මම වරක් නිම නැතිව ඇසුවෙමි
ඔබ මා හා එන්නේ කවදා දෝ?
නමුත් ඔබ සැමවිටම මට සිනාසෙයි, [මට] කිසිත් හිමි නැති නිසා.
මා සොයන දේ ඔබට දෙනු රිසි
මගේ නිදහස ද ඒ සමගින්,
නමුත් ඔබ සැමවිටම මට සිනාසෙයි, [මට] කිසිත් හිමි නැති නිසා.
ඕ.... ඔබ මා හා එන්නේ කවදා දෝ?
ඕ ... ඔබ මා හා එන්නේ කවදා දෝ?
මා දෙපා යට පොලොව ඇවිදියි
මා වටා දියවර ගලා යයි
නමුත් ඔබ සැමවිටම මට සිනාසෙයි, [මට] කිසිත් හිමි නැති නිසා.
ඔය හිනා නිමවන්නෙ කවදා දෝ?
නිතර මා ඔබ සොයා එන්නේ ඇයි දෝ?
ඒ ඔබ ඉදිරියේ දී,
[මට] කිසිත් හිමි නැති නිසා දෝ?
ඕ.... ඔබ මා හා එන්නේ කවදා දෝ?
ඕ ... ඔබ මා හා එන්නේ කවදා දෝ?
මම ඔබට යමක් කියමි ,
මම බොහෝ කාලයක් බලා සිටිමි,
මගේ අවසාන ඉල්ලීම මම ඔබට කියමි,
මට ඔබේ දෑත් ගැනීමට ආසයි
එවිට ඔබ මා සමඟ යන්න එන්න.
දැන් ඔබේ දෑත් වෙව්ලයි,
දැන් නෙතු කඳුළු වගුරයි
සමහර විට ඔබ මට කියන්නේ,
කිසිත් නැතිමුත්
ඔබ මට ආදරය කරන බව දෝ?
ඕ ... දැන් ඔබ මා සමඟ යාවි!
ඕ ... දැන් ඔබ මා සමඟ යාවි!
ඕ ... දැන් ඔබ මා සමඟ යාවි!
-------------
ට්‍රාන්ස්ලේටර් රස්සාවට එච්චර හැකියාවක් නෑ. මේ ගූගලේ ගහල ආපු අමු ට්‍රාන්ස්ලේශන් එකක මාත්‍රා සකසපු ගීයක්. බැලූ බැල්මට නස්කූර් වෙච්ච අනාත පෙම්වතෙකුගේ ප්‍රේම/විරහ ගීයක්.
ඒත් ගීයේ ගැඹුරු අර්තයන් තියෙනව. ඔරිජිනල් අසන්නාට තේරෙන්න සන්කේත ලියන ස්වරූපය ආදියෙන් ගීය ඒ බහු අර්ත වලට පදනමක් දානව (මාත් ඒ සළකුණ පරිස්සම් කරන්න ට්‍රටි කලා). ඒ ගැඹුරු අර්ත නිදහසේ කතා කරන්න අමාරු සමාජෙකට සන්කේතිය ව කතා කරනවා.
මේක එක පරාජිත විප්ලවකට තීම් සෝන් එකක් වෙච්ච ගීයක්. තත්කාලින සමාජ චින්තනය ඒ ගීය යට තියේ කියනවා. විප්ලවයේ හේතු හා අරමුණු මොකක් වුණත් විප්ලවයට පාදක වන සමාජෙ තිබ්බ මූලිකම ගැටලුවක් මේ ගීයෙ ව්‍යන්ගය තුල තියේ කියනව.
විප්ලවයේ පරාජයෙන් පස්සෙ මෙහි නිර්මාණ කාරයාටත් ගැටලු කීපෙකට මුහුණ දෙන්න වෙනවා. හැබැයි විප්ලවය පැරදුනත් පශ්වාත් විප්ලව කාලෙ ඒ සමාජෙ තිබ්බ මේ ගීයෙන් කියන මූලිකම ගැටලුවට පිළියමක් දෙන්න පාලකයින් උත්සාහයක් ගත්ත. ඒ උත්සාහය අද වෙද්දි අති දැවැන්ත ක්‍රියාවලියක් දක්වා වර්ධනය වෙනවා.
ගීතයේ නිර්මාණකාරයා, පරාජිත විප්ලවය, සමාජෙ තිබ්බ මූලිකම ගැටලුව සහ ඊට දුන්නු උත්තරය මොකද්ද?
------------
මේ ගීය චොයි ජියාන් නම් රොක් ගායකයාගේ "කිසිත් හිමි නැත" කියන ගීය. ඉස්සරින්ම නමේ ඉන්ග්රීසි පරිවර්තනයේ කියන්නෙ මගේ නමට කිසිවක් නෑ කියල. ඒකෙ මම කෑල්ල චීන එකේ නෑ කියල කියන්නෙ. "කිසිත් හිමි නැත", මට, ඔබට, අපට, අපෙ ජාතියට. ඔන්න ඔය පොඩි ග්රමටිකල් පොයින්ට් එකෙන් මුලු සින්දුවම අර්ත ගන්වන්නෙ.
චොයි ජියාන් ට කියන්නෙ චීන රොක් සන්ගිතෙ පියා කියල. ඔහු අසූව දශකෙ මුල කාලෙ මුල්ම වතාවට රොක් සන්ගීතෙ ඉගෙන ගන්නෙ ස්මගල් කල රෙකෝඩ්ස් වලින්. ඊට දශකයකට පමණ ඉස්සර මාවෝ මූලිකව කළ සන්ස්කෲතික විප්ලවයේ නුසුදුසු දෙයක් ලෙස අහක දාන එකක් බටහිර රොක්. ඒ වෙනුවට අවසර ලැබෙන්නෙ සම්භාව්ය ඔපෙරා වර්ගයෙ සන්ගීතයට. චොයි ගුරුකුල කරගන්නෙ බීට්ල්ස් වගෙ පොලිටිකල් රොක්. චොයි ක්රමයෙන් චීනයෙ ජනප්රිය වෙනවා. චොයි කොමින්ස්ට් පක්ශ ප්‍රොපගැන්ඩා වචන පැරඩි ලෙස තම ගීත වලට ගන්නව. අධික ශබ්දය පිටවන සන්ගීතය නුසුදුසුයි කියා මාවෝ කියපු නිසාම චොයි ඩෙසිබල් 150 රේන්ජ් එකේ උපකරණ වලින් අධික ශබ්දයක් එන ආකාරෙට තම ප්‍රසන්ග කරන්නෙ. චොයි කොමිනිස්ට් සිස්ටම් එකට කෙලින්ම විරුද්ද කෙනෙක්. එහෙත් ඔහුට ලොකු ප්‍රශ්නයක් නොවෙන්නෙ චිනයේ පාලකයිනුත් මේ වෙද්දි ප්‍රතිසන්ස්කරණ හරහ දේශපාලන සහ ආර්තික ලිබරල්කරණයක යෙදි ඉන්න නිසා.
මේ කාලය චීන දේශපාලනයේ වැදගත් කාලයක්. මාවෝ මැරිලා ප්රතිවාදි අදහස් දරණ ඩෙන් ක්ශාවෝ පින් රටේ බලය අල්ලගෙන. ඩෙන් යටතෙ චිනය නව්යකරණය වෙනවා. ඇත්තෙන්ම අසූව දශකෙ මුල බාගෙ චීනෙ වෙච්ච ප්රතිසන්ස්කරණය සොවියට් ග්ලාස්නොස්ට් සහ පෙරෙස්ත්රොයිකාවට වඩා පවර්ෆුල්. ඩෙන් කවදාවත් පක්ශයේ නායකය වෙන්නෙ නෑ ඒත් පක්ශයේ සහ රටෙ පැරමවූන්ට් ලීඩර් ලෙස සුපිරි බලය හොබවන්නෙ ඔහු. ඔහුගෙ ප්රතිසන්ස්කරණවාදින් කොමිනිස්ට් පක්ශයේ සහ රටෙ ඉහල තනතුරුවලට එනව. දේශපාලන ලිබරල් කරණය තනි පුද්ගලයෙකු අත ඇති බලය බහුපුද්ගල කරණය බහු පක්ශ ප්රජාතන්ත්රවාදය ස්තාපනය කිරිම වගෙ දේවල් යෝජනා වෙනව. මේ යෝජනා එකතු කරල කොමිනිස්ට් පක්ශයේ ඩෙන් ගේ පාර්ශවයේ කෙනෙක් මැනිෆෙස්ටෝවක් හදනවා. ඒක ඩෙන් ගේ පාර්ශ්වය විසින් ඉස්සරහට ගේනව. ඔක්කොම එකග නෑ පක්ශය තුල දරුනු බෙදුම් හා විවාද ඇතිවෙනවා. මේ ගැටුම් වලින් ඩෙන් ගේ පැත්තෙ ඉන්න බරපතළම ප්රතිසන්ස්කරණ වාදියෙක් පක්ශයේ ලේකම් තනතුරෙන් ඉවත් කරන්න ප්රතිවාදින් සමත් වෙනවා. මේ චරිතය වැදගත්.
මේ කාලෙ වෙනකොට 1978 දි ලන්කාව ඇතුළු රටවල් කීපෙක තියෙන බදු නිදහස් කලාප අධ්‍යනය කරල ඩෙන් පටන් ගන්න ආර්තික ලිබරල් කරණය ජයට වෙමින් තියෙන්නෙ. ශෙන්ජෙන් ආශ්‍රිතව පටන් ගනන් විශේශ ආර්තික කලාප කීපයක්ම රට වටේ හැදිලා. මේව ඉතාම අඩු ජීවන තත්ව යටතෙ සොච්චමකට ශ්‍රමය සපයන ආයතන. කොමිනිස්ට් සිස්ටම් එක අස්සෙන් මේව හදන්න යනකොට මහා පරිමාණේ දූශණ වන්චා සිද්ද වෙනවා. ඒ නිසාම චීනෙ ඉතා කුඩා ධනවත් පැලැන්තියක් හැදෙනව. ඒ පැලන්තියෙ බර හරියක් පොලිටිකලි කනෙක්ටඩ් දූශිතයන්. සෙසු රටවැසියා කිසිවක් අහිමි ශ්‍රම සපයන්නන්. චිනයේ බහුතරය ඒ වෙනකොට “කිසිත් හිමි නැති” මිනිසුන්. මේ ගීය ලිටරල් අර්තයෙන්ම ගත්තත් තමන්ගෙ කෙල්ලට පෙන්වන්න තමන්ට කියල කිසිම දෙයක් අහිමි නිසා ආදරය ප්‍රකාශ කරන්න සහ පවත්වා ගන්න බැරුව ඉන්න විශාල පිරිසක් චිනෙ ඉන්නව. වඩාම වැදගත් දේනම් ඩෙන් විසින් මාවෝ නතර කළ උසස් අධ්යාපනය 1976 පටන් ගත්තම හැදෙන උපාධිධාරි සහ ඒ සමානව උගත් මධ්‍යම පාන්තික යොවුන් පරපුර. මේ අය “කිසිත් හිමි නැති” උගත් පරපුරක්. අන්තිම බයානකයි.
1980 දශකෙ මැද වෙනකොට මේ කිසිත් හිමි නැති උගත් පරපුරට තිබ්බ ලොකුම සිහින්‍ය දේශපාලන ලිබරල් කරණය. 1986 පමණ සිට විවිධ විරෝධතා සිද්ද වෙනවා, තියනන්මෙන් චතුරශ්‍රය මේවට පසුබිම සපයනවා. පක්ශයත් ඒ කිව්වෙ ඩෙන් ගෙ පාර්ශ්වය ලිබරල් කරණයට කැම්ති නිසා ලොකු අවුලක් වෙන්නෙ නෑ. හැබැයි පෙරකී පක්ශ ලේකම් බලයෙන් ඉවත් කිරීම කොමිනිස්ට් විරෝධි පරපුරට ලොකු ප්‍රශ්නයක්. එසේම ධනවාදයේ ආගමනය සහ ඒ වටා හැදෙන දූශිත ක්‍රමය ඔවුන් තදින් ප්‍රශ්න කරනවා.
1989 ඉවත් කල ලේකම් වරයා මියයනවා. මේක තමා ආසන්න සිද්දිය. අද බලයෙ ඉන්න ශි ජින්පින් ගේ පියා (එවකට තරමක් බලවතෙක්) මේ මොහොතෙ දැඩිව ඉල්ලීමක් කරා කියනව හැකිනම් මේ මරණය පවා රහසක් ලෙස තියාගන්න කියල හිටපු ලේකම් වරයා සහ ඔහුගෙ ප්‍රතිපත්ති දැඩි ලෙස ප්‍රචලිත නිසා.
ඔහුගෙ මරණය පෙර කී තරුණ පරපුර තියනන්මෙන් චතුරශ්‍රයට ආයෙ ගෙන්වනවා ඒ 1989 අප්‍රේල්. ඔහුගෙ ප්‍රතිපත්ති ක්‍රියාවට නගන්න පාලකයින්ගේ වත්කම් හෙළි කරන්න ලිබරල් කරන වැඩසටහන ක්‍රියාත්මක කරන්න වගෙ තේමාවලින් ආයෙත් පාරක් විරෝධතා පටන් ගන්නව.
මෙන්න මේ විරෝධතාකරුවන් අර මන් කිව්ව “කිසිත් හිමි නැති” පරපුර. මේ කට්ටියට තදින්ම හිතට වදින ගීයක් තමා චොයි ගේ “කිසිත් හිමි නැත” ගිය. ඒකෙ තියෙන ආදර කතාවෙන් එහාට, එහි “ඔබ” කියන්නෙ සමාජය, චිනය අර්තයෙන් “අපට කිසිත් හිමි නැත” ඔබ (චීනය/සමාජය/ලෝකය) අපව බාරගන්නෙ නෑ කියන අර්තයෙන් තමා බොහෝ දෙනා දකින්නෙ. එපමණක් නෙවි මේ ගීයේ වැදගත්ම තව අර්තයක් තියෙනව එනම් චොයි ප්‍රශ්න කරන්නෙ පුද්ගලික අයිතියක් ගැන. මේ වෙනකොට සමාජවාදි සාමුහිකත්වය තුල පුද්ගලයා කියන තනි අර්තය යටපත් කරල තිබ්බෙ. උඩින් ධනවාදයට ගියාට බිම තිබ්බෙ සමාජවාදය. සාමුහික සමාජයක මැශින් එකෙ කෑල්ලක් වෙනවට වඩා මට හෝ අපිට “අයිති” මොනවද කියල අහන එක අලුත් ප්‍රශ්නයක්.
චොයිගෙ තව සින්දු තියෙනව රතු රෙදිකඩකින් දැස බැදල මට කිසිවක් පේන්නෙ නෑ කියල ගීතයක් තියෙනව. තව ඔය වගෙ ගීත රාශියක් තියෙනව. ඒත් මේ ගීය 1989 තියනන්මෙන් විරෝධතාවයේ තීම් සෝන් එක ලෙස සැලකෙන්නෙ පෙර කී ආකාරයට ඒ මිනිසුන්ගෙ තත්වයට අනුනාද දුන්න නිසා.
චීන රජය නරුම වුණා කියන්නත් බෑ. රජය විරෝධතා එකක් සාකච්චා කරනවා. අගමති ජනාදිපති වගේම පැරමවුන්ට් ලීඩර් ඩෙන් පවා චතුරශ්‍රයට ඇවිත් ඔවුන්ට කතා කරනව. මේ වෙද්දි හෙමි හෙමින් හෝ පක්ශය ඔවුන් ඉල්ලන දේවල් දෙමින් ඉන්නෙ, ඒත් විරෝධතාකරුවන් අයින්වන්නෙ නෑ. පක්ශය තුල ඉන්න ප්‍රතිසන්ස්කරනවාදින් ගේ මතය නිසාම විශේශයෙන්ම ඩෙන් ගේ විරෝධය නිසා කිසිම මිලිටරි බලයක් දාන්නෙත් නෑ. මාස දෙකකට ආසන්න කාලයක් මේ විවාදය යනව. හැබැයි විරෝධතා කාරයින් සටන උත්සන්න කරනවා. මාරාන්ත්ක උපවාස පටන් ගන්නව. ඒ හා සමගාමිව චිනයෙ නගර සිය ගානක ඒ වගේම විරෝධතා පටන් ගැනෙනවා. (මෙන්න මේ වෙලාවෙ තමා පුද්ගලිකව මුණ ගැසුනු චීන කොමිනිස්ට් පක්ශෙ ලොකු ලොක්කන් බොහෝ දෙනෙක් හිතාගන්න බැරි තරම් ලොකු ගණන් සල්ලි තම රටේ රහසිගත බැන්කු වලට දැම්ම කියල එවකට උන්නු ස්විස් තානාපති කියල තියෙනව)
මේක තීරණාත්මක කාලයක්. ලෝකෙ කොමිනිස්ට් රටවල් එකින් එක වැටෙන්නෙ මේ වගේ මහජන විරෝධතා උත්සන්න වී අවසානෙ ජනතාව ඊට එකතු වීමෙන්. මෙන්න මේ හේතු සියල්ල සලකා ජුනි මාසෙ ඩෙන් එකගතාවය දෙනව මිලිටරි බලය යොදවා තත්වය පාලනය කරන්න.
මෙන්න මේ තීන්දුව චීනය යන ගමන අන්ශක අනුවකින් හරවනවා.
කලින් තිබ්බ හොද වගේම තමා චීන හමුදාව ඕඩර් එකෙන් පස්සෙ පහර දෙන්නෙත්. මිලියනයක පමණ විරෝධතාකරුවන්ට සහ පාරෙ ඉන්න හමෝටම වෙඩි තියනව. මැරුන ගාන දන්නෙ නෑ සීයක් ද දාහක්ද කියල. දාහ ගොඩක් දුරට පොසිබල් කියා කියන්නෙ.
චීනය තම දේශපාලන ප්‍රතිසන්ස්කරන වැඩසටහන් නතර කරනවා. ඒ විතරක් නෙවි ඩෙන් සතු අසහාය බලය අඩු කරනව. ඩෙන් තනතුරු සියල්ලෙන් අයින් වෙනව (ඒත් ඔහු අධ්‍යාත්මික මට්ටමින් බලපානව) සෙසු ප්‍රතිසන්ස්කරණ වාදින් බලයෙන් ඉවත් කරනවා. හඩා වැටිල ඉමෝශනල් කතාවක් කරල අගමැති ලී පෙන් ට මූනටම බැනල ශි ජින්පින් ගේ පියා දේශපානනෙන් අයින් වෙලා ගමට යනව. අර මන් කිව්ව මැනිෆෙස්ටෝව ලියු පුද්ගලයා රට අස්තාවර කලා කියල හිරේදානව. සමාජය පර්ජ් කරනව. මිලියන ගානක් කෑම්ප් වලට දානව සමහරු ආයෙ කවදාවත් එන්නෙ නෑ. ලෝකෙන්ම චිනෙට සම්බාධක දානව. චීනෙ ට ණය ගන්න බැරිවෙනව. මේ කාලෙ චිනෙ ලෝකෙන් නය අරන් දුවන්නෙ. ඒක පුද්ගල ආදායම තිබ්බෙ ගැම්බියාවෙ ගානෙ.චීනය හැම අතින්ම හිර වෙනවා.
මේ මොහොතෙ ඩෙන් අලුත්ම තුරුම්පුවක් ගහනව. තියනන්මෙන් විප්ලවයට මූලික හේතුවක් වන “කිසිත් හිමි නැති” පරපුර එහෙම නොවුනානම් කැරලි ගහන්නෙ නෑ කියන පදනමින් ඩෙන් හදුන්වා දෙනව වේගවත් ආර්තික ලිබරල් කරනයක්. බලතල කප්පාදු කලත් චීන රජය ඒක බාරගන්නව. මේකට කියන්නෙ සෝශලිස්ට් මාකට් ඉකොනොමි කියල. ඒ කරල දේශපාලන නිදහස අයන් ග්‍රිප් එකකින් යටපත් කරනව. ඔය දැන් ඉන්න චීනෙ බිහිවන්නේ එහෙමයි. අදටත් තියනන්මෙන් තහනම් වචනයක්.
ඉතිරිය කියන්න ඕනෙ නෑනෙ. හිස්ට්‍රිනෙ. පේනවනෙ. නිදහස් වෙලදපොල (කොන්දේසියක් ලෙස කොමිනිස්ට් පක්ශෙ එක්ක ශේප් නම් පමණයි නිදහස්) එක්ක මධ්‍යම පන්තිය බල ගැන්වෙනව. ඔවුන් කෙටි කාලෙකින්ම “කිසිත් හිමි නැති” තත්වයේ සිට ධනය හිමි තත්වයට උසස් වෙනව. මේ වේගවත් ධන ඒකරශිත්වය සහ ආර්තිකයෙ වෙන ලිබරල්කරණය එක්ක ඔවුන්ගේ නිදහස් අදහස් ව්‍යාපාර දිශානති වලට හැරෙනව. කෝමත් පොලිටිකල් නිදහස ගැන හිතන්නවත් තහනම් මේ වෙද්දි. චීනා ගෙ මාකට් ෆ්‍රීඩ්ම් එක දකින බටහිර ක්‍රමයෙන් සම්බාදක ඉවත් කරනව. තියනන්මෙන් වලට දශක එකාමාරකට පමණ පස්සෙ චීනය නැවත ලෝක වෙලද සන්විදානයට ඇතුල් කරගනිමින් ජෝජ් ඩබ් බුශ් කියන්නෙ මේ ආර්තික ලිබරල්කරනය සහ මධ්‍යම් පන්තිය බලගැන්වීම හරහා චීනය ප්‍රජාතන්ත්‍රවාදය කරා යාවි කියල. මේ අවස්තාවෙ චීනය කියන්නෙ ආර්තික ලිබරල්කරනය සහ මධ්‍යාම පන්තිය බලගැන්වීම නිසා චීනය ප්‍රජාතන්ත්‍රවාදය අමතක කරාවි කියල. දැනට වසර විස්සකට පමන පස්සෙ චීන කිව්ව එක තමා වෙලා තියෙන්නෙ. අද චීන කොමිනිස්ට් පක්ශයට සමාජයෙ තියෙන පිළිගැනීම අසූව දශකයට වඩා වැඩියි. අද තියනන්මෙන් එකට කට්ටිය රැස් වුනොත් එපා කියල කෑගහන්නෙ “කිසිත් හිමි නැති” තත්වයේ සිට ධනය හිමි තත්වයට උසස් වෙච්ච මධ්‍යම පන්තිය. ඔවුන්ගේ ධන සම්පත් රැකෙන්න නම් ස්තාවරත්වය අවශ්‍යයි. ඒක දෙන්නෙ කොමිනිස්ට් පක්ශය.
හැබැයි චීනගෙ ගමන බයිසිකලයක් වගේ, පදින්න ඕනෙ නොවැටි ඉන්න. මධ්‍යාම පන්තිය නිහඩ කරන්න නම් දිගටම ආර්තික වර්ධනය අවශ්‍යයි. චිනෙ හෝ චීනෙන් පිට. අන්න ඒක නැවතුනු දාට ඔවුන් දේශපාලන නිදහස ඉල්ලාවි සහ ලබා ගනීවි කියල සමහරු කියනව.
චොයි ට මොකද වුනේ? 1989 සිදුවීමෙන් පස්සෙ චොයිට ප්‍රසන්ග පැවැත්වීම තහනම් කෙරෙනවා. රොක් සන්ගීතය වෙනුවට ජෑස් සන්ගීතය හදුන්වා දෙන්න චීන රාය කටයුතු කරන්නෙ ජෑස් වලින් ලොකු දේශපාලනයක් ආවේගයක් දෙන්න බෑ කියන මතය නිසා. චොයිට කිසිම හානියක් වන්නේ නෑ. දශකයකට පමණ පස්සෙ චොයිට ප්‍රස්නග කරන්න නිදහස ලැබෙනව. චිනයේ ආසියානු ක්‍රිඩා උලෙල ට සල්ලි එකතු කරන්න චැරිටි ශෝ එකක් කරනන් ගිහින් චොයි ආයිත් ආන්ඩු විරෝදී ගීත කියල ආයෙ ඒකෙන් ඉවත් කෙරෙනවා. චොයි ලෝකෙ පුරා යනව. රට රටවල ප්‍රසන්ග කරනව. ඔහුගේ ලොකුම සිහිනයක් වන තායිවානෙ පවා චොයි සන්ගීත ප්‍රසන්ග කරනව. චොයිට වදින්නෙ ඔහුගෙම ගීයෙන්. “කිසිත් හිමි නැති” තත්වයේ සිට ධනය හිමි තත්වයට උසස් වුනාම චොයි නිකන්ම එන්ටටේන්මන්ට් එකක් පමණයි.
චොයිගෙන් කෙනෙක් අහනව ඔබ මේ වෙන නිදහස (ආර්තික ලිබරල් කරණය) ගැන මොකද කියන්නෙ කියල. චොයි කියනව මාවෝ ගේ මූන රටේ පාලනය ගෙනියන තැන එල්ලල තියෙනකම් අපි හැමදාම ඉන්නෙ අතන ම තමා කියල. චොයි තාමත් ඉන්නව.
කිසිත් හිමි නැති ගීතය මෙතනින් ගන්න
නියම ලිපියක්
ReplyDelete