Saturday, October 14, 2023

බීට ඉශ්‍රයල්

1980 එක්තරා දවසක සුඩානයේ රතු මුහුදු වෙරලේ තියෙන අරවුස් කියන ගම්මානෙ ඉතාලි සමාගමක් විසින් පව්ත්වාගෙන ගොස් අතහැර දමාපු ඩයිවින් රිසෝට් එකක් බලන්න එනව ස්විට්සර්ලන්ත සමාගමකින්. මේ රිසෝට් එක ගැන සැහෙන පැහැදීමට පත්වන ස්විට්සර්ලන්ත ව්‍ය්වසායක පිරිස මේක ඩොලර් ලක්ශ දෙකහමාරක වාර්ශික කුලියකට අරගෙන එතන අරවුස් නමින් ඩයිවින්‍ රිසෝට් එකක් කරගෙන යන්න තීරණය කරනවා. සුඩාන ආණ්ඩුවටත් ඒක බොහොම සතුටට හේතුවක්. මුස්ලිම් අරාබි රටක් ලෙස සුඩානයේ ඒ වගෙ සංචාරක ආයතන සුලබ නෑ.

අරවුස් කෙමෙන් ජනප්‍රිය වෙනවා. රතු මුහුදේ බොහොම සුන්දර කලාපයක කිමිදෙන්න ස්නෝක්ල් කරන පහසුකම් සපයනවා. එහි සේවය කරන්න සුඩාන සේවක සේවිකාවන් ගන්නව. ඉහළ මැනේජ්මන්ට් එක සහ ඩයිවින් ඉන්ස්ට්‍රක්ශන් ගයිඩින් බෝට්ටු ඔපරේට් කිරීම ආදිය කරන්නෙ යුරෝපින්. එදිනෙදා හොස්පිටැලිටි වැඩ කරන්නෙ සුඩාන සේවකයින්.



හැබැයි මේ හෝටලෙ එක තැනක්තියෙනවා සුඩාන සේවකයින්ට ඇතුලු වෙන්න බැරි. ඒ කිමිදුම් ස්ටෝරු කාමරය . අන්න ඒ කාමරේ ඇතුලෙ ඉතාම දියුනු තක්ශ්ණයෙන් යුතු (1980 දශකෙට) පණිවුඩ හුවමාරු උපකරණ සහිත මෙහෙයුම් මධ්‍යස්තානයක් තියෙනව. අන්න ඒ මෙහෙයුම්මධ්‍යස්තානය හරහා මේ ෆේක් සමාගමේ ඉන්න හොටල්කාරයින්, ඉහල මැනේජර් ලා කිමිදුම් උප්දේශකයින් ආදි ලෙස වෙස් වලාගෙන ඉන්න මොසාඩ් නියෝජිතයන් තමන්ගෙ මෙහෙයුම කරගෙන යනවා.

අපි දැන් කතාව රෝල් බැක් කරමු.

අදින් වසර 3000 කට පමණ පෙර හෝ 2700 කට පමණ පෙර වත්මන් ඊශ්‍රායලය තුල තිබ්බ කිසියම් යුදෙව් රටකින් යුදෙව්වන් පිරිසක් ඉතියෝපියාවට එනවා. මේ අය සමහර විට සොලමන් රජුට දාව ශීබා රැජිණිය උපදවපු කුමාරයා හෙවත් දීර්ඝ ඉතියෝපියානු රාජ පරම්පරාවල ආරම්භකයා තම පියා මුණ ගැහෙන්න ගිය වෙලාවෙ ඔහු ගැන පැහැදීමකින් ආපු යුදෙව් ප්‍රජාවක් වෙන්න පුලුවන් (වසර 3000ට පෙර). නෙවිනම් වසර 2700 ට පෙර නව ඇසිරියානු හමුදා හමුවේ එක යුදෙව් නගරයක් බිද වැටුනම එතනින් අවතැන් වු හා පලාගිය ප්‍රජා හෙවත් ලොස්ට් ට්‍රයිබ්ස් දහයෙන් එකක් වෙන්නත් පුලුවන්. නෙවිනම් ඔය වගෙ කාල වකවානුවක සිවිල් යුද්දයක් හෝ වෙනත් වින්නැහියක් නිසා යුදෙව් රටකින් පලා ආ පිරිසක්. හවුස් ඔෆ් ඊශ්‍රායල් හෙවත් ඊශ්‍රායල ගෝත්‍රය යන නමින් බීට ඉස්ශ්‍රායල් ලෙස තමන් හදුන්වා ගන්නව.

බීට ඊශ්‍රායල් වරුන් ඉන්නෙ ඉතියෝපියාවෙ අතිශයින් දුශ්කර කදුකර බිමක. වාහනයක් යන පාරක්වත් නැති පලාතක්. බහූතරය ගොවීන්. හැබැයි ඔවුන් වසර 3000ක් පමණ සෙසු යුදෙව්වන්ගෙන් දුරස් වුනාට ඔවුන් හා සමානවම ආගමික වතාවත් කරනව සන්ස්කෲතිකව ඊශ්‍රායලයේ ඉන්න සාම්ප්‍රදායික යුදෙව්වන්ට ලොකු වෙනසක් නෑ.

බීට ඊශ්‍රායල් තමන් යුදෙව්වො කියල දන්නව. යුදෙව්වන්ගේ දේශය විනාස වුනා කියල හිතා ඉන්නව (ඒක හරි ඉතින් එයාල ආවට පස්සෙ වටගානකින් දේශය විනාශ වෙනව) මේ ලෝකෙ ඉතිරි වෙලා ඉන්න එකම යුදෙව් ප්‍රජාව තමන් කියල හිතා ඉන්නෙ මේ හැමෝටම ආපහු සයෝනයට යන්න ජෙරුසෙලම දකින්න හීනයක් තියෙනව. ඒක පරම්පරාවෙන් කට වචනෙන් ආපු කතාවක්. ඒ මිසක ජෙරුසෙලම තියෙන්නෙ කොහෙද කියන්න අඩු ගානෙ ලෝක සිතියමක් වත් මේ අතිශයින් ග්‍රාමිය ඉතියෝපියන් කන්දෙ අයට නෑ.

1974 දි එතෙක් තිබ්බ රාජාන්ඩුව පෙරළන ඉතියෝපියානු සමාජවාදු මිලිටරි හුන්ටාව එහෙ සමාජවාදි රාජ්‍යයක් හදනවනෙ. මේක අත්‍යන්තයෙන්ම ෆේල් වෙනකොට ටිග්‍රේ එරිත්‍රියා වගෙ පලාත් වලින් රෙසිස්ටන්ස් එකක් පටන් ගන්නව. සමාජවාදි ආර්තික පරික්ශණ වල ෆේලියර් සිවිල් යුද්දෙ මදිවට සහෙල් කලාපෙ ලොකු නියන් කාලෙකුත් එනව. ටිග්‍රේ ඇතුලු කදු වලට ආහාර සැපයුම නතර කරනව සමාජවාදි ආණ්ඩුවෙන් (දැන් ගාසාවට කලා වගෙ) මේ නිසා ටිග්‍රේ අවට කදුකරයේ විශාල ආහාර හිගයක් ඇතිවෙනව හැමෝම දන්න ඉතියෝපියානු සාගතය මේක.

මේ කාලෙත් බීට ඉශ්‍රායල් වරු පුරුදු පරිදි එදාවේලක් කාල ඉන්නව, දුශ්කර නිසාම රටේ අර්බුදත් වැඩිය දැනෙන් නෑ. හැබැයි එක බීට ඉශ්‍රායල් වරයෙක් කැරලිකාරයින්ට උදව් කලා කියල ස්මාජවාදි ආන්ඩුව ඔහු පස්සෙ පන්නන්න ගන්නව. මෙ පුද්ගලයා පණ බේරගෙන සුඩානයේ තියෙන අනාත කදවුරකට එනව. එහිදී ඔහු ඊශ්‍රායලය කියන රට ගැන කරුණු හොයාගෙන ඊශ්‍රායලයට තමන්ගෙ විස්තරය දැනුම් දෙනවා.

කතාව අහන මොසාඩ් ආයතනය තමන්ගෙ රටේ ගෝත්‍රයක් ද මේ කියල මිශන් එකක් එවනව. ඊශ්‍රායලය පිළි නොගන්න අරාබි රටක් වන සුඩානෙට බහින්න ලේසි නැති නිසා මාට්ටු වුනොත් ඔලුව ගැලවෙන නිසා තමා වෙරල අවට පොඩි රවුමක් දාල හෝටලයක් හොයන් ස්විස් කට්ටියක් වගෙ එතෙන්ට බහින්නෙ. පෙර කී පුද්ගලයා හමුවන මොසාඩ් නිලධාරින් හා ඊශ්‍රායල ආන්ඩුව තීරණය කරනව ඉතියෝපියාවෙ මතුවන තත්වයන් එක්ක අනාරක්ශිත නිසා මේ ගෝත්‍රය ඊශ්‍රායලයට ගෙනියන්න.

හෝටලෙ දුවන අතරෙ ඒජන්ට්ස් ලා වැඩේ කරගෙන යනව. ජෙරුසෙලමට යන්න ලෑස්ති වෙන්න කියල පණිවුඩය යවනව ගැමියන්ට. මේක අහන යුදෙව් ගෝත්‍ර කිමි 500 කට දිග ගමනක් පයින් කදු හෙල් ඔස්සෙ ඇවිත් සුඩානයට එනව. ඒ එන ඔක්කොම අර අනාත කදවුරු වලට තමා යන්නෙ. මේ දුශ්කර ගමන් වලදි සිවිල් යුද්ද වලට අහුවෙල හොරුන්ට අහුවෙලා හෝ අනතුරු වෙලා දාස් ගානක් මැරිල තියෙනව

ඊට පස්සෙ මොසඩ් ඒජන්තයින් ලොරි ලෑස්ති කරල මේ අයට පනිවුඩය යවනව. ඒක මොනවගේ පනිවුඩයක් ද කිව්වොත් බොහොවිට මහරාත්‍රියෙ නිදියන් ඉන්න පිරිසක් ඇහැරල ජෙරුසෙලමට යන්න එන්න කියල එක්කගෙන යනව වගෙ කෙරෙන්නෙ. මේ මිනිස්සු ජීවිතේට ලොරියක්වත් දැකල නෑ.

ලොරිය හොර පාරෙන් කාන්තාරෙ ඔස්සෙ යනව හෝටලේ ආසන්න වෙරලට. රත්‍රී කීපයක් ගෙවන්න ඉඩ තියෙනව. ඒ වෙලාවලට ඔවුන්ව රහසිගත වාඩි (අරාබි බසින් වාඩි කියන්නෙ ගැඹුරට හෑරුනු වියලී ගිය ගන්ගා නිම්න. සුඩාන කාන්තාරෙ මේව තියෙනව) අර මිනිස්සු සමහර වෙලාවට ඊශ්‍රායලයට ආව කියල සුඩාන කාන්තාරෙ පොලොව සිපගන්නවලු.

අන්තිමේ වෙරලට එන අයව ඩිංගි බෝට්ටු වලින් ඊස්‍රායල නැවකට අරන් ගිහින් ඔවුන්ව ඊශ්‍රායලයට ගෙන යනව. බෝට්ටු සෙල්ලම සුඩානයට මාට්ටු වුනාම හර්කියුලිස් ප්ලේන් කාන්තාරෙට කලුවරේ බස්සල එයාලිෆ්ට් කරනව.

මේ ඔක්කොම මැද්දෙ රිසෝට් එක මාට්ටු නොවී දුවනව. ලොව පුරා සංචාරක මැගසින් වල නම යනව. හවුස් ෆුල් වෙනව. මිශන් එක කරන්න එව්ව ස්ටාෆ් එකට අමතරව හෝටලෙ දුවන්න කියල වැඩියෙන් මොසාඩ් උන් එවන්න වෙනව. සුඩාන රජයේ ඉහල නිලදාරින් තානාපති හා රාජ්‍යතාන්ත්‍රිකයන් නිතර එනව. අපරාදෙ කියන්න බෑ මිශන් එකට වියදමක් යන්නෙම නැති තරම් මොකද හෝටලේ ආදයමෙන් හෝටලයත් කරල රෙස්කියු මිශන් එකත් කරන්න පූලුවන්.

1980 පටන් ගන්න හෝටලේ මේ වෙනකොට අවු 5 ක් දුවල. ඒ කාලෙ ඉහියෝපියාවෙ සාගතය හා සිවිල් යුද්දයේ උපරිමේ. එකතැනකදි සුඩානයට මේ ගැන ඉව වැටුනු බව දැනගත්තම ඇමරිකාවට කියල රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් හා ලොකු මුදල් හුවමාරු වලින් සුඩාන නායකයව එකග කරගන්නව රාත්‍රියෙ හොරෙන්ම ඛාර්ටුම් ගුවන් තොටුපොලෙන්ම ගෙනියන්න. මේ වෙනකොට 6000 කට වඩා ගෙන ගිහින්.

ලොකු ලොකු නම්බර්ස් වලින් යනකොට එක තැනකදි මේ සියල්ල පත්තර වල පළ වෙනව. මේ කාලෙම සුඩානෙත් හමුදා කුමන්ත්‍රණයක් වෙනව. කුමණ්ත්‍රණය සමගම අරවුස් රිසෝට් එක රේඩ් කරන්න යන ආරංචියක් එන නිසා එක පාරට දවසක් ඒකෙ ඉන්න මොසාඩ් ඒජන්ට්ස් ලා තමන්ගෙ වාහන වලින් කාන්තාරෙට බාපු කාගෝ ප්ලේන් එකක් ඇතුලට ඩ්‍රයිව් කරල ඊශ්‍රායලයට ම යනව. එක පාරට හෝටලෙ ගෙස්ට්ලා ෆුල් ඉද්දි ලෝකල් සේවකයින් පමනක් ඉතුරු වෙනව. අඩුම ගානෙ ඔවුන් දන්නෙවත් නෑ අපර් මැනේජ්මන්ට් එක දාල ගියා කියලවත්. අරවුස් රිසෝට් එක ඒ සමගම වහල දානව.

මීට පස්සෙ ඇමරිකාව හරහ රාජ්‍යතාන්ත්‍රික බලපෑම්, වෙපන්ස් හා සල්ලි දෙමින් ඉතියෝපියානු සමාජවාදි හුන්ටාවේ අවසරය මත අඩිස් අබාබා වලින්ම බිට ඉශ්‍රායල් ලා එයාලිෆ්ට් කරනව රහසේ.

ඔක්කොම 90000කට වඩා (කරෙක්ශන්: කලින් ලිව්වෙ 18000 කියන්නෙ 1991 එක මිශන් එකකින් දවස් දෙකක වගෙ කාලෙක එයාලිෆ්ට් කල තරම) එක්ක ගියා කියනව. 2000 ට(සමහර සෝසස් අනුව 4000ක්) වඩා මග මැරිල තියෙනව. එක බෝයින් 747 ගුවන් යානෙක එක්දාස් ගානක් එයාලිෆ්ට් කරලා ලොකෙ වැඩිම මගීන් ගානක් ගිය ප්ලේන් එකේ වාර්තාව තියල තියෙන්නෙත් මේ මිශන් එකේ.

ජෙරුසෙලමේ මෙන්න මේ  සිහිවටන පලකය ස්මරණය කරන්නෙ එදා  ආපු අමාරු ගමන.



අදටත් බීට ඊශ්‍රායල් ලා ඉන්නෙ ඉශ්‍රායලේ. අවුරුදු දාස් ගානක් ලෝකෙන් වෙන් වෙච්ච ඇත්තෙන්ම ලොස්ට්ට්‍රයිබ් එකක් එක පාරට දියුනු රටකට ආවම කොහොම ශොක් වුනාද දන්නෙ නෑ. 2009 මේ වැඩේ පටන් ගත්ත බීට ඉශ්‍රායල් වරයා මිය ගියාම ජාතික වීරයෙක්ලෙස සැලකුම් ලබනව.

මාර රොමැන්ටික් නේ. තමන්ගෙ ජාතියෙ මිනිස්සු ලෝකෙකොහෙ හිටියත් උන්ව බේරගෙන අරන් ආව කියන එක. ක්‍රි පූ 680 විතර යුද්දෙකින් අතුරුදහන් වෙච්ච ට්‍රයිබ්ස් 10 තාම හොයන එක.

පොඩ්ඩක් හෝව්. ඔබට මේ රොමෑන්ටික් ජාත්‍ය්ලය තුල පවතින ජතිවාදය පේනවද?

ඊශ්‍රායලය කියන රට ලොකෙ ඕනෙම තූත්තුකුඩියක ඉන්න යුදෙව් කියන ලේබලය කොහොම හෝ ගහගත්ත - අවු 3000 ක් වෙන් වෙලා හිටියත් කමක් නෑති - ඕනෙම එකෙකුට සිටිසන්ශිප් දෙනව ගෙන්න ගන්නව. ඒ වෙනුවෙන් පුදුම මහන්සියක් අවදානමක් හා වියදමක් දරනව. ඒත් 1947 සිට මේ දක්වා ඔහොම ආපු ඊශ්‍රායල් වරුන්ට පදිංචි වෙන්න සරු බිම් වතුර තියෙන තෑන් වල එහෙම අල්ලා ගන්න එලවා දාපු ඒවයෙ හිටපු පලස්තීන අරාබින් මිලියන පහකට වඩා ඒ අවට රටවල අවතැන්ව ඉන්නව. උන්ට ඊශ්‍රායලයට ඇතුලුවීම තහනම්. ද්වි රාජ්‍ය ගිවිසුමෙත් එක කොන්දේසියක් තමා හැදෙන පලස්තින රාජ්‍යයට වත් තමන්ගෙ රටෙන් එලවා දාපු පලස්තින අවතැන් මිනිසුන් වද්ද ගන්න තහනම්.

ඉතියෝපියානු සගතයෙ කන්න නැතිවෙයි කියල මේ මිනිස්සු අරන් එනව දැන් ගාසාවට ආහාර සහ වතුර කපල තියෙන්නෙ ගාසාවෙ සිවිල් වැසියන් මේ බෝම්බ දාන අස්සෙ ප්‍රාණ ඇපකාරයින්ව හමාස් එකෙන් බේරගෙන ගෙනත් නොදුන්නොත් වතුර හා ආහාර ලැබෙන්නෙ නෑ උන්ට.

පිටට පේන ජාත්‍යාලය අස්සෙ දුවන අපාතයිඩ් නරුම කම ඒකයි.

බීට ඉශ්‍රායල් කතාව නෙට්ෆ්ලික්ස් එකේ තියේලු. Red Sea Diving Resort කියල. හැබැයි ෆිල්ම් එකක් වගෙ වෙන අතින් කෑලි දාල කතාව වෙනස් ලු තියෙන්නෙ.

ඊට පස්සෙ මොකද වුණෙ දන්නවද ඔයා?

ඒ කිව්වෙ ඉතින් එයාලිෆ්ට් කරගෙන ආවනෙ මේ හීබෲ කතානොකරන එත්නික් අප්‍රිකානු යුදෙව්වන්ව. ආපු උන්ට මොකද වුනේ?

තනි නිරවුල් සෝස් එකක් ඩොක් එකක් නෑ. විකියෙ පොඩි සමරියක් තියෙනව සමහර දත්ත සමග. මන් ඒක කමෙන්ට් එකකට දාල ඇති. පේන තාලෙට වෙලා තියෙන්නෙ ඔවුන්ට බටහිර අධ්‍යපනය ලද ඉන්ග්‍රීසි හා හීබෲ කතාකරන යුදෙව්වන් එක්ක තරග කරන්න සිද්ද වීම. මේ නිසා බීට ඉශ්‍රායල් වරුන්ගේ මුල් පරපුරට රස්සා කරගන්න බැරුව ආන්ඩුවේ සුබසාධනයෙන් යැපුනා කියනවා. හැබැයි ඉතින් මේවා රිෆියුජි සංක්‍රමණයේ නෝමල් තත්වයක්. දෙවෙනි පරපුර අනෙක් යුදෙව්වන් වගේම ඉගෙනගෙන රස්සාවාට හමුදාවට බැදිල සාමාන්‍ය ලෙස හිටිය කියනව ඒත් ජනගහන ප්‍රතිශතයට සාපේක්ශව හොද රස්සවල ඉන්න ප්‍රතිශතය අඩු නිසා ඔවුන්ට සිස්ටමික් කැපිල්ලක් තියේ කියලත් මතයක් තියෙනව. මුලු ඊශ්‍රායලයම මේ කලු ජාතිකයන් යුදෙව්වන් ලෙස පිලි නොගන්න නිසා රට තුල පොඩි කැපිල්ලකුත් තියේ කියනව. හැබැයි සමස්ත බහුතරය ඔවුන් පිලිගන්නව ඔවුන්ගෙ නිවාඩු දවස් විශේශ දවස් හා ඔවුන් ආපු ගමන සමරනවා. අද වෙද්දි ඊශ්‍රායල් ජනගහනයනෙ 2%ක් හෙවත් 160000 පමණ ඉන්නෙ බීට ඉශ්‍රායල් වරු. අවුල් වෙලා ආපහු ගිය බවක්නම් අහන්න ලැබිලානෑ.

බීට ඉශ්‍රායල් සංක්‍රමණය ඊට පස්සෙත් වෙලා තියෙනව. සමාජවාදි ආංඩුව එලෙව්වට පස්සෙ ආපු නව රජය යටතෙ සක්‍රමණ වැඩසටහනක් තුලින්. කාලයත් එක්ක ඉතියෝපියාවෙ බීට ඉශ්‍රායල් ප්‍රදේශත් ලෝකෙට එකතුවෙලා. ගොන්ඩෝර් කියන නගරයෙ දැන් ඊශ්‍රායල් ඒජන්සි එහෙමත් තියෙනව. දිගින් දිගටම කැමැති බීට ඉස්ග්‍රායල් වරුන් එක්ක ගියත් තාමත් 12000 පමණ ඉතියෝපියාවෙ ඉතුරු වෙලා ඉන්නව. ඒ වගේම සහශ්‍ර ගානක් තුල ඉතියෝපියානු මුස්ලිම්/ක්‍රිස්තියානි බලපෑම් එක්ක කැමත්තෙන් හෝ බලෙන් කන්වර්ට් වූ නමුත් පහුගිය අවුරුදු සීයතුල ආයෙ යුදෙව් වූ යුදෙව්වන් ඉන්නව ඒ වගේම බ්ලඩ් ලයින් එක ශුවර් නැති (මික්ස්ඩ්) අයත් ඉන්නව. මෙයාලගෙ වීස ප්‍රොසෙස් කරගන්න ඉදහිට යුදෙව් සංව්ධාන උද්ඝෝශන එහෙමත් කරනව. ඊයෙ පෙරේද ඇති වූ ඉහියෝපියානු යුද්දය නිසා මේ අය වැඩි හරියක් ප්‍රොසෙස් එක ස්පීඩ් කරල ගෙන්වාගෙන තියෙනව. පහුගිය මැයි වල 200ක්.

Saturday, October 7, 2023

ඊශ්‍රායල පලස්තීන අර්බුදය ගැන ලියූ සටහන්


ඊශ්‍රායලය හා පලස්තීනය ගැන ඇතිවෙන්න අහන්න ලැබෙයි ඉදිරි මාසෙ විතර. මොකද හමාස් ලා පළමු වරට ගොඩින් මුහුදෙන් හා ගුවනින් (පැරාග්ලයිඩර්ස්) ඊශ්‍රායලයට ප්‍රහාරයක් එල්ල කරල ඊශ්‍රායල බෝඩර් පෝස්ට් යුදමය ලෙස පරද්දල දකුණු ඊශ්‍රායලයේ කොටස් තාවකාලිකව අල්ලගෙන ප්‍රාණ ඇපකරුවන් ලෙස ලොකු පිරිසක් ගාසාවට ගෙන ගොස් තියෙනව. ඒ සමගම බෙන්ජමින් නටන්යාහු යුද ප්‍රකාශ කරනවා හමාස් ට එරෙහිව. ඒකෙ අවසානය තාම අපි දන්නෙ නෑ.

මෙහි ලියවෙන්නෙ ඊශ්‍රායල පලස්තීන අර්බුදය ගැන සවිස්තර සටහනක් නොවේ, මේකෙ මිස්වෙන දේවල් ගමකට ඇති. මේ වරින් වර එහි ඇතැම් මාතෲකා ගැන ෆේස්බුක් ලියූ සටහන් කීපයක එකතුවක් පමණයි. මේකෙ අරමුණ මම තැන තැන ලියු කාර්ණා එක පිටුවකට ගන්න එක පමණයි.

මේ අර්බුදය ගැන මම ඉන්නෙ නියුට්‍රල් තැනක. මේකෙ පාර්ශ්ව දෙකම අහිංසකයින් නොවේ ඒ වගේම ඔවුන්ට වෙන චොයිස් තිබිලත් නෑ. ඒත් ලාංකීය සයිබරේ අසාමාන්‍ය ලෙස ඊශ්‍රායල ප්‍රේමින් වැඩියෙන් ඉන්නව පේන්න තියෙන නිසා මුලින්ම ඒකෙන් පටන් ගම්මුකො.


ලාංකිකයන්ගේ ඊශ්‍රායල ප්‍රේමය
2021 මැයි

ඊශ්‍රයල් ප්‍රේමය =
බයිබලික අද්‍යාපන්‍ය ලැබුවන් +
බටහිර ප්‍රියකරන්නන් +
අමරිකන් ගොට්ටන් +
යුදමය සිස්ටම් ප්‍රේමින් +
ධනවාදය ප්‍රියකරන්නන් +
සිනමාවේ සමාජ ජාලා වල ටික් ටොක් එකේ එතෝට උන්ගෙ ආමි ෆොටෝ වල පවා ඊශ්‍රායල් නම්කිලාගේ ෆෝව්ඩ්කම හා සූකිරි කම දැක බිහිවී ඇති ඊශ්‍රායල් අන්කල්ලාගෙ බෑණාවරුන්ගේ සන්ගම් +
ලන්කාවෙ විවිධ මුස්ලිම් අන්තවාදි ක්‍රියා නිසා ඇතිවු මුස්ලිම් විරෝදින් +
යාපනේ නම් ආයෙ සින්හල කරන්න ඔනෙ කියන සින්හල අන්තවාදින් +
දෙමලට රටක් ඔනෙ කියන දෙමල අන්තවාදින් +
ඊශ්‍රායලයෙ සේවය කරන අය සහ පවුල් වල අය +
අරාබියෙ සේවය කර ගැහැට විදි අය සහ ඔවුන් නිසා කේන්තියට පත් අය

කදවුරු වශයෙන් ලන්කාවෙ ඕකට නැත්තෙ මුස්ලිම්මු සහ වම්මු පමනයි


ඊශ්‍රායල-පලස්තීන අර්බුදයේ අනාගතය
2021 මැයි

ඉතාම පැහැදිලිව ඊශ්‍රායලය වාර්ගික අපාතයිඩ් එකක් මේන්ටේන් කරන රටක් නෙ. තමන්ගෙ රට ලෙස සලකන කලාපෙට අමතරව අසල්වැසි ප්‍රදේශ හතරක් (ගාසාව, බටහිර ඉවුර, නැගෙනහිර ජෙරුසලම, ගෝලාන් කදු) අල්ලන් ඉන්නව. ඒවයෙ ඉන්න මිනිස්සු ඊශ්‍රායල මිනිස්සු නෙවි ඔවුන්ට ඉතිරි ඊශ්‍රායලයට එන්න බෑ.

ඔවුන්ගෙ වැක්සිනේශන් කරන්නෙ නෑ (ඊශ්‍රායලේ වැක්සිනේශන් ප්‍රතිශතේ 60% පැන්නට ඒ ඔෆිශියල් රට සැලකුවොත්, අල්ලාගත් පෙදෙස් වල වැක්සිනේශන් ඊශ්‍රායලයෙන් කරලත් නෑ පලස්තීන පාලකයො කරලත් නෑ එව්වයෙ ඔල්මොස්ට් 0 යි). ඊශ්‍රායලය භුමියෙ ජාතිවාදි ව්‍යාපාර මේන්ටේන් කරනව වගේම මුස්ලිම් වැසියන්ගෙ පදින්චි ස්තාන (ඉපැරනි ටෝරාවේ සදහන් ජනාවාස මත පිහිටා) යුදෙව් ජනාවාස හදනන් අල්ල ගන්න එක තාම කරනව.

ඕන්න ඔය මොකකට හරි මළ පැනල හමාස් ලා රොකට් ගහනව. ඒකට ඊශ්‍රායලේ ගාසාවට කුඩුවෙන්න තියනව.

මේකෙන් කාටවත් ලොකු වාසි පාඩුවක් වෙන්නෙ නෑ. හමාස්ට සුද්ද ලාබයක් එන්නෙ උන්ගෙ නායකයින් ඉද හිට මැරුම් කනව ඒත් ගහන ගහන පාරක් ගානෙ සපෝට්වැඩි වෙනවනෙ. ඊශ්‍රායලයට ලොකුවයින් ලාබයක් හෝ පාඩුවක් නෑ. ලාබ වෙන්න තිබ්බ ගාසාව ඉවරයක් කලානම් ඒත් ගාසාවෙ මිලියන දෙකක් ඉන්නව.

හැබැයි උන්ගෙ ආයුද වලට යන විශාල වියදම නම් උන්ට දෙන්නෙ ඇමරිකාව. වසරකට ඩො බි 4 පමන දෙනව ඒක එහෙම්ම වගෙ යන්නෙ ආයුද මිලට ගන්න. ඉතින් ඔය යුද්දෙට ස්පොන්සර්ශිප් කරන්නෙ ඇමරිකන් ටැක්ස් ප්ලේයර්ස් ලා. සුද්ද අලාබෙ උන්ට.

මිනිස්සු මැරෙනව තමයි ඒත් ඔබට පේනවද මේක මාර බැලන්ස් එකක්. මේක මෙහෙමම ඉස්සරහට යන්න දෙගොල්ලටම පුලුවන්. දෙගොල්ලටම වින් වින්. පාඩුව ඇමරිකාවට.

හැබැයි ඊශ්‍රායලෙ මුහුන දෙන රියල් යුද්දෙ තියෙන්නෙ වෙන තැනක.

අල්ලගත් පෙදෙස් නොවන ඊශ්‍රායලේ ඇතුලෙ යුදෙව්වන් මිලියන 7.2 යි පලස්තිනුන් මිලියන 1.7යි, (හැබැයි නැගෙනහිර යෙරුසලමෙ මිලියන 0.2 ටත් ඊශ්‍රායල් අයිතින් තියෙනව සීමා එක්ක. ඒක බටහිර ඉවුරට තමයි වටෙන්නෙ ඒ වුනාට). බටහිර ඉවුරෙ පලස්තින ප්‍රජාව මි 3 යි ගාසාවෙ 2 යි (ගෝලාන් කදුකරය නොගිනිය හැකියි). සමස්තයක් ලෙස යුදෙව් මි 7.2 ට පලස්තීන උන් රට ඇතුලෙ සහ අල්ලගත් ප්‍රදේශ වල මි 6.7 ක් ඉන්නව.

ඊශ්‍රායල් රටෙ පලස්තීන යුදෙව් ඔක්කොම මි 9 වගේනෙ ඉන්නෙ. උන්ගෙ වර්ධන වේගය 2% යි. ඕකෙන් රට ඇතුලෙත් පලස්තීන වර්ධන වේගය ඊස්‍රායල් ට වැඩියි උන්ගෙ ප්‍රතිශතය එන්න එන්න වැඩි වෙනව. බටහිර ඉවුරෙ 2.5% යි ගාසාවෙ 3.4% යි.

ඔය යුදෙව් මිලියන 7.2 ඉන්නෙ තම රටෙ පලස්තීන මි 1.7ක්, අල්ලාගත් පෙදෙස් වල පලස්තීන මි 5 ක් සහ වටේට අරාබි/තුර්කි/ඉරන මි 500 පමණ මැද්දෙ

ඉතින් ඔය රොකට් මිසයිල් ගුවන් ප්‍රහාර අයන් ඩෝම් ආදිය නිකම් නාට්ටියක් පමණයි. සාමය මිස වෙන කිසිම පැවත්මක් ඊශ්‍රායලයට නෑ. වටෙන් අල්ලාගත් පෙදෙස් වලින් මෙන්ම රට ඇතුලෙමත් උන් මයිනොරිටි වෙන එක වීගෙන යන්නෙ.

ඊශ්‍රායලය මෑත කාලෙ කරපු එකම වැදගත් ක්‍රියාව තම පැවැත්මට කල එක ම ධනාත්මක ආයෝජනය සවුදිය සහ එමිරේටය සමග මිත්‍රවීම සහ කලාපෙ වේගෙන් වර්ධනය වන අරාබි රාජ්‍ය අතර බෙදුමෙ පැත්තක් තමන්ට අවනත කරගන්න විවර කරගත් ඒ පොඩි ඉඩ පමණයි.

දවසක් එනව ඊශ්‍රායලේට තියෙන නියුක් වත් ගහල තේරුමක් නැති.


අයන් ඩෝම්
2021 මැයි

අයන් ඩෝම් එක ගැන බොහෝ පොරටෝක් පේනවා. ඒත් මට හිතෙන්නෙ ඩෝම් එකේ අනාගතේ තියෙන්නෙ ස්මාට්ෆෝන් ඇප් එකක කියල.

හමාස්ලට ඇප් එකකින් කෝඩිනේට් කරල උන්ගෙ රොකට්ස් කීප සීය එක මොහොතෙ ගහන්න හැකි වුනොත් ඩෝම් එක ඩූම් වෙනව කියලයි මට හිතෙන්නෙ.

මොකද ගහන එකාට හෙන ලේසියි බේරන එකාට මාර අමාරුයි ඔය ගේම. බේරන එකාගෙ කැපාසිටිය රොකට් සියගානක් එකවර ආවොත් ඒක දරාගන්න සමත් වේද?

හමාස් ලත් ඕක නොකරන්නෙ එහෙම කලොත් එන්ඩ් රිසල්ට් එක අනුව ලෝකෙම ඇවිත් උන්ව නැතිම කර දාන ඉඩ නිසා වෙන්න පුලුවන්. ඊශ්‍රායලේ පුරා රොකට් ගැහුව කියල ඊශ්‍රායලේ සිය හෝ දාස් ගානක් මැරුව කියල මොකෝ උන්ට පලස්තීනයක් ලැබෙන්නෙ නෑනෙ. මේ යන රේට් එකේ ඊශ්‍රායලයට හිසරදයක් වීම උන්ගෙ ගේම් එකට වඩාත් වාසියි.


ද්වි රාජ්‍ය සැළසුම හා ඊශ්‍රායල දේශපාලනය වෙනස් වූ හැටි
2021 මැයි

ටූ ස්ටේට් හෙවත් ද්වි රාජ්‍ය සැලසුම කියන්නෙ ඊශ්‍රායලය සහ පලස්තීනය කියා ස්වාධීන රාජ්‍ය දෙකක් කනාන් භුමියේ නිර්මාණය කිරීමට. ඇත්තෙන්ම මේක තමා නිවැරදිම. මොකද ඔය මුලු භුමියම පාලනය කල ඊශ්‍රායල හෝ පලස්තීන ස්වාදින රාජ්‍යයක් කවදාවත් තිබිලා නෑ භුමිය කොටස් පමණයි ඒ ඒ රාජ්‍ය පාලනය කලේ.

ඓතිහාසික යුදෙව් රාජ්‍ය කිසිවක් අද තියෙන ඊශ්‍රායලයෙන් බාගයක සයිස් එකේවත් නෑ. ඒක වටේට තව රාජ්‍ය රාශියක් තිබ්බ. ඊශ්‍රායලය කියල හදල තියෙන එක ඒ අහල පහල රටවලුත් එකතු කරල තමා හදල තියෙන්නෙ. ඉන්නෙත් සුළු මිලියන ගානක් නිසා භුමිය සමසේ බෙදා ද්විරාජ්‍ය රාමුවක පාලනේ ගෙනයාම තමා සුදුසුම. නෝට් - සමසේ බෙදා.

ඒත් දැන් ටූ ස්ටේට් කියන්නෙ එවැන්නකට නොවේ. කොටිම්ම කවදාවත් ටූ ස්ටේට් ප්ලෑනේ ඔහොම භුමිය සමානව බෙදීල යාමක් ගැන කතා වෙලා නෑ. මුලින්ම ටූ ස්ටේට් ප්ලැන් එක එන්නෙ 1949 තිබ්බ දේශසීමා මත ඊශ්‍රායලය පවතින්නත් ඉතිරි කොටස පලස්තීනය ලෙස නිදහස දෙන්නත්. කෙසේ නමුත් පසුව මේ දේශසීමා 1967 සයදින යුද්දයේ අවසානෙ තිබ්බ සීමාවල් වලට හෝ 1980 දශකයෙ සීමා වලට වශයෙන් ක්‍රමයෙ ලොකු ඊශ්‍රායල්‍රටක් සහ ඒකෙ අනවශ්‍ය කෑලි පටවල හදන හුච්චම් පලස්තීනයක් කියන තැනට යනව. ජනගහන වලින් ලොකු වෙනසක් නැ ඊශ්‍රායලේ මි 9 ට පලස්තීනෙ මි 5 යි රටින් එලවපු තව මි 1 සිට 5 වගෙ ගානක (කීයක්ද ශුවර් නැති) අනාතයිනුයි

අවසානෙ 1993 ඔස්ලෝ සම්මුතිය ලෙස ධවල මන්දිරයේ අත්සන් තබා එකගවන්නෙ ඔය "අල්ලාගත් ප්‍රදේශ" වලින් දෙකක් එනම් ගාසාව සහ බටහිර ඉවුර දීල පලස්තීනයක් හදන්න. ඒත් අනිත් අල්ලාගත් ප්‍රදේශයක් වන නැගෙනහිර ජෙරුසලම දෙන්න අදහසක් නෑ.

මේ සමග ඊට අත්සන් තබන පලස්තීන විමුක්ති සන්විධානය ඊශ්‍රායලය රටක් ලෙස පිළිගන්නවා. ඔන්න ඔහොම තමා අද පලස්තීනය නමින් එ ජා සන්විධානයේ "නිරික්ශක මට්ටමේ" (සාමාජික නොවේ) රටක් හදන්න පදනම වැටෙන්නෙ

කෙසේ නමුත් ඊශ්‍රායලය එසේ පලස්තීනය සම්පුර්නයෙන් අතහැර දැම්මෙ නෑ. ඒ වගේම පලස්තීන පාර්ශ්වයෙත් මහජනයා එනම් අල්ලාගත් පෙදෙස්වල ජනය ඊශ්‍රායලය පිළිගත්තෙත් නෑ. ඒ වෙනුවට ඊශ්රායල අන්තවාදියෙක් ගිවිසුම අත්සන් කල අගමැති යිට්ශැක් රබීන් ව ඝාතනය කරනවා 1995 දි. පලස්තීන ගාසා වාසින් එතෙක් ඔවුන්ගෙ ප්‍රධානම විමුක්ති සන්විධානය වූ පලස්තීන විමුක්ති සන්විධානය වෙනුවට හමාස් බලයට ගේනව. ඊශ්‍රායලය මේ අල්ලාගත් පෙදෙස් වල ඉපරණි ටෝරාවේ ස්තාන අනුව පලස්තීනුවන් නිවෙස් වලින් එළවමින් පිහිටුවන් යන යුදෙව් ජනාවාස සමූහයත් පලස්තීනයට නිදහස දීමට බාධාවක් වෙනව.

දැන් පොඩ්ඩක් ඔය කතාව ඔතන තියල ඊශ්‍රායල දේශපාලනයේ විකාශය බලන්න ඕනෙ.

ඊශ්‍රායලය බිහි කළ දවසෙ පටන් එහි පාලනය ගෙනියන්නෙ වාමාන්ශික පක්ශ - ඔව් මේක සමහරුන්ට පුදුමයට කාරණයක් වෙයි, ඒත් ඊශ්‍රායලයේ මුල අවු 30 පමණ නොකඩවා බලයෙ ඉන්නෙ කම්කරු පක්ශය ඇතුලු වාමාන්ශික පක්ශ. ඔය මහා යුද්ද ඔක්කොම වගෙ කරන්නෙ ඔවුන් යටතෙ. ඊශ්‍රායලය තුල පළමු වරට ඉදිරිපෙළ දක්ශිනාන්ශික පක්ශයක් නිර්මාණය වන්නෙ 1977 දි ලිකුඩ් පක්ශය. ලිකුඩ් පක්ශය දක්ශිනාන්ශික කිව්වට තරමක් මැදමාවතේ තියෙන්නෙ, ඊට විශේශයෙන්ම හේතු වෙනව ඒරියල් ශැරොන් වගෙ සමාරම්භක දේශපාලකයින්. 1977 දි ම ඔවුන් බලය අරගන්නව 80 දශකෙ ප්‍රධාන වශයෙන් බලය දරන්නෙ ඔවුන්. කම්කරු/වාම කදවුරෙ යිට්ශක් රබින් සහ සිමෝන් පෙරෙස් අතර මාරුවන නායකත්වය එක්ක ලිකුඩ් පක්ශය තමා තරග කරන්නෙ ඒ කාලයේ. එනයින් එවකට රටෙ බල තුලනය පවතින්නෙ සෙන්ටර් ලෙෆ්ට් කම්කරු පශය හා සෙන්ටර් රයිට් ලිකුඩ් අතර.

ඊශ්‍රායල දේශපාලනයේ ලොකුම වෙනස්කමක් වෙනව 1993 අත්සන් තැබෙන ඔස්ලෝ ගිවිසුම එක්ක. මෙ සමගම ඊශ්‍රායල දේශපාලනය පිම්මක් දකුණට පනිනව කිව්වොත් නිවැරදියි. එක අතකින් ගිවිසුම අත්සන් කල රබීන් ට ආයෙ චන්දෙ ඉල්ලන්න වෙන්නෙ නෑ ඔහුව ඝාතනය කෙරෙනවා. ඊට පස්සෙ කම්කරු/වාම බලවේගය බලයෙන් පිරිහෙනවා. එපමණක් නොවේ එතෙක් ලිකුඩ් පක්ශයේ මධ්‍ය දේශපාලනික ආස්තානයට තරමක් වෙනසක් කරමින් එහි නායකත්වයට සහ 1996 රටේ නායකත්වයට බෙන්ජමින් නතන්‍යාහු එනව.

මේ කාරනේ එක පාරටම වෙන්නෙ නෑ. රට ආයෙ පොඩ්ඩක් අනිත් අතට ගිහින් කම්කරු වාම බලවේගය නැවත බලය ගන්නව. ඒ අතර නතන්‍යාහුට එරෙහිව ලිකුඩ් පක්ශයෙන් ඒරියල් ශැරොන් බලවත් වෙනව. නතන්‍යාහු දේශපාලනයෙන් අයින් වෙල සමාගමක රස්සාවකට පවා යනව.

ශැරොන් මන් හිතන්නෙ ටූ ස්ටේට් විසදුමේ රබින් ලගට වැදගත් කෙනා. මොකද ඔහු 1993 ඔස්ලෝ ගිවිසුමට ගරු කරනව. ඒ මත පිහිටා ගාසාවෙන් සහ බටහිර ඉවුරෙන් ඊශ්‍රායල් හමුදා ඉවත් කර ඒව පලස්තිනුන්ට බාරදෙනව. එපමණක් නොවේ අර කලින් කිව්ව යුදෙව් ජනාවාස වලට ඉවත් වෙන්න කියනව. ගාසාවෙ යුදෙව් ජනාවාස ඉස්ශ්‍රායල් හමුද දම්මල ඉවත් කරවනව (බටහිර ඉවුරේ නම් ලක්ශ හය හතක යුදෙව් ජනගහනයක් ඉන්නව තාම). ශැරොන් මේ හේතුව නිසාම ජාතිකවාදි ලිකුඩ් පක්ශයෙන් ප්‍රතික්ශේප වෙනව. ඒත් මිනිහ කරන්නෙ අලුතෙන්ම පක්ශයක් හදන එක. මේ පක්ශය ආර්තික ලිබරල් සහ පලස්තීන අර්බුදයේ ඔස්ලෝ ගිවිසුම මත පිහිටා ඉන්න, පලස්තීනයෙන් ඉවත් වීමෙ ශැරොන් ගෙ ප්‍රතිපත්තියේ ඉන්න පක්ශයක්. ඒ නිසාම එවකට පිරිහෙන කම්කරු පක්ශය සහ වෙනත් පක්ශ රාශියක මැද මාවතේ අය ඒකට එකතු වෙනව. ඒ අතර ශිමොන් පෙරෙස් පවා ඉන්නව. කෝම හරි පළමු වරට කම්කරු හා ලිකුඩ් පක්ශ දෙකට අමතරව වෙනත් පක්ශයක් ලෙස ශැරොන් ගේ කදීමා පක්ශය බලය ගන්නව.

මන් හිතන්නෙ පලස්තීන ප්‍රශ්නය තීරණාත්මකව විසදන්න මේ මොහොත වැදගත් වෙන්න තිබ්බ. ශැරොන් සයදින යුද්දයේ සහ යොම් කිපුර් යුද්දයේ තීරණාත්මක මෙහෙවරක් කල රණවිරුවෙක් හැබැයි ලිබරල් ආර්තික රාමුවක් නව්‍ය දේශපාලනයක් එහෙම තියෙන ජනප්‍රිය නායකයෙක් ද්විරාජ්‍ය මොඩලය වෙනුවෙන් කැපවූ කෙනෙක්. මේ මුලු කතාවම ඉවරයක් කරන්න ඉඩ තිබ්බ මනුස්සය වන ඒරියල් ශැරොන් වැඩේ පටන් ගන්න වෙලාවෙම ස්ට්‍ර්‍ර්‍රොක් එකක් ඇවිත් ශාරීරිකව අඩපන වෙලා දේශපාලනයෙන් සමුගන්නව 2006 දි.

අපි ආයෙ මේක රිවස් එකේ බලමු. ඒරියල් ශැරොන් තමා ද්විරාජ්‍ය වෙනුවෙන් භුමියෙ ලොකුම දායකත්වය දුන්නෙ. ඔහුට පෙර අල්ලාගත් ප්‍රදේශ වල පාලනය ගෙනිච්චෙ ඊශ්‍රායල හමුදා. පලස්තීන විමුක්ති සන්විධානෙ ත්‍රස්ත කල්ලියක්. හමාස් ඊටත් දුබල එකක්. ඒ කාලෙ ඊශ්‍රායල්‍යට ගලක් ගහපු පොඩි එකෙක් වුනත් හොයාගෙන ඇවිත් මරල යන්නෙ. ඒව හරි වැඩ කියල නෙවි කියන්නෙ. ඒත් ඒ කාලෙ අද වගෙ ඔහොම රොකට් ගහන්න බලයක් පලස්තීනෙට තිබ්බෙ නෑ. අල්ලාගත් පෙදෙස් වලින් සෙසු රටට ලොකු තර්ජනයක් තිබ්බෙත් නෑ. ඒ අතින් බැලුවාම රටේ ආරක්ශාව දැඩි ලෙස අඩු කලා කියන චෝදනාවත් ඔනෙනම් ශැරොන් ට දාන්න පුලුවන්.

ඒහෙම තමා වෙන්නෙ. ශැරොන් ගෙ දිගුකාලින පක්ශ ප්‍රතිවාදියා වන බෙන්ජමින් නතන්‍යාහු ආපහු ලිකුඩ් පක්ශය එක්ක ඔලුව උස්සන්නෙ ශැරොන් නැතිව කදීමා පක්ශය එක පාරටම දේශපාලනෙන් අතු ගෑවි යද්දි (එහුඩ් ඔල්මට් ටර්ම් එකක් කරනව ඒත් බලය පිරිහෙද්දි). ඒ නටන්හායු ප්‍රකාශ කරන්නෙ තමන් ඉන්නකම් පලස්තින ස්ටේට් එකක් නිර්මාණය වන්නෙවත් නෑ කියල. ඒ කාලෙමයි එහුඩ් බරාක් ගෙ යටතෙ යන කම්කරු පක්ශය වේගයෙන් පිරිහෙන්නෙ සහ නායක්ත්ව වලි වලින් කැලි කැඩෙන්නෙ.

එතැන් පටන් ඒ කිව්වෙ 2009 පටන් ඊශ්‍රායලයේ අගමැති බෙන්ජමින් නටන්‍යාහු. ඔහු තම ඊශ්‍රායලයෙ වැඩිම කලක් අගමැති වෙලා ඉන්නෙ. ඔහුගෙ ප්‍රතිවාදින් ලෙස ඔහුගෙ වම් පැත්තෙ ඒ කිව්වෙ සෙන්ටර් ලෙෆ්ට් පැත්තෙන් ආපු කදීමා පක්ශය සහ වාමාන්ශික කම්කරු පක්ශය කෙමෙන් බලය අඩු වෙමින් යද්දි ඔහුගෙ ප්‍රතිවාදින් බලවත් වෙන්නෙ ඔහුටත් දකුණෙන් ඒ කිව්වෙ දක්ශිනාන්ශික කෙළවරෙන්. දැන් මේ මොහොතෙ නටන්‍යාහු ගෙදර යවන්න උත්සහ ගන්නෙ ඕපන්ලි දක්ශිනාන්ශික මතවාද කියන යමීනා පක්ශයෙ නෆ්ටාලි බෙනට් සහ ඒ වගේම මත තියෙන යෙශ් අටිඩ් වගේ පක්ශ. නටන්‍යාහුට ඕල්ටනේටිව් ලෙස ඉදිරිපත් වන්නෙ නෆ්ටාලි බෙනට් ලා.

කොටිම්ම දැන් ඉන්න ලෙෆ්ට් එක නටන්‍යාහු. ඒකෙන් තේරෙයි අපි අර පොඩ්ඩ්කට නතර කල ද්විරාජ්‍ය කතාව තියෙන්නෙ කොහෙද කියල. කොහෙවත් නෑ. ඕල් ඕවර්.

ඒම්ම පොඩිත්තක් පලස්තීනෙටත් ඔලුව දැම්මොත්, ඒ කාලෙ එනම් ඔස්ලෝ ගිවිසුම් කාලෙ පලස්තීන පාර්ශ්වයෙ ;ලොකු බරක් දැරුවෙ සහ ලෝකෙම හදුනාගත් අයිකොන් එක තමයි යසිර් අරපත් සහ ඔහුගෙ පී එල් ඕ එක. අරෆත් මියයන්නෙත් ද්විරාජ්‍ය රාමුවෙ මළගම සිද්දවෙන ශැරොන් ගෙ ස්ට්‍රෝක් එක කාලෙමයි. ඒ වෙනකොට පලස්තීන රාජ්‍යයෙ නායකත්වයට පත්කරගන්නෙ අරෆත් ට තිබ්බ කැරිස්මාව කොහෙත්ම නැති මොහොමඩ් අබ්බාස්. ගාසා වල උන් ද්විරාජ්‍යයට කිසිම එකගතාවයක් නැති මුලු ඊශ්‍රායලයම අතුගාල දාන්න ඔනෙ කියා හිතන හමාස් ලා බලයට ගේනව. ගෙස් වට්, ඊට පස්සෙ බටහිර ඉවුරෙ තාම චන්දයක් තියල නෑ. අබ්බාස් ඉන්නෙ චන්දෙ කල්දාමින් (කවුරුත් බල කරන්නෙ නෑ එයාට හේතුව ඔබ්වියස් නිසා). චන්දයක් තිබ්බොත් හමාස් දිනන ඉඩ බොහෝ වැඩියි. ඉතින් ඒ අතින් බැලුවම ද්වි රාජ්‍ය කතාව ඒ පැත්තෙනුත් මිය ගිහින්.

අවන්කවම ඔය කිව්ව ද්වි රාජ්‍ය රාමුව කිසිම පදනමකුත් නෑ. ඊශ්‍රායලේ දෙන්නෙ උන් අල්ලන් ඉන්න කෑලි ටික ඒකෙත් ජනාවාස හදල උන්ගෙ සෙට් එකක් බස්සල තියෙන්නෙ. අනික පලස්තීනෙන් පිටට එලවල අසල රටවල් තාමත් සරණාගාතයන් ලෙස දැන් තුන්වෙනි පරපුර දක්වා පමණ ඇදෙන පලස්තීන මිලියන බර ගාන ගෙන්වන්න තහනම් (උන් ආවොත් ඉබේම පලස්තිනුන් කලාපෙ බහුතරේ වෙනව, මොකද දැනටත් ආසන්නව යුදෙව් පලස්තින් ජනගහන සමානයි). අනෙක් අතට ද්විරාජ්‍ය ගිවිසුමෙන් පලස්තිනුන් ලවා ඉස්ශ්‍රායලෙ පිලිගැන්නුවට ඒක කරපු පක්ශෙ පරදිලා ඒකට එකග නැති හමාස් ලා බලේට ආපු ගමන් ඒ කතාව ඉවරයි. ඊශ්‍රායලේ සහ ඊජිප්තුව අස්සෙ හිරවෙච්ච පොඩි හුන්ඩු කෑල්ලක් වෙන ගාසාව වගෙ නෙවි ජෝර්දානය හරහ ඉරානය වෙනකම් කනෙක්ට් වෙන බටහිර ඉවුරේ ස්වාධීන හමාස් රාජ්‍යයක් ආවොත් වෙන දේ. එනයින් මේකෙන් ඊශ්‍රායල් ජනයාටත් වෙන්නෙ කරකියාගන්න බැරි තත්වයක්.

සරලව කිව්වොත් ඔය කියන ද්වි රාජ්‍යය දෙරටේම ජනයා පිලිගත්තේ හෝ ඒ තුල ආරක්ශිතව ඉන්න පුලුවන් කියල හිතන්නෙ නෑ. මන් කලින් කිව්ව වගේ ඒක නාමික ද්විරාජ්‍යයක් මිස ඓතිහාසික යුදෙව් සහ අනෙක් ජාතින්ගෙ සිමා බලල ගහපු සාදාරන බෙදුමකුත් නොවේ. මොක වුනත් ඒක මැරිලා ඉවරයි.

ඔය ද්විරාජ්‍යයට අමතරව කතාවන විසදුම් තව දෙකක් තියෙනව. එකත් තමා ඒකරාජ්‍ය ද්විජාතික ආන්ඩුවක්. ඒ කිව්වෙ ඊශ්‍රායල් යුදෙව්වන්ගෙ අන්දුව එක්කෙ සමානව බලවත් තනතුරු පලස්තිනුන්ටත් හදල දෙගොල්ල අතර බලය ශෙයා කරගන්න. ඒක බැලු බැල්මටම පේනවනෙ හෙන අන්‍ රියලිස්ටික් කියල.

අනික තමා ත්‍රිරාජ්‍ය සන්කල්පය හෙවත් පලස්තීනයක් ඕනෙම නෑ, ගාසාව ඊජිප්තුවටත් බටහිර ඉවුර ජෝර්දායටත් දීලා දාල ඒ රාජ්‍ය තුන සහජීවනෙන් ඉන්න එක. ඔන්න ඔක ඊශ්‍රයලයේ දිගුකල් පැවැත්මට හොදයි. මොකද ඊස්‍රායල් ප්‍රජාතාන්ත්‍රික ආන්ඩුවෙ හමුදා වගෙ නෙවි ඊජිප්තු ඒකාදිපතියගෙ හමුදා. අල් සිසි ට කෝමත් සීනයි වල ත්‍රස්තවාදි තර්ජන තියෙන නිසාත් හමාස් එක අයිති වන්නෙ මුස්ලිම් සහෝදරත්ව සන්විදානයට නිසාත් උන්ට ශොට් එක දෙනව පොරි හැලෙන්න. ජෝර්දානය ඒ පැත්තෙන් මිලිටරි බලේ දාල හමාස් මර්දනය කරල අබ්බාස් වගෙ එකෙක් එක්ක නිදිමත පලස්තීන ප්‍රාන්තයක් හදයි. ඒත් කේස් එක නම් ඒ දෙරටේ ඊශ්‍රායල් විරෝදි කෙනෙක් බලයට ආවොත් කියන එක. අනික මේක කොහෙත්ම රට මකොල්ලකෑමට ලක්වූ පලස්තිනුන්ගෙ ඇස්පිරේශන් එකක් නෙවි. උන්ට මුස්ලිම් රටවල ඉන්න පුලුවන් වෙනවා පමණයි.

අපි මේ මොක කිව්වත් ඊශ්‍රායලය ඔය මොකවත් වෙනස් කරන්නෙ නෑ. වෙනසක් වෙනවනම් අර ශැරොන් කල පලස්තීනයෙන් විත්ඩ්‍රෝ කල එක වෙනුවට ආයෙ පලස්තීනය අස්සට ඊශ්‍රායල් හමුදා දාන එක පමනයි වෙන්නෙ. මොකද නටන්‍යාහුම පලස්තිනය පිලිගන්නෙ නෑ. ඔහුට තියෙන අලුත් විකල්ප ඔහුටත් වඩා දක්ශිනාන්ශිකයි.

රබින්, ශැරොන්, පෙර්ස් හා අරෆත් දැන් අතීතයක් පමනයි.


ඉඩම් හුටපට දෙකක්
2021 මැයි

මේ කතාවෙ කතන්දර දෙකක් යනව එකිනෙක අතර. මන් ඒ එන්ටැන්ග්ල්මන්ට් එක ගලවන්නෙ නෑ. ෆිල්ම් වල හීටිගමන් අතීත කතාවක් එක්ක වත්මන් කතාවක් පැටලෙන්නෙ. ඒ වගෙ. අතනින් මෙතනින් ලියන්නෙ

ඇත්තෙන්ම මේ මුලු සින් එකම ඉඩම් පලහිලව් දෙකක්.

එක ඉඩමක් ලොකු ඉඩමක්. ඒකට අපි දැන් ඊශ්‍රායලය කියනව මූලිකව ඊට අමතරව බටහිර ඉවුර ගාසාව සහ ඔය වටාපිටවෙ තව තැන් ඒකට ඇතුලත්.
දෙවෙනි ඉඩම තරමක් පොඩියි ඒකට කියන්නෙ ශෙයික් ජාරා කියල. ජෙරුසලමෙ බටහිර නැගෙනහිර අතර බෝඩර් ලෑන්ඩ් එකක්. ජෙරුසලමෙ තියෙන දෙගෝල්ලටම වැදගත් සිද්ධස්තාන වලට උතුරින් තියෙන නාගරික ජනාවාස සමූහයක්.

අපි හැමෝම ද්න්නව යුදෙව් කියන ජාතිය ඔය හරියෙ විවිධ රාජධානි පවත්වගෙන ගියා කියල වසර දාස් ගානකට පෙර. ඊට පස්සෙ මිසර බැබිලෝනියන් පර්සියන් මැසිඩෝනියන් රෝමන් කියන අධිරාජ්‍ය වල කොටස් වෙල ඒ කාලවලත් සැලකියයුතු ඕටෝනොමියකින් යුදෙව් රාජ්‍යය පැවතුනා. රෝම්‍යට එරෙහිව එක ළග කැරළි දෙකක් ගහල, ඉන් දෙවෙනි කැරැල්ල රෝමයට ලීජන් පිටින් අහිමි වෙන සමහරවිට රෝමයට එල්ල වූ ලොකුම අනතුරු වලින් එකක් දක්වා ගෙනයන්න සමත්වෙන ලොකු ප්‍රජාවක් ඒක. දිගටම උන්නානම් ඔය ඉන්දියානු චීන තායි කොරිය ජපන් වගෙ ලොකෙ ප්‍රොමිනන්ට් තඩි ජතියක් වෙනන් ඉඩ තිබ්බ. මේක වෙනස් වන්නෙ මින් වසර 1900 කට පමණ ඉස්සර රෝමානුන් දෙවෙනි කැරැල්ල මර්දනය කිරීම එක්ක. රෝමානුන් යුදෙව්වන් විශාල ලෙස ඝාතනය කරල ඉතුරු අයව කුදලගෙන යුරෝපෙට ගෙනියනව වහලුන් ලෙස. ඊශ්‍රායල් කියන ඉඩම හිස් වෙන්නෙ එහෙම.

ශෙයික් ජාරා ඉඩමත් මේ වගේම ඉතිහාසයක් තියෙන තැනක්. ශේක් ජාරා වල මුල්ම ජනාවාස ඔය කියන යුදෙව් ඔටෝනොමි යුගේ විතර වෙනකම් යනව. ඇලෙක්සැන්ඩර් එක්ක ඩීල් එකක් දාල ඔවුන්ගෙ දේවාලය බේරාගත්ත පුද්ගලයෙක් සහ ඔහුගෙ සොහොන තියෙන්නෙ ශේක් ජාරාවල.

වහලුන් ලෙස කුදලන් ගියාමත් භුමියෙ සුලු යුදෙව් ජනගහනයක් ඉන්නව. ඒත් ඔවුන් මිශ්‍රවෙනව පසුකාලිනව හැදෙන ලොකු නෙස්ටෝරියානු ක්‍රිස්තියානි ප්‍රජා එක්ක. ඒ සමජයම පස්සෙ මුස්ලිම්කරණය වෙනව. ඉනික්බිති ගෙවෙන සියවස් ගානෙ මේ කලාපය එක එක්කෙනාගෙ අතින් අතට මාරුවුනත් එක එක ආගමිකයන් බලවත් වුනත් ලොකුවට තනි ජාතියක රටක් වෙලා නෑ. පලස්තීන් කියන්නෙ රෝමානුන් දීපු නම. පලස්තීනුන් සමහරවිට බයිබලික පිලිස්තීනුන් වෙන්නත් පුලුවන් ඒ නම ගත්ත වෙන ප්‍රජාවක් වෙන්නත් පුලුවන්. බොහොවිට ඔවුනුත් යුදෙව්වන් තරම්ම පරණ වෙන්න ඉඩක් තියෙනව.

ශේක් ජාරාවත් එහෙම්මයි. එක එක වර්ග වල මිනිස්සු ඉන්නව ඒ අතර ශේක් ජාරාවෙ වත්මන් නම ලැබෙන ශේක් වරයා (ජාරා - වෛද්‍ය තුමා, ඔහුගෙ ජොබ් එක) තමයි කුරුස යුද්දෙ සැලඩින් ට ජෙරුසලම දිනා දෙන්නෙ. එතැන් සිට ජෙරුසලම තුල අඛන්ඩ මුස්ලිම් බලයක් වර්ධනය වෙනව. හැබැයි ශේක් ජාරාවෙ ඒ කාලෙත් යුදෙව්වන් ඉදල තියෙනව.

ඔය අරාජික සාපේක්ශව හිස් භුමි දෙක අපිට ෆාස්ට් ෆෝවඩ් කළ හැකි පහුගිය ශතවර්ශෙ මුලට. ඒ වෙද්දි ඔටෝමන් ලා මෙ ඉඩම් දෙකේම හිමිකරුවන් වෙන්නෙ. ඊශ්‍රායල ඉඩමට ඔය කාලෙදි ප්‍රධාන ජන ප්‍රවාහ දෙකක් එනව. එකක් තමා යුරෝපෙන් වහල් බවින් නිදහ්ස් වෙන සමහර යුදෙව්වන් තමන්ගෙ මුල්බිම් හොයාගෙන එන එක. ඊටත් ලොකු එක තමා අසල අරාබියෙ ජනගහන වර්ධනය එකක් ඔය කලාපෙට එන අරාබින්. පලස්තීනුවන් කාලයක් ඔතන උන්නට අද පලස්තීන කියන්නෙ උන්ටම පමනක් නෙවි. අරාබියෙන් ඇවිත් මිශ්‍ර වෙච්ච ලොකු පිරිසක් ඉන්නව.
ඒ සමග ජෙරුඑලමට මදක් උතුරින් තියෙන මේ ශේක් ජාරාව නගරයෙන් පිට තියෙන ලොකුම මුස්ලිම් ජනාවාසය වෙනව. ඒ කියන්නෙ ඒ අවට යුදෙව්වන් කෝමත් ඉදල තියෙනව. ශේක් ජාරාවෙ මුස්ලිම් පවුල් කීපයක් පදින්චි වෙල හදන ජනාවාස වගේම යුදෙව් ජනාවාසත් තියෙනව.

ඔටෝමන් සන්ගණන අනුව යුදෙව් පවුල් 95 ක් සහ මුස්ලිම් පවුල් 167 ක් 1900 අවට.

ඔටෝමන්ල යටතෙ පලස්තීනය මුස්ලිම් බලයක් ලෙස වැඩෙනව. යුදෙව්වන් සුලු ජාතියක් වෙමින් ඔවුන්ගෙ හින්සනයට පවා පාත්‍ර වෙනව. හරියටම් මේ දනෙ කතාවෙ ඔපොසිට් ඒත් මෙ තරම් ඉන්ටෙන්ස් නෑ.

ඊ ගාව වැදගත් චෙක්පොයින්ට් එක 1948. බ්‍රිට්ටො මැදිහත්ව බටහිර කාගෙත් සහයෙන් සහ දෙවෙනි ලෝක යුද්දෙ අනුකම්පාවෙන් යුදෙව්වන් නැවත ගෙනත් ඊශ්‍රායලය හදනවනෙ. ඒකට ජෙරුසලමෙ බටහිර පමණයි අයිති වන්නෙ. නැගෙනහිර ජෙරුසලම සහ (ජෝර්දාන් ගගේ) බටහිර ඉවුර ජෝර්දානයට. ශේක් ජාරාව අතරමදි කලාපයක් වෙනව - නෝ මෑන්ස් ලෑන්ඩ්. මේ යුද්ද වෙලාවෙ යුදෙව් ජනාවාස යාකරන වැදගත් පාරක් යන්නෙ ශේක් ජාරාවට පේන දුරින්. ප්‍රතිවාදින් ශේක් ජාරාවෙ සිට එල්ල කල ප්‍රහාර වලින් මේ මාර්ගය භාවිතා කළ යුදෙව්වන්ට දැඩි හානි වෙනව.

යුද්දෙන් පස්සෙ ශේක් ජාරාවෙ ආරක්ශව බාරවෙන්නෙ ජෝර්දානෙට.
තත්වය සාමකාමි වෙනකොට ජෝර්දානෙ කරන්නෙ යුද්දයෙන් අනාතව නිවෙස් අහිමි ජනයා ශේක් ජාරාවෙ පදින්චි කරනව. ඒ වසර කීපෙකින් ඔප්පු ලබාදෙන පොරොන්දු පිට. ශේක් ජාරාවෙ උන්න යුදෙව්වන් එයින් පිටමන් වෙලා තියෙන්නෙ මොකද යුද්දෙ වෙලාවෙ එතන තිබ්බ අවාසි තත්වය නිසා. මේ පදින්චි කිරිම් වලට ගන්නෙ ඔවුන්ගෙ ඉඩම් වෙන්නත් පුලුවන්. මේක අමුත්තක් නෙවි පලස්තීන ජාතිකයන් ගෙ ඊශ්‍රායලය තුල තිබ්බ ඉඩම් යුදෙව්වන් අල්ලගෙන තමා ඔවුන් එන්නෙ. කිසියම් හේතුවකට ඔප්පු ලබාදෙන්න ජෝර්දානය අසමත් වෙනව.

අපිට අවු 19කින් රෝල් ෆෝවඩ් කරල 1967 ට එන්න පුලුවන්.සයදින යුද්දෙ ජය එක්ක යුදෙව්වන් බටහිර ඉවුර සහ නැගෙනහිර ජෙරුසලම අල්ලගන්නව. ශේක් ජාරාවත් එහිකොටසක්.

දැන් තමා වත්මන් අර්බුදේ පටන් ගන්නෙ. ශේක් ජාරා කියන ඉඩමෙ මේ වෙද්දි විශාල මුස්ලිම් ජනපදයක් හැදිල. ඒක් බෝම පොශ් ඒරියා එකක්. ඒකෙ විදෙස් කොන්සියුලේට් වගෙ වැදගත් ආයතන පවා තියෙනව. ජෙරිසලමෙ නගරාධිපතිවරුන් වගෙ බලවත් පවුල් ඉදල තියෙනව. ඒ වගේම යුදෙව්වොත් ඉදල තියෙනව, යුද්ද නිසා ගම දාල ගිය. යුදෙව්වන්ට ඉඩම් පවරා දුන්නු ඔටෝමන් කාලෙ ලියවිලි තියෙනව.

ඊශ්‍රායලය යුද්දෙ ඉවර වුන ගමන්ම නීති ගේනව ශේක් ජාරාවෙ ඉන්න මුස්ලිමුන්ගෙ පදින්චි වල අඩුපාඩු හොයල ඔවුන් ඉවත් කරන්න. මෙහි පදින්චිව ඉන්න සහ උන්න කාටත් ලියවිලි තියෙනව ඒත් ඒ කිසිවක් තනි දත්ත ලෙස පවර්ෆුල් නෑ. එක එක රටවලින් දුන්නු ලියවිලි. සමහරවිට එකම ඉඩමට ඔප්පු කීපයක් සමහරවිට ඒ ඔප්පු ඔක්කොම තාවකාලික. යුදෙව්වන්ට ඔටෝමන්ලා දීපු ලියවිලිත් ඉශ්‍රායල් උසාවි ම පස්සෙ පිලි ගන්නව ලීගල් නෑ කියල.

ඊශ්‍රායලය මේ පදනමින් අයිතින් අවලන්ගු කල මුස්ලිමුන්ට කියන්නෙ උඹල ඉන්නෙ කුලියට ඒ නිසා ඉඩම් හිමි යුදෙව්වන්ට කුලි ගෙවපන් කියල. එහෙම නොකරන අය නිවෙස් වලින් ඉවත් කරනව.

ඊශ්‍රායල නීතිය මෙතන සාධාරණ නෑ. හැත්තෑව දශකෙ ඔවුන් නීතිමය තීන්දු දුන්න ඉඩම් අයිතින් ගැන දෙදාස් ගණන් වල ආයෙ විමසුවම ඒව වැරදියි ඊශ්‍රායල් නීතිය අනුවත් ඒ කෝට් කේසස් එකේ අන්තිම උත්තරේ "දැන් කරන්න දෙයක් නෑ" කියනෙක. මේව ගැන කතාකරනන් වෙන්නෙ මුස්ලිමුන්ට පාරෙ නටන යුදෙව් ජාතිවාදින්ගෙන් ගුටි කමින්. යාන්තම් මෙහෙමවත් කතාවෙන්න පුලුවන් වෙන්නෙ දෙදාස් ගණන් වල.

දැන් මේ වසරෙ ඇදිල යන්නෙ එහෙම "නීති විරෝධි" ලෙස නම්කල ඒත් රෙන්ට් එකක් නොදෙන පවුල් කීපයක් ඉවත් කිරීමෙ වැඩක්. ඒකට පහල උසාවියක් බලෙන් ඉවත් කිරීමෙ තීන්දු දීල තියෙනව. උන් ඉහල උසාවියට ඇපීල් කලාම ඒ කේස් එකේ තීන්දුව කල් ගිහින් තියෙන්නෙ. මෙන්න මේක තම "ආසන්න සිද්දිය".

ඇවිලෙන මේ ගින්නට දර සපයන කාරණා රාශියක් තියෙනව. ඒව කෙටියෙන් ලියන්නම්. හරි වැරදි ගැන මන් ජජ්මන්ට් දෙන්නෙ නෑ. ඒත් ලෝක ස්වභාවය අනුව මේව මෙහෙමයි.

ඊශ්‍රායල ජාතිකවාදින් බෝම ඇග්‍රෙසිව් තාලෙට සමරන ජෙරුසලම අල්ලා ගැනීමේ සැමරුම තියෙන්නෙ මේ දවස්වල, ඒක පාරෙ පෙලපාලි යන ලොකු ඉවෙන්ට් එකක්. මේ වසරෙ මුස්ලිමුන්ගෙ රාමදාන් සමරුම් ඒකට සමගාමිව එනව. රාමදන් ඊශ්‍රාය්ලයෙ සැමරෙන්නෙ තමන්ට එල්ල වූ පීඩා වලට වෛරය වපුරන්න. ඉන් සිම්පල් ජාතිකවාදි ජාතිවාදි සහ එකිනෙකාගෙ අරියස් සම්බන්ද ඕව ඩොස් එකක් දෙගොල්ලට වෙනදට වෙනස් කාලවල ආවට මෙවර එකම මොහොතෙ ඇවිත්.

නටන්‍යාහුට තනි බලයක් නෑ. ඔහුට ආන්ඩුවක් පිහිටුවන්න නම් අන්ත ජාතිවාදය ඕනෙමයි. ඒ නිස නටන්‍යාහුට ඔවුන්ගෙ බොදුබල සේනා වර්ගයේ කට්ටිය කරන දේවල් වලට බ්ලැන්කට් සපෝට් දෙන්න වෙනව. ඊශ්‍රායලය දැන් චන්ද එකකට වඩා තිබ්බ තනි බලයක් නැතුව ආන්ඩුවක් හදාගන්න බැරුව ගිය.

ඩොනල්ඩ් ට්‍රම්ප් ගෙ බෑන යුදෙව්වෙක් සහ ඔහු නිසා දුව ඒ ආගම ෆොලෝ කරනව. මේ එක්ක ආපු ට්‍රම්ප්ගේ යුදෙව් හිතවත් ප්‍රතිපත්ති වලින් ජෙරුසලමෙ අයිතිය ගැන තියෙන විවාදාත්මක කතාව ඉග්නෝ කරල් ඒක ඉශ්‍රායල අගනුවර ලෙස පිලිගන්න එකත් ඇමරිකන් ගැති අරාබින් ඊශ්‍රායලය එක්ක යාලු කරවන එකත් ජයට කෙරුනා. මේකෙ අනිවාර්‍ය රියක්ශන් එක්ක තියෙනව කොහෙන් හෝ එලියට පනින.

පලස්තීනයත් කෑලි කැඩිල. බටහිර ඉවුරෙ පලස්තීන විමුක්ති සන්විදානෙ, සිරියා/ලෙබනන් වල හිස්බුල්ලා සහ ගාසාවෙ හමාස් එකිනෙකට ප්‍රතිවාදි කල්ලි තුනක් වෙලා තියෙන්නෙ. එතනත් බල අරගලයක්. බල අරගලෙ තද වෙනකොට එව්වයෙ අන්තවාදත් මෝරනව වැඩි. අරුන් නෙවි අපියි උබලගෙ නියෝජිතය කියන්න ලොකු ඕනෙකමක් එනවනෙ.
තවත් හේතු ඇති.

ඔන්න ඔය හේතු මත උශ්ණත්වයන් ඉහල ගිය භුමියක තමා ඉඩම් හුටපටේ ඇදෙන්නෙ. දැන් පේනවනෙ බහුතරයක් දෙනා අල්ලගෙන ඉන්න අල් අඛ්සා පල්ලියෙ ගැටුම් හමාස් රොකට්ස් ඊශ්‍රායල් ප්‍රහාර ආදිය මේ හුටපටේ එස්කැලේශන්. ඒව අරය කල පොඩි මෙවෙකට අපි දුන්න තඩි රිටන් වර්ගෙ එව්ව. ඒවයින් මේ කතාවෙ අගමුල හොයන්න බෑ.

කොටිම්ම මුලු ඊශ්‍රායල් පලස්තීන කතාවම ශේක් ජාරාවෙ ඉඩම් වල අයිතිය වගෙ පැටලිල්ලක්. දෙගොල්ලටම ඔප්පු තියෙනව දෙකම ලීගල් ද ශුවර් නෑ. කතා දෙකම බෝම අහින්සක සාධාරන කියල හිතුනට උන් දෙගොල්ලම ඒකෙ දුශ්ටයගෙ භුමිකාවත් කරනව.

කෝම හරි ඉතින් ලෝක ධර්මතාවයක් කියල එකක් නෑනෙ. යුක්තිය සාදාරනේ කියා එකකුත් නෑනෙ. ඒව මේ ආගම් විසින් මවාපු විකාර. භුමියෙ තියෙන්න බලය. ඉස්සරනම් කෙලින්ම ගහල මරල දාන බෲට් ෆෝස් බලය. අද යු එන් ලෝක මාධ්‍ය එක්ක ටැක්ටිකල් බලය.

අද මේ මොහොතෙ බටහිර ආශිර්වාදෙන් සහ තමන්ගෙ සුපිරි බුද්දිමය හැකියාවෙන් බලය අතට ගන්න ඊශ්‍රායලය සමත් වෙනව. තමන්ගෙ ආරක්ශාවට අයන්ඩොම් කියල මිසයිල් ආරක්ශණ පධ්ඩතියක් තියන නිස ඔවුන්ගෙ හානිය පොඩ්ඩයි. ඒත් ඔවුන්ගෙ මිලියන දහය වටේට ඉන්න මිලියන තුන්හාරසීයක අරාබින්ගෙන් ගේම ඉල්ලන්නෙ. එතන තියෙන ඉම්බැලන්ස් එක හමුදා කාරයට ගල් ගහන පොඩි එකාටත් වැඩියි. ඔය අරාබි කලාපෙ උන් වටේ ත්‍රස්තයින් නඩත්තු කරනවා. අයන් ඩෝම් කියන්නෙ සරල තාක්ශනික ක්‍රම්වේද, මැජික් නෙවි. ඒව වැඩ කරන්නෙ එක්තරා මට්ටමකට පමනයි. වටේ ඉන්න උනුත් ඩෝම් එකට ගහන එව්ව එකම ගානෙ තියන් ඉන්නෙ නෑ. ඒ නිස දිගුකාලිනව බැලුවොත් යුද්දයක් තමයි ආරාබින්ට වාසිම. මොකද උන්ට දවසින් දවස ඊශ්‍රායලය කැච් අප් කල හැකි. මැරෙන හැම එකාටම හරියන්න ඔවුන් ශක්තිමත් වෙනව. ඊශ්‍රායලයට තමා ඔතන සාමය වැදගත්. උන්ට පුලුවන්නම් සාමය හදාගන්න අරාබින් එක්ක උන්ට පවතින්න පුලුවන්.

ඒ වගේම ඊශ්‍රායලය ඇහැ ඇරගෙන ඉන්නවනම් එක දෙයක් දකින්න ඔනෙ. ඊශ්‍රායලය හදද්දි මුස්ලිම් ජාතිප්‍රේමය හැර දා ඊශ්‍රායලය එක්ක යන්න හිතන් ඊශ්‍රායල් නගර වල හිටපු මුස්ලිම්මුන් ගොඩක් ඉන්නව. උන් මොඩරේට් මුස්ලිම්. අර නැස්-ඩේලි කල බුවා එහෙම එයින් එකෙක්. මේ මිනිස්සු පලස්තීන සටන්කරුවන් ගැන සිම්පතයිස් කලාට ලොකුවට ඒකට හවුල් වෙන්නෙ නෑ. ඊශ්‍රායල් රාජ්‍ය තුල ලැබෙන යහපත් ජීවිතේ වින්ද මිස. උනුත් මනාපෙන් උන්නෙ ඩෝම් එක ඇතුලෙ පැරසයිස් එකේ සැපට ඉන්න. ඒත් අල් අඛ්සාවට කල පහරදීම ශේක් ජාරාවෙ ඉවත් කිරීම් භුමියෙ ජාතිවාදය එක්ක එකතුවිම බලය රැක ගන්න ජාතිවාදින් පස්සෙ යන එක, වීදියෙ නටන යුදෙව් අන්තවාදින්ගෙ වෙන කෙණෙහිලි සහ ඇමරිකාවෙ ට්‍රම්ප් ලා කෙලි පිස්සු ආදියෙන් අන්න ඒ ඊශ්‍රායල් මුස්ලිම්මුත් පාරට ඇවිත්. ඒක අයන් ඩෝම් එක ඇතුලෙ.

ඊශ්‍රායලය ඒ ගැන මේ ඔක්කොටම වඩා හිතන්න ඔනෙ. ඩෝම් එක ඇතුලෙ තිබ්බ පාරාදීසයත් ලාවට ගිනිගනිමින්.