Saturday, July 13, 2024

ශිම්ලා (සන්ක්‍රමණයේ අතුරු කතා)



කට්ටියම දන්නවා ඇතිනෙ, ශිම්ලා කියන්නෙ ඉන්දියාවෙ හිමාචල් ප්‍රදේස් වල ඒ කියන්නෙ හිම වැටෙන ප්‍රදේසෙ අගනුවර. ඉතාම සුන්දර නගරයක්. වසරේ මාස කීපයක් ස්තාවර හිම පවතින එක පැත්තකින් ලොකු බෑවුමකට නිරාවරණය වන ස්තානයක්. උසින් නුවර එලිය වගේ පෙනුමෙන් හපුතලේ වගේ. සමර් එක පමනයි ඒ උශ්නත්ව වල පවතින්නෙ, වින්ටරේ වඩාත් සිතලයි හිම වැටෙනවා.

හරි ශිම්ලා ගැන නෙවි කතාව. මේ කියන බුවා එක්ක මම අද තමා ටිකක් කතාබහක් කලේ. මූ කොන්තරාත් කාරයෙක් [මන් වගේම] මුගෙ රස්සාව ඉවර වෙන්න තිබ්බෙ අපි දෙසැම්බරේ බ්‍රේක් එක පටන් ගනිද්දි, කෝම හරි තව මාස හයක් එහාට දාගෙන. ඔන්න ඕක කතාවෙන්න ගිහින් සැපදුක් ඒමත් අහල, මන් ඉන්දියාවෙ නෙවි ලන්කාවෙ කියල ඒම දැනගත්තටත් පස්සෙයි [සෑම ඉන්දියානුවෙකුගේම පලවෙනිම ප්‍රශ්නයක්] මන් ඇහුවෙ ඌ කොහෙද කියල. ඌ ශිම්ලා වලින් ඇවිත් තියෙන්නෙ.

ලන්කාවෙ උන් ගානට ඉන්දියාවෙ අයිටි බුවාල හම්බුනාට එහෙන් ආපු එකෙක් මීටරේ කොහෙවත් නෑ. ඒකත් ඌට කියල මන් ඇහුව තොට පිස්සුදෝයි ඒ වගෙ ලස්සන තැනකින් මෙහෙ එන්න කියල [මම වුනත් ආපු එක ප්‍රධානම හේතුවක් කොලඹ නරාවලෙන් එලියට යන විදියක් නොතිබීම, අර වගෙ තැනක උන්නනම් මම එන්නෙ නෑ]

ඌ සුට්ටක් මූඩි වුනා. මන් ඒ පාර ශේප් එකට කිව්ව අයිටි ජොබ් ඒම නැතුව ඇති නෙහ් කියල. ඌ බෝම දුකසේ කතාව පටන් ගත්ත. ශිම්ලා වල උන් [සල්ලි තියෙන උන් වෙන්න ඇති - මූට සල්ලි තියෙන එකෙක්] ජොබ් කරන්නෙ අඩුවෙන්ලු. ගොඩක් උන් ඉන්නෙ තමන්ගෙම වගාවක් එහෙම කරගෙන. මාත් අයිටි නෙවි මගෙ ඩිග්‍රිය තිබ්බෙ ඇග්‍රි මන් මගේම ඕන් බිස්නස් එකක් කරාන උන්නෙ කියල ඔන්න මඩකලපුවෙ පොඩි කඩයක් දාගෙන උන්නු සරස්වති ගෙ හස්බ වගෙ මූ පටන් ගත්ත.

ඉස්සරින්ම පොඩි වෝනින් එකක් දෙන්නම්. මේ කතන්දර රෙට්‍රො වීව් දාගෙන කියවද්දි හද්ද ගල් මෝඩයි, ඇයි ඌ ඒම කලේ කියල හිතෙනව, ඌට මේම කරන්න තිබ්බනෙ කියල උපදෙස් දෙනන් හිතෙනව. දැනුත් ඕකට මේම .... ද තින් ඉස්, ඒව එහෙම වෙලා මේව මෙහෙම වෙමින් යන්නෙ. මිනිස්සු ගන්න සියලු තීරන බුද්දිමත් නෑ. සයිකොලොජිත් බලපානව. අනික අර විශම චක්කරේ හිරවෙන එකත් වෙන්න පුලුවන්නෙ. ඉතින් ඌට උගේ රීසනින් එක්ක උගෙ කතාව කියන්න දෙන්න ඕනෙ.

මූ ඩිගිරිය කරල උගෙම උපන් ගම වන ශිම්ලාවේ හතු ව්‍යාපාරයක් පටන්ගෙන තියෙනව. තව මීමැසි ජනපද එහෙමත් දාගෙන බිස්නස් එක හොදින් කරගෙන ගියාලු. ඒ අතර මූ අදික මිල තියෙන මල් වර්ග සහ වෙනත් වගාවන් වලට ගමෙ ගෙවතු අරගෙන උගේ උපදෙස් මත ගම්මු ලවා වවල උගේ කන්ටැක්ට්ස් වලින් විකුනල තියෙනවා. හොදම හොද නැතුවට පවුලකට යැපෙන්න තරම් ඇතිලු. මේ ලේට් නයින්ටීස්.

මුගේ අයිය මේ අතරෙ අයිටි කරල ඇමරිකා ගිහින්. ඌ අර හැම එකාම අයිටි කරන්නම ඕනෙ හැම එකාම ඇමරික යන්නම ඕනෙ වර්ගයේ එකෙක්. මූ කරල තියෙන පලවෙනි ගොන්කම අයියගෙ පඩිය ඉන්දියන් රුපියල් වලට හරවල සන්සන්දනය කිරීම. ඒම බැලුවම මුගේ බිස්නස් එක වගේ හිතාගන්න බැරි ගුනාකාරයක මාස් පඩියක අයිය ඉන්නෙ. ඒ අවදානමක් නැතිවම. ඔන්න ඉතින් අයියත් සෙට්වෙල මූත් උනන්දු නිසා මූට අයිටි කොලිෆිකේසමක් [ඉන්දියාවෙ ඒ ඔක්කොම මාස්ටර්ස් බෝම සුලු කාලින පේයිඩ් කෝසස්] සෙට් කරල මූ යනව දිල්ලියට. ඕ යෙස් දිවිය ලෝකෙන් අපායට. මූ කෝස් එක කරල අයි ටී එමෙන්සී එකක පොඩි රස්සාවකුත් කරනව.

ආ යද්දි මූ මුගෙ බිස්නස් එක යාලුවෙක්‍ට නිකම්ම දීල දානව. හතු ටිකයි උගෙ ගමෙ උන්ගෙ වගාවන් මෙහෙයවල මාකට් වලට දාන ටිකයි, නොලේජ් ට්‍රාන්සර් කරල යන්නෙ මූ.

දිල්ලියෙ කට්ට කකා ඉද්දි තව යාලුවෙක් සෙට් වෙනව ඌ ඉගෙන ගන්න ඔසි ගිහින්. ඌ මූට ඔස්ට්‍රෙලියානු සිහිනයක් විකුනනව. ඔන්න මූ ස්ටුඩන්ට් කෙනෙක් හැටියට [අතින් ගෙවාගෙන] ඔසියට බහිනව. පී ආර් ගැන අහල තිබ්බෙ නෑ කිව්ව, අපරාදෙ තව අවු දෙකක් උන්නානම් පී ආර් දාන්න තිබ්බ කිව්ව.

ඒ පාර දවල්ට ස්ටඩි රැ වෙනකම් ඔඩ් ජොබ්ස් කරමින් 2004 සිට ඇල්මෙන් අකුරු උගෙන පස්සෙ පී ආර් සහ සිටිසන්ශිප් ඒමත් දාගෙන අද අයිටි අන්ශයේ ටෙස්ටර් වරයෙක් ලෙස කොන්තරාත් පදනම යටතේ වැඩ කරන ප්‍රවුඩ් [ට්‍රයින් ටු බි] ඔස් ඉන්දියානුවෙක්. හෙට කොන්තරාත්තුව නැති වේ දො බියෙන් ඉන්න මෝගේජ් බරට ගේ කර මතට ඇලවෙලා තියෙන තවත් එක් මානවකයෙක් මේ අරුම එක්ස්පෙන්සිව් සිටියේ.

බොට නම් ආයෙ ගියත් අවුලක් නෑ ඕයි හතු බිස්නස් එකට කියල මන් කිව්ව. යන්නෙ කෝමද මැරි කරල ඉන්නෙ චීනියක්. ඔසියෙ හැදුනු චිනියකට ශිම්ලාවෙ ඉන්න බෑ කියල ඌ කිව්වෙ.

ඒත් මූ තාම හිතා ඉන්නෙ යන්න. ළමයි ලොකු වුනාම එයාලගෙන් ඈත් වෙලා ආයෙමත් ශිම්ලා ගිහින් ඇග්‍රි බිස්නස් එකක් කරන්න. ඌ ඉන්නෙ ලොස්ට් ඩ්‍රීම් එකක. ඌ ඉන්නෙ අතේ තිබ්බ අවස්තාව අහිමි වීමෙ දුකක. ඕකට ආපහු ගියා කියල ඒ ශිම්ලාව හෝ ඒ බිස්නස් ඔපොචුනිටි එක ආයෙ ලැබෙන්නෙත් නෑ. උගෙ අතීතය සිහිනයක්ම පමණයි. ඒත් ඌ ඒ සිහිනෙ තමයි ජීවත් වෙන්නෙ. වර්තමානය ඌට එතනට යන ටෙම්පරරි නවාතැනක්.

මෙන්න මේ අන්තිම සීන් එක හෙවත් ජීවිතේ මග හැරුනු ඔපොචුනිටි කෙරේ ප්‍රේමයෙන් බැදීම සහ ඒකම ඇචිව් කරන්න හදන එකනම් සයිකොලොජිකල් සීන්ස් එකක්ද කොහෙද. මට ම ත් වෙච්ච දෙයක් ඕක.

ආ අර බිස්නස් එක දීල නොලේජ් එක ට්‍රාන්සර් කරල ආපු යාලුවා. දැන් ඌ ශිම්ලාවෙ දඩ බිස්නස් කාරයෙක් ලු. උගෙ වාහනේ මූට මෙහෙවත් ගන්න බෑ කිව්ව [ඉන්ඩියන් විදියක් වෙල්ත් මනින - අයි කාන්ට් බයි අ වීල් ඔෆ් හිස් වෙයිකල් මෑන්] තාම ඌ දුවන්නෙ හතු සහ මල් බිස්නස් එක.

බස් ඩ්‍රයිවර් (සන්ක්‍රමණයේ අතුරු කතා)



මේක වුණේ මන් සිඩ්නි නගරයට ඇවිත් මාසෙකින් විතර. ඒ වෙද්දි මට රස්සාවක් නෑ. යාලුවෙකුගෙ උදව්වෙන් සහ අතේ තිබ්බ සේවින්ස් වලින් තමයි සර්වයිව් වෙන්නෙ. ජොබ් හන්ටින්. ඉන්ටවීව් නිකම් බ්රෙට් ලී ගෙ ෆාස්ට් බෝල් වගේ. බෝලෙ ඔලුවෙ වැදුන කියල තේරෙන්නෙත් වෙලාව ටිකක් ගියාම.එක දිගට ඉන්ටවීව් හතරක් පහක් ෆේල් පළවෙනි විනාඩි පහළවේම. ඒත් මේ ජොබ් දෙන කම්පැනි නෙවි ඒවට දාන ජොබ් ඒජන්ට්ස් ලගෙන්. අනික මන් සන්ක්‍රමණය කරන්න කළින් ලන්කාවෙ දරපු තනතුර මම උන්න ෆීල්ඩ් එකේ ටෙක්නිකලි තරමක මැද මට්ටමේ තනතුරක්. ලන්කාවෙ අවු 13ක් වැඩ කළ නිසා වෙන්න ඇති. කෝම හරි ඒ ඊක්වල් රෑන්ක් එකට යාගන්න නම් බැහැම තමා කියල ඒ වෙද්දි වැටහිලා තිබ්බ. දැන් ආයෙ ටෙක්නිකලි බේසික් රෝල් එකකට යන්න බලද්දි ඒවට අලුත් ටෙක්නොලොජි ඇවිත් ආපහු අල්ලගන්න අමාරුයි. මේ ඔක්කොම වෙන්නෙ පෙර පාසල් වයසෙ පොඩි එකෙකුත් ඉන්න වෙලාවක. ඒකව එහෙ මෙහෙ එක්ක යන්නත් ඕනෙ, නිස්කලන්කෙ පාඩම් කරන්න බෑ. ඕක බොහෝදෙනා මූන දෙන සන්ක්රමණයෙ මුල්ම ටෙස්ට් එකක්. එපා වෙන මොහොතක්.

දවසක් ලගපාත මේන් සීබීඩි එකක බස් හෝල්ට් එකකට ආව යන්න ගිය තැන දැන් අමතකයි. ඒ වෙලවෙ එතනට ආපු බස් එක නොම්මරේ ෆ්‍රී සර්විස් කියලත් තිබ්බ නිසා ගිහින් බැලුව. ඔය කාලෙ ෆ්‍රී කියන්නෙ දැක්කම පස්සෙන් එලවන් යන වචනයක්. ගරාජ් සේල් වලින් පුලුවන් තරම් දේවල් එකතු කරගන්න කාලයක්නෙ. තියෙන තුට්ටු දෙක පරිස්සම් කරගන්න එපැයි.

බස්සෙක හිස්ම හිස්. මෙලෝ යකෙක් නෑ. ඩ්‍රයිවර් ගෙන් ඇහුව මට ඕනෙ තැනට යන්න පුලුවන්ද කියල. පොර කිව්ව මේක එතනට යනව ඒත් ලොකු වටයකිn අහවල් බස්සෙක තමා කෙලිම්ම යන්නෙ කියල. ඒත් මට වෙලාව තිබ්බ , සල්ලි තමා නොතිබ්බෙ. මේක කන්වුන්සිල් එකෙන් සීබීඩි එක වටේ නිකම් ඔහෙ කැරකෙන්න දාපු ෆ්‍රී බස් එක. හෙන රස්තියාදු නිසා කවුරුත් යන්නෙ නෑ. ඒත් ඉදහිට යන මිනිහ අන්තිම අසරණයෙක් වෙන්න පුලුවන්. මන් ඒකට නැග්ග.

දැන් යනව. බහින තැන බලාගන්න මාත් ඉස්සර්‍රාම ඉන්නව. ඩ්‍රයිවර් මට බහින තැන ගැන තවම විස්තරයක් කියනව. මන් හිතන්නෙ මගෙ කතාවයි රටට ඒලියන් ස්වරූපයයි හින්ද වෙන්න පොර ඇහුවෙ කොහෙන්ද ආවෙ කියල. ලන්කාවෙ කිව්වම බැලින්නම් පොරත් ලන්කාවෙ එකෙක්. ඊට පස්සෙ කතාවට සෙට් වුනා.

පොර මයිග්‍රේට් කරල සැහෙන කාලයක්. හොටෙල් සෙක්ටර් එකේ කිව්ව හිටියෙ. ඇවිත් සැහෙන කාලයක් යනකම් ජොබ් එකක් නැතුව ඉදල තමයි බස් ඩ්‍රයිවින් වලට සෙට් වෙන්නෙ. ඒත් ටික කාලෙකින්ම ඒ ජොබ් එකට කැමති වුණා කිව්ව. මිනිහ වැඩියෙන්ම එළවන්නෙ ෆ්‍රී බස් එකලු. ඒක පට්ට ආතල් ඇති. පැසෙන්ජර්ස් ලත් අඩුයි. ආවත් එන්නෙ අපි වගේ සතෙ නැතුව ඉන්න අසරණ එකෙක්. මන් හිතන්නෙ බොහො විට නව සන්ක්‍රමණිකයන්. ඒ නිසා වෙන්න ඕනෙ මිනිහ උන්ට මග විස්තර පැහැදිලි කරන්නෙත්.

මනුස්සයෙකුට ඉද හිට උදව්වක් වෙලා ඉතිරි වෙලාවට කවුරුත් නැති බස් එක ටවුම වටේ කරක කරක ඉන්න එක ආත්ල් වැඩක් කියල මට හිතුනෙ. අනික මිනිහ ගන්නව කිව්ව පඩිය ඊට ටික කලකට පසු හොයාගත් මගෙ පලවෙනි ජොබ් එකේ පඩියට සමානයි. පාන්දර පටන්ගෙන ඔෆිස් වෙලාවට කලින් ඉවර වෙනව. ලන්කාවෙ වගෙ පස්සෙන් එන බස් ටික බලන් පාරෙ රේස් පදින්නයි අස්සෙන් රින්ගන්නයි හප්ප ගන්නයි ඕනෙකමක් නෑ. මගීන් අතර අවුට් ඩයල් එකක් සෙට් වෙන්න පුලුවන්. ඒත් ඒක ඉතින් මිනිහට නෙවි කෝච්චියෙ ඔෆිස් යන අපිටත් වෙන්න පුලුවන්.

ඒ වෙද්දි මගෙ ෆීල්ඩ් එකේ කන්ටිනියු කරන එක සැකසහිතව තිබ්බෙ. ඇත්තෙන්ම මට වෙච්ච දේ වගෙ ටෙක්නිකලි බේසික් රෑන්ක් එකකට යන්න ගිහින් අලුත් ටෙක්නොලොජි වලින් ලොස් වීම නිස අයිටි හැර දා වෙන වෙන ජොබ්ස් හොයාගත්ත මගෙ යාලුවො උන්න. මන් ඇත්තෙන්ම ඒ බස් ජොබ් එකේ විස්තර පවා හෙව්ව. එකම දේ අතින් ගානක් දීල ලයිසමක් ගන්න තිබ්බ, සැහෙන කට්ටක් තිබ්බ ජොබ් එකක් හොයාගන්න. සල්ලි ගැනල පරිස්සමින් වියදම් කරමින්උන්නු මට ඒක කරන්න බයයි. මට ෆීල්ඩ් එකේ ජොබ් එකක් ලැබුණෙ තව මාසෙකින් විතර.

බස් ඩ්‍රයිවර් කියන ජොබ් එකෙ මෙහෙදි මුලින්ම මට පෙනුනෙ ඔහොම. ඉතින් වෙනත් නිශ්චිත විශයක ප්‍රොෆෙශනල් නොවුණු ක්‍රීඩකයො සෙට් එකකට ඔස්ට්‍රෙලියාවට ආවම ප්‍රොමෝශනල් හේතු හින්ද හෝ වෙනත් හේතු හින්ද බස් සමාගමකට බදවා ගන්නව කිව්ව යන්න බෑ කියල කිව්වනම් උන් තමා මෝඩ.

උන්ට ෆුල්ටයිම් කෝචින් කරන්න තියෙන ටෙස්ටින් සර්ටීෆිකේශන් එහෙම ගොඩ දාගෙන ක්‍රමයෙන් කෝච් ජොබ් වලට යා හැකි වෙයි. එහෙමබැරිමනම් හරි ඕනෙ නැතිනම් හරි කිසි අවුලක් නෑ බස් රස්සාවම කරන් උන්නත්. මට මෙතරම් මේ කතාව මතක තියෙන්නෙත් මම හිතෙන් ඒ බස් එක කාලයක් එළවපු නිසා, නිස්කලන්කෙ, කරක කරක.