මේ සටහනට පාදක වන්නේ ස්ථාන දෙකකින් උපුටා ගන්න කරුණු. එකක් සාමාන්‍ය දැනීම සමුහයේ ගිය ප්‍රශ්නයක්. අනික තවත් සමූහයක ඉස්මතු කල ප්‍රශ්නයක් [මේකට මට ලින්ක් එකක් සපයා දුන් ශානක ඉරෝෂණ පීරිස් ට ස්තුතියි].
සාමාන්‍ය දැනීම සමූහයේ ප්‍රශ්නය මෙතන දැම්මොත්.
1. කුමාරි කන්දම් කියන්නේ මොකද්ද?
2. ලෙමුරියා කියන්නේ මොකද්ද? එහි නම හැදුනේ කොහොමද?
3. ලෙමුරියා කුමාරි කන්දම් සමග ඇති සම්බන්ධය කුමක්ද?
4. මෙය ලංකාවේ දැවැන්ත දේශපාලන අර්බුධයකට දක්වන සම්බන්ධය කුමක්ද?
5. ලෙමුරියා සංකල්පයට සිදු වූයේ කුමක්ද?
---------------------------------------------------------------
කුමාරිකන්දම් කියන්නේ සංගම් සාහිතයේ තියෙන පැරණි රාජධානියක ජනප්‍රවාදයක්. මෙහි නම එන්නෙත් දකුණු ඉන්දියාවේ අති සුන්දර කන්‍යා කුමාරිකඳුවැටිය මූලිකව. වෙනත් බොහෝ ජනප්‍රවාද සේම මෙහිත් කියනවාලු කුමාරි කන්දම් රාජ්‍යය කන්‍යා කුමාරියේ සිට මේ මේ තරම් දුරට විහිදියේය කියලා. හරියට අර අටළොස් අක්ශෞභීනියක් සේනා වගේ මේකත් අතිශයෝක්තියෙන් දාපු අසාමාන්‍ය ඉලක්කම්. සත්‍ය අගයන් නොවේ. සත්‍ය අගයන් නොවේ කියන්නේ එහෙම හරි යන්න නම් මේක මැඩගස්කරය ආසන්නය දක්වා විහිදීම අත්‍යාවශ්‍ය නිසා.
ඉලක්කම් පැහැදිලිවම අසත්‍ය පමණක් නොවේ එහෙම එකක් තිබ්බ බවට වත් වෙනත් සාධක නැහැ. ලෝකයේ බොහෝ ප්‍රවාද සේම මෙහි ඇති කුමාරි කන්දම් මහා ශිෂ්ටාචාරයත් "මුහුදේ ගිලී ගියාය" කියන මතය තමා සමාජගත වන්නේ.
එහෙත් සමහර දකුණු ඉන්දියානුවන් මේවා අකුරටම විශ්වාස කරනවා.
මේ අතරේ ඉන්දියාවේ පර්යේෂණ බ්‍රිතාන්‍ය විද්‍යාර්ථින් 1880 විතර හොයා ගන්නවා මැඩගස්කරේ ඉන්න ලෙමු [ලීමර්] කියන සුවිශේෂී ජෛව ප්‍රජාව පරිනාමිකව සමාන වන්නේ කේරලයේ ඉන්න වෙනත් සතුන් වර්ගයකට කියා. මෙතැනදී ගැටලුවක් එනවා මැඩගස්කරේ සතෙක් කොහොමද කේරලයේ සතෙකුට සමාන වෙන්නේ මේ ස්ථාන දෙක අතර මාර දුරයිනෙ කියා. [මේ 1880 මේ වෙද්දී මිනිස්සු දන්නේ නැහැ මහද්වීප පාවෙන බව. ඇත්තෙන්ම පස්සේ හොයා ගන්නවා ඉපැරණි ගොන්ද්වානාලන්තයේ මැඩගස්කර වෙරළ හා කේරල වෙරළ යාවී තිබ්බ බව]. මේ නිසා විද්වතුන් හිතනවා කිසියම් ගොඩබිමකින් මේ ස්ථාන දෙක යාවෙන්න ඇති කියා. මෙම ගොඩබිමට ඔවුන් නම දානවා "ලෙමුරියා" කියලා.
මේකට එකල පැවතී විද්වත් සමාජ වල පිළිගැනීමක් එනවා. ඒ ගිලී ගියා කියන ලොකු මහද්වීප ගැන මිනිස්සු තමන් රවටා හුන් කාලයක්. නිකමට බලන්න විකියෙන් ගන්න පහත සටහන. මේ විද්වතුන් තමන්ට නොවැටහෙන දේවල් පැහැදිලි කරන්න "ගිලුනා" කියා මවා ගත්ත ගොඩබිම්.
දකුණු ඉන්දීය විද්වතුන් ලෙමුරියා = කුමාරි කන්දම් කියන සරල සමීකරණය තෘප්ත කරමින් "විද්යාත්මකව තහවුරු වන" දකුණු ඉන්දියාවේ සිට මැඩගස්කරය දක්වා පැතිරුණු දමිල රාජධානිය බෞතිස්ම කරගන්නේ මෙහෙම. පහත දැක්වෙන්නේ විකියෙන් ගත්ත කුමාරි කන්දම් රාජ්‍යය ගැන විශ්වාසයේ එන දළ සටහන.
මේකට ලංකාවත් අයිතියි හැබැයි ඒ කාලේ කවුරුත් ඒ ගැන වොරීඩ් නැහැ.
මේ අතර ඉන්දියාව නිදහස ලබනවා. මැඩගස්කරය දක්වා විහිදුනු දෙමල රාජ්‍යය නැවත හදන්න දකුණු ඉන්දියාව පෙරට එනවා. එත් ක්‍රමෝපායේ ශූරයෙකු වන ජවහල්ලාල් නේරු ඒක ළදරු වියේදීම මරා දානවා. ඔහු ගෝව ආක්රමනය කර පෙන්නනවා බලෙන් ආවොත් දෙන්නේ මේක කියලා. නීතියකින් සම්මත කරනවා ඉන්දියාව බෙදන්න බැහැ කියලා. ඉන්දියානු දමිල රාජ්‍යය 60 දශකය වෙද්දී මැරෙනවා.
අන්න ඒ වෙලාවේ දකුණු ඉන්දීය උගතුන් ලංකාවේ දෙමළුන්ට විකුනනවා "ඔබත් කුමාරි කන්දම් වල අයමයි. ඔබේ හෝම්ලෑන්ඩ් එක ඉල්ලාගන්න" කියලා. වයිරසය ලංකාවට එන්නේ එහෙම. මේ කාලෙදිම එනම් 40-60 දශකවල සිංහලයා එක්ක සහෝදරත්වෙන් උන්නු දෙමල නායකයින් හෙමිහිට ඉන් ඉවත් වෙනවා. සහයෝගීතාවයට අකමැති මෝඩ සිංහලයින් ඒ දෙමළට කෙලින්න භාෂා පනත් ගෙනත් සමානත්වයෙන් සහෝදරත්වයෙන් ඉන්න ඕනේ එකා තවත් එහාට තල්ලු කරනවා.
ලංකාවේ ඇතිවුණු බෙදුම්වාදය ඇතිවුනේ මේක නිසා කියා මම කියන්නේ නැහැ. සිංහල ජාතිවාදයෙන් දෙමල අයට සැහෙන්න හිංසා කළා. ඒ වගේම අපේ මෑත කාලින ඉතිහාසය හරිම විචල්යයි. ඒත් දෙමල අය වෙනම රාජ්‍යයක් ඉල්ලන්න, විශේෂයෙන් විදවතුන් අතරින් එක මතයක් ලෙස බිමට කාන්දු වෙන්න මේ කුමාරි කන්දම් සංකල්පය බලපෑවා. සිංහලයින් විජයගෙන් පැවතේ කියන අභව්‍ය කතාවත් [හෙවත් ඊට පෙර උන්නු මිනිස්සුන්ට සිංහලයන්ගේ සම්බන්ධයක් නැහැ කියන එක] මේකට පොහොර දානවා. අදටත් දෙමල අය අතරේ මේ රටේ මුල් පදිංචි කරුවන් ඔවුන් කියා හිතා ගෙන ඉන්න අය ඉන්නවා. ඒ වගේම දකුණු ඉන්දියාවේ සමාජය තුල කුමාරි කන්දම් සිංහලයාගෙන් බේරාගන්න කියන මතය අදටත් සක්‍රීයයි. එයාලා මේ ගැන ලාංකික දමිලයින්ට වඩා දැඩි ලෙස අදහනවා.
වැදගත් ම කාරනාව මෙන්න මෙයා ඔක්කොම සෙල්ලම් වලට තිත තිබ්බ. 1912 දී එයා ගෙනෙන මහද්වීප පාවෙන කල්පිතය 50 දශකය වෙද්දී පිළිගැනෙනවා. ඒ නිසා විද්‍යාඥයින් දන්නවා කේරලය හා මැඩගස්කරය හාවී තිබ්බ බව. මහද්වීප ගිලීමේ කතා සාවද්‍ය කල්පිත ලෙස බැහැර කරනවා. ඉන්දීය සාගරය කිමි 3කට වඩා ගැඹුරුයි. අද අපි දන්නවා වසර දහස් ගානකදී ගොඩබිමක් කවදාවත් එහෙම ගිලිලා යන්නේ නැති වග. එහෙත් ඒ වෙනුවට ඉන්දියාව හා මැඩගස්කරය කාලයක් එකට හා වී පාවෙමින් ආපු බවත්, පස්සේ වෙන් වූ බවත් පිළිගැනෙනවා. මැඩගස්කර නැගෙනහිර වෙරළ ඉන්දීය බටහිර වෙරළට ගානට පූට්ටු වෙනවා.
තිසර ලබාදුන් මේ පින්තුරයෙන් පෙන්වන්නේ ඒ මහද්වීප වෙන්වීම. වසර මිලියන එකසිය තිහක් අතීතයේ තත්වය ලෙස තිසර සඳහන් කළ ඔය පින්තුරයේ ඉන්දියාව මැඩගස්කරයෙන් ගැලවුණු ගමන්ම වගේ, ලංකාවේ බටහිර වෙරළ ගිනිකොනදිග මැඩගස්කරයට පූට්ටු වෙලා තියෙන්නේ. ස්තුතිය තිසරට.
ලෙමුරියා සංකල්පය මියගියත් ඒ වටා ගෙතුණු ලංකාව දමිළ හෝම්ලෑන්ඩ් කියන සංකල්පය තවමත් තියෙනවා. මිනිස්සු හරි කට්ටයි විවිධ සංකල්ප අරගෙන තමන්ගේ වාසියට හදා ගන්නත් මූලික සංකල්පය කඩා වැටුනම නොදන්නා සේ තමන්ගේ වැඩ සටහන අරගෙන යන්නත්.
එනයින් ලේමුරියා අමූලික බොරුවක්. හැබැයි ඒ මත ගොඩ නගා ලංකාවට දකුණු ඉන්දියාවෙන් එක්ස්පෝට් කල මිතිකල් හෝම්ලෑන්ඩ් තාමත් සක්‍රීයයි. අදත් ඒක ලාංකීය දේශපාලනයේ ඇහෙන කතාවක්.

ඒ වගේම, තව කීප දෙනෙක් කියනවා, පොළොව එන්න එන්නම විශාල වෙනවා කියලා. පෘතිවි පෘෂ්ටය විස්තාරණය වීමත් එක්කම මහද්වීප වෙන්වීමක් සිදු වුණා කියලා.
ReplyDeleteපොලොව ලොකු වෙනවා කියන එකත් භූ තැටි වල ක්‍රියාකාරිත්වය ගැන අවබෝධයක් නැතිකම නිසා අ කරුණු පැහැදිලි කරන්න හදා ගත්තු කල්පිතයක් නේද?
Deleteදැනට තියෙන දත්ත අනුව භූ තැටි පාවෙන්නේ අභ්‍යන්තර ප්‍රවාහ නිසා කියා හිතන්නේ. පොලොව මූලික වශයෙන් ද්‍රව ගෝලයක්. අපි ජීවත් වෙන කබොල ඒ ද්‍රව ගෝලේ මත "පාවෙන" ඝන එහෙත් කැඩෙන සුළු පස් තට්ටු. සාගර පතුල් වල තියෙන දිගු භූ පැලුම් වලින් මේ මතුපිට කබොල කන්වේයර් බෙල්ට් එකක් වගේ ඇවිත් තව තැනකින් යට යනවා.
උදාහරණයකට ගන්න වසන්ත සමයේ හිම යටින් දියවෙලා අ වතුර හැදුනම මතුපිට හිම තට්ටු එකිනෙක ගැටෙමින් ඒ මත පාවීම.
ඉන්දියාව වමි 100 කට ආසන්න කාලයක් තිස්සේ මැඩගස්කරය සිට වත්මන් ටිබෙට් සානුව දක්වා ඇදිලා ගියා. වෙන්වීමට හේතුව මේක.
මේ සිද්ධියට පරිබාහිරව ලෝකය එන්න එන්න විශාල වෙනවද දන්නේ නැහැ. හැබැයි වමි 100 කියන්නේ එහෙම දේකට කුඩා කාලයක්. ඒ නිසා එහි බලපෑම අඩුයි නේද?
//ලංකාවේ ඇතිවුණු බෙදුම්වාදය ඇතිවුනේ මේක නිසා කියා මම කියන්නේ නැහැ.// ඔව්. මේ හා සමඟම තව බොහෝ කාරණා.. සැක්.. ඉන්දියාවේ හිටි දවස්වල වෙනමම දවසක් අපතේ යවාගෙන ඔය කෙහෙල්මල් කන්‍යා කුමාරිව බලන්න ගියා මටනම් ඒ ඉතුරු වෙලා තිබ්බ ගල් දෙක තුනේ කිසිම ගතියක් තිබ්බේ නෑ.. එතන හිටි කඩ කාරයෝ අපිට වඩා හොඳට ලංකාව ගැන දන්නවා.. උන් ඔක්කොම තලෙයි මන්නාරම හරහා හොර බිස්නස් කරන උන්..
ReplyDeleteකන්‍යකුමාරියේ පින්තුර නම් දැක්ක පට්ට
DeleteThis comment has been removed by the author.
ReplyDeleteGondwanaland ගැනත් කියවල බලන්න.
ReplyDeleteඔය මහාද්වීප වෙන්වීම් මානව ශිෂ්ඨාචාරවලට බොහෝ කලින් වූ දේවල් වුනාට ඕවා pseudo -science විදිහට බොහෝ දේශපාලනික මත හා පුද්ගලිකව ආසාකරන මිත්යාවන් සාධාරනීකරණ්ය කරන්න යොදාගන්නව.
(රාවණා මිත්යාවත් එහෙම තමයි. ඒත් ඒකට ආස නිසා කොහොම හරි විස්වාස කරනව )
පුද්ගලික කතා, මතිමතාන්තර වලට නම් ගත්තත් මොකද? මෙයාලා ගන්නේ රටවල් වල මායිම්, යුද්ධ කරන්න හේතු වගේ එව්වට
Deleteලෙමූරියාව රාවණාගේ රාජධානිය කියල මාත් එක්ක තර්ක කරපු අය හිටියා. නිකං මේ ආතක් පාතක් නැතුව රස්සාවල් නැතුව ඉන්න අයත් නෙමෙයි. තමන්ගෙ ෆැන්ටසිය ගොඩදාන්න ඕන මල ඉලව්වක් විශ්වාස කරන අය.
Deleteමේක ලොකු පටලැවිල්ලක්, දෙමල බෙදුම්වාදය නිර්මාණය කල බොහෝ කතන්දර නොතේරුම් කමට රාවනා වාදීන් යොදාගන්නවා. මොකද උන්ට ඕනේ උන්ගේ කතාව මොකෙන් හරි ඔප්පුකරන්න.
Deleteඅඩේ අපිත් කුමාරි කන්දම් වල තමා නේද??
ReplyDeleteඑයාලා කියන හැටියට දෙමල අය පමණයි.
DeleteThis comment has been removed by the author.
ReplyDeleteSujeewa Translate this in to english
ReplyDeleteඑයාලා කියන විදිහට අපි කුමාරි කන්දම් නම් අපි සිංහල වුණේ කොහොමද? ඒ කියන්නේ විදිහට එහෙනම් අපිත් දෙමල??? මේක හෙන ගැටලුසහගතයි...
ReplyDeleteඅනික මහාවංශයේ තියෙන විදියට සිංහල ජාතිය පැවතෙන්නේ ඉන්දියාවේ ඉඳලා මෙහාට ආපු විජය රජතුමාගෙන්.. එහෙමනම් විජය රජතුමා එන්න කලින් ලංකාවේ හිටියේ කවුද? මේ කියන විදිහට කුමාරි කන්දම් වලට ලංකාවත් අයිති වෙලා තිබුණා නම් යක්ෂ නාග දේව රාක්‍ෂ ගෝත්‍ර වලට අයිති පිරිසක් නම් මෙහෙ හිටියේ මේ පිරිස ද්‍රවිඩ ජාතිකයෝ නේද? ඇත්තටම උභතෝකෝටික ගැටලුවක්.කොහොමහරි ප්‍රායෝගිකව පේන්න තියෙන කාරණා අනුව නම් සිංහල මිනිස්සුන්ටත් තියෙන්නේ ඉන්දීය සම්භවයක්.නැත්නම් අපි ඉන්දියාවේ දේවල් වලට මේ තරම් ලොල් වෙන්න හේතුවක් නැහැ.
ReplyDelete