Wednesday, January 21, 2026

ග්‍රීන්ලන්තය

ග්‍රීන්ලන්තය ගැන කාලෙකට කළින් පෝස්ටෙකක් ෆේස්බුක් දැම්මෙ මර්කේටර් ක්‍රමයට ප්‍රක්ශේපණය කළ පැතළි ලෝක සිතියමේ නොපෙනෙන ස්තානීය ලෙස ඇති වටිනාකම ගැන කියන්න. ඉන් පස්සෙ ආපු උනන්දුවට වරින් වර ලියන්න යෙදුණු පෝස්ට් අරගාණක් තියෙනව. වගතුග බ්ලොග් එකේ මූලික අරමුණ වන්නෙ මෙහෙම කළින් ලියූ සටහන් වඩාත් ස්තාවර තැනක තැන්පත් කරන එක. ඒ වුනාට ඒවා කිසියම් ආකාරයක කතාවකට ගොණු කරන්න උත්සාහයක් ගන්නව මම. වර්තමානයට ලොකුඅට අදාළ නොවෙන ඔබ්සලීට් සමහර කොටස් අයින් කරනවා.

-------------------

පසුබිම:

ග්රීන්ලන්තය කියන්නෙ 57000 ක පමණ ජනගහනයක් ඉන්න නමුත් සෞදි අරාබිය තරම් විශාල රටක්. මේ රටේ වැඩි හරිය තියෙන්නෙ ග්ලේසියර යට. සමහර ස්තාන වල ග්ලේසියරය කිමි 3ක් පමණ ගණකම්. භූමිය මතු වී ඇති ස්තාන වල තමා කුඩා නගර හදාගෙන ඉන්නෙ. දීර්ඝ කාලයක් ඩෙන්මාක යටත් විජිතයක් වුණත් ග්රීන්ලන්තයේ ජනගහනයෙන් 90% කට වඩා ඉන්නෙ ඉනියුට් ප්රජාවක් (එස්කිමෝ කියල ඉස්සර කිව්ව එක ජන වර්ගයක් - එස්කිමෝ කියන එක තරමක් නොහොබිනා යෙදුමක් ලෙස ඔවුන් සළකන්නෙ). 1979 සිට ස්ව්යන්පාලන කලාපයක් ලෙස ඩෙන්මාක් රාජධානියේ පවතින ග්රීන්ලන්තය ඉනියුට් ප්රජාවකට බහුතර බලය හිමි ලෝකයේ එකම පාලන ප්රදේශය වෙනවා.

ග්රීන්ලන්තයේ කතාව කීපවරක් ඇමරිකාව සමග පැටලෙනවා. 1860 ගණන් සිට නොයෙක් වර ඇමරිකාව හා ඩෙන්මාකය අතර ග්රීන්ලන්තය මිලදී ගැනීමක් ගැන කතාවුණත් ඒක ක්රියාත්මක වී නෑ. දෙවෙනි ලෝක යුද සමයේ ඩෙන්මාකය නාසි පාලනයට නතු වුණාම, දූපත බේරාදෙන්න ඩෙන්මාකය ඇමරිකාවෙන් ඉල්ලීමක් කරනවා. ඒ නිස ග්රීන්ලන්තය ජර්මනියෙන් බේරගෙන පාලනය කරනව ඇමරිකාවෙන්. 1951 දි තමා නැවත ඩෙන්මාකයට පවරා දෙන්නෙ ගිවිසුමකින්. 57000 ක ජනගහනයට සාපේක්ශව ඉන් 1/5 පමණ හමුද භට පිරිසක් ඉන්න ඇමරිකානු අභ්යවකාශ සේනා මූලස්තානය ග්රීන්ලන්තය තුල තියෙන්නෙ ඒ ගිවිසුම ප්රකාරව. ඇමරිකවට එන අන්තර්මහද්වීපික මිසයිල ප්රහාර වැලකීම ඔවුන්ගේ එක ප්රධාන කාර්යයක්.

ග්රීන්ලන්තයට හමුදාවක් නැති නිසා එහි ආරක්ශාව සපයන්නෙ ඩෙන්මාක් හමුදාව. එසේම ඩෙන්මාක් පාර්ලිමේන්තුවෙ ආසනයක් ඊයූ කලාප දිගුවක් එක්ක නිදහස් සෞඛ්ය අධ්යාපනය ආදි යුරෝපයෙ සුබසාධන අවස්තා සියල්ල ග්රීන්ලන්තයට හිමියි. ඒ අතර නොමිලේ ඩෙන්මාක් විවි වල අධ්යාපනයද හිමි වෙනවා. 

දුර්ලභ ලෝහ කියන නව තාක්ශණික මෙවලම් වලට අත්යාවශ්ය ලෝහ විශාල නිධි ග්රීන්ලන්තය සතුයි. ඛනිජ තෙල් නිධි පවතින බව කීවත් 2021 ගවේශණ නතර කරන තුරු තෙල් හොයාගෙන නෑ.

රටක් ලෙස ස්වාධීන වෙන්න ග්රීන්ලන්තයට අසීරු වන්නෙ 57000 වගෙ පොඩි ජනගහනයක් එක්ක ආන්තික දේශගුණ කලාපයක පැවැත්මේ අවුල නිසා. වාර්ශිකව ඩො මි 500 හෙවත් රටේ වියදමෙන් 1/3 සපයා දෙන්නෙ ඩෙන්මාක බදු ගෙවන්නන්. මේ හේතුව හා පෙර කී සුබසාධක වාසි නිසා ඕනෙම වෙලාවක වෙන්ව යා හැකි වූ නමුත්, බහුතරයක් පක්ශ වෙන් ව යාම් තම ප්‍රතිපත්තිය ලෙස සළකන නමුත්, අද වෙනකම් වෙන්ව යාමේ යෝජනාවක් ඉදිරිපත්වී නෑ. කොලෝනියල් කාලේ මුලදි ඔස්ට්රෙලියාවේ කැනඩාවේ වුණා වගෙ දරුවන් පැහැරගනීම් ඉඩම් කොල්ලකෑම් ආදිය වෙලා තිබ්බත් දැන් වෙද්දි සමාන ලෙස සැලකීම හා රැකබලාගැනීම නිසා ග්රීන්ලන්ත ජනයා තුලත් ඩෙන්මාකය ගැන අප්රසාදයක් නෑ.

ග්රීන්ලන්තයේ අනෙක් වැදගත්කම වන්නේ ආක්ටික් හිම දියවුනාම ලෝකෙ ප්රධාන නිශ්පාදක ආර්තික තියෙන උතුරු පැසිෆික් සාගරේ සිට ප්රධාන් පාරිභෝගික කලාපය වන උතුරු අත්ලන්තික් සාගරේට යන වෙළද ගමනේ අතුලු වීමේ දොරටුව වෙන්නෙ ග්රීන්ලන්තය නිසා. මේ නිසා ආක්ටික් වෙලදාම් ඉලක්ක කරන රුසියාව හා චීනයට ග්රින්ලන්තය ගැන උනන්දුවක් තියෙනව. 

ග්‍රීන්ලන්තය නාවික කේන්ද්රස්තානයක් වෙනව වගේම ග්ලේසියර දියවෙලා මතුවෙන පොලොවේ මෙතෙක් ගවේශණය නොකළ ඛනිජ අඩන්ගුයි. එසේම ඇත්තම ග්රීන්ලන්තෙ කියන්නෙ ඔය පින්තුරෙ තියෙන දූපතෙ වාටියෙ තියෙන දූපත් තුනක් නිසා දැනට ග්ලේසියරෙන් වැහිල තියෙන මැද සාගරික කලාපෙ සම්පත් අතිශයින් තියෙන්න පුලුවන්.
No photo description available.


-------------------


අපි ග්‍රීන්ලන්තෙ ගැන මුලිම්ම ලිව්වෙ 2018 දෙසැම්බරයේ. ඇයි හතරැස් ලෝක සිතියමේ මුල්ලක තියෙන ග්‍රීන්ලන්තය මෙතරම් වැදගත්? ඊට ඔබට අවශ්‍යයි ගෝලයක ඇදි සිතියමක් (මම හැමදාම කියන්නෙ ලෝක සිතියම උගන්වන හැම වෙලාවකම ගෝලයම යොදාගන්න කියල)
-------------------

ගෝලයක ඇඳි ලෝක සිතියමක් සොයාගත හැකිනම් එහි උත්තර ධ්රැවයට ඉහලින් ඒ දෙස බලන්න. උත්තර ධ්රැවයේ ඇතැයි ඔබේ සිතේ ඇඳි ඇති ග්ලෙසියර මිනිස් වර්ගයා වේගයෙන් දියකර හරිමින් සිටිති. ඒවා ඉවත් කරගන්න. එවිට ඔබ ඔය බලා සිටිනුයේ මුළු ලෝකයේම හදවත බඳු සාගරයක් දෙසයි. මෙය ඇත්තටම ලෝකයේ හරි මැද යි. සාගර මත මාර්ග වේ නම් එහි ප්රධාන වටරවුම එන්නේ ආක්ටික් සාගරයටය.

මහද්වීපික ලෝකයේ වැඩි හරිය ඇත්තේ උත්තර අර්ධ ගෝලයේ නිසාත් ජනගහන වලින් සැලකියයුතු තරමක් විශේෂයෙන්ම මිලදී ගැනීමේ හැකියාවෙන් ඉහලම මට්ටමේ විශාල ජනගහන ඇත්තේ මේ සාගරයේ මායිම් ආසන්නයේය. එසේම ඉන්දීය සාගරය හැරෙන්නට අනෙකුත් සියලු මිනිස් වාසාශ්රිත සාගර වලට ඇතුළු වන කොටම පාරවල් වැටෙන්නේ මෙය හරහාය. හිම දියවන විට ආක්ටික් සාගරය ලෝක වෙළඳාමේ හදවත වීම වැළකිය නොහැක.

මහජන චීනය මෙය හඳුනාගෙන ආක්ටික් මායිමේ පවතින ග්රීන්ලන්තය පදනම් කරගත් නව සේද මාවතක් තනා ගැනීමට යත්න දරති. අයිස් බ්රේකර් නැව් පවා මිලට ගෙන ඒ සේද මාවත තැනීමේ කටයුත්ත දැනටමත් පටන්ගෙන ඇත. චීනයේ සිට ආක්ටික් දෙසින් බැලු විට ග්රීන්ලන්තය යනු අත්ලාන්තික් සාගරයට ඇමරිකාවේ නැගෙනහිර වෙරළට සහ යුරෝපයට ඇති ගේට්ටුව වැනිය. චීන්නු එහි ආයෝජන කරති. වැඩිය අවධානයක් නොලැබෙන සාපේක්ෂව දිළිඳු ඉනුයිට් ග්රීන්ලන්ත වාසීන්ට ඊට එරෙහි වීමට හේතුවක් නැත.

අමතර කියවීම්


No photo description available.

-------------------

අවසන් ග්‍රීන්ලන්ත චන්දය 2025 වසරේ මාර්තු වල. මේ එහි ප්‍රතිපලය ගැන ලියූ සටහන්.

-------------------

ග්රීන්ලන්තයේ 2025 මහමැතිවරණය පවත්වා තියෙනව. එහි ප්රතිපලය පෙරට වඩා සැහෙන්න වෙනස් එකක්. 2021 සිට සභාග පාලනය ගෙනගිය ඉනුයිට් ඇටකාටිගිට් හෙවත් පොදුජන සමාජ පක්ශය හා සියුමුට් හෙවත් ඉදිරිගාමි පක්ශය කියන මෙතෙක් ඉතිහාසෙ රට පාලනය කර තියෙන පක්ශ දෙක තුන්වන හා හතරවන තැනට තල්ලු කරල මෙතෙක් කවදාවත් බලය හොබවා නැති ඩිමොක්රාටිට් හෙවත් ප්රජාතන්ත්රවාදි පක්ශය සහ නලරක් හෙවත් ආස්තානයේ සළකුණ (මේක හරි අමාරුයි ට්රාන්ස්ලේට් කරන්න. ආසන්න ඉන්ග්රීසි අර්තය වෙන්නෙ පොයින්ට් ඔෆ් ඔරියන්ටේශන් වගෙ එකක්) පළමු හා දෙවන තැනට ඇවිත් තියෙනවා.

පළමු තැන ඉන්න ඩිමොක්රාටිට් (ආසන 3 සිට 10 ට) හා දෙවනි තැන ඉන්න නලරක් (ආසන 4 සිට 8 ට) පෙර රජයට සාපේක්ශව දක්ශිණාංශික පක්ශ වෙනවා. කලින් පාලනය ගෙනගිය දැන් තුන්වන තැන ඉන්න ඉනුයිට් ඇටකාටිගිට් (ආසන 12 සිට 7 ට) හා සියුමුට් (ආසන 10 සිට 4 ට) සභාගය සැලකුණේ වාමාංශික ජාතිකවාදි හා පරිසරවාදි පාලනයක් වශයෙන්. සියුමුට් පක්ශය රටෙ පරණම හා ලොකුම පක්ශය ලෙස 1977 සිට සැහෙන්න ධනවාදි හා ඛනිජ සමාගම් හිතවාදි පදනමක හිටියත් 2014 දෙකඩ වෙලා ධනවාදි සමාගම් හිතවාදින් නලරක් පක්ශය ලෙස වෙන්ව යාමත් එක්කම සමාජ ප්රජාතාන්ත්රික දිශාවකට ගිහින් තියෙනව. 1978 ඉදල ඉන්න ඉනුයිට් ඇටකාටිගිට් වාමාංශික ජාතිකවාදි හා පරිසරවාදි පක්ශයක්. 2005 සිට ඉන්න ඩිමොක්රාටිට් කියන්නෙ මධ්ය දක්ශිණාංශික පක්ශයක්.

ග්රීන්ලන්තය ඩෙන්මාකයෙන් සපුරා ස්වාධීන වෙන්න අවශ්ය වන්නේ ජනමත විචාරණයක 50% ඉක්මවන මතයක් පමණයි. ඒත් ඒක ප්රශ්නයක් වෙන්නෙ රට දුවන්න තරම් මුදලක් රට තුල නැති නිසා. වාර්ශිකව රටේ වියදමෙන් 1/3 ක් සපයන්නෙ ඩෙන්මාක් රජය. එයින් යුරෝපෙ වෙනත් පලමු ලෝක රටක ජීවන තත්වය නොමිලේ අධ්යාපනය සෞඛ්ය ආදිය ඔවුන්ට ලැබෙනව. විවි අධ්යාපනය හා අමාරු සෞඛ්ය ගැටලු වලදි ඩෙන්මාකය තුල ඩෙන්මක් පුරවැසියන්ට සමාන අයිතියක් තියෙනව. වෙන් ව ගියොත් ඔය ඔක්කොම නැති වෙනව. ඒ වගේම ආරක්ශාව වෙනුවෙන් ඩෙන්මාකය කරන කාර්යයත් නැති වෙනවා.

ග්රීන්ලන්තය ඩෙන්මාකයෙන් ස්වාධීනවෙන්න ඕනෙ කියන මතයට චන්දෙ ඉල්ලපු පක්ශ හයෙන් පහක්ම එකගයි. වඩාත් විවාදාත්මක වන්නෙ ඇමරිකන් සම්බන්දය. පක්ශ හයෙන් පහක්ම ඇමරිකාව එක්ක බරපතල සම්බන්දයකට විරුද්දයි. ඒ අනුව ඇමරිකාව එකක් සමීපව ගණුදෙණු කරන්න හා එකතු වෙන්න කැමති කිසියම් සැළකියයුතු සුළුතරයක් හා ඊට තරයේ එරෙහි බහුහරයක් ඉන්නව කියල අර්තකතනය කරන්න වෙනවා.

මිනිස්සු මේ ස්වාදිනත්ව පාත් එකේ යන එක පොඩ්ඩක් නවත්තල වඩාත් ආර්තික අතින් හිතන අයට ඉඩ දෙනව. ඒ අතර බරපතල ඇමරිකන් හිතවාදයක් මෝරමින් තියෙනව. ඉස්සරහ කායේ දේවල් වෙන ආකාරය අනුව ඒක තවත් උත්සන්න වෙනන් පුලුවන්. 25% ක් දැනට ඉන්න මතය 35% විතර වුනොත් ඔවුන්ට බලය යනව. ට්රෙන්ඩ් එක එහෙම ආවොත් ටික ටික ඊට සහය දෙන තව පක්ශයක් හොයා ගන්න අමාරුම නෑ. හැබැයි ඊ ගාව චන්දෙ එනකොට ට්රම්ප් බලයේ නෑ. ඒ නිසා කතාව මීට වඩා සංකීර්ණ වෙන්නත් ඉඩ තියෙනවා.

සමරියක් ලෙස ප්රතිපලය ආසන ගණනින් මෙහෙමයි.
 
ඩිමොක්රාටිට් - 10 (ධනවාදි, සමාගම් වලට හිතකර, ඩෙන්මාකයෙන් ස්වාධීනත්වය දිගුකාලිනව ගන්න ඕනෙ කියන)
නලරක් - 8 (ධනවාදි, සමාගම් වලට හිතකර, ඩෙන්මාකයෙන් වහාම ස්වාධීන වී ඇමරිකාව එක්ක එකතුවෙන්න කියන)
ඉනුයිට් ඇටකාටිගිට් - 7 (ජාතිකවාදි, වාමාංශික, පරිසරවාදි, ඩෙන්මාකයෙන් ස්වාධීනත්වය ඉක්මනින් ගන්න ඕනෙ කියන)
සියුමුට් - 4 (සමාජ ප්රජාතාන්ත්රික, ඩෙන්මාකයෙන් ස්වාධීනත්වය ගන්න කැමති)
ඇටස්සට් - 2 (සම්ප්රදායවාදි, ඩෙන්මාකයෙන් ස්වාධීන වෙන්න උනන්දුවක් නැති)

දැන් ආණ්ඩුව පිහිටුවන්නේ ඩිමොක්රාටිට් + ඉනුයිට් ඇටකාටිගිට් + සියුමුට් + ඇටස්සට්, ආසන 23යි. නලරක් තනිව විපක්ශය ලෙස ඉන්නව ආසන 8යි. 3/4 ට ආසන්න බහුතර ආණ්ඩුවක්.

ප්රතිපත්තිමය ලෙස ආණ්ඩුවෙ මුළු ස්පෙක්ට්රම් එකම ඉන්නව. ඩෙන්මාකයෙන් ස්වාධීන වීම දිගුකාලීනව ලබාගන්න තමා එකග වී තියෙන්නෙ. ඇමරිකාවට පක්ශ අය පමණක් විපක්ශයට දාල තියෙනවා. 

හැබැයි මෙතන ලොකු රිස්ක් එකක් තියෙනව. යම් හෙයකින් ආණ්ඩුව ෆේල් වුණොත් මිනිස්සු විපක්ශයට කැඩෙන්න පුළුවන්. විපක්ශයේ ඉන්නෙ ඇමරිකාව එක්ක යුනියන් එකකට වුණත් යන්න කැමති පක්ශයක්.

-------------------

මට මේ සටහන ලියන්න හේතු වෙන්නෙ අද මම දාපු කමෙන්ට් එකක්. 

-------------------


ග්‍රින්ලන්තය පාලනය කළ පක්ශ දිගටම මුහුණ දුන්නු අර්බුදය වෙන්නෙ සංවේදි පරිසරයක් නිසා පත
ල් හෑරීම එක ගාණකට සීමා කරන්න වීමත් අනිත් අතින් ස්වාධීන වෙන එකට අවශ්‍ය මුදල් හොයාගන්න විදියක් නැති වීමත්.

ග්‍රීන්ලන්තයට මේ වෙලාවෙකරන්න පුලුවන් එක වැඩක් තියෙනව. ඒ තමා තමන්ගෙ රටේ ලොකු කොටසක් ඩොනල්ඩ් ට්‍රම්ප් ට විකුණල ජනාවාස අවට කුඩා කොටස් කීපයක් තමන්ට තියාගන්න එක. එතකොට ට්‍රම්ප්ගේ අවශ්‍යතාවය ඉබේම ඉශ්ට වෙනවා. ඒ වගේම ඔවුන්ට හැකිනම් ඒ මුදල සවරින් බොන්ඩ් එකක් දාල ඉන්වෙස්ට් කරන්න වසරකට ඩෙන්මාකෙන් ගන්න මුදල ඒකෙන් ගන්න (ඔය කලාපෙ මිනිස්සු අවංකයි උගත් කියල කියන නිසා නෝවේ වගේ දූශණයෙන් තොරව මේක කරගන්න පුලුවන් කියලත් හිතන්න පුලුවන්), ඔවුන්ට පුලුවන් ඩෙන්මාකෙනුත් ස්වාධීන වෙලා යුරෝපා සංගමය හා නේටෝවටත් එකතු වෙලා තමන්ගෙ සියලු සිහින සැබෑ කරගන්න.

වල් හරකෙක් වගෙ හැසිරෙන ට්‍රම්ප් එක්ක මේක කතා කරගන්න පුලුවන්ද, පුලුවන් වුණත් තමන්ගෙ රටේ ලොකු කෑල්ල ට්‍රම්ප්ට දෙන්න රටවැසියා කැමති වේද, සමහර පතල් නිසා පාරම්පරික ජනාවාස වලින් අයින් වෙන්න වෙයිද, ට්‍රම්ප්ට කෑල්ලක් දුන්නම අනික් කෑල්ලෙත් විසුමක් නැති වේවිද ආදී ලෙස ලොකු ලොකු ගැටලු තියෙනව. වෙනේකක් තියා ග්‍රීන්ලන්ත පාලකයින් එක්ක කෙලින්ම සංවාදයකට යන්නවත් ට්‍රම්ප් කැමති නෑ.

හැබැයි මේක ඔප්ශන් එකක්.