
ගෝලයක ඇඳි ලෝක සිතියමක් අරගන්න. ඕකෙ උතුරු ධ්‍රව වල සිට දකුණු ගොඩබිම් කඩ වෙනකම් මහද්වීප වෙන් කරන ප්‍රධාන ජල ප්‍රදේශ දෙකක් තියෙනව. ඒ ඇත්ලාන්තික් හා පැසිෆික්. ඉස්කෝල පොතේ සාගර පහක් කිව්වට, ඔය දෙක ඇරෙනන් වෙනම ජල ප්‍රදේශයකට තියෙන්නෙ ඉන්දීය සාගරේ පමණයි, ආක්ටික් හා දකුණු සාගර අපේ දෲශ්ටිමායා. ඉන්දියන් සාගරය අසමත් වුනත් මේ අනිත් දෙන්න ගොඩබිම් සම්පුර්නයෙන්ම වගෙ වෙන් කරන්න සමත් වෙනව.
පවතින දැනුම අනුව කියනවනම් පොළොව, එහි මහද්වීප මේ සාගර දෙක අතර යෝ යෝ ක්‍රීඩාවක යොදවනවා කිව්වොත් නිවැරදියි. පහුගිය වසර මිලියන පන්සීයකට මේ ක්‍රීඩාව වෙලා තියෙනව. ඔබ මේ දකින දෲශ්ටි කෝණය, එනම් පැසිෆික් සාගරය මේ ලෙසම ඒ මුලු කාලෙම තිබිල තියෙනව.
පවතින දැනුම අනුව, මේ කතාව පටන් ගන්නෙ මීට වසර මි 600 කට පෙර තිබ්බ සුපිරි මහදිවීපයක් වෙන පැනෝශියාවේ මුහුදු බොක්කකින්. මේ මුහුදු බොක්ක තුල ඇතිවන භූපැල්මක් එහි දෙපැත්ත එකිනෙකින් ඈත් කරගෙන යනව. මේ පැල්ම සුපිරි මහද්වීපය කඩා දාන්න සමත් වෙනවා. තව තවත් මහද්වීපික කොටස් එහාට තල්ලු කරගෙන යන මේ භූ පැල්ම සහ අනෙකුත් භූගෝලිය බලවේග විසින් ඒවා පොලොවේ අනිත් පැත්ත හෙවත් ලෝක සිතියම කියල අපි කීයන පැත්තට තල්ලු කරල ඒ ඔක්කොම එක උඩ එක ගොඩ ගහල නව සුපිරි මහද්වීපයක් හදනව. ඒ තමා හැමෝම දන්න පැන්ජියාව (අර්ථය: සියලු ගොඩබිම්).
මේ තල්ලුව කොපමනද කිව්වොත් පැන්ජියාවේ කොටස් එක උඩ එක ගිහින් හිමාලය තරම් කඳුවැටියක් පවා හැදෙනවා. එතරම් ප්‍රකට නොවෙන පැන්ජියාව වටා සාගරයට පැන්තලසා (සියලු සාගර) කියල කියනව, නමට එහෙම කිව්වට පැන්තලසාව සියලු සාගර නෙවි පැන්ජියාව තුල ටෙතිස් නම් සාගර කොටසක් තියෙනව. පැන්තලසාව මේ පේන බාගයයි තව 20% ලෙස පොළොවේ මතුපිටින් 70% වසා පැතිරෙනවා එහි උපරිමයේදි, එනම් ව.මි. 335 සිට 180 ට පෙර දක්වා කාලයේදී.
අන්තිමේදි මේ සුපිරි මහද්වීපය බිද වැටෙනව ව.මි. 200 පමණ ඉහත කාලයකදි. ඒ මැදින් නිර්මාණය වන භූ පැල්ම නැවත පැන්තලසාව දෙසට ගොඩබිම් තල්ලු කරනවා. අත්ලාන්තික් සාගරය බිහිවෙනවා. පැන්ජියාව කැඩිලා යනව. ඊට පස්සෙ දිගටම අත්ලන්තික් පලල් වෙමින් ගොඩබිම් පැන්තලසාව දිහාට තල්ලුකරනවා. අද ඒ පැන්තලසාවෙ ඉතිරිය වන පැසිෆික් සාගරය තාම පොළොවෙ මතුපිටින් 50%ක් අල්ලගෙන මේ පේන ආකාරෙට තිබ්බට ඒක එන්න එන්න පොඩි වෙමින් තියෙන්නෙ. යෝ යෝ රෝදෙ අනිත් පැත්තට යමින්.
මෙතනින් එහාට වෙනන් තියෙන දේ ගැන කතා දෙකක් තියෙනව. එකකට අනුව අත්ලාන්තික් සාගරේ පැසිෆික් පරාජය කරමින් ඇමරිකාව ආසියාවට හාකර පැසිෆික් නැතිකර දානවා. මේ ආකාරයට හැදෙන සුපිරි මහද්වීපයට ඇමේසියාව කියල නමක් දාල තියෙනව. අනික් කතාව අනුව අත්ලාන්තික් එක තැනකදී පැරදිලා යෝ යෝ රෝදේ ආපහු අනිත් අතට හැරිලා අත්ලාන්තික් ආයිම වැහිලා ගිහින් පරණ තිබ්බ පැන්ජියාවට ආසන්න එකක් ආයෙ හැදෙනවා, ඒකට පැන්ජියා අල්‍ටිමා කියනවා. දෙකටම දීල තියෙන කාලය ව.මි. 250 ක් වගෙ සුලු කාලයක් නිසා 16-8 කරල වන්නකු කරල කැලරි ගැනල හොදට හිටියොත් මේක බලාගන්න ඔයාලටත් පුලුවන්.
කෝම හරි, මේ මහා සාගරේ ව.මි. 500 - 600 ක් තිබිල තියෙනව. ඒ කාලය තුල තමා බහු සෛල සංවිධිත ජීවින් සාගර වල බිහිවෙලා උන්ගෙන් සමහරු ගොඩ බිමට ඇවිත් යෝධ ජීවින් හැදුනෙ. මහා ජීව විනාශයන් හතරක් පමණ මේ සාගරය ඔහෙ අත් විඳින්න ඇති. අන්තිමේ ඒ ජීව්න්ගෙන් පිස්සුම සෙට් එක මොකද්ද ජෝගියක් නටමින් ඒකට ශිශ්ටාචාරෙ කියනකම් තාමත් මේ සාගරේ තියෙනව.
මේ මුලු කාලෙම මහ පොලොව යෝ යෝ රෝදෙ ඉස්සරහට දාල බාගයක් විතර ආපස්සට ඇදල තියෙන්නෙ. ඒ නිසා ඒ මුලු කාලෙම එයාගෙ මේ පැත්ත හෙවත් වැඩිය කවුරුත් නොදන්න පැත්ත මේ ආකාරෙටම තමා පවතින්නෙ.
++++++++++++++++++
ReplyDeleteගොඩාක්ම සහ බොහොමත්ම ස්තූතියි කොකාවිල මල්ලියා
ReplyDeleteකකා විල මල්ලිගේ අනෙක් පැත්ත කොහොමද
ReplyDeleteඒ කියන්නේ එක පැත්ත