tag:blogger.com,1999:blog-69007534263432183192024-03-18T02:48:22.955-07:00වගතුගෆේස් බුක් එකේ, බ්ලොග් කොමෙන්ට් අවකාශයේ, ඊමේල් වල, අතන මෙතන කතාවෙන අප හා ලෝකය ගැන වග තුග එක තැනකට එකතු කරන්න ගන්නා වෑයමක්
Sujeewa Kokawalahttp://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comBlogger62125tag:blogger.com,1999:blog-6900753426343218319.post-23714065485221321302024-01-25T05:54:00.000-08:002024-01-25T06:23:17.087-08:00අවුට්බැක් සහ ඔස්ට්‍රෙලියාව අපිට දැනෙන හැටිඅවුට්බැක් කියන්නෙ ලෝකෙ ප්‍රචලිත නමක් ලේබලයක්. මේකට සිංහල වචනයක් හැදුවැකි. ඒත් ලොකෙ තියෙන ඔක්කොටම අපබ්‍රංශ සිංහල වචන ඕනෙ නෑ. ඒක කියවන්නාට හදුනාගන්න අසීරු වෙන තත්වයක්නෙ. ඕනෙම ඔරිජිනල් වචනයකට අර්තයක් තියේනෙ. ඔස්ට්‍රෙලියාව කියන්නෙ දකුණුදිග නොදන්නා ගොඩබිම හෙවත් ටෙරා ඉන්කොග්නිටා ඔස්ට්රාලිස් කීයන එකෙන් කැඩුණු එකක්. ඕන්නම් ඕකට "දකුණු රාජ්ජෙ" කියල කිව්වැකි. හැබැයි මං එහෙම ලිව්වම කාටවත් මීටර් වෙන්නෙ නෑ කන්ෆියුශන් පමණයි. ඒ නිසා මම මේ සටහනේ අවුට්බැක් සිංහලට හරවන්නෙ නෑ.

මේ උත්සාහ කරන්නෙ සිතියමක් අරගෙන අවුට්බැක් ලකුණු කරන්න නෙවි. ඒක කියවන්නාට එක සර්ච් එකකින් කරගන්න පුලුවන්. ඒ නිසාම මේකෙ සිතියම් දාන්නෙත් නෑ ඕන්නම් ගූගල් කර බලාගන්න. මේ සටහනේ අරමුණ නැගෙනහිර ඔස්ට්‍රෙලියානු වෙරළේ ජීවත් වන්නෙක් ලෙස මට හෝ මං දන්න තරමින් මා වටා ඉන්න සමාජයට අවුට්බැක් කියන එක දැනෙන්නෙ කෝමද කියල කියන්න. මම හිතනවා, කෙනෙක් රාජකාරි විනෝදය හෝ ජීවන අවශ්‍යතාවක් වෙනුවෙන් නිතර දෙවේලෙ අවුට්බැක් තැන්වලට යන්නෙ එන්නෙ නැත්නම් මේ කියන ෆීලින් එක එයාල කාටත් ඇති කියල.

තවේකක් තමා මම මේකෙ දුරවල් විස්තර කරන්නෙ දවසක ඩ්‍රයිව් එකක් දවස් දෙකක ඩ්‍රයිව් එකක් වගෙ වචන වලින්. ඒ ඉතින් 110 පාරෙ 120-140 ට විතර වාහනේක යන්න ගතවෙන කාලෙ තමා. ඒත් එහෙම්ම යන්න ඕනෙ නෑ මෙහි කියවෙන සියලු ස්තාන වලට ගුවන් පහසුකම් තියෙනව මම වගෙ වාහන මේනියාව නැති අසරණයින්ට ඕනෙනම්. මෙතන ඩ්‍රයිව් වලින් දුර කියන්නෙ කාටත් තේරෙන බාසාවක් නිසා. මොකද කිමි 2000 කිව්වට බොහො දෙනෙකුට ෆීල් වෙන්නෙ නෑ.

හරි, අවුට්බැක් කියන්නෙ මොකද්ද? ඒක මෙහෙම කතාවට ගම්මු.

සිඩ්නි වලින් පටන් ගම්මු මගෙ දෲශ්ටි කෝණයෙන්. දැන් මේ සිඩ්නි කියන්නෙ ලංකාවෙන් 1/5 විතර ලොකු නගරයක්. නව නගර සැලසුම් එක්ක ග්‍රේටර් සිඩ්නි කිව්වම ලංකාවෙන් බාගෙක විතර සයිස් ඒරියා එකක්. මේ ග්‍රේටර් සිඩ්නි අර්බන් රීජන් එකක් හෙවත් ජනාවාසයෙන් ජනාවාසය එකිනෙක බැදුනු එව්වයෙ ඉන්න මිනිස්සු ඒකෙ එක එක දිහා වලට ගමන් බිමන් යන රස්සාවට යන මිනිස් වාසස්තාන එකතුවක්. මේකෙන් එලියට ගියාම දවසකින් වගෙ යන්න පුලුවන් මෙල්බර්න් (නිරිත) හෝ බ්‍රිස්බේන් (උතුර) වලට. කැන්බරා (නිරිත) දවස් බාගයක් වගෙ. ඇඩිලේඩ් (බටහිර) දවස් දෙකක් වැඩිම වුනොත් තුනක්. ඔය ඔක්කොම පහු කරන්නෙ ටෙම්පරට් දේශගුණයක තියෙන පලාතක්. ගොවිබිම් හිස් බිම් වන බිම් පොඩි පොඩි ප්‍රාදේශිය නගර එහෙම පහුකරගෙන තමා යන්නෙ. එක දිගට මිනිස්සු නැතුවාට මිනිස් වාස ළග ළග තියෙනව. වනගහන වෙනම මාක් වෙලා තියෙනව. ග්‍රේට් ඩිවයිඩින් කන්දෙ උඩ කැන්බරා ආසන්නෙ ප්‍රධාන පාරවලින් වෙන අතකට ගියාම තියෙනව වින්ටරේ හිම වැටෙන කලාපයකුත් ස්නෝවි මවුන්ටන්ස් කියමු. තව බ්‍රිස්බේන් වලින් උතුරට ගිය හැකි. දේශගුණය වනගහනය වෙනස් වෙනව ට්‍රොපිකල් තාලෙට. පොල් ගස් කොස්ගස් උක් වතු කෙසෙල් වතු ඝන වනන්තර (ට්‍රොපිකල් පන්නෙ) පහු කරගෙන යන්න පුලුවන් මූද අයින දිගේ කෙයාන්ස් ටවුන්ස්විල් වෙනකම් ඒ බ්‍රිස්බේන් සිට දවස් දෙකක විතර ඩ්‍රයිව් එකක් සිඩ්නි සිට නම් තුනක් වගෙ.

තව ලංකාව විතර දූපතක් තියෙනව ටැස්මේනියා. ඒ දූපත ග්‍රේට් ඩිවයිඩින් කන්දෙන් ඉතිරි වෙච්ච කෑල්ලක් නිසා ඒක තනිකරම මහ කදු ගොඩක්. තැන්නක් හොයාගන්න ලේසි නෑ. ඉඩ තියෙන තැන් කීපෙක නගර කීපයක් තියෙනව ඒකෙ හොබාට් තමා මූලික නගරෙ. ලක්ෂ දෙකතුනක් තමා ඔක්කොම ඉන්නෙ.

දැන් මන් ඔය කිව්ව කලාපෙ කොනේ සිට කොනට වාහනේක යන්න ගමනට පමනක් එක දිහාකට සතියකට මදක් අඩු කාලයක් යාවි. මෙහි සදහන් ප්‍රධාන නගර වලට අමතරව ප්‍රාදෙශිය නගර ඩොට් ඩොට් වගෙ තියෙනව සීයක් වගෙ. එව්ව අවට ගොවිබිම්. මේ කොහෙවත් කාන්තාර නෑ. ග්‍රේට් ඩිවයිඩින් කන්ද මේ කිව්ව මුලු ඒරියා එකේ කෙයාන්ස් හරියෙ ඉදන් මෙල්බන් වෙනකම් (හා ටැස්මේනියාවෙත්) උතුරු දකුණු නාරටියක් වගෙ තියෙනව. නාරටිය මැද උපරිම උස ලංකාවෙ මධ්‍ය කදුකරය විතර ඉදන් නාවල පිටිය ගම්පොල නුවර වගෙ උසකට වෙනස් වෙනව. ඒක දෙපැත්තට ස්ලොප් වෙනව. වෙරළ පැත්ත හෙවත් සුළං මුහුණතේ තමා ලොකු නගර ඔක්කොම තියෙන්නෙ. එහෙට වහිනව ගංගා ගලනව ලොකු ජනගහන ඉන්නව. සුළං මුවාව ලංකාවෙ වියළී/ශුෂ්ක කලාප වගෙ ඒවයෙ තැන තැන පොඩි නගර තියෙන. බහුතරේ දුවන්නෙ භූගත ජලයෙන්. ඇඩිලේඩ් එයාගෙම චූටි කදු පන්තියක් එක්ක ඉන්නව කොනේ නගරයක් ලෙස. මම ඔය විස්තර කළ කොටස සැහෙන්න ලොකු රටක්. කම්පෙයා කරනවනම් ඉරානය මෙක්සිකෝව විතර සයිස් රටක් මේ කිව්ව ටික.

තව කලාප තුනක් තියෙනව ඒව වෙන වෙනම සළකන්න ඕනෙ ඒව පෙර කී නොබිදුනු මිනිස් කලාපයට කෙලින්ම සම්බන්ද වෙන්නෙ නෑ. ඒ තමා පර්ත් සහ ඒ අවට කලාපය (ලංකාව සයිස්), ඩාවින් නගරය (ලන්කාවෙ දිස්ත්‍රික්කයක් විතර), ඇලිස් ස්ප්‍රින්ස් නගරය (ලංකාවෙ පොඩි ප්‍රාදෙශිය ටවුමක් විතර). මේ තුන තරමක ජනගහන ව්‍යාප්තියක් තියෙන කලාප තුනක්. සැකැස්මෙන් පෙර කී ප්‍රදේශය වගේමයි. මේව කලින් එව්ව වගෙ ඩ්‍රයිව් මෙච්චරයි කියල සම්බන්ද කරගන්න බෑ. කලින් කිව්ව රටෙන් වෙන් වෙලා තියෙන්නෙ. නිකම් ෆෙයරි ටේල් එකක ඩ්‍රීම් ලෑන්ඩ්ස් වගෙ නෙවිනම් වෙනත් මානයක තියෙන ලෝකයක් වගෙ ප්ලේන් වල නැගල මේවයෙ මිනිස්සු යනව ගිහින් ඒ කිව්ව කෑල්ලෙ තියෙන දේවල් විදල එනව. එව්වයෙ ඉන්න අයත් ඉතිරි කෑල්ලට එනව යනව. අපිට මේ කෑලි තුන ගන්න වෙන්නෙ දූපත් තුනක් ලෙස. මැද්දෙ තියෙන්නෙ පස් වුනාට මූද තිබ්බා හා සමානයි. වාහන/ෆෝවීල් පිස්සො, රාජකාරියට ඩ්‍රයිව් කරන උන්, පතල් කාරයො අරුන් මුන් ඇරෙන්න ඉතිරි බහුතරේට ඔය කලාප තුන ෆීල් වෙන්නෙ එහෙම.

මේක තමා ඔස්ට්‍රෙලියාව කියල අපි දන්න දැනෙන රට.

හැබැයි අපි තාම කතාවට ගත්තෙ මුළු භුමියෙන් 1/5 ටත් අඩු කෑල්ලක්. ඉතිරි 4/5 තමා අවුට්බැක්. ඒකෙ තියෙන්නෙ රතුපාට පස් හෝ සුදු වැලි වලින් හැදුනු ශුෂ්ක බිමක්, ඒකෙ තැන තැන පොඩි පොඩි පදුරු, සමහර දුර්ලභ තැනක පොඩි වන වදුලු, කාන්තාර ශාඛ, ලොකුවට සත්තු කියල නෑ, වැඩියෙම්ම ඉන්නෙ ඔටුවො තමා ඔටුවන් මිනිස්සු හදල අතෑරිය හෙවත් ෆෙරල් සතුන්. මුන්නම් මිලියනයකට ආසන්න ගානක් ඇති කියා හිතනව සමහර එස්ටිමට් අනුව ලක්ශ 12ක් - ලෝකෙ ලොකුම ඔටු රංචුව. භූවිශමතා ගත්තත් කන්දක් කියල ලොකුවට නෑ (ඔක්කොම කේස් වලට හේතුව මේක තමා). ගංගා කියල සීසනලි ගලන එව්ව තියෙනව. ඒවයෙ වැඩි හරිය රට තුලට ගලා අතුරුදහන් වෙන්නෙ. විල් කිව්වට සීසනලි පිරෙන ලවණ විල් තියෙන්නෙ ඒව හිඳිල හැදෙන සෝල්ට් ෆ්ලට්ස් තමා වැඩි. මේ සීසනලි කියන්නෙ ලංකාවෙ වගෙ වසරක් පාසා නෙවි සීසන් වල ටයීමින් අවු 7 8 සිට 10 20 වගෙ කාල ප්‍රාන්තර. මහා වාලුකා කාන්තාර තියෙනව. බ්‍රිතාන්‍ය දූපතට මදක් කුඩා සයිස් තඩි හිරිගල් පර්වතයක් තියෙනව ඒකෙ කිසිම ගහක් නොහැදෙන නිසා ඒකට නලබෝර් කියල කියනව, ලස්ස්න භූමි නිර්මාණ තියෙනව හැමෝම දන්න උරුලු (අයර්ස්) පර්වතය එකක්.

මේක අස්සෙත් මිනිස් ක්‍රියාකාරකම් තියෙනව. සමහර ජල ප්‍රභව තියෙන තැනක දෙකක ලන්කාවෙන් බාගෙ කාල සමාරවිට ලන්කාවටත් ලොකු සයිස් කෑලි වල හරක් කීප දාහක් වගෙ දාගෙන ඉන්න තනි තනි ෆාම් කීපයක් තියෙනව. තව පොලොව හාරගන්න හැදුනු මයිනින් ටවුන්ස් කීපයක් තියෙනව. එදා පටන් මුලු ඔස්ට්‍රෙලියාවම තම ග්‍රහණයට ගත්ත, මේ කාන්තාර හැදෙන කොට ඒව එක්කම අනුවර්තනය වෙච්ච ස්වදේශික ගම්මාන තියෙනව. යුරොපින් අර පෙරකී "රටෙන්" එලවා දාපු ස්වදේශියන්ගෙන් සමහරුත් ඒ ගම්මාන වලටම ගිහින් තියෙනව. ස්වදේශික කිව්වට දැන් ඉන්නෙ ගෝත්‍රික තාලෙට නෙවි පොඩි පොඩි ගෙවල් හදන් ඒවට ඒසී එහෙම තියෙනව නගර නොවුනට නාගරික හුරුවක තමා ඉන්නෙ. ඔය ඔක්කොම එකතු කළත් නොගිනිය හැකි තරම් කුඩා ජනගහනයක් එන්නෙ මුලු අවුට්බැක් එකටම. මේ කලාපෙ තමයි සමර් එක දවල්ට හතලිස් පහෙන් එහා රෑට තිස්පහෙන් එහා සති ගණන් තියෙන්නෙ. ඉතිරි පහෙන් හතර හෙවත් අවුට්බැක් කියන්නෙ ඕකට.

හැබැයි මේ පහෙන් හතරෙ සයිස් එක අපි කාටවත් හිතාගන්න ග්‍රහණය කරගන්න බෑ. ඒක එහෙම කරගන්න අවශ්‍ය නොකැඩුනු මිනිස් ක්‍රියාකාරකම් පැතිරීමක් වෙලා නෑ. මේ කියන කලාපෙ කොච්චර කොච්චර එහාට යන්න පුලුවන්ද කියන එක ගැන ෆීල් එකක් නෑ. ඒ නිසාම මේ ඕනෙම තනි ජනාවාසයක් සළකන්න වෙන්නෙ ලෝකෙන් වෙන් වූ කෑල්ලක් කියල. මෙන්න මෙහෙම එක "ලෝකෙන් වෙන් වූ" ජනාවාසයකට ගිය යූටියුබර් කෙනෙකුගෙ වීඩියෝවක් තියෙනව කැමති කෙනෙකුට බලල ෆීල් එක ගන්න පුලුවන්. ස්තානීයව මිසක අවුබැක් ගැන එහි විශාලත්වය ගැන ෆීල් එකක් බොහොදෙනෙකුට නෑ.

අවුට්බැක් වල දිග හා පළල මනින්න අපිට ෆීල් වෙන එක විදියක් තමා ඒ හරහා යන ලක්සරි දුම්රිය දෙක. සිඩ්නි සිට පර්ත් දක්වා ඇඩිලේඩ් හරහා යන ඉන්ඩියන් පැසිෆික් ලක්සරි දුම්රියේ ඇඩිලේඩ් සිට පර්ත් දක්වා දින තුනක් යනව. මේ තමා අවුට්බැක් වල නැගෙනහිර-බටහිර අතට තියෙන දිග මැනෙන එක විදියක්. ඇඩිලේඩ් සිට ඩාවින් බලා යන ද ඝන් ලක්සරි දුම්රියේ කාලය දින දෙකහමාරක්. මේ තමා අවුට්බැක් වල උතුරු-දකුනු පළල මැනෙන එක විදියක්. ඒත් ඩොලර් හාර පන්දාහ ටිකට් අරන් මේ කෝච්චි දෙකේම ගිය පිරිස ඉතාම කුඩා නිසා ඒක බහුතරයක් මිනිස්සු දන්න දෙයක් නෙවි.

ඔස්ට්‍රෙලියාව සහ අවුට්බැක් ගැන ෆීල් වෙන්නෙ ඔන්න ඔහොමයි. ෆීල් වෙන එව්ව ඉතින් පුද්ගලික නිස හැමෝටම එහෙමයි කියල කියන්න බෑ, ස්පෙශලි අවුට්බැක් අස්සෙ වාහන වලින් නිතර යන එන අයට එහෙම. සමස්ත අදහසකට වඩා මේ දෙන්න හදන්නෙ බහුතර අදහසක්.

Sujeewa Kokawalahttp://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.com4tag:blogger.com,1999:blog-6900753426343218319.post-82283000315660962242023-10-14T06:38:00.002-07:002023-10-14T06:38:56.781-07:00 බීට ඉශ්‍රයල්
1980 එක්තරා දවසක සුඩානයේ රතු මුහුදු වෙරලේ තියෙන අරවුස් කියන ගම්මානෙ ඉතාලි සමාගමක් විසින් පව්ත්වාගෙන ගොස් අතහැර දමාපු ඩයිවින් රිසෝට් එකක් බලන්න එනව ස්විට්සර්ලන්ත සමාගමකින්. මේ රිසෝට් එක ගැන සැහෙන පැහැදීමට පත්වන ස්විට්සර්ලන්ත ව්ය්වසායක පිරිස මේක ඩොලර් ලක්ශ දෙකහමාරක වාර්ශික කුලියකට අරගෙන එතන අරවුස් නමින් ඩයිවින් රිසෝට් එකක් කරගෙන යන්න තීරණය කරනවා. සුඩාන ආණ්ඩුවටත් ඒක බොහොම සතුටට හේතුවක්. මුස්ලිම් අරාබි රටක් ලෙස සුඩානයේ ඒ වගෙ සංචාරක ආයතන සුලබ නෑ.

අරවුස් කෙමෙන් ජනප්‍රිය වෙනවා. රතු මුහුදේ බොහොම සුන්දර කලාපයක කිමිදෙන්න ස්නෝක්ල් කරන පහසුකම් සපයනවා. එහි සේවය කරන්න සුඩාන සේවක සේවිකාවන් ගන්නව. ඉහළ මැනේජ්මන්ට් එක සහ ඩයිවින් ඉන්ස්ට්‍රක්ශන් ගයිඩින් බෝට්ටු ඔපරේට් කිරීම ආදිය කරන්නෙ යුරෝපින්. එදිනෙදා හොස්පිටැලිටි වැඩ කරන්නෙ සුඩාන සේවකයින්.

හැබැයි මේ හෝටලෙ එක තැනක්තියෙනවා සුඩාන සේවකයින්ට ඇතුලු වෙන්න බැරි. ඒ කිමිදුම් ස්ටෝරු කාමරය . අන්න ඒ කාමරේ ඇතුලෙ ඉතාම දියුනු තක්ශ්ණයෙන් යුතු (1980 දශකෙට) පණිවුඩ හුවමාරු උපකරණ සහිත මෙහෙයුම් මධ්‍යස්තානයක් තියෙනව. අන්න ඒ මෙහෙයුම්මධ්‍යස්තානය හරහා මේ ෆේක් සමාගමේ ඉන්න හොටල්කාරයින්, ඉහල මැනේජර් ලා කිමිදුම් උප්දේශකයින් ආදි ලෙස වෙස් වලාගෙන ඉන්න මොසාඩ් නියෝජිතයන් තමන්ගෙ මෙහෙයුම කරගෙන යනවා.

අපි දැන් කතාව රෝල් බැක් කරමු.

අදින් වසර 3000 කට පමණ පෙර හෝ 2700 කට පමණ පෙර වත්මන් ඊශ්‍රායලය තුල තිබ්බ කිසියම් යුදෙව් රටකින් යුදෙව්වන් පිරිසක් ඉතියෝපියාවට එනවා. මේ අය සමහර විට සොලමන් රජුට දාව ශීබා රැජිණිය උපදවපු කුමාරයා හෙවත් දීර්ඝ ඉතියෝපියානු රාජ පරම්පරාවල ආරම්භකයා තම පියා මුණ ගැහෙන්න ගිය වෙලාවෙ ඔහු ගැන පැහැදීමකින් ආපු යුදෙව් ප්‍රජාවක් වෙන්න පුලුවන් (වසර 3000ට පෙර). නෙවිනම් වසර 2700 ට පෙර නව ඇසිරියානු හමුදා හමුවේ එක යුදෙව් නගරයක් බිද වැටුනම එතනින් අවතැන් වු හා පලාගිය ප්‍රජා හෙවත් ලොස්ට් ට්‍රයිබ්ස් දහයෙන් එකක් වෙන්නත් පුලුවන්. නෙවිනම් ඔය වගෙ කාල වකවානුවක සිවිල් යුද්දයක් හෝ වෙනත් වින්නැහියක් නිසා යුදෙව් රටකින් පලා ආ පිරිසක්. හවුස් ඔෆ් ඊශ්‍රායල් හෙවත් ඊශ්‍රායල ගෝත්‍රය යන නමින් බීට ඉස්ශ්‍රායල් ලෙස තමන් හදුන්වා ගන්නව.

බීට ඊශ්‍රායල් වරුන් ඉන්නෙ ඉතියෝපියාවෙ අතිශයින් දුශ්කර කදුකර බිමක. වාහනයක් යන පාරක්වත් නැති පලාතක්. බහූතරය ගොවීන්. හැබැයි ඔවුන් වසර 3000ක් පමණ සෙසු යුදෙව්වන්ගෙන් දුරස් වුනාට ඔවුන් හා සමානවම ආගමික වතාවත් කරනව සන්ස්කෲතිකව ඊශ්‍රායලයේ ඉන්න සාම්ප්‍රදායික යුදෙව්වන්ට ලොකු වෙනසක් නෑ.

බීට ඊශ්‍රායල් තමන් යුදෙව්වො කියල දන්නව. යුදෙව්වන්ගේ දේශය විනාස වුනා කියල හිතා ඉන්නව (ඒක හරි ඉතින් එයාල ආවට පස්සෙ වටගානකින් දේශය විනාශ වෙනව) මේ ලෝකෙ ඉතිරි වෙලා ඉන්න එකම යුදෙව් ප්‍රජාව තමන් කියල හිතා ඉන්නෙ මේ හැමෝටම ආපහු සයෝනයට යන්න ජෙරුසෙලම දකින්න හීනයක් තියෙනව. ඒක පරම්පරාවෙන් කට වචනෙන් ආපු කතාවක්. ඒ මිසක ජෙරුසෙලම තියෙන්නෙ කොහෙද කියන්න අඩු ගානෙ ලෝක සිතියමක් වත් මේ අතිශයින් ග්‍රාමිය ඉතියෝපියන් කන්දෙ අයට නෑ.

1974 දි එතෙක් තිබ්බ රාජාන්ඩුව පෙරළන ඉතියෝපියානු සමාජවාදු මිලිටරි හුන්ටාව එහෙ සමාජවාදි රාජ්‍යයක් හදනවනෙ. මේක අත්‍යන්තයෙන්ම ෆේල් වෙනකොට ටිග්රේ එරිත්‍රියා වගෙ පලාත් වලින් රෙසිස්ටන්ස් එකක් පටන් ගන්නව. සමාජවාදි ආර්තික පරික්ශණ වල ෆේලියර් සිවිල් යුද්දෙ මදිවට සහෙල් කලාපෙ ලොකු නියන් කාලෙකුත් එනව. ටිග්රේ ඇතුලු කදු වලට ආහාර සැපයුම නතර කරනව සමාජවාදි ආණ්ඩුවෙන් (දැන් ගාසාවට කලා වගෙ) මේ නිසා ටිග්රේ අවට කදුකරයේ විශාල ආහාර හිගයක් ඇතිවෙනව හැමෝම දන්න ඉතියෝපියානු සාගතය මේක.

මේ කාලෙත් බීට ඉශ්‍රායල් වරු පුරුදු පරිදි එදාවේලක් කාල ඉන්නව, දුශ්කර නිසාම රටේ අර්බුදත් වැඩිය දැනෙන් නෑ. හැබැයි එක බීට ඉශ්‍රායල් වරයෙක් කැරලිකාරයින්ට උදව් කලා කියල ස්මාජවාදි ආන්ඩුව ඔහු පස්සෙ පන්නන්න ගන්නව. මෙ පුද්ගලයා පණ බේරගෙන සුඩානයේ තියෙන අනාත කදවුරකට එනව. එහිදී ඔහු ඊශ්‍රායලය කියන රට ගැන කරුණු හොයාගෙන ඊශ්‍රායලයට තමන්ගෙ විස්තරය දැනුම් දෙනවා.

කතාව අහන මොසාඩ් ආයතනය තමන්ගෙ රටේ ගෝත්‍රයක් ද මේ කියල මිශන් එකක් එවනව. ඊශ්‍රායලය පිළි නොගන්න අරාබි රටක් වන සුඩානෙට බහින්න ලේසි නැති නිසා මාට්ටු වුනොත් ඔලුව ගැලවෙන නිසා තමා වෙරල අවට පොඩි රවුමක් දාල හෝටලයක් හොයන් ස්විස් කට්ටියක් වගෙ එතෙන්ට බහින්නෙ. පෙර කී පුද්ගලයා හමුවන මොසාඩ් නිලධාරින් හා ඊශ්‍රායල ආන්ඩුව තීරණය කරනව ඉතියෝපියාවෙ මතුවන තත්වයන් එක්ක අනාරක්ශිත නිසා මේ ගෝත්‍රය ඊශ්‍රායලයට ගෙනියන්න.

හෝටලෙ දුවන අතරෙ ඒජන්ට්ස් ලා වැඩේ කරගෙන යනව. ජෙරුසෙලමට යන්න ලෑස්ති වෙන්න කියල පණිවුඩය යවනව ගැමියන්ට. මේක අහන යුදෙව් ගෝත්‍ර කිමි 500 කට දිග ගමනක් පයින් කදු හෙල් ඔස්සෙ ඇවිත් සුඩානයට එනව. ඒ එන ඔක්කොම අර අනාත කදවුරු වලට තමා යන්නෙ. මේ දුශ්කර ගමන් වලදි සිවිල් යුද්ද වලට අහුවෙල හොරුන්ට අහුවෙලා හෝ අනතුරු වෙලා දාස් ගානක් මැරිල තියෙනව

ඊට පස්සෙ මොසඩ් ඒජන්තයින් ලොරි ලෑස්ති කරල මේ අයට පනිවුඩය යවනව. ඒක මොනවගේ පනිවුඩයක් ද කිව්වොත් බොහොවිට මහරාත්‍රියෙ නිදියන් ඉන්න පිරිසක් ඇහැරල ජෙරුසෙලමට යන්න එන්න කියල එක්කගෙන යනව වගෙ කෙරෙන්නෙ. මේ මිනිස්සු ජීවිතේට ලොරියක්වත් දැකල නෑ.

ලොරිය හොර පාරෙන් කාන්තාරෙ ඔස්සෙ යනව හෝටලේ ආසන්න වෙරලට. රත්‍රී කීපයක් ගෙවන්න ඉඩ තියෙනව. ඒ වෙලාවලට ඔවුන්ව රහසිගත වාඩි (අරාබි බසින් වාඩි කියන්නෙ ගැඹුරට හෑරුනු වියලී ගිය ගන්ගා නිම්න. සුඩාන කාන්තාරෙ මේව තියෙනව) අර මිනිස්සු සමහර වෙලාවට ඊශ්‍රායලයට ආව කියල සුඩාන කාන්තාරෙ පොලොව සිපගන්නවලු.

අන්තිමේ වෙරලට එන අයව ඩිංගි බෝට්ටු වලින් ඊස්රායල නැවකට අරන් ගිහින් ඔවුන්ව ඊශ්‍රායලයට ගෙන යනව. බෝට්ටු සෙල්ලම සුඩානයට මාට්ටු වුනාම හර්කියුලිස් ප්ලේන් කාන්තාරෙට කලුවරේ බස්සල එයාලිෆ්ට් කරනව.

මේ ඔක්කොම මැද්දෙ රිසෝට් එක මාට්ටු නොවී දුවනව. ලොව පුරා සංචාරක මැගසින් වල නම යනව. හවුස් ෆුල් වෙනව. මිශන් එක කරන්න එව්ව ස්ටාෆ් එකට අමතරව හෝටලෙ දුවන්න කියල වැඩියෙන් මොසාඩ් උන් එවන්න වෙනව. සුඩාන රජයේ ඉහල නිලදාරින් තානාපති හා රාජ්‍යතාන්ත්‍රිකයන් නිතර එනව. අපරාදෙ කියන්න බෑ මිශන් එකට වියදමක් යන්නෙම නැති තරම් මොකද හෝටලේ ආදයමෙන් හෝටලයත් කරල රෙස්කියු මිශන් එකත් කරන්න පූලුවන්.

1980 පටන් ගන්න හෝටලේ මේ වෙනකොට අවු 5 ක් දුවල. ඒ කාලෙ ඉහියෝපියාවෙ සාගතය හා සිවිල් යුද්දයේ උපරිමේ. එකතැනකදි සුඩානයට මේ ගැන ඉව වැටුනු බව දැනගත්තම ඇමරිකාවට කියල රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් හා ලොකු මුදල් හුවමාරු වලින් සුඩාන නායකයව එකග කරගන්නව රාත්‍රියෙ හොරෙන්ම ඛාර්ටුම් ගුවන් තොටුපොලෙන්ම ගෙනියන්න. මේ වෙනකොට 6000 කට වඩා ගෙන ගිහින්.

ලොකු ලොකු නම්බර්ස් වලින් යනකොට එක තැනකදි මේ සියල්ල පත්තර වල පළ වෙනව. මේ කාලෙම සුඩානෙත් හමුදා කුමන්ත්‍රණයක් වෙනව. කුමණ්ත්‍රණය සමගම අරවුස් රිසෝට් එක රේඩ් කරන්න යන ආරංචියක් එන නිසා එක පාරට දවසක් ඒකෙ ඉන්න මොසාඩ් ඒජන්ට්ස් ලා තමන්ගෙ වාහන වලින් කාන්තාරෙට බාපු කාගෝ ප්ලේන් එකක් ඇතුලට ඩ්‍රයිව් කරල ඊශ්‍රායලයට ම යනව. එක පාරට හෝටලෙ ගෙස්ට්ලා ෆුල් ඉද්දි ලෝකල් සේවකයින් පමනක් ඉතුරු වෙනව. අඩුම ගානෙ ඔවුන් දන්නෙවත් නෑ අපර් මැනේජ්මන්ට් එක දාල ගියා කියලවත්. අරවුස් රිසෝට් එක ඒ සමගම වහල දානව.

මීට පස්සෙ ඇමරිකාව හරහ රාජ්‍යතාන්ත්‍රික බලපෑම්, වෙපන්ස් හා සල්ලි දෙමින් ඉතියෝපියානු සමාජවාදි හුන්ටාවේ අවසරය මත අඩිස් අබාබා වලින්ම බිට ඉශ්‍රායල් ලා එයාලිෆ්ට් කරනව රහසේ.

ඔක්කොම 90000කට වඩා (කරෙක්ශන්: කලින් ලිව්වෙ 18000 කියන්නෙ 1991 එක මිශන් එකකින් දවස් දෙකක වගෙ කාලෙක එයාලිෆ්ට් කල තරම) එක්ක ගියා කියනව. 2000 ට(සමහර සෝසස් අනුව 4000ක්) වඩා මග මැරිල තියෙනව. එක බෝයින් 747 ගුවන් යානෙක එක්දාස් ගානක් එයාලිෆ්ට් කරලා ලොකෙ වැඩිම මගීන් ගානක් ගිය ප්ලේන් එකේ වාර්තාව තියල තියෙන්නෙත් මේ මිශන් එකේ.

ජෙරුසෙලමේ මෙන්න මේ සිහිවටන පලකය ස්මරණය කරන්නෙ එදා ආපු අමාරු ගමන.

අදටත් බීට ඊශ්‍රායල් ලා ඉන්නෙ ඉශ්රායලේ. අවුරුදු දාස් ගානක් ලෝකෙන් වෙන් වෙච්ච ඇත්තෙන්ම ලොස්ට්ට්‍රයිබ් එකක් එක පාරට දියුනු රටකට ආවම කොහොම ශොක් වුනාද දන්නෙ නෑ. 2009 මේ වැඩේ පටන් ගත්ත බීට ඉශ්‍රායල් වරයා මිය ගියාම ජාතික වීරයෙක්ලෙස සැලකුම් ලබනව.

මාර රොමැන්ටික් නේ. තමන්ගෙ ජාතියෙ මිනිස්සු ලෝකෙකොහෙ හිටියත් උන්ව බේරගෙන අරන් ආව කියන එක. ක්‍රි පූ 680 විතර යුද්දෙකින් අතුරුදහන් වෙච්ච ට්‍රයිබ්ස් 10 තාම හොයන එක.

පොඩ්ඩක් හෝව්. ඔබට මේ රොමෑන්ටික් ජාත්‍ය්ලය තුල පවතින ජතිවාදය පේනවද?

ඊශ්‍රායලය කියන රට ලොකෙ ඕනෙම තූත්තුකුඩියක ඉන්න යුදෙව් කියන ලේබලය කොහොම හෝ ගහගත්ත - අවු 3000 ක් වෙන් වෙලා හිටියත් කමක් නෑති - ඕනෙම එකෙකුට සිටිසන්ශිප් දෙනව ගෙන්න ගන්නව. ඒ වෙනුවෙන් පුදුම මහන්සියක් අවදානමක් හා වියදමක් දරනව. ඒත් 1947 සිට මේ දක්වා ඔහොම ආපු ඊශ්‍රායල් වරුන්ට පදිංචි වෙන්න සරු බිම් වතුර තියෙන තෑන් වල එහෙම අල්ලා ගන්න එලවා දාපු ඒවයෙ හිටපු පලස්තීන අරාබින් මිලියන පහකට වඩා ඒ අවට රටවල අවතැන්ව ඉන්නව. උන්ට ඊශ්‍රායලයට ඇතුලුවීම තහනම්. ද්වි රාජ්‍ය ගිවිසුමෙත් එක කොන්දේසියක් තමා හැදෙන පලස්තින රාජ්‍යයට වත් තමන්ගෙ රටෙන් එලවා දාපු පලස්තින අවතැන් මිනිසුන් වද්ද ගන්න තහනම්.

ඉතියෝපියානු සගතයෙ කන්න නැතිවෙයි කියල මේ මිනිස්සු අරන් එනව දැන් ගාසාවට ආහාර සහ වතුර කපල තියෙන්නෙ ගාසාවෙ සිවිල් වැසියන් මේ බෝම්බ දාන අස්සෙ ප්‍රාණ ඇපකාරයින්ව හමාස් එකෙන් බේරගෙන ගෙනත් නොදුන්නොත් වතුර හා ආහාර ලැබෙන්නෙ නෑ උන්ට.

පිටට පේන ජාත්‍යාලය අස්සෙ දුවන අපාතයිඩ් නරුම කම ඒකයි.

බීට ඉශ්‍රායල් කතාව නෙට්ෆ්ලික්ස් එකේ තියේලු. Red Sea Diving Resort කියල. හැබැයි ෆිල්ම් එකක් වගෙ වෙන අතින් කෑලි දාල කතාව වෙනස් ලු තියෙන්නෙ.

ඊට පස්සෙ මොකද වුණෙ දන්නවද ඔයා?

ඒ කිව්වෙ ඉතින් එයාලිෆ්ට් කරගෙන ආවනෙ මේ හීබෲ කතානොකරන එත්නික් අප්‍රිකානු යුදෙව්වන්ව. ආපු උන්ට මොකද වුනේ?

තනි නිරවුල් සෝස් එකක් ඩොක් එකක් නෑ. විකියෙ පොඩි සමරියක් තියෙනව සමහර දත්ත සමග. මන් ඒක කමෙන්ට් එකකට දාල ඇති. පේන තාලෙට වෙලා තියෙන්නෙ ඔවුන්ට බටහිර අධ්‍යපනය ලද ඉන්ග්‍රීසි හා හීබෲ කතාකරන යුදෙව්වන් එක්ක තරග කරන්න සිද්ද වීම. මේ නිසා බීට ඉශ්‍රායල් වරුන්ගේ මුල් පරපුරට රස්සා කරගන්න බැරුව ආන්ඩුවේ සුබසාධනයෙන් යැපුනා කියනවා. හැබැයි ඉතින් මේවා රිෆියුජි සංක්‍රමණයේ නෝමල් තත්වයක්. දෙවෙනි පරපුර අනෙක් යුදෙව්වන් වගේම ඉගෙනගෙන රස්සාවාට හමුදාවට බැදිල සාමාන්‍ය ලෙස හිටිය කියනව ඒත් ජනගහන ප්‍රතිශතයට සාපේක්ශව හොද රස්සවල ඉන්න ප්‍රතිශතය අඩු නිසා ඔවුන්ට සිස්ටමික් කැපිල්ලක් තියේ කියලත් මතයක් තියෙනව. මුලු ඊශ්රායලයම මේ කලු ජාතිකයන් යුදෙව්වන් ලෙස පිලි නොගන්න නිසා රට තුල පොඩි කැපිල්ලකුත් තියේ කියනව. හැබැයි සමස්ත බහුතරය ඔවුන් පිලිගන්නව ඔවුන්ගෙ නිවාඩු දවස් විශේශ දවස් හා ඔවුන් ආපු ගමන සමරනවා. අද වෙද්දි ඊශ්‍රායල් ජනගහනයනෙ 2%ක් හෙවත් 160000 පමණ ඉන්නෙ බීට ඉශ්‍රායල් වරු. අවුල් වෙලා ආපහු ගිය බවක්නම් අහන්න ලැබිලානෑ.

බීට ඉශ්‍රායල් සංක්‍රමණය ඊට පස්සෙත් වෙලා තියෙනව. සමාජවාදි ආංඩුව එලෙව්වට පස්සෙ ආපු නව රජය යටතෙ සක්රමණ වැඩසටහනක් තුලින්. කාලයත් එක්ක ඉතියෝපියාවෙ බීට ඉශ්‍රායල් ප්‍රදේශත් ලෝකෙට එකතුවෙලා. ගොන්ඩෝර් කියන නගරයෙ දැන් ඊශ්‍රායල් ඒජන්සි එහෙමත් තියෙනව. දිගින් දිගටම කැමැති බීට ඉස්ග්රායල් වරුන් එක්ක ගියත් තාමත් 12000 පමණ ඉතියෝපියාවෙ ඉතුරු වෙලා ඉන්නව. ඒ වගේම සහශ්‍ර ගානක් තුල ඉතියෝපියානු මුස්ලිම්/ක්‍රිස්තියානි බලපෑම් එක්ක කැමත්තෙන් හෝ බලෙන් කන්වර්ට් වූ නමුත් පහුගිය අවුරුදු සීයතුල ආයෙ යුදෙව් වූ යුදෙව්වන් ඉන්නව ඒ වගේම බ්ලඩ් ලයින් එක ශුවර් නැති (මික්ස්ඩ්) අයත් ඉන්නව. මෙයාලගෙ වීස ප්‍රොසෙස් කරගන්න ඉදහිට යුදෙව් සංව්ධාන උද්ඝෝශන එහෙමත් කරනව. ඊයෙ පෙරේද ඇති වූ ඉහියෝපියානු යුද්දය නිසා මේ අය වැඩි හරියක් ප්‍රොසෙස් එක ස්පීඩ් කරල ගෙන්වාගෙන තියෙනව. පහුගිය මැයි වල 200ක්.
Sujeewa Kokawalahttp://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.com5tag:blogger.com,1999:blog-6900753426343218319.post-38594173356376920052023-10-07T20:06:00.003-07:002023-10-07T20:06:23.920-07:00ඊශ්‍රායල පලස්තීන අර්බුදය ගැන ලියූ සටහන්
ඊශ්‍රායලය හා පලස්තීනය ගැන ඇතිවෙන්න අහන්න ලැබෙයි ඉදිරි මාසෙ විතර. මොකද හමාස් ලා පළමු වරට ගොඩින් මුහුදෙන් හා ගුවනින් (පැරාග්ලයිඩර්ස්) ඊශ්‍රායලයට ප්‍රහාරයක් එල්ල කරල ඊශ්‍රායල බෝඩර් පෝස්ට් යුදමය ලෙස පරද්දල දකුණු ඊශ්‍රායලයේ කොටස් තාවකාලිකව අල්ලගෙන ප්‍රාණ ඇපකරුවන් ලෙස ලොකු පිරිසක් ගාසාවට ගෙන ගොස් තියෙනව. ඒ සමගම බෙන්ජමින් නටන්යාහු යුද ප්‍රකාශ කරනවා හමාස් ට එරෙහිව. ඒකෙ අවසානය තාම අපි දන්නෙ නෑ.

මෙහි ලියවෙන්නෙ ඊශ්‍රායල පලස්තීන අර්බුදය ගැන සවිස්තර සටහනක් නොවේ, මේකෙ මිස්වෙන දේවල් ගමකට ඇති. මේ වරින් වර එහි ඇතැම් මාතෲකා ගැන ෆේස්බුක් ලියූ සටහන් කීපයක එකතුවක් පමණයි. මේකෙ අරමුණ මම තැන තැන ලියු කාර්ණා එක පිටුවකට ගන්න එක පමණයි.

මේ අර්බුදය ගැන මම ඉන්නෙ නියුට්‍රල් තැනක. මේකෙ පාර්ශ්ව දෙකම අහිංසකයින් නොවේ ඒ වගේම ඔවුන්ට වෙන චොයිස් තිබිලත් නෑ. ඒත් ලාංකීය සයිබරේ අසාමාන්‍ය ලෙස ඊශ්‍රායල ප්‍රේමින් වැඩියෙන් ඉන්නව පේන්න තියෙන නිසා මුලින්ම ඒකෙන් පටන් ගම්මුකො.

ලාංකිකයන්ගේ ඊශ්‍රායල ප්‍රේමය
2021 මැයි

ඊශ්‍රයල් ප්‍රේමය =

බයිබලික අද්යාපන්ය ලැබුවන් +
බටහිර ප්‍රියකරන්නන් +
අමරිකන් ගොට්ටන් +
යුදමය සිස්ටම් ප්‍රේමින් +
ධනවාදය ප්‍රියකරන්නන් +
සිනමාවේ සමාජ ජාලා වල ටික් ටොක් එකේ එතෝට උන්ගෙ ආමි ෆොටෝ වල පවා ඊශ්‍රායල් නම්කිලාගේ ෆෝව්ඩ්කම හා සූකිරි කම දැක බිහිවී ඇති ඊශ්‍රායල් අන්කල්ලාගෙ බෑණාවරුන්ගේ සන්ගම් +
ලන්කාවෙ විවිධ මුස්ලිම් අන්තවාදි ක්‍රියා නිසා ඇතිවු මුස්ලිම් විරෝදින් +
යාපනේ නම් ආයෙ සින්හල කරන්න ඔනෙ කියන සින්හල අන්තවාදින් +
දෙමලට රටක් ඔනෙ කියන දෙමල අන්තවාදින් +
ඊශ්‍රායලයෙ සේවය කරන අය සහ පවුල් වල අය +
අරාබියෙ සේවය කර ගැහැට විදි අය සහ ඔවුන් නිසා කේන්තියට පත් අය

කදවුරු වශයෙන් ලන්කාවෙ ඕකට නැත්තෙ මුස්ලිම්මු සහ වම්මු පමනයි

ඊශ්‍රායල-පලස්තීන අර්බුදයේ අනාගතය
2021 මැයි

ඉතාම පැහැදිලිව ඊශ්‍රායලය වාර්ගික අපාතයිඩ් එකක් මේන්ටේන් කරන රටක් නෙ. තමන්ගෙ රට ලෙස සලකන කලාපෙට අමතරව අසල්වැසි ප්‍රදේශ හතරක් (ගාසාව, බටහිර ඉවුර, නැගෙනහිර ජෙරුසලම, ගෝලාන් කදු) අල්ලන් ඉන්නව. ඒවයෙ ඉන්න මිනිස්සු ඊශ්‍රායල මිනිස්සු නෙවි ඔවුන්ට ඉතිරි ඊශ්‍රායලයට එන්න බෑ.

ඔවුන්ගෙ වැක්සිනේශන් කරන්නෙ නෑ (ඊශ්‍රායලේ වැක්සිනේශන් ප්‍රතිශතේ 60% පැන්නට ඒ ඔෆිශියල් රට සැලකුවොත්, අල්ලාගත් පෙදෙස් වල වැක්සිනේශන් ඊශ්‍රායලයෙන් කරලත් නෑ පලස්තීන පාලකයො කරලත් නෑ එව්වයෙ ඔල්මොස්ට් 0 යි). ඊශ්‍රායලය භුමියෙ ජාතිවාදි ව්‍යාපාර මේන්ටේන් කරනව වගේම මුස්ලිම් වැසියන්ගෙ පදින්චි ස්තාන (ඉපැරනි ටෝරාවේ සදහන් ජනාවාස මත පිහිටා) යුදෙව් ජනාවාස හදනන් අල්ල ගන්න එක තාම කරනව.

ඕන්න ඔය මොකකට හරි මළ පැනල හමාස් ලා රොකට් ගහනව. ඒකට ඊශ්‍රායලේ ගාසාවට කුඩුවෙන්න තියනව.

මේකෙන් කාටවත් ලොකු වාසි පාඩුවක් වෙන්නෙ නෑ. හමාස්ට සුද්ද ලාබයක් එන්නෙ උන්ගෙ නායකයින් ඉද හිට මැරුම් කනව ඒත් ගහන ගහන පාරක් ගානෙ සපෝට්වැඩි වෙනවනෙ. ඊශ්‍රායලයට ලොකුවයින් ලාබයක් හෝ පාඩුවක් නෑ. ලාබ වෙන්න තිබ්බ ගාසාව ඉවරයක් කලානම් ඒත් ගාසාවෙ මිලියන දෙකක් ඉන්නව.

හැබැයි උන්ගෙ ආයුද වලට යන විශාල වියදම නම් උන්ට දෙන්නෙ ඇමරිකාව. වසරකට ඩො බි 4 පමන දෙනව ඒක එහෙම්ම වගෙ යන්නෙ ආයුද මිලට ගන්න. ඉතින් ඔය යුද්දෙට ස්පොන්සර්ශිප් කරන්නෙ ඇමරිකන් ටැක්ස් ප්ලේයර්ස් ලා. සුද්ද අලාබෙ උන්ට.

මිනිස්සු මැරෙනව තමයි ඒත් ඔබට පේනවද මේක මාර බැලන්ස් එකක්. මේක මෙහෙමම ඉස්සරහට යන්න දෙගොල්ලටම පුලුවන්. දෙගොල්ලටම වින් වින්. පාඩුව ඇමරිකාවට.

හැබැයි ඊශ්‍රායලෙ මුහුන දෙන රියල් යුද්දෙ තියෙන්නෙ වෙන තැනක.

අල්ලගත් පෙදෙස් නොවන ඊශ්‍රායලේ ඇතුලෙ යුදෙව්වන් මිලියන 7.2 යි පලස්තිනුන් මිලියන 1.7යි, (හැබැයි නැගෙනහිර යෙරුසලමෙ මිලියන 0.2 ටත් ඊශ්‍රායල් අයිතින් තියෙනව සීමා එක්ක. ඒක බටහිර ඉවුරට තමයි වටෙන්නෙ ඒ වුනාට). බටහිර ඉවුරෙ පලස්තින ප්‍රජාව මි 3 යි ගාසාවෙ 2 යි (ගෝලාන් කදුකරය නොගිනිය හැකියි). සමස්තයක් ලෙස යුදෙව් මි 7.2 ට පලස්තීන උන් රට ඇතුලෙ සහ අල්ලගත් ප්‍රදේශ වල මි 6.7 ක් ඉන්නව.

ඊශ්‍රායල් රටෙ පලස්තීන යුදෙව් ඔක්කොම මි 9 වගේනෙ ඉන්නෙ. උන්ගෙ වර්ධන වේගය 2% යි. ඕකෙන් රට ඇතුලෙත් පලස්තීන වර්ධන වේගය ඊස්රායල් ට වැඩියි උන්ගෙ ප්‍රතිශතය එන්න එන්න වැඩි වෙනව. බටහිර ඉවුරෙ 2.5% යි ගාසාවෙ 3.4% යි.

ඔය යුදෙව් මිලියන 7.2 ඉන්නෙ තම රටෙ පලස්තීන මි 1.7ක්, අල්ලාගත් පෙදෙස් වල පලස්තීන මි 5 ක් සහ වටේට අරාබි/තුර්කි/ඉරන මි 500 පමණ මැද්දෙ

ඉතින් ඔය රොකට් මිසයිල් ගුවන් ප්‍රහාර අයන් ඩෝම් ආදිය නිකම් නාට්ටියක් පමණයි. සාමය මිස වෙන කිසිම පැවත්මක් ඊශ්‍රායලයට නෑ. වටෙන් අල්ලාගත් පෙදෙස් වලින් මෙන්ම රට ඇතුලෙමත් උන් මයිනොරිටි වෙන එක වීගෙන යන්නෙ.

ඊශ්‍රායලය මෑත කාලෙ කරපු එකම වැදගත් ක්‍රියාව තම පැවැත්මට කල එක ම ධනාත්මක ආයෝජනය සවුදිය සහ එමිරේටය සමග මිත්‍රවීම සහ කලාපෙ වේගෙන් වර්ධනය වන අරාබි රාජ්‍ය අතර බෙදුමෙ පැත්තක් තමන්ට අවනත කරගන්න විවර කරගත් ඒ පොඩි ඉඩ පමණයි.

දවසක් එනව ඊශ්රායලේට තියෙන නියුක් වත් ගහල තේරුමක් නැති.

අයන් ඩෝම්
2021 මැයි

අයන් ඩෝම් එක ගැන බොහෝ පොරටෝක් පේනවා. ඒත් මට හිතෙන්නෙ ඩෝම් එකේ අනාගතේ තියෙන්නෙ ස්මාට්ෆෝන් ඇප් එකක කියල.

හමාස්ලට ඇප් එකකින් කෝඩිනේට් කරල උන්ගෙ රොකට්ස් කීප සීය එක මොහොතෙ ගහන්න හැකි වුනොත් ඩෝම් එක ඩූම් වෙනව කියලයි මට හිතෙන්නෙ.

මොකද ගහන එකාට හෙන ලේසියි බේරන එකාට මාර අමාරුයි ඔය ගේම. බේරන එකාගෙ කැපාසිටිය රොකට් සියගානක් එකවර ආවොත් ඒක දරාගන්න සමත් වේද?

හමාස් ලත් ඕක නොකරන්නෙ එහෙම කලොත් එන්ඩ් රිසල්ට් එක අනුව ලෝකෙම ඇවිත් උන්ව නැතිම කර දාන ඉඩ නිසා වෙන්න පුලුවන්. ඊශ්‍රායලේ පුරා රොකට් ගැහුව කියල ඊශ්‍රායලේ සිය හෝ දාස් ගානක් මැරුව කියල මොකෝ උන්ට පලස්තීනයක් ලැබෙන්නෙ නෑනෙ. මේ යන රේට් එකේ ඊශ්‍රායලයට හිසරදයක් වීම උන්ගෙ ගේම් එකට වඩාත් වාසියි.

ද්වි රාජ්‍ය සැළසුම හා ඊශ්‍රායල දේශපාලනය වෙනස් වූ හැටි
2021 මැයි

ටූ ස්ටේට් හෙවත් ද්වි රාජ්‍ය සැලසුම කියන්නෙ ඊශ්‍රායලය සහ පලස්තීනය කියා ස්වාධීන රාජ්‍ය දෙකක් කනාන් භුමියේ නිර්මාණය කිරීමට. ඇත්තෙන්ම මේක තමා නිවැරදිම. මොකද ඔය මුලු භුමියම පාලනය කල ඊශ්‍රායල හෝ පලස්තීන ස්වාදින රාජ්‍යයක් කවදාවත් තිබිලා නෑ භුමිය කොටස් පමණයි ඒ ඒ රාජ්‍ය පාලනය කලේ.

ඓතිහාසික යුදෙව් රාජ්‍ය කිසිවක් අද තියෙන ඊශ්‍රායලයෙන් බාගයක සයිස් එකේවත් නෑ. ඒක වටේට තව රාජ්‍ය රාශියක් තිබ්බ. ඊශ්‍රායලය කියල හදල තියෙන එක ඒ අහල පහල රටවලුත් එකතු කරල තමා හදල තියෙන්නෙ. ඉන්නෙත් සුළු මිලියන ගානක් නිසා භුමිය සමසේ බෙදා ද්විරාජ්‍ය රාමුවක පාලනේ ගෙනයාම තමා සුදුසුම. නෝට් - සමසේ බෙදා.

ඒත් දැන් ටූ ස්ටේට් කියන්නෙ එවැන්නකට නොවේ. කොටිම්ම කවදාවත් ටූ ස්ටේට් ප්ලෑනේ ඔහොම භුමිය සමානව බෙදීල යාමක් ගැන කතා වෙලා නෑ. මුලින්ම ටූ ස්ටේට් ප්ලැන් එක එන්නෙ 1949 තිබ්බ දේශසීමා මත ඊශ්‍රායලය පවතින්නත් ඉතිරි කොටස පලස්තීනය ලෙස නිදහස දෙන්නත්. කෙසේ නමුත් පසුව මේ දේශසීමා 1967 සයදින යුද්දයේ අවසානෙ තිබ්බ සීමාවල් වලට හෝ 1980 දශකයෙ සීමා වලට වශයෙන් ක්‍රමයෙ ලොකු ඊශ්රායල්රටක් සහ ඒකෙ අනවශ්‍ය කෑලි පටවල හදන හුච්චම් පලස්තීනයක් කියන තැනට යනව. ජනගහන වලින් ලොකු වෙනසක් නැ ඊශ්‍රායලේ මි 9 ට පලස්තීනෙ මි 5 යි රටින් එලවපු තව මි 1 සිට 5 වගෙ ගානක (කීයක්ද ශුවර් නැති) අනාතයිනුයි

අවසානෙ 1993 ඔස්ලෝ සම්මුතිය ලෙස ධවල මන්දිරයේ අත්සන් තබා එකගවන්නෙ ඔය "අල්ලාගත් ප්‍රදේශ" වලින් දෙකක් එනම් ගාසාව සහ බටහිර ඉවුර දීල පලස්තීනයක් හදන්න. ඒත් අනිත් අල්ලාගත් ප්‍රදේශයක් වන නැගෙනහිර ජෙරුසලම දෙන්න අදහසක් නෑ.

මේ සමග ඊට අත්සන් තබන පලස්තීන විමුක්ති සන්විධානය ඊශ්‍රායලය රටක් ලෙස පිළිගන්නවා. ඔන්න ඔහොම තමා අද පලස්තීනය නමින් එ ජා සන්විධානයේ "නිරික්ශක මට්ටමේ" (සාමාජික නොවේ) රටක් හදන්න පදනම වැටෙන්නෙ

කෙසේ නමුත් ඊශ්‍රායලය එසේ පලස්තීනය සම්පුර්නයෙන් අතහැර දැම්මෙ නෑ. ඒ වගේම පලස්තීන පාර්ශ්වයෙත් මහජනයා එනම් අල්ලාගත් පෙදෙස්වල ජනය ඊශ්‍රායලය පිළිගත්තෙත් නෑ. ඒ වෙනුවට ඊශ්‍රායල අන්තවාදියෙක් ගිවිසුම අත්සන් කල අගමැති යිට්ශැක් රබීන් ව ඝාතනය කරනවා 1995 දි. පලස්තීන ගාසා වාසින් එතෙක් ඔවුන්ගෙ ප්‍රධානම විමුක්ති සන්විධානය වූ පලස්තීන විමුක්ති සන්විධානය වෙනුවට හමාස් බලයට ගේනව. ඊශ්‍රායලය මේ අල්ලාගත් පෙදෙස් වල ඉපරණි ටෝරාවේ ස්තාන අනුව පලස්තීනුවන් නිවෙස් වලින් එළවමින් පිහිටුවන් යන යුදෙව් ජනාවාස සමූහයත් පලස්තීනයට නිදහස දීමට බාධාවක් වෙනව.

දැන් පොඩ්ඩක් ඔය කතාව ඔතන තියල ඊශ්‍රායල දේශපාලනයේ විකාශය බලන්න ඕනෙ.

ඊශ්‍රායලය බිහි කළ දවසෙ පටන් එහි පාලනය ගෙනියන්නෙ වාමාන්ශික පක්ශ - ඔව් මේක සමහරුන්ට පුදුමයට කාරණයක් වෙයි, ඒත් ඊශ්‍රායලයේ මුල අවු 30 පමණ නොකඩවා බලයෙ ඉන්නෙ කම්කරු පක්ශය ඇතුලු වාමාන්ශික පක්ශ. ඔය මහා යුද්ද ඔක්කොම වගෙ කරන්නෙ ඔවුන් යටතෙ. ඊශ්‍රායලය තුල පළමු වරට ඉදිරිපෙළ දක්ශිනාන්ශික පක්ශයක් නිර්මාණය වන්නෙ 1977 දි ලිකුඩ් පක්ශය. ලිකුඩ් පක්ශය දක්ශිනාන්ශික කිව්වට තරමක් මැදමාවතේ තියෙන්නෙ, ඊට විශේශයෙන්ම හේතු වෙනව ඒරියල් ශැරොන් වගෙ සමාරම්භක දේශපාලකයින්. 1977 දි ම ඔවුන් බලය අරගන්නව 80 දශකෙ ප්‍රධාන වශයෙන් බලය දරන්නෙ ඔවුන්. කම්කරු/වාම කදවුරෙ යිට්ශක් රබින් සහ සිමෝන් පෙරෙස් අතර මාරුවන නායකත්වය එක්ක ලිකුඩ් පක්ශය තමා තරග කරන්නෙ ඒ කාලයේ. එනයින් එවකට රටෙ බල තුලනය පවතින්නෙ සෙන්ටර් ලෙෆ්ට් කම්කරු පශය හා සෙන්ටර් රයිට් ලිකුඩ් අතර.

ඊශ්‍රායල දේශපාලනයේ ලොකුම වෙනස්කමක් වෙනව 1993 අත්සන් තැබෙන ඔස්ලෝ ගිවිසුම එක්ක. මෙ සමගම ඊශ්‍රායල දේශපාලනය පිම්මක් දකුණට පනිනව කිව්වොත් නිවැරදියි. එක අතකින් ගිවිසුම අත්සන් කල රබීන් ට ආයෙ චන්දෙ ඉල්ලන්න වෙන්නෙ නෑ ඔහුව ඝාතනය කෙරෙනවා. ඊට පස්සෙ කම්කරු/වාම බලවේගය බලයෙන් පිරිහෙනවා. එපමණක් නොවේ එතෙක් ලිකුඩ් පක්ශයේ මධ්‍ය දේශපාලනික ආස්තානයට තරමක් වෙනසක් කරමින් එහි නායකත්වයට සහ 1996 රටේ නායකත්වයට බෙන්ජමින් නතන්යාහු එනව.

මේ කාරනේ එක පාරටම වෙන්නෙ නෑ. රට ආයෙ පොඩ්ඩක් අනිත් අතට ගිහින් කම්කරු වාම බලවේගය නැවත බලය ගන්නව. ඒ අතර නතන්යාහුට එරෙහිව ලිකුඩ් පක්ශයෙන් ඒරියල් ශැරොන් බලවත් වෙනව. නතන්යාහු දේශපාලනයෙන් අයින් වෙල සමාගමක රස්සාවකට පවා යනව.

ශැරොන් මන් හිතන්නෙ ටූ ස්ටේට් විසදුමේ රබින් ලගට වැදගත් කෙනා. මොකද ඔහු 1993 ඔස්ලෝ ගිවිසුමට ගරු කරනව. ඒ මත පිහිටා ගාසාවෙන් සහ බටහිර ඉවුරෙන් ඊශ්‍රායල් හමුදා ඉවත් කර ඒව පලස්තිනුන්ට බාරදෙනව. එපමණක් නොවේ අර කලින් කිව්ව යුදෙව් ජනාවාස වලට ඉවත් වෙන්න කියනව. ගාසාවෙ යුදෙව් ජනාවාස ඉස්ශ්‍රායල් හමුද දම්මල ඉවත් කරවනව (බටහිර ඉවුරේ නම් ලක්ශ හය හතක යුදෙව් ජනගහනයක් ඉන්නව තාම). ශැරොන් මේ හේතුව නිසාම ජාතිකවාදි ලිකුඩ් පක්ශයෙන් ප්‍රතික්ශේප වෙනව. ඒත් මිනිහ කරන්නෙ අලුතෙන්ම පක්ශයක් හදන එක. මේ පක්ශය ආර්තික ලිබරල් සහ පලස්තීන අර්බුදයේ ඔස්ලෝ ගිවිසුම මත පිහිටා ඉන්න, පලස්තීනයෙන් ඉවත් වීමෙ ශැරොන් ගෙ ප්‍රතිපත්තියේ ඉන්න පක්ශයක්. ඒ නිසාම එවකට පිරිහෙන කම්කරු පක්ශය සහ වෙනත් පක්ශ රාශියක මැද මාවතේ අය ඒකට එකතු වෙනව. ඒ අතර ශිමොන් පෙරෙස් පවා ඉන්නව. කෝම හරි පළමු වරට කම්කරු හා ලිකුඩ් පක්ශ දෙකට අමතරව වෙනත් පක්ශයක් ලෙස ශැරොන් ගේ කදීමා පක්ශය බලය ගන්නව.

මන් හිතන්නෙ පලස්තීන ප්රශ්නය තීරණාත්මකව විසදන්න මේ මොහොත වැදගත් වෙන්න තිබ්බ. ශැරොන් සයදින යුද්දයේ සහ යොම් කිපුර් යුද්දයේ තීරණාත්මක මෙහෙවරක් කල රණවිරුවෙක් හැබැයි ලිබරල් ආර්තික රාමුවක් නව්‍ය දේශපාලනයක් එහෙම තියෙන ජනප්‍රිය නායකයෙක් ද්විරාජ්‍ය මොඩලය වෙනුවෙන් කැපවූ කෙනෙක්. මේ මුලු කතාවම ඉවරයක් කරන්න ඉඩ තිබ්බ මනුස්සය වන ඒරියල් ශැරොන් වැඩේ පටන් ගන්න වෙලාවෙම ස්ට්ර්ර්රොක් එකක් ඇවිත් ශාරීරිකව අඩපන වෙලා දේශපාලනයෙන් සමුගන්නව 2006 දි.

අපි ආයෙ මේක රිවස් එකේ බලමු. ඒරියල් ශැරොන් තමා ද්විරාජ්‍ය වෙනුවෙන් භුමියෙ ලොකුම දායකත්වය දුන්නෙ. ඔහුට පෙර අල්ලාගත් ප්‍රදේශ වල පාලනය ගෙනිච්චෙ ඊශ්‍රායල හමුදා. පලස්තීන විමුක්ති සන්විධානෙ ත්‍රස්ත කල්ලියක්. හමාස් ඊටත් දුබල එකක්. ඒ කාලෙ ඊශ්රායල්යට ගලක් ගහපු පොඩි එකෙක් වුනත් හොයාගෙන ඇවිත් මරල යන්නෙ. ඒව හරි වැඩ කියල නෙවි කියන්නෙ. ඒත් ඒ කාලෙ අද වගෙ ඔහොම රොකට් ගහන්න බලයක් පලස්තීනෙට තිබ්බෙ නෑ. අල්ලාගත් පෙදෙස් වලින් සෙසු රටට ලොකු තර්ජනයක් තිබ්බෙත් නෑ. ඒ අතින් බැලුවාම රටේ ආරක්ශාව දැඩි ලෙස අඩු කලා කියන චෝදනාවත් ඔනෙනම් ශැරොන් ට දාන්න පුලුවන්.

ඒහෙම තමා වෙන්නෙ. ශැරොන් ගෙ දිගුකාලින පක්ශ ප්‍රතිවාදියා වන බෙන්ජමින් නතන්යාහු ආපහු ලිකුඩ් පක්ශය එක්ක ඔලුව උස්සන්නෙ ශැරොන් නැතිව කදීමා පක්ශය එක පාරටම දේශපාලනෙන් අතු ගෑවි යද්දි (එහුඩ් ඔල්මට් ටර්ම් එකක් කරනව ඒත් බලය පිරිහෙද්දි). ඒ නටන්හායු ප්‍රකාශ කරන්නෙ තමන් ඉන්නකම් පලස්තින ස්ටේට් එකක් නිර්මාණය වන්නෙවත් නෑ කියල. ඒ කාලෙමයි එහුඩ් බරාක් ගෙ යටතෙ යන කම්කරු පක්ශය වේගයෙන් පිරිහෙන්නෙ සහ නායක්ත්ව වලි වලින් කැලි කැඩෙන්නෙ.

එතැන් පටන් ඒ කිව්වෙ 2009 පටන් ඊශ්‍රායලයේ අගමැති බෙන්ජමින් නටන්යාහු. ඔහු තම ඊශ්‍රායලයෙ වැඩිම කලක් අගමැති වෙලා ඉන්නෙ. ඔහුගෙ ප්‍රතිවාදින් ලෙස ඔහුගෙ වම් පැත්තෙ ඒ කිව්වෙ සෙන්ටර් ලෙෆ්ට් පැත්තෙන් ආපු කදීමා පක්ශය සහ වාමාන්ශික කම්කරු පක්ශය කෙමෙන් බලය අඩු වෙමින් යද්දි ඔහුගෙ ප්‍රතිවාදින් බලවත් වෙන්නෙ ඔහුටත් දකුණෙන් ඒ කිව්වෙ දක්ශිනාන්ශික කෙළවරෙන්. දැන් මේ මොහොතෙ නටන්යාහු ගෙදර යවන්න උත්සහ ගන්නෙ ඕපන්ලි දක්ශිනාන්ශික මතවාද කියන යමීනා පක්ශයෙ නෆ්ටාලි බෙනට් සහ ඒ වගේම මත තියෙන යෙශ් අටිඩ් වගේ පක්ශ. නටන්‍යාහුට ඕල්ටනේටිව් ලෙස ඉදිරිපත් වන්නෙ නෆ්ටාලි බෙනට් ලා.

කොටිම්ම දැන් ඉන්න ලෙෆ්ට් එක නටන්යාහු. ඒකෙන් තේරෙයි අපි අර පොඩ්ඩ්කට නතර කල ද්විරාජ්‍ය කතාව තියෙන්නෙ කොහෙද කියල. කොහෙවත් නෑ. ඕල් ඕවර්.

ඒම්ම පොඩිත්තක් පලස්තීනෙටත් ඔලුව දැම්මොත්, ඒ කාලෙ එනම් ඔස්ලෝ ගිවිසුම් කාලෙ පලස්තීන පාර්ශ්වයෙ ;ලොකු බරක් දැරුවෙ සහ ලෝකෙම හදුනාගත් අයිකොන් එක තමයි යසිර් අරපත් සහ ඔහුගෙ පී එල් ඕ එක. අරෆත් මියයන්නෙත් ද්විරාජ්‍ය රාමුවෙ මළගම සිද්දවෙන ශැරොන් ගෙ ස්ට්‍රෝක් එක කාලෙමයි. ඒ වෙනකොට පලස්තීන රාජ්‍යයෙ නායකත්වයට පත්කරගන්නෙ අරෆත් ට තිබ්බ කැරිස්මාව කොහෙත්ම නැති මොහොමඩ් අබ්බාස්. ගාසා වල උන් ද්විරාජ්යයට කිසිම එකගතාවයක් නැති මුලු ඊශ්රායලයම අතුගාල දාන්න ඔනෙ කියා හිතන හමාස් ලා බලයට ගේනව. ගෙස් වට්, ඊට පස්සෙ බටහිර ඉවුරෙ තාම චන්දයක් තියල නෑ. අබ්බාස් ඉන්නෙ චන්දෙ කල්දාමින් (කවුරුත් බල කරන්නෙ නෑ එයාට හේතුව ඔබ්වියස් නිසා). චන්දයක් තිබ්බොත් හමාස් දිනන ඉඩ බොහෝ වැඩියි. ඉතින් ඒ අතින් බැලුවම ද්වි රාජ්‍ය කතාව ඒ පැත්තෙනුත් මිය ගිහින්.

අවන්කවම ඔය කිව්ව ද්වි රාජ්‍ය රාමුව කිසිම පදනමකුත් නෑ. ඊශ්‍රායලේ දෙන්නෙ උන් අල්ලන් ඉන්න කෑලි ටික ඒකෙත් ජනාවාස හදල උන්ගෙ සෙට් එකක් බස්සල තියෙන්නෙ. අනික පලස්තීනෙන් පිටට එලවල අසල රටවල් තාමත් සරණාගාතයන් ලෙස දැන් තුන්වෙනි පරපුර දක්වා පමණ ඇදෙන පලස්තීන මිලියන බර ගාන ගෙන්වන්න තහනම් (උන් ආවොත් ඉබේම පලස්තිනුන් කලාපෙ බහුතරේ වෙනව, මොකද දැනටත් ආසන්නව යුදෙව් පලස්තින් ජනගහන සමානයි). අනෙක් අතට ද්විරාජ්‍ය ගිවිසුමෙන් පලස්තිනුන් ලවා ඉස්ශ්රායලෙ පිලිගැන්නුවට ඒක කරපු පක්ශෙ පරදිලා ඒකට එකග නැති හමාස් ලා බලේට ආපු ගමන් ඒ කතාව ඉවරයි. ඊශ්‍රායලේ සහ ඊජිප්තුව අස්සෙ හිරවෙච්ච පොඩි හුන්ඩු කෑල්ලක් වෙන ගාසාව වගෙ නෙවි ජෝර්දානය හරහ ඉරානය වෙනකම් කනෙක්ට් වෙන බටහිර ඉවුරේ ස්වාධීන හමාස් රාජ්‍යයක් ආවොත් වෙන දේ. එනයින් මේකෙන් ඊශ්‍රායල් ජනයාටත් වෙන්නෙ කරකියාගන්න බැරි තත්වයක්.

සරලව කිව්වොත් ඔය කියන ද්වි රාජ්‍යය දෙරටේම ජනයා පිලිගත්තේ හෝ ඒ තුල ආරක්ශිතව ඉන්න පුලුවන් කියල හිතන්නෙ නෑ. මන් කලින් කිව්ව වගේ ඒක නාමික ද්විරාජ්යයක් මිස ඓතිහාසික යුදෙව් සහ අනෙක් ජාතින්ගෙ සිමා බලල ගහපු සාදාරන බෙදුමකුත් නොවේ. මොක වුනත් ඒක මැරිලා ඉවරයි.

ඔය ද්විරාජ්යයට අමතරව කතාවන විසදුම් තව දෙකක් තියෙනව. එකත් තමා ඒකරාජ්ය ද්විජාතික ආන්ඩුවක්. ඒ කිව්වෙ ඊශ්‍රායල් යුදෙව්වන්ගෙ අන්දුව එක්කෙ සමානව බලවත් තනතුරු පලස්තිනුන්ටත් හදල දෙගොල්ල අතර බලය ශෙයා කරගන්න. ඒක බැලු බැල්මටම පේනවනෙ හෙන අන් රියලිස්ටික් කියල.

අනික තමා ත්රිරාජ්ය සන්කල්පය හෙවත් පලස්තීනයක් ඕනෙම නෑ, ගාසාව ඊජිප්තුවටත් බටහිර ඉවුර ජෝර්දායටත් දීලා දාල ඒ රාජ්‍ය තුන සහජීවනෙන් ඉන්න එක. ඔන්න ඔක ඊශ්‍රයලයේ දිගුකල් පැවැත්මට හොදයි. මොකද ඊස්රායල් ප්‍රජාතාන්ත්‍රික ආන්ඩුවෙ හමුදා වගෙ නෙවි ඊජිප්තු ඒකාදිපතියගෙ හමුදා. අල් සිසි ට කෝමත් සීනයි වල ත්‍රස්තවාදි තර්ජන තියෙන නිසාත් හමාස් එක අයිති වන්නෙ මුස්ලිම් සහෝදරත්ව සන්විදානයට නිසාත් උන්ට ශොට් එක දෙනව පොරි හැලෙන්න. ජෝර්දානය ඒ පැත්තෙන් මිලිටරි බලේ දාල හමාස් මර්දනය කරල අබ්බාස් වගෙ එකෙක් එක්ක නිදිමත පලස්තීන ප්‍රාන්තයක් හදයි. ඒත් කේස් එක නම් ඒ දෙරටේ ඊශ්‍රායල් විරෝදි කෙනෙක් බලයට ආවොත් කියන එක. අනික මේක කොහෙත්ම රට මකොල්ලකෑමට ලක්වූ පලස්තිනුන්ගෙ ඇස්පිරේශන් එකක් නෙවි. උන්ට මුස්ලිම් රටවල ඉන්න පුලුවන් වෙනවා පමණයි.

අපි මේ මොක කිව්වත් ඊශ්‍රායලය ඔය මොකවත් වෙනස් කරන්නෙ නෑ. වෙනසක් වෙනවනම් අර ශැරොන් කල පලස්තීනයෙන් විත්ඩ්‍රෝ කල එක වෙනුවට ආයෙ පලස්තීනය අස්සට ඊශ්‍රායල් හමුදා දාන එක පමනයි වෙන්නෙ. මොකද නටන්යාහුම පලස්තිනය පිලිගන්නෙ නෑ. ඔහුට තියෙන අලුත් විකල්ප ඔහුටත් වඩා දක්ශිනාන්ශිකයි.

රබින්, ශැරොන්, පෙර්ස් හා අරෆත් දැන් අතීතයක් පමනයි.

ඉඩම් හුටපට දෙකක්
2021 මැයි

මේ කතාවෙ කතන්දර දෙකක් යනව එකිනෙක අතර. මන් ඒ එන්ටැන්ග්ල්මන්ට් එක ගලවන්නෙ නෑ. ෆිල්ම් වල හීටිගමන් අතීත කතාවක් එක්ක වත්මන් කතාවක් පැටලෙන්නෙ. ඒ වගෙ. අතනින් මෙතනින් ලියන්නෙ

ඇත්තෙන්ම මේ මුලු සින් එකම ඉඩම් පලහිලව් දෙකක්.

එක ඉඩමක් ලොකු ඉඩමක්. ඒකට අපි දැන් ඊශ්‍රායලය කියනව මූලිකව ඊට අමතරව බටහිර ඉවුර ගාසාව සහ ඔය වටාපිටවෙ තව තැන් ඒකට ඇතුලත්.
දෙවෙනි ඉඩම තරමක් පොඩියි ඒකට කියන්නෙ ශෙයික් ජාරා කියල. ජෙරුසලමෙ බටහිර නැගෙනහිර අතර බෝඩර් ලෑන්ඩ් එකක්. ජෙරුසලමෙ තියෙන දෙගෝල්ලටම වැදගත් සිද්ධස්තාන වලට උතුරින් තියෙන නාගරික ජනාවාස සමූහයක්.

අපි හැමෝම ද්න්නව යුදෙව් කියන ජාතිය ඔය හරියෙ විවිධ රාජධානි පවත්වගෙන ගියා කියල වසර දාස් ගානකට පෙර. ඊට පස්සෙ මිසර බැබිලෝනියන් පර්සියන් මැසිඩෝනියන් රෝමන් කියන අධිරාජ්‍ය වල කොටස් වෙල ඒ කාලවලත් සැලකියයුතු ඕටෝනොමියකින් යුදෙව් රාජ්‍යය පැවතුනා. රෝම්යට එරෙහිව එක ළග කැරළි දෙකක් ගහල, ඉන් දෙවෙනි කැරැල්ල රෝමයට ලීජන් පිටින් අහිමි වෙන සමහරවිට රෝමයට එල්ල වූ ලොකුම අනතුරු වලින් එකක් දක්වා ගෙනයන්න සමත්වෙන ලොකු ප්‍රජාවක් ඒක. දිගටම උන්නානම් ඔය ඉන්දියානු චීන තායි කොරිය ජපන් වගෙ ලොකෙ ප්‍රොමිනන්ට් තඩි ජතියක් වෙනන් ඉඩ තිබ්බ. මේක වෙනස් වන්නෙ මින් වසර 1900 කට පමණ ඉස්සර රෝමානුන් දෙවෙනි කැරැල්ල මර්දනය කිරීම එක්ක. රෝමානුන් යුදෙව්වන් විශාල ලෙස ඝාතනය කරල ඉතුරු අයව කුදලගෙන යුරෝපෙට ගෙනියනව වහලුන් ලෙස. ඊශ්‍රායල් කියන ඉඩම හිස් වෙන්නෙ එහෙම.

ශෙයික් ජාරා ඉඩමත් මේ වගේම ඉතිහාසයක් තියෙන තැනක්. ශේක් ජාරා වල මුල්ම ජනාවාස ඔය කියන යුදෙව් ඔටෝනොමි යුගේ විතර වෙනකම් යනව. ඇලෙක්සැන්ඩර් එක්ක ඩීල් එකක් දාල ඔවුන්ගෙ දේවාලය බේරාගත්ත පුද්ගලයෙක් සහ ඔහුගෙ සොහොන තියෙන්නෙ ශේක් ජාරාවල.

වහලුන් ලෙස කුදලන් ගියාමත් භුමියෙ සුලු යුදෙව් ජනගහනයක් ඉන්නව. ඒත් ඔවුන් මිශ්‍රවෙනව පසුකාලිනව හැදෙන ලොකු නෙස්ටෝරියානු ක්‍රිස්තියානි ප්‍රජා එක්ක. ඒ සමජයම පස්සෙ මුස්ලිම්කරණය වෙනව. ඉනික්බිති ගෙවෙන සියවස් ගානෙ මේ කලාපය එක එක්කෙනාගෙ අතින් අතට මාරුවුනත් එක එක ආගමිකයන් බලවත් වුනත් ලොකුවට තනි ජාතියක රටක් වෙලා නෑ. පලස්තීන් කියන්නෙ රෝමානුන් දීපු නම. පලස්තීනුන් සමහරවිට බයිබලික පිලිස්තීනුන් වෙන්නත් පුලුවන් ඒ නම ගත්ත වෙන ප්‍රජාවක් වෙන්නත් පුලුවන්. බොහොවිට ඔවුනුත් යුදෙව්වන් තරම්ම පරණ වෙන්න ඉඩක් තියෙනව.

ශේක් ජාරාවත් එහෙම්මයි. එක එක වර්ග වල මිනිස්සු ඉන්නව ඒ අතර ශේක් ජාරාවෙ වත්මන් නම ලැබෙන ශේක් වරයා (ජාරා - වෛද්‍ය තුමා, ඔහුගෙ ජොබ් එක) තමයි කුරුස යුද්දෙ සැලඩින් ට ජෙරුසලම දිනා දෙන්නෙ. එතැන් සිට ජෙරුසලම තුල අඛන්ඩ මුස්ලිම් බලයක් වර්ධනය වෙනව. හැබැයි ශේක් ජාරාවෙ ඒ කාලෙත් යුදෙව්වන් ඉදල තියෙනව.

ඔය අරාජික සාපේක්ශව හිස් භුමි දෙක අපිට ෆාස්ට් ෆෝවඩ් කළ හැකි පහුගිය ශතවර්ශෙ මුලට. ඒ වෙද්දි ඔටෝමන් ලා මෙ ඉඩම් දෙකේම හිමිකරුවන් වෙන්නෙ. ඊශ්‍රායල ඉඩමට ඔය කාලෙදි ප්‍රධාන ජන ප්‍රවාහ දෙකක් එනව. එකක් තමා යුරෝපෙන් වහල් බවින් නිදහ්ස් වෙන සමහර යුදෙව්වන් තමන්ගෙ මුල්බිම් හොයාගෙන එන එක. ඊටත් ලොකු එක තමා අසල අරාබියෙ ජනගහන වර්ධනය එකක් ඔය කලාපෙට එන අරාබින්. පලස්තීනුවන් කාලයක් ඔතන උන්නට අද පලස්තීන කියන්නෙ උන්ටම පමනක් නෙවි. අරාබියෙන් ඇවිත් මිශ්‍ර වෙච්ච ලොකු පිරිසක් ඉන්නව.
ඒ සමග ජෙරුඑලමට මදක් උතුරින් තියෙන මේ ශේක් ජාරාව නගරයෙන් පිට තියෙන ලොකුම මුස්ලිම් ජනාවාසය වෙනව. ඒ කියන්නෙ ඒ අවට යුදෙව්වන් කෝමත් ඉදල තියෙනව. ශේක් ජාරාවෙ මුස්ලිම් පවුල් කීපයක් පදින්චි වෙල හදන ජනාවාස වගේම යුදෙව් ජනාවාසත් තියෙනව.

ඔටෝමන් සන්ගණන අනුව යුදෙව් පවුල් 95 ක් සහ මුස්ලිම් පවුල් 167 ක් 1900 අවට.

ඔටෝමන්ල යටතෙ පලස්තීනය මුස්ලිම් බලයක් ලෙස වැඩෙනව. යුදෙව්වන් සුලු ජාතියක් වෙමින් ඔවුන්ගෙ හින්සනයට පවා පාත්‍ර වෙනව. හරියටම් මේ දනෙ කතාවෙ ඔපොසිට් ඒත් මෙ තරම් ඉන්ටෙන්ස් නෑ.

ඊ ගාව වැදගත් චෙක්පොයින්ට් එක 1948. බ්‍රිට්ටො මැදිහත්ව බටහිර කාගෙත් සහයෙන් සහ දෙවෙනි ලෝක යුද්දෙ අනුකම්පාවෙන් යුදෙව්වන් නැවත ගෙනත් ඊශ්‍රායලය හදනවනෙ. ඒකට ජෙරුසලමෙ බටහිර පමණයි අයිති වන්නෙ. නැගෙනහිර ජෙරුසලම සහ (ජෝර්දාන් ගගේ) බටහිර ඉවුර ජෝර්දානයට. ශේක් ජාරාව අතරමදි කලාපයක් වෙනව - නෝ මෑන්ස් ලෑන්ඩ්. මේ යුද්ද වෙලාවෙ යුදෙව් ජනාවාස යාකරන වැදගත් පාරක් යන්නෙ ශේක් ජාරාවට පේන දුරින්. ප්‍රතිවාදින් ශේක් ජාරාවෙ සිට එල්ල කල ප්‍රහාර වලින් මේ මාර්ගය භාවිතා කළ යුදෙව්වන්ට දැඩි හානි වෙනව.

යුද්දෙන් පස්සෙ ශේක් ජාරාවෙ ආරක්ශව බාරවෙන්නෙ ජෝර්දානෙට.
තත්වය සාමකාමි වෙනකොට ජෝර්දානෙ කරන්නෙ යුද්දයෙන් අනාතව නිවෙස් අහිමි ජනයා ශේක් ජාරාවෙ පදින්චි කරනව. ඒ වසර කීපෙකින් ඔප්පු ලබාදෙන පොරොන්දු පිට. ශේක් ජාරාවෙ උන්න යුදෙව්වන් එයින් පිටමන් වෙලා තියෙන්නෙ මොකද යුද්දෙ වෙලාවෙ එතන තිබ්බ අවාසි තත්වය නිසා. මේ පදින්චි කිරිම් වලට ගන්නෙ ඔවුන්ගෙ ඉඩම් වෙන්නත් පුලුවන්. මේක අමුත්තක් නෙවි පලස්තීන ජාතිකයන් ගෙ ඊශ්‍රායලය තුල තිබ්බ ඉඩම් යුදෙව්වන් අල්ලගෙන තමා ඔවුන් එන්නෙ. කිසියම් හේතුවකට ඔප්පු ලබාදෙන්න ජෝර්දානය අසමත් වෙනව.

අපිට අවු 19කින් රෝල් ෆෝවඩ් කරල 1967 ට එන්න පුලුවන්.සයදින යුද්දෙ ජය එක්ක යුදෙව්වන් බටහිර ඉවුර සහ නැගෙනහිර ජෙරුසලම අල්ලගන්නව. ශේක් ජාරාවත් එහිකොටසක්.

දැන් තමා වත්මන් අර්බුදේ පටන් ගන්නෙ. ශේක් ජාරා කියන ඉඩමෙ මේ වෙද්දි විශාල මුස්ලිම් ජනපදයක් හැදිල. ඒක් බෝම පොශ් ඒරියා එකක්. ඒකෙ විදෙස් කොන්සියුලේට් වගෙ වැදගත් ආයතන පවා තියෙනව. ජෙරිසලමෙ නගරාධිපතිවරුන් වගෙ බලවත් පවුල් ඉදල තියෙනව. ඒ වගේම යුදෙව්වොත් ඉදල තියෙනව, යුද්ද නිසා ගම දාල ගිය. යුදෙව්වන්ට ඉඩම් පවරා දුන්නු ඔටෝමන් කාලෙ ලියවිලි තියෙනව.

ඊශ්‍රායලය යුද්දෙ ඉවර වුන ගමන්ම නීති ගේනව ශේක් ජාරාවෙ ඉන්න මුස්ලිමුන්ගෙ පදින්චි වල අඩුපාඩු හොයල ඔවුන් ඉවත් කරන්න. මෙහි පදින්චිව ඉන්න සහ උන්න කාටත් ලියවිලි තියෙනව ඒත් ඒ කිසිවක් තනි දත්ත ලෙස පවර්ෆුල් නෑ. එක එක රටවලින් දුන්නු ලියවිලි. සමහරවිට එකම ඉඩමට ඔප්පු කීපයක් සමහරවිට ඒ ඔප්පු ඔක්කොම තාවකාලික. යුදෙව්වන්ට ඔටෝමන්ලා දීපු ලියවිලිත් ඉශ්‍රායල් උසාවි ම පස්සෙ පිලි ගන්නව ලීගල් නෑ කියල.

ඊශ්‍රායලය මේ පදනමින් අයිතින් අවලන්ගු කල මුස්ලිමුන්ට කියන්නෙ උඹල ඉන්නෙ කුලියට ඒ නිසා ඉඩම් හිමි යුදෙව්වන්ට කුලි ගෙවපන් කියල. එහෙම නොකරන අය නිවෙස් වලින් ඉවත් කරනව.

ඊශ්‍රායල නීතිය මෙතන සාධාරණ නෑ. හැත්තෑව දශකෙ ඔවුන් නීතිමය තීන්දු දුන්න ඉඩම් අයිතින් ගැන දෙදාස් ගණන් වල ආයෙ විමසුවම ඒව වැරදියි ඊශ්‍රායල් නීතිය අනුවත් ඒ කෝට් කේසස් එකේ අන්තිම උත්තරේ "දැන් කරන්න දෙයක් නෑ" කියනෙක. මේව ගැන කතාකරනන් වෙන්නෙ මුස්ලිමුන්ට පාරෙ නටන යුදෙව් ජාතිවාදින්ගෙන් ගුටි කමින්. යාන්තම් මෙහෙමවත් කතාවෙන්න පුලුවන් වෙන්නෙ දෙදාස් ගණන් වල.

දැන් මේ වසරෙ ඇදිල යන්නෙ එහෙම "නීති විරෝධි" ලෙස නම්කල ඒත් රෙන්ට් එකක් නොදෙන පවුල් කීපයක් ඉවත් කිරීමෙ වැඩක්. ඒකට පහල උසාවියක් බලෙන් ඉවත් කිරීමෙ තීන්දු දීල තියෙනව. උන් ඉහල උසාවියට ඇපීල් කලාම ඒ කේස් එකේ තීන්දුව කල් ගිහින් තියෙන්නෙ. මෙන්න මේක තම "ආසන්න සිද්දිය".

ඇවිලෙන මේ ගින්නට දර සපයන කාරණා රාශියක් තියෙනව. ඒව කෙටියෙන් ලියන්නම්. හරි වැරදි ගැන මන් ජජ්මන්ට් දෙන්නෙ නෑ. ඒත් ලෝක ස්වභාවය අනුව මේව මෙහෙමයි.

ඊශ්‍රායල ජාතිකවාදින් බෝම ඇග්රෙසිව් තාලෙට සමරන ජෙරුසලම අල්ලා ගැනීමේ සැමරුම තියෙන්නෙ මේ දවස්වල, ඒක පාරෙ පෙලපාලි යන ලොකු ඉවෙන්ට් එකක්. මේ වසරෙ මුස්ලිමුන්ගෙ රාමදාන් සමරුම් ඒකට සමගාමිව එනව. රාමදන් ඊශ්රාය්ලයෙ සැමරෙන්නෙ තමන්ට එල්ල වූ පීඩා වලට වෛරය වපුරන්න. ඉන් සිම්පල් ජාතිකවාදි ජාතිවාදි සහ එකිනෙකාගෙ අරියස් සම්බන්ද ඕව ඩොස් එකක් දෙගොල්ලට වෙනදට වෙනස් කාලවල ආවට මෙවර එකම මොහොතෙ ඇවිත්.

නටන්‍යාහුට තනි බලයක් නෑ. ඔහුට ආන්ඩුවක් පිහිටුවන්න නම් අන්ත ජාතිවාදය ඕනෙමයි. ඒ නිස නටන්‍යාහුට ඔවුන්ගෙ බොදුබල සේනා වර්ගයේ කට්ටිය කරන දේවල් වලට බ්ලැන්කට් සපෝට් දෙන්න වෙනව. ඊශ්‍රායලය දැන් චන්ද එකකට වඩා තිබ්බ තනි බලයක් නැතුව ආන්ඩුවක් හදාගන්න බැරුව ගිය.

ඩොනල්ඩ් ට්‍රම්ප් ගෙ බෑන යුදෙව්වෙක් සහ ඔහු නිසා දුව ඒ ආගම ෆොලෝ කරනව. මේ එක්ක ආපු ට්‍රම්ප්ගේ යුදෙව් හිතවත් ප්‍රතිපත්ති වලින් ජෙරුසලමෙ අයිතිය ගැන තියෙන විවාදාත්මක කතාව ඉග්නෝ කරල් ඒක ඉශ්‍රායල අගනුවර ලෙස පිලිගන්න එකත් ඇමරිකන් ගැති අරාබින් ඊශ්‍රායලය එක්ක යාලු කරවන එකත් ජයට කෙරුනා. මේකෙ අනිවාර්ය රියක්ශන් එක්ක තියෙනව කොහෙන් හෝ එලියට පනින.

පලස්තීනයත් කෑලි කැඩිල. බටහිර ඉවුරෙ පලස්තීන විමුක්ති සන්විදානෙ, සිරියා/ලෙබනන් වල හිස්බුල්ලා සහ ගාසාවෙ හමාස් එකිනෙකට ප්‍රතිවාදි කල්ලි තුනක් වෙලා තියෙන්නෙ. එතනත් බල අරගලයක්. බල අරගලෙ තද වෙනකොට එව්වයෙ අන්තවාදත් මෝරනව වැඩි. අරුන් නෙවි අපියි උබලගෙ නියෝජිතය කියන්න ලොකු ඕනෙකමක් එනවනෙ.
තවත් හේතු ඇති.

ඔන්න ඔය හේතු මත උශ්ණත්වයන් ඉහල ගිය භුමියක තමා ඉඩම් හුටපටේ ඇදෙන්නෙ. දැන් පේනවනෙ බහුතරයක් දෙනා අල්ලගෙන ඉන්න අල් අඛ්සා පල්ලියෙ ගැටුම් හමාස් රොකට්ස් ඊශ්‍රායල් ප්‍රහාර ආදිය මේ හුටපටේ එස්කැලේශන්. ඒව අරය කල පොඩි මෙවෙකට අපි දුන්න තඩි රිටන් වර්ගෙ එව්ව. ඒවයින් මේ කතාවෙ අගමුල හොයන්න බෑ.

කොටිම්ම මුලු ඊශ්‍රායල් පලස්තීන කතාවම ශේක් ජාරාවෙ ඉඩම් වල අයිතිය වගෙ පැටලිල්ලක්. දෙගොල්ලටම ඔප්පු තියෙනව දෙකම ලීගල් ද ශුවර් නෑ. කතා දෙකම බෝම අහින්සක සාධාරන කියල හිතුනට උන් දෙගොල්ලම ඒකෙ දුශ්ටයගෙ භුමිකාවත් කරනව.

කෝම හරි ඉතින් ලෝක ධර්මතාවයක් කියල එකක් නෑනෙ. යුක්තිය සාදාරනේ කියා එකකුත් නෑනෙ. ඒව මේ ආගම් විසින් මවාපු විකාර. භුමියෙ තියෙන්න බලය. ඉස්සරනම් කෙලින්ම ගහල මරල දාන බෲට් ෆෝස් බලය. අද යු එන් ලෝක මාධ්‍ය එක්ක ටැක්ටිකල් බලය.

අද මේ මොහොතෙ බටහිර ආශිර්වාදෙන් සහ තමන්ගෙ සුපිරි බුද්දිමය හැකියාවෙන් බලය අතට ගන්න ඊශ්‍රායලය සමත් වෙනව. තමන්ගෙ ආරක්ශාවට අයන්ඩොම් කියල මිසයිල් ආරක්ශණ පධ්ඩතියක් තියන නිස ඔවුන්ගෙ හානිය පොඩ්ඩයි. ඒත් ඔවුන්ගෙ මිලියන දහය වටේට ඉන්න මිලියන තුන්හාරසීයක අරාබින්ගෙන් ගේම ඉල්ලන්නෙ. එතන තියෙන ඉම්බැලන්ස් එක හමුදා කාරයට ගල් ගහන පොඩි එකාටත් වැඩියි. ඔය අරාබි කලාපෙ උන් වටේ ත්‍රස්තයින් නඩත්තු කරනවා. අයන් ඩෝම් කියන්නෙ සරල තාක්ශනික ක්‍රම්වේද, මැජික් නෙවි. ඒව වැඩ කරන්නෙ එක්තරා මට්ටමකට පමනයි. වටේ ඉන්න උනුත් ඩෝම් එකට ගහන එව්ව එකම ගානෙ තියන් ඉන්නෙ නෑ. ඒ නිස දිගුකාලිනව බැලුවොත් යුද්දයක් තමයි ආරාබින්ට වාසිම. මොකද උන්ට දවසින් දවස ඊශ්‍රායලය කැච් අප් කල හැකි. මැරෙන හැම එකාටම හරියන්න ඔවුන් ශක්තිමත් වෙනව. ඊශ්‍රායලයට තමා ඔතන සාමය වැදගත්. උන්ට පුලුවන්නම් සාමය හදාගන්න අරාබින් එක්ක උන්ට පවතින්න පුලුවන්.

ඒ වගේම ඊශ්‍රායලය ඇහැ ඇරගෙන ඉන්නවනම් එක දෙයක් දකින්න ඔනෙ. ඊශ්‍රායලය හදද්දි මුස්ලිම් ජාතිප්‍රේමය හැර දා ඊශ්‍රායලය එක්ක යන්න හිතන් ඊශ්‍රායල් නගර වල හිටපු මුස්ලිම්මුන් ගොඩක් ඉන්නව. උන් මොඩරේට් මුස්ලිම්. අර නැස්-ඩේලි කල බුවා එහෙම එයින් එකෙක්. මේ මිනිස්සු පලස්තීන සටන්කරුවන් ගැන සිම්පතයිස් කලාට ලොකුවට ඒකට හවුල් වෙන්නෙ නෑ. ඊශ්‍රායල් රාජ්‍ය තුල ලැබෙන යහපත් ජීවිතේ වින්ද මිස. උනුත් මනාපෙන් උන්නෙ ඩෝම් එක ඇතුලෙ පැරසයිස් එකේ සැපට ඉන්න. ඒත් අල් අඛ්සාවට කල පහරදීම ශේක් ජාරාවෙ ඉවත් කිරීම් භුමියෙ ජාතිවාදය එක්ක එකතුවිම බලය රැක ගන්න ජාතිවාදින් පස්සෙ යන එක, වීදියෙ නටන යුදෙව් අන්තවාදින්ගෙ වෙන කෙණෙහිලි සහ ඇමරිකාවෙ ට්‍රම්ප් ලා කෙලි පිස්සු ආදියෙන් අන්න ඒ ඊශ්‍රායල් මුස්ලිම්මුත් පාරට ඇවිත්. ඒක අයන් ඩෝම් එක ඇතුලෙ.

ඊශ්‍රායලය ඒ ගැන මේ ඔක්කොටම වඩා හිතන්න ඔනෙ. ඩෝම් එක ඇතුලෙ තිබ්බ පාරාදීසයත් ලාවට ගිනිගනිමින්.

Sujeewa Kokawalahttp://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.com2tag:blogger.com,1999:blog-6900753426343218319.post-57132324460638332642023-07-21T10:49:00.008-07:002023-07-21T10:50:27.953-07:00පසුසත්යයප්රංශයේ ජනප්‍රිය රූපවාහිනි සේවාවක ප්‍රවෲත්ති වැඩසටහන් කරන බෝම සීනියර් මාධ්‍යවේදියෙකුව හිටිහැටියේ තනතුරින් පහකරනවා. පරික්ශණ පැවැත්වෙන නිසා මුලදි හේතුව හෙළිදරව් වන්නෙ නෑ. ඒත් පසුව හෙළී වූ සිදුවීම කාටත් වැදගත් වේවි කියල හිතනවා.

මේ මාධ්‍යවේදියා විවිධ මූලයන්ගෙන් සපයාගන්නා ගවේශණශීලි පුවත් ඉදිරිපත් කරන්නෙක්. ඔහුට එල්ල වෙන චෝදනාව එතරම් නොවැදගත් පුවත් වලට අනවශ්‍ය ප්‍රචාර ලබාදීම හා බොරු පුවත් නිර්මාණය කිරීම. දැනට ඔහු මේක පිළි අරන් නෑ ඒත් ඔහු තමන්ගෙ පුවත් ආයතනයේ නිරවද්‍යතා පිරික්සුම් වලට පිටින් පුවත් තනි මතේට තෝරාගත් බව පමණයි පිළී ගන්නෙ. මෙතැන් සිට මම ලියන්නෙ තවම ඔප්පු වී නැති ඔහු ට එල්ල වූ චෝදනාව.
මේ මාධ්‍යවේදියාට ටෙල් අවිව් හි සමාගමකින් පුවත් සපයනවා. එහෙම පිට මූලයන්ගෙන් පුවත් ගන්න එක වරදක් නොවේ. ඒත් ප්‍රශ්නෙ ටෙල් අවිව් සමාගම සපයන්නෙ එක්කො සත්‍ය නොවෙන පුවත් හෝ සුලු සිද්දියක් අනවශ්‍ය ලෙස පුම්බපු හෝ විකෲති කල පුවත්. ටෙල් අවිව් සමාගමේ නම නිව්ස් ෆො හයර්. නම අනුවම ඔවුන් කරන්නෙ මුදලට බොරු නිව්ස් හදා වැපිර්රිම.

මේක ලොකු ගැටලුවක් නොවේ කියල හිතෙන්න පුලුවන්. බොරුවක් නම් කවුරුත් ගණන් නොගෙන යාවි නේද? නෑ මේක ඊට සංකිර්ණයි. අදාල සමාගමේම සහයක සමාගමක් තියෙනව සයිබර බොට්ටන් හදා ව්‍යාප්ත කරන. ප්‍රධාන පුවත් සේවය මේ පුවත කී සැණින් ඒ බොට්ටො මේක සමාජ මාධ්‍යවල ශෙයා කරගෙන යනව. ප්‍රධාන පුවත් ආයතනයක් කීම නිසා එස්ටැබ්ලිශ් නිව්ස් එකක් බවට පත්වෙනව. නිකමම් නිකම් බොට්ටො සෙට් එකක් හෑල්ලක් දාගෙන යනවනම් කවුරුත් ගණන් ගන්නෙ නෑ. ඒ වගේම නිකම්ම ටිවී නිව්ස් එකක ගියානම් ඒත් ගණන් ගන්නෙ නෑ. ඒත් බොට්ටො ඒ ලින්ක් එක වයිරල් කර දානව. මේ දෙක එකතු වුණාම ඔතෙන්ටික් නිව්ස් සෝස් එකක් භාවිත කර බොරුවක් වයිරල් කරන්න පුලුවන්. ඊශ්‍රායල සමාගමට හා බොහොවිට මාධ්‍යවේදියට මේ වෙනුවෙන් ගෙවනව ඇති.

අපේ කතාවෙ ඉන්න මාධ්‍යවේදියා ප්‍රසන්ට් කළ පුවත් අතර තියෙනව, රුසියාවට එරෙහි යුද්දය නිස මොනාකෝ හි යොට් නිශ්පාදනය ඇණහිටීමෙන් 10000 කට වැඩි පිරිසකට රැකියා අහිමිවන බවත් මේ ගැන ඒ පිරිස මොනකෝ හි ඇල්බට් කුමරු ට දැණුම් දුන් බවත්. කටාර් රජයෙ එක්තරා නිළධාරියෙක් දූශිත බවට කළ පුවත තව එකක්. සුඩානයේ හමුදා නායකයෙක් ජනාධිපති වෙන්න යනව කියන එකත්. මේ තුනම බොරු. මේ තුනෙන්ම අතුරු වාසියක් වෙන පාර්ශ්වයක් ඉන්නව. ඔවුන් තමා මේව ප්ලාන්ට් කරන්නෙ. බටහිර සහරා රාජ්‍යයෙ පවත්වන වෙළද ප්‍රදර්ශනයක් ගැන පුවතක් යනව ඒකෙ බටහිර සහරාව නම් කර්න්නෙ කලින් ඒ පෙදෙස ආලනය කළ මොරොක්කොව ඊට භාවිතා කළ නමින්.

මේ සියල්ල සුළු වෙනස්කම් බව ඇත්ත. ඒත් මේවයින් ලෝකයෙ මිනිසුන්ගෙ මතයන් ඒ කාරණා සම්බන්දෙන් වෙනස් කරන්න පුලුවන්. වඩාත් වැදගත්ව මේ පුවත් සියල්ල මෙහෙම පළ කරල වයිරල් කරගන්න මුදල් විසික් කරන පාර්ශ්වයන් ඉන්නව. මේ පාර්ශ්වයන් සමහරවිට විවිධ කණ්ඩායම්, ප්‍රතිවාදින් හෝ රටවල ආණ්ඩු වෙනන් පුලුවන්.

සයිබරයේ ආගමනයට ඉස්සර තිබ්බ ලෝකය ලොකු දර්ශන තිරේක පොදු පුවත් පළවූ තැනක්. හැමෝටම ආවෙ එකම නිව්ස්. ඒත් සයිබරය හා සමාජ මාධ්‍ය එක්ක මිනීස්සු ලෝකය පුංචි පුංචි කාමර ගොඩක් කරගෙන තියෙන්නෙ. ඒ ඒ නිව්ස් රූම් වල යන්නෙ එකිනෙකට වෙනස් කතන්දර. තමන්ගෙ නීව්ස් රූම් එක තමන්ට ඕනෙ තාලෙට වෙනස් කරගන්නත් පුලුවන්.

මේ සන්දර්භය තුල තවදුරටත් සත්‍යය කියා දෙයක් පවතින්නෙ නෑ. පවතින්නෙ සත්‍යය රිසි සේ සකසා වැදගත් කතා යට ගසා නොවැදගත් කතා හෝ තනිකර බොරු ඉස්මතු කර කපා කොටා සකසන ලද පසුසත්‍යය හෙවත් පෝස්ට්-ටෲත් පමණයි. අපි අහන දකින සියල්ල පසුසත්‍යයක්. පසුසත්‍යය කියන්නෙ බොරුවට කියන තව නමක් නොවේ. එය සත්‍ය ම වෙනත් පුලුවන්, හැබැයි හොයාගන්න බෑ. මේ පසුසත්‍යය තුල තියෙන්නෙ කොපමණ සත්‍යයක් ද මොනවද හංගල තියෙන්නෙ, මොනවද උලුප්පල තියෙන්න ඇයි අපට මේක මෙහෙම කියන්නෙ කියල හොයාගන්න විදියක් නෑ.

කෙනෙකුට කියන්න පුලුවන් ඉස්සරත් තිබ්බෙ පසුසත්‍යයක් නෙ මාධ්‍ය වලට ඔනෙ තාලෙට සකසන එකක් නෙ කියල. ඒක හරි. ඒත් ඒ කාලෙ අවශ්‍යනම් කෙනෙකුට සත්‍යය හොයල ඒක ප්‍රසිද්ද කරන්න පුලුවන්. ඒත් අද සත්‍යය හොයල ප්‍රසිද්ද කරන කෙනාට කෝ ඒක පතුරුවන්න බොට් ලා කෝ ඒක උලුප්පන්න සයිබර මාධ්‍ය. ඒව තියෙන්නෙ සත්‍යය කපා කොටන්න උවමනාවක් තියෙන අයට පමණයි. අනික සයිබරයේ සත්‍යය සුවිශේශිව හුවා දක්වන්න කොහෙත්ම බැරිනම් සත්‍යය හොයා ගත්ත කියන එකා කියන්නෙත් සත්ය්ය කියල කෝමද දන්නෙ? පසුසත්‍යය සහ සත්‍යය කියල එකක් වෙන් කරගන්න බෑනෙ. ඕක ලෝක බොරුවක් කියන එකා කියන්නෙත් බොරුවක් ම වෙන්න පුලුවන්.

තව දුරටත් සමහර දේවල් ගැන "ඕක බොරුවක් බන්. මේක තමා ඇත්ත" කියල කිව්වට කිසිම තේරුමක් නෑ. අපිට අතේ ශාක්ශි තිබ්බත් තේරුමක් නෑ. පසුසත්‍යය මිස අන් කිසිවක් පවතින්නෙ නෑ. අපි එහෙම කියන එකත් පසුසත්යයේම කොටසක්. අපි නගන ඒ කුඩා හඬ සංවිධානාත්මක පසුසත්‍ය මූලයන් එක්ක අලගු තියන්නත් මදි. අපි මොක කිව්වත් එස්ටැබ්ලිශ් වුණ පසුසත්‍ය පවතිනව.

ඉතින් පවතින්නෙ පසුසත්‍යයක් පමණයි නම් පසුසත්‍යය කියන්නෙම මැනිපියුලේට් කල හැක්කක් නම්, පසුසත්‍යය මැනිපියුලේට් කිරීමට ව්‍යාපාර බිහිවීම වැලකිය නොහැකියි.

සමහර දේවල් හරිම සියුම්. බටහිර සහරාවෙ වෙළද ප්‍රදර්ශනය ගැන කතාව ගත්තොත් එහි විකෲති කරන්නෙ රටේ නම පමණයි. එය වෙළඳ ප්‍රදර්ශනයට අදාල නෑ. ඒත් ඒක වයිරල් කලාම ලෝකෙ වැඩිමනක් මිනිස්සු ඒ රට මුලින්ම හදුනා ගන්නෙ අර නමෙන්. පසුසත්‍යය තනන්නාට ඕනෙ ඒක.

මේක ලංකාවෙත් සුලබ සිද්දියක්. ඉතාම ලේසියෙන් පෙන්වන්න පුලුවන් දේශපාලන අරමුණු මත තැනු පසුසත්‍ය ලොරි ගාණට තියෙනව. ඒත් වඩාත් බය හිතෙන්නෙ වෙනත් අරමුණු මත තැනුව කියල හිතෙන එව්ව ගැන.
කවුරුත් දන්න ප්‍රකට ව්‍යාපාරික දිනේශ් ශාෆ්ටර් ගෙ ඝාතනය බලන්න. ඒ ඝාතනය ගැන මුලින් කිව්ව කතා අනුව ඔහුගෙ දෑතම ආසනේට ගැටගහල ඉන්න වෙලාවෙ ඔහු සියදිවි නසාගත්ත කියන එක හිතන්න හරිම අමාරුයි.

ඒත් ඒක එහෙමද නොවේද කියල ජජ් කරනවටත් වඩා මං කැමති මේ නිවුස් එක ප්‍රසන්ට් වෙන ආකාරය පෙන්වන්න. මුලින්ම කියනව මිනිමරුව ගැන මේ මේ සාක්කි ලැබුනා, මෙන්න මේ මේ අයගෙන් ප්‍රශ්න කලා කියල. ඒත් එක පාරට එනව එකක් ශාෆ්ටර් සියදිවි නසාගත්ත කියල. ආයෙ ටික දවසකින් කියනව මිනි මරුව මෙන්න මෙතන හිටිය කියල සැක කරනව මෙන්න මේ මේ කාරනා හොයාගෙන, ආයෙ කියනව ශාෆ්ටර්ගෙ සියදිවි හානි කරගැනීමට මෙන්න මේ ශාක්ශිය හමුවුනා කියල. මේ කතාව දෙපැත්තට දෝලනය වන ආකාරයට එකම පිරිසක් මේ දෙකම කියනව කියල හිතන්න පවා අමාරුයි. එතකොට හිතෙනව මෙයින් එක නැරටිව් එකක් කවුරු හෝ මැනිපියුලේට් කරල සයිබරයේ ශක්තිය යොදාගෙන බෙදාහරිනවද කියල. අපි දන්නෙ නෑ. ඒත් පසුසත්යයයෙ ස්වරූපයත් ඒකම තමා. අපිට දැනගන්න වෙන්නෙම නෑ. අවසානෙ වෙන්නෙ හැමොම ඒ පසුසත්‍යය තමා වුනේ කියල හිතාගෙන ඉන්න එක.

ප්‍රංශෙ පුවත් ආයතනයක් ජ්‍යෙශ්ට මාධ්‍යවේදියෙක් රස්සාවෙන් දොට්ට දාපු එකට වඩා ලොකු කතාවක් මෙතන තියෙනව. ඒක සැහෙන්න වොරි වෙන්න ඕනෙ තත්වයක්.
Sujeewa Kokawalahttp://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.com1tag:blogger.com,1999:blog-6900753426343218319.post-56765458042425233082023-03-18T19:03:00.001-07:002023-03-18T19:04:57.350-07:00 MH370

MH370 ගැන අලුතෙන් කතාවක් ලියන්න කළින් මං බැලුව කෝ මගෙ කලින් පෝස්ටෙක කියල. ඒත් බැලුවම මේ බ්ලොග් එක පටන්ගෙන තියෙන්නෙ අනතුරට කාලෙකට පස්සෙ. ඒ නිසා මට කුඩා විස්තරයක් දාන්න වෙනව.

2014 මාර්තු අට මධ්‍යම රාත්‍රියට පස්සෙ ක්වාලාලම්පුර් සිට බෙයිජින් කරා යන MH370 යානය තමන්ගෙ ස්තානිය හා වෙනත් සනීවේදනයන් නතර කරනව රාත්‍රි 1:19 ට. ඒ යානය මැලේසිය ගුවන් සීමාවෙන් වියට්නාම් සීමාවට මාරුවෙන අවස්තාවෙදි. එතැන් සිට යානයෙන් කිසි ආරංචියක් නෑ. යානය එක්ක මගීන් 227ක් හා කාර්ය මණ්ඩලයෙ 12ක් අතුරුදහන්. දින කීපෙකින් මැලේසියන් හමුදා කියනව රේඩාර් වල තිබ්බ කියල හදුනා නොගත් යානයක් MH370 අතුරුදන් වූ මොහොතේ එම ස්තානයේ සිට ආපසු හරවා මැලේසියා තායිලන්ත දේශසීමාව ඔස්සෙ ඉන්දියන් සාගරය ඇවිත් අන්දමන් දිහාට ගියා කියල. රේඩාර් රේන්ජ් එක ඉවරයි එතනින්. සති කීපෙකින් ගුවන් යානාවල තියෙන මීට කලින් කිසිම දේකට භාවිතා නොකළ නිශ්පාදකයන්ගෙ හාට්බීට් එකක් ඉන්මාසැට් සමාගමේ චන්ද්‍රිකාවක සටහන් වෙලා තිබිල ලැබෙනව. ඒ දත්ත අනුව MH370 යානය සෑම පැයකටම වරක් දීපු හාට්බීට් එකක් සටහන් වෙනව අතුරුදන් වූ අවස්තාවෙ සිට තවත් පැය 6ක්. මේ කාලය යානයේ ඉන්ධන අහවර වෙන්න තිබ්බ කාලයට සමානයි. හාට්බීට් වල යානයේ ස්තානය සටහන් වන්නෙ නෑ. ඒත් දුර හොයා ගන්න පුලුවන්. ඒ අනුව චන්දිකාවේ ස්තානය කේන්ද්‍ර කරගත් ආක් 6ක් අදිනව. ඒ ආක් 6 මත උතුරු හෝ දකුණු දෙසට ගිය පාරවල් කියල සරළ රේඛා දෙකක් මාක් කරනව (ඕක සරළ රේඛාවක් කියන්නෙ ඔටෝපයිලට් ගියා නියමුවෙක් නෑ කියන උපකල්පනයෙන්). එකක් කෙලවර වනෙ රටවල් ගානක් උඩින් ගිහින් කසකස්තානෙ. අනික මූද උඩින් ගිහින් ඉන්දීය සාගරේ දකුණු පැත්තට වෙන තැනක. මේකෙන් දකුණු පාර තමා හරි කියල හිතන්නෙ. ඒ අනුව යානය කඩා වැටුන කියල වකිමි 120000 ක කලාපයක් මාක් කරල මුහුදු පතුල පරික්ශා කරනව. ලංකාව වගේ දෙගුණයක් විශාල ග්‍රෑන්ඩ් කැනියන් වගෙ කැනියන් තියෙන මේ මූදු පතුල් කොටසේ යානය හමුවන්නෙ නෑ. ඒ නිසා ඒ පරික්ශණ නවතා දානවා. ඒ තමා මෙතෙක් කතාව.

කෙසේ වෙතත් මේකෙ තියෙන අභිරහස් ස්වභාවය නිසා කන්ස්පරසි කතා අඩු නැතුව හැදෙනවා. දැන් සිද්ද වෙන අලුත් දේ නම් ගැන අලුත් නෙට්ෆ්ලික්ස් සිරිස් එකක් එලියට එන එක. ඇත්තෙන්ම ඒකෙ අලුත් දෙයක් නෑ තියෙන්නෙ කන්ස්පරසි කතා දෙකකට සුළං ගහන එක. මොකද ඒ කතා දෙක පොත් දෙකක් ලෙස පළ කර තියෙන නිසා.

ඒ කතා තමා යානය රුසියානුන් කසකස්තාන් වලට ගෙන ගියා කියල ජෙෆ් වයිස් කියන කතාව සහ යානය දකුණු චීන මුහුදේදි ඇමරිකන් ගුවන් හමුදාව බිම දැම්ම කියල ෆ්ලොරන්ස් ඩ'ශන්ජි කියන කතාව.

නෙට්ෆ්ලික්ස් එකේ නොකිව්වට මේ දෙන්න මේ කතා දෙක ගැන පොත් දෙකක් පළ කර තියෙන අතර ඒ නිසා යානයට වුණ දේ ගවේශණය කරන්නන්ගෙ දැඩි විවේචනයට පාත්‍ර වෙනව. එයාල දෙන්නගෙ කතා කෙතරම් අවුල් ද කියල ඕනෙතරම් විස්තර හොයාගන්න පුලුවන්. ඒ අතර තියෙන වැදගත්ම දේ තමා මෙතෙක් යානයේ කොටස් කියා හිතන මැඩගස්කරය රියුනියන් හා මොසැම්බික් වෙරළෙන් හමුවන ගුවන් යානා කැබලි. ඒ දෙන්නම ඒව බොරු ප්ලාන්ට් කල කොටස් කියල කතාවෙන් පනින්න හදනව. ඒත් මිනිස්සු විශාල පිරිසකට ඒව එක එක තැන්වල හමුවනව. එහෙම ප්ලාන්ට් කරන්න බෑ.

මේ බහුබූත කතාවලට හුළං ගහන නිසා වැදගත් කතා දෙකක් නෙට්ෆ්ලික්ස් එකට මිස් වෙනව. ඒ කතාවලට සම්බන්ධ අය කන්ස්පරසි කාරයින් එක්ක උන්ගෙ පොත් වලට හුළං ගහන්න අකමැත්තෙන් අදාල වැඩසටහනින් ඉවත් වීම නිසා.

එකක් තමා ඉන්දීය සාගරයේ යානය හොයාපු අය යානය වැටුන කියල හෙව්වෙ එහි නියමුවා ගෙ පාලනයෙන් ගිලිහි ගියානම් කෙලින්ම ඇදවැටෙන කලාපෙ පමණයි කියන එක. ඒත් නියමුවාට අවශ්‍යනම් ඉන්ධන රහිතව යානය සැහෙන දුරක් එහාට ග්ලයිඩ් කරන්න ඉඩ තිබ්බ කියන එක සැලකෙන්නෙ නෑ. එහෙම හිතුවොත් පරික්ශා කරන්න ලැබෙන කලාපය ඉතා විශාලයි. ඒක කරගන්න අමාරු වැඩක්.

අනික තමා යානය ගිය මාර්ගයේ ශෝට් වේව් වලට වුන ඩිස්රප්ශන් එක මැනීමෙන් යානයෙ මාර්ගය හොයාපු රිචඩ් ගොඩ්ෆී ගෙ කල්පිතය. ගොඩ්ෆ්‍රී සමත් වෙනවා ඉන්මාසැට් ආයතනයෙ පැයෙන් පැයට ගත්ත ඩොට් හය හතක් වෙනුවට වඩාත් සවිස්තර මාර්ගයක් අදින්න. මේ මාර්ගයට අනුව ගොඩ්ෆ්‍රී කියනව යානය තනි සරළ රේඛාවක නොගිය බවත් හොයාපු කලාපෙන් පොඩ්ඩක් එහාට ගිය බවත්. ඒ වගේම නියමුවෙක් හිටි බවත් යානය අවසන් මොහොත වෙනකම් නියමුවාගෙ පාලනයෙ තිබ්බ බවත්. එනම් බොහොවිට ග්ලයිඩ් කල බවත්. ගොඩ්ෆ්‍රි ගෙ ශෝට්වේව් මෙතඩ් එක නිරවද්යය්යි කියල තහවුරු වෙලා නෑ. ඒත් ඒක සලකා බලන්නම ඔනෙ එකක්. කලින් තිබ්බ වකිමි 120000 කලාපය හා ග්ලයිඩ් කළානම් එන ඊටත් ලොකු කලාපය වකිමි 300 ට අඩු කරන්න ගොඩ්ෆ්‍රී සමත් වෙනවා.

ගොඩ්ෆ්‍රී ගෙ ගමන් මගේ තියෙන එක දත්තයක් අතිශයින් වැදගත්. එනම් මැලේසියාව ආසන්න මුහුදේ යානය වට ගහමින් සැලකියයුතු කාලයක් හිටිය කියන එක. අනික් කතා එක්ක බැලුවම නියමුවා මෙහෙම හිටියනම් යානය පිටින් සමූහඝාතනයට ලක්වීමේ කල්පිතය වඩාත් ශක්තිමත් වෙනව. එහෙම වට ගහමින් ඉන්නෙ කිසියම් බලධාරියෙකුගෙන් කිසියම් දෙයක් ඉල්ලල ඒ සන්වාදයේ යෙදෙන වෙලාවෙ වෙන්න පුලුවන්. ඒත් මේ කතාව හරිනම් යානය වැටෙන්නත් කලින් මැලේසියා රජය වෙච්ච දේ දන්නා බවත් ඔවුන් ඉල්ලීම නොදීමෙන් යානය විනාශ වු බවත් පිලිගන්න වෙනවා. මේක ඉතාම බරපතල චෝදනාවක්.

ගොඩ්ෆ්‍රී ගෙ මේ අවසන් දත්තය නිසා මෙතෙක් සැක කළ මුත් සාක්කියක් නොතිබ්බ නියමු සුහායර් ශා විසින් මේක කලා හේතුව අන්වර් ඊබ්‍රහිම් නම් මැලෙසියන් දේශපාලකය සිරගත කල නිසා (නඩු තීන්දුව ආවෙ එදා හෝ කලින් දවසෙ) කියන කතාව වඩාත් ස්තාවර වෙනව. මොකද ඔහු අන්වර් නිදහස් කරනකම් යානය කිසියම් වෙලාවක් තියාගෙන හිටියත් එහෙම නොකල නිසා සමූහඝාතනය කලා කියල තර්ක කල හැකියි. සුහයර් ශා ගෙ නිවසෙ ගුවන් සිමියුලේටරයෙ මේ ප්‍රදේශය කරා ගමන් කල ගමනාන්තයක් නැති පාත් එකක් ප්‍රැක්ටිස් කර තිබ්බ බවත් හෙළීවී තියෙනව. අන්වර් ඊබ්‍රාහිම් සිදුවීම හැරුණුවිට සුහයර් ශා කියන්නෙ ස්මූහඝාතන හෝ සියදිවි හනි කරගන්න ගති පෙන්වපු අයෙක් නොවේ.

කොන්ස්පරසි ඩබල වෙනුවට ගොඩ්ෆ්‍රී ගෙ කතාවට එලියට දැම්මනම් නෙට්ෆ්ලික්ස් වඩාත් හොද වැඩක් කලා කියන්න තිබ්බ. මොකද ඔහු කියන කුඩා කලාපෙ යානය හොයන්න දැන් අවශ්‍ය මැලේසියන් සහය සහ මුදල් පමණයි. ඒත් සැක කෙරෙන පරිදි ඔවුන් එක්ක නෙගෝශියේශන් එකක් වුනානම් හා ඔවුන් මේ ගැන දැනන් හිටියනම් ඔවුන් කීයටවත් පරික්ශනයක් කරන්නෙ නෑ. ගොඩ්ෆ්රීත් 100% හරිද දන්නෙ නෑ ඒත් ඔහුගෙ උත්සාහය නිකම් උඩ බලාගෙන කතා ලියනවට වඩා බෙහෙවින් ඉස්සරහින් තියෙනව. අවාසනාවට නෙට්ෆ්ලික්ස් වල කුණු කන්දල් තමා ඉතුරු වෙන්නෙ.

මේ තියෙන්නෙ ඒ වැදගත් කතා දෙක. නෙට්ෆ්ලික්ස් වෙනුවට මේ දෙක බලන්න.

1. යානය ග්ලයිඩ් කල බව: https://www.youtube.com/watch?v=Cm1j1fpldkc
2. ගොඩ්ෆ්රීගේ කල්පිතය: https://www.youtube.com/watch?v=Jq-d4Kl8Xh4Sujeewa Kokawalahttp://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.com6tag:blogger.com,1999:blog-6900753426343218319.post-34792759378990354942023-02-10T03:12:00.005-08:002023-02-11T04:11:23.726-08:00තුර්කි භූ කම්පන දෙකේ ජීවිත හානි 20000 ඉක්මවයි

තුර්කියේ සිදු වූ විශාලත්ව ඒකක 7.8 හා 7.5 භු කම්පන දෙක හා ඒවායේ පසු කම්පන නිසා තුර්කියේ හා සිරියාවේ මරණ ගණන 20000 පනින්නෙ සුන්බුන් වැඩි හරියක් තවමත් ඉවත් නොකර තිබියදි. ඒ කියන්නෙ ඔය ඉලක්කම් තවත් එහාට යාවි කියල හිතන්න පුලුවන්.

තුර්කියේ උතුරුදිග කලාපය භූ කම්පණ වලට තරමක් හුරු වුණත් මේ කලාපය තුල මේ වගෙ හෝ ඇගට දැනෙන ලොකු එව්ව වෙන්නෙ කලාතුරකින්. අවසන් ලොකු භූ කම්පණය ඒකක 7.4 ක එකක්. වෙලා තියෙන්නෙ 1922. ඒ නිසා ෆෝල්ට් ලයින් එකක් වුණත් මිනිස්සු ලොකු භූ කම්පනයක් බලාපොරොත්තු නොවී සිටීම සාධාරණයි. හැබැයි දැනට තේරෙන තාලෙට 1922 සිට දිගු කාලයක් ලිස්සීමකින් තොරව භූ තැටි ලොක් වෙලා තිබිල තියෙන්නෙ.

අපි දන්න කාලෙක එතන භූ කම්පන වෙලා නෑ කිව්වාම පැති දෙකක් තියෙනව. එක්කො භූ පැල්ම නිශ්ක්‍රීයයි, නෙවිනම් ලොක්වෙලා ශක්තිය එකතු කරමින් ඉන්නෙ. දෙවෙනි කේස් එකනම් එකතුවන ශක්තිය නිසා එක පාරට ලොකු කම්පණයක් තමා වෙන්නෙ. තුර්කියෙ වුණේ ඒක.

තුර්කිය අයත් ඇනටෝලියානු භූ තැටිය වඩාත් විශාල භූ තැටි දෙකක් අතර කුඤ්ඤයක් වගෙ හිරවෙලා තියෙන්නෙ ගිණිකොණ දිහාවෙන් අරාබි තැටියත් උතුරු දිහාවෙන් යුරේසියානු තැටියත් තල්ලු කරන කොට ඇනටෝලියානු තැටියට යන්න තියෙන්න බටහිරට පමණයි. එතකොට ඒක අනිත් තැටි දෙකට උඩින් හෝ යටින් නොයා ඒවයෙ දිගේ ඇතිල්ලී බටහිරට ලිස්සා යනවා. මෙහෙම තිරස්ව වන ඇතිල්ලී යාමක් ස්ට්‍රයික් ස්ලිප් භූ පැල්මක් කියල හදුන්වනවා. ස්ට්‍රයික් ස්ලිප් භූ කම්පණයක් භුමිය උඩට හෝ යටට තල්ලු නොකරන නිසා සාපේක්ශව අඩු හානියක් වෙන්නයි ඕනෙ. මේ තියෙන්නෙ පැත්තට ලිස්සන ස්ට්‍රයික් ස්ලිප් කම්පණයේ ප්‍රතිපල තුර්කියෙන්. උඩ පහල ගිහින් නෑ.

ඒත් මේ කම්පණ දෙකෙන් වඩාත් ලොකු හානියක් වෙලා තියෙනවා.

ඊට එක හේතුවක් තමා පළමුවන එක වෙන්නෙ කරුමම වෙලාවක. පාන්දර 4.17. මිනිස්සු ඔක්කොම ගෙවල් වල. මිනිස්සු ඔක්කොම නිදි. ඒ මදිවට සෙල්සියස් 0 ට අඩු හිම වැටෙන රාත්‍රියක.

අනික ජනාකීර්ණ නාගරික පෙදෙසක්. කලකට පෙර සිරියාවෙ සෙකුලර් ඒකාධිපතියා පරදන්න ඇමරිකන් සහයෙන් ගහපු කැරැල්ලට සහය දෙන්න ඉස්ලාම් අන්තවාදින් රැගෙන ගිය, ඊට පස්සෙ ඔවුන් අයිසිස් වෙලා තෙල් සම්පත අල්ල ගත්තම ඒ තෙල් හොරපාරෙන් දැක්කුව සහ අන්තිමට කුර්දි හමුදා විසින් සිරියාවේ කොටසක බලය තහවුරු කරගත්තම ඊට එරෙහිව තුර්කි හමුදා එව්ව ප්‍රදේශයත් ඕක. මේ නිසා බෝඩරේ දෙපැත්තෙම විශාල සරණාගාතයින් හෝ දිලිඳු මිනිසුන් ඉන්න ඇති.

හැබැයි මේ ඔක්කොටම වඩා හැමෝගෙම චෝදනා යොමු වන්නෙ ගොඩනැගිලි නිර්මාණය ගැන. 1999 භූ කම්පනයකට (උතුරු තුර්කියෙ) පසු රජය හොඩනැගිලි වල කොලිටිය භූ කම්පන වලට ගැලපෙන්න හදන්න අවශය් යාමන නීති ගේනවා. ඒත් ඒව ඉදිකරන්නන් ගණන් ගෙන නෑ. කොටිම්ම නව රෙගුලාසි යටතෙ හැදුව කියල ඇඩ්වටයිස් කර වික්ක එව්වත් කඩා වැටිලා. සාමාන්‍යයෙන් භූ කම්පණ වලට ගැලපෙන්න හැදුවනම් මේ විශාලත්ව වල කම්පනයකින් බිල්ඩිම පිටින් බිමට වැටෙන්න බෑ. මෑතක ලොකු කම්පනයක් නොවුන නිසා ඔවුන් අටවල දීල හරියට හැදුව කියන්න ඇත්තෙ බොරුවට.

මේ සමගම අපිට අවධානය දෙන්න වෙනවා ලංකාව ගැනත්. ලංකාවෙ කොලිටි සහ නියාමන ගැන අපිට අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ. අනික අනාරක්ශිත ස්තාන වල අටවාගෙන ඉන්න ගෙවල් කොපමණ ලන්කාවෙ තියේද? තට්ටු නිවාස? ආණ්ඩුවෙන් හදාපුව එහෙම?

ලංකාවෙ භු කම්පන ඇතිවෙන්නෙ නෑ ම කියන්න බෑ. මං කිව්වෙ ඔය අද බුත්තල වැල්ලවායෙ වුණා කීයන ඒකක 3.0 ක කුඩා එකම නෙවි. ඒත් ඒකක 5 6 විතර ලොකු එකක් වෙන්න පුලුවන්. මීට හේතුව ඉන්දියානු භූ තැටිය හිමාලයේ බරත් එකක් හිරවීමෙන් තැටිය මැද තැන්වලින් ඒ පීඩනය පිටවීම. ඔස්ට්‍රේලියාවේ ප්‍රකට නිව් කාසල් 5.9 භූ කම්පණය සහ මෑතදී මෙල්බන් වල ඇති වූ 5.6 ක කම්පනය මෙවැනි තැටි මැද කම්පණ වලට උදාහරණ. මේවා අතිශයින් භයානක නෑ. ඒත් බාල ගොඩනැගිලි නිසා ලංකාවට ලොකු අනතුරක් වෙන්න පුලුවන්, ඉරානයෙ මැටිගෙවල් තියෙන ගම්බද, පලාතක වෙච්ච ඒකක 4.0 5.0 වගෙ ගණන් එව්වයිනුත් ජීවිත කීපයක් අහිමි වෙලා තියෙනව ගෙවල් කඩා වැටීමෙන්.

ලංකාවට දකුණින් හැදිල ඉවර වෙන්න ආසන්නයෙ තියෙන ඉන්දු-ඔස්ට්‍රෙලියන් තැටි වෙන් කරන බෙදුමත් ස්ට්‍රයික් ස්ලිප් පැලුම් රශියක් ඇති කරල තියෙන්නෙ. එහි සුමාත්‍රා පැත්තෙ කෙලවරේ ඒකක 8.0 ට වැඩි කම්පණයක් වුණා 2012. ඒකෙන් ලන්කාවට දැනෙන භූ කම්පණයක් තවම වෙලා නෑ තමා. ඒත් "අපි දන්න කාලෙක එතන භූ කම්පන වෙලා නෑ" කියන්නෙ ආරක්ශිත කතාවක්ම නෙවි නේ.

Sujeewa Kokawalahttp://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.com3tag:blogger.com,1999:blog-6900753426343218319.post-89172879769075757282023-01-26T22:42:00.002-08:002023-01-26T22:46:49.397-08:00ජසින්ඩා ගැන ලියූ සටහන්බලයෙන් ඉවත්ව යන ජසින්ඩා ආඩ'න් ගැන යන කතාබහ නිසා මට හිතුන වරින් වර විවිධ හේතු නිසා ඇය ගැන ලියු ෆේස්බුක් සටහන් එකතුවක් හදන්න. මේ මොහොතෙ ජසින්ඩාට පක්ශව ලෝක මට්ටමින් නිර්මාණය වූ ලොකු කැරිස්මාවක් තියෙනවා. ජසින්ඩාමේනියා කියල ඒකට කිව්ව, ඒ වගේම නවසීලන්තයේ ඉන්න සුළුතරයක් වූ සුදු වර්ගවාදින් ස්ත්‍රී විරෝධින් ඇතුලු පිරිසක් ඇයට දැඩි සයිබර ප්‍රහාරයක් එල්ල කරනවා. මේ සටහනේ අරමුණ ඒ දෙකෙන් එකකට වත් සහය දීම නොවේ. මේවා ඒ ඒ අවස්තා වල ඇය ගැන ලියනන් යෙදුණු ඔපිනියන් පමණයි. ආපස්සට එඩිට් කර නැත.

එසේම මම නවසීලන්තෙ නොසිටින කෙනෙක් නිසා සමහර භුමියේ තත්වයන් මට නිසි ලෙස ග්‍රහණය වෙලා නැතිවෙන්න පුළුවන්.

මේ සටහන ලියවෙන්නෙ කාලයෙ ඉදිරි දිහාවට. අදාළ දිනත් එක්ක. ලේඛනයේ කොලිටි හොයන්න එපා. ෆේස්බුක් කොපි පේස්ට් කරන එව්ව. එඩිට් කරන්න අදහසක් නෑ.

2017 ඔක්තෝබර් 19: ජසින්ඩා අගමැතිනිය ලෙස පත්වීම

ජසින්ඩා ආර්ඩර්න් ... වයස 37යි [1980 උපන්].

දේශපාලන සන්නිවේදන උපාධිධාරීනියක් දේශපාලන කැම්පේන් වල පර්යේශිකාවක් ලෙස නවසීලන්තයේ සහ බ්‍රිතාන්‍යයේ අගමැති වරුන් දෙදෙනෙක් සමග කටයුතු කරනවා. ඒ හැම අවස්ථාවකම කම්කරු පක්ෂ වලට තමා කැම්පේන් කරන්නේ. සමාජ ප්රජාතන්ත්රවාදය සහ වාමාංශික දේශපාලනයේ නිරත වන්නියක්. ලෝක සමාජවාදී තරුණ සංවිධානයේ හිටපු සභාපතිනියක්.

නවසීලන්ත කම්කරු පක්ෂයෙන් 2008 පාර්ලිමේන්තුවට යනවා.
නවසීලන්තයේ ජාතික පක්ෂයේ ධනවාදී ප්‍රතිසංස්කරණ නිසා ආර්ථිකය සැහෙන්න දියුණු වෙන තත්වයක් තියෙන්නේ. අගෝස්තු මාසේ කම්කරු පක්ෂය ඔපිනියන් පෝල් වල ඕල් ටයිම් ලෝ එකකට ඇවිත් එහි නායකයා ඉල්ලා අස්වෙනවා. ඒ වෙලාවේ ජසින්ඩා නායකත්වයට එන්නේ. මාස දෙකකින් ඒ ඔපිනියන් පෝල් වල ජාතික පක්ෂය පරදන්න සමත් වෙනවා. එහෙම වෙන්නේ වසර දොළහකින්.

ඊට පස්සේ චන්දෙදී ඇගේ පක්ෂයේ මුළු ආසන ගණන ජාතික පක්ෂයට අඩු වුනාට ජාතිකවාදී කුඩා පක්ෂයක් සහ හරිත පක්ෂය සමග සභාගයකින් ජසින්ඩා බලය ගන්නවා [මේ සභාගයට එකතු වෙච්ච අයගේ හැටියෙන්ම ඇය කෙතරම් නෙගොශියේෂන් වලට දක්ෂ ද කියා හිතා ගන්න පුළුවන්].

දැන් දිවුරුම් දුන්නම 1856 ට පසු ලාබාලම අගමැති. කැනඩාව, ප්‍රංශය ඔස්ට්‍රියාව වගේ නෙවි ලාබාල නම්කි කෙනෙක්ම අපේ රීජන් එකෙන්.

හැබැයි ජෝන් කී අන්කල් අමාරුවෙන් හදාපු ආර්ථිකේ ට නම් අබ සරණයි මගේ හිතේ.

2018 මැයි 21: ජසින්ඩා ආඩ'න් හොලෝග්රෑමයකින් ජනතාව අමතයි

ජසින්ඩා අක්කිගෙ සෙන්ටර් ලෙෆ්ට් පොලිසි එක්කනම් ඒ හැටි එකඟතාවයක් නෑ. ජෝන් කී අන්කල් යන්තම් අටෝ ගත්ත දූපත් දෙක, යන්තම් අපිට ඇහැක් ඇරලා බලන්න හිතෙන තැනට ගෙනාපු දූපත් දෙක ඕකි කාල තමා යන්නේ කියල මන් හිතන් ඉන්නේ.

හැබැයි නිර්මානාත්මක වැඩකට විශේෂයෙන්ම ප්රචාරක වැඩකට නම් අක්කිට වඩා එකෙක් නෑ මේ හතර මායිමක. ජසින්ඩා මේනියා කියලනේ කියන්නේ. මේ තව එකක්.

පිළිගන්න ජසින්ඩා ආර්ඩන් සභාවක් හොලොග්රම් එකක් හරහා අමතන ලොව පළමු රාජ්‍ය නායක

2018 සැප්තැම්බර් 28: ජසින්ඩා රැවුලත් කැඳත් දෙකම බේරා කරන කතාව

මේකි යකෝ (ට්‍රම්ප්ට එ ජා සංවිධානයේ අය නෝන්ඩියට හිනා වූ දවස ගැන)

අඩෝ අපේ [අල්ලපු රටේ] ජසින්ඩ කෙල්ලට ඔව්ව කියන්නේ හෙම නෑ. දැන් ට්රුඩෝ ගේ ඩවුන් ටු අර්ත් සිංහාසනේ ගැලවුනාම ජසින්ඩා තමා එතනට එන්න ඉන්නේ.

2019 මාර්තු 18: ජසින්ඩා හිජාබය පළදියි

එතෙක් මෙතෙක් ලෝක දේශපාලනයේ මා දුටු ප්‍රොපගැන්ඩා චැම්පියන් ජසින්ඩා ය. එහි ඇති සුවිශෙශත්වය නම් මේ ඇගේ ජෙනුයින් ස්වරූපය ම වීමයි [හෝ එය එසේය යන්න අපට දැඩිව ඒත්තු ගැන්වීමයි].

ප්‍රොපගැන්ඩාව ඇගේ ජෙනුයින් ස්වරූපය ම කියා අප සිතන තැනම ඇය එහි චැම්පියන් වී හමාර ය.

ජසින්ඩා ගේ වෘත්තිය සහ දේශපාලනය යනු ප්‍රොපගැන්ඩා කැම්පේන් ය. පටන් ගන්නේ ටෝනි බ්ලෙයා ගේ කැම්පේන් එකෙනි. ලේබර් පක්ශයට ඇතුලු වන්නෙ හෙලන් ක්ලාක් හිටපු අගමැතිනියගේ කැම්පේන් එකෙනි. පක්ශයේ ජ්යෙශ්ටයන් ඉක්මවා ඉහලට එන ජසින්ඩා ආර්තිකය දියුනු කල ආන්ඩුවක බලය පැහැර ගන්නේ තම පක්ශයට බහුතර බලයක් පවා නොමැතිවයි. ඒ සදහා දක්ශිනාන්ශික පොපියුලිස්ට් පක්ශයක් සමග වාමාන්ශික හරිත පක්ශයක් එකතු කරන අතර බොහෝ විට එය ලෝකයේ එවැනි සන්ධානයක් තැනෙන පලමු අවස්තාවක් වනු ඇත. ජසින්ඩා මේනියා යනු නවසීලන්තය වෙලාගත් කතාවකි.

ක්‍රමයෙන් එය දූපත් දෙකින් එලියට විත් ලෝකය වෙලා ගන්නා ආකාරය නිරික්ශනය කල හැකිය. මේ ඔබාමා ගේ ටෝක් වලට ටෘඩො ගේ පෙනුමට සහ මැක්රොන් ගේ දැනුමට වශී වී හුන් ලෝකයකි. එහෙත් පෙර කී තිදෙනා මෙන් එක කදවුරක් වෙනුවට ස්පෙක්ට්‍රම් එක සපුරා නියෝජනය කරන්නට ඇය සමත් ය.

කොටිම්ම මේ මොහොතේ ඔබ නොසිතු පරිදි සන්ක්‍රමන අඩු කිරීමට ඇය කටයුතු කරමින් සිටින අතර සන්ක්‍රමන විරොදි පොපියුලිස්ට් පක්ශයක් සමග කැබිනට් තනතුරු බෙදාගන්නා සභාගයක් මෙහෙයවමින් සිටියි. ස්පෙක්ට්‍රම් එක සපුරා නියෝජනය කරනවා කියන්නේ එබැවිනි.

මේ මොහොතේ ද ව්‍යසනය පරයා නැගී සිටින යෝධ කැරිස්මාව ඇයයි. ඒ ප්‍රොපගැන්ඩා බව අනිවාර්යය. එහෙත් ප්‍රොපගැන්ඩා ඇගේ ජෙනුයින් ස්වරූපය ම ය. ජසින්ඩා ගේ විශේශත්වය එයයි.

ටර්ම් තුනක් පමන බුක් කර තබන්නට සිතා සිටිමු.

2019 මාර්තු 21: පැළදූ හිජාබය හෝදන්නත් කළින් ජසින්ඩා සංක්‍රමණ කෝටා කපා දැමූ නමුත් බැණුම් ඇහුවේ වෙනත් එකෙකි

වසරක සන්ක්‍රමන සීමාව 30000 කින් අඩු කිරීමට සහ සන්ක්රමනිකයන්ගෙන් වැඩි පිරිස සිඩ්නි මෙල්බන් වලින් ඉවතට යොමු කිරීමේ සැලසුමක් ඔස්ට්‍රෙලියානු අගමැතිවරයා ප්‍රකාශයට පත් කරයි.

ඇත්තටම ගිය වසර සැලකුවොත් සන්ක්‍රමනිකයන් ගනන මුලු සීමාවට වඩා අඩුවෙන් ආ නිසා නව සීමාවෙන් අඩුවන්නේ සන්ක්‍රමන 2000 ක් පමනි.
එහෙත් තම සැලසුම ඔස්ට්‍රෙලියානු අගමැතිවරයා ප්‍රකාශයට පත් කරන්නේ ක්‍රයිස්ට්චර්ච් හි දී සන්ක්‍රමන විරොදි ඔස්ට්‍රේලියානුවෙකු ජීවිත පනහක් බිලිගත්තාට සතියකට පසුවයි. මෙම සිදුවීම් දෙකේ සහසම්බන්දය නිසා අගමැතිවරයා විවේචනයට ලක් වෙයි.

ඔස්ට්‍රෙලියාවෙන් 1/4 ක ජනගහනයක් වෙසෙන නවසීලන්තයේ අගමැතිනිය වසරක සන්ක්‍රමන සීමාව 30000 කින් [ජනගහනයේ ප්‍රතිශතයක් ලෙස මෙය ඔස්ට්‍රෙලියානු කට් ඩවුන් එක මෙන් හතර ගුනයකි] අඩු කරන්නේ සභාගයේ පාර්ශ්වකාර සන්ක්‍රමන විරොදි පක්ශය සමග එකගතා ඇති කරගන්නා මොහොතේ මය. අද වනතුරු එතුමිය ඒ සැලසුම වෙනස් කරන බව කියා නැත. එහෙත් ප්‍රහාරය සිදුවූ මොහොතේ පටන් ඇය මුස්ලිම් පලදනාවෙන් සැරසී සලාම්මලෙකුම් කියමින් සන්කේතිය සන්ක්‍රමන හිතවත් ප්‍රචාරයක නියැලී සිටියි. මේ මොහොතේ ඇය සන්ක්‍රමනිකයන් සහ පොදු ලෝක ප්‍රජාව අතර වීරවරියකි.

සියල්ල කිවයුතු සහ කලයුතු ආකාර තිබේ. ෆ්රෑන්ක් ටෝක් කාරයින්ට වඩා කපටි ටෝක් කාරයෝ හැමදාම දිනති. පෙර කී පරිදි මෙතෙක් ලෝක දෙශපාලනයේ මා දුටු ප්‍රොපගැන්ඩා චැම්පියන් ජසින්ඩා ය. එසේම මේ මොහොතේ මා දකින ලෝක දේශපාලක චරිත අතරින් වඩාත්ම ඉන්ටරස්ටින් චරිතය ද ඇය යි.

ජසින්ඩා කියවීමට යත්න දරමින් සිටිමි.

නෝට්: දෙදෙනා ම ප්‍රතිපත්තිමය ලෙස සන්ක්‍රමන විරෝදය පිලි නොගන්නා මුත් හේතුව් ලෙස සපයන්නේ යටිතල පහසුකම් සැපයීමේ අර්බුදයයි. එහෙත් වෘත්තික ස්න්ක්රමන හරහා රටක යටිතල පහසුකම් වඩා වේගයෙන් නිර්මානය වන අතර ස්න්ක්රමන අඩු කිරීමෙන් දජානි පහල බසියි. සිඩ්නි මෙල්බන් වැනි සන්ක්‍රමන සන්කේන්ද්රගත වීම් පමන්ක් නැවතීම ප්‍රමානවත් කියා සිතමි.

2019 මැයි 18: ස්කොට් මොරිසන්ට එරෙහිව බිල් ශෝටන් චන්දය ඉල්ලු ඔස්ට්‍රෙලියානු මහ මැතිවරණයේ ජනප්‍රියම චරිතය වූයේ ජසින්ඩා ය

අද චන්දයේ ඔස්ට්‍රෙලියා ජනතාව වැඩියෙම්ම ප්‍රියකරන අගමැති ජසින්ඩා ආර්ඩර්න් කියලයි ජෝක් එක යන්නෙ. මෙහෙ ඉල්ලන උන් එතරම්ම මිනිසුන් අතර ජන-අප්‍රියයි. ලන්කාවෙ වගේම තෙවනි නෝමල් පක්ශයක් නැහැ විවිධ කල්ට් පක්ශ තමා තියෙන්නෙ. ටැස්මන් මුහුද ක්‍රොස් කරපු ජසින්ඩා මේනියාවේ තරම කිව්වොත් උන් ඔස්ට්‍රේලියාව ආක්රමනය කලොත් ඔසියොත් ඒ හමුදාවට එකතුවෙන සයිස්.

2019 නොවැම්බර් 03: තම පාලනයේ දෙවර්ෂ පූර්ණය සමරන්න ජසින්ඩා කරන විනාඩි දෙකේ ප්රචාරක කතාව

තමන් කරපු වැඩ කියන්න විනාඩි දෙකක් මදි කියා ව්‍යංගයෙන් හඟවන ජසින්ඩාගේ ප්‍රොපගැන්ඩා ජිමික්

මේ ඉන්නෙ ජසින්ඩා ආඩර්න්. ඇය නවසීලන්තේ ලේබර් පක්ශ නායිකාව සහ ලේබර් සන්ධානයක අගමැති. මේ කියන්නෙ එයාගෙ මුල කාලෙ එයා ගේ ආන්ඩුව කල දේවල් ලිස්ට් එක.

මේ ලිස්ට් එකේ තියෙන දේවල් බහුතරයක් මාර හොද දේවල්. බහුතරයක් නීති සම්පාදන සහ රාජ්‍ය සහන සේව සුබ සාධන කටයුතු ආදිය.

නවසීලන්තය කියන්නෙ දරිද්‍රතාවය අතින් පහල ඉන්න රටක් නොවුනත් ඇමරිකාව වගේ නමට ෆස්ට් වල්ර්ඩ් දිලින්දන් ගහන රටක් නොවුනත් ෆස්ට් වර්ල්ඩ් ප්‍රොබ්ලම් එකක මට්ටමේ දරිද්‍රතාවයක් [ඒ කිව්වෙ අන්ත දුප්පත් නොවුනට සමහර එව්ව ලබා ගන්න අමාරුවක්, සුරක්ශිත බවේ ගැටලුවක්] තියෙනවා - මූලිකවම ස්වදේශික මඔරින්ට සහ සන්ක්රමනික්යන්ට. ඒ පදනමින් ජසින්ඩාගෙ රජය නවසීලන්තේ කරගෙන යන්නෙ සෝශල් ජස්ටිස් වොරියර් පන්නයෙ දේශපාලන ගමනක්.

වත්මන් විපක්ශය ජාතික පක්ශය තරමක් කන්සවේටිව් සහ ආර්තික අතින් ලිබරල් [ලිබරල් වර්ග දෙකක් තියෙනවා මේ කලාපෙ ලිබරල් කියන්නෙ ආර්තිකේ ලිබරල් හෙවත් දක්ශිනාන්ශික ලිබරල් අයට, වාම ලිබරල් ලෝක සන්කල්ප මෙහෙ වැඩියෙන් යන්නෙ කම්කරු පක්ශ එක්ක]. ජාතික පක්ශය කිව්වට ඇත්තටම ඔවුන් ජාති[ක]වදි පක්ශයක් නොවේ එහෙම පොපියුලිස්ට් ජාතිකවාදි පක්ශය වනුයේ නිව්සිලන්ඩ් ෆස්ට් පක්ශය එයාල දැනට ජසින්ඩගේ වමේ සිට දකුනට පුලුල් දේශපාලන ස්පෙක්ට්‍රම් එකක තියෙන ආන්ඩුවේ එක කොටස් කාරයෙක්.

ජසින්ඩා ට පෙර [දිගු කලක්] බලයේ උන්නු ජාතික පක්ශයේ ජෝන් කී කියන්නෙ ෆොරෙක්ස් ක්ශේත්‍රයේ ඉහල විද්වතෙක් මෙරිල් ලින්ච් ආයතනයේ ඩිවිශන් හෙඩ් කෙනෙක් සහ විවිධ ජාතයන්තර මූල්‍ය උපදේශන කටයුතු මෙහෙයවන කෙනෙක්. ඔහුගේ කාලය සුවිශේශි වන්නෙ බැටලුවන් ස්වභාව සෞන්දර්ය සහ හොලිවුඩ් සීනික් බියුටිය [හොබිට් හර්කියුලිස් ලෝඩ් ඔෆ් ද රින් සීනා සහ ලොස්ට් ව්ර්ල්ඩ්] ගැන පමනක් අහල තිබ්බ බොහෝ දෙනාගෙ අරමුන ඉගෙනගෙන ඔස්ට්‍රෙලියාවෙ ජොබ් හොයාගෙන යාම වෙච්ච ඊට කලින් ආන්ඩුවෙන් ඩෝල් දීලා ඩෝල් මත යැපෙන්නන්ගේ දේශය කියල විරුද නාමයක් තිබ්බ නවසීලන්තෙ ආර්තිකය එක පාරට හයිටෙක් කෙශෙත්ර වලට විවර කරල කෙටිකාලින ප්‍රගතියක් ගන්න එක නිසා. ඔස්ට්‍රෙලියාවට ජොබ් හොයන් එන මිනිස්සු වෙනුවට එක අවධියක් තිබ්බ අපිට එහෙන් වේකන්සි වලට කෝල් ආපු. මේ කාලෙ පටන්ගත්ත සමහර බිස්නස් තවමත් නවසීලන්ත සන්නාමය එක්ක යනවා. මම ජෝන් කී දකින්නෙ සන්වර්ධන නියමුවෙක් හෝ ආර්තික සලසුකරුවෙක් ලෙස. ඉකොනොමික් ඩෙවලොප්මන්ට් වොරියර් කෙනෙක්. ජෝන් කී දේශපාලනෙන් විෂ්රාම ගියා [මුණූපුරාව පාසල් එක්ක යන්න විදිහක් නැහැ කියල - ඇත්තටම ඕක තමා දුන්නු හේතුව]

ජසින්ඩා මේ කියන කතාවෙ නැති එකම දේ දැක්කද? ජසින්ඩා ලා මේ ආකාර වලින් වැය කරන්නෙ ජෝන් කී ල උපයා දෙන ආර්තික ස්තාවරත්වය ඒත් ජසින්ඩගේ කාලෙ වෙච්ච දේවල් අතර ආර්තික සන්වර්ධනය නැහැ. ඕකෙ නොකිව්ව එයාගෙ ආර්තික සන්වර්ධනය [නොවීම] ගැන ලොකු විවේචන තියෙනවා. ඊට හේතුව එයා ඒ ගැන නොසැලකිලිමත් වීමද නෙවිනම් එයාගෙ අලුත් වෙනස්කම් එක්ක අර්තිකේ වැටෙන එකද දන්නෙ නැහැ.

සන්වර්ධනය පරම උත්තරීතර එකම මග නෙවි විශේශයෙන්ම සන්වර්ධිත සහ ඉහලම ජීවන තත්ව වල ඉන්න මේ වගේ රටකට. සන්වර්ධනය එක්ක තරාදියෙ අනිත් පැත්තෙ ඉන්නව පරිසරය යහපත් ජීවන තත්ව ප්‍රෙශර් ටෙන්ශන් ආදි දේවල් රාශියක්. හැබැයි ජසින්ඩ වැය කරන්නෙ ජෝන්කී ඉපයු ආර්තික ස්තාවරත්වය නම් එය සීමා සහිතයි, ජසින්ඩාට මේ සෙල්ලම් දාන්න තියෙන ඉඩ සීමා සහිතයි. කොයි දේත් කෙළවර වෙන්නෙ මේ සන්චිත ධනවත්බව [මූල්‍ය ඉලක්කම නොවේ] ඉවර වෙන තැන. ඊට පස්සෙ නවසීලන්තෙ උනත් විරැකියාව ඩොල් මත යැපීම විදෙස් නය ගැනීම [ඔස්ට්‍රෙලියාවෙ ගිලාඩ් රජය එතනටම ආව] ඇතුලු අලුත්ම ප්‍රශ්න ගොඩක් හැදෙනවා.

මේ මොහොතේ නවසීලන්තෙ පමනක් නෙවි පලමු ලෝකෙම ඇදෙන විවාදයක් මේක. ඇමරිකා ජනාධිපතිවරණය, බ්‍රෙක්සිට්, යුරොප්පා සන්ගම් සහ ජාතික රාජ්‍ය, කැනඩාවෙ චන්දෙ මේ හැම එකකම සෝශල් ජස්ටිස් වොරියර්ට එරෙහි ඉකොනොමික් ඩෙවලොප්මන්ට් වොරියර් සටන [බ්‍රිතානය් චන්දෙ ලිව්වෙ නැහැ ඒකෙ එහෙම එකක් නොපෙනෙන නිසා].
ඔය සටන එක තැනක හිර වුනාම එලියට පනින අතුරු පලය වනුයේ පොපියුලිස්ට් ජාතිකවාදි අතාර්කික හැගීම්බර දේශපාලනය. මේක මේ කලාපෙ නම් එතරම් ලොකු නැහැ ඒත් යුරොපෙ නම් ලොකු එකක්. හැබැයි ජසින්ඩා ෆේල් වුනොත් ඉදිරියේ දි නිව් සීලන්ඩ් ෆස්ට් පක්ශය ගේන් එකක් ගනියි කියා මම හිතනවා.

2020 අප්‍රේල් 15: ජසින්ඩා ලොක් ඩවුන් පටන් ගත්තේ තියෙන තදම ලෙවල් එකෙනි

කෝවිඩ් 19 කතන්දර ...

අපි ටිකකට නවසීලන්තෙට යමු, එහෙ ලොකුවට අවුට්බ්රේක් ගියේ නෑ ඒත් එයාල දෙන්න තියෙන තදබල ම ලොක් ඩවුන් එකක ඉන්නෙ.

මගේ මතය නම් නවසීලන්තය ගත්තෙ දේශපාලන තීන්දුවක්. වෙන රටවල් වගෙ සයන්ටිෆික් එකක් නෙවි. එතනදි ඒ තීන්දුව ඩ්‍රයිව් කලෙ නවසීලන්තෙ අගමැතීනිය විසින්. ජසින්ඩා කරන හැම එකකම තියෙනව ලොකු ප්‍රොපගැන්ඩා එකක්. ඒ එයාගෙ හැටි.

එයාලගෙ ලොකුවට පැතිරීමක් තිබ්බෙ නැති නිසා ලෙවල් 2 හෝ 3 ලොක් ඩවුන් එකක් කරල බලන්න තිබ්බ. ඒව සහ ලෙවල් 4 අතර වෙනස නම් බොහො අත්‍යාවශ්‍ය නොවෙන ව්‍යාපාර වහලම දාන එක. එතනදි "අත්‍යාවශ්‍ය" කියන එක මධ්‍යගත ව තේරිමත් අවුල්. ලෙවල් 3 කියන්නෙ ඒව ආරක්ශිත ආකාරෙට දුවන එක.

දේශපාලන තීන්දු ගත්තම වෙන්නෙ ඒව දිගුකාලිනව ඇප්ලයි කරගන්න බෑ. උදාහරනෙකට ජසින්ඩාට රෝගින් 0 කරා ගේන්න පුලුවන් ඒත් ඒක දිගටම තියාගන්න බෑ. වැක්සින් එකක් එන්න යන අවුරුදු ගානක් එහෙම ඉන්න බෑ. එයාට දවසක රට අරින්න වෙනව . ආයෙ එතනදි රෝගින් ගාන 0 ට එහා යනව.

සයන්ට්ෆිකලි ස්පීකින් රෝගින් ගාන 0 කරනව කියන්නෙ ලෝකෙ එක්ක සම්බන්ද කඩනව කියන එක. ඒ පලවෙනි එක ශෝක් වුනාට දෙවෙනි කාරනේ කල නොහැක්කක් නිසා ඒ වෙනුවෙන් වෙහෙසීම අපරාදෙ. ඒ නිසා තමයි සයන්ටිෆික් ඩිසිශන් එකක ඒ වගෙ සද සිහින නැත්තෙ. නවසීලන්ත තීරනය ඉමෝශනල් වීමක්.

කමෙන්ට්ස් වල උපුල් යෝජන කළ පරිදි එයාල ඉක්මනින්ම ලොක්ඩවුන් එකකට ගිය එක හොද දෙයක්. ඒත් එයාල කරල තියෙන ලොක්ඩවුන් එක හොදටම සැර වැඩියි. කාටවත් එලියට බහින්නවත් බැරි ගානෙ ලොක්ඩවුන් එකක් එයාල කලේ (ලෙවල් 4). ගැටලුව නම් ඒක පවත්වා ගන්න බෑ
වෙන්න නියමිත දේනම් ඉක්මනින් ම එයාල ලොක් ඩවුන් එක ලිහිල් කරන එක. තරමක කාලයක් රෝගින් 0 තියලලොව පුරා ප්‍රශන්සා ගන්න පුලුවන්. පසුව ආයෙ රෝගින් විස්සක් තිහක් වගෙ දවසට හොයා ගත්තත් ඒක ලොකු සිද්දියක් නෙවි ඒ නිස ලබාගත් නම්බු නාමෙ පහව යන්නෙ නෑ.
ජසින්ඩට ඕනෙ ප්‍රොපගැන්ඩා කියල මම කියන්නෙ ඒකයි.

සැබෑ ගේම් කරුවන් බලන්න නම් කොරියාව තායිවානය වගෙ රටවල් බලන්න. උන් ලොක්ඩවුන් අවමයෙන් ගේම බේරුව. රෝගින් 0 කලේ නෑ ඒත් 50 ට පහල දෛනික රෝගි ගානක් ඉන්නෙ.

2020 අප්‍රේල් 30: නවසීලන්තය කෝවිඩ් රෝගය තුරන් කිරීම සමරති

කෝවිඩ් 19 කතන්දර ...

ජසින්ඩාට ආදරෙනි

ඔස්ට්‍රේලියාව ඉතාම පරිස්සමින් ලොක් ඩවුන් රිලිස් කරන්නෙ ටෙක්නිකලි මේ මැච් එක ගහන්නෙ කෝවිඩ් 19 ගෙ ටෙරේන් එකේ නිසා. ක්‍රමයෙන් අපේ ලොක් ඩවුන් ඒක රිලිස් කරන්නයි යන්නෙ. ඒකට මාස ගානක් ගනියි.

ඕක නිසා තමා ජසින්ඩා ආඩ'න් මැතිණිය කට වහගෙන සයන්ටිස්ට් ලට පාඩුවෙ කරගෙන යන්න දෙන්න ඕනෙ කියන්නෙ. ඒත් ජසින්ඩා එහෙම කරන්නෙ නෑනෙ, ජසින්ඩා සහ ප්‍රොපගැන්ඩා වෙන් කල නොහැකියි.
ජසින්ඩා නිසා හරි කරදරයි. මොකද එයා ඔය එක එක එව්ව කිව්ව ගමන් මිනිස්සු අපිවත් ටැග් කරනව.

උදාහරනෙකට ඔන්න ජසින්ඩා එක පාරට ලෝකෙ තියෙන සැරම ලොක් ඩවුන් එකක් දැම්ම - ලෙවල් 4 කියන්නෙ. දාල හෙන ටෝකක් එහෙමත් දැම්ම ඒ ගැන. මිනිස්සු අපෙන් අහනව "අන්න නිව්සීලන්ඩ් ලොක් ඩවුන් කරල ඔයාල කරන්නෙ නැද්ද?" ඒත් අපි ඒ වෙද්දිත් ලෙවල් 3 ලොක් ඩවුන් එකක උන්නෙ. ඒක සයන්ටිස්ට් පැනල් කීපයක් සැහෙන අධ්‍යනයක් කරල ගත්ත තීරණයක්. ඒකෙ අස්සෙ නිව්සීලන්ඩ් වගෙ එදිනෙදා ව්‍යාපාර වැහුවෙ නෑ. ඒ වගේම ජාත්‍යන්තර මාධ්‍ය වලට වෙනම වොයිස් කට් දීගෙන කලේ නෑ පනිවුඩය ගියෙ ප්‍රාන්ත මට්ටමින්.

දාපු ලොක් ඩවුන් එක මාර අසිරු නිසා දේශිය ව්‍යාපාර වැටෙන නිසා මාසෙකින් නවසීලන්තෙ ඒක පොඩ්ඩ්ක් ලිහිල් කරනව. ජසින්ඩා ආයෙ ඇවිත් කියනව ඔන්න අපි දැන් ලොක් ඩවුන් ලිහිල් කලා කියල. එතකොට මිනිස්සු ආයෙ අහනව, "මේ ඔයාලගෙ ලොක්ඩවුන් එක තාම ඇදෙනවද අන්න නිව්සීලන්ඩ් රට ඕපන් කරල" . ඒත් නිව් සීලන්ඩ් කලෙ එමොකද්ද? ලෙවල් 4 එක ලෙවල් 3 වලට අඩු කල එක. ඉතින් යකෝ අපි දිගටම උන්නෙ ලෙවල් 3 ම නෙ.

කෙසේ වෙතත් ලොක් ඩවුන් දෙකේම රිසල්ට් එකම වගේ ඕනෙනම් ඇනලයිස් කර බලන්න මිලියනයකට ඇවරේජ් කල දත්ත. රටක් ලෙස ඔස්ට්‍රෙලියාව වඩාත් සන්කීර්ණ සහ බලය බෙදු ඒකක ලෙස වඩාත් අමාරු වුනත් දෙරටම එකම මට්ටමක ඇචිව්මන්ට් එකක් ගන්නව. ඔස්ට්‍රෙලියාව කියනව අපි දැන් ලෝකලි බෝවෙන එක ඔල්මොස්ට් බින්දුවට ගෙනත් ඉන්නෙ. අපි මෙහෙම තව තරමක් කාලයක් බලමු. සමහර විට වේව් එකක් එයි ඒත් අපි ඒකට රෙඩි කියල. කියන්නෙ අර සයන්ටිස්ට් ල. ජසින්ඩ ආයෙ පනාව දාල කියනව් "නිව්සීලන්ඩ් කරන්ට්ලි කොරෝනා පරාද කරල තියෙන්නෙ" කියල. ඕක දැක්කම් මිනිස්සු කියනව "මේ අන්න නිව්සීලන්ඩ් කොරෝනා ඉවරම කරල ඔයාලගෙ තාම කේස් නේ" කියල. ඒත් ජසින්ඩට තියා සක්කරයටවත් කිව හැකිද "පරද කලා" කියල. ප්‍රොපගැන්ඩා කියන්නෙ ඕකයි. මොකද එයා ඔක පටන් ගනිද්දි ටාගට් සෙට් කලේ කෝවිඩ් 19 බින්දුව කරන්න. ඔස්ට්‍රෙලියා හිතුවෙ පාලනය කරන් ජීවත් වෙන්න. බින්දුව අපිට බෝනස් එකක්. ඒත් ජසින්ඩට ඒක කෝම හරි පෙන්වන්න වෙනව,

ඒත් එයාට වරදින්නෙ නෑ. කෙනෙකුට තම උපරිම හැකියාව තියෙන ෆීල්ඩ් එකේ කවදාව්ත් වරදින්නෙ නෑ. ඔබ නොදැක්කට එයා කියන්නෙ "කරන්ට්ලි" කියල. මේ මොහොතෙ. මේ මොහොතෙ විතරයි. ඕක ඉතින් කියන්නත් එකක්ද කියල අහන්න හිතෙනව. ඒත් ඒ එයාගෙ හැටි ජසින්ඩා කියන්නෙ ප්‍රොපගැන්ඩා. එයා වැඩේ කරන ගමන්ම එයාම ඒක කියනව. ඒ කොටස ඉබේ වෙන්නෙ. දන්නෙ නැති කෙනෙක් ඉන්නව නම් ජසින්ඩා කියන්නෙ ඉස්සර අගමති වරුන් කීප දෙනෙකුගෙ සාර්තක චන්ද කැම්පේන් ඕගනයිස් කල ප්‍රොපගැන්ඩා ප්‍රොෆෙශනල් කෙනෙක්. ඒ තමා එයා කැම්පස් එකෙන් අවුට් වෙල අවු 10 ක් විතර කල රස්සාව. නිව්සීලන්ඩ් ලේබර් එක හතේ හත වැදිල ඉන්න කොට ඒ පොඩි නන්ගිව ප්‍රොමොට් කරනව උඩටම. කතා දෙකක් නෑ එයා වැඩේ තිතටම දෙනව. ඒකයි මන් කිව්වෙ එයා ඉම්ප්ලිසිට්ලි ප්‍රොපගැන්ඩා යන්ත්‍රයක්. එයාට ඒ ආට් එක ලේසියෙන් වරදින්නෙත් නෑ ඒකෙන් ගැලවෙන්නත් බෑ.

වරදවා තේරුම් ගන්න එපා. මම ජසින්ඩාට හෙනම කැමතියි. අනික එයා සැහෙන දක්ශ කෙනෙක්. වැඩත් කරල තියෙනව ඒව අපි පොලිටිකලි එකග වෙන දේවල් නම් ඒවයෙ ඉහල මට්ටමක ප්‍රතිපල තියෙනව. කැරිස්මැටික්. රටම වශී කරන් ඉන්නෙ. අල්ලපු රටේ එයා ඉන්න එක ගැන පැලෙන්න ඉරිසියයි. මන් නෙවි මුලු ඔස්ට්‍රෙලියාවම. ජනමත විචාරනයක් තිබ්බොත් ඔස්ට්රෙලියාව්වෙ ජනප්‍රියම අගමති තෝරන්න ඕකි තමා දිනන්නෙ. ඒකට අපිට ඉන්නෙ මූකලන් කොට්ටෝරුවො සෙට් එකක්. මොරිසන්න්නම් කට ඇරියොත් පලාතක් ඉවරයි. මේ මුලු වැඩසටහනේම එයා ගැන ලෝකෙ දන්නෙ ස්ටුඩන්ට් ලට රටෙන් යන්න කිව්ව කියල පමණයි.

ඒත් හැමොම තේරුම් ගන්න ඕනෙ දෙයක් තමා කොච්චර දක්ශ වුනත් කොච්චර වැඩ කලත් ජසින්ඩා කියන්නෙ ප්‍රොපගැන්ඩා වලට කියන තව නමක්. එයා මොකක් හෝ ඩ්‍රාමා එකක් කරල මොකක් හෝ ජිමික් එකක් කරල ලෝකෙම අවධානය දිනාගෙන ආදරයත් දිනාගෙන එයා ගැන කතා කරන්න අවස්තාවක් හදනව. ඒකට ලේසියට හැමෝම ජසින්ඩා මේනියා කියනව. වඩාත් ඇනලිටිකල් වචනයක් ඕනෙනම් ලෙෆ්ට්/ලිබරල් පොපියුලිස්ම් කියන්නත් පුලුවන්.

අමනාපෙන් නොවේ. ජසින්ඩාට ආදරෙනි

2020 ඔක්තෝබර් 15: ජසින්ඩා දෙවෙනි චන්දෙට පෙර දරිද්‍රතාවයට ආදරය බෙදයි

ජසින්ඩා කියන්නෙ ස්වාභාවිකම ප්‍රොපගැන්ඩා ක්‍රියාවලියක්. ඒත් කතාවෙන් ඔබ්බට එයාගෙ ක්‍රියාකලාපයන් බලපාන්නෙ කොහොමද?

ජසින්ඩා කරන සමහර කතා සහ ක්‍රියා අතර පුදුම පරස්පර තියෙනවා. උදාහරණයකට සන්ක්‍රමනිකයන් බහුල මුස්ලිම් පල්ලියකට සුදු අන්තවාදියෙක් වෙඩි තබා පනස් ගානක් මරාපු වෙලාවේ හිජාබයක් දාගෙන ඔවුන් වැළද ගන්න කාලෙම ඇය සන්ක්‍රමන කෝටාවෙන් 1/3 කට වඩා කැපුවා, ඒත් ප්‍රසිද්ද වුනේ සරනාගාත කෝටාවෙන් ඒ කපාපු එකෙන් පහෙන් පන්ගුවක විතර චූටි තරමක් වැඩි කර එක පමණයි. සමස්තකයක් ලෙස වාර්ශිකව සන්ක්රමණිකයන් විසිපන්දාහක් පමන අඩු කෙරූනා නෙට් රිසල්ට් එක ලෙස. ඒ කාලෙම ඔස්ට්‍රෙලියාවෙ භාවිත නොකල මයිග්‍රේශන් කෝටා කොටස ඉවත් කරල ඒක මෝඩය වගේ ප්‍රසිද්දියෙම කිව්ව මොරිසන් ආන්ඩුව සන්ක්රමනික විරෝදි ලෙස ලොක වාසිය රෙජිස්ටර් කලා.

දරිද්‍රතාවයට ආදරය බෙදන්නට කතා කිරීම එකක් දරිද්‍රතාවය ඉවත්කරනන් ප්‍රායෝගික ආර්තික වැඩසටහන් ක්‍රියාත්මක කිරිල්ල වෙනකක්. ඕකෙ දෙවෙනි එක කරන්නෙ දුප්පතා ගැන ප්‍රේමයෙන් නොවෙන්නත් පුලුවන් ඒත් දුප්පතාට වැඩක් තියෙන්නෙ ඒකයි. ජසින්ඩාට කලින් දිගුකාලයක් උන්නු ජෝන් කී එහෙම කෙනෙක්. මිනිහට දුප්පතා ගැන ලොකු කැක්කුමක් තිබ්බෙ නෑ ඒත් මිනිහගේ අට වසර තුල ආර්තිකය නග්ගපු තාලෙට ඉබේම සමාජයෙ පහල අඩියට යහපතක් වුනා. එත් මිනිහ කවදාවත් දුප්පතාට ආදරේ නොබෙදු නිසා ලෝක වාසිය ඒක නෝටිස් කරන්නෙ නෑ.

පළමු ලෝකයෙ තමන් ඉන්න ස්තානය එක්ක නොසිතු විරු මට්ටමින් මිනිස්සු සාගින්නෙ ඉන්න දරුවන් ද්විතියික මට්ටමෙ මන්ද පෝශණයෙන් පෙළෙනෙ රටක් නවසීලන්තය. හේතුව ජනගහනයෙන් 1/5 පමණ වන ම-ඔරි සහ පැසිෆික් ප්‍රජාවගේ ජීවන තත්වය පහළ අඩියක පැවතීම. සුද්දන් සහ සෙසු සන්ක්‍රමනිකයන් ඊට වඩා ඉහල ජීවන තත්වයක උන්නත් නවසීලන්තයට නරක සන්වර්දන දර්ශක එක්ක ගනුදෙනු කරන්න වෙන්නෙ ඒකයි. ඒක සන්කිර්ණ ප්‍රශ්නයක්. ඒක ජසින්ඩාගෙ ම චන්ද පොරොන්දුවක් වෙන්නෙත් ඒකයි,ඒත් ඒකට ආදරය බෙදල මදි.

පවතින වාතාවරණය තවත් තීව්ර වන්නෙ ජසින්ඩාගෙ කෝවිඩ් පොලිසි එක නිසා. මම මුල සිටම වලකා ලීම හෙවත් ප්රිවෙන්ශනිසම් එක්ක එකග වෙන කෙනෙක්.ඒත් මන් හිතන්නෙ ඒක කරන්න ඕනෙ භුමියෙ තත්වය මත ක්‍රමයෙන් වැඩිවෙන රිස්ට්‍රික්ශන් දමීමෙන්. ඉස්සෙල්ල පොඩ්ඩක් තද නීතුයක් දාල ඒකෙන් අඩු නොවේ නම් තව ටිකක් තද කරල. මෙහෙම තමා සාර්තකව කෝවිඩ් මර්දනය කල ඔක්කොම රටවල් ඒක කලේ.

ඒත් ජසින්ඩාගෙ පොලිසිය වෙනස් එයාල දවසට පනහක් වගේ හොයාගන්න මොහොතෙ ටෝටල් ලෙඩ්ඩු ගාන දාහ පනින කොටම කෙලින්ම අත්‍යවශ්‍ය බිස්නස් ඇරෙන්න සේරම සම්පුනයෙන් වහල ඔක්කොම මිනිස්සු එක පිටිම්ම ගෙවල් වල නතර කලා. ඒකෙන් ආර්තිකයට මරුපහරක් වැදුනත් ජසින්ඩාගෙ මතය වුනේ අපි ඔබ කෝවිඩ් වලින් ඒකාන්තයෙන්ම රකිනවා කියන එක. ඒකෙ සාර්තක ප්‍රතිපලය ලෙස කෝවිඩ් බින්දුව කිරීම සෙල්බ්රේට් කරමින් ප්‍රොපගැන්ඩා මැශිමට එකතු කලා.

ඒකෙ යහපතකුත් තිබ්බ. දකුනු අර්ද ගෝලය බලාපොරොත්තු නොවන වින්ටර් හිට් එකට යද්දි ජසින්ඩාගෙ බින්දුව එයාලව බේරගත්ත. බින්දුවට මදක් උඩින්න් උන්නු ඔස්ට්‍රෙලියාව ඒ ටිකෙන් දෙවෙනි රැල්ල හදා ගත්ත. ඒත් ජසින්ඩාගෙ කිසිම පදනමක් නැති ආන්තික ලෙවල් 4 ලොක්ඩවුන් එකෙන් එයාලගෙ ආර්තිකය හාන්සිම වෙලා ගියා. කලින් කිව්ව වගෙ පලමුලෝකෙ රටකට මදක් නොගැලපෙන මට්ටමේ දරිද්‍රතා සන්ගුනක වලින් සමාජයෙ විශාල පිරිසක් පීඩා විදින වෙලාවක ජසින්ඩාගේ අන්තවාදි කෝවිඩ් පොලිසි එකෙනුත් බඩට වදින්නෙ ඒ මිනිසුන්ටමයි. ඒ මිනිසුන්ට ජසින්ඩාගේ ආදරය කන්න බෑනෙ.

මේ නිව්ස් එකට අනුව දරුවාට යහපත් කෑම වේලක් දෙන්න හිතාන තමන් බඩගින්නෙ ඉන්න මව්පියන් සැලකියයුතු තරමක් නවසීලන්තෙ ඉස්සරත් උන්න අතර ඒක කෝවිඩ් මර්දනයෙන් නොසිතු ලෙස ඉහල ගිහින්. ප්රිවෙන්ශනිස්ට් රටක්ලෙස ජනයාට සහනාධාර දෙන්න ඔස්ට්‍රෙලියාවෙ මොරිසන් රජය ගත් පියවරයන් ජසින්ඩා අරගෙන නෑ.

ඒත් ලෝකය මල විකාරයක්. මොරිසන් ගේ කොන්සවේටිව් ලිබරල් රජය දුප්පතාට නොසලකන ධනවාදි ආන්ඩුවක් ලෙස සලකන ලෝකයා දුප්පතාට ආදරය බෙදන ජසින්ඩාගෙ ආන්ඩුවට හැමදාම ගරු කරාවි. මොකද මොරිසන් ලා දවස ගානෙ දුප්පතා ඉඹිමින් කදුලු නොහෙලන නිසා.
මම මොරිසන් රජයට අමුතු කැමැත්තක් නෑ. මිනිහගෙ කෝවිඩ් මර්දන සැලසුම් ඇර මගෙ වර්නනාවට ලක්වෙන දෙයක් වෙලාම නෑ. ඒත් දුප්පතාට කටින් ආදරය බෙදමින් කරන ජසින්ඩලාගෙ ප්‍රොපගැන්ඩා පාලනය සහ ඒකෙම එල්බ ගෙන ඒව වර්නනා කරන බූරු ලෝකවාසියාගෙ හැසිරීම මට තරමක් අප්‍රසන්නයි.

ජසින්ඩ මේ චන්දෙ සරළ බහුතරයක්ම දිනයි.

2023 ජනවාරි 20: ජසින්ඩා ආඩ'න් ඉල්ලා අස්වෙයි

ජසින්ඩා ආඩ'න් සමුගෙන.

තවම ගිහින් නෑ ඒත් පෙබරවාරියේ ඉවත් වෙනව කියලයි කියන්නෙ. සියවසකට වගේ පස්සෙ එන ලාබාලම අගමැතිනියක් වන ජසින්ඩා වයස 36 දී බලයට ඇවිත් 42 දී බලයෙන් ඉවත් වෙනවා. ඉතාම දක්ශ ප්රචාරක හැකියාවක් සහිත නිසා ඒ වෙනකොට පැරදිලා වැටිල හිටිය කම්කරු පක්ශෙ නායකත්වයට පැරචූට් කරන ලද ඇය, සුලු පක්ශ රාශියක් එකග කරවාගෙන රජයක් පිහිටුවා පසුව කම්කරුපක්ශය තනිකර විශාල බලයක් දක්වා ගෙන ගියා. මේ ආකර්ශණීය චරිතයට හා කැරිස්මාවට වශී වීම ජසින්ඩාමේනියා කියල කියනව. ජසින්ඩාමේනියාව නවසීලන්තෙට බෝවෙලා එතනින් ලෝකෙටමත් බෝවුන. ඔස්ට්‍රෙලියාවට කවදාවත් ලබන්න බැරි අගමැති (the prime minister aussies will never have) කියල ජසින්ඩාව මිනිස්සු හැදින්වූවා.

ජසින්ඩා යන්න ගියෙ තමන්ට තවත් රාජ්‍ය පාලනය සම්බන්ද ඉවරයක් නැති ප්‍රශ්න වලට මූණ දෙන්න ශක්තිය නෑ කියල. ඇය මින් පසු ඇගේ දිගුකාලින සහකරු හා විවාපත් වෙන්නත් ඉන්නව කියල කියනව. ජසින්ඩා කියන්නෙ රට විශාල අර්බුද රාශියක් එක්ක තියෙන්නෙ ඒ නිසා අලුත් කෙනෙක් ඒව ගැන හිතන්න ඕනෙ කියල.

ජසින්ඩා මුහුණ දෙන සත්‍ය තත්වය නම් ඇගේ ජනප්‍රියත්වය සීයට 30 කට පමණ පහළ වැටිල කියන එක. මේ වසරෙ චන්දෙන් බලයට එන්න බැරිතරම් පහල මට්ටමක තියෙන්නෙ කියන එක (ඇය මේක ප්‍රතික්ශේප කරනවා). වෲත්තියෙන් දේශපාලන කැම්පේන් කාරියක් වූ ප්‍රතිපත්ති වලින් වාමංශික ලිබරල් අදහස් දැරූ ජසින්ඩා ගේ පාලනය පුරාම තියෙන්නෙ විවිධ නෛතික වෙනස්කම් සහ සුබසාධන කටයුතු. සමාජයේ පහල අඩියේ ඉන්න විවිධ ජන කොටස් වලට හා දුප්පතුන්ට සහන සැලසීමට ඇය විසින් සැකසු මොඩලයක් තමා ජසින්ඩා දිගටම ක්‍රියාත්මක කලේ. එහෙත් ඒ සමහර උත්සාහයන් තේරුමක් නැති බවත් ඇගේ සමයෙ දුප්පත්බව වැඩිවීම ඉහල ගිය බවත් (කෝවිඩ් එන්න කලිනුත්) සමාජයේ ආන්තික කොන් වූ කොටස් අතර ප්රචණ්ඩත්වය වර්ධනය විමක් තියෙන බවත් කියවෙනවා. මීට අමතරව ජසින්ඩා ගෝලීය කාළගුණ වෙනස්වීම් වෙනුවෙන් ගෙනා නීති තරමක් තදබල වැඩි බවත් එයින් ආර්තිකයට විශාල හානියක් වන බවත් කියවෙනව. කෝමත් සීමා ඉක්මවා සැලසුම් වරද්දන් කර සුබ සාධ්නත් ආර්තිකයට කරන්නෙ හානියක්.

ජසින්ඩා ලෝක ප්‍රසිද්ද වෙච්ච එක දෙයක් ඇගේ කෝවිඩ් 0 කිරීමේ සැලසුම. කෝවිඩ් 0 කියන්නෙ රටවල් රාශියක්ම මුලදිම අතෑරල දාපු වැඩක්. ලෝකෙ රටවල් කෝවිඩ් පාලනය කොයි කොයි දුරට කළා වුනත් කෝවිඩ් 0 දිග කාලයක් අරන් ගියෙ නවසීලන්තය හා චීනය පමණයි. අන්තවාදි වුණත් ජසින්ඩා ගේ කෝවිඩ් වැඩසටහන් බොහො දෙනෙක් කියන ආකාරෙට මිනිසුන්ගෙන් ප්‍රතික්ශේප වුණේ නෑ. ඇත්තෙන්ම ඇයගේ ජනප්‍රියත්වය ඉහල ගිය අතරම ඇය චන්දෙකුත් දින්නෙ ඒ ජනප්‍රියත්වය එක්ක. හැබැයි ආන්තික බව නිසාම ඒකෙනුත් ආර්තිකයට වැදුනා.

ඉතින් මන් දැන් දිගට ලියාගෙන ආපු කතාව පුරා දකින්න තිබ්බ පොදු ඍණාත්මක සාධකය දැක්කනෙ "ආර්තිකයට වැදුනා". ජසින්ඩා කළ හැම එකකින්ම ආර්තිකයට වාසිදයක කිසිවක් වුණේ නෑ. ජසින්ඩා මුලින්ම බලයට එනකොටම ඔය ලක්ශණය පේන්න තිබ්බ. ඇය ගේනව කිව්ව පොලිසි වෙනස්කම් සුබසාධන ආදිය තුල ආර්තිකය හදාගන්න ක්‍රම තිබ්බෙ නෑ. හැබැයි ඇයට කලින් හිටි පුද්ගලයා ලොකු ආර්තික සන්වර්ධනයක් කළ නිසා ඇයට සැහෙන ආර්තික ස්තාවරත්වයක් තිබ්බ. ජසින්ඩා කරන්නෙ ඔය ස්තාවරත්වය කඩා වැටෙනකම් තමන්ගෙ දේශපාලන අරමුණු ක්‍රියාත්මක කිරීම කියල ඒ කාලෙම ලිව්ව නිසා මට ලේසියි ශෙයා කරන්න විතරයි තියෙන්නෙ. ඔය කමෙන්ට් අස්සෙ ලින්ක් කර තියෙන්නෙ ජසින්ඩා ආපු කාලෙම ඇය ගැන ලියූ ඒ සටහන. මේ ටික ඒකෙන් ගන්නව.

"ජසින්ඩා මේ කියන කතාවෙ නැති එකම දේ දැක්කද? ජසින්ඩා ලා මේ ආකාර වලින් වැය කරන්නෙ ජෝන් කී ල උපයා දෙන ආර්තික ස්තාවරත්වය ඒත් ජසින්ඩගේ කාලෙ වෙච්ච දේවල් අතර ආර්තික සන්වර්ධනය නැහැ. ඕකෙ නොකිව්ව එයාගෙ ආර්තික සන්වර්ධනය [නොවීම] ගැන ලොකු විවේචන තියෙනවා. ඊට හේතුව එයා ඒ ගැන නොසැලකිලිමත් වීමද නෙවිනම් එයාගෙ අලුත් වෙනස්කම් එක්ක අර්තිකේ වැටෙන එකද දන්නෙ නැහැ.
සන්වර්ධනය පරම උත්තරීතර එකම මග නෙවි විශේශයෙන්ම සන්වර්ධිත සහ ඉහලම ජීවන තත්ව වල ඉන්න මේ වගේ රටකට. සන්වර්ධනය එක්ක තරාදියෙ අනිත් පැත්තෙ ඉන්නව පරිසරය යහපත් ජීවන තත්ව ප්‍රෙශර් ටෙන්ශන් ආදි දේවල් රාශියක්. හැබැයි ජසින්ඩ වැය කරන්නෙ ජෝන්කී ඉපයු ආර්තික ස්තාවරත්වය නම් එය සීමා සහිතයි, ජසින්ඩාට මේ සෙල්ලම් දාන්න තියෙන ඉඩ සීමා සහිතයි. කොයි දේත් කෙළවර වෙන්නෙ මේ සන්චිත ධනවත්බව [මූල්‍ය ඉලක්කම නොවේ] ඉවර වෙන තැන. ඊට පස්සෙ නවසීලන්තෙ උනත් විරැකියාව ඩොල් මත යැපීම විදෙස් නය ගැනීම [ඔස්ට්‍රෙලියාවෙ ගිලාඩ් රජය එතනටම ආව] ඇතුලු අලුත්ම ප්‍රශ්න ගොඩක් හැදෙනවා."

අවසානෙ වෙද්දි නවසීලන්තය ඉන්නෙ අනිකුත් පළැවෙනි ලෝකෙ රටවලටත් වඩා තදබල ආර්තික අර්බුදයක. උද්ධමනය පලමු ලෝකෙට සාපේක්ශව ඉහල අගයක්. පොලී අනුපාත ඉහල ගිහින් මෝගේජ් වල වාරික ලොකු ප්‍රතිශතයකින් වැඩිවෙලා. මේවා නිස රට වැසියා පීඩිතව ඉන්න අතර ජසින්ඩා පශ්වාත් කෝවිඩ් සමයෙ කරන්නෙ කෝවිඩ් නිසා හිරවෙලා තිබ්බ නෛතික වෙනස්කම් සහ සුබසාධන කටයුතු ඉක්මනින්ම ඉවර කරන්න උත්සහ කරන එක. ඇයගෙ ජනප්‍රියත්වය වැටෙන්නෙ මේ හේතුව නිසා කියල කීයන්නෙ. ඒ වගේම ඇය ම කියන පරිදි නිමා නොවෙන ාඅර්තික අර්බුදේ එක්ක තවත් ගැටෙන්න ඇයට බෑ ශක්තිය නෑ, මන් හිතන්නෙ ආර්තික අර්බුද හමුවේ ඇයට ඇත්තෙන්ම ඒ ශක්‍යතාවය හා අවබෝධය නෑ කියල. සමුගැනීම පසුබිම් වන්නෙ එහෙම තැනක.

කෝම වුණත් ජසින්ඩා ආපු දවසෙ පටන් වපර ඇහින් බලාපු කෙනෙක් ලෙස ඕකි ආර්තිකෙ පිස්සු කෙලවල යනව කියලත් කියු කෙනෙක් ලෙස ඇගේ ලෙගසිය ගැන මටත් අගයන්න දේවල් තියෙනවා. රටේ ආයුධ සම්බන්ධ නීති ටික තර කිරීම පවා වටිනා දෙයක්. තමා මතක තබා ගන්න ඕනෙ කාරුණික රාජ්‍ය නායකයෙක් ලෙස කියා ඇය කියනව. අගමැති කාලෙ ඔස්ට්‍රෙලියාවෙ නිවාඩුවට ඇවිත් සාමාන්‍ය මගියෙක් සේ නෝමල් කාර් රෙන්ටල් එකකින් කාරෙකක් අරන් ඇවිද්ද ඉතාම නිහතමානි සහ කාරුණික නායිකාවක් ලෙස බොහො කලක් බොහො දෙනා ඇය සිහිපත් කරාවි. ජසින්ඩාමේනියාවේ නොස්ටල්ජීය මුහුණුවරක් දශක ගාණක් ලෝකෙම පවතීවි.

වයස 42 ක තරුණ ජසින්ඩාත් මෙතනින් නතර වෙන එකක් නෑ. ඇත්තෙන්ම ජාත්‍යන්තර සංවිධානයක නායකත්වය ඒ වගෙ කාරුණික නිහතමානි කෙනෙක් අතට යාම අතිශයින්ම උචිත දෙයක්.

ප.ලි. මේ සටහන ලියද්දි මන් දැන නොසිටි දෙයක් තමා ජසින්ඩාට සහ පවුලේ අයට මරණ තර්ජන තිබ්බ කියල. ඒව ආවෙ දක්ශිණාන්ශික පුද්ගලයන්ගෙන්. ඔවුන් ඉතාම සුලුතරයක් වුණත් යම්කිසි දෙයක් කරන ශක්‍යතාවය තිබ්බා. ජසින්ඩාගෙ කාර්යාලයට කඩුවක් අරගත් මිනිහෙක් ඇවිත් තිබ්බ. මේවා තම අස්වීමට සම්බ්න්ධයි කියා ඇය කීවේ නෑ. ඒත් දරුවා පාසල් යන්නෙ මේ වසරේ නිසා බල නොපානව කියන්න බෑ.
Sujeewa Kokawalahttp://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.com4tag:blogger.com,1999:blog-6900753426343218319.post-64116117042406561092022-12-31T06:18:00.003-08:002022-12-31T06:19:25.842-08:00ඉන්දියාවේ සියට පණහඅවු මිලියන 10කට වගෙ කලින් එවකට තිබ්බ ආසියානු වෙරළෙ තිබ්බ ටිබෙට් ප්‍රදේශය එක්ක හා වෙන ඉන්දීය භු තැටිය ටිබෙටය වත්මන් ලෝකෙ උසම සානුව වෙනකම් ඔසවනව. ටිබෙටය ආසන්න මූදෙ යට තිබ්බ හිරිගල් පර්වතයක් කිමි නවයක් විතර උඩට උස්සල ලෝකෙ උසම කන්ද වන එවරස්ට් හදනව. මේ ක්‍රියාදාමයෙන් හිමාලය බිහි වෙනව.

මේකෙදි ඉන්දු භු තැටිය ගිලා බහිනව ටිබෙටය යටින්. මේ බැස්ම නිසා හිමාලෙ අයිනෙන් ම ඉතාම පහත් බිමක් ඇති වෙනව. සබ්ඩක්ශන් සෝන් එකක ඇතිවන පහත් බිම් රාශියක් තියෙන්නෙ මූදු මට්ටමට යටින්. ඒත් කිසියම් හේතුවකට මේ බිම තියෙන්නෙ මූදුමට්ටමට මීටර 50ක් වගෙ උඩින්. වඩාත් දකුනු දිග ඉන්දීය අර්ධද්වීපයට වඩා මේ බිම පහත්. ඒ නිසා මධ්ය්ම ඉන්දියාවයි හිමාලයයි මැද්දෙ හැදෙනව කානුවක් වගෙ නිම්නයක්.

උසම උස කන්දක්. ඒ කන්ද අභිබවා යන්න දකුණින් එන සාගරාශ්රිත මෝසම් සුළන් වලට බැ. ඒ තරම් උසයි. ඒ වගේම උතුරින් එන ශීතල වියළි සුළන් වලටත් බෑ. ඒ නිසා වෙන්නෙ මොකද සමකාසන්න සුළන් වලින් මේ උපනිවර්තන කලාපෙ රත් වෙනව සමකාසන්න ගානට. ඒ සුළන් ගේන වාශ්ප මිදිල අති විශාල වැස්සක් වහිනව. ඒ වහින වතුර කන්දෙ එකතු වෙලා ගලන්නෙ කොහෙටද අර කානුව වගෙ නිම්නයට. මූදු මට්ටමින් මිටර 50 වගෙ නිසා ඒ වතුර වේගෙන් මූදට නොගලා ඒ නිම්නයෙ මැද හැම තැනම පැතිරෙනවා.

මේක කෲශිකර්මයට අපූරු බිමක්. කන්දෙන් ලවණ අරගෙන එන වතුර තැන්නෙ තැන්පත් වෙලා රොන් මඩ පතුරලා සරු ගොවිබිමක් හදනවා. මේක තමා ලෝකෙ තියෙන සාරවත්ම ගොවිබිම. සන්සන්දනාත්මක කලාප කීපයයි තියෙන්නෙ. යුක්රේන-බටහිර රුසියා ස්ටෙප්ස් භුමිය, ඇමරිකාවෙ මිසිසිපි නිම්නය, චීනයේ මහා ගන්ගා දෙක අතර කලාපය වගෙ.

මේ සියලු බිම් වලට ආවේණික ලක්ශණයක් තියෙනව. වේගවත් ජනගහන වර්ධනය. ඇමරිකාවෙ ඔය මන් කිව්ව භුමිය වුනත් පහුගිය අවු 500 ඇමරිකන් ජනගහනයෙ ලොකු කුට්ටිය හදනව, බටහිර රුසියා යුක්රේන කලාපය යුරෝපයේ ලොකුම ජනගහන කලාපයක්. ඉරානෙ පැත්තෙන් එන ආර්යයන් සන්ක්‍රමණය නතර කරල සෙට්ල් වෙන්න සුදුසු බිම ලෙස මේ කලාපය තෝරාගන්නව. සොළොස් මහ ජනපද හැදෙන්නෙ මෙතන. අශෝක රජවූ පාටලී පුත්‍ර නගරය තමා උත්තර් ප්‍රදේශ් අගනුවර ලක්නව්, බරණැස් නුවර තියෙන්නෙ බිහාරයෙ. මේ කලාපෙ තමා බෞද්ද ජෛන ලිටරේචර් එක සම්පුර්නයෙන්ම බේස් වන්නෙ. තනිකර වගාවෙන් පමනක් විශාල ජනගහන පව්ත්වාගන්න සමත් වන මේ සරු භූමිය නිසා තමා ලොකෙට සත්ව හින්සනය පිටුදකින අහින්සාවාදි ආගම් බිහීවෙන්නෙ.

සමහරවිට යුරෝපා සන්ස්කෲතිය එහෙමටම වැළද නොගෙන තාමත් සම්ප්‍රදායික චින්තන වලම හිරවෙලා ඉන්න නිසා වත්මන් ඉන්දියාවෙ නොදියුණු කලාපය ඒක වෙලා තියෙනව කියන්නත් පුලුවන්.

අන්න ඒ භුමිය ගැන කතාවෙනවා මේ වීඩියෝවේ. ඒකෙ විස්තරේ ටිකක් මදි වගෙ නිසා ටිකක් අතින් දැම්මෙ.
Sujeewa Kokawalahttp://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.com0tag:blogger.com,1999:blog-6900753426343218319.post-31206354740633062032022-11-07T04:20:00.004-08:002022-11-07T04:21:40.428-08:00අවුරුදු මිලියනයක් තිස්සේ ගලන දියකඳවැහි වතුර ගංගා දිගේ මූදට ගලනවනෙ. ඒත් පොලොව වැහි වතුර උරාගන්න තාලෙට සවිවර වුණොත් මොකද වෙන්නෙ? ගංගා හැදෙන්න බෑනෙ. වතුර පොලොවට උරාගන්නව. මේක සුලබව වෙන දෙයක්. හැබැයි එහෙම උරාගන්න වතුර පොලොව යටට ගැඹුරට බහින කොට යටින් එහෙම සවිවර නැති ගල් තට්ටුවක් හම්බුනොත් මොකද වෙන්නෙ? තව බහින්න බෑනෙ ගල් තට්ටුව මත පැතිරෙමින් පස් තුල එකතුවෙනව පස් මිශ්‍ර ටැංකියක් වගෙ, තිරස්ව පැතිරෙනව කොහෙන් හෝ ගඟක් මූදක් ඒම නැතිනම් ගල් තට්ටුවෙ අවසානය හම්බෙනකම්. මතුපිට පස්වල ජලය වාශ්ප වුනාට යට ජලය ඉතුරු වෙනවා. මේ ක්‍රියාදාමයට ඇක්විෆයර් එකක් කියල කියනව. ඇක්විෆයර් එකක් හැදෙන ජියෝලොජික් සැකැස්මට ආටීසියානු බේසින් කියල කියනව.

දැන් ඔය කියන ටැංකිය හෙවත් ඇක්විෆයර් එක අති විශාල භුමියක තියේනම්, ඒකෙ පුරාම ඉතාම ගැබුරෙ - කිමි ගානක් යට - තනිකර ගලක් නම් සහ ගඟක් මූදක් පලාතෙ නැත්නම් මොකක් වෙයිද?

ඔස්ට්‍රෙලියාවෙ මැද හරියෙ වෙන්නෙ එහෙම එකක්. මේ තමා ග්‍රේට් ආටීසියන් බේසින් එක. මේ ජාතියෙ ලොකෙ තියෙන ලොකුම එක.

ඔස්ට්‍රෙලියාව මැද්දෙ ඉදල මූදට ගලන ගංගා නෑ. මතුපිට සවිවර (හිරිගල් වගෙ) පාශාණ කිමි තුනක් පමණ වෙනකම් ගැඹුරට යනව. ඊට යටින් කලුගල් වගෙ වතුර නොබහින බේස් එකක්. ඉතින් මේකට වැටෙන වතුර පාශාණ තට්ටුව ඇතුලෙ එකතුවෙමින් ගලායනව. කොච්චර ගැලුවත් ගඟක් මූදක් හමුවන්න මාර දුරක් තියෙනෙන්, යට කලුගලත් එහෙම්ම තියෙනව. මේ නිසා වතුර එකතුවෙලා ලෝකෙ ලොකුම ස්වාභාවික වතුර ටැංකිය හැදෙනව. වර්ගපලයෙන් මේක ඉරානෙට වටා ලොකුයි, ගැඹුර කිමි තුනක් විතර වෙනකම් තියෙන්න පුලුවන්. රැස්වන මුළු වතුරෙන් මුලු ලෝකෙම මීටර බාගයක් උසට පුරවන්න පුලුවන්. ඇතිතරම් පැතිරී යන ඉඩ තියෙන නිසා හෙමි හෙමි ගලන ජලය අවසානෙ මතුපිටට ඇවිත් ඩාලින් ගඟ හරහා මූදට යන්න අවුරුදු මිලියනයක් පමණ යනව කියනව.

අවුරුදු මිලියනයක් !!! ඕස්ට්‍රෙලියාවෙ මැද්දට අවුරුදු මිලියනේකට ඉස්සර වැහැපු වතුර ඉරානෙ තරම් වපසරියක කිමි තුනක් වගෙ ගනකමට තියෙන ටැංකියක ස්ටෝ වෙලා දැන් තමා මේ මූදට ගලන්නෙ. හෝමෝ සේපීයන් ලා බිහිවෙච්ච කාලෙ වගෙ තුන්ගුණයක් ඉස්සර !!!

ටැංකියෙ මතුපිට හරිය කට්ටෙට වේලිලා කාන්තාර හා ශුෂ්ක දේශගුණයක් වෙලා තියෙන්නෙ. ඒත් ඒකෙ සමහර තැන්වලින් වතුර එලියට එනව. ටැංකියෙ ප්‍රෙශර් සහ භු විශමතා අනුව සමහර තැන්වල පොඩි පොකුණු කළපු වගෙ එව්ව හැදෙනව. එව්වයෙන් තමා මේ රට මැද කෑල්ලෙ ඉතාම තුනීව පැතිරිලා ඉන්න සතුන් හා අවුරුදු පනස්දාහක් වගෙ හීවත්වන ස්වදේශික ප්‍රජාව පැවැත්ම සළසා ගන්නෙ. ඒත් ඒව මදි නවීන ශිෂ්ටාචාරයක් පවත්වාගන්න.

යුරෝපියානුන් මුළින්ම ආවම මේ ජල හිගය නිසා ඔවුන්ගෙ මුල්ම ගවේශකයින් සැහෙන්න කරදර වින්දා. මුල්ම කාලවල මධ්‍ය ඔස්ට්‍රෙලියාව සැහෙන තරමක් ගවේශණය කළ චාල්ස් ස්ටර්ට් ඒ ගමන් වලදි ජල හිගයන්ට මුහුණ දීල ශරීර ආබාධ හදා ගත්ත, නොමැරි බේරුණේ නූලෙන්. ඒත් කෙටි කළකින්ම ඔවුන්ට මේ සම්පත හමුවුණා. 1800 ගණන් වල අගබාගෙ ඔස්ට්‍රෙලියාවේ නල ළිං හාරන එක මහා ලොකු ව්‍යාපරයක් වුණා. නල ළිං සමහරක ප්‍රෙසර් එක නිසා වතුර එලියට ගලා ඇවිත් කුඩා කාණු දිගේ ගලල පරිසරයට වාශ්ප වෙලා ගියා, තාමත් එහෙම ඔහෙ ගලා යනව. නල ළිං වලින් කර්මාන්ත පතල් සත්ව ගොවිපොළ ආදිය කරන්නත් ජනාවාස හදන්නත් පටන් ගත්ත. දැන් මධ්‍ය තරමේ නගර 70 කට වඩා ආටීසියානු බේසම තුල තියෙනව.

හැබැයි ගැටලුවක් තියෙනවා. ටැංකිය ලොකුයි තමා. ඒත් සප්ලයි පොඩියි. පිරෙන්නෙ හෙමින්. දැන් මේ පාවිච්චි කරන්නෙ අවුරුදු මිලියනයක් තිස්සෙ එකතු කළ වතුරනෙ. ඉතින් මේ රේට් එකට පාවිච්චි කළාම ඒක ඉක්මණින් ඉවර වේගෙන යනවා. දැනටම ඒකෙ ලකුණූ පේනව. දැන් වතුර ප්‍රෙශර් එක අඩු වෙනවා. පොකුණු කලපු හිඳී යනවා. තදින්ම බලපෑමට ලක්වන ඩාලින් ගඟ තමන්ගෙ වියළී කාලෙ ආටීසියානු වතුරෙන් පමණයි ගලන්නෙ. දැන් ගඟ හිදිලම යනව නිතරම. මත්ස්‍ය ගහණ වල මහා පරිමාණ මරණ සිද්ද වෙනව එක පාරම.

ස්වභාවයට වෙන හානිය අමතක කළත්, ප්‍රෙශර් එක තව අඩු වුණොත් ජනාවාසවලට ජලය සපයන්න විදියක් නැතිවෙනව. එහෙම වුණොත් මධ්‍ය ඔස්ට්‍රෙලියාවෙන් වැඩි හරියක් හෝ සමහරවිට ඔක්කොම ජනශුන්‍ය වෙයි.

මේ ගැන වීඩියෝවක් තියෙනව කැමතිනම් බලන්න

Sujeewa Kokawalahttp://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.com1tag:blogger.com,1999:blog-6900753426343218319.post-64233410742042527122022-10-03T08:10:00.002-07:002022-10-04T03:33:25.614-07:00 අද අපේ කම්කරු දිනය යි

අද අපේ කම්කරු දිනය යි.

මේ ඩේ එක නොවී අද අපේ කම්කරු දිනය වුණේ කෝමද හෙවත් අපෙ මේ ඩේ එක ඔක්තෝම්බරේ තියෙන්නෙ කෝමද කියන එක ටිකක් දිග කතාවක්.

එක්දාස් අටසිය ගණන් වල ලෝකෙ හැමතැනම වගෙ සේවා ස්තාන හෙවත් කම්හල් වල තිබ්බෙ සැහෙන්න අමාරු තත්වයක්. සේවකයින් ලෙස වැඩිහිටි පිරිමින් ගැහැණුන් මෙන්ම දරුවන් පවා යොදා ගත්ත. දරුවන් ගෙත් වයස් කාණ්ඩ කඩමින් වයස 10 ට පවා අඩු අය යොදාගත්ත. මේ සේවකයන්ට කරන්න තිබ්බෙ ඉතාම අසීරු රාජකාරි. ජීවිත අතපය අන්තුරට ලක්වෙන වර්ගෙ එව්ව,. ඊට අවශ්‍ය නිසි ආරක්ශක මෙවලම් හෝ ආරක්ශිත සේවා ස්තාන සැකසුම් තිබ්බෙ නෑ. ඒ නිසාම අනතුරට ලක්වෙන ප්‍රමාණය අති විශාලයි. මේ සියලු වයස් කාණ්ඩ වල මිනිසුන්ට දිනකට පැය 10 12 15 වගේ වැඩ කරන්න වුණා. පැය 18 ක් වැඩ ගත්ත ස්තාන පවා තිබ්බ. සතියේ දින හයක් වැඩ කරන්නත් ඕනෙ. යාන්තම් බයිබලේ නිසා ඉරිද බේරුණා. මේ හේතුව නිස ඇතිවන අසාමාන්‍ය තෙහෙට්ටුව (මානව පරිණාමය මේ කාර්මික විප්ලවයට අවශ්‍ය ආකාරයෙ මානවයින් බිහිකර නෑ. ඉතින් කාටවත් ඕක දිගකාලයක් කරන්න බෑ) හෙතුවෙන් ඔවුන් සදාකාලික රෝගින් වීම හා මියයාම සාමාන්‍ය තත්වයක්. මෙතරම් අසීරු තත්ව යටතේ සේවය නොකර මේ මිනිසුන්ට වෙන ජීවන අවස්තා තිබ්බෙ නෑ. ඉඩම් හිමිකම් තිබ්බෙ නෑ. වෙන කරන්න දෙයක් තිබ්බෙත් නෑ. ඔවුන්ට අනිවාර්යයෙන්ම මේ ආකාරයේ රස්සවක් කරන්න වුණා. මේ තමා කාර්මික විප්ලවය එක්ක හැදුණු ක්‍රමය.

ඔය හේතුව නිසා යුරෝපයේ ලොකු රැල්ලක් ආව පැය අටක් සේවය කරන්න, පැය අටක් රෙස්ට් කරන්න ඉතිරි පැය අට විනෝද කටයුතු කරන්න ඔනෙ කියල. ඇත්තෙන්ම මං හිතන්නෙ මුලින්ම පැය අට කතාවට ආවෙ ස්පාඤ්ඤ රජ කෙනෙක් කිසියම් තෝරාගත් ශ්‍රමිකයන් පිරිසකට පැය අටේ වැඩ දිනයක් ලබා දීමෙන්, කෙසේ වෙතත් බ්‍රතාන්‍ය තුල කාර්මික විප්ලවය එකක් පැය අටෙ වැඩ දිනය හෙවත් අටයි අටයි අටේ කතාව ( 8 8 8 කියල සංකේත කල) තදින් පැතිරුණා. ඒත් සේවකයින් මොකක් කිව්වත් ව්‍යාපාර හිමියන් හා රජය (ඒ කාලෙ මේ දෙක අතර තිබ්බෙ ළග සම්බන්ධයක්. නෝට්: සර්වජන චන්ද බලය නෑ. පාලකයින් පත් කරන්නෙ ධනවතුන් වංශවතුන් විසින් ඔවුන් අතරින්) ලොකුවට ගණන් ගත්තෙ නෑ.

එක්දාස් අටසිය ගණන් වල ඔස්ට්‍රෙලියාවෙත් මේ තත්වය එහෙම්ම තමා තිබ්බෙ. හැබැයි සෙසු රටවලට වඩා වෙනසක් තිබ්බ. 1800-1850 කාලවල ඔස්ට්‍රෙලියාවේ ස්තාන කීපෙක රත්රන් හොයාගෙන ආපු ගෝල්ඩ් රශ් එකත් එක්ක විවිධ නිපුණතා සහිත හෝ බර වැඩ කරන ශ්‍රමිකයන් අධික ලෙස ඕනෙ වුණා. ඒ නිසාම ඒ කාලෙ බ්‍රිතාන්‍යයෙන් විශාල පිරිසක් ඔස්ට්‍රෙලියාවට ගෙනාව. මොවුන් එක්ක බ්‍රිතාන්‍යයෙ තිබ්බ 8 8 8 සන්කල්පයත් ඔස්ට්‍රෙලියාවට ආවා. හැබැයි ඒත් නිපුණතා සහිත ශ්රමයට හිගයක් තිබ්බ. ඉතින් හිගයක් තියෙන තැනක ඩිමාන්ඩ් කරන්න ලේසියි.

ඕශනියා කලාපෙ මුල ම පැය අටේ වැඩ දිනය ගැන අහන්න ලැබෙන්නෙ නවසීලන්තෙන්. 1840 ගණන් වල නවසීලන්තෙ වඩුබාස් කෙනෙක් තම සේවාහිමියාට කියනව මං වැඩ කරන්නෙ දවසට පැය අටයි කියල. බාස් ලගෙ හිගේටම මේකට සේවාහිමියා කැමති වෙනව. ඕක ගැන ඒ බාස් පස්සෙ වතාවක කියනව ලෝකෙ පළමු කම්කරු සටන කිසිම ලේ වැගිරීමකින් තොරව එකගතාවයෙන් දින්න කියල.

ඔස්ට්‍රෙලියාව කියල දැන් කියන ප්‍රදේශයෙ මුලින්ම මේක පටන් ගන්නෙ එවකට තිබ්බ නිව් සවුත් වේල්ස කොළණියෙ 1855 දි. සිඩ්නි වල ස්ටෝන්මේසන්ලා පිරිසක් පැය අටේ වැඩ දිනයක් ඉල්ලා පටන් ගන්න වර්ජනයක් නිසා 1855 ඔක්තෝබර් මාසෙ ඔවුන්ට ඒ වැඩ දිනය දෙනව ඒත් දෙන්නෙ වැටුප් අඩු කරල. මෙන්න මේක තමා ඔක්තෝබරයේ යෙදෙන පළමු සදුදා කම්කරු දිනය ලෙස නිසවේ ප්‍රාන්තය සමරන්නෙ.

හැබැයි මේක බොහෝ කම්කරු සන්විධාන වල කේන්තියට හේතු වන්නෙ ඔවුන්ගෙ වැටුප් කපපු නිසා. අන්තිමේ 1856 දි මෙල්බන් විවි හදමින් උන්නු ස්ටෝන්මේසන් ලා පිරිසක් වැඩ වර්ජනය කරල පාර්ලිමේන්තුව වටලල කරන උද්ඝෝශණයක් නිසා පඩි නොකපා පැය අටේ වැඩ දිනයක් සියලුම රජයේ සේවකයින්ට දෙන්න වික්ටෝරියා කොළණි රජය තීන්දු කරනවා. මෙන්න මේක තමා මේ කලාපෙ මුලින්ම මහ පරිමාණෙන් පැය අටේ වැඩ දිනයක් තීන්දු කළ අවස්තාව. මේක වෙන්නෙ 1856 මැයි මාසෙ. ඒත් වෙන මොකද්දෝ හේතුවකට වික්ටෝරියා කොළණිය අදාල දවස මාර්තු මාසෙට දාගන්නවා. ඉතින් එයාලගෙ මේ ඩේ එක එන්නෙ මාර්තුවේ

ඔස්ට්‍රෙලියාව කියල රටක් නෑනෙ ඉතින්, ඒ නිසා වෙනවෙන කොළණි වල මිනිස්සු තම තමන්ගෙ 8 8 8 කැම්පේන් වෙන වෙනම කරල ඉදිරි දශක කීපෙ පැය අටෙ වැඩ දින දිනාගන්නව. දකුනු ඔස්ට්‍රෙලියාව හා නිසවේ වලින් පස්සෙ කඩාගත්ත කැපිටල් ටෙරිටරියත් අද තමා ඒක සමරන්නෙ. ටැස්මේනියා හා බටහිර ඔස්ට්‍රෙලියාව (වික්ටෝරියා එක්ක) මාර්තුවල. ක්වීන්ස්ලන්තෙ හා උතුරු ටෙරිටරිය ලෝක සම්මත මැයි 1 සන්කේත කරමින් මැයි වල මුල්ම සදුද ගන්නව. හොලිඩේ එකේ තේරුමක් තියෙනන් ඔනෙ නිසා සදුදාවක හැමෝම ගන්නෙ.

හැබැයි මේ අයිතින් හැමෝටම එකපාර ලැබෙන්නෙ නෑ. පැය අට දශක ගානක් ලැබෙන්නෙ නිපුණතා ශ්‍රමිකයන්ට පමණයි. ඒ වගේම කාන්තාවන්ට හා ළමයින්ට ලැබෙන්නෙ නෑ. ඒව ඉතින් කාලයත් එක්ක තමා සිද්ද වෙන්නෙ. ඒ විතරක් නෙවි ඒ මත පදනම් ව සෙනසුරාදා නිවාඩුවක් කරගන්න එක එතකොට සේව ස්තාන වල ආරක්ශක තත්වයන් සේවක අයිතීන් ආදිය දිනාගන්න කම්කරු ව්‍යාපාර දිගටම සටන් කරනවා.

1891දි බැටලු ලොම් කපන සේවකයන්ගෙ වර්ජනයකට පොලිසිය යෙදවීමෙන් ඇතිවුණු ප්රචණ්ඩ ක්‍රියා සහ කම්කරු නායකයින්ට නඩු දාල ඔවුන් සෙන්ට් හෙලේනා දූපතෙ සිර කිරිම නිසා සටන් කරන්න්නයි නඩු කියන්නයි එකතුවෙන කම්කරු ව්‍යාපාර විසින් ඔස්ට්‍රෙලියානු කම්කරු පක්ශය හදාගන්නව. 1898 ලෝකෙ මුල්ම කම්කරු රජය පත්කරගන්න ක්වීන්ස්ලන්ත කොළණීය සමත් වෙනව. රට නිදහස් කරගන්නත් මේ ක්‍රියාව්ලියෙන් ලොකු දය්කත්වයක් ලැබෙනවා. ඊට පස්සෙ ස්වාධින රටක මුල්ම කම්කරු ආන්ඩුව 1910 දි ඔස්ට්‍රෙලියාවෙ පිහිටුවා ගන්නෙ මේ කම්කරු ව්‍යාපාරය. දැන් ඔස්ට්‍රෙලියාවෙ සහ එහි ප්‍රාන්ත වැඩි හරියක බලයේ ඉන්නෙ ඒ පක්ශය.

ඔස්ට්‍රෙලියාව මේ දිනය වෙනස් ව සමරන්නෙ ඇත්තෙන්ම ලොකු ලේ හැලීමක් නොවී අනිත් රටවලට කලින් ඒක දිනාගන්න සමත් වීම නිසාත් ලෝක කම්කරු ව්‍යාපාර වලින් ස්වායත්තව දේශිය කම්කරු ව්‍යාපාර අනන්‍යතාවයක් පවත්වා ගන්න සමත් වීම නිසාත්.

මේකටම අතුරු කතාවක් එකතු කලොත්, කාලයෙ වෙනස නිසාත් විශේශයෙන්ම කෝවිඩ් නිසාත් ඇතිවූ නව සේවක සටන් වෙලා තියෙනෙන් පැය හයේ වඩාත් ප්‍රඩක්ටිව් වැඩ දින, නිවසේ සිට හෝ කැමති ඕනෙම තැනක සිට සේවය කිරීමේ නිදහස, සහ ඉක්මනින් හම්බකරගෙන ඉක්මනින් සේවයෙන් ඉවත් වෙල තරුන කාලෙ ම රස්සවලින් ලබන නිදහස (F.I.R.E.), තව ඉස්සරහට ඇත්තෙන්ම වෙන්න ඉඩ තියෙන එකක් තමයි ඔටෝමේශන් කියන සන්සිද්ධිය අපි හිතන ආකාරෙටම වුණොත් පැය කීයක් හෝ වැඩ කරන්න දෙන්නෝ කියල ඉල්ලන ව්‍යාපාර බිහිවීම, මොකද ඔටෝමේශන් වලින් ලොකු පිරිසකට රස්සා නැතුවම යන්න පුලුවන් නිසා.

තවත් අතුරු කතාවක් එකතු කලොත් ලොව පුරා කම්කරුවන් සේවකයන් තමන්ට හාම්පුතාලගෙන් වෙන කරදර වලට එරෙහිව සටන් කිරීම එක්දාස් අටසිය ගණන් වල පොදු කතාවක් නෙ. ඒත් සම්පුර්ණ සාමාන්‍ය මිනිසුන් (ටෙක්නිකලි කියමු නිර්ධන පාන්තිකයන්) මේ ආකාරෙට හාම්පුතා ඔවුන්ගෙන් මුදල් උපයාගන්න හූරාකන්න ඇතිකල සිස්ටම් එකට එරෙහිව නැගී සිටි මුල්ම කැරැල්ල 1848 මාතලේ කැරැල්ලද? මේ කැරැල්ලේ තියෙන ලෝකෙ සෙසු සමකාලින කැරලි වල නැති වැදගත් ම ස්වරූපය නම් වංශවතුන් පාලකය්‍යින් දේශිය නායකයින් කවුරුත් මේකට සහබාගි වන්නේ නෑ. මේක තනිකරම සාමන්‍ය මිනිසුන්ගේ කැරැල්ලක්. ඒ වගේම ඊට හේතුව රට නිදහස් කරගන්න අරමුණත් නෙවි. සුද්ද මිනිසුන්ගෙන් මුදල් හූර ගන්න අසාධාරණ බදු ගහපු එක. මං දන්නෙ නෑ කවුරුත් මාතලේ කැරැල්ල මේ කෝණයෙන් බලල තියේද කියල.
Sujeewa Kokawalahttp://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.com0tag:blogger.com,1999:blog-6900753426343218319.post-83051666220815900582022-03-02T08:23:00.003-08:002022-03-02T08:24:23.423-08:00 චීන හයිපර්සොනික් මිසයිල් කතාව හෙවත් ෆොබ්ස්ටික දිනකට කලින් චීනය මිසයිල් වගයක් ටෙස්ට් කළා කියල ලෝකෙ පුරා කතාවක් යන්න ගත්ත. කියන්නෙ හයිපර්සොනික් හෙවත් ශබ්දයෙ වේගය ඉක්මවා යන මිසයිල් වගයක් ටෙස්ට් කලා කියල. ඇමරිකානු හමුදා ඉහළ නිළ්දාරියෙක්මේ සම්බන්ධයෙන් සුවිශේශි ප්‍රකාශයක් කරල තිබ්බ තමන්ට මේ තාක්ශණය නෑ කියල චීනය ඉක්මවන්න තරම්. මේ කතාව පස්සෙ තියෙන රියල් කතාව හරියට ආවෙ නෑ කියල මාධ්‍ය කියන්නෙ. ඇත්තෙන්ම හයිලයිට් වෙන්නෙ හය්පර්සොනික් කතාව වුණත් රියල් කතාව ඒක නෙවි.

චීනය කළ බවට සැක කරන්නේ සාමාන්‍ය අන්තර් මහද්වීපික මිසයිල ටෙස්ට් එකක් නොවේ. ඊට වඩා බෙහෙවින් දියුණු අර්ධ කක්ශගත බෝම්බ ප්‍රහාරක පද්ධතියක් (FOBS) තමා ටෙස්ට් කළ බව හිතන්නේ. ෆොබ්ස් සිස්ටම් එකක් කියන්නෙ සීතල යුද්දෙ තීරණාත්මක කතන්දරයක්. ඒ නිසා අපිට ය්න්න වෙනවා සෝවියට් ඇමරිකන් ඔට්ටු සෙල්ලම් වලට හැටේ දශකෙට. ඒ වගේම අපි තේරුම් ගන්න ඕනෙ න්‍යශ්ටික යුද බල අතර ඩිටරන්ස් තත්වයක් කියන්නෙ මොකද්ද කියන එක.

ඒ ලොකෙ සාමය උදෙසා මහ බලවතුන් අතර කිසිම එකගතාවයක් නැති සීතල යුද සමයක්. ඇමරිකාවයි රුසියාවයි මාරාන්තික වෛරෙන් ආයුධ රැස් කරනවා. නිකම් නෙවි න්‍යශ්ටික. දෙවෙනි ලෝක යුද්දෙ න්‍යශ්ටික අවි නිපදවීමත් එක්ක සෝවියට් ක්‍රමයට එරෙහිව ඇමරිකාව සතු අසාමාන්‍ය බලය මෙල්ල වන්නෙ ඒ දත්තම හොරකම් කළා කියන සෝවියට් වරුන් ඒ තාක්ශණය හදා ගැනීමෙන්. යම් හෙයකින් එය නොවුන නම් ජපානෙට කලා වගෙඑ න්‍යශ්ටික පහර දීම් වලින් සෝවියට් සතුරා සුන්නද්දුලි කරන්න ඇමරිකාව පැකිලෙන්නෙ නෑ. එසේම සුන්නද්දුලි වීම වෙනුවට ඇමරිකානු විධාන වලට අවනත වෙන්න සෝවියට් වරුන්ට සිද්ද වෙනවා. ඒත් සෝවියට් න්‍යශ්ටික අවි නිසා සෝවියට් වරුන්ට ශක්තියක් තියෙනව පෙරලා පහර දෙන්න. ඇමරිකාව උන්ට ගහන් නැත්තෙ මූලික වශයෙන්ම උන්ට ගැහුවොත් තමන්ටත් කන්න වෙන නිසා. මිලියන ගානක් ඇමරිකන් ජීවිත විනාශ වුනොත් ඒක ලොකු ගැටලුවක් වන නිසා.

ඩිටරන්සෙකක් කියන්නෙ ඒක. ඉතාම භයානක අවි තරගයක භයානක බව බල සමතුලිත වීමෙන් අඩු කර දමන එක.

මෙන්න මේ ඩිටරන්ස් බලයට ඒ කලෙ තිබ්බ වැදගත්ම තාක්ශණය වෙන්නෙ අන්තර් මහද්වීපික මිසයිල. මේවා එක් රටක සිට අභ්‍යවකාශයට යැව්වම ප්‍රක්ශිප්තයක් වගේ උඩ ගිහින් ඉලක්කය මත වැටෙනවා. ඒ සදහා එය වායුගෝලයෙන් එලියට යනව සෝවියට් ඇමරිකන් ගැටුමකට කිමි 1300 වගේ උඩකට යන්න ඕනෙ (වායුගෝලය කිමි 20-100 වගෙ). මේවයෙ අවුල තමා මේවා ගොඩාක් උඩ යන නිසා කල් තියා රේඩාර් වලට හසු වීම. ඒ වගේම ඉලක්කයට එන්න තියෙන්නෙ එකම පාත් එකක. ඉතින් අනිත් රටට පුලුවන් එවැනිම තවත් මිසයිලයකින් ඒක උඩදිම විනාශ කරන්න.

ඇමරිකාව තම ආරක්ශාවට කියල අන්න එහෙම මිසයිල් පද්ධතියක් හදන්න පටන් ගත්තෙ ඒ නිසා. ඒ සමගම වෙන්නෙ පෙර කී ඩිටරන්ස් පවර් එක අඩුවෙන එක. ඇමරිකාවට පුලුවන්නම් සෝවියට් න්‍යශ්ටික මිසයිල අහසෙම පුපුරුවන්න සෝවියට් උන් අනාරක්ශිතයි. ඒ කාලෙ තත්වෙ හැටියට ගහන්නත් ඉඩ තිබ්බ. සෝවියට් ඩිටරන්ස් බලය අවසානයි. ඇමරිකාව මේ ඩිටරන්ස් අවුල දන්න නිසා ඒ සිස්ටම් එක ප්‍රසිද්ද කරන්නෙ චීන අන්තර් මහද්වීපික මිසයිල් වලට හදනව කියල. ඒත් සෝවියට් උන් දන්නව ඒ මොහොතෙ ලෝකෙ බල තුලනය වෙනස් වෙලා තමන් සහ චීනය ඉක්මවා ඇමරිකාව බලවත් වෙන බව.

ෆොබ්ස් කියන්නෙ අන්න ඒ මොහොතේ සෝවියට් වරුන් නිර්මාණය කරගත් අලුත් බලය. ඩිටරන්ස් පවර් එක.

ෆොබ්ස් එක එහෙම ප්‍රක්ශිප්තයක් වගෙ යන්නෙ නෑ. ෆොබ්ස් කියන්නෙ ඇත්තෙන්ම අභ්‍යවකාශ යානයක් මිසයිලයක් නෙවි. ෆොබ්ස් අවියක් සෝවියට් වරුන් සෝවියට් දේශෙන් කිසියම් කක්ශයකට කක්ශගත කරනවා සාමාන්‍ය චන්ද්‍රිකාවක් වගෙ. මේ කක්ශගත බෝම්බෙ කැමති ඕනෙම පැත්තකින් ඇවිත් ඉලක්කය ආසන්නයේදි නැවත වායුගෝලයට ඇතුලු වෙලා ග්ලයිඩර් ප්ලේන් එකක් වගේ පියාසරනවා ඉලක්කය වෙතට. මේක මාර පවර්ෆුල් අවියක්. එකාතකින් ඒක ඕනෙම දිහාවකින් එවන්න පුලුවන් චින සෝවියට් තර්ජනය වලකන්න ඒ දිහාවට හරවා ඇලස්කාවෙ අටවා ගත් ඇමරිකන් ආරක්ශක මෙවලම් සම්පුර්නයෙන්ම තේරුමක් නෑ ෆොබ්ස් බෝම්බයක් එවන්න පුලුවන් දක්ශින ධ්‍රැවය හා දකුනු ඇමරිකාව උඩින්. වෙන ඕනෙම පැත්තකින්. ඕනෙනම් ඒව කක්ශගත කර තියන්න පුලුවන් වට කීපයක් ගිහින් සුදුසු වෙලාවෙ වැටෙන්න. ඒව උඩ යන්නෙ කිමි සියගානක් වගෙ. ඒක නිසා අර ප්‍රක්ශිප්ත වගෙ රේඩාර් වලට කල් තියා අහුවෙන්නෙ නෑ. අනික ප්රක්ශිප්තයේ වේගය එහින් ගමන් මග මත රදා හිටියට ෆොබ්ස් බෝම්බයක වේගය ඕනෙ ගානක් වෙන්න පුලුවන් කක්ශයෙන් එලියට ආවම. ප්ලේන් එකක් වගේ නිස කෙලින්ම යන්න ඔනෙත් නෑ ම'නූවර් කල හැකි.

ඒ සමගම ඇමරිකාවට තරු විසි වෙනවා. ඇමරිකාව තමන්ගෙ ආරක්ශක පද්දති අයින් කර දානවා. තිබ්බත් පලකුත් නෑනෙ. තම වැඩේ ඉශ්ට වුනාම සෝවියට් වරුනුත් ෆොබ්ස් පස්සෙ වැඩිය එලවන්නෙ නෑ. කලින් කී පරිදි ඩිටරන්ස් බැලන්ස් එක ආපු නිසා.

එක්දාස් නවසිය හැටේ දශකෙ ලෝකෙ සාමය නැවත බැලන්ස් කරන්න සීතල යුද්දෙ මහ බලවතුන්ගේ බල තුලනය අත්පත් කර දුන්නෙ මෙන්න මේ ආකාරෙට. ෆොබ්ස් තාක්ශනය ඒ එක්කම තරමක් ස්ලෝ වෙනවා. ඉන් පස්සෙ දශක දෙකේ ලෝකය තවත් ඉස්සරහට ගිහින් සෝවියට් ඇමරිකා සාම ගිවිසුම් හරහා අන්තර් මහද්වීපික මිසයිල් ප්‍රමාන අඩු කර ගන්නව. ඒ සදහා නිරවිකරණ ගිවිසුම් අත්සන් කරනවා. ලෝකෙට සාමෙ උදා වෙනවා.

හැටේ දශකෙ 2001 ලියපු ආතර් සී ක්ලාක් කතාවෙ මස්තකප්රාප්තිය කරන්නෙ පිටසක්වල ගමනින් සුවිශේශි බලයක් ලබන ඩේවිඩ් බෝමන් විසින් ලෝකෙ ජීවිත ඉතාම අවදානම් තත්වෙකට ගෙනත් තිබ්බ රටවල් රාශියක් විසින් කක්ශගත කර තිබ්බ ෆොබ්ස් සිස්ටම් (අවන්කවම කිව්වොත් ඔබ්ස් - එෆ් අකුර නෑ. අර්ධ කක්ශගත නෙවි ඒකෙ තියෙන්න ෆුල් කක්ශයක යන එව්ව) ඔක්කොම එක "සිතිවිල්ලකින්" අකර්මන්‍ය කර දාලයි. ඒත් 2001 වසරෙ සිද්ද වෙන්නෙ ඒකෙ ටෝටල් අනිත් පැත්ත.

2001 තීරනාත්මක 9/11 ප්‍රහාරයට පස්සෙ පිස්සුවෙන් නටන ඇමරිකාව නිරවිකරණ ගිවිසුම් වලින් ඉවත් වෙනව. දැන් අපි සතුරො නොවේ අපි දෙන්නටම ඉන්නෙ වෙනත් සතුරො කියල සෝවියට් දේශෙන් කැඩුනු රුසියාවෙ ලොක්කට පොඩි පිටට තට්ටුවකුත් දාල. ඒ වෙද්දි යෙල්ට්සින් ඉදල මැරිල. මිනිහටනම් ඒ තට්ටුව හොදටම ප්‍රමාණවත් වෙන්න ඔනෙ. ඒත් ඇත්තෙන්ම ඒ තට්ටුව වැටෙන්නෙ අලුත් උනත් දරුනු පොරකට. ව්ලැඩිමිර් පූටින් කියන ඒ කාලෙ ලොකුවට ගනන් නොගත් නායකය දිගින් දිගටම ඇමරිකාවට කියනවා තම ආරක්ශාව තියෙන්නෙ නිරවිකරන ගිවිසුම් වල නිසා ඒව අලුත් කරමු කියල. ඇමරිකාව කෙයා කරන්නෙ නෑ.

එහෙම නොකලොත් නැවත ඩිටරන්ස් පවර් එකක් හදා ගනන් තමන්ට සිද්ද වේවි කියල පූටින් කියන කතාව ඇමරිකාව විහිලුවක් වගෙ ඉග්නෝ කරනව (ඒ වෙද්දි තිබ්බ රුසියාව විහිලුවක් තමා). පූටින් නැවත යුද පර්යේශණ කරා යනව. ඊට දශකයකටත් එහා කාලෙකදි පූටින් සමත් වෙනව අවශ්‍ය ඩිටරන්ස් පවර් එක ගන්න. ඒක ඔවුන් ප්‍රසිද්ධියේ කියනවා. අද වෙද්දි ඇමරිකාවට රුසියාවට පහර දෙන්න බෑ. ඔවුන්ට දිනන්න පුලුවන් ඒත් ලොකු හානියකින්. ඒකට තමයි ඩිටරන්ස් පවර් කිව්වෙ.

දැන් තමා චීනෙට බහින්න වෙන්නෙ. ඇත්තෙනම් චීන්නු කියන තාලෙට මෙතන කිසිම සීන් එකක් වෙලා නෑ. උන් කියන්නෙ උන් චන්ඩ්රිකාවක් යැව්ව ඒක කඩා වැටුන කියල. ඒත් දන්නෝ දනිති කියනවා ඒක චන්ද්‍රිකාවක් නොවේ ෆොබ්ස් සිස්ටම් ටෙස්ට් එකක් කියල. එයාලගෙ ඒ ෆොබ්ස් "යානය" යන්නෙ හයිපර්සොනික් ස්පීඩ් වල නිසා තමා හයිපර්සොනික් කතාව ආවෙ. ඒ සමගම චිනය ඇමරිකාවට එරෙහිව අලුත් තාක්ශණයකින් සන්නද්ධ වෙනවා. ඇමරිකාවට මේ සම්බන්දයෙන් කල හැකි ලොකු දෙයක් නෑ. අන්න ඒකයි ඇමරිකන් ජෙනරල් කෙනෙක් කියන්නෙ මේ තාක්ශණයෙන් චීනය පරදවන්න තමන් අසමත් බව. නිකම්ම හයිපර්සොනික් මිසයිලෙකට පුලුවන්ද ඇමරිකාව ලවා එහෙම කියව ගන්න?

දැන් මොකද වෙන්නෙ? ඇමරිකාවට චීනයට එරෙහිව සටනක් පටන් ගන්න බැරි තත්වයක් උද්ගත වෙලා තියෙන්නෙ. එනම් චීනය ඇමරිකාවට එරෙහිව ඩිටරන්ස් පවර් එකක් හදාගෙන තීයෙන්නෙ. ඒක එකාතකින් ලෝක බල තුලනයට වැදගත්, ඒ වගේම චීනයට හිතුමතෙ කලාපිය තගා වගේ ඉන්නත් පුලුවන්. පූටින් වගේ.

චීනය ඇයි මෙහෙම කලේ? අනාරක්ශිත බව නිසා. ඇමරිකාවට තමා යුදමය අතින් පරදවන්න පුලුවන් කියා හිතෙන නිසා. ඉතින් ඒකට හේතු කාරක වන්නේ බුශ් පාලනය නිරවිකරන ගිවිසුම් වලින් ඉවත්වී පෙර අපි කියු අන්තර් මහද්වීපික මිසයිල් වලට ආරක්ශණ හදමින් කරන්න ගත්ත වැඩවල සිට මේ මොහොතෙ ඕකස් එකක් අත්සන් කරමින් චීනයේ සාගරික අසල්වාසි කලාපෙ ඔස්ට්‍රෙලියානු භුමිය කෙලින්ම චීනයට එරෙහි යුද පිටියක් බවට රෙජිස්ට්‍ර කිරීම දක්වා වූ සියල්ල වෙන්න පුලුවන්.

මේකෙ කෙලවර මොකද්ද? ඇමරිකාව නිකම් ඉන්න එකක් නෑ. උන් මේ ෆොබ්ස් බිම දාන ක්‍රමයක් හොයයි ඒත් ඒක කෙලවරක් නෙවි එතකොට චීන කරන්නෙ ඒ ක්‍රමේ ඉක්මවා යන්න තව එකක් හදන එක. ඒක තරගයක් නෙ. ඒ නිසා බොහො දෙනා කියන්නෙ චීනාටත් ඩිටරන්ස් පවර් එකක් ලෙස පවතින්න පුලුවන් තාලෙට ඇමරිකන් ආරක්ශක පද්දති අඩු කරගන්න කියල. මොකද ෆොබ්ස් එක්ක එව්ව තිබ්බත් පලක් නෑ. එයාල හිතන්නෙ හැටේ දශකෙ වෙච්ච දේ ආයෙ වෙයි කියල. ඒත් ඒක විවාදාත්මකයි. ඩිටරන්ස් පවර් මොඩල් එකට එන්නනම් තම සතුරා විශ්වාස කටයුතු එකෙක් වෙනන් ඕනෙ. නැත්නම් ඌ ඒකෙ වාසිය අරන් අනිකාට නැතිවෙන්න ගහනවනෙ. චීනා ඒ සෝවියට් උන් වගේ විශ්වාසි නෑ. ලෝක අණ්ඩයෙක්

අනික් දේ තමා මේ රටවල් ඔක්කොම එකතු කරමින් නිරවිකරණ වැඩසටහනක් පටන් ගන්න එක. ඒත් ගිවිසුම් අකුලා ගත්ත කේස් එකෙන් පස්සෙ රුසියාව හෝ චීනය තවදුරටත් ඇමරිකාව් විශ්වාස කරාවිද දන්නෙ නෑ.

කෝම හරි චීනය මේ තාක්ශනය අත්කරගැනීම එක්ක සීතල යුද්දය අලුත් පැරඩියමකට යනවා. ඒ නිසාම ලෝකෙ සාමය හා සුරක්ශිතභාවය තට්ටුවකින් පහලට යනවා

ප.ලි 1: දැන් මේක කියවල අඩාගෙන එන්න එපා උයා ඇයි අපෙ සුදු රත්තරන් ඇමරිකන් අයියලට බනින්නෙ උයා හොරාට සමාජවාදියා නේද ඒකාදිපති හොලගෙඩියා නේද කියාගෙන. මන් නියුට්‍රල්. ඒත් ඕක තමා ලෝකෙ වෙච්ච දේ.

ප.ලි 2: ඔය රටවල් තුනටම ෆොබ්ස් ටෙස්ට් කරන්න පුලුවන් වුනාට ෆොබ්ස් එකක දාල නියුක් වෝ හෙඩ්ස් යවන්න බෑ එයාල එකගතාවෙක ඉන්නව කක්ශය න්‍යශ්ටික යුදහරණ කලාපයක් කරන්න. ඒත් වැඩේ තියෙන්නෙ ඒක මෝඩ ගිවිසුමක්. උන්ට ටෙස්ට් කරන්න නියුක් දාල බලන්න ඔනෙ නෑනෙ. ඉතින් යුස් කරන දවසක උන් කෝමත් ඉන්නෙ ලෝක යුද්දෙක නිසා ගිවිසුම් අදාලම නෑනෙ.

ෆොබ්ස් පින්තුරෙ බීබීසියෙන්

Sujeewa Kokawalahttp://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.com1tag:blogger.com,1999:blog-6900753426343218319.post-30645922144386863072022-01-15T21:46:00.004-08:002022-10-09T00:56:40.313-07:00සැන්සිබාර විප්ලවයෙන් ලෝකෙට ලැබුණු ඉහළම දායාදයසැන්සිබාර විප්ලවය ගැන සයිබරයේ කීප වරක් කතාවෙන්න යෙදුනා. මේ පෝස්ට් එක ඒ කතාබස් වල එකතුවක්. මීට පාදක වෙනව මේ සම්බන්දයෙන් සාමාන්‍ය දැනීම් සමූහ වල දාපු ප්‍රශ්න හා වෙනත් සන්වාද. මේක ලියන්න කියල දිරිමත් කර ක්‍රිශ්ණා රාමනායකට විශේෂ ස්තූතිය.

සැන්සිබාර විප්ලවය නිසා කතාවට ගන්න ඕනෙ වැදගත් නම් හතරක් මෙහි සදහන් වෙනව. මෙයින් පළමු වැනි කෙනා විප්ලව කාරයෙක් වුණාට ඒ ගැන ලොකු අවබෝධයක් තිබ්බ කෙනෙක් නොවේ. සැන්සිබාර් වාසියෙකුත් නෙවි. වෲත්තියෙන් ඔහු කුලීවැඩක් හොයාන රටින් රට ගිය මිනිහෙක්. ස්ත්‍රී දූෂණ ආදී සිද්ධි වලට හිරගත වෙච්ච කෙනෙක්. එහෙත් ඔහු වැඩ කරන්න ගිය රටේ පීඩිත ජනතාව මෙහෙයවා සන්නද්ධ කැරැල්ලක් ගහලා රාජාණ්ඩුව පරදා බලය ගන්නවා, ඊට පස්සේ ඔහු රටේ ප්රබලව උන්නු ප්‍රජාවට එරෙහිව ම්ලේච්ච සමූල ඝාතන සහ ස්ත්‍රී දූෂණ රැල්ලක් පටන් ගන්නවා. ඔහු තමා විසින්ම ඉහල හමුදා තනතුරකට පත්කර ගන්නවා.

මෙන්න මේ වෙලාවෙ අපි කතාවට ගන්න අනිත් චරිත දෙක ක්‍රියාත්මක වන්නෙ. එක්කෙනෙක් මේ විප්ලවීය පක්ශයේ නායකය දෙවැන්නා අසල තියෙන ලොකු රටේ එවනිම විප්ලවීය නිදහස් සටනකින් බලේට ආපු නායකය. මේ දෙන්නගෙ එකගතාවය නිසා පෙර කී පුද්ගලයගේ ම්ලේච්ච පාලනය යටපත් වෙලා අලුත් ම රටක් ලොකෙට එකතු වෙනව. ඒ ටැන්සානියාව.

හතරවෙනි කෙනා මේ කිසිවකට සම්බන්ද කෙනෙක් නෙවි. ඔහු සැන්සිබාරයේ ජීවත්වූ සුලු ජනවර්ගයක මනුස්සයෙක්. කැරැල්ලෙන් පස්සෙ වෙනත් ධනවත් සුලු වාර්ගිකයන්ට එරෙහීව මුදාහරින ම්ලේච්චත්වයෙන් බේරෙන්න ඇදිවත පමණක් එක්ක ඒ පවුල බ්‍රිතාන්‍යයට පළා යාවා. ඒත් ඒ ගමන නිසා මේ පුද්ගලයා දවසක ලෝක පූජිත කෙනෙක් වෙනව. මගෙ මතය අනුව සැන්සිබාර් විප්ලවය නිසා ලොකෙට වුන ලොකුම යහපත ඒකයි.

සැන්සිබාර් කියන්නේ අරාබි වහල් වෙළඳුන් ගේ තිප්පොල. කාලෙක පටන් අප්‍රිකානු මහද්වීපයෙන් වහලුන් ගෙනයන්න ඉරාන [පර්සියන්] සන අරාබි මිනිසුන් සැන්සිබාර් දූපත පාවිච්චි කළා. පසුව එය ඕමාන අධිරාජ්‍යයේ කොටසක් වුනා. ඊගාවට ස්වාධීන සුල්තනට් එකක් වෙලා පස්සේ බ්‍රිතාන්‍ය ආරක්ෂිත සුල්තනෙට් එකක් ලෙසයි පාලනය ගියේ.

මේ කාලවල මුස්ලිම් අරාබි සුළුතරය රටේ ඉඩම් සහ ධනය තනිකර භුක්ති වින්දා. අප්‍රිකානු/පර්සියානු බහුතරයක් සහ නිදහස් වූ වහලුන් ආදිය 60% පමණ වුණා. ඔවුන් සම්පත් රහිතව දුප්පත් ජීවිත ගෙව්වේ. 60 දශකයේ බ්‍රිතාන්‍යයන් නිදහස දීල පවත්වන චන්දෙ වැඩි චන්ද ලැබෙන්නේ අප්‍රිකානු/පර්සියානු බහුතරය නියෝජනය කළ පක්ෂයට වුනත් චන්ද ක්‍රමය නිසා වැඩි ආසන යන්නේ අරාබීන්ට. ඒ වගේම මේ විශාල සමාජ අසාධාරණය පදනම් කරගෙන මාක්ස්වාදී නැඹුරුවකින් බිහිවන පක්ෂය තහනම් කරල තිබ්බේ.

අපේ කතාවෙ පළමු පුද්ගලයා වන ජොන් ඔකෙලෝ කතාවට ඇතුළු වන්නේ කුලී කාරයෙක් ලෙස සැන්සිබාරය යටතේ පවතින දූපතකට ආවම. ඔකෙලෝ උපන්නේ උගන්ඩාවේ. කුඩාකල මව්පියන් මිය යනවා පස්සේ ඔහු කුලී රස්සා කරමින් තැන් තැන් වල ඇවිදිනවා. නැගෙනහිර අප්‍රිකාවේ බ්‍රිතාන්‍ය යටත් විජිත අතර ඇවිදින අතරේ ස්ත්‍රී දූෂණ කතාවකට සිර දඬුවම් පවා විඳිනවා. ඔකෙලෝ දැඩි අන්තවාදී ක්‍රිස්තියානි කාරයෙක්.

ඔකෙලෝ පෙම්බා [සැන්සිබාරයේ කොටසක්] දූපතේ වැඩ කරන ගමන් රට පුරා ඇවිදිනවා ආගමික කතන්දර කියමින්, ඒ කාලේ ඔහු තම අනන්‍යතාවය නියෝජනය වන අප්‍රිකානු [සහ පර්සියානු] පක්ෂය එක්ක දේශපාලනේ පටන් ගන්නවා. ආගමික හේතු සහ සමාජ පීඩනය අසාධාරණය ආදිය නිසා සුල්තාන් එක්ක අරාබින් එක්ක සහ බ්‍රිතාන්‍යයින් ගෙන ආ ඉන්දියානුන් එක්ක මාර වෛරයකින් ඔහු ඉන්නේ. මේ වෛරය එක්ක ඔහු පක්ෂය තුල අන්තවාදී කල්ලියක් හදා ගන්නවා, එසේම තහනම් කළ මාක්ස්වාදී පක්ෂයත් එක්ක එකඟතා ඇති කර ගන්නවා.

අප්‍රිකානු/පර්සියානු පක්ෂයේ නායකයා තරමක් ලෝකෙ ඇවිදල තියෙන දේශපාලනය ගැන හොඳ අවබෝධයක් තිබ්බ අබෙඩ් කරුමේ මේ තත්වය දැකලා පොලිසියට ඔත්තු දුන්න බවත් කියවෙනවා. ඔහු මේ වෙද්දී ඉන්නේ ප්‍රජාතාන්ත්‍රිකව රටේ බලය ගන්න සංවාදයක - මොකද ඔහුට දැනටමත් චන්ද බහුතරය ඇවිත් ආසන ගාන පමණයි අඩු. ඉන් පසු ඔහු රටින් ඉවතට යනවා [කැරැල්ල මග හරින්න ගියා වෙන්නත් පුළුවන්]

ඔකෙලෝ ගේ කරලිකාරයින්ට ආයුධ වත් ඒ හැටි නැහැ. ඔකෙලෝ සැලසුම් කරන්නෙ කැති පොරෝ අරන් ගිහින් එක පොලිසියකට ගහල ඒකෙන් වෙපන් අරගෙන ඉස්සරහට යන්න. නොසිතු පරිදි මේක සාර්තක වෙලා ඔවුන් සන්සිබාරය අල්ලනවා. [මෙය රෝහණ විජේවීර විසින් කොපි කළ බව කියවෙනවා එහෙත් සැන්සිබාරය ලක්ෂ තුනක මිනිස්සු උන්න 50000 පමණ අරාබින් පිරිසක් පාලනය කළ කුඩා රටක්. වැරදුනු තැන එතනින් කියවන්න පුළුවන්] මෙය හැමෝටම සර්ප්‍රයිස් එකක් . ඊට පස්සේ තමා ෆීල්ඩ් මාෂල් ලෙස නම්කරගෙන කැරලිකාරයින් ලවා අරාබි ඉන්දියානු සමූලඝාතනයක් හා ස්ත්‍රී දූෂණ කරනවා. මසක පමණ අරාජික සමූල ඝාතන යුගයක 20000 පමණ මැරුණා කියා හිතනවා. ඔකෙලෝ දෙවියන්ගේ [ක්‍රිස්තියානි] දූතයා ලෙස මේ ඝාතන වලට අණ දෙන්නේ.

ඔකෙලෝ අබේඩ් කරුමේ ආපහු ආවම ඔහුගේ නායකත්වය පිලිගන්නවා. දේශපාලන නායකත්වය ඔහුට පවරන නමුත් මිලිටරි තියාගන්නෙ තමන් අතේ. ඒ නිසා බලය තියෙන්නේ ඔකෙලෝ අතේ. ඔකෙලෝ මේ අතරේ කෙන්යාව එක්ක සැන්සිබාරය එකතු කරන්න උත්සහ ගන්නවා

අබේඩ් කරුමේ සහය පතන්නේ අසල්වැසි ටන්ගනිකා රටේ නායක ජුලියස් නියරේරේ ගෙන්. මෙහි සූක්ෂම මෙහෙයුම කරන්නේ නියරේරේ. විදෙස් සංචාරයකට ගිය ඔකෙලෝ ට නැවත සැන්සිබාර දොපතට යන්න නොදී ඔහු රඳවා ගන්නවා. ඒ සමගම කරුමේ ඔහු ද්‍රෝහියෙක් ලෙස නම්කර පිටුවහල් කර පසුව නියරේරේ එක්ක එකතු වෙලා ටැන්සානියා දේශය හදනවා. කරුමේ මෙය කරන්නේ තම රටේ තමන්ට පාලනයක් නැති නිසා කියලයි කියන්නේ, ඔකෙලෝ ගේ අන්තවාදීන් සහ මාක්ස්වාදීන් ගෙන් බේරෙන්න. අදටත් සැන්සිබාර් දේශය ටැන්සානියාවෙ කොටසක්. අදටත් එය නිදහස් වෙන්න ඕනේ කියා වාද විවාද සහ තරමක් උණුසුම් ගැටුම් ඇතිවෙනවා. දැන් ජනගහනය මිලියනයට වැඩියි.

ඔකෙලෝ උපන් රට වන උගන්ඩාවට යනවා. එහිදී ඉඩි අමීන් ගේ සටනට ප්‍රසිද්ධියේ උදව් දෙනවා, අමීන් බලය කොල්ල කාල තමන්වත් ෆීල්ඩ් මාෂල් කර ගත්තම ඔකෙලෝ කියනවා දැන් උගන්ඩාවට ෆීල්ඩ් මාෂල් ලා දෙන්නයි කියල ඔකෙලෝ ගැන ඊට වඩා දන්නේ නැහැ. ප්‍රකාශය නිසා අමීන් අතින් මැරුම් කාපු බව තමා සැලකෙන්නේ.

මේ දේවල් මෙහෙම වෙන අතරෙ මේ විප්ලව කතාවලට කිසිම සම්බන්දයක් නැති එක්තරා තරුණයෙක් ඉන්නව සැන්සිබාරයේ. ඔහුගේ නම ෆාරොක් බල්සාරා. ෆාරොක් උපදින්නෙ සැන්සිබාරයේ ස්ටෝන් ටවුන් අගනුවර. ඔහු එවකට බ්‍රිතන්‍ය රජයේ නිළයක් දරන ඉන්දීයන් පාර්සි පවුලක දරුවෙක්. ඒ කියන්නෙ ඉරාන සම්භවය තියෙන ඉන්දියානුවෙක්.

මේ ධනවත් ඉන්දියන් පවුල ෆාරොක් ව පාසල් අධ්‍යාපනය ලබාගන්න ගන්න ඉන්දියාවට යවනව. ඔහු ඉන්දියාවෙදි බටහිර සන්ගීතය හදාරනව. මියුසිකල් ගෲප් එහෙමත් හදනව. ඒත් බල්සාරා පවුලේ අනිත් කසින්ස් ලා වගෙ ඉහලට ඉගෙන ගන්නෙ නෑ. පස්සෙ තාත්ත ඔහුව සැන්සිබාරෙ ගෙනල්ල උගන්වන්න හැදුවත් ඒකත් ෆේලියර් එකක්. ෆාරොක් විවි ප්‍රවේශය හොදට කරන්නෙ නෑ, මිනිහගෙ හිත සන්ගීතෙ ගැනමයි. ඔන්න ඔය වෙලාවෙ තමා විප්ලවේ වෙන්නෙ.

විප්ලවයට පසු භීම සමයේ කැරලි කාරයින්ගෙ ඉලක්ක වෙන්නෙ එහි සිටින අරාබින් ආසියානුන් බ්‍රිතාන්‍ය සම්බන්ධකම් ඇත්තන් සහ සල්ලිකාරයින්. බල්සාරා ලට මේකෙ කොලිෆිකේශන් ගානක් තියෙන නිස පලා යන්න සිද්ද වෙනව. ආපහු ඉන්දියාවට යන්න නම් පුර්වැසිකම් ප්‍රශ්නයක් එනව මොකද ෆාරුක් ගේ තාත්ත එන්නෙ බ්‍රිතාන්‍ය පාස්පෝට් එකකින්. එහෙම දෙයකට ගත කරන්න කාලයක් නැති නිස ඔවුන් බ්‍රිතාන්‍යට පැනල යනව.

දහ අට වියැති ෆාරොක් බල්සාරා බ්‍රිතාන්‍යට යන්නෙ එහෙමයි. ඔහුට ඉහලට උගන්වල ලෝයර් කෙනෙක් අකවුන්ටන්ට් කෙනෙක් කරන ඉන්දීය ටයිප් මවුපියන්ගෙ හීනය තවදුරටත් ෆේල් වෙනව. ෆාරොක් තෝරාගන්නෙ කලාව. සන්ගීතය සහ චිත්‍ර. ෆාරොක් පාට් ටයිම් බැගේජ් හැන්ඩ්ලර් ජොබ් එකක් කරමින් සන්ගීතය ඉගෙන ගන්න විවි ට යනව.

ඒ විශ්ව විද්‍යාලෙ සෙට් වෙන යාලුවන් එක්ක තමා වයස 24 දි පමණ ඔහු සන්ගීත කණ්ඩායමකට එකතු වෙන්නෙ. පස්සෙ ෆාරොක් ගේ අදහසුත් එක්ක ඒ කණ්ඩායම් තමා ක්වීන් ලෙස නම් කෙරෙන්නෙ. මේ වෙද්දි ඔහුගෙ නම වෙනස් කරගන්නව ෆ්‍රෙඩි මර්කරි කියල.

ක්වීන් රොක් බෑන්ඩ් එකයි ෆ්‍රෙඩි මර්කරි යි ගැන මන් ලියන්න ඕනෙ නෑ. ඒත් 18 දි සැන්සිබාරය වගෙ එ තැනක සිට එන්ගලන්තෙට පය තිබ්බ ඉන්දියන් පාර්සි කොල්ලෙක් 25 දි ලෝක පූජිත රොක් බෑන්ඩ් එකක් හදපු එක රිමාකබල්. වයස 29 දි මෙතෙක් ඉතිහාසෙ ලියවුනු හොදම රොක් ගිය ලෙස බහුතරයක් හිතන බොහිමියන් රැප්සොඩි ගීය ලියල එහි ලීඩ් ගායනය කරන්නෙත් ඔහු. ඉතිරි ටික මෙතන ලියන්නවත් ඕනෙ නැති තරම් ප්‍රකට කාරණා.

සැන්සිබාර් විප්ලවේ නොවෙන්න ඉතාම ඉහල සමාජයෙ උන් ධනවත් කොලෝනියල් පවුලෙ උන් ෆාරොක්ට උගන්නල හො බිස්නස් එකක් සෙට් කරල දීල මිනිහ එක්කො හරියට හෝ වැරදියට ඒක කරල ඔය පොඩි බැන්ඩ් එකකුත් හදන් රස්තියාදු වෙලා ටැන්සානියාවෙ හෝ සැන්සිබාරෙ ම ඉවරයක් වෙන ලොකු ඉඩක් තිබ්බ. මේ සියල්ල මෙලෙසින් වුනේ සැන්සිබාර් විප්ලවය නිසා කියල හිතන එක බොහෝ දුරට ලොජිකල්.

ඒ නිසා සැන්සිබාර් විප්ලවය ලෝකෙට දුන්න ඉහල ම දායාදය කියල මට හිතෙන්නෙ ෆ්‍රෙඩි මර්කරි ක්වීන් බෑන්ඩ් එක සහ බොහිමියන් රැප්සොඩි වගෙ නිර්මාණ.Sujeewa Kokawalahttp://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.com0tag:blogger.com,1999:blog-6900753426343218319.post-80367824087281571032021-12-30T06:30:00.002-08:002021-12-30T06:31:17.587-08:00යුද්ද කරන්නත් කළීන් එක්සත් ජාතින්ගේ ප්රඥප්තිය අත්සන් කිරීමසුද්දන් එන්න පෙර ඔස්ට්‍රෙලියාව කියන්නෙ ඉතාම වැදගත් භියුමන් ඇන්ත්‍රොපොලොජි අධ්‍යනයක්.

ඔස්ට්‍රෙලියාව පුරා එකිනෙකට වෙනස් ගෝත්‍ර හෝ ජාතින් ( මේ දෙකේ අතරමැදි තත්වයක්) පනහකට වඩා ඉදල තියෙනව. ජාතික රාජ්‍ය වගේ දේශ සීම සලකුනු නොකලට උන් උන් හිටපු පලාත් වෙන වෙනම සටහන් කල හැකියි. අදටත් ඔස්ට්‍රෙලියානු රජය ඒ ස්වදේශිය අයිතින්ට ගරුකරන නිසා ඒවට "අහවල්" ලෑන්ඩ්ස් කියල කියනව ඒ ඒ නම්වලින්. මේ සමාජය වැදගත් වන ප්‍රධාන හේතුවනම් ඔස්ට්‍රෙලියාව සම්පත් හීන රටක් වීම. මෙතන සම්පත් කියන්නෙ ඔවුන්ගෙ පැවැත්මට අවශ්‍ය සම්පත්. ආහාර හිගයි ජලය හිගයි සත්තු අඩුයි මූලික මිනිස් පැවැත්මට අවශ්‍ය දේවල් හැමතැනම නෑ.

මේ නිසා බොහෝ ගෝත්‍ර වල මිනිසුන්ට අනෙකුත් ගෝත්‍රවල භුමියෙන් මේ සමහර දේවල් සපයාගන්න වෙනවා. මේ නිසා මුල් කාලවල යුද්ද හටගෙන තියෙනවා. අපි කතාවෙන්නෙ අවු 50000 - 60000 ක ඉතිහාසයක්. මුල් කාල කියන්නෙ අඩුම ගානෙ 10000 ට එහා. හෝ ඊටත් බොහො කලින්.

අදින් වසර 10000 ට පමණ ඉස්සර ඔවුන් ඩෙවලොප් කරගන්නව ඒ ඒ ගෝත්‍රවල වැඩිහිටියන්ගෙන් සමන්විත වරිග සබා වර්ගයක්. මේ වරිග සබාවල අරමුණ තමා යුද්ද ඇති වීම වැලකීම සහ දුර්ලභ රිසෝසස් ශෙයා කරගන්න එක. මේ හේතුවෙන් යුද්ද නැති වෙනව. ගෝත්‍රවලට ඩොමිනන්ට් ඒරියාස් තිබ්බට ඒවයෙ තනි අයිතියක් ඒ ගෝත්‍රයට නෑ. සමහර වෙනත් ගෝත්‍රවලට ඒ භුමියෙන්ම සමහර අවශ්‍යතා සපයා ගනන් පුලුවන්. හැබැයි ඒ ගන්නකොට අනිත් උන්ටත් ඇතිවෙනන් ඉතුරු කරල ගන්න ඕනෙ. මේ නිස කියනව ඒ ඒ ගෝත්‍ර වල ප්‍රදේශ ඉන්ටලීව් වෙලා තියෙන්නෙ කියල. භුමිය ඉරි ගහල සිමා කිරීම වෙනුවට භාවිතාවට සිමා ගහල භුමියශෙයා කරගන්නව.

මේව මැනේජ් වෙන්නෙ අර වරිග සබා වලින්. මේ සම්මුති සමාජය ලව පිලිපද්දවන්න ඒව උන්ගෙ ඩ්‍රීම් ටයිම් කතා වලට අන්තර්ගත කරනව. ස්වදේශිකයන් වෙනම ඩොමේන් එකක ඉන්න තම මලගිය ආත්ම එකක් සම්බන්ද වෙන්නෙ මේ කතා තුලින්.

මේක සරලව කිව්වොත් ලෝකෙ සම්පත් බෙදා ගන්න බැරුව කොලෝනියල් ම්ලේච්ච යුගයකුත් ගෙවල අන්තිමට යුරොප්පෙ ලෝක යුද්ද දෙකකුත් කරන කොට ලෝකයා එ ජා සන්විධානෙ හදාගන්නව නෙ අවසානෙ සාමකාමිව ලෝකෙ බෙදාගන්න. ඔස්ට්‍රෙලියානු ස්වදේශියන් අවු 10000 ට විතර කලින් තමා එක්සත් ජාතින්ගේ ප්රඥප්තිය වාචිකව සකසා ගන්නෙ. ඒ වගේම එඩියුකේට් කරනව ඔක්කොටම,

එක්සත් ජාතින්ගේ ප්රඥප්තිය එතරම් ඉස්සර හදා ගත්ත එකේ අවුල තමා ප්‍රමාණවත් යුද්ද කරල නෑ. ලෝකෙ පොරම පොරවල් වෙන්නෙ වැඩියෙම්ම යුද්ද කල රටවල්. ඒකයි යුරෝපෙයි චිනෙයි මැදපෙරදිගයි ලෝකෙ පොරවල් වුනේ. මේ අයගෙ ආයුද තාක්ශනේ උපරිමෙන්ම හැදෙනව සාපේක්ශව ම්ලේච්චකමත් උපරිමයි. ඔස්ට්‍රෙලියානු ස්වදේශිකයන්ගෙ ආයුද ඩෙවලොප් නොවෙන නිසා තාක්ශනය නෑ. සාමෙන් ඉන්නකොට බලකොටු ආරක්ශිත නිවාස හදනන් ඔනෙ නැති නිසා නගර නිර්මානය ආදි ශිශ්ටාචාර සලකුනු අඩුයි. මේ සියල්ලට එක හේතුවක් උන්ගෙ එක්සත් ජාතින්ගේ ප්රඥප්තිය මුලින්ම සයින් කල එක.

තනිකර එකම හේතුව ඒකම නෙවි. බොහෝ රටවල ශිශ්ටාචාර දියුණූ වෙන්න බලපාපු ෆොරේජර් ගෙන් ගොවියාට වෙච්ච ට්‍රාන්සිශන් එක හෙවත් කෲශි විප්ලවය වෙලා නැ. ඒක වෙන්න අමාරු තරම් භුමිය ශුශ්කයි. වාර්ශික වර්ශා රටා නෑ. වර්ශා සීසන් එන්නෙ වසර හත අටේ සයිකල් වල. මෙච්චර දියුනු අදකාලෙවත් වතුර එක් රැස් කරන ක්‍රම හදල තියෙද්දිත් ඔස්ට්‍රේලියන් කෲශිකර්මාන්තෙ හැම වසරෙම පවත්වා ගන්න බෑ. හැබැයි අඩුම ගානෙ සත්ව පාලනයවත් මහා පරිමාණෙට දියුණු නොවන්නෙත් එකාතකට යුද්ද නැති නිසා වෙනන් පුලුවන්. මොකද ඔය ආහාර නිශ්පාදන ක්‍රමවේද ලොකුවට හදාගෙන තියෙන රටවල් වල එහෙම කරපු එක හේතුවක් හමුදාවකට කන්න ආහාර හැදීමේ උවමනාව. එහෙම නොවෙන්න වසර 18000 කට පෙර මත්ස්‍යයන් ඇතිකරන්න ලෝකෙ මුල්ම ඉරිගේශන් ප්ලෑනින් කළ මිනිස්සුන්ගෙ සත්වපාලනය මීට වඩා දියුණු වෙන්න ඕනෙ.

මේ කතාවට ෆේස්බුක් එකේ වැදගත් කමෙන්ට් එකක් ආව. ඒ තමා සත්ව පාලනය කරන්නත් ඩොමෙස්ටිකේට් කරන්න පුලුවන් සත්තු ඔස්ට්‍රෙලියාවෙ නෑ කියල. ඒක අප්රිකාවෙත් තියෙන අවුලක් කියල. ඔස්ට්‍රෙලියාවෙ ගෙවල් වලට ගෙනල්ල කොටු කරල හදන්න පුලුවන් සත්තු නෑ. ඉන්න බහුතරය යැපෙන්නෙ විශාල ශුශ්ක භුමියකින්. සත්වපාලනයක් කරනවනම් මොඩර්න් ඉරිගේශන් නැතුව කරන්න බෑ. සත්තු දිගටම එහා මෙහා යන්න ඕනෙ කෑම හොයන්. අනික ඉන්න මාසුපියල් සත්තු හෙවත් අර්ධ ලෙස වර්ධනය වුනාම පැසට ගිහින් පැස තුල හැදෙන සත්තුන්ගෙ පැටවුන් හැදෙන්න අමාරුයි සහ කල් යනව කියල. ඉන්න එකම මහාපරිමාණ මස් සම්පත කැන්ගරුවා කොටු කරන්නත් අමාරුයි.

ඒ වගෙ හේතු නිසා ස්වදේශික සත්ව පාලනයත් ඉවෝල් වෙල තියෙන්නෙ අප්‍රිකාවෙ වගෙ තමා. අප්‍රිකාවෙ මසායි ගෝත්‍රිකයන් විල්ඩර්බීස්ට් ලා එක්ක දිගටම සන්ක්‍රමණය වන්නෙ. ඔවුන් විල්ඩර්බීස්ට් ලව බලාගන්නව ඒ වගේම මරාගෙනත් කනව ඒත් උන් කොටු කරන්නෙ නෑ.

ඔස්ට්‍රෙලියාව කියන්නෙ එහෙම දෲශ්ටිකෝනයකින් තනිකර එක සත්ව ගොවිපොලක්. සුද්දන් එන්න කලින් ඔස්ට්‍රෙලියාවෙ "වනන්තර" තිබිල නෑ. මේ බව මුල් යුගයේ සන්චාරකයොත් කියනව. ඔස්ට්‍රෙලියාවෙ "වනන්තරේ" තියෙන බොහෝ තුරු වදුලු දිහා බැලුවම ඒව කිසියම් රටාවකට කවුරුන් හෝ සිටුවා ඇති බවක් පෙනුනා කියල කියන්නෙ. ඒ සිටුවා තියෙන්නෙ සතුන්ට නොතේරෙන්න උන්ට ලන් වෙනන් පුලුවන් විදියට ස්වදේශිකයන්. ඒ රටාවට පිටින් හැදෙන වෙනත් ගස් වලින් සතුන් කවර් කරන නිසා ඒව ඉවත් කරල තියෙනව. ගහෙන් ගහට මුවා වෙලා ඇවිත් සතා ලගටම ඇවිත් පහරදෙනව.

සතුන්ට පැටවු ලොකු කරගන්න කුඩා තුරුවදුලු තියල ලොකු බිම ගස් වලින් තොර තණබිමක් කරල තියෙනව. පැටවු ලොකු වුනාම ඒ පොඩි තුරුවදුලු වලට ගිනි තියල එලියට දුවන සතුන් දඩයම් කරගන්නව. මේ ක්‍රමවේදයට ෆයර් ස්ටික් ෆාමින් කියනව. මේ ගිනි රටා නිසා කවදාවත් බුශ් ෆයර් ඇතිවන්න තරම් ලොකු ගස් ගහණයක් හැදෙන්නෙ නෑ. වනන්තර වල සාක්ශි අනුව බුශ් ෆයර් පටන්ගෙන තියෙන්නෙ සුද්දන් ඇවිත් ස්වදේශිකයන්ව වද කලාට පස්සෙ කියල තමා කියන්නෙ. ඒ පාර තමා රියල් වනන්තරේ වැවිල තියෙන්නෙ.

මුල් යුගයේ සන්චාරකයෙක් "මම ඉන්නෙ ලොකු වතුයායක කියල මට හිතෙනවා" කියල කිව්ව කියමනක් මත ලෝකයේ ලොකුම වතුයාය කියලත් ඔස්ට්‍රෙලියාවට විරුද නාමයක් ඒ කාලෙ තිබ්බ.

ඔන්න ඔහොමයි ලිමිටඩ් තත්ව වල සත්වපාලනය හෙවත් ෆාමින් කලේ.

අවසානෙ උන්ට මුන ගැහුනෙ ලෝකෙ ඉන්න ම්ලේච්චම සහ දියුනුම ශිශ්ටාචාරයක්, අපි ඔක්කොම දන්නව ඒකෙ එන්ඩ් රිසල්ට් එක. ඔය බොහෝ ස්වදේශික සමුලඝාතන වලට හේතුව සත්ව ගොවිපොලවල සතුන් "සොරකම් කිරීම". ඒත් ස්වදේශිකයන්ගෙ සන්කල්පය අනුව භුමියට සීමා නෑ. අධික ලෙස සම්පත් සන්කේන්ද්රගත වෙනවනම් එතනින් සීමිත තරමක් ගන්න හැමෝටම අයිතියක් තියෙනව. ඉතින් ගොවිපොලවලින් සත්තු කීපයක් ගන්න එක ඔවුන්ට අනුව නිවැරදි දෙයක්.

බොහෝ දෙනා දන්න ස්ටෝලන් ජෙනරේශන් කියන්නෙ මේ වගෙ වෙනස් චින්තනයක් එක්ක පවතින්න තිබ්බ අමාරුව නිසා උන්ගෙ පොඩි ළමයි පැහැර්ගෙන ඇවිත් උන්ව මේන්ස්ට්‍රීම් සිස්ටම් එකට අනුගත කරල මෙහෙකාරයින් මෙහෙකාරියන් ගොවිපොළ අත් උදව් කරුවන් ලෙස සමාජගත කරන්න හෙවත් ඒ කාලෙ සුද්දගෙ චින්තනෙන් උන්ව "ශිශ්ටාචාරගත කරන්න" ගත් උත්සාහයක්. යුද්ද ලෙඩ රෝග අලුත් සිස්ටම් එකට අනුගත වීමේ අපහසුතා සහ තමන්ගෙ සන්ස්කෲතික කොදු නාරටිය බිද දැමීම එක්ක දැන් ඔවුන් ඉන්නෙ දෙලොවක් අතර.

Sujeewa Kokawalahttp://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.com5tag:blogger.com,1999:blog-6900753426343218319.post-6694887755596883722021-07-15T10:05:00.007-07:002021-08-15T22:23:52.142-07:00ඇෆ්ඝනිස්තානයේ පනස් වසරක්
අලිය කාමරේට ඇවිත් තරමක් කල්, ඒත් ඒක හදිසියේ ලියනෙක අපේ ජොබ් එක නොවේ, අපි වාර්තාකාරයින් නෙවිනෙ. ඒ නිසා අලිය එන්නෙ මොකාටද කියල බලල, මූ කැලෙන්ද ආවෙ, නෙවිනම් කොටන් ඇද්ද ද පෙරහරේ යන්න ද හදන්නෙ ඒව ගැලපුනා ම තමා අපෙ ඔපිනියන් එක එකතු කරන්න ඕනෙ තේකක් ඒම බොන ගමන්.

ඒනම් මේ අලිය ගැන එනම් තලිබාන් ගැන;

ඇෆ්ඝන් කතන්දරේ ගැන කියද්දි මැත අවු පනහම මිස කෑලි අහුලල කතාවෙන්න බෑ. පනහම එක "සිද්දි දාමයක්". ඒ සදහා අඩුම මිනිසුන් පිරිසකගේ නම් සමග ඉතාම කෙටි ඉතිහාස කතාව අදින්න වෙනවා. මේ කතාවෙදි අපි ඇෆ්ඝනිස්තානෙ මූලික ලක්ශණ තුනක් අතිශයින් වැදගත් කියා හිතනව.

1. ආවේණික ප්‍රධාන ජාතියක් කියල එකක් නෑ. සශ්තූන් හෙවත් පතාන් වරුන් ඉන්නව බාගෙකට මදක් අඩුවෙන්න. තජික් වරුන් ඉන්නව ඊට පොඩි ගානකින් වෙනස්ව. පතාන් ලා පාකිස්තානෙ තමා වැඩියෙන් ඉන්නෙ. ලෝක පතාන් ජනගහනය ඉතාලිය විතර සයිස්. උන් ඉන්නෙ බෝඩරේ කියල කියන එක හරහට දෙපැත්තට. ඒ හරියෙ බෝඩර් එකක් හරියට මේන්ටේන් වෙන්නෙවත් නෑ. සමහර පතාන් වරිග සබා බෝඩර් හරහට පවා තියෙනව. මේකෙන් පකිස්තානය සහ ඇෆ්ඝනිස්තානය අතර වෙන් කළ නොහැකි සම්බන්දයකටත් වඩා පැටලිල්ලක් හැදෙනවා. තජික් ලා නම් ඇෆ්ඝනිස්තානයෙ ඉන්නව තජිකිස්තානෙටත් වඩා. ඒකත් තරමක් දියාරු බෝඩරයක්. මේ දෙකට අමතරව අපිට වැදගත් වන තුන්වන සුලු ජාතිය ඇෆ්ඝනිස්තානෙටම ආවේණික ඉරාන සම්භවය සහිත හසාරා වරුන්. 10% පමණ වන හසාරා වරුන් ඉන්නෙ රටේ මැද්දෙ තියෙන හින්දුකුශ් කදු වල. ඉතිරි ඔක්කොම වගෙ සුන්නි වෙන වෙලවෙ හසාරා වරුන් ශියා වීම නිසා නිරන්තරයෙන් පීඩාවට පත්වෙන පාර්ශ්වයක්.

2. ගම් නගර බෙදුම. ඇෆ්ඝනිස්තානෙ කියන්නෙ ආසියාවෙ ග්රාමියම රටක්. නාගරික ජනගහන % හොදටම අඩු ලන්කාව නේපාලය වගේ කීපයකට වඩා පමණයි වැඩි, ඒත් වැදගත් ම දේනම් නාගරික ජනගහනයේ සමාජ ජීවිතය ග්‍රාමිය අයගෙන් බොහෝ දුරස්. මෙන්න මේ ගැටලුව පහුගිය වසර පනහෙම වදදෙන එකක්. බොහෝ දේශපාලන සන්කල්ප කෙතරම් හදුන්වා දුන්නත් නගරය සහ ගම අතර තියෙන පවුරෙන් ගම පැත්තට කවදාවත් පනින්නෙ නෑ.

3. බල අරගල. වෙනත් ලෝකෙ බොහෝ රටවලට වඩා පර්සනලිටි කල්ට් හදාගන්න ඇෆ්ඝන් වරුන් පෙළබෙනවා. ඒ අනුව කිසියම් පාර්ශ්වයක් බලය ගත්තත් ඒ මොහොතම ආයෙ දෙකට කැඩිලා බලයට කුලල් කා ගන්න එක සුලබ ලක්ශණයක්. බොහෝ පක්ශ සහ මිලිශියා වල නමේ ම ලොක්කගෙ නමත් සදහන් වෙනව.

ඇෆ්ඝන් මිනිස්සු සන්තෝසෙන් පාඩුවෙ අන්තිමට උන්නෙ මීට අවු 50 කට පමණ ඉස්සර රාජාන්ඩුව කාලෙ. රාජාන්ඩුවක් කිව්වට ඒක තරමක් ඉදිරිගාමියි. මහජනයාගෙන් තෝරන නියෝජනයක් එක්ක බලය බෙදාගන්න ව්‍ය්වස්තාවක් එහෙම හදල තියෙන්නෙ. ආගමික අන්තවාදයට ඉඩ දුන්නු රාජාන්ඩුවකුත් නෙවි. එවකට තිබ්බ බටහිර සහ සෝවියට් ජීවන රටාවන් නිදහසේ රට තුලට එනවා.

පළවෙනි පෙරළිය එන්නෙ ඩාවුඩ් ඛාන් ගෙන්. රජපවුලෙම කෙනෙක් වන ඩාවුඩ් තරමක් දුරට සෝවියට් කොමිනිස්ට් සිස්ටම් එකෙන් ආභාශය ලද්දෙක්, රජා රටෙන් ගිය වෙලාවක් බලල ඔහු රාජාන්ඩුව විසුරුවා හැරල තමන් යටතේ ජනරජයක් හදනවා 1973 දි. මේ ජනරජයේ පෙරතිබ්බ සුලු මට්ටමේ මහජන නියෝජනයත් ඉවත් කරල සමාජවාදයට නැඹුරු ඒකාධිපති ක්‍රමේකට යොමුවන්නෙ. මේ නිස ඔහු ඇමරිකවට තර්ජනයක් වෙනවා. ඔහුගෙ ආශාවක් තියෙනව පශ්තුන් සියලුදෙනා එකතුකර පශ්තුන්ස්තාන් රාජ්‍යයක් හදන්න. ඒ කිව්වෙ වැඩි හරියක්පාකිස්තානයෙ කැලිත් එක්ක. ඔන්න ඔය නිසා ඩාවුඩ් ළදරු පාකිස්තාන දේශයටත් තර්ජනයක් වෙනවා. ඔහුට තදින්ම උදව් වන්නෙ ඇෆ්ඝන් හමුදාව සහ එහි කොමිනිස්ට් කාරයින්, නමුත් පෙර කී දෙවෙනි හේතුව නිසා ඩාවුඩ් ගෙ ජනරජ සහ පශ්තුනිස්තාන් දර්ශනය නාගරික පරිසරෙන් ගමට යන්නෙ නෑ. කෝම හරි අලිභුතෝගෙ ඝාතනය එක්ක සියාවුල් හක් බලයට ඇවිත් පාකිස්තානය සහ ඇමරිකාව සහෝදර ප්‍රේමෙන් බැදෙන වෙලාවෙ ඩාවුඩ් ඛාන් තමා මුලින්ම අෆ්ඝනිස්තානෙට ජාත්‍යන්තරව ගේමක් කෝල් කර ගන්නෙ. අපි ඒකට පස්සෙ එමු

ඒත් ඩාවුඩ් ට ගොඩ කලක් ඉන්න වෙන්නෙ නෑ. ඔහුගෙ දේශපාලනය හිතු තරම් මාක්ස්වාදි නොවන නිසාත් ඔහු ක්‍රමයෙන් තමන්ට තර්ජනයක් වන රැඩිකල් වාමාන්ශිකයන් ඝාතනය කරන්න ගත්ත නිසාත් එහෙම ඝාතනයක් පසුබිම් කරගෙන සවූර් විප්ලවය හෙවත් මාක්ස්වාදි නැගිටීම පටන්ගන්නව 1978. මේකත් නාගරික විප්ලවයක්. මාක්ස්වාදින් සහ හමුදාව එකට එකතුකරාම ඩාවුඩ් නොදැනම හමුදාව තුලට රඩිකල් මාක්ස්වාදය රින්ගනව. මේ අතර සුවිශේශි පුද්ගලයා හෆිසුල්ලා අමීන්. බොහො දෙනෙකුට අනුව ඇෆ්ඝනිස්තානෙ දීර්ඝ කාලයක් පාලනය් පව්ත්වා ගන්න ශක්තිය තිබ්බ අන්තිමයා අමීන්. අමීන් ඇමරිකාවෙ ඉගේනීම ලද මාක්ස්වාදියෙක්. ඒත් අමීන් මාක්ස්වාදි පක්ශයෙ ලොක්ක නෙවි. මාක්ස්වාදිපක්ශයෙ නායකය න්‍යායාචාර්ය වෙද්දි අමීන් තමයි බිමේ වැඩකාරයා වෙන්නෙ. අමීන් ඉතාම ම්ලේච්ච දරුණු මිනිහෙක්. කැරැල්ල මෙහෙයවන්නෙ මූලික වශයෙන් අමීන් උනත් බලයට එන්නෙ ලියොනිඩ් බ්රෙශ්නෙව් ගේ ආශිර්වාදය ද ලබන ඔහුගේ ගුරා. බිමේ වැඩ ටික කරපු අමීන් සහ න්‍යායාචාර්ය ලොක්ක අතර ගැටුමක් ඇතිවන්න යන්නෙ වසරකටත් අඩු කාලයක්. අමීන් තමන්ගෙ පක්ශයේ සහ රටේ නාය්කයව ඇරෙස්ට් කරල මරා දානවා. මීට සමගාමිව අමීන් චිනයට නැඹුරු වෙන්න උත්සාහ කරනවා. ඇමරිකාවට සම්බන්දයි ප්‍රති විප්ලව කාරයෙක් සී අයි ඒ කාරයෙක් කියල අමීන් ගැන කේජීබී චෝදනා තියෙනවා. ඔන්න ඔය වෙලාවෙ මුලදි දැඩි අකමැත්තකින් ඉදල කේජීබී උන්ගෙ පෙළඹීම මත බ්රෙශ්නෙව් සෝවියට් හමුදා ඇෆ්ඝනිස්තානයට එවනවා. අමීන් උන්ව මහත් හරසරින් පිලිගත්තත්, මිලිටරි මෙහෙයුමකින් කාබුල් අල්ලන සොවියට් හමුදා 1979 දි අමීන් මරාදානවා.

මෙන්න මේක ඇෆ්ඝන් ඉතිහාසෙ වෙච්ච ලොකුම මිස්ටේක් එකක්.

ආපහු රෝල් බැක් කරමු ඩාවුඩ් ඛාන් ගෙ කාලෙට. 73-78. මේ කාලෙ නාගරික සමාජය විවිධ දේශපාලන සන්කල්ප එක්ක ඩීල් කරද්දි ඒලියනේට් වන ග්‍රාමිය සහ ඇතැම් නාගරික කොටස් නැඹුරු වන්නෙ ඉස්ලාමික අන්තවාදයට. ඒ බොහෝ දෙනෙකුට ඇෆ්ඝනිස්තානෙ ඉන්න අවකාශ නැති නිසා පාකිස්තානයට පැනල යනව. ඔවුන්ට ආරක්ශාව පුහුණුව සහ සල්ලි දෙන්න පශ්තුනිස්තාන තර්ජනයට ලක්වන පාකිස්තාන රජය හමුදාව සහ අයි එස් අයි ඔත්තු සේවය සැදි පැහැදි බලා ඉන්නව. ඒක පිටිපස්සෙ සෝවියට් බලයට එරෙහි ඇමරිකාවත් ඉන්නව. ඒ දෙකටම අමතරව 1979 ට පස්සෙ මක්කමේ කැරැල්ලෙන් පස්සෙ වහාබි අන්තවාදෙට යන සවුදි අරාබිය සල්ලි සමග වහාබිවාදයත් එවනව.

අපිට දැන් මුණ ගැහෙනව ගුලබුද්දින් හෙක්මටියාර්. මේ කතාවෙ ඉන්න ම්ලේච්චම මනුස්සය වෙන්න පුලුවන්, හෙක්මටියාර් ඉන්ජිනේරුවෙක් වෙන්න කැම්පස් ගිය එවකට මාක්ස්වාදි පශ්තුන් තරුණයෙක්. ඒත් පසුව ආගමික අන්තවාදියෙක් වන ඔහු විශ්ව විද්‍යාල කාලෙම බරපතල ක්‍රියාකාරියෙක් සහ (ආගමික) දර්ශනය ගැන ලේඛකයෙක් පවා වෙනව. ඒ වගේම විවි උන්න තරුණියන්ට ඇසිඩ් ගහපු කතා තියෙනව ඒව හරියටම ඔප්පු වී නෑ. ඒත් ඒව නතින්. ඩාවුඩ් ඛාන් ගෙ කාලෙ පාකිස්තානයට පලායන හෙක්මටියාර් තමා එහි නිර්මානය වන පාක්සිතාන සවුදි ඇමරිකන් සහ බටහිර කදවුර විසින් තෝරාගන්නෙ තම නියෝජිතයා වශයෙන්. අනාත කදවුරු ඇතුලෙ හෙක්මටියාර් වෙනම පාලනයක් ගෙනගිය බව කියවෙනවා. ඔහුට අයිති පොලීසියක් සහ හිරගෙයක් පවා ඒව තුල තිබ්බ කියනව. හෙක්මටියාර් මාගරට් තැචර් වගේ අය මුන ගැහිල තියෙනව. ඇමරිකාවෙන් සහ සවුදියෙන් වැඩියෙන්ම මුදල් ඒ කිව්වෙ ඩොලර් මිලියන ගානට කඩාගන්නව. බොහෝ දෙනා දන්න ඔසාමා බින් ලේඩන් කියන්නෙ ඔහු හා සමගාමිව සටන් කල වොලන්ටියර් කෙනෙක්. හෙක්මටියාර් තමා වැදගත්ම පාර්ශ්ව කාරය. තලිබාන් බලයෙ ඉන්න කාලෙ පවා හෙක්මටියාර් තමා වැඩිම තර්ජනයක් ලෙස බොහො දෙනා දකින්නෙ. තරමක් අනාගතේට පැන්නොත් තලිබන කාලෙ ඉරානෙට පනින හෙක්මටියාර් ඇමරිකන් ආක්‍රමණ එක්ක රටින් පිට ඉදන් සටන් මෙහෙයවනව, තලිබාන් සහ අල් කයීඩා පැත්තෙ ඉදිමින්. තලිබාන් විනාස කරාම 2008 දි ඔහු තනියෙන් කැරැල්ලක් ගහනව ඇමරිකාවට. බින්ලේඩන් ට බෝම්බ දාද්දි ඔහුව මුදාගෙන ගෙන ගියා කියන්නෙ හෙක්මටියාර් ගෙ කට්ටිය. හෙක්මටියාර් ගෙ බලය මේ මෑතක් වෙනකම්ම තියෙනව. අවසානෙ වත්මන් ජනාදිපති ඇශ්රෆ් ඝානි එක්ක 2016 සාම ගිවිසුමක් ගහල ඒ හරහ තමන්ගෙ සියලු යුද අපරාධ වලටත් ලෝකෙන්ම සමාව අරගෙන ඊ ගාව ජනාධිපතිවරණෙත් ඉල්ලල තාමත් බෙල්ලට උඩින් ඔලුව නිරුපද්‍රිතව තියාගෙන ඉන්න ඇෆ්ඝනිස්තානෙ අල්ටිමට් මස් වැද්දා සමත් වෙනවා. අපි ආයෙ එයා ගැන හෙටානිද්දම කතා කරයි.

ආපහු 1979 ට ආවොත් සෝවියට් උන් රූකඩ ආණ්ඩුවක් හදනව. මෙතෙක් ගෞරවණීය ව උන්නු බ්‍රිතාන්‍ය සහ රුසියානු අධිරාජ්‍ය දෙකටම පහර දුන්නු රණකාමි ඇෆ්ඝන් හමුදාවෙ කොදු නාරටි කඩනව. මෙතනින් එහාට ඇෆ්ඝන් හමුදාව කියා යමක් කතාවට ගැනෙන්නෙ නෑ එහෙම සලකන්න පුලුවන් පවර් එන්ටිටි එකක් නෑ. සෝවියට් ආක්‍රමණය නිසා වෙන ලොකුම හානිය නම් මෙතෙක් ඉස්ලාම් අන්තවාදෙ පමනක් වාසියට තිබ්බ පාක්සිතානෙ උන්නු කැරලි කන්ඩායම් වලට දේශප්‍රේමය තව මාතෲකාවක් වීම. මුජහිදීන් සටන්කාමින් ලෙස ඇමරිකන් සවුදි පකිස්තාන් තල්ලුවෙන් ඔවුන් සෝවියට් වරුන්ට එරෙහිව සටන් කරනව. 1988 දි ගොර්බශොව් හමුදා ආපහු ගෙන්වනවා. බොහො දෙනෙක් කිව්වට ඒ පැරදිලා නෙවි. ඇෆ්ඝනිස්තානය සෝවියට් උන් පැරදවූ බව වැරදි කතාවක්. ඒක උන්ගෙ මිස්ටේක් එකක්. බ්රෙශ්නෙව් පවා මුලින් අකමැති වෙච්ච. ගොර්බශොව් සම්පුර්නයෙන්ම අකමැත්තෙන් උන්නු එකක්. ඒකයි උන්ව ගෙන්වන්නෙ.

සොවියට් හමුදා ගිහින් වසර කීපෙකින් පපට් ආණ්ඩුව පරදා මුජහිදින් ඇෆ්ඝනිස්තානය අල්ලනව ඒ 1992 දි. ඒත් බලය අල්ල ගත්ත ගමන් හෙක්මටියාර් සහ සෙසු මුජහිදින් කණ්ඩායම් අතර ගැටුම් අතිවෙනව. මීට එක හේතුවක් වෙන්නෙ හෙක්මටියාර් ගෙ ආගමික අන්තවාදය සමහර අනෙක් මුජහිදින් ලා පිලි නොගැනීම. තමන් ම අගමැතිකම දරාපු කාබුල් නගරයට රොකට් ප්‍රහාර එල්ල කරන්න හෙක්මටියාර් පෙළඹෙනවා. කාබුල් වල සිවිලියන් මරණ 50000 ට වඩා වුනා කියනව ඔහුගෙන් එල්ල වූ ප්‍රහාරයෙන්. මෙතැන්සිට ගෙවෙන වසර හතර තමා ඇෆ්ඝන් ඉතිහාසෙ අදුරුම කාලෙ, කල්ලි පාර්ශ්වයන් කීපෙකට කැඩෙන මුජහිදින්ල සිවිලියන්ස් ලා ගානකට නොගෙන මාරාන්තික යුද්ද්යක් කරනවා. ඒකෙ මරණ සහ තුවාල යටින් කෙල්ලො බුරුතු පිටින් රේප් වෙනව. අරාජ්කත්වය උපරිම.

මේ වෙනකොට බටහිර සවුදි පාකිස්තාන කදවුර හෙක්මටියර් ව අතෑරල දාල තියෙන්නෙ. බටහිර තරමක් ස්ටෙප් එකක් පස්සට යද්දි සවුදි පාකිස්තාන කදවුර පාකිස්තානයේ අනාත කදවුරුවල මද්රසා පාසල් වලින් බිහිවෙන පශ්තුන් "ශිෂ්‍ය" සන්විදානයක් වන තලිබාන් මත තමන්ගෙ බෙට් එක දාන්නෙ. තලිබාන්ගේ ආගමනය එක්ක මුජහිදින් ලා ආයෙ එකතු වුනත් ඒ වෙනකොට ප්‍රමාද වැඩියි. 1996 දි තලිබාන් යුදයෙන් මුජහිදින් පරදා බලය ගන්නව. තලිබාන් ශරීයා නීතිය අකුරටම (ඔවුන්ගේ ඉන්ටප්‍රිටේශන් එක මත) ක්‍රියාත්මක කරනව. කාන්තාවන් සම්පුර්නයෙන් මුලුගැන්වෙනව. මේක ග්‍රාමිය මට්ටමට හුරු වුනාට සැහෙන වෙස්ටනයිස් වෙච්ච ඇෆ්ඝන් නගර වලට දරාගනන් බෑ මේ හේතුව නිසා බොහෝ දෙනාට අධම දඩුවම් දෙනව අතපය කැපීම් ඝාතන. මේ නිසා බාහිර ලෝකයා තලිබාන්ට දක්වන්නෙ අපුලක්. ඒත් ඇෆ්ඝන් පැත්තෙන් ගත්තොත් තලිබාන් තමා අරාජික සහ ම්ලේච්ච යුද්දය නවතා රට ස්ටේබල් කරන්නෙ. මිනිස්සු උන්ට සපෝට් කරන්නෙ ඒකයි. 1979 අමීන් ට පස්සෙ ස්ටේබල් ඇෆ්ඝනිස්තානයක් හැදෙන්නෙ තලිබාන් යටතෙ.

නමුත් උන් වැඩේ වකූර් කරගන්නව. ඒ අල් කයීඩා එක්ක ජාත්‍යන්තර ඉස්ලාමික අන්තවාදයට සහය දෙමින් තුර්කියේ සිට ලන්කාව වෙනකම් කාලිෆේටය හදන්න හිතන නිසා. ඒක හැමෝම දන්නව. ඇමරිකාව සහ උන්ගෙ හැම යුද්දෙටම බහින ඔස්ට්‍රෙලියා කැනඩා බ්‍රිතාන්‍ය ආදි රටවල් ඇෆ්ඝනිස්තානෙ අල්ලන්නෙ 2001 අග.

ඇමරිකාවත් (මෙතැන් සිට ඇමරිකාව කියන්නෙ උනුයි උන්ට කඩේ යන රටවල් ටිකයි) ඇෆ්ඝනිස්තානෙ පරාදයි කියල බොහො දෙනා කිව්වට ඔවුන් පරාද නෑ. ඇමරිකාව ආවෙ අල් කයීඩා එල්ල කල ප්‍රහාරය නිසා. ලෝක යුද්දෙට පස්සෙ ඇමරිකන් ආක්‍රමණ වලින් එකම සාධාරණ එක. ඒ ඉලක්කය එනම් බින් ලේඩන් මරල ඇමරිකන් ජීවිත වල ට දඩුවම දෙනවා. අල් කයීඩා නායකත්වය එක පිටිම්ම වගේ විනාස කරලා ඒක වඩා දුබල කරනව (ඊට වඩා ලොකු දෙයක් කරන්න්න බෑ අන්තවාදි කල්ලියකට). උන්ට කඩේ ගිය තලිබාන්ගෙ නායකත්වයත් විනාස කරනවා. හැබැයි ඊට පස්සෙ බොහො විට ඔබාමා-ක්ලින්ටන් කාලෙ ඩිලුශන් එක නිසා වෙන්න ඕනෙ ඔවුන් ආපහු යන්නෙ නැතුව "ඇෆ්ඝනිස්තානෙට ප්රජාතන්ත්රවාදය ගේන්න" කටයුතු කරන්න යනව. අන්න ඒ ටාගට් එක ෆේල්.

ඇත්තෙන්ම ඒ අතිනුත් ඔවුන් සැහෙන වැඩ කොටසක් කරනව. ඇමරිකන් සිග්නල් වැඩ කරන නාගරික රාමුවෙ බටහිර ලක්ශණ සහිත සමාජ ජීවන රටාවක් හදනව. ලෝකෙ මේන්ස්ට්‍රීම් කල්චරේ ඉපිද ලොකු මහත් වෙන තරුණ පරපුරක් ඇෆ්ඝනිස්තානෙ හදනව. ප්රජාතන්ත්රවාදය ගේනව. රටේ නායකත්වයෙ ඉන්නෙ මානව විද්‍යා අන්ශයෙන් උගත් විවි චාන්සලර් වරයෙක්. ඒත් අර මන් කිව්ව ගම නගරය අතර ගැප් එකෙන් එලියට මේ දර්ශනය ගෙනියන්න සෝවියට් උන්ට වගේම ඇමරිකන් උන්ටත් බැරිවෙනව. නගර තුල තමන්ගෙ ධර්මය පතුරද්දි ගම්වල නොනවතින යුද්දයකින් දාස් ගණන් මිනිස්සු නොකඩවා මරදාමින් තමා උන්ට ඉන්න වෙන්නෙ. ගමේ ඇෆ්ඝන් මිනිසුන්ට මුජහිදින් සිවිල් යුද්දෙ වගේම තමා.

ඇයි ඇමරිකාව යන්නෙ කියන එකට හේතු ගොඩක් තියෙනව. එකක් තමා දැන් ඇෆ්ඝනිස්තානෙ ඉන්න අන්තවාදි ම කල්ලිය තලිබාන් නෙවි අල් කයීඩත් නෙවි. අයිසිස් පවා දැන් ඇෆ්ඝනිස්තානෙ ඉන්නව. ඇමරිකාව දකිනව මේ කල්ලි එකිනෙකාගෙ සතුරන් බව, ඒ නිසා සතාගෙ මාලු ඌ මත්තෙම කප්පන්න පුලුවන් බව. 5000 ඉක්මවා මැරුන ඩොලර් බිලියන හෝ ට්‍රිලියන ගානක් වැය වුන වසර විස්සක් හෙවත් තමන්ගෙ ඉතිහාසෙ දිගම යුද්දෙ තාමත් ඔවුන් ලබාගත් ස්තාවරත්වයක් නෑ. තව සියවසක් ගියත් ඕකට එහා තත්වයක් ගන්නත් බෑ. අනික යුදමය පරාජයක් ඉවෙන්චුවලි ලැබෙන්න පුලුවන්.ඒ නිසා තමා ඇමරිකාව යන්නෙ. ඊට අමතරව රුසියාව සහ චීනය කියන දෙරටම විවිධ අවස්තා වල තලිබාන් එක්ක එකගතා වලට ආපු නිසාත් ලෝක බල අරගලයේ පාකිස්තානය කියන යාවජීව මිත්‍රයා චීනයට කැඩිල ගිය නිසාත් ඇමරිකාවට ලෝක බල අරගලය නිසා ඇෆ්ඝනිස්තානෙ ඉන්න කිසිම හේතුවකුත් නෑ.

1979 ආපු සෝවියට් කාරය කොදු කඩා දැම්මට පස්සෙ ඇෆ්ඝනිස්තානෙට හමුදාවක් කියල එකක් නෑ. තලිබාන් එක්ක ගැටෙන්න ඇමරිකාව හදාපු පපට් හමුදාවාට බෑ. උන් බොහො දෙනේ එක්කො යටත් වෙනව නෙවිනම් තලිබාන්ට එකතු වෙනව ඒ නැත්නම් පලා යනව. ඒ පරාජය ඉදිරියේ ඉතුරු වෙලා ඉන්නෙ මුජහිදින් ජෙනරල් ලගෙ මිලිශියා පමණයි. දැන් මුනුත් ඇමරිකාව හදාපු හමුදාවෙ කොටස්. මේ දක්වා තලිබාන් එක්ක ඔලුව කෙලින් තියාගෙන ඉන්න සමත් වී ඇත්තෙ ඔවුන් පමණයි. අන්තවාදි ක්‍රියා නොකරන බවට තමන්ට තලිබාන් පොරොන්දු වූ බව කිව්වත් එහෙම කලොත් කරන්නෙ මොකද්ද කියල ඇමරිකාව කියන්නෙ නෑ. තලිබාන් දැනටම ශරියාව අරගෙන එන්නෙ. පෙර සේම කාන්තාවන්ට සීමා දාල තියෙන්නෙ. තලිබාන් පොඩ්ඩක්වත් වෙනස් වූ බවක් පේන්නෙ නෑ.

කලින් වතාවෙ තලිබ්බාන්ලගෙ ම්ලේච්චම ප්‍රහාරය එල්ල වන්නෙ හසාරා වාර්ගිකයන්ට. හසාරා නගර වල අයිසිස් පන්නයේ සමූලඝාතන පවා කරල තියෙනව. හසාරා වරුන් ඊට පස්සෙ ඇමරිකාවට උපරිමයෙන් ම සහය දෙනවා. ඒ නිසා මෙවර ඊටත් වඩා ලොකු හින්සනයක් එල්ල වෙයි. හසාරා දැන් සන්නද්ධ වෙමින් ඉන්නෙ ලොකු සිවිල් යුද්දයක් ඇවිලෙන බවට සාක්ශි පෙන්වමින්. ඒත් තලිබාන් වටේට ඉන්නකම් රට මැද්දෙ ඉන්න හසාරාට කල හැකි කිසිවක් නෑ. නොනවතින යුද්දයක් විනා.

අසල්වාසින් ගත්තොත්; ඉරානය තලිබාන් එක්ක මිත්‍ර නෑ. ඒත් කවදාවත් පැටලෙන්න කැමති නෑ. රුසියාව තලිබාන් එක්ක එකගතා වලට ඇවිත් ඉන්නෙ

අයිසිස් වැනි සෙසු අන්තවාදින්ට එරෙහිව සටන් කරන්න. ඒ වගේම රුසියාව තම හිතවතුන් සේ සලකන උතුරු බෝඩර් වන සෝවියට් සමූහාන්ඩු රටවල් වල ආරක්ශාවට ඔවුන් මිලිටරි මට්ටමේ ක්‍රියාකාරකමකට වුනත් යනව කියල තියෙන්නෙ. තජික් ඇෆ්ඝන් බෝඩරේ තියෙනව ලොකුම රුසියන් කදවුරක්. චීනය දැනටමත් තලිබාන් එක්ක කතබහක් පටන්ගෙන. වඛාන් තීරය හරහා චීනයට දේශ සීමාවක් තියෙන ඇෆ්ඝනිස්තානය ස්තාවරව තියාගන්න ඔවුන්ට අවශ්‍යයි. දැනටමත් චීන ආයෝජන රාශියක් ඇෆ්ඝනිස්තානෙ තියෙනව. ඒ නිසාත් චීනයේ හිතවතා වන පාකිස්තානය තලිබාන් පස්සෙ දිගටම ඉන්න නිසාත් චීන තලිබාන් එකගතාවයක් බලාපොරොත්තු වෙන්න පුලුවන්.

කලාපෙ හැම රටක්ම වොරි වන්නෙ ඇෆ්ඝන් මිනිස්සු ගැන නෙවි. ඉදල ගියපු ඇමරිකා සහ හිතවත් රටවල් වුණත් ඒ ගැන වොරියක් නෑ. කොටින්ම තමන්ට සහය දුන්නු නිසා ජීවිතතර්ජනයට ලක්ව සීටින මිනිසුන්ට ඉක්මන් රිෆියුජි වීසාවක් දෙන්නවත් මේ රටවල් වලට බැරිවෙලා තියෙනවා.

ඒ ඔක්කොටම වඩා ලොකු තර්ජනයක් සමහාර්විට බින් ලේඩන්ටත් එහා යන තර්ජනයක් ඇෆ්ඝනිස්තානයට තියෙනව. තලිබාන්ට සහය දෙන්න තුර්කිය කැමත්ත පෙන්වනව. දැනටමත් තුර්කි හමුදා ඇමරිකන් හමුදා වෙනුවට ඇෆ්ඝනිස්තානයේ ස්තානගත වෙනව. මේ අයිසිස් සන්විධානයට විදෙස් කේඩරය සහ මුදල් පොම්ප කල, ලෝකෙ පුරා ප්‍රහාරක ඩ්‍රෝන් විකුනමින් යන ඉස්ලාමික අන්තවාදයේ දොරටුව ළග ඉන්න තුර්කිය. මේක ලොකුඅම් ගැටලුවක් වෙන්න පුලුවන්.

ඇෆ්ඝන් රජය සහ එහි සාම කවුන්සිලය තාමත් හෝප්ස් තියන් ඉන්නව, ඒත් තලිබාන් ඒ කවින්සිලය පිලිගන්නෙවත් නෑ. පැරනි මුජහිදින් ජෙනරල් ලගෙ මිලිශියා තාම තැන තැන නාගරිකයන් බේරගෙන ඉන්නව. මේව වැඩිකල් තියේ කියල විශ්වාසයෙන් යුතුව කියන්න අමාරුයි.

ඇත්තෙනම් මෙතන කාටද ප්‍රශ්නයක් තියෙන්නෙ. වටේ ඉන්න රටවල් කාටවත් ලොකු ප්‍රශ්නයක් නෑ. පෙර ගොන්කම් නොකරන්නේ නම් ඇමරිකාවටත් ප්‍රශ්නයක් නෑ. ග්‍රාමිය ඇෆ්ඝන් ජනයාට අමීන් ගෙන් පස්සෙ ස්තාවර කාලයක් තියෙන්නෙ තලිබාන් යටතෙ පමණයි. මෙතන අනතුරට පාත්‍රවෙලා ඉන්නෙ මේන්ස්ට්‍රීම් ලෝකෙට අනුගත වෙච්ච ප්රජාතන්ත්රාඅදය අගයන නාගරික ඇෆ්ඝන් වරුන් සහ හසාරා ප්රමුඛ ඇතම් සුලු ජාතිකයන් පමණයි.

ඇෆ්ඝනිස්තානයේ ස්තාවරත්වය තලිබාන් පමණයි කියන රියලිටිය බොහෝ විට අමාරුවෙන් දරාගන්න ඔවුන්ට සිද්ද වෙන්න පුලුවන්.

රායිට් මෙතනින් පස්සෙ මන් අවධානය දෙන්නෙ ඇෆ්ඝනිස්තානය ගැන ස්කයි ටීවී එකේ යන ඩොක් එකකට. ඇෆ්ඝන් අර්බුදේ මරුසියට හැමතැනම කතාවෙනවා නෙ. මේ තමා මන් දැක්ක හොදම එක.

මේකෙ ඉන්නව පැන්ශියර් හි සින්හයා හෙවත් අහ්මඩ් ශා මසූඩ් ගේ පුතා අහ්මඩ් මසූඩ්. තජික් වාර්ගික අහ්මඩ් ශා මසූඩ් මුජහිදින් ජෙනරල් කෙනෙක්. සෝවියට්කාරයින්ගෙන් සහ තලිබාන් ගෙන් තමන්ගෙ පැන්ශියර් නිම්නය රැකගෙන එහි රෙසිස්ටන්ස් එක පවත්වාගත් කෙනෙක්. හෙක්මටියාර් අගමැති වෙලා අන්තවාදය ගෙනාවම ඔහුව කාබුල් වලින් එලෙව්වෙ මසූඩ්. සරළව කිව්වොත් අන්තවාදින්ට එරෙහිව ඇෆ්ඝනිස්තානයෙ උන්නු හොදම සටන්කාමියා. ඒ නිසාම ට්වින් ටවර් එකට ශොට් එක දෙන්න දෙදිනකට පෙර කැමරාවක සැගවු කුඩා බෝම්බෙකින් කැමරමන් කෙනෙක් ලෙස යවාපු ත්‍රස්තවාදියෙකු මගින් මසුඩ්ව මරාදමන්නෙ බින් ලේඩන් ඒ ඔහුට තලිබාන් දුන්නු සහයට ප්‍රති උපකාරයක් ලෙස (තලිබාන්ට මසූඩ් එතරම් හිසරදයක්). අහ්මඩ් මසූඩ් පුත්‍රයා දැන් ඉන්නෙ තාත්ත උන්නු තැනටම ඇවිත්. ඒ පොඩි විතර බලාපොරොත්තුවක් තියන්න පුලුවන් එක්කෙනෙක්.

තව කෙනෙක් (මේකෙ නෑ) ඩොස්ටම්. ඩොස්ටම් උස්බෙක් ජාතික ජෙනරල් කෙනෙක්. ඔහු කාලයක් තලිබාන්ට රිදෙන්න ගහපු කෙනෙක්. දැන් උඅප් ජනාදිපති. ඩොස්ටම් ගෙ අවුල නම් දිනන පැත්ටහ් මාරුවුනොත් ඔහුත් මාරුවෙන්න ඉඩ තියෙනව.

තව කෙනෙක් මේකෙ ඉන්නව ඒ හිටපු ජනාදිපති හමීඩ් කර්සායි ඔහු කන්දහාර්වල ගෝත්‍රික සම්ප්‍රදායික නායකයා. ඔහු තමා කලින් පාරත් කන්දහාර් මුදා ගත්තෙ. දැනිත් ඉන්නෙ කන්දහාර් වල. කර්සායිත් සැහෙන බලයක්.

මේකෙ කතාවෙන කීප දෙනෙකුගේම මතය නම් ඇෆ්ඝනිස්තානෙ අල්ලල තලිබාන් සහ අල් කයීඩා ඉවරයක්ම කර දාන්න ඇමරිකාවට ඇතුලු නේටෝවට ශක්‍යතාවය තිබ්බ බවත් ඒත් ඇමරිකාව ඇෆ්ඝනිස්තාන පාලනයෙන් තලිබාන් එලෙව්ව ගමන් ඉරාකෙ ආක්‍රමණය කරන්න පටන් ගෙන මුලු අවධානයම එහෙට දුන්න නිසා ඇෆ්ඝනිස්තානය වැඩියෙන් සෙසු නේටෝ රටවල් මත තිබ්බ කියල. යුද්ද කර පුරුද්දක් නැති ඒ වගේම ඇෆ්ඝනිස්තානෙ අල්ලන් ඉන්න ලොකුවයින් හේතුවකුත් නැති සෙසු නේටෝ රටවල් වලට කෝමත් ඒ යුද්දෙ ට උවමනාවක් හෝ හයියක් තිබ්බෙ නෑ කියල. එනයින් මේ සියල්ල අනවශ්ය් ඉරාක ආක්රමණයේ ප්‍රතිපල ලෙස සමහරු දකිනවා.

මේ ඩොක් එක පුරාම අපිට තේරෙන දෙයක් තමා ජීවිත හාරසිය ගානක් අහිමි සහ තවත් තුවාල කාරයින් බරගානක් ඉන්න බ්‍රිතාන්‍යයට ඇෆ්ඝන් ආක්‍රමණය අර්තගන්වා ගන්න බැරි කම. ඒ නිසාම මේ සියල්ලක් අපරාදෙ වගේ හැගිමක් ඔවුන්ට එනවා.

ඒත් මට හිතෙන්නෙ ඩොක් එකේ කියන තරම් ඇමරිකාව පරාද නෑ. තම ඉලක්ක සපුරාගත්ත. නේශන් බිල්ඩින් වලට උත්සාහයක් ගත්ත ඒක ෆේලියර් එකක් වුනත්. ඇමරිකාව යන්නෙ හදිසියෙ රට හරියට බාර දීල නොවේ කියනව. ඒත් ඒ කියන අය හිතන්නෙ ඇමරිකාව සාමදූතයෙක් වගේ යන යන තැන්වල රටවල් ලස්සනට හදල බාරදීල යන රටක් කියල වෙන්න ඕනෙ. ඇෆ්ඝන් ජනතාව වෙනුවෙන් නම් ඇමරිකාව ආවෙ මේ විත්ඩ්‍රෝවල් එක පරාජයක් පසුබෑමක් පලායාමක්. ඒත් ඔවුන් ආවෙ ඔවුන්ගේ උවමනා වෙනුවෙන් නම් මේක මිශන් එකම්ප්ලිශ් වන මොහොතක් සහ ඊට පස්සෙ තවත් සල්ලියි ජීවිතයි නාස්ති කරන්න්නෙ මොකටද කියල යන්න යන ගමනක්. මන් ඉන්නෙ දෙවෙනි අදහසේ.

රියල් ලූසර්ස් ලා නම් සෙසු නේටෝ රටවල් සහ ඇමරිකාවෙ ප්‍රාණසම හිතවත් ඔස්ට්‍රෙලියාව වැනි රටවල්. මැරිච්ච ජීවිත තුවාල වූ මිනිසුන් සහ කළ වියදම් වලට මොන කෙහෙම්මලක් ද උන්ට ලැබුණෙ?

අනික කවුද කියන්නෙ ඇමරිකාව ප්‍රොපර් හෑන්ඩ් ඕවර් එකක් කලේ නෑ කියල. ඇමරිකාව ඒක කලේ 2020 ම. ඒ තලිබාන් එක්ක සාකච්චා කරල තමන් 2021 සැප් 11 ට පෙර යනවා කියල එකගතාවයකට ඒමෙන්, අන්න ඒකයි හෑන්ඩ් ඕවර් එක. ඒ එකගතාවය තුල තියෙනව තලිබාන් ලා අන්තවාදයට ඉඩ නොදී ඉන්න ඕනෙ කියන කොන්දේසිය. ඒක රැකීම නම් මන් දන්නෙ නෑ ඒත් අඩුම ගානෙ උන් ඒක තමන්ගෙ බලාපොරොත්තුවක් ලෙස මාධ්‍යවලට කියනව. ඒකත් ලොකු ජයග්‍රහණයක්.

කෝම වුනත් ග්‍රවුන්ඩ් නිව්ස් අනුව තලිබාන් අල් කයීඩා පෙරමුණට අයිසිස් එකතු වෙලාලු. මේක පොඩ්ඩක් අභව්‍යයි වගේ. ඒත් ඇත්තනම් අර කිව්ව පොරොන්දුව රැකීම කෙසේ වෙතත් ෆයර්වර්ක්ස් බලාගන්න පුලුවන් ලෝකෙ වටේම. මුලින්ම තලිබාන් එක්ක රටක් එකගතාවයකට ආවෙ අයිසිස් ඇෆ්ඝනිස්තානෙට ආවම. ඒ රුසියාව. මොකද තමන්ගෙ බෝඩරෙ තියෙන මුස්ලිම් රටවල් වලටත් අයීසිස් බෝවුනොත් කියල රස්සො ට්‍රයි කලා තලිබාන් හරහා ඒ ව්‍යාප්තිය නවතන්න. ඇමරිකාවට එච්චර එකක් කරගන්න බැරි නිසා. අද උනුත් තලිබාන්ට සෙට් වෙලානම් ඒක කතාවට නව මානයක් එකතු කරනව.

මේ අතර ඇෆ්ඝනිස්තානය සාමකාමිව තියාගන්න තලිබාන්ට ඇමරිකන් පොරොන්දුවට එහා යන හේතුවක් තියෙනව. ඒ තමා චීන ප්‍රොජෙක්ට්. දැන් මේ යන යුද්දෙට පවා මීඩියේට් කරන්න චීනය ඉදිරිපත් වන්නෙ යුද්දයක් උන්ගෙ ආයෝජන වලට පාඩු නිසා. චීන සල්ලි වලට දැනටමත් තලිබාන් කෙල හලමින් ඉන්නෙ. චීනය අපේ මිත්‍රයෙක් කියල එහෙමත් කියන්නෙ. කෝමත් තලිබාන්ගෙ ස්පොන්සර් චීනෙ අතවැසියෙක් නෙ.

බොහො දෙනෙක් අහනව ඇයි තලිබාන් මෙච්චර පවර්ෆුල් කියල. ඒකට හේතුව මේ කතාවෙ මිනිහෙක් කියනව. සාමය, ස්තාවරත්වය. තලිබාන් ට පමණයි ඒක ගේන්න පුලුවන්. මිනිසුන්ට මූලික අයිතිවාසිකම් වලටත් වඩා වටිනව නොකඩවා ඇවිලෙන සිවිල් යුද්දයෙන් මිදෙන එක. ගියවරත් තලිබාන් ගේ සාර්තකත්වයේ රහස ඒකයි.

බලන්න

Afghanistan Endgame

July 27:

ඇෆ්ඝනිස්තානෙ මේ දවස්වල කවුරු කවුරුත් කරන්නෙ බයානක ගැම්බල්.

ඇමරිකාව යන්නෙ තලිබාන් එක්ක ගිවිසුමක් ගහල. තලිබාන් ආයෙ අන්තවාදෙට ඉඩ නොදී හොද ලමයි වගෙ ඉන්නව කියන පොරොන්දුව පිට. ගියා විතරයි උන් ආයෙ යුද්දෙ පටන් ගන්නව මේ මොහොතෙ කළින් තිබ්බ අන්තවාදෙම තමා තියෙන්නෙ අල් කයීඩත් උන් එක්ක ඉන්නව. ඉතින් ඇමරිකාව ගත්ත පොරොන්දුව ඉශ්ට නොවුනොත් මොකද කරන්නෙ. ඒකත් කතාවෙලාද යන්නෙ? එහෙම බවක් පේන්නෙ නෑ.

පාකිස්තානය ඇරෙන්න තලිබාන් එක්ක මුලින්ම ගණුදෙණු කළ රට රුසියාව. ඔවුන්ට ලෝකෙ කිසියම් පිළිගැනීමක් ලැබෙන්න ඒක තදින් බලපෑවා. අතීත සෝවියට් සමූහාණ්ඩු වන තුර්ක්මේන්ස්තානය, උස්බෙකිස්තානය, තජිකිස්තානය අවට බෝඩරේ අයිසිස් සන්විධානය සක්‍රිය වෙනකොට තලිබාන් එක්ක ඔවුන්ට එරෙහිව එකගතාවයක් හදාගන්න රුසියාව පෙළඹෙනවා. මොකද තමන්ගෙ හිතවත් ඒ රාජ්‍ය ටික වගේම රුසියාවටමත් අන්තවාදය ලොකු අවුලක්. ඊට කලින් ඇමරිකාව නේටෝ හෝ ඇෆ්ඝන් වත්මන් රජය මේ ගැන හොයන්නෙ නෑ කියල රුසියාව චෝදනා කරමින් උන්නෙ. ඒ නිසා මේ මොහොතෙ තලිබාන් ලා රටේ බලය තහවුරු කරගැනීම රුසියාව ධනාත්මක ලෙස දකින්නෙ. ඒත් ඇෆ්ඝන් ත්‍රස්ත කල්ලි අතර එකගතා සහ ප්‍රතිවිරුද්ධතා වෙනස් වෙනන් යන්නෙ සුලු කාලයයි. අනික අයිසිස් කියන්නෙ ඉස්සර අල් කයීඩ ම නෙ. දැන් ඔහොම්ම රිවස් කරල අයීසිස් උන්ට තලිබාන්ලා කවර් එක දුන්නොත් රස්සන්ට වහකන්න වෙනව. ඒ වගේම උතුරු ඇෆ්ඝනිස්තානෙ ඉන්නෙ පෙරකී සෝවියට් සමූහාන්ඩු වල ජනවර්ග. තලිබාන් පාකිස්තානෙත් ඉන්න පතාන් වරුන්. සාමාන්‍යයෙන් මේ වෙනත් වාර්ගිකයන්ට හමුදාමය බලයක් තියෙනව. උන්ගෙ පලාත් බේරන් ඉන්න සමත්. එහෙම අවස්තාවක තලිබාන්ගෙ යුද්දය පෙර කී අසල්වැසි රටවලට යන්න පුලුවන්. ඒක රුසියාවට සැහෙන ගැටලුවක්. ඒ නිසා පැත්තකින් තලිබාන්ගෙ හොද කියන ගමන් තම හිතවතුන්ගෙ බෝඩරයෙ ආරක්ශාව තර කරන්න රුසියාව කටයුතු කරමින් ඉන්නෙ.

චීනෙ මේ වෙද්දි පවතින් ඇෆ්ඝන් රජයට ෆුල් ස්පෝට්. ඒ නිසාම තමන්ගෙ බෙල්ට් ඇන්ඩ් රෝඩ් ප්‍රොජෙක්ට් එකෙන් සැහෙන සල්ලි ඇෆ්ඝනිස්තානෙට වැයකර තියෙනව. ප්‍රොජෙක්ට් තාම අතරමැද. ඉතින් චීන එස්ටිමෙට් එකෙන් තලිබාන් බලය අල්ලන්න ඉඩ තියෙන නිසා චීනය තලිබාන් සමග එකගතාවක් හදාගන්නව. දැන් වෙද්දි චීන්නු තලිබාන් රජයකට මූල්‍ය ආධාර වලට පොරොන්දු වෙලා ඉන්නෙ. තලිබාන් චීනය තම මිතුරෙක් කියා කියනව. හැබැයි තලිබාන් කියන්නෙ මිට පෙර චීනෙ සතුරෙක්. උයිගර් සටන්කාමින් තලිබාන් එක්ක උන්න, දැනුත් ඇති. ඒ උයිගර් සටන්කාමින්ගෙන් ආපු බෙදුම්වාදි කල්ලි චීනෙ සැහෙන ප්‍රහාර එල්ල කලා. ඒකට රිටර්න් ලෙස චීන්නු මුලු උයිගර් ජනගහනය ම වගෙ කෑම්ප් දාල උන්ගෙ බ්‍රේන් වොශ් කරගෙන යනව. මේ නිසා දැන් වෙද්දි තලිබාන්ලගෙ උනත් උයිගර් උන් ගැන ලොකු කැක්කුමක් තියෙන්න පුලුවන්. ඔතන අන්තවාදි රටක් හැදෙනව කියන්නෙ චීනෙ උයිගර් අර්බුදේට බලපානව. ඒ විතරක් නොවේ. පාකිස්තානයේ චීන ව්යාපෲතියක වැඩ කරන සේවකයින් පිරිසක් ගිය බස් එකක් පල්ලමකට පෙරලිලා බරගානක් මිය ගියා ලගදි. ඒක මිකැනිකල් ෆේලියර් එකක් කියල පකිස්තානෙ මුලින් කිව්වෙ. ඒත් චීන්නු ඉන්වෙස්ටිගේට් කරල හොයාගන්නව බස් එකේ පුපුරණද්‍රව්‍ය තිබිල පුපුරාගිහින් කියල. පාක්සිතානයත් දැන් ඒක පිලිගෙන තියෙන්නෙ. මෙක කළ කෙනෙක් නැතත් හිතන්න ඉන්න ළගම පාර්ශ්වය පකිස්තානෙ තලිබාන් (තෙහෙරාකි ඒ තලිබාන්) කල්ලිය. උඩින් චීනෙට මිතුරුකම් පෑවට යටින් ගේම කෝල් කරනවා වෙන්න පුලුවන්. චීනෙ ආයෝජිත මුදල් අහකයාම වගේම යටපත් කල අන්තවාදෙට නිකම් පෙට්‍රල් ටිකකුත් ලැබෙන්න පුලුවන්. කෝම වුනත් චීන්නු තාමත් කාබුල් ආණ්ඩුවටත් සපෝට්. රෙකමන්ඩ් කරන්නෙ කාබුල් හා තලිබාන් අතර බලය බෙදාගැනීමක්.

පාකිස්තානෙට කියල වෙනසක් නෑ උනුත් කරන්නෙ ගැම්බල් එකක්. ලාබයක් ගන්න නෙවි සහෝදර කමට. පාකිස්තානය තලිබාන් එක්ක ඉන්නෙ ආත්මීය බැදීමක. බෝඩරේ දෙපැට්තෙම පතාන් ඉන්න නිසා උන්ට වෙන් වෙන්න බෑ. උපතින්ම බද්ධ දරුවන් දෙන්නෙක් වගේ. තලිබාන් නිසා පාකිස්තානෙට කොපමණ පාඩුවක් වුණත් උන්ට විද ගන්න වෙනවා. මීට කලින් උන් ඔය ටික රිචර්ඩ් ආමිටේජ් ට කියල අපේ සම්බන්දය බෝම හිස්ටොරිකල් එකක් කිව්වම, ආමිටේජ් කිව්ව කියනවනෙ "නෝ, හිස්ට්‍රි බිගින් නව් රයිට් හිය" කියල. එහෙම තමා උන්ව තලිබාන්ගෙන් වෙන්කරල කලින් පාර ඇමරිකාව වැඩ වලට පාවිච්චි කලේ. ප්‍රහාරය සහ ඒක යට ගහපු හේතු චීනයට කන්සර්න් එකක්. චීන්නු ඔව්ව ඔහොමවත් ඕපන්හැන්ඩ්ල් කරයිද දන්නෙ නෑ. ඒත් තමන් මෙතරම් ආයෝජනය කරද්දි පකිස්තානෙ ඉන්නෙ අනිත් පැත්තෙ කියල තේරුණොත් ඉම්රාන් ඛාන්ට ඔලුවත් නැතිවෙන්න පුලුවන්. කෝමත් භක්තියෙන් ෆන්ඩ් කරන අනුන්ගෙ අර්බුදේ තමා පකිස්තානෙ වලපල්ලට ම ඇදදැම්මෙ.

කාබුල් රජයට නම් ඉතින් අමුතු ගැම්බල් එකක් නෑ. ඇමරිකාව පැදුරටත් නොකිය යන මොහොතෙම බෙට් එක පරාදයි. ඒත් එල්ලා මරනකම් බලා නොසිට උන් තලිබාන් ට මුලින් සාකච්චාවට කතාකරල උන් කියන එක අහන්නෙ නැති නිසා හමුදා පියවරට යන්න තීරණය කළා. දැන් රටේම ඇදිරිනිති දාල ඕල් අවුට් වෝ. කලින් පේන්න තිබ්බට වඩා උන්ට බලයත් තියේ වගෙ, අඩුම ගානෙ නාගරික ටික රැකගන්න ශක්තිය තියෙන බවක් පේන්නෙ.

හැමෝටම හිතෙන්න පුලුවන් වටේටම ගේම දීල තලිබාන් සිරාවට ගොඩ නේද කියල. එහෙම්මත් නෑ. මැයි මාසෙ වෙනකොට ගිවිසුම් අත්සන්කරල සටන් නතර කරනව කිව්ව ඇම්රිකාව හදිසියෙම ඊයෙ සිට නැවත ගුවන් ප්‍රහාර පටන් ගන්නව. ඒක ගැන ලොකු පැහැදිලි කිරීමක් නෑ. කාබුල් හමුදාවලට බැකින් එකක් ලෙස කියල කියන්නෙ. ඒත් ඒක කොපමන කලක් කරාවිද කොහොමද මැනේජ් කරන්නෙ ආදිය පැහැදිලි නෑ. පේන තාලෙට තලිබාන් මොකක් හෝ ඉරක් පැන්න නිසා (උන් පහුගිය ටිකේ පැන්න ඉරි වල හැටියට කෝක ද ශුවර් නෑ) ඇමරිකාව උන්ට ගුවන් ප්‍රහාර එල්ල කර බලය අඩු කරන්න වගේ හදන්නෙ. අනිත් පැත්තෙන් චිනය ඇත්තෙ අවිනිශ්චිත තත්වෙක. චීන්නු පිටරටවලට හමුදා නම් එවන්නෙ නෑ. ඒත් උන්ට තලිබාන්ලා එක්ක මල පැනල කාබුල් වලට මිලිටරි සැපයුම් දුන්නොත් තලිබාන්ට සැහෙන්න රිදෙයි. රුසියාවෙ ලොකුම කෑම්ප් එකක් තියෙන්නෙ ඇෆ්ඝන් තජික් බෝඩරේ. කෑම්ප් එක දැඩි සූදානමින් ඉන්නෙ අණක් එනකම්. තලිබාන් නායකයින් කටාරයේ සිට මේ සියලු බලවතුන්ට දුන්නු පොරොන්දු වන අන්තවාදයට ඉඩ නොදෙන අන්තවාදි කල්ලි මර්දනය කෙරෙන බිස්නස් ෆ්‍රෙන්ඩ්ලි සාමය පිරි ස්තාවර ඇෆ්ඝනිස්තානය උන්ට හදන්නත් බෑ වගෙ. දැනට යන ආකාරෙට පේන්නෙ උන්ගෙ භුමියෙ ඉන්න උන් දැනටමත් අන්තවාදෙ පටන්ගෙන, බිස්නස් වලට පහර දෙන බවට සලකුනු පෙන්වමින්, සාමයක් ස්තාවරත්වයක් කෙසේ වෙතත් බෝම දිගුකාලින සිවිල් යුද්දයකට යනව වගේ පේන්නෙ. අන්තවාදයට භුමියක් වෙලා උතුරෙ සහ නැගෙනහිර ඉන්න බලවතුන් දෙන්නගෙ අහවල් ආගම සුලබ කලාප වලට ඒක රින්ගවන්න ලොකු ඉඩකුත් තියෙනව. ඉතින් උන්ට එකෙක් හෝ සෙට් එකෙම්ම කොලිටි කෑමක් සෙට් වෙන්න සැහෙන ඉඩක් තියේ කියල හිතන්න පුලුවන්.

මේ තත්ව යටතෙ දාදු කැටේ පැති හයේම සිවිල් යුද්දයක් තමා ලියවිලා තියේ කියල පේන්නෙ. මුල්ලක් උඩට වැටුනත් සාමය උදාවෙන්න පුලුවන් ද ශුවර් නෑ. පිට පිට මුලු තුනක් විතර උඩට හිට්ටන්න වෙයි. සියලු පාර්ශ්ව කරුවන් මාරාන්තික බොහොවිට පරදින්න ඉඩ තියෙන ඔට්ටු දාමින් ඉන්නෙ.

August 15:

සිවිල් යුද්දයකින් තොරව කාබුල් තලිබාන් ට යටත් වෙනව. ජනාධිපති අශ්රෆ් ඝානි රට හැර යන්නෙ තලිබාන්ට බලය ඉතුරු කරල. කෝමත් ඝානි යුදයට පුරුදු අයෙක් නොවේ, මීට කලින් තිබ්බ මිලිශියාවක් මෙහෙයවලත් නෑ, ඔහු විවි මහාචාර්යවරයෙක් චාන්සලර් කෙනෙක්. ඔහුගේ නික්ම යාම පුදුමයට කාර්ණයක් නොවේ, කොටින්ම තලිබාන් පවා ඔහුට ඉන්න කියල තියෙද්දියි ඔහු යන්නෙ.

වෙන්න තියෙන හොදම විදියකට වුනා කියන්න පුලුවන්. මොකද වෙන්න තිබ්බ සියලු පොසිබිලිටි වල තලිබාන් දිනනව, ඉතින් අඩුම ජීවිත හානි වලින් ඔය වෙච්ච ආකාරය හොදයි. තලිබාන් පරදින තැනක ඉවර වෙනවනම් අපි ඔක්කොම ඒක තෝරයි ඒත් රියලිටියෙ ඒක වෙන්න විදියක් නෑ.

ඉතාම කලබල තාලෙට සයිගොන් සහ ටෙහෙරාන් සිහි කරමින් රොකට් ප්‍රහාර වලකන ට්රේසර්ස් ශූට් කරමින් බටහිර රටවල් සිය රටවල කීප දෙනාව ගුවනින් මුදාගන්නව. ඒත් ඔවුන්ට සහය දුන්නු ඇෆ්ඝන් වරුන් රාශියක් ඉන්නව වීස ඔෆිස් වල පේපර්වර්ක් ඉවර වෙනකම්. ඒ අයගෙ ඉරණම මොකක් වේවිද කියල අපැහැදිලියි. බටහිර රටවල් ඇෆ්ඝන් ආන්ඩුවට නොකියම යන්න ගිහින් ඔවුන් අමාරුවෙ දැම්ම වගේම අශ්රෆ් ඝානිත් බටහිර රටවලට මුදාගැනීම් කරගන්න චාන්ස් එකක්වත් නොදී දාල ගියෙ. ඒකයි මෙක සයිගොන් ටෙහෙරාන් දෙකේ දිගුවක් වෙන්නෙ.

කලින් අපි කිව්ව වගේ ඇෆ්ඝනිස්තානෙ තලිබාන්ට රෙසිස්ටන්ස් එකක් තියෙන්නෙ ශියා ආගමික හසාරා වරුන් ඉන්න මධ්‍ය කදුකර පෙදෙස් සහ තජික් බලය තියෙන පැන්ශියර් නිම්නය. ඒත් මේ වතාවෙ කලින් වගෙ නෙවි තලිබාන්ලා මේ ප්‍රදේශ සහ බාහිර ලෝකය අතර සම්බන්දෙ කඩල මේව වට කරල තියෙන්නෙ.

හසාරා වරින්ට කෝමත් මේ පරදින සටන කරන්න වෙනව. ඔවුන්ට ලොකු බුරුලක් තලිබාන්ගෙන් ලැබෙන්නෙ නෑ. නෙගෝශියට් කරගන්න වෙන එකකුත් නෑ. ඔවින්ට තියෙන එකම සරණ කන්දෙ වාසිය පමණයි.

පැන්ශියර් හි සින්හයා කිව්ව අහ්මඩ් ශා මසුඩ් ගේ පුත්‍රයා අහ්මඩ් මසුඩ් කළීන් උන්නෙ තම ප්‍රදේශ සුරකින්න ජීවිතේ පුදල සටන් කරන්න. ඒක එයාගෙ තාත්ත කලා. ඒත් ඒ කාලෙ ටජික් දේශ සීමාව වෙනකම් තලිබාන්ට බලය තිබ්බෙ නෑ. අද තත්වය වෙනස්. තලිබාන් දැන් පලමු වරට මුලු ඇෆ්ඝනිස්තානෙම වගේ අල්ලගෙන. අහ්මඩ් මසුඩ් කියනව තමන් සූදානම් කියා එකගතාවයකට එන්න. තලිබාන් තමන්ගෙ ජන්මාන්තර හතුරට කෝම සලකයිද දන්නෙ නෑ

තව වැදගත් ම චරිතයක් තමා කන්දහාර් හි පතාන් සාම්ප්‍රදායික නායක හිටපු ජනාධිපති හමිඩ් කර්සායි. ඔහු කාබුල් වල. ඔහු ගිහින් නෑ. ඔහු උත්සහ කරනව කිසියම් ආකාරයක එකගතාවයකට එන්න.

දැන් ඉතින් ඉතුරු වෙලා තියෙන්නෙ තලිබාන් මේ කුඩා බල කේන්ද්‍ර කීපය එකක් ගනුදෙනු කරන්නෙ කෝමද? ඒ අයගෙ ජීවිත පවා අවදානමට ලක්ව තියෙද්දි ඒ මිනිස්සු තලිබාන් අන්තවාදෙ කෝම තනුක කරගනීද? පොඩි හරි ජීවන අවකාශයක් නූතනයට ආපු ඇෆ්ඝන් ජනයාට දිනා දේවිද කියන එක.

තලිබාන්ටත් නොහිතු මට්ටමේ හැටලු තියෙනව. බටහිර මේන්ස්ට්‍රිම් සන්ස්කෲතියෙ ඉපදිලා ලොකුමහත් වුණ තරුන පරපුරක් ඇෆ්ඝන් නගර ටිකේ ඉන්නව. ඒ අය කියන තරම් ලේසියෙන් යටත් වෙන එකක් නෑ. ඇෆ්ඝන් විවි වහද්දි සිසුවියන්ට ගුරුවරුන් සමුදුන්න කියනව මොකද එයාලට ආයෙ විවි අරින වෙලාවක ආපහු එන්න ලැබේවිද දන්නෙ නෑ. පාසල් දැරියන්ටත්. එසේම ඉහලට ඉගෙන ගෙන රස්සා සහ ව්‍යාපාර දියුනු කරන් සමාජයේ ඉහල සහ බලය හොබවන තැන්වල ඉන්න කාන්තාවන් රාශියක් ඉන්නව. දැනට අල්ලගත්ත නගර වල ඒ අයට තම බලය හෝ තනතුර හැරදා යන්න තලිබාන් කියල තියෙනව. ඒත් කාබුල් වගෙ ලොකු නගර වල මේක කරන්න ලේසි වේවිද දන්නෙ නෑ.

ඉතින් ආයෙමත් මේ සියල්ල තියෙන්නෙ තලිබාන් අතේ. කලින් වතාවෙනම් මේ වගේ මිනිස්සු කෙලවර වුනේ ප්‍රසිද්ධියේ මරා දැමීමෙන්. අවශ්‍යනම් ඒක කරන්න මෙවරත් තලිබාන්ට පුලුවන්. කෙටිකාලිනව ඒක අමාරු වැඩක් නොවේ.

ඒත් දිගුකාලිනව තලිබාන් යන්නෙ කොහෙද යන්න කෝමද කියන එක ලොකු ප්‍රශ්නාර්තයක්. මතුපිටින් ස්ටේබල් වගෙ පෙනුනට යටින් තලිබාන්ලා ලොකු හිරවීම් වලට ලක්වෙන්න පුලුවන්. කෙතරම් අන්තවාදයට සහය දෙනවාද කෙතරම් ඒ අන්තවාද අසල්වාසි රටවලට පතුරනවාද කියන එක මත තලිබාන්ගෙ ගමන තීන්දු වෙයි.

ඒ අතර කාලයේ කලාපෙ වගේම ලෝකෙ පුරාම අහවලුන්ගෙ අන්තවාදෙ ක්‍රියාකාරකම් උත්සන්න වීමක් බලාපොරොත්තු වෙන්න පුලුවන්. සමහරවිට ඒවට කාබුල් වලින්ම තල්ලුවක් එන්නත් පුලුවන්.

දැනට එකම පොසිටිව් නෝට් එකක් ලෙස එ ජා සන්විධානයට යන්න එපා ඉන්න කියල තලිබාන් ලා කියල තියෙනව. අන්තවාදෙට නොගියොත් තලිබාන්ලට ලැබිල තියෙන්නෙ මහගු අවස්තාවක්. ඒත් ඔවුන් එහෙම කරන්න තියෙන ඉඩ ඉතාම අඩුයි.
Sujeewa Kokawalahttp://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.com3tag:blogger.com,1999:blog-6900753426343218319.post-79077380732414357242021-07-13T06:02:00.010-07:002021-07-13T06:06:22.815-07:00 කිසිත් හිමි නැති ගීතය
මම වරක් නිම නැතිව ඇසුවෙමි
ඔබ මා හා එන්නේ කවදා දෝ?
නමුත් ඔබ සැමවිටම මට සිනාසෙයි, [මට] කිසිත් හිමි නැති නිසා.

මා සොයන දේ ඔබට දෙනු රිසි
මගේ නිදහස ද ඒ සමගින්,
නමුත් ඔබ සැමවිටම මට සිනාසෙයි, [මට] කිසිත් හිමි නැති නිසා.

ඕ.... ඔබ මා හා එන්නේ කවදා දෝ?
ඕ ... ඔබ මා හා එන්නේ කවදා දෝ?

මා දෙපා යට පොලොව ඇවිදියි
මා වටා දියවර ගලා යයි
නමුත් ඔබ සැමවිටම මට සිනාසෙයි, [මට] කිසිත් හිමි නැති නිසා.

ඔය හිනා නිමවන්නෙ කවදා දෝ?
නිතර මා ඔබ සොයා එන්නේ ඇයි දෝ?
ඒ ඔබ ඉදිරියේ දී,
[මට] කිසිත් හිමි නැති නිසා දෝ?

ඕ.... ඔබ මා හා එන්නේ කවදා දෝ?
ඕ ... ඔබ මා හා එන්නේ කවදා දෝ?

මම ඔබට යමක් කියමි ,
මම බොහෝ කාලයක් බලා සිටිමි,
මගේ අවසාන ඉල්ලීම මම ඔබට කියමි,

මට ඔබේ දෑත් ගැනීමට ආසයි
එවිට ඔබ මා සමඟ යන්න එන්න.

දැන් ඔබේ දෑත් වෙව්ලයි,
දැන් නෙතු කඳුළු වගුරයි

සමහර විට ඔබ මට කියන්නේ,
කිසිත් නැතිමුත්
ඔබ මට ආදරය කරන බව දෝ?

ඕ ... දැන් ඔබ මා සමඟ යාවි!
ඕ ... දැන් ඔබ මා සමඟ යාවි!
ඕ ... දැන් ඔබ මා සමඟ යාවි!

ට්‍රාන්ස්ලේටර් රස්සාවට එච්චර හැකියාවක් නෑ. මේ ගූගලේ ගහල ආපු අමු ට්‍රාන්ස්ලේශන් එකක මාත්‍රා සකසපු ගීයක්. බැලූ බැල්මට නස්කූර් වෙච්ච අනාත පෙම්වතෙකුගේ ප්‍රේම/විරහ ගීයක්.

ඒත් ගීයේ ගැඹුරු අර්තයන් තියෙනව. ඔරිජිනල් අසන්නාට තේරෙන්න සන්කේත ලියන ස්වරූපය ආදියෙන් ගීය ඒ බහු අර්ත වලට පදනමක් දානව (මාත් ඒ සළකුණ පරිස්සම් කරන්න ට්‍රටි කලා). ඒ ගැඹුරු අර්ත නිදහසේ කතා කරන්න අමාරු සමාජෙකට සන්කේතිය ව කතා කරනවා.

මේක එක පරාජිත විප්ලවකට තීම් සෝන් එකක් වෙච්ච ගීයක්. තත්කාලින සමාජ චින්තනය ඒ ගීය යට තියේ කියනවා. විප්ලවයේ හේතු හා අරමුණු මොකක් වුණත් විප්ලවයට පාදක වන සමාජෙ තිබ්බ මූලිකම ගැටලුවක් මේ ගීයෙ ව්‍යන්ගය තුල තියේ කියනව.

විප්ලවයේ පරාජයෙන් පස්සෙ මෙහි නිර්මාණ කාරයාටත් ගැටලු කීපෙකට මුහුණ දෙන්න වෙනවා. හැබැයි විප්ලවය පැරදුනත් පශ්වාත් විප්ලව කාලෙ ඒ සමාජෙ තිබ්බ මේ ගීයෙන් කියන මූලිකම ගැටලුවට පිළියමක් දෙන්න පාලකයින් උත්සාහයක් ගත්ත. ඒ උත්සාහය අද වෙද්දි අති දැවැන්ත ක්‍රියාවලියක් දක්වා වර්ධනය වෙනවා.

ගීතයේ නිර්මාණකාරයා, පරාජිත විප්ලවය, සමාජෙ තිබ්බ මූලිකම ගැටලුව සහ ඊට දුන්නු උත්තරය මොකද්ද?

මේ ගීය චොයි ජියාන් නම් රොක් ගායකයාගේ "කිසිත් හිමි නැත" කියන ගීය. ඉස්සරින්ම නමේ ඉන්ග්‍රීසි පරිවර්තනයේ කියන්නෙ මගේ නමට කිසිවක් නෑ කියල. ඒකෙ මම කෑල්ල චීන එකේ නෑ කියල කියන්නෙ. "කිසිත් හිමි නැත", මට, ඔබට, අපට, අපෙ ජාතියට. ඔන්න ඔය පොඩි ග්රමටිකල් පොයින්ට් එකෙන් මුලු සින්දුවම අර්ත ගන්වන්නෙ.

චොයි ජියාන් ට කියන්නෙ චීන රොක් සන්ගිතෙ පියා කියල. ඔහු අසූව දශකෙ මුල කාලෙ මුල්ම වතාවට රොක් සන්ගීතෙ ඉගෙන ගන්නෙ ස්මගල් කල රෙකෝඩ්ස් වලින්. ඊට දශකයකට පමණ ඉස්සර මාවෝ මූලිකව කළ සන්ස්කෲතික විප්ලවයේ නුසුදුසු දෙයක් ලෙස අහක දාන එකක් බටහිර රොක්. ඒ වෙනුවට අවසර ලැබෙන්නෙ සම්භාව්‍ය ඔපෙරා වර්ගයෙ සන්ගීතයට. චොයි ගුරුකුල කරගන්නෙ බීට්ල්ස් වගෙ පොලිටිකල් රොක්. චොයි ක්‍රමයෙන් චීනයෙ ජනප්‍රිය වෙනවා. චොයි කොමින්ස්ට් පක්ශ ප්‍රොපගැන්ඩා වචන පැරඩි ලෙස තම ගීත වලට ගන්නව. අධික ශබ්දය පිටවන සන්ගීතය නුසුදුසුයි කියා මාවෝ කියපු නිසාම චොයි ඩෙසිබල් 150 රේන්ජ් එකේ උපකරණ වලින් අධික ශබ්දයක් එන ආකාරෙට තම ප්‍රසන්ග කරන්නෙ. චොයි කොමිනිස්ට් සිස්ටම් එකට කෙලින්ම විරුද්ද කෙනෙක්. එහෙත් ඔහුට ලොකු ප්‍රශ්නයක් නොවෙන්නෙ චිනයේ පාලකයිනුත් මේ වෙද්දි ප්‍රතිසන්ස්කරණ හරහ දේශපාලන සහ ආර්තික ලිබරල්කරණයක යෙදි ඉන්න නිසා.

මේ කාලය චීන දේශපාලනයේ වැදගත් කාලයක්. මාවෝ මැරිලා ප්‍රතිවාදි අදහස් දරණ ඩෙන් ක්ශාවෝ පින් රටේ බලය අල්ලගෙන. ඩෙන් යටතෙ චිනය නව්‍යකරණය වෙනවා. ඇත්තෙන්ම අසූව දශකෙ මුල බාගෙ චීනෙ වෙච්ච ප්‍රතිසන්ස්කරණය සොවියට් ග්ලාස්නොස්ට් සහ පෙරෙස්ත්රොයිකාවට වඩා පවර්ෆුල්. ඩෙන් කවදාවත් පක්ශයේ නායකය වෙන්නෙ නෑ ඒත් පක්ශයේ සහ රටෙ පැරමවූන්ට් ලීඩර් ලෙස සුපිරි බලය හොබවන්නෙ ඔහු. ඔහුගෙ ප්රතිසන්ස්කරණවාදින් කොමිනිස්ට් පක්ශයේ සහ රටෙ ඉහල තනතුරුවලට එනව. දේශපාලන ලිබරල් කරණය තනි පුද්ගලයෙකු අත ඇති බලය බහුපුද්ගල කරණය බහු පක්ශ ප්රජාතන්ත්රවාදය ස්තාපනය කිරිම වගෙ දේවල් යෝජනා වෙනව. මේ යෝජනා එකතු කරල කොමිනිස්ට් පක්ශයේ ඩෙන් ගේ පාර්ශවයේ කෙනෙක් මැනිෆෙස්ටෝවක් හදනවා. ඒක ඩෙන් ගේ පාර්ශ්වය විසින් ඉස්සරහට ගේනව. ඔක්කොම එකග නෑ පක්ශය තුල දරුනු බෙදුම් හා විවාද ඇතිවෙනවා. මේ ගැටුම් වලින් ඩෙන් ගේ පැත්තෙ ඉන්න බරපතළම ප්‍රතිසන්ස්කරණ වාදියෙක් පක්ශයේ ලේකම් තනතුරෙන් ඉවත් කරන්න ප්‍රතිවාදින් සමත් වෙනවා. මේ චරිතය වැදගත්.

මේ කාලෙ වෙනකොට 1978 දි ලන්කාව ඇතුළු රටවල් කීපෙක තියෙන බදු නිදහස් කලාප අධ්‍යනය කරල ඩෙන් පටන් ගන්න ආර්තික ලිබරල් කරණය ජයට වෙමින් තියෙන්නෙ. ශෙන්ජෙන් ආශ්‍රිතව පටන් ගනන් විශේශ ආර්තික කලාප කීපයක්ම රට වටේ හැදිලා. මේව ඉතාම අඩු ජීවන තත්ව යටතෙ සොච්චමකට ශ්‍රමය සපයන ආයතන. කොමිනිස්ට් සිස්ටම් එක අස්සෙන් මේව හදන්න යනකොට මහා පරිමාණේ දූශණ වන්චා සිද්ද වෙනවා. ඒ නිසාම චීනෙ ඉතා කුඩා ධනවත් පැලැන්තියක් හැදෙනව. ඒ පැලන්තියෙ බර හරියක් පොලිටිකලි කනෙක්ටඩ් දූශිතයන්. සෙසු රටවැසියා කිසිවක් අහිමි ශ්‍රම සපයන්නන්. චිනයේ බහුතරය ඒ වෙනකොට “කිසිත් හිමි නැති” මිනිසුන්. මේ ගීය ලිටරල් අර්තයෙන්ම ගත්තත් තමන්ගෙ කෙල්ලට පෙන්වන්න තමන්ට කියල කිසිම දෙයක් අහිමි නිසා ආදරය ප්‍රකාශ කරන්න සහ පවත්වා ගන්න බැරුව ඉන්න විශාල පිරිසක් චිනෙ ඉන්නව. වඩාම වැදගත් දේනම් ඩෙන් විසින් මාවෝ නතර කළ උසස් අධ්‍යාපනය 1976 පටන් ගත්තම හැදෙන උපාධිධාරි සහ ඒ සමානව උගත් මධ්‍යම පාන්තික යොවුන් පරපුර. මේ අය “කිසිත් හිමි නැති” උගත් පරපුරක්. අන්තිම බයානකයි.

1980 දශකෙ මැද වෙනකොට මේ කිසිත් හිමි නැති උගත් පරපුරට තිබ්බ ලොකුම සිහින්ය දේශපාලන ලිබරල් කරණය. 1986 පමණ සිට විවිධ විරෝධතා සිද්ද වෙනවා, තියනන්මෙන් චතුරශ්‍රය මේවට පසුබිම සපයනවා. පක්ශයත් ඒ කිව්වෙ ඩෙන් ගෙ පාර්ශ්වය ලිබරල් කරණයට කැම්ති නිසා ලොකු අවුලක් වෙන්නෙ නෑ. හැබැයි පෙරකී පක්ශ ලේකම් බලයෙන් ඉවත් කිරීම කොමිනිස්ට් විරෝධි පරපුරට ලොකු ප්‍රශ්නයක්. එසේම ධනවාදයේ ආගමනය සහ ඒ වටා හැදෙන දූශිත ක්‍රමය ඔවුන් තදින් ප්‍රශ්න කරනවා.

1989 ඉවත් කල ලේකම් වරයා මියයනවා. මේක තමා ආසන්න සිද්දිය. අද බලයෙ ඉන්න ශි ජින්පින් ගේ පියා (එවකට තරමක් බලවතෙක්) මේ මොහොතෙ දැඩිව ඉල්ලීමක් කරා කියනව හැකිනම් මේ මරණය පවා රහසක් ලෙස තියාගන්න කියල හිටපු ලේකම් වරයා සහ ඔහුගෙ ප්‍රතිපත්ති දැඩි ලෙස ප්‍රචලිත නිසා.

ඔහුගෙ මරණය පෙර කී තරුණ පරපුර තියනන්මෙන් චතුරශ්‍රයට ආයෙ ගෙන්වනවා ඒ 1989 අප්‍රේල්. ඔහුගෙ ප්‍රතිපත්ති ක්‍රියාවට නගන්න පාලකයින්ගේ වත්කම් හෙළි කරන්න ලිබරල් කරන වැඩසටහන ක්‍රියාත්මක කරන්න වගෙ තේමාවලින් ආයෙත් පාරක් විරෝධතා පටන් ගන්නව.

මෙන්න මේ විරෝධතාකරුවන් අර මන් කිව්ව “කිසිත් හිමි නැති” පරපුර. මේ කට්ටියට තදින්ම හිතට වදින ගීයක් තමා චොයි ගේ “කිසිත් හිමි නැත” ගිය. ඒකෙ තියෙන ආදර කතාවෙන් එහාට, එහි “ඔබ” කියන්නෙ සමාජය, චිනය අර්තයෙන් “අපට කිසිත් හිමි නැත” ඔබ (චීනය/සමාජය/ලෝකය) අපව බාරගන්නෙ නෑ කියන අර්තයෙන් තමා බොහෝ දෙනා දකින්නෙ. එපමණක් නෙවි මේ ගීයේ වැදගත්ම තව අර්තයක් තියෙනව එනම් චොයි ප්‍රශ්න කරන්නෙ පුද්ගලික අයිතියක් ගැන. මේ වෙනකොට සමාජවාදි සාමුහිකත්වය තුල පුද්ගලයා කියන තනි අර්තය යටපත් කරල තිබ්බෙ. උඩින් ධනවාදයට ගියාට බිම තිබ්බෙ සමාජවාදය. සාමුහික සමාජයක මැශින් එකෙ කෑල්ලක් වෙනවට වඩා මට හෝ අපිට “අයිති” මොනවද කියල අහන එක අලුත් ප්‍රශ්නයක්.

චොයිගෙ තව සින්දු තියෙනව රතු රෙදිකඩකින් දැස බැදල මට කිසිවක් පේන්නෙ නෑ කියල ගීතයක් තියෙනව. තව ඔය වගෙ ගීත රාශියක් තියෙනව. ඒත් මේ ගීය 1989 තියනන්මෙන් විරෝධතාවයේ තීම් සෝන් එක ලෙස සැලකෙන්නෙ පෙර කී ආකාරයට ඒ මිනිසුන්ගෙ තත්වයට අනුනාද දුන්න නිසා.

චීන රජය නරුම වුණා කියන්නත් බෑ. රජය විරෝධතා එකක් සාකච්චා කරනවා. අගමති ජනාදිපති වගේම පැරමවුන්ට් ලීඩර් ඩෙන් පවා චතුරශ්‍රයට ඇවිත් ඔවුන්ට කතා කරනව. මේ වෙද්දි හෙමි හෙමින් හෝ පක්ශය ඔවුන් ඉල්ලන දේවල් දෙමින් ඉන්නෙ, ඒත් විරෝධතාකරුවන් අයින්වන්නෙ නෑ. පක්ශය තුල ඉන්න ප්රතිසන්ස්කරනවාදින් ගේ මතය නිසාම විශේශයෙන්ම ඩෙන් ගේ විරෝධය නිසා කිසිම මිලිටරි බලයක් දාන්නෙත් නෑ. මාස දෙකකට ආසන්න කාලයක් මේ විවාදය යනව. හැබැයි විරෝධතා කාරයින් සටන උත්සන්න කරනවා. මාරාන්ත්ක උපවාස පටන් ගන්නව. ඒ හා සමගාමිව චිනයෙ නගර සිය ගානක ඒ වගේම විරෝධතා පටන් ගැනෙනවා. (මෙන්න මේ වෙලාවෙ තමා පුද්ගලිකව මුණ ගැසුනු චීන කොමිනිස්ට් පක්ශෙ ලොකු ලොක්කන් බොහෝ දෙනෙක් හිතාගන්න බැරි තරම් ලොකු ගණන් සල්ලි තම රටේ රහසිගත බැන්කු වලට දැම්ම කියල එවකට උන්නු ස්විස් තානාපති කියල තියෙනව)

මේක තීරණාත්මක කාලයක්. ලෝකෙ කොමිනිස්ට් රටවල් එකින් එක වැටෙන්නෙ මේ වගේ මහජන විරෝධතා උත්සන්න වී අවසානෙ ජනතාව ඊට එකතු වීමෙන්. මෙන්න මේ හේතු සියල්ල සලකා ජුනි මාසෙ ඩෙන් එකගතාවය දෙනව මිලිටරි බලය යොදවා තත්වය පාලනය කරන්න.

මෙන්න මේ තීන්දුව චීනය යන ගමන අන්ශක අනුවකින් හරවනවා.

කලින් තිබ්බ හොද වගේම තමා චීන හමුදාව ඕඩර් එකෙන් පස්සෙ පහර දෙන්නෙත්. මිලියනයක පමණ විරෝධතාකරුවන්ට සහ පාරෙ ඉන්න හමෝටම වෙඩි තියනව. මැරුන ගාන දන්නෙ නෑ සීයක් ද දාහක්ද කියල. දාහ ගොඩක් දුරට පොසිබල් කියා කියන්නෙ.

චීනය තම දේශපාලන ප්‍රතිසන්ස්කරන වැඩසටහන් නතර කරනවා. ඒ විතරක් නෙවි ඩෙන් සතු අසහාය බලය අඩු කරනව. ඩෙන් තනතුරු සියල්ලෙන් අයින් වෙනව (ඒත් ඔහු අධ්‍යාත්මික මට්ටමින් බලපානව) සෙසු ප්‍රතිසන්ස්කරණ වාදින් බලයෙන් ඉවත් කරනවා. හඩා වැටිල ඉමෝශනල් කතාවක් කරල අගමැති ලී පෙන් ට මූනටම බැනල ශි ජින්පින් ගේ පියා දේශපානනෙන් අයින් වෙලා ගමට යනව. අර මන් කිව්ව මැනිෆෙස්ටෝව ලියු පුද්ගලයා රට අස්තාවර කලා කියල හිරේදානව. සමාජය පර්ජ් කරනව. මිලියන ගානක් කෑම්ප් වලට දානව සමහරු ආයෙ කවදාවත් එන්නෙ නෑ. ලෝකෙන්ම චිනෙට සම්බාධක දානව. චීනෙ ට ණය ගන්න බැරිවෙනව. මේ කාලෙ චිනෙ ලෝකෙන් නය අරන් දුවන්නෙ. ඒක පුද්ගල ආදායම තිබ්බෙ ගැම්බියාවෙ ගානෙ.චීනය හැම අතින්ම හිර වෙනවා.

මේ මොහොතෙ ඩෙන් අලුත්ම තුරුම්පුවක් ගහනව. තියනන්මෙන් විප්ලවයට මූලික හේතුවක් වන “කිසිත් හිමි නැති” පරපුර එහෙම නොවුනානම් කැරලි ගහන්නෙ නෑ කියන පදනමින් ඩෙන් හදුන්වා දෙනව වේගවත් ආර්තික ලිබරල් කරනයක්. බලතල කප්පාදු කලත් චීන රජය ඒක බාරගන්නව. මේකට කියන්නෙ සෝශලිස්ට් මාකට් ඉකොනොමි කියල. ඒ කරල දේශපාලන නිදහස අයන් ග්රිප් එකකින් යටපත් කරනව. ඔය දැන් ඉන්න චීනෙ බිහිවන්නේ එහෙමයි. අදටත් තියනන්මෙන් තහනම් වචනයක්.

ඉතිරිය කියන්න ඕනෙ නෑනෙ. හිස්ට්රිනෙ. පේනවනෙ. නිදහස් වෙලදපොල (කොන්දේසියක් ලෙස කොමිනිස්ට් පක්ශෙ එක්ක ශේප් නම් පමණයි නිදහස්) එක්ක මධ්‍යම පන්තිය බල ගැන්වෙනව. ඔවුන් කෙටි කාලෙකින්ම “කිසිත් හිමි නැති” තත්වයේ සිට ධනය හිමි තත්වයට උසස් වෙනව. මේ වේගවත් ධන ඒකරශිත්වය සහ ආර්තිකයෙ වෙන ලිබරල්කරණය එක්ක ඔවුන්ගේ නිදහස් අදහස් ව්‍යාපාර දිශානති වලට හැරෙනව. කෝමත් පොලිටිකල් නිදහස ගැන හිතන්නවත් තහනම් මේ වෙද්දි. චීනා ගෙ මාකට් ෆ්‍රීඩ්ම් එක දකින බටහිර ක්‍රමයෙන් සම්බාදක ඉවත් කරනව. තියනන්මෙන් වලට දශක එකාමාරකට පමණ පස්සෙ චීනය නැවත ලෝක වෙලද සන්විදානයට ඇතුල් කරගනිමින් ජෝජ් ඩබ් බුශ් කියන්නෙ මේ ආර්තික ලිබරල්කරනය සහ මධ්යම් පන්තිය බලගැන්වීම හරහා චීනය ප්රජාතන්ත්රවාදය කරා යාවි කියල. මේ අවස්තාවෙ චීනය කියන්නෙ ආර්තික ලිබරල්කරනය සහ මධ්යාම පන්තිය බලගැන්වීම නිසා චීනය ප්රජාතන්ත්රවාදය අමතක කරාවි කියල. දැනට වසර විස්සකට පමන පස්සෙ චීන කිව්ව එක තමා වෙලා තියෙන්නෙ. අද චීන කොමිනිස්ට් පක්ශයට සමාජයෙ තියෙන පිළිගැනීම අසූව දශකයට වඩා වැඩියි. අද තියනන්මෙන් එකට කට්ටිය රැස් වුනොත් එපා කියල කෑගහන්නෙ “කිසිත් හිමි නැති” තත්වයේ සිට ධනය හිමි තත්වයට උසස් වෙච්ච මධ්‍යම පන්තිය. ඔවුන්ගේ ධන සම්පත් රැකෙන්න නම් ස්තාවරත්වය අවශ්‍යයි. ඒක දෙන්නෙ කොමිනිස්ට් පක්ශය.

හැබැයි චීනගෙ ගමන බයිසිකලයක් වගේ, පදින්න ඕනෙ නොවැටි ඉන්න. මධ්යාම පන්තිය නිහඩ කරන්න නම් දිගටම ආර්තික වර්ධනය අවශ්‍යයි. චිනෙ හෝ චීනෙන් පිට. අන්න ඒක නැවතුනු දාට ඔවුන් දේශපාලන නිදහස ඉල්ලාවි සහ ලබා ගනීවි කියල සමහරු කියනව.

චොයි ට මොකද වුනේ? 1989 සිදුවීමෙන් පස්සෙ චොයිට ප්‍රසන්ග පැවැත්වීම තහනම් කෙරෙනවා. රොක් සන්ගීතය වෙනුවට ජෑස් සන්ගීතය හදුන්වා දෙන්න චීන රාය කටයුතු කරන්නෙ ජෑස් වලින් ලොකු දේශපාලනයක් ආවේගයක් දෙන්න බෑ කියන මතය නිසා. චොයිට කිසිම හානියක් වන්නේ නෑ. දශකයකට පමණ පස්සෙ චොයිට ප්රස්නග කරන්න නිදහස ලැබෙනව. චිනයේ ආසියානු ක්‍රිඩා උලෙල ට සල්ලි එකතු කරන්න චැරිටි ශෝ එකක් කරනන් ගිහින් චොයි ආයිත් ආන්ඩු විරෝදී ගීත කියල ආයෙ ඒකෙන් ඉවත් කෙරෙනවා. චොයි ලෝකෙ පුරා යනව. රට රටවල ප්‍රසන්ග කරනව. ඔහුගේ ලොකුම සිහිනයක් වන තායිවානෙ පවා චොයි සන්ගීත ප්‍රසන්ග කරනව. චොයිට වදින්නෙ ඔහුගෙම ගීයෙන්. “කිසිත් හිමි නැති” තත්වයේ සිට ධනය හිමි තත්වයට උසස් වුනාම චොයි නිකන්ම එන්ටටේන්මන්ට් එකක් පමණයි.

චොයිගෙන් කෙනෙක් අහනව ඔබ මේ වෙන නිදහස (ආර්තික ලිබරල් කරණය) ගැන මොකද කියන්නෙ කියල. චොයි කියනව මාවෝ ගේ මූන රටේ පාලනය ගෙනියන තැන එල්ලල තියෙනකම් අපි හැමදාම ඉන්නෙ අතන ම තමා කියල. චොයි තාමත් ඉන්නව.

කිසිත් හිමි නැති ගීතය මෙතනින් ගන්න
Sujeewa Kokawalahttp://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.com1tag:blogger.com,1999:blog-6900753426343218319.post-68335381382579777602020-09-06T11:24:00.006-07:002020-11-18T16:37:16.220-08:00ඩොලමයිට් සහ ජලාශ හෙවත් වයොන්ට් වේල්ලේ කතාව
ප්‍රශ්නයක්...

1. මිනිසා විසින් නිර්මාණය කරගත් එකම සුවිසල් සුනාමිය කුමක්ද?

2. කිනම් රටක කිනම් ස්තානයකද?

3. සුනාමිය ඇතිවන්නට බලපෑ මානව ව්‍යාපෘතිය කුමක්ද?

4. වැඩේ පටන් ගද්දිම වෙන්න යන දේ ගැන සලකුණු පහල වෙනවා. ඒ මොනවාද? ඒ සම්බන්ධයෙන් ගන්න පියවර මොනවාද?

5. මෙම ව්‍යාපෘතිය තුල එකිනෙකාට වෙනස් විෂයන් දෙකක නියැලෙන ප්‍රසිද්ධ පියපුතු දෙපොළක් ඉන්නවා. ඔවුන් දෙදෙනා මේ ව්‍යාපෘතිය ගැන දරන්නේ ප්‍රතිවාදී මත. එක්කෙනෙක් අනිකාගේ මතය යටපත් කරනවා එහෙත් හරි ගියේ ඒ මතය. මේ දෙන්න කවුද? දරණ තනතුරු හා විෂයන් මොනවාද? දෙන්නගේ මත දෙක මොනවාද?

6. සුනාමියේ ප්‍රතිපලය ලෙස වන හානිය කෙබඳුද?

7. හානියෙන් පසුව ඒ සම්බන්ධයෙන් රජය දක්වන ප්‍රතිචාරය කෙබඳුද?

[බෝනස්] 8. දැනට දන්නා තරමින් මෙම අනතුර වෙන්න බලපාන සුවිශේෂී භූ විද්‍යා සාධකයක් තියෙනවා. ඒ කුමක්ද?

කතාව ඉතාලියේ වයෝන්ට් [Vajont/Vaiont] බැම්ම සහ විනාශය ගැන.

ඉතාලියේ වයෝන්ට් හි ඉතා ගැඹුරු නිම්නයක බැම්මක් බන්දලා ජල විදුලි වැඩසටහනක් පටන් ගන්නවා සමාගමකින්. ඉතාම ශීඝ්‍ර බෑවුම් තියෙන හුණුගල් ඉවුරු දෙකක් අස්සේ මෙහෙම එකක් හදන්න හරි අවසරයක්වත් නැහැ කියලයි කියන්නේ. එහෙත් දෙවෙනි ලෝක යුද්ධය හා පසුකාලින දූෂිත දේශපාලනය කාර්මික විප්ලවය නිසා ආ බලශක්ති අවශ්‍යතා ආදිය නිසා වැඩේ කෙරෙනවා. ඉතාලියේ ඉන්න හොඳම සිවිල් ඉංජිනේරුවෙක් ලීඩ් කරන්නේ උස මීටර දෙසිය පනහට වඩා වැඩියි, එවකට [1960 අවට] ලෝකයේ උසම වේල්ල.

වැඩේ පටන් ගන්න කොටම ඒ ආසන්නයේ වෙනත් ජලාශයක ඉවුරක් කැඩිලා සුනාමියක් එහි හැදෙනවා එහෙත් ඔවුන් එය ගණන් ගන්නේනැහැ. වයෝන්ට් හදලා පුරවන කොට වයෝන්ට් වලත් එලෙසින්ම පොඩි සුනාමියක් එනවා. කඳු පුපුරා වටේ පිටේ ගොඩනැගිලි කැඩෙනවා. අහල පහල කුඩා නගර වාසින් මීට විරුද්ධයි කොහොමත්. ඔවුන් දකිනවා පොලොව නායයන සලකුණු. මේවා ගැන කතා කිරීම ඉතාලියේ සමාජ සංවර්ධනයට බාධා කිරීමක් ලෙස සළකා පත්තරකාරයින්ට එරෙහිව කටයුතු කරන එක තමා වෙන්නේ. සමාගම සැහෙන්න බලවත් නිසා.

වේල්ල හදලා වතුර පුරවන්නේ ඒ ගැන තැකීමකින් තොරව. මේ අතර එක ඉවුරක කන්දේ බොහොම ඈතින් විශාල පැල්මක් එනවා. හොඳට පෙනෙන පරිදි. ඒ පැත්තේ නිවාස පාසල් පුපුරා යනවා. පැල්ම එක්ක ඇති කඳු කොටස සෙමින් පහලට රූටා යන්න පටන් ගන්නවා.

මේ සියල්ල නිසා සමාගම ම භූ විද්‍යාඥයින්ගේ සහය ගන්නවා. භූ විද්‍යාඥ පැනල් එකේ ලාබාල භූ විද්‍යාඥයෙක් තමා අර ප්‍රධාන ඉන්ජිනේරුවාගේ පුතා. ඔහු තමා කඳු වල ඇවිදලා සර්වේ එක කරන්නේ. ඔහුගේ මතය අනුව පාෂාණ ඝන මීටර මිලියන 200 ඉක්මවා වැටිලා මීටර දෙසීයකට වඩා උස සුනාමියක් හැදෙනවා ජලාශයේ. ඔහු කියන මතය අනුව පියාගේ ලෝක වාර්තා ව්‍යාපෘතිය අතහැර දමන්න ඕනේ. මේ ගැන පියා සතුටු වන්නේ නැහැ. සමාගම අනිත් භූ විද්‍යාඥයින්ගේ මතත් අරගෙන ඉතාම අඩුම අවදානම තියෙන මතයට තමා තැන දෙන්නේ.

සිවිල් ඉංජිනේරුවා තම පුත්‍රයා වැරදියි කියා ඔප්පු කරන්න පර්යේෂණ කරනවා. ඔවුන් වතුර මට්ටම අඩු කළාම කන්ද රූටා යාම අඩුවෙනවා. ඒ අනුව ඔවුන් හිතනවා වතුර මට්ටම අඩු හා වැඩි කරමින් ටික ටික ඉස්සරහට ගෙනත් ඒ කන්ද හෙමිහිට වට්ටන්න තමන්ට හැකියි කියා. එනම් නායයාම පාලනය් කරන්න තම දැනුමෙන් හැකියි ඒ නිසා පාලිත තත්ත්ව තුල අනතුරක් නොවී කරගන්න පුළුවන් කියා. ඒ වගේම නායයන ගැඹුර මනින්න උත්සහ කරනවා. එතැනදී ඒ ගැන හරි දත්තයක් නොලැබෙන නිසා සමාගම තීන්දු කරනවා නායයාම වෙන්නේ බොහොම උඩින් කියා. ඇත්තෙන්ම දත්ත නොලැබෙන්නේ ඔවුන් හාරපු ලොකුම දුරටත් යටින් නාය යන නිසා.

කෙසේ වෙතත් අඩු අනතුරක් තක්සේරු කල භූ විද්‍යාඥයින් හා පුත්‍රයා වැරදියි නායයාම් මට පාලනය කල හැකියි කියන සිවිල් ඉංජිනේරුවා එක්ක සමාගම ඉස්සරහට යනවා. ඒ අතරේ ඒ සිවිල් ඉංජිනේරුවා මැරෙනවා. ඊට පස්සේ එන කෙනා සත්‍ය දත්ත යට ගහපුවා දන්නේ නැහැ. ඔහු සමාගම දෙන පින්තුරෙන් පටන් ගන්නේ. ඔහුත් දත්ත මකලා තියෙනවා. මේ ආකාරයට සමාගම කරන ගණනයක් අනුව වැඩිම සුනාමි උස එන්නේ මීටර විස්සයි.

එක අවස්තාවක කන්ද පහලට රූටා යාම වැඩි වෙනවා. තත්වය පාලනය කරගන්න බැහැ කියා දැක්කම කට්ටිය අර පෙර ගණනය කල මීටර විස්සේ සීමාවට වඩා පහලට වතුර මට්ටම බස්සනවා. නාය යන මොහොතේ මේ ඉලක්කම් ඔවුන් කෙතරම් විශ්වාස කලාද කිව්වොත් ඒ ටීම් එකම වේල්ල මත සිට සුනාමිය නරඹන්න සෙට් වෙනවා. නාය යන බව දැකලත් කාටවත් අනතුරු අඟවන්නෙත් නැහැ. සියල්ල තම ඉලක්කම් තුල වේවි කියා හිතන්නේ.

එහෙත් නාය යන හුණුගල් ස්තරය පවතින්නේ මැටි ස්ථරයක් මත. මේ මැටි ස්තරය මෙයාලට අහුවෙන්නේ නැති තරම් යට තියෙන්නේ. ජලාශයේ වතුර නිසා මේ මැටි ස්ථරය ඇදිලා ඇදිලා එක පාරට කැඩෙනවා, ඒ මොහොතේ සිට ඒ කඳු කොටස තවත් මොකකින්වත් රැඳිලා නැහැ, චලිතය මඩ එක්ක යන විස්කෝස් එකක් නොවේ ගුරුත්වය සමග වැටීමක්. ඒ නිසා නායයාම් වෙන්නේ හිතුවට වඩා වේගයෙන්. සාමාන්‍ය නාය යාමක් වගේ නොවේ කන්ද කඩා වැටීමක්. තත්පර 45 කදී මුළු කන්දම බිම. ඝන මීටර මිලියන 270ක් පමණ. සුනාමිය මීටර දෙසිය පනහක් විතර.

මෙන්න මේ මැටි ස්තරයේ ප්‍රතිරෝධය සහ බිද දැමීම තමයි භු කම්පනයක් වගේ ක්‍රියා කරන්නෙ. ඒක තමා අනතුර ලොකුවෙන්න. පහත පින්තුරේ තියෙන්නේ හුණුගල් තට්ටුව රූටා ගියපසු ඉතිරි කඳු මුහුණත.

ජලාශයේ බඳ සැහෙන්න පිරෙනවා. පළමු විනාශය අනිත් ඉවුරට. මීටර දෙසියගානක් උසට වතුර ඉහල යනවා. ඒ පැත්තේ ගම්මාන වනසමින්. ඒ රැල්ලම එනවා බැම්මට. මීටර විස්සේ ගැප් එක උඩින් මීටර දෙසිය ගානක් උසට වතුර එනවා අර බලන්න ආපු ටීම් එකත් යට කරගෙන. ඒ වතුර යන්නේ පහල නගර දිහාට. බැම්ම යට පැත්තේ මීටර 40 ක් ගැඹුර 80ක් පළල වලක් තිබුනලු වතුර වැටුණු තැන. පහල සුනාමිය මීටර 70 වගේ ගානක්. පහල නගර වල ගන්න දෙයක් ඉතිරි වන්නේ නැහැ. මුළු ජීවිත හානිය 2000 ඉක්මවනවා. බැම්ම නම් කැඩෙන්නේ නැහැ.

ආණ්ඩුව හා සමාගම් සිද්ධිය යට ගහනවා. ආණ්ඩුවේ ලේඛන වල තියෙනවලු එච්චර එකක් වෙලත් බැම්ම කැඩුනේ නැහැ කියා දෙඩු වහසිබස්. විපතට පත් අය වෙනුවෙන් ඕනෑම දෙයක් කරනවා කියන අගමැති වරයා චන්දෙන් පැරදුනාම ඊ ගාවට නීතිඥයෙක් ලෙස සමාගාම් වෙනුවෙන් නඩුවට පෙනී ඉන්නේ. ඔහු බොහෝ දෙනෙකුගේ වන්දි අහිමි කර, අනිත් වන්දි අඩුකර, දඬුවම් අවම කරනවා. එක්කෙනෙක් අවු දෙකකට හිරේ යනවා එපමණයි.

එදායින් පස්සේ වයෝන්ට් වල කවදාවත් වතුර පුරවන්නේ නැහැ. බැම්ම ඔහේ අදටත් තියෙනවා,

පියාට එරෙහිව ගිය භූ විද්‍යාඥයා එදුවාදෝ සෙමෙන්සා ඉතාලියේ ඉහලම භූ විද්‍යාඥයෙක් මෙන්ම ජාත්‍යන්තර කීර්තියට පත් කෙනෙක්. ඔහු පසුව මේ වගේ නායයාම් රාශියක් වලක්වලා තියෙනවා. සම්මාන දිනු කෙනෙක්.

ප.ලි. 2015 දි ෆේස්බුක් සමූහයක අහපු ප්‍රශ්නයක් නැවත ඉස්මතු වන්නෙ වික්ටෝරියා ජලාශය ආශ්රිත භු කම්පන වාර්තා වීම නිසා. මේකෙන් මම කියන්නෙ නෑ මේ ක්‍රියාවලිය වික්ටෝරියාවෙත් වේවි කියල. ඒ වගේම නෝට් කරන්න ඕනෙ මේක වෙන්නෙ වයොන්ට් හදාපු අලුතම, ඒ කිව්වෙ ඉන්ෆැන්ට් මෝටලිටි තත්වයක්, වික්ටෝරියා හදල අවු තිස් පහක් නිසා තත්වය වෙනස් කියල. ඒ වගේම එහෙම අනතුරක් වෙන්න කළීන් භුමියේ සාධක රාශියක් පේනවා. ඒ වුණත් වික්ටෝරියා වගේම අනිකුත් ජලාශ වෙනුවෙනුත් මේක ලියන්න ඕනෙ. හදන්න එපා කියල නම් නෙවි කියන්නෙ. හදන්නෙ විද්‍යා දැනුමෙන් නෙ. භු විද්‍යාවත් විද්‍ය දැනුමක්. ඒකත් කන්සල්ට් කළ යුතුයි. භුමියේ පෙන්වන සළකුණු ගැන සැලකිළිමත් වෙන්නත් ඕනෙ.
Sujeewa Kokawalahttp://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.com3tag:blogger.com,1999:blog-6900753426343218319.post-15964921108917756982020-08-15T02:28:00.002-07:002020-11-18T16:39:30.511-08:002020 වසරේ අගෝස්තු 04 දින බේරූට් නම් නගරය ගැනයිසයිප්රසයෙ ඉන්න රුසියන් ව්‍යාපාරිකයෙක් හා හා පුරා කියල නෞකා ව්‍යාපාරෙට බහින්න හිතන් පරණ නැවක් ගන්නව රෝසස් කියල. බිස්නස් කාරයෙක් කිව්වට මූ ලෝක හිගන්නෙක්. නැව වුණත් හද්ද පරණයි, තැන තැන අබලන්. මේ නැවට සෙට් වෙනව ජෝජියාවෙ සිට මොසැම්බික් දක්වා භාණඩ තොගයක් ප්‍රවාහනය කරන්න. නැව භාණ්ඩ තොගයත් අරගෙන කළු මුහුදෙන් මධ්‍යධරණියට එනව. ඒ අතර තුර්කි වරායකදි පඩි ගෙවාගන්න බැරුව ස්ටාෆ් එක අයින් වෙලා වෙන සෙට් එකක් හයර් කරගෙන නැව යන්නෙ. නැව ඇතැන්ස් වලට එනව. ගමනෙ වියදම සහ සූවස් ඇලේ ගාස්තු ගෙවාගන්න අමාරු නිසා නැව් හිමියා තවත් හයර් එකක් හොයාගන්නකම් එතන නතර වෙලා ඉන්නව. ඒ පාර සෙට් වෙනව තව හයර් එකක් ගල් රෝල් ඇතුලු පාර හදන උපකරණ රාශියක් අරගෙන යන්න. මේ දෙවෙනි කාගෝ ලෝඩ් එක ගන්න නැව යනව ලෙබනනයෙ බේරූට් වලට. ඒත් බේරූට් වලදි තමා දැනගන්නෙ නැවේ ඩෙක්ස් හයිය මදි කියල මේ කාගෝ එකට. ගල් රෝල් ලෝඩ් කරද්දි නැවේ ඩෙක් එක නැවුම් දෙනව. 1986 හදාපු මේ නැවේ අබලන් තත්වය ගැන වෝනින් ලබාපු එකක්. ඉතින් ගල් රෝල් පටවා ගන්න වෙන්නෙ නෑ. ඒ වගේම ඒ අතර වැටුප් ඉල්ලල අලුත් ස්ටාෆ් එකත් වලියක් දා ගන්නව. නැව සැහෙන කාලයක් මේ හේතු නිසා බේරූට් වල රස්තියාදු වෙනව.

අවසානෙ නොගෙවු වරාය ගාස්තු ඩොලර් ලක්ශයක් නිසා ලෙබනන් බලධාරින් නැව සීස් කරනව.

ඔවුන් මයිනර් ස්ටාෆ් ඔක්කොම යවල කැප්ටන් සහ ඉහළ නිළධාරින් තිදෙනෙක් නැවේ නිවාස අඩස්සියෙ තියල මුදල අයකරගන්න හදන්නෙ. ඒත් නැව් හිමියට සල්ලි නෑ. මිනිහ සේවකයින්ට පඩි ගෙවලත් නෑ. නැව තුල අල්ලගෙන ඉන්න අය මුදාගන්න ඔහුට හැකියාවකුත් නෑ. ඒ වෙනකොටත් ටික ටික ගිලෙමින් තිබෙන නැවේ පිරෙන වතුර දිනපතා ඉවත් කරගන්න ඕනෙ. අවසානෙ නැවේ ඉන්න කට්ටිය නැවේ ඉතිරි ඉන්ධන විකුණා නඩු කියල මාස ගානකට පස්සෙ නිදහස ලබාගන්නව අනාරක්ශිත බව මත. ඒ නඩුවෙම අනාරක්ශිත නැවේ භාන්ඩ තොගය ඉවත් කරන්නත් යෝජනා කරනවා. ඒ නිසා ඒ බඩු ටික එතනම වෙයාහවුස් එකකට පටවන ලෙබනන බලධාරින් රෝසස් නෞකාව විනාශ කර හෝ ගිල්වා දානවා, ඒ කොහෙද කොහොමද කියල දන්නෙ නෑ.

මේ 2014 වසරේ. එසේ නැවෙන් බා ගන්නෙ හයි ඩෙන්සිටි ඇමෝනියන් නයිට්රේට් ටොන් 3000කට මදක් අඩු තරමක්. ඇමෝනියම් නයිට්රේට් කියන්නෙ පුපුරන ද්‍රව්‍යයක් !!!

කාලය ගෙවෙනෙවා. අනේ මේ අහින්සක ඇමෝනියම් නයිට්රේට් තොගය මිලියන දෙකක මෙට්‍රොපොලිටන් එකේ මැද්දෙ තියෙන හාබර් එකේ ඉස්ටෝරුවේ ඔහේ තියෙනව. කවුරුත් දන්නෙ නෑ.

කවුරුත් දන්නෙ නෑ නෙවි කවුරුහරි දන්නව. සාමාන්‍ය මිනිස්සු දන්නෙ නෑ. ඒත් කස්ටම් එකේ උන් දන්නව. උන් මේක එක්කො ඉවත් කර විනාස කරන්න හෝ නැවත විකුනා දමන්න අවසර ඉල්ලා ලිපියක් යවනවා "හදිසි නඩු විසදන" නඩුකාරයට. නඩුකාරය වැඩි විස්තර ඉල්ලා උත්තරයක් එව්ව කියල කියනවා. ඒත් ඒ මොකවත් යැවෙන්නෙ නෑ. ආයෙ ටික දවසකින් පෙර සේම අවසර ඉල්ලා ලිපියක් එවනව කස්ටම් එකෙන්. ආයෙ නඩුකාරය විස්තර ඉල්ලනව. ඔය සයිකල් එක පස් පාරක් වෙලා තියෙනව වසර හයට.

නඩුකාරයට අනුව නඩු තීන්දුවෙ තියෙන්නෙ මෙම භාන්ඩ තොගය ඊට ගැලපෙන ආරක්ශිත තත්ව යටතේ අසුරාතබන්න කියල ප්‍රවාහන අමාත්යන්ශයට. ප්‍රවාහන අමාතයන්ශයට ඕනෙනම් වෙන ඕනෙ දෙයක් කරන්න බලෙ එතිබ්බ කියල නඩුකාරය කියනව. ප්‍රවාහන අමාත්යන්ශය මේ භාන්ඩ තොගය අසුරන බලය කස්ටම් එකට පවරනවා, ඒත් වෙන මොකුත් කරන්න ඕඩර් එකක් දීල නෑ. අසුරන ආකාරය ගැන කෝම උපදෙසක් දුන්නද දන්නෙත් නෑ. කස්ටම් එකේ උන්ට කොමන් සෙන්ස් තිබ්බ බවක් පේන්නෙත් නෑ.

දැන් ඔබට තේරෙනව ඇති මේකෙ අගමුල හොයන එක හිතනවට වඩා අසිරුයි කියල. කවුරුත් දන්නෙ නෑ නෙවි, රාජ්‍ය ආයතන කීපයක් දැනගෙන ඉදල, ඒ එක්කෙනෙක්වත් කොමන් සෙන්ස් එක වැඩ කරල නෑ, ඒ වෙනුවට පොතේ තාලෙට නීතියට අකුරට ලියුම් ගහමින් ඉදල.

ඉතිරි ටික ඉතින් දන්නවනෙ. අගෝස්තු 4 හාබර් එකේ ගින්නක් හටගන්නව. හේතුව හරියට දන්නෙ නෑ බොහෝ විට වැල්ඩින් වැඩක ප්‍රතිපලයක් ලෙස හටගන්න ගින්නක්. ඒ ගින්න කෙමෙන් ඇමෝනියම් නයිට්රේට් ස්ටොරේජ් එක කරා එනව.

ඊ ගාව විනාඩිකීපෙ හැමෝම දැක්ක. ඇතිවන පිපිරීමෙන් හිරෝශිමා වගේ හත්තක හැඩ පොඩි වලාකුලක් අහසට යනව. සුපර් සොනික් එක්ස්ප්ලෝශන් එකක් නිසා ඇතිවන ශොක්වේව් එකේ ජලවාශ්ප කන්ඩෙන්ස් වෙලා වතුර වෙනව ඒ තමා අර බෝල ශේප් වලාකුල. වෙයාහවුස් එක තිබ්බ තැන මීටර 140 ක පලල වලක් මූදට එකතු වෙලා අහල පහල කිසිම ගොඩනැගිල්ලක ගන්න කිසිම දෙයක් නෑ සැකිලි පමනයි. කිමි ගානක් යනකම් නිවාස සහ ගොඩනැගිලි හානි වෙලා. කිමි 9 ක් එහා ගුවන් තොටුපොලේ පවා හානි තියෙනව. සද්දෙ කිමි 240ක් ඈත මූදෙ අර නැව් හිමිය ඉන්න සයිප්‍රසේට ඇහිල තියෙනව. "අන්න මගේ ඇමෝනියම් නයිට්රේට්" කියල මිනිහට නිකමටවත් හිතුනද මන්දා.

පිපිරුමේ ප්‍රබලතාවය හීරෝශිමා බෝම්බයෙන් 1/10 පමණ කියල සැලකෙන්නෙ. ඒ නිසා මේක න්‍යශ්ටික නොවන ලොකුම පිපිරුම් කීපයෙන් එකක්. ඇමෝනියම් නයිට්රේට් ටොන් 2750 ක් පුපුරා ගියා කියා සැලකෙනව. කිලෝටන් 1.2-1.5 පමණ පිපිරුමක් කියල කියන්නෙ.

ලෙබනන් වාසින් 157 ක් දැනට මියගියා කියා හිතනව. 5000 කට වඩා තුවාලයි. 300000 කට වඩා නිවෙස් අහිමියි. මුලු පාඩුව ඩො බි 15 ක් කියල කියන්නෙ. ඒ ලෙබනනයේ දදේනි යෙන් 1/4 ක්. මේ අනතුර වෙන්නෙ ඉතාම අසාර්තක ආර්තිකයක් නිස බේල් අවුට් අරගෙන ණය සහ පොලි ගෙවමින් උන්නු ලෙබනනයට ඊටත් පස්සෙ ආපු කෝවිඩ් 19 නිසා සම්පුර්නයෙන්ම වගේ ආදායම් අහිමි වූ තත්වයක. හොස්පිටල් වල බෙහෙත් හා උපකරණ හිගයන් එන්නෙ 2018 සිට, ඒව කෝවිඩ් 19නිසා වඩාත් තීව්ර වෙද්දි තමා මේක වෙන්නෙ. ඒ නිසා සෞඛ්‍ය සේවකයින් කියන්නෙ පිපිරුමෙන් වැඩි පිරිස මැරෙන්නෙ එතන නෙවි හොස්පිටල් වල කියල බේත් නැතුව.

පිපිරුම වෙන තැන අල්ලපු බිල්ඩිම ලෙබනනයේ ජනයාට කන්න ආහාර එක් රැස් කල ධාන්‍යාගාරය, ඒකෙ තිබ්බ ධාන්‍ය වසරකට පමණ කන්න පුලුවන් කියල කියනව. ඒක සම්පුර්නයෙන් විනාශයි. අයිරොනිකලි මේ ධානය් පිටරටින් ගෙන්වන්නෙ ලෙබනන ගොවියාට සහන සලසා දෙන අමාරු නිසා, ඒත් ඒ ගොවියාට ඕනෙ ප්‍රධානම දේ පොහොර. ඇමෝනියම් නයිට්රේට් කියන්නෙ පොහොර නිපදවන්න පුලුවන් ද්‍රව්‍යයක්. අවු හයක් ආන්ඩුවෙ ආයතන ඔට්ටු සෙල්ලම් කරමින් උන්නු වෙලාවෙ මේ පෝර ටික බෙදල දුන්නනම් සමහරවිට ඔච්චර ධාන්‍ය ආනයනය කරන්නෙ නැතුව ඉන්නත් තිබ්බ.

තව කතාවක් තමා, හාබර් එකේ ගින්නක් හටගෙන ගින්න එක්ස්ප්ලෝසිව් දිහාට එනකොටවත් කිසිවෙක් මිනිස්සු ඉවකුවේට් කර නෑ. ඒ තියා ගින්න නිවන්න එවල තියෙන්නෙ ගිනි නිවන්නන්/නිවන්නියන් දහ දෙනයි, උනුත් මේක ගැන දැන උන්නු බවක් පේන්නෙ නෑ උන් එතනම ආසන්නයෙ ඉදල තියෙන්නෙ. උන් ගැන කිසිම ශේශයක් හොයන්න නෑ.

පස්සෙ හොයාගත්ත තවත් කතාවක් තමා, මේ ඇමෝනියම් නයිට්රේට් අයිනෙම තව ස්ටොක් එකක් ගහලලු ෆයර්වර්ක්ස්. ෆයර්වර්ක්ස් පුපුරන එක ඇමෝනියම් නයිට්රේට් වල පිපිරීමට උත්ප්‍රේරකයක් වෙනව. ඒ බව මෙන්න මේ විඩියෝවෙනුත් බලාගන්න පුලුවන් මේකෙ ස්ලෝ මෝශන් යන්නෙ.

රාජ්‍ය අන්ශය, බියුරෝක්‍රසිය කෙතරම් විකෘති ලෙස හැසිරෙන්න පුලුවන්ද කියන එකට පට්ට උදාහරනයක්. දැන් ලෝකෙ පුරාම ආධාර එකතු කරනවා ලෙබනනනයට.

බේරූට් ටිකක් හිතට වැදුණූ සිද්දියක්. මගේ අරුම කාරුණික හදවත නිසාවත් මානව සන්හතියේ අගති හා ඇගනි දැක මගේ හිත උණුවෙන නිසාවත් නෙවි, ඒක අස්සෙ තියෙන පොඩි පොඩි කාරනා රාශියක් විසින් ඇති කරන උනන්දුව, කුතුහළය සහ කෝශන් එක නිසා.

අපිත් ඉන්නෙ බේරූට් වගේ තැනක ද?

ලන්කාවෙ නම් මේ වගෙ දේවල් රාශියක් වුණා පහුගිය කාලෙ. පාස්කු ප්‍රහාරය, මීතොට මුල්ල බැහැර ද්‍රව්‍ය කන්ද ගිලා බැසීම සහ සාලාව ආයුධ ගබඩාව පිපිරීම. ඒත් ලෙබනනේ හද්ද ගොන් රටක් අපි ඉන්න පළමු ලෝකෙ රටේ ඒක වෙන එකක් නෑ කියල හිතෙන අය ඉන්නව නම් හිතාමත නොකළ පිපිරුම් අනතුරු ගැන කියවන්න. වැඩියෙන්ම ඒව වෙලා තියෙන්නෙ පළමු ලෝකෙ රටවල. මේ මොහොතෙ වුණත් අනාරක්ශිත ස්ටොක්ස් ඔබ අවට තියෙන්න පුළුවන්.

කෙසේ වෙතත් මේ පිපිරීමෙන් මිනිස්සු අනවශ්‍ය ඇමෝනියම් නයිට්රේට් භිතිකාවක් හදාගන්න බවකුත් පේනවා. ඇමෝනියම් නයිට්රේට් කියන්නෙ ප්‍රබල පුපුරන ද්‍රව්‍යයක් වගේම ඒක පොහොර වැනි එදිනෙදා භාවිතාවන් වලටත් යොදා ගන්නව. ඒ නිසා කෘශි සහ පතල් කර්මාන්තය සම්බන්ද හේතු මත ඒව ස්ටොක් කරගන්න සිද්ද වෙන අවස්තා තියෙනව.

ඇමෝනියම් නයිට්රේට් කියන්නෙ ලේසියෙන් පුපුරා යන ඒ නිසාම කොහෙත්ම භාවිතා නොකළ යුතු දෙයක් නෙවි. ඇමෝනියම් නයිට්රේට් පුපුරන්නෙ ඉතා ඉහල හෙවත් සෙල්සියස් දහස ආසන්න උශ්ණත්ව වලදි ඒත් ඒ තත්වය සම්පුර්ණ නොවෙන තැනක ඒවායෙන් ලොකු අනතුරක් නෑ. සාමාන්‍ය ගින්නකදි නිකම් පිළිස්සි යන්න පුලුවන්.

ඒ නිසාම කියන්නෙ ඇමෝනියම් නයිට්‍රෙට් ගිනි ගැනීමේ අවදානමක් පවතීනම් ඒ ගින්න මූලික මට්ටමින් වළකා ගන්න හෝ උත්ප්‍රේරක ගින්නෙන් ඉවත් කරගන්න බැරිනම් කළ යුත්තෙ ගිනි නිවන භටයින් ඒ අසළට නොයවා ඒ වෙනුවට ජනයා ඉවකුවේට් කරන එක කියල. මොකද ඇමෝනියක් නයිට්රේට් පිපිරුවොත් ගිනි නිවන්නන්ට කළ හැක්කක් නෑ, එසේ නොවුණොත් ඒක නිකම් ඔහෙ පිළිස්සි යාවි.

බේරූට් වල ගින්න නිවන්න ගිය දහදෙනාගෙන් අර ලස්සන මෙඩික් ගිනි නිවන්නිය ගෙ බොඩි එක විතරයි හම්බුනා කියන්නෙ, අනික් උන් වාශ්ප වෙලා වෙන්නත් පුලුවන් ලු. මේ සටහෙනේ යට කියන ටියන්ජින් පිපිරුමේ මියගිය එකසිය හැත්ත ගානෙන් සීයකට වඩා ගිනි නිවන්නන්.

සාමාන්‍ය තත්ව වල පුපුරා නොගියට ඇමෝනියම් නයිට්රේට් පිපිරීම් නිතර වාර්තා වෙනව. ඒකට විවිධ හේතු තියෙනව. එකක් තමා භාවිතාවෙන් තොර ස්ටොක් කිරීම්. ඒ කියන්නෙ කිසියම් නිශ්පාදනයක් කරන්නෙ නැතුව නිකම් ඔහෙ තියන එක. කාලයත් එක්ක දේවල් දෙකක් වෙනව.එකක් තමා අන්තරායකාරිබව ගැන දෙන අවධානය අඩුවීම [කාලයක් තිබ්බනෙ කියන පදනමින්] දෙවැන්න ඇමෝනියම් නයිට්රේට් තියෙන නිසාම එතන වෙනත් පුපුරන ද්‍රව්‍ය ද රැස් කිරීම. මිනිස්සු හිතා ඉන්නෙ දැන් එතන ඇමෝනියම් නයිට්රේට් තියෙන නිසා තව වෙඩි බේත් වගේ දෙවල් ස්ටොක් කරන එක ඕකෙ කියල. අන්න ඒ සාමාන්‍ය උශ්ණත්ව වල පුපුරන අනෙකුත් දේවල් තමා ඇමෝනියම් නයිට්රේට් වල පිපිරුමට අවශ්‍ය උශ්ණත්වය නිර්මාණය කරන්නෙ.

දැන් හැමෝම වගෙ දන්නව බේරූට් වල ඇමෝනියම් නයිට්රේට් ස්ටොක් එකක් තිබ්බ නිසා එතනම තව ෆයර් වර්ක් වගේකුත් එක් රැස් කර තිබ්බ කියල. නොතේරිම මේ නගර මැද්දෙ ස්ටොරේජ් එක පුපුරන ද්‍රව්‍ය පොදුවෙ එක් රැස් කරන තැනක් වෙනව. ඒ නිසයි මේ පිපිරීමට අවශ්‍ය තාපය ජනනය වන්නෙ.

එසේම 2015 චීනයෙ ටියන්ජින් ජනාකිර්ණ නගරය මැද්දෙ හාබර් එකේ ඇමෝනියම් නයිට්රේට් ඔහේ ස්ටොක් කරල තියල. පස්සෙ එතන වෙනත්පුපුරන ද්‍රව්‍ය රාශියකුත් එකතු කරල අන්තිමේ ඒ වෙනත් ස්ටොක් එකක් දැඩි හිරු එළිය නිසා ගිනි අරගෙන තමා අර පත වලක් හැරුණු පිපිරීම සිද්ද වන්නෙ. ඒ ටොන් 800ක පිපිරුමක්, බේරූට් 2750 ක් වගෙ.

කෝම වුණත් න්‍යශ්ටික නොවන පිපිරුම් අතර ඉහළීන්ම තියෙන එක වෙන එකක්. ඒකත් වෙන්නෙ තවත් හාබර් එකක. නැවක ආපු ලෝඩ් එකක් මයි. එතන පුපුරන ද්‍රව්‍ය වන්නෙ ටී එන් ටී ටොන් තුන්දාහක් පමණ. ඒකට උත්ප්‍රේරක වන්නෙ නැවේම තියෙන බෙන්සෝල් නම් වාශ්පශිලි ගිනිගන්නා ද්‍රව්‍ය ස්ටොක් එක. අනතුරට හේතුව නැව් දෙකක ගැටුමක්. අනතුර මොන වගේද කිව්වොත් නැවේ කාල තුවක්කුව හමුවන්නෙ කිමි පහක් ගොඩබිම, නැන්ගුරම කිමි තුනක් ගොඩබිමේ. පිපිරීම වෙනෙන් වතුරෙ නිසා හාබර් එකේ පතුල පේන්න තරම් වතුර තල්ලු වෙලා තියෙනව. ඒ නිසා හටගන්නා සුනාමිය මීටර 18ක් උසයි. ශොක් වේව් එක කිමි එකසිය ගානක් දුර ගිහින් තියෙනවා. පිපිරීමෙ උශ්ණත්වය සෙල්සියස් 5000 හෙවත් සූර්යයා මතුපිට උශ්ණත්වය වගේ කියල කියන්නෙ. උණු වෙලා උඩ ගිය යකඩ බෝල වෙලා බිමට වැටිල තියෙනව.

බේරූට් වගෙ ලොකු නගරයක් නෙවි දාස් ගානක් ඉන්න එකක් ඒත් මරණ දෙදාහකට ආසන්නයි. පුදුමය කියන්නෙ නැව ගිනි ගන්න කොටම බේරගන්න බැරි බව දන්නා නිසා නැවේ කෲ එක බෝට්ටු මූදට දාල පළා යනවා. ඒ වුනත් සීන් එක බලන්න නගර වාසින් වෙරළට එනව. උන්ට අර මිනිස්සු කොච්චර එපා කිව්වත් ඒක ඇහෙන්නෙ නෑ. අන්තිමට 2000 පමණ මළාට නැවේ කෲ එකෙන් මැරුණෙ එක්කෙනයි.

මේ පිපිරුම බේරූට් පිපිරුම වගේ දෙකහමාරක් ලොකුයි. කොටිම්ම ඒක කෙතරම් ලොකු එකක්ද කියනව නම් අද වෙනත් පිපිරුම් වල සයිස් මනින්න භාවිතා කරන හිරෝශිමා පිපිරීමෙ සයිස් එක පත්තර වල යන්නෙ අපි මේ කියන පිපිරීම වගේ හත් ගුණයක් කියල [ඒත් දැන් දන්න තරමින් හතර ගුණයක්]

මේ පිපිරීම වන්නෙ කැනඩාවෙ නෝවා ස්කොටියා [ස්කෝශියා] ප්‍රාන්තයේ හැලිෆැක්ස් වරායේ 1917 දිSujeewa Kokawalahttp://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.com0tag:blogger.com,1999:blog-6900753426343218319.post-85599798629301049812020-05-27T08:03:00.002-07:002020-05-27T08:05:05.168-07:00කහපාට කලුපාට වළාකුළු

මේ ටික මන් ලියල තියෙන්නෙ පෙබරවාරි 19. දවස කිව්වෙ මේ සිද්ධිය තව දුරටත් අනාගත කාලෙන් තියන්න බැරි නිසා.

පහුගිය කාලෙ ආසියා අප්‍රිකා ඕශනියා කලාපෙ වෙච්ච බොහෝ ස්වාභාවික ව්‍යසන එකතු වෙන්නෙ එක තැනකට. පහුගිය වසර දෙකේ පමණ ඉන්දීය සාගරයේ බටහිර පැත්තෙ වායු පීඩනය අසාමාන්‍ය ලෙස ඉහළ යාමට. ඉන්දියන් ඕශන් ඩයිපෝලේ ස්ට්‍රෝන් පොසිටිව් අවස්තාව කියල ටෙක්නිකල් නමක් මොඩල් කරල තියෙනවා ඕකට.

දැන් ඒ සන්සිද්දිය නිමා වෙලා තියෙන්නෙ. නිමා වෙනව කිව්වට 2017 තිබ්බ පොසිටිව් ඩයිපෝල් එක සුලු කාලෙකට නිමාවට පත්වෙලා තමා ආයෙ අවු දෙකක් විතර හිටින ලොකු එක ආවෙ. ඒ නිසා ඉස්සරහට ඉක්මනින් ආපහු එන්නත් බැරි නෑ.

කෙසේ වෙතත් ලැව්ගිනි, හීට් වේව්, නියන් සහ අධික උණුසුම ලෙස ඔස්ට්‍රෙලියාවත් සුලි සුලන් ලෙස අරාබිය අප්‍රිකාවත් පීඩාවට ලක් කළ ඒ කාළගුණ පද්දතිය ඉවර වුනත් ඒකෙන් ඉතුරු කරල ගිය අන්තිම හෙවනැල්ල තාම තියෙනවා.

හෙවනැල්ලක් ම තමා. දුරින් එනකොට පේන්නෙ විශාල වැහි වලාකුලක් වගේ ඒත් ඒ වළාකුල එකපාරට ඔබේ ගමට පාත් වෙලා කොලපාට යමක් පණ තියෙන ගහක් නෑර කලු සහ කහපාටින් සරසන කොට පරක්කු වැඩියි.

ඔව් ඒ තමයි ලෝකස්ට් ලා. මුන්ට පළගැටි කියන එක වැරදියි, පළගැටි කියන්නෙ එතරම් සක්‍රිය නැති තනිව ඉන්න සතුන් වර්ගයක්. උන් ලෝකස්ට් බවට පරිවර්තනය වන ක්‍රියාදාමය මාර වැදගත් ජෛව ක්‍රියාවක්. එක සතෙක්ගෙන් වෙන සතෙක් හැදෙනවා වගේ තමා. තනියම එක තැනක ඉන්න තරම් "මෝඩ" පළගැටියෙක් ගෙන් ලෝකස්ට් කෙනෙක් නිර්මාණය වෙද්දි උන්ගෙ මොළය විශාල පරිමාණයෙන් වර්ධනය වෙනවා කකුල් කුඩා වෙලා අත්තටු විශාල වෙනවා. මේ අලුත් "බුද්ධිමත්" සත සමාජශිලි එකෙක්. රන්චු ගෙහෙන්න ඇවිදින්න තරම් බුද්ධියක් තියෙනව. පුන්චු රන්චු නොවේ බිලියන සීය පනින නිව්යෝක් නගරයට වඩා ලොකු පලාතක විසිරි රන්චු වාර්තා වෙනවා. කිමි සියගණන් යන්න සමත්.

ආපහු කතාවට ආවොත්, මේ වසරේ ලොකස්ට් අර්බුදයත් ගිහිල්ල ඉන්දිය සාගරික ඩයිපෝලයේ බිලට වැටෙන්නෙ. ඒ මෙහෙම.

නැගෙනහිර අප්‍රිකාව සහ ආසියාව තුල පැතිරෙන ලෝකස්ට් අර්බුදය පටන් ගන්නෙ අරාබියෙන්. අරාබි කාන්තාරෙට 2018 මාස කීපෙක ගැප් එකක් එක්ක අසාමාන්‍ය ලෙස කඩා වදින මෙකුනු සහ ලූබන් කියන සුළි සුළන් දෙකක් නිසා අරාබි කාන්තාරය දෙවතාවක් තාවකාලික විල් බවට හැරෙනවා. සවුදි යේමන් බෝඩරේ සහ යේමනයේ. මේ කලාපය සක්‍රිය යුද කලාපයක් නිසා ලෝකස්ට් මර්ධනයට භාවිතා කරන රසායන යොදන්න විදියක් නෑ.

ලෝකස්ට් එකෙක් ඉන්නෙ මාස තුනක සිට පහක වගේ කාලයක්. ප්‍රමාණවත් වතුර ලැබුනොත් උන්ට පුලුවන් එක ජෙනරේශන් එකකින් ගණන විසි ගුණයකින් වැඩි කරන්න. මේ කියන 2018 වසරේ කාලෙ අරාබි කාන්තාරෙ ලෝකස්ට් ගහණය 8000 ගුණයකින් පමණ වැඩිවෙන්න ඇති කියනව.

ඒ ලෝකස්ට් ලා කැම හොයාගෙන කිමි200 300 පළල රතු මුහුද හරහා සෝමාලියාවට එනවා. සාපේක්ශව සෝමාලියාවෙ ශාක සුලබයි. ආයෙමත් යුද කලාපයක් නිසා කිසි පාලනයක් නෑ. ඒ මදිවට 2019 මුල සෝමාලියාවටත් සුලි කුනාටුවක් එනව ඒකත් ඩයිපෝල ක්‍රියාකාරිත්වයක් ලෙස සලකන්නෙ. සෝමාලියාවෙදි උන් ආයෙ කීප දාස් ගුනයකින් වර්ධනය වෙනවා.

දැන් ඒ ආකාරෙට ට්‍රිලියන ගණන් වලින් ගනින්න වෙන පාලනයකින් තොර ලෝකස්ට් ප්‍රජාව ජන්ම භුමියෙන් දෙපැත්තට යනවා. කෙන්යාව ඉතියෝපියාව වගේ රටවල අලුත් වැස්ස එක්ක සරුවට වැවුණු ගොවිබිම් ඉවරයි. දැන් ඒ රටවල් ආහාර අර්බුදයක් එයි කියල ආධාර එකතු කරනවා. ටැන්සානියා උගන්ඩා වගේ රටවලටත් අනතුරු ඇගවීම් දීල.

අනිත් පැත්තට පාකිස්තානය වෙනකම් ආපු ලෝකස්ට් ලා ඉන්දියාවට එන එක දැන් වෙන්න නියමිත එකක්. මෙතෙක් කලාපෙට අහු නොවුන ලන්කාවටත් දැනට වෝනින් දීල තියෙන්නෙ.

කෝම වුණත් ඩේවිඩ් ඇටෙන්බොරෝ කියන්නෙ ලෝක ආහාර අර්බුදයට හේතුවකට වඩා විසදුමක් කියල ලෝකස්ට් ලා. ඒ කියන්නෙ උන් අල්ලල උන්ගෙ ප්‍රෝටින ප්‍රොසෙස් කරල මිනිසුන්ට කන්න හිතෙන කැමක් ලෙස ආවොත් [එහෙම දැනුත් වෙනව, අපි මලාට නොකන සතුන්ගේ කොටස් අඹරල මීට් බෝල්ස් සොසේජස් එහෙම හදන්නෙ]. ඒත් ඒක ෆියුචරිස්ටික් කතාවක් පමණයි. දැනට තියෙන ගැටලුව ව්‍යසනයෙන් බේරෙන්නෙ කෝමද කියන එක.

ලස්සනම සිද්දිය නම් පෙර කී අභිජනන කලාපයේ ඉදිරි වසරක දෙකක කාලගුණය බැලුවම මෙ ඉන්න ප්‍රජාව 400 ගුණයකින් පමණ වැඩි වෙන්න ලොකු ඉඩක් තියේලු. මේ සම්බන්දයෙන් කල හැකි කිසිවක් නෑ මොකද යේමනය සහ සෝමාලියාව යුද කලාපයක් නිසා.

නිකමට හිතන්න 400 ගුණයකින් මේක වැඩි වුනොත්....

මේ ටික අද. ඉස්සරහට තව සීන් වුනොත් ඒවත් ලියමු

සාමාන්‍යයෙන් ඉන්දියාවට ලෝකස්ට් ප්‍රහාර එල්ල වෙනවා. දැනට උන් ඇවිත් තියෙන්නෙ රාජස්තාන් මධ්‍ය ප්‍රදේශ් හා ගුජරාට් වලට. මම මේ සමග ශෙයා කරන සටහන ලියන මොහොතෙත් ඒක කෝමත් වෙන්න නියමිතයි කියල තිබ්බෙ.

ඒක වෙලා.

ඒ පදනමින් ඔන්න ලන්කාවටත් එයි කියල බය කරන්න අවශ්‍ය නෑ. මොකද ලන්කාවට සැලකියයුතු ලෝකස්ට් ප්‍රහාරයක් එල්ල වෙලාම නෑ. ඉන්දියාවට ආපු එක ලන්කාවට එන එකට පෙර නිමිට්තක් ලෙස ගන්න බෑ.

ඒත්...

වෙන්න බෑ කියු දේවල් සිද්ද වෙන තරමට මම හිතන්නෙ මේකත් ඇලට් එකේ ඉන්න ඕනෙ තත්වයක්. කවදාවත් නැතුව ලෝක සන්විධාන ලන්කාවටත් අනතුරු අගවා තියෙන්නෙ නිකම්ම වෙන්න බෑ. ඒ වගේම මේ වසරේ ලෝකස්ට් ගහණය අනිත් වසර වලට වඩා බෙහෙවින් වැඩියි,

ඒ නිසා මේකත් ලන්කාවෙ කර මත කඩා වැටෙන්න බැරි නෑ.

Sujeewa Kokawalahttp://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.com0tag:blogger.com,1999:blog-6900753426343218319.post-43019690840739618612020-01-09T05:46:00.000-08:002020-01-09T22:52:37.515-08:00ඔටුවන් දස දහසක් මරා දැමීම හෙවත් ගෘහාශ්‍රයෙන් පළා ගිය ඔස්ට්‍රෙලියානු සතුන්ගේ කතාව

ඔස්ට්‍රෙලියාවෙ තමා ලෝකෙ ලොකුම ඔටු ගහණය ඉන්නෙ. වනසතුන් ලෙස සැලකෙන ඔටුවන් සාමාන්‍යයෙන් කිසියම් රටක ඉන්නෙ දාහක් දෙදාහක් වගේ. ගෝබි කාන්තාරෙ තමා ප්‍රධාන වශයෙන්. වෙන බොහෝ රටවල ඔටුවො කියන්නෙ මිනිසා පාලනය කරන ෆාම් ඇනිමල් කෙනෙක්.

ඒත් ඔස්ට්‍රෙලියාවෙ මිනිස් පාලනයක නොඉන්න ඔටුවන් ලක්ශ දොලහක් ඉන්නව.

ඇෆ්ඝනිස්තානය ඉන්දියාව වගෙ පැතිවලින් ඔස්ට්‍රෙලියාවට ඔටුවන් ගේන්නෙ රටේ තියෙන කාන්තාර හරහා භාණ්ඩ ප්‍රවාහනයට. අශ්වයින්ට ඔස්ට්‍රෙලියාව හරහා දිගු දුර යන්න බෑ. මැද්දෙ කාන්තාරෙ නිසා. විශේශයෙන්ම ඇඩිලේඩ් සිට උතුරට බිහිවන රත්රන් පතල් ජනපද වලට ද්‍රව්‍ය සපයන්නෙ මේ ඔටුවන් සහ ඔවුන් සමග ආ ඇෆ්ඝන් ජාතිකයන්. පසුව ඔස්ට්‍රෙලියාවෙ උතුර දකුණ යා කරමින් දුම් රියක් පටන් ගන්නව, ඒකට නම දාන්නෙ දි ඇෆ්ඝන් එක්ස්ප්‍රස් කියල, ඒ ඇෆ්ඝන් මිනිසුන් හා ඔටුවන් සිහි වන්න. පස්සෙ කෝච්චියෙ නම කොට කරනවා ද ඝන් කියල. දැනටත් දුවන ප්‍රධාන සහ ලෝක ප්‍රකට දුම්රියක් නම් කර තියෙන්නෙ ඇෆ්ඝන් ඔටුවන් සහ මිනිසුන් නමින්. ඔය කෝච්චි පාර හදන්නත් භාණඩ ගෙන ගියේ ඔටුවොම තමා. එක්දාස් නවසිය ගණන් මුල ඒ දහස් ගාණක ඔටු රැළ කාන්තාරෙට මුදා හරිනවා.

උන් ස්වදේශික සතෙක් හෝ වන සතෙක් නෙවි. ෆෙරල් හෙවත් මිනිස් පාලනයෙන් පළාගිය සතුන් ලෙස සැලකෙන්නෙ. ඒ නිසාම උන් ජෛව පද්ධති වලට හානිකර ආක්රමණික සතෙක් ලෙස සැලකෙනවා. ඔස්ට්‍රෙලියාවෙ ඉන්න ලොකුම සතා නිසා ඌට අනතුරක් කළ හැකි වෙනත් සතුන් නෑ. ඒ නිසා මුන් වේගෙන් බෝවෙනවා. වසරකට 10% පමණ වේගයකින්. වසර නවයකට වරක් ගහණය දෙගුණ වෙනවා කියනවා.

ලක්ශ දොලහක් !!! ස්වදේශිකයෙක් වන කොආලා ඉන්නෙ ලක්ශ තුනක් පමණ.ඔටුවන් බෝවීම නිසා වෙනත් සතුන් රාශියකට නිජබිම් අහිමිවීමේ අර්බුදයකට මුහුණ දෙන්න වෙනවා. ඔස්ට්‍රෙලියානු භුමිය වසර එකසිය පනහකදි විතර මේ තරම් තඩි සතුන් මේ තරම් ගොඩක් නඩත්තු කරන්න පරිණාමය වෙලා නෑ. මේක හරියටම මිනිසුන් වසර 45000 කට පෙර ආවා වගේම, එහෙමත් නැත්නම් ආසියානු වල් බල්ලා වසර 4000 පමණ පෙර මිනිසුන් ගෙනාවා වගේම [ඩින්ගෝ කියන්නෙ ඌට] ශොක් ඉෆෙක්ට් එකක්. පාරිසරික අර්බුදයක්.

ඩින්ගෝ කතාව කිව්වොත් වැඩේ තේරෙයි. ඩින්ගෝ වගෙ සතෙකුට මුහුණ දෙන්න ලෝකල් සතුන් හැඩ ගැහිලා නෑ. ලෝකල් සතුන් ට තියෙන ස්වාභාවික ආරක්ශණ විධි ඩින්ගෝ අතින් නිකම්ම ගැලවෙනවා. එකිඩ්නා වැනි සතුන් අඩු වන්න ඩින්ගෝ ප්‍රධාන හේතුවක්.

ඔටුවා විලෝපිතයෙක් නොවේ. ඒත් කාන්තාර පරිසරයෙ ස්වදේශික සතුන්ට වඩා හොදින් ඔටුවා සර්වයිව් වෙනවා. කාන්තාර ව්‍යාප්තිය වෙන්නෙ පහුගිය වසර 50000 පරාසයේ නිසා දේශිය සතුන්ගේ කාන්තාර වලට හැඩ ගැහීම දුර්වලයි. ඒත් ඔටුව අවු මිලියන පහ හයක් මේ වගෙ පරිසරයකටම හැඩ ගැහුන සතෙක්. ඔටුවා ප්‍රශ්නයක් වන්නෙ මිනිසාට පමණක් නෙවි ඔස්ට්‍රෙලියාවෙ සෙසු සතුන්ටත්. එකිනෙකා අතර තරගයෙන් ඔටුව දිනනව. ඒ නිසා ඔටුවන් පාලනය කිරීම ටෙක්නිකලි අයිති වන්නෙ ජෛව පද්ධති රැක ගැනීම වන සත්ව සන්‍රක්ශණය වගෙ මාතෘකාවකට. ඒකෙන් වෙන්නෙ බොහෝ ලෝකල් සතුන් සුරක්ශිත වීම.

එසේම පරිසරය සහ මිනිසා වෙන්ව දකිනා පින්තුරය නිසා මිනිස් ක්‍රියාකාරකමක් සේ සැලකෙන ඔටු ගහණය සෙසු පරිසරයට කරන බලපෑම අවම කරන්න ඕනෙ කියන මතයකුත් තියෙනවා.

සමාන්තර සිද්ධියක් ලෙස ලන්කාවට ආසන්නව ගැලපෙන්නෙ අලි සහ වෙනත් වන සතුන්ගෙ පාරිසරික පද්ධති අස්සට නිවැසි හරක් පට්ටි රින්ගවන එක. මේකෙන් වන සතුන් සැහෙන්න පීඩා විදිනවා. ඒත් හරක් පට්ටි මිනිසුන්ගෙ නිසාත් නීති මගින් ඒක තහනම් කල හැකි නිසාත් උන්ව ගහණ පාලනයකට ලක් කරන්න වෙන්නෙ නෑ. ලන්කාවෙ ආක්රමණික ශාඛ වලට නම් ගහණ පාලනය කරවනවා.

ඔටුවගෙන් මිනිසාටත් හිරිහැර වෙනවා. ඒ කාන්තාර ආශ්රිත මිනිසුන්ගේ ජනාවාස සහ විවිධ සන්ස්කෘතික වටිනාකම් තියෙන ස්තාන කඩා බිද දැමීමෙන්. ජලය සහ ආහාර හොයා ෆෙරල් ඔටුවන් ගම් වදින්නෙ අලි ගම් වදිනවා වගේ තමා. දරුවන් උන්ට පෑගෙන රිස්ක් එකකුත් තියෙනවා. මුන් හීලෑ ඔටුවන් නොවේ.

මිනිස්සු මේකට පාලනයක් ලෙස ඔටු මස් හා ඔටු කිරි බිස්නස් පටන් ගත්ත. ගොවිපොල හැදුව. ඒත් ගහණ වර්ධනය ට සමගාමිව ඒවා නතින්. ඊට පස්සෙ රජය විවි සහ වන සත්ව ඒජන්සි රාශියක් එක්ව 2009 සිට ඔටුවන් ලක්ශ ගාණක් මරා දැම්ම. කොම හරි 2013 වෙද්දි ගහණ පාලනය කර ගත්ත. ඒත් දශකයකට අඩු කාලෙකින් ඔටු ගහණය දෙගුණ වෙනව.

සමහරු යෝජනා කරනවා දැක්ක ඔටුවන් අපරාදේ මරනව අඩුම ගානෙ උන්ගෙ මස් වලින්වත් මොකවත් කරන්න පුළුවන් නේද කියල. ඒත් මේ ඔටුවන් සත්ව පාලන සම්මුති යටතේ හදාපු උන් නෙවි. සාමාන්‍යයෙන් වනගත සතුන් මරා මස් කෑම සෞඛ්‍ය අතින් නුසුදුසු කියා තමයි සම්මුතිය තියෙන්නෙ. පෙර කී ඔටු බිස්නස් වල ඔටුවන් කුඩාකළ සිට මිනිසුන් ආශ්‍රයේ පාලිත තත්ව යටතේ හැදෙන්නෙ. අනික මේ කාන්තාරෙ ඉන්න ඔටුවන් මිනිස් වාසවලින් බොහෝ දුර නිසා උන්ගෙ මළ සිරුරු ආපහු ගේන්න ලොකු වියදමක් යනවා. උන්ව මරන්නෙ හෙලිකොප්ටර්වලින් ගිහින්.

මෙතන ආයෙත් ජෛව විද්‍යාත්මක ලෙස වැදගත් කාරණයක් තියෙනවා. මිලියනයකට වඩා සෙට් එකක් පරිසරයෙන් දේවල් උකහා ගත්තම උන් මරල උගේ මස් වික්කොත් පරිසරයේ කොලිටිය තවත් හීන වෙනවා. උන්ගෙ මස් ආපහු ඔස්ට්‍රෙලියන් භුමියට ම එකතු වෙන්නයි ඕනෙ චක්‍රියභාවය පවතින්නෙ එහෙම. මූ ලොකු සතෙක් නිසා මුන් ගොඩක් පරිසරයෙන් ඉවතට ගත්තොත් මේ වගේ ඉතාම දුබල පරිසර පද්ධතියකට දැනෙනවා තදින්.

හිතන්න ඔටුවා ස්වාභාවිකව උන්න්නු පරිසරයක ඌට විලෝපිතයෙක් උන්න කියල. එහෙමනම් ඒ විලොපිතය ඔය ලක්ශ දොළහක ඔටු ගහණයෙන් කීප දාහක් කනවනෙ හැමදාම. ඒ කන උන්ගෙ දාල යන කොටස් ඒ පරිසරයේ ඉන්න අනිත් සතුන් කනවා. ඉතින් මේ කෘතිම ඔටු ගහණයට මිනිසා කරන්නෙ කෘතිම විලෝපිතයකුගේ භුමිකාව.  ඒ මැරෙන සිරුරු ස්කැන්වෙන්ජර්ස් ලා කන එකෙන් ආහාර දාමයක් හැදෙනවා. ඒ නිසා මළ සිරුරු දාල යන එක තමා නිවැරදි. 2009-2013 මහා ඝාතනය කරන්නෙ සයන්ටිස්ට් ලා ගේ අනු දැනුමින් ඒ නිසා ඕකත් කල්පනා කරන්න ඇති.

මේ පාර කරන්නෙ නම් ඉතා කුඩා ගහණ පාලනයක්. 10000 කියන්නෙ නතින් සාමාන්‍ය ගහණ පාලනයකට සාපෙක්ශව. මේක ලෝකල් ඒරියා එකක් වනසන එකට කරන විසදුමක්. රියල් ගහණ පාලනයක් ආයෙ කෙරෙයි දීප ව්‍යාප්තව මොකද මිලියනය පනිනව කියනෙන් ලොකු කේස් එකක්.

මේ ඔටුවන් මරා දැමීම නිතර වෙන එකක්. ගමකට හෝ කිසියම් වැදගත් ස්තානයකට හානි කරන ඔටුවන් කීප දාහක් මරණ එක. ඒත් මීට අමතරව ගහණ පාලනයට ඔටුවන් ලක්ශ ගාණක් මරණ එකනම් කරන්නෙ සත්ව සන්‍රක්ශණ කටයුතු වලට වග කියන ආයතන විසින්.

ඔටුවා වන සතෙක් බවට පත්වෙන දවසක් එන්න වසර දාස් ගාණක් මිලියන ගාණක් උන් එක්ක පරිසරය වෙනස් වෙන්න ඕනෙ. එතකල් ඌ පවතින පාරිසරික රාමුවට තර්ජනයක්.

ඒත් මේක ලාන්කිකයට පට්ට කුණුහබ්බයක් වෙන බව තේරෙනවා. Feral animal culling කියන එක සින්හලට හරවගන්නවත් විදියක් දන්නෙ නෑ. ෆෙරල් සහ කලින් කියන දෙකට වචන තියේද? ඒ තරම් ආගන්තුකයි.

මෙතෙක් දිගටම වෙච්ච ඔටුවන් මරා දැමීම මෙවර බොහෝ දෙනාගෙ අවධානය දිනාගන්නෙ මාධ්‍ය ආයතන කීපයක් ඒක ලැව්ගිනි සමග පටලා දැමීමෙන්. ඒක වැරදි අවබෝධයක්. මේ සියල්ල වෙන්නෙ බුශ්ෆයර් වෙන පළාතක නෙවි. ඔටුවො ගස් තියෙන කැලෑ වල ඉන්නෙ නෑනෙ. ඒ දෙකේ සම්බන්ධයක් නෑ.

කෝම වුණත් ගෘහාශ්‍රයෙන් පළා ගිය ඔස්ට්‍රෙලියානු සතුන් අතර උඩින්ම ඉන්නෙ ඔටුවා නොවේ. බල්ලා සහ පූසා. උන් ගෙවල් වලින් පළා යනවා වගේම අකාරුණික සතුන් හදන්නන් උන්ව කැලේට ගිහින් දාන එකකුත් [ලන්කාවෙ තරම් නොවුණට] එක්තරා දුරකට වෙනවා. ලන්කාවෙ නම් මෙහෙම අතාරින සතුන් වෙනත් සතුන් කා දමනවා. ඒත් මේ කිසිම සතෙකුට විලෝපිතයන් නෑ මෙහෙ. ඔස්ට්‍රෙලියාවෙ උන්නු නියම සතුන් ස්වදේශිකයන් අතින් වද වී යාමෙන් පස්සෙ මෙහෙ ඉන්නෙ අතන මෙතන ඉතුරු වෙච්ච සත්තු. වෙන්නෙ මොකද වනගත බලු සහ පූස් රන්චු වේගයෙන් බෝ වෙනවා. බල්ලො නම් ස්වදේශිකයන් ගෙන් පළා ගිය ඩින්ගෝ එක්ක මුහු වෙනවා.

ගෘහාශ්‍රයෙන් පළා ගිය පූසන් ලක්ස විස්සේ සිට හැට අතර ප්‍රමාණයක් වන්නන්තරේ ඉන්නව කියනව. මේ පූසර් ලා සත්ව විශේශ විස්සක් දැනට මිහිමතින් අතුගාල දාල තියේ කියනවා. මේ වසරෙ පටන් ගන්න වැඩසටහනකින් මේ පූසන් ලක්ශ විස්සක් මරා දාන්න ඔස්ට්‍රෙලියාව හිතාගෙන ඉන්නවා. ඒත් ඒක නිව්ස් හිට් වෙන්නෙ නෑ බුශ් ෆයර් වගේ ට්‍රෙන්ඩින් කතාවකට එල්ලන්න බැරි නිසා.

ඕකට අමතරව ඔස්ට්‍රෙලියාවෙ ගොවිපොල සතුන් ලක්ශ ගානක් හැමදාම මරා දානවා. ඒක නම් මොන නිව්ස් එකක්ද? ලන්කාවෙත් මරනවනෙ.

මේ කතාව සන්වේදී කතාවක්. පුද්ගලිකව ගත්තොත් මට මේ ක්‍රියාව එක්ක එකගතාවයක් නෑ. ඒත් මට මේ ගැටලුවට විසදුමකුත් නෑ. මේ සටහනේ අරමුණ පවතින තත්වය ගැන වාර්තා කිරීමක් පමණයි.

මේ ලියන්නෙ මාතෘකාව ගැන පවතින ලෝකල් මතය. ලෝකල් මතය එහි අර්ත දැක්වීම් සමග කන්සිස්ටන්ට් ලෙස ඉදිරිපත් කළ හැකියි. මේ ගැන වෙනත් කන්සිස්ටන්ට් මතවාදයක් හෝ සන්විධිත දැනුමක් නෑ. විකල්පයක් ලෙස තියෙන අනිත් එකම එක මොකුත්ම නොකර ඉන්න එක. එය ප්‍රශ්නවලට විසදුමක් නොවේ.

Sujeewa Kokawalahttp://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.com9tag:blogger.com,1999:blog-6900753426343218319.post-7213730729702884802019-12-01T00:50:00.001-08:002019-12-01T00:50:08.833-08:00පහුගිය දෙසියවසේ රටක් මුහුණ දුන් දරුණු ම යුද්ධය හෙවත් පැරගුවේ ඛේදවාචකය

යුද්ද වලින් ලෝකෙ හෝ රටක ජනගහනය විනාස වෙනව කියන එක වැරදි මතයක්. මැත කාලෙ වෙච්ච ඕනෙම බිහිසුනු යුද්දෙකින් රටක මියයන ප්‍රමානය ජනගහනයෙන් නොසැලකිය යුතු ප්‍රතිශතයක් හෝ සීයට පොඩි ගානක්.

ඉස්සර නම් රෝමන් සහ මොන්ගල් අධිරාජ්‍ය යුද්ද කරල පැරදුනාම ඒ මුලු ජනතාවම අල්ලල සමුල ඝාතනය කරපු අවස්තා තියෙනවා. ඒ සුවිශේශි නරුමකම්. අනික දුර අතීතෙ කතා. පහුගිය වසර දෙසිය තුල යුද්දෙන් මිය යන ප්‍රමාන රටේ ජනගහනයට ලොකු බලපෑමක් කර නැහැ. ඒත් එක යුද්දයක් ඇරෙන්න.

මේ යුද්දය තුලදි එක්තරා රටක මුලු ජනගහනයෙන් වීශාල ප්‍රමානයක් මිය යනවා. ඒ සමුලඝාතන ලෙස නොවේ. එක්කො යුද්දය නිසා නෙවිනම් යුද්දය එක්ක එන විවිධ රෝග නිසා. බේසිකලි යටත් වෙන්න ඕනෙ තරම් පැරදුනත් උන් යටත් නොවි දිගටම පිස්සො වගේ යුද්දෙ කරන නිසා. මිය යන තරම කෙතරම්ද කිව්වොත් රට පව්ත්වා ගන්න බැරිවෙනවා. රට අසල්වාසින් අතර බෙදන්නත් ගිහින් ආයෙ ඔවුන් හිතනව රට තියෙන්න ඕනෙ කියල. රට පවත්වා ගන්න මිනිසුන් වෙන රටවලින් සන්ක්‍රමනය කරවනවා.

කොටිම්ම මේ යුද්දය ඒ රට විසින් අවුලුවා ගන්න අනවශ්‍ය පිස්සු යුද්දයක්. ඔවුන් හැප්පෙන්නෙ හිතන්නවත් පුලුවන් බලයක් එක්ක නෙවි. ඒ වගේම මරන වලින් වැඩි හරියක් තමන් අතින්මයි සිද්ද වෙන්නෙ.

1. යුද්දය මොකද්ද?

2. පාර්ශ්ව කවුද?

3. හේතුව කුමක්ද?

4. රට එක පිටින් වැනසුනත් රටක් ලෙස ඉතුරු කලේ ඇයි?

5. රටේ ජනගහනයට වෙන බලපෑම කුමක්ද? [නිසි සන්ඛ්යා ලේඛන නැති නිසා අදහස් රාශියක් තියෙනවා]

6. [බෝනස්] මේ වගේ සුයිසයිඩල් පිස්සු යුද්දයක් කරන්න හේතු වෙච්ච අමුතු ගතියක් මේ රටේ තියෙනවා. ඔවුන් කලාපිය රටවලට වඩා චුට්ටක් වෙනස්. ඒ බව ඔවුන්ගෙ භාශා භාවිතයෙන් පවා විඩ්‍යාමාන වෙනවා. මේ රටෙ එ තියෙන භාශාමය අමුත්ත මොකද්ද?

මේ ප්‍රශ්නයට පිලිතුර ලෙස බලාපොරොත්තු වුනේ පැරගුවේ යුද්දය හෙවත් war of triple alliance

රුවන්ඩා හුටු-ටුට්සි ගෝත්‍ර ගැටුම නරකම උත්තරයක් නොවුනත්පැරගුවේ යුද්දය එක්ක ඒකත් නතින්.
මම කතාව ටිකක් දිග ඇරල ලියන්නම්. සන්කිර්ණ සිද්ඩියක් නිසා කතාව දෙකට කඩනවා. ඉතිහාසය සන යුද්දය වශයෙන්. ලේසි කෑල්ල යුද්දය මුලින් ගම්මු. කොහොමත් අපි මේ ගැන නිසි අධ්‍යනයක් කරනවා නම් පැරගුවේ ඉතිහාසය එක පිටින්ම සලකන්නම වෙනවා. හැබැයි ඊට කලින් අපි සිදුවීම බලමු.

යුද්දය

1860 දශකයේ දකුනු ඇමරිකාවෙ පහල කෑල්ලෙ රටවල් හතර නිතර යුද වල පැටලුනා. බර්සිල අධිරාජ්‍යය සහ ආජන්ටිනාව තමා බලවතුන්. ඉතා කුඩ උරුගුවේ රාජ්‍යය ආජන්ටිනාව එක්ක පැටලිලා නිදහස දිනාගත්තට අර දෙගොල්ල්ලම එයාලට දැඩිලෙස බලපැම් කලා. තමන්ගේ රූකඩ ආන්ඩු හදාගන්න. එවකට පැරගුවේ කියන්නෙ බ්රසිලය සහ ආජන්ටිනාව වගේම බලවත් රාජ්‍යයක් [එතනට ආපු හැටි වෙනම බලමු].

ගටුමට ආසන්න හේතුව වන්නෙ උරුගුවේ හි ජාතිකවාදි ආන්ඩුවක් පෙරලා ලිබරල් වාදියෙක් ස්තාපනය කරන්න බ්රසිලය ගන්න වෑයමක්. මේ සමග ආජන්ටිනාවත් ඉන්නවා. පැරගුවේ කියන්නෙ ජාතිකවාදි එකාධිපතියෙක් ලෙජිස්ලේශන් වලින් පත්කරගන්න රටක්. පැරගුවේ ආජන්ටිනාවෙන් නිදහස් දිනාගන්නෙ පොඩි වලියක් දාගෙන. බ්රසිලය පැරගුවේ උන් වහල් කමට ගත්ත සතුරා. මේ සතුරන් දෙන්න බලව්ත් වීම වලකන්න සහ ජාතිකවාදි ආන්ඩුව බේරගන්න තමා මේ වලියට බහින්නෙ.

ඒ වෙද්ද කලාපයෙ ලොකුම ආමි එක පැරගුවේ, සාපේක්ශව ලොකු බලයක් සහ අද තියෙන රට වගෙ දෙගුනයක විතර රටක්. එහෙත් ජනගහනයක් ලෙස මිලියන බාගයක් පමන තමා ඉන්නෙ. එය බ්රසිලයේ රිසර්ව් ෆෝස් එකට වඩා පොඩියි. බ්රසිල ආජන්ටිනා දෙකේ මිලියන දහය පහලව වගෙ ඉන්නව. අවාසනාවට මේව ඇනලයිස් කරගන්න තරම් බුද්ධියක් පැරගිවේ වලට නැහැ

පැරගුවේ උරුගුවේ දේශසීමාවක් නැති නිසා උන්ට උරුගුවේ වලට උදව් කරන්න එන්න අවසර ඉල්ලනව ආජන්ටිනාව හරහ යන්න. ආජන්ටිනාව ප්‍රතික්ශේප කලාම ආජන්ටිනාවෙ ප්‍රාන්තයක් අල්ලගෙන ඉදිරියට එනවා. එසේම බ්රසිලයෙත් කොටසක් අල්ලගන්නව. මේ මොහොත වෙද්දි පැරගුවේ ජයග්රාහි ලෙස ඉන්නෙ.

මේ අතර උරුගුවේ ජාතිකවාදින් පැරදිලා ලිබරල් වරුන් බලය අල්ලනවා. ඉන් පසු රටවල් තුනම එකතුවෙලා පැරගුවේට යුද ප්‍රකාශ කරනවා.

අවුල පටන් ගන්නෙ මෙතනදි. මුලකාලෙනම් පැරගුවේ තරමක් සාර්තකව සටන් කරනවා. එක ස්ටේජ් එකක යුද්දය ඔවුන්ගේ ජයග්‍රහනය එක්ක තාවකාලිකව නවතිනවා. ඒත් ඊට පස්සෙ රටවල් තුනේ හමුද සන්විධානය වෙලා නැවත පහර දෙනවා. යුද්දය පැර්ගුවේ ඇතුලටත් අගනුවර වන ඇසන්සියන් වලටත් පැතිරෙනවා.

පැරගුවේ මේ වෙද්දි රිසෝසස් වලින් සම්පුර්නයෙන්ම හිදිලා. මිලියන බාගෙකට අවු පහක් මේක අදින්න බැහැ. මේක සාමාන්‍යයෙන් රටක් යටත් වෙන මොහොතක්. පැරගුවේ ඒකාධිපති සොලානෝ ලෝපෙස් පිස්සු චරිතයක් වගෙ හැසිරෙන්නෙ මෙතනදි. ඔහු යටත් වීම තෝරන්නෙ නැහැ. එහෙම යෝජනා කරන පවුලේ සහෝදරයින් මරා දානවා පාවාදෙන්නන් ලෙස. අවියක් ඔසවන්න පුලුවන් තරම් අවු 10 වගේ දරුවන් පවා හමුදාවට දානවා. ගැහැනුන් පවා ෆ්රන්ට් ලයින් නොවෙන කටයුතු වලට දානවා. නගර හැර යද්දි ඒව ගිනිබත් කරල ගෙනයා නොහැකි සියලු දෙනා තමන් විසින්ම මරා දාලයි යන්නෙ.

අවසානෙ ලෝපෙස්ව බ්රසිල තුවක්කුවකින් මරා දැමෙනකම් මේ සටන ඉවර වෙන්නෙ නැහැ. ඒ වෙද්දි අර ලක්ශ පහෙන් ලක්ශ තුනක් පමන මලා කියල කියන්නෙ. පිරිමි ජනගහනයෙන් සීයට 70 සිට 90 දක්වා මැරිල. රටක් කියල මොකුත් ඉතුරු නැහැ. මේ දත්ත ඩිස්පියුටඩ්. 1850 විතර එක වාර්තවක් අනුව මි 1.3ක් තමයි ජනගහනය. හැබැයි වැඩි වාර්තා කියන්නෙ ලක්ශ 5 කියල . 1873 විතර ජර්මානු වාර්තාවක් අනුව ලක්ශ දෙකයි ඔක්කොම ඉතුරු. ජනගහනයෙන් 60%ක් මේ යුද්දෙන් මලා කියන එක තම අ බොහෝ විට පිලි ගැනෙන්නෙ.

ජයග්රාහි ආජන්ටිනාව ඉතිහාසෙම බලා උන්න වගේ මේ කවුරුත් නැති රට තමන්ගේ ප්‍රාන්තයක් කරගන්න හදනවා. ඒත් ඊට බ්රසිලය විරුද්ද වෙනවා මොකද දෙරට නිතර ඇවිලෙන නිසා බෆර් ස්ටේට් එකක් මැද්දට දාගන්න ඕනෙ කියල. මේ යුද්දයට හේතු වෙච්ච උරුගුවේ උන් මහ ලොකු දායකත්වයක් දෙන්නෙ හෝ මියයන්නෙ වත් නැහැ.

කෝම වුනත් බ්රසිලය ආජන්ටිනාව සහ බොලිවියාවෙ චාකො වරු පැරගුවේ කොටස් අල්ලගන්නව. ගග දිගේ චුට්ටි කෑල්ලක් පමනයි ඉතුරු. පස්සෙ 1930 විතර පැරගුවේ ආයෙ බොලිවියා එක්ක යුද කරල චාකො කොටස ගන්නව. ඒත් රට ඉතාම පසුගාමි කුඩා රටක්

එහෙමවත් වෙන්නෙ එතනින් එහාට එන ප්‍රජාතාන්ත්‍රික ආන්ඩු යුරෝපෙන් මිනිස්සු ගෙන්න ගත්ත නිසා. නොවේනම් රටක් දුවන්නහැකියාවක් තිබිල නැහැ.

ලද අවස්තාවෙන් ආජන්ටිනා සමාගම් ලෝකයාට් වහල තිබ්බ කලාපයේ දියුනුම පද්දතියක් වෙච්ච එක්තරා ආකාරයක රාජ්‍ය සමාජවාදය්ක් දිව්ව පැරගිවේ ආර්තිකය තම අනසකට ගන්නව.

ඒ සෙල්ලම තාමත් එහෙමයි. ඉතිරිය හෙවත් මෙතනට ආපු හැටි වෙනම ලියමු.

ඉතිහාසය

ඉන්ටරස්ටින්ම දේ බෝනස් ප්‍රශ්නෙ. පැරගුවේ අමුතු රටක් . ඒක එහෙම වෙන්නෙ කෝමද? අපිට 1530 විතර වෙනකම් එහාට යන්න වෙනව.

මුලිම්ම පරානා සහ පැරගුවේ ගන්ගා දිගේ ගිය ස්පාඤ්ඤ ගවේශකයින්ට ඕනෙ කලේ පීරු කරා යන පාරක්. පැනමා ඇලත් නැති කාලෙනෙ. ඒ නිසා මග හදන අතරමැදි නවාතැන තමා අසන්සියන් නගරය. මුල්ම කාලෙ මේක ඒ පැත්තෙ ලොකුම ජනාවාසය.

රට ඇතුලට කිමි 2000 වගේ යන එක අසිරු නිසා ගැහැනු එන්නෙ නැහැ මේ ජනාවාසයට. මේ පෙදෙසෙ ඉන්න ගුවරානි කියන ඇමරින්දියන් ප්‍රජාව. මොවුන් දිගටම ඉන්කා අධිරාජ්‍යයෙන් බැට කාපු නිසා ස්පාඤ්ඤ වරුන් ව මිතුරන් ලෙස බාරගන්නවා. මෙතන ඉදල ඔක්කොම දේවල් කනපිටට වෙන්නෙ. උදාහරනෙකට ගුවරනි පවුල් සිය කැමැත්තෙන් කෙල්ලන්ව ස්පාඤ්ඤ පිරිමින්ට සපයා දෙනවා. ස්පාඤ්ඤ පිරිමි ගුවරනි ලින්ගික මෙහෙකාරියන් දුසිම් ගනන් තියන් ඉන්නෙ. මේ සමග වෙන්නෙ මොකද්ද? ඉතා විශාල ප්‍රමානයක් ස්පාඤ්ඤ ගුවරනි මිශ්‍ර දරුවන් උපදිනවා. මෙ දරුවන් කතෝලික සහ ස්පාඤ්ඤ ශිශ්ටාචාරෙ හැදෙන්නෙ, ඒත් උන්ගෙ අම්මල ගුවරනි, උන් කතා කරන්නෙ ගුවරනි. ගුවරනි කියන්නෙ ඉන්ක වගේ දියුනු සහ ලේයර් හැදුනු සමාජයක් නෙවි. උන් බොහොම අල්පේච්ච සමානත්මතාවයෙ දිව්ව සමාජයක්. ජනපදිකයන් ඒ චින්තනයෙන් පෝශනය වන්නෙ.

1600 විතර වෙද්දි යුරොපියන් ස්පාඤ්ඤ වරුන් සහ ස්වදේශික ගුවරනි අමිශ්‍ර ජනයා කියන දෙකම ඉක්මවල අසන්සියන් සහ අවට ජනපදවල බහුතරය වෙන්නෙ මේ ක්ශනික ලෙස හැදෙන මිශ්‍ර ජනපදිකයන්. මෙ ජනපදිකයන් ස්පාඤ්ඤ ආධිපත්‍ය පිලිගත්තට ස්වාධිනත්වය සහ ම්ලෙච්චත්වය ප්‍රිය කරනවා. ස්වදේශික ගුවරනි වරුන් වහල් කමට ගන්නවා. ස්පාඤ්ඤ රජා එවන ආන්ඩුකාරයින් ගහල එලවනවා. උන්ට ඕනෙ උන් ස්පාඤ්ඤ ආන්ඩුකාර ලෙස දාගන්නව. පොඩ්ඩ ගැස්සුනොය්ත් කැරලි ගහනව. මෙ නිසා ස්පාඤ්ඤ රජය සහ කතෝලික පල්ලිය ගුවරනි [අමිශ්‍ර] අයව ක්රිස්ත්යානි කරගෙන උන්ව නාගරික ඒකක වල දාල උන්ට ආමි එකක් දෙනව මොකද නෙවිනම් උන්ව වහල් කමට ගන්න නිසා. හිතන්න කොයි කොලෝනියල් ජනපදයෙද ස්වදේශිකයන් රකින්න කොලෝනියල් සහ පල්ලි බලය වෙහෙසුනෙ. කොහෙද උන්ට ආමි එකක් දුන්නෙ. හැබැයි ජනපදිකයන් කැරලි ගහද්දි ස්පාඤ්ඤ රජා වෙනුවෙන් සටන් වදින්නෙ අමිශ්‍ර ගුවරනි හමුදා.

ඔන්න ඔහොමයි අසන්සියන් අවට ජනපද පවතින්නෙ. ඒ අතර ස්වාභාවික සම්පත් නැති නිසා අසන්සියන් ස්පාඤ්ඤ පාලනයට මෙලෝ රහල් නති වෙනවා. ඔවුන් බුවනොස් අයර්ස් වලට හැරෙනවා. අසන්සිය්න් බුවනොස් අයර්ස් වල ප්‍රාන්තයක් වෙනවා. ජනපදිකයන්ට මේ ගැන කේන්තියක් එන්නෙ.

1811 ස්පාඤ්ඤ ආන්ඩුව නැපෝලියන් නිසා යටත්විජිත කටයුතු වලින් බැහැර වෙද්දි බුවනෝස් අයර්ස් ස්පාඤ්ඤ රජු නියෝජනය කරන්න හදනව. ඒ වෙලාවෙ අසන්සියන් සහ අවට ජනපද උන් එක්ක වලියක් දාගෙන ස්වාධීන වෙනව. දකූනු ඇමරිකාවෙ පලවෙනි ස්වාධීන ජනරජය. මේ අරගලයෙදි ඉතුරු වෙච්ච ස්පාඤ්ඤ සම්බන්දයනුත් එලවා දාල ගුවරනි මිශ්‍ර ජනපදිකයන් රට අල්ල ගන්නව. රට පාලනය කරන්න හමුදා කොමිටියක් හෙවත් ජුන්ටාවක්. රටක් පාලනය කරන්න තරම් උගතුන් නැහැ. රටේ ඉස්කෝල කීපයක් ඇරෙන්න කිසි අඪ්ඃයාපනයක් නැහැ. ආජන්ටිනා එක්ක නිදහස උදෙසා රාජ්‍යතාන්ත්‍රික කතාවක් කරන්න තේරෙන කෙනෙක් නැහැ.

දැන් පැරගුවේ කතාවෙ අත්‍යවශ්‍ය එක චරිතයක් හෙවත් හොසේ ෆ්‍රන්සියා කතාවට ගන්න ඕනෙ. පැරගුවේ නූගත් රටේ ෆ්‍රැන්සියාට ඩොක්ටරේට් එකක් තියෙනවා. මිනිහ ගනිතය හදාරනවා. ටෙලස්කෝප් එකක් තියන් අහස බලනව. මිනිහ ප්රන්ස විප්ලවය ගැන දන්නව. රූසෝ ගේ කතා අනුසාරයෙන් කතා පවත්වනවා. ඉතින් මිලිටරි ජුන්ටාව ආජන්ටිනා එක්ක නෙගෝශියට් කරන්නත් තියෙන නිසා ෆ්‍රන්සියා ජීවිත කාලෙටම එකාධිපති හෙවත් සුප්‍රිමෝ කරල දානව.

ෆ්රැන්සියා ලෝක අන්ඩයෙක්. මිනිහ ආජන්ටිනාව ගොනාට අන්දල කිසිම දෙයක් රිටර්න් නොදි නිදහස ගන්නව. හමුදාකාරයින් එකා එකා අල්ලල විවිද චෝදනා මත මරා දානව. සියලු ප්‍රතිවාදින් හිරේ දානව. රටවැසියා ගේ ආදරය දිනාගනිමින්ම සියලු දේපොල ආන්ඩුවට ගන්නව. ඒ කරල ෆ්‍රැන්සිය හදනව රාජ්‍යය විසින් සියල්ල පාලනය කරන සන්වෘත රටක්. සියලු දෙනා සර්ව සමානයි. සියලු දෙනාට බෙනිෆිට්ස් යනවා. ආජන්ටිනාව නිතර නිතර පරානා ගග වහල කෙනෙහිලි කරන නිසා ආර්තිකයේ පිටස්තර සම්බන්ද නවතනවා - ස්ව්‍යන්පෝශිත. එක අවස්තාවක රටට ආපු පිටරැටියෙක් ට වත් ආපහු යන්න බැහැ.

හැබැයි මිනිහ රට හදනව. රට කුඩා වුනාට ප්‍රබල ආර්තික බලයක් වෙනව. අහල පහල ලොකු රටවල් වගේ කාටවත් නයත් නැහැ. ෆ්රැන්සියා අවන්කයි. සත පහක් හොරෙන් ගන්නෙ නැහැ බලය තිබ්බට. මැරෙන කොට අවුරුදු ගානක් මිනිහගෙ පඩියත් රටේ නමින් බැන්කුවට දාල තියෙන්නෙ. මිනිහ මැරෙද්දි කලාපෙ ලොකුම සක්‍රිය හමුදාව උන්ගෙ. ආර්තිකයත් සවිමත්. හැබැයි දියුනු දේශපාලනයක් නැහැ.

මේ ෆ්‍රන්සියා ඔහුගෙ ගුවරනි පැල්පත් නිවස අසල. ඔහු මැරෙනකම් ඉන්නෙ ඒ ගෙදර. ධනය භාවිතා කරන්නෙ නැහැ. ෆ්‍රන්සියා ගේ ඇදුම රටේ ජන අනන්‍යතාවයට අනගි උදාහරනයක්

ඊ ගාවට ජීවිත කාලෙට ඒකාධිපති පට්ටම දෙන්නෙ ලෝපෙස් පිය පුතු දෙන්නට. ලෝපෙස් පියා හොරෙක්. මිනිහ රටේ ආන්ඩුව සහ සම්පත් තමන්ගෙ පවුලට ගන්නව. ෆ්‍රැන්සියාගෙ ක්‍රමයට එරෙහිව ගොස් අහල පහල යුද්ද වලට හොට දානව. ලෝපෙස් පුතා සොලානො ලෝපෙස් මිනිහ මේ සමානාත්මතාවය සහ මහජන දේපොල දන්නෙ නැහැ. මිනිහට අනුව රටම පවුලෙ බූදලේ. මිනිස්සු පවුලෙ සේවක. ඒ අතරෙ ඔහුව තාත්ත යුරෝපෙට යවනව. යුරොපෙ කෙලිදෙලෙන් ඉන්න සොලානො ලෝපෙස් නැපෝලියන් ගැන උඅනන්දු වෙනවා. නැපෝලියන් සහ යුරොප්ප ආගලය වටහා ගෙන නැහැ. ඒත් පිටපොත්තෙන් නැපෝලියන් කොපි කරන්න හදන ගති පේනවා.

1864 විතර සොලානො ලෝපෙස් බ්රසිලයට සහ ආජන්ටිනාවට එරෙහිව උරුගුවේ ජාතිකවාදයට සහය දෙන්න යන පසුබිම ඕකයි. පැරගුවේ කියනෙ අර්ධ ගුවරනි රටක්. සන්වෘත රටක්. ආජන්ටිනා බ්‍රසිල් එක්ක තරහයි සහ උනුත් බලන් ඉන්නෙ මේ කලාපිය විකෘතියට ශොට් එක දෙන්න. සොලානො ලෝපෙස් ලෝකය හරියට වටහා නොගත් රජ පවුලක පිස්සෙක්. නැපෝලියන් වෙන්න හදපු. පැරගුවේ ජනතාව රාජ්‍යයට සේවය කරන්න ෆ්‍රන්සියා විසින් පුහුනු කල ප්‍රජාවක්. ටිකක් විතර ස්ටාලින් මාවෝ වගේ.

විනාශය පෙනි පෙනිත් යටත් නොවුනෙ ඒකයි. අදටත් පැරගුවේ වල සොලානො ලෝපෙස් කියන්නෙ වීරයෙක්. රනබිමේ යටත් නොවි මැරිල වැටෙනකම් සටන් කල ගුවරනි වීරයෙක්.

ලෝකයේ බොහෝ රටවල් රාජ්‍ය භාශා දෙක දෙක තිබ්බට, රටේම ජනගහනය ඒ භාශා දෙකම එක හා සමානව කතා කරන කිරිම රටක් වෙන නැහැ. පැරගුවෙ වල ස්පාඤ්ඤ සහ ගුවරනි දෙකම රාජ්‍ය භාශා වන අතර රටවැසියා දෙකම එක හා සමානව කතා කරනවා. සමහර විට කොන්ගෝ වල ටිකක් මෙහෙම තත්වයක් ඇති. වෙනනම් දන්නෙ නැහැ.

අදටත් පැරගුවේ උන් හරි අමුතුයි. සන්ක්‍රමනික්‍යන් හරිම අඩුයි. දුප්පත් උනත් රට හැර යන්නෙ නැහැ. උගත් කම අඩුම රටක්. ඒ වගේම අමුතු මිනිස්සු ඉන්නෙ. අනුව දශකෙ අග උන්නු ගෝල් කීපර් හොසෙ ලුයි චිලවෙයා සමහරුන්ට මතක ඇති. පොරට හිතුනම ගෝල් එක ඇරල දාල බෝලෙ ගෙනත් අනිත් පත්තෙන් ගෝල් එකක් ගහල යනව.

Sujeewa Kokawalahttp://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.com1tag:blogger.com,1999:blog-6900753426343218319.post-68031331676720394812019-11-23T05:33:00.001-08:002019-11-23T05:33:09.914-08:00නැගෙනහිර අප්‍රිකානු ෆෙඩරේශණයට සාදරයෙන් පිළිගනිමු

දෙවියන් වහන්සේ විසින් එක්කල දෙයින් එක්සිට් වෙන්න බැරිව බ්‍රිතාන්‍යය හිරවෙලා ඉන්න, යුරෝපා සන්ගමය ඇතුලෙන් පනුවො ගහගෙන එන [හෙවත් සන්ගම් විරොදින් අභ්‍යන්තරිකව බලවත් වෙන] කාලෙක නැගෙනහිර අප්‍රිකාවෙ රටවල් හයක් එකතුවෙලා තනි රටක් වෙන්න උත්සහ කරනවා.

ටැන්සානියා, කෙන්යා. උගන්ඩා, රුවන්ඩා, බුරුන්ඩි, දකුනු සුඩාන් කියන රටවල් හය එකතු වෙන්න යන්නෙ යුරෝපා සන්ගමෙ වගේ ලිහිල් බැම්මකින් නෙවි, එක්කො ඇමරිකා එක්සත් ජනපද වගේ ෆෙඩරේශනයක්, නෙව්නම් කැනඩාව වගේ කන්ෆෙඩරේශනයක්. සරළව කිව්වොත් තනි රටක්. එහි යෝජිත නම නැගෙන්හිර අප්‍රිකානු ෆෙඩරේශනය.

මේ රට ලෝකයෙ දහවෙනි විශාලම රට සහ අප්‍රිකාවෙ විශාලම රට වෙනවා, මි 179 ක ජනගහනය අටවන විශාලම ජනගහනය හා අප්‍රිකාවෙ දෙවන විශාලම ජනගහනය වෙනවා. වෙන වෙනම ගත්තත් ස්වාභාවික සම්පත් තියෙන රටවල් එකතු වීමෙන් වඩාත් බලවත් වෙනවා. ආර්තික අතින් සාපෙක්ශව ඉහල කලාපයක්. ඉතියෝපිආවත් එක්ක සැලකුවම අප්‍රිකාවෙ ටයිගර් ඉකොනොමි රටවල් ටික. වාර්ගික සන්යුති ගත්තත් ස්වහිලි කතාකරන බහුතරයක් ඉන්නෙ, ආගම් වුනත් ක්‍රිස්තියානි බහුතර රටක් තරමක මුස්ලිම් ජනගහනයක් ඉන්න. කලාපයේ ජිනිවා නුවර වගේ සැලකෙන කලාපයේ විවිධ ගැටුම් සමනයට පදනම දාපු ටැන්සානියාවෙ අරුශා නගරය තමා අගනුවර වන්නෙ.

දැනටත් ටැන්සානියාව මෙහෙම එකතු වෙච්ච දෙරටක් ටැන්ගනිකාව සහ සැන්සිබාරය. ඒ නිසා මේක අමුතු හෝ අසිරු ඉලක්කයක් නොවේ. මේ මොහොතේ වැඩසටහන සක්‍රියව සිදුවෙමින් පවතින්නෙ. ව්ය්වස්තාව මුදල් ඒකකය වගෙ දෙවල් ගැන එකගතා නිර්මාණය වෙමින්. ඔවුන් මුහුනදෙන එකම ගැටලුව මේ වැඩෙට ඕනෙ මූල්‍ය පදනම සපයාගැනිම පමණයි.

ප.ලි. 1. ලන්කාව කාර්මික අතින් සන්වර්දනය කරල රට හදන්න හෝ චීනයේ ෆැක්ටේරියක් කරන්න හිතා ඉන්න කට්ටිය ඒව අමතක කරගන්න.

ප.ලි. 2. ඉතියෝපියානු රස්තා ගෙන් ඉන්ස්පයර් වෙච්ච ජැමෙයිකන් මාලේ ගෙ ගීයක් අනුසාරයෙන් මාලි දේශයේ ගායිකාවක් ගයන මේ සින්දුව දාන්නෙ ජොලියට, කිසිම ඩිරෙක්ට් සම්බන්දයක් නැහැ. ඒත් කොමන් සෙන්ටිමන්ට්ස් වෙන්න පුලුවන්

Sujeewa Kokawalahttp://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.com1tag:blogger.com,1999:blog-6900753426343218319.post-65666337989819067172019-11-10T03:26:00.002-08:002019-11-10T03:27:08.451-08:00අඩබෙර කරුගේ වැරදුනු පනිවුඩයට වසර තිහකි

ප්‍රශ්නයක් ඇහුව.

අනාදිමත් කලෙක සිට නාට්ටි වල උන්නු භුමිකාවක් අඩබෙරකාරයා. ඒත් මේකගෙ චරිතෙ කවදාවත් ලොකු එකක් නෙවි. ඉස්කෝලෙ උනත් ඔය වටේ ඉන්න එකෙක් අරගෙන පොඩියට ඕක බාර දෙන්නෙ. පොර කරන්නෙ බෙරේ ගහල අසව් අසව් කියල කොලේ කියවල වැනිශ් වෙන එක. එච්චරයි, ඉවරයි.

ඒත් මිනිහ ඔය කොලේ කියවන්නෙ රජා ලියාපු පනිවිඩේ මද? යම් හෙයකින් රජා ලිව්ව පනිවිඩේ නැතුව වෙන එකක් කියවන දවසට අඩබෙර කාරයා නාට්ටියේ ප්‍රධාන චරිතය වෙනවා. අන්න එහෙම වෙච්ච නාට්ටියකුත් තියෙනවා.

මේකෙ රජා අඩබෙර කරයට දෙන්නෙ බොහොම හදිසි පනිවිඩයක්. ඒකත් රජා ලිව්ව එක උඩින් පුරෝහිතත් ලියල මහ ඇමති ඉදල දොරටුපාල වෙනකම් සන්ශෝධන දාල වරින් වර සන්ශෝධන කොල්ලො අතේ මගටත් එවනවා අඩබෙර කාරයාට මේක හම්බුවෙන්නෙත් කියවගන්නවත් කාලයක් නැතුව.

ඉතින් ඒ අඩබෙර කාරයා කොලේ තියෙන එක වෙනුවට වෙනින් කතාවක් කියනවා හිතාමතා නෙවි මිස්ටේක්. ඒ කතාව ගමෙන් ගම පසල් දනව්වෙන් පසල් දනව්ව පැතිරෙනවා. ඒ එක්කම මහ අලකලන්චි රාශියක් වෙන්න පටන් ගන්නව. ඒ සමගම ඔහු මේ කතාවෙ ප්‍රධාන චරිතයක් වෙනවා.

1. මේ කතන්දරේ මොකද්ද? අඩබෙර කාරයා ගෙ නම මොකද්ද?

2. මේ මිස්ටේක් එකේ ප්‍රතිපල ලෙස නාට්ටිය ඉවර වෙන්නෙ කෝමද?

3. මේ වෙලාවෙ කතාවෙ උන්නු චරිත දෙකක් තම හිතවත් සලුපිලි හැරදාල කරන දුශ්ට ප්‍රකාශ දෙකකින් එයාලත් ඉතිහාසගත වෙනවා ඒ දෙන්න කවුද?

4. වෙනත් දේශයක වීර පුරුශයෙක් ඇතිවන අලකලන්චිය තුල අතරමන් වෙනවා. එදා මිනිහ මුහුන දෙන ගැටලුව වෙනත් දිග කතාවකට මුල පුරනවා. මේ කෙනා කවුද එයා මූන දෙන ගැටලුව සහ ඒ මත නිර්මානය වෙන සිද්දි මොනවද?

ඔහු ගන්ටර් [ගුන්ටර්??] ශැබොව්ස්කි. නැ බර්ලිනයේ සමාජවාදි පක්ශයේ ලේකම්. අඩබෙර කාරයා හෙවත් මාධ්‍ය ප්‍රකාශක ජොබ් එක දෙන්නෙ ඔහුට. පාසල් නාට්ටියක් වගේ තමයි ඒක ලොකු තනතුරක් නෙවි. සාමාන්‍ය තත්ව යටතේ අපිට ඔහු ගැන කතා කරන්න වෙන්න නියමිත නෑ. තනතුර මෙයාටම දීපු එකක් නෙවි. එ වෙලාවෙ එතන උන්නු නිස කරන්න වෙච්ච එකක්. ඉස්කොල්ලෙ නාට්ටියක විදියටම.

ඊට කලින් කතාවෙ පසුබිම ගත්තොත්, මේ 1989 නොවැම්බර් මාසෙ. ජර්මනිය දෙකට බෙදල අවු 40 කට වැඩියි. නැගෙනහිර ජර්මනිය හෙවත් සමාජවාදි කොටස සෝවියට් පාලනය යටතෙ පවත්වාගන්න සමාජවදි පක්ශයක් දැඩි ඒකාදිකාරයෙන් පාලනය කරන්නෙ. බටහිර කොටස ලිබරල් ධනවාද්ය යටතෙ ඇමරික කදවුරට සහය දක්වන රටක්. බර්ලිනය දෙගොල්ලටම අයිතියි. නැගෙනහිරින් බටහිරට මිනිස්සු පලා යන එක නවතන්න බර්ලිනයේ නගරෙ මැද්දෙන් තාප්පෙ ගහන්නෙ මීට අවු 30 කට විතර කලින් ඒ තාප්පය ඉතාම දරදඩු ලෙස මිලිටරි පාලනය යටතෙ තිබ්බෙ එතනින් යන්න බැහැ වෙඩි කන්න වෙනවා. මේකට තමා අයන් කර්ට්න් එක කිව්වෙ

නැගෙනහිර ජර්මනිය 1989 වෙද්දි ආර්තිකව සම්පුර්නයෙන්ම වගෙ වැටිලා උන්නෙ. එහෙම රටක් ලොක සිතියමේ තිබ්බෙ අයන් කර්ට්න් එක නිසා. මිනිස්සු සමාජවදි සිස්ටම් එක එපාවෙල කොහෙට හරි පැනල යන්න උත්සහ කරමින් හිටියෙ, රටේ ආහාර හිගයන් සහ පෝලිම් ඒවා පියවාගන්න විදියක් නැතුව ණය වෙලා වෙච්ච ණය බේරන්නත් බැරුව අන්තිමේ බටහිර ජර්මනිය ඉදිරියේ පින්සෙන්ඩු වෙලා උන්වත් ණයක් දෙන්නෙ නැහැ. මිනිස්සු තාප්පෙ පැත්තෙන් යා ගන්න බැරි නිසා වටෙන් ගිහ්න් චෙකොස්ලෝවැකියාව හරහා හන්ගේරියා ඔස්ට්‍රියා පැත්තෙන් පලා යනවා. මේ අතර වියපත් දිර්ඝ කාලින නායකය එරික් හොනෙකර් වයස නිසා ඉවත් වෙනවා. මිනිහගෙ දෙවෙනියට බලය් ආවෙ මෙ මොහොතෙමයි.

අපි කතාවෙන සිද්ධිය පටන් ගන්නෙ මේ වෙලාවෙ රට පුරා ජනයා උද්ඝෝශන කරන අතර සමාජවාදි චෙකොස්ලෝවැකියාව තමන්ගෙ රට හරහා මිනිස්සු යනවට විරුද්ද වෙනවා. මේ සියල්ල යටපත් කරන්න අලුත් නායකය හිතනවා. ඒ අනුව ඔහු සන්ක්‍රමන නීති වෙනස් කරනවා. ඔහු කිව්ව දේ මොකද්ද කියන එක ගැන නිරවුල් අදහසක් නැහැ. ඒත් අඩුම මට්ටමක වෙනස්කම් වලින් ඒ කිව්වෙ හැකිනම් කොස්මටික් වෙනස්කම් වලින් මිනිස්සු ශේප් කරගන්න එක තමා අරමුන. එසේම රට දාල යන ප්‍රති විප්ලවවාදින් පිටුවහල් කිරීමෙ අදහස ත් තිබිල තියෙනව. කෙසේ වෙතත් ඔහු විසින් නිර්මානය කරන හදිසි රෙගුලාසි වෙනසක් වෙනත් පාර්ශ්ව රාශියක් අතින් වෙනස් වෙලා හදිසියේම මාධ්‍ය වෙත නිකුත් කෙරෙනවා. ඒ කටයුත්ත කරන්නෙ ගන්ටර් ශැබොව්ස්කි.

ගන්ටර් ට මේ නිවේදනාය් ලැබෙන්නෙ ඉතා කෙටි කලකින් ප්‍රසිද්ධ කරන්න. ඔහු ඒ ගැන නිසි අවබෝධයක සිට නැහැ. ඒ වගේම ඔහුට පක්ශයේ විවිධ පිරිස් අතේ පුන්චි වෙනස්කම් රාශියක් පනිවුඩ ලෙස එනවා. ඒ ඔක්කොම එකතු කරල අවසන් එකක් හදගන්න ඔහුට කාලයක් තිබිලත් නැහැ.

දන්න තරමින් ගන්ටර් කියන්න නියමිතව තිබ්බෙ මෙහෙම එකක්. "පූර්නකාලින පදින්චියට හෝ තාවකාලික සන්චාරයට බටහිර ජර්මනියට යන නීති වෙනස් කරන අතර ඒ සදහා බර්ලින් තාප්පයේ මුරපොලවල් විවර කරදෙනවා [මේ අර වෙන රටවල් අස්සෙන් යන එක නවතන්න ඕනෙ නිසා]. ඔබට යාමට අවශ්‍ය නම් අහවල් ආයතනයෙන් ඉක්මෛන් අවසරයක් ලබා දෙනව. මේ නීතිය නුදුරු අනාගතයේ [හෝ හෙට සිට] බලාත්මක වනු ඇති" මේකත් ටක්කෙට හොයන්න පුලුවන් කමක් නැහැ වේරියන්ට් බරගානක් තියෙනවා. හැබැයි ට්‍රයි කරන්නෙ අවසර ඉක්මනින් දීල පාලිත තත්ව යටතෙ මිනිස්සු ශේප් වෙන වෙනසක් කරන්න.

ගන්ටර් කිව්වෙ මෙම එකක්. "පුර්නකාලින පදින්චියට හෝ තාවකාලික සන්චාරයට බටහිර ජර්මනියට යන නීති වෙනස් කරන අතර ඒ සදහා බර්ලින් තාප්පයේ මුරපොලවල් විවර කරදෙනවා" වැල්වටාරම් අයෙව්වම ඕකෙ තිබ්බෙ එච්චරයි. ඉතින් මාධ්‍යවේදින් පුදුමයෙන් වගේ ඒ කවද සිට ද කියල අහපුවම ගන්ටර් ට හොයාගන්න බැහැ කවදා සිට ද කියල. මිනිහ කියනව "මන් හිතන්නෙ ඉමිඩියට්ලි මේ දැන් මේ මොහොතෙ සිට" කියල. මේක කියන්නෙ රාත්‍රියක.

සෝමාලියාවට පාන් දැම්ම වගේ

මේ කතාව මුලු නැගෙනහිර ජර්මනියෙම යනවා. දන්නවනෙ ඉතින් සමාජවාදි රටවල සියලු මාධ්‍ය මධ්‍යගතව පාලනය වෙනවා පක්ශයේ මතේ තමයි හැම මුල්ලකම යන්නෙ. ඉතින් මේක හැමතැනම යනවා. මේකෙ තියෙන අඩුපාඩු හදන්න රජය උත්සහ කලාද රජය ඒව දැක්කද කියල දන්නෙ නැහැ. රෑ හතට කල මිස්ටේක් එක ඒ මොහොතෙ කරෙක්ට් කරන එක ලේසි නැහැ. ඒත් මේක අහන නැගෙනහිර ජර්මානුන් පවුල් පිටින් මහ රාත්රියෙම තාප්පෙ දිහාට එනවා. මුරපොලවල් ලග හිතාගන්න බැරි ජනතාවන් ඒක රාශි වෙනකොට සෙබලු අහනව හමුදා ලොක්කන්ගෙන් වෙඩි තියන්නද කියල, ඒත් වෙඩි තියන්න බැහැනෙ ලොක්කොත් අර නිවේදනය අහල තියෙනවනෙ. ලොක්කො දෙලොවක හිරවෙලා හිතල බලල ඔන්න ඔහේ ගන්ටර් කිව්ව එකේ කියල එහෙනම් ගේට්ටු ඇරල දාපල්ල කියනවා.

රෙස්ට් වොස් හිස්ට්‍රි වෙන්නෙ ඕම. නැගෙනහිර ජර්මනියෙ සමාජවාදි පාලනය් සතිකීපයක් වත් තියෙන්නෙ නැහැ, මිනිස්සු පිස්සො වගෙ එහා මෙහා යමින් උනුනුන් බදාගෙන එක ජර්මනියක් වෙන්න පටන් ගන්නව. මාස කීපෙකින් බටහිර නැගෙනහිරව තමන්ගෙ කොටසක් කර ගන්නව. ඔන්න ඔය තාප්ප අලකලන්චිය වෙලා ඊයෙට වසර තිහක්.

ප්‍රති තර්කයක් ලෙස ඕක කෝමත් වැටෙන්න තමා තිබ්බෙ කියන්න පුලුවන්. එසේම ඕක නොවුනත් මිනිස්සු රට හැර යන්න පටන්ගෙන තිබ්බෙ. නැගෙනහිරයුරෝපෙ සමාජවාදි රටවල් ඒ වෙච්චිත් වැටිල තිබ්බ. අනික ගොර්බශෝප් මේ කිසිවකට මැදුහත් වෙන්නෙ නැහැ. එයාගෙ ටිකට් එකත් තව අවු දෙකක් යන්න කලින් සෙට් වෙනව. ඒ වුනාට ඕක කෝමත් වැටෙන්න තිබබ් වුනාට මේම තමා වැටුනෙ.

අඩබෙර කාරයා කතා නායක වුනේ ඒම

මේ වෙලාවෙ තමයි බටහිර ජර්මනිය දකින්නෙ තමන් එක්ක එක පතේ කාපු නේටෝ සහෝදරයින් මොන වගේ අමනයින්ද කියල. බ්‍රිතාන්‍යයෙ මාගරට් තැචර් ගොර්බශෝප් ට කතා කරල ඉල්ලීමක් කරනවා මේ දෙරට එක්වීම නවතන්න කියල. ප්‍රන්ශයේ ප්‍රන්ශුවා මිතරෝන් කියනවා හිට්ලර්ගේ කාලෙටත් වඩා විසාල ජර්මානු රාජ්‍යයක් දැන් බිහිවෙමින් පවතින අතර මේකෙ නරක ප්‍රතිපල යුරෝපයටත් ලෝකයටත් බලපානු ඇත කියල. හැබැයි ගොර්බශෝප් මේ ගැන කිසිම බලපෑමක් කරන්නෙ නැහැ.

මේ මොහොතෙ ගොර්බශෝප් ගේ හැසිරීමෙත් ගැටලු තියෙනවා. මොකද කලින් කිව්ව වගේ දිගුකාලිනව සෝවියට් පාලනයකින් නෙ නැගෙනහිර පවත්වා ගත්තෙ. ඉතින් නැගෙනහිර ජර්මනියෙ ස්තානගත වෙච්ච සෝවියට් මිලිටරි යුනිට් ඉන්නව, ඩ්‍රෙස්ඩන් වගේ නගර වල වෙනම සෝවියට් සෙබලු ඉන්න ප්‍රදේශ පවා තියෙනව. අන්න ඒ ප්‍රදේශයක ඔත්තු එකතු කරන තරුන කේජිබි නිලදාරියෙක් ලෙස සහ ව්‍යාජ භාශා පරිවර්තකයෙක් ලෙස සේවය කල කෙනෙක් තමයි ව්ලැඩිමිර් පූටින් කියන්නෙ, පූටින් ගේ ජොබ් එක භාශා පරිවර්තක වෙන්නෙ ඒ හරහා බටහිර රාජ්‍යතාන්ත්‍රිකයන් එක්ක යාලු මිත්‍රකම් හදා ගන්න පුලුවන් නිසා. මේ අලකලන්චිය අස්සෙ මුදා හැරෙන ජර්මානු මිනිස්සු කල්ලියක් නැගෙනහිර ජර්මානු හමුදා ඒකක වලටත් පහර දිල පූටින්ල උන්නු පලාතට එනවා.

පූටින් කෙලිම්ම තමන්ගෙ උසස් නිලධාරින් අමතනවා මොකද්ද කරන්න ඔනෙ කියල. උන් පූටින්ට කියනව ක්‍රෙම්ලින් එකෙන් අහල කියන්නම් කියල. සුලු වේලාවකින් පූටින්ට ලැබෙන උත්තරේ - ක්‍රෙම්ලිනය නිහඩයි - කියන එක. පූටින් කියන පරිදි මේ මොහොත ඔහු ජිවිතේ අසරනම වෙන මොහොතක්. අවශ්‍යනම් එන උන්ට වෙඩි තිය්ල බලය පාවිච්චි කරල ඉවකුවේට් කරන්න පුලුවන්. ආරක්ශිතනම් යටත් වෙලා මොස්කව් බලා යන්න පුලුවන්. ගොර්බශෝප් ඇතුලු සෝවියට් ලොක්කො හමුදාවට මේ දෙකෙන් එකක් ඕඩර් කරන්න ඕනෙ ඒකට නෙගෝශියේට් කරගන්න ඕනෙ. ඒත් ඔහුට ලැබෙන්නෙ නිහඩතාවය පමනයි. පූටින් තමන්ගෙ ඉස්සරහට එන මිනිසුන්ට නිරවුල් ජර්මන් වලින් මිත්‍රශීලි ලෙස කියනවා අපිට උඹල කුඩු පට්ටම් වෙන්න තියල දාන්න පුලුවන්. ඒත් අපි එහෙම කරන්නෙ උඹල කරදරය්ක් කලොත් විතරයි. උඹල ජර්මනියෙ කරගන්න එව්වට අපි මැදිහත් වෙන්නෙ නැහැ, උබල අපට කරදර නොකලොත් කියල. මේක සාර්තක වෙනවා. ඒසමග සෝවියට් හමුදා ආපහු යනවා.

මේ සිද්දිය තරුන කේජිබි නිළධාරියා ගේ ජීවිතේට ලොකු බලපැමක් කලා කියනවා. එසේම ඔහු බලයට ආවම තමන්ටම කරගත්ත පොරොන්දුවක් වනුයේ රුසියානු හමුදා හෝ රුසියානු පාර්ශ්ව කරුවෙක් මොස්කව් වලින් උත්තරයක් බලාපොරොත්තු වන කිසිම මොහොතක ඔවුන් හිස් අතින් නොයවන බව. ඒක නම් අගේට වෙනවා තාම. ක්‍රෙම්ලිනය නිහඩ නැහැ කිසිම මොහොතක

සිද්ධිය ඇසු දුටු අයගේ සාක්ශි

Sujeewa Kokawalahttp://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.com11tag:blogger.com,1999:blog-6900753426343218319.post-72795573486113448432019-10-20T05:17:00.000-07:002019-10-20T06:07:42.562-07:00ක්‍රිස්තියානි මූලධර්මවාදියෙකුගේ ටායිපින් කැරැල්ල

මේ ප්රශ්නය ට්‍රිකි වැඩි වුනා නොසිතු ලෙසට. ඒත් මේක බොහෝ දෙනෙක් නොදන්නා එහෙත් අතිශයින් වැදගත් සිදුවීමක්. ප්‍රශ්න ගොඩක්.

ලෝක ඉතිහාසෙ වෙන එක්තරා සිද්ධියක් පොඩ්ඩක් එහෙ මෙහෙ වෙන්න ලෝකයේ ක්‍රිස්තියානි ජනගහනය මීට වඩා බෙහෙවින්ම වැඩි වෙන්න ඉඩ තිබ්බ. මේ සිද්ධිය එක පුද්ගලයෙක් වටේ කේන්ද්‍රගත වෙන්නෙ. එහෙත් එහි අවසාන පලය පෙර නොවු විරු ආකාරයේ ව්‍යසනයක්. එසේම එය වර්තමානයේ කිසියම් ජාත්‍යන්තර ක්‍රියාකාරකමකට විශාල ලෙස සමානතා දක්වනවා.

මේක බොහෝ දෙනෙකුගෙ අවධානය නොලබන ඉතා වැදගත් සිදුවීමක්.

1. මේ සිද්ධිය මොකද්ද?

2. මේක කේන්ද්‍රගත වෙන්නෙ කවුරු වටේද? ඒ කොහොම පසුබිමකින්ද?

3. ඔහු කරන්න ගියේ මොකද්ද?

4. මේකට සමානකම් දක්වන වර්තමාන ක්‍රියාවලිය මොකද්ද?

5. මේක ඉවර කර දාන්නෙ කවුද? ඉවර වෙන්න බලපාන හේතු මොනවාද?

6. මේක එහෙම ඉවර නොවුනානම් හෙවත් What if කෝණයකින් ලෝකයට වෙන්න තිබ්බ බලපෑම් මොනවද?

7. මේක එක්ක විවිධ ලෝක වාර්තා කීපයක් කියවෙනවා. ඒ මොනවාද?

8. මේ සිදුවිමෙන් නිර්මානය වන තත්ව තුල ලෝකයට ඉතාම අර්තවත් දේවල් කීපෙකුත් වෙලා තියෙනවා. ඒ මොනවාද?

9. වෙන කෙනෙක් මේ සිද්දිය ආදර්ශයට අරගන්නවා පස්සෙ කාලෙක. ඔහු කවුද?

අපේ කතානායකයා හොන් ක්ශියුචුවාන් [Hong Xiuquan - මගෙ චීන හැකියා සීමිත හෙවත් සීරෝ නිසා මේක හරියට කියෙව්වද මන්දා]. 1814 හොන්කොන් ආසන්නයෙ ගුවන්ශොවු ප්‍රාන්තයේ උපදින්නෙ. ඔහුගේ මූලයන් ගැන තියෙන විවාදය අනුව එක්කො ඔහු ප්‍රාදෙශිය මට්ටමේ ධනවත් පවුලක කෙනෙක් හෝ දුප්පත් පවුලක කෙනෙක්. හැබැයි ස්තිරවම ඔහුගේ මූලයන් චීනයේ හක්කා ගෝත්‍රික ප්‍රජාවේ. අපි කලින් කතා කලා ප්‍රාදේශිය ගෝත්‍ර යාකරල එක හැන් ජනවර්ගයක් හදාපු කතාව. හක්කා කියන්නෙ හැන් වල උප ප්‍රබේදයක් හෙවත් හැන් කරනය වෙන සන්ක්රමනිකයන්ට කියන නම [අර්තය ආගන්තුකයන් කියන එක]. ඒ කාලෙ නැගෙනහිර චීනයේ හක්කා වරුන් සුලබයි ඒ අයට සෙසු හැන් වරුන් දක්වන්නෙ අඩු සැලකිල්ලක්.

හොන් ඉගෙනීමට දක්ශයෙක් කියල කියන්නෙ. ඒ කාලෙ චීනෙ තමා ලෝකෙ එකම රට තරග විබාගයකින් රාජ්‍ය සේවයට බදවා ගන්න. පස්සෙ මුලු ලෝකෙම කොපි කරන්නෙ ඒ විබාගෙ [හෙවත් අපි ඔක්කොම විබාගෙ කියන්නෙ හයවෙනි සියවසේ සිට චීන රාජ්‍ය සේවයට මිනිස්සු බදවා ගත්ත පටිපාටියෙ බටහිරයන්ගෙ කොපියකට]. ඒ කාලෙ ඉගෙන ගන්න දක්ශ කෙනෙකුට මුලු පලාතෙම උන් සපෝට් කරනවා විබාගෙ පාස් වෙලා රාජ සේවයට යන්න. මේ විබාගයට එන්නෙ කොන්ෆියුසියස් දර්ශනය අනුව රාජ්‍ය පාලන නීති සහ සමාජ සන්ස්කෘතික ප්‍රශ්න.

හොන් මේ විබාගෙ ෆේල් වෙනවා. එක පාරක් නෙවි එක දිගට තුන් පාරක්. මේ සදහා ඔහු මුලු ජීවිතේම කැප කරල මාරෙට වෙහෙසිලා ඉතා දුර නගරෙකට ගිහින් තමා විබාගෙ කරන්නෙ. තුන් පාරම ෆේල් වෙනවා. තුන්වෙනි පාර ෆේල් වුනාම් තෙහෙට්ටුව එක්ක හොන් රෝගි වෙනවා. මේ රෝගි තත්වය කෝමා එක්ක වගේ කියල කියන්නෙ. කිසියම් සිහි නැති අවස්තාවක්. උන විකාරයක් වෙන්නත් පුලුවන්. ඒ වෙලාවෙ හොන් දකිනවා කිසියම් වියරු හීනයක්. ඒකෙ ඉන්න එක මිනිහෙක් වියපත් කෙනෙක් එයා හොන කඩුවක් දීල කියනවා ඔබ මගේ පුත්‍රයා ඔබ යක්ශයාගෙ බලවේගය විනශ කරන්න කියල. තව තරුන කෙනෙක් හොන්ට කියනවා ඒක කරන ආකාරය. හීනය ලොකු බලපෑමක් වෙනෙන් නැහැ ඒ වෙලාවෙ

හොන් සුව වෙනවා. සුව වෙලා ආයෙ අවුරුදු ගානක් පාඩම් කරල හතරවෙනි පාරටත් විබාගෙ ලියනවා. ඒකත් ෆේල්

හොන් ගෙදර ඇවිත් ගමේ පාසලේ උගන්වනවා. අර හීනය ඔහුට වද දෙනවා. මේ අතර දවසක් හොන් ගේ සහෝදරයෙක් ඔහුගෙ පොත් අස්සෙ තිබිල කිසියම් ප්රචාරක පැම්ප්ලට් එකක් හොයා ගන්නවා. ඒක හොන් ට ඇමරිකානු ජාතික ආගම් පතුරන්නෙක් විබාගෙ ලියන්න ගිය වෙලාවෙ දීපු කොලයක්. එහි තියෙන්නෙ ක්‍රිස්තියානි පනිවුඩය. හොන් ඒක කියවා වත් නැහැ ඒ වෙනකම්.

මේ පැම්ප්ලට් එක කියවන් හොන් ඒ හරහා අර හීනෙ ඉන්න කෙනා සර්වබලදාරි ගෝඩ් බවත් අනික ජේසු තුමා බවත් හදුනා ගන්නවා [හිතා ගන්නවා]. ඒ අනුව තමා දෙවියන්ගේ පුත්‍රයා ජේසුගේ සහෝදරයා කියල හොන් කියන්න ගන්නවා. හොන් පවුලේ අය සහ මිතුරන් ක්‍රිස්තියානිය ඉගෙන ගන්න සහ දෙශනා කරන්න පටන් ගන්නවා. එයාලා ඒකට කියන්නෙ සාමයේ මහා පනිවුඩය හෙවත් ටායිපින් [Taiping].

මේ අවස්තාවෙ චීනය ගැන මදක් සලකන්න ඕනෙ. මේ වෙද්දි හැන් බහුතර චීනය පාලනය කරන්නෙ මැන්චු වාර්ගික ක්චින් [Qing - වසර දෙදාහකට කලින් එක චීනයක් හදාපු Qin ලා නොවේ] අදිරාජ්යය. ඔවුන්ගේ පාලන කලාපය වත්මන් චීනය වගේ එකහමාරක්. ලෝක ජනගහනයෙන් 38% ක් ඉන්නෙ මේකෙ. ඒත් ක්චින් වරුන් පිරිහිලා ඉන්නෙ. ප්‍රධාන ජාතිය වන හැන් වරු ඔවුන් එලවන්න රට පුරා කැරලි ගහනවා. ඕපියම් යුද්ද වලින් යුරෝපා ජාතින්ගෙන් පැරදිලා ඉතාම දරදඩු වන්දි ගෙවන්න වෙනවා. කාලයක් එක තැන පල්වෙන සිස්ටම් එක පිරිහිලා. මිනිස්සු ඉන්නෙ වෛරයෙන්.

හොන් දෙවියන් ගේ පනිවුඩයේ එලවන්න කිව්ව යක්ශයාගෙ නියෝජිතයන් ලෙස හදුනා ගන්නෙ ක්චින් අධිරාජ්‍යය.

මොවුන් මුල් කාලෙ මිනිසුන් අතින් උපහාසයට පාත්‍ර වෙනවා. එතකොට ටායිපින් වරු තවත් රට තුලට තම ප්‍රචාරය ගෙනියනවා. මේ කාලෙ චීනය බහු ආගමික රටක්. බහුතර කොන්ෆියුසියස් ක්‍රමයට රට දිව්වට පාලකයින් බෞද්ධ. ක්‍රිස්තියානි මිශන් ශැන්හයි හා ගුවන්ඩොන් වල පැතිරෙන්න පටන්ගෙන. මුස්ලිම්මුත් ඉන්නව බටහිරට වෙන්න.

ටායිපින් වරුන් සාර්තක වන්නෙ සමජියව කොන් වෙලා ඉන්න ග්‍රාමිය හක්කා වරුන් අතර. ආගමට වඩා උන් බලන්නෙ ක්චින් එක්ක තියෙන වෛරය. ඒ නිසා මේ වෙද්දි කීප දාහක මිලිශියා එකක් හදාගන්නත් ටායිපින් වරු සමත් වෙනවා. මේ දේවල් කරල දෙන්නෙ හොන් ගෙ මිතුරෙක් වන ෆෙන්. ඔහු තමා මුල කාලෙ භුමියේ සන්විධානය හදන්නෙ. හොන් බයිබලය කියවමින් ආගමික ඩොක්ට්‍රින් එක දේශනා කරනවා. ඔහු දෙවියන්ගේ පුත්‍රයා සහ උත්තරීතර නායකයා.

ක්චින් වරු ටායිපින් වරුන්ට පහර දෙන්නෙ මේ මොහොතේ. ඒත් නොසිතු පරිදි ආගමික කල්ට් එකේ උන් ක්චින් බල ඇනිය පරදනවා. කැපවීම සටන් කලා දක්ශතා ඉහල දාගැනීම දේව භක්තිය ආදිය නිසා ටායීපින් වරු දක්ශ සටන් කරුවන්.

එතනින් පටන් ගන කැරැල්ලට කියන්නෙ ටායිපින් කැරැල්ල කියල. 1845 විතර මේක පටන් ගන්නෙ. ටායිපින් වරු ගමින් ගමට ප්‍රාන්තෙන් ප්‍රාන්තෙට යමින් නගරයෙන් නගරය අල්ලා ගන්නවා. විවිධ හේතු මත ක්චින් ලා එක්ක අමනාප මිනිස්සු ටායිපින් එක්ක එකතු වෙනවා. මේ වෙද්දි මිලියන ගානක සපෝට් එකක් එනවා. මිලිශියාව පමනක් මිලියනයකට වැඩියි.

ටායිපින් වරුන්ගේ ලොකුම ජය තමා දකුනු චීනෙ ප්‍රධානම නගරය වන නැන්ජින් අල්ලන එක. ඒක අගනුවර කරලා ඔවුන් සාමයේ මහා පනිවුඩයේ දිව්‍යා රාජ්‍යය හෙවත් හෙවන්ලි කින්ඩම් ඔෆ් ටායිපින් කියන එක හදනවා. ඔවුන් ඒක අවුරුදු දහතුනක් පාලනය කරනවා.
ටායිපින් කියන්නෙ ක්ර්ස්තියානි අන්තවාදයක්. ක්‍රිස්තියානි නොවන සියල්ලන් මරා දානවා. එසේම ආගමිකව දැඩි නීති එක්ක ජීවත් වෙන්න ඕනෙ. දස පනත අමතකනම් මරනවා. ප්‍රේම සම්බන්ද විවාහයෙන් පිට සම්බන්ද වගේ එව්වට මරන දඩුවම. පොඩි කාරනයක් වුනොත් පවුලෙන්ම පලි ගන්නවා. හොන් ගේ දකුනු අත වගේ ඉන්න ෆෙන් එක සටනකදි මිය ගියාම ඒ ටවුම සමුලඝාතනය කරනවා. ගැනු පිරිමි වෙනම වෙන්ව ඉන්න ඕනෙ. විවාහක වුනත් එහෙමයි. ඒ කියන්නෙ විවාහ දිවියේ පුද්ගලිකත්වයත් හොන් ගෙ ඉගැන්වීම් එක්ක ඔහුට ඕනෙ තාලෙට වෙන්නෙ. එහෙම නොකලොත් මරනවා.

ආගමකට වඩා ඔවුන් කල්ට් එකක්. ඔය ජෝන්ස් ටවුන් හෝ ඕශෝ ගේ රාජ්නීශ් පුරම් වගේ තමා ඔවුන් හැසිරෙන්නෙත්. එත් ම්ලේච්චත්වයෙන් එයාල සමාන් වන්නෙ අයිසිස් එකට. ඒක තමා ටායිපින් ලට දෙන්න තියෙන ආසන්නම උදාහරනෙ මොකද ඉරාක සිරියන් සුන්නි වරු මුලු ගැන්නිලා උන්න වෙලාවෙ ආගමික අන්තවාදයකින් ම්ලේච්චත්වය කරා ගෙනියපු නිසා.

ටායිපින්වරුන්ගේ යහපත් දේවල් තිබ්බ. වැදගත් ම එක තමා කාන්තාවන්ට සම තැන දීම. ටායිපින් රාජ්‍යයේ කාන්තාවන් සහ පිරිමින් සර්වසමයි. මේ කාලෙ බිලිදියක් උපන්නොත් පනපිටින් වලලන එක නෝම් එකක් වුන චීනෙ මේක හිතාගන්නත් බැරි දෙයක්. ටායිප්න් රාජ්‍යයෙ රැකියා වලට පමනක් නෙවි හමුදාවට බැට්ල් ෆ්රන්ට් එකට පවා කාන්තාවො යනවා. ඔවුන් පිරිමින් හා සමව උසස් වෙනවා හමුදාවෙ ඉහල තනතුරු වල කාන්තාවො ඉන්නව. හොන් ගේ සහෝදරියක් ඉන්නව සටන් කලා මාස්ටර් කරල එයා හමුදාවෙ ඉහලම තනතුරක් දරන්නෙ. මෙන්න මේ සිද්දීය මිශනාරින් හරහා යුරොපය සහ ඇමරිකාවට බලපෑමක් කරන්න සමත් වෙනවා. හොන් පුද්ගලිකව ඇමරිකාවට ප්‍රශන්සාවක් යවනවා ව්‍ය්වස්තාවෙන් කාන්තාවන්ට වෙනස්කම් නොකිරීම ගැන.

ටායිපින් වරුන් සාමුහිකවාදින්. ගොවිපොල සහ ඉඩම් රටෙ එ සම්පත් සියල්ල පොදු භාවිතයක තියෙන්නෙ. මේක එවකට ප්රවේනිදාසයින් සහ ඉඩම් හිමියන් උන්නු චීනයට විශාල ප්රගතිශීලි දෙයක්. මෙන්න මේක තමා පස්සෙ කාලෙක මාවෝ සේතුන් විසින් ආදර්ශයට ගන්නෙ ඔහුගේ සිස්ටම් එක හදද්දි. මාක්ස් පවා ටායිපින් වරුන් කෙරෙහි ප්‍රසාදයෙන් උන්නත් ඔවුන්ගේ ආගමික අන්තවාදය නිසා මාක්ස් ඔවුන් බැහැර කරනවා,

මේ සියලු යහපත් ලක්ශන මෙන්ම ක්‍රිස්තියානි වීමත් නිසා බටහිරෙන් ටායිපින් දිව්ය් රාජ්‍යයට සන්ක්‍රමනිකයන් එනවා. එක්තරා කාලෙක ඔවුන්ට බටහිර මිලිටරි සහය සහ ට්‍රේනින් පවා ලැබෙනවා. මේ වෙද්දි ක්චින් එක්ක දෙවෙනි ඔපියම් යුද්දෙ පැටලිලා ඉන්න නිසා බටහිර බොහෝ විට ටාය්පින් දිව්‍ය රාජ්‍යයට උදව් කරන්න ඉඩ තිබ්බ.

මේ බොහෝ පද්ධති හදන්නෙ හොන් ගෙ මහ ඇමති යැන්. නූගත් කම්කරුවෙක් වන යැන් ඉතාම ශුර ලෙස මේ පද්ධති නිර්මාණය කරනවා. 1856 වෙද්දි ටායිපින් දිව්‍ය රාජ්‍යය ඉතාම සාර්තකයි.

ක්චින් චීන අධිරාජ්‍යය බැලුවොත්, ක්චින්වරුන් අන්තිම අසාධ්‍ය ගානෙ ඉන්නෙ. ටායිපින් පමනක් නෙවි එකවර රට පුර කැරලි පහක් දහයක් පමන. දෙවෙනි ඔපියම් යුද්දයත් පරදිමින්. ටායිපින් වරු යුද්ද අතර ක්චින් නාවික හමුදාවෙ කොටසකුත් අල්ලගෙන ගග දිගේ පහර දෙනවා. නේපාලය ටිබෙට් චීනය ආක්රමනය කරනවා, මේ සියවසට කියන්නෙ සෙන්චරි ඔෆ් හියුමිලියේශන් කියල. ටායිපින් වරු ශැන්හයි වරාය වටලනවා. බීජින් වලට කිමි 78 ආසන්නයට එනවා.

හරි මේක තමා ඒ මැජිකල් what if මොහොත. 1856-1860 අතරෙ වෙන සිද්දි කීපයක් එහෙම නොවුනා නම් මොකක් වෙයිද?

බටහිර සහය ලබන ටායිපින් රාජ්‍යයට අල්ලන්න තිබ්බෙ බීජින් පමනයි. බීජින් වැටුනම සෙසු චිනය වැටෙනවා. ක්චින් වරුන්ට මෙලෝ චාන්ස් එකක් තිබ්බෙ නැහැ. ඒ සමග හැදෙන්නෙ ශු රෝමයටත් වඩා අන්තවාදි ක්‍රිස්තියානි රාජ්‍යයක්. අයිසිස් වගේ. ලෝක ජනගහනයෙන් 38% ක් [මැරෙන කොටස අඩුකරන්න වෙයි] එතන. එතනින් නික ඉන්නෙ නැහනෙ.ඒ ක්රිස්ත්යානි රාජ්‍යය [බටහිර සහය එක්ක] චීනෙ වටේටම යනවා. ජපානය කොරියාව ඉන්දු චීනය ඉන්දියාව මධයම් ආසියාව. එක සියවසක් ඕක තිබ්බනම් තියෙන්නෙ මේ ලෝකෙ නෙවි ඕල්මොස්ට් ක්‍රිස්තියානි ලෝකයක්.

ඒත් එහෙම වෙන්නෙ නැහැ. 1853 සිට හොන් ඉතාම කාමභෝගි සහ ආගමික ජීවිතයක් ගෙවන්නෙ රට දුවන්නෙ යැන්. යැන් 1856 දි කියනවා දෙවියන් එයාටත් කතා කලා කියල. ඒ පුන්චි සිද්ධිය යැන් හොන් දෙන්න අතර ගැටුමක් හදනවා. යැන් ප්‍රසිද්ධියේ කියනවා හොන් බොරු කාරයෙක් තමා තම හරි දේව නියෝජිතයා කියල. හොන් අනිත් සෙන්පතියන් ගෙන්නල යැන් ව මරනවා. ඊට පස්සෙ කුපිත වෙන යැන් අනුගාමිකයන් සනසන්න ඒ සෙන්පතියනුත් මරනවා. මේ කුලල් කා ගැනිමෙන් ඔවුන් බෙදෙනවා, හමුදා දුබල වෙනවා වගේම අභ්‍යන්තර පර්ජ් ලෙස විශාල සමුල ඝාතන කරන්න සිද්ද වෙනවා. ඊ ගාව මිස්ටේක් එක 1860 හොන් සහ සෙන්පතියන් බීජින් වෙනුවට ශැන්හයි වටලන එක. ශැන්හයි කියන්නෙ ක්චින් අනුමැතියෙන් බටහිරයන් දුවන වෙලද වරායක්. ක්චින් වරු ෆේල් වෙනකොට යුරොපිය හමුදා අවසානෙ ටායිපින් වරුන්ට පහර දීල පරදනවා. මේ වෙද්දි විවිධ ම්ලේච්ච ක්‍රියා නිසා ක්‍රමයෙන් බටහිර ලෝකෙන් කොන් වෙන ටායිපින් වරුන්ට එරෙහිව ක්චින් වරු එක්ක බටහිරයන් එකතු වෙන්නෙ මේ සටනේදි.

ඊට අමතරව ක්චින් වරු නැතිවෙන්නම කාල ඉන්න නිසා ම්ලේච්ච ටායිපින් ආක්රමන වලට එරෙහිව විවිධ ප්‍රාන්ත වල මිලිශියා හැදෙනවා. ඉස්සර නම් ක්චින් වරු මේකට ඉඩ දෙන්නෙ නැහැ ඒත් මේ වෙලාවෙ ඊට ඉඩ දෙනවා අසාධ්‍ය තත්වය නිසා. මේ මිලිශියා නිසා ක්චින් අධිරාජ්‍ය දුර්වල වෙලා පස්සෙ විනාස වෙලා යනවා. ඒත් 1860 දශකේ මිලිශියා ඔක්කොම ඉලක්ක කරන්නෙ ටායිපින් වරුන්.

මෙන්න මේ බලවේග සියල්ල විසින් නගරයෙන් නගරය ටායිපින් වරුන්ගෙන් මුදාගෙන අන්තිමේ 1864 නැන්ජින් වටලනවා.

හොන් ට වරදින්නෙ දෙවියන් තමා බේරාගනියි කියා හිතන නිසා. හොන්ට පසුබසින්න දෙන උපදෙස් ඔහු පිලිගන්නෙ නැහැ, පසු බසින්නන් මරා දානවා. වටලන හමුදා ආහාර බ්ලොක් කලාම හොන් වටේ තියෙන වල් පැලෑටි වලින් ආශ්චර්යයක් කරල ආහාර හදන්න යනවා බයිබල් ස්ටයිල් එකට. අන්න ඒ ආහාරයක් විස වෙලා හොන් මැරෙනවා. සමහරු හිතනවා ජෝන්ස්ටවුන් වර්ගයේ සුයිසයිඩ් එකක් කීයල.

ක්චින් හමුදා නැන්ජින් සමුල ඝාතනය කරනවා. ටායිපින් කන්වර්ට් වෙච්ච අය [අයිසිස් වගේ] ආපහු හරවන්න බැරිනිසා ක්චින් ලට වෙන විකල්පයක් නැහැ. ලක්ශ ගානක් පැය හැත්තදෙකකකදි මරනවා. අන්තිම ටායිපින් වරයාත් තව අවුරුදු කීපයක් යද්දි යටත් වෙනවා.

දශක දෙකක් පමන ඇදුනු මේ කතාවෙ අවසානෙ මිලියන විස්සත් තිහත් අතර ඝාතන ප්‍රමානයක් වෙලා තියෙනවා. චීනයේ මි 400 ජනගහනයෙන්. මේ ප්‍රමානය [ලන්කාවෙ ඔක්කොම විතර] ඒ වෙද්දි තනි කැරැල්ලක ලොකුඅම් ජන සන්හාරය. මේක කොමියුනිස්ට් චීනෙ මුලු ජන සන්හාරය එක්ක සන්සන්දනාතමක වෙනවා කියනවා. පලමු ලෝක යුද්දය නැපෝලියන් යුද්ද වගේ එව්වට වඩා වැඩියි. සන්සන්දනාත්මකව සමකාලින ඇමරිකන් සිවිල් යුද්දෙ ඝාතන මිලියනයක් වත් වෙලා නැහැ.

ටාය්පින් කැරැල්ල ඉතාම අඩුවෙන් කතාවෙන ඉතාම විශාල සහ යුනික් කැරැල්ලක්.

Sujeewa Kokawalahttp://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.com6tag:blogger.com,1999:blog-6900753426343218319.post-87558102152293939152019-08-31T06:58:00.001-07:002019-08-31T07:02:18.895-07:00ඉස්ලාමය වල් වැදුනේ හුලෙගු ඛාන් ගේ නෙස්ටෝරියානු-මොන්ගල් ආගමික යුද්ධය නිසාද?

මද්යකාලින යුගයේ කාන්තාර ආගම් තුනෙන් ශිශ්ටම එක මුස්ලිම්. අශිශ්ටම එක ක්‍රිස්තියානි.

අන්‍යාගමිකයන්ට සැලකීම ගන්න. ක්‍රිස්තියානි: කන්වර්ට් නොවුනොත් මරනවා. තනි මිනිස්සු නෙවි රටවල් පිටින්, යුදෙව්: ජුදා දේශයේ ඉන්න බැහැ රට හැර යන්න ඕනේ, මුස්ලිම්: වැඩියෙන් ටැක්ස් ගහනවා, සෙකන්ඩ් ක්ලාස් සිටිසන්ස් ලෙස ඉන්න පුලුවන්.

විද්‍යව ගන්න. ක්‍රිස්තියානි: බයිබලය හෝ බයිබලය මත පටවන ලද ඇරිස්ටෝටල් ඇක්වයිනාස් වගේ උන්ගේ මත වලට එරෙහි වුනොත් ප්‍රසිද්දියේ මරනවා, යුදෙව්: යුදෙව් දර්මයට පිටින් යමක් උගන්වන්න තහනම් පිටුවහල් කරනවා, මුස්ලිම්: ගනිතය තාරකා විද්‍යාව ආදියේ මද්යතන යුගයේ වැදගත්ම සොයාගැනීම් කරනවා

ඉස්ලාමය අන්‍යාගමිකයන් හදුන්වන්න දෙන නමක් "ධිමි" කියන්නෙ, එහි අර්තය "ආරක්ශාව දෙන්න ඕනෙ කෙනෙක්" කියල. ඒ කියන්නෙ මුස්ලිමුන් අතර ඉන්න අන්යාගමිකය සුරක්ශිතව තියාගන්න ඉස්ලාමය විශේශයෙන් වග බලාගන්නව කියන එක. ඔය කියන තරම් දේවල් සුන්දර වුනා කියා හිතන්නෙ නැහැ, ඒත් අනෙක් කාන්තාර ආගම් දෙකට සාපෙක්ශව මේක වෙනස් තත්වයක්.

මොන්ගල් සම්භවය සහිත හුලේගු ඛාන් එවකට ඉස්ලාම්යේ අගනුවර වෙච්ච බග්ඩෑඩ් නගරය අල්ලල එහි මිලියන දෙකම සමුල ඝාතනය කරල උන්ගෙ දැනුම සහ පොත පත සපුරා වනසපු එක තමා ඉස්ලාම් භක්තිකයන් වල් වදින්න හේතුව කියල මම හිතන්නෙ.

වැරදියට ගන්න එපා මේක ගෙන්ගිස් ඛාන් ගෙ වැඩක් නෙවි. ගෙන්ගිස් දරුනු ආක්‍රමනිකයෙක් වුනත් ඔහු අන්‍යාගම් වලට ගරු කලා. ඉරාන ආක්රමනයෙන් පස්සෙ එහි දේවස්තාන වලට හානි කලේ නෑ. ගෙන්ගිස් ක්රිස්තියානියෙකුත් නෙවි. ශමන් ආගමිකයෙක් කියල කියන්නෙ.

ගෙන්ගිස් මැරිලා දශක තුනකට පස්සෙ එන හුලේගු ක්‍රිස්තියානි, අම්මයි ගැනියි දෙන්න බටහිර මොන්ගල් ගෝත්‍ර වලට අයත් නෙස්ටෝරියන්ස් ලා. මේ කුමාරියන් දෙන්න රාජ්‍ය පාලන වලට පවා මැදිහත් වෙනවා. හුලෙගු වැඩ කලේ නෙස්ටෝරියන් පල්ලියේ උපදෙස් මත.

ඒක වෙන්නෙ මෙහෙම. 1240 විතර එක සෙන්පතියෙක් මොන්ගල් ක්රිස්ත්යානි ගැහැනියක් බදිනවා. ඒකි මාලිගාවෙ බලය අල්ලන් පුතාල තුන්දෙනා උඩටම ගන්නව පුත්තුත් ක්‍රිස්තියානි උන්ගෙ ගැනුත් ක්‍රිස්තියානි. එකෙ ම්හදිරාජ මොන්ග්කෙ. අනික බටහිර ලොක්ක හුලෙගු අනික නැගෙනහිර ලොක්ක කුබ්ලායි පස්සෙ ම්හදිරාජ. ඔය යුගයේ කාරකෝරමය නෙස්ටෝරියානු පලියේ අනසක ටයතෙ පවතින්නෙ. සටන් වදින්නෙ මුසලිම්මුන්ට එරෙහිව. ක්‍රිස්තියානි එක්ක සහයෝගෙන් [බයිසන්තියමෙන් පුතාට ගැනියෙක් එහෙමත් ගේනවා] කුරුස යුද්දයකට ආරාදනා කරනවා යුරෝපයට සහ පාප් තුමාට.

කෝම හරි එකදාස් දෙසිය පනස් අටේ එකෝමත් එක දවසක, එවකට ඒබ්‍රහමික ආගම් පද්දතියේ [ජුදා, ක්‍රිස්තියානි, ඉස්ලාම්] බුද්ධි අග්‍ර පලය වූ බැග්ඩෑඩ් නුවර වටලන මොන්ගල් සෙන්පති හුලේගු නගර ප්‍රාකාර බිද දමා එහි ජනයා අල්ලා ගෙන උන්ට නොයෙකුත් වද දෙමින් උන් සමුල ඝාතනය කරනවා [ලක්ශ හයේ සිට මිලියන දෙක දක්ව විවිද ගනන් කියවෙනවා]. සහශ්‍ර ගනනාවක වාරි පද්ධති සපුරා සුන්නද්දුලි කිරීමෙන්, ලෝකයට ධාන්‍ය කෘශිකර්මය හදුන්වා දුන්න කියන බිමේ මිනිස්සුන්ට ගොවිතැන අහිමි කරනවා. මොන්ගල් සම්ප්රදාය බිදිමින් තමන්ගේ සහ පවුලේ ආගම වන නෙස්ටෝරියානු ක්‍රිස්තියානි වෛරයට ඉඩ දෙමින් ඉස්ලාමික දේවස්තාන වනසා දමනවා. ඒවායෙ නෙස්ටෝරියානු පල්ලි හදනවා [මේක මොන්ගලයින් අතර හුලේගු පමනක් කල දෙයක්].

ඊටත් එහා ගිහින් අඩ සහස් වසක ඉස්ලාමිය දැනුම් ප්‍රබෝදයේ අග්‍රපලය වන දුසිමක් දෙකක් වූ මහා පුස්තකාල ගිනි ලා වනසනවා පුච්චන්න බැරි තරම් පොත් ත්යෙන නිසා ඒව ගන්ගාවට දාලා ගන්ගාවේ දිය එහි තින්තෙන් කලුපාට වෙනවා.

එදා ඒ ඒබ්‍රහමික ආගම් පද්දතියේ එවකට තිබ්බ දියුනුම ආගමේ විස්ඩම් එකත් ඒ ගන්ගා දියේම හේදි යනවා. කෘශිකර්මය එක්ක තිබ්බ දියුනු සම්බන්දය අඩු වුනාම මිනිස්සු අර්ද සන්ක්රමනික සත්වපාලකයින් වෙනවා. බුද්ධියට ඉඩ දෙන්න කාලයක් විවේකයක් නැතුව යනවා. ඒ සා ලොකු දැනුමක් අහිමි වෙච්චම ආගම ම්ලෙච්ච වෙනවා.

දැනුම මැරුවම ඉතුරු වෙන්නෙ භක්තිය පමනයි. අන්ද භක්තිය.

ඒ වගේම කතාවක් තියෙනවා [පෙර කී දේවල් වගේ ෆැක්ට් නෙවි කතාවක් පමනයි] ඔය අද මුස්ලිම් සමාජයෙත් අයිසිස් වගේ උන්ගෙත් තියෙන ඇතම් ම්ලෙච්ච ක්‍රියා හුලෙගු උන්ට කරපුව ලු. ඌ මිලියන දෙක මැරුවෙ ටික ටික වද දීලලු. මිනිස්සු ඔලුව පහලට තියල එකට ගැටගහල බන්කු හදල තිබ්බලු උන්ට සාද කරන්න. බන්කු අන්ඩ ඔලු.

ආයෙ ඉස්ලාම් හිස ඔසවන්නෙ බුද්ධිය දැනුම වෙනුවට අසිපත් සහ ම්ලෙච්චත්වය කරපින්නාගෙන වහලුන් ව හිද සුල්තාන් දක්වා එන කුටුස් සහ එකට සටන් කරද්දි කුටුස් වත් මරන තවත් වහල් හේවායෙක් වන බයිබාස් සමග. බයිබාස් හුලේගු දියකර හරින බුද්ධියේ බිම් කඩ මත ලෙයින් සීමා සටහන් කරන්නෙ කුරුස යුද්ද වල ශේශ ලෙස ඉතුරු ක්‍රිස්තියානි බල කදවුරු මෙන්ම ජෙරුසෙලමේ අයිතියත් අරගෙන ජුදා ක්‍රිස්තියානි ආගම් දෙක මුල් භුමියෙන් අතුගාල දාල.

දැන් ඒබ්‍රහමික ආගම් පද්දතියේ ම්ලෙච්චවම ප්‍රභේදයක් වන ඉස්ලාමයකින් මුලු කලාපයම වෙලිලා ගිහින්.

සියවස් ගානකින් ඔටෝමන් කාලිෆේටය හැදුවත් එහි තැන තැන වෙසෙන නෝමැඩික් අරාබි ගෝත්‍ර අතර බුද්ධිමය පාලනයක් බිහිවන්නෙ නැහැ. එහි දිගින් දිගටම නිර්මානය වන්නෙ වහාබි වගේ අන්ධ භක්තින්.

පස්සෙ කාලෙක නැපෝලියන් වගේ මිනිස්සු සමුල ඝාතන කරන්නත් බ්‍රිතාන්‍ය පාලනයට ස්තානිය වටිනාකම් දෙන්නත් මේ බිම් යටත් කර ගැනෙන්වා.

ලෝක යුද්දයකින් ඒ කාලිෆේටය පැරදුනාම යුරොපියන් අතට භුමිය නතුවෙනවා. භුමියෙ තෙල් හොයා ගත්තම බ්‍රිතාන්‍ය ප්‍රන්ශ වගෙ බලවතුන් භුමියෙ ඉන්න මිනිසුන්ගෙ වාර්ගිකත්වය පවා නොසලකමින් තම තෙල් ලින් සීමා අනුව රටවල් වල සීමා ලකුනු කරනවා [සුන්නි බහුතර ඉන්න අලෙප්පො වල පාලනය ශියා පවුල් අතේ තියෙන දමස්කසයට දීල ශියා බහුතර බස්රා සහ බැග්ඩෑඩ් ශේක් රාජදානි සුන්නි බහුතර මොසුල් එක්ක පටලල ශියා බහුතර ඉරාකෙ බලය තමන්ට අවනත සුන්නි උන්ට දෙනව - අදටත් මේ දෙරටේ ඉන්නෙ 60-40 වගේ විකාර අනුපාත වලට බෙදුනු නයි වෛර ජන කොටස් දෙකක්]. මුස්ලිමුන් ගේ අතවර වලට ලක්වෙන ටෙල් අවිව් හි සුලුතර යුදෙව්වන්ට රටකුත් දීල මුස්ලිම්මු බහුතර ඉන්න ඉපැරනි බයිබලික නගරත් අල්ල ගන්න දීල සයෝන රාජ්‍යයේ පැරනි සිතියම් යලි හදන්නට මිලියන ගනන් කදවුරු වලට දක්කන්න සහ මහ පොලොවේ එකම මිනිස් සත්ව ගාල වන ගාසා තීරය හදාගන්න ඉඩ දෙනවා [තව ඕකෙ මගුල් නටල අරාබි බූරුවෝ වැඩේ තවත් නාගන්නව].

අන්තවාදි ආක්රමනික නායකයෙක් වන කුඩා ගමක උන්නු සවුද් ට කලාපෙ ලොකුම බිම්කඩ වෙන්කරල දෙනවා සහ උන් ගේ අස්තාවර කොල්ල කාල හදන රාජ්‍යය රකින්න හමුදා ස්තාපිත කරනවා තෙල් වෙලදාම තමන්ට දෙන පොරොන්දුව පිට.

තෙල් හූර කන්න කරන්න තියෙන බලු ගැත්තර වැඩ ඔක්කොම කරනවා.

අන්තිමේදි ඔන්න ඔයාල අපි ඔක්කොම දන්න වෙපන්ස් ඔෆ් මෑස් ඩෙස්ට්රක්ශන් කියාන කලාපයේ මුස්ලිම් අන්තවාදයට එරෙහි එකම පතාක යෝධයාවත් වට්ටල බිම දාල බැරල් එකක දාල අරගෙන එල්ලල මරනවා. අහල පහල රටවල අරාබි වසන්තේ කියල සෙකුලර් නායකයින් මරන්න ම්සුලිම් අන්තවාදින්ට ආයුද දීල දැන් ඒ රටවල් අරබි සමර් වෙලා ගිනි ගනිමින්. අන්තිමට ඔය තෙල් නලයක් එලාගන්න කියල ඉතුරුවෙලා ඉන්න එකම සෙකුලර් නායකය මර්දනේ කරන්න එයාලම හදාගන්න මෙවලම තමා අයිසිස්. එතකොට එහෙමම සෝවියට් මාක්සාගමික ව්‍යාප්තියට එරෙහිව හදාගන්න මෙවලම අල් කයීඩා.

මිත්‍රවරුනි, සහස්ර ගානක යුද්ද වලින්, සමූල ඝාතන වලින්, බුද්ධියේ ශීර්ශ චේදනයෙන්, පදින්චි බිම්කඩ ඩෝසර් කරල වෙන ජාතිවලට ජනපද හදනව දැකපු හිත් වේදනාවෙන් ගේම් වල්ට මිලිශියා ලෙස හයර් කිරීමෙන් වෙපන්ස් අම්බානට ලබා දීමෙන් වෙහෙසකර වූ අරාබි කාරය මේ වෙලාවෙ මාර අබුද්ධික වියරු වැටුනු මිනිහෙක්. ඌට තියෙන්නෙ දේවල් කීපයයි. කනට ඇහෙන්නෙ පෙර කී පරිදි බුද්ධි හීන වෙච්ච ඉස්ලාමයේ අන්ධ භක්තික ප්‍රභේද. ඇහැට පෙනෙන්නෙ ඒ ඉගැන්වීම් එක්ක ගෙඩිය පිටින් හරාම් වෙන බටහිර සන්ස්කෘතිය, හිතට දැනෙන්නෙ කලාපෙ ගලන සහෝදර මිනිසුන්ගේ ලේ වේදනාව, අතට ලැබෙන්නෙ පට්ට ඇමරිකන් වෙපන්ස් පොඩි සීල්ලර ගේම් දෙන්න කියල. සාක්කුවෙ තෙල් සල්ලි.

ඉතින් උන් වටේටම තියා දානව. ලෝකෙ පුරා ම්ලේච්චත්වයේ පනිවුඩය අරගෙන යනව. කට්ටිය රිකෘට් කරනවා. බෝම්බ පුපුරන් මැරෙනවා. මේක මේ කන්‍යාවින් හැත්තෑ දෙකක එල්බ ගෙන කරන දෙයක්ම නෙවි.

මම හිතනවා අපි අද දකින ප්‍රාතමික ම්ලේච්ච ඉස්ලාම් ප්‍රභේද හැදෙන්න හුලේගුගේ ම්ලේච්චත්වය තදින්ම බලපානවා කියල.

Sujeewa Kokawalahttp://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.com8tag:blogger.com,1999:blog-6900753426343218319.post-154090151233646572019-08-31T02:22:00.003-07:002019-08-31T02:23:30.228-07:00මානව ඉතිහාසයේ දීර්ඝ කාලය තුල ස්තාවරම සහ ප්‍රබලම රාජ්‍යය චීනයයි. ඒ ඇයි?

ප්රශ්නය:

මානව ඉතිහාසයේ පහුගිය සහස්ර දෙක සැලකුවොත් ඒ කාල වල තිබ්බ විවිධ රටවල් සැලකුවොත්, ඉතිහාසයේ එකෝමත් එක කාලෙක එක්තරා පිරිසක් කල කුඩා ක්‍රියාවක් නිසා ලෝක ඉතිහාසයේ එක රටක් සෙසු රටවල් වලට හිතාගන්නවත් බරි මට්ටමේ දිගුකාලින දියුනුවක් ලබනවා.

ඒක විවිධ අන්ශ වලින් බලන්න පුලුවන්

1. ආර්තික [ද ජා නි ගන්න]

2. රටක් ලෙස ස්තාවර වෙන එක

3. රටක් ලෙස පාලනය කෙරෙන ප්‍රදේශය

4. නව නිපැයුම්

5. ජන වර්ගයක් ලෙස එකම ජන කොටසක් එකම සන්ස්කෘතියක් වීම

6. වෙලද මධ්‍යස්තානයක් වීම.

මේ කියන රට පහුගිය වසර 2000 පමන කාලෙ ඔය හැම දෙය්කින් ම මාර විදියට ඉස්සරහින් ඉන්නවා සෙසු ලෝකෙන්. මේ සියල්ල වෙන වෙනම සාකච්චා කරන්න පුලුවන්

රට මොකද්ද කියල ඕනෙ කෙනෙකුට කියන්න පුලුවන්. හැබැයි ඒ රට එහෙමෙ වෙන්නෙ ඇයි? හේතු ගොඩක් තියෙනවා ඒත් ඒ රටේ ඉතිහාසෙ එක තැනක වෙච්ච සුවිශෙශි දෙයක් මම ඉලක්ක කරනවා, මොකද මම හිතනවා එහෙම වෙන්න ඒ තනි හේතුව තදින්ම බලපානවා කියල.

පිලිතුර (Para San ගෙන්):

චිං අධිරාජ්‍යයා පටන් ගත්තු මුල්ම වෙනස් කම තමයි යුද්දයේදී දක්ශතා දක්වන හමුදා බටයන්ට විශේශ වරප්‍රසාද ලබා දෙන එක.......
ඒ වගේම හමුදා සෙබලුන්ට නිරන්තර පුහුණුව ලබාදීම හා මිලිටරි ටැක්ටික්ස් දන්නා හොඳින් ඒ ගැන ඉගෙනගන්නා නායකයන්ට තනතුරු දීම.....
මේක නිසා වෙල් ට්‍රේන්ඩ් උපක්‍රම අතින් ශක්තිමත් විශාල ලෝයල් හමුදාවක් හැදෙනවා.......
ඒ සහයෙන් විශාල ප්‍රමානයක පැතිරුනු කාලයක් එකිනෙක යුද වැදුනු හන් වගේ තවත් රාජ්‍ය කීපයක් යටත් කරගන්නවා.....
ඊට පස්සේ වෙනස් වෙනස් ඒරියා වල තිබුනු වෙනස් වෙනස් මිනුම් වෙනුවට පොදු මිණුම් ඒකක, වෙනස් මුදල් ඒකක ව්ව්නුවට එකම මුදල් ඒකකයක් හදුන්වා දීම වෙනවා........
ඊට අමතරම ඒ සම්පුර්ණ ප්‍රදේශයටම තනි භාශාවක් හදනවා......
මම හිතන්නේ සුජීව බලාපොරොත්තු වෙච්ච වෙනස ඒක වෙන්න ඕනෙ......
ඒකෙන් ඒ මුලු අදිරාජ්යයේම මිනිස්සු එකම බාසවක් භාවිතා කිරීමට පටන් ගැනීම ඒ ඔක්කොම එකම ජාතියක් වශයෙන් එකට ඉන්න එකේ ආරම්බය.......(ඔය ඒරියා එකත් එක්ක ගත්තම බෝම සුට්ටන් ලංකාවෙත් බාසා දෙකක් තීනවා , ඒක මුලු රටේම එකම විදිහට සන්නිවේදනය කරන්න බාධාවක්)
පසුව කෑලි කැඩි කැඩි වෙනස් වෙනස් රාජ්‍ය හැදුනත් උන් ඔක්කොම එකම බාසවක් කතා කරන ලියන මිනිස්සු ඒක එදා වගේම අදත් එහෙමයි, අදටත් ලෝකෙ වැඩිම පිරිසක් කතා කරන බාසාව ඒ ප්‍රමානය මුලු යුරෝපෙ ජනගහනාට වඩා වැඩි......
උතුරු ඇමරිකාවේ ජනගහනයට වඩා වැඩි.....
වාර්තාගත ලෝක ඉතිහාසෙ වැඩිම කාලයක් ඉහලම දල ජාතික නිශ්පාදනයක් තිබ්බේ ඒ අය අතර........
කාර්මික විප්ලවය පටන් ගන්නකන් ලෝකයේ නව නිපැයුම් වලින් බහුතරයක් නිපදවුනේ එතන....

විස්තරය:

චීන ඉතිහාසෙ ප්‍රදාන විශාල රාජධානිය වන්නෙ අදින් වසර තුන්දාහකට පමන ඉස්සර තිබ්බ ශවු අදිරාජ්යය. පහල හොවැන්හෝ නිම්නයේ මුලු පලාතම වගෙ මෙයාල පාලනය කලා, යැන්සි නිම්නයටත් බලය පැතිරුනා. ඒ පාලිත ප්‍රදේසය ප්‍රාදෙශිය නායකයින් [යුරෝපෙ ඩියුක් ලා වගේ] මගින් තමා පාලනය වුනේ. කුඩා වුනත් ශව් කියන්නෙ අඪ්ඃඉරාජ්යයක් වෙන්නෙ මේ නිසා. ඒ පලාත් ඔටෝනොමස් වෙනවා වගේම උන්ට ආවෙනික වෙනස් සන්ස්කෘති තිබ්බෙ.

ඊට පස්සෙ ශව් අදිරාජ්යයෙ බලය ක්‍රමයෙන් හීන වෙමින් ස්වාදීන රටවල් කැඩෙන්න ගත්ත. ඒ ඒ ටරවල ඒවාට ආවෙනික සන්ස්කෘති. ලෝකෙ ඕනෙම පලාතක ඔහොමයි වෙන්නෙ. ඉන්දියාව යුරෝපය මැද පෙරදිග ඕනෙ තැනක. කාලයත් එක්ක ඒ සන්ස්කෘති සහ භාශා විසින් ජාතින් හෙවත් ජනවර්ග හදනවා. ඒ ජාතික රාජ්‍ය වෙන වෙනම රටවල් වෙනවා. චීනෙත් වෙනන් ගියේ මේක.

කැඩුනු රාජධානි මූලික වශයෙන් හතක් එස්ටැබ්ලිශ් වෙනවා, මේ රාජධානි හත ඕනෙම තැනක වුනා වගේ එකිනෙකා අතර යුද වදිමින් එක එකාගෙ කොටස් අල්ල ගනිමින් ඔහේ යනවා. මේ ආකාරෙට ගියානම් චීන කලාපෙ මෙලහට ඔය රටවල් හත මූලිකව ප්‍රදාන ජාතින් හතක් සහ රටවල් කීප්යක් තමා තියෙන්න ඕනෙ. එහෙනම් චීන කියල ජාතියක් නැහැ.

අදින් වසර 2400ට පමන පෙර මේ රාජධානි අතර දුබලම එකා තමා ක්චින් [Qin] හේතුව නම් ඔවුන් ඉන්නෙ කදුකර දුස්කර පලාතක. පහල නිම්න වගේ සරුබිමක් නෙවි. එවකට චීන පලාත් හැටියට ගන්නෙ වත්මන් චීනෙ නගෙනහිර බාගෙ, ක්චින් ලා ඉන්නෙ ඒ බාගෙ බටහිරම කොටසෙ. ඔවුන්ට සරු බිම් නැහැ, මිනිස්සු නැහැ, ඒ නිස අහලපහල රටවල් වලින් බැටකනවා, උන් ඇවිත් රටේ කොටස් අල්ල ගන්නව.

මේ නිසා ක්චින් වරු පටන් ගන්නව ස්කිල්ඩ් මයිග්‍රේශන් ස්කීම් එකක්,

මේ වෙද්දි චීනය දාර්ශනික අතින් සහ රාජ්‍යතාන්ත්‍රික අතින් සෙසු ලෝකෙට වඩා දියුනුයි. චීනෙ කෞටිල්‍ය කියන ප්‍රකට ආට් ඔෆ් වෝ පොත ලිව්ව සන් සි හෙවත් සුන් සු ඉන්නෙ බුඩ්ධ කාලයේ වගේ. සියක් ගුරුකුල චින්තනය කියල කියන විවිධ දාර්ශනික ප්‍රභේද චීනයේ අතිවෙනවා. මේවා අධ්‍යත්මික සිට පුද්ගල සන්වර්ධනය මෙන්ම රාජ්‍ය පාලනය දෙශපාලනය කියන හැම තනම පේනවා. මේ දර්ශන වල ප්‍රබල මූලයක් වෙනවා කොන්ෆියුසියස් දර්ශනය. එය යහපත් ජීවිතයක් ගැන අධ්‍යත්මික පැත්ත ගැන කියන එකක්. කොන්ෆියුසියස් ප්‍රධාන කරගෙන චින සම්ප්‍රදායික මැනර් සිස්ටම් එකක් එහෙමත් හැදෙනවා. ඒ වගේම රදල බලය පවුල් බලය මේ සම්ප්‍රදායෙ වැදගත් කොටසක් වෙනව.

ක්චින් වරු මේ ස්කිල්ඩ් මයිග්රේශ්න් එකට සෙසු චීනය වෙලාගන්න මේ දර්ශනය තුල තියෙන අඩුපාඩු භාවිතා කරනවා. ඒ අනුව ඔවුන් කොන්ෆියුසියස් දැක්ම බැහැර කරනවා. අධ්‍යාත්මික පැත්ත මැනර්ස් ආදිය බැහැර කරනවා, ඇග්රෙසිව් ප්‍රොග්‍රෙස් එක ගැන හිතන දක්ශයට තැන දෙන මොඩර්න් නීති සහිත සහ නීති ටක්කෙට රකින දැඩි මඪ්ඃයගත පාලනයක් හදන්නෙ. රට රාජ්‍යය නීතිය ආදිය කාටත් උඩින්, ඔනෙ කෙනෙක් සමානයි රාජ කුමාරයා වුනත් වරදක් කලොත් දඩුවම් දෙනවා. මේ දර්ශනයට ලීගලිස්ම් කියනවා.

මේක තමා අදත් ලෝකෙ වෙන්නෙ සම්ප්‍රදායික එකතැන හිරවෙන රටවල් අතර අලුත් රටවල් ඇවිත් මොඩර්න් සිස්ටම් හදල ස්කිල්ඩ් මයිග්රේශ්න් කෝල් කරනවා. එදා චීනෙත් රදල වාදය නිසා හෝ වෙනත් සම්ප්‍රදායික හේතු නිසා හිරැව්වෙච්ච දක්ශ මිනිස්සු ක්චින් දේශයට යනවා. මෙතැන් පටන් ක්චින් වරුන්ගෙ වැඩ කරන්නෙ අලුතෙන් මයිග්රේට් කල දක්ශ මිනිස්සු.

ඒ අතර ඉන්න මයිග්රන්ට් කෙනෙක් තමා ශන් යන්. එයා මෙ ක්චින් දර්ශනය ඕගනයිස් කරල නීති ටක්කෙට හදල ක්චින් සිස්ටම් එක හදන්නෙ. එයා මිනිස්සුන්ගෙ ප්‍රොග්‍රෙස් එක මත උන්ට ඉහල පහල තනතුරු දෙන්නෙ. යුද හමුදාවෙ නම් ලොක්ක පොඩ්ඩ නතුව දක්ශයා බලල, ගොවින් නම් අස්වැන්න මත ඉඩම් හෝ නො එසේනම් වහල් බව. සියල්ල ස්ටැන්ඩර්ඩ්ස් වලට ගන්නව සිම්ප්ල දේවල් කරත්ත රෝදෙ සයිස් එක පවා ක්චින් දේශයට එකම එකයි. යුද අවි වල තාක්ශනය හමුදාව, කෘශිකර්මය. රටේ මිනිස්සු හමුදාවට වැඩියෙන් අරගෙන රටේ වෙනත් අන්ශ වලට ඒ ඒ ජොබ් වලින් මිනිස්සු පිටින් ගෙන්නනව. ඒ එන මිනිසුන්ට ගොවිතැන් කරන්න ඒ ලොකු හමුදාව දාල අහල පහල රටවල් කීපයක් අල්ලනව නගර සලසුම් වාරි සලසුම්. මිනිහ තමා මහ ඇමති වෙලා ඔක්කොම සෙට් කරන්නෙ ඒ වගේම හමුදා නායක්යෙක් වෙලා අහලපහල් තිබ්බ ලොකු රටක් අල්ලල පෙන්නනව. කුඩා බලකොටුවල ප්‍රාකාර යා කරමින් මහ අ ප්රාකාරයක් හදන සන්කල්පයත් මෙයාගෙ තමා පස්සෙ හැන් චීනය වැඩියෙන් කලාට

ඒත් අන්තිමට අදිරාජය ඔහුව මරනව. හැබැයි ඔහු හදාපු සිස්ටම් එක එහෙමම තියාගන්නව. [අතුරු කතාවක්: ක්චින් ලගේ දර්ශනය - ලීගලිස්ම් - හරියට ශේප් කරල රට පුරාම ක්‍රියාත්මක කලේ ක්චින් රටේ මයිග්රන්ට් කෙනෙක් වෙන ශන් යන් නේ.ශන් යන් නීතිය සියල්ලට ඉහලයි කියල රාජ කුමාරයින්ටත් දඩුවම් දෙනවා. රජා මලාම කුමාරය රජ වෙච්ච ගමන් ශන් යන්ට ශොට් එක දෙන්න හදනවා. එතකොට ශන් යන් පලා යනවා. ඒ පලා යාම මාට්ටු වෙන්නෙ දුර පැත්තක තානායමක නවතින්න ගිය වෙලාවෙ. ශන් යන් ට්‍රයි කරන්නෙ බොරු නමකින් එතන ඉන්න. ඒත් ඔහුම හදාපු නීතියක් අනුව නවතින මිනිහගෙ අයිඩෙන්ටිටි එක තහවුරු කිරීම මස්ට් එකක්. තානායම් කරු නිතියට අනුව කටයුතු කල නිසා ශන් යන් අහුවෙන්නෙ]

මේ වෙද්දි ක්චින් දේශය මිලියනයකට වඩා වෙල් ට්‍රේන්ඩ් ආමි එකක් [සෙසු චීනෙ වගෙ පෙසන්ට් ආමි නෙවි] හදනව. ක්‍රොස් බෝ දුන්න ඉන්වෙන්ට් කරනව, ඒ දුන්නට සීක්රට් ලොක් දානව සත්රෙක්ට අහුවුනොත් ක්‍රියාකාරි නොවෙන්න. ක්චින් වරුන්ගේ දුනුවායන් තමා භයානකම. ක්චින් වරු සම්ප්‍රදායට ගරු කරන්නෙ නැහැ. ඒ නිසා උන් යුද්දෙදි නරුමයි, සමහර වෙලාවට සාකච්චා කරන්න කියල ගෙන්නල මරල දානව. එක ප්‍රදාන සටනකදි [චැන්පින්] ලක්ශ හතරකට් අධික පරාජිත් ප්‍රතිවාදින් නිම්නයක හිරකරන පස් දාල වහනව. මේ සටන ලෝක යුද්ද වලට පෙර තිබ්බ මෝස්ට් එක්සෝස්ටින් සටන කියනව.

ක්චින් ලගේ මයිග්‍රේශන් එක එක්ස්ප්ලොයිට් කරන සතුරන් දක්ශ සිවිල් ඉන්ජිනේරුවෙක් එවනව ස්පයි කෙනෙක් ලෙස අරමුන වෙන්නෙ ඔහු ලවා වාරි කර්මාන්ත කරවල මේ ක්චින් යුද ශක්තිය සහ එනර්ජි එක වේස්ට් කරදාන්න. මිනිහ කිමි සිය ගානක මහා ඇලක් හාරන්න ගන්නව. ඒ අතරේ ප්ලොට් එක අහුවෙනව. හැබැයි ක්චින් වරු ඔහු නොමරා ඔහු ලවා කෝම හරි ප්‍රොජෙක්ට් එක ඉවර කරවල ඒ ඇලත් ඔහු නමින් නම් කරල ලන්කාවෙන් බාගෙක විතර කුඹුරක් නිර්මානය කරනව. ඒ ආහාර හමුදාවට සප්ලයි ලෙස දෙනව.

ක්චින් රජුන් අතර අඩු වයසෙන් රජවෙන කෙනෙක් ඉන්නව ඇලෙක්සැන්ඩර් වගේම කෙනෙක්. මිනිහට හිතෙනවා එකිනෙකා එක්ක මරාගන්න එක වදයක් මම මේ ඔක්කොම රටවල් අල්ල ගන්නව එතකොට ඉවරයි කියල. ඒ නිසා මින්හ හමුදා තවත් ලොකු කරල මිනිහ දශක කීපෙකින් ඔක්කොම චීන රාජ්‍ය අල්ලගන්නව වත්මන් චීනෙ මුලු නැගෙනහිර බාගෙම.. ශව් වගේ නෙවි මේක ජෙනුයින් අධිරාජ්‍යයක්. මෙයා තමන් "පලමු චීන අධිරාජ්‍යය" ලෙස නම් කරගන්නව. ඒ වගේම එතෙක් චීනුන්ට හිමි නැති පර්ල් ඩෙල්ටාව අවට පෙදෙස් වලට පවා තම බලය ගෙනියනව.

ක්චින් වරු සම්ප්‍රදායික චීනය වෙනස් කරල මුලු චීනෙම එකම ස්ටැන්ඩර්ඩ් එකකට ගන්නව. මේ වැඩේ ලෝකෙ ලොකු රටවල් නිටර කරන එකක්. රෝමය බ්‍රිතාන්‍ය, ඇමරිකාව. ඒත් ක්චින් වරු තවත් එහාට ගිහින් ස්වාදින සන්ස්කෘති භාශා ආදිය තහනම් කරනවා. සියලු දෙන අ බලෙන්ම කන්වර්ට් කරනව. කොන්ෆියුසියස් දහම අරගෙන ඒකට තමන්ගේ තියරි දාල ආයෙ කොන්ෆියුසියස් දහම ලෙස බලහත්කාරෙන් ඒ මුලු චීනෙම පතුරනවා. මධ්‍යගත මිලිටරි පාලනයක්.

පලමු චීන අධිරාජයා යුදයෙන් පරදන්න බැරි ඝාතන උත්සාහ ගනනක් වලකන කෙනෙක්. මිනිහ මැරෙන්නෙ අමරනීය වෙන බෙහෙතක් විස වෙලා. ඒත් එයා මැරුනම බලයට එන්නෙ දුර්වලයින්. ඒ වගේම ඇමතිල රජාට කෙලවන්න වැඩියෙන් ටැක්ස් ගහන්න වගේ මිනිස්සු කුපිත වෙන දේවල් කරනවා. එතකොට රටම කැරලි ගහනවා. ඇතිවන සිවිල් යුද්දෙන් දිනන්නෙ හැන් චීන [පෙර කී චීන රාජ්‍ය හතෙන් වෙනත් එකක] පරපුරක කෙනෙක්. හැන් වරුන් බලය අරගෙන සියවස් හය හතක් හිටින චීනයේ දිගම ඩිනාස්ටිය හදනවා. චීනය කියල ලෝකෙ දන්නෙ ඒක. හැබැයි චීනයට චීන නම එන්නෙ ඉන්දියන් සහ පර්සියන් වරුන් ක්චින් වරු එක්ක ගනුදෙනු කලාම ලු.

කෙසේ වෙතත් හැන් චීන කියන්නෙ ක්චින් චීනෙ දිගුවක්. හැන් වරු සිස්ටම් එක එහෙමම ගෙනියනව. වත්මන් චීනෙ බටහිර කොටසත් අල්ලනව. මහා ප්‍රාකාරෙ ලොකු කරල හදනවා. මුලු චීනෙම හැන් ක්‍රමේට [ඒ කිව්වෙ ක්චින් ක්රමයම තමා] වෙනස් කරනවා. වෙනත් භාශා තහනම්.

මේ අදින් වසර දෙදාස් දෙසියක විතර ඉස්සර පටන්ගෙන අදින් වසර එක්දාස් හාරසියක් විතර වෙනකම් පවත්වා ගෙන ගිය සිස්ටම් එක.

අද ඒ චීන ලොකු කුට්ටිය තුල ඉන්න පිරිස එක ජාතියක්. හැන් චින කියල කියන්නෙ [ක්චින් නෙවි] උන් කතා කරන්නෙ එකම භාශාවක් මැන්ඩරින් කැන්ටනිස් වෙනස පමනයි. බිලියනය ඉක්මවන එකම ජාතියක්. ජන වර්ගයක් හෙවත් එත්නික් ගෘප් එකක්. එහෙම ලොකු එත්නික් ගෘප් ලෝකෙ වෙන නැහැ. හැන් චීනුන් ට මූනු ගොඩයි මොකද ජානමය ලෙස ෆුලි මික්ස් වෙලා නැහැ. හැබැයි චීනෙ කොහෙ ගියත් ඇවතුම් පැවතුම් එකමයි. ලන්කාවෙ මාතර ගාල්ල කොලඹ නුවර වගේවත් වෙන්සක් නැහැ.

ඊට පස්සෙ ලෝකෙ ලොකු බලයන් හැදෙනවා ආපහු නැතිවෙනවා, චීනයට වඩා දියුනු සහ විශාල රටවල් හැදෙනවා හැබැයි ඒකාග්ර බවක් නැතුව කැඩෙනවා. ආර්තිකේ ලොකු අය හැදෙනවා කාලයත් එක්ක පිරිහෙනවා ඔය මොන දේ වුනත් හැන් චීන සම්භවය සහිත රාජ්‍යය දිගටම තියෙනවා . කුඩා කාලවලට වෙනම රටවල් කැඩුනත් ආයෙ හා වෙනවා මොකෙකුට හරි යටත් වුනත් ආයෙ ඌ එලවනවා මාක්ස්වාදෙ ආවත් ආයෙ රි ඩිෆයින් කරගන්නව. කොටිම්ම මාවෝ සේතුන් කල දේවල් අස්සෙ මාක්ස් ට වඩා මට ශන් යන් තමයි පේන්නෙ. ක්චින් වාදය තමා කොමියුනිස්ට් වාදෙට වඩා පේන්නෙ.

ලෝකෙ ලොකුම රටවල් ලිස්ට් එක ගන්න.

රුසියාව - කොලෝනියල් බලයෙන් අල්ලපු සයිබීරියාව නිදහස් නොදි අල්ලන් ඉන්න නිසා.

කැනඩාව, ඇමරිකාව, බ්රසිලය, ඔස්ට්‍රේලියාව, ආජන්ටිනාව - කොල්ල කාපු කොලොනියල් රටවල්

ඉන්දියාව - බ්‍රිට්ටො හදාපු රටක්.

හැබයි අවු 2000 කට වඩා චීනෙ ඔය සයිස් මයි ලෝකෙ තෙවනි ලොකු රට.

ක්චින් වරුන් ගේ දර්ශනය මත හැන් වරු ඉවර කල එක ජාතියක් හදන වැඩේ අර පරා උඩ කිව්ව වගේ පරම්පරා 10000 ක් ගියත් වැටෙන්නෙ නැහැ. කැඩෙන්නෙ නැහැ. ඒ මත බිහිවන ආර්තික සමාජිය බලය එලෙසින්ම පවතිනවා. ඒ කතාව් පරා මට කලින් කතා කලා. පහුගිය අවු 2000 ගත්තොත් චීනෙ පමනයි ජීඩීපී එක ස්තාවරව සහ ලෝකෙන් ලොකු අගයක් ලෙස තියෙන්නෙ. මන් හිතන්නෙ චීනට තදින්ම වැදුනු එක කාර්මික විප්ලවය - පරා කියන්න වගෙ කාර්මික විප්ලවේ එනකම් ඔක්කොම ලොකුන් නිශ්පාදන කලේ උන් නෙ. කාර්මික විප්ලවේ චීනව අවුරුදු තුන්සීයකට හාන්සි කලා. හැබැයි ඌ නැගිට්ටෙ කාර්මික විප්ලවයත් උගෙ සාක්කුවෙ දාගෙන

ඒ ග්‍රාෆ් එකේ "ඉන්දියාව" කියල රටක් තිබ්බට එහෙම රටක් ලෝකෙ තිබ්බෙ අශෝක යුගයේ සහ 1947 සිට පමනයි නෙ. අශොකට වැරදුනේ ඔතන. ආගමින් රටක් හදන්න බැහැ ජාතියක්ම වෙන්න ඕනෙ. කෙසේ වෙතත් හින්දි බාසාව සහ පැන් ඉන්දියන් හින්දුස්තානි ජාතිය මත දැන් ඉන්දියාව ට්‍රයි එකක් දෙනව. හැබැයි හැන් වරු කල වැඩේ සාර්තකව දැනට ඇමරිකාව සහ බ්‍රසීලය කරල තියෙනව.

මේ තියෙන්නෙ චීනයේ ඓතිහාසික ව්‍යාප්තිය කාලය එක්ක. බලන්න කෙතරම් දිගු කාල වල පවා කෙතරම් ස්තාවර ලෙස පවතිනවාද කියල. සන්සන්දනාත්මකව මේ ඉන්දියාවෙ ඓතිහාසික ව්‍යාප්තිය.

Sujeewa Kokawalahttp://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.com2