Thursday, July 15, 2021

ඇෆ්ඝනිස්තානයේ පනස් වසරක්

අලිය  කාමරේට  ඇවිත් තරමක් කල්,  ඒත් ඒක හදිසියේ  ලියනෙක  අපේ  ජොබ් එක නොවේ,  අපි වාර්තාකාරයින් නෙවිනෙ.  ඒ නිසා අලිය එන්නෙ මොකාටද කියල බලල, මූ කැලෙන්ද  ආවෙ, නෙවිනම් කොටන් ඇද්ද ද පෙරහරේ  යන්න ද හදන්නෙ  ඒව  ගැලපුනා ම  තමා  අපෙ  ඔපිනියන් එක  එකතු කරන්න ඕනෙ තේකක්  ඒම බොන ගමන්.

ඒනම් මේ  අලිය ගැන එනම් තලිබාන් ගැන;

ඇෆ්ඝන්  කතන්දරේ ගැන කියද්දි  මැත  අවු  පනහම මිස කෑලි  අහුලල  කතාවෙන්න බෑ.  පනහම  එක  "සිද්දි  දාමයක්". ඒ  සදහා  අඩුම මිනිසුන් පිරිසකගේ  නම්  සමග ඉතාම කෙටි ඉතිහාස කතාව  අදින්න වෙනවා. මේ  කතාවෙදි අපි ඇෆ්ඝනිස්තානෙ මූලික  ලක්ශණ තුනක්  අතිශයින්  වැදගත් කියා හිතනව.

1. ආවේණික ප්‍රධාන ජාතියක් කියල  එකක් නෑ. සශ්තූන්  හෙවත් පතාන් වරුන් ඉන්නව බාගෙකට මදක් අඩුවෙන්න. තජික් වරුන් ඉන්නව  ඊට  පොඩි  ගානකින් වෙනස්ව. පතාන්  ලා  පාකිස්තානෙ තමා  වැඩියෙන් ඉන්නෙ.  ලෝක පතාන් ජනගහනය ඉතාලිය විතර සයිස්. උන් ඉන්නෙ බෝඩරේ කියල කියන එක  හරහට දෙපැත්තට. ඒ හරියෙ  බෝඩර් එකක් හරියට මේන්ටේන් වෙන්නෙවත් නෑ. සමහර පතාන් වරිග සබා  බෝඩර් හරහට පවා  තියෙනව. මේකෙන් පකිස්තානය  සහ ඇෆ්ඝනිස්තානය අතර වෙන් කළ නොහැකි  සම්බන්දයකටත්  වඩා පැටලිල්ලක් හැදෙනවා. තජික් ලා නම් ඇෆ්ඝනිස්තානයෙ ඉන්නව  තජිකිස්තානෙටත් වඩා. ඒකත්  තරමක් දියාරු බෝඩරයක්. මේ දෙකට  අමතරව අපිට වැදගත් වන තුන්වන සුලු ජාතිය  ඇෆ්ඝනිස්තානෙටම ආවේණික ඉරාන  සම්භවය සහිත හසාරා වරුන්. 10%  පමණ වන හසාරා  වරුන් ඉන්නෙ රටේ  මැද්දෙ  තියෙන  හින්දුකුශ් කදු වල. ඉතිරි  ඔක්කොම වගෙ  සුන්නි වෙන  වෙලවෙ හසාරා  වරුන් ශියා වීම නිසා නිරන්තරයෙන් පීඩාවට පත්වෙන  පාර්ශ්වයක්.

2. ගම් නගර බෙදුම.  ඇෆ්ඝනිස්තානෙ කියන්නෙ ආසියාවෙ ග්‍රාමියම  රටක්.  නාගරික ජනගහන % හොදටම අඩු ලන්කාව නේපාලය වගේ  කීපයකට වඩා පමණයි  වැඩි,  ඒත් වැදගත්  ම දේනම් නාගරික  ජනගහනයේ  සමාජ ජීවිතය  ග්‍රාමිය අයගෙන් බොහෝ  දුරස්. මෙන්න මේ ගැටලුව පහුගිය වසර පනහෙම  වදදෙන එකක්. බොහෝ  දේශපාලන සන්කල්ප කෙතරම් හදුන්වා  දුන්නත් නගරය සහ  ගම අතර තියෙන පවුරෙන් ගම පැත්තට කවදාවත් පනින්නෙ නෑ.

3. බල  අරගල. වෙනත් ලෝකෙ බොහෝ රටවලට වඩා  පර්සනලිටි කල්ට් හදාගන්න ඇෆ්ඝන් වරුන් පෙළබෙනවා.  ඒ  අනුව  කිසියම් පාර්ශ්වයක් බලය ගත්තත් ඒ මොහොතම ආයෙ දෙකට කැඩිලා  බලයට කුලල් කා ගන්න එක  සුලබ ලක්ශණයක්. බොහෝ  පක්ශ  සහ මිලිශියා  වල නමේ ම ලොක්කගෙ නමත් සදහන් වෙනව.

ඇෆ්ඝන් මිනිස්සු සන්තෝසෙන් පාඩුවෙ  අන්තිමට උන්නෙ මීට අවු  50 කට පමණ ඉස්සර රාජාන්ඩුව කාලෙ. රාජාන්ඩුවක් කිව්වට ඒක තරමක් ඉදිරිගාමියි. මහජනයාගෙන් තෝරන නියෝජනයක් එක්ක බලය බෙදාගන්න ව්‍ය්වස්තාවක් එහෙම හදල  තියෙන්නෙ.  ආගමික අන්තවාදයට  ඉඩ දුන්නු රාජාන්ඩුවකුත් නෙවි.  එවකට තිබ්බ  බටහිර  සහ සෝවියට් ජීවන රටාවන් නිදහසේ  රට තුලට එනවා.

පළවෙනි පෙරළිය එන්නෙ ඩාවුඩ් ඛාන් ගෙන්.  රජපවුලෙම  කෙනෙක් වන ඩාවුඩ්  තරමක්  දුරට සෝවියට් කොමිනිස්ට්  සිස්ටම් එකෙන් ආභාශය ලද්දෙක්,  රජා රටෙන් ගිය වෙලාවක් බලල  ඔහු රාජාන්ඩුව  විසුරුවා  හැරල තමන් යටතේ ජනරජයක් හදනවා 1973 දි. මේ  ජනරජයේ පෙරතිබ්බ සුලු මට්ටමේ මහජන නියෝජනයත් ඉවත් කරල සමාජවාදයට නැඹුරු ඒකාධිපති ක්‍රමේකට යොමුවන්නෙ. මේ නිස ඔහු ඇමරිකවට තර්ජනයක් වෙනවා. ඔහුගෙ ආශාවක් තියෙනව පශ්තුන් සියලුදෙනා එකතුකර පශ්තුන්ස්තාන් රාජ්‍යයක් හදන්න.  ඒ කිව්වෙ වැඩි හරියක්පාකිස්තානයෙ  කැලිත් එක්ක.  ඔන්න ඔය නිසා ඩාවුඩ් ළදරු පාකිස්තාන දේශයටත් තර්ජනයක් වෙනවා.  ඔහුට  තදින්ම උදව් වන්නෙ ඇෆ්ඝන් හමුදාව සහ එහි කොමිනිස්ට්  කාරයින්, නමුත් පෙර කී  දෙවෙනි හේතුව නිසා ඩාවුඩ් ගෙ ජනරජ  සහ පශ්තුනිස්තාන් දර්ශනය නාගරික පරිසරෙන් ගමට යන්නෙ නෑ.  කෝම  හරි  අලිභුතෝගෙ ඝාතනය එක්ක  සියාවුල් හක්  බලයට   ඇවිත්  පාකිස්තානය සහ ඇමරිකාව  සහෝදර ප්‍රේමෙන් බැදෙන වෙලාවෙ ඩාවුඩ් ඛාන් තමා මුලින්ම අෆ්ඝනිස්තානෙට ජාත්‍යන්තරව ගේමක් කෝල් කර ගන්නෙ. අපි ඒකට පස්සෙ එමු

ඒත් ඩාවුඩ්  ට ගොඩ කලක් ඉන්න  වෙන්නෙ නෑ.  ඔහුගෙ  දේශපාලනය හිතු තරම් මාක්ස්වාදි නොවන නිසාත් ඔහු  ක්‍රමයෙන් තමන්ට  තර්ජනයක් වන රැඩිකල් වාමාන්ශිකයන් ඝාතනය කරන්න ගත්ත නිසාත් එහෙම  ඝාතනයක්  පසුබිම් කරගෙන සවූර් විප්ලවය හෙවත් මාක්ස්වාදි නැගිටීම පටන්ගන්නව 1978. මේකත් නාගරික විප්ලවයක්. මාක්ස්වාදින් සහ  හමුදාව එකට එකතුකරාම ඩාවුඩ් නොදැනම හමුදාව තුලට රඩිකල් මාක්ස්වාදය රින්ගනව. මේ අතර සුවිශේශි පුද්ගලයා  හෆිසුල්ලා  අමීන්.  බොහො දෙනෙකුට  අනුව ඇෆ්ඝනිස්තානෙ දීර්ඝ කාලයක් පාලනය් පව්ත්වා ගන්න ශක්තිය තිබ්බ අන්තිමයා අමීන්. අමීන් ඇමරිකාවෙ ඉගේනීම ලද මාක්ස්වාදියෙක්.  ඒත් අමීන්  මාක්ස්වාදි පක්ශයෙ ලොක්ක නෙවි.  මාක්ස්වාදිපක්ශයෙ නායකය න්‍යායාචාර්‍ය වෙද්දි  අමීන් තමයි බිමේ වැඩකාරයා  වෙන්නෙ. අමීන් ඉතාම ම්ලේච්ච දරුණු මිනිහෙක්.  කැරැල්ල මෙහෙයවන්නෙ මූලික වශයෙන් අමීන් උනත් බලයට එන්නෙ ලියොනිඩ් බ්‍රෙශ්නෙව් ගේ  ආශිර්වාදය ද ලබන ඔහුගේ ගුරා. බිමේ  වැඩ ටික  කරපු අමීන් සහ න්‍යායාචාර්‍ය ලොක්ක අතර ගැටුමක් ඇතිවන්න  යන්නෙ වසරකටත්  අඩු කාලයක්. අමීන් තමන්ගෙ පක්ශයේ සහ  රටේ  නාය්කයව ඇරෙස්ට් කරල මරා දානවා. මීට සමගාමිව අමීන් චිනයට නැඹුරු වෙන්න උත්සාහ කරනවා.  ඇමරිකාවට සම්බන්දයි ප්‍රති විප්ලව කාරයෙක් සී අයි ඒ  කාරයෙක් කියල අමීන් ගැන කේජීබී චෝදනා  තියෙනවා.  ඔන්න ඔය වෙලාවෙ මුලදි දැඩි අකමැත්තකින් ඉදල කේජීබී  උන්ගෙ පෙළඹීම මත බ්‍රෙශ්නෙව් සෝවියට් හමුදා  ඇෆ්ඝනිස්තානයට එවනවා. අමීන් උන්ව මහත් හරසරින් පිලිගත්තත්, මිලිටරි මෙහෙයුමකින් කාබුල් අල්ලන සොවියට් හමුදා 1979 දි අමීන් මරාදානවා.

මෙන්න මේක  ඇෆ්ඝන් ඉතිහාසෙ වෙච්ච ලොකුම මිස්ටේක් එකක්.

ආපහු රෝල් බැක් කරමු ඩාවුඩ් ඛාන් ගෙ කාලෙට. 73-78. මේ  කාලෙ  නාගරික සමාජය  විවිධ  දේශපාලන සන්කල්ප  එක්ක  ඩීල්  කරද්දි  ඒලියනේට් වන ග්‍රාමිය සහ  ඇතැම් නාගරික කොටස් නැඹුරු වන්නෙ  ඉස්ලාමික අන්තවාදයට. ඒ බොහෝ දෙනෙකුට  ඇෆ්ඝනිස්තානෙ ඉන්න  අවකාශ  නැති නිසා  පාකිස්තානයට පැනල යනව.  ඔවුන්ට  ආරක්ශාව පුහුණුව  සහ සල්ලි දෙන්න පශ්තුනිස්තාන තර්ජනයට ලක්වන පාකිස්තාන රජය හමුදාව සහ අයි එස් අයි  ඔත්තු සේවය සැදි පැහැදි බලා ඉන්නව.  ඒක පිටිපස්සෙ සෝවියට් බලයට එරෙහි  ඇමරිකාවත් ඉන්නව. ඒ දෙකටම අමතරව 1979  ට පස්සෙ මක්කමේ කැරැල්ලෙන් පස්සෙ වහාබි අන්තවාදෙට යන සවුදි අරාබිය  සල්ලි සමග  වහාබිවාදයත්  එවනව. 

අපිට දැන් මුණ ගැහෙනව ගුලබුද්දින් හෙක්මටියාර්. මේ කතාවෙ  ඉන්න  ම්ලේච්චම  මනුස්සය වෙන්න පුලුවන්,  හෙක්මටියාර් ඉන්ජිනේරුවෙක් වෙන්න කැම්පස්  ගිය  එවකට මාක්ස්වාදි  පශ්තුන්  තරුණයෙක්.  ඒත්  පසුව ආගමික අන්තවාදියෙක් වන ඔහු  විශ්ව විද්‍යාල කාලෙම බරපතල ක්‍රියාකාරියෙක් සහ (ආගමික)  දර්ශනය ගැන ලේඛකයෙක් පවා වෙනව. ඒ වගේම විවි උන්න තරුණියන්ට  ඇසිඩ් ගහපු කතා  තියෙනව ඒව හරියටම ඔප්පු වී නෑ.  ඒත් ඒව නතින්. ඩාවුඩ් ඛාන් ගෙ කාලෙ  පාකිස්තානයට පලායන හෙක්මටියාර් තමා  එහි  නිර්මානය  වන පාක්සිතාන සවුදි ඇමරිකන් සහ බටහිර කදවුර විසින් තෝරාගන්නෙ  තම  නියෝජිතයා  වශයෙන්. අනාත කදවුරු ඇතුලෙ  හෙක්මටියාර් වෙනම පාලනයක් ගෙනගිය  බව  කියවෙනවා. ඔහුට  අයිති පොලීසියක් සහ හිරගෙයක් පවා  ඒව තුල තිබ්බ කියනව.  හෙක්මටියාර් මාගරට් තැචර් වගේ  අය මුන ගැහිල තියෙනව.  ඇමරිකාවෙන් සහ සවුදියෙන් වැඩියෙන්ම මුදල් ඒ කිව්වෙ ඩොලර් මිලියන ගානට කඩාගන්නව. බොහෝ දෙනා  දන්න ඔසාමා බින් ලේඩන් කියන්නෙ ඔහු හා  සමගාමිව සටන් කල  වොලන්ටියර්  කෙනෙක්. හෙක්මටියාර් තමා  වැදගත්ම පාර්ශ්ව කාරය. තලිබාන් බලයෙ ඉන්න කාලෙ පවා  හෙක්මටියාර් තමා වැඩිම තර්ජනයක් ලෙස බොහො දෙනා දකින්නෙ. තරමක් අනාගතේට පැන්නොත් තලිබන කාලෙ ඉරානෙට පනින හෙක්මටියාර් ඇමරිකන් ආක්‍රමණ එක්ක රටින් පිට  ඉදන් සටන් මෙහෙයවනව, තලිබාන් සහ අල් කයීඩා  පැත්තෙ  ඉදිමින්.  තලිබාන් විනාස කරාම 2008 දි  ඔහු තනියෙන් කැරැල්ලක් ගහනව ඇමරිකාවට. බින්ලේඩන් ට බෝම්බ දාද්දි  ඔහුව මුදාගෙන ගෙන ගියා කියන්නෙ හෙක්මටියාර් ගෙ කට්ටිය.  හෙක්මටියාර් ගෙ බලය මේ මෑතක්  වෙනකම්ම තියෙනව. අවසානෙ වත්මන් ජනාදිපති ඇශ්රෆ් ඝානි එක්ක  2016 සාම ගිවිසුමක් ගහල ඒ  හරහ තමන්ගෙ සියලු යුද  අපරාධ වලටත් ලෝකෙන්ම සමාව අරගෙන ඊ  ගාව ජනාධිපතිවරණෙත් ඉල්ලල තාමත්  බෙල්ලට උඩින් ඔලුව නිරුපද්‍රිතව තියාගෙන ඉන්න ඇෆ්ඝනිස්තානෙ අල්ටිමට් මස් වැද්දා  සමත් වෙනවා.  අපි ආයෙ එයා ගැන හෙටානිද්දම කතා කරයි.

ආපහු 1979 ට ආවොත් සෝවියට් උන් රූකඩ ආණ්ඩුවක් හදනව.  මෙතෙක් ගෞරවණීය ව උන්නු බ්‍රිතාන්‍ය සහ රුසියානු අධිරාජ්‍ය දෙකටම පහර දුන්නු රණකාමි ඇෆ්ඝන් හමුදාවෙ කොදු නාරටි කඩනව. මෙතනින් එහාට ඇෆ්ඝන් හමුදාව කියා යමක් කතාවට  ගැනෙන්නෙ නෑ  එහෙම සලකන්න පුලුවන් පවර් එන්ටිටි එකක් නෑ. සෝවියට් ආක්‍රමණය නිසා  වෙන ලොකුම හානිය නම් මෙතෙක්  ඉස්ලාම් අන්තවාදෙ පමනක් වාසියට තිබ්බ පාක්සිතානෙ උන්නු කැරලි කන්ඩායම් වලට දේශප්‍රේමය  තව  මාතෲකාවක් වීම.  මුජහිදීන් සටන්කාමින් ලෙස  ඇමරිකන් සවුදි  පකිස්තාන් තල්ලුවෙන් ඔවුන් සෝවියට් වරුන්ට එරෙහිව සටන් කරනව. 1988 දි  ගොර්බශොව් හමුදා  ආපහු ගෙන්වනවා.  බොහො දෙනෙක් කිව්වට ඒ පැරදිලා  නෙවි.  ඇෆ්ඝනිස්තානය සෝවියට් උන් පැරදවූ බව වැරදි කතාවක්.  ඒක  උන්ගෙ මිස්ටේක් එකක්.  බ්‍රෙශ්නෙව් පවා මුලින් අකමැති වෙච්ච.  ගොර්බශොව් සම්පුර්නයෙන්ම අකමැත්තෙන් උන්නු එකක්.  ඒකයි උන්ව ගෙන්වන්නෙ. 

සොවියට් හමුදා  ගිහින් වසර කීපෙකින්  පපට් ආණ්ඩුව පරදා  මුජහිදින් ඇෆ්ඝනිස්තානය අල්ලනව ඒ 1992 දි. ඒත්  බලය අල්ල ගත්ත ගමන් හෙක්මටියාර් සහ සෙසු  මුජහිදින් කණ්ඩායම් අතර ගැටුම් අතිවෙනව. මීට එක හේතුවක් වෙන්නෙ හෙක්මටියාර් ගෙ ආගමික අන්තවාදය සමහර අනෙක්  මුජහිදින් ලා  පිලි නොගැනීම. තමන් ම අගමැතිකම දරාපු කාබුල්  නගරයට  රොකට් ප්‍රහාර එල්ල කරන්න හෙක්මටියාර් පෙළඹෙනවා.  කාබුල් වල  සිවිලියන් මරණ  50000 ට වඩා  වුනා කියනව ඔහුගෙන් එල්ල  වූ ප්‍රහාරයෙන්.  මෙතැන්සිට ගෙවෙන වසර හතර තමා  ඇෆ්ඝන් ඉතිහාසෙ  අදුරුම කාලෙ,  කල්ලි පාර්ශ්වයන් කීපෙකට කැඩෙන මුජහිදින්ල  සිවිලියන්ස් ලා  ගානකට නොගෙන  මාරාන්තික යුද්ද්‍යක් කරනවා.  ඒකෙ මරණ සහ තුවාල යටින්  කෙල්ලො  බුරුතු පිටින් රේප් වෙනව.  අරාජ්කත්වය උපරිම.

මේ වෙනකොට  බටහිර සවුදි පාකිස්තාන කදවුර හෙක්මටියර් ව අතෑරල දාල  තියෙන්නෙ.  බටහිර  තරමක් ස්ටෙප් එකක් පස්සට  යද්දි  සවුදි පාකිස්තාන කදවුර පාකිස්තානයේ  අනාත කදවුරුවල මද්‍රසා  පාසල්  වලින්   බිහිවෙන  පශ්තුන් "ශිෂ්‍ය"  සන්විදානයක් වන තලිබාන් මත තමන්ගෙ බෙට් එක දාන්නෙ. තලිබාන්ගේ  ආගමනය එක්ක මුජහිදින් ලා ආයෙ එකතු වුනත් ඒ වෙනකොට ප්‍රමාද වැඩියි. 1996 දි තලිබාන් යුදයෙන් මුජහිදින් පරදා බලය ගන්නව. තලිබාන් ශරීයා නීතිය අකුරටම (ඔවුන්ගේ  ඉන්ටප්‍රිටේශන් එක මත) ක්‍රියාත්මක කරනව. කාන්තාවන් සම්පුර්නයෙන් මුලුගැන්වෙනව. මේක ග්‍රාමිය මට්ටමට හුරු වුනාට සැහෙන වෙස්ටනයිස් වෙච්ච  ඇෆ්ඝන් නගර වලට දරාගනන් බෑ  මේ හේතුව නිසා  බොහෝ දෙනාට  අධම දඩුවම් දෙනව අතපය කැපීම්  ඝාතන.  මේ නිසා බාහිර ලෝකයා  තලිබාන්ට  දක්වන්නෙ අපුලක්. ඒත් ඇෆ්ඝන් පැත්තෙන් ගත්තොත් තලිබාන් තමා  අරාජික  සහ ම්ලේච්ච යුද්දය නවතා  රට ස්ටේබල් කරන්නෙ. මිනිස්සු උන්ට සපෝට් කරන්නෙ ඒකයි. 1979 අමීන් ට පස්සෙ ස්ටේබල් ඇෆ්ඝනිස්තානයක් හැදෙන්නෙ තලිබාන් යටතෙ.

නමුත් උන් වැඩේ වකූර් කරගන්නව. ඒ අල් කයීඩා  එක්ක  ජාත්‍යන්තර ඉස්ලාමික අන්තවාදයට සහය දෙමින් තුර්කියේ  සිට ලන්කාව වෙනකම් කාලිෆේටය හදන්න හිතන නිසා. ඒක හැමෝම  දන්නව.  ඇමරිකාව සහ උන්ගෙ  හැම යුද්දෙටම බහින ඔස්ට්‍රෙලියා කැනඩා බ්‍රිතාන්‍ය  ආදි රටවල් ඇෆ්ඝනිස්තානෙ  අල්ලන්නෙ 2001  අග.

ඇමරිකාවත් (මෙතැන් සිට ඇමරිකාව කියන්නෙ උනුයි උන්ට කඩේ යන රටවල් ටිකයි)  ඇෆ්ඝනිස්තානෙ පරාදයි කියල බොහො දෙනා  කිව්වට ඔවුන් පරාද නෑ.  ඇමරිකාව ආවෙ අල් කයීඩා  එල්ල කල ප්‍රහාරය නිසා.  ලෝක යුද්දෙට පස්සෙ ඇමරිකන් ආක්‍රමණ වලින් එකම සාධාරණ එක. ඒ  ඉලක්කය එනම් බින් ලේඩන් මරල ඇමරිකන් ජීවිත වල ට  දඩුවම දෙනවා.  අල් කයීඩා  නායකත්වය එක පිටිම්ම වගේ  විනාස කරලා ඒක  වඩා දුබල කරනව (ඊට වඩා ලොකු දෙයක් කරන්න්න බෑ අන්තවාදි කල්ලියකට). උන්ට කඩේ ගිය තලිබාන්ගෙ නායකත්වයත් විනාස කරනවා.  හැබැයි ඊට පස්සෙ බොහො විට ඔබාමා-ක්ලින්ටන් කාලෙ ඩිලුශන්  එක නිසා වෙන්න ඕනෙ ඔවුන් ආපහු යන්නෙ නැතුව "ඇෆ්ඝනිස්තානෙට ප්‍රජාතන්ත්‍රවාදය ගේන්න" කටයුතු කරන්න යනව. අන්න ඒ ටාගට් එක ෆේල්.

ඇත්තෙන්ම ඒ අතිනුත් ඔවුන් සැහෙන වැඩ කොටසක් කරනව.  ඇමරිකන් සිග්නල් වැඩ කරන නාගරික රාමුවෙ බටහිර  ලක්ශණ සහිත සමාජ ජීවන රටාවක් හදනව.  ලෝකෙ මේන්ස්ට්‍රීම් කල්චරේ ඉපිද ලොකු මහත් වෙන  තරුණ පරපුරක් ඇෆ්ඝනිස්තානෙ හදනව. ප්‍රජාතන්ත්‍රවාදය ගේනව. රටේ  නායකත්වයෙ ඉන්නෙ මානව විද්‍යා  අන්ශයෙන් උගත්  විවි චාන්සලර් වරයෙක්. ඒත් අර මන් කිව්ව ගම නගරය අතර ගැප් එකෙන් එලියට මේ  දර්ශනය ගෙනියන්න  සෝවියට් උන්ට වගේම ඇමරිකන් උන්ටත් බැරිවෙනව. නගර  තුල  තමන්ගෙ ධර්මය පතුරද්දි  ගම්වල නොනවතින යුද්දයකින් දාස් ගණන් මිනිස්සු නොකඩවා මරදාමින් තමා උන්ට ඉන්න වෙන්නෙ. ගමේ ඇෆ්ඝන් මිනිසුන්ට මුජහිදින් සිවිල් යුද්දෙ  වගේම තමා.

ඇයි  ඇමරිකාව  යන්නෙ කියන එකට හේතු ගොඩක් තියෙනව. එකක් තමා දැන් ඇෆ්ඝනිස්තානෙ ඉන්න අන්තවාදි ම කල්ලිය තලිබාන් නෙවි අල් කයීඩත් නෙවි. අයිසිස් පවා දැන් ඇෆ්ඝනිස්තානෙ ඉන්නව.  ඇමරිකාව දකිනව මේ  කල්ලි එකිනෙකාගෙ සතුරන් බව, ඒ නිසා සතාගෙ මාලු ඌ මත්තෙම කප්පන්න පුලුවන් බව.  5000 ඉක්මවා මැරුන  ඩොලර් බිලියන හෝ  ට්‍රිලියන ගානක් වැය වුන  වසර විස්සක් හෙවත් තමන්ගෙ ඉතිහාසෙ දිගම යුද්දෙ තාමත් ඔවුන් ලබාගත් ස්තාවරත්වයක් නෑ. තව සියවසක් ගියත් ඕකට එහා  තත්වයක් ගන්නත් බෑ. අනික  යුදමය පරාජයක්  ඉවෙන්චුවලි ලැබෙන්න පුලුවන්.ඒ නිසා  තමා  ඇමරිකාව  යන්නෙ. ඊට අමතරව රුසියාව සහ චීනය කියන දෙරටම විවිධ   අවස්තා වල තලිබාන් එක්ක එකගතා වලට ආපු නිසාත් ලෝක බල අරගලයේ පාකිස්තානය  කියන යාවජීව මිත්‍රයා  චීනයට  කැඩිල  ගිය නිසාත්  ඇමරිකාවට ලෝක බල අරගලය නිසා ඇෆ්ඝනිස්තානෙ ඉන්න කිසිම හේතුවකුත් නෑ.

1979  ආපු සෝවියට් කාරය කොදු  කඩා දැම්මට පස්සෙ ඇෆ්ඝනිස්තානෙට හමුදාවක් කියල එකක් නෑ. තලිබාන් එක්ක ගැටෙන්න ඇමරිකාව හදාපු පපට් හමුදාවාට බෑ.  උන් බොහො දෙනේ එක්කො  යටත් වෙනව නෙවිනම් තලිබාන්ට එකතු වෙනව ඒ නැත්නම් පලා යනව.  ඒ  පරාජය ඉදිරියේ  ඉතුරු වෙලා ඉන්නෙ මුජහිදින් ජෙනරල් ලගෙ මිලිශියා  පමණයි. දැන් මුනුත් ඇමරිකාව හදාපු හමුදාවෙ කොටස්. මේ දක්වා තලිබාන්  එක්ක ඔලුව  කෙලින් තියාගෙන ඉන්න සමත් වී ඇත්තෙ ඔවුන් පමණයි. අන්තවාදි ක්‍රියා නොකරන බවට තමන්ට තලිබාන් පොරොන්දු වූ බව කිව්වත් එහෙම කලොත් කරන්නෙ මොකද්ද කියල ඇමරිකාව කියන්නෙ නෑ. තලිබාන් දැනටම  ශරියාව අරගෙන එන්නෙ.  පෙර සේම කාන්තාවන්ට සීමා දාල තියෙන්නෙ. තලිබාන් පොඩ්ඩක්වත් වෙනස් වූ බවක් පේන්නෙ නෑ.

කලින් වතාවෙ තලිබ්බාන්ලගෙ ම්ලේච්චම ප්‍රහාරය එල්ල වන්නෙ හසාරා  වාර්ගිකයන්ට.  හසාරා නගර වල අයිසිස් පන්නයේ  සමූලඝාතන පවා කරල තියෙනව.  හසාරා  වරුන් ඊට පස්සෙ ඇමරිකාවට උපරිමයෙන් ම  සහය දෙනවා. ඒ නිසා  මෙවර ඊටත්  වඩා ලොකු හින්සනයක් එල්ල වෙයි. හසාරා  දැන්  සන්නද්ධ  වෙමින් ඉන්නෙ ලොකු සිවිල් යුද්දයක් ඇවිලෙන බවට සාක්ශි පෙන්වමින්. ඒත් තලිබාන් වටේට ඉන්නකම් රට මැද්දෙ  ඉන්න හසාරාට කල හැකි කිසිවක් නෑ.  නොනවතින  යුද්දයක් විනා.

අසල්වාසින් ගත්තොත්; ඉරානය තලිබාන් එක්ක මිත්‍ර නෑ. ඒත් කවදාවත් පැටලෙන්න  කැමති නෑ. රුසියාව තලිබාන් එක්ක එකගතා වලට ඇවිත් ඉන්නෙ 

අයිසිස් වැනි සෙසු  අන්තවාදින්ට එරෙහිව සටන් කරන්න. ඒ වගේම රුසියාව තම හිතවතුන් සේ සලකන උතුරු බෝඩර් වන සෝවියට්  සමූහාන්ඩු  රටවල් වල ආරක්ශාවට  ඔවුන් මිලිටරි  මට්ටමේ  ක්‍රියාකාරකමකට වුනත් යනව කියල තියෙන්නෙ. තජික් ඇෆ්ඝන් බෝඩරේ  තියෙනව ලොකුම රුසියන් කදවුරක්. චීනය දැනටමත් තලිබාන් එක්ක කතබහක් පටන්ගෙන. වඛාන් තීරය හරහා  චීනයට දේශ සීමාවක් තියෙන ඇෆ්ඝනිස්තානය ස්තාවරව තියාගන්න ඔවුන්ට අවශ්‍යයි. දැනටමත් චීන ආයෝජන රාශියක් ඇෆ්ඝනිස්තානෙ තියෙනව. ඒ නිසාත් චීනයේ  හිතවතා වන පාකිස්තානය තලිබාන් පස්සෙ දිගටම ඉන්න නිසාත්  චීන  තලිබාන් එකගතාවයක් බලාපොරොත්තු වෙන්න පුලුවන්.

කලාපෙ හැම රටක්ම  වොරි වන්නෙ  ඇෆ්ඝන් මිනිස්සු ගැන නෙවි. ඉදල ගියපු  ඇමරිකා සහ හිතවත් රටවල් වුණත් ඒ ගැන  වොරියක් නෑ. කොටින්ම තමන්ට සහය දුන්නු නිසා ජීවිතතර්ජනයට ලක්ව  සීටින මිනිසුන්ට ඉක්මන් රිෆියුජි වීසාවක් දෙන්නවත් මේ රටවල් වලට බැරිවෙලා  තියෙනවා. 

ඒ ඔක්කොටම වඩා  ලොකු තර්ජනයක්  සමහාර්විට බින් ලේඩන්ටත් එහා යන තර්ජනයක්  ඇෆ්ඝනිස්තානයට තියෙනව. තලිබාන්ට සහය දෙන්න තුර්කිය  කැමත්ත පෙන්වනව.  දැනටමත් තුර්කි හමුදා  ඇමරිකන් හමුදා වෙනුවට ඇෆ්ඝනිස්තානයේ  ස්තානගත වෙනව. මේ  අයිසිස්  සන්විධානයට  විදෙස් කේඩරය සහ මුදල් පොම්ප කල, ලෝකෙ පුරා ප්‍රහාරක ඩ්‍රෝන් විකුනමින් යන ඉස්ලාමික අන්තවාදයේ  දොරටුව ළග ඉන්න තුර්කිය. මේක  ලොකුඅම් ගැටලුවක් වෙන්න පුලුවන්.

ඇෆ්ඝන් රජය සහ එහි සාම කවුන්සිලය  තාමත්  හෝප්ස් තියන් ඉන්නව, ඒත්  තලිබාන් ඒ කවින්සිලය පිලිගන්නෙවත් නෑ. පැරනි මුජහිදින් ජෙනරල්  ලගෙ  මිලිශියා තාම තැන තැන නාගරිකයන් බේරගෙන ඉන්නව. මේව වැඩිකල්  තියේ කියල  විශ්වාසයෙන් යුතුව කියන්න අමාරුයි.

ඇත්තෙනම් මෙතන කාටද ප්‍රශ්නයක් තියෙන්නෙ.  වටේ ඉන්න  රටවල් කාටවත් ලොකු ප්‍රශ්නයක් නෑ. පෙර ගොන්කම් නොකරන්නේ නම් ඇමරිකාවටත් ප්‍රශ්නයක් නෑ.  ග්‍රාමිය  ඇෆ්ඝන් ජනයාට අමීන් ගෙන් පස්සෙ ස්තාවර කාලයක් තියෙන්නෙ තලිබාන් යටතෙ  පමණයි.  මෙතන අනතුරට පාත්‍රවෙලා ඉන්නෙ මේන්ස්ට්‍රීම් ලෝකෙට අනුගත වෙච්ච ප්‍රජාතන්ත්‍රාඅදය අගයන නාගරික ඇෆ්ඝන් වරුන් සහ  හසාරා ප්‍රමුඛ  ඇතම් සුලු ජාතිකයන් පමණයි.  

ඇෆ්ඝනිස්තානයේ ස්තාවරත්වය තලිබාන් පමණයි කියන රියලිටිය  බොහෝ විට අමාරුවෙන් දරාගන්න ඔවුන්ට සිද්ද වෙන්න පුලුවන්.

රායිට් මෙතනින්  පස්සෙ මන් අවධානය   දෙන්නෙ ඇෆ්ඝනිස්තානය ගැන  ස්කයි ටීවී  එකේ  යන ඩොක්  එකකට.  ඇෆ්ඝන් අර්බුදේ  මරුසියට  හැමතැනම කතාවෙනවා නෙ. මේ තමා මන් දැක්ක  හොදම  එක.

මේකෙ ඉන්නව පැන්ශියර් හි  සින්හයා  හෙවත් අහ්මඩ් ශා  මසූඩ් ගේ පුතා  අහ්මඩ් මසූඩ්.  තජික් වාර්ගික අහ්මඩ් ශා  මසූඩ්  මුජහිදින් ජෙනරල් කෙනෙක්. සෝවියට්කාරයින්ගෙන් සහ තලිබාන් ගෙන් තමන්ගෙ පැන්ශියර් නිම්නය රැකගෙන  එහි  රෙසිස්ටන්ස්  එක  පවත්වාගත් කෙනෙක්.  හෙක්මටියාර්  අගමැති වෙලා  අන්තවාදය ගෙනාවම ඔහුව කාබුල් වලින් එලෙව්වෙ මසූඩ්.  සරළව කිව්වොත් අන්තවාදින්ට  එරෙහිව  ඇෆ්ඝනිස්තානයෙ  උන්නු  හොදම සටන්කාමියා.  ඒ නිසාම ට්වින් ටවර් එකට  ශොට් එක දෙන්න දෙදිනකට පෙර  කැමරාවක  සැගවු කුඩා  බෝම්බෙකින් කැමරමන් කෙනෙක්  ලෙස  යවාපු ත්‍රස්තවාදියෙකු  මගින් මසුඩ්ව මරාදමන්නෙ  බින් ලේඩන් ඒ  ඔහුට  තලිබාන් දුන්නු  සහයට  ප්‍රති උපකාරයක් ලෙස (තලිබාන්ට  මසූඩ්  එතරම් හිසරදයක්). අහ්මඩ් මසූඩ් පුත්‍රයා  දැන් ඉන්නෙ තාත්ත  උන්නු තැනටම ඇවිත්. ඒ පොඩි  විතර බලාපොරොත්තුවක් තියන්න  පුලුවන් එක්කෙනෙක්.

තව කෙනෙක් (මේකෙ නෑ) ඩොස්ටම්.  ඩොස්ටම් උස්බෙක් ජාතික ජෙනරල් කෙනෙක්.  ඔහු කාලයක් තලිබාන්ට රිදෙන්න ගහපු කෙනෙක්. දැන් උඅප් ජනාදිපති. ඩොස්ටම් ගෙ අවුල  නම්  දිනන පැත්ටහ් මාරුවුනොත් ඔහුත් මාරුවෙන්න ඉඩ තියෙනව.  

තව කෙනෙක් මේකෙ  ඉන්නව ඒ  හිටපු ජනාදිපති හමීඩ් කර්සායි  ඔහු කන්දහාර්වල ගෝත්‍රික සම්ප්‍රදායික  නායකයා.  ඔහු  තමා  කලින් පාරත්  කන්දහාර් මුදා ගත්තෙ.  දැනිත් ඉන්නෙ කන්දහාර් වල. කර්සායිත් සැහෙන බලයක්.

මේකෙ  කතාවෙන කීප දෙනෙකුගේම මතය නම් ඇෆ්ඝනිස්තානෙ අල්ලල  තලිබාන් සහ  අල් කයීඩා  ඉවරයක්ම කර දාන්න  ඇමරිකාවට ඇතුලු නේටෝවට ශක්‍යතාවය තිබ්බ බවත්  ඒත්  ඇමරිකාව ඇෆ්ඝනිස්තාන පාලනයෙන්  තලිබාන් එලෙව්ව ගමන් ඉරාකෙ ආක්‍රමණය  කරන්න පටන් ගෙන මුලු අවධානයම එහෙට  දුන්න නිසා ඇෆ්ඝනිස්තානය  වැඩියෙන් සෙසු නේටෝ රටවල් මත  තිබ්බ කියල. යුද්ද කර පුරුද්දක් නැති  ඒ වගේම  ඇෆ්ඝනිස්තානෙ  අල්ලන් ඉන්න ලොකුවයින් හේතුවකුත් නැති  සෙසු නේටෝ රටවල් වලට කෝමත්  ඒ යුද්දෙ ට උවමනාවක් හෝ හයියක් තිබ්බෙ නෑ කියල. එනයින් මේ  සියල්ල අනවශ්‍ය් ඉරාක ආක්‍රමණයේ ප්‍රතිපල  ලෙස  සමහරු දකිනවා.

මේ  ඩොක් එක  පුරාම  අපිට  තේරෙන දෙයක් තමා ජීවිත හාරසිය ගානක් අහිමි  සහ තවත්  තුවාල කාරයින් බරගානක් ඉන්න බ්‍රිතාන්‍යයට  ඇෆ්ඝන් ආක්‍රමණය අර්තගන්වා  ගන්න බැරි කම.  ඒ නිසාම මේ  සියල්ලක්  අපරාදෙ වගේ  හැගිමක් ඔවුන්ට  එනවා.

ඒත්  මට හිතෙන්නෙ ඩොක් එකේ කියන තරම් ඇමරිකාව පරාද නෑ.  තම ඉලක්ක සපුරාගත්ත. නේශන් බිල්ඩින් වලට උත්සාහයක් ගත්ත  ඒක  ෆේලියර් එකක් වුනත්.  ඇමරිකාව  යන්නෙ හදිසියෙ රට  හරියට බාර දීල නොවේ  කියනව.  ඒත්  ඒ කියන අය  හිතන්නෙ ඇමරිකාව සාමදූතයෙක් වගේ  යන යන තැන්වල  රටවල් ලස්සනට හදල බාරදීල යන  රටක් කියල වෙන්න ඕනෙ.  ඇෆ්ඝන් ජනතාව වෙනුවෙන් නම් ඇමරිකාව ආවෙ මේ විත්ඩ්‍රෝවල් එක  පරාජයක්  පසුබෑමක් පලායාමක්. ඒත්  ඔවුන් ආවෙ ඔවුන්ගේ උවමනා වෙනුවෙන් නම් මේක මිශන් එකම්ප්ලිශ් වන මොහොතක් සහ ඊට පස්සෙ තවත් සල්ලියි ජීවිතයි නාස්ති කරන්න්නෙ මොකටද කියල යන්න යන  ගමනක්.  මන්  ඉන්නෙ දෙවෙනි අදහසේ.

රියල්  ලූසර්ස් ලා  නම් සෙසු නේටෝ රටවල් සහ ඇමරිකාවෙ ප්‍රාණසම හිතවත් ඔස්ට්‍රෙලියාව වැනි රටවල්.  මැරිච්ච  ජීවිත තුවාල වූ මිනිසුන් සහ  කළ  වියදම් වලට මොන  කෙහෙම්මලක් ද උන්ට ලැබුණෙ?

අනික කවුද කියන්නෙ ඇමරිකාව ප්‍රොපර් හෑන්ඩ් ඕවර් එකක් කලේ නෑ  කියල.  ඇමරිකාව ඒක කලේ  2020  ම. ඒ තලිබාන් එක්ක සාකච්චා  කරල තමන් 2021 සැප් 11 ට පෙර  යනවා  කියල  එකගතාවයකට  ඒමෙන්,  අන්න ඒකයි හෑන්ඩ් ඕවර් එක. ඒ එකගතාවය තුල තියෙනව තලිබාන් ලා  අන්තවාදයට ඉඩ නොදී ඉන්න ඕනෙ කියන කොන්දේසිය.  ඒක රැකීම නම් මන් දන්නෙ නෑ  ඒත් අඩුම ගානෙ උන් ඒක තමන්ගෙ  බලාපොරොත්තුවක් ලෙස  මාධ්‍යවලට කියනව.  ඒකත් ලොකු  ජයග්‍රහණයක්.

කෝම වුනත් ග්‍රවුන්ඩ්  නිව්ස්  අනුව  තලිබාන් අල් කයීඩා  පෙරමුණට අයිසිස් එකතු වෙලාලු. මේක  පොඩ්ඩක් අභව්‍යයි  වගේ. ඒත්  ඇත්තනම් අර කිව්ව පොරොන්දුව රැකීම කෙසේ  වෙතත් ෆයර්වර්ක්ස්  බලාගන්න  පුලුවන් ලෝකෙ වටේම. මුලින්ම තලිබාන් එක්ක රටක් එකගතාවයකට ආවෙ අයිසිස් ඇෆ්ඝනිස්තානෙට ආවම. ඒ රුසියාව. මොකද තමන්ගෙ  බෝඩරෙ  තියෙන මුස්ලිම් රටවල් වලටත් අයීසිස්  බෝවුනොත් කියල  රස්සො ට්‍රයි කලා  තලිබාන් හරහා  ඒ ව්‍යාප්තිය  නවතන්න. ඇමරිකාවට එච්චර එකක් කරගන්න බැරි නිසා. අද උනුත්  තලිබාන්ට සෙට් වෙලානම් ඒක  කතාවට නව මානයක් එකතු කරනව.

මේ අතර  ඇෆ්ඝනිස්තානය  සාමකාමිව තියාගන්න තලිබාන්ට ඇමරිකන් පොරොන්දුවට එහා යන හේතුවක් තියෙනව. ඒ තමා  චීන ප්‍රොජෙක්ට්. දැන් මේ යන යුද්දෙට පවා මීඩියේට් කරන්න චීනය  ඉදිරිපත් වන්නෙ යුද්දයක් උන්ගෙ ආයෝජන වලට පාඩු නිසා.  චීන සල්ලි වලට දැනටමත් තලිබාන් කෙල හලමින්   ඉන්නෙ.  චීනය අපේ මිත්‍රයෙක් කියල  එහෙමත් කියන්නෙ. කෝමත් තලිබාන්ගෙ ස්පොන්සර් චීනෙ අතවැසියෙක් නෙ.

බොහො දෙනෙක් අහනව ඇයි  තලිබාන් මෙච්චර පවර්ෆුල් කියල. ඒකට හේතුව මේ කතාවෙ මිනිහෙක් කියනව. සාමය, ස්තාවරත්වය.  තලිබාන් ට පමණයි ඒක ගේන්න පුලුවන්. මිනිසුන්ට මූලික අයිතිවාසිකම් වලටත් වඩා  වටිනව නොකඩවා  ඇවිලෙන  සිවිල්  යුද්දයෙන් මිදෙන එක. ගියවරත්  තලිබාන් ගේ  සාර්තකත්වයේ  රහස ඒකයි. 

බලන්න

Afghanistan Endgame



July 27:

ඇෆ්ඝනිස්තානෙ මේ දවස්වල කවුරු කවුරුත් කරන්නෙ බයානක ගැම්බල්.

ඇමරිකාව යන්නෙ තලිබාන් එක්ක ගිවිසුමක් ගහල. තලිබාන් ආයෙ අන්තවාදෙට ඉඩ නොදී හොද ලමයි වගෙ ඉන්නව කියන පොරොන්දුව පිට. ගියා විතරයි උන් ආයෙ යුද්දෙ පටන් ගන්නව මේ මොහොතෙ කළින් තිබ්බ අන්තවාදෙම තමා තියෙන්නෙ අල් කයීඩත් උන් එක්ක ඉන්නව. ඉතින් ඇමරිකාව ගත්ත පොරොන්දුව ඉශ්ට නොවුනොත් මොකද කරන්නෙ. ඒකත් කතාවෙලාද යන්නෙ? එහෙම බවක් පේන්නෙ නෑ.

පාකිස්තානය ඇරෙන්න තලිබාන් එක්ක මුලින්ම ගණුදෙණු කළ රට රුසියාව. ඔවුන්ට ලෝකෙ කිසියම් පිළිගැනීමක් ලැබෙන්න ඒක තදින් බලපෑවා. අතීත සෝවියට් සමූහාණ්ඩු වන තුර්ක්මේන්ස්තානය, උස්බෙකිස්තානය, තජිකිස්තානය අවට බෝඩරේ අයිසිස් සන්විධානය සක්‍රිය වෙනකොට තලිබාන් එක්ක ඔවුන්ට එරෙහිව එකගතාවයක් හදාගන්න රුසියාව පෙළඹෙනවා. මොකද තමන්ගෙ හිතවත් ඒ රාජ්‍ය ටික වගේම රුසියාවටමත් අන්තවාදය ලොකු අවුලක්. ඊට කලින් ඇමරිකාව නේටෝ හෝ ඇෆ්ඝන් වත්මන් රජය මේ ගැන හොයන්නෙ නෑ කියල රුසියාව චෝදනා කරමින් උන්නෙ. ඒ නිසා මේ මොහොතෙ තලිබාන් ලා රටේ බලය තහවුරු කරගැනීම රුසියාව ධනාත්මක ලෙස දකින්නෙ. ඒත් ඇෆ්ඝන් ත්‍රස්ත කල්ලි අතර එකගතා සහ ප්‍රතිවිරුද්ධතා වෙනස් වෙනන් යන්නෙ සුලු කාලයයි. අනික අයිසිස් කියන්නෙ ඉස්සර අල් කයීඩ ම නෙ. දැන් ඔහොම්ම රිවස් කරල අයීසිස් උන්ට තලිබාන්ලා කවර් එක දුන්නොත් රස්සන්ට වහකන්න වෙනව. ඒ වගේම උතුරු ඇෆ්ඝනිස්තානෙ ඉන්නෙ පෙරකී සෝවියට් සමූහාන්ඩු වල ජනවර්ග. තලිබාන් පාකිස්තානෙත් ඉන්න පතාන් වරුන්. සාමාන්‍යයෙන් මේ වෙනත් වාර්ගිකයන්ට හමුදාමය බලයක් තියෙනව. උන්ගෙ පලාත් බේරන් ඉන්න සමත්. එහෙම අවස්තාවක තලිබාන්ගෙ යුද්දය පෙර කී අසල්වැසි රටවලට යන්න පුලුවන්. ඒක රුසියාවට සැහෙන ගැටලුවක්. ඒ නිසා පැත්තකින් තලිබාන්ගෙ හොද කියන ගමන් තම හිතවතුන්ගෙ බෝඩරයෙ ආරක්ශාව තර කරන්න රුසියාව කටයුතු කරමින් ඉන්නෙ.

චීනෙ මේ වෙද්දි පවතින් ඇෆ්ඝන් රජයට ෆුල් ස්පෝට්. ඒ නිසාම තමන්ගෙ බෙල්ට් ඇන්ඩ් රෝඩ් ප්‍රොජෙක්ට් එකෙන් සැහෙන සල්ලි ඇෆ්ඝනිස්තානෙට වැයකර තියෙනව. ප්‍රොජෙක්ට් තාම අතරමැද. ඉතින් චීන එස්ටිමෙට් එකෙන් තලිබාන් බලය අල්ලන්න ඉඩ තියෙන නිසා චීනය තලිබාන් සමග එකගතාවක් හදාගන්නව. දැන් වෙද්දි චීන්නු තලිබාන් රජයකට මූල්‍ය ආධාර වලට පොරොන්දු වෙලා ඉන්නෙ. තලිබාන් චීනය තම මිතුරෙක් කියා කියනව. හැබැයි තලිබාන් කියන්නෙ මිට පෙර චීනෙ සතුරෙක්. උයිගර් සටන්කාමින් තලිබාන් එක්ක උන්න, දැනුත් ඇති. ඒ උයිගර් සටන්කාමින්ගෙන් ආපු බෙදුම්වාදි කල්ලි චීනෙ සැහෙන ප්‍රහාර එල්ල කලා. ඒකට රිටර්න් ලෙස චීන්නු මුලු උයිගර් ජනගහනය ම වගෙ කෑම්ප් දාල උන්ගෙ බ්‍රේන් වොශ් කරගෙන යනව. මේ නිසා දැන් වෙද්දි තලිබාන්ලගෙ උනත් උයිගර් උන් ගැන ලොකු කැක්කුමක් තියෙන්න පුලුවන්. ඔතන අන්තවාදි රටක් හැදෙනව කියන්නෙ චීනෙ උයිගර් අර්බුදේට බලපානව. ඒ විතරක් නොවේ. පාකිස්තානයේ චීන ව්‍යාපෲතියක වැඩ කරන සේවකයින් පිරිසක් ගිය බස් එකක් පල්ලමකට පෙරලිලා බරගානක් මිය ගියා ලගදි. ඒක මිකැනිකල් ෆේලියර් එකක් කියල පකිස්තානෙ මුලින් කිව්වෙ. ඒත් චීන්නු ඉන්වෙස්ටිගේට් කරල හොයාගන්නව බස් එකේ පුපුරණද්‍රව්‍ය තිබිල පුපුරාගිහින් කියල. පාක්සිතානයත් දැන් ඒක පිලිගෙන තියෙන්නෙ. මෙක කළ කෙනෙක් නැතත් හිතන්න ඉන්න ළගම පාර්ශ්වය පකිස්තානෙ තලිබාන් (තෙහෙරාකි ඒ තලිබාන්) කල්ලිය. උඩින් චීනෙට මිතුරුකම් පෑවට යටින් ගේම කෝල් කරනවා වෙන්න පුලුවන්. චීනෙ ආයෝජිත මුදල් අහකයාම වගේම යටපත් කල අන්තවාදෙට නිකම් පෙට්‍රල් ටිකකුත් ලැබෙන්න පුලුවන්. කෝම වුනත් චීන්නු තාමත් කාබුල් ආණ්ඩුවටත් සපෝට්. රෙකමන්ඩ් කරන්නෙ කාබුල් හා තලිබාන් අතර බලය බෙදාගැනීමක්.

පාකිස්තානෙට කියල වෙනසක් නෑ උනුත් කරන්නෙ ගැම්බල් එකක්. ලාබයක් ගන්න නෙවි සහෝදර කමට. පාකිස්තානය තලිබාන් එක්ක ඉන්නෙ ආත්මීය බැදීමක. බෝඩරේ දෙපැට්තෙම පතාන් ඉන්න නිසා උන්ට වෙන් වෙන්න බෑ. උපතින්ම බද්ධ දරුවන් දෙන්නෙක් වගේ. තලිබාන් නිසා පාකිස්තානෙට කොපමණ පාඩුවක් වුණත් උන්ට විද ගන්න වෙනවා. මීට කලින් උන් ඔය ටික රිචර්ඩ් ආමිටේජ් ට කියල අපේ සම්බන්දය බෝම හිස්ටොරිකල් එකක් කිව්වම, ආමිටේජ් කිව්ව කියනවනෙ "නෝ, හිස්ට්‍රි බිගින් නව් රයිට් හිය" කියල. එහෙම තමා උන්ව තලිබාන්ගෙන් වෙන්කරල කලින් පාර ඇමරිකාව වැඩ වලට පාවිච්චි කලේ. ප්‍රහාරය සහ ඒක යට ගහපු හේතු චීනයට කන්සර්න් එකක්. චීන්නු ඔව්ව ඔහොමවත් ඕපන්හැන්ඩ්ල් කරයිද දන්නෙ නෑ. ඒත් තමන් මෙතරම් ආයෝජනය කරද්දි පකිස්තානෙ ඉන්නෙ අනිත් පැත්තෙ කියල තේරුණොත් ඉම්‍රාන් ඛාන්ට ඔලුවත් නැතිවෙන්න පුලුවන්. කෝමත් භක්තියෙන් ෆන්ඩ් කරන අනුන්ගෙ අර්බුදේ තමා පකිස්තානෙ වලපල්ලට ම ඇදදැම්මෙ.

කාබුල් රජයට නම් ඉතින් අමුතු ගැම්බල් එකක් නෑ. ඇමරිකාව පැදුරටත් නොකිය යන මොහොතෙම බෙට් එක පරාදයි. ඒත් එල්ලා මරනකම් බලා නොසිට උන් තලිබාන් ට මුලින් සාකච්චාවට කතාකරල උන් කියන එක අහන්නෙ නැති නිසා හමුදා පියවරට යන්න තීරණය කළා. දැන් රටේම ඇදිරිනිති දාල ඕල් අවුට් වෝ. කලින් පේන්න තිබ්බට වඩා උන්ට බලයත් තියේ වගෙ, අඩුම ගානෙ නාගරික ටික රැකගන්න ශක්තිය තියෙන බවක් පේන්නෙ.

හැමෝටම හිතෙන්න පුලුවන් වටේටම ගේම දීල තලිබාන් සිරාවට ගොඩ නේද කියල. එහෙම්මත් නෑ. මැයි මාසෙ වෙනකොට ගිවිසුම් අත්සන්කරල සටන් නතර කරනව කිව්ව ඇම්‍රිකාව හදිසියෙම ඊයෙ සිට නැවත ගුවන් ප්‍රහාර පටන් ගන්නව. ඒක ගැන ලොකු පැහැදිලි කිරීමක් නෑ. කාබුල් හමුදාවලට බැකින් එකක් ලෙස කියල කියන්නෙ. ඒත් ඒක කොපමන කලක් කරාවිද කොහොමද මැනේජ් කරන්නෙ ආදිය පැහැදිලි නෑ. පේන තාලෙට තලිබාන් මොකක් හෝ ඉරක් පැන්න නිසා (උන් පහුගිය ටිකේ පැන්න ඉරි වල හැටියට කෝක ද ශුවර් නෑ) ඇමරිකාව උන්ට ගුවන් ප්‍රහාර එල්ල කර බලය අඩු කරන්න වගේ හදන්නෙ. අනිත් පැත්තෙන් චිනය ඇත්තෙ අවිනිශ්චිත තත්වෙක. චීන්නු පිටරටවලට හමුදා නම් එවන්නෙ නෑ. ඒත් උන්ට තලිබාන්ලා එක්ක මල පැනල කාබුල් වලට මිලිටරි සැපයුම් දුන්නොත් තලිබාන්ට සැහෙන්න රිදෙයි. රුසියාවෙ ලොකුම කෑම්ප් එකක් තියෙන්නෙ ඇෆ්ඝන් තජික් බෝඩරේ. කෑම්ප් එක දැඩි සූදානමින් ඉන්නෙ අණක් එනකම්. තලිබාන් නායකයින් කටාරයේ සිට මේ සියලු බලවතුන්ට දුන්නු පොරොන්දු වන අන්තවාදයට ඉඩ නොදෙන අන්තවාදි කල්ලි මර්දනය කෙරෙන බිස්නස් ෆ්‍රෙන්ඩ්ලි සාමය පිරි ස්තාවර ඇෆ්ඝනිස්තානය උන්ට හදන්නත් බෑ වගෙ. දැනට යන ආකාරෙට පේන්නෙ උන්ගෙ භුමියෙ ඉන්න උන් දැනටමත් අන්තවාදෙ පටන්ගෙන, බිස්නස් වලට පහර දෙන බවට සලකුනු පෙන්වමින්, සාමයක් ස්තාවරත්වයක් කෙසේ වෙතත් බෝම දිගුකාලින සිවිල් යුද්දයකට යනව වගේ පේන්නෙ. අන්තවාදයට භුමියක් වෙලා උතුරෙ සහ නැගෙනහිර ඉන්න බලවතුන් දෙන්නගෙ අහවල් ආගම සුලබ කලාප වලට ඒක රින්ගවන්න ලොකු ඉඩකුත් තියෙනව. ඉතින් උන්ට එකෙක් හෝ සෙට් එකෙම්ම කොලිටි කෑමක් සෙට් වෙන්න සැහෙන ඉඩක් තියේ කියල හිතන්න පුලුවන්.

මේ තත්ව යටතෙ දාදු කැටේ පැති හයේම සිවිල් යුද්දයක් තමා ලියවිලා තියේ කියල පේන්නෙ. මුල්ලක් උඩට වැටුනත් සාමය උදාවෙන්න පුලුවන් ද ශුවර් නෑ. පිට පිට මුලු තුනක් විතර උඩට හිට්ටන්න වෙයි. සියලු පාර්ශ්ව කරුවන් මාරාන්තික බොහොවිට පරදින්න ඉඩ තියෙන ඔට්ටු දාමින් ඉන්නෙ.

Tuesday, July 13, 2021

කිසිත් හිමි නැති ගීතය

මම වරක් නිම නැතිව ඇසුවෙමි
ඔබ මා හා එන්නේ කවදා දෝ?
නමුත් ඔබ සැමවිටම මට සිනාසෙයි, [මට] කිසිත් හිමි නැති නිසා.

මා සොයන දේ ඔබට දෙනු රිසි
මගේ නිදහස ද ඒ සමගින්,
නමුත් ඔබ සැමවිටම මට සිනාසෙයි, [මට] කිසිත් හිමි නැති නිසා.

ඕ.... ඔබ මා හා එන්නේ කවදා දෝ?
ඕ ... ඔබ මා හා එන්නේ කවදා දෝ?

මා දෙපා යට පොලොව ඇවිදියි 
මා  වටා  දියවර ගලා යයි
නමුත් ඔබ සැමවිටම මට සිනාසෙයි, [මට] කිසිත් හිමි නැති නිසා.

ඔය හිනා නිමවන්නෙ කවදා දෝ?
නිතර මා ඔබ  සොයා  එන්නේ ඇයි දෝ?
ඒ ඔබ ඉදිරියේ දී,
 [මට] කිසිත් හිමි නැති නිසා දෝ?

ඕ.... ඔබ මා හා එන්නේ කවදා දෝ?
ඕ ... ඔබ මා හා එන්නේ කවදා දෝ?

මම ඔබට යමක් කියමි , 
මම බොහෝ කාලයක් බලා සිටිමි,
මගේ අවසාන ඉල්ලීම මම ඔබට කියමි,

මට ඔබේ දෑත් ගැනීමට ආසයි
එවිට ඔබ මා සමඟ යන්න එන්න.

දැන් ඔබේ දෑත් වෙව්ලයි,
දැන් නෙතු කඳුළු වගුරයි

සමහර විට ඔබ මට කියන්නේ,
කිසිත් නැතිමුත් 
ඔබ මට ආදරය කරන බව දෝ?

ඕ ... දැන් ඔබ මා සමඟ යාවි!
ඕ ... දැන් ඔබ මා සමඟ යාවි!
ඕ ... දැන් ඔබ මා සමඟ යාවි!

-------------

ට්‍රාන්ස්ලේටර් රස්සාවට එච්චර හැකියාවක් නෑ.  මේ  ගූගලේ  ගහල  ආපු අමු ට්‍රාන්ස්ලේශන් එකක මාත්‍රා  සකසපු  ගීයක්.  බැලූ බැල්මට  නස්කූර්  වෙච්ච  අනාත පෙම්වතෙකුගේ  ප්‍රේම/විරහ ගීයක්.

ඒත්  ගීයේ  ගැඹුරු  අර්තයන්  තියෙනව. ඔරිජිනල් අසන්නාට තේරෙන්න  සන්කේත  ලියන ස්වරූපය ආදියෙන් ගීය  ඒ  බහු  අර්ත  වලට  පදනමක් දානව (මාත්  ඒ සළකුණ පරිස්සම් කරන්න ට්‍රටි  කලා). ඒ  ගැඹුරු  අර්ත  නිදහසේ කතා කරන්න  අමාරු සමාජෙකට සන්කේතිය ව කතා කරනවා.

මේක එක පරාජිත විප්ලවකට  තීම් සෝන් එකක් වෙච්ච ගීයක්. තත්කාලින සමාජ  චින්තනය  ඒ ගීය  යට තියේ  කියනවා.  විප්ලවයේ හේතු  හා අරමුණු  මොකක්  වුණත්  විප්ලවයට  පාදක වන සමාජෙ තිබ්බ මූලිකම  ගැටලුවක් මේ  ගීයෙ  ව්‍යන්ගය තුල තියේ  කියනව.

විප්ලවයේ පරාජයෙන් පස්සෙ  මෙහි  නිර්මාණ කාරයාටත්  ගැටලු කීපෙකට මුහුණ දෙන්න වෙනවා. හැබැයි  විප්ලවය පැරදුනත්  පශ්වාත් විප්ලව කාලෙ  ඒ සමාජෙ තිබ්බ මේ   ගීයෙන් කියන මූලිකම  ගැටලුවට පිළියමක් දෙන්න  පාලකයින් උත්සාහයක් ගත්ත.  ඒ උත්සාහය අද වෙද්දි  අති දැවැන්ත  ක්‍රියාවලියක්  දක්වා  වර්ධනය වෙනවා.

ගීතයේ  නිර්මාණකාරයා, පරාජිත  විප්ලවය, සමාජෙ  තිබ්බ මූලිකම ගැටලුව සහ ඊට දුන්නු  උත්තරය මොකද්ද?

------------



මේ ගීය චොයි ජියාන් නම් රොක් ගායකයාගේ "කිසිත් හිමි නැත" කියන ගීය. ඉස්සරින්ම නමේ ඉන්ග්රීසි පරිවර්තනයේ කියන්නෙ මගේ නමට කිසිවක් නෑ කියල. ඒකෙ මම කෑල්ල චීන එකේ නෑ කියල කියන්නෙ. "කිසිත් හිමි නැත", මට, ඔබට, අපට, අපෙ ජාතියට. ඔන්න ඔය පොඩි ග්රමටිකල් පොයින්ට් එකෙන් මුලු සින්දුවම අර්ත ගන්වන්නෙ.

චොයි ජියාන් ට කියන්නෙ චීන රොක් සන්ගිතෙ පියා කියල. ඔහු අසූව දශකෙ මුල කාලෙ මුල්ම වතාවට රොක් සන්ගීතෙ ඉගෙන ගන්නෙ ස්මගල් කල රෙකෝඩ්ස් වලින්. ඊට දශකයකට පමණ ඉස්සර මාවෝ මූලිකව කළ සන්ස්කෲතික විප්ලවයේ නුසුදුසු දෙයක් ලෙස අහක දාන එකක් බටහිර රොක්. ඒ වෙනුවට අවසර ලැබෙන්නෙ සම්භාව්ය ඔපෙරා වර්ගයෙ සන්ගීතයට. චොයි ගුරුකුල කරගන්නෙ බීට්ල්ස් වගෙ පොලිටිකල් රොක්. චොයි ක්රමයෙන් චීනයෙ ජනප්රිය වෙනවා. චොයි කොමින්ස්ට් පක්ශ ප්‍රොපගැන්ඩා  වචන පැරඩි ලෙස තම ගීත වලට ගන්නව.  අධික ශබ්දය  පිටවන සන්ගීතය නුසුදුසුයි කියා මාවෝ කියපු නිසාම චොයි  ඩෙසිබල් 150  රේන්ජ් එකේ උපකරණ වලින් අධික ශබ්දයක් එන ආකාරෙට තම ප්‍රසන්ග කරන්නෙ. චොයි කොමිනිස්ට් සිස්ටම් එකට කෙලින්ම විරුද්ද කෙනෙක්. එහෙත් ඔහුට ලොකු ප්‍රශ්නයක්  නොවෙන්නෙ චිනයේ පාලකයිනුත් මේ වෙද්දි ප්‍රතිසන්ස්කරණ  හරහ දේශපාලන සහ ආර්තික ලිබරල්කරණයක යෙදි  ඉන්න  නිසා.

මේ කාලය චීන දේශපාලනයේ වැදගත් කාලයක්. මාවෝ මැරිලා ප්රතිවාදි අදහස් දරණ ඩෙන් ක්ශාවෝ පින් රටේ බලය අල්ලගෙන. ඩෙන් යටතෙ චිනය නව්යකරණය වෙනවා. ඇත්තෙන්ම අසූව දශකෙ මුල බාගෙ චීනෙ වෙච්ච ප්රතිසන්ස්කරණය සොවියට් ග්ලාස්නොස්ට් සහ පෙරෙස්ත්රොයිකාවට වඩා පවර්ෆුල්. ඩෙන් කවදාවත් පක්ශයේ නායකය වෙන්නෙ නෑ ඒත් පක්ශයේ සහ රටෙ  පැරමවූන්ට් ලීඩර් ලෙස සුපිරි බලය හොබවන්නෙ ඔහු. ඔහුගෙ ප්රතිසන්ස්කරණවාදින් කොමිනිස්ට් පක්ශයේ සහ රටෙ  ඉහල තනතුරුවලට එනව. දේශපාලන ලිබරල් කරණය තනි පුද්ගලයෙකු අත ඇති  බලය බහුපුද්ගල කරණය බහු පක්ශ ප්රජාතන්ත්රවාදය ස්තාපනය කිරිම වගෙ  දේවල් යෝජනා වෙනව. මේ යෝජනා එකතු කරල කොමිනිස්ට් පක්ශයේ ඩෙන් ගේ පාර්ශවයේ කෙනෙක් මැනිෆෙස්ටෝවක් හදනවා. ඒක ඩෙන් ගේ පාර්ශ්වය විසින් ඉස්සරහට ගේනව. ඔක්කොම එකග නෑ පක්ශය තුල දරුනු බෙදුම් හා විවාද ඇතිවෙනවා. මේ ගැටුම් වලින් ඩෙන් ගේ පැත්තෙ ඉන්න බරපතළම ප්රතිසන්ස්කරණ වාදියෙක් පක්ශයේ ලේකම් තනතුරෙන් ඉවත් කරන්න ප්රතිවාදින් සමත් වෙනවා. මේ චරිතය වැදගත්. 

මේ  කාලෙ වෙනකොට 1978 දි ලන්කාව ඇතුළු රටවල් කීපෙක  තියෙන  බදු නිදහස් කලාප අධ්‍යනය කරල  ඩෙන් පටන් ගන්න  ආර්තික ලිබරල් කරණය ජයට වෙමින් තියෙන්නෙ.  ශෙන්ජෙන් ආශ්‍රිතව පටන් ගනන් විශේශ ආර්තික කලාප  කීපයක්ම  රට වටේ  හැදිලා.  මේව ඉතාම අඩු  ජීවන තත්ව යටතෙ සොච්චමකට ශ්‍රමය සපයන ආයතන.  කොමිනිස්ට්  සිස්ටම් එක අස්සෙන් මේව හදන්න යනකොට  මහා පරිමාණේ දූශණ  වන්චා  සිද්ද වෙනවා. ඒ නිසාම චීනෙ  ඉතා කුඩා ධනවත් පැලැන්තියක් හැදෙනව.  ඒ පැලන්තියෙ  බර හරියක් පොලිටිකලි කනෙක්ටඩ්  දූශිතයන්. සෙසු රටවැසියා කිසිවක් අහිමි  ශ්‍රම සපයන්නන්.  චිනයේ  බහුතරය  ඒ වෙනකොට  “කිසිත් හිමි නැති” මිනිසුන්.  මේ  ගීය ලිටරල් අර්තයෙන්ම ගත්තත් තමන්ගෙ කෙල්ලට  පෙන්වන්න තමන්ට කියල කිසිම  දෙයක් අහිමි නිසා  ආදරය ප්‍රකාශ කරන්න සහ පවත්වා  ගන්න බැරුව ඉන්න විශාල පිරිසක් චිනෙ ඉන්නව.  වඩාම වැදගත් දේනම් ඩෙන් විසින් මාවෝ නතර කළ  උසස් අධ්යාපනය 1976 පටන් ගත්තම හැදෙන උපාධිධාරි  සහ ඒ සමානව උගත් මධ්‍යම පාන්තික  යොවුන් පරපුර.  මේ  අය “කිසිත් හිමි නැති” උගත් පරපුරක්. අන්තිම බයානකයි.

1980  දශකෙ මැද වෙනකොට මේ කිසිත් හිමි නැති උගත් පරපුරට  තිබ්බ ලොකුම සිහින්‍ය  දේශපාලන ලිබරල් කරණය. 1986  පමණ සිට විවිධ  විරෝධතා  සිද්ද වෙනවා, තියනන්මෙන් චතුරශ්‍රය මේවට පසුබිම සපයනවා. පක්ශයත් ඒ කිව්වෙ ඩෙන් ගෙ පාර්ශ්වය ලිබරල් කරණයට කැම්ති නිසා  ලොකු අවුලක් වෙන්නෙ නෑ. හැබැයි පෙරකී පක්ශ  ලේකම් බලයෙන් ඉවත් කිරීම  කොමිනිස්ට් විරෝධි පරපුරට ලොකු ප්‍රශ්නයක්. එසේම ධනවාදයේ ආගමනය සහ ඒ වටා  හැදෙන දූශිත ක්‍රමය ඔවුන් තදින් ප්‍රශ්න කරනවා.

1989 ඉවත් කල  ලේකම් වරයා මියයනවා.  මේක තමා  ආසන්න සිද්දිය. අද බලයෙ ඉන්න  ශි  ජින්පින් ගේ පියා (එවකට තරමක් බලවතෙක්) මේ  මොහොතෙ  දැඩිව ඉල්ලීමක් කරා කියනව හැකිනම් මේ  මරණය පවා රහසක් ලෙස තියාගන්න කියල හිටපු ලේකම් වරයා  සහ ඔහුගෙ ප්‍රතිපත්ති  දැඩි ලෙස ප්‍රචලිත  නිසා.

ඔහුගෙ මරණය පෙර කී තරුණ පරපුර තියනන්මෙන් චතුරශ්‍රයට ආයෙ  ගෙන්වනවා ඒ 1989 අප්‍රේල්.  ඔහුගෙ ප්‍රතිපත්ති  ක්‍රියාවට නගන්න පාලකයින්ගේ  වත්කම් හෙළි කරන්න ලිබරල් කරන  වැඩසටහන ක්‍රියාත්මක කරන්න වගෙ තේමාවලින් ආයෙත් පාරක් විරෝධතා පටන් ගන්නව. 

මෙන්න මේ  විරෝධතාකරුවන් අර මන් කිව්ව “කිසිත් හිමි නැති” පරපුර.  මේ කට්ටියට  තදින්ම හිතට වදින ගීයක් තමා චොයි ගේ  “කිසිත් හිමි නැත” ගිය.  ඒකෙ තියෙන ආදර කතාවෙන් එහාට, එහි “ඔබ” කියන්නෙ සමාජය, චිනය අර්තයෙන් “අපට කිසිත් හිමි නැත” ඔබ (චීනය/සමාජය/ලෝකය) අපව බාරගන්නෙ නෑ කියන අර්තයෙන් තමා  බොහෝ දෙනා දකින්නෙ. එපමණක් නෙවි මේ ගීයේ  වැදගත්ම තව අර්තයක් තියෙනව එනම් චොයි ප්‍රශ්න කරන්නෙ  පුද්ගලික අයිතියක්  ගැන.  මේ වෙනකොට  සමාජවාදි සාමුහිකත්වය තුල  පුද්ගලයා  කියන තනි අර්තය  යටපත් කරල තිබ්බෙ.  උඩින්  ධනවාදයට ගියාට බිම තිබ්බෙ සමාජවාදය. සාමුහික සමාජයක මැශින් එකෙ කෑල්ලක් වෙනවට වඩා  මට හෝ අපිට “අයිති” මොනවද කියල අහන එක අලුත් ප්‍රශ්නයක්. 

චොයිගෙ තව සින්දු තියෙනව රතු රෙදිකඩකින් දැස බැදල මට කිසිවක් පේන්නෙ නෑ  කියල ගීතයක් තියෙනව.  තව ඔය වගෙ ගීත රාශියක් තියෙනව. ඒත් මේ ගීය 1989 තියනන්මෙන් විරෝධතාවයේ  තීම් සෝන් එක ලෙස සැලකෙන්නෙ  පෙර කී ආකාරයට ඒ මිනිසුන්ගෙ තත්වයට අනුනාද දුන්න නිසා.

චීන රජය නරුම වුණා කියන්නත් බෑ.  රජය  විරෝධතා  එකක් සාකච්චා කරනවා. අගමති  ජනාදිපති  වගේම පැරමවුන්ට් ලීඩර් ඩෙන් පවා චතුරශ්‍රයට  ඇවිත් ඔවුන්ට කතා කරනව. මේ වෙද්දි  හෙමි හෙමින් හෝ පක්ශය ඔවුන්  ඉල්ලන දේවල් දෙමින් ඉන්නෙ,  ඒත් විරෝධතාකරුවන් අයින්වන්නෙ නෑ.  පක්ශය තුල ඉන්න ප්‍රතිසන්ස්කරනවාදින් ගේ මතය නිසාම විශේශයෙන්ම ඩෙන් ගේ  විරෝධය නිසා කිසිම මිලිටරි බලයක් දාන්නෙත් නෑ. මාස දෙකකට ආසන්න කාලයක් මේ විවාදය යනව. හැබැයි විරෝධතා කාරයින් සටන උත්සන්න කරනවා. මාරාන්ත්ක උපවාස පටන් ගන්නව. ඒ හා  සමගාමිව චිනයෙ නගර සිය ගානක ඒ වගේම විරෝධතා පටන් ගැනෙනවා. (මෙන්න මේ  වෙලාවෙ තමා  පුද්ගලිකව මුණ ගැසුනු චීන කොමිනිස්ට් පක්ශෙ ලොකු ලොක්කන් බොහෝ දෙනෙක් හිතාගන්න බැරි තරම් ලොකු ගණන් සල්ලි  තම රටේ  රහසිගත බැන්කු වලට දැම්ම කියල එවකට උන්නු ස්විස් තානාපති කියල තියෙනව)

මේක  තීරණාත්මක කාලයක්. ලෝකෙ කොමිනිස්ට් රටවල් එකින් එක  වැටෙන්නෙ මේ වගේ  මහජන විරෝධතා  උත්සන්න වී අවසානෙ ජනතාව ඊට එකතු වීමෙන්. මෙන්න මේ හේතු සියල්ල සලකා  ජුනි මාසෙ ඩෙන් එකගතාවය දෙනව මිලිටරි බලය යොදවා තත්වය පාලනය කරන්න. 

මෙන්න මේ තීන්දුව චීනය යන ගමන අන්ශක අනුවකින් හරවනවා.

කලින් තිබ්බ හොද වගේම තමා චීන හමුදාව ඕඩර් එකෙන් පස්සෙ පහර දෙන්නෙත්. මිලියනයක පමණ විරෝධතාකරුවන්ට  සහ පාරෙ ඉන්න හමෝටම වෙඩි තියනව.  මැරුන ගාන දන්නෙ නෑ සීයක් ද දාහක්ද කියල. දාහ  ගොඩක් දුරට පොසිබල් කියා කියන්නෙ. 

චීනය  තම දේශපාලන ප්‍රතිසන්ස්කරන  වැඩසටහන් නතර කරනවා. ඒ විතරක් නෙවි ඩෙන් සතු අසහාය බලය අඩු කරනව.  ඩෙන් තනතුරු සියල්ලෙන් අයින් වෙනව (ඒත් ඔහු අධ්‍යාත්මික මට්ටමින් බලපානව) සෙසු ප්‍රතිසන්ස්කරණ වාදින් බලයෙන් ඉවත්  කරනවා. හඩා  වැටිල ඉමෝශනල් කතාවක් කරල අගමැති ලී පෙන් ට මූනටම බැනල ශි ජින්පින් ගේ පියා  දේශපානනෙන්  අයින් වෙලා ගමට යනව. අර මන් කිව්ව මැනිෆෙස්ටෝව ලියු පුද්ගලයා රට අස්තාවර කලා කියල හිරේදානව. සමාජය පර්ජ් කරනව.  මිලියන ගානක් කෑම්ප් වලට දානව සමහරු ආයෙ කවදාවත් එන්නෙ නෑ. ලෝකෙන්ම චිනෙට සම්බාධක දානව. චීනෙ ට   ණය ගන්න බැරිවෙනව. මේ කාලෙ චිනෙ ලෝකෙන් නය අරන් දුවන්නෙ.  ඒක පුද්ගල ආදායම තිබ්බෙ ගැම්බියාවෙ ගානෙ.චීනය හැම අතින්ම හිර වෙනවා.

මේ මොහොතෙ ඩෙන් අලුත්ම තුරුම්පුවක් ගහනව. තියනන්මෙන් විප්ලවයට මූලික හේතුවක් වන “කිසිත් හිමි නැති” පරපුර එහෙම නොවුනානම් කැරලි ගහන්නෙ නෑ  කියන පදනමින් ඩෙන් හදුන්වා  දෙනව වේගවත් ආර්තික ලිබරල් කරනයක්. බලතල කප්පාදු කලත් චීන රජය ඒක බාරගන්නව. මේකට කියන්නෙ සෝශලිස්ට් මාකට් ඉකොනොමි කියල. ඒ කරල දේශපාලන නිදහස අයන් ග්‍රිප් එකකින් යටපත් කරනව. ඔය දැන් ඉන්න චීනෙ බිහිවන්නේ  එහෙමයි. අදටත් තියනන්මෙන් තහනම් වචනයක්.

ඉතිරිය කියන්න ඕනෙ නෑනෙ. හිස්ට්‍රිනෙ. පේනවනෙ. නිදහස් වෙලදපොල (කොන්දේසියක් ලෙස කොමිනිස්ට් පක්ශෙ එක්ක ශේප් නම් පමණයි නිදහස්) එක්ක මධ්‍යම පන්තිය බල ගැන්වෙනව.  ඔවුන් කෙටි කාලෙකින්ම “කිසිත් හිමි නැති” තත්වයේ සිට ධනය  හිමි තත්වයට උසස්  වෙනව. මේ  වේගවත්  ධන ඒකරශිත්වය සහ ආර්තිකයෙ වෙන ලිබරල්කරණය එක්ක ඔවුන්ගේ නිදහස්  අදහස් ව්‍යාපාර දිශානති වලට හැරෙනව.  කෝමත් පොලිටිකල් නිදහස ගැන හිතන්නවත්  තහනම් මේ  වෙද්දි. චීනා ගෙ මාකට් ෆ්‍රීඩ්ම් එක දකින බටහිර ක්‍රමයෙන් සම්බාදක ඉවත් කරනව. තියනන්මෙන් වලට දශක  එකාමාරකට පමණ පස්සෙ  චීනය නැවත ලෝක වෙලද සන්විදානයට ඇතුල් කරගනිමින් ජෝජ් ඩබ් බුශ් කියන්නෙ මේ ආර්තික ලිබරල්කරනය සහ  මධ්‍යම් පන්තිය බලගැන්වීම  හරහා  චීනය ප්‍රජාතන්ත්‍රවාදය  කරා යාවි කියල.  මේ  අවස්තාවෙ චීනය කියන්නෙ ආර්තික ලිබරල්කරනය සහ  මධ්‍යාම පන්තිය බලගැන්වීම  නිසා   චීනය ප්‍රජාතන්ත්‍රවාදය  අමතක කරාවි කියල. දැනට වසර විස්සකට පමන පස්සෙ  චීන කිව්ව එක තමා  වෙලා තියෙන්නෙ. අද  චීන කොමිනිස්ට් පක්ශයට සමාජයෙ තියෙන පිළිගැනීම අසූව දශකයට වඩා  වැඩියි. අද තියනන්මෙන් එකට කට්ටිය රැස් වුනොත් එපා කියල කෑගහන්නෙ “කිසිත් හිමි නැති” තත්වයේ සිට ධනය  හිමි තත්වයට උසස්  වෙච්ච  මධ්‍යම පන්තිය. ඔවුන්ගේ  ධන සම්පත් රැකෙන්න නම් ස්තාවරත්වය අවශ්‍යයි. ඒක දෙන්නෙ කොමිනිස්ට් පක්ශය. 

හැබැයි චීනගෙ  ගමන  බයිසිකලයක් වගේ, පදින්න ඕනෙ නොවැටි ඉන්න.  මධ්‍යාම පන්තිය නිහඩ කරන්න නම් දිගටම ආර්තික වර්ධනය  අවශ්‍යයි.  චිනෙ හෝ චීනෙන් පිට.  අන්න ඒක නැවතුනු දාට ඔවුන් දේශපාලන නිදහස ඉල්ලාවි සහ ලබා  ගනීවි කියල සමහරු කියනව. 

චොයි  ට මොකද වුනේ? 1989 සිදුවීමෙන් පස්සෙ චොයිට ප්‍රසන්ග පැවැත්වීම තහනම් කෙරෙනවා.  රොක් සන්ගීතය වෙනුවට ජෑස් සන්ගීතය හදුන්වා දෙන්න  චීන රාය  කටයුතු කරන්නෙ ජෑස්  වලින් ලොකු දේශපාලනයක් ආවේගයක් දෙන්න බෑ  කියන මතය  නිසා. චොයිට කිසිම හානියක් වන්නේ නෑ.  දශකයකට පමණ පස්සෙ චොයිට ප්‍රස්නග කරන්න නිදහස ලැබෙනව.  චිනයේ  ආසියානු ක්‍රිඩා  උලෙල  ට සල්ලි එකතු කරන්න චැරිටි ශෝ එකක් කරනන් ගිහින් චොයි  ආයිත් ආන්ඩු විරෝදී ගීත කියල ආයෙ ඒකෙන් ඉවත් කෙරෙනවා. චොයි ලෝකෙ පුරා  යනව. රට රටවල ප්‍රසන්ග කරනව. ඔහුගේ ලොකුම සිහිනයක් වන තායිවානෙ  පවා  චොයි සන්ගීත ප්‍රසන්ග කරනව. චොයිට වදින්නෙ ඔහුගෙම ගීයෙන්. “කිසිත් හිමි නැති” තත්වයේ සිට ධනය  හිමි තත්වයට උසස්  වුනාම චොයි නිකන්ම  එන්ටටේන්මන්ට් එකක් පමණයි.

චොයිගෙන් කෙනෙක් අහනව ඔබ මේ වෙන නිදහස (ආර්තික ලිබරල් කරණය) ගැන මොකද කියන්නෙ කියල.  චොයි කියනව මාවෝ ගේ මූන රටේ පාලනය ගෙනියන තැන එල්ලල තියෙනකම් අපි හැමදාම ඉන්නෙ අතන ම තමා කියල. චොයි තාමත් ඉන්නව.

කිසිත් හිමි නැති  ගීතය මෙතනින් ගන්න