නැවත වරක් මේ සාමාන්‍ය දැනීම සමූහයේ අහපු ප්‍රශ්නයක්
මේ සිදුවීමේදී හානිවන ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමා පිපිරීමත් එක්ක එන රැල්ල හෙවත් සුනාමිය. පැතිරෙන දුර අඩු වුවත් විල අවට අති විශාල සුනාමියක් වෙනවා එය සාගරික සුනාමියකට වඩා බෙහෙවින් උසයි. ඊ ගාවට ඉහල නගින කාබන් ඩයොක්සයිඩ් තට්ටුවක් ලෙස බිම් මට්ටමට පැමිණීම. පැකිමි 100 වගේ වේගයෙන් එන නිසා සුනාමියෙන් බේරුනත් මේකෙන් නම් බේරෙන්න බැහැ.
ගිනිකඳු බහුල මේ කලාපයේ පොඩි පොඩි විෂවායු පිටවීම් නිසා මැරෙන එක සුලබයි. evil wind කියන අර්ථයෙන් ස්වාහිලි වලින් මසුකු කියන්නේ එවන් විෂවායු පිටවීමක්. ඒවා ලෝකේ පුරාම සිද්ධ වුනත් මෙහෙම විලේ එකතු වෙලා මහා පරිමාන මසුකු ඇතිකරමින් වතුර පුපුරා යන්නේ මේ ස්ථාන වල පමණයි.
1984 හා 1986 වසර වල මොනෞන් හා න්යෝස් පිපිරී ගියා. එයින් 37 හා 2000 ට මදක් අඩු ගණනක් ලෙස මිනිසුන් මිය ගියා. වඩාත් බියකරු වූ න්යෝස් පිපිරුම විලේ සිට කිමි 25 ක රවුමක සියලු සතුන් මරා දැම්මා. පිපිරීම නිසා විලේ ජලතළාව අඩි තුන්සිය ගානක් උඩට ස්ප්රින්කල් වුන බවත් සුනාමි අඩි සීයක් පමණ උස බවත් හිතනවා. අඩි විස්සක් විතර උස කාබන් ඩයොක්සයිඩ් වලාවකින් ඒ කිමි 25 රවුම පැය කීපයක් වසා ගත්ත. සිහි නැතිවී දිවි බේරාගත් කීපයක් මෙහි කෙලවරේ උන්න මිසක් වෙන කවුරුත් බේරුනේ නැහැ. පිපිරුමෙන් පස්සේ විලේ ජල මට්ටම මීටරයකින් පමණ අඩු වුනාලු, දියවූ වායුවෙන් 2/3 පමණ පිටවූ නිසා.
මේ කැමරූන් විල් දෙක ගැන පර්යේෂණ කල ප්‍රංශ ජාතිකයින් විල් දෙකේ වතුර කෘතිමව උඩට ඇදලා වායුහරණය කිරීම සාර්ථකව කරගෙන යන නිසා දැන් ලොකු අවදානමක් නැහැ.
දැන් ඔය කතා කලේ කිමි 1, 2 විතර දිග පළල කුඩා න්යෝස් විල ගැන. කිවූ විල වකිමි 2700 පමණ දැවැන්ත විලක්. න්යෝස වගේ 2000 ගුණයක් මතුපිටක්. න්යෝස් වගේ 200 ගුණයක කාබන් ඩයොක්සයිඩ් හා ඊට අමතරව මීතෙනුත් තියේලු. මිම්මක් ගන්න මෙහෙම හිතන්න. කිවූ විලේ කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය ලොව පුරා සතියක ඛනිජ ඉන්ධන දහනයෙන් පිටවන තරම විතර. කිවූ විලේ මීතේන් වලින් ඉන්දියාවේ 2/3 බලශක්ති අවශ්‍යතා වසරක් තිස්සේ සපුරන්න පුළුවන්. මේක ඇත්තෙන්ම "බුදු අම්මෝ" තත්වයක්.
තත්වය ඩබල් වෙන්නේ කිවූ ලොකු විලක් නිසා ඒ වටේට නගර රාශියක් හැදෙන බැවින්. එහි ගැඹුර කොටස ආසන්නයේ ප්‍ර කොංගෝවේ ගොමා [ප්‍රසිද්ධයි බොහෝ විනාශයන්ට] හා රුවන්ඩාවේ ගිසේන්යි ඇතුළු නගර රාශියක් තියෙනවා. අනතුරට ලක්වන කලාපයේ මුළු ජනගහනය මිලියන දෙක ඉක්මවනවා. මිලියන දෙකක් මෙහෙම එක පාර මියයාමට ඉඩ තියෙන වෙනත් තැනක් නැති තරම්. අනික විල තියෙන්නේ මීටර 1500 වගේ මුහුදු මට්ටමින් උඩ. මේ විල පිටාර යන්නේ ටන්ගනිකා විලට. ඒ නිසා ලොකු සුනාමියක් ආවොත් සැහෙන දුරක් පැතිරිලා ටන්ගනික විලටත් ගිහින් අපිට හිතාගන්න බැරි ජීවිත විනාශයක් විය හැකියි. න්යෝස් විලේ අඩි සීයක් ආවානම් මේකේ කොපමණ උසක් ඒවිද කියන එකත් හිතා ගන්න බැහැ.
පර්යේෂණ කරන සමහරු කියන්නේ කිවූ විලේ ගැඹුර අනික් ඒවාට වඩා වැඩි නිසා විලේ "පියන" ඝනකමයි. ඒ නිසා අවුලක් නැහැ කියලා. එත් ෆොසිල සාධක බැලුවම වසර දහස් ගණනක කාල පරිච්චේද වලින් පෙන්නුම් කෙරෙන මහා පරිමාන සත්ව වඳවී යාම් [අර ඩයිනොසර් වගේ ඒවා] මේ කලාපයේ පෙන්නුම් කරනවා. විල පතුලේ යමහල් සක්‍රිය කලාපයක්. ආසන්නයේ මහා යමහල් දෙකක් [එකක් මේ ලඟදි පුපුරලා ගොමා නගරය හරහා ලාවා ගිහින් විල අයිනෙන් නැවතුනා] පතුලේ උෂ්ණත්වය ඉහල යාම හෝ වතුර තදින් සෙලවීම ප්‍රමාණවත් පියන කඩාගෙන එන්න. නායයාමක් පවා ඇති.
විල වායුහරණය කල හැකිද? මේ දැවැන්ත විලට දැනෙන්න වායුහරනයක් කරගන්න ක්‍රමයක් නැතුව කාලයක් ගතවුනේ. අනික එසේ මුදා හැරියොත් ලෝක දේශගුණයට ලොකු අවුලක් අධික කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය නිසා. විල දෙපැත්තේ තියෙන දෙරට පහුගිය අවුරුදු පහේ මේ මිලියන ගානට වඩා මිනිස්සු මරා දැම්මා කැරලි වලින්ම. පර්යේෂණ කරන්නෙත් කාලෙන් කාලට යුද්ධ නිසා නතර කරමින්.
හැබැයි මේ තත්වය වෙනස් කරමින් දැනටමත් රුවන්ඩාව මීතේන් වලින් බලශක්ති නිපදවනවා. කිවූවොට් [KivuWatt] රුවන්ඩාවේ ක්‍රියාත්මක වන ජීව වායු විදුලි උත්පාදන සැලසුම. මේක කරන්නේ රුවන්ඩා රජයෙන් නොවුනත් රජය මීට උපරිම සහය දෙනවා. මේ ව්‍යාපෘතියට ආර්ථික ශක්තිය හා තාක්ෂනය නැතුව රුවන්ඩාව හිටියේ [රුවන්ඩාවට වැඩිය ආධාර දෙන්නෙත් නැහැ ට්‍රැක් රෙකෝඩ් එක හොඳ නැති නිසා]. ඒ වෙලාවේ සමාගමක් මේ සැලසුම ඉදිරිපත් කරලා ආයෝජකයන් හොයා ගත්තා. ඒ ආයෝජකයන් මෙහි මූල්‍ය අගය දුටුවත් බිය වූයේ අවිනිශ්චිත තත්ත්ව ගැන. එහෙත් ජාත්‍යන්තර ආධාර සංවිධාන ඔවුන්ට නිසි රක්ෂණ ලබා දුන්නා. ඒ අනුව අධික අවදානම මිටිගේට් කරන්න රක්ෂණ වලින් සහය ගෙන මූල්‍ය ආයෝජන වලින් දුවන මේ වර්ගයේ එකම ව්‍යාපෘතිය.
දැනට සැලසුම තියෙන්නේ මීතේන් වාර්ෂිකව එකතු වන ප්‍රමාණයට වඩා පරිභෝජනය කරන්න. ඒ හරහා හෙමි හෙමින් මීතේන් සාන්ද්‍රණය අඩු කරනවා. එසේ කරන්නේ ඒ වෙනුවට කාබන් ඩයොක්සයිඩ් වැඩිපුර දියවෙන්න ඉඩ ලැබෙන නිසා. මේ විලේ කාබන් ඩයොක්සයිඩ් මුදා හරින්න නොවේ සැලසුම් කරන්නේ දීර්ඝ කාලයක් රඳවා ගන්න. ඊට ඉඩ සලසා පාලිත තත්ව තුල මීතේන් සීමාසහිතව අදිනවා.
උපරිමය මෙගාවොට් සීයක් බලශක්තිය නිපදවන්නත් පුළුවන්ලු. දැනට හදලා තියෙන්නේ මෙවො 25යි [මුළු මීතේන් ධාරිතාවය ගිගාවොට් සීයක් වසරක් පුරා නිපදවන්න ප්‍රමාණවත්] ඉලක්කය වනුයේ රුවන්ඩාවේ බලශක්ති වෙළඳපොළට එය විකුනන්න. කඳුකර රටක් වුනාට රුවන්ඩාවේ දුවන්නේ ඩීසල් පවර්. එය තමා කලාපයේ බලශක්තියට වැඩියෙන්ම ඒකක මිලක් ගෙවන රට.
ව්‍යාපෘතියට අනතුරු බොහොමයි. ගිනිකඳු කලාපයක වීම, විල පිපිරීමේ අවදානම දෙරටේ අස්ථාවර කම වගේ දේවල් පමණක් නොවේ, ව්‍යාපෘතිය නිසා විල විෂ වීම, පරිසර හානි, හරිතාගාර වායු පිටවීම, ව්‍යාපෘතිය නිසා ම ට්‍රිගර් වී විල පුපුරා යාම ආදී ලෙස විවිධ අවුල් ගොඩක්. ඒ නිසා මේ ව්‍යාපෘතිය සීරුවට කරන්න ඕනේ වැඩියෙන් මීතේන් අදින්නත් බැහැ. ඒ නිසා සැලසුමෙන් එක පාර අවදානම් අඩු වන්නේ නැහැ. සියුම් විදිහට කරපු දිගුකාලින සැලසුම අගය කල යුතුයි.
හැබැයි දැන් දෙවන අදියරට ආයෝජන නැහැල්ලු.
ලෝකයේ ඇති ඉතාම භයානක ස්වාභාවික ව්‍යසනයකි. මෙහි ඇති දැඩි භයානක කම නම් කිසිම අනතුරු ඇඟවීමක් නොමැතිව සිදු වීමත් එයට ගොදුරු වන කලාපයේ කිසිවෙකුටත් ගැලවීමට නොහැකි වීමත් ය. සියල්ල සිදුවීමට යන්නේ ඉතා සුළු කාලයකි. අදාළ ප්‍රදේශයේ සියලු සත්තු [මිනිසා ඇතුළුව] මියයති.
මෙම ව්‍යසනය නිසා ජීවිත හානි සිද්ධ වන ක්‍රම දෙකක් පවතියි. එකකින් බේරුනත් අනිකෙන් බේරීමක් නොවේ.
එහෙත් එය ගැන අප එතරම් නොදන්නේ මෙය සිදුවන අවස්ථා ඉතා දුර්ලභ නිසාය. සමකාසන්නයේ පමණක් සිදුවිය හැකි සංසිද්ධියක් වන මෙය සිදුවියහැකි ස්ථාන [දැනට දන්නා පරිදි] ඇත්තේ තුනකි. මෑත ඉතිහාසයේ ඉන් දෙතැනක එම ව්‍යසනය සිදු විය. ඒ නිසා වූ විනාශය බියකරුය. එහෙත් තෙවන ස්ථානය ඒ දෙකටම වඩා බියකරු වන්නේ එහි විශාලත්වය අනික්වා මෙන් දෙදහස් ගුණයක් පමන නිසාය.
භුමියේ ලැබෙන සාධක අනුව කලින් කලට එම තෙවන ප්‍රදේශයේ සියලු සතුන් වඳවී ගොස් තිබේ. මීට හේතුව එම ව්‍යසනය සිදුවීම බව කියවේ. ඉතාම කෙටියෙන් කිව්වොත් මානවයා මුහුණ දෙන ලොකුම ව්‍යසනයක් එම ස්ථානයේ ඕනෑම මොහොතක සිදුවිය හැකිය.
1. මෙම ව්‍යසනයට කියන නම කුමක්ද?
2. සිදුවිය හැකි ස්ථාන ලෙස දැනට හඳුනා ගෙන තියෙන්නේ මොන ස්ථානද?
3. මරණ සිදුවෙන ක්‍රම දෙක මොනවාද?
4. මෑතකදී සිදුවූ අවස්ථා මොනවාද? ඒ අවස්ථාවල ඇති වූ සිද්ධි හා ජීවිත හානි කෙබඳුද?
5. මෙතෙක් සිදු නොවූ තෙවන ස්ථානයේ අනතුරුදායක කලාපයේ වෙසෙන ජනගහනය කොපමණ ද [දල වශයෙන්]?
[බෝනස්] 6. සමකාසන්නයේ පමණක් සිද්ධ වන්නේ ඇයි ?
----------------------------------------------------------------------------

ලිම්නික් ඉරප්ෂන් කියන්නේ මිරිදියේ සිදුවන විදාරණයක් කියන අර්ථයෙන්. [මෙය සමූහයේ සාමාජික උපාලි කන්නන්ගර මහතා පරිවර්තනය කළා ජලාධාර විදාරණය කියලා]. සරලව කිව්වොත් විලේ වතුර පිපිරී යාම.
වතුර පුපුරායන විල් තුනක් ලෝකේ තියෙනවා. කැමරූන් වල න්යෝස් හා මොනෞන්, රුවන්ඩා හා ප්‍ර. කොන්ගෝ දේශ සීමාවේ කිවූ විල. මේ පිපිරීමට හේතු වන්නේ ජලයේ දියවී ඇති කාබන් ඩයොක්සයිඩ්. ගිනිකඳු වැනි ක්‍රියා නිසා පිටවන කාබන් ඩයොක්සයිඩ් ගැඹුරු විල් වල පතුලේ හිර වෙනවා. මීට හේතුව විලේ ඉහල ජලයෙන් එන පීඩනය නිසා බුබුලනය නොවීම. ඒ වෙනුවට පතුලේ වතුරේ දිය වෙනවා. ගිනිකඳු කුහර වල හැදුනු මේ විල් තුනම ඉතා ගැඹුරු ඒවා. මීටර 200 - 500 වගේ. ඉහල ජල තලය පියනක් සේ ක්‍රියා කරලා පීඩනය මගින් ඒ වායුව මුදාලීම වළකනවා. සමකාසන්න නොවන විල් වල ශීත කාලෙට ඉහල වතුර සිසිලනය වී බර වැඩි වීමෙන් තට්ටු දෙක මාරු වෙන නිසා වසරක් පාසා විලේ වායුව නිදහස් වුනත් මේ කියන විල් වල තට්ටු දෙක වෙන් වෙන්ව තියෙන්නේ.

කිසියම් ට්‍රිගර් එකක් ලැබුන දාට ඒ කාබන් ඩයොක්සයිඩ් විලේ සයිස් විශාල වායු බුබුලක් ලෙස පුපුරා යනවා.
මේ සිදුවීමේදී හානිවන ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමා පිපිරීමත් එක්ක එන රැල්ල හෙවත් සුනාමිය. පැතිරෙන දුර අඩු වුවත් විල අවට අති විශාල සුනාමියක් වෙනවා එය සාගරික සුනාමියකට වඩා බෙහෙවින් උසයි. ඊ ගාවට ඉහල නගින කාබන් ඩයොක්සයිඩ් තට්ටුවක් ලෙස බිම් මට්ටමට පැමිණීම. පැකිමි 100 වගේ වේගයෙන් එන නිසා සුනාමියෙන් බේරුනත් මේකෙන් නම් බේරෙන්න බැහැ.
ගිනිකඳු බහුල මේ කලාපයේ පොඩි පොඩි විෂවායු පිටවීම් නිසා මැරෙන එක සුලබයි. evil wind කියන අර්ථයෙන් ස්වාහිලි වලින් මසුකු කියන්නේ එවන් විෂවායු පිටවීමක්. ඒවා ලෝකේ පුරාම සිද්ධ වුනත් මෙහෙම විලේ එකතු වෙලා මහා පරිමාන මසුකු ඇතිකරමින් වතුර පුපුරා යන්නේ මේ ස්ථාන වල පමණයි.
1984 හා 1986 වසර වල මොනෞන් හා න්යෝස් පිපිරී ගියා. එයින් 37 හා 2000 ට මදක් අඩු ගණනක් ලෙස මිනිසුන් මිය ගියා. වඩාත් බියකරු වූ න්යෝස් පිපිරුම විලේ සිට කිමි 25 ක රවුමක සියලු සතුන් මරා දැම්මා. පිපිරීම නිසා විලේ ජලතළාව අඩි තුන්සිය ගානක් උඩට ස්ප්රින්කල් වුන බවත් සුනාමි අඩි සීයක් පමණ උස බවත් හිතනවා. අඩි විස්සක් විතර උස කාබන් ඩයොක්සයිඩ් වලාවකින් ඒ කිමි 25 රවුම පැය කීපයක් වසා ගත්ත. සිහි නැතිවී දිවි බේරාගත් කීපයක් මෙහි කෙලවරේ උන්න මිසක් වෙන කවුරුත් බේරුනේ නැහැ. පිපිරුමෙන් පස්සේ විලේ ජල මට්ටම මීටරයකින් පමණ අඩු වුනාලු, දියවූ වායුවෙන් 2/3 පමණ පිටවූ නිසා.
මේ කැමරූන් විල් දෙක ගැන පර්යේෂණ කල ප්‍රංශ ජාතිකයින් විල් දෙකේ වතුර කෘතිමව උඩට ඇදලා වායුහරණය කිරීම සාර්ථකව කරගෙන යන නිසා දැන් ලොකු අවදානමක් නැහැ.
දැන් ඔය කතා කලේ කිමි 1, 2 විතර දිග පළල කුඩා න්යෝස් විල ගැන. කිවූ විල වකිමි 2700 පමණ දැවැන්ත විලක්. න්යෝස වගේ 2000 ගුණයක් මතුපිටක්. න්යෝස් වගේ 200 ගුණයක කාබන් ඩයොක්සයිඩ් හා ඊට අමතරව මීතෙනුත් තියේලු. මිම්මක් ගන්න මෙහෙම හිතන්න. කිවූ විලේ කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය ලොව පුරා සතියක ඛනිජ ඉන්ධන දහනයෙන් පිටවන තරම විතර. කිවූ විලේ මීතේන් වලින් ඉන්දියාවේ 2/3 බලශක්ති අවශ්‍යතා වසරක් තිස්සේ සපුරන්න පුළුවන්. මේක ඇත්තෙන්ම "බුදු අම්මෝ" තත්වයක්.
තත්වය ඩබල් වෙන්නේ කිවූ ලොකු විලක් නිසා ඒ වටේට නගර රාශියක් හැදෙන බැවින්. එහි ගැඹුර කොටස ආසන්නයේ ප්‍ර කොංගෝවේ ගොමා [ප්‍රසිද්ධයි බොහෝ විනාශයන්ට] හා රුවන්ඩාවේ ගිසේන්යි ඇතුළු නගර රාශියක් තියෙනවා. අනතුරට ලක්වන කලාපයේ මුළු ජනගහනය මිලියන දෙක ඉක්මවනවා. මිලියන දෙකක් මෙහෙම එක පාර මියයාමට ඉඩ තියෙන වෙනත් තැනක් නැති තරම්. අනික විල තියෙන්නේ මීටර 1500 වගේ මුහුදු මට්ටමින් උඩ. මේ විල පිටාර යන්නේ ටන්ගනිකා විලට. ඒ නිසා ලොකු සුනාමියක් ආවොත් සැහෙන දුරක් පැතිරිලා ටන්ගනික විලටත් ගිහින් අපිට හිතාගන්න බැරි ජීවිත විනාශයක් විය හැකියි. න්යෝස් විලේ අඩි සීයක් ආවානම් මේකේ කොපමණ උසක් ඒවිද කියන එකත් හිතා ගන්න බැහැ.
පර්යේෂණ කරන සමහරු කියන්නේ කිවූ විලේ ගැඹුර අනික් ඒවාට වඩා වැඩි නිසා විලේ "පියන" ඝනකමයි. ඒ නිසා අවුලක් නැහැ කියලා. එත් ෆොසිල සාධක බැලුවම වසර දහස් ගණනක කාල පරිච්චේද වලින් පෙන්නුම් කෙරෙන මහා පරිමාන සත්ව වඳවී යාම් [අර ඩයිනොසර් වගේ ඒවා] මේ කලාපයේ පෙන්නුම් කරනවා. විල පතුලේ යමහල් සක්‍රිය කලාපයක්. ආසන්නයේ මහා යමහල් දෙකක් [එකක් මේ ලඟදි පුපුරලා ගොමා නගරය හරහා ලාවා ගිහින් විල අයිනෙන් නැවතුනා] පතුලේ උෂ්ණත්වය ඉහල යාම හෝ වතුර තදින් සෙලවීම ප්‍රමාණවත් පියන කඩාගෙන එන්න. නායයාමක් පවා ඇති.
විල වායුහරණය කල හැකිද? මේ දැවැන්ත විලට දැනෙන්න වායුහරනයක් කරගන්න ක්‍රමයක් නැතුව කාලයක් ගතවුනේ. අනික එසේ මුදා හැරියොත් ලෝක දේශගුණයට ලොකු අවුලක් අධික කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය නිසා. විල දෙපැත්තේ තියෙන දෙරට පහුගිය අවුරුදු පහේ මේ මිලියන ගානට වඩා මිනිස්සු මරා දැම්මා කැරලි වලින්ම. පර්යේෂණ කරන්නෙත් කාලෙන් කාලට යුද්ධ නිසා නතර කරමින්.
හැබැයි මේ තත්වය වෙනස් කරමින් දැනටමත් රුවන්ඩාව මීතේන් වලින් බලශක්ති නිපදවනවා. කිවූවොට් [KivuWatt] රුවන්ඩාවේ ක්‍රියාත්මක වන ජීව වායු විදුලි උත්පාදන සැලසුම. මේක කරන්නේ රුවන්ඩා රජයෙන් නොවුනත් රජය මීට උපරිම සහය දෙනවා. මේ ව්‍යාපෘතියට ආර්ථික ශක්තිය හා තාක්ෂනය නැතුව රුවන්ඩාව හිටියේ [රුවන්ඩාවට වැඩිය ආධාර දෙන්නෙත් නැහැ ට්‍රැක් රෙකෝඩ් එක හොඳ නැති නිසා]. ඒ වෙලාවේ සමාගමක් මේ සැලසුම ඉදිරිපත් කරලා ආයෝජකයන් හොයා ගත්තා. ඒ ආයෝජකයන් මෙහි මූල්‍ය අගය දුටුවත් බිය වූයේ අවිනිශ්චිත තත්ත්ව ගැන. එහෙත් ජාත්‍යන්තර ආධාර සංවිධාන ඔවුන්ට නිසි රක්ෂණ ලබා දුන්නා. ඒ අනුව අධික අවදානම මිටිගේට් කරන්න රක්ෂණ වලින් සහය ගෙන මූල්‍ය ආයෝජන වලින් දුවන මේ වර්ගයේ එකම ව්‍යාපෘතිය.
දැනට සැලසුම තියෙන්නේ මීතේන් වාර්ෂිකව එකතු වන ප්‍රමාණයට වඩා පරිභෝජනය කරන්න. ඒ හරහා හෙමි හෙමින් මීතේන් සාන්ද්‍රණය අඩු කරනවා. එසේ කරන්නේ ඒ වෙනුවට කාබන් ඩයොක්සයිඩ් වැඩිපුර දියවෙන්න ඉඩ ලැබෙන නිසා. මේ විලේ කාබන් ඩයොක්සයිඩ් මුදා හරින්න නොවේ සැලසුම් කරන්නේ දීර්ඝ කාලයක් රඳවා ගන්න. ඊට ඉඩ සලසා පාලිත තත්ව තුල මීතේන් සීමාසහිතව අදිනවා.
උපරිමය මෙගාවොට් සීයක් බලශක්තිය නිපදවන්නත් පුළුවන්ලු. දැනට හදලා තියෙන්නේ මෙවො 25යි [මුළු මීතේන් ධාරිතාවය ගිගාවොට් සීයක් වසරක් පුරා නිපදවන්න ප්‍රමාණවත්] ඉලක්කය වනුයේ රුවන්ඩාවේ බලශක්ති වෙළඳපොළට එය විකුනන්න. කඳුකර රටක් වුනාට රුවන්ඩාවේ දුවන්නේ ඩීසල් පවර්. එය තමා කලාපයේ බලශක්තියට වැඩියෙන්ම ඒකක මිලක් ගෙවන රට.
ව්‍යාපෘතියට අනතුරු බොහොමයි. ගිනිකඳු කලාපයක වීම, විල පිපිරීමේ අවදානම දෙරටේ අස්ථාවර කම වගේ දේවල් පමණක් නොවේ, ව්‍යාපෘතිය නිසා විල විෂ වීම, පරිසර හානි, හරිතාගාර වායු පිටවීම, ව්‍යාපෘතිය නිසා ම ට්‍රිගර් වී විල පුපුරා යාම ආදී ලෙස විවිධ අවුල් ගොඩක්. ඒ නිසා මේ ව්‍යාපෘතිය සීරුවට කරන්න ඕනේ වැඩියෙන් මීතේන් අදින්නත් බැහැ. ඒ නිසා සැලසුමෙන් එක පාර අවදානම් අඩු වන්නේ නැහැ. සියුම් විදිහට කරපු දිගුකාලින සැලසුම අගය කල යුතුයි.
හැබැයි දැන් දෙවන අදියරට ආයෝජන නැහැල්ලු.
හොඳ විස්තරයක් ස්තුතියි . ඔය පියන් කතාව කවදාවත් හිතිල නෑ.
ReplyDeleteස්තුතියි ආවට.
Delete[[පියන]]
අධික පීඩනය නිසා කෙරෙන ක්‍රියාවක්. ජලය සෙලවෙන්නෙත් නැහැනේ ඉහල පහළ ගලීමකුත් නැහැ.
මේ බ්ලොග් එක සාමාන්‍ය විදිහේ ටෙම්පලේට් එකකට වෙනස් කරන්න බැරිද , ෆලෝවර් ගැජට් එකක් එක්ක , මේක හරිම අවුල් සහගතයි
ReplyDeleteඒක ඇත්ත. පුරුදු විදියට තිබීමත් සෑහෙන්න වැදගත්
Deleteසෑහෙන්න වැදගත් තොරතුරු ටිකක්.. බොහොම ස්තූතියි බෙදා හදා ගත්තට..
ReplyDeleteඅටම් අයියගෙන් පාර බලාගෙන මේ පැත්තට ආවේ.. දිගටම ලියන්න සුබ පතනවා..
ස්තුති අටම් අයියගේ බ්ලොග් එකෙන් ආවේ ,කවදාවත් අහල නැති දෙයක්
ReplyDeleteඔන්න මාත් ආවා. ගොඩක් දේවල් කියවලා දැනගන්න බලාගෙන...
ReplyDeleteමේ ලෝකෙ අපි නොදන්න දේවල් කොච්චර නම් තියෙනවාද?සුනාමිය ගැන දැනගත්තෙත් උනාට පස්සෙ නෙ. සුජීව කියපුවා හරි වැදගත්.ඒත් අටං අයියා කියනවා වගේ මේ ටෙම්ප්ලට් එක නං අවුල් සහගතයි.අපට තේරෙන විදිහට ලියනවා වගේම තේරෙන විදිහට පාවිච්චි කරන්නත් තිබුන නම් අගෙයි..
ReplyDeleteආ...පාර හොයාගත්තෙ අටංපහුරෙන්ම තමයි.
ජයවේවා..!!
සුජීව කොකාවල බ්ලොග් කොමෙන්ට් වලින් දැක්කට බ්ලොග් එකකින් දැක්කේ 'වසන්තය'ත් එක්කයි. පට්ට වටින ලිපියක් ...
ReplyDeleteකෙමිකල් ප්ලාන්ට් එකකදි ඇඩිසිව් නිසා වෙන Run-over reaction එක වගේ මහා පරිමාණ බ්ලාස්ට් එකක් වෙන්න පුළුවන් මේ කියන තත්ත්වය.. යම් හෙයකින් මේක හරහා අධික ශක්තියක් ජෙනරේට් වෙලා ජල අණුවක් විභේදනය උනොත් එහෙම.. බුදු අම්මෝ ම තමයි.. හැක්.
//ව්‍යාපෘතිය නිසා ම ට්‍රිගර් වී විල පුපුරා යාම ආදී// ප්‍රොජෙක්ට් එක ගැන කියනකොටම මගේ ඔළුවට ආවෙත් ඔය ටික.. අන්න ප්‍රොජෙක්ට් අපි වගේ සේෆ්ටි උන්ට වැඩ කරන්න තියෙනවනම්.. ස්තූතියි සුජීව විස්තරයට..
//යම් හෙයකින් මේක හරහා අධික ශක්තියක් ජෙනරේට් වෙලා ජල අණුවක් විභේදනය උනොත් එහෙම//
Deleteඔය කියන්නේ න්‍යෂ්ටික පිපිරීමක් ගැනද , එක අණුවක් විභේදනය උනොත් ක්‍රීයාවලිය දාමයක් විදිහට සිද්ධවෙනවනේද ,
ඇ ලොකු අයියේ දැං ඔය අපේ ජලාශවල ඕක වෙන්න බැරිද , මං කියන්නේ ඔය වික්ටෝරියා එහෙමත් මීටර් සීයකට කිටිටු වෙන්න ජබුරයිනෙ , අනික ඔය රටේ තැනින් තැන උණුවතුර ලිං පොලවෙං දුම් දැමිලි එහෙම තියනවනේ
අටං, වැව් වල නං ඔය සීන් එක වෙන්න බෑ. මොකද නිරන්තරයෙන් වතුර ගලනව. කාලෙකට හිඳෙන ගානට එනව. මේ කියන විල් නං ඊට වෙනස්.
Deleteඅපේ රටේ විල් නැහනේ අයියේ , වැව් පොකුණු වගේ දේවල් නේ තියෙන්නේ.
Delete[[අධික ශක්තියක් ජෙනරේට් වෙලා ජල අණුවක් විභේදනය උනොත්]]
Deleteකල්‍යාන මිත්‍ර ජල අනුවක් විභේදනය කියන්නේ ඉලෙක්ට්රෝඩයකින් වගේ හයිඩ්‍රජන් ඔක්සිජන් ගලවන එකද? ඒකනම් කරන්න අමාරුයි නේද? එන්තැල්පිය පැත්තෙන් හිතුවොත්. ඔබ කියන්නේ න්‍යෂ්ටික පිපිරුමක් නම්. මෙතනින් කොහෙත්ම එහෙම එකක් ට්‍රිගර් වෙන්නේ නැහැ. අනික මේ ශක්ති මුදාහැරීම විශාල ප්‍රදේශයක වින අ එක තැනක වනක් නොවේ. විලේ කිසියම් එක තැනක මුදාහැරෙන ශක්තිය කුඩායි.
[[ඔය අපේ ජලාශවල ඕක වෙන්න බැරිද , මං කියන්නේ ඔය වික්ටෝරියා එහෙමත් මීටර් සීයකට කිටිටු වෙන්න ජබුරයිනෙ , අනික ඔය රටේ තැනින් තැන උණුවතුර ලිං පොලවෙං දුම් දැමිලි එහෙම තියනවනේ]]
මේක වෙන්නේ ක්රේටර් ලේක්ස් හෙවත් ගිනිකන්දක මුවවිටේ වතුර පිරිලා හැදෙන විලක. ලංකාවේ මසුකු හෙවත් කාබන් ඩයොක්සයිඩ් කාන්දු වෙලා නැහැ. උණුවතුර ළිං වල කෙලින් සම්බන්ධයක් නැහැ ඒකට.
සුවිශේෂී තත්ත්ව රාශියක් සෙට් වෙන්න ඕනේ.
හදිසියේ හරි ගුවන් යානයක් ඔය විලකට කඩා වැටිලා පිපිරුනොත්, නැත්තම් මිසයිලයක් වතුර යටට යැව්වොත් ඕක ට්‍රිගර් වෙයි කියල මට මහ බයක් දැනෙන්න ගත්තා. මේ බ්ලොග ෆලෝ කොරගන්න විදිහක් තාම හොයාගන්න බැරි උනා නෙ..
Deleteඕල්ඩ් ෆැෂන් ෆොලෝ ගැජට් එක හොයන්නවත් නැහැ.
Deleteනැහ ඒක තියනව , add a Gadget වලට ගිහින් more Gadget ක්ලික් කරල එන පලවෙනි පිටුවේ අන්තිමටම තියන එක Followers , (more Gadget පළවෙනි පිටුවේ 30 වෙනි ගැජට් එක)
Deleteස්තූතියි අටම්. දැන් හරි
Deleteස්ලයිඩ් බාර් එකෙන් ෆලෝවර් ගැජට්ටුව අයින් කරල නේහ්...
ReplyDeleteඒක තිබ්බ නං වටිනව... හුගක් අය ඩයිනමික් ටෙම්ප්ලේට් ගැන දන්නෙ නැති හන්දත් ස්ලයිඩර් එක හැංගිල තියෙන හංදත් අර අටං කියනව වගේ ටෙම්පුව වෙනස් වුණා නං නරකද...
(එහෙම වුනොත් බොගට බැනරයක් දාන්න වෙන එක වෙනම දෙයක් හිහි)
ස්තූතියි විස්තරයට
අදමයි අැහුවේ.... අටමයි පාර කිව්වේ
ReplyDeleteඅටංපහුරෙන් පාර අහගෙන ආවේ.. ස්තුතියි මේ ගැන පෙන්නුවට. වැඩිදුර හොයල බලන්න ඕන...
ReplyDeleteආ සියලු දෙනාටම ස්තුතියි. පාර පෙන්නූ අටම් ට බෙහෙවින්ම ස්තුතියි.
ReplyDeleteමම සාමාන්‍යයෙන් "රූප ලාවන්ය කටයුතු " වලට ලොකු තැනක් දෙන්නේ නැහැ. මොකක් හරි හොඳ ටෙම්ප්ලේට් එකක් අහුලනවා විනා. ඒත් ඩයිනමික් ටෙම්ප්ලේට් වල අවුල් රාශියක් තියෙන බව ඔබේ පෙන්නා දීමෙන් පස්සේ මාත් දැක්ක. ඊට අමතරව ෆොලෝවර්ස් මගේ අතින් හැලිලා තිබ්බ
අලුත් මුහුණුවරට ආවේ ඒ ප්‍රතිචාරය නිසා. ආයිමත් පාටවල් නම් 100% හොඳ නැතුව ඇති. එහෙත් කියවීමට බාධා අ නොවේනම් ඒක තමා වැදගත්ම දේ.
ස්තුතියි සියලු ප්‍රතිචාර වලට
කෝ ඉතින් ෆලොවර් ගැජට් එක
ReplyDeleteඒක එන්නේ නැහැනේ ගැජට් එක්ක. සබ්ස්ක්රයිබ් එකක් ආවා
Deleteනැහ ඒක තියනව , add a Gadget වලට ගිහින් more Gadget ක්ලික් කරල එන පලවෙනි පිටුවේ අන්තිමටම තියන එක Followers , (more Gadget පළවෙනි පිටුවේ 30 වෙනි ගැජට් එක)
Deleteපට්ට විස්තර ටික. නියමෙට ලියල තියෙනවා. දිගටම ලියන්න.
ReplyDeleteසුජීවගෙ ලිපිය ඔන්න මම අපේ ලිස්ට් එකට දැම්ම. මේ බ්ලොග් එකටම සුජීවගෙ අනෙක් බ්ලොග්ස් ටිකෙත් ලින්ක් එල්ලුවනම් අගෙයි, ඔය හැන්ගිල ඉන්න ද්විභාෂා කතා කාරයව අලුත් අයට අඳුනගන්න.
ReplyDeleteස්තුතියි ඉන්දික.
Deleteඅනිත් බ්ලොග් ටික :
කවි
කෙටිකතා
මතවාද
හිතට එන එක එක එව්වා (රෑම්බ්ලින්ස්)
maxxa macho , nodanna deyak igena gattha :) meka share karapu atampahura sahotath thank u wewa
ReplyDeleteඅටම් ගෙන බලලා ආවේ . හොඳ ලිපියක්.
ReplyDeletehttp://nelumyaya.com/?p=1767
ReplyDeleteකිවු විල අසල විශා 5.8 ක භු කම්පනයක්
ReplyDelete