Thursday, January 9, 2020

ඔටුවන් දස දහසක් මරා දැමීම හෙවත් ගෘහාශ්‍රයෙන් පළා ගිය ඔස්ට්‍රෙලියානු සතුන්ගේ කතාව

ඔස්ට්‍රෙලියාවෙ තමා ලෝකෙ ලොකුම ඔටු ගහණය ඉන්නෙ. වනසතුන් ලෙස සැලකෙන ඔටුවන් සාමාන්‍යයෙන්  කිසියම්  රටක ඉන්නෙ දාහක් දෙදාහක් වගේ. ගෝබි කාන්තාරෙ තමා ප්‍රධාන වශයෙන්. වෙන බොහෝ රටවල ඔටුවො කියන්නෙ මිනිසා පාලනය කරන ෆාම් ඇනිමල් කෙනෙක්.

ඒත් ඔස්ට්‍රෙලියාවෙ මිනිස් පාලනයක නොඉන්න ඔටුවන් ලක්ශ දොලහක් ඉන්නව.

ඇෆ්ඝනිස්තානය  ඉන්දියාව වගෙ පැතිවලින් ඔස්ට්‍රෙලියාවට  ඔටුවන් ගේන්නෙ  රටේ තියෙන කාන්තාර  හරහා  භාණ්ඩ  ප්‍රවාහනයට.  අශ්වයින්ට  ඔස්ට්‍රෙලියාව හරහා දිගු දුර යන්න බෑ.  මැද්දෙ  කාන්තාරෙ  නිසා.  විශේශයෙන්ම  ඇඩිලේඩ්  සිට  උතුරට  බිහිවන රත්‍රන් පතල්  ජනපද  වලට  ද්‍රව්‍ය   සපයන්නෙ මේ  ඔටුවන්  සහ ඔවුන් සමග ආ  ඇෆ්ඝන්  ජාතිකයන්. පසුව  ඔස්ට්‍රෙලියාවෙ  උතුර  දකුණ  යා  කරමින්  දුම්‍ රියක් පටන් ගන්නව,  ඒකට  නම දාන්නෙ  දි  ඇෆ්ඝන්  එක්ස්ප්‍රස්  කියල, ඒ  ඇෆ්ඝන් මිනිසුන් හා  ඔටුවන් සිහි වන්න. පස්සෙ කෝච්චියෙ  නම  කොට  කරනවා  ද ඝන්  කියල.  දැනටත්  දුවන ප්‍රධාන සහ ලෝක  ප්‍රකට  දුම්රියක්  නම් කර  තියෙන්නෙ  ඇෆ්ඝන් ඔටුවන් සහ මිනිසුන් නමින්. ඔය කෝච්චි  පාර හදන්නත් භාණඩ  ගෙන ගියේ  ඔටුවොම තමා.  එක්දාස් නවසිය ගණන් මුල  ඒ දහස්  ගාණක  ඔටු රැළ  කාන්තාරෙට මුදා හරිනවා.

උන් ස්වදේශික සතෙක් හෝ වන සතෙක් නෙවි. ෆෙරල් හෙවත් මිනිස් පාලනයෙන් පළාගිය සතුන් ලෙස සැලකෙන්නෙ. ඒ නිසාම උන් ජෛව පද්ධති වලට හානිකර ආක්‍රමණික සතෙක් ලෙස සැලකෙනවා. ඔස්ට්‍රෙලියාවෙ ඉන්න ලොකුම සතා නිසා ඌට අනතුරක් කළ හැකි වෙනත් සතුන් නෑ. ඒ නිසා මුන් වේගෙන් බෝවෙනවා. වසරකට 10% පමණ වේගයකින්. වසර  නවයකට  වරක්  ගහණය  දෙගුණ  වෙනවා  කියනවා.

ලක්ශ දොලහක් !!! ස්වදේශිකයෙක් වන කොආලා ඉන්නෙ ලක්ශ තුනක් පමණ.
ඔටුවන් බෝවීම නිසා වෙනත් සතුන් රාශියකට නිජබිම් අහිමිවීමේ අර්බුදයකට මුහුණ දෙන්න වෙනවා. ඔස්ට්‍රෙලියානු භුමිය වසර එකසිය පනහකදි විතර මේ තරම් තඩි සතුන් මේ තරම් ගොඩක් නඩත්තු කරන්න පරිණාමය වෙලා නෑ. මේක හරියටම මිනිසුන් වසර 45000 කට පෙර ආවා වගේම, එහෙමත් නැත්නම් ආසියානු වල් බල්ලා වසර 4000 පමණ පෙර මිනිසුන් ගෙනාවා වගේම [ඩින්ගෝ කියන්නෙ ඌට] ශොක් ඉෆෙක්ට් එකක්. පාරිසරික අර්බුදයක්.

ඩින්ගෝ කතාව කිව්වොත් වැඩේ තේරෙයි. ඩින්ගෝ වගෙ සතෙකුට මුහුණ දෙන්න ලෝකල් සතුන් හැඩ ගැහිලා නෑ. ලෝකල් සතුන් ට තියෙන ස්වාභාවික ආරක්ශණ විධි ඩින්ගෝ අතින් නිකම්ම ගැලවෙනවා. එකිඩ්නා වැනි සතුන් අඩු වන්න ඩින්ගෝ ප්‍රධාන හේතුවක්.

ඔටුවා විලෝපිතයෙක් නොවේ. ඒත් කාන්තාර පරිසරයෙ ස්වදේශික සතුන්ට වඩා හොදින් ඔටුවා සර්වයිව් වෙනවා. කාන්තාර ව්‍යාප්තිය වෙන්නෙ පහුගිය වසර 50000 පරාසයේ නිසා දේශිය සතුන්ගේ කාන්තාර වලට හැඩ ගැහීම දුර්වලයි. ඒත් ඔටුව අවු මිලියන පහ හයක් මේ වගෙ පරිසරයකටම හැඩ ගැහුන සතෙක්. ඔටුවා ප්‍රශ්නයක් වන්නෙ මිනිසාට පමණක් නෙවි ඔස්ට්‍රෙලියාවෙ සෙසු සතුන්ටත්. එකිනෙකා අතර තරගයෙන් ඔටුව දිනනව. ඒ නිසා ඔටුවන් පාලනය කිරීම ටෙක්නිකලි අයිති වන්නෙ ජෛව පද්ධති රැක ගැනීම වන සත්ව සන්‍රක්ශණය වගෙ මාතෘකාවකට. ඒකෙන් වෙන්නෙ බොහෝ ලෝකල් සතුන් සුරක්ශිත වීම.

එසේම පරිසරය සහ මිනිසා වෙන්ව දකිනා පින්තුරය නිසා මිනිස් ක්‍රියාකාරකමක් සේ සැලකෙන ඔටු ගහණය සෙසු පරිසරයට කරන බලපෑම අවම කරන්න ඕනෙ කියන මතයකුත් තියෙනවා.

සමාන්තර සිද්ධියක් ලෙස ලන්කාවට ආසන්නව ගැලපෙන්නෙ අලි සහ වෙනත් වන සතුන්ගෙ පාරිසරික පද්ධති අස්සට නිවැසි හරක් පට්ටි රින්ගවන එක. මේකෙන් වන සතුන් සැහෙන්න පීඩා විදිනවා. ඒත් හරක් පට්ටි මිනිසුන්ගෙ නිසාත් නීති මගින් ඒක තහනම් කල හැකි නිසාත් උන්ව ගහණ පාලනයකට ලක් කරන්න වෙන්නෙ නෑ. ලන්කාවෙ ආක්‍රමණික ශාඛ වලට නම් ගහණ පාලනය කරවනවා.

ඔටුවගෙන් මිනිසාටත් හිරිහැර වෙනවා. ඒ කාන්තාර ආශ්‍රිත මිනිසුන්ගේ ජනාවාස සහ විවිධ සන්ස්කෘතික වටිනාකම් තියෙන ස්තාන කඩා බිද දැමීමෙන්. ජලය සහ ආහාර හොයා ෆෙරල් ඔටුවන් ගම් වදින්නෙ අලි ගම් වදිනවා වගේ තමා. දරුවන් උන්ට පෑගෙන  රිස්ක්  එකකුත් තියෙනවා.  මුන් හීලෑ  ඔටුවන් නොවේ.

මිනිස්සු මේකට පාලනයක් ලෙස ඔටු මස් හා ඔටු කිරි බිස්නස් පටන් ගත්ත. ගොවිපොල හැදුව. ඒත් ගහණ වර්ධනය ට සමගාමිව ඒවා නතින්. ඊට පස්සෙ රජය විවි සහ වන සත්ව ඒජන්සි රාශියක් එක්ව 2009  සිට ඔටුවන් ලක්ශ ගාණක් මරා දැම්ම. කොම හරි 2013 වෙද්දි ගහණ පාලනය කර ගත්ත. ඒත් දශකයකට අඩු කාලෙකින් ඔටු ගහණය දෙගුණ වෙනව.

සමහරු  යෝජනා  කරනවා  දැක්ක  ඔටුවන්  අපරාදේ මරනව  අඩුම  ගානෙ  උන්ගෙ  මස්  වලින්වත් මොකවත්  කරන්න පුළුවන් නේද කියල.  ඒත්  මේ  ඔටුවන්  සත්ව පාලන සම්මුති  යටතේ  හදාපු  උන් නෙවි.  සාමාන්‍යයෙන්  වනගත  සතුන් මරා  මස්  කෑම  සෞඛ්‍ය  අතින්  නුසුදුසු  කියා  තමයි  සම්මුතිය  තියෙන්නෙ.  පෙර කී ඔටු  බිස්නස්  වල  ඔටුවන්  කුඩාකළ  සිට  මිනිසුන්  ආශ්‍රයේ  පාලිත  තත්ව  යටතේ හැදෙන්නෙ. අනික  මේ  කාන්තාරෙ  ඉන්න ඔටුවන් මිනිස්  වාසවලින් බොහෝ  දුර නිසා උන්ගෙ මළ  සිරුරු  ආපහු  ගේන්න ලොකු  වියදමක්  යනවා. උන්ව  මරන්නෙ හෙලිකොප්ටර්වලින් ගිහින්.

මෙතන  ආයෙත්  ජෛව විද්‍යාත්මක  ලෙස වැදගත්   කාරණයක් තියෙනවා. මිලියනයකට වඩා සෙට් එකක් පරිසරයෙන් දේවල් උකහා ගත්තම උන් මරල උගේ මස් වික්කොත් පරිසරයේ කොලිටිය තවත් හීන වෙනවා. උන්ගෙ මස් ආපහු ඔස්ට්‍රෙලියන් භුමියට ම එකතු වෙන්නයි ඕනෙ චක්‍රියභාවය පවතින්නෙ එහෙම. මූ ලොකු සතෙක් නිසා මුන් ගොඩක් පරිසරයෙන් ඉවතට ගත්තොත් මේ වගේ ඉතාම දුබල පරිසර පද්ධතියකට දැනෙනවා තදින්.

හිතන්න ඔටුවා  ස්වාභාවිකව  උන්න්නු  පරිසරයක  ඌට  විලෝපිතයෙක්  උන්න කියල.  එහෙමනම් ඒ විලොපිතය  ඔය  ලක්ශ  දොළහක ඔටු ගහණයෙන්  කීප දාහක් කනවනෙ  හැමදාම.  ඒ කන උන්ගෙ  දාල යන කොටස්  ඒ  පරිසරයේ  ඉන්න  අනිත් සතුන් කනවා.  ඉතින්  මේ කෘතිම  ඔටු  ගහණයට  මිනිසා  කරන්නෙ කෘතිම විලෝපිතයකුගේ  භුමිකාව. 
 ඒ මැරෙන සිරුරු ස්කැන්වෙන්ජර්ස් ලා කන එකෙන් ආහාර දාමයක් හැදෙනවා.  ඒ නිසා  මළ  සිරුරු  දාල යන එක තමා  නිවැරදි. 2009-2013 මහා  ඝාතනය කරන්නෙ සයන්ටිස්ට් ලා ගේ අනු දැනුමින් ඒ නිසා ඕකත් කල්පනා කරන්න ඇති.

මේ පාර කරන්නෙ නම් ඉතා කුඩා ගහණ පාලනයක්. 10000 කියන්නෙ නතින් සාමාන්‍ය  ගහණ  පාලනයකට සාපෙක්ශව. මේක ලෝකල් ඒරියා එකක් වනසන එකට කරන විසදුමක්. රියල් ගහණ පාලනයක් ආයෙ කෙරෙයි දීප ව්‍යාප්තව මොකද මිලියනය පනිනව කියනෙන් ලොකු කේස් එකක්. 


මේ ඔටුවන් මරා  දැමීම  නිතර වෙන එකක්.  ගමකට  හෝ කිසියම් වැදගත්  ස්තානයකට  හානි කරන  ඔටුවන් කීප  දාහක්  මරණ  එක.  ඒත්  මීට අමතරව ගහණ පාලනයට   ඔටුවන් ලක්ශ  ගාණක්  මරණ  එකනම්  කරන්නෙ සත්ව  සන්‍රක්ශණ  කටයුතු  වලට  වග  කියන  ආයතන විසින්.

ඔටුවා වන සතෙක් බවට පත්වෙන දවසක් එන්න වසර දාස් ගාණක් මිලියන ගාණක් උන් එක්ක පරිසරය වෙනස් වෙන්න ඕනෙ. එතකල් ඌ පවතින පාරිසරික රාමුවට තර්ජනයක්.

ඒත් මේක ලාන්කිකයට පට්ට කුණුහබ්බයක් වෙන බව තේරෙනවා. Feral animal culling කියන එක සින්හලට හරවගන්නවත් විදියක් දන්නෙ නෑ. ෆෙරල් සහ කලින් කියන දෙකට වචන තියේද? ඒ තරම් ආගන්තුකයි.

මෙතෙක්  දිගටම  වෙච්ච 
ඔටුවන් මරා  දැමීම මෙවර  බොහෝ  දෙනාගෙ  අවධානය දිනාගන්නෙ මාධ්‍ය  ආයතන කීපයක්  ඒක  ලැව්ගිනි  සමග  පටලා  දැමීමෙන්. ඒක  වැරදි  අවබෝධයක්.  මේ සියල්ල වෙන්නෙ බුශ්ෆයර් වෙන පළාතක නෙවි. ඔටුවො ගස් තියෙන කැලෑ වල ඉන්නෙ නෑනෙ. ඒ දෙකේ සම්බන්ධයක් නෑ.

කෝම  වුණත්  ගෘහාශ්‍රයෙන් පළා ගිය ඔස්ට්‍රෙලියානු  සතුන්  අතර  උඩින්ම  ඉන්නෙ  ඔටුවා  නොවේ.  බල්ලා  සහ  පූසා. උන් ගෙවල් වලින් පළා  යනවා  වගේම අකාරුණික  සතුන්  හදන්නන්  උන්ව  කැලේට  ගිහින් දාන එකකුත් [ලන්කාවෙ තරම් නොවුණට]  එක්තරා   දුරකට වෙනවා.   ලන්කාවෙ නම් මෙහෙම  අතාරින  සතුන් වෙනත්  සතුන්  කා  දමනවා.  ඒත් මේ කිසිම සතෙකුට  විලෝපිතයන් නෑ  මෙහෙ. ඔස්ට්‍රෙලියාවෙ  උන්නු  නියම සතුන් ස්වදේශිකයන් අතින් වද  වී  යාමෙන් පස්සෙ  මෙහෙ ඉන්නෙ අතන මෙතන ඉතුරු වෙච්ච  සත්තු. වෙන්නෙ මොකද  වනගත බලු  සහ පූස්  රන්චු වේගයෙන් බෝ  වෙනවා. බල්ලො නම් ස්වදේශිකයන් ගෙන් පළා ගිය  ඩින්ගෝ  එක්ක මුහු   වෙනවා.


ගෘහාශ්‍රයෙන් පළා ගිය  පූසන් ලක්ස  විස්සේ  සිට හැට  අතර  ප්‍රමාණයක්  වන්නන්තරේ  ඉන්නව කියනව.  මේ පූසර් ලා සත්ව විශේශ  විස්සක්  දැනට මිහිමතින්  අතුගාල දාල තියේ  කියනවා.  මේ වසරෙ පටන් ගන්න වැඩසටහනකින්  මේ පූසන් ලක්ශ  විස්සක්  මරා  දාන්න ඔස්ට්‍රෙලියාව හිතාගෙන  ඉන්නවා.  ඒත්  ඒක  නිව්ස්  හිට් වෙන්නෙ නෑ  බුශ් ෆයර් වගේ ට්‍රෙන්ඩින් කතාවකට  එල්ලන්න බැරි  නිසා.


ඕකට  අමතරව ඔස්ට්‍රෙලියාවෙ ගොවිපොල  සතුන් ලක්ශ  ගානක් හැමදාම මරා  දානවා.  ඒක  නම්  මොන නිව්ස්  එකක්ද? ලන්කාවෙත්   මරනවනෙ.


මේ  කතාව  සන්වේදී කතාවක්. පුද්ගලිකව ගත්තොත්  මට  මේ  ක්‍රියාව එක්ක  එකගතාවයක් නෑ.  ඒත්  මට  මේ ගැටලුවට විසදුමකුත් නෑ. මේ සටහනේ  අරමුණ  පවතින  තත්වය  ගැන වාර්තා  කිරීමක් පමණයි.

මේ ලියන්නෙ මාතෘකාව ගැන පවතින ලෝකල් මතය. ලෝකල්  මතය  එහි  අර්ත දැක්වීම්  සමග කන්සිස්ටන්ට්  ලෙස  ඉදිරිපත් කළ  හැකියි. මේ  ගැන  වෙනත් කන්සිස්ටන්ට්  මතවාදයක්  හෝ  සන්විධිත  දැනුමක් නෑ.  විකල්පයක්  ලෙස  තියෙන අනිත් එකම එක  මොකුත්ම නොකර  ඉන්න එක.  එය  ප්‍රශ්නවලට  විසදුමක් නොවේ.

9 comments:

  1. මටත් ඇත්තේ මිස සමාන දහසකි. ඔටුවන් මැරීමේ ලොකු වරදක් මට නොපෙනේ.

    ReplyDelete
    Replies
    1. මට හිත්න්නෙ මෙතන මිනිසා කරන්නෙ ලොකු ප්‍රිඩේටරයාගෙ රෝල් එක. ඒ පදනමත් සලකන්න ඕනෙ

      Delete
  2. මට මේ පිළිතුර ලියන්න හිතුනේ Feral animal culling කියන එකට සිංහල පදයක්වත් නැහැයි කියලා තියනවා දැක්කාමයි. මේකට අපේ බෞද්ධ පසුබිම හේතු වෙන්න ඇති. වයසට ගිය, ලෙඩවූ, මහලු හරකෙක්, බල්ලෙක් වත් මරා දමන්නේ නැතිව ඒ සතා ස්වාභාවිකවම මිය යාමට හරිනවා මිසක් මරා දැමීම බහුතරයක් වූ සිංහල බෞද්ධයන් කරන්නේ නැහැනේ. ඊයේ මේ ඔටු සංහාරය ගැන මා ලියූ දෙයක තිබූ Humane killing කියන වචනය සම්බන්ධයෙන් ලංකාවේ කෙනෙක් මේ විදියට ලියා තිබුනා // There is no humane in killing. killing is killing.// ඒක තමා බහුතර අවිහිංසාවාදී ලාංකිකයන්ගේ සිතිවිල්ල. නමුත් ඔබගේ ලිපියෙන් පැහැදිලි කර ඇති පරිදි වෙනත් විකල්පයක් නැති විටකදී "සතුන් නොමැරීම" සියලු විටකදීම හොඳ දෙයක් වෙන්නේ නැහැ.

    අපේ මුතුන් මිත්තන්ට සාපේක්ෂව ඔස්ට්‍රේලියානුවෝ (එංගලන්තයෙන් ඔස්ට්‍රේලියාවට පිටුවල් කළවුන් හා free settlers) පරිසරය පිළිබඳව කිසිම සැලකිල්ලක් නොදැක්වූ පිරිසක්. "පරිසරය" කියන්නේ තමන්ට අවශ්‍ය පරිදි කපා කොටා, මරා,බෝ කර, වඳ කර තමන්ගේ අවශ්‍යතාවය පමණක් ඉටු කර ගැනීමට තමන්ට භුක්තියට ලැබුන දෙයක් මිස රැකගත යුතු දෙයක් කියලා එකල සලකලා නැහැ.

    Thorpdale (South Gippsland, Victoria) හි තිබුනා යැයි සැලකෙන ඉතාම උස ගසක් කපා, එහි උස මැන, එය ලෝකයේම උසම ගස බව සොයා ගැනීමේ ගෞරවය හිමි වන්නේත් ඔසියෙකුටයි.. (මේක ත්‍රිකෝණමිතිය අනුව මනින්න නොදැනීම නොවෙයි, කැපුවාට පසුව මැනලා තියෙන්නෙත් මිනින්දෝරුවෙක් ) .
    ඒ වගේම යම් සත්ත්ව වර්ගයක් මිහිමතින් තුරන් කිරීමේ අරමුණ ඇතිව, එම සතුන් ඝාතනය කර, එම අරමුණ සාර්ථක කර ගත් (මා දන්නා ) එකම සතා තස්මේනියන් කොටියා (Tasmanian Tiger/ Thylacine) වන අතර එහි (අ)ගෞරවයත් ඔසියන්ටම හිමි විය යුතුයි.
    1859 සිට පරිසරයට නිදහස් කල හාවුන් අතලොස්සකගෙන් බෝවුන හා ගහනය 1920 වනවිට බිලියන 10 (මිලියන නොවේ, බිලියන )දක්වා වර්ධනය වීම, විනෝදාත්මක මාළු ඇල්ලීමට මරේ ගඟට යුරෝපියන් කාප් හඳුන්වාදීම, අස්සයින් කැලෑ වැදීමට ඉඩදීම වාගේ නිවැරදි කල නොහැකි වැරදි අතර විශාලතම විනාශයක් ලෙස සැලකෙන්නේ Cane Toad (උක් මැඩියා) හඳුන්වා දීමයි. මේවා සියල්ලම බොහෝ කලකට පෙර කල අනුවන කම් උනත් ඒවායේ ඵල විපාක වර්තමානයටත් අනාගතයටත් එකසේ බලපානවා.
    මේ සියල්ලම අතරේ සතුටට කරුණ නම්, මේ සියලුම වැරදි ක්‍රියාවන් නිසා අතීතයේ වූ විනාශය ගැන කම්පා වෙමින් හෝ එකිනෙකාට දොස් පවරමින් ඉන්නේ නැතිව දැනට ඉතුරු වී තියන පරිසරය, ගහකොළ, සතා සිව්පාවුන් රැක ගැනීමට හා සමතුලිතතාවය රැක ගැනීමට සියළුම දෙනා එකාවන්ව කටයුතු කරන එකයි.

    ReplyDelete
    Replies
    1. මෙතන ඔසියන් කියන්නෙ බ්‍රිට්ටන්. මට පේන ආකාරෙට මේ කොලෝනියල් සමයේ ශේහවෙන කුණු තමා තාම අදින්න තියෙන්නෙ. කොලෝනියල් පාලකයින් මාර ඩොග්මාවකින් ක්‍රියාත්මක වන්නෙ. උන් මේ ආකාරෙටමයි මිනිසුන්ටත් සලකන්නෙ. උදාහරනෙකට කලු අප්‍රිකන් වහලුන් මිල වැඩි නිසා අයිරිශ් කෙල්ලන් වහලියන් සේ ගෙනිහින් කලු එකෙක් දම්මල ඒ කෙල්ලන්ට ලමයි හදල හාෆ් ප්‍රයිස් වික්ක එක. සතුන් පට්ටි දානව වගේ.

      ඉතින් ඒ තින්කින් එකෙන් බිදිල එන එකක් තමා මේ තත්වය.

      අනික ඔස්ට්‍රෙලියවෙ මූලික පරිසර ව්‍යසනය සුද්ද නොවේ ස්වදේශිකයන්. ඔස්ට්‍රෙලියාවෙ ස්වභාවිකව උන්නු සතුන් ඔක්කොම වගෙ එ දැන් නෑ. ස්වභාවයට සතුන් අහිමි වීම දරාගන්න බෑ සතුන් නැතුව බැලන්ස් හැදෙන්නෙ නෑ. එහෙම වීම නිසයි මිනිසාට ස්වභාවය රකින්න වෙන්නෙ. ඔස්ට්‍රෙලියාව වසර 50000 කට පෙර ලොකු වනන්තර තිබ්බ අලි විතර සත්තු රන්චු හිටිය මෑත යුගයෙ පවර්ෆුල්ම බයිට් එක තිබ්බ විලෝපිතය හිටිය රටක්. ඒ වනන්තර එක පිටින්ම ගිනි තිය්ල තමන්ගෙ වාසියට තනබිම් කරගන්නෙ ස්ස්වදේශිකයන්. මේක මගේ ෆේස්බුක් එකෙන්.

      --------------

      ඔස්ට්‍රෙලියාවට මිනිස්සු මුලින්ම ආපු වසර 45000-55000 ට එපිට කාලය ගැන තියෙන්නෙ දළ අදහසක්, ඒ කාලෙ ඔස්ට්‍රෙලියාවෙ විශාල අභ්‍යන්තර ජලාශ තිබ්බ කියනවා. ඇමරිකාවෙ මහාවිල් තරමේ ඒවා. ඔස්ට්‍රෙලියාව උඩින් ගුවන් ගමන් යන කෙනෙක් [මගේ ගානට පිස්සු තියේනම්] භුමිය පෙනෙන කැමරාව ඔන් කරගෙන ගියොත් දකියි කෙතරම් සෝල්ට් ෆ්ලැට්ස් පහු කරනවද කියල. ඒ හැම එකක්ම හිදිලා ගිය මහා විලක ලවණ ශේශ.

      එහෙම ජලාශ්‍රිත පරිසරයක ඝනව වැදුනු වනයක් [ජන්ගල්] තිබ්බ කියල හිතනවා. සෙසු රටවල වගේ එකිනෙකට ආසන්න ගස්. ඒ වනය තුල අද ඉන්න සතුන්ට වඩා විශාල සතුන් ප්‍රමාණයක් විශේශයෙන්ම මීට වඩා ප්‍රමානයෙන් ලොකු සත්ව ප්‍රජා රාශියක් උන්න කියනවා. ඔය සියල්ල ඇත්ත නම් මිට වඩා වහින්න ඇති කියල හිතන්න පුළුවන්.

      දැන් එහෙම නෑ. පරිසරය වියලියි. වනන්තරේ කියන්නෙ එකකට එකක් දුරස් යුකැලිප්ටස් පයින් වගේ ගස්, සතුන් කියල ප්‍රභේද කීපයක් උන්නට පරිසරය පාලනය කරන වන සතුන් නෑ. එහෙම හිටපු අය වදවී ගොසින්. පරිසර පද්දති කඩා වැටිලා තියෙන්නෙ අද ඊයෙ නෙවි.

      මේකට හේතු කීපයක් කියනව. එකක් ඒ අවු 45000 තුල වෙච්ච දේශගුන විපර්‍යාස. අයිස් යුගයකුත් තිබ්බනෙ මැද්දෙ, ඔස්ට්‍රෙලියාවට එතරම් බලපෑවෙ නැතුවට. හැබැයි අපි කාටවත් අතාරින්න බැරි දේ තමා මිනිස් ක්‍රියාකාරකම්. මිනිස් කියන්නෙ ස්වදේශිකයන්.

      තමන්ට දඩයම් කරන්න අමාරු භුමිය ගින්නෙන් දවල වනන්තර ක්ලියර් කරන වැඩේ පටන් ගත්තෙ එයාල කියල කියනවා. මෙහෙම නිතර නිතර ගිනි තියන කොට ගින්නට ඔරොත්තු දෙන සහ ගින්නට සපෝට් කරන පයින් යුකැලිප්ටස් වගේ ගස් ඉතිරි වෙලා වඩාත් ඝනව වැඩෙන ගස් ක්‍රමයෙන් වදවී යාමක් වෙනවා. පයින් ගස ඉක්මනින් දවන්න ලේසි පිට තට්ටුවක් සහ කොළ සපයා දී සිය අභ්‍යන්තරය රැක ගන්නවා. යුකැලිප්ටස් තෙල් වාශ්ප මුදා හැර ඒව දවාලීමෙන් තම කද බේර ගන්නවා. ඔය දෙකම ගින්න වේගවත් සහ මරුසි තත්වයට පත් කරනවා

      ඒ වගේම ස්වදේශිකයන් ගස් වැස්ම අයින් කරල නිරාවරණය වෙන ලොකු සතුන් දඩයම් කර අහවර කිරීමෙන් පරිසරයෙ සමතුලිත බව නැති කරගෙන තියෙනවා. මේක එක ආකාරෙකට අවු 45000 ක පරිසර අර්බුදයක සමුච්චිත පලයක්

      කෝම හරි ඉතින් තණබිම් සහ ලිහිල්ව වැඩෙන ගස් වලට හැරුන ඔස්ට්‍රෙලියාව පුරා ස්වදේශිකයන් පැතිරෙනවනෙ. එයාල දිගටම හන්ටර් ගැදරර් ජීවිතයක් ගෙවන්නෙ. එයාල ඉන්නෙ කැලේමයි. ඉතින් ප්‍රශ්නයක් එනවා මේ මහා ලැව්ගිනි එක්ක එයාල උන්නෙ කෝමද කියල.

      එයාල කරල තියෙන්නෙ මුළු වනන්තරයම එආලට ඕනෙ තාලෙට හදන එක. එයාල තණබිමේ අහඹු ලෙස වැවෙන පෑලැටි ගලවල ඒවා තණ බිමේ මැද එක තැනක තුරු වදුලු ලෙස වවල තියෙනවා. ඒ තුරු වදුලු තුල සතුන් විශාල ලෙස ඒකරාශි වෙනවා මොකද සෙසු තණ බිමේ එයාල ගස් හැදෙන්න දෙන්නෙ නැති නිසා. එතකොට ඒ සත්තු ලොකු වෙනකොට දවසක එයාල පොඩි වන වදුලට ගිනි තියනවා. ගින්නෙන් පලායන සතුන් මරාගන්නව. ඔය ක්‍රියාව නිසා කවදාවත් කොහෙවත් ලොකුවට වනන්තරයක් හැදිලා නෑ.

      මේ නිසා ටෙක්නිකලි ස්වදේශිකයන් හන්ටර්-ගැදරර් ම නෙවි එයාල එඩේර-ගොවි යුගයක උන්නෙ. ගොවිපොල තමා මුලු ඔස්ට්‍රෙලියාවම. මේ ටෙක්නික් එකට ෆයර් ස්ටික් ෆාමින් කියා කියනවා.

      මුලින්ම ආපු සුද්දෙක් කැලෑවෙ සන්චාරයක යද්දි කියනවා. මුලු ඔස්ට්‍රෙලියාවෙම වනන්තර පුරාම කිසියම් ඕඩර් එකක් පවතින බවත් එය කවුරු හෝ වගා කල වතුයායක් මිස ස්වභාවික වනයක් නොවන බවත් එනයින් මෙය ලොකයේ ලොකුම වතුයාය ලෙස සලකන්න පුලුවන් බවත්.

      Delete
  3. මගේත් අදහසත් මෙයටම ගැලපේ, ගොනු කර අගනා පරිදි රචනා කිරීමට ස්තුතුයි !

    ReplyDelete
  4. අවන්කවම ඇත්ත කිව්වොත් මම කැමති නෑ ඔටුවන් මරණවට. ඒත් මට දෙන්න උත්තරේකුත් නෑ. ඔටුවන් එක්ක මගේ කිසිම සම්බන්දයක් නැති නිසා මට උන් කරන හානිය බලපාන්නෙත් අනෙඅ. ඒ නිසා මගේ මතයට ඔටුවන් මරන්න එපා කීම වැරදියි මොකද මට වෙන විකල්පයකුත් නැතිනිසා. මාගේ සත්ව අහින්සා ආතල් එක තෘප්ත කරන්න කවුරුන් හෝ දුක් විදපල්ල කියන එක වැරදියි.

    ලාන්කිකයාගෙ රියක්ශන් එකේ අමනකම් ඕක. ලන්කාවෙ කෘමි උවදුරක් ආවොත් පෙස්ටිඩයිඩ් ගහනව සමනල්ලු පවා මැරෙන්න. අනුන්ගෙ ප්‍රශ්න වලදි එයාලගෙ ආතල් වෙනුවෙන් වෙනත් මිනිසුන් දුක් විදින්න ඕනෙ.

    ReplyDelete
  5. වර්තමානයේ වැව් වල Tank Cleaner මාලු මෙක්ට උදාහරණයක් නේද

    ReplyDelete