Saturday, July 13, 2024

බස් ඩ්‍රයිවර් (සන්ක්‍රමණයේ අතුරු කතා)



මේක වුණේ මන් සිඩ්නි නගරයට ඇවිත් මාසෙකින් විතර. ඒ වෙද්දි මට රස්සාවක් නෑ. යාලුවෙකුගෙ උදව්වෙන් සහ අතේ තිබ්බ සේවින්ස් වලින් තමයි සර්වයිව් වෙන්නෙ. ජොබ් හන්ටින්. ඉන්ටවීව් නිකම් බ්රෙට් ලී ගෙ ෆාස්ට් බෝල් වගේ. බෝලෙ ඔලුවෙ වැදුන කියල තේරෙන්නෙත් වෙලාව ටිකක් ගියාම.එක දිගට ඉන්ටවීව් හතරක් පහක් ෆේල් පළවෙනි විනාඩි පහළවේම. ඒත් මේ ජොබ් දෙන කම්පැනි නෙවි ඒවට දාන ජොබ් ඒජන්ට්ස් ලගෙන්. අනික මන් සන්ක්‍රමණය කරන්න කළින් ලන්කාවෙ දරපු තනතුර මම උන්න ෆීල්ඩ් එකේ ටෙක්නිකලි තරමක මැද මට්ටමේ තනතුරක්. ලන්කාවෙ අවු 13ක් වැඩ කළ නිසා වෙන්න ඇති. කෝම හරි ඒ ඊක්වල් රෑන්ක් එකට යාගන්න නම් බැහැම තමා කියල ඒ වෙද්දි වැටහිලා තිබ්බ. දැන් ආයෙ ටෙක්නිකලි බේසික් රෝල් එකකට යන්න බලද්දි ඒවට අලුත් ටෙක්නොලොජි ඇවිත් ආපහු අල්ලගන්න අමාරුයි. මේ ඔක්කොම වෙන්නෙ පෙර පාසල් වයසෙ පොඩි එකෙකුත් ඉන්න වෙලාවක. ඒකව එහෙ මෙහෙ එක්ක යන්නත් ඕනෙ, නිස්කලන්කෙ පාඩම් කරන්න බෑ. ඕක බොහෝදෙනා මූන දෙන සන්ක්රමණයෙ මුල්ම ටෙස්ට් එකක්. එපා වෙන මොහොතක්.

දවසක් ලගපාත මේන් සීබීඩි එකක බස් හෝල්ට් එකකට ආව යන්න ගිය තැන දැන් අමතකයි. ඒ වෙලවෙ එතනට ආපු බස් එක නොම්මරේ ෆ්‍රී සර්විස් කියලත් තිබ්බ නිසා ගිහින් බැලුව. ඔය කාලෙ ෆ්‍රී කියන්නෙ දැක්කම පස්සෙන් එලවන් යන වචනයක්. ගරාජ් සේල් වලින් පුලුවන් තරම් දේවල් එකතු කරගන්න කාලයක්නෙ. තියෙන තුට්ටු දෙක පරිස්සම් කරගන්න එපැයි.

බස්සෙක හිස්ම හිස්. මෙලෝ යකෙක් නෑ. ඩ්‍රයිවර් ගෙන් ඇහුව මට ඕනෙ තැනට යන්න පුලුවන්ද කියල. පොර කිව්ව මේක එතනට යනව ඒත් ලොකු වටයකිn අහවල් බස්සෙක තමා කෙලිම්ම යන්නෙ කියල. ඒත් මට වෙලාව තිබ්බ , සල්ලි තමා නොතිබ්බෙ. මේක කන්වුන්සිල් එකෙන් සීබීඩි එක වටේ නිකම් ඔහෙ කැරකෙන්න දාපු ෆ්‍රී බස් එක. හෙන රස්තියාදු නිසා කවුරුත් යන්නෙ නෑ. ඒත් ඉදහිට යන මිනිහ අන්තිම අසරණයෙක් වෙන්න පුලුවන්. මන් ඒකට නැග්ග.

දැන් යනව. බහින තැන බලාගන්න මාත් ඉස්සර්‍රාම ඉන්නව. ඩ්‍රයිවර් මට බහින තැන ගැන තවම විස්තරයක් කියනව. මන් හිතන්නෙ මගෙ කතාවයි රටට ඒලියන් ස්වරූපයයි හින්ද වෙන්න පොර ඇහුවෙ කොහෙන්ද ආවෙ කියල. ලන්කාවෙ කිව්වම බැලින්නම් පොරත් ලන්කාවෙ එකෙක්. ඊට පස්සෙ කතාවට සෙට් වුනා.

පොර මයිග්‍රේට් කරල සැහෙන කාලයක්. හොටෙල් සෙක්ටර් එකේ කිව්ව හිටියෙ. ඇවිත් සැහෙන කාලයක් යනකම් ජොබ් එකක් නැතුව ඉදල තමයි බස් ඩ්‍රයිවින් වලට සෙට් වෙන්නෙ. ඒත් ටික කාලෙකින්ම ඒ ජොබ් එකට කැමති වුණා කිව්ව. මිනිහ වැඩියෙන්ම එළවන්නෙ ෆ්‍රී බස් එකලු. ඒක පට්ට ආතල් ඇති. පැසෙන්ජර්ස් ලත් අඩුයි. ආවත් එන්නෙ අපි වගේ සතෙ නැතුව ඉන්න අසරණ එකෙක්. මන් හිතන්නෙ බොහො විට නව සන්ක්‍රමණිකයන්. ඒ නිසා වෙන්න ඕනෙ මිනිහ උන්ට මග විස්තර පැහැදිලි කරන්නෙත්.

මනුස්සයෙකුට ඉද හිට උදව්වක් වෙලා ඉතිරි වෙලාවට කවුරුත් නැති බස් එක ටවුම වටේ කරක කරක ඉන්න එක ආත්ල් වැඩක් කියල මට හිතුනෙ. අනික මිනිහ ගන්නව කිව්ව පඩිය ඊට ටික කලකට පසු හොයාගත් මගෙ පලවෙනි ජොබ් එකේ පඩියට සමානයි. පාන්දර පටන්ගෙන ඔෆිස් වෙලාවට කලින් ඉවර වෙනව. ලන්කාවෙ වගෙ පස්සෙන් එන බස් ටික බලන් පාරෙ රේස් පදින්නයි අස්සෙන් රින්ගන්නයි හප්ප ගන්නයි ඕනෙකමක් නෑ. මගීන් අතර අවුට් ඩයල් එකක් සෙට් වෙන්න පුලුවන්. ඒත් ඒක ඉතින් මිනිහට නෙවි කෝච්චියෙ ඔෆිස් යන අපිටත් වෙන්න පුලුවන්.

ඒ වෙද්දි මගෙ ෆීල්ඩ් එකේ කන්ටිනියු කරන එක සැකසහිතව තිබ්බෙ. ඇත්තෙන්ම මට වෙච්ච දේ වගෙ ටෙක්නිකලි බේසික් රෑන්ක් එකකට යන්න ගිහින් අලුත් ටෙක්නොලොජි වලින් ලොස් වීම නිස අයිටි හැර දා වෙන වෙන ජොබ්ස් හොයාගත්ත මගෙ යාලුවො උන්න. මන් ඇත්තෙන්ම ඒ බස් ජොබ් එකේ විස්තර පවා හෙව්ව. එකම දේ අතින් ගානක් දීල ලයිසමක් ගන්න තිබ්බ, සැහෙන කට්ටක් තිබ්බ ජොබ් එකක් හොයාගන්න. සල්ලි ගැනල පරිස්සමින් වියදම් කරමින්උන්නු මට ඒක කරන්න බයයි. මට ෆීල්ඩ් එකේ ජොබ් එකක් ලැබුණෙ තව මාසෙකින් විතර.

බස් ඩ්‍රයිවර් කියන ජොබ් එකෙ මෙහෙදි මුලින්ම මට පෙනුනෙ ඔහොම. ඉතින් වෙනත් නිශ්චිත විශයක ප්‍රොෆෙශනල් නොවුණු ක්‍රීඩකයො සෙට් එකකට ඔස්ට්‍රෙලියාවට ආවම ප්‍රොමෝශනල් හේතු හින්ද හෝ වෙනත් හේතු හින්ද බස් සමාගමකට බදවා ගන්නව කිව්ව යන්න බෑ කියල කිව්වනම් උන් තමා මෝඩ.

උන්ට ෆුල්ටයිම් කෝචින් කරන්න තියෙන ටෙස්ටින් සර්ටීෆිකේශන් එහෙම ගොඩ දාගෙන ක්‍රමයෙන් කෝච් ජොබ් වලට යා හැකි වෙයි. එහෙමබැරිමනම් හරි ඕනෙ නැතිනම් හරි කිසි අවුලක් නෑ බස් රස්සාවම කරන් උන්නත්. මට මෙතරම් මේ කතාව මතක තියෙන්නෙත් මම හිතෙන් ඒ බස් එක කාලයක් එළවපු නිසා, නිස්කලන්කෙ, කරක කරක.

1 comment:

  1. මේක කෙටි කතාවකට ගන්න මරු කියල හිතුන. සංක්‍රමන ජීවිතේ මං හිතන්නෙ අමාරුම කාලය. ඇයි ගෙවල් හොයා ගන්න එක. පෙර ref නැති නිසා මලාට ගෙවල් දෙන්නෙ නෑ. මම ආවෙ ඒ මදිවට 2009, GFC එකේ උපරිම. ලංකාවෙන් කතා කරන් ආපු ජොබ් ඒජන්ට්ලට කතා කලාම උන්ටත් ජොබ් නෑ!! අන්තිමට වයසක ඉතාලි බුවෙක්ට පර්සනලි කතා කරල, මාස හයේම රෙන්ට් එක එක පාර දීල තමයි ගෙයක් ගත්තෙ. පොර ඊට පස්සෙ මාස ගානක් මිසිං, මොකද කියල බැලුවම world tour එකක් ගිහින්. අර ඇන්ටන් ජෝන්ස් ගෙ සිංදුවක කෑල්ලක් තියෙන්නෙ 'එතකොට තමයි තේරුනෙ මට කරපු ගොන්කම' කියල.. ඕක නිතරම මතක් වෙනව ඒ කාලෙ.

    ReplyDelete