Friday, February 10, 2023

තුර්කි භූ කම්පන දෙකේ ජීවිත හානි 20000 ඉක්මවයි


තුර්කියේ සිදු වූ විශාලත්ව ඒකක 7.8 හා 7.5 භු කම්පන දෙක හා ඒවායේ පසු කම්පන නිසා තුර්කියේ හා සිරියාවේ මරණ ගණන 20000 පනින්නෙ සුන්බුන් වැඩි හරියක් තවමත් ඉවත් නොකර තිබියදි. ඒ කියන්නෙ ඔය ඉලක්කම් තවත් එහාට යාවි කියල හිතන්න පුලුවන්.

තුර්කියේ උතුරුදිග කලාපය භූ කම්පණ වලට තරමක් හුරු වුණත් මේ කලාපය තුල මේ වගෙ හෝ ඇගට දැනෙන ලොකු එව්ව වෙන්නෙ කලාතුරකින්. අවසන් ලොකු භූ කම්පණය ඒකක 7.4 ක එකක්. වෙලා තියෙන්නෙ 1922. ඒ නිසා ෆෝල්ට් ලයින් එකක් වුණත් මිනිස්සු ලොකු භූ කම්පනයක් බලාපොරොත්තු නොවී සිටීම සාධාරණයි. හැබැයි දැනට තේරෙන තාලෙට 1922 සිට දිගු කාලයක් ලිස්සීමකින් තොරව භූ තැටි ලොක් වෙලා තිබිල තියෙන්නෙ.

අපි දන්න කාලෙක එතන භූ කම්පන වෙලා නෑ කිව්වාම පැති දෙකක් තියෙනව. එක්කො භූ පැල්ම නිශ්ක්‍රීයයි, නෙවිනම් ලොක්වෙලා ශක්තිය එකතු කරමින් ඉන්නෙ. දෙවෙනි කේස් එකනම් එකතුවන ශක්තිය නිසා එක පාරට ලොකු කම්පණයක් තමා වෙන්නෙ. තුර්කියෙ වුණේ ඒක.

තුර්කිය අයත් ඇනටෝලියානු භූ තැටිය වඩාත් විශාල භූ තැටි දෙකක් අතර කුඤ්ඤයක් වගෙ හිරවෙලා තියෙන්නෙ ගිණිකොණ දිහාවෙන් අරාබි තැටියත් උතුරු දිහාවෙන් යුරේසියානු තැටියත් තල්ලු කරන කොට ඇනටෝලියානු තැටියට යන්න තියෙන්න බටහිරට පමණයි. එතකොට ඒක අනිත් තැටි දෙකට උඩින් හෝ යටින් නොයා ඒවයෙ දිගේ ඇතිල්ලී බටහිරට ලිස්සා යනවා. මෙහෙම තිරස්ව වන ඇතිල්ලී යාමක් ස්ට්‍රයික් ස්ලිප් භූ පැල්මක් කියල හදුන්වනවා. ස්ට්‍රයික් ස්ලිප් භූ කම්පණයක් භුමිය උඩට හෝ යටට තල්ලු නොකරන නිසා සාපේක්ශව අඩු හානියක් වෙන්නයි ඕනෙ. මේ  තියෙන්නෙ පැත්තට ලිස්සන  ස්ට්‍රයික් ස්ලිප් කම්පණයේ ප්‍රතිපල තුර්කියෙන්. උඩ පහල ගිහින් නෑ.



ඒත් මේ කම්පණ දෙකෙන් වඩාත් ලොකු හානියක් වෙලා තියෙනවා.

ඊට එක හේතුවක් තමා පළමුවන එක වෙන්නෙ කරුමම වෙලාවක. පාන්දර 4.17. මිනිස්සු ඔක්කොම ගෙවල් වල. මිනිස්සු ඔක්කොම නිදි. ඒ මදිවට සෙල්සියස් 0 ට අඩු හිම වැටෙන රාත්‍රියක.

අනික ජනාකීර්ණ නාගරික පෙදෙසක්. කලකට පෙර සිරියාවෙ සෙකුලර් ඒකාධිපතියා පරදන්න ඇමරිකන් සහයෙන් ගහපු කැරැල්ලට සහය දෙන්න ඉස්ලාම් අන්තවාදින් රැගෙන ගිය, ඊට පස්සෙ ඔවුන් අයිසිස් වෙලා තෙල් සම්පත අල්ල ගත්තම ඒ තෙල් හොරපාරෙන් දැක්කුව සහ අන්තිමට කුර්දි හමුදා විසින් සිරියාවේ කොටසක බලය තහවුරු කරගත්තම ඊට එරෙහිව තුර්කි හමුදා එව්ව ප්‍රදේශයත් ඕක. මේ නිසා බෝඩරේ දෙපැත්තෙම විශාල සරණාගාතයින් හෝ දිලිඳු මිනිසුන් ඉන්න ඇති.

හැබැයි මේ ඔක්කොටම වඩා හැමෝගෙම චෝදනා යොමු වන්නෙ ගොඩනැගිලි නිර්මාණය ගැන. 1999 භූ කම්පනයකට (උතුරු තුර්කියෙ) පසු රජය හොඩනැගිලි වල කොලිටිය භූ කම්පන වලට ගැලපෙන්න හදන්න අවශය් යාමන නීති ගේනවා. ඒත් ඒව ඉදිකරන්නන් ගණන් ගෙන නෑ. කොටිම්ම නව රෙගුලාසි යටතෙ හැදුව කියල ඇඩ්වටයිස් කර වික්ක එව්වත් කඩා වැටිලා. සාමාන්‍යයෙන් භූ කම්පණ වලට ගැලපෙන්න හැදුවනම් මේ විශාලත්ව වල කම්පනයකින් බිල්ඩිම පිටින් බිමට වැටෙන්න බෑ. මෑතක ලොකු කම්පනයක් නොවුන නිසා ඔවුන් අටවල දීල හරියට හැදුව කියන්න ඇත්තෙ බොරුවට.

මේ සමගම අපිට අවධානය දෙන්න වෙනවා ලංකාව ගැනත්. ලංකාවෙ කොලිටි සහ නියාමන ගැන අපිට අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ. අනික අනාරක්ශිත ස්තාන වල අටවාගෙන ඉන්න ගෙවල් කොපමණ ලන්කාවෙ තියේද? තට්ටු නිවාස? ආණ්ඩුවෙන් හදාපුව එහෙම?

ලංකාවෙ භු කම්පන ඇතිවෙන්නෙ නෑ ම කියන්න බෑ. මං කිව්වෙ ඔය අද බුත්තල වැල්ලවායෙ වුණා කීයන ඒකක 3.0 ක කුඩා එකම නෙවි. ඒත් ඒකක 5 6 විතර ලොකු එකක් වෙන්න පුලුවන්. මීට හේතුව ඉන්දියානු භූ තැටිය හිමාලයේ බරත් එකක් හිරවීමෙන් තැටිය මැද තැන්වලින් ඒ පීඩනය පිටවීම. ඔස්ට්‍රේලියාවේ ප්‍රකට නිව් කාසල් 5.9 භූ කම්පණය සහ මෑතදී මෙල්බන් වල ඇති වූ 5.6 ක කම්පනය මෙවැනි තැටි මැද කම්පණ වලට උදාහරණ. මේවා අතිශයින් භයානක නෑ. ඒත් බාල ගොඩනැගිලි නිසා ලංකාවට ලොකු අනතුරක් වෙන්න පුලුවන්, ඉරානයෙ මැටිගෙවල් තියෙන ගම්බද, පලාතක වෙච්ච ඒකක 4.0 5.0 වගෙ ගණන් එව්වයිනුත් ජීවිත කීපයක් අහිමි වෙලා තියෙනව ගෙවල් කඩා වැටීමෙන්.

ලංකාවට දකුණින් හැදිල ඉවර වෙන්න ආසන්නයෙ තියෙන ඉන්දු-ඔස්ට්‍රෙලියන් තැටි වෙන් කරන බෙදුමත් ස්ට්‍රයික් ස්ලිප් පැලුම් රශියක් ඇති කරල තියෙන්නෙ. එහි සුමාත්‍රා පැත්තෙ කෙලවරේ ඒකක 8.0 ට වැඩි කම්පණයක් වුණා 2012. ඒකෙන් ලන්කාවට දැනෙන භූ කම්පණයක් තවම වෙලා නෑ තමා. ඒත් "අපි දන්න කාලෙක එතන භූ කම්පන වෙලා නෑ" කියන්නෙ ආරක්ශිත කතාවක්ම නෙවි නේ.