Sunday, September 6, 2020

ඩොලමයිට් සහ ජලාශ හෙවත් වයොන්ට් වේල්ලේ කතාව


ප්‍රශ්නයක්...

1. මිනිසා විසින් නිර්මාණය කරගත් එකම සුවිසල් සුනාමිය කුමක්ද?

2. කිනම් රටක කිනම් ස්තානයකද?

3. සුනාමිය ඇතිවන්නට බලපෑ මානව ව්‍යාපෘතිය කුමක්ද?

4. වැඩේ පටන් ගද්දිම වෙන්න යන දේ ගැන සලකුණු පහල වෙනවා. ඒ මොනවාද? ඒ සම්බන්ධයෙන් ගන්න පියවර මොනවාද?

5. මෙම ව්‍යාපෘතිය තුල එකිනෙකාට වෙනස් විෂයන් දෙකක නියැලෙන ප්‍රසිද්ධ පියපුතු දෙපොළක් ඉන්නවා. ඔවුන් දෙදෙනා මේ ව්‍යාපෘතිය ගැන දරන්නේ ප්‍රතිවාදී මත. එක්කෙනෙක් අනිකාගේ මතය යටපත් කරනවා එහෙත් හරි ගියේ ඒ මතය. මේ දෙන්න කවුද? දරණ තනතුරු හා විෂයන් මොනවාද? දෙන්නගේ මත දෙක මොනවාද?

6. සුනාමියේ ප්‍රතිපලය ලෙස වන හානිය කෙබඳුද?

7. හානියෙන් පසුව ඒ සම්බන්ධයෙන් රජය දක්වන ප්‍රතිචාරය කෙබඳුද?

[බෝනස්] 8. දැනට දන්නා තරමින් මෙම අනතුර වෙන්න බලපාන සුවිශේෂී භූ විද්‍යා සාධකයක් තියෙනවා. ඒ කුමක්ද?

--------------------

කතාව ඉතාලියේ වයෝන්ට් [Vajont/Vaiont] බැම්ම සහ විනාශය ගැන.

ඉතාලියේ වයෝන්ට් හි ඉතා ගැඹුරු නිම්නයක බැම්මක් බන්දලා ජල විදුලි වැඩසටහනක් පටන් ගන්නවා සමාගමකින්. ඉතාම ශීඝ්‍ර බෑවුම් තියෙන හුණුගල් ඉවුරු දෙකක් අස්සේ මෙහෙම එකක් හදන්න හරි අවසරයක්වත් නැහැ කියලයි කියන්නේ. එහෙත් දෙවෙනි ලෝක යුද්ධය හා පසුකාලින දූෂිත දේශපාලනය කාර්මික විප්ලවය නිසා ආ බලශක්ති අවශ්‍යතා ආදිය නිසා වැඩේ කෙරෙනවා. ඉතාලියේ ඉන්න හොඳම සිවිල් ඉංජිනේරුවෙක් ලීඩ් කරන්නේ උස මීටර දෙසිය පනහට වඩා වැඩියි, එවකට [1960 අවට] ලෝකයේ උසම වේල්ල.

Vajont Dam (Italy, 1963) | Case Study | ASDSO Lessons Learned

වැඩේ පටන් ගන්න කොටම ඒ ආසන්නයේ වෙනත් ජලාශයක ඉවුරක් කැඩිලා සුනාමියක් එහි හැදෙනවා එහෙත් ඔවුන් එය ගණන් ගන්නේනැහැ. වයෝන්ට් හදලා පුරවන කොට වයෝන්ට් වලත් එලෙසින්ම පොඩි සුනාමියක් එනවා. කඳු පුපුරා වටේ පිටේ ගොඩනැගිලි කැඩෙනවා. අහල පහල කුඩා නගර වාසින් මීට විරුද්ධයි කොහොමත්. ඔවුන් දකිනවා පොලොව නායයන සලකුණු. මේවා ගැන කතා කිරීම ඉතාලියේ සමාජ සංවර්ධනයට බාධා කිරීමක් ලෙස සළකා පත්තරකාරයින්ට එරෙහිව කටයුතු කරන එක තමා වෙන්නේ. සමාගම සැහෙන්න බලවත් නිසා.

වේල්ල හදලා වතුර පුරවන්නේ ඒ ගැන තැකීමකින් තොරව. මේ අතර එක ඉවුරක කන්දේ බොහොම ඈතින් විශාල පැල්මක් එනවා. හොඳට පෙනෙන පරිදි. ඒ පැත්තේ නිවාස පාසල් පුපුරා යනවා. පැල්ම එක්ක ඇති කඳු කොටස සෙමින් පහලට රූටා යන්න පටන් ගන්නවා.

මේ සියල්ල නිසා සමාගම ම භූ විද්‍යාඥයින්ගේ සහය ගන්නවා. භූ විද්‍යාඥ පැනල් එකේ ලාබාල භූ විද්‍යාඥයෙක් තමා අර ප්‍රධාන ඉන්ජිනේරුවාගේ පුතා. ඔහු තමා කඳු වල ඇවිදලා සර්වේ එක කරන්නේ. ඔහුගේ මතය අනුව පාෂාණ ඝන මීටර මිලියන 200 ඉක්මවා වැටිලා මීටර දෙසීයකට වඩා උස සුනාමියක් හැදෙනවා ජලාශයේ. ඔහු කියන මතය අනුව පියාගේ ලෝක වාර්තා ව්‍යාපෘතිය අතහැර දමන්න ඕනේ. මේ ගැන පියා සතුටු වන්නේ නැහැ. සමාගම අනිත් භූ විද්‍යාඥයින්ගේ මතත් අරගෙන ඉතාම අඩුම අවදානම තියෙන මතයට තමා තැන දෙන්නේ.

සිවිල් ඉංජිනේරුවා තම පුත්‍රයා වැරදියි කියා ඔප්පු කරන්න පර්යේෂණ කරනවා. ඔවුන් වතුර මට්ටම අඩු කළාම කන්ද රූටා යාම අඩුවෙනවා. ඒ අනුව ඔවුන් හිතනවා වතුර මට්ටම අඩු හා වැඩි කරමින් ටික ටික ඉස්සරහට ගෙනත් ඒ කන්ද හෙමිහිට වට්ටන්න තමන්ට හැකියි කියා. එනම් නායයාම පාලනය් කරන්න තම දැනුමෙන් හැකියි ඒ නිසා පාලිත තත්ත්ව තුල අනතුරක් නොවී කරගන්න පුළුවන් කියා. ඒ වගේම නායයන ගැඹුර මනින්න උත්සහ කරනවා. එතැනදී ඒ ගැන හරි දත්තයක් නොලැබෙන නිසා සමාගම තීන්දු කරනවා නායයාම වෙන්නේ බොහොම උඩින් කියා. ඇත්තෙන්ම දත්ත නොලැබෙන්නේ ඔවුන් හාරපු ලොකුම දුරටත් යටින් නාය යන නිසා.

කෙසේ වෙතත් අඩු අනතුරක් තක්සේරු කල භූ විද්‍යාඥයින් හා පුත්‍රයා වැරදියි නායයාම් මට පාලනය කල හැකියි කියන සිවිල් ඉංජිනේරුවා එක්ක සමාගම ඉස්සරහට යනවා. ඒ අතරේ ඒ සිවිල් ඉංජිනේරුවා මැරෙනවා. ඊට පස්සේ එන කෙනා සත්‍ය දත්ත යට ගහපුවා දන්නේ නැහැ. ඔහු සමාගම දෙන පින්තුරෙන් පටන් ගන්නේ. ඔහුත් දත්ත මකලා තියෙනවා. මේ ආකාරයට සමාගම කරන ගණනයක් අනුව වැඩිම සුනාමි උස එන්නේ මීටර විස්සයි.

එක අවස්තාවක කන්ද පහලට රූටා යාම වැඩි වෙනවා. තත්වය පාලනය කරගන්න බැහැ කියා දැක්කම කට්ටිය අර පෙර ගණනය කල මීටර විස්සේ සීමාවට වඩා පහලට වතුර මට්ටම බස්සනවා. නාය යන මොහොතේ මේ ඉලක්කම් ඔවුන් කෙතරම් විශ්වාස කලාද කිව්වොත් ඒ ටීම් එකම වේල්ල මත සිට සුනාමිය නරඹන්න සෙට් වෙනවා. නාය යන බව දැකලත් කාටවත් අනතුරු අඟවන්නෙත් නැහැ. සියල්ල තම ඉලක්කම් තුල වේවි කියා හිතන්නේ.

එහෙත් නාය යන හුණුගල් ස්තරය පවතින්නේ මැටි ස්ථරයක් මත. මේ මැටි ස්තරය මෙයාලට අහුවෙන්නේ නැති තරම් යට තියෙන්නේ. ජලාශයේ වතුර නිසා මේ මැටි ස්ථරය ඇදිලා ඇදිලා එක පාරට කැඩෙනවා, ඒ මොහොතේ සිට ඒ කඳු කොටස තවත් මොකකින්වත් රැඳිලා නැහැ, චලිතය මඩ එක්ක යන විස්කෝස් එකක් නොවේ ගුරුත්වය සමග වැටීමක්. ඒ නිසා නායයාම් වෙන්නේ හිතුවට වඩා වේගයෙන්. සාමාන්‍ය නාය යාමක් වගේ නොවේ කන්ද කඩා වැටීමක්. තත්පර 45 කදී මුළු කන්දම බිම. ඝන මීටර මිලියන 270ක් පමණ. සුනාමිය මීටර දෙසිය පනහක් විතර.

මෙන්න  මේ මැටි ස්තරයේ  ප්‍රතිරෝධය  සහ  බිද දැමීම  තමයි භු කම්පනයක් වගේ ක්‍රියා කරන්නෙ.  ඒක තමා  අනතුර ලොකුවෙන්න. පහත පින්තුරේ තියෙන්නේ හුණුගල් තට්ටුව රූටා ගියපසු ඉතිරි කඳු මුහුණත.




ජලාශයේ බඳ සැහෙන්න පිරෙනවා. පළමු විනාශය අනිත් ඉවුරට. මීටර දෙසියගානක් උසට වතුර ඉහල යනවා. ඒ පැත්තේ ගම්මාන වනසමින්. ඒ රැල්ලම එනවා බැම්මට. මීටර විස්සේ ගැප් එක උඩින් මීටර දෙසිය ගානක් උසට වතුර එනවා අර බලන්න ආපු ටීම් එකත් යට කරගෙන. ඒ වතුර යන්නේ පහල නගර දිහාට. බැම්ම යට පැත්තේ මීටර 40 ක් ගැඹුර 80ක් පළල වලක් තිබුනලු වතුර වැටුණු තැන. පහල සුනාමිය මීටර 70 වගේ ගානක්. පහල නගර වල ගන්න දෙයක් ඉතිරි වන්නේ නැහැ. මුළු ජීවිත හානිය 2000 ඉක්මවනවා. බැම්ම නම් කැඩෙන්නේ නැහැ.

ආණ්ඩුව හා සමාගම් සිද්ධිය යට ගහනවා. ආණ්ඩුවේ ලේඛන වල තියෙනවලු එච්චර එකක් වෙලත් බැම්ම කැඩුනේ නැහැ කියා දෙඩු වහසිබස්. විපතට පත් අය වෙනුවෙන් ඕනෑම දෙයක් කරනවා කියන අගමැති වරයා චන්දෙන් පැරදුනාම ඊ ගාවට නීතිඥයෙක් ලෙස සමාගාම් වෙනුවෙන් නඩුවට පෙනී ඉන්නේ. ඔහු බොහෝ දෙනෙකුගේ වන්දි අහිමි කර, අනිත් වන්දි අඩුකර, දඬුවම් අවම කරනවා. එක්කෙනෙක් අවු දෙකකට හිරේ යනවා එපමණයි.

එදායින් පස්සේ වයෝන්ට් වල කවදාවත් වතුර පුරවන්නේ නැහැ. බැම්ම ඔහේ අදටත් තියෙනවා, 

පියාට එරෙහිව ගිය භූ විද්‍යාඥයා එදුවාදෝ සෙමෙන්සා ඉතාලියේ ඉහලම භූ විද්‍යාඥයෙක් මෙන්ම ජාත්‍යන්තර කීර්තියට පත් කෙනෙක්. ඔහු පසුව මේ වගේ නායයාම් රාශියක් වලක්වලා තියෙනවා. සම්මාන දිනු කෙනෙක්.

ප.ලි. 2015 දි  ෆේස්බුක් සමූහයක අහපු  ප්‍රශ්නයක් නැවත  ඉස්මතු වන්නෙ  වික්ටෝරියා  ජලාශය ආශ්‍රිත භු කම්පන වාර්තා  වීම නිසා.  මේකෙන් මම කියන්නෙ නෑ  මේ  ක්‍රියාවලිය  වික්ටෝරියාවෙත් වේවි කියල. ඒ වගේම  නෝට්  කරන්න ඕනෙ  මේක  වෙන්නෙ  වයොන්ට් හදාපු  අලුතම, ඒ කිව්වෙ  ඉන්ෆැන්ට් මෝටලිටි  තත්වයක්, වික්ටෝරියා  හදල  අවු  තිස් පහක් නිසා  තත්වය වෙනස් කියල. ඒ වගේම එහෙම  අනතුරක් වෙන්න කළීන් භුමියේ සාධක රාශියක් පේනවා.  ඒ   වුණත්  වික්ටෝරියා වගේම  අනිකුත් ජලාශ  වෙනුවෙනුත් මේක ලියන්න ඕනෙ.  හදන්න එපා කියල නම් නෙවි කියන්නෙ.  හදන්නෙ  විද්‍යා  දැනුමෙන් නෙ. භු විද්‍යාවත්  විද්‍ය දැනුමක්.  ඒකත්  කන්සල්ට් කළ  යුතුයි. භුමියේ පෙන්වන  සළකුණු  ගැන සැලකිළිමත්  වෙන්නත්  ඕනෙ.

Saturday, August 15, 2020

2020 වසරේ අගෝස්තු 04 දින බේරූට් නම් නගරය ගැනයි

සයිප්‍රසයෙ ඉන්න රුසියන් ව්‍යාපාරිකයෙක් හා හා පුරා කියල නෞකා ව්‍යාපාරෙට බහින්න හිතන් පරණ නැවක් ගන්නව රෝසස් කියල. බිස්නස් කාරයෙක් කිව්වට මූ ලෝක හිගන්නෙක්. නැව වුණත් හද්ද පරණයි, තැන තැන අබලන්. මේ නැවට සෙට් වෙනව ජෝජියාවෙ සිට මොසැම්බික් දක්වා භාණඩ තොගයක් ප්‍රවාහනය කරන්න. නැව භාණ්ඩ තොගයත් අරගෙන කළු මුහුදෙන් මධ්‍යධරණියට එනව. ඒ අතර තුර්කි වරායකදි පඩි ගෙවාගන්න බැරුව ස්ටාෆ් එක අයින් වෙලා වෙන සෙට් එකක් හයර් කරගෙන නැව යන්නෙ. නැව ඇතැන්ස් වලට එනව. ගමනෙ වියදම සහ සූවස් ඇලේ ගාස්තු ගෙවාගන්න අමාරු නිසා නැව් හිමියා තවත් හයර් එකක් හොයාගන්නකම් එතන නතර වෙලා ඉන්නව. ඒ පාර සෙට් වෙනව තව හයර් එකක් ගල්‍ රෝල් ඇතුලු පාර හදන උපකරණ රාශියක් අරගෙන යන්න. මේ දෙවෙනි කාගෝ ලෝඩ් එක ගන්න නැව යනව ලෙබනනයෙ බේරූට් වලට. ඒත් බේරූට් වලදි තමා දැනගන්නෙ නැවේ ඩෙක්ස් හයිය මදි කියල මේ කාගෝ එකට. ගල් රෝල් ලෝඩ් කරද්දි නැවේ ඩෙක් එක නැවුම් දෙනව. 1986 හදාපු මේ නැවේ අබලන් තත්වය ගැන වෝනින් ලබාපු එකක්. ඉතින් ගල් රෝල් පටවා ගන්න වෙන්නෙ නෑ. ඒ වගේම ඒ අතර වැටුප් ඉල්ලල අලුත් ස්ටාෆ් එකත් වලියක් දා ගන්නව. නැව සැහෙන කාලයක් මේ හේතු නිසා බේරූට් වල රස්තියාදු වෙනව.

අවසානෙ නොගෙවු වරාය ගාස්තු ඩොලර් ලක්ශයක් නිසා ලෙබනන් බලධාරින් නැව සීස් කරනව.

ඔවුන් මයිනර් ස්ටාෆ් ඔක්කොම යවල කැප්ටන් සහ ඉහළ නිළධාරින් තිදෙනෙක් නැවේ නිවාස අඩස්සියෙ තියල මුදල අයකරගන්න හදන්නෙ. ඒත් නැව් හිමියට සල්ලි නෑ. මිනිහ සේවකයින්ට පඩි ගෙවලත් නෑ. නැව තුල අල්ලගෙන ඉන්න අය මුදාගන්න ඔහුට හැකියාවකුත් නෑ. ඒ වෙනකොටත් ටික ටික ගිලෙමින් තිබෙන නැවේ පිරෙන වතුර දිනපතා ඉවත් කරගන්න ඕනෙ. අවසානෙ නැවේ ඉන්න කට්ටිය නැවේ ඉතිරි ඉන්ධන විකුණා නඩු කියල මාස ගානකට පස්සෙ නිදහස ලබාගන්නව අනාරක්ශිත බව මත. ඒ නඩුවෙම අනාරක්ශිත නැවේ භාන්ඩ තොගය ඉවත් කරන්නත් යෝජනා කරනවා. ඒ නිසා ඒ බඩු ටික එතනම වෙයාහවුස් එකකට පටවන ලෙබනන බලධාරින් රෝසස් නෞකාව විනාශ කර හෝ ගිල්වා දානවා, ඒ කොහෙද කොහොමද කියල දන්නෙ නෑ.

මේ 2014 වසරේ. එසේ නැවෙන් බා ගන්නෙ හයි ඩෙන්සිටි ඇමෝනියන් නයිට්‍රේට් ටොන් 3000කට මදක් අඩු තරමක්. ඇමෝනියම් නයිට්‍රේට් කියන්නෙ පුපුරන ද්‍රව්‍යයක් !!!

කාලය ගෙවෙනෙවා. අනේ මේ අහින්සක ඇමෝනියම් නයිට්‍රේට් තොගය මිලියන දෙකක මෙට්‍රොපොලිටන් එකේ මැද්දෙ තියෙන හාබර් එකේ ඉස්ටෝරුවේ ඔහේ තියෙනව. කවුරුත් දන්නෙ නෑ.

කවුරුත් දන්නෙ නෑ නෙවි කවුරුහරි දන්නව. සාමාන්‍ය මිනිස්සු දන්නෙ නෑ. ඒත් කස්ටම් එකේ උන් දන්නව. උන් මේක එක්කො ඉවත් කර විනාස කරන්න හෝ නැවත විකුනා දමන්න අවසර ඉල්ලා ලිපියක් යවනවා "හදිසි නඩු විසදන" නඩුකාරයට. නඩුකාරය වැඩි විස්තර ඉල්ලා උත්තරයක් එව්ව කියල කියනවා. ඒත් ඒ මොකවත් යැවෙන්නෙ නෑ. ආයෙ ටික දවසකින් පෙර සේම අවසර ඉල්ලා ලිපියක් එවනව කස්ටම් එකෙන්. ආයෙ නඩුකාරය විස්තර ඉල්ලනව. ඔය සයිකල් එක පස් පාරක් වෙලා තියෙනව වසර හයට.

නඩුකාරයට අනුව නඩු තීන්දුවෙ තියෙන්නෙ මෙම භාන්ඩ තොගය ඊට ගැලපෙන ආරක්ශිත තත්ව යටතේ අසුරාතබන්න කියල ප්‍රවාහන අමාත්‍යන්ශයට. ප්‍රවාහන අමාතයන්ශයට ඕනෙනම් වෙන ඕනෙ දෙයක් කරන්න බලෙ එතිබ්බ කියල නඩුකාරය කියනව. ප්‍රවාහන අමාත්‍යන්ශය මේ භාන්ඩ තොගය අසුරන බලය කස්ටම් එකට පවරනවා, ඒත් වෙන මොකුත් කරන්න ඕඩර් එකක් දීල නෑ. අසුරන ආකාරය ගැන කෝම උපදෙසක් දුන්නද දන්නෙත් නෑ. කස්ටම් එකේ උන්ට කොමන් සෙන්ස් තිබ්බ බවක් පේන්නෙත් නෑ.

දැන් ඔබට තේරෙනව ඇති මේකෙ අගමුල හොයන එක හිතනවට වඩා අසිරුයි කියල. කවුරුත් දන්නෙ නෑ නෙවි, රාජ්‍ය ආයතන කීපයක් දැනගෙන ඉදල, ඒ එක්කෙනෙක්වත් කොමන් සෙන්ස් එක වැඩ කරල නෑ, ඒ වෙනුවට පොතේ තාලෙට නීතියට අකුරට ලියුම් ගහමින් ඉදල.

ඉතිරි ටික ඉතින් දන්නවනෙ. අගෝස්තු 4 හාබර් එකේ ගින්නක් හටගන්නව. හේතුව හරියට දන්නෙ නෑ බොහෝ විට වැල්ඩින් වැඩක ප්‍රතිපලයක් ලෙස හටගන්න ගින්නක්. ඒ ගින්න කෙමෙන් ඇමෝනියම් නයිට්‍රේට් ස්ටොරේජ් එක කරා එනව.

ඊ ගාව විනාඩිකීපෙ හැමෝම දැක්ක. ඇතිවන පිපිරීමෙන් හිරෝශිමා වගේ හත්තක හැඩ පොඩි වලාකුලක් අහසට යනව. සුපර් සොනික් එක්ස්ප්ලෝශන් එකක් නිසා ඇතිවන ශොක්වේව් එකේ ජලවාශ්ප කන්ඩෙන්ස් වෙලා වතුර වෙනව ඒ තමා අර බෝල ශේප් වලාකුල. වෙයාහවුස් එක තිබ්බ තැන මීටර 140 ක පලල වලක් මූදට එකතු වෙලා අහල පහල කිසිම ගොඩනැගිල්ලක ගන්න කිසිම දෙයක් නෑ සැකිලි පමනයි. කිමි ගානක් යනකම් නිවාස සහ ගොඩනැගිලි හානි වෙලා. කිමි 9 ක් එහා ගුවන් තොටුපොලේ පවා හානි තියෙනව. සද්දෙ කිමි 240ක් ඈත මූදෙ අර නැව් හිමිය ඉන්න සයිප්‍රසේට ඇහිල තියෙනව. "අන්න මගේ ඇමෝනියම් නයිට්‍රේට්" කියල මිනිහට නිකමටවත් හිතුනද මන්දා.

පිපිරුමේ ප්‍රබලතාවය හීරෝශිමා බෝම්බයෙන් 1/10 පමණ කියල සැලකෙන්නෙ. ඒ නිසා මේක න්‍යශ්ටික නොවන ලොකුම පිපිරුම් කීපයෙන් එකක්. ඇමෝනියම් නයිට්‍රේට් ටොන් 2750 ක් පුපුරා ගියා කියා සැලකෙනව. කිලෝටන් 1.2-1.5 පමණ පිපිරුමක් කියල කියන්නෙ.

ලෙබනන් වාසින් 157 ක් දැනට මියගියා කියා හිතනව. 5000 කට වඩා තුවාලයි. 300000 කට වඩා නිවෙස් අහිමියි. මුලු පාඩුව ඩො බි 15 ක් කියල කියන්නෙ. ඒ ලෙබනනයේ දදේනි යෙන් 1/4 ක්. මේ අනතුර වෙන්නෙ ඉතාම අසාර්තක ආර්තිකයක් නිස බේල් අවුට් අරගෙන ණය සහ පොලි ගෙවමින් උන්නු ලෙබනනයට ඊටත් පස්සෙ ආපු කෝවිඩ් 19 නිසා සම්පුර්නයෙන්ම වගේ ආදායම් අහිමි වූ තත්වයක. හොස්පිටල් වල බෙහෙත් හා උපකරණ හිගයන් එන්නෙ 2018 සිට, ඒව කෝවිඩ් 19නිසා වඩාත් තීව්‍ර වෙද්දි තමා මේක වෙන්නෙ. ඒ නිසා සෞඛ්‍ය සේවකයින් කියන්නෙ පිපිරුමෙන් වැඩි පිරිස මැරෙන්නෙ එතන නෙවි හොස්පිටල් වල කියල බේත් නැතුව.

පිපිරුම වෙන තැන අල්ලපු බිල්ඩිම ලෙබනනයේ ජනයාට කන්න ආහාර එක් රැස් කල ධාන්‍යාගාරය, ඒකෙ තිබ්බ ධාන්‍ය වසරකට පමණ කන්න පුලුවන් කියල කියනව. ඒක සම්පුර්නයෙන් විනාශයි. අයිරොනිකලි මේ ධානය් පිටරටින් ගෙන්වන්නෙ ලෙබනන ගොවියාට සහන සලසා දෙන අමාරු නිසා, ඒත් ඒ ගොවියාට ඕනෙ ප්‍රධානම දේ පොහොර. ඇමෝනියම් නයිට්‍රේට් කියන්නෙ පොහොර නිපදවන්න පුලුවන් ද්‍රව්‍යයක්. අවු හයක් ආන්ඩුවෙ ආයතන ඔට්ටු සෙල්ලම් කරමින් උන්නු වෙලාවෙ මේ පෝර ටික බෙදල දුන්නනම් සමහරවිට ඔච්චර ධාන්‍ය ආනයනය කරන්නෙ නැතුව ඉන්නත් තිබ්බ.

තව කතාවක් තමා, හාබර් එකේ ගින්නක් හටගෙන ගින්න එක්ස්ප්ලෝසිව් දිහාට එනකොටවත් කිසිවෙක් මිනිස්සු ඉවකුවේට් කර නෑ. ඒ තියා ගින්න නිවන්න එවල තියෙන්නෙ ගිනි නිවන්නන්/නිවන්නියන් දහ දෙනයි, උනුත් මේක ගැන දැන උන්නු බවක් පේන්නෙ නෑ උන් එතනම ආසන්නයෙ ඉදල තියෙන්නෙ. උන් ගැන කිසිම ශේශයක් හොයන්න නෑ.

පස්සෙ හොයාගත්ත තවත් කතාවක් තමා, මේ ඇමෝනියම් නයිට්‍රේට් අයිනෙම තව ස්ටොක් එකක් ගහලලු ෆයර්වර්ක්ස්. ෆයර්වර්ක්ස් පුපුරන එක ඇමෝනියම් නයිට්‍රේට් වල පිපිරීමට උත්ප්‍රේරකයක් වෙනව. ඒ  බව  මෙන්න මේ විඩියෝවෙනුත්  බලාගන්න පුලුවන් මේකෙ  ස්ලෝ මෝශන් යන්නෙ.

රාජ්‍ය අන්ශය, බියුරෝක්‍රසිය කෙතරම් විකෘති ලෙස හැසිරෙන්න පුලුවන්ද කියන එකට පට්ට උදාහරනයක්. දැන් ලෝකෙ පුරාම ආධාර එකතු කරනවා ලෙබනනනයට.

බේරූට් ටිකක් හිතට වැදුණූ සිද්දියක්. මගේ අරුම කාරුණික හදවත නිසාවත් මානව සන්හතියේ අගති හා ඇගනි දැක මගේ හිත උණුවෙන නිසාවත් නෙවි, ඒක අස්සෙ තියෙන පොඩි පොඩි කාරනා රාශියක් විසින් ඇති කරන උනන්දුව, කුතුහළය සහ කෝශන් එක නිසා.

අපිත් ඉන්නෙ 
බේරූට් වගේ තැනක ද?

ලන්කාවෙ නම් මේ වගෙ දේවල් රාශියක් වුණා පහුගිය කාලෙ. පාස්කු ප්‍රහාරය, මීතොට මුල්ල බැහැර ද්‍රව්‍ය කන්ද ගිලා බැසීම සහ සාලාව ආයුධ ගබඩාව පිපිරීම. ඒත් ලෙබනනේ හද්ද ගොන් රටක් අපි ඉන්න පළමු ලෝකෙ රටේ ඒක වෙන එකක් නෑ කියල හිතෙන අය ඉන්නව නම් හිතාමත නොකළ පිපිරුම් අනතුරු ගැන කියවන්න. වැඩියෙන්ම ඒව වෙලා තියෙන්නෙ පළමු ලෝකෙ රටවල. මේ මොහොතෙ වුණත් අනාරක්ශිත ස්ටොක්ස් ඔබ අවට තියෙන්න පුළුවන්.

කෙසේ වෙතත් මේ පිපිරීමෙන් මිනිස්සු අනවශ්‍ය ඇමෝනියම් නයිට්‍රේට් භිතිකාවක් හදාගන්න බවකුත් පේනවා. ඇමෝනියම් නයිට්‍රේට් කියන්නෙ ප්‍රබල පුපුරන ද්‍රව්‍යයක් වගේම ඒක පොහොර වැනි එදිනෙදා භාවිතාවන් වලටත් යොදා ගන්නව. ඒ නිසා කෘශි සහ පතල් කර්මාන්තය සම්බන්ද හේතු මත ඒව ස්ටොක් කරගන්න සිද්ද වෙන අවස්තා තියෙනව.

ඇමෝනියම් නයිට්‍රේට් කියන්නෙ ලේසියෙන් පුපුරා යන ඒ නිසාම කොහෙත්ම භාවිතා නොකළ යුතු දෙයක් නෙවි. ඇමෝනියම් නයිට්‍රේට් පුපුරන්නෙ ඉතා ඉහල හෙවත් සෙල්සියස් දහස ආසන්න උශ්ණත්ව වලදි ඒත් ඒ තත්වය සම්පුර්ණ නොවෙන තැනක ඒවායෙන් ලොකු අනතුරක් නෑ. සාමාන්‍ය ගින්නකදි නිකම් පිළිස්සි යන්න පුලුවන්.

ඒ නිසාම කියන්නෙ ඇමෝනියම් නයිට්‍රෙට් ගිනි ගැනීමේ අවදානමක් පවතීනම් ඒ ගින්න මූලික මට්ටමින් වළකා ගන්න හෝ උත්ප්‍රේරක ගින්නෙන් ඉවත් කරගන්න බැරිනම් කළ යුත්තෙ ගිනි නිවන භටයින් ඒ අසළට නොයවා ඒ වෙනුවට ජනයා ඉවකුවේට් කරන එක කියල. මොකද ඇමෝනියක් නයිට්‍රේට් පිපිරුවොත් ගිනි නිවන්නන්ට කළ හැක්කක් නෑ, එසේ නොවුණොත් ඒක නිකම් ඔහෙ පිළිස්සි යාවි. 

බේරූට් 
වල ගින්න නිවන්න ගිය දහදෙනාගෙන් අර ලස්සන මෙඩික් ගිනි නිවන්නිය ගෙ බොඩි එක විතරයි හම්බුනා කියන්නෙ, අනික් උන් වාශ්ප වෙලා වෙන්නත් පුලුවන් ලු. මේ සටහෙනේ යට කියන ටියන්ජින් පිපිරුමේ මියගිය එකසිය හැත්ත ගානෙන් සීයකට වඩා ගිනි නිවන්නන්.

සාමාන්‍ය තත්ව වල පුපුරා නොගියට ඇමෝනියම් නයිට්‍රේට් පිපිරීම් නිතර වාර්තා වෙනව. ඒකට විවිධ හේතු තියෙනව. එකක් තමා භාවිතාවෙන් තොර ස්ටොක් කිරීම්. ඒ කියන්නෙ කිසියම් නිශ්පාදනයක් කරන්නෙ නැතුව නිකම් ඔහෙ තියන එක. කාලයත් එක්ක දේවල් දෙකක් වෙනව.එකක් තමා අන්තරායකාරිබව ගැන දෙන අවධානය අඩුවීම [කාලයක් තිබ්බනෙ කියන පදනමින්] දෙවැන්න ඇමෝනියම් නයිට්‍රේට් තියෙන නිසාම එතන වෙනත් පුපුරන ද්‍රව්‍ය ද රැස් කිරීම. මිනිස්සු හිතා ඉන්නෙ දැන් එතන ඇමෝනියම් නයිට්‍රේට් තියෙන නිසා තව වෙඩි බේත් වගේ දෙවල් ස්ටොක් කරන එක ඕකෙ කියල. අන්න ඒ සාමාන්‍ය උශ්ණත්ව වල පුපුරන අනෙකුත් දේවල් තමා ඇමෝනියම් නයිට්‍රේට් වල පිපිරුමට අවශ්‍ය උශ්ණත්වය නිර්මාණය කරන්නෙ.

දැන් හැමෝම වගෙ දන්නව 
බේරූට් වල ඇමෝනියම් නයිට්‍රේට් ස්ටොක් එකක් තිබ්බ නිසා එතනම තව ෆයර් වර්ක් වගේකුත් එක් රැස් කර තිබ්බ කියල. නොතේරිම මේ නගර මැද්දෙ ස්ටොරේජ් එක පුපුරන ද්‍රව්‍ය පොදුවෙ එක් රැස් කරන තැනක් වෙනව. ඒ නිසයි මේ පිපිරීමට අවශ්‍ය තාපය ජනනය වන්නෙ.

එසේම 2015 චීනයෙ ටියන්ජින් ජනාකිර්ණ නගරය මැද්දෙ හාබර් එකේ ඇමෝනියම් නයිට්‍රේට් ඔහේ ස්ටොක් කරල තියල. පස්සෙ එතන වෙනත්පුපුරන ද්‍රව්‍ය රාශියකුත් එකතු කරල අන්තිමේ ඒ වෙනත් ස්ටොක් එකක් දැඩි හිරු එළිය නිසා ගිනි අරගෙන තමා අර පත වලක් හැරුණු පිපිරීම සිද්ද වන්නෙ. ඒ ටොන් 800ක පිපිරුමක්
බේරූට් 2750 ක් වගෙ.

කෝම වුණත් න්‍යශ්ටික නොවන පිපිරුම් අතර ඉහළීන්ම තියෙන එක වෙන එකක්. ඒකත් වෙන්නෙ තවත් හාබර් එකක. නැවක ආපු ලෝඩ් එකක් මයි. එතන පුපුරන ද්‍රව්‍ය වන්නෙ ටී එන් ටී ටොන් තුන්දාහක් පමණ. ඒකට උත්ප්‍රේරක වන්නෙ නැවේම තියෙන බෙන්සෝල් නම් වාශ්පශිලි ගිනිගන්නා ද්‍රව්‍ය ස්ටොක් එක. අනතුරට හේතුව නැව් දෙකක ගැටුමක්. අනතුර මොන වගේද කිව්වොත් නැවේ කාල තුවක්කුව හමුවන්නෙ කිමි පහක් ගොඩබිම, නැන්ගුරම කිමි තුනක් ගොඩබිමේ. පිපිරීම වෙනෙන් වතුරෙ නිසා හාබර් එකේ පතුල පේන්න තරම් වතුර තල්ලු වෙලා තියෙනව. ඒ නිසා හටගන්නා සුනාමිය මීටර 18ක් උසයි. ශොක් වේව් එක කිමි එකසිය ගානක් දුර ගිහින් තියෙනවා. පිපිරීමෙ උශ්ණත්වය සෙල්සියස් 5000 හෙවත් සූර්‍යයා මතුපිට උශ්ණත්වය වගේ කියල කියන්නෙ. උණු වෙලා උඩ ගිය යකඩ බෝල වෙලා බිමට වැටිල තියෙනව.

බේරූට් 
වගෙ ලොකු නගරයක් නෙවි දාස් ගානක් ඉන්න එකක් ඒත් මරණ දෙදාහකට ආසන්නයි. පුදුමය කියන්නෙ නැව ගිනි ගන්න කොටම බේරගන්න බැරි බව දන්නා නිසා නැවේ කෲ එක බෝට්ටු මූදට දාල පළා යනවා. ඒ වුනත් සීන් එක බලන්න නගර වාසින් වෙරළට එනව. උන්ට අර මිනිස්සු කොච්චර එපා කිව්වත් ඒක ඇහෙන්නෙ නෑ. අන්තිමට 2000 පමණ මළාට නැවේ කෲ එකෙන් මැරුණෙ එක්කෙනයි.

මේ පිපිරුම 
බේරූට් පිපිරුම වගේ දෙකහමාරක් ලොකුයි. කොටිම්ම ඒක කෙතරම් ලොකු එකක්ද කියනව නම් අද වෙනත් පිපිරුම් වල සයිස් මනින්න භාවිතා කරන හිරෝශිමා පිපිරීමෙ සයිස් එක පත්තර වල යන්නෙ අපි මේ කියන පිපිරීම වගේ හත් ගුණයක් කියල [ඒත් දැන් දන්න තරමින් හතර ගුණයක්]

මේ  පිපිරීම  වන්නෙ  කැනඩාවෙ  නෝවා  ස්කොටියා [ස්කෝශියා]  ප්‍රාන්තයේ  හැලිෆැක්ස් වරායේ  1917  දි

Wednesday, May 27, 2020

කහපාට කලුපාට වළාකුළු


මේ ටික මන් ලියල තියෙන්නෙ පෙබරවාරි 19. දවස කිව්වෙ මේ සිද්ධිය තව දුරටත් අනාගත කාලෙන් තියන්න බැරි නිසා.

පහුගිය කාලෙ ආසියා අප්‍රිකා ඕශනියා කලාපෙ වෙච්ච බොහෝ ස්වාභාවික ව්‍යසන එකතු වෙන්නෙ එක තැනකට. පහුගිය වසර දෙකේ පමණ ඉන්දීය සාගරයේ බටහිර පැත්තෙ වායු පීඩනය අසාමාන්‍ය ලෙස ඉහළ යාමට. ඉන්දියන් ඕශන් ඩයිපෝලේ ස්ට්‍රෝන් පොසිටිව් අවස්තාව කියල ටෙක්නිකල් නමක් මොඩල් කරල තියෙනවා ඕකට.


දැන් ඒ සන්සිද්දිය නිමා වෙලා තියෙන්නෙ. නිමා වෙනව කිව්වට 2017 තිබ්බ පොසිටිව් ඩයිපෝල් එක සුලු කාලෙකට නිමාවට පත්වෙලා තමා ආයෙ අවු දෙකක් විතර හිටින ලොකු එක ආවෙ. ඒ නිසා ඉස්සරහට ඉක්මනින් ආපහු එන්නත් බැරි නෑ.

කෙසේ වෙතත් ලැව්ගිනි, හීට් වේව්, නියන් සහ අධික උණුසුම ලෙස ඔස්ට්‍රෙලියාවත් සුලි සුලන් ලෙස අරාබිය අප්‍රිකාවත් පීඩාවට ලක් කළ ඒ කාළගුණ පද්දතිය ඉවර වුනත් ඒකෙන් ඉතුරු කරල ගිය අන්තිම හෙවනැල්ල තාම තියෙනවා.

හෙවනැල්ලක් ම තමා. දුරින් එනකොට පේන්නෙ විශාල වැහි වලාකුලක් වගේ ඒත් ඒ වළාකුල එකපාරට ඔබේ ගමට පාත් වෙලා කොලපාට යමක් පණ තියෙන ගහක් නෑර කලු සහ කහපාටින් සරසන කොට පරක්කු වැඩියි.

ඔව් ඒ තමයි ලෝකස්ට් ලා. මුන්ට පළගැටි කියන එක වැරදියි, පළගැටි කියන්නෙ එතරම් සක්‍රිය නැති තනිව ඉන්න සතුන් වර්ගයක්. උන් ලෝකස්ට් බවට පරිවර්තනය වන ක්‍රියාදාමය මාර වැදගත් ජෛව ක්‍රියාවක්. එක සතෙක්ගෙන් වෙන සතෙක් හැදෙනවා වගේ තමා. තනියම එක තැනක ඉන්න තරම් "මෝඩ" පළගැටියෙක් ගෙන් ලෝකස්ට් කෙනෙක් නිර්මාණය වෙද්දි උන්ගෙ මොළය විශාල පරිමාණයෙන් වර්ධනය වෙනවා කකුල් කුඩා වෙලා අත්තටු විශාල වෙනවා. මේ අලුත් "බුද්ධිමත්" සත සමාජශිලි එකෙක්. රන්චු ගෙහෙන්න ඇවිදින්න තරම් බුද්ධියක් තියෙනව. පුන්චු රන්චු නොවේ බිලියන සීය පනින නිව්‍යෝක් නගරයට වඩා ලොකු පලාතක විසිරි රන්චු වාර්තා වෙනවා. කිමි සියගණන් යන්න සමත්.

ආපහු කතාවට ආවොත්, මේ වසරේ ලොකස්ට් අර්බුදයත් ගිහිල්ල ඉන්දිය සාගරික ඩයිපෝලයේ බිලට වැටෙන්නෙ. ඒ මෙහෙම.

නැගෙනහිර අප්‍රිකාව සහ ආසියාව තුල පැතිරෙන ලෝකස්ට් අර්බුදය පටන් ගන්නෙ අරාබියෙන්. අරාබි කාන්තාරෙට 2018 මාස කීපෙක ගැප් එකක් එක්ක අසාමාන්‍ය ලෙස කඩා වදින මෙකුනු සහ ලූබන් කියන සුළි සුළන් දෙකක් නිසා අරාබි කාන්තාරය දෙවතාවක් තාවකාලික විල් බවට හැරෙනවා. සවුදි යේමන් බෝඩරේ සහ යේමනයේ. මේ කලාපය සක්‍රිය යුද කලාපයක් නිසා ලෝකස්ට් මර්ධනයට භාවිතා කරන රසායන යොදන්න විදියක් නෑ.





ලෝකස්ට් එකෙක් ඉන්නෙ මාස තුනක සිට පහක වගේ කාලයක්. ප්‍රමාණවත් වතුර ලැබුනොත් උන්ට පුලුවන් එක ජෙනරේශන් එකකින් ගණන විසි ගුණයකින් වැඩි කරන්න. මේ කියන 2018 වසරේ කාලෙ අරාබි කාන්තාරෙ ලෝකස්ට් ගහණය 8000 ගුණයකින් පමණ වැඩිවෙන්න ඇති කියනව.

ඒ ලෝකස්ට් ලා කැම හොයාගෙන කිමි200 300 පළල රතු මුහුද හරහා සෝමාලියාවට එනවා. සාපේක්ශව සෝමාලියාවෙ ශාක සුලබයි. ආයෙමත් යුද කලාපයක් නිසා කිසි පාලනයක් නෑ. ඒ මදිවට 2019 මුල සෝමාලියාවටත් සුලි කුනාටුවක් එනව ඒකත් ඩයිපෝල ක්‍රියාකාරිත්වයක් ලෙස සලකන්නෙ. සෝමාලියාවෙදි උන් ආයෙ කීප දාස් ගුනයකින් වර්ධනය වෙනවා.

දැන් ඒ ආකාරෙට ට්‍රිලියන ගණන් වලින් ගනින්න වෙන පාලනයකින් තොර ලෝකස්ට් ප්‍රජාව ජන්ම භුමියෙන් දෙපැත්තට යනවා. කෙන්‍යාව ඉතියෝපියාව වගේ රටවල අලුත් වැස්ස එක්ක සරුවට වැවුණු ගොවිබිම් ඉවරයි. දැන් ඒ රටවල් ආහාර අර්බුදයක් එයි කියල ආධාර එකතු කරනවා. ටැන්සානියා උගන්ඩා වගේ රටවලටත් අනතුරු ඇගවීම් දීල.

අනිත් පැත්තට පාකිස්තානය වෙනකම් ආපු ලෝකස්ට් ලා ඉන්දියාවට එන එක දැන් වෙන්න නියමිත එකක්. මෙතෙක් කලාපෙට අහු නොවුන ලන්කාවටත් දැනට වෝනින් දීල තියෙන්නෙ.

කෝම වුණත් ඩේවිඩ් ඇටෙන්බොරෝ කියන්නෙ ලෝක ආහාර අර්බුදයට හේතුවකට වඩා විසදුමක් කියල ලෝකස්ට් ලා. ඒ කියන්නෙ උන් අල්ලල උන්ගෙ ප්‍රෝටින ප්‍රොසෙස් කරල මිනිසුන්ට කන්න හිතෙන කැමක් ලෙස ආවොත් [එහෙම දැනුත් වෙනව, අපි මලාට නොකන සතුන්ගේ කොටස් අඹරල මීට් බෝල්ස් සොසේජස් එහෙම හදන්නෙ]. ඒත් ඒක ෆියුචරිස්ටික් කතාවක් පමණයි. දැනට තියෙන ගැටලුව ව්‍යසනයෙන් බේරෙන්නෙ කෝමද කියන එක.

ලස්සනම සිද්දිය නම් පෙර කී අභිජනන කලාපයේ ඉදිරි වසරක දෙකක කාලගුණය බැලුවම මෙ ඉන්න ප්‍රජාව 400 ගුණයකින් පමණ වැඩි වෙන්න ලොකු ඉඩක් තියේලු. මේ සම්බන්දයෙන් කල හැකි කිසිවක් නෑ මොකද යේමනය සහ සෝමාලියාව යුද කලාපයක් නිසා.

නිකමට හිතන්න 400 ගුණයකින් මේක වැඩි වුනොත්....

-----------------

මේ  ටික  අද.  ඉස්සරහට තව  සීන්  වුනොත්  ඒවත් ලියමු


සාමාන්‍යයෙන් ඉන්දියාවට ලෝකස්ට් ප්‍රහාර එල්ල වෙනවා. දැනට උන් ඇවිත් තියෙන්නෙ රාජස්තාන් මධ්‍ය ප්‍රදේශ් හා ගුජරාට් වලට. මම මේ සමග ශෙයා කරන සටහන ලියන මොහොතෙත් ඒක කෝමත් වෙන්න නියමිතයි කියල තිබ්බෙ.

ඒක වෙලා.

ඒ පදනමින් ඔන්න ලන්කාවටත් එයි කියල බය කරන්න අවශ්‍ය නෑ. මොකද ලන්කාවට සැලකියයුතු ලෝකස්ට් ප්‍රහාරයක් එල්ල වෙලාම නෑ. ඉන්දියාවට ආපු එක ලන්කාවට එන එකට පෙර නිමිට්තක් ලෙස ගන්න බෑ.


ඒත්...

වෙන්න බෑ කියු දේවල් සිද්ද වෙන තරමට මම හිතන්නෙ මේකත් ඇලට් එකේ ඉන්න ඕනෙ තත්වයක්. කවදාවත් නැතුව ලෝක සන්විධාන ලන්කාවටත් අනතුරු අගවා තියෙන්නෙ නිකම්ම වෙන්න බෑ. ඒ වගේම මේ වසරේ ලෝකස්ට් ගහණය අනිත් වසර වලට වඩා බෙහෙවින් වැඩියි,

ඒ නිසා මේකත් ලන්කාවෙ කර මත කඩා වැටෙන්න බැරි නෑ.

Thursday, January 9, 2020

ඔටුවන් දස දහසක් මරා දැමීම හෙවත් ගෘහාශ්‍රයෙන් පළා ගිය ඔස්ට්‍රෙලියානු සතුන්ගේ කතාව

ඔස්ට්‍රෙලියාවෙ තමා ලෝකෙ ලොකුම ඔටු ගහණය ඉන්නෙ. වනසතුන් ලෙස සැලකෙන ඔටුවන් සාමාන්‍යයෙන්  කිසියම්  රටක ඉන්නෙ දාහක් දෙදාහක් වගේ. ගෝබි කාන්තාරෙ තමා ප්‍රධාන වශයෙන්. වෙන බොහෝ රටවල ඔටුවො කියන්නෙ මිනිසා පාලනය කරන ෆාම් ඇනිමල් කෙනෙක්.

ඒත් ඔස්ට්‍රෙලියාවෙ මිනිස් පාලනයක නොඉන්න ඔටුවන් ලක්ශ දොලහක් ඉන්නව.

ඇෆ්ඝනිස්තානය  ඉන්දියාව වගෙ පැතිවලින් ඔස්ට්‍රෙලියාවට  ඔටුවන් ගේන්නෙ  රටේ තියෙන කාන්තාර  හරහා  භාණ්ඩ  ප්‍රවාහනයට.  අශ්වයින්ට  ඔස්ට්‍රෙලියාව හරහා දිගු දුර යන්න බෑ.  මැද්දෙ  කාන්තාරෙ  නිසා.  විශේශයෙන්ම  ඇඩිලේඩ්  සිට  උතුරට  බිහිවන රත්‍රන් පතල්  ජනපද  වලට  ද්‍රව්‍ය   සපයන්නෙ මේ  ඔටුවන්  සහ ඔවුන් සමග ආ  ඇෆ්ඝන්  ජාතිකයන්. පසුව  ඔස්ට්‍රෙලියාවෙ  උතුර  දකුණ  යා  කරමින්  දුම්‍ රියක් පටන් ගන්නව,  ඒකට  නම දාන්නෙ  දි  ඇෆ්ඝන්  එක්ස්ප්‍රස්  කියල, ඒ  ඇෆ්ඝන් මිනිසුන් හා  ඔටුවන් සිහි වන්න. පස්සෙ කෝච්චියෙ  නම  කොට  කරනවා  ද ඝන්  කියල.  දැනටත්  දුවන ප්‍රධාන සහ ලෝක  ප්‍රකට  දුම්රියක්  නම් කර  තියෙන්නෙ  ඇෆ්ඝන් ඔටුවන් සහ මිනිසුන් නමින්. ඔය කෝච්චි  පාර හදන්නත් භාණඩ  ගෙන ගියේ  ඔටුවොම තමා.  එක්දාස් නවසිය ගණන් මුල  ඒ දහස්  ගාණක  ඔටු රැළ  කාන්තාරෙට මුදා හරිනවා.

උන් ස්වදේශික සතෙක් හෝ වන සතෙක් නෙවි. ෆෙරල් හෙවත් මිනිස් පාලනයෙන් පළාගිය සතුන් ලෙස සැලකෙන්නෙ. ඒ නිසාම උන් ජෛව පද්ධති වලට හානිකර ආක්‍රමණික සතෙක් ලෙස සැලකෙනවා. ඔස්ට්‍රෙලියාවෙ ඉන්න ලොකුම සතා නිසා ඌට අනතුරක් කළ හැකි වෙනත් සතුන් නෑ. ඒ නිසා මුන් වේගෙන් බෝවෙනවා. වසරකට 10% පමණ වේගයකින්. වසර  නවයකට  වරක්  ගහණය  දෙගුණ  වෙනවා  කියනවා.

ලක්ශ දොලහක් !!! ස්වදේශිකයෙක් වන කොආලා ඉන්නෙ ලක්ශ තුනක් පමණ.
ඔටුවන් බෝවීම නිසා වෙනත් සතුන් රාශියකට නිජබිම් අහිමිවීමේ අර්බුදයකට මුහුණ දෙන්න වෙනවා. ඔස්ට්‍රෙලියානු භුමිය වසර එකසිය පනහකදි විතර මේ තරම් තඩි සතුන් මේ තරම් ගොඩක් නඩත්තු කරන්න පරිණාමය වෙලා නෑ. මේක හරියටම මිනිසුන් වසර 45000 කට පෙර ආවා වගේම, එහෙමත් නැත්නම් ආසියානු වල් බල්ලා වසර 4000 පමණ පෙර මිනිසුන් ගෙනාවා වගේම [ඩින්ගෝ කියන්නෙ ඌට] ශොක් ඉෆෙක්ට් එකක්. පාරිසරික අර්බුදයක්.

ඩින්ගෝ කතාව කිව්වොත් වැඩේ තේරෙයි. ඩින්ගෝ වගෙ සතෙකුට මුහුණ දෙන්න ලෝකල් සතුන් හැඩ ගැහිලා නෑ. ලෝකල් සතුන් ට තියෙන ස්වාභාවික ආරක්ශණ විධි ඩින්ගෝ අතින් නිකම්ම ගැලවෙනවා. එකිඩ්නා වැනි සතුන් අඩු වන්න ඩින්ගෝ ප්‍රධාන හේතුවක්.

ඔටුවා විලෝපිතයෙක් නොවේ. ඒත් කාන්තාර පරිසරයෙ ස්වදේශික සතුන්ට වඩා හොදින් ඔටුවා සර්වයිව් වෙනවා. කාන්තාර ව්‍යාප්තිය වෙන්නෙ පහුගිය වසර 50000 පරාසයේ නිසා දේශිය සතුන්ගේ කාන්තාර වලට හැඩ ගැහීම දුර්වලයි. ඒත් ඔටුව අවු මිලියන පහ හයක් මේ වගෙ පරිසරයකටම හැඩ ගැහුන සතෙක්. ඔටුවා ප්‍රශ්නයක් වන්නෙ මිනිසාට පමණක් නෙවි ඔස්ට්‍රෙලියාවෙ සෙසු සතුන්ටත්. එකිනෙකා අතර තරගයෙන් ඔටුව දිනනව. ඒ නිසා ඔටුවන් පාලනය කිරීම ටෙක්නිකලි අයිති වන්නෙ ජෛව පද්ධති රැක ගැනීම වන සත්ව සන්‍රක්ශණය වගෙ මාතෘකාවකට. ඒකෙන් වෙන්නෙ බොහෝ ලෝකල් සතුන් සුරක්ශිත වීම.

එසේම පරිසරය සහ මිනිසා වෙන්ව දකිනා පින්තුරය නිසා මිනිස් ක්‍රියාකාරකමක් සේ සැලකෙන ඔටු ගහණය සෙසු පරිසරයට කරන බලපෑම අවම කරන්න ඕනෙ කියන මතයකුත් තියෙනවා.

සමාන්තර සිද්ධියක් ලෙස ලන්කාවට ආසන්නව ගැලපෙන්නෙ අලි සහ වෙනත් වන සතුන්ගෙ පාරිසරික පද්ධති අස්සට නිවැසි හරක් පට්ටි රින්ගවන එක. මේකෙන් වන සතුන් සැහෙන්න පීඩා විදිනවා. ඒත් හරක් පට්ටි මිනිසුන්ගෙ නිසාත් නීති මගින් ඒක තහනම් කල හැකි නිසාත් උන්ව ගහණ පාලනයකට ලක් කරන්න වෙන්නෙ නෑ. ලන්කාවෙ ආක්‍රමණික ශාඛ වලට නම් ගහණ පාලනය කරවනවා.

ඔටුවගෙන් මිනිසාටත් හිරිහැර වෙනවා. ඒ කාන්තාර ආශ්‍රිත මිනිසුන්ගේ ජනාවාස සහ විවිධ සන්ස්කෘතික වටිනාකම් තියෙන ස්තාන කඩා බිද දැමීමෙන්. ජලය සහ ආහාර හොයා ෆෙරල් ඔටුවන් ගම් වදින්නෙ අලි ගම් වදිනවා වගේ තමා. දරුවන් උන්ට පෑගෙන  රිස්ක්  එකකුත් තියෙනවා.  මුන් හීලෑ  ඔටුවන් නොවේ.

මිනිස්සු මේකට පාලනයක් ලෙස ඔටු මස් හා ඔටු කිරි බිස්නස් පටන් ගත්ත. ගොවිපොල හැදුව. ඒත් ගහණ වර්ධනය ට සමගාමිව ඒවා නතින්. ඊට පස්සෙ රජය විවි සහ වන සත්ව ඒජන්සි රාශියක් එක්ව 2009  සිට ඔටුවන් ලක්ශ ගාණක් මරා දැම්ම. කොම හරි 2013 වෙද්දි ගහණ පාලනය කර ගත්ත. ඒත් දශකයකට අඩු කාලෙකින් ඔටු ගහණය දෙගුණ වෙනව.

සමහරු  යෝජනා  කරනවා  දැක්ක  ඔටුවන්  අපරාදේ මරනව  අඩුම  ගානෙ  උන්ගෙ  මස්  වලින්වත් මොකවත්  කරන්න පුළුවන් නේද කියල.  ඒත්  මේ  ඔටුවන්  සත්ව පාලන සම්මුති  යටතේ  හදාපු  උන් නෙවි.  සාමාන්‍යයෙන්  වනගත  සතුන් මරා  මස්  කෑම  සෞඛ්‍ය  අතින්  නුසුදුසු  කියා  තමයි  සම්මුතිය  තියෙන්නෙ.  පෙර කී ඔටු  බිස්නස්  වල  ඔටුවන්  කුඩාකළ  සිට  මිනිසුන්  ආශ්‍රයේ  පාලිත  තත්ව  යටතේ හැදෙන්නෙ. අනික  මේ  කාන්තාරෙ  ඉන්න ඔටුවන් මිනිස්  වාසවලින් බොහෝ  දුර නිසා උන්ගෙ මළ  සිරුරු  ආපහු  ගේන්න ලොකු  වියදමක්  යනවා. උන්ව  මරන්නෙ හෙලිකොප්ටර්වලින් ගිහින්.

මෙතන  ආයෙත්  ජෛව විද්‍යාත්මක  ලෙස වැදගත්   කාරණයක් තියෙනවා. මිලියනයකට වඩා සෙට් එකක් පරිසරයෙන් දේවල් උකහා ගත්තම උන් මරල උගේ මස් වික්කොත් පරිසරයේ කොලිටිය තවත් හීන වෙනවා. උන්ගෙ මස් ආපහු ඔස්ට්‍රෙලියන් භුමියට ම එකතු වෙන්නයි ඕනෙ චක්‍රියභාවය පවතින්නෙ එහෙම. මූ ලොකු සතෙක් නිසා මුන් ගොඩක් පරිසරයෙන් ඉවතට ගත්තොත් මේ වගේ ඉතාම දුබල පරිසර පද්ධතියකට දැනෙනවා තදින්.

හිතන්න ඔටුවා  ස්වාභාවිකව  උන්න්නු  පරිසරයක  ඌට  විලෝපිතයෙක්  උන්න කියල.  එහෙමනම් ඒ විලොපිතය  ඔය  ලක්ශ  දොළහක ඔටු ගහණයෙන්  කීප දාහක් කනවනෙ  හැමදාම.  ඒ කන උන්ගෙ  දාල යන කොටස්  ඒ  පරිසරයේ  ඉන්න  අනිත් සතුන් කනවා.  ඉතින්  මේ කෘතිම  ඔටු  ගහණයට  මිනිසා  කරන්නෙ කෘතිම විලෝපිතයකුගේ  භුමිකාව. 
 ඒ මැරෙන සිරුරු ස්කැන්වෙන්ජර්ස් ලා කන එකෙන් ආහාර දාමයක් හැදෙනවා.  ඒ නිසා  මළ  සිරුරු  දාල යන එක තමා  නිවැරදි. 2009-2013 මහා  ඝාතනය කරන්නෙ සයන්ටිස්ට් ලා ගේ අනු දැනුමින් ඒ නිසා ඕකත් කල්පනා කරන්න ඇති.

මේ පාර කරන්නෙ නම් ඉතා කුඩා ගහණ පාලනයක්. 10000 කියන්නෙ නතින් සාමාන්‍ය  ගහණ  පාලනයකට සාපෙක්ශව. මේක ලෝකල් ඒරියා එකක් වනසන එකට කරන විසදුමක්. රියල් ගහණ පාලනයක් ආයෙ කෙරෙයි දීප ව්‍යාප්තව මොකද මිලියනය පනිනව කියනෙන් ලොකු කේස් එකක්. 


මේ ඔටුවන් මරා  දැමීම  නිතර වෙන එකක්.  ගමකට  හෝ කිසියම් වැදගත්  ස්තානයකට  හානි කරන  ඔටුවන් කීප  දාහක්  මරණ  එක.  ඒත්  මීට අමතරව ගහණ පාලනයට   ඔටුවන් ලක්ශ  ගාණක්  මරණ  එකනම්  කරන්නෙ සත්ව  සන්‍රක්ශණ  කටයුතු  වලට  වග  කියන  ආයතන විසින්.

ඔටුවා වන සතෙක් බවට පත්වෙන දවසක් එන්න වසර දාස් ගාණක් මිලියන ගාණක් උන් එක්ක පරිසරය වෙනස් වෙන්න ඕනෙ. එතකල් ඌ පවතින පාරිසරික රාමුවට තර්ජනයක්.

ඒත් මේක ලාන්කිකයට පට්ට කුණුහබ්බයක් වෙන බව තේරෙනවා. Feral animal culling කියන එක සින්හලට හරවගන්නවත් විදියක් දන්නෙ නෑ. ෆෙරල් සහ කලින් කියන දෙකට වචන තියේද? ඒ තරම් ආගන්තුකයි.

මෙතෙක්  දිගටම  වෙච්ච 
ඔටුවන් මරා  දැමීම මෙවර  බොහෝ  දෙනාගෙ  අවධානය දිනාගන්නෙ මාධ්‍ය  ආයතන කීපයක්  ඒක  ලැව්ගිනි  සමග  පටලා  දැමීමෙන්. ඒක  වැරදි  අවබෝධයක්.  මේ සියල්ල වෙන්නෙ බුශ්ෆයර් වෙන පළාතක නෙවි. ඔටුවො ගස් තියෙන කැලෑ වල ඉන්නෙ නෑනෙ. ඒ දෙකේ සම්බන්ධයක් නෑ.

කෝම  වුණත්  ගෘහාශ්‍රයෙන් පළා ගිය ඔස්ට්‍රෙලියානු  සතුන්  අතර  උඩින්ම  ඉන්නෙ  ඔටුවා  නොවේ.  බල්ලා  සහ  පූසා. උන් ගෙවල් වලින් පළා  යනවා  වගේම අකාරුණික  සතුන්  හදන්නන්  උන්ව  කැලේට  ගිහින් දාන එකකුත් [ලන්කාවෙ තරම් නොවුණට]  එක්තරා   දුරකට වෙනවා.   ලන්කාවෙ නම් මෙහෙම  අතාරින  සතුන් වෙනත්  සතුන්  කා  දමනවා.  ඒත් මේ කිසිම සතෙකුට  විලෝපිතයන් නෑ  මෙහෙ. ඔස්ට්‍රෙලියාවෙ  උන්නු  නියම සතුන් ස්වදේශිකයන් අතින් වද  වී  යාමෙන් පස්සෙ  මෙහෙ ඉන්නෙ අතන මෙතන ඉතුරු වෙච්ච  සත්තු. වෙන්නෙ මොකද  වනගත බලු  සහ පූස්  රන්චු වේගයෙන් බෝ  වෙනවා. බල්ලො නම් ස්වදේශිකයන් ගෙන් පළා ගිය  ඩින්ගෝ  එක්ක මුහු   වෙනවා.


ගෘහාශ්‍රයෙන් පළා ගිය  පූසන් ලක්ස  විස්සේ  සිට හැට  අතර  ප්‍රමාණයක්  වන්නන්තරේ  ඉන්නව කියනව.  මේ පූසර් ලා සත්ව විශේශ  විස්සක්  දැනට මිහිමතින්  අතුගාල දාල තියේ  කියනවා.  මේ වසරෙ පටන් ගන්න වැඩසටහනකින්  මේ පූසන් ලක්ශ  විස්සක්  මරා  දාන්න ඔස්ට්‍රෙලියාව හිතාගෙන  ඉන්නවා.  ඒත්  ඒක  නිව්ස්  හිට් වෙන්නෙ නෑ  බුශ් ෆයර් වගේ ට්‍රෙන්ඩින් කතාවකට  එල්ලන්න බැරි  නිසා.


ඕකට  අමතරව ඔස්ට්‍රෙලියාවෙ ගොවිපොල  සතුන් ලක්ශ  ගානක් හැමදාම මරා  දානවා.  ඒක  නම්  මොන නිව්ස්  එකක්ද? ලන්කාවෙත්   මරනවනෙ.


මේ  කතාව  සන්වේදී කතාවක්. පුද්ගලිකව ගත්තොත්  මට  මේ  ක්‍රියාව එක්ක  එකගතාවයක් නෑ.  ඒත්  මට  මේ ගැටලුවට විසදුමකුත් නෑ. මේ සටහනේ  අරමුණ  පවතින  තත්වය  ගැන වාර්තා  කිරීමක් පමණයි.

මේ ලියන්නෙ මාතෘකාව ගැන පවතින ලෝකල් මතය. ලෝකල්  මතය  එහි  අර්ත දැක්වීම්  සමග කන්සිස්ටන්ට්  ලෙස  ඉදිරිපත් කළ  හැකියි. මේ  ගැන  වෙනත් කන්සිස්ටන්ට්  මතවාදයක්  හෝ  සන්විධිත  දැනුමක් නෑ.  විකල්පයක්  ලෙස  තියෙන අනිත් එකම එක  මොකුත්ම නොකර  ඉන්න එක.  එය  ප්‍රශ්නවලට  විසදුමක් නොවේ.