Sunday, December 1, 2019

පහුගිය දෙසියවසේ රටක් මුහුණ දුන් දරුණු ම යුද්ධය හෙවත් පැරගුවේ ඛේදවාචකය

යුද්ද වලින් ලෝකෙ හෝ රටක ජනගහනය විනාස වෙනව කියන එක වැරදි මතයක්. මැත කාලෙ වෙච්ච ඕනෙම බිහිසුනු යුද්දෙකින් රටක මියයන ප්‍රමානය ජනගහනයෙන් නොසැලකිය යුතු ප්‍රතිශතයක් හෝ සීයට පොඩි ගානක්.

ඉස්සර නම් රෝමන් සහ මොන්ගල් අධිරාජ්‍ය යුද්ද කරල පැරදුනාම ඒ මුලු ජනතාවම අල්ලල සමුල ඝාතනය කරපු අවස්තා තියෙනවා. ඒ සුවිශේශි නරුමකම්. අනික දුර අතීතෙ කතා. පහුගිය වසර දෙසිය තුල යුද්දෙන් මිය යන ප්‍රමාන රටේ ජනගහනයට ලොකු බලපෑමක් කර නැහැ. ඒත් එක යුද්දයක් ඇරෙන්න.

මේ යුද්දය තුලදි එක්තරා රටක මුලු ජනගහනයෙන් වීශාල ප්‍රමානයක් මිය යනවා. ඒ සමුලඝාතන ලෙස නොවේ. එක්කො යුද්දය නිසා නෙවිනම් යුද්දය එක්ක එන විවිධ රෝග නිසා. බේසිකලි යටත් වෙන්න ඕනෙ තරම් පැරදුනත් උන් යටත් නොවි දිගටම පිස්සො වගේ යුද්දෙ කරන නිසා. මිය යන තරම කෙතරම්ද කිව්වොත් රට පව්ත්වා ගන්න බැරිවෙනවා. රට අසල්වාසින් අතර බෙදන්නත් ගිහින් ආයෙ ඔවුන් හිතනව රට තියෙන්න ඕනෙ කියල. රට පවත්වා ගන්න මිනිසුන් වෙන රටවලින් සන්ක්‍රමනය කරවනවා.

කොටිම්ම මේ යුද්දය ඒ රට විසින් අවුලුවා ගන්න අනවශ්‍ය පිස්සු යුද්දයක්. ඔවුන් හැප්පෙන්නෙ හිතන්නවත් පුලුවන් බලයක් එක්ක නෙවි. ඒ වගේම මරන වලින් වැඩි හරියක් තමන් අතින්මයි සිද්ද වෙන්නෙ.

1. යුද්දය මොකද්ද?

2. පාර්ශ්ව කවුද?

3. හේතුව කුමක්ද?

4. රට එක පිටින් වැනසුනත් රටක් ලෙස ඉතුරු කලේ ඇයි?

5. රටේ ජනගහනයට වෙන බලපෑම කුමක්ද? [නිසි සන්ඛ්‍යා ලේඛන නැති නිසා අදහස් රාශියක් තියෙනවා]

6. [බෝනස්] මේ වගේ සුයිසයිඩල් පිස්සු යුද්දයක් කරන්න හේතු වෙච්ච අමුතු ගතියක් මේ රටේ තියෙනවා. ඔවුන් කලාපිය රටවලට වඩා චුට්ටක් වෙනස්. ඒ බව ඔවුන්ගෙ භාශා භාවිතයෙන් පවා විඩ්‍යාමාන වෙනවා. මේ රටෙ එ තියෙන භාශාමය අමුත්ත මොකද්ද?

-----------------

මේ ප්රශ්නයට පිලිතුර ලෙස බලාපොරොත්තු වුනේ පැරගුවේ යුද්දය හෙවත් war of triple alliance

රුවන්ඩා හුටු-ටුට්සි ගෝත්ර ගැටුම නරකම උත්තරයක් නොවුනත්පැරගුවේ යුද්දය එක්ක ඒකත් නතින්.
මම කතාව ටිකක් දිග ඇරල ලියන්නම්. සන්කිර්ණ  සිද්ඩියක්  නිසා  කතාව  දෙකට  කඩනවා.  ඉතිහාසය  සන  යුද්දය   වශයෙන්. ලේසි කෑල්ල  යුද්දය  මුලින් ගම්මු.  කොහොමත් අපි මේ ගැන නිසි අධ්යනයක් කරනවා නම් පැරගුවේ ඉතිහාසය එක පිටින්ම සලකන්නම වෙනවා. හැබැයි ඊට කලින් අපි සිදුවීම බලමු.

යුද්දය

1860 දශකයේ දකුනු ඇමරිකාවෙ පහල කෑල්ලෙ රටවල් හතර නිතර යුද වල පැටලුනා. බර්සිල අධිරාජ්යය සහ ආජන්ටිනාව තමා බලවතුන්. ඉතා කුඩ උරුගුවේ රාජ්යය ආජන්ටිනාව එක්ක පැටලිලා නිදහස දිනාගත්තට අර දෙගොල්ල්ලම එයාලට දැඩිලෙස බලපැම් කලා. තමන්ගේ රූකඩ ආන්ඩු හදාගන්න. එවකට පැරගුවේ කියන්නෙ බ්රසිලය සහ ආජන්ටිනාව වගේම බලවත් රාජ්යයක් [එතනට ආපු හැටි වෙනම බලමු].

ගටුමට ආසන්න හේතුව වන්නෙ උරුගුවේ හි ජාතිකවාදි ආන්ඩුවක් පෙරලා ලිබරල් වාදියෙක් ස්තාපනය කරන්න බ්රසිලය ගන්න වෑයමක්. මේ සමග ආජන්ටිනාවත් ඉන්නවා. පැරගුවේ කියන්නෙ ජාතිකවාදි එකාධිපතියෙක් ලෙජිස්ලේශන් වලින් පත්කරගන්න රටක්. පැරගුවේ ආජන්ටිනාවෙන් නිදහස් දිනාගන්නෙ පොඩි වලියක් දාගෙන. බ්‍රසිලය පැරගුවේ උන් වහල් කමට ගත්ත සතුරා. මේ සතුරන් දෙන්න බලව්ත් වීම වලකන්න සහ ජාතිකවාදි ආන්ඩුව බේරගන්න තමා මේ වලියට බහින්නෙ.

ඒ වෙද්ද කලාපයෙ ලොකුම ආමි එක පැරගුවේ, සාපේක්ශව ලොකු බලයක් සහ අද තියෙන රට වගෙ දෙගුනයක විතර රටක්. එහෙත් ජනගහනයක් ලෙස මිලියන බාගයක් පමන තමා ඉන්නෙ. එය බ්රසිලයේ රිසර්ව් ෆෝස් එකට වඩා පොඩියි. බ්රසිල ආජන්ටිනා දෙකේ මිලියන දහය පහලව වගෙ ඉන්නව. අවාසනාවට මේව ඇනලයිස් කරගන්න තරම් බුද්ධියක් පැරගිවේ වලට නැහැ

පැරගුවේ උරුගුවේ දේශසීමාවක් නැති නිසා උන්ට උරුගුවේ වලට උදව් කරන්න එන්න අවසර ඉල්ලනව ආජන්ටිනාව හරහ යන්න. ආජන්ටිනාව ප්රතික්ශේප කලාම ආජන්ටිනාවෙ ප්රාන්තයක් අල්ලගෙන ඉදිරියට එනවා. එසේම බ්රසිලයෙත් කොටසක් අල්ලගන්නව. මේ මොහොත වෙද්දි පැරගුවේ ජයග්රාහි ලෙස ඉන්නෙ.

මේ අතර උරුගුවේ ජාතිකවාදින් පැරදිලා ලිබරල් වරුන් බලය අල්ලනවා. ඉන් පසු රටවල් තුනම එකතුවෙලා පැරගුවේට යුද ප්රකාශ කරනවා.

අවුල පටන් ගන්නෙ මෙතනදි. මුලකාලෙනම් පැරගුවේ තරමක් සාර්තකව සටන් කරනවා. එක ස්ටේජ් එකක යුද්දය ඔවුන්ගේ ජයග්රහනය එක්ක තාවකාලිකව නවතිනවා. ඒත් ඊට පස්සෙ රටවල් තුනේ හමුද සන්විධානය වෙලා නැවත පහර දෙනවා. යුද්දය පැර්ගුවේ ඇතුලටත් අගනුවර වන ඇසන්සියන් වලටත් පැතිරෙනවා.

පැරගුවේ මේ වෙද්දි රිසෝසස් වලින් සම්පුර්නයෙන්ම හිදිලා. මිලියන බාගෙකට අවු පහක් මේක අදින්න බැහැ. මේක සාමාන්යයෙන් රටක් යටත් වෙන මොහොතක්. පැරගුවේ ඒකාධිපති සොලානෝ ලෝපෙස් පිස්සු චරිතයක් වගෙ හැසිරෙන්නෙ මෙතනදි. ඔහු යටත් වීම තෝරන්නෙ නැහැ. එහෙම යෝජනා කරන පවුලේ සහෝදරයින් මරා දානවා පාවාදෙන්නන් ලෙස. අවියක් ඔසවන්න පුලුවන් තරම් අවු 10 වගේ දරුවන් පවා හමුදාවට දානවා. ගැහැනුන් පවා ෆ්රන්ට් ලයින් නොවෙන කටයුතු වලට දානවා. නගර හැර යද්දි ඒව ගිනිබත් කරල ගෙනයා නොහැකි සියලු දෙනා තමන් විසින්ම මරා දාලයි යන්නෙ.

අවසානෙ ලෝපෙස්ව බ්රසිල තුවක්කුවකින් මරා දැමෙනකම් මේ සටන ඉවර වෙන්නෙ නැහැ. ඒ වෙද්දි අර ලක්ශ පහෙන් ලක්ශ තුනක් පමන මලා කියල කියන්නෙ. පිරිමි ජනගහනයෙන් සීයට 70 සිට 90 දක්වා මැරිල. රටක් කියල මොකුත් ඉතුරු නැහැ. මේ දත්ත ඩිස්පියුටඩ්. 1850 විතර එක වාර්තවක් අනුව මි 1.3ක් තමයි ජනගහනය. හැබැයි වැඩි වාර්තා කියන්නෙ ලක්ශ 5 කියල . 1873 විතර ජර්මානු වාර්තාවක් අනුව ලක්ශ දෙකයි ඔක්කොම ඉතුරු. ජනගහනයෙන් 60%ක් මේ යුද්දෙන් මලා කියන එක තම අ බොහෝ විට පිලි ගැනෙන්නෙ.

ජයග්රාහි ආජන්ටිනාව ඉතිහාසෙම බලා උන්න වගේ මේ කවුරුත් නැති රට තමන්ගේ ප්රාන්තයක් කරගන්න හදනවා. ඒත් ඊට බ්රසිලය විරුද්ද වෙනවා මොකද දෙරට නිතර ඇවිලෙන නිසා බෆර් ස්ටේට් එකක් මැද්දට දාගන්න ඕනෙ කියල. මේ යුද්දයට හේතු වෙච්ච උරුගුවේ උන් මහ ලොකු දායකත්වයක් දෙන්නෙ හෝ මියයන්නෙ වත් නැහැ.

කෝම වුනත් බ්රසිලය ආජන්ටිනාව සහ බොලිවියාවෙ චාකො වරු පැරගුවේ කොටස් අල්ලගන්නව. ගග දිගේ චුට්ටි කෑල්ලක් පමනයි ඉතුරු. පස්සෙ 1930 විතර පැරගුවේ ආයෙ බොලිවියා එක්ක යුද කරල චාකො කොටස ගන්නව. ඒත් රට ඉතාම පසුගාමි කුඩා රටක්

එහෙමවත් වෙන්නෙ එතනින් එහාට එන ප්රජාතාන්ත්රික ආන්ඩු යුරෝපෙන් මිනිස්සු ගෙන්න ගත්ත නිසා. නොවේනම් රටක් දුවන්නහැකියාවක් තිබිල නැහැ.

ලද අවස්තාවෙන් ආජන්ටිනා සමාගම් ලෝකයාට් වහල තිබ්බ කලාපයේ දියුනුම පද්දතියක් වෙච්ච එක්තරා ආකාරයක රාජ්ය සමාජවාදය්ක් දිව්ව පැරගිවේ ආර්තිකය තම අනසකට ගන්නව.

ඒ සෙල්ලම තාමත් එහෙමයි. ඉතිරිය හෙවත් මෙතනට ආපු හැටි වෙනම ලියමු.

ඉතිහාසය

ඉන්ටරස්ටින්ම දේ බෝනස් ප්‍රශ්නෙ. පැරගුවේ  අමුතු  රටක් .  ඒක  එහෙම  වෙන්නෙ  කෝමද? අපිට 1530 විතර වෙනකම් එහාට යන්න වෙනව.

මුලිම්ම පරානා සහ පැරගුවේ ගන්ගා දිගේ ගිය ස්පාඤ්ඤ ගවේශකයින්ට ඕනෙ කලේ පීරු කරා යන පාරක්. පැනමා ඇලත් නැති කාලෙනෙ. ඒ නිසා මග හදන අතරමැදි නවාතැන තමා අසන්සියන් නගරය. මුල්ම කාලෙ මේක ඒ පැත්තෙ ලොකුම ජනාවාසය.

රට ඇතුලට කිමි 2000 වගේ යන එක අසිරු නිසා ගැහැනු එන්නෙ නැහැ මේ ජනාවාසයට. මේ පෙදෙසෙ ඉන්න ගුවරානි කියන ඇමරින්දියන් ප්‍රජාව. මොවුන් දිගටම ඉන්කා අධිරාජ්‍යයෙන් බැට කාපු නිසා ස්පාඤ්ඤ වරුන් ව මිතුරන් ලෙස බාරගන්නවා. මෙතන ඉදල ඔක්කොම දේවල් කනපිටට වෙන්නෙ. උදාහරනෙකට ගුවරනි පවුල් සිය කැමැත්තෙන් කෙල්ලන්ව ස්පාඤ්ඤ පිරිමින්ට සපයා දෙනවා. ස්පාඤ්ඤ පිරිමි ගුවරනි ලින්ගික මෙහෙකාරියන් දුසිම් ගනන් තියන් ඉන්නෙ. මේ සමග වෙන්නෙ මොකද්ද? ඉතා විශාල ප්‍රමානයක් ස්පාඤ්ඤ ගුවරනි මිශ්‍ර දරුවන් උපදිනවා. මෙ දරුවන් කතෝලික සහ ස්පාඤ්ඤ ශිශ්ටාචාරෙ හැදෙන්නෙ, ඒත් උන්ගෙ අම්මල ගුවරනි, උන් කතා කරන්නෙ ගුවරනි. ගුවරනි කියන්නෙ ඉන්ක වගේ දියුනු සහ ලේයර් හැදුනු සමාජයක් නෙවි. උන් බොහොම අල්පේච්ච සමානත්මතාවයෙ දිව්ව සමාජයක්. ජනපදිකයන් ඒ චින්තනයෙන් පෝශනය වන්නෙ.

1600 විතර වෙද්දි යුරොපියන් ස්පාඤ්ඤ වරුන් සහ ස්වදේශික ගුවරනි අමිශ්‍ර ජනයා කියන දෙකම ඉක්මවල අසන්සියන් සහ අවට ජනපදවල බහුතරය වෙන්නෙ මේ ක්ශනික ලෙස හැදෙන මිශ්‍ර ජනපදිකයන්. මෙ ජනපදිකයන් ස්පාඤ්ඤ ආධිපත්‍ය පිලිගත්තට ස්වාධිනත්වය සහ ම්ලෙච්චත්වය ප්‍රිය කරනවා. ස්වදේශික ගුවරනි වරුන් වහල් කමට ගන්නවා. ස්පාඤ්ඤ රජා එවන ආන්ඩුකාරයින් ගහල එලවනවා. උන්ට ඕනෙ උන් ස්පාඤ්ඤ ආන්ඩුකාර ලෙස දාගන්නව. පොඩ්ඩ ගැස්සුනොය්ත් කැරලි ගහනව. මෙ නිසා ස්පාඤ්ඤ රජය සහ කතෝලික පල්ලිය ගුවරනි [අමිශ්‍ර] අයව ක්‍රිස්ත්‍යානි කරගෙන උන්ව නාගරික ඒකක වල දාල උන්ට ආමි එකක් දෙනව මොකද නෙවිනම් උන්ව වහල් කමට ගන්න නිසා. හිතන්න කොයි කොලෝනියල් ජනපදයෙද ස්වදේශිකයන් රකින්න කොලෝනියල් සහ පල්ලි බලය වෙහෙසුනෙ. කොහෙද උන්ට ආමි එකක් දුන්නෙ. හැබැයි ජනපදිකයන් කැරලි ගහද්දි ස්පාඤ්ඤ රජා වෙනුවෙන් සටන් වදින්නෙ අමිශ්‍ර ගුවරනි හමුදා.

ඔන්න ඔහොමයි අසන්සියන් අවට ජනපද පවතින්නෙ. ඒ අතර ස්වාභාවික සම්පත් නැති නිසා අසන්සියන් ස්පාඤ්ඤ පාලනයට මෙලෝ රහල් නති වෙනවා. ඔවුන් බුවනොස් අයර්ස් වලට හැරෙනවා. අසන්සිය්න් බුවනොස් අයර්ස් වල ප්‍රාන්තයක් වෙනවා. ජනපදිකයන්ට මේ ගැන කේන්තියක් එන්නෙ.

1811 ස්පාඤ්ඤ ආන්ඩුව නැපෝලියන් නිසා යටත්විජිත කටයුතු වලින් බැහැර වෙද්දි බුවනෝස් අයර්ස් ස්පාඤ්ඤ රජු නියෝජනය කරන්න හදනව. ඒ වෙලාවෙ අසන්සියන් සහ අවට ජනපද උන් එක්ක වලියක් දාගෙන ස්වාධීන වෙනව. දකූනු ඇමරිකාවෙ පලවෙනි ස්වාධීන ජනරජය. මේ අරගලයෙදි ඉතුරු වෙච්ච ස්පාඤ්ඤ සම්බන්දයනුත් එලවා දාල ගුවරනි මිශ්‍ර ජනපදිකයන් රට අල්ල ගන්නව. රට පාලනය කරන්න හමුදා කොමිටියක් හෙවත් ජුන්ටාවක්. රටක් පාලනය කරන්න තරම් උගතුන් නැහැ. රටේ ඉස්කෝල කීපයක් ඇරෙන්න කිසි අඪ්ඃයාපනයක් නැහැ. ආජන්ටිනා එක්ක නිදහස උදෙසා රාජ්‍යතාන්ත්‍රික කතාවක් කරන්න තේරෙන කෙනෙක් නැහැ.

දැන් පැරගුවේ කතාවෙ අත්‍යවශ්‍ය එක චරිතයක් හෙවත් හොසේ ෆ්‍රන්සියා කතාවට ගන්න ඕනෙ. පැරගුවේ නූගත් රටේ ෆ්‍රැන්සියාට ඩොක්ටරේට් එකක් තියෙනවා. මිනිහ ගනිතය හදාරනවා. ටෙලස්කෝප් එකක් තියන් අහස බලනව. මිනිහ ප්‍රන්ස විප්ලවය ගැන දන්නව. රූසෝ ගේ කතා අනුසාරයෙන් කතා පවත්වනවා. ඉතින් මිලිටරි ජුන්ටාව ආජන්ටිනා එක්ක නෙගෝශියට් කරන්නත් තියෙන නිසා ෆ්‍රන්සියා ජීවිත කාලෙටම එකාධිපති හෙවත් සුප්‍රිමෝ කරල දානව.

ෆ්‍රැන්සියා ලෝක අන්ඩයෙක්. මිනිහ ආජන්ටිනාව ගොනාට අන්දල කිසිම දෙයක් රිටර්න් නොදි නිදහස ගන්නව. හමුදාකාරයින් එකා එකා අල්ලල විවිද චෝදනා මත මරා දානව. සියලු ප්‍රතිවාදින් හිරේ දානව. රටවැසියා ගේ ආදරය දිනාගනිමින්ම සියලු දේපොල ආන්ඩුවට ගන්නව. ඒ කරල ෆ්‍රැන්සිය හදනව රාජ්‍යය විසින් සියල්ල පාලනය කරන සන්වෘත රටක්. සියලු දෙනා සර්ව සමානයි. සියලු දෙනාට බෙනිෆිට්ස් යනවා. ආජන්ටිනාව නිතර නිතර පරානා ගග වහල කෙනෙහිලි කරන නිසා ආර්තිකයේ පිටස්තර සම්බන්ද නවතනවා - ස්ව්‍යන්පෝශිත. එක අවස්තාවක රටට ආපු පිටරැටියෙක්‍ ට වත් ආපහු යන්න බැහැ.

හැබැයි මිනිහ රට හදනව. රට කුඩා වුනාට ප්‍රබල ආර්තික බලයක් වෙනව. අහල පහල ලොකු රටවල් වගේ කාටවත් නයත් නැහැ. ෆ්‍රැන්සියා අවන්කයි. සත පහක් හොරෙන් ගන්නෙ නැහැ බලය තිබ්බට. මැරෙන කොට අවුරුදු ගානක් මිනිහගෙ පඩියත් රටේ නමින් බැන්කුවට දාල තියෙන්නෙ. මිනිහ මැරෙද්දි කලාපෙ ලොකුම සක්‍රිය හමුදාව උන්ගෙ. ආර්තිකයත් සවිමත්. හැබැයි දියුනු දේශපාලනයක් නැහැ.

මේ ෆ්‍රන්සියා ඔහුගෙ ගුවරනි පැල්පත් නිවස අසල. ඔහු මැරෙනකම් ඉන්නෙ ඒ ගෙදර. ධනය භාවිතා කරන්නෙ නැහැ. ෆ්‍රන්සියා ගේ ඇදුම රටේ ජන අනන්‍යතාවයට අනගි උදාහරනයක්
Image may contain: one or more people

ඊ ගාවට ජීවිත කාලෙට ඒකාධිපති පට්ටම දෙන්නෙ ලෝපෙස් පිය පුතු දෙන්නට. ලෝපෙස් පියා හොරෙක්. මිනිහ රටේ ආන්ඩුව සහ සම්පත් තමන්ගෙ පවුලට ගන්නව. ෆ්‍රැන්සියාගෙ ක්‍රමයට එරෙහිව ගොස් අහල පහල යුද්ද වලට හොට දානව. ලෝපෙස් පුතා සොලානො ලෝපෙස් මිනිහ මේ සමානාත්මතාවය සහ මහජන දේපොල දන්නෙ නැහැ. මිනිහට අනුව රටම පවුලෙ බූදලේ. මිනිස්සු පවුලෙ සේවක. ඒ අතරෙ ඔහුව තාත්ත යුරෝපෙට යවනව. යුරොපෙ කෙලිදෙලෙන් ඉන්න සොලානො ලෝපෙස් නැපෝලියන් ගැන උඅනන්දු වෙනවා. නැපෝලියන් සහ යුරොප්ප ආගලය වටහා ගෙන නැහැ. ඒත් පිටපොත්තෙන් නැපෝලියන් කොපි කරන්න හදන ගති පේනවා.

1864 විතර සොලානො ලෝපෙස් බ්‍රසිලයට සහ ආජන්ටිනාවට එරෙහිව උරුගුවේ ජාතිකවාදයට සහය දෙන්න යන පසුබිම ඕකයි. පැරගුවේ කියනෙ අර්ධ ගුවරනි රටක්. සන්වෘත රටක්. ආජන්ටිනා බ්‍රසිල් එක්ක තරහයි සහ උනුත් බලන් ඉන්නෙ මේ කලාපිය විකෘතියට ශොට් එක දෙන්න. සොලානො ලෝපෙස් ලෝකය හරියට වටහා නොගත් රජ පවුලක පිස්සෙක්. නැපෝලියන් වෙන්න හදපු. පැරගුවේ ජනතාව රාජ්‍යයට සේවය කරන්න ෆ්‍රන්සියා විසින් පුහුනු කල ප්‍රජාවක්. ටිකක් විතර ස්ටාලින් මාවෝ වගේ.

විනාශය පෙනි පෙනිත් යටත් නොවුනෙ ඒකයි. අදටත් පැරගුවේ වල සොලානො ලෝපෙස් කියන්නෙ වීරයෙක්. රනබිමේ යටත් නොවි මැරිල වැටෙනකම් සටන් කල ගුවරනි වීරයෙක්.

ලෝකයේ බොහෝ රටවල් රාජ්‍ය භාශා දෙක දෙක තිබ්බට, රටේම ජනගහනය ඒ භාශා දෙකම එක හා සමානව කතා කරන කිරිම රටක් වෙන නැහැ. පැරගුවෙ වල ස්පාඤ්ඤ සහ ගුවරනි දෙකම රාජ්ය භාශා වන අතර රටවැසියා දෙකම එක හා සමානව කතා කරනවා. සමහර විට කොන්ගෝ වල ටිකක් මෙහෙම තත්වයක් ඇති. වෙනනම් දන්නෙ නැහැ.

අදටත් පැරගුවේ උන් හරි අමුතුයි. සන්ක්‍රමනික්‍යන් හරිම අඩුයි. දුප්පත් උනත් රට හැර යන්නෙ නැහැ. උගත් කම අඩුම රටක්. ඒ වගේම අමුතු මිනිස්සු ඉන්නෙ. අනුව දශකෙ අග උන්නු ගෝල් කීපර් හොසෙ ලුයි චිලවෙයා සමහරුන්ට මතක ඇති. පොරට හිතුනම ගෝල් එක ඇරල දාල බෝලෙ ගෙනත් අනිත් පත්තෙන් ගෝල් එකක් ගහල යනව.