ඔස්ට්‍රෙලියාව පුරා එකිනෙකට වෙනස් ගෝත්‍ර හෝ ජාතින් ( මේ දෙකේ අතරමැදි තත්වයක්) පනහකට වඩා ඉදල තියෙනව. ජාතික රාජ්‍ය වගේ දේශ සීම සලකුනු නොකලට උන් උන් හිටපු පලාත් වෙන වෙනම සටහන් කල හැකියි. අදටත් ඔස්ට්‍රෙලියානු රජය ඒ ස්වදේශිය අයිතින්ට ගරුකරන නිසා ඒවට "අහවල්" ලෑන්ඩ්ස් කියල කියනව ඒ ඒ නම්වලින්. මේ සමාජය වැදගත් වන ප්‍රධාන හේතුවනම් ඔස්ට්‍රෙලියාව සම්පත් හීන රටක් වීම. මෙතන සම්පත් කියන්නෙ ඔවුන්ගෙ පැවැත්මට අවශ්‍ය සම්පත්. ආහාර හිගයි ජලය හිගයි සත්තු අඩුයි මූලික මිනිස් පැවැත්මට අවශ්‍ය දේවල් හැමතැනම නෑ.
මේ නිසා බොහෝ ගෝත්‍ර වල මිනිසුන්ට අනෙකුත් ගෝත්‍රවල භුමියෙන් මේ සමහර දේවල් සපයාගන්න වෙනවා. මේ නිසා මුල් කාලවල යුද්ද හටගෙන තියෙනවා. අපි කතාවෙන්නෙ අවු 50000 - 60000 ක ඉතිහාසයක්. මුල් කාල කියන්නෙ අඩුම ගානෙ 10000 ට එහා. හෝ ඊටත් බොහො කලින්.
අදින් වසර 10000 ට පමණ ඉස්සර ඔවුන් ඩෙවලොප් කරගන්නව ඒ ඒ ගෝත්‍රවල වැඩිහිටියන්ගෙන් සමන්විත වරිග සබා වර්ගයක්. මේ වරිග සබාවල අරමුණ තමා යුද්ද ඇති වීම වැලකීම සහ දුර්ලභ රිසෝසස් ශෙයා කරගන්න එක. මේ හේතුවෙන් යුද්ද නැති වෙනව. ගෝත්‍රවලට ඩොමිනන්ට් ඒරියාස් තිබ්බට ඒවයෙ තනි අයිතියක් ඒ ගෝත්‍රයට නෑ. සමහර වෙනත් ගෝත්‍රවලට ඒ භුමියෙන්ම සමහර අවශ්‍යතා සපයා ගනන් පුලුවන්. හැබැයි ඒ ගන්නකොට අනිත් උන්ටත් ඇතිවෙනන් ඉතුරු කරල ගන්න ඕනෙ. මේ නිස කියනව ඒ ඒ ගෝත්‍ර වල ප්‍රදේශ ඉන්ටලීව් වෙලා තියෙන්නෙ කියල. භුමිය ඉරි ගහල සිමා කිරීම වෙනුවට භාවිතාවට සිමා ගහල භුමියශෙයා කරගන්නව.
මේව මැනේජ් වෙන්නෙ අර වරිග සබා වලින්. මේ සම්මුති සමාජය ලව පිලිපද්දවන්න ඒව උන්ගෙ ඩ්‍රීම් ටයිම් කතා වලට අන්තර්ගත කරනව. ස්වදේශිකයන් වෙනම ඩොමේන් එකක ඉන්න තම මලගිය ආත්ම එකක් සම්බන්ද වෙන්නෙ මේ කතා තුලින්.
මේක සරලව කිව්වොත් ලෝකෙ සම්පත් බෙදා ගන්න බැරුව කොලෝනියල් ම්ලේච්ච යුගයකුත් ගෙවල අන්තිමට යුරොප්පෙ ලෝක යුද්ද දෙකකුත් කරන කොට ලෝකයා එ ජා සන්විධානෙ හදාගන්නව නෙ අවසානෙ සාමකාමිව ලෝකෙ බෙදාගන්න. ඔස්ට්‍රෙලියානු ස්වදේශියන් අවු 10000 ට විතර කලින් තමා එක්සත් ජාතින්ගේ ප්‍රඥප්තිය වාචිකව සකසා ගන්නෙ. ඒ වගේම එඩියුකේට් කරනව ඔක්කොටම,
එක්සත් ජාතින්ගේ ප්‍රඥප්තිය එතරම් ඉස්සර හදා ගත්ත එකේ අවුල තමා ප්‍රමාණවත් යුද්ද කරල නෑ. ලෝකෙ පොරම පොරවල් වෙන්නෙ වැඩියෙම්ම යුද්ද කල රටවල්. ඒකයි යුරෝපෙයි චිනෙයි මැදපෙරදිගයි ලෝකෙ පොරවල් වුනේ. මේ අයගෙ ආයුද තාක්ශනේ උපරිමෙන්ම හැදෙනව සාපේක්ශව ම්ලේච්චකමත් උපරිමයි. ඔස්ට්‍රෙලියානු ස්වදේශිකයන්ගෙ ආයුද ඩෙවලොප් නොවෙන නිසා තාක්ශනය නෑ. සාමෙන් ඉන්නකොට බලකොටු ආරක්ශිත නිවාස හදනන් ඔනෙ නැති නිසා නගර නිර්මානය ආදි ශිශ්ටාචාර සලකුනු අඩුයි. මේ සියල්ලට එක හේතුවක් උන්ගෙ එක්සත් ජාතින්ගේ ප්‍රඥප්තිය මුලින්ම සයින් කල එක.
තනිකර එකම හේතුව ඒකම නෙවි. බොහෝ රටවල ශිශ්ටාචාර දියුණූ වෙන්න බලපාපු ෆොරේජර් ගෙන් ගොවියාට වෙච්ච ට්‍රාන්සිශන් එක හෙවත් කෲශි විප්ලවය වෙලා නැ. ඒක වෙන්න අමාරු තරම් භුමිය ශුශ්කයි. වාර්ශික වර්ශා රටා නෑ. වර්ශා සීසන් එන්නෙ වසර හත අටේ සයිකල් වල. මෙච්චර දියුනු අදකාලෙවත් වතුර එක් රැස් කරන ක්‍රම හදල තියෙද්දිත් ඔස්ට්‍රේලියන් කෲශිකර්මාන්තෙ හැම වසරෙම පවත්වා ගන්න බෑ. හැබැයි අඩුම ගානෙ සත්ව පාලනයවත් මහා පරිමාණෙට දියුණු නොවන්නෙත් එකාතකට යුද්ද නැති නිසා වෙනන් පුලුවන්. මොකද ඔය ආහාර නිශ්පාදන ක්‍රමවේද ලොකුවට හදාගෙන තියෙන රටවල් වල එහෙම කරපු එක හේතුවක් හමුදාවකට කන්න ආහාර හැදීමේ උවමනාව. එහෙම නොවෙන්න වසර 18000 කට පෙර මත්ස්‍යයන් ඇතිකරන්න ලෝකෙ මුල්ම ඉරිගේශන් ප්ලෑනින් කළ මිනිස්සුන්ගෙ සත්වපාලනය මීට වඩා දියුණු වෙන්න ඕනෙ.
මේ කතාවට ෆේස්බුක් එකේ වැදගත් කමෙන්ට් එකක් ආව. ඒ තමා සත්ව පාලනය කරන්නත් ඩොමෙස්ටිකේට් කරන්න පුලුවන් සත්තු ඔස්ට්‍රෙලියාවෙ නෑ කියල. ඒක අප්‍රිකාවෙත් තියෙන අවුලක් කියල. ඔස්ට්‍රෙලියාවෙ ගෙවල් වලට ගෙනල්ල කොටු කරල හදන්න පුලුවන් සත්තු නෑ. ඉන්න බහුතරය යැපෙන්නෙ විශාල ශුශ්ක භුමියකින්. සත්වපාලනයක් කරනවනම් මොඩර්න් ඉරිගේශන් නැතුව කරන්න බෑ. සත්තු දිගටම එහා මෙහා යන්න ඕනෙ කෑම හොයන්. අනික ඉන්න මාසුපියල් සත්තු හෙවත් අර්ධ ලෙස වර්ධනය වුනාම පැසට ගිහින් පැස තුල හැදෙන සත්තුන්ගෙ පැටවුන් හැදෙන්න අමාරුයි සහ කල් යනව කියල. ඉන්න එකම මහාපරිමාණ මස් සම්පත කැන්ගරුවා කොටු කරන්නත් අමාරුයි.
ඒ වගෙ හේතු නිසා ස්වදේශික සත්ව පාලනයත් ඉවෝල් වෙල තියෙන්නෙ අප්‍රිකාවෙ වගෙ තමා. අප්‍රිකාවෙ මසායි ගෝත්‍රිකයන් විල්ඩර්බීස්ට් ලා එක්ක දිගටම සන්ක්‍රමණය වන්නෙ. ඔවුන් විල්ඩර්බීස්ට් ලව බලාගන්නව ඒ වගේම මරාගෙනත් කනව ඒත් උන් කොටු කරන්නෙ නෑ.
ඔස්ට්‍රෙලියාව කියන්නෙ එහෙම දෲශ්ටිකෝනයකින් තනිකර එක සත්ව ගොවිපොලක්. සුද්දන් එන්න කලින් ඔස්ට්‍රෙලියාවෙ "වනන්තර" තිබිල නෑ. මේ බව මුල් යුගයේ සන්චාරකයොත් කියනව. ඔස්ට්‍රෙලියාවෙ "වනන්තරේ" තියෙන බොහෝ තුරු වදුලු දිහා බැලුවම ඒව කිසියම් රටාවකට කවුරුන් හෝ සිටුවා ඇති බවක් පෙනුනා කියල කියන්නෙ. ඒ සිටුවා තියෙන්නෙ සතුන්ට නොතේරෙන්න උන්ට ලන් වෙනන් පුලුවන් විදියට ස්වදේශිකයන්. ඒ රටාවට පිටින් හැදෙන වෙනත් ගස් වලින් සතුන් කවර් කරන නිසා ඒව ඉවත් කරල තියෙනව. ගහෙන් ගහට මුවා වෙලා ඇවිත් සතා ලගටම ඇවිත් පහරදෙනව.
සතුන්ට පැටවු ලොකු කරගන්න කුඩා තුරුවදුලු තියල ලොකු බිම ගස් වලින් තොර තණබිමක් කරල තියෙනව. පැටවු ලොකු වුනාම ඒ පොඩි තුරුවදුලු වලට ගිනි තියල එලියට දුවන සතුන් දඩයම් කරගන්නව. මේ ක්‍රමවේදයට ෆයර් ස්ටික් ෆාමින් කියනව. මේ ගිනි රටා නිසා කවදාවත් බුශ් ෆයර් ඇතිවන්න තරම් ලොකු ගස් ගහණයක් හැදෙන්නෙ නෑ. වනන්තර වල සාක්ශි අනුව බුශ් ෆයර් පටන්ගෙන තියෙන්නෙ සුද්දන් ඇවිත් ස්වදේශිකයන්ව වද කලාට පස්සෙ කියල තමා කියන්නෙ. ඒ පාර තමා රියල් වනන්තරේ වැවිල තියෙන්නෙ.
මුල් යුගයේ සන්චාරකයෙක් "මම ඉන්නෙ ලොකු වතුයායක කියල මට හිතෙනවා" කියල කිව්ව කියමනක් මත ලෝකයේ ලොකුම වතුයාය කියලත් ඔස්ට්‍රෙලියාවට විරුද නාමයක් ඒ කාලෙ තිබ්බ.
ඔන්න ඔහොමයි ලිමිටඩ් තත්ව වල සත්වපාලනය හෙවත් ෆාමින් කලේ.

අවසානෙ උන්ට මුන ගැහුනෙ ලෝකෙ ඉන්න ම්ලේච්චම සහ දියුනුම ශිශ්ටාචාරයක්, අපි ඔක්කොම දන්නව ඒකෙ එන්ඩ් රිසල්ට් එක. ඔය බොහෝ ස්වදේශික සමුලඝාතන වලට හේතුව සත්ව ගොවිපොලවල සතුන් "සොරකම් කිරීම". ඒත් ස්වදේශිකයන්ගෙ සන්කල්පය අනුව භුමියට සීමා නෑ. අධික ලෙස සම්පත් සන්කේන්ද්‍රගත වෙනවනම් එතනින් සීමිත තරමක් ගන්න හැමෝටම අයිතියක් තියෙනව. ඉතින් ගොවිපොලවලින් සත්තු කීපයක් ගන්න එක ඔවුන්ට අනුව නිවැරදි දෙයක්.
බොහෝ දෙනා දන්න ස්ටෝලන් ජෙනරේශන් කියන්නෙ මේ වගෙ වෙනස් චින්තනයක් එක්ක පවතින්න තිබ්බ අමාරුව නිසා උන්ගෙ පොඩි ළමයි පැහැර්ගෙන ඇවිත් උන්ව මේන්ස්ට්‍රීම් සිස්ටම් එකට අනුගත කරල මෙහෙකාරයින් මෙහෙකාරියන් ගොවිපොළ අත් උදව් කරුවන් ලෙස සමාජගත කරන්න හෙවත් ඒ කාලෙ සුද්දගෙ චින්තනෙන් උන්ව "ශිශ්ටාචාරගත කරන්න" ගත් උත්සාහයක්. යුද්ද ලෙඩ රෝග අලුත් සිස්ටම් එකට අනුගත වීමේ අපහසුතා සහ තමන්ගෙ සන්ස්කෲතික කොදු නාරටිය බිද දැමීම එක්ක දැන් ඔවුන් ඉන්නෙ දෙලොවක් අතර.
හ්ම්......
ReplyDeleteසුභ අලුත් අවුරුද්දක් වේවා!
එසේම වේවා. (අද ආයෙ බ්ලොග් එකට ආවෙ :) )
Deleteභූමිය කිසිවෙකුට අයිති නැත වගේ philosophy එකක් මෙවැනි බොහෝ ගෝත්‍ර අතර පැවතීමට මේ locally limited resources තත්වය හේතු වෙන්න ඇති.
ReplyDeleteThis comment has been removed by the author.
Deleteඔව්. අපිත් ඉන්නෙ එහෙම තැනක. මීට වසර දහයකට පමණ පෙර එක්සත් ජාතින්ගෙ දේශගුණ වෙනස්වීම් සම්බන්ද කිසියම් වාර්තාවක කියනවා ඉදිරියේ දේශගුණ වෙනස්විම් නිසා ඇතිවන තත්වයන් හේතුවෙන් විශාල ප්‍රදේශ කෙටි කාලිනව වාසයට නුසුදුසු විය හැකි බවත් දේශගුණ හේතු මත නිර්මාණය වන අවතැන් වූවන් අනාතයන් සහ සරණාගාතයින් විශාල පිරිස් පලාතකින් පලාතකට සන්ක්‍රමණය වෙන්න උත්සහ කරනු ඇති බවත්. එහෙමතත්වයකදි ජාතික රාජ්‍ය සීමා, පුද්ගල අයිතියේ සීමා නිසා ඔවුන් තරයේ පීඩාවට ලක්වන බවත්.
Deleteමිනිසාගෙ ස්වභාවික සැකැස්ම බැලුවොත් මිනිස්සු නෝමැඩික් තාලෙට උන්නෙ. ඒකට හේතුව සම්පත් හිගකම. ජාතික රාජ්‍ය බිහිවෙන්න කලින් යුරෝපෙ ගත්තත් එහි ජනවර්ග එහා මෙහා ගිහින් වෙනස් තැන්වල පදින්චි වුණා. එහෙම නැතුව පර්මනන්ට් සෙට්ල්මන්ට් හැදුනෙ සියල්ල සපිරි ගන්ගා නිම්න වල පමනයි. ඒවත් දීර්ඝකාලවල එහෙට මෙහෙට මූව් වුණා.
එහෙම බැලුවම ඔස්ට්‍රෙලියන් සව්දේශික තත්වය තමා සාමාන්‍ය මිනිස් ස්වභාවය. දෲඩ දේපොල අයිතින් සහ දෲඩ දේශසීමා කෙටි කලකට තනාගත් විකෲතියක්. දේශගුණ වෙනස්වීම් වගෙ දේවලින් මේ සත්‍ය්‍යය දැනෙන එක වඩාත් වේගවත් කරවනව.
බේසිකලි අපි දවසක් යන්න ඉඩ තියෙන්නෙ පාස්පෝට් නැති ලොකෙකට. අඩුමගානෙ මිනිසුන්ට තැනක සිට වෙන තැනකට යන්න සීමා අඩු. ශෙන්ජෙන් වීසා යටතෙ වත්මන් යුරෝපෙ ඒකට හොද පූර්විකාවක් සපයනව. ශෙන්ජෙන් වීසා සහ ඒ අනාගත ලෝකය කියන්නෙ ඔස්ට්‍රෙලියන් ස්වදේශිකයන්ගෙ සන්කල්පයම තමා.