ෆේස් බුක් එකේ, බ්ලොග් කොමෙන්ට් අවකාශයේ, ඊමේල් වල, අතන මෙතන කතාවෙන අප හා ලෝකය ගැන වග තුග එක තැනකට එකතු කරන්න ගන්නා වෑයමක්
Saturday, July 13, 2024
ශිම්ලා (සන්ක්‍රමණයේ අතුරු කතා)
කට්ටියම දන්නවා ඇතිනෙ, ශිම්ලා කියන්නෙ ඉන්දියාවෙ හිමාචල් ප්‍රදේස් වල ඒ කියන්නෙ හිම වැටෙන ප්‍රදේසෙ අගනුවර. ඉතාම සුන්දර නගරයක්. වසරේ මාස කීපයක් ස්තාවර හිම පවතින එක පැත්තකින් ලොකු බෑවුමකට නිරාවරණය වන ස්තානයක්. උසින් නුවර එලිය වගේ පෙනුමෙන් හපුතලේ වගේ. සමර් එක පමනයි ඒ උශ්නත්ව වල පවතින්නෙ, වින්ටරේ වඩාත් සිතලයි හිම වැටෙනවා.
හරි ශිම්ලා ගැන නෙවි කතාව. මේ කියන බුවා එක්ක මම අද තමා ටිකක් කතාබහක් කලේ. මූ කොන්තරාත් කාරයෙක් [මන් වගේම] මුගෙ රස්සාව ඉවර වෙන්න තිබ්බෙ අපි දෙසැම්බරේ බ්‍රේක් එක පටන් ගනිද්දි, කෝම හරි තව මාස හයක් එහාට දාගෙන. ඔන්න ඕක කතාවෙන්න ගිහින් සැපදුක් ඒමත් අහල, මන් ඉන්දියාවෙ නෙවි ලන්කාවෙ කියල ඒම දැනගත්තටත් පස්සෙයි [සෑම ඉන්දියානුවෙකුගේම පලවෙනිම ප්‍රශ්නයක්] මන් ඇහුවෙ ඌ කොහෙද කියල. ඌ ශිම්ලා වලින් ඇවිත් තියෙන්නෙ.
ලන්කාවෙ උන් ගානට ඉන්දියාවෙ අයිටි බුවාල හම්බුනාට එහෙන් ආපු එකෙක් මීටරේ කොහෙවත් නෑ. ඒකත් ඌට කියල මන් ඇහුව තොට පිස්සුදෝයි ඒ වගෙ ලස්සන තැනකින් මෙහෙ එන්න කියල [මම වුනත් ආපු එක ප්‍රධානම හේතුවක් කොලඹ නරාවලෙන් එලියට යන විදියක් නොතිබීම, අර වගෙ තැනක උන්නනම් මම එන්නෙ නෑ]
ඌ සුට්ටක් මූඩි වුනා. මන් ඒ පාර ශේප් එකට කිව්ව අයිටි ජොබ් ඒම නැතුව ඇති නෙහ් කියල. ඌ බෝම දුකසේ කතාව පටන් ගත්ත. ශිම්ලා වල උන් [සල්ලි තියෙන උන් වෙන්න ඇති - මූට සල්ලි තියෙන එකෙක්] ජොබ් කරන්නෙ අඩුවෙන්ලු. ගොඩක් උන් ඉන්නෙ තමන්ගෙම වගාවක් එහෙම කරගෙන. මාත් අයිටි නෙවි මගෙ ඩිග්‍රිය තිබ්බෙ ඇග්‍රි මන් මගේම ඕන් බිස්නස් එකක් කරාන උන්නෙ කියල ඔන්න මඩකලපුවෙ පොඩි කඩයක් දාගෙන උන්නු සරස්වති ගෙ හස්බ වගෙ මූ පටන් ගත්ත.
ඉස්සරින්ම පොඩි වෝනින් එකක් දෙන්නම්. මේ කතන්දර රෙට්‍රො වීව් දාගෙන කියවද්දි හද්ද ගල් මෝඩයි, ඇයි ඌ ඒම කලේ කියල හිතෙනව, ඌට මේම කරන්න තිබ්බනෙ කියල උපදෙස් දෙනන් හිතෙනව. දැනුත් ඕකට මේම .... ද තින් ඉස්, ඒව එහෙම වෙලා මේව මෙහෙම වෙමින් යන්නෙ. මිනිස්සු ගන්න සියලු තීරන බුද්දිමත් නෑ. සයිකොලොජිත් බලපානව. අනික අර විශම චක්කරේ හිරවෙන එකත් වෙන්න පුලුවන්නෙ. ඉතින් ඌට උගේ රීසනින් එක්ක උගෙ කතාව කියන්න දෙන්න ඕනෙ.
මූ ඩිගිරිය කරල උගෙම උපන් ගම වන ශිම්ලාවේ හතු ව්‍යාපාරයක් පටන්ගෙන තියෙනව. තව මීමැසි ජනපද එහෙමත් දාගෙන බිස්නස් එක හොදින් කරගෙන ගියාලු. ඒ අතර මූ අදික මිල තියෙන මල් වර්ග සහ වෙනත් වගාවන් වලට ගමෙ ගෙවතු අරගෙන උගේ උපදෙස් මත ගම්මු ලවා වවල උගේ කන්ටැක්ට්ස් වලින් විකුනල තියෙනවා. හොදම හොද නැතුවට පවුලකට යැපෙන්න තරම් ඇතිලු. මේ ලේට් නයින්ටීස්.
මුගේ අයිය මේ අතරෙ අයිටි කරල ඇමරිකා ගිහින්. ඌ අර හැම එකාම අයිටි කරන්නම ඕනෙ හැම එකාම ඇමරික යන්නම ඕනෙ වර්ගයේ එකෙක්. මූ කරල තියෙන පලවෙනි ගොන්කම අයියගෙ පඩිය ඉන්දියන් රුපියල් වලට හරවල සන්සන්දනය කිරීම. ඒම බැලුවම මුගේ බිස්නස් එක වගේ හිතාගන්න බැරි ගුනාකාරයක මාස් පඩියක අයිය ඉන්නෙ. ඒ අවදානමක් නැතිවම. ඔන්න ඉතින් අයියත් සෙට්වෙල මූත් උනන්දු නිසා මූට අයිටි කොලිෆිකේසමක් [ඉන්දියාවෙ ඒ ඔක්කොම මාස්ටර්ස් බෝම සුලු කාලින පේයිඩ් කෝසස්] සෙට් කරල මූ යනව දිල්ලියට. ඕ යෙස් දිවිය ලෝකෙන් අපායට. මූ කෝස් එක කරල අයි ටී එමෙන්සී එකක පොඩි රස්සාවකුත් කරනව.
ආ යද්දි මූ මුගෙ බිස්නස් එක යාලුවෙක්‍ට නිකම්ම දීල දානව. හතු ටිකයි උගෙ ගමෙ උන්ගෙ වගාවන් මෙහෙයවල මාකට් වලට දාන ටිකයි, නොලේජ් ට්‍රාන්සර් කරල යන්නෙ මූ.
දිල්ලියෙ කට්ට කකා ඉද්දි තව යාලුවෙක් සෙට් වෙනව ඌ ඉගෙන ගන්න ඔසි ගිහින්. ඌ මූට ඔස්ට්‍රෙලියානු සිහිනයක් විකුනනව. ඔන්න මූ ස්ටුඩන්ට් කෙනෙක් හැටියට [අතින් ගෙවාගෙන] ඔසියට බහිනව. පී ආර් ගැන අහල තිබ්බෙ නෑ කිව්ව, අපරාදෙ තව අවු දෙකක් උන්නානම් පී ආර් දාන්න තිබ්බ කිව්ව.
ඒ පාර දවල්ට ස්ටඩි රැ වෙනකම් ඔඩ් ජොබ්ස් කරමින් 2004 සිට ඇල්මෙන් අකුරු උගෙන පස්සෙ පී ආර් සහ සිටිසන්ශිප් ඒමත් දාගෙන අද අයිටි අන්ශයේ ටෙස්ටර් වරයෙක් ලෙස කොන්තරාත් පදනම යටතේ වැඩ කරන ප්‍රවුඩ් [ට්‍රයින් ටු බි] ඔස් ඉන්දියානුවෙක්. හෙට කොන්තරාත්තුව නැති වේ දො බියෙන් ඉන්න මෝගේජ් බරට ගේ කර මතට ඇලවෙලා තියෙන තවත් එක් මානවකයෙක් මේ අරුම එක්ස්පෙන්සිව් සිටියේ.
බොට නම් ආයෙ ගියත් අවුලක් නෑ ඕයි හතු බිස්නස් එකට කියල මන් කිව්ව. යන්නෙ කෝමද මැරි කරල ඉන්නෙ චීනියක්. ඔසියෙ හැදුනු චිනියකට ශිම්ලාවෙ ඉන්න බෑ කියල ඌ කිව්වෙ.
ඒත් මූ තාම හිතා ඉන්නෙ යන්න. ළමයි ලොකු වුනාම එයාලගෙන් ඈත් වෙලා ආයෙමත් ශිම්ලා ගිහින් ඇග්‍රි බිස්නස් එකක් කරන්න. ඌ ඉන්නෙ ලොස්ට් ඩ්‍රීම් එකක. ඌ ඉන්නෙ අතේ තිබ්බ අවස්තාව අහිමි වීමෙ දුකක. ඕකට ආපහු ගියා කියල ඒ ශිම්ලාව හෝ ඒ බිස්නස් ඔපොචුනිටි එක ආයෙ ලැබෙන්නෙත් නෑ. උගෙ අතීතය සිහිනයක්ම පමණයි. ඒත් ඌ ඒ සිහිනෙ තමයි ජීවත් වෙන්නෙ. වර්තමානය ඌට එතනට යන ටෙම්පරරි නවාතැනක්.
මෙන්න මේ අන්තිම සීන් එක හෙවත් ජීවිතේ මග හැරුනු ඔපොචුනිටි කෙරේ ප්‍රේමයෙන් බැදීම සහ ඒකම ඇචිව් කරන්න හදන එකනම් සයිකොලොජිකල් සීන්ස් එකක්ද කොහෙද. මට ම ත් වෙච්ච දෙයක් ඕක.
ආ අර බිස්නස් එක දීල නොලේජ් එක ට්‍රාන්සර් කරල ආපු යාලුවා. දැන් ඌ ශිම්ලාවෙ දඩ බිස්නස් කාරයෙක් ලු. උගෙ වාහනේ මූට මෙහෙවත් ගන්න බෑ කිව්ව [ඉන්ඩියන් විදියක් වෙල්ත් මනින - අයි කාන්ට් බයි අ වීල් ඔෆ් හිස් වෙයිකල් මෑන්] තාම ඌ දුවන්නෙ හතු සහ මල් බිස්නස් එක.
බස් ඩ්‍රයිවර් (සන්ක්‍රමණයේ අතුරු කතා)
මේක වුණේ මන් සිඩ්නි නගරයට ඇවිත් මාසෙකින් විතර. ඒ වෙද්දි මට රස්සාවක් නෑ. යාලුවෙකුගෙ උදව්වෙන් සහ අතේ තිබ්බ සේවින්ස් වලින් තමයි සර්වයිව් වෙන්නෙ. ජොබ් හන්ටින්. ඉන්ටවීව් නිකම් බ්රෙට් ලී ගෙ ෆාස්ට් බෝල් වගේ. බෝලෙ ඔලුවෙ වැදුන කියල තේරෙන්නෙත් වෙලාව ටිකක් ගියාම.එක දිගට ඉන්ටවීව් හතරක් පහක් ෆේල් පළවෙනි විනාඩි පහළවේම. ඒත් මේ ජොබ් දෙන කම්පැනි නෙවි ඒවට දාන ජොබ් ඒජන්ට්ස් ලගෙන්. අනික මන් සන්ක්‍රමණය කරන්න කළින් ලන්කාවෙ දරපු තනතුර මම උන්න ෆීල්ඩ් එකේ ටෙක්නිකලි තරමක මැද මට්ටමේ තනතුරක්. ලන්කාවෙ අවු 13ක් වැඩ කළ නිසා වෙන්න ඇති. කෝම හරි ඒ ඊක්වල් රෑන්ක් එකට යාගන්න නම් බැහැම තමා කියල ඒ වෙද්දි වැටහිලා තිබ්බ. දැන් ආයෙ ටෙක්නිකලි බේසික් රෝල් එකකට යන්න බලද්දි ඒවට අලුත් ටෙක්නොලොජි ඇවිත් ආපහු අල්ලගන්න අමාරුයි. මේ ඔක්කොම වෙන්නෙ පෙර පාසල් වයසෙ පොඩි එකෙකුත් ඉන්න වෙලාවක. ඒකව එහෙ මෙහෙ එක්ක යන්නත් ඕනෙ, නිස්කලන්කෙ පාඩම් කරන්න බෑ. ඕක බොහෝදෙනා මූන දෙන සන්ක්රමණයෙ මුල්ම ටෙස්ට් එකක්. එපා වෙන මොහොතක්.
දවසක් ලගපාත මේන් සීබීඩි එකක බස් හෝල්ට් එකකට ආව යන්න ගිය තැන දැන් අමතකයි. ඒ වෙලවෙ එතනට ආපු බස් එක නොම්මරේ ෆ්‍රී සර්විස් කියලත් තිබ්බ නිසා ගිහින් බැලුව. ඔය කාලෙ ෆ්‍රී කියන්නෙ දැක්කම පස්සෙන් එලවන් යන වචනයක්. ගරාජ් සේල් වලින් පුලුවන් තරම් දේවල් එකතු කරගන්න කාලයක්නෙ. තියෙන තුට්ටු දෙක පරිස්සම් කරගන්න එපැයි.
බස්සෙක හිස්ම හිස්. මෙලෝ යකෙක් නෑ. ඩ්‍රයිවර් ගෙන් ඇහුව මට ඕනෙ තැනට යන්න පුලුවන්ද කියල. පොර කිව්ව මේක එතනට යනව ඒත් ලොකු වටයකිn අහවල් බස්සෙක තමා කෙලිම්ම යන්නෙ කියල. ඒත් මට වෙලාව තිබ්බ , සල්ලි තමා නොතිබ්බෙ. මේක කන්වුන්සිල් එකෙන් සීබීඩි එක වටේ නිකම් ඔහෙ කැරකෙන්න දාපු ෆ්‍රී බස් එක. හෙන රස්තියාදු නිසා කවුරුත් යන්නෙ නෑ. ඒත් ඉදහිට යන මිනිහ අන්තිම අසරණයෙක් වෙන්න පුලුවන්. මන් ඒකට නැග්ග.
දැන් යනව. බහින තැන බලාගන්න මාත් ඉස්සර්‍රාම ඉන්නව. ඩ්‍රයිවර් මට බහින තැන ගැන තවම විස්තරයක් කියනව. මන් හිතන්නෙ මගෙ කතාවයි රටට ඒලියන් ස්වරූපයයි හින්ද වෙන්න පොර ඇහුවෙ කොහෙන්ද ආවෙ කියල. ලන්කාවෙ කිව්වම බැලින්නම් පොරත් ලන්කාවෙ එකෙක්. ඊට පස්සෙ කතාවට සෙට් වුනා.
පොර මයිග්‍රේට් කරල සැහෙන කාලයක්. හොටෙල් සෙක්ටර් එකේ කිව්ව හිටියෙ. ඇවිත් සැහෙන කාලයක් යනකම් ජොබ් එකක් නැතුව ඉදල තමයි බස් ඩ්‍රයිවින් වලට සෙට් වෙන්නෙ. ඒත් ටික කාලෙකින්ම ඒ ජොබ් එකට කැමති වුණා කිව්ව. මිනිහ වැඩියෙන්ම එළවන්නෙ ෆ්‍රී බස් එකලු. ඒක පට්ට ආතල් ඇති. පැසෙන්ජර්ස් ලත් අඩුයි. ආවත් එන්නෙ අපි වගේ සතෙ නැතුව ඉන්න අසරණ එකෙක්. මන් හිතන්නෙ බොහො විට නව සන්ක්‍රමණිකයන්. ඒ නිසා වෙන්න ඕනෙ මිනිහ උන්ට මග විස්තර පැහැදිලි කරන්නෙත්.
මනුස්සයෙකුට ඉද හිට උදව්වක් වෙලා ඉතිරි වෙලාවට කවුරුත් නැති බස් එක ටවුම වටේ කරක කරක ඉන්න එක ආත්ල් වැඩක් කියල මට හිතුනෙ. අනික මිනිහ ගන්නව කිව්ව පඩිය ඊට ටික කලකට පසු හොයාගත් මගෙ පලවෙනි ජොබ් එකේ පඩියට සමානයි. පාන්දර පටන්ගෙන ඔෆිස් වෙලාවට කලින් ඉවර වෙනව. ලන්කාවෙ වගෙ පස්සෙන් එන බස් ටික බලන් පාරෙ රේස් පදින්නයි අස්සෙන් රින්ගන්නයි හප්ප ගන්නයි ඕනෙකමක් නෑ. මගීන් අතර අවුට් ඩයල් එකක් සෙට් වෙන්න පුලුවන්. ඒත් ඒක ඉතින් මිනිහට නෙවි කෝච්චියෙ ඔෆිස් යන අපිටත් වෙන්න පුලුවන්.
ඒ වෙද්දි මගෙ ෆීල්ඩ් එකේ කන්ටිනියු කරන එක සැකසහිතව තිබ්බෙ. ඇත්තෙන්ම මට වෙච්ච දේ වගෙ ටෙක්නිකලි බේසික් රෑන්ක් එකකට යන්න ගිහින් අලුත් ටෙක්නොලොජි වලින් ලොස් වීම නිස අයිටි හැර දා වෙන වෙන ජොබ්ස් හොයාගත්ත මගෙ යාලුවො උන්න. මන් ඇත්තෙන්ම ඒ බස් ජොබ් එකේ විස්තර පවා හෙව්ව. එකම දේ අතින් ගානක් දීල ලයිසමක් ගන්න තිබ්බ, සැහෙන කට්ටක් තිබ්බ ජොබ් එකක් හොයාගන්න. සල්ලි ගැනල පරිස්සමින් වියදම් කරමින්උන්නු මට ඒක කරන්න බයයි. මට ෆීල්ඩ් එකේ ජොබ් එකක් ලැබුණෙ තව මාසෙකින් විතර.
බස් ඩ්‍රයිවර් කියන ජොබ් එකෙ මෙහෙදි මුලින්ම මට පෙනුනෙ ඔහොම. ඉතින් වෙනත් නිශ්චිත විශයක ප්‍රොෆෙශනල් නොවුණු ක්‍රීඩකයො සෙට් එකකට ඔස්ට්‍රෙලියාවට ආවම ප්‍රොමෝශනල් හේතු හින්ද හෝ වෙනත් හේතු හින්ද බස් සමාගමකට බදවා ගන්නව කිව්ව යන්න බෑ කියල කිව්වනම් උන් තමා මෝඩ.
උන්ට ෆුල්ටයිම් කෝචින් කරන්න තියෙන ටෙස්ටින් සර්ටීෆිකේශන් එහෙම ගොඩ දාගෙන ක්‍රමයෙන් කෝච් ජොබ් වලට යා හැකි වෙයි. එහෙමබැරිමනම් හරි ඕනෙ නැතිනම් හරි කිසි අවුලක් නෑ බස් රස්සාවම කරන් උන්නත්. මට මෙතරම් මේ කතාව මතක තියෙන්නෙත් මම හිතෙන් ඒ බස් එක කාලයක් එළවපු නිසා, නිස්කලන්කෙ, කරක කරක.
Thursday, January 25, 2024
අවුට්බැක් සහ ඔස්ට්‍රෙලියාව අපිට දැනෙන හැටි
මාතෲකාවට එන්න කළින් ඔස්ට්‍රෙලියාව ගැන පොඩ්ඩක් ඇහැ හුරු කරගෙන ඉමුකො. බාහිර අය රට ගැන දන්න තරම අඩු නිසා.
මේ තියෙන්නෙ ඔස්ට්‍රෙලියාවෙ රෝඩ් ඇන්ඩ් ට්‍රැක් මැප් එක. ඒ කිව්වෙ මහාමාර්ග හා පස් පාරවල්. මේකෙන් පේන්න ඕනෙ මිනිස්සු වැඩියෙන් ඉන්න තැන් ටික. විශේශයෙන්ම මාර්ග වලින් කියන්නෙ එකිනෙකට සම්බන්ද මිනිස් ජනාවාස ගැනනෙ.
ඔස්ට්‍රෙලියන් අවුට්බැක් කියන්නෙ ඔන්න ඔය මිනිස්සු අඩුවෙන් ඉන්න තැන්වලට පොදුවේ කියන නම. හෙවත් අඩුවෙන් සම්බන්ද ප්‍රදේශ. ඒත් එහෙම කිව්වට මේ අවුට්බැක් ගැන ප්‍රමාණික චිත්‍රයක් කාටවත් නෑ. තියෙන චිත්‍රය තමා මේ පෝස්ට් එකෙ විස්තර කරන්න හදන්නෙ.
පොඩි ඩිස්ක්ලේමර් කීපයක් තියෙනව ඒ ටික ඉස්සරින්ම කියල ඉම්මු
හරි, අවුට්බැක් කියන්නෙ මොකද්ද? ඒක මෙහෙම කතාවට ගම්මු.
සිඩ්නි වලින් පටන් ගම්මු මගෙ දෲශ්ටි කෝණයෙන්. දැන් මේ සිඩ්නි කියන්නෙ ලංකාවෙන් 1/5 විතර ලොකු නගරයක්. නව නගර සැලසුම් එක්ක ග්‍රේටර් සිඩ්නි කිව්වම ලංකාවෙන් බාගෙක විතර සයිස් ඒරියා එකක්. මේ ග්‍රේටර් සිඩ්නි අර්බන් රීජන් එකක් හෙවත් ජනාවාසයෙන් ජනාවාසය එකිනෙක බැදුනු එව්වයෙ ඉන්න මිනිස්සු ඒකෙ එක එක දිහා වලට ගමන් බිමන් යන රස්සාවට යන මිනිස් වාසස්තාන එකතුවක්. මේකෙන් එලියට ගියාම දවසකින් වගෙ යන්න පුලුවන් මෙල්බර්න් (නිරිත) හෝ බ්‍රිස්බේන් (උතුර) වලට. කැන්බරා (නිරිත) දවස් බාගයක් වගෙ. ඇඩිලේඩ් (බටහිර) දවස් දෙකක් වැඩිම වුනොත් තුනක්. ඔය ඔක්කොම පහු කරන්නෙ ටෙම්පරට් දේශගුණයක තියෙන පලාතක්. ගොවිබිම් හිස් බිම් වන බිම් පොඩි පොඩි ප්‍රාදේශිය නගර එහෙම පහුකරගෙන තමා යන්නෙ. එක දිගට මිනිස්සු නැතුවාට මිනිස් වාස ළග ළග තියෙනව. වනගහන වෙනම මාක් වෙලා තියෙනව. ග්‍රේට් ඩිවයිඩින් කන්දෙ උඩ කැන්බරා ආසන්නෙ ප්‍රධාන පාරවලින් වෙන අතකට ගියාම තියෙනව වින්ටරේ හිම වැටෙන කලාපයකුත් ස්නෝවි මවුන්ටන්ස් කියමු. තව බ්‍රිස්බේන් වලින් උතුරට ගිය හැකි. දේශගුණය වනගහනය වෙනස් වෙනව ට්‍රොපිකල් තාලෙට. පොල් ගස් කොස්ගස් උක් වතු කෙසෙල් වතු ඝන වනන්තර (ට්‍රොපිකල් පන්නෙ) පහු කරගෙන යන්න පුලුවන් මූද අයින දිගේ කෙයාන්ස් ටවුන්ස්විල් වෙනකම් ඒ බ්‍රිස්බේන් සිට දවස් දෙකක විතර ඩ්‍රයිව් එකක් සිඩ්නි සිට නම් තුනක් වගෙ.
තව ලංකාව විතර දූපතක් තියෙනව ටැස්මේනියා. ඒ දූපත ග්‍රේට් ඩිවයිඩින් කන්දෙන් ඉතිරි වෙච්ච කෑල්ලක් නිසා ඒක තනිකරම මහ කදු ගොඩක්. තැන්නක් හොයාගන්න ලේසි නෑ. ඉඩ තියෙන තැන් කීපෙක නගර කීපයක් තියෙනව ඒකෙ හොබාට් තමා මූලික නගරෙ. ලක්ෂ දෙකතුනක් තමා ඔක්කොම ඉන්නෙ.
දැන් මන් ඔය කිව්ව කලාපෙ කොනේ සිට කොනට වාහනේක යන්න ගමනට පමනක් එක දිහාකට සතියකට මදක් අඩු කාලයක් යාවි. මෙහි සදහන් ප්‍රධාන නගර වලට අමතරව ප්‍රාදෙශිය නගර ඩොට් ඩොට් වගෙ තියෙනව සීයක් වගෙ. එව්ව අවට ගොවිබිම්. මේ කොහෙවත් කාන්තාර නෑ. ග්‍රේට් ඩිවයිඩින් කන්ද මේ කිව්ව මුලු ඒරියා එකේ කෙයාන්ස් හරියෙ ඉදන් මෙල්බන් වෙනකම් (හා ටැස්මේනියාවෙත්) උතුරු දකුණු නාරටියක් වගෙ තියෙනව. නාරටිය මැද උපරිම උස ලංකාවෙ මධ්‍ය කදුකරය විතර ඉදන් නාවල පිටිය ගම්පොල නුවර වගෙ උසකට වෙනස් වෙනව. ඒක දෙපැත්තට ස්ලොප් වෙනව. වෙරළ පැත්ත හෙවත් සුළං මුහුණතේ තමා ලොකු නගර ඔක්කොම තියෙන්නෙ. එහෙට වහිනව ගංගා ගලනව ලොකු ජනගහන ඉන්නව. සුළං මුවාව ලංකාවෙ වියළී/ශුෂ්ක කලාප වගෙ ඒවයෙ තැන තැන පොඩි නගර තියෙන. බහුතරේ දුවන්නෙ භූගත ජලයෙන්. ඇඩිලේඩ් එයාගෙම චූටි කදු පන්තියක් එක්ක ඉන්නව කොනේ නගරයක් ලෙස. මම ඔය විස්තර කළ කොටස සැහෙන්න ලොකු රටක්. කම්පෙයා කරනවනම් ඉරානය මෙක්සිකෝව විතර සයිස් රටක් මේ කිව්ව ටික.
තව කලාප තුනක් තියෙනව ඒව වෙන වෙනම සළකන්න ඕනෙ ඒව පෙර කී නොබිදුනු මිනිස් කලාපයට කෙලින්ම සම්බන්ද වෙන්නෙ නෑ. ඒ තමා පර්ත් සහ ඒ අවට කලාපය (ලංකාව සයිස්), ඩාවින් නගරය (ලන්කාවෙ දිස්ත්‍රික්කයක් විතර), ඇලිස් ස්ප්‍රින්ස් නගරය (ලංකාවෙ පොඩි ප්‍රාදෙශිය ටවුමක් විතර). මේ තුන තරමක ජනගහන ව්‍යාප්තියක් තියෙන කලාප තුනක්. සැකැස්මෙන් පෙර කී ප්‍රදේශය වගේමයි. මේව කලින් එව්ව වගෙ ඩ්‍රයිව් මෙච්චරයි කියල සම්බන්ද කරගන්න බෑ. කලින් කිව්ව රටෙන් වෙන් වෙලා තියෙන්නෙ. නිකම් ෆෙයරි ටේල් එකක ඩ්‍රීම් ලෑන්ඩ්ස් වගෙ නෙවිනම් වෙනත් මානයක තියෙන ලෝකයක් වගෙ ප්ලේන් වල නැගල මේවයෙ මිනිස්සු යනව ගිහින් ඒ කිව්ව කෑල්ලෙ තියෙන දේවල් විදල එනව. එව්වයෙ ඉන්න අයත් ඉතිරි කෑල්ලට එනව යනව. අපිට මේ කෑලි තුන ගන්න වෙන්නෙ දූපත් තුනක් ලෙස. මැද්දෙ තියෙන්නෙ පස් වුනාට මූද තිබ්බා හා සමානයි. වාහන/ෆෝවීල් පිස්සො, රාජකාරියට ඩ්‍රයිව් කරන උන්, පතල් කාරයො අරුන් මුන් ඇරෙන්න ඉතිරි බහුතරේට ඔය කලාප තුන ෆීල් වෙන්නෙ එහෙම.
මේක තමා ඔස්ට්‍රෙලියාව කියල අපි දන්න දැනෙන රට. මම කළීන් දාපු සිතියමම අරගෙන ඔය කිව්ව කලාප ටික ඒකෙ ලකුණු කරනව. ඔය නැගෙනහිරට වෙන්න තියෙන ඉරානය හෝ මෙක්සිකෝව තරම් ප්‍රදේශය තමා අපි ඉන්න අපිට එදිනෙදා දැනෙන රට. ඕකට එකත් වෙන "ගොඩබිම පිහිටි" දූපත් තුන තමා අනිත් රවුම් කරපු ප්‍රදේශ.
බහුතරයක් ඔස්ට්‍රෙලියානුවො (සංක්‍රමණිකයො පමණක් නෙවි ඔක්කොම මිනිස්සු) ජීවත් වෙන්නෙ ට්‍රිප් යන්නෙ ෆීල් කරන්නෙ තැන් වශයෙන් දන්නෙ කොටින්ම ඔස්ට්‍රෙලියාව කියල කියන්නෙ ඔය මාක් කරපු කෑලිවලට. ඒව ඇතුලෙ ඔවුන් ජීවත් වෙනගමන් ඒවා අතර එක්කො හයිවේ එකකින් හෝ ගුවනින් යනව.
හැබැයි අපි තාම කතාවට ගත්තෙ මුළු භුමියෙන් 1/5 ටත් අඩු කෑල්ලක්. ඉතිරි 4/5 තමා අවුට්බැක්. ඒකෙ තියෙන්නෙ රතුපාට පස් හෝ සුදු වැලි වලින් හැදුනු ශුෂ්ක බිමක්, ඒකෙ තැන තැන පොඩි පොඩි පදුරු, සමහර දුර්ලභ තැනක පොඩි වන වදුලු, කාන්තාර ශාඛ, ලොකුවට සත්තු කියල නෑ, වැඩියෙම්ම ඉන්නෙ ඔටුවො තමා ඔටුවන් මිනිස්සු හදල අතෑරිය හෙවත් ෆෙරල් සතුන්. මුන්නම් මිලියනයකට ආසන්න ගානක් ඇති කියා හිතනව සමහර එස්ටිමට් අනුව ලක්ශ 12ක් - ලෝකෙ ලොකුම ඔටු රංචුව. භූවිශමතා ගත්තත් කන්දක් කියල ලොකුවට නෑ (ඔක්කොම කේස් වලට හේතුව මේක තමා). ගංගා කියල සීසනලි ගලන එව්ව තියෙනව. ඒවයෙ වැඩි හරිය රට තුලට ගලා අතුරුදහන් වෙන්නෙ. විල් කිව්වට සීසනලි පිරෙන ලවණ විල් තියෙන්නෙ ඒව හිඳිල හැදෙන සෝල්ට් ෆ්ලට්ස් තමා වැඩි. මේ සීසනලි කියන්නෙ ලංකාවෙ වගෙ වසරක් පාසා නෙවි සීසන් වල ටයීමින් අවු 7 8 සිට 10 20 වගෙ කාල ප්‍රාන්තර. මහා වාලුකා කාන්තාර තියෙනව. බ්‍රිතාන්‍ය දූපතට මදක් කුඩා සයිස් තඩි හිරිගල් පර්වතයක් තියෙනව ඒකෙ කිසිම ගහක් නොහැදෙන නිසා ඒකට නලබෝර් කියල කියනව, ලස්ස්න භූමි නිර්මාණ තියෙනව හැමෝම දන්න උලුරු (අයර්ස්) පර්වතය එකක්.
මේක අස්සෙත් මිනිස් ක්‍රියාකාරකම් තියෙනව. සමහර ජල ප්‍රභව තියෙන තැනක දෙකක ලන්කාවෙන් බාගෙ කාල සමාරවිට ලන්කාවටත් ලොකු සයිස් කෑලි වල හරක් කීප දාහක් වගෙ දාගෙන ඉන්න තනි තනි ෆාම් කීපයක් තියෙනව. තව පොලොව හාරගන්න හැදුනු මයිනින් ටවුන්ස් කීපයක් තියෙනව. එදා පටන් මුලු ඔස්ට්‍රෙලියාවම තම ග්‍රහණයට ගත්ත, මේ කාන්තාර හැදෙන කොට ඒව එක්කම අනුවර්තනය වෙච්ච ස්වදේශික ගම්මාන තියෙනව. යුරොපින් අර පෙරකී "රටෙන්" එලවා දාපු ස්වදේශියන්ගෙන් සමහරුත් ඒ ගම්මාන වලටම ගිහින් තියෙනව. ස්වදේශික කිව්වට දැන් ඉන්නෙ ගෝත්‍රික තාලෙට නෙවි පොඩි පොඩි ගෙවල් හදන් ඒවට ඒසී එහෙම තියෙනව නගර නොවුනට නාගරික හුරුවක තමා ඉන්නෙ. ඔය ඔක්කොම එකතු කළත් නොගිනිය හැකි තරම් කුඩා ජනගහනයක් එන්නෙ මුලු අවුට්බැක් එකටම. මේ කලාපෙ තමයි සමර් එක දවල්ට හතලිස් පහෙන් එහා රෑට තිස්පහෙන් එහා සති ගණන් තියෙන්නෙ. ඉතිරි පහෙන් හතර හෙවත් අවුට්බැක් කියන්නෙ ඕකට.
හැබැයි මේ පහෙන් හතරෙ සයිස් එක අපි කාටවත් හිතාගන්න ග්‍රහණය කරගන්න බෑ. ඒක එහෙම කරගන්න අවශ්‍ය නොකැඩුනු මිනිස් ක්‍රියාකාරකම් පැතිරීමක් වෙලා නෑ. මේ කියන කලාපෙ කොච්චර කොච්චර එහාට යන්න පුලුවන්ද කියන එක ගැන ෆීල් එකක් නෑ. ඒ නිසාම මේ ඕනෙම තනි ජනාවාසයක් සළකන්න වෙන්නෙ ලෝකෙන් වෙන් වූ කෑල්ලක් කියල. මෙන්න මෙහෙම එක "ලෝකෙන් වෙන් වූ" ජනාවාසයකට ගිය යූටියුබර් කෙනෙකුගෙ වීඩියෝවක් තියෙනව කැමති කෙනෙකුට බලල ෆීල් එක ගන්න පුලුවන්. ස්තානීයව මිසක අවුබැක් ගැන එහි විශාලත්වය ගැන ෆීල් එකක් බොහොදෙනෙකුට නෑ.
අවුට්බැක් වල දිග හා පළල මනින්න අපිට ෆීල් වෙන එක විදියක් තමා ඒ හරහා යන ලක්සරි දුම්‍රිය දෙක. සිඩ්නි සිට පර්ත් දක්වා ඇඩිලේඩ් හරහා යන ඉන්ඩියන් පැසිෆික් ලක්සරි දුම්‍රියේ ඇඩිලේඩ් සිට පර්ත් දක්වා දින තුනක් යනව. මේ තමා අවුට්බැක් වල නැගෙනහිර-බටහිර අතට තියෙන දිග මැනෙන එක විදියක්. ඇඩිලේඩ් සිට ඩාවින් බලා යන ද ඝන් ලක්සරි දුම්‍රියේ කාලය දින දෙකහමාරක්. මේ තමා අවුට්බැක් වල උතුරු-දකුනු පළල මැනෙන එක විදියක්. ඒත් ඩොලර් හාර පන්දාහ ටිකට් අරන් මේ කෝච්චි දෙකේම ගිය පිරිස ඉතාම කුඩා නිසා ඒක බහුතරයක් මිනිස්සු දන්න දෙයක් නෙවි.
ඔස්ට්‍රෙලියාව සහ අවුට්බැක් ගැන ෆීල් වෙන්නෙ ඔන්න ඔහොමයි. ෆීල් වෙන එව්ව ඉතින් පුද්ගලික නිස හැමෝටම එහෙමයි කියල කියන්න බෑ, ස්පෙශලි අවුට්බැක් අස්සෙ වාහන වලින් නිතර යන එන අයට එහෙම. සමස්ත අදහසකට වඩා මේ දෙන්න හදන්නෙ බහුතර අදහසක්.

- අවුට්බැක් කියන්නෙ ලෝකෙ ප්‍රචලිත නමක් ලේබලයක්. මේකට සිංහල වචනයක් හැදුවැකි. ඒත් ලොකෙ තියෙන ඔක්කොටම අපබ්‍රංශ සිංහල වචන ඕනෙ නෑ. ඒක කියවන්නාට හදුනාගන්න අසීරු වෙන තත්වයක්නෙ. ඕනෙම ඔරිජිනල් වචනයකට අර්තයක් තියේනෙ. ඔස්ට්‍රෙලියාව කියන්නෙ දකුණුදිග නොදන්නා ගොඩබිම හෙවත් ටෙරා ඉන්කොග්නිටා ඔස්ට්‍රාලිස් කීයන එකෙන් කැඩුණු එකක්. ඕන්නම් ඕකට "දකුණු රාජ්ජෙ" කියල කිව්වැකි. හැබැයි මං එහෙම ලිව්වම කාටවත් මීටර් වෙන්නෙ නෑ කන්ෆියුශන් පමණයි. ඒ නිසා මම මේ සටහනේ අවුට්බැක් සිංහලට හරවන්නෙ නෑ.
- මේ උත්සාහ කරන්නෙ සිතියමක් අරගෙන අවුට්බැක් ලකුණු කරන්න විතරක් නෙවි (ඒකත් කරනව තේරුම් ගන්න උදව් වෙන්න). ඒක කියවන්නාට එක සර්ච් එකකින් කරගන්න පුලුවන්. මේ සටහනේ අරමුණ නැගෙනහිර ඔස්ට්‍රෙලියානු වෙරළේ ජීවත් වන්නෙක් ලෙස මට හෝ මං දන්න තරමින් මා වටා ඉන්න සමාජයට අවුට්බැක් කියන එක දැනෙන්නෙ කෝමද කියල කියන්න. මම හිතනවා, කෙනෙක් රාජකාරි විනෝදය හෝ ජීවන අවශ්‍යතාවක් වෙනුවෙන් නිතර දෙවේලෙ අවුට්බැක් තැන්වලට යන්නෙ එන්නෙ නැත්නම් මේ කියන ෆීලින් එක එයාල කාටත් ඇති කියල.
- තවේකක් තමා මම මේකෙ දුරවල් විස්තර කරන්නෙ දවසක ඩ්‍රයිව් එකක් දවස් දෙකක ඩ්‍රයිව් එකක් වගෙ වචන වලින්. ඒ ඉතින් 110 පාරෙ 120-140 ට විතර වාහනේක යන්න ගතවෙන කාලෙ තමා. ඒත් එහෙම්ම යන්න ඕනෙ නෑ මෙහි කියවෙන සියලු ස්තාන වලට ගුවන් පහසුකම් තියෙනව මම වගෙ වාහන මේනියාව නැති අසරණයින්ට ඕනෙනම්. මෙතන ඩ්‍රයිව් වලින් දුර කියන්නෙ කාටත් තේරෙන බාසාවක් නිසා. මොකද කිමි 2000 කිව්වට බොහො දෙනෙකුට ෆීල් වෙන්නෙ නෑ.
- දැන් ඔය අවුට්බැක් කියන්නෙ එකාතකින් සාපේක්ශ වචනයක්. නිකම් ලන්කාවෙ භාවිතාවෙන "ඩොටේ" වගෙ එකක්, ඒ නිසා අවුට්බැක් කියන එක තමන් ඉන්න තැනට සාපේක්ශව වඩාත් ගන්පැත්තක් ගැන කියන්න යෙදවෙනව. සිඩ්නි වලදි කිමි 300 පමණ බටහිරෙන් තියෙන ඩබෝ වගෙ තැනක් අවුට්බැක් කියල කියවෙන්න පුලුවන්. ඩබෝ වලදිත් තරමාක් කුඩා ටවුමකට අවුට්බැක් කියවෙන්න පුලුවන්. සාමාන්‍යයෙන් ග්‍රේට් ඩිවයිඩින් කන්දෙන් බටහිට ඔක්කොම් ව්ගෙ අවුට්බැක් තමා. ඒත් මම මෙතන කතාවෙන්නෙ ඒ පෙදෙස්වල තියෙන අපිට දුර ගැන අනුමාන තියෙන නගර හා ගම්මාන නෙවි. ඒ ඔක්කොටම පිටින් තියෙන අපට ග්‍රහණය නොවෙන රියල් අවුට්බැක් එක ගැන.
හරි, අවුට්බැක් කියන්නෙ මොකද්ද? ඒක මෙහෙම කතාවට ගම්මු.
සිඩ්නි වලින් පටන් ගම්මු මගෙ දෲශ්ටි කෝණයෙන්. දැන් මේ සිඩ්නි කියන්නෙ ලංකාවෙන් 1/5 විතර ලොකු නගරයක්. නව නගර සැලසුම් එක්ක ග්‍රේටර් සිඩ්නි කිව්වම ලංකාවෙන් බාගෙක විතර සයිස් ඒරියා එකක්. මේ ග්‍රේටර් සිඩ්නි අර්බන් රීජන් එකක් හෙවත් ජනාවාසයෙන් ජනාවාසය එකිනෙක බැදුනු එව්වයෙ ඉන්න මිනිස්සු ඒකෙ එක එක දිහා වලට ගමන් බිමන් යන රස්සාවට යන මිනිස් වාසස්තාන එකතුවක්. මේකෙන් එලියට ගියාම දවසකින් වගෙ යන්න පුලුවන් මෙල්බර්න් (නිරිත) හෝ බ්‍රිස්බේන් (උතුර) වලට. කැන්බරා (නිරිත) දවස් බාගයක් වගෙ. ඇඩිලේඩ් (බටහිර) දවස් දෙකක් වැඩිම වුනොත් තුනක්. ඔය ඔක්කොම පහු කරන්නෙ ටෙම්පරට් දේශගුණයක තියෙන පලාතක්. ගොවිබිම් හිස් බිම් වන බිම් පොඩි පොඩි ප්‍රාදේශිය නගර එහෙම පහුකරගෙන තමා යන්නෙ. එක දිගට මිනිස්සු නැතුවාට මිනිස් වාස ළග ළග තියෙනව. වනගහන වෙනම මාක් වෙලා තියෙනව. ග්‍රේට් ඩිවයිඩින් කන්දෙ උඩ කැන්බරා ආසන්නෙ ප්‍රධාන පාරවලින් වෙන අතකට ගියාම තියෙනව වින්ටරේ හිම වැටෙන කලාපයකුත් ස්නෝවි මවුන්ටන්ස් කියමු. තව බ්‍රිස්බේන් වලින් උතුරට ගිය හැකි. දේශගුණය වනගහනය වෙනස් වෙනව ට්‍රොපිකල් තාලෙට. පොල් ගස් කොස්ගස් උක් වතු කෙසෙල් වතු ඝන වනන්තර (ට්‍රොපිකල් පන්නෙ) පහු කරගෙන යන්න පුලුවන් මූද අයින දිගේ කෙයාන්ස් ටවුන්ස්විල් වෙනකම් ඒ බ්‍රිස්බේන් සිට දවස් දෙකක විතර ඩ්‍රයිව් එකක් සිඩ්නි සිට නම් තුනක් වගෙ.
තව ලංකාව විතර දූපතක් තියෙනව ටැස්මේනියා. ඒ දූපත ග්‍රේට් ඩිවයිඩින් කන්දෙන් ඉතිරි වෙච්ච කෑල්ලක් නිසා ඒක තනිකරම මහ කදු ගොඩක්. තැන්නක් හොයාගන්න ලේසි නෑ. ඉඩ තියෙන තැන් කීපෙක නගර කීපයක් තියෙනව ඒකෙ හොබාට් තමා මූලික නගරෙ. ලක්ෂ දෙකතුනක් තමා ඔක්කොම ඉන්නෙ.
දැන් මන් ඔය කිව්ව කලාපෙ කොනේ සිට කොනට වාහනේක යන්න ගමනට පමනක් එක දිහාකට සතියකට මදක් අඩු කාලයක් යාවි. මෙහි සදහන් ප්‍රධාන නගර වලට අමතරව ප්‍රාදෙශිය නගර ඩොට් ඩොට් වගෙ තියෙනව සීයක් වගෙ. එව්ව අවට ගොවිබිම්. මේ කොහෙවත් කාන්තාර නෑ. ග්‍රේට් ඩිවයිඩින් කන්ද මේ කිව්ව මුලු ඒරියා එකේ කෙයාන්ස් හරියෙ ඉදන් මෙල්බන් වෙනකම් (හා ටැස්මේනියාවෙත්) උතුරු දකුණු නාරටියක් වගෙ තියෙනව. නාරටිය මැද උපරිම උස ලංකාවෙ මධ්‍ය කදුකරය විතර ඉදන් නාවල පිටිය ගම්පොල නුවර වගෙ උසකට වෙනස් වෙනව. ඒක දෙපැත්තට ස්ලොප් වෙනව. වෙරළ පැත්ත හෙවත් සුළං මුහුණතේ තමා ලොකු නගර ඔක්කොම තියෙන්නෙ. එහෙට වහිනව ගංගා ගලනව ලොකු ජනගහන ඉන්නව. සුළං මුවාව ලංකාවෙ වියළී/ශුෂ්ක කලාප වගෙ ඒවයෙ තැන තැන පොඩි නගර තියෙන. බහුතරේ දුවන්නෙ භූගත ජලයෙන්. ඇඩිලේඩ් එයාගෙම චූටි කදු පන්තියක් එක්ක ඉන්නව කොනේ නගරයක් ලෙස. මම ඔය විස්තර කළ කොටස සැහෙන්න ලොකු රටක්. කම්පෙයා කරනවනම් ඉරානය මෙක්සිකෝව විතර සයිස් රටක් මේ කිව්ව ටික.
තව කලාප තුනක් තියෙනව ඒව වෙන වෙනම සළකන්න ඕනෙ ඒව පෙර කී නොබිදුනු මිනිස් කලාපයට කෙලින්ම සම්බන්ද වෙන්නෙ නෑ. ඒ තමා පර්ත් සහ ඒ අවට කලාපය (ලංකාව සයිස්), ඩාවින් නගරය (ලන්කාවෙ දිස්ත්‍රික්කයක් විතර), ඇලිස් ස්ප්‍රින්ස් නගරය (ලංකාවෙ පොඩි ප්‍රාදෙශිය ටවුමක් විතර). මේ තුන තරමක ජනගහන ව්‍යාප්තියක් තියෙන කලාප තුනක්. සැකැස්මෙන් පෙර කී ප්‍රදේශය වගේමයි. මේව කලින් එව්ව වගෙ ඩ්‍රයිව් මෙච්චරයි කියල සම්බන්ද කරගන්න බෑ. කලින් කිව්ව රටෙන් වෙන් වෙලා තියෙන්නෙ. නිකම් ෆෙයරි ටේල් එකක ඩ්‍රීම් ලෑන්ඩ්ස් වගෙ නෙවිනම් වෙනත් මානයක තියෙන ලෝකයක් වගෙ ප්ලේන් වල නැගල මේවයෙ මිනිස්සු යනව ගිහින් ඒ කිව්ව කෑල්ලෙ තියෙන දේවල් විදල එනව. එව්වයෙ ඉන්න අයත් ඉතිරි කෑල්ලට එනව යනව. අපිට මේ කෑලි තුන ගන්න වෙන්නෙ දූපත් තුනක් ලෙස. මැද්දෙ තියෙන්නෙ පස් වුනාට මූද තිබ්බා හා සමානයි. වාහන/ෆෝවීල් පිස්සො, රාජකාරියට ඩ්‍රයිව් කරන උන්, පතල් කාරයො අරුන් මුන් ඇරෙන්න ඉතිරි බහුතරේට ඔය කලාප තුන ෆීල් වෙන්නෙ එහෙම.
මේක තමා ඔස්ට්‍රෙලියාව කියල අපි දන්න දැනෙන රට. මම කළීන් දාපු සිතියමම අරගෙන ඔය කිව්ව කලාප ටික ඒකෙ ලකුණු කරනව. ඔය නැගෙනහිරට වෙන්න තියෙන ඉරානය හෝ මෙක්සිකෝව තරම් ප්‍රදේශය තමා අපි ඉන්න අපිට එදිනෙදා දැනෙන රට. ඕකට එකත් වෙන "ගොඩබිම පිහිටි" දූපත් තුන තමා අනිත් රවුම් කරපු ප්‍රදේශ.
බහුතරයක් ඔස්ට්‍රෙලියානුවො (සංක්‍රමණිකයො පමණක් නෙවි ඔක්කොම මිනිස්සු) ජීවත් වෙන්නෙ ට්‍රිප් යන්නෙ ෆීල් කරන්නෙ තැන් වශයෙන් දන්නෙ කොටින්ම ඔස්ට්‍රෙලියාව කියල කියන්නෙ ඔය මාක් කරපු කෑලිවලට. ඒව ඇතුලෙ ඔවුන් ජීවත් වෙනගමන් ඒවා අතර එක්කො හයිවේ එකකින් හෝ ගුවනින් යනව.
හැබැයි අපි තාම කතාවට ගත්තෙ මුළු භුමියෙන් 1/5 ටත් අඩු කෑල්ලක්. ඉතිරි 4/5 තමා අවුට්බැක්. ඒකෙ තියෙන්නෙ රතුපාට පස් හෝ සුදු වැලි වලින් හැදුනු ශුෂ්ක බිමක්, ඒකෙ තැන තැන පොඩි පොඩි පදුරු, සමහර දුර්ලභ තැනක පොඩි වන වදුලු, කාන්තාර ශාඛ, ලොකුවට සත්තු කියල නෑ, වැඩියෙම්ම ඉන්නෙ ඔටුවො තමා ඔටුවන් මිනිස්සු හදල අතෑරිය හෙවත් ෆෙරල් සතුන්. මුන්නම් මිලියනයකට ආසන්න ගානක් ඇති කියා හිතනව සමහර එස්ටිමට් අනුව ලක්ශ 12ක් - ලෝකෙ ලොකුම ඔටු රංචුව. භූවිශමතා ගත්තත් කන්දක් කියල ලොකුවට නෑ (ඔක්කොම කේස් වලට හේතුව මේක තමා). ගංගා කියල සීසනලි ගලන එව්ව තියෙනව. ඒවයෙ වැඩි හරිය රට තුලට ගලා අතුරුදහන් වෙන්නෙ. විල් කිව්වට සීසනලි පිරෙන ලවණ විල් තියෙන්නෙ ඒව හිඳිල හැදෙන සෝල්ට් ෆ්ලට්ස් තමා වැඩි. මේ සීසනලි කියන්නෙ ලංකාවෙ වගෙ වසරක් පාසා නෙවි සීසන් වල ටයීමින් අවු 7 8 සිට 10 20 වගෙ කාල ප්‍රාන්තර. මහා වාලුකා කාන්තාර තියෙනව. බ්‍රිතාන්‍ය දූපතට මදක් කුඩා සයිස් තඩි හිරිගල් පර්වතයක් තියෙනව ඒකෙ කිසිම ගහක් නොහැදෙන නිසා ඒකට නලබෝර් කියල කියනව, ලස්ස්න භූමි නිර්මාණ තියෙනව හැමෝම දන්න උලුරු (අයර්ස්) පර්වතය එකක්.
මේක අස්සෙත් මිනිස් ක්‍රියාකාරකම් තියෙනව. සමහර ජල ප්‍රභව තියෙන තැනක දෙකක ලන්කාවෙන් බාගෙ කාල සමාරවිට ලන්කාවටත් ලොකු සයිස් කෑලි වල හරක් කීප දාහක් වගෙ දාගෙන ඉන්න තනි තනි ෆාම් කීපයක් තියෙනව. තව පොලොව හාරගන්න හැදුනු මයිනින් ටවුන්ස් කීපයක් තියෙනව. එදා පටන් මුලු ඔස්ට්‍රෙලියාවම තම ග්‍රහණයට ගත්ත, මේ කාන්තාර හැදෙන කොට ඒව එක්කම අනුවර්තනය වෙච්ච ස්වදේශික ගම්මාන තියෙනව. යුරොපින් අර පෙරකී "රටෙන්" එලවා දාපු ස්වදේශියන්ගෙන් සමහරුත් ඒ ගම්මාන වලටම ගිහින් තියෙනව. ස්වදේශික කිව්වට දැන් ඉන්නෙ ගෝත්‍රික තාලෙට නෙවි පොඩි පොඩි ගෙවල් හදන් ඒවට ඒසී එහෙම තියෙනව නගර නොවුනට නාගරික හුරුවක තමා ඉන්නෙ. ඔය ඔක්කොම එකතු කළත් නොගිනිය හැකි තරම් කුඩා ජනගහනයක් එන්නෙ මුලු අවුට්බැක් එකටම. මේ කලාපෙ තමයි සමර් එක දවල්ට හතලිස් පහෙන් එහා රෑට තිස්පහෙන් එහා සති ගණන් තියෙන්නෙ. ඉතිරි පහෙන් හතර හෙවත් අවුට්බැක් කියන්නෙ ඕකට.
හැබැයි මේ පහෙන් හතරෙ සයිස් එක අපි කාටවත් හිතාගන්න ග්‍රහණය කරගන්න බෑ. ඒක එහෙම කරගන්න අවශ්‍ය නොකැඩුනු මිනිස් ක්‍රියාකාරකම් පැතිරීමක් වෙලා නෑ. මේ කියන කලාපෙ කොච්චර කොච්චර එහාට යන්න පුලුවන්ද කියන එක ගැන ෆීල් එකක් නෑ. ඒ නිසාම මේ ඕනෙම තනි ජනාවාසයක් සළකන්න වෙන්නෙ ලෝකෙන් වෙන් වූ කෑල්ලක් කියල. මෙන්න මෙහෙම එක "ලෝකෙන් වෙන් වූ" ජනාවාසයකට ගිය යූටියුබර් කෙනෙකුගෙ වීඩියෝවක් තියෙනව කැමති කෙනෙකුට බලල ෆීල් එක ගන්න පුලුවන්. ස්තානීයව මිසක අවුබැක් ගැන එහි විශාලත්වය ගැන ෆීල් එකක් බොහොදෙනෙකුට නෑ.
අවුට්බැක් වල දිග හා පළල මනින්න අපිට ෆීල් වෙන එක විදියක් තමා ඒ හරහා යන ලක්සරි දුම්‍රිය දෙක. සිඩ්නි සිට පර්ත් දක්වා ඇඩිලේඩ් හරහා යන ඉන්ඩියන් පැසිෆික් ලක්සරි දුම්‍රියේ ඇඩිලේඩ් සිට පර්ත් දක්වා දින තුනක් යනව. මේ තමා අවුට්බැක් වල නැගෙනහිර-බටහිර අතට තියෙන දිග මැනෙන එක විදියක්. ඇඩිලේඩ් සිට ඩාවින් බලා යන ද ඝන් ලක්සරි දුම්‍රියේ කාලය දින දෙකහමාරක්. මේ තමා අවුට්බැක් වල උතුරු-දකුනු පළල මැනෙන එක විදියක්. ඒත් ඩොලර් හාර පන්දාහ ටිකට් අරන් මේ කෝච්චි දෙකේම ගිය පිරිස ඉතාම කුඩා නිසා ඒක බහුතරයක් මිනිස්සු දන්න දෙයක් නෙවි.
ඔස්ට්‍රෙලියාව සහ අවුට්බැක් ගැන ෆීල් වෙන්නෙ ඔන්න ඔහොමයි. ෆීල් වෙන එව්ව ඉතින් පුද්ගලික නිස හැමෝටම එහෙමයි කියල කියන්න බෑ, ස්පෙශලි අවුට්බැක් අස්සෙ වාහන වලින් නිතර යන එන අයට එහෙම. සමස්ත අදහසකට වඩා මේ දෙන්න හදන්නෙ බහුතර අදහසක්.
Subscribe to:
Posts (Atom)