෙකර් වයස නිසා ඉවත් වෙනවා. මිනිහගෙ දෙවෙනියට බලය් ආවෙ මෙ මොහොතෙමයි.

අපි කතාවෙන සිද්ධිය පටන් ගන්නෙ මේ වෙලාවෙ රට පුරා ජනයා උද්ඝෝශන කරන අතර සමාජවාදි චෙකොස්ලෝවැකියාව තමන්ගෙ රට හරහා මිනිස්සු යනවට විරුද්ද වෙනවා. මේ සියල්ල යටපත් කරන්න අලුත් නායකය හිතනවා. ඒ අනුව ඔහු සන්ක්‍රමන නීති වෙනස් කරනවා. ඔහු කිව්ව දේ මොකද්ද කියන එක ගැන නිරවුල් අදහසක් නැහැ. ඒත් අඩුම මට්ටමක වෙනස්කම් වලින් ඒ කිව්වෙ හැකිනම් කොස්මටික් වෙනස්කම් වලින් මිනිස්සු ශේප් කරගන්න එක තමා අරමුන. එසේම රට දාල යන ප්‍රති විප්ලවවාදින් පිටුවහල් කිරීමෙ අදහස ත් තිබිල තියෙනව. කෙසේ වෙතත් ඔහු විසින් නිර්මානය කරන හදිසි රෙගුලාසි වෙනසක් වෙනත් පාර්ශ්ව රාශියක් අතින් වෙනස් වෙලා හදිසියේම මාධ්‍ය වෙත නිකුත් කෙරෙනවා. ඒ කටයුත්ත කරන්නෙ ගන්ටර් ශැබොව්ස්කි.

ගන්ටර් ට මේ නිවේදනාය් ලැබෙන්නෙ ඉතා කෙටි කලකින් ප්‍රසිද්ධ කරන්න. ඔහු ඒ ගැන නිසි අවබෝධයක සිට නැහැ. ඒ වගේම ඔහුට පක්ශයේ විවිධ පිරිස් අතේ පුන්චි වෙනස්කම් රාශියක් පනිවුඩ ලෙස එනවා. ඒ ඔක්කොම එකතු කරල අවසන් එකක් හදගන්න ඔහුට කාලයක් තිබිලත් නැහැ.

දන්න තරමින් ගන්ටර් කියන්න නියමිතව තිබ්බෙ මෙහෙම එකක්. "පූර්නකාලින පදින්චියට හෝ තාවකාලික සන්චාරයට බටහිර ජර්මනියට යන නීති වෙනස් කරන අතර ඒ සදහා බර්ලින් තාප්පයේ මුරපොලවල් විවර කරදෙනවා [මේ අර වෙන රටවල් අස්සෙන් යන එක නවතන්න ඕනෙ නිසා]. ඔබට යාමට අවශ්‍ය නම් අහවල් ආයතනයෙන් ඉක්මෛන් අවසරයක් ලබා දෙනව. මේ නීතිය නුදුරු අනාගතයේ [හෝ හෙට සිට] බලාත්මක වනු ඇති" මේකත් ටක්කෙට හොයන්න පුලුවන් කමක් නැහැ වේරියන්ට් බරගානක් තියෙනවා. හැබැයි ට්‍රයි කරන්නෙ අවසර ඉක්මනින් දීල පාලිත තත්ව යටතෙ මිනිස්සු ශේප් වෙන වෙනසක් කරන්න.

ගන්ටර් කිව්වෙ මෙම එකක්. "පුර්නකාලින පදින්චියට හෝ තාවකාලික සන්චාරයට බටහිර ජර්මනියට යන නීති වෙනස් කරන අතර ඒ සදහා බර්ලින් තාප්පයේ මුරපොලවල් විවර කරදෙනවා" වැල්වටාරම් අයෙව්වම ඕකෙ තිබ්බෙ එච්චරයි. ඉතින් මාධ්‍යවේදින් පුදුමයෙන් වගේ ඒ කවද සිට ද කියල අහපුවම ගන්ටර් ට හොයාගන්න බැහැ කවදා සිට ද කියල. මිනිහ කියනව "මන් හිතන්නෙ ඉමිඩියට්ලි මේ දැන් මේ මොහොතෙ සිට" කියල. මේක කියන්නෙ රාත්‍රියක.

සෝමාලියාවට පාන් දැම්ම වගේ

මේ කතාව මුලු නැගෙනහිර ජර්මනියෙම යනවා. දන්නවනෙ ඉතින් සමාජවාදි රටවල සියලු මාධ්‍ය මධ්‍යගතව පාලනය වෙනවා පක්ශයේ මතේ තමයි හැම මුල්ලකම යන්නෙ. ඉතින් මේක හැමතැනම යනවා. මේකෙ තියෙන අඩුපාඩු හදන්න රජය උත්සහ කලාද රජය ඒව දැක්කද කියල දන්නෙ නැහැ. රෑ හතට කල මිස්ටේක් එක ඒ මොහොතෙ කරෙක්ට් කරන එක ලේසි නැහැ. ඒත් මේක අහන නැගෙනහිර ජර්මානුන් පවුල් පිටින් මහ රාත්‍රියෙම තාප්පෙ දිහාට එනවා. මුරපොලවල් ලග හිතාගන්න බැරි ජනතාවන් ඒක රාශි වෙනකොට සෙබලු අහනව හමුදා ලොක්කන්ගෙන් වෙඩි තියන්නද කියල, ඒත් වෙඩි තියන්න බැහැනෙ ලොක්කොත් අර නිවේදනය අහල තියෙනවනෙ. ලොක්කො දෙලොවක හිරවෙලා හිතල බලල ඔන්න ඔහේ ගන්ටර් කිව්ව එකේ කියල එහෙනම් ගේට්ටු ඇරල දාපල්ල කියනවා.

රෙස්ට් වොස් හිස්ට්‍රි වෙන්නෙ ඕම. නැගෙනහිර ජර්මනියෙ සමාජවාදි පාලනය් සතිකීපයක් වත් තියෙන්නෙ නැහැ, මිනිස්සු පිස්සො වගෙ එහා මෙහා යමින් උනුනුන් බදාගෙන එක ජර්මනියක් වෙන්න පටන් ගන්නව. මාස කීපෙකින් බටහිර නැගෙනහිරව තමන්ගෙ කොටසක් කර ගන්නව. ඔන්න ඔය තාප්ප අලකලන්චිය වෙලා ඊයෙට වසර තිහක්.

ප්‍රති තර්කයක් ලෙස ඕක කෝමත් වැටෙන්න තමා තිබ්බෙ කියන්න පුලුවන්. එසේම ඕක නොවුනත් මිනිස්සු රට හැර යන්න පටන්ගෙන තිබ්බෙ. නැගෙනහිරයුරෝපෙ සමාජවාදි රටවල් ඒ වෙච්චිත් වැටිල තිබ්බ. අනික ගොර්බශෝප් මේ කිසිවකට මැදුහත් වෙන්නෙ නැහැ. එයාගෙ ටිකට් එකත් තව අවු දෙකක් යන්න කලින් සෙට් වෙනව. ඒ වුනාට ඕක කෝමත් වැටෙන්න තිබබ් වුනාට මේම තමා වැටුනෙ.

අඩබෙර කාරයා කතා නායක වුනේ ඒම

මේ වෙලාවෙ තමයි බටහිර ජර්මනිය දකින්නෙ තමන් එක්ක එක පතේ කාපු නේටෝ සහෝදරයින් මොන වගේ අමනයින්ද කියල. බ්‍රිතාන්‍යයෙ මාගරට් තැචර් ගොර්බශෝප් ට කතා කරල ඉල්ලීමක් කරනවා මේ දෙරට එක්වීම නවතන්න කියල. ප්‍රන්ශයේ ප්‍රන්ශුවා මිතරෝන් කියනවා හිට්ලර්ගේ කාලෙටත් වඩා විසාල ජර්මානු රාජ්‍යයක් දැන් බිහිවෙමින් පවතින අතර මේකෙ නරක ප්‍රතිපල යුරෝපයටත් ලෝකයටත් බලපානු ඇත කියල. හැබැයි ගොර්බශෝප් මේ ගැන කිසිම බලපෑමක් කරන්නෙ නැහැ.

මේ මොහොතෙ ගොර්බශෝප් ගේ හැසිරීමෙත් ගැටලු තියෙනවා. මොකද කලින් කිව්ව වගේ දිගුකාලිනව සෝවියට් පාලනයකින් නෙ නැගෙනහිර පවත්වා ගත්තෙ. ඉතින් නැගෙනහිර ජර්මනියෙ ස්තානගත වෙච්ච සෝවියට් මිලිටරි යුනිට් ඉන්නව, ඩ්‍රෙස්ඩන් වගේ නගර වල වෙනම සෝවියට් සෙබලු ඉන්න ප්‍රදේශ පවා තියෙනව. අන්න ඒ ප්‍රදේශයක ඔත්තු එකතු කරන තරුන කේජිබි නිලදාරියෙක් ලෙස සහ ව්‍යාජ භාශා පරිවර්තකයෙක් ලෙස සේවය කල කෙනෙක් තමයි ව්ලැඩිමිර් පූටින් කියන්නෙ, පූටින් ගේ ජොබ් එක භාශා පරිවර්තක වෙන්නෙ ඒ හරහා බටහිර රාජ්‍යතාන්ත්‍රිකයන් එක්ක යාලු මිත්‍රකම් හදා ගන්න පුලුවන් නිසා. මේ අලකලන්චිය අස්සෙ මුදා හැරෙන ජර්මානු මිනිස්සු කල්ලියක් නැගෙනහිර ජර්මානු හමුදා ඒකක වලටත් පහර දිල පූටින්ල උන්නු පලාතට එනවා.

පූටින් කෙලිම්ම තමන්ගෙ උසස් නිලධාරින් අමතනවා මොකද්ද කරන්න ඔනෙ කියල. උන් පූටින්ට කියනව ක්‍රෙම්ලින් එකෙන් අහල කියන්නම් කියල. සුලු වේලාවකින් පූටින්ට ලැබෙන උත්තරේ - ක්‍රෙම්ලිනය නිහඩයි - කියන එක. පූටින් කියන පරිදි මේ මොහොත ඔහු ජිවිතේ අසරනම වෙන මොහොතක්. අවශ්‍යනම් එන උන්ට වෙඩි තිය්ල බලය පාවිච්චි කරල ඉවකුවේට් කරන්න පුලුවන්. ආරක්ශිතනම් යටත් වෙලා මොස්කව් බලා යන්න පුලුවන්. ගොර්බශෝප් ඇතුලු සෝවියට් ලොක්කො හමුදාවට මේ දෙකෙන් එකක් ඕඩර් කරන්න ඕනෙ ඒකට නෙගෝශියේට් කරගන්න ඕනෙ. ඒත් ඔහුට ලැබෙන්නෙ නිහඩතාවය පමනයි. පූටින් තමන්ගෙ ඉස්සරහට එන මිනිසුන්ට නිරවුල් ජර්මන් වලින් මිත්‍රශීලි ලෙස කියනවා අපිට උඹල කුඩු පට්ටම් වෙන්න තියල දාන්න පුලුවන්. ඒත් අපි එහෙම කරන්නෙ උඹල කරදරය්ක් කලොත් විතරයි. උඹල ජර්මනියෙ කරගන්න එව්වට අපි මැදිහත් වෙන්නෙ නැහැ, උබල අපට කරදර නොකලොත් කියල. මේක සාර්තක වෙනවා. ඒසමග සෝවියට් හමුදා ආපහු යනවා.

මේ සිද්දිය තරුන කේජිබි නිළධාරියා ගේ ජීවිතේට ලොකු බලපැමක් කලා කියනවා. එසේම ඔහු බලයට ආවම තමන්ටම කරගත්ත පොරොන්දුවක් වනුයේ රුසියානු හමුදා හෝ රුසියානු පාර්ශ්ව කරුවෙක් මොස්කව් වලින් උත්තරයක් බලාපොරොත්තු වන කිසිම මොහොතක ඔවුන් හිස් අතින් නොයවන බව. ඒක නම් අගේට වෙනවා තාම. ක්‍රෙම්ලිනය නිහඩ නැහැ කිසිම මොහොතක

සිද්ධිය ඇසු දුටු අයගේ සාක්ශි

6 comments:

  1. 'Adolf Hitler - The Greatest Story NEVER Told' බලලා තියෙනවද.
    මමත් ලඟදී බලලා ඉවරකලේ.

    ඒකේ කියන හැටියට දෙවැනි ලෝක යුද්දෙන් පස්සේ බටහිර පැත්තේ බලවතුන් ට තේරිලා තියෙනවා වැරදි හතුරවයි පරාජයකලේ කියලා.
    ඊට පස්සේ සමාජවාදයට එරෙහි කඳවුරක් හැටියට බටහිර ජර්මනියට උදව්කලා. ජර්මන් ජාතිකත්වයට ඔවුන් විරුද්ධයි.

    ReplyDelete
    Replies
    1. කියවා නැහැ. හැබැයි වැරදි හතුර කියන එකනම් ටක්කෙට හරි. දෙවෙනි ලෝක යුද්දෙ ඇතිවෙන්නෙ පලමු ලෝක යුද්ද එදිරිවාදිකම් නිසා.

      Delete
  2. ගොඩාක් ස්තුතියි සුජීව, ලෝක ඉතිහාසයේ පිටුවක් කියා දුන්නාට. මේ විස්තර අදයි දැනගත්තේ!

    ReplyDelete
  3. මිනිස්සුන්ගෙ චරිතය ගොඩනැගෙන අත්දැකීම්...

    ReplyDelete
  4. ජාතික සමාජවාදීන් යුද්ධයෙන් දිනුවනම්,
    යුදෙව් ජාතිකයන්ව මැඩගස්කරයේ පදිංචිකරවා ස්ථාවර මැදපෙරදිගක් හදනවා.
    ඉරානය ඉස්ලාම් අන්තවාදය අතහැර නාසිවාදී නාමික මුස්ලිම් රටක් වෙනවා.
    අරාබි රටවළුත් ආගම වෙනුවට ජාතිය මත ගොඩනැගෙයි.

    ලංකාවත් ජපන් යටත්විජිතයක් වෙලා
    ඇංග්ලිකන් ක්‍රිස්තියානි අධිරාජ්‍යවායෙනුත් එහි බලල් අතක්වන දෙමළ ජාතිවාදයෙනුත් නිදහස ලබලා සිංහල ජාතියට මෙරට හිමිවියයුතු තැන ලැබෙයි.
    පසුව සිංහල රටක් හැටියට නිදහස ලබයි.

    රුසියානු ජනතාව කුරිරු බෝල්ශෙවික් පාලනයෙන් විමුක්තිය ලබයි.

    ජර්මානු විද්‍යාඥයන්ගේ දැනුමෙන් මුළු ලෝකයම සීඝ්‍ර දියුණුවක් ලබලා විද්‍යා ප්‍රබන්ධවල තියෙනවා වගේ සුන්දර අනාගත ලෝකයක් හැදෙයි.

    ReplyDelete
  5. මම දන්න තරමින් ජාතික සමාජවාදීන් දින්නා නම් ඔබගේ පලමු උපකල්පනය වැරදී යන්නට ලොකු ඉඩක් තිබුනා, ඔවුන් එතෙක් කල් කී දේ අනුව.
    The man in the high castle series එක ඔබ උත්කර්ශයට නංවන නාසීන් සහ ජපනුන් ලෝක යුද්දය දින්න නම් උදා විය හැකි ලෝකය පිලිබඳ වඩා realistic චිත්‍රයක් බවයි මගේ හැඟීම.

    ReplyDelete