Saturday, December 31, 2022

ඉන්දියාවේ සියට පණහ

අවු මිලියන 10කට වගෙ කලින් එවකට තිබ්බ ආසියානු වෙරළෙ තිබ්බ ටිබෙට් ප්‍රදේශය එක්ක හා වෙන ඉන්දීය භු තැටිය ටිබෙටය වත්මන් ලෝකෙ උසම සානුව වෙනකම් ඔසවනව. ටිබෙටය ආසන්න මූදෙ යට තිබ්බ හිරිගල් පර්වතයක් කිමි නවයක් විතර උඩට උස්සල ලෝකෙ උසම කන්ද වන එවරස්ට් හදනව. මේ ක්‍රියාදාමයෙන් හිමාලය බිහි වෙනව.
 
මේකෙදි ඉන්දු භු තැටිය ගිලා බහිනව ටිබෙටය යටින්. මේ බැස්ම නිසා හිමාලෙ අයිනෙන් ම ඉතාම පහත් බිමක් ඇති වෙනව. සබ්ඩක්ශන් සෝන් එකක ඇතිවන පහත් බිම් රාශියක් තියෙන්නෙ මූදු මට්ටමට යටින්. ඒත් කිසියම් හේතුවකට මේ බිම තියෙන්නෙ මූදුමට්ටමට මීටර 50ක් වගෙ උඩින්. වඩාත් දකුනු දිග ඉන්දීය අර්ධද්වීපයට වඩා මේ බිම පහත්. ඒ නිසා මධ්‍ය්ම ඉන්දියාවයි හිමාලයයි මැද්දෙ හැදෙනව කානුවක් වගෙ නිම්නයක්.

උසම උස කන්දක්. ඒ කන්ද අභිබවා යන්න දකුණින් එන සාගරාශ්‍රිත මෝසම් සුළන් වලට බැ. ඒ තරම් උසයි. ඒ වගේම උතුරින් එන ශීතල වියළි සුළන් වලටත් බෑ. ඒ නිසා වෙන්නෙ මොකද සමකාසන්න සුළන් වලින් මේ උපනිවර්තන කලාපෙ රත් වෙනව සමකාසන්න ගානට. ඒ සුළන් ගේන වාශ්ප මිදිල අති විශාල වැස්සක් වහිනව. ඒ වහින වතුර කන්දෙ එකතු වෙලා ගලන්නෙ කොහෙටද අර කානුව වගෙ නිම්නයට. මූදු මට්ටමින් මිටර 50 වගෙ නිසා ඒ වතුර වේගෙන් මූදට නොගලා ඒ නිම්නයෙ මැද හැම තැනම පැතිරෙනවා.

මේක කෲශිකර්මයට අපූරු බිමක්. කන්දෙන් ලවණ අරගෙන එන වතුර තැන්නෙ තැන්පත් වෙලා රොන් මඩ පතුරලා සරු ගොවිබිමක් හදනවා. මේක තමා ලෝකෙ තියෙන සාරවත්ම ගොවිබිම. සන්සන්දනාත්මක කලාප කීපයයි තියෙන්නෙ. යුක්‍රේන-බටහිර රුසියා ස්ටෙප්ස් භුමිය, ඇමරිකාවෙ මිසිසිපි නිම්නය, චීනයේ මහා ගන්ගා දෙක අතර කලාපය වගෙ.

මේ සියලු බිම් වලට ආවේණික ලක්ශණයක් තියෙනව. වේගවත් ජනගහන වර්ධනය. ඇමරිකාවෙ ඔය මන් කිව්ව භුමිය වුනත් පහුගිය අවු 500 ඇමරිකන් ජනගහනයෙ ලොකු කුට්ටිය හදනව, බටහිර රුසියා යුක්‍රේන කලාපය යුරෝපයේ ලොකුම ජනගහන කලාපයක්. ඉරානෙ පැත්තෙන් එන ආර්‍යයන් සන්ක්‍රමණය නතර කරල සෙට්ල් වෙන්න සුදුසු බිම ලෙස මේ කලාපය තෝරාගන්නව. සොළොස් මහ ජනපද හැදෙන්නෙ මෙතන. අශෝක රජවූ පාටලී පුත්‍ර නගරය තමා උත්තර් ප්‍රදේශ් අගනුවර ලක්නව්, බරණැස් නුවර තියෙන්නෙ බිහාරයෙ. මේ කලාපෙ තමා බෞද්ද ජෛන ලිටරේචර් එක සම්පුර්නයෙන්ම බේස් වන්නෙ. තනිකර වගාවෙන් පමනක් විශාල ජනගහන පව්ත්වාගන්න සමත් වන මේ සරු භූමිය නිසා තමා ලොකෙට සත්ව හින්සනය පිටුදකින අහින්සාවාදි ආගම් බිහීවෙන්නෙ.

සමහරවිට යුරෝපා සන්ස්කෲතිය එහෙමටම වැළද නොගෙන තාමත් සම්ප්‍රදායික චින්තන වලම හිරවෙලා ඉන්න නිසා වත්මන් ඉන්දියාවෙ නොදියුණු කලාපය ඒක වෙලා තියෙනව කියන්නත් පුලුවන්.

අන්න ඒ භුමිය ගැන කතාවෙනවා
 මේ වීඩියෝවේ. ඒකෙ විස්තරේ  ටිකක් මදි වගෙ නිසා ටිකක් අතින් දැම්මෙ.

Monday, November 7, 2022

අවුරුදු මිලියනයක් තිස්සේ ගලන දියකඳ

වැහි වතුර ගංගා දිගේ මූදට ගලනවනෙ. ඒත් පොලොව වැහි වතුර උරාගන්න තාලෙට සවිවර වුණොත් මොකද වෙන්නෙ? ගංගා හැදෙන්න බෑනෙ. වතුර පොලොවට උරාගන්නව. මේක සුලබව වෙන දෙයක්. හැබැයි එහෙම උරාගන්න වතුර පොලොව යටට ගැඹුරට බහින කොට යටින් එහෙම සවිවර නැති ගල් තට්ටුවක් හම්බුනොත් මොකද වෙන්නෙ? තව බහින්න බෑනෙ ගල් තට්ටුව මත පැතිරෙමින් පස් තුල එකතුවෙනව පස් මිශ්‍ර ටැංකියක් වගෙ, තිරස්ව පැතිරෙනව කොහෙන් හෝ ගඟක් මූදක් ඒම නැතිනම් ගල් තට්ටුවෙ අවසානය හම්බෙනකම්. මතුපිට පස්වල ජලය වාශ්ප වුනාට යට ජලය ඉතුරු වෙනවා. මේ ක්‍රියාදාමයට ඇක්විෆයර් එකක් කියල කියනව. ඇක්විෆයර් එකක් හැදෙන ජියෝලොජික් සැකැස්මට ආටීසියානු බේසින් කියල කියනව.

දැන් ඔය කියන ටැංකිය හෙවත් ඇක්විෆයර් එක අති විශාල භුමියක තියේනම්, ඒකෙ පුරාම ඉතාම ගැබුරෙ - කිමි ගානක් යට - තනිකර ගලක් නම් සහ ගඟක් මූදක් පලාතෙ නැත්නම් මොකක් වෙයිද?

ඔස්ට්‍රෙලියාවෙ මැද හරියෙ වෙන්නෙ එහෙම එකක්. මේ තමා ග්‍රේට් ආටීසියන් බේසින් එක. මේ ජාතියෙ ලොකෙ තියෙන ලොකුම එක.






ඔස්ට්‍රෙලියාව මැද්දෙ ඉදල මූදට ගලන ගංගා නෑ. මතුපිට සවිවර (හිරිගල් වගෙ) පාශාණ කිමි තුනක් පමණ වෙනකම් ගැඹුරට යනව. ඊට යටින් කලුගල් වගෙ වතුර නොබහින බේස් එකක්. ඉතින් මේකට වැටෙන වතුර පාශාණ තට්ටුව ඇතුලෙ එකතුවෙමින් ගලායනව. කොච්චර ගැලුවත් ගඟක් මූදක් හමුවන්න මාර දුරක් තියෙනෙන්, යට කලුගලත් එහෙම්ම තියෙනව. මේ නිසා වතුර එකතුවෙලා ලෝකෙ ලොකුම ස්වාභාවික වතුර ටැංකිය හැදෙනව. වර්ගපලයෙන් මේක ඉරානෙට වටා ලොකුයි, ගැඹුර කිමි තුනක් විතර වෙනකම් තියෙන්න පුලුවන්. රැස්වන මුළු වතුරෙන් මුලු ලෝකෙම මීටර බාගයක් උසට පුරවන්න පුලුවන්. ඇතිතරම් පැතිරී යන ඉඩ තියෙන නිසා හෙමි හෙමි ගලන ජලය අවසානෙ මතුපිටට ඇවිත් ඩාලින් ගඟ හරහා මූදට යන්න අවුරුදු මිලියනයක් පමණ යනව කියනව.

අවුරුදු මිලියනයක් !!! ඕස්ට්‍රෙලියාවෙ මැද්දට අවුරුදු මිලියනේකට ඉස්සර වැහැපු වතුර ඉරානෙ තරම් වපසරියක කිමි තුනක් වගෙ ගනකමට තියෙන ටැංකියක ස්ටෝ වෙලා දැන් තමා මේ මූදට ගලන්නෙ. හෝමෝ සේපීයන් ලා බිහිවෙච්ච කාලෙ වගෙ තුන්ගුණයක් ඉස්සර !!!

ටැංකියෙ මතුපිට හරිය කට්ටෙට වේලිලා කාන්තාර හා ශුෂ්ක දේශගුණයක් වෙලා තියෙන්නෙ. ඒත් ඒකෙ සමහර තැන්වලින් වතුර එලියට එනව. ටැංකියෙ ප්‍රෙශර් සහ භු විශමතා අනුව සමහර තැන්වල පොඩි පොකුණු කළපු වගෙ එව්ව හැදෙනව. එව්වයෙන් තමා මේ රට මැද කෑල්ලෙ ඉතාම තුනීව පැතිරිලා ඉන්න සතුන් හා අවුරුදු පනස්දාහක් වගෙ හීවත්වන ස්වදේශික ප්‍රජාව පැවැත්ම සළසා ගන්නෙ. ඒත් ඒව මදි නවීන ශිෂ්ටාචාරයක් පවත්වාගන්න.

යුරෝපියානුන් මුළින්ම ආවම මේ ජල හිගය නිසා ඔවුන්ගෙ මුල්ම ගවේශකයින් සැහෙන්න කරදර වින්දා. මුල්ම කාලවල මධ්‍ය ඔස්ට්‍රෙලියාව සැහෙන තරමක් ගවේශණය කළ චාල්ස් ස්ටර්ට් ඒ ගමන් වලදි ජල හිගයන්ට මුහුණ දීල ශරීර ආබාධ හදා ගත්ත, නොමැරි බේරුණේ නූලෙන්. ඒත් කෙටි කළකින්ම ඔවුන්ට මේ සම්පත හමුවුණා. 1800 ගණන් වල අගබාගෙ ඔස්ට්‍රෙලියාවේ නල ළිං හාරන එක මහා ලොකු ව්‍යාපරයක් වුණා. නල ළිං සමහරක ප්‍රෙසර් එක නිසා වතුර එලියට ගලා ඇවිත් කුඩා කාණු දිගේ ගලල පරිසරයට වාශ්ප වෙලා ගියා, තාමත් එහෙම ඔහෙ ගලා යනව. නල ළිං වලින් කර්මාන්ත පතල් සත්ව ගොවිපොළ ආදිය කරන්නත් ජනාවාස හදන්නත් පටන් ගත්ත. දැන් මධ්‍ය තරමේ නගර 70 කට වඩා ආටීසියානු බේසම තුල තියෙනව.

හැබැයි ගැටලුවක් තියෙනවා. ටැංකිය ලොකුයි තමා. ඒත් සප්ලයි පොඩියි. පිරෙන්නෙ හෙමින්. දැන් මේ පාවිච්චි කරන්නෙ අවුරුදු මිලියනයක් තිස්සෙ එකතු කළ වතුරනෙ. ඉතින් මේ රේට් එකට පාවිච්චි කළාම ඒක ඉක්මණින් ඉවර වේගෙන යනවා. දැනටම ඒකෙ ලකුණූ පේනව. දැන් වතුර ප්‍රෙශර් එක අඩු වෙනවා. පොකුණු කලපු හිඳී යනවා. තදින්ම බලපෑමට ලක්වන ඩාලින් ගඟ තමන්ගෙ වියළී කාලෙ ආටීසියානු වතුරෙන් පමණයි ගලන්නෙ. දැන් ගඟ හිදිලම යනව නිතරම. මත්ස්‍ය ගහණ වල මහා පරිමාණ මරණ සිද්ද වෙනව එක පාරම.

ස්වභාවයට වෙන හානිය අමතක කළත්, ප්‍රෙශර් එක තව අඩු වුණොත් ජනාවාසවලට ජලය සපයන්න විදියක් නැතිවෙනව. එහෙම වුණොත් මධ්‍ය ඔස්ට්‍රෙලියාවෙන් වැඩි හරියක් හෝ සමහරවිට ඔක්කොම ජනශුන්‍ය වෙයි.


මේ  ගැන වීඩියෝවක් තියෙනව කැමතිනම් බලන්න

Monday, October 3, 2022

අද අපේ කම්කරු දිනය යි



අද අපේ කම්කරු දිනය යි.
 
මේ ඩේ එක නොවී අද අපේ කම්කරු දිනය වුණේ කෝමද හෙවත් අපෙ මේ ඩේ එක ඔක්තෝම්බරේ තියෙන්නෙ කෝමද කියන එක ටිකක් දිග කතාවක්.

එක්දාස් අටසිය ගණන් වල ලෝකෙ හැමතැනම වගෙ සේවා ස්තාන හෙවත් කම්හල් වල තිබ්බෙ සැහෙන්න අමාරු තත්වයක්. සේවකයින් ලෙස වැඩිහිටි පිරිමින් ගැහැණුන් මෙන්ම දරුවන් පවා යොදා ගත්ත. දරුවන් ගෙත් වයස් කාණ්ඩ කඩමින් වයස 10 ට පවා අඩු අය යොදාගත්ත. මේ සේවකයන්ට කරන්න තිබ්බෙ ඉතාම අසීරු රාජකාරි. ජීවිත අතපය අන්තුරට ලක්වෙන වර්ගෙ එව්ව,. ඊට අවශ්‍ය නිසි ආරක්ශක මෙවලම් හෝ ආරක්ශිත සේවා ස්තාන සැකසුම් තිබ්බෙ නෑ. ඒ නිසාම අනතුරට ලක්වෙන ප්‍රමාණය අති විශාලයි. මේ සියලු වයස් කාණ්ඩ වල මිනිසුන්ට දිනකට පැය 10 12 15 වගේ වැඩ කරන්න වුණා. පැය 18 ක් වැඩ ගත්ත ස්තාන පවා තිබ්බ. සතියේ දින හයක් වැඩ කරන්නත් ඕනෙ. යාන්තම් බයිබලේ නිසා ඉරිද බේරුණා. මේ හේතුව නිස ඇතිවන අසාමාන්‍ය තෙහෙට්ටුව (මානව පරිණාමය මේ කාර්මික විප්ලවයට අවශ්‍ය ආකාරයෙ මානවයින් බිහිකර නෑ. ඉතින් කාටවත් ඕක දිගකාලයක් කරන්න බෑ) හෙතුවෙන් ඔවුන් සදාකාලික රෝගින් වීම හා මියයාම සාමාන්‍ය තත්වයක්. මෙතරම් අසීරු තත්ව යටතේ සේවය නොකර මේ මිනිසුන්ට වෙන ජීවන අවස්තා තිබ්බෙ නෑ. ඉඩම් හිමිකම් තිබ්බෙ නෑ. වෙන කරන්න දෙයක් තිබ්බෙත් නෑ. ඔවුන්ට අනිවාර්‍යයෙන්ම මේ ආකාරයේ රස්සවක් කරන්න වුණා. මේ තමා කාර්මික විප්ලවය එක්ක හැදුණු ක්‍රමය.
 
ඔය හේතුව නිසා යුරෝපයේ ලොකු රැල්ලක් ආව පැය අටක් සේවය කරන්න, පැය අටක් රෙස්ට් කරන්න ඉතිරි පැය අට විනෝද කටයුතු කරන්න ඔනෙ කියල. ඇත්තෙන්ම මං හිතන්නෙ මුලින්ම පැය අට කතාවට ආවෙ ස්පාඤ්ඤ රජ කෙනෙක් කිසියම් තෝරාගත් ශ්‍රමිකයන් පිරිසකට පැය අටේ වැඩ දිනයක් ලබා දීමෙන්, කෙසේ වෙතත් බ්‍රතාන්‍ය තුල කාර්මික විප්ලවය එකක් පැය අටෙ වැඩ දිනය හෙවත් අටයි අටයි අටේ කතාව ( 8 8 8 කියල සංකේත කල) තදින් පැතිරුණා. ඒත් සේවකයින් මොකක් කිව්වත් ව්‍යාපාර හිමියන් හා රජය (ඒ කාලෙ මේ දෙක අතර තිබ්බෙ ළග සම්බන්ධයක්. නෝට්: සර්වජන චන්ද බලය නෑ. පාලකයින් පත් කරන්නෙ ධනවතුන් වංශවතුන් විසින් ඔවුන් අතරින්) ලොකුවට ගණන් ගත්තෙ නෑ.
 
එක්දාස් අටසිය ගණන් වල ඔස්ට්‍රෙලියාවෙත් මේ තත්වය එහෙම්ම තමා තිබ්බෙ. හැබැයි සෙසු රටවලට වඩා වෙනසක් තිබ්බ. 1800-1850 කාලවල ඔස්ට්‍රෙලියාවේ ස්තාන කීපෙක රත්‍රන් හොයාගෙන ආපු ගෝල්ඩ් රශ් එකත් එක්ක විවිධ නිපුණතා සහිත හෝ බර වැඩ කරන ශ්‍රමිකයන් අධික ලෙස ඕනෙ වුණා. ඒ නිසාම ඒ කාලෙ බ්‍රිතාන්‍යයෙන් විශාල පිරිසක් ඔස්ට්‍රෙලියාවට ගෙනාව. මොවුන් එක්ක බ්‍රිතාන්‍යයෙ තිබ්බ 8 8 8 සන්කල්පයත් ඔස්ට්‍රෙලියාවට ආවා. හැබැයි ඒත් නිපුණතා සහිත ශ්‍රමයට හිගයක් තිබ්බ. ඉතින් හිගයක් තියෙන තැනක ඩිමාන්ඩ් කරන්න ලේසියි.

ඕශනියා කලාපෙ මුල ම පැය අටේ වැඩ දිනය ගැන අහන්න ලැබෙන්නෙ නවසීලන්තෙන්. 1840 ගණන් වල නවසීලන්තෙ වඩුබාස් කෙනෙක් තම සේවාහිමියාට කියනව මං වැඩ කරන්නෙ දවසට පැය අටයි කියල. බාස් ලගෙ හිගේටම මේකට සේවාහිමියා කැමති වෙනව. ඕක ගැන ඒ බාස් පස්සෙ වතාවක කියනව ලෝකෙ පළමු කම්කරු සටන කිසිම ලේ වැගිරීමකින් තොරව එකගතාවයෙන් දින්න කියල.

ඔස්ට්‍රෙලියාව කියල දැන් කියන ප්‍රදේශයෙ මුලින්ම මේක පටන් ගන්නෙ එවකට තිබ්බ නිව් සවුත් වේල්ස කොළණියෙ 1855 දි. සිඩ්නි වල ස්ටෝන්මේසන්ලා පිරිසක් පැය අටේ වැඩ දිනයක් ඉල්ලා පටන් ගන්න වර්ජනයක් නිසා 1855 ඔක්තෝබර් මාසෙ ඔවුන්ට ඒ වැඩ දිනය දෙනව ඒත් දෙන්නෙ වැටුප් අඩු කරල. මෙන්න මේක තමා ඔක්තෝබරයේ යෙදෙන පළමු සදුදා කම්කරු දිනය ලෙස නිසවේ ප්‍රාන්තය සමරන්නෙ.

හැබැයි මේක බොහෝ කම්කරු සන්විධාන වල කේන්තියට හේතු වන්නෙ ඔවුන්ගෙ වැටුප් කපපු නිසා. අන්තිමේ 1856 දි මෙල්බන් විවි හදමින් උන්නු ස්ටෝන්මේසන් ලා පිරිසක් වැඩ වර්ජනය කරල පාර්ලිමේන්තුව වටලල කරන උද්ඝෝශණයක් නිසා පඩි නොකපා පැය අටේ වැඩ දිනයක් සියලුම රජයේ සේවකයින්ට දෙන්න වික්ටෝරියා කොළණි රජය තීන්දු කරනවා. මෙන්න මේක තමා මේ කලාපෙ මුලින්ම මහ පරිමාණෙන් පැය අටේ වැඩ දිනයක් තීන්දු කළ අවස්තාව. මේක වෙන්නෙ 1856 මැයි මාසෙ. ඒත් වෙන මොකද්දෝ හේතුවකට වික්ටෝරියා කොළණිය අදාල දවස මාර්තු මාසෙට දාගන්නවා. ඉතින් එයාලගෙ මේ ඩේ එක එන්නෙ මාර්තුවේ

ඔස්ට්‍රෙලියාව කියල රටක් නෑනෙ ඉතින්, ඒ නිසා වෙනවෙන කොළණි වල මිනිස්සු තම තමන්ගෙ 8 8 8 කැම්පේන් වෙන වෙනම කරල ඉදිරි දශක කීපෙ පැය අටෙ වැඩ දින දිනාගන්නව. දකුනු ඔස්ට්‍රෙලියාව හා නිසවේ වලින් පස්සෙ කඩාගත්ත කැපිටල් ටෙරිටරියත් අද තමා ඒක සමරන්නෙ. ටැස්මේනියා හා බටහිර ඔස්ට්‍රෙලියාව (වික්ටෝරියා එක්ක) මාර්තුවල. ක්වීන්ස්ලන්තෙ හා උතුරු ටෙරිටරිය ලෝක සම්මත මැයි 1 සන්කේත කරමින් මැයි වල මුල්ම සදුද ගන්නව. හොලිඩේ එකේ තේරුමක් තියෙනන් ඔනෙ නිසා සදුදාවක හැමෝම ගන්නෙ.

හැබැයි මේ අයිතින් හැමෝටම එකපාර ලැබෙන්නෙ නෑ. පැය අට දශක ගානක් ලැබෙන්නෙ නිපුණතා ශ්‍රමිකයන්ට පමණයි. ඒ වගේම කාන්තාවන්ට හා ළමයින්ට ලැබෙන්නෙ නෑ. ඒව ඉතින් කාලයත් එක්ක තමා සිද්ද වෙන්නෙ. ඒ විතරක් නෙවි ඒ මත පදනම් ව සෙනසුරාදා නිවාඩුවක් කරගන්න එක එතකොට සේව ස්තාන වල ආරක්ශක තත්වයන් සේවක අයිතීන් ආදිය දිනාගන්න කම්කරු ව්‍යාපාර දිගටම සටන් කරනවා.
 
1891දි බැටලු ලොම් කපන සේවකයන්ගෙ වර්ජනයකට පොලිසිය යෙදවීමෙන් ඇතිවුණු ප්‍රචණ්ඩ ක්‍රියා සහ කම්කරු නායකයින්ට නඩු දාල ඔවුන් සෙන්ට් හෙලේනා දූපතෙ සිර කිරිම නිසා සටන් කරන්න්නයි නඩු කියන්නයි එකතුවෙන කම්කරු ව්‍යාපාර විසින් ඔස්ට්‍රෙලියානු කම්කරු පක්ශය හදාගන්නව. 1898 ලෝකෙ මුල්ම කම්කරු රජය පත්කරගන්න ක්වීන්ස්ලන්ත කොළණීය සමත් වෙනව. රට නිදහස් කරගන්නත් මේ ක්‍රියාව්ලියෙන් ලොකු දය්කත්වයක් ලැබෙනවා. ඊට පස්සෙ ස්වාධින රටක මුල්ම කම්කරු ආන්ඩුව 1910 දි ඔස්ට්‍රෙලියාවෙ පිහිටුවා ගන්නෙ මේ කම්කරු ව්‍යාපාරය. දැන් ඔස්ට්‍රෙලියාවෙ සහ එහි ප්‍රාන්ත වැඩි හරියක බලයේ ඉන්නෙ ඒ පක්ශය.

ඔස්ට්‍රෙලියාව මේ දිනය වෙනස් ව සමරන්නෙ ඇත්තෙන්ම ලොකු ලේ හැලීමක් නොවී අනිත් රටවලට කලින් ඒක දිනාගන්න සමත් වීම නිසාත් ලෝක කම්කරු ව්‍යාපාර වලින් ස්වායත්තව දේශිය කම්කරු ව්‍යාපාර අනන්‍යතාවයක් පවත්වා ගන්න සමත් වීම නිසාත්.

මේකටම අතුරු කතාවක් එකතු කලොත්, කාලයෙ වෙනස නිසාත් විශේශයෙන්ම කෝවිඩ් නිසාත් ඇතිවූ නව සේවක සටන් වෙලා තියෙනෙන් පැය හයේ වඩාත් ප්‍රඩක්ටිව් වැඩ දින, නිවසේ සිට හෝ කැමති ඕනෙම තැනක සිට සේවය කිරීමේ නිදහස, සහ ඉක්මනින් හම්බකරගෙන ඉක්මනින් සේවයෙන් ඉවත් වෙල තරුන කාලෙ ම රස්සවලින් ලබන නිදහස (F.I.R.E.), තව ඉස්සරහට ඇත්තෙන්ම වෙන්න ඉඩ තියෙන එකක් තමයි ඔටෝමේශන් කියන සන්සිද්ධිය අපි හිතන ආකාරෙටම වුණොත් පැය කීයක් හෝ වැඩ කරන්න දෙන්නෝ කියල ඉල්ලන ව්‍යාපාර බිහිවීම, මොකද ඔටෝමේශන් වලින් ලොකු පිරිසකට රස්සා නැතුවම යන්න පුලුවන් නිසා.

තවත් අතුරු කතාවක් එකතු කලොත් ලොව පුරා කම්කරුවන් සේවකයන් තමන්ට හාම්පුතාලගෙන් වෙන කරදර වලට එරෙහිව සටන් කිරීම එක්දාස් අටසිය ගණන් වල පොදු කතාවක් නෙ. ඒත් සම්පුර්ණ සාමාන්‍ය මිනිසුන් (ටෙක්නිකලි කියමු නිර්ධන පාන්තිකයන්) මේ ආකාරෙට හාම්පුතා ඔවුන්ගෙන් මුදල් උපයාගන්න හූරාකන්න ඇතිකල සිස්ටම් එකට එරෙහිව නැගී සිටි මුල්ම කැරැල්ල 1848 මාතලේ කැරැල්ලද? මේ කැරැල්ලේ තියෙන ලෝකෙ සෙසු සමකාලින කැරලි වල නැති වැදගත් ම ස්වරූපය නම් වංශවතුන් පාලකය්‍යින් දේශිය නායකයින් කවුරුත් මේකට සහබාගි වන්නේ නෑ. මේක තනිකරම සාමන්‍ය මිනිසුන්ගේ කැරැල්ලක්. ඒ වගේම ඊට හේතුව රට නිදහස් කරගන්න අරමුණත් නෙවි. සුද්ද මිනිසුන්ගෙන් මුදල් හූර ගන්න අසාධාරණ බදු ගහපු එක. මං දන්නෙ නෑ කවුරුත් මාතලේ කැරැල්ල මේ කෝණයෙන් බලල තියේද කියල.

Wednesday, March 2, 2022

චීන හයිපර්සොනික් මිසයිල් කතාව හෙවත් ෆොබ්ස්

ටික දිනකට කලින් චීනය මිසයිල් වගයක් ටෙස්ට් කළා කියල ලෝකෙ පුරා කතාවක් යන්න ගත්ත. කියන්නෙ හයිපර්සොනික් හෙවත් ශබ්දයෙ වේගය ඉක්මවා යන මිසයිල් වගයක් ටෙස්ට් කලා කියල. ඇමරිකානු හමුදා ඉහළ නිළ්දාරියෙක්මේ සම්බන්ධයෙන් සුවිශේශි ප්‍රකාශයක් කරල තිබ්බ තමන්ට මේ තාක්ශණය නෑ කියල චීනය ඉක්මවන්න තරම්. මේ කතාව පස්සෙ තියෙන රියල් කතාව හරියට ආවෙ නෑ කියල මාධ්‍ය කියන්නෙ. ඇත්තෙන්ම හයිලයිට් වෙන්නෙ හය්පර්සොනික් කතාව වුණත් රියල් කතාව ඒක නෙවි.

චීනය කළ බවට සැක කරන්නේ සාමාන්‍ය අන්තර් මහද්වීපික මිසයිල ටෙස්ට් එකක් නොවේ. ඊට වඩා බෙහෙවින් දියුණු අර්ධ කක්ශගත බෝම්බ ප්‍රහාරක පද්ධතියක් (FOBS) තමා ටෙස්ට් කළ බව හිතන්නේ. ෆොබ්ස් සිස්ටම් එකක් කියන්නෙ සීතල යුද්දෙ තීරණාත්මක කතන්දරයක්. ඒ නිසා අපිට ය්න්න වෙනවා සෝවියට් ඇමරිකන් ඔට්ටු සෙල්ලම් වලට හැටේ දශකෙට. ඒ වගේම අපි තේරුම් ගන්න ඕනෙ න්‍යශ්ටික යුද බල අතර ඩිටරන්ස් තත්වයක් කියන්නෙ මොකද්ද කියන එක.

ඒ ලොකෙ සාමය උදෙසා මහ බලවතුන් අතර කිසිම එකගතාවයක් නැති සීතල යුද සමයක්. ඇමරිකාවයි රුසියාවයි මාරාන්තික වෛරෙන් ආයුධ රැස් කරනවා. නිකම් නෙවි න්‍යශ්ටික. දෙවෙනි ලෝක යුද්දෙ න්‍යශ්ටික අවි නිපදවීමත් එක්ක සෝවියට් ක්‍රමයට එරෙහිව ඇමරිකාව සතු අසාමාන්‍ය බලය මෙල්ල වන්නෙ ඒ දත්තම හොරකම් කළා කියන සෝවියට් වරුන් ඒ තාක්ශණය හදා ගැනීමෙන්. යම් හෙයකින් එය නොවුන නම් ජපානෙට කලා වගෙඑ න්‍යශ්ටික පහර දීම් වලින් සෝවියට් සතුරා සුන්නද්දුලි කරන්න ඇමරිකාව පැකිලෙන්නෙ නෑ. එසේම සුන්නද්දුලි වීම වෙනුවට ඇමරිකානු විධාන වලට අවනත වෙන්න සෝවියට් වරුන්ට සිද්ද වෙනවා. ඒත් සෝවියට් න්‍යශ්ටික අවි නිසා සෝවියට් වරුන්ට ශක්තියක් තියෙනව පෙරලා පහර දෙන්න. ඇමරිකාව උන්ට ගහන් නැත්තෙ මූලික වශයෙන්ම උන්ට ගැහුවොත් තමන්ටත් කන්න වෙන නිසා. මිලියන ගානක් ඇමරිකන් ජීවිත විනාශ වුනොත් ඒක ලොකු ගැටලුවක් වන නිසා.

ඩිටරන්සෙකක් කියන්නෙ ඒක. ඉතාම භයානක අවි තරගයක භයානක බව බල සමතුලිත වීමෙන් අඩු කර දමන එක.

මෙන්න මේ ඩිටරන්ස් බලයට ඒ කලෙ තිබ්බ වැදගත්ම තාක්ශණය වෙන්නෙ අන්තර් මහද්වීපික මිසයිල. මේවා එක් රටක සිට අභ්‍යවකාශයට යැව්වම ප්‍රක්ශිප්තයක් වගේ උඩ ගිහින් ඉලක්කය මත වැටෙනවා. ඒ සදහා එය වායුගෝලයෙන් එලියට යනව සෝවියට් ඇමරිකන් ගැටුමකට කිමි 1300 වගේ උඩකට යන්න ඕනෙ (වායුගෝලය කිමි 20-100 වගෙ).
 මේවයෙ අවුල තමා මේවා ගොඩාක් උඩ යන නිසා කල් තියා රේඩාර් වලට හසු වීම. ඒ වගේම ඉලක්කයට එන්න තියෙන්නෙ එකම පාත් එකක. ඉතින් අනිත් රටට පුලුවන් එවැනිම තවත් මිසයිලයකින් ඒක උඩදිම විනාශ කරන්න.

ඇමරිකාව තම ආරක්ශාවට කියල අන්න එහෙම මිසයිල් පද්ධතියක් හදන්න පටන් ගත්තෙ ඒ නිසා. ඒ සමගම වෙන්නෙ පෙර කී ඩිටරන්ස් පවර් එක අඩුවෙන එක. ඇමරිකාවට පුලුවන්නම් සෝවියට් න්‍යශ්ටික මිසයිල අහසෙම පුපුරුවන්න සෝවියට් උන් අනාරක්ශිතයි. ඒ කාලෙ තත්වෙ හැටියට ගහන්නත් ඉඩ තිබ්බ. සෝවියට් ඩිටරන්ස් බලය අවසානයි. ඇමරිකාව මේ ඩිටරන්ස් අවුල දන්න නිසා ඒ සිස්ටම් එක ප්‍රසිද්ද කරන්නෙ චීන අන්තර් මහද්වීපික මිසයිල් වලට හදනව කියල. ඒත් සෝවියට් උන් දන්නව ඒ මොහොතෙ ලෝකෙ බල තුලනය වෙනස් වෙලා තමන් සහ චීනය ඉක්මවා ඇමරිකාව බලවත් වෙන බව.

ෆොබ්ස් කියන්නෙ අන්න ඒ මොහොතේ සෝවියට් වරුන් නිර්මාණය කරගත් අලුත් බලය. ඩිටරන්ස් පවර් එක.

ෆොබ්ස් එක එහෙම ප්‍රක්ශිප්තයක් වගෙ යන්නෙ නෑ. ෆොබ්ස් කියන්නෙ ඇත්තෙන්ම අභ්‍යවකාශ යානයක් මිසයිලයක් නෙවි. ෆොබ්ස් අවියක් සෝවියට් වරුන් සෝවියට් දේශෙන් කිසියම් කක්ශයකට කක්ශගත කරනවා සාමාන්‍ය චන්ද්‍රිකාවක් වගෙ. මේ කක්ශගත බෝම්බෙ කැමති ඕනෙම පැත්තකින් ඇවිත් ඉලක්කය ආසන්නයේදි නැවත වායුගෝලයට ඇතුලු වෙලා ග්ලයිඩර් ප්ලේන් එකක් වගේ පියාසරනවා ඉලක්කය වෙතට. මේක මාර පවර්ෆුල් අවියක්. එකාතකින් ඒක ඕනෙම දිහාවකින් එවන්න පුලුවන් චින සෝවියට් තර්ජනය වලකන්න ඒ දිහාවට හරවා ඇලස්කාවෙ අටවා ගත් ඇමරිකන් ආරක්ශක මෙවලම් සම්පුර්නයෙන්ම තේරුමක් නෑ ෆොබ්ස් බෝම්බයක් එවන්න පුලුවන් දක්ශින ධ්‍රැවය හා දකුනු ඇමරිකාව උඩින්. වෙන ඕනෙම පැත්තකින්. ඕනෙනම් ඒව කක්ශගත කර තියන්න පුලුවන් වට කීපයක් ගිහින් සුදුසු වෙලාවෙ වැටෙන්න. ඒව උඩ යන්නෙ කිමි සියගානක් වගෙ. ඒක නිසා අර ප්‍රක්ශිප්ත වගෙ රේඩාර් වලට කල් තියා අහුවෙන්නෙ නෑ. අනික ප්‍රක්ශිප්තයේ වේගය එහින් ගමන් මග මත රදා හිටියට ෆොබ්ස් බෝම්බයක වේගය ඕනෙ ගානක් වෙන්න පුලුවන් කක්ශයෙන් එලියට ආවම. ප්ලේන් එකක් වගේ නිස කෙලින්ම යන්න ඔනෙත් නෑ ම'නූවර් කල හැකි.

ඒ සමගම ඇමරිකාවට තරු විසි වෙනවා. ඇමරිකාව තමන්ගෙ ආරක්ශක පද්දති අයින් කර දානවා. තිබ්බත් පලකුත් නෑනෙ. තම වැඩේ ඉශ්ට වුනාම සෝවියට් වරුනුත් ෆොබ්ස් පස්සෙ වැඩිය එලවන්නෙ නෑ. කලින් කී පරිදි ඩිටරන්ස් බැලන්ස් එක ආපු නිසා.

එක්දාස් නවසිය හැටේ දශකෙ ලෝකෙ සාමය නැවත බැලන්ස් කරන්න සීතල යුද්දෙ මහ බලවතුන්ගේ බල තුලනය අත්පත් කර දුන්නෙ මෙන්න මේ ආකාරෙට. ෆොබ්ස් තාක්ශනය ඒ එක්කම තරමක් ස්ලෝ වෙනවා. ඉන් පස්සෙ දශක දෙකේ ලෝකය තවත් ඉස්සරහට ගිහින් සෝවියට් ඇමරිකා සාම ගිවිසුම් හරහා අන්තර් මහද්වීපික මිසයිල් ප්‍රමාන අඩු කර ගන්නව. ඒ සදහා නිරවිකරණ ගිවිසුම් අත්සන් කරනවා. ලෝකෙට සාමෙ උදා වෙනවා.

හැටේ දශකෙ 2001 ලියපු ආතර් සී ක්ලාක් කතාවෙ මස්තකප්‍රාප්තිය කරන්නෙ පිටසක්වල ගමනින් සුවිශේශි බලයක් ලබන ඩේවිඩ් බෝමන් විසින් ලෝකෙ ජීවිත ඉතාම අවදානම් තත්වෙකට ගෙනත් තිබ්බ රටවල් රාශියක් විසින් කක්ශගත කර තිබ්බ ෆොබ්ස් සිස්ටම් (අවන්කවම කිව්වොත් ඔබ්ස් - එෆ් අකුර නෑ. අර්ධ කක්ශගත නෙවි ඒකෙ තියෙන්න ෆුල් කක්ශයක යන එව්ව) ඔක්කොම එක "සිතිවිල්ලකින්" අකර්මන්‍ය කර දාලයි. ඒත් 2001 වසරෙ සිද්ද වෙන්නෙ ඒකෙ ටෝටල් අනිත් පැත්ත.

2001 තීරනාත්මක 9/11 ප්‍රහාරයට පස්සෙ පිස්සුවෙන් නටන ඇමරිකාව නිරවිකරණ ගිවිසුම් වලින් ඉවත් වෙනව. දැන් අපි සතුරො නොවේ අපි දෙන්නටම ඉන්නෙ වෙනත් සතුරො කියල සෝවියට් දේශෙන් කැඩුනු රුසියාවෙ ලොක්කට පොඩි පිටට තට්ටුවකුත් දාල. ඒ වෙද්දි යෙල්ට්සින් ඉදල මැරිල. මිනිහටනම් ඒ තට්ටුව හොදටම ප්‍රමාණවත් වෙන්න ඔනෙ. ඒත් ඇත්තෙන්ම ඒ තට්ටුව වැටෙන්නෙ අලුත් උනත් දරුනු පොරකට. ව්ලැඩිමිර් පූටින් කියන ඒ කාලෙ ලොකුවට ගනන් නොගත් නායකය දිගින් දිගටම ඇමරිකාවට කියනවා තම ආරක්ශාව තියෙන්නෙ නිරවිකරන ගිවිසුම් වල නිසා ඒව අලුත් කරමු කියල. ඇමරිකාව කෙයා කරන්නෙ නෑ. 

එහෙම නොකලොත් නැවත ඩිටරන්ස් පවර් එකක් හදා ගනන් තමන්ට සිද්ද වේවි කියල පූටින් කියන කතාව ඇමරිකාව විහිලුවක් වගෙ ඉග්නෝ කරනව (ඒ වෙද්දි තිබ්බ රුසියාව විහිලුවක් තමා). පූටින් නැවත යුද පර්‍යේශණ කරා යනව. ඊට දශකයකටත් එහා කාලෙකදි පූටින් සමත් වෙනව අවශ්‍ය ඩිටරන්ස් පවර් එක ගන්න. ඒක ඔවුන් ප්‍රසිද්ධියේ කියනවා. අද වෙද්දි ඇමරිකාවට රුසියාවට පහර දෙන්න බෑ. ඔවුන්ට දිනන්න පුලුවන් ඒත් ලොකු හානියකින්. ඒකට තමයි ඩිටරන්ස් පවර් කිව්වෙ.

දැන් තමා චීනෙට බහින්න වෙන්නෙ. ඇත්තෙනම් චීන්නු කියන තාලෙට මෙතන කිසිම සීන් එකක් වෙලා නෑ. උන් කියන්නෙ උන් චන්ඩ්‍රිකාවක් යැව්ව ඒක කඩා වැටුන කියල. ඒත් දන්නෝ දනිති කියනවා ඒක චන්ද්‍රිකාවක් නොවේ ෆොබ්ස් සිස්ටම් ටෙස්ට් එකක් කියල. එයාලගෙ ඒ ෆොබ්ස් "යානය" යන්නෙ හයිපර්සොනික් ස්පීඩ් වල නිසා තමා හයිපර්සොනික් කතාව ආවෙ. ඒ සමගම චිනය ඇමරිකාවට එරෙහිව අලුත් තාක්ශණයකින් සන්නද්ධ වෙනවා. ඇමරිකාවට මේ සම්බන්දයෙන් කල හැකි ලොකු දෙයක් නෑ. අන්න ඒකයි ඇමරිකන් ජෙනරල් කෙනෙක් කියන්නෙ මේ තාක්ශණයෙන් චීනය පරදවන්න තමන් අසමත් බව. නිකම්ම හයිපර්සොනික් මිසයිලෙකට පුලුවන්ද ඇමරිකාව ලවා එහෙම කියව ගන්න?

දැන් මොකද වෙන්නෙ? ඇමරිකාවට චීනයට එරෙහිව සටනක් පටන් ගන්න බැරි තත්වයක් උද්ගත වෙලා තියෙන්නෙ. එනම් චීනය ඇමරිකාවට එරෙහිව ඩිටරන්ස් පවර් එකක් හදාගෙන තීයෙන්නෙ. ඒක එකාතකින් ලෝක බල තුලනයට වැදගත්, ඒ වගේම චීනයට හිතුමතෙ කලාපිය තගා වගේ ඉන්නත් පුලුවන්. පූටින් වගේ.

චීනය ඇයි මෙහෙම කලේ? අනාරක්ශිත බව නිසා. ඇමරිකාවට තමා යුදමය අතින් පරදවන්න පුලුවන් කියා හිතෙන නිසා. ඉතින් ඒකට හේතු කාරක වන්නේ බුශ් පාලනය නිරවිකරන ගිවිසුම් වලින් ඉවත්වී පෙර අපි කියු අන්තර් මහද්වීපික මිසයිල් වලට ආරක්ශණ හදමින් කරන්න ගත්ත වැඩවල සිට මේ මොහොතෙ ඕකස් එකක් අත්සන් කරමින් චීනයේ සාගරික අසල්වාසි කලාපෙ ඔස්ට්‍රෙලියානු භුමිය කෙලින්ම චීනයට එරෙහි යුද පිටියක් බවට රෙජිස්ට්‍ර කිරීම දක්වා වූ සියල්ල වෙන්න පුලුවන්.

මේකෙ කෙලවර මොකද්ද? ඇමරිකාව නිකම් ඉන්න එකක් නෑ. උන් මේ ෆොබ්ස් බිම දාන ක්‍රමයක් හොයයි ඒත් ඒක කෙලවරක් නෙවි එතකොට චීන කරන්නෙ ඒ ක්‍රමේ ඉක්මවා යන්න තව එකක් හදන එක. ඒක තරගයක් නෙ. ඒ නිසා බොහො දෙනා කියන්නෙ චීනාටත් ඩිටරන්ස් පවර් එකක් ලෙස පවතින්න පුලුවන් තාලෙට ඇමරිකන් ආරක්ශක පද්දති අඩු කරගන්න කියල. මොකද ෆොබ්ස් එක්ක එව්ව තිබ්බත් පලක් නෑ. එයාල හිතන්නෙ හැටේ දශකෙ වෙච්ච දේ ආයෙ වෙයි කියල. ඒත් ඒක විවාදාත්මකයි. ඩිටරන්ස් පවර් මොඩල් එකට එන්නනම් තම සතුරා විශ්වාස කටයුතු එකෙක් වෙනන් ඕනෙ. නැත්නම් ඌ ඒකෙ වාසිය අරන් අනිකාට නැතිවෙන්න ගහනවනෙ. චීනා ඒ සෝවියට් උන් වගේ විශ්වාසි නෑ. ලෝක අණ්ඩයෙක්

අනික් දේ තමා මේ රටවල් ඔක්කොම එකතු කරමින් නිරවිකරණ වැඩසටහනක් පටන් ගන්න එක. ඒත් ගිවිසුම් අකුලා ගත්ත කේස් එකෙන් පස්සෙ රුසියාව හෝ චීනය තවදුරටත් ඇමරිකාව් විශ්වාස කරාවිද දන්නෙ නෑ.

කෝම හරි චීනය මේ තාක්ශනය අත්කරගැනීම එක්ක සීතල යුද්දය අලුත් පැරඩියමකට යනවා. ඒ නිසාම ලෝකෙ සාමය හා සුරක්ශිතභාවය තට්ටුවකින් පහලට යනවා

ප.ලි 1: දැන් මේක කියවල අඩාගෙන එන්න එපා උයා ඇයි අපෙ සුදු රත්තරන් ඇමරිකන් අයියලට බනින්නෙ උයා හොරාට සමාජවාදියා නේද ඒකාදිපති හොලගෙඩියා නේද කියාගෙන. මන් නියුට්‍රල්. ඒත් ඕක තමා ලෝකෙ වෙච්ච දේ.

ප.ලි 2: ඔය රටවල් තුනටම ෆොබ්ස් ටෙස්ට් කරන්න පුලුවන් වුනාට ෆොබ්ස් එකක දාල නියුක් වෝ හෙඩ්ස් යවන්න බෑ එයාල එකගතාවෙක ඉන්නව කක්ශය න්‍යශ්ටික යුදහරණ කලාපයක් කරන්න. ඒත් වැඩේ තියෙන්නෙ ඒක මෝඩ ගිවිසුමක්. උන්ට ටෙස්ට් කරන්න නියුක් දාල බලන්න ඔනෙ නෑනෙ. ඉතින් යුස් කරන දවසක උන් කෝමත් ඉන්නෙ ලෝක යුද්දෙක නිසා ගිවිසුම් අදාලම නෑනෙ.

ෆොබ්ස් පින්තුරෙ බීබීසියෙන්



Saturday, January 15, 2022

සැන්සිබාර විප්ලවයෙන් ලෝකෙට ලැබුණු ඉහළම දායාදය

සැන්සිබාර විප්ලවය ගැන සයිබරයේ කීප වරක් කතාවෙන්න යෙදුනා. මේ පෝස්ට් එක ඒ කතාබස් වල එකතුවක්. මීට පාදක වෙනව මේ සම්බන්දයෙන් සාමාන්‍ය දැනීම් සමූහ වල දාපු ප්‍රශ්න හා වෙනත් සන්වාද. මේක ලියන්න කියල දිරිමත් කර ක්‍රිශ්ණා  රාමනායකට විශේෂ ස්තූතිය.

සැන්සිබාර විප්ලවය නිසා කතාවට ගන්න ඕනෙ වැදගත් නම් හතරක් මෙහි සදහන් වෙනව. මෙයින් පළමු වැනි කෙනා විප්ලව කාරයෙක් වුණාට ඒ ගැන ලොකු අවබෝධයක් තිබ්බ කෙනෙක් නොවේ. සැන්සිබාර් වාසියෙකුත් නෙවි. වෲත්තියෙන් ඔහු කුලීවැඩක් හොයාන රටින් රට ගිය මිනිහෙක්. ස්ත්‍රී දූෂණ ආදී සිද්ධි වලට හිරගත වෙච්ච කෙනෙක්. එහෙත් ඔහු වැඩ කරන්න ගිය රටේ පීඩිත ජනතාව මෙහෙයවා සන්නද්ධ කැරැල්ලක් ගහලා රාජාණ්ඩුව පරදා බලය ගන්නවා, ඊට පස්සේ ඔහු රටේ ප්‍රබලව උන්නු ප්‍රජාවට එරෙහිව ම්ලේච්ච සමූල ඝාතන සහ ස්ත්‍රී දූෂණ රැල්ලක් පටන් ගන්නවා. ඔහු තමා විසින්ම ඉහල හමුදා තනතුරකට පත්කර ගන්නවා. 

මෙන්න මේ වෙලාවෙ අපි කතාවට ගන්න අනිත් චරිත දෙක ක්‍රියාත්මක වන්නෙ. එක්කෙනෙක් මේ විප්ලවීය පක්ශයේ නායකය දෙවැන්නා අසල තියෙන ලොකු රටේ එවනිම විප්ලවීය නිදහස් සටනකින් බලේට ආපු නායකය. මේ දෙන්නගෙ එකගතාවය නිසා පෙර කී පුද්ගලයගේ ම්ලේච්ච පාලනය යටපත් වෙලා අලුත් ම රටක් ලොකෙට එකතු වෙනව. ඒ ටැන්සානියාව.

හතරවෙනි කෙනා මේ කිසිවකට සම්බන්ද කෙනෙක් නෙවි. ඔහු සැන්සිබාරයේ ජීවත්වූ සුලු ජනවර්ගයක මනුස්සයෙක්. කැරැල්ලෙන් පස්සෙ වෙනත් ධනවත් සුලු වාර්ගිකයන්ට එරෙහීව මුදාහරින ම්ලේච්චත්වයෙන් බේරෙන්න ඇදිවත පමණක් එක්ක ඒ පවුල බ්‍රිතාන්‍යයට පළා යාවා. ඒත් ඒ ගමන නිසා මේ පුද්ගලයා දවසක ලෝක පූජිත කෙනෙක් වෙනව. මගෙ මතය අනුව සැන්සිබාර් විප්ලවය නිසා ලොකෙට වුන ලොකුම යහපත ඒකයි.

සැන්සිබාර් කියන්නේ අරාබි වහල් වෙළඳුන් ගේ තිප්පොල. කාලෙක පටන් අප්‍රිකානු මහද්වීපයෙන් වහලුන් ගෙනයන්න ඉරාන [පර්සියන්] සන අරාබි මිනිසුන් සැන්සිබාර් දූපත පාවිච්චි කළා. පසුව එය ඕමාන අධිරාජ්‍යයේ කොටසක් වුනා. ඊගාවට ස්වාධීන සුල්තනට් එකක් වෙලා පස්සේ බ්‍රිතාන්‍ය ආරක්‍ෂිත සුල්තනෙට් එකක් ලෙසයි පාලනය ගියේ.

මේ කාලවල මුස්ලිම් අරාබි සුළුතරය රටේ ඉඩම් සහ ධනය තනිකර භුක්ති වින්දා. අප්‍රිකානු/පර්සියානු බහුතරයක් සහ නිදහස් වූ වහලුන් ආදිය 60% පමණ වුණා. ඔවුන් සම්පත් රහිතව දුප්පත් ජීවිත ගෙව්වේ. 60 දශකයේ බ්‍රිතාන්‍යයන් නිදහස දීල පවත්වන චන්දෙ වැඩි චන්ද ලැබෙන්නේ අප්‍රිකානු/පර්සියානු බහුතරය නියෝජනය කළ පක්ෂයට වුනත් චන්ද ක්‍රමය නිසා වැඩි ආසන යන්නේ අරාබීන්ට. ඒ වගේම මේ විශාල සමාජ අසාධාරණය පදනම් කරගෙන මාක්ස්වාදී නැඹුරුවකින් බිහිවන පක්ෂය තහනම් කරල තිබ්බේ.

අපේ  කතාවෙ පළමු පුද්ගලයා වන ජොන් ඔකෙලෝ කතාවට ඇතුළු වන්නේ කුලී කාරයෙක් ලෙස සැන්සිබාරය යටතේ පවතින දූපතකට ආවම. ඔකෙලෝ උපන්නේ උගන්ඩාවේ. කුඩාකල මව්පියන් මිය යනවා පස්සේ ඔහු කුලී රස්සා කරමින් තැන් තැන් වල ඇවිදිනවා. නැගෙනහිර අප්‍රිකාවේ බ්‍රිතාන්‍ය යටත් විජිත අතර ඇවිදින අතරේ ස්ත්‍රී දූෂණ කතාවකට සිර දඬුවම් පවා විඳිනවා. ඔකෙලෝ දැඩි අන්තවාදී ක්‍රිස්තියානි කාරයෙක්.

ඔකෙලෝ පෙම්බා [සැන්සිබාරයේ කොටසක්] දූපතේ වැඩ කරන ගමන් රට පුරා ඇවිදිනවා ආගමික කතන්දර කියමින්, ඒ කාලේ ඔහු තම අනන්යතාවය නියෝජනය වන අප්‍රිකානු [සහ පර්සියානු] පක්ෂය එක්ක දේශපාලනේ පටන් ගන්නවා. ආගමික හේතු සහ සමාජ පීඩනය අසාධාරණය ආදිය නිසා සුල්තාන් එක්ක අරාබින් එක්ක සහ බ්‍රිතාන්‍යයින් ගෙන ආ ඉන්දියානුන් එක්ක මාර වෛරයකින් ඔහු ඉන්නේ. මේ වෛරය එක්ක ඔහු පක්ෂය තුල අන්තවාදී කල්ලියක් හදා ගන්නවා, එසේම තහනම් කළ මාක්ස්වාදී පක්ෂයත් එක්ක එකඟතා ඇති කර ගන්නවා.

අප්‍රිකානු/පර්සියානු පක්ෂයේ නායකයා තරමක් ලෝකෙ ඇවිදල තියෙන දේශපාලනය ගැන හොඳ  අවබෝධයක් තිබ්බ අබෙඩ් කරුමේ මේ තත්වය දැකලා පොලිසියට ඔත්තු දුන්න බවත් කියවෙනවා. ඔහු මේ වෙද්දී ඉන්නේ ප්‍රජාතාන්ත්‍රිකව රටේ බලය ගන්න සංවාදයක - මොකද ඔහුට දැනටමත් චන්ද බහුතරය ඇවිත් ආසන ගාන පමණයි අඩු. ඉන් පසු ඔහු රටින් ඉවතට යනවා [කැරැල්ල මග හරින්න ගියා වෙන්නත් පුළුවන්]

ඔකෙලෝ ගේ කරලිකාරයින්ට ආයුධ වත් ඒ හැටි නැහැ. ඔකෙලෝ සැලසුම් කරන්නෙ කැති පොරෝ අරන් ගිහින් එක පොලිසියකට  ගහල ඒකෙන් වෙපන් අරගෙන ඉස්සරහට යන්න. නොසිතු පරිදි මේක සාර්තක වෙලා  ඔවුන් සන්සිබාරය අල්ලනවා. [මෙය රෝහණ විජේවීර විසින් කොපි කළ බව කියවෙනවා එහෙත් සැන්සිබාරය ලක්ෂ තුනක මිනිස්සු උන්න 50000 පමණ අරාබින් පිරිසක් පාලනය කළ කුඩා රටක්. වැරදුනු තැන එතනින් කියවන්න පුළුවන්] මෙය හැමෝටම සර්ප්‍රයිස් එකක් . ඊට පස්සේ තමා ෆීල්ඩ් මාෂල් ලෙස නම්කරගෙන කැරලිකාරයින් ලවා අරාබි ඉන්දියානු සමූලඝාතනයක් හා ස්ත්‍රී දූෂණ කරනවා. මසක පමණ අරාජික සමූල ඝාතන යුගයක 20000 පමණ මැරුණා කියා හිතනවා. ඔකෙලෝ දෙවියන්ගේ [ක්‍රිස්තියානි] දූතයා ලෙස මේ ඝාතන වලට අණ දෙන්නේ.

ඔකෙලෝ අබේඩ් කරුමේ ආපහු ආවම ඔහුගේ නායකත්වය පිලිගන්නවා. දේශපාලන නායකත්වය ඔහුට පවරන නමුත් මිලිටරි තියාගන්නෙ තමන් අතේ. ඒ නිසා බලය තියෙන්නේ ඔකෙලෝ අතේ. ඔකෙලෝ මේ අතරේ කෙන්යාව එක්ක සැන්සිබාරය එකතු කරන්න උත්සහ ගන්නවා

අබේඩ් කරුමේ සහය පතන්නේ අසල්වැසි ටන්ගනිකා රටේ නායක ජුලියස් නියරේරේ ගෙන්. මෙහි සූක්ෂම මෙහෙයුම කරන්නේ නියරේරේ. විදෙස් සංචාරයකට ගිය ඔකෙලෝ ට නැවත සැන්සිබාර දොපතට යන්න නොදී ඔහු රඳවා ගන්නවා. ඒ සමගම කරුමේ ඔහු ද්‍රෝහියෙක් ලෙස නම්කර පිටුවහල් කර පසුව නියරේරේ එක්ක එකතු වෙලා ටැන්සානියා දේශය හදනවා. කරුමේ මෙය කරන්නේ තම රටේ තමන්ට පාලනයක් නැති නිසා කියලයි කියන්නේ, ඔකෙලෝ ගේ අන්තවාදීන් සහ මාක්ස්වාදීන් ගෙන් බේරෙන්න. අදටත් සැන්සිබාර් දේශය ටැන්සානියාවෙ කොටසක්. අදටත් එය නිදහස් වෙන්න ඕනේ කියා වාද විවාද සහ තරමක් උණුසුම් ගැටුම් ඇතිවෙනවා. දැන් ජනගහනය මිලියනයට වැඩියි.

ඔකෙලෝ උපන් රට වන උගන්ඩාවට යනවා. එහිදී ඉඩි අමීන් ගේ සටනට ප්‍රසිද්ධියේ උදව් දෙනවා, අමීන් බලය කොල්ල කාල තමන්වත් ෆීල්ඩ් මාෂල් කර ගත්තම ඔකෙලෝ කියනවා දැන් උගන්ඩාවට ෆීල්ඩ් මාෂල් ලා දෙන්නයි කියල ඔකෙලෝ ගැන ඊට වඩා දන්නේ නැහැ. ප්‍රකාශය නිසා අමීන් අතින් මැරුම් කාපු බව තමා සැලකෙන්නේ.

මේ දේවල් මෙහෙම වෙන අතරෙ මේ විප්ලව කතාවලට කිසිම සම්බන්දයක් නැති එක්තරා තරුණයෙක් ඉන්නව සැන්සිබාරයේ. ඔහුගේ නම ෆාරොක් බල්සාරා. ෆාරොක් උපදින්නෙ සැන්සිබාරයේ ස්ටෝන් ටවුන් අගනුවර. ඔහු එවකට බ්‍රිතන්‍ය රජයේ නිළයක් දරන ඉන්දීයන් පාර්සි පවුලක දරුවෙක්. ඒ කියන්නෙ ඉරාන සම්භවය තියෙන ඉන්දියානුවෙක්.

මේ  ධනවත් ඉන්දියන් පවුල ෆාරොක් ව පාසල් අධ්‍යාපනය ලබාගන්න ගන්න ඉන්දියාවට යවනව. ඔහු ඉන්දියාවෙදි බටහිර සන්ගීතය හදාරනව. මියුසිකල් ගෲප් එහෙමත් හදනව. ඒත් බල්සාරා පවුලේ අනිත් කසින්ස් ලා වගෙ ඉහලට ඉගෙන ගන්නෙ නෑ. පස්සෙ තාත්ත ඔහුව සැන්සිබාරෙ ගෙනල්ල උගන්වන්න හැදුවත් ඒකත් ෆේලියර් එකක්. ෆාරොක් විවි ප්‍රවේශය හොදට කරන්නෙ නෑ, මිනිහගෙ හිත සන්ගීතෙ ගැනමයි. ඔන්න ඔය වෙලාවෙ තමා විප්ලවේ වෙන්නෙ.

විප්ලවයට පසු භීම සමයේ කැරලි කාරයින්ගෙ ඉලක්ක වෙන්නෙ එහි සිටින අරාබින් ආසියානුන් බ්‍රිතාන්‍ය සම්බන්ධකම් ඇත්තන් සහ සල්ලිකාරයින්. බල්සාරා ලට මේකෙ කොලිෆිකේශන් ගානක් තියෙන නිස පලා යන්න සිද්ද වෙනව. ආපහු ඉන්දියාවට යන්න නම් පුර්වැසිකම් ප්‍රශ්නයක් එනව මොකද ෆාරුක් ගේ තාත්ත එන්නෙ බ්‍රිතාන්‍ය පාස්පෝට් එකකින්. එහෙම දෙයකට ගත කරන්න කාලයක් නැති නිස ඔවුන් බ්‍රිතාන්‍යට පැනල යනව.

දහ අට වියැති ෆාරොක් බල්සාරා බ්‍රිතාන්‍යට යන්නෙ එහෙමයි. ඔහුට ඉහලට උගන්වල ලෝයර් කෙනෙක් අකවුන්ටන්ට් කෙනෙක් කරන ඉන්දීය ටයිප් මවුපියන්ගෙ හීනය තවදුරටත් ෆේල් වෙනව. ෆාරොක් තෝරාගන්නෙ කලාව. සන්ගීතය සහ චිත්‍ර. ෆාරොක් පාට් ටයිම් බැගේජ් හැන්ඩ්ලර් ජොබ් එකක් කරමින් සන්ගීතය ඉගෙන ගන්න විවි ට යනව.

ඒ විශ්ව විද්‍යාලෙ සෙට් වෙන යාලුවන් එක්ක තමා වයස 24 දි පමණ ඔහු සන්ගීත කණ්ඩායමකට එකතු වෙන්නෙ. පස්සෙ ෆාරොක් ගේ අදහසුත් එක්ක ඒ කණ්ඩායම් තමා ක්වීන් ලෙස නම් කෙරෙන්නෙ. මේ වෙද්දි ඔහුගෙ නම වෙනස් කරගන්නව ෆ්‍රෙඩි මර්කරි කියල.

ක්වීන් රොක් බෑන්ඩ් එකයි ෆ්‍රෙඩි මර්කරි යි ගැන මන් ලියන්න ඕනෙ නෑ. ඒත් 18 දි සැන්සිබාරය වගෙ එ තැනක සිට එන්ගලන්තෙට පය තිබ්බ ඉන්දියන් පාර්සි කොල්ලෙක් 25 දි ලෝක පූජිත රොක් බෑන්ඩ් එකක් හදපු එක රිමාකබල්. වයස 29 දි මෙතෙක් ඉතිහාසෙ ලියවුනු හොදම රොක් ගිය ලෙස බහුතරයක් හිතන බොහිමියන් රැප්සොඩි ගීය ලියල එහි ලීඩ් ගායනය කරන්නෙත් ඔහු. ඉතිරි ටික මෙතන ලියන්නවත් ඕනෙ නැති තරම් ප්‍රකට කාරණා.

සැන්සිබාර් විප්ලවේ නොවෙන්න ඉතාම ඉහල සමාජයෙ උන් ධනවත් කොලෝනියල් පවුලෙ උන් ෆාරොක්ට උගන්නල හො බිස්නස් එකක් සෙට් කරල දීල මිනිහ එක්කො හරියට හෝ වැරදියට ඒක කරල ඔය පොඩි බැන්ඩ් එකකුත් හදන් රස්තියාදු වෙලා ටැන්සානියාවෙ හෝ සැන්සිබාරෙ ම ඉවරයක් වෙන ලොකු ඉඩක් තිබ්බ. මේ සියල්ල මෙලෙසින් වුනේ සැන්සිබාර් විප්ලවය නිසා කියල හිතන එක බොහෝ දුරට ලොජිකල්.

ඒ නිසා සැන්සිබාර් විප්ලවය ලෝකෙට දුන්න ඉහල ම දායාදය කියල මට හිතෙන්නෙ ෆ්‍රෙඩි මර්කරි ක්වීන් බෑන්ඩ් එක සහ බොහිමියන් රැප්සොඩි වගෙ නිර්මාණ.