Sunday, December 1, 2019

පහුගිය දෙසියවසේ රටක් මුහුණ දුන් දරුණු ම යුද්ධය හෙවත් පැරගුවේ ඛේදවාචකය

යුද්ද වලින් ලෝකෙ හෝ රටක ජනගහනය විනාස වෙනව කියන එක වැරදි මතයක්. මැත කාලෙ වෙච්ච ඕනෙම බිහිසුනු යුද්දෙකින් රටක මියයන ප්‍රමානය ජනගහනයෙන් නොසැලකිය යුතු ප්‍රතිශතයක් හෝ සීයට පොඩි ගානක්.

ඉස්සර නම් රෝමන් සහ මොන්ගල් අධිරාජ්‍ය යුද්ද කරල පැරදුනාම ඒ මුලු ජනතාවම අල්ලල සමුල ඝාතනය කරපු අවස්තා තියෙනවා. ඒ සුවිශේශි නරුමකම්. අනික දුර අතීතෙ කතා. පහුගිය වසර දෙසිය තුල යුද්දෙන් මිය යන ප්‍රමාන රටේ ජනගහනයට ලොකු බලපෑමක් කර නැහැ. ඒත් එක යුද්දයක් ඇරෙන්න.

මේ යුද්දය තුලදි එක්තරා රටක මුලු ජනගහනයෙන් වීශාල ප්‍රමානයක් මිය යනවා. ඒ සමුලඝාතන ලෙස නොවේ. එක්කො යුද්දය නිසා නෙවිනම් යුද්දය එක්ක එන විවිධ රෝග නිසා. බේසිකලි යටත් වෙන්න ඕනෙ තරම් පැරදුනත් උන් යටත් නොවි දිගටම පිස්සො වගේ යුද්දෙ කරන නිසා. මිය යන තරම කෙතරම්ද කිව්වොත් රට පව්ත්වා ගන්න බැරිවෙනවා. රට අසල්වාසින් අතර බෙදන්නත් ගිහින් ආයෙ ඔවුන් හිතනව රට තියෙන්න ඕනෙ කියල. රට පවත්වා ගන්න මිනිසුන් වෙන රටවලින් සන්ක්‍රමනය කරවනවා.

කොටිම්ම මේ යුද්දය ඒ රට විසින් අවුලුවා ගන්න අනවශ්‍ය පිස්සු යුද්දයක්. ඔවුන් හැප්පෙන්නෙ හිතන්නවත් පුලුවන් බලයක් එක්ක නෙවි. ඒ වගේම මරන වලින් වැඩි හරියක් තමන් අතින්මයි සිද්ද වෙන්නෙ.

1. යුද්දය මොකද්ද?

2. පාර්ශ්ව කවුද?

3. හේතුව කුමක්ද?

4. රට එක පිටින් වැනසුනත් රටක් ලෙස ඉතුරු කලේ ඇයි?

5. රටේ ජනගහනයට වෙන බලපෑම කුමක්ද? [නිසි සන්ඛ්‍යා ලේඛන නැති නිසා අදහස් රාශියක් තියෙනවා]

6. [බෝනස්] මේ වගේ සුයිසයිඩල් පිස්සු යුද්දයක් කරන්න හේතු වෙච්ච අමුතු ගතියක් මේ රටේ තියෙනවා. ඔවුන් කලාපිය රටවලට වඩා චුට්ටක් වෙනස්. ඒ බව ඔවුන්ගෙ භාශා භාවිතයෙන් පවා විඩ්‍යාමාන වෙනවා. මේ රටෙ එ තියෙන භාශාමය අමුත්ත මොකද්ද?

-----------------

මේ ප්රශ්නයට පිලිතුර ලෙස බලාපොරොත්තු වුනේ පැරගුවේ යුද්දය හෙවත් war of triple alliance

රුවන්ඩා හුටු-ටුට්සි ගෝත්ර ගැටුම නරකම උත්තරයක් නොවුනත්පැරගුවේ යුද්දය එක්ක ඒකත් නතින්.
මම කතාව ටිකක් දිග ඇරල ලියන්නම්. සන්කිර්ණ  සිද්ඩියක්  නිසා  කතාව  දෙකට  කඩනවා.  ඉතිහාසය  සන  යුද්දය   වශයෙන්. ලේසි කෑල්ල  යුද්දය  මුලින් ගම්මු.  කොහොමත් අපි මේ ගැන නිසි අධ්යනයක් කරනවා නම් පැරගුවේ ඉතිහාසය එක පිටින්ම සලකන්නම වෙනවා. හැබැයි ඊට කලින් අපි සිදුවීම බලමු.

යුද්දය

1860 දශකයේ දකුනු ඇමරිකාවෙ පහල කෑල්ලෙ රටවල් හතර නිතර යුද වල පැටලුනා. බර්සිල අධිරාජ්යය සහ ආජන්ටිනාව තමා බලවතුන්. ඉතා කුඩ උරුගුවේ රාජ්යය ආජන්ටිනාව එක්ක පැටලිලා නිදහස දිනාගත්තට අර දෙගොල්ල්ලම එයාලට දැඩිලෙස බලපැම් කලා. තමන්ගේ රූකඩ ආන්ඩු හදාගන්න. එවකට පැරගුවේ කියන්නෙ බ්රසිලය සහ ආජන්ටිනාව වගේම බලවත් රාජ්යයක් [එතනට ආපු හැටි වෙනම බලමු].

ගටුමට ආසන්න හේතුව වන්නෙ උරුගුවේ හි ජාතිකවාදි ආන්ඩුවක් පෙරලා ලිබරල් වාදියෙක් ස්තාපනය කරන්න බ්රසිලය ගන්න වෑයමක්. මේ සමග ආජන්ටිනාවත් ඉන්නවා. පැරගුවේ කියන්නෙ ජාතිකවාදි එකාධිපතියෙක් ලෙජිස්ලේශන් වලින් පත්කරගන්න රටක්. පැරගුවේ ආජන්ටිනාවෙන් නිදහස් දිනාගන්නෙ පොඩි වලියක් දාගෙන. බ්‍රසිලය පැරගුවේ උන් වහල් කමට ගත්ත සතුරා. මේ සතුරන් දෙන්න බලව්ත් වීම වලකන්න සහ ජාතිකවාදි ආන්ඩුව බේරගන්න තමා මේ වලියට බහින්නෙ.

ඒ වෙද්ද කලාපයෙ ලොකුම ආමි එක පැරගුවේ, සාපේක්ශව ලොකු බලයක් සහ අද තියෙන රට වගෙ දෙගුනයක විතර රටක්. එහෙත් ජනගහනයක් ලෙස මිලියන බාගයක් පමන තමා ඉන්නෙ. එය බ්රසිලයේ රිසර්ව් ෆෝස් එකට වඩා පොඩියි. බ්රසිල ආජන්ටිනා දෙකේ මිලියන දහය පහලව වගෙ ඉන්නව. අවාසනාවට මේව ඇනලයිස් කරගන්න තරම් බුද්ධියක් පැරගිවේ වලට නැහැ

පැරගුවේ උරුගුවේ දේශසීමාවක් නැති නිසා උන්ට උරුගුවේ වලට උදව් කරන්න එන්න අවසර ඉල්ලනව ආජන්ටිනාව හරහ යන්න. ආජන්ටිනාව ප්රතික්ශේප කලාම ආජන්ටිනාවෙ ප්රාන්තයක් අල්ලගෙන ඉදිරියට එනවා. එසේම බ්රසිලයෙත් කොටසක් අල්ලගන්නව. මේ මොහොත වෙද්දි පැරගුවේ ජයග්රාහි ලෙස ඉන්නෙ.

මේ අතර උරුගුවේ ජාතිකවාදින් පැරදිලා ලිබරල් වරුන් බලය අල්ලනවා. ඉන් පසු රටවල් තුනම එකතුවෙලා පැරගුවේට යුද ප්රකාශ කරනවා.

අවුල පටන් ගන්නෙ මෙතනදි. මුලකාලෙනම් පැරගුවේ තරමක් සාර්තකව සටන් කරනවා. එක ස්ටේජ් එකක යුද්දය ඔවුන්ගේ ජයග්රහනය එක්ක තාවකාලිකව නවතිනවා. ඒත් ඊට පස්සෙ රටවල් තුනේ හමුද සන්විධානය වෙලා නැවත පහර දෙනවා. යුද්දය පැර්ගුවේ ඇතුලටත් අගනුවර වන ඇසන්සියන් වලටත් පැතිරෙනවා.

පැරගුවේ මේ වෙද්දි රිසෝසස් වලින් සම්පුර්නයෙන්ම හිදිලා. මිලියන බාගෙකට අවු පහක් මේක අදින්න බැහැ. මේක සාමාන්යයෙන් රටක් යටත් වෙන මොහොතක්. පැරගුවේ ඒකාධිපති සොලානෝ ලෝපෙස් පිස්සු චරිතයක් වගෙ හැසිරෙන්නෙ මෙතනදි. ඔහු යටත් වීම තෝරන්නෙ නැහැ. එහෙම යෝජනා කරන පවුලේ සහෝදරයින් මරා දානවා පාවාදෙන්නන් ලෙස. අවියක් ඔසවන්න පුලුවන් තරම් අවු 10 වගේ දරුවන් පවා හමුදාවට දානවා. ගැහැනුන් පවා ෆ්රන්ට් ලයින් නොවෙන කටයුතු වලට දානවා. නගර හැර යද්දි ඒව ගිනිබත් කරල ගෙනයා නොහැකි සියලු දෙනා තමන් විසින්ම මරා දාලයි යන්නෙ.

අවසානෙ ලෝපෙස්ව බ්රසිල තුවක්කුවකින් මරා දැමෙනකම් මේ සටන ඉවර වෙන්නෙ නැහැ. ඒ වෙද්දි අර ලක්ශ පහෙන් ලක්ශ තුනක් පමන මලා කියල කියන්නෙ. පිරිමි ජනගහනයෙන් සීයට 70 සිට 90 දක්වා මැරිල. රටක් කියල මොකුත් ඉතුරු නැහැ. මේ දත්ත ඩිස්පියුටඩ්. 1850 විතර එක වාර්තවක් අනුව මි 1.3ක් තමයි ජනගහනය. හැබැයි වැඩි වාර්තා කියන්නෙ ලක්ශ 5 කියල . 1873 විතර ජර්මානු වාර්තාවක් අනුව ලක්ශ දෙකයි ඔක්කොම ඉතුරු. ජනගහනයෙන් 60%ක් මේ යුද්දෙන් මලා කියන එක තම අ බොහෝ විට පිලි ගැනෙන්නෙ.

ජයග්රාහි ආජන්ටිනාව ඉතිහාසෙම බලා උන්න වගේ මේ කවුරුත් නැති රට තමන්ගේ ප්රාන්තයක් කරගන්න හදනවා. ඒත් ඊට බ්රසිලය විරුද්ද වෙනවා මොකද දෙරට නිතර ඇවිලෙන නිසා බෆර් ස්ටේට් එකක් මැද්දට දාගන්න ඕනෙ කියල. මේ යුද්දයට හේතු වෙච්ච උරුගුවේ උන් මහ ලොකු දායකත්වයක් දෙන්නෙ හෝ මියයන්නෙ වත් නැහැ.

කෝම වුනත් බ්රසිලය ආජන්ටිනාව සහ බොලිවියාවෙ චාකො වරු පැරගුවේ කොටස් අල්ලගන්නව. ගග දිගේ චුට්ටි කෑල්ලක් පමනයි ඉතුරු. පස්සෙ 1930 විතර පැරගුවේ ආයෙ බොලිවියා එක්ක යුද කරල චාකො කොටස ගන්නව. ඒත් රට ඉතාම පසුගාමි කුඩා රටක්

එහෙමවත් වෙන්නෙ එතනින් එහාට එන ප්රජාතාන්ත්රික ආන්ඩු යුරෝපෙන් මිනිස්සු ගෙන්න ගත්ත නිසා. නොවේනම් රටක් දුවන්නහැකියාවක් තිබිල නැහැ.

ලද අවස්තාවෙන් ආජන්ටිනා සමාගම් ලෝකයාට් වහල තිබ්බ කලාපයේ දියුනුම පද්දතියක් වෙච්ච එක්තරා ආකාරයක රාජ්ය සමාජවාදය්ක් දිව්ව පැරගිවේ ආර්තිකය තම අනසකට ගන්නව.

ඒ සෙල්ලම තාමත් එහෙමයි. ඉතිරිය හෙවත් මෙතනට ආපු හැටි වෙනම ලියමු.

ඉතිහාසය

ඉන්ටරස්ටින්ම දේ බෝනස් ප්‍රශ්නෙ. පැරගුවේ  අමුතු  රටක් .  ඒක  එහෙම  වෙන්නෙ  කෝමද? අපිට 1530 විතර වෙනකම් එහාට යන්න වෙනව.

මුලිම්ම පරානා සහ පැරගුවේ ගන්ගා දිගේ ගිය ස්පාඤ්ඤ ගවේශකයින්ට ඕනෙ කලේ පීරු කරා යන පාරක්. පැනමා ඇලත් නැති කාලෙනෙ. ඒ නිසා මග හදන අතරමැදි නවාතැන තමා අසන්සියන් නගරය. මුල්ම කාලෙ මේක ඒ පැත්තෙ ලොකුම ජනාවාසය.

රට ඇතුලට කිමි 2000 වගේ යන එක අසිරු නිසා ගැහැනු එන්නෙ නැහැ මේ ජනාවාසයට. මේ පෙදෙසෙ ඉන්න ගුවරානි කියන ඇමරින්දියන් ප්‍රජාව. මොවුන් දිගටම ඉන්කා අධිරාජ්‍යයෙන් බැට කාපු නිසා ස්පාඤ්ඤ වරුන් ව මිතුරන් ලෙස බාරගන්නවා. මෙතන ඉදල ඔක්කොම දේවල් කනපිටට වෙන්නෙ. උදාහරනෙකට ගුවරනි පවුල් සිය කැමැත්තෙන් කෙල්ලන්ව ස්පාඤ්ඤ පිරිමින්ට සපයා දෙනවා. ස්පාඤ්ඤ පිරිමි ගුවරනි ලින්ගික මෙහෙකාරියන් දුසිම් ගනන් තියන් ඉන්නෙ. මේ සමග වෙන්නෙ මොකද්ද? ඉතා විශාල ප්‍රමානයක් ස්පාඤ්ඤ ගුවරනි මිශ්‍ර දරුවන් උපදිනවා. මෙ දරුවන් කතෝලික සහ ස්පාඤ්ඤ ශිශ්ටාචාරෙ හැදෙන්නෙ, ඒත් උන්ගෙ අම්මල ගුවරනි, උන් කතා කරන්නෙ ගුවරනි. ගුවරනි කියන්නෙ ඉන්ක වගේ දියුනු සහ ලේයර් හැදුනු සමාජයක් නෙවි. උන් බොහොම අල්පේච්ච සමානත්මතාවයෙ දිව්ව සමාජයක්. ජනපදිකයන් ඒ චින්තනයෙන් පෝශනය වන්නෙ.

1600 විතර වෙද්දි යුරොපියන් ස්පාඤ්ඤ වරුන් සහ ස්වදේශික ගුවරනි අමිශ්‍ර ජනයා කියන දෙකම ඉක්මවල අසන්සියන් සහ අවට ජනපදවල බහුතරය වෙන්නෙ මේ ක්ශනික ලෙස හැදෙන මිශ්‍ර ජනපදිකයන්. මෙ ජනපදිකයන් ස්පාඤ්ඤ ආධිපත්‍ය පිලිගත්තට ස්වාධිනත්වය සහ ම්ලෙච්චත්වය ප්‍රිය කරනවා. ස්වදේශික ගුවරනි වරුන් වහල් කමට ගන්නවා. ස්පාඤ්ඤ රජා එවන ආන්ඩුකාරයින් ගහල එලවනවා. උන්ට ඕනෙ උන් ස්පාඤ්ඤ ආන්ඩුකාර ලෙස දාගන්නව. පොඩ්ඩ ගැස්සුනොය්ත් කැරලි ගහනව. මෙ නිසා ස්පාඤ්ඤ රජය සහ කතෝලික පල්ලිය ගුවරනි [අමිශ්‍ර] අයව ක්‍රිස්ත්‍යානි කරගෙන උන්ව නාගරික ඒකක වල දාල උන්ට ආමි එකක් දෙනව මොකද නෙවිනම් උන්ව වහල් කමට ගන්න නිසා. හිතන්න කොයි කොලෝනියල් ජනපදයෙද ස්වදේශිකයන් රකින්න කොලෝනියල් සහ පල්ලි බලය වෙහෙසුනෙ. කොහෙද උන්ට ආමි එකක් දුන්නෙ. හැබැයි ජනපදිකයන් කැරලි ගහද්දි ස්පාඤ්ඤ රජා වෙනුවෙන් සටන් වදින්නෙ අමිශ්‍ර ගුවරනි හමුදා.

ඔන්න ඔහොමයි අසන්සියන් අවට ජනපද පවතින්නෙ. ඒ අතර ස්වාභාවික සම්පත් නැති නිසා අසන්සියන් ස්පාඤ්ඤ පාලනයට මෙලෝ රහල් නති වෙනවා. ඔවුන් බුවනොස් අයර්ස් වලට හැරෙනවා. අසන්සිය්න් බුවනොස් අයර්ස් වල ප්‍රාන්තයක් වෙනවා. ජනපදිකයන්ට මේ ගැන කේන්තියක් එන්නෙ.

1811 ස්පාඤ්ඤ ආන්ඩුව නැපෝලියන් නිසා යටත්විජිත කටයුතු වලින් බැහැර වෙද්දි බුවනෝස් අයර්ස් ස්පාඤ්ඤ රජු නියෝජනය කරන්න හදනව. ඒ වෙලාවෙ අසන්සියන් සහ අවට ජනපද උන් එක්ක වලියක් දාගෙන ස්වාධීන වෙනව. දකූනු ඇමරිකාවෙ පලවෙනි ස්වාධීන ජනරජය. මේ අරගලයෙදි ඉතුරු වෙච්ච ස්පාඤ්ඤ සම්බන්දයනුත් එලවා දාල ගුවරනි මිශ්‍ර ජනපදිකයන් රට අල්ල ගන්නව. රට පාලනය කරන්න හමුදා කොමිටියක් හෙවත් ජුන්ටාවක්. රටක් පාලනය කරන්න තරම් උගතුන් නැහැ. රටේ ඉස්කෝල කීපයක් ඇරෙන්න කිසි අඪ්ඃයාපනයක් නැහැ. ආජන්ටිනා එක්ක නිදහස උදෙසා රාජ්‍යතාන්ත්‍රික කතාවක් කරන්න තේරෙන කෙනෙක් නැහැ.

දැන් පැරගුවේ කතාවෙ අත්‍යවශ්‍ය එක චරිතයක් හෙවත් හොසේ ෆ්‍රන්සියා කතාවට ගන්න ඕනෙ. පැරගුවේ නූගත් රටේ ෆ්‍රැන්සියාට ඩොක්ටරේට් එකක් තියෙනවා. මිනිහ ගනිතය හදාරනවා. ටෙලස්කෝප් එකක් තියන් අහස බලනව. මිනිහ ප්‍රන්ස විප්ලවය ගැන දන්නව. රූසෝ ගේ කතා අනුසාරයෙන් කතා පවත්වනවා. ඉතින් මිලිටරි ජුන්ටාව ආජන්ටිනා එක්ක නෙගෝශියට් කරන්නත් තියෙන නිසා ෆ්‍රන්සියා ජීවිත කාලෙටම එකාධිපති හෙවත් සුප්‍රිමෝ කරල දානව.

ෆ්‍රැන්සියා ලෝක අන්ඩයෙක්. මිනිහ ආජන්ටිනාව ගොනාට අන්දල කිසිම දෙයක් රිටර්න් නොදි නිදහස ගන්නව. හමුදාකාරයින් එකා එකා අල්ලල විවිද චෝදනා මත මරා දානව. සියලු ප්‍රතිවාදින් හිරේ දානව. රටවැසියා ගේ ආදරය දිනාගනිමින්ම සියලු දේපොල ආන්ඩුවට ගන්නව. ඒ කරල ෆ්‍රැන්සිය හදනව රාජ්‍යය විසින් සියල්ල පාලනය කරන සන්වෘත රටක්. සියලු දෙනා සර්ව සමානයි. සියලු දෙනාට බෙනිෆිට්ස් යනවා. ආජන්ටිනාව නිතර නිතර පරානා ගග වහල කෙනෙහිලි කරන නිසා ආර්තිකයේ පිටස්තර සම්බන්ද නවතනවා - ස්ව්‍යන්පෝශිත. එක අවස්තාවක රටට ආපු පිටරැටියෙක්‍ ට වත් ආපහු යන්න බැහැ.

හැබැයි මිනිහ රට හදනව. රට කුඩා වුනාට ප්‍රබල ආර්තික බලයක් වෙනව. අහල පහල ලොකු රටවල් වගේ කාටවත් නයත් නැහැ. ෆ්‍රැන්සියා අවන්කයි. සත පහක් හොරෙන් ගන්නෙ නැහැ බලය තිබ්බට. මැරෙන කොට අවුරුදු ගානක් මිනිහගෙ පඩියත් රටේ නමින් බැන්කුවට දාල තියෙන්නෙ. මිනිහ මැරෙද්දි කලාපෙ ලොකුම සක්‍රිය හමුදාව උන්ගෙ. ආර්තිකයත් සවිමත්. හැබැයි දියුනු දේශපාලනයක් නැහැ.

මේ ෆ්‍රන්සියා ඔහුගෙ ගුවරනි පැල්පත් නිවස අසල. ඔහු මැරෙනකම් ඉන්නෙ ඒ ගෙදර. ධනය භාවිතා කරන්නෙ නැහැ. ෆ්‍රන්සියා ගේ ඇදුම රටේ ජන අනන්‍යතාවයට අනගි උදාහරනයක්
Image may contain: one or more people

ඊ ගාවට ජීවිත කාලෙට ඒකාධිපති පට්ටම දෙන්නෙ ලෝපෙස් පිය පුතු දෙන්නට. ලෝපෙස් පියා හොරෙක්. මිනිහ රටේ ආන්ඩුව සහ සම්පත් තමන්ගෙ පවුලට ගන්නව. ෆ්‍රැන්සියාගෙ ක්‍රමයට එරෙහිව ගොස් අහල පහල යුද්ද වලට හොට දානව. ලෝපෙස් පුතා සොලානො ලෝපෙස් මිනිහ මේ සමානාත්මතාවය සහ මහජන දේපොල දන්නෙ නැහැ. මිනිහට අනුව රටම පවුලෙ බූදලේ. මිනිස්සු පවුලෙ සේවක. ඒ අතරෙ ඔහුව තාත්ත යුරෝපෙට යවනව. යුරොපෙ කෙලිදෙලෙන් ඉන්න සොලානො ලෝපෙස් නැපෝලියන් ගැන උඅනන්දු වෙනවා. නැපෝලියන් සහ යුරොප්ප ආගලය වටහා ගෙන නැහැ. ඒත් පිටපොත්තෙන් නැපෝලියන් කොපි කරන්න හදන ගති පේනවා.

1864 විතර සොලානො ලෝපෙස් බ්‍රසිලයට සහ ආජන්ටිනාවට එරෙහිව උරුගුවේ ජාතිකවාදයට සහය දෙන්න යන පසුබිම ඕකයි. පැරගුවේ කියනෙ අර්ධ ගුවරනි රටක්. සන්වෘත රටක්. ආජන්ටිනා බ්‍රසිල් එක්ක තරහයි සහ උනුත් බලන් ඉන්නෙ මේ කලාපිය විකෘතියට ශොට් එක දෙන්න. සොලානො ලෝපෙස් ලෝකය හරියට වටහා නොගත් රජ පවුලක පිස්සෙක්. නැපෝලියන් වෙන්න හදපු. පැරගුවේ ජනතාව රාජ්‍යයට සේවය කරන්න ෆ්‍රන්සියා විසින් පුහුනු කල ප්‍රජාවක්. ටිකක් විතර ස්ටාලින් මාවෝ වගේ.

විනාශය පෙනි පෙනිත් යටත් නොවුනෙ ඒකයි. අදටත් පැරගුවේ වල සොලානො ලෝපෙස් කියන්නෙ වීරයෙක්. රනබිමේ යටත් නොවි මැරිල වැටෙනකම් සටන් කල ගුවරනි වීරයෙක්.

ලෝකයේ බොහෝ රටවල් රාජ්‍ය භාශා දෙක දෙක තිබ්බට, රටේම ජනගහනය ඒ භාශා දෙකම එක හා සමානව කතා කරන කිරිම රටක් වෙන නැහැ. පැරගුවෙ වල ස්පාඤ්ඤ සහ ගුවරනි දෙකම රාජ්ය භාශා වන අතර රටවැසියා දෙකම එක හා සමානව කතා කරනවා. සමහර විට කොන්ගෝ වල ටිකක් මෙහෙම තත්වයක් ඇති. වෙනනම් දන්නෙ නැහැ.

අදටත් පැරගුවේ උන් හරි අමුතුයි. සන්ක්‍රමනික්‍යන් හරිම අඩුයි. දුප්පත් උනත් රට හැර යන්නෙ නැහැ. උගත් කම අඩුම රටක්. ඒ වගේම අමුතු මිනිස්සු ඉන්නෙ. අනුව දශකෙ අග උන්නු ගෝල් කීපර් හොසෙ ලුයි චිලවෙයා සමහරුන්ට මතක ඇති. පොරට හිතුනම ගෝල් එක ඇරල දාල බෝලෙ ගෙනත් අනිත් පත්තෙන් ගෝල් එකක් ගහල යනව.

Saturday, November 23, 2019

නැගෙනහිර අප්‍රිකානු ෆෙඩරේශණයට සාදරයෙන් පිළිගනිමු

දෙවියන් වහන්සේ විසින් එක්කල දෙයින් එක්සිට් වෙන්න බැරිව බ්‍රිතාන්‍යය හිරවෙලා ඉන්න, යුරෝපා සන්ගමය ඇතුලෙන් පනුවො ගහගෙන එන [හෙවත් සන්ගම් විරොදින් අභ්‍යන්තරිකව බලවත් වෙන] කාලෙක නැගෙනහිර අප්‍රිකාවෙ රටවල් හයක් එකතුවෙලා තනි රටක් වෙන්න උත්සහ කරනවා.


ටැන්සානියා, කෙන්‍යා. උගන්ඩා, රුවන්ඩා, බුරුන්ඩි, දකුනු සුඩාන් කියන රටවල් හය එකතු වෙන්න යන්නෙ යුරෝපා සන්ගමෙ වගේ ලිහිල් බැම්මකින් නෙවි, එක්කො ඇමරිකා එක්සත් ජනපද වගේ ෆෙඩරේශනයක්, නෙව්නම් කැනඩාව වගේ කන්ෆෙඩරේශනයක්. සරළව කිව්වොත් තනි රටක්. එහි යෝජිත නම නැගෙන්හිර අප්‍රිකානු ෆෙඩරේශනය.


මේ රට ලෝකයෙ දහවෙනි විශාලම රට සහ අප්‍රිකාවෙ විශාලම රට වෙනවා, මි 179 ක ජනගහනය අටවන විශාලම ජනගහනය හා අප්‍රිකාවෙ දෙවන විශාලම ජනගහනය වෙනවා. වෙන වෙනම ගත්තත් ස්වාභාවික සම්පත් තියෙන රටවල් එකතු වීමෙන් වඩාත් බලවත් වෙනවා. ආර්තික අතින් සාපෙක්ශව ඉහල කලාපයක්. ඉතියෝපිආවත් එක්ක සැලකුවම අප්‍රිකාවෙ ටයිගර් ඉකොනොමි රටවල් ටික. වාර්ගික සන්‍යුති ගත්තත් ස්වහිලි කතාකරන බහුතරයක් ඉන්නෙ, ආගම් වුනත් ක්‍රිස්තියානි බහුතර රටක් තරමක මුස්ලිම් ජනගහනයක් ඉන්න. කලාපයේ ජිනිවා නුවර වගේ සැලකෙන කලාපයේ විවිධ ගැටුම් සමනයට පදනම දාපු ටැන්සානියාවෙ අරුශා නගරය තමා අගනුවර වන්නෙ.


දැනටත් ටැන්සානියාව මෙහෙම එකතු වෙච්ච දෙරටක් ටැන්ගනිකාව සහ සැන්සිබාරය. ඒ නිසා මේක අමුතු හෝ අසිරු ඉලක්කයක් නොවේ. මේ මොහොතේ වැඩසටහන සක්‍රියව සිදුවෙමින් පවතින්නෙ. ව්‍ය්වස්තාව මුදල් ඒකකය වගෙ දෙවල් ගැන එකගතා නිර්මාණය වෙමින්. ඔවුන් මුහුනදෙන එකම ගැටලුව මේ වැඩෙට ඕනෙ මූල්‍ය පදනම සපයාගැනිම පමණයි.


ප.ලි. 1. ලන්කාව කාර්මික අතින් සන්වර්දනය කරල රට හදන්න හෝ චීනයේ ෆැක්ටේරියක් කරන්න හිතා ඉන්න කට්ටිය ඒව අමතක කරගන්න.

ප.ලි. 2. ඉතියෝපියානු රස්තා ගෙන් ඉන්ස්පයර් වෙච්ච ජැමෙයිකන් මාලේ ගෙ ගීයක් අනුසාරයෙන් මාලි දේශයේ ගායිකාවක් ගයන මේ සින්දුව දාන්නෙ ජොලියට, කිසිම ඩිරෙක්ට් සම්බන්දයක් නැහැ. ඒත් කොමන් සෙන්ටිමන්ට්ස් වෙන්න පුලුවන්

Sunday, November 10, 2019

අඩබෙර කරුගේ වැරදුනු පනිවුඩයට වසර තිහකි

ප්‍රශ්නයක් ඇහුව.

අනාදිමත් කලෙක සිට නාට්ටි වල උන්නු භුමිකාවක් අඩබෙරකාරයා. ඒත් මේකගෙ චරිතෙ කවදාවත් ලොකු එකක් නෙවි. ඉස්කෝලෙ උනත් ඔය වටේ ඉන්න එකෙක් අරගෙන පොඩියට ඕක බාර දෙන්නෙ. පොර කරන්නෙ බෙරේ ගහල අසව් අසව් කියල කොලේ කියවල වැනිශ් වෙන එක. එච්චරයි, ඉවරයි.

ඒත් මිනිහ ඔය කොලේ කියවන්නෙ රජා ලියාපු පනිවිඩේ මද? යම් හෙයකින් රජා ලිව්ව පනිවිඩේ නැතුව වෙන එකක් කියවන දවසට අඩබෙර කාරයා නාට්ටියේ ප්‍රධාන චරිතය වෙනවා. අන්න එහෙම වෙච්ච නාට්ටියකුත් තියෙනවා.

මේකෙ රජා අඩබෙර කරයට දෙන්නෙ බොහොම හදිසි පනිවිඩයක්. ඒකත් රජා ලිව්ව එක උඩින් පුරෝහිතත් ලියල මහ ඇමති ඉදල දොරටුපාල වෙනකම් සන්ශෝධන දාල වරින් වර සන්ශෝධන කොල්ලො අතේ මගටත් එවනවා අඩබෙර කාරයාට මේක හම්බුවෙන්නෙත් කියවගන්නවත් කාලයක් නැතුව.

ඉතින් ඒ අඩබෙර කාරයා කොලේ තියෙන එක වෙනුවට වෙනින් කතාවක් කියනවා හිතාමතා නෙවි මිස්ටේක්. ඒ කතාව ගමෙන් ගම පසල් දනව්වෙන් පසල් දනව්ව පැතිරෙනවා. ඒ එක්කම මහ අලකලන්චි රාශියක් වෙන්න පටන් ගන්නව. ඒ සමගම ඔහු මේ කතාවෙ ප්‍රධාන චරිතයක් වෙනවා.

1. මේ කතන්දරේ මොකද්ද? අඩබෙර කාරයා ගෙ නම මොකද්ද?

2. මේ මිස්ටේක් එකේ ප්‍රතිපල ලෙස නාට්ටිය ඉවර වෙන්නෙ කෝමද?

3. මේ වෙලාවෙ කතාවෙ උන්නු චරිත දෙකක් තම හිතවත් සලුපිලි හැරදාල කරන දුශ්ට ප්රකාශ දෙකකින් එයාලත් ඉතිහාසගත වෙනවා ඒ දෙන්න කවුද?

4. වෙනත් දේශයක වීර පුරුශයෙක් ඇතිවන අලකලන්චිය තුල අතරමන් වෙනවා. එදා මිනිහ මුහුන දෙන ගැටලුව වෙනත් දිග කතාවකට මුල පුරනවා. මේ කෙනා කවුද එයා මූන දෙන ගැටලුව සහ ඒ මත නිර්මානය වෙන සිද්දි මොනවද?

--------------

ඔහු ගන්ටර් [ගුන්ටර්??] ශැබොව්ස්කි. නැ බර්ලිනයේ සමාජවාදි පක්ශයේ ලේකම්. අඩබෙර කාරයා හෙවත් මාධ්‍ය ප්‍රකාශක ජොබ් එක දෙන්නෙ ඔහුට. පාසල් නාට්ටියක් වගේ තමයි ඒක ලොකු තනතුරක් නෙවි. සාමාන්‍ය තත්ව යටතේ අපිට ඔහු ගැන කතා කරන්න වෙන්න නියමිත නෑ. තනතුර මෙයාටම දීපු එකක් නෙවි. එ වෙලාවෙ එතන උන්නු නිස කරන්න වෙච්ච එකක්. ඉස්කොල්ලෙ නාට්ටියක විදියටම.

ඊට කලින් කතාවෙ පසුබිම ගත්තොත්, මේ 1989 නොවැම්බර් මාසෙ. ජර්මනිය දෙකට බෙදල අවු 40 කට වැඩියි. නැගෙනහිර ජර්මනිය හෙවත් සමාජවාදි කොටස සෝවියට් පාලනය යටතෙ පවත්වාගන්න සමාජවදි පක්ශයක් දැඩි ඒකාදිකාරයෙන් පාලනය කරන්නෙ. බටහිර කොටස ලිබරල් ධනවාද්‍ය යටතෙ ඇමරික කදවුරට සහය දක්වන රටක්. බර්ලිනය දෙගොල්ලටම අයිතියි. නැගෙනහිරින් බටහිරට මිනිස්සු පලා යන එක නවතන්න බර්ලිනයේ නගරෙ මැද්දෙන් තාප්පෙ ගහන්නෙ මීට අවු 30 කට විතර කලින් ඒ තාප්පය ඉතාම දරදඩු ලෙස මිලිටරි පාලනය යටතෙ තිබ්බෙ එතනින් යන්න බැහැ වෙඩි කන්න වෙනවා. මේකට තමා අයන් කර්ට්න් එක කිව්වෙ

නැගෙනහිර ජර්මනිය 1989 වෙද්දි ආර්තිකව සම්පුර්නයෙන්ම වගෙ වැටිලා උන්නෙ. එහෙම රටක් ලොක සිතියමේ තිබ්බෙ අයන් කර්ට්න් එක නිසා. මිනිස්සු සමාජවදි සිස්‍ටම් එක එපාවෙල කොහෙට හරි පැනල යන්න උත්සහ කරමින් හිටියෙ, රටේ ආහාර හිගයන් සහ පෝලිම් ඒවා පියවාගන්න විදියක් නැතුව ණය වෙලා වෙච්ච ණය බේරන්නත් බැරුව අන්තිමේ බටහිර ජර්මනිය ඉදිරියේ පින්සෙන්ඩු වෙලා උන්වත් ණයක් දෙන්නෙ නැහැ. මිනිස්සු තාප්පෙ පැත්තෙන් යා ගන්න බැරි නිසා වටෙන් ගිහ්න් චෙකොස්ලෝවැකියාව හරහා හන්ගේරියා ඔස්ට්‍රියා පැත්තෙන් පලා යනවා. මේ අතර වියපත් දිර්ඝ කාලින නායකය එරික් හොනෙකර් වයස නිසා ඉවත් වෙනවා. මිනිහගෙ දෙවෙනියට බලය් ආවෙ මෙ මොහොතෙමයි.

අපි කතාවෙන සිද්ධිය පටන් ගන්නෙ මේ වෙලාවෙ රට පුරා ජනයා උද්ඝෝශන කරන අතර සමාජවාදි චෙකොස්ලෝවැකියාව තමන්ගෙ රට හරහා මිනිස්සු යනවට විරුද්ද වෙනවා. මේ සියල්ල යටපත් කරන්න අලුත් නායකය හිතනවා. ඒ අනුව ඔහු සන්ක්‍රමන නීති වෙනස් කරනවා. ඔහු කිව්ව දේ මොකද්ද කියන එක ගැන නිරවුල් අදහසක් නැහැ. ඒත් අඩුම මට්ටමක වෙනස්කම් වලින් ඒ කිව්වෙ හැකිනම් කොස්මටික් වෙනස්කම් වලින් මිනිස්සු ශේප් කරගන්න එක තමා අරමුන. එසේම රට දාල යන ප්‍රති විප්ලවවාදින් පිටුවහල් කිරීමෙ අදහස ත් තිබිල තියෙනව. කෙසේ වෙතත් ඔහු විසින් නිර්මානය කරන හදිසි රෙගුලාසි වෙනසක් වෙනත් පාර්ශ්ව රාශියක් අතින් වෙනස් වෙලා හදිසියේම මාධ්‍ය වෙත නිකුත් කෙරෙනවා. ඒ කටයුත්ත කරන්නෙ ගන්ටර් ශැබොව්ස්කි.

ගන්ටර් ට මේ නිවේදනාය් ලැබෙන්නෙ ඉතා කෙටි කලකින් ප්‍රසිද්ධ කරන්න. ඔහු ඒ ගැන නිසි අවබෝධයක සිට නැහැ. ඒ වගේම ඔහුට පක්ශයේ විවිධ පිරිස් අතේ පුන්චි වෙනස්කම් රාශියක් පනිවුඩ ලෙස එනවා. ඒ ඔක්කොම එකතු කරල අවසන් එකක් හදගන්න ඔහුට කාලයක් තිබිලත් නැහැ.

දන්න තරමින් ගන්ටර් කියන්න නියමිතව තිබ්බෙ මෙහෙම එකක්. "පූර්නකාලින පදින්චියට හෝ තාවකාලික සන්චාරයට බටහිර ජර්මනියට යන නීති වෙනස් කරන අතර ඒ සදහා බර්ලින් තාප්පයේ මුරපොලවල් විවර කරදෙනවා [මේ අර වෙන රටවල් අස්සෙන් යන එක නවතන්න ඕනෙ නිසා]. ඔබට යාමට අවශ්‍ය නම් අහවල් ආයතනයෙන් ඉක්මෛන් අවසරයක් ලබා දෙනව. මේ නීතිය නුදුරු අනාගතයේ [හෝ හෙට සිට] බලාත්මක වනු ඇති" මේකත් ටක්කෙට හොයන්න පුලුවන් කමක් නැහැ වේරියන්ට් බරගානක් තියෙනවා. හැබැයි ට්‍රයි කරන්නෙ අවසර ඉක්මනින් දීල පාලිත තත්ව යටතෙ මිනිස්සු ශේප් වෙන වෙනසක් කරන්න.

ගන්ටර් කිව්වෙ මෙම එකක්. "පුර්නකාලින පදින්චියට හෝ තාවකාලික සන්චාරයට බටහිර ජර්මනියට යන නීති වෙනස් කරන අතර ඒ සදහා බර්ලින් තාප්පයේ මුරපොලවල් විවර කරදෙනවා" වැල්වටාරම් අයෙව්වම ඕකෙ තිබ්බෙ එච්චරයි. ඉතින් මාධ්‍යවේදින් පුදුමයෙන් වගේ ඒ කවද සිට ද කියල අහපුවම ගන්ටර් ට හොයාගන්න බැහැ කවදා සිට ද කියල. මිනිහ කියනව "මන් හිතන්නෙ ඉමිඩියට්ලි මේ දැන් මේ මොහොතෙ සිට" කියල. මේක කියන්නෙ රාත්‍රියක.

සෝමාලියාවට පාන් දැම්ම වගේ

මේ කතාව මුලු නැගෙනහිර ජර්මනියෙම යනවා. දන්නවනෙ ඉතින් සමාජවාදි රටවල සියලු මාධ්‍ය මධ්‍යගතව පාලනය වෙනවා පක්ශයේ මතේ තමයි හැම මුල්ලකම යන්නෙ. ඉතින් මේක හැමතැනම යනවා. මේකෙ තියෙන අඩුපාඩු හදන්න රජය උත්සහ කලාද රජය ඒව දැක්කද කියල දන්නෙ නැහැ. රෑ හතට කල මිස්ටේක් එක ඒ මොහොතෙ කරෙක්ට් කරන එක ලේසි නැහැ. ඒත් මේක අහන නැගෙනහිර ජර්මානුන් පවුල් පිටින් මහ රාත්‍රියෙම තාප්පෙ දිහාට එනවා. මුරපොලවල් ලග හිතාගන්න බැරි ජනතාවන් ඒක රාශි වෙනකොට සෙබලු අහනව හමුදා ලොක්කන්ගෙන් වෙඩි තියන්නද කියල, ඒත් වෙඩි තියන්න බැහැනෙ ලොක්කොත් අර නිවේදනය අහල තියෙනවනෙ. ලොක්කො දෙලොවක හිරවෙලා හිතල බලල ඔන්න ඔහේ ගන්ටර් කිව්ව එකේ කියල එහෙනම් ගේට්ටු ඇරල දාපල්ල කියනවා.

රෙස්ට් වොස් හිස්ට්‍රි වෙන්නෙ ඕම. නැගෙනහිර ජර්මනියෙ සමාජවාදි පාලනය් සතිකීපයක් වත් තියෙන්නෙ නැහැ, මිනිස්සු පිස්සො වගෙ එහා මෙහා යමින් උනුනුන් බදාගෙන එක ජර්මනියක් වෙන්න පටන් ගන්නව. මාස කීපෙකින් බටහිර නැගෙනහිරව තමන්ගෙ කොටසක් කර ගන්නව. ඔන්න ඔය තාප්ප අලකලන්චිය වෙලා ඊයෙට වසර තිහක්.

ප්‍රති තර්කයක් ලෙස ඕක කෝමත් වැටෙන්න තමා තිබ්බෙ කියන්න පුලුවන්. එසේම ඕක නොවුනත් මිනිස්සු රට හැර යන්න පටන්ගෙන තිබ්බෙ. නැගෙනහිරයුරෝපෙ සමාජවාදි රටවල් ඒ වෙච්චිත් වැටිල තිබ්බ. අනික ගොර්බශෝප් මේ කිසිවකට මැදුහත් වෙන්නෙ නැහැ. එයාගෙ ටිකට් එකත් තව අවු දෙකක් යන්න කලින් සෙට් වෙනව. ඒ වුනාට ඕක කෝමත් වැටෙන්න තිබබ් වුනාට මේම තමා වැටුනෙ.

අඩබෙර කාරයා කතා නායක වුනේ ඒම

මේ වෙලාවෙ තමයි බටහිර ජර්මනිය දකින්නෙ තමන් එක්ක එක පතේ කාපු නේටෝ සහෝදරයින් මොන වගේ අමනයින්ද කියල. බ්‍රිතාන්‍යයෙ මාගරට් තැචර් ගොර්බශෝප් ට කතා කරල ඉල්ලීමක් කරනවා මේ දෙරට එක්වීම නවතන්න කියල. ප්‍රන්ශයේ ප්‍රන්ශුවා මිතරෝන් කියනවා හිට්ලර්ගේ කාලෙටත් වඩා විසාල ජර්මානු රාජ්‍යයක් දැන් බිහිවෙමින් පවතින අතර මේකෙ නරක ප්‍රතිපල යුරෝපයටත් ලෝකයටත් බලපානු ඇත කියල. හැබැයි ගොර්බශෝප් මේ ගැන කිසිම බලපෑමක් කරන්නෙ නැහැ.

මේ මොහොතෙ ගොර්බශෝප් ගේ හැසිරීමෙත් ගැටලු තියෙනවා. මොකද කලින් කිව්ව වගේ දිගුකාලිනව සෝවියට් පාලනයකින් නෙ නැගෙනහිර පවත්වා ගත්තෙ. ඉතින් නැගෙනහිර ජර්මනියෙ ස්තානගත වෙච්ච සෝවියට් මිලිටරි යුනිට් ඉන්නව, ඩ්‍රෙස්ඩන් වගේ නගර වල වෙනම සෝවියට් සෙබලු ඉන්න ප්‍රදේශ පවා තියෙනව. අන්න ඒ ප්‍රදේශයක ඔත්තු එකතු කරන තරුන කේජිබි නිලදාරියෙක් ලෙස සහ ව්‍යාජ භාශා පරිවර්තකයෙක් ලෙස සේවය කල කෙනෙක් තමයි ව්ලැඩිමිර් පූටින් කියන්නෙ, පූටින් ගේ ජොබ් එක භාශා පරිවර්තක වෙන්නෙ ඒ හරහා බටහිර රාජ්‍යතාන්ත්‍රිකයන් එක්ක යාලු මිත්‍රකම් හදා ගන්න පුලුවන් නිසා. මේ අලකලන්චිය අස්සෙ මුදා හැරෙන ජර්මානු මිනිස්සු කල්ලියක් නැගෙනහිර ජර්මානු හමුදා ඒකක වලටත් පහර දිල පූටින්ල උන්නු පලාතට එනවා.

පූටින් කෙලිම්ම තමන්ගෙ උසස් නිලධාරින් අමතනවා මොකද්ද කරන්න ඔනෙ කියල. උන් පූටින්ට කියනව ක්‍රෙම්ලින් එකෙන් අහල කියන්නම් කියල. සුලු වේලාවකින් පූටින්ට ලැබෙන උත්තරේ - ක්‍රෙම්ලිනය නිහඩයි - කියන එක. පූටින් කියන පරිදි මේ මොහොත ඔහු ජිවිතේ අසරනම වෙන මොහොතක්. අවශ්‍යනම් එන උන්ට වෙඩි තිය්ල බලය පාවිච්චි කරල ඉවකුවේට් කරන්න පුලුවන්. ආරක්ශිතනම් යටත් වෙලා මොස්කව් බලා යන්න පුලුවන්. ගොර්බශෝප් ඇතුලු සෝවියට් ලොක්කො හමුදාවට මේ දෙකෙන් එකක් ඕඩර් කරන්න ඕනෙ ඒකට නෙගෝශියේට් කරගන්න ඕනෙ. ඒත් ඔහුට ලැබෙන්නෙ නිහඩතාවය පමනයි. පූටින් තමන්ගෙ ඉස්සරහට එන මිනිසුන්ට නිරවුල් ජර්මන් වලින් මිත්‍රශීලි ලෙස කියනවා අපිට උඹල කුඩු පට්ටම් වෙන්න තියල දාන්න පුලුවන්. ඒත් අපි එහෙම කරන්නෙ උඹල කරදරය්ක් කලොත් විතරයි. උඹල ජර්මනියෙ කරගන්න එව්වට අපි මැදිහත් වෙන්නෙ නැහැ, උබල අපට කරදර නොකලොත් කියල. මේක සාර්තක වෙනවා. ඒසමග සෝවියට් හමුදා ආපහු යනවා.

මේ සිද්දිය තරුන කේජිබි නිළධාරියා ගේ ජීවිතේට ලොකු බලපැමක් කලා කියනවා. එසේම ඔහු බලයට ආවම තමන්ටම කරගත්ත පොරොන්දුවක් වනුයේ රුසියානු හමුදා හෝ රුසියානු පාර්ශ්ව කරුවෙක් මොස්කව් වලින් උත්තරයක් බලාපොරොත්තු වන කිසිම මොහොතක ඔවුන් හිස් අතින් නොයවන බව. ඒක නම් අගේට වෙනවා තාම. ක්‍රෙම්ලිනය නිහඩ නැහැ කිසිම මොහොතක

සිද්ධිය ඇසු දුටු අයගේ සාක්ශි

Sunday, October 20, 2019

ක්‍රිස්තියානි මූලධර්මවාදියෙකුගේ ටායිපින් කැරැල්ල

මේ ප්‍රශ්නය ට්‍රිකි වැඩි වුනා නොසිතු ලෙසට. ඒත් මේක බොහෝ දෙනෙක් නොදන්නා එහෙත් අතිශයින් වැදගත් සිදුවීමක්. ප්‍රශ්න ගොඩක්.

ලෝක ඉතිහාසෙ වෙන එක්තරා සිද්ධියක් පොඩ්ඩක් එහෙ මෙහෙ වෙන්න ලෝකයේ ක්‍රිස්තියානි ජනගහනය මීට වඩා බෙහෙවින්ම වැඩි වෙන්න ඉඩ තිබ්බ. මේ සිද්ධිය එක පුද්ගලයෙක් වටේ කේන්ද්‍රගත වෙන්නෙ. එහෙත් එහි අවසාන පලය පෙර නොවු විරු ආකාරයේ ව්‍යසනයක්. එසේම එය වර්තමානයේ කිසියම් ජාත්‍යන්තර ක්‍රියාකාරකමකට විශාල ලෙස සමානතා දක්වනවා.

මේක බොහෝ දෙනෙකුගෙ අවධානය නොලබන ඉතා වැදගත් සිදුවීමක්.

1. මේ සිද්ධිය මොකද්ද?

2. මේක කේන්ද්‍රගත වෙන්නෙ කවුරු වටේද? ඒ කොහොම පසුබිමකින්ද?

3. ඔහු කරන්න ගියේ මොකද්ද?

4. මේකට සමානකම් දක්වන වර්තමාන ක්‍රියාවලිය මොකද්ද?

5. මේක ඉවර කර දාන්නෙ කවුද? ඉවර වෙන්න බලපාන හේතු මොනවාද?

6. මේක එහෙම ඉවර නොවුනානම් හෙවත් What if කෝණයකින් ලෝකයට වෙන්න තිබ්බ බලපෑම් මොනවද?

7. මේක එක්ක විවිධ ලෝක වාර්තා කීපයක් කියවෙනවා. ඒ මොනවාද?

8. මේ සිදුවිමෙන් නිර්මානය වන තත්ව තුල ලෝකයට ඉතාම අර්තවත් දේවල් කීපෙකුත් වෙලා තියෙනවා. ඒ මොනවාද?

9. වෙන කෙනෙක් මේ සිද්දිය ආදර්ශයට අරගන්නවා පස්සෙ කාලෙක. ඔහු කවුද?

---------------

අපේ  කතානායකයා හොන් ක්ශියුචුවාන් [Hong Xiuquan - මගෙ චීන  හැකියා  සීමිත  හෙවත්  සීරෝ  නිසා  මේක  හරියට කියෙව්වද  මන්දා]. 1814  හොන්කොන්   ආසන්නයෙ ගුවන්ශොවු  ප්‍රාන්තයේ උපදින්නෙ.  ඔහුගේ  මූලයන්  ගැන තියෙන  විවාදය  අනුව එක්කො  ඔහු ප්‍රාදෙශිය  මට්ටමේ  ධනවත්  පවුලක  කෙනෙක් හෝ  දුප්පත් පවුලක කෙනෙක්.  හැබැයි ස්තිරවම  ඔහුගේ  මූලයන් චීනයේ  හක්කා  ගෝත්‍රික  ප්‍රජාවේ. අපි  කලින් කතා  කලා  ප්‍රාදේශිය  ගෝත්‍ර  යාකරල  එක  හැන් ජනවර්ගයක්  හදාපු  කතාව.  හක්කා  කියන්නෙ හැන්  වල  උප  ප්‍රබේදයක්  හෙවත්  හැන්  කරනය වෙන සන්ක්‍රමනිකයන්ට  කියන නම [අර්තය  ආගන්තුකයන් කියන එක].  ඒ කාලෙ  නැගෙනහිර  චීනයේ  හක්කා  වරුන් සුලබයි  ඒ  අයට  සෙසු  හැන් වරුන් දක්වන්නෙ  අඩු  සැලකිල්ලක්.

හොන් ඉගෙනීමට  දක්ශයෙක්  කියල  කියන්නෙ.  ඒ කාලෙ  චීනෙ  තමා  ලෝකෙ එකම රට  තරග  විබාගයකින් රාජ්‍ය   සේවයට  බදවා  ගන්න. පස්සෙ  මුලු ලෝකෙම කොපි  කරන්නෙ  ඒ  විබාගෙ [හෙවත්  අපි  ඔක්කොම  විබාගෙ  කියන්නෙ  හයවෙනි  සියවසේ සිට  චීන  රාජ්‍ය සේවයට  මිනිස්සු  බදවා  ගත්ත  පටිපාටියෙ  බටහිරයන්ගෙ  කොපියකට].  ඒ කාලෙ  ඉගෙන  ගන්න දක්ශ  කෙනෙකුට  මුලු  පලාතෙම උන්  සපෝට් කරනවා  විබාගෙ  පාස්  වෙලා  රාජ  සේවයට   යන්න.  මේ විබාගයට එන්නෙ  කොන්ෆියුසියස්  දර්ශනය  අනුව රාජ්‍ය  පාලන නීති  සහ සමාජ  සන්ස්කෘතික  ප්‍රශ්න.

හොන්  මේ  විබාගෙ  ෆේල්  වෙනවා.   එක පාරක්  නෙවි  එක  දිගට තුන්  පාරක්.  මේ  සදහා  ඔහු  මුලු  ජීවිතේම කැප  කරල  මාරෙට  වෙහෙසිලා  ඉතා දුර  නගරෙකට ගිහින් තමා  විබාගෙ කරන්නෙ.  තුන්  පාරම  ෆේල්  වෙනවා. තුන්වෙනි  පාර  ෆේල්  වුනාම්  තෙහෙට්ටුව  එක්ක හොන්  රෝගි  වෙනවා.  මේ රෝගි  තත්වය  කෝමා  එක්ක වගේ කියල කියන්නෙ.  කිසියම්  සිහි නැති  අවස්තාවක්.  උන  විකාරයක්  වෙන්නත්  පුලුවන්.  ඒ  වෙලාවෙ  හොන්  දකිනවා  කිසියම්  වියරු  හීනයක්.  ඒකෙ  ඉන්න එක  මිනිහෙක් වියපත්  කෙනෙක්  එයා හොන  කඩුවක්  දීල  කියනවා ඔබ  මගේ  පුත්‍රයා ඔබ  යක්ශයාගෙ  බලවේගය  විනශ  කරන්න කියල.  තව  තරුන  කෙනෙක් හොන්ට   කියනවා ඒක  කරන ආකාරය. හීනය  ලොකු  බලපෑමක්  වෙනෙන් නැහැ ඒ වෙලාවෙ

හොන්  සුව  වෙනවා.  සුව  වෙලා   ආයෙ අවුරුදු  ගානක් පාඩම් කරල හතරවෙනි පාරටත්  විබාගෙ ලියනවා.  ඒකත්  ෆේල්

හොන්  ගෙදර  ඇවිත්   ගමේ පාසලේ  උගන්වනවා.  අර හීනය ඔහුට  වද  දෙනවා.  මේ  අතර  දවසක්  හොන් ගේ  සහෝදරයෙක්  ඔහුගෙ  පොත්  අස්සෙ  තිබිල  කිසියම් ප්‍රචාරක පැම්ප්ලට්  එකක්  හොයා  ගන්නවා.  ඒක  හොන්  ට   ඇමරිකානු  ජාතික  ආගම් පතුරන්නෙක්  විබාගෙ ලියන්න  ගිය වෙලාවෙ දීපු  කොලයක්.  එහි තියෙන්නෙ ක්‍රිස්තියානි පනිවුඩය. හොන් ඒක  කියවා වත්  නැහැ  ඒ වෙනකම්.

මේ   
පැම්ප්ලට් එක  කියවන් හොන්  ඒ  හරහා  අර හීනෙ  ඉන්න  කෙනා  සර්වබලදාරි  ගෝඩ්  බවත්  අනික  ජේසු තුමා  බවත්  හදුනා   ගන්නවා [හිතා  ගන්නවා]. ඒ  අනුව  තමා  දෙවියන්ගේ පුත්‍රයා  ජේසුගේ  සහෝදරයා කියල  හොන් කියන්න  ගන්නවා.  හොන්  පවුලේ  අය  සහ  මිතුරන්  ක්‍රිස්තියානිය  ඉගෙන  ගන්න  සහ  දෙශනා  කරන්න පටන්  ගන්නවා.  එයාලා ඒකට  කියන්නෙ  සාමයේ  මහා  පනිවුඩය  හෙවත්  ටායිපින් [Taiping].

මේ  අවස්තාවෙ  චීනය  ගැන  මදක් සලකන්න ඕනෙ.  මේ  වෙද්දි   හැන්  බහුතර  චීනය  පාලනය  කරන්නෙ  මැන්චු  වාර්ගික  ක්චින්  [Qing -  වසර  දෙදාහකට කලින් එක චීනයක් හදාපු 
Qin ලා  නොවේ] අදිරාජ්‍යය.  ඔවුන්ගේ  පාලන කලාපය  වත්මන් චීනය වගේ  එකහමාරක්. ලෝක  ජනගහනයෙන්  38% ක්  ඉන්නෙ  මේකෙ. ඒත්  ක්චින්  වරුන් පිරිහිලා  ඉන්නෙ.  ප්‍රධාන  ජාතිය  වන හැන්  වරු  ඔවුන්  එලවන්න රට පුරා  කැරලි  ගහනවා.  ඕපියම්  යුද්ද  වලින් යුරෝපා  ජාතින්ගෙන් පැරදිලා  ඉතාම  දරදඩු  වන්දි ගෙවන්න වෙනවා.  කාලයක්  එක තැන පල්වෙන සිස්ටම් එක  පිරිහිලා. මිනිස්සු ඉන්නෙ වෛරයෙන්.

හොන්  දෙවියන්  ගේ පනිවුඩයේ  එලවන්න කිව්ව යක්ශයාගෙ  නියෝජිතයන් ලෙස  හදුනා  ගන්නෙ  ක්චින්  අධිරාජ්‍යය.

මොවුන් මුල් කාලෙ  මිනිසුන්  අතින් උපහාසයට  පාත්‍ර  වෙනවා.  එතකොට  ටායිපින්  වරු  තවත් රට   තුලට තම ප්‍රචාරය   ගෙනියනවා.  මේ කාලෙ  චීනය  බහු  ආගමික  රටක්.  බහුතර  කොන්ෆියුසියස්  ක්‍රමයට  රට  දිව්වට   පාලකයින් බෞද්ධ.  ක්‍රිස්තියානි  මිශන්  ශැන්හයි  හා  ගුවන්ඩොන්  වල  පැතිරෙන්න පටන්ගෙන. මුස්ලිම්මුත් ඉන්නව  බටහිරට  වෙන්න.

ටායිපින්  වරුන් සාර්තක වන්නෙ  සමජියව කොන් වෙලා  ඉන්න  ග්‍රාමිය හක්කා  වරුන්  අතර.  ආගමට  වඩා  උන්  බලන්නෙ  ක්චින්  එක්ක  තියෙන  වෛරය.  ඒ නිසා  මේ  වෙද්දි  කීප  දාහක  මිලිශියා  එකක්  හදාගන්නත්  ටායිපින්  වරු  සමත්  වෙනවා. මේ  දේවල්  කරල  දෙන්නෙ  හොන්  ගෙ  මිතුරෙක්  වන ෆෙන්. ඔහු තමා මුල  කාලෙ  භුමියේ සන්විධානය  හදන්නෙ.  හොන්  බයිබලය කියවමින්  ආගමික  ඩොක්ට්‍රින්  එක  දේශනා  කරනවා. ඔහු  දෙවියන්ගේ  පුත්‍රයා සහ  උත්තරීතර  නායකයා.

ක්චින්  වරු  ටායිපින්  වරුන්ට  පහර  දෙන්නෙ  මේ මොහොතේ.  ඒත් නොසිතු  පරිදි  ආගමික කල්ට්   එකේ උන්  ක්චින් බල ඇනිය  පරදනවා.  කැපවීම  සටන් කලා  දක්ශතා  ඉහල  දාගැනීම  දේව භක්තිය  ආදිය  නිසා  ටායීපින්  වරු  දක්ශ  සටන් කරුවන්.

එතනින් පටන් ගන කැරැල්ලට  කියන්නෙ  ටායිපින් කැරැල්ල  කියල. 1845  විතර  මේක  පටන් ගන්නෙ.  ටායිපින්  වරු  ගමින් ගමට ප්‍රාන්තෙන් ප්‍රාන්තෙට යමින්  නගරයෙන්  නගරය  අල්ලා  ගන්නවා.  විවිධ  හේතු  මත  ක්චින්  ලා එක්ක  අමනාප  මිනිස්සු  ටායිපින්  එක්ක එකතු  වෙනවා.  මේ  වෙද්දි  මිලියන ගානක  සපෝට්  එකක් එනවා.  මිලිශියාව පමනක්  මිලියනයකට  වැඩියි.

ටායිපින්  වරුන්ගේ  ලොකුම  ජය  තමා දකුනු  චීනෙ  ප්‍රධානම  නගරය  වන  නැන්ජින්  අල්ලන එක.  ඒක  අගනුවර  කරලා  ඔවුන්  
සාමයේ  මහා  පනිවුඩයේ  දිව්යා  රාජ්‍යය  හෙවත්   හෙවන්ලි  කින්ඩම්  ඔෆ් ටායිපින්  කියන එක  හදනවා.  ඔවුන්  ඒක  අවුරුදු  දහතුනක්  පාලනය  කරනවා.
ටායිපින් කියන්නෙ ක්‍ර්ස්තියානි අන්තවාදයක්.  ක්‍රිස්තියානි  නොවන  සියල්ලන් මරා  දානවා.  එසේම  ආගමිකව  දැඩි  නීති එක්ක  ජීවත්  වෙන්න ඕනෙ. දස  පනත  අමතකනම්  මරනවා. ප්‍රේම  සම්බන්ද  විවාහයෙන්  පිට  සම්බන්ද වගේ එව්වට  මරන  දඩුවම. පොඩි  කාරනයක්  වුනොත්  පවුලෙන්ම  පලි  ගන්නවා.  හොන් ගේ දකුනු  අත  වගේ ඉන්න ෆෙන්  එක  සටනකදි  මිය  ගියාම  ඒ  ටවුම  සමුලඝාතනය  කරනවා.   ගැනු  පිරිමි වෙනම  වෙන්ව  ඉන්න  ඕනෙ.  විවාහක  වුනත්  එහෙමයි.  ඒ කියන්නෙ  විවාහ  දිවියේ  පුද්ගලිකත්වයත්  හොන්  ගෙ  ඉගැන්වීම්  එක්ක  ඔහුට  ඕනෙ  තාලෙට  වෙන්නෙ. එහෙම නොකලොත් මරනවා.

ආගමකට  වඩා  ඔවුන් කල්ට් එකක්.  ඔය ජෝන්ස් ටවුන්  හෝ ඕශෝ  ගේ  රාජ්නීශ් පුරම්  වගේ  තමා ඔවුන්  හැසිරෙන්නෙත්.  එත්  ම්ලේච්චත්වයෙන් එයාල  සමාන් වන්නෙ  අයිසිස්  එකට.  ඒක  තමා  ටායිපින්  ලට  දෙන්න  තියෙන  ආසන්නම  උදාහරනෙ  මොකද ඉරාක  සිරියන්  සුන්නි  වරු  මුලු  ගැන්නිලා  උන්න  වෙලාවෙ  ආගමික  අන්තවාදයකින් ම්ලේච්චත්වය  කරා  ගෙනියපු  නිසා.


ටායිපින්වරුන්ගේ  යහපත්  දේවල්  තිබ්බ. වැදගත්  ම  එක  තමා කාන්තාවන්ට   සම  තැන දීම.  ටායිපින්  රාජ්‍යයේ  කාන්තාවන්  සහ  පිරිමින්  සර්වසමයි.  මේ  කාලෙ  බිලිදියක්  උපන්නොත්   පනපිටින්  වලලන  එක  නෝම් එකක්  වුන  චීනෙ  මේක හිතාගන්නත්  බැරි  දෙයක්.  ටායිප්න්  රාජ්‍යයෙ  රැකියා  වලට  පමනක් නෙවි හමුදාවට  බැට්ල්  ෆ්‍රන්ට්  එකට පවා  කාන්තාවො  යනවා.  ඔවුන්  පිරිමින් හා සමව  උසස්  වෙනවා  හමුදාවෙ ඉහල තනතුරු වල  කාන්තාවො  ඉන්නව. හොන් ගේ  සහෝදරියක්  ඉන්නව  සටන් කලා  මාස්ටර්  කරල  එයා  හමුදාවෙ  ඉහලම  තනතුරක්  දරන්නෙ.   මෙන්න  මේ  සිද්දීය  මිශනාරින්  හරහා  යුරොපය  සහ  ඇමරිකාවට  බලපෑමක්  කරන්න  සමත්  වෙනවා.  හොන්  පුද්ගලිකව  ඇමරිකාවට  ප්‍රශන්සාවක්  යවනවා  ව්‍ය්වස්තාවෙන් කාන්තාවන්ට වෙනස්කම්  නොකිරීම  ගැන.

ටායිපින්  වරුන්  සාමුහිකවාදින්.  ගොවිපොල  සහ  ඉඩම් රටෙ එ සම්පත්  සියල්ල  පොදු භාවිතයක  තියෙන්නෙ.  මේක  එවකට  ප්රවේනිදාසයින්  සහ  ඉඩම් හිමියන් උන්නු  චීනයට  විශාල  ප්‍රගතිශීලි  දෙයක්.  මෙන්න මේක  තමා  පස්සෙ  කාලෙක  මාවෝ  සේතුන්  විසින්  ආදර්ශයට  ගන්නෙ  ඔහුගේ  සිස්ටම් එක  හදද්දි.  මාක්ස්  පවා  ටායිපින්  වරුන්  කෙරෙහි  ප්‍රසාදයෙන්  උන්නත්  ඔවුන්ගේ  ආගමික  අන්තවාදය  නිසා මාක්ස්  ඔවුන්  බැහැර  කරනවා,

මේ  සියලු  යහපත් ලක්ශන  මෙන්ම  ක්‍රිස්තියානි  වීමත්  නිසා  බටහිරෙන් ටායිපින්  දිව්‍ය් රාජ්‍යයට  සන්ක්‍රමනිකයන් එනවා.  එක්තරා  කාලෙක  ඔවුන්ට බටහිර  මිලිටරි  සහය  සහ  ට්‍රේනින්  පවා  ලැබෙනවා. මේ  වෙද්දි  ක්චින්  එක්ක   දෙවෙනි  ඔපියම් යුද්දෙ  පැටලිලා  ඉන්න නිසා බටහිර   බොහෝ  විට  ටාය්පින්  දිව්‍ය  රාජ්‍යයට  උදව්  කරන්න  ඉඩ තිබ්බ.

මේ  බොහෝ  පද්ධති  හදන්නෙ  හොන්  ගෙ  මහ  ඇමති  යැන්.  නූගත් කම්කරුවෙක්  වන යැන්  ඉතාම  ශුර   ලෙස  මේ  පද්ධති  නිර්මාණය කරනවා.  1856  වෙද්දි  ටායිපින්  දිව්‍ය  රාජ්‍යය  ඉතාම සාර්තකයි.

ක්චින්  චීන  අධිරාජ්‍යය  බැලුවොත්,  ක්චින්වරුන් අන්තිම  අසාධ්‍ය ගානෙ  ඉන්නෙ.  ටායිපින් පමනක් නෙවි  එකවර  රට පුර  කැරලි  පහක්  දහයක්  පමන. දෙවෙනි  ඔපියම් යුද්දයත්  පරදිමින්.  ටායිපින් වරු  යුද්ද  අතර  ක්චින්  නාවික  හමුදාවෙ කොටසකුත්  අල්ලගෙන ගග  දිගේ  පහර දෙනවා. නේපාලය  ටිබෙට්  චීනය  ආක්‍රමනය  කරනවා,  මේ  සියවසට   කියන්නෙ  සෙන්චරි  ඔෆ්  හියුමිලියේශන්  කියල. ටායිපින්  වරු  ශැන්හයි  වරාය  වටලනවා.  බීජින්  වලට  කිමි  78  ආසන්නයට  එනවා.

හරි  මේක  තමා  ඒ  මැජිකල් what if මොහොත. 1856-1860 අතරෙ  වෙන  සිද්දි  කීපයක්  එහෙම  නොවුනා  නම් මොකක්  වෙයිද?

බටහිර  සහය  ලබන  ටායිපින්  රාජ්‍යයට  අල්ලන්න තිබ්බෙ  බීජින්  පමනයි.  බීජින්  වැටුනම  සෙසු  චිනය  වැටෙනවා.  ක්චින්  වරුන්ට මෙලෝ චාන්ස්  එකක් තිබ්බෙ  නැහැ.  ඒ  සමග  හැදෙන්නෙ ශු  රෝමයටත් වඩා අන්තවාදි  ක්‍රිස්තියානි රාජ්‍යයක්. අයිසිස්  වගේ. ලෝක  ජනගහනයෙන්  38% ක්  [මැරෙන කොටස  අඩුකරන්න  වෙයි]  එතන. එතනින් නික ඉන්නෙ නැහනෙ.ඒ  ක්‍රිස්ත්‍යානි  රාජ්‍යය  [බටහිර  සහය  එක්ක]  චීනෙ  වටේටම  යනවා. ජපානය  කොරියාව  ඉන්දු චීනය  ඉන්දියාව මධයම් ආසියාව.  එක  සියවසක්  ඕක තිබ්බනම්  තියෙන්නෙ  මේ ලෝකෙ  නෙවි ඕල්මොස්ට්  ක්‍රිස්තියානි  ලෝකයක්.

ඒත්  එහෙම  වෙන්නෙ  නැහැ.  1853  සිට  හොන්  ඉතාම කාමභෝගි සහ  ආගමික  ජීවිතයක් ගෙවන්නෙ  රට  දුවන්නෙ යැන්.  යැන්  1856  දි  කියනවා  දෙවියන් එයාටත්  කතා කලා කියල.  ඒ   පුන්චි  සිද්ධිය  යැන් හොන්  දෙන්න  අතර  ගැටුමක්  හදනවා.  යැන් ප්‍රසිද්ධියේ  කියනවා  හොන් බොරු කාරයෙක් තමා  තම හරි  දේව  නියෝජිතයා  කියල.  හොන්  අනිත්  සෙන්පතියන් ගෙන්නල  යැන්  ව  මරනවා. ඊට  පස්සෙ කුපිත  වෙන  යැන්  අනුගාමිකයන්  සනසන්න  ඒ  සෙන්පතියනුත්   මරනවා.  මේ  කුලල්  කා ගැනිමෙන්  ඔවුන් බෙදෙනවා, හමුදා  දුබල වෙනවා  වගේම  අභ්‍යන්තර  පර්ජ්  ලෙස  විශාල  සමුල  ඝාතන  කරන්න සිද්ද වෙනවා. ඊ ගාව මිස්ටේක්  එක  1860  හොන්  සහ  සෙන්පතියන් බීජින්  වෙනුවට ශැන්හයි  වටලන  එක.  ශැන්හයි  කියන්නෙ  ක්චින්  අනුමැතියෙන් බටහිරයන්  දුවන  වෙලද  වරායක්.  ක්චින් වරු  ෆේල්  වෙනකොට  යුරොපිය හමුදා  අවසානෙ  ටායිපින්  වරුන්ට  පහර  දීල  පරදනවා.  මේ  වෙද්දි  විවිධ  ම්ලේච්ච  ක්‍රියා  නිසා  ක්‍රමයෙන්  බටහිර  ලෝකෙන්  කොන් වෙන ටායිපින් වරුන්ට  එරෙහිව  ක්චින් වරු  එක්ක බටහිරයන්  එකතු  වෙන්නෙ  මේ  සටනේදි.

ඊට  අමතරව  ක්චින් වරු  නැතිවෙන්නම කාල  ඉන්න  නිසා ම්ලේච්ච  ටායිපින්  ආක්‍රමන  වලට  එරෙහිව  විවිධ  ප්‍රාන්ත  වල  මිලිශියා  හැදෙනවා. ඉස්සර  නම්  ක්චින් වරු  මේකට  ඉඩ  දෙන්නෙ නැහැ  ඒත්  මේ වෙලාවෙ  ඊට  ඉඩ  දෙනවා අසාධ්‍ය තත්වය  නිසා.  මේ මිලිශියා  නිසා ක්චින්  අධිරාජ්‍ය  දුර්වල  වෙලා  පස්සෙ  විනාස වෙලා  යනවා.  ඒත්  1860  දශකේ  මිලිශියා ඔක්කොම  ඉලක්ක කරන්නෙ ටායිපින්  වරුන්.

මෙන්න  මේ බලවේග සියල්ල විසින්  නගරයෙන් නගරය  ටායිපින් වරුන්ගෙන් මුදාගෙන  අන්තිමේ  1864   නැන්ජින්  වටලනවා.

හොන්  ට  වරදින්නෙ  දෙවියන්  තමා  බේරාගනියි   කියා  හිතන නිසා.  හොන්ට පසුබසින්න  දෙන  උපදෙස්  ඔහු පිලිගන්නෙ නැහැ, පසු  බසින්නන් මරා දානවා. වටලන  හමුදා  ආහාර   බ්ලොක්  කලාම හොන්  වටේ  තියෙන  වල් පැලෑටි  වලින්  ආශ්චර්‍යයක්  කරල  ආහාර  හදන්න  යනවා  බයිබල්  ස්ටයිල්  එකට.  අන්න  ඒ  ආහාරයක් විස  වෙලා  හොන්  මැරෙනවා. සමහරු  හිතනවා  ජෝන්ස්ටවුන්  වර්ගයේ  සුයිසයිඩ්  එකක්  කීයල.

ක්චින්  හමුදා  නැන්ජින් සමුල ඝාතනය  කරනවා.  ටායිපින් කන්වර්ට්  වෙච්ච  අය  [අයිසිස්  වගේ]  ආපහු  හරවන්න බැරිනිසා  ක්චින්  ලට  වෙන  විකල්පයක් නැහැ.  ලක්ශ ගානක් පැය  හැත්තදෙකකකදි  මරනවා. අන්තිම ටායිපින් වරයාත්  තව අවුරුදු  කීපයක්  යද්දි  යටත් වෙනවා.

දශක දෙකක්  පමන ඇදුනු  මේ  කතාවෙ  අවසානෙ  මිලියන විස්සත්  තිහත්  අතර  ඝාතන  ප්‍රමානයක් වෙලා  තියෙනවා.  චීනයේ  මි  400  ජනගහනයෙන්. මේ  ප්‍රමානය [ලන්කාවෙ ඔක්කොම විතර]  ඒ වෙද්දි  තනි  කැරැල්ලක  ලොකුඅම්  ජන සන්හාරය.  මේක  කොමියුනිස්ට්  චීනෙ  මුලු  ජන සන්හාරය  එක්ක  සන්සන්දනාතමක  වෙනවා කියනවා.  පලමු ලෝක යුද්දය  නැපෝලියන්  යුද්ද  වගේ එව්වට  වඩා  වැඩියි. සන්සන්දනාත්මකව  සමකාලින  ඇමරිකන් සිවිල් යුද්දෙ  ඝාතන  මිලියනයක් වත්  වෙලා  නැහැ.

ටාය්පින්  කැරැල්ල  ඉතාම  අඩුවෙන්  කතාවෙන ඉතාම  විශාල  සහ යුනික්  කැරැල්ලක්.  

Saturday, August 31, 2019

ඉස්ලාමය වල් වැදුනේ හුලෙගු ඛාන් ගේ නෙස්ටෝරියානු-මොන්ගල් ආගමික යුද්ධය නිසාද?

මද්‍යකාලින යුගයේ කාන්තාර ආගම් තුනෙන් ශිශ්ටම එක මුස්ලිම්. අශිශ්ටම එක ක්‍රිස්තියානි.

අන්‍යාගමිකයන්ට සැලකීම ගන්න. ක්‍රිස්තියානි: කන්වර්ට් නොවුනොත් මරනවා. තනි මිනිස්සු නෙවි රටවල් පිටින්, යුදෙව්: ජුදා දේශයේ ඉන්න බැහැ රට හැර යන්න ඕනේ, මුස්ලිම්: වැඩියෙන් ටැක්ස් ගහනවා, සෙකන්ඩ් ක්ලාස් සිටිසන්ස් ලෙස ඉන්න පුලුවන්.

විද්‍යව ගන්න. ක්‍රිස්තියානි: බයිබලය හෝ බයිබලය මත පටවන ලද ඇරිස්ටෝටල් ඇක්වයිනාස් වගේ උන්ගේ මත වලට එරෙහි වුනොත් ප්‍රසිද්දියේ මරනවා, යුදෙව්: යුදෙව් දර්මයට පිටින් යමක් උගන්වන්න තහනම් පිටුවහල් කරනවා, මුස්ලිම්: ගනිතය තාරකා විද්‍යාව ආදියේ මද්‍යතන යුගයේ වැදගත්ම සොයාගැනීම් කරනවා

ඉස්ලාමය අන්‍යාගමිකයන් හදුන්වන්න දෙන නමක් "ධිමි" කියන්නෙ, එහි අර්තය "ආරක්ශාව දෙන්න ඕනෙ කෙනෙක්" කියල. ඒ කියන්නෙ මුස්ලිමුන් අතර ඉන්න අන්‍යාගමිකය සුරක්ශිතව තියාගන්න ඉස්ලාමය විශේශයෙන් වග බලාගන්නව කියන එක. ඔය කියන තරම් දේවල් සුන්දර වුනා කියා හිතන්නෙ නැහැ, ඒත් අනෙක් කාන්තාර ආගම් දෙකට සාපෙක්ශව මේක වෙනස් තත්වයක්.

මොන්ගල් සම්භවය සහිත හුලේගු ඛාන් එවකට ඉස්ලාම්‍යේ අගනුවර වෙච්ච බග්ඩෑඩ් නගරය අල්ලල එහි මිලියන දෙකම සමුල ඝාතනය කරල උන්ගෙ දැනුම සහ පොත පත සපුරා වනසපු එක තමා ඉස්ලාම් භක්තිකයන් වල් වදින්න හේතුව කියල මම හිතන්නෙ.

වැරදියට  ගන්න එපා  මේක  ගෙන්ගිස් ඛාන්  ගෙ  වැඩක්  නෙවි.  ගෙන්ගිස්  දරුනු  ආක්‍රමනිකයෙක් වුනත්  ඔහු  අන්‍යාගම්  වලට ගරු කලා.  ඉරාන  ආක්‍රමනයෙන්  පස්සෙ  එහි  දේවස්තාන  වලට හානි කලේ නෑ.  ගෙන්ගිස්  ක්‍රිස්තියානියෙකුත් නෙවි. ශමන් ආගමිකයෙක් කියල කියන්නෙ.

ගෙන්ගිස්  මැරිලා  දශක  තුනකට පස්සෙ  එන හුලේගු ක්‍රිස්තියානි,  අම්මයි ගැනියි දෙන්න බටහිර මොන්ගල් ගෝත්‍ර වලට අයත් නෙස්ටෝරියන්ස් ලා. මේ කුමාරියන් දෙන්න රාජ්‍ය පාලන වලට පවා මැදිහත් වෙනවා. හුලෙගු වැඩ කලේ නෙස්ටෝරියන් පල්ලියේ උපදෙස් මත.

ඒක  වෙන්නෙ  මෙහෙම. 1240 විතර එක සෙන්පතියෙක් මොන්ගල් ක්‍රිස්ත්‍යානි ගැහැනියක් බදිනවා. ඒකි මාලිගාවෙ බලය අල්ලන් පුතාල තුන්දෙනා උඩටම ගන්නව පුත්තුත් ක්‍රිස්තියානි උන්ගෙ ගැනුත් ක්‍රිස්තියානි. එකෙ ම්හදිරාජ මොන්ග්කෙ. අනික බටහිර ලොක්ක හුලෙගු අනික නැගෙනහිර ලොක්ක කුබ්ලායි පස්සෙ ම්හදිරාජ. ඔය යුගයේ කාරකෝරමය නෙස්ටෝරියානු පලියේ අනසක ටයතෙ පවතින්නෙ. සටන් වදින්නෙ මුසලිම්මුන්ට  එරෙහිව. ක්‍රිස්තියානි එක්ක සහයෝගෙන් [බයිසන්තියමෙන් පුතාට ගැනියෙක් එහෙමත් ගේනවා] කුරුස යුද්දයකට ආරාදනා කරනවා යුරෝපයට සහ පාප් තුමාට.


කෝම හරි එකදාස් දෙසිය පනස් අටේ එකෝමත් එක දවසක, එවකට ඒබ්‍රහමික ආගම් පද්දතියේ [ජුදා, ක්‍රිස්තියානි, ඉස්ලාම්] බුද්ධි අග්‍ර පලය වූ බැග්ඩෑඩ් නුවර වටලන මොන්ගල් සෙන්පති හුලේගු නගර ප්‍රාකාර බිද දමා එහි ජනයා අල්ලා ගෙන උන්ට නොයෙකුත් වද දෙමින් උන් සමුල ඝාතනය කරනවා [ලක්ශ හයේ සිට මිලියන දෙක දක්ව විවිද ගනන් කියවෙනවා]. සහශ්‍ර ගනනාවක වාරි පද්ධති සපුරා සුන්නද්දුලි කිරීමෙන්, ලෝකයට ධාන්‍ය කෘශිකර්මය හදුන්වා දුන්න කියන බිමේ මිනිස්සුන්ට ගොවිතැන අහිමි කරනවා. මොන්ගල් සම්ප්‍රදාය බිදිමින් තමන්ගේ සහ පවුලේ ආගම වන නෙස්ටෝරියානු ක්‍රිස්තියානි වෛරයට ඉඩ දෙමින් ඉස්ලාමික දේවස්තාන වනසා දමනවා. ඒවායෙ නෙස්ටෝරියානු පල්ලි හදනවා [මේක මොන්ගලයින් අතර හුලේගු පමනක් කල දෙයක්].

ඊටත් එහා ගිහින් අඩ සහස් වසක ඉස්ලාමිය දැනුම් ප්‍රබෝදයේ අග්‍රපලය වන දුසිමක් දෙකක් වූ මහා පුස්තකාල ගිනි ලා වනසනවා පුච්චන්න බැරි තරම් පොත් ත්‍යෙන නිසා ඒව ගන්ගාවට දාලා ගන්ගාවේ දිය එහි තින්තෙන් කලුපාට වෙනවා.

එදා ඒ ඒබ්‍රහමික ආගම් පද්දතියේ එවකට තිබ්බ දියුනුම ආගමේ විස්ඩම් එකත් ඒ ගන්ගා දියේම හේදි යනවා. කෘශිකර්මය එක්ක තිබ්බ දියුනු සම්බන්දය අඩු වුනාම මිනිස්සු අර්ද සන්ක්‍රමනික සත්වපාලකයින් වෙනවා. බුද්ධියට ඉඩ දෙන්න කාලයක් විවේකයක් නැතුව යනවා. 
ඒ සා ලොකු දැනුමක් අහිමි වෙච්චම ආගම ම්ලෙච්ච වෙනවා.

දැනුම මැරුවම ඉතුරු වෙන්නෙ භක්තිය පමනයි. අන්ද භක්තිය. 

ඒ වගේම කතාවක් තියෙනවා [පෙර කී දේවල් වගේ ෆැක්ට් නෙවි කතාවක් පමනයි] ඔය අද මුස්ලිම් සමාජයෙත් අයිසිස් වගේ උන්ගෙත් තියෙන ඇතම් ම්ලෙච්ච ක්‍රියා හුලෙගු උන්ට කරපුව ලු. ඌ මිලියන දෙක මැරුවෙ ටික ටික වද දීලලු. මිනිස්සු ඔලුව පහලට තියල එකට ගැටගහල බන්කු හදල තිබ්බලු උන්ට සාද කරන්න. බන්කු අන්ඩ ඔලු.

ආයෙ ඉස්ලාම් හිස ඔසවන්නෙ බුද්ධිය දැනුම වෙනුවට අසිපත් සහ ම්ලෙච්චත්වය කරපින්නාගෙන වහලුන් ව හිද සුල්තාන් දක්වා එන කුටුස් සහ එකට සටන් කරද්දි කුටුස් වත් මරන තවත් වහල් හේවායෙක් වන බයිබාස් සමග. බයිබාස් හුලේගු දියකර හරින බුද්ධියේ බිම් කඩ මත ලෙයින් සීමා සටහන් කරන්නෙ කුරුස යුද්ද වල ශේශ ලෙස ඉතුරු ක්‍රිස්තියානි බල කදවුරු මෙන්ම ජෙරුසෙලමේ අයිතියත් අරගෙන ජුදා ක්‍රිස්තියානි ආගම් දෙක මුල් භුමියෙන් අතුගාල දාල.

දැන් ඒබ්‍රහමික ආගම් පද්දතියේ ම්ලෙච්චවම ප්‍රභේදයක් වන ඉස්ලාමයකින් මුලු කලාපයම වෙලිලා ගිහින්.

සියවස් ගානකින් ඔටෝමන් කාලිෆේටය හැදුවත් එහි තැන තැන වෙසෙන නෝමැඩික් අරාබි ගෝත්‍ර අතර බුද්ධිමය පාලනයක් බිහිවන්නෙ නැහැ. එහි දිගින් දිගටම නිර්මානය වන්නෙ වහාබි වගේ අන්ධ භක්තින්.

පස්සෙ කාලෙක නැපෝලියන් වගේ මිනිස්සු සමුල ඝාතන කරන්නත් බ්‍රිතාන්‍ය පාලනයට ස්තානිය වටිනාකම් දෙන්නත් මේ බිම් යටත් කර ගැනෙන්වා.

ලෝක යුද්දයකින් ඒ කාලිෆේටය පැරදුනාම යුරොපියන් අතට භුමිය නතුවෙනවා. භුමියෙ තෙල් හොයා ගත්තම බ්‍රිතාන්‍ය ප්‍රන්ශ වගෙ බලවතුන් භුමියෙ ඉන්න මිනිසුන්ගෙ වාර්ගිකත්වය පවා නොසලකමින් තම තෙල් ලින් සීමා අනුව රටවල් වල සීමා ලකුනු කරනවා [සුන්නි බහුතර ඉන්න අලෙප්පො වල පාලනය ශියා පවුල් අතේ තියෙන දමස්කසයට දීල ශියා බහුතර බස්‍රා සහ බැග්ඩෑඩ් ශේක් රාජදානි සුන්නි බහුතර මොසුල් එක්ක පටලල ශියා බහුතර ඉරාකෙ බලය තමන්ට අවනත සුන්නි උන්ට දෙනව - අදටත් මේ දෙරටේ ඉන්නෙ 60-40 වගේ විකාර අනුපාත වලට බෙදුනු නයි වෛර ජන කොටස් දෙකක්]. මුස්ලිමුන් ගේ අතවර වලට ලක්වෙන ටෙල් අවිව් හි සුලුතර යුදෙව්වන්ට රටකුත් දීල මුස්ලිම්මු බහුතර ඉන්න ඉපැරනි බයිබලික නගරත් අල්ල ගන්න දීල සයෝන රාජ්‍යයේ පැරනි සිතියම් යලි හදන්නට මිලියන ගනන් කදවුරු වලට දක්කන්න සහ මහ පොලොවේ එකම මිනිස් සත්ව ගාල වන ගාසා තීරය හදාගන්න ඉඩ දෙනවා [තව ඕකෙ මගුල් නටල අරාබි බූරුවෝ වැඩේ තවත් නාගන්නව].

අන්තවාදි ආක්‍රමනික නායකයෙක් වන කුඩා ගමක උන්නු සවුද් ට කලාපෙ ලොකුම බිම්කඩ වෙන්කරල දෙනවා සහ උන් ගේ අස්තාවර කොල්ල කාල හදන රාජ්‍යය රකින්න හමුදා ස්තාපිත කරනවා තෙල් වෙලදාම තමන්ට දෙන පොරොන්දුව පිට.

තෙල් හූර කන්න කරන්න තියෙන බලු ගැත්තර වැඩ ඔක්කොම කරනවා.

අන්තිමේදි ඔන්න ඔයාල අපි ඔක්කොම දන්න වෙපන්ස් ඔෆ් මෑස් ඩෙස්ට්‍රක්ශන් කියාන කලාපයේ මුස්ලිම් අන්තවාදයට එරෙහි එකම පතාක යෝධයාවත් වට්ටල බිම දාල බැරල් එකක දාල අරගෙන එල්ලල මරනවා. අහල පහල රටවල අරාබි වසන්තේ කියල සෙකුලර් නායකයින් මරන්න ම්සුලිම් අන්තවාදින්ට ආයුද දීල දැන් ඒ රටවල් අරබි සමර් වෙලා ගිනි ගනිමින්. අන්තිමට ඔය තෙල් නලයක් එලාගන්න කියල ඉතුරුවෙලා ඉන්න එකම සෙකුලර් නායකය මර්දනේ කරන්න එයාලම හදාගන්න මෙවලම තමා අයිසිස්. එතකොට එහෙමම සෝවියට් මාක්සාගමික ව්‍යාප්තියට එරෙහිව හදාගන්න මෙවලම අල් කයීඩා.

මිත්‍රවරුනි, සහස්‍ර ගානක යුද්ද වලින්, සමූල ඝාතන වලින්, බුද්ධියේ ශීර්ශ චේදනයෙන්, පදින්චි බිම්කඩ ඩෝසර් කරල වෙන ජාතිවලට ජනපද හදනව දැකපු හිත් වේදනාවෙන් ගේම් වල්ට මිලිශියා ලෙස හයර් කිරීමෙන් වෙපන්ස් අම්බානට ලබා දීමෙන් වෙහෙසකර වූ අරාබි කාරය මේ වෙලාවෙ මාර අබුද්ධික වියරු වැටුනු මිනිහෙක්. ඌට තියෙන්නෙ දේවල් කීපයයි. කනට ඇහෙන්නෙ පෙර කී පරිදි බුද්ධි හීන වෙච්ච ඉස්ලාමයේ අන්ධ භක්තික ප්‍රභේද. ඇහැට පෙනෙන්නෙ ඒ ඉගැන්වීම් එක්ක ගෙඩිය පිටින් හරාම් වෙන බටහිර සන්ස්කෘතිය, හිතට දැනෙන්නෙ කලාපෙ ගලන සහෝදර මිනිසුන්ගේ ලේ වේදනාව, අතට ලැබෙන්නෙ පට්ට ඇමරිකන් වෙපන්ස් පොඩි සීල්ලර ගේම් දෙන්න කියල. සාක්කුවෙ තෙල් සල්ලි.

ඉතින් උන් වටේටම තියා දානව. ලෝකෙ පුරා ම්ලේච්චත්වයේ පනිවුඩය අරගෙන යනව. කට්ටිය රිකෘට් කරනවා. බෝම්බ පුපුරන් මැරෙනවා. මේක  මේ  කන්‍යාවින්  හැත්තෑ  දෙකක  එල්බ  ගෙන  කරන  දෙයක්ම  නෙවි.

මම හිතනවා  අපි  අද  දකින  ප්‍රාතමික  ම්ලේච්ච  ඉස්ලාම් ප්‍රභේද  හැදෙන්න  හුලේගුගේ  ම්ලේච්චත්වය  තදින්ම  බලපානවා කියල.

මානව ඉතිහාසයේ දීර්ඝ කාලය තුල ස්තාවරම සහ ප්‍රබලම රාජ්‍යය චීනයයි. ඒ ඇයි?

ප්‍රශ්නය:

මානව ඉතිහාසයේ පහුගිය සහස්‍ර දෙක සැලකුවොත් ඒ කාල වල තිබ්බ විවිධ රටවල් සැලකුවොත්, ඉතිහාසයේ එකෝමත් එක කාලෙක එක්තරා පිරිසක් කල කුඩා ක්‍රියාවක් නිසා ලෝක ඉතිහාසයේ එක රටක් සෙසු රටවල් වලට හිතාගන්නවත් බරි මට්ටමේ දිගුකාලින දියුනුවක් ලබනවා.

ඒක විවිධ අන්ශ වලින් බලන්න පුලුවන්

1. ආර්තික [ද ජා නි ගන්න]

2. රටක් ලෙස ස්තාවර වෙන එක

3. රටක් ලෙස පාලනය කෙරෙන ප්‍රදේශය

4. නව නිපැයුම්

5. ජන වර්ගයක් ලෙස එකම ජන කොටසක් එකම සන්ස්කෘතියක් වීම

6. වෙලද මධ්‍යස්තානයක් වීම.

මේ කියන රට පහුගිය වසර 2000 පමන කාලෙ ඔය හැම දෙය්කින් ම මාර විදියට ඉස්සරහින් ඉන්නවා සෙසු ලෝකෙන්. මේ සියල්ල වෙන වෙනම සාකච්චා කරන්න පුලුවන්

රට මොකද්ද කියල ඕනෙ කෙනෙකුට කියන්න පුලුවන්. හැබැයි ඒ රට එහෙමෙ වෙන්නෙ ඇයි? හේතු ගොඩක් තියෙනවා ඒත් ඒ රටේ ඉතිහාසෙ එක තැනක වෙච්ච සුවිශෙශි දෙයක් මම ඉලක්ක කරනවා, මොකද මම හිතනවා එහෙම වෙන්න ඒ තනි හේතුව තදින්ම බලපානවා කියල.

පිලිතුර (Para San ගෙන්):

චිං අධිරාජ්‍යයා පටන් ගත්තු මුල්ම වෙනස් කම තමයි යුද්දයේදී දක්ශතා දක්වන හමුදා බටයන්ට විශේශ වරප්‍රසාද ලබා දෙන එක.......
ඒ වගේම හමුදා සෙබලුන්ට නිරන්තර පුහුණුව ලබාදීම හා මිලිටරි ටැක්ටික්ස් දන්නා හොඳින් ඒ ගැන ඉගෙනගන්නා නායකයන්ට තනතුරු දීම.....
මේක නිසා වෙල් ට්‍රේන්ඩ් උපක්‍රම අතින් ශක්තිමත් විශාල ලෝයල් හමුදාවක් හැදෙනවා.......
ඒ සහයෙන් විශාල ප්‍රමානයක පැතිරුනු කාලයක් එකිනෙක යුද වැදුනු හන් වගේ තවත් රාජ්‍ය කීපයක් යටත් කරගන්නවා.....
ඊට පස්සේ වෙනස් වෙනස් ඒරියා වල තිබුනු වෙනස් වෙනස් මිනුම් වෙනුවට පොදු මිණුම් ඒකක, වෙනස් මුදල් ඒකක ව්ව්නුවට එකම මුදල් ඒකකයක් හදුන්වා දීම වෙනවා........
ඊට අමතරම ඒ සම්පුර්ණ ප්‍රදේශයටම තනි භාශාවක් හදනවා......
මම හිතන්නේ සුජීව බලාපොරොත්තු වෙච්ච වෙනස ඒක වෙන්න ඕනෙ......
ඒකෙන් ඒ මුලු අදිරාජ්‍යයේම මිනිස්සු එකම බාසවක් භාවිතා කිරීමට පටන් ගැනීම ඒ ඔක්කොම එකම ජාතියක් වශයෙන් එකට ඉන්න එකේ ආරම්බය.......(ඔය ඒරියා එකත් එක්ක ගත්තම බෝම සුට්ටන් ලංකාවෙත් බාසා දෙකක් තීනවා , ඒක මුලු රටේම එකම විදිහට සන්නිවේදනය කරන්න බාධාවක්)
පසුව කෑලි කැඩි කැඩි වෙනස් වෙනස් රාජ්‍ය හැදුනත් උන් ඔක්කොම එකම බාසවක් කතා කරන ලියන මිනිස්සු ඒක එදා වගේම අදත් එහෙමයි, අදටත් ලෝකෙ වැඩිම පිරිසක් කතා කරන බාසාව ඒ ප්‍රමානය මුලු යුරෝපෙ ජනගහනාට වඩා වැඩි......
උතුරු ඇමරිකාවේ ජනගහනයට වඩා වැඩි.....
වාර්තාගත ලෝක ඉතිහාසෙ වැඩිම කාලයක් ඉහලම දල ජාතික නිශ්පාදනයක් තිබ්බේ ඒ අය අතර........
කාර්මික විප්ලවය පටන් ගන්නකන් ලෝකයේ නව නිපැයුම් වලින් බහුතරයක් නිපදවුනේ එතන....

විස්තරය:

චීන ඉතිහාසෙ ප්‍රදාන විශාල රාජධානිය වන්නෙ අදින් වසර තුන්දාහකට පමන ඉස්සර තිබ්බ ශවු අදිරාජ්‍යය. පහල හොවැන්හෝ නිම්නයේ මුලු පලාතම වගෙ මෙයාල පාලනය කලා, යැන්සි නිම්නයටත් බලය පැතිරුනා. ඒ පාලිත ප්‍රදේසය ප්‍රාදෙශිය නායකයින් [යුරෝපෙ ඩියුක් ලා වගේ] මගින් තමා පාලනය වුනේ. කුඩා වුනත් ශව් කියන්නෙ අඪ්ඃඉරාජ්‍යයක් වෙන්නෙ මේ නිසා. ඒ පලාත් ඔටෝනොමස් වෙනවා වගේම උන්ට ආවෙනික වෙනස් සන්ස්කෘති තිබ්බෙ.

ඊට පස්සෙ ශව් අදිරාජ්‍යයෙ බලය ක්‍රමයෙන් හීන වෙමින් ස්වාදීන රටවල් කැඩෙන්න ගත්ත. ඒ ඒ ටරවල ඒවාට ආවෙනික සන්ස්කෘති. ලෝකෙ ඕනෙම පලාතක ඔහොමයි වෙන්නෙ. ඉන්දියාව යුරෝපය මැද පෙරදිග ඕනෙ තැනක. කාලයත් එක්ක ඒ සන්ස්කෘති සහ භාශා විසින් ජාතින් හෙවත් ජනවර්ග හදනවා. ඒ ජාතික රාජ්‍ය වෙන වෙනම රටවල් වෙනවා. චීනෙත් වෙනන් ගියේ මේක.

කැඩුනු රාජධානි මූලික වශයෙන් හතක් එස්ටැබ්ලිශ් වෙනවා, මේ රාජධානි හත ඕනෙම තැනක වුනා වගේ එකිනෙකා අතර යුද වදිමින් එක එකාගෙ කොටස් අල්ල ගනිමින් ඔහේ යනවා. මේ ආකාරෙට ගියානම් චීන කලාපෙ මෙලහට ඔය රටවල් හත මූලිකව ප්‍රදාන ජාතින් හතක් සහ රටවල් කීප්‍යක් තමා තියෙන්න ඕනෙ. එහෙනම් චීන කියල ජාතියක් නැහැ.

අදින් වසර 2400ට පමන පෙර මේ රාජධානි අතර දුබලම එකා තමා ක්චින් [Qin] හේතුව නම් ඔවුන් ඉන්නෙ කදුකර දුස්කර පලාතක. පහල නිම්න වගේ සරුබිමක් නෙවි. එවකට චීන පලාත් හැටියට ගන්නෙ වත්මන් චීනෙ නගෙනහිර බාගෙ, ක්චින් ලා ඉන්නෙ ඒ බාගෙ බටහිරම කොටසෙ. ඔවුන්ට සරු බිම් නැහැ, මිනිස්සු නැහැ, ඒ නිස අහලපහල රටවල් වලින් බැටකනවා, උන් ඇවිත් රටේ කොටස් අල්ල ගන්නව.

මේ නිසා ක්චින් වරු පටන් ගන්නව ස්කිල්ඩ් මයිග්‍රේශන් ස්කීම් එකක්,

මේ වෙද්දි චීනය දාර්ශනික අතින් සහ රාජ්‍යතාන්ත්‍රික අතින් සෙසු ලෝකෙට වඩා දියුනුයි. චීනෙ කෞටිල්‍ය කියන ප්‍රකට ආට් ඔෆ් වෝ පොත ලිව්ව සන් සි හෙවත් සුන් සු ඉන්නෙ බුඩ්ධ කාලයේ වගේ. සියක් ගුරුකුල චින්තනය කියල කියන විවිධ දාර්ශනික ප්‍රභේද චීනයේ අතිවෙනවා. මේවා අධ්‍යත්මික සිට පුද්ගල සන්වර්ධනය මෙන්ම රාජ්‍ය පාලනය දෙශපාලනය කියන හැම තනම පේනවා. මේ දර්ශන වල ප්‍රබල මූලයක් වෙනවා කොන්ෆියුසියස් දර්ශනය. එය යහපත් ජීවිතයක් ගැන අධ්‍යත්මික පැත්ත ගැන කියන එකක්. කොන්ෆියුසියස් ප්‍රධාන කරගෙන චින සම්ප්‍රදායික මැනර් සිස්ටම් එකක් එහෙමත් හැදෙනවා. ඒ වගේම රදල බලය පවුල් බලය මේ සම්ප්‍රදායෙ වැදගත් කොටසක් වෙනව.

ක්චින් වරු මේ ස්කිල්ඩ් මයිග්‍රේශ්න් එකට සෙසු චීනය වෙලාගන්න මේ දර්ශනය තුල තියෙන අඩුපාඩු භාවිතා කරනවා. ඒ අනුව ඔවුන් කොන්ෆියුසියස් දැක්ම බැහැර කරනවා. අධ්‍යාත්මික පැත්ත මැනර්ස් ආදිය බැහැර කරනවා, ඇග්‍රෙසිව් ප්‍රොග්‍රෙස් එක ගැන හිතන දක්ශයට තැන දෙන මොඩර්න් නීති සහිත සහ නීති ටක්කෙට රකින දැඩි මඪ්ඃයගත පාලනයක් හදන්නෙ. රට රාජ්‍යය නීතිය ආදිය කාටත් උඩින්, ඔනෙ කෙනෙක් සමානයි රාජ කුමාරයා වුනත් වරදක් කලොත් දඩුවම් දෙනවා. මේ දර්ශනයට ලීගලිස්ම් කියනවා.

මේක තමා අදත් ලෝකෙ වෙන්නෙ සම්ප්‍රදායික එකතැන හිරවෙන රටවල් අතර අලුත් රටවල් ඇවිත් මොඩර්න් සිස්ටම් හදල ස්කිල්ඩ් මයිග්‍රේශ්න් කෝල් කරනවා. එදා චීනෙත් රදල වාදය නිසා හෝ වෙනත් සම්ප්‍රදායික හේතු නිසා හිරැව්වෙච්ච දක්ශ මිනිස්සු ක්චින් දේශයට යනවා. මෙතැන් පටන් ක්චින් වරුන්ගෙ වැඩ කරන්නෙ අලුතෙන් මයිග්‍රේට් කල දක්ශ මිනිස්සු.

ඒ අතර ඉන්න මයිග්‍රන්ට් කෙනෙක් තමා ශන් යන්. එයා මෙ ක්චින් දර්ශනය ඕගනයිස් කරල නීති ටක්කෙට හදල ක්චින් සිස්ටම් එක හදන්නෙ. එයා මිනිස්සුන්ගෙ ප්‍රොග්‍රෙස් එක මත උන්ට ඉහල පහල තනතුරු දෙන්නෙ. යුද හමුදාවෙ නම් ලොක්ක පොඩ්ඩ නතුව දක්ශයා බලල, ගොවින් නම් අස්වැන්න මත ඉඩම් හෝ නො එසේනම් වහල් බව. සියල්ල ස්ටැන්ඩර්ඩ්ස් වලට ගන්නව සිම්ප්ල දේවල් කරත්ත රෝදෙ සයිස් එක පවා ක්චින් දේශයට එකම එකයි. යුද අවි වල තාක්ශනය හමුදාව, කෘශිකර්මය. රටේ මිනිස්සු හමුදාවට වැඩියෙන් අරගෙන රටේ වෙනත් අන්ශ වලට ඒ ඒ ජොබ් වලින් මිනිස්සු පිටින් ගෙන්නනව. ඒ එන මිනිසුන්ට ගොවිතැන් කරන්න ඒ ලොකු හමුදාව දාල අහල පහල රටවල් කීපයක් අල්ලනව නගර සලසුම් වාරි සලසුම්. මිනිහ තමා මහ ඇමති වෙලා ඔක්කොම සෙට් කරන්නෙ ඒ වගේම හමුදා නායක්‍යෙක් වෙලා අහලපහල් තිබ්බ ලොකු රටක් අල්ලල පෙන්නනව. කුඩා බලකොටුවල ප්‍රාකාර යා කරමින් මහ අ ප්‍රාකාරයක් හදන සන්කල්පයත් මෙයාගෙ තමා පස්සෙ හැන් චීනය වැඩියෙන් කලාට

ඒත් අන්තිමට අදිරාජය ඔහුව මරනව. හැබැයි ඔහු හදාපු සිස්ටම් එක එහෙමම තියාගන්නව. [අතුරු කතාවක්: ක්චින් ලගේ දර්ශනය - ලීගලිස්ම් - හරියට ශේප් කරල රට පුරාම ක්‍රියාත්මක කලේ ක්චින් රටේ මයිග්‍රන්ට් කෙනෙක් වෙන ශන් යන් නේ.ශන් යන් නීතිය සියල්ලට ඉහලයි කියල රාජ කුමාරයින්ටත් දඩුවම් දෙනවා. රජා මලාම කුමාරය රජ වෙච්ච ගමන් ශන් යන්ට ශොට් එක දෙන්න හදනවා. එතකොට ශන් යන් පලා යනවා. ඒ පලා යාම මාට්ටු වෙන්නෙ දුර පැත්තක තානායමක නවතින්න ගිය වෙලාවෙ. ශන් යන් ට්‍රයි කරන්නෙ බොරු නමකින් එතන ඉන්න. ඒත් ඔහුම හදාපු නීතියක් අනුව නවතින මිනිහගෙ අයිඩෙන්ටිටි එක තහවුරු කිරීම මස්ට් එකක්. තානායම් කරු නිතියට අනුව කටයුතු කල නිසා ශන් යන් අහුවෙන්නෙ]

මේ වෙද්දි ක්චින් දේශය මිලියනයකට වඩා වෙල් ට්‍රේන්ඩ් ආමි එකක් [සෙසු චීනෙ වගෙ පෙසන්ට් ආමි නෙවි] හදනව. ක්‍රොස් බෝ දුන්න ඉන්වෙන්ට් කරනව, ඒ දුන්නට සීක්‍රට් ලොක් දානව සත්‍රෙක්ට අහුවුනොත් ක්‍රියාකාරි නොවෙන්න. ක්චින් වරුන්ගේ දුනුවායන් තමා භයානකම. ක්චින් වරු සම්ප්‍රදායට ගරු කරන්නෙ නැහැ. ඒ නිසා උන් යුද්දෙදි නරුමයි, සමහර වෙලාවට සාකච්චා කරන්න කියල ගෙන්නල මරල දානව. එක ප්‍රදාන සටනකදි [චැන්පින්] ලක්ශ හතරකට් අධික පරාජිත් ප්‍රතිවාදින් නිම්නයක හිරකරන පස් දාල වහනව. මේ සටන ලෝක යුද්ද වලට පෙර තිබ්බ මෝස්ට් එක්සෝස්ටින් සටන කියනව.

ක්චින් ලගේ මයිග්‍රේශන් එක එක්ස්ප්ලොයිට් කරන සතුරන් දක්ශ සිවිල් ඉන්ජිනේරුවෙක් එවනව ස්පයි කෙනෙක් ලෙස අරමුන වෙන්නෙ ඔහු ලවා වාරි කර්මාන්ත කරවල මේ ක්චින් යුද ශක්තිය සහ එනර්ජි එක වේස්ට් කරදාන්න. මිනිහ කිමි සිය ගානක මහා ඇලක් හාරන්න ගන්නව. ඒ අතරේ ප්ලොට් එක අහුවෙනව. හැබැයි ක්චින් වරු ඔහු නොමරා ඔහු ලවා කෝම හරි ප්‍රොජෙක්ට් එක ඉවර කරවල ඒ ඇලත් ඔහු නමින් නම් කරල ලන්කාවෙන් බාගෙක විතර කුඹුරක් නිර්මානය කරනව. ඒ ආහාර හමුදාවට සප්ලයි ලෙස දෙනව.

ක්චින් රජුන් අතර අඩු වයසෙන් රජවෙන කෙනෙක් ඉන්නව ඇලෙක්සැන්ඩර් වගේම කෙනෙක්. මිනිහට හිතෙනවා එකිනෙකා එක්ක මරාගන්න එක වදයක් මම මේ ඔක්කොම රටවල් අල්ල ගන්නව එතකොට ඉවරයි කියල. ඒ නිසා මින්හ හමුදා තවත් ලොකු කරල මිනිහ දශක කීපෙකින් ඔක්කොම චීන රාජ්‍ය අල්ලගන්නව වත්මන් චීනෙ මුලු නැගෙනහිර බාගෙම.. ශව් වගේ නෙවි මේක ජෙනුයින් අධිරාජ්‍යයක්. මෙයා තමන් "පලමු චීන අධිරාජ්‍යය" ලෙස නම් කරගන්නව. ඒ වගේම එතෙක් චීනුන්ට හිමි නැති පර්ල් ඩෙල්ටාව අවට පෙදෙස් වලට පවා තම බලය ගෙනියනව.

ක්චින් වරු සම්ප්‍රදායික චීනය වෙනස් කරල මුලු චීනෙම එකම ස්ටැන්ඩර්ඩ් එකකට ගන්නව. මේ වැඩේ ලෝකෙ ලොකු රටවල් නිටර කරන එකක්. රෝමය බ්‍රිතාන්‍ය, ඇමරිකාව. ඒත් ක්චින් වරු තවත් එහාට ගිහින් ස්වාදින සන්ස්කෘති භාශා ආදිය තහනම් කරනවා. සියලු දෙන අ බලෙන්ම කන්වර්ට් කරනව. කොන්ෆියුසියස් දහම අරගෙන ඒකට තමන්ගේ තියරි දාල ආයෙ කොන්ෆියුසියස් දහම ලෙස බලහත්කාරෙන් ඒ මුලු චීනෙම පතුරනවා. මධ්‍යගත මිලිටරි පාලනයක්.

පලමු චීන අධිරාජයා යුදයෙන් පරදන්න බැරි ඝාතන උත්සාහ ගනනක් වලකන කෙනෙක්. මිනිහ මැරෙන්නෙ අමරනීය වෙන බෙහෙතක් විස වෙලා. ඒත් එයා මැරුනම බලයට එන්නෙ දුර්වලයින්. ඒ වගේම ඇමතිල රජාට කෙලවන්න වැඩියෙන් ටැක්ස් ගහන්න වගේ මිනිස්සු කුපිත වෙන දේවල් කරනවා. එතකොට රටම කැරලි ගහනවා. ඇතිවන සිවිල් යුද්දෙන් දිනන්නෙ හැන් චීන [පෙර කී චීන රාජ්‍ය හතෙන් වෙනත් එකක] පරපුරක කෙනෙක්. හැන් වරුන් බලය අරගෙන සියවස් හය හතක් හිටින චීනයේ දිගම ඩිනාස්ටිය හදනවා. චීනය කියල ලෝකෙ දන්නෙ ඒක. හැබැයි චීනයට චීන නම එන්නෙ ඉන්දියන් සහ පර්සියන් වරුන් ක්චින් වරු එක්ක ගනුදෙනු කලාම ලු.

කෙසේ වෙතත් හැන් චීන කියන්නෙ ක්චින් චීනෙ දිගුවක්. හැන් වරු සිස්ටම් එක එහෙමම ගෙනියනව. වත්මන් චීනෙ බටහිර කොටසත් අල්ලනව. මහා ප්‍රාකාරෙ ලොකු කරල හදනවා. මුලු චීනෙම හැන් ක්‍රමේට [ඒ කිව්වෙ ක්චින් ක්‍රමයම තමා] වෙනස් කරනවා. වෙනත් භාශා තහනම්.

මේ අදින් වසර දෙදාස් දෙසියක විතර ඉස්සර පටන්ගෙන අදින් වසර එක්දාස් හාරසියක් විතර වෙනකම් පවත්වා ගෙන ගිය සිස්ටම් එක.

අද ඒ චීන ලොකු කුට්ටිය තුල ඉන්න පිරිස එක ජාතියක්. හැන් චින කියල කියන්නෙ [ක්චින් නෙවි] උන් කතා කරන්නෙ එකම භාශාවක් මැන්ඩරින් කැන්ටනිස් වෙනස පමනයි. බිලියනය ඉක්මවන එකම ජාතියක්. ජන වර්ගයක් හෙවත් එත්නික් ගෘප් එකක්. එහෙම ලොකු එත්නික් ගෘප් ලෝකෙ වෙන නැහැ. හැන් චීනුන් ට මූනු ගොඩයි මොකද ජානමය ලෙස ෆුලි මික්ස් වෙලා නැහැ. හැබැයි චීනෙ කොහෙ ගියත් ඇවතුම් පැවතුම් එකමයි. ලන්කාවෙ මාතර ගාල්ල කොලඹ නුවර වගේවත් වෙන්සක් නැහැ.

ඊට පස්සෙ ලෝකෙ ලොකු බලයන් හැදෙනවා ආපහු නැතිවෙනවා, චීනයට වඩා දියුනු සහ විශාල රටවල් හැදෙනවා හැබැයි ඒකාග්‍ර බවක් නැතුව කැඩෙනවා. ආර්තිකේ ලොකු අය හැදෙනවා කාලයත් එක්ක පිරිහෙනවා ඔය මොන දේ වුනත් හැන් චීන සම්භවය සහිත රාජ්‍යය දිගටම තියෙනවා . කුඩා කාලවලට වෙනම රටවල් කැඩුනත් ආයෙ හා වෙනවා මොකෙකුට හරි යටත් වුනත් ආයෙ ඌ එලවනවා මාක්ස්වාදෙ ආවත් ආයෙ රි ඩිෆයින් කරගන්නව. කොටිම්ම මාවෝ සේතුන් කල දේවල් අස්සෙ මාක්ස් ට වඩා මට ශන් යන් තමයි පේන්නෙ. ක්චින් වාදය තමා කොමියුනිස්ට් වාදෙට වඩා පේන්නෙ.

ලෝකෙ ලොකුම රටවල් ලිස්ට් එක ගන්න.

  • රුසියාව - කොලෝනියල් බලයෙන් අල්ලපු සයිබීරියාව නිදහස් නොදි අල්ලන් ඉන්න නිසා.
  • කැනඩාව, ඇමරිකාව, බ්‍රසිලය, ඔස්ට්‍රේලියාව, ආජන්ටිනාව - කොල්ල කාපු කොලොනියල් රටවල්
  • ඉන්දියාව - බ්‍රිට්ටො හදාපු රටක්.
  • හැබයි අවු 2000 කට වඩා චීනෙ ඔය සයිස් මයි ලෝකෙ තෙවනි ලොකු රට.

ක්චින් වරුන් ගේ දර්ශනය මත හැන් වරු ඉවර කල එක ජාතියක් හදන වැඩේ අර පරා උඩ කිව්ව වගේ පරම්පරා 10000 ක් ගියත් වැටෙන්නෙ නැහැ. කැඩෙන්නෙ නැහැ. ඒ මත බිහිවන ආර්තික සමාජිය බලය එලෙසින්ම පවතිනවා. ඒ කතාව් පරා මට කලින් කතා කලා. පහුගිය අවු 2000 ගත්තොත් චීනෙ පමනයි ජීඩීපී එක ස්තාවරව සහ ලෝකෙන් ලොකු අගයක් ලෙස තියෙන්නෙ. මන් හිතන්නෙ චීනට තදින්ම වැදුනු එක කාර්මික විප්ලවය - පරා කියන්න වගෙ කාර්මික විප්ලවේ එනකම් ඔක්කොම ලොකුන් නිශ්පාදන කලේ උන් නෙ. කාර්මික විප්ලවේ චීනව අවුරුදු තුන්සීයකට හාන්සි කලා. හැබැයි ඌ නැගිට්ටෙ කාර්මික විප්ලවයත් උගෙ සාක්කුවෙ දාගෙන

ඒ ග්‍රාෆ් එකේ "ඉන්දියාව" කියල රටක් තිබ්බට එහෙම රටක් ලෝකෙ තිබ්බෙ අශෝක යුගයේ සහ 1947 සිට පමනයි නෙ. අශොකට වැරදුනේ ඔතන. ආගමින් රටක් හදන්න බැහැ ජාතියක්ම වෙන්න ඕනෙ. කෙසේ වෙතත් හින්දි බාසාව සහ පැන් ඉන්දියන් හින්දුස්තානි ජාතිය මත දැන් ඉන්දියාව ට්‍රයි එකක් දෙනව. හැබැයි හැන් වරු කල වැඩේ සාර්තකව දැනට ඇමරිකාව සහ බ්‍රසීලය කරල තියෙනව.

මේ  තියෙන්නෙ  චීනයේ  ඓතිහාසික  ව්‍යාප්තිය  කාලය  එක්ක.  බලන්න  කෙතරම්  දිගු  කාල  වල පවා  කෙතරම්  ස්තාවර  ලෙස  පවතිනවාද  කියල.  සන්සන්දනාත්මකව  මේ ඉන්දියාවෙ  ඓතිහාසික ව්‍යාප්තිය.

Saturday, July 20, 2019

සඳ ගමනින් පසු

සඳ ගමනට පනස් වසක් පිරෙන වෙලාවෙ ආයිමත් කතාකරන්න හිතුවෙ  එතනින්  එහාට  මොකද  වෙන්නෙ  කියන එක. මේක  සයිෆයි  එකක්වත්  විද්‍යාවෙ  අනගි  හැකියා  ගැන  ශෝ  එකක්වත්  නෙවි, රියලිටිය  තේරුම්  ගන්න උත්සාහයක්  සහ  ඒ  ගැන  ක්‍රිටික්  එකක්.

1. අවු 50 ක් ගිහිල්ලත් 
සඳ ගමනට එහාට යන දෙයක් අපි ඒ අන්ශයෙන් කරල නැහැ කියලනෙ මාධ්‍ය  ඔක්කොම  කියන්නෙ. [මීර් සහ ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම්පොල ඔයිට එහා යන දේවල් කියා මම හිතනවා ඒක වෙනම කතා කලා] ඒ කියන්නෙ අභ්‍යවකාශය කියන්නෙ මිනිසුන්ට තේරුමක් ඇති ගවේශන මාධ්‍යයක් නොවේ. රාජ්‍යයන් කීපයක් ලොකුකම කියවන්න සහ සීතල යුද්ද නිසා සල්ලි වියදම් කරල ටොප් රිසෝසස් දාල ඕව කලා වුනාට එතනින් පස්සෙ ජාමෙ බේරගන්නයි නාමෙ සුරකින්නයි ලාවට ෆන්ඩ්ස් වෙන්කලා පමනයි. පුද්ගලික අන්ශය ඒ අවු 50 ටම කලේ කතාකිරීම සහ පර්‍යේශන කීපයක් පමනයි. වයබල් බිස්නස් එකක් තවම නිර්මානය වෙලා නැහැ.

2. මිනිසා වෙනත් ඕනෙම ජීවියෙක් වගේ ටික ටික තම හැකියාව වැඩි වෙද්දි තමන් වටේ තියෙන දේවල් වලට අවධානය දෙන්න සැරිසරන්න පටන් ගන්න්ව. මුලින්ම මුහුද දෙවනුව අහස ඊට පස්සෙ අපේ ග්‍රහලෝකෙ අවට අභ්‍යවකාශය, ඒත් ඒ සැරිසරන මිනිස් ගතිය එක පාරට නවතිනවා. මුදල් මෙන්ම දැනුමත් අඩුවෙන් තමා ඒ දිහාට හැරෙන්නෙ. ඊට හේතුව වෙන්නෙ පරිගනකය සයිබරය සහ ස්මාට් ෆෝන් එකේ ආගමනය ද? ඒවා එක්තරා ආකාරෙක ඇබ්බැහියක් වෙනව මිනිසුන්ට. ඒ වගේම ඒවා මිනිසුන්ගේ ඉහලම දැනුම සහ ප්‍රාග්ධන ආයෝජන තමන් දිහාට ඇදල ගන්නවා. ඒ සමග අභ්‍යවකාශය වැනි ක්ශේත්‍ර පසුබානවා වෙන්න බැරිද?

3. අපි අභ්‍යවකාශ යුගයේ අනාගතය ගැන කතා කලොත්, නාසා අගහරු ගමන් සිදුවීමට ලොකු ඉඩක් තිබ්බත් රාජ්‍ය අන්ශයෙන් පලවෙනි ලෝකෙ රටවල් මේවට ෆන්ඩ් කරන එක ලොකුවට වෙන එකක් නැහැ. වෙන්න පුලුවන් එකම දෙ එ පුද්ගලික අන්ශය. ඒත් අභ්‍යවකාශ සන්චාරක කර්මාන්තය කියන එක වියදම සහ තාක්ශනික ගැටලු එක්ක හිරවෙලා. ඒත් අභ්‍යවකාශ ඩොකියුමෙන්ටරි කියන දේ තාම වෙලා නැහැ. ක්ලාක් ගෙ රාමා සීරිස් එකේ එක තැනක, පිටසක්වලින් පොලොවට එන යානයක් නිරික්ශනය කරන්න තරම් ෆන්ඩ්ස් නැති වුනාම ජනමාධ්‍යවේදිනියක් ඒ ගැන වාර්තා වැඩසටහනක් කරන්න මාධ්‍ය ආයතනයකින් ෆන්ඩ්ස් ගන්නවා. මම හිතන්නෙ මේක ඉක්මනින්ම එක්ස්ප්ලොයිට් වෙන්න නියමිත ක්ශේත්‍රයක්. අනික මිනිස්සු යන්නම ඕනෙ නැහැ. මම දකින්න හදන්නෙ එන් බී සී සී එන් එන් වගේ ආයතන තමන්ගෙම යානා යවල අභ්‍යවකාශ්‍යේ මනස්කාන්ත දේවල් වාර්තා වැඩසටහන් ලෙස ප්‍රසන්ට් කරන එක ගැන.

4. 2022 ඇස්ටරොයිඩ් බෙල්ට් එකේ තියෙන සයිකි කියන ලෝහ කුට්ටියට මිශන් එකක් යනවා. ලෝහ ලෙස පවතින නිරාවරනය වු ලොකුම එකතුව ඒක [බෙල්ට් එක හදන්න හේතුවන ගරහලෝකය පුපුරල යද්දි ඉතුරු වෙන එහි මධ්‍යය කියල හිතන්නෙ] එතනින් නිස්සාරනය කල හැකි ලෝහ ප්‍රමානය පොලොවෙ අවශ්‍යතාවය වගේ අතිහ්සයින් විශාල ගුනාකාරයක්. ඒත් ඒ ලෝහ ලේසියෙන් සහ වයබල් ලෙස ගේන්න පුලුවන් කක්ශයට පමනයි. එතනින් බිමට බාන්න යන කොස්ට් එකෙන් පොලොවෙ ලෝහ වලට වඩා විශාල ලෙස ඒ ලෝහ මිල වැඩි වෙනවා, හැබැයි කක්ශය මත කෙරෙන ඉදිකිරීමකදි ගුරුත්වය ඉක්මවා ලෝහ බිම සිට ගෙනියනවට වඩා සයිකි ඉදල ගේන එක ලාබ වෙන්න පුලුවන්. සයිකි වල පතල් සහ අභ්‍යවකාශයේ බිහිවන ආකෘති [හෝටල්/ජනාවාස] කියන එක වැදගත් මාතෘකාවක් වුනොත් මගේ මේ කතාව වෙනස් වේවි.

5. අභ්‍යවකාශය කෙරෙහි ඇමරිකාව වගෙ රටවල රාජ්‍ය අන්ශයේ අවධානය ක්‍රමයෙන් අඩු වෙද්දි, චීනය ඉන්දියාව වගෙ රටවල් තමා ඒ ගැන උනන්දු වන්නෙ, ඉරානය පවා ඇත්තට හෝ බොරුවට අභ්‍යවකාශ වැඩ සටහන් ගැන කියවනවා. ක්‍රිකට් ක්‍රීඩාව සුද්ද පටන්ගෙන අන්තිමේ ඉන්දියාවෙ නතර වුනා වගේ සොෆ්ට්වෙයා ඉන්ඩස්ට්‍රිය ඇමරිකාවෙ පටන්ගෙන අද ආසියාවෙන් කොරව ගන්නව වගේ, මේ ක්ශේත්‍රයත් අන්තිමෙ ආසියාවෙ නතර වෙන්න පුලුවන්. ඇමරිකන්/බහුජාතික පුද්ගලික අන්ශය ලාබ මාකට් හොයාගෙන යාවි. ලන්කාව මේ ගැන හිතල තියේද?

6. කෝම වුනත් ලෝකය සඳ ගමන ගැන නොස්ටල්ජියව සමරන මොහොතක ලන්කාවෙ ඒ සම්බන්ධයෙන් තියෙන ලොකුම ප්‍රශ්නය ඒක එහෙම වුනේ නැහැ කියන කොන්ස්පරසිය විතරක් වීම් ඛේදනීය තත්වයක්. ඒ මතය එතරම්ම ලොකු කතිකාවක් වෙන්න බලපාන ලන්කා මාන්සිකත්වය තමයි එතන කී පොයින්ට් එක. තමන්ට මේ මොහොතෙ බැරි නිසා ඒත් ලොකු [කියා අපිම හිතන] අතීතයකුත් තියෙන නිසා පරන වලවුකාරයෙක් අලුත් සල්ලිකාරයෙක් ගැන ස්කෙප්ටිකල් වෙනව වගේ අපේ උන් හැසිරෙන්නෙ. ඒ නිසා බොහෝ දෙනෙක් ආසයි හිතන්න ඇත්තටම ඕකුන් ගියේ නැහැ කියල. ලාවට හරි සාක්කි කියල දෙයක් දැක්කොත් එල්බ ගන්නව.

7. ටෙරාෆෝමින් සහ වෙනත් ග්‍රහලෝක වල ජනපද. ප්ලීස් අපි විහිලු නොකර ඉමු. සයන්ස් හොලිවුඩ් වලින් ගන්න එපා. ඒකත් තව කනගාටුදායක කතාවක්. මම හිතන්නෙ කක්ශගත ජනපද තමා දැනට තියෙන තාක්ශනයේ උපරිමය.

8. මේ  ගැන  ෆේස්බුක්  එකේ  යන  සන්වාදයේ  මම  දුටු  දෙයක්  තමා  බොහෝ  දෙනෙක්  ස්පේස්  ටුවරිස්ම්  ගැන ලොකුවට මවාගෙන ඉන්නවා.  ඊට  එක  හේතුවක්  ටෙකි  සමාගම් කීපෙක  අතිරික්ත  ප්‍රාග්ධනය  "වෙන  කරන්න  දෙයක්  නැති  නිසා"  ඒ  අන්ශයට  යෙදවීම  සහ  ඒ  සමග  නිර්මානය  වන  හයිප්  එක.  ඒත් ස්පේස්  ටුවරිස්ම්  වල  මූලික වියදම  එක්ක  එය  ලෝක වාසි  බහුතරයක්  ජනයා   නිතර  කරන  එකක්  වීමෙ  ඉඩකඩ   අඩුයි.  ඒ  වගේම  අභ්‍යවකාශය  කියන්නෙ ඔය  කියන තරම්   එක්සයිටින්  තැනක්  නොවේ.  බොහෝ  විට  තියෙන්න  අදුරු   නිශ්චල බෝරින් පසුබිමක්.  මොකුත්  සිද්ද  නොවෙන.  ඔහොම  තැනකට  මිනිස්සු  පිස්සො  වගේ  යාවි කියල හිතන්න  අමාරුයි.  ඔන්න ඔය  නිසා  තමා  හොටෙලියර්   කෙනෙක්  මේ  ගැන  නිකම් වත්  උනන්දු  නොවෙන්නෙ.  මිනිසාගෙ  සන්චරන උනන්දුව  ගැන  හරියට  දන්නෙ  හොටෙලියර්ස්  ලා.  මිනිසාගෙ  සන්චරන  උනන්දුවට  අභ්‍යවකාශය  ලොකු  බලපෑමක්  නොකරන  නිසා  තමා  උන්  උනන්දු  නැත්තෙ.  දැනට  මේ  ගැන  උනන්දුව  දක්වන්නන්  මේකෙ  තාක්ශනික  පැත්ත ගැන  මිස  මාකට්   රියලිටිය  ගැන  ලොකු  අවබෝදෙකින්  ඉන්න  බවක්  පේන්නෙ  නැහැ.

9. ස්පේස්  ටුවරිස්ම්  ගැන  ලොකුවට  කතාවෙන  මේ  මොහොතෙ ක්ලාක්  ගේ සැටර්න්  රයිසින්  කියන  කෙටි  ප්‍රබන්ධය   බොහෝ  දෙනෙකුට  අමතක  වෙනවා.  මේ  තමයි මම හිතන හැටියට  ස්පේස්  ටුවරිස්ම්  ගැන  මුලින්ම  කතාවෙන  මොහොත, 1961 දි. ක්ලාක්  මේ  ප්‍රබන්ධයේ  වැදගත්  කාරනා  කීපයක්  කතාවට   ගන්නව.  පලවෙනියටම  ඔහු  දකිනවා  පවතින  තාක්ශනය  සහ  රොකට්  ක්‍රමවේද  වලින්  මිනිහෙක්ව  අභ්‍යවකාශයට  යවන්න  යන  වියදම  එක්ක  මේක වයබල් බිස්නස්  එකක්  නෙවි  කියල.  ඒ නිසා ප්‍රබන්ධය තුල ඔහු  ප්‍රතිගුරුත්ව  ඩ්‍රයිව්  එක  කියල  එකක්  නිර්මානය  කරනවා.  එතකොට  ඔහු දකිනවා  අභ්‍යවකාශය  සාමාන්‍යෙයෙන් බෝරින් අදුරු  නිශ්චල  තැනක්  බව. ඒ නිසා  ඔහු  තෝරන්නෙ  සෙනසුරුගේ  චන්ද්‍රයෙක්  මත  සිට  සෙනසුරු  උදාව නිරික්ශනය  කරන්න  හෝටලයක්.  මේ  හෝටලේ  ඉස්සරහ අහසෙන්  බාගයක්  වගේ පිරෙන්න  වටේ  කැරකෙන  වලලු  එක්ක  සෙනසුරු  උදාවීම  මිනිසුන්ට  ගිහින්  බලන්න  තරම්  වටී කියල  ඔහු හිතනවා.  තෙවනුව   ඔහුගෙ  ප්‍රබන්ධයේ   ඔන්ටප්‍රිනර්   හොටෙලියර් කෙනෙක්  මේ  සන්චාරක  කර්මාන්තය  ගැන  රියලිස්ටික්  අදහසක්  තියෙන්නෙ  ඔවුන්ට  බව  තමා  ඒකෙන්  ඔහු කියන්න  හදන්නෙ. ඔය  වගෙ තත්ව  රාශියක්  සම්පුර්න  වුනොත්  එක  හෝටලයක්  විතර  සාර්තක  වෙයි.

Saturday, July 13, 2019

චන්ද්‍ර ගමනට අඩ සියවසකි

අද කියවන ආටිකල් එකක පලවෙනි වගන්තිය

Fifty years on, the Apollo Moon programme is probably still humankind's single greatest technological achievement.

ඇමරිකාව හදට ගිය එක ඒ අවස්තාවෙ තිබ්බ විශාල ඊගෝ ඉශු එකක අවසානයක්. ඒ නිසා ඉහත වගන්තිය අර්ධ වශෙය්න් ඇත්ත වුනත් පත දේශපාලනික ප්‍රකාශයක්. ඇමරිකාවට ඕනෙ කලේ මෙ වගන්තිය ලෝකෙ ඉහලින්ම ලියල ඉවරයක් කරන්න.

කොටිම්ම ඇමරිකාව අභ්‍යවකාශයට යන්න හිටපු රටක් නෙවි. රුසියාව වුනත්. ඒ දෙගොල්ලටම ඒ සදහා අවකාශ ලැබෙන්නෙ හිට්ලර් ගේ රොකට් ප්‍රොජෙක්ට් එකේ දැනුම සහ මිනිස් බලය උස්සගෙන හොර පාරෙන් තම දෙරටට දැක්කුව නිසා. එතනින් රුසියාව එකාධිපති නායකය ස්ටාලින් නිසා ඉක්මනින් තම වැඩ සටහන ඉස්සරහට ගෙන ගියා.

කතන්දරේ පටන් ගන්නෙ 1957 රුසියාව ස්පුට්නික් යානය අභයවකාශයට යවපු වෙලාවෙ. මේ වෙද්දි ඇමරිකන් අභ්‍යවකාශ වැඩසටහන තිබ්බෙ කෙතරම් පස්සෙද කිව්වොත් රුසියාව යැව්වෙ මොකද්ද කියල බලාගන්නවත් ඇමරිකාවට විදියක් තිබ්බෙ නැහැ. ඒ තරම් කුඩා ස්තානය නොදන්න ආකාශ වස්තුවක් හොයල නිරික්ශනය කරන්න සමත් දුරේක්ශ තිබ්බෙ නැහැ. ඒත් ජනයා පුදුම ලෙස බිය වෙනවා. ස්පුට්නික් කියන්නෙ මොකද්ද කියන එක රුසියාව මුලින් ක්ලැසිෆයි කරලා පස්සෙ නිකම් අභ්‍යවකාශ යානයක් කියල කිව්ව එක ඊට එක හේතුවක්. මේක සාමකාමි අභ්‍යවකාශ යානයක් කියල ඇමරිකන් ජනයා පිලිගන්නෙ නැහැ. කෙමිකල් බයෝලොජිකල් හෝ නියුක් වෙපන් එකක් කියල ඔවුන් හිතනවා. යානය හොයාගන්නෙ ස්මිත්සෝනියන් ආයතනෙ දුරේක්ශ වලින්. ඒ ඉතාම අපෙහැදිලි කුඩා ඩොට් එකක් ලෙස. ඒත් එය මොකද්ද එයින් කල හැක්කෙ මොකක්ද කියල දැන ගන්න මහජනයා දෙන ෆෝන් කෝල් හින්ද ස්මිත්සෝනියන් ආයතනයට තම දුරකතන රිසීවාර් ඉවත් කර තියන්න සිද්ද වෙනවා. තනි හිස්ටීරියා මොහොතක්.

අන්න එතන පටන් තමන්ට වැටුනු මේ අවමානය සහ පසුබෑමෙන් ඉස්සරහට එන්න ඇමරිකාව දත කාගෙන වැඩ කරනවා. පාසල් වල විශය නිර්දේශ පවා වෙනස් කලාලු.

ඇමරිකාවට කලහැකි බොහෝ දේවල් ඉතුරු නැහැ. මොකද අභ්‍යවකාශයට යන පලවෙනියා ගිහින් ඒ වෙද්දි. යානයක් සතෙක් සහ මිනිසෙක් [ස්ත්‍රීවාදින්ට මදිනම් ගැහැනියකුත්] රුසියාව කොටු ඔක්කොම ටික් කරල. ඉතින් ඇමරිකාවට වැඩේ කරන්න කලින් කරන්න වැඩක් හදන්න වෙනවා.

පිස්සො වගෙ පිස්සො වගේ මහන්සි වෙලා ඇමරිකාව හදට යනවා ඒ සමගම මාධ්‍ය වලින් ලොකුවටම ආවරනය දෙනවා මේකට. හදට යාම තමා උපරිමේ කියන මතය මහජනයට පොවනවා. රුසියාව ටික් කල එව්වට උඩින් ඇමරිකාව එකක් ගහනවා.

වෙන කවුරුත් මිනිසුන් හදට යවන්නෙ නැහැ. ඇමරිකාවත් ඕක කරන්නෙ පලමු ගමනින් පසු අවු දෙක තුනයි. එහෙ ඔච්චර ලොකු සීන්ස් නැහැ එහෙ සීන් තියේද නැද්ද කියල දැනගන්න මිනිස්සු යන්නම ඕනෙත් නැහැ. මේ දෙරටම සද සහ අනිකුත් ආකාශ වස්තු ගවේශනයට යානා යවනවා. වටේ ගිහින් හොයා ගන්න එකට වඩා මාර බක්කන් බැහැල ගන්න බැහැ. ඒත් ලෝකෙ ඉන්න ලොකුම ක්‍රයි බේබි කෙනෙකුට රිපෝට් කාඩ් එකේ 100/100 දාගන්න දෙයක් තියෙන්න ඕනෙ. එච්චරයි.

කොටිම්ම  කාල්  සේගන්  කියන  මේ  කතාවට අනුව ඇමරිකාව  දිගටම යවන්නෙ  සයන්ටිස්ට්  ල   නෙවි   හුදෙක්  නියමුවන්  සහ  ඉන්ජිනේරුවන්   මිසක.  පලවෙනි  වරට  සයන්ටිස්ට්  කෙනෙක්  යවපු  ගමන්  ඇමරිකාව  මිශන්  එක  අතහැර  දානවා.  ඒ කියන්නෙ  මේකෙ ලොකු  විද්‍යාත්මක  උනන්දුවක්  නැහැ.  වැඩේ  සාර්තකව  කරගන්න  ඕනෙ  කම  පමනයි.  බේසිකලි  කොටුව  ටික්  කරගන්න.


අභයවකාශ්‍යට ගිහින් කක්ශගත වුනාම වෙන ඕනෙම තැනකට යන එක හෙනම සින් එකක් නෙවි. එතන පටන් දුර ලොකු අවුලක් නෙවි මොකද කිමි ගානට නෙවි බිල වැටෙන්නෙ. අභ්‍යවකාශ  කතාවෙ  අවදානම්  සහ  අසීරුම  කාර්‍යයන්  තියෙන්නෙ පෘතුවි  ගුරුත්වය  එක්ක  හැප්පෙන  කක්ශය  කරා  ගමනේ.

කෙසේ වෙතත් වෙනත් ලෝකයකට ගොඩ බැසීම කියන කාරනාව නම් විද්‍යා තාක්ශන අන්ශ වල වැදගත් සන්ධිස්තානයක්. මොකද  තවත්  ලෝකයක  ගුරුත්වය  එක්ක  ගැටෙමින්  ඒ  අසිරු  කාර්‍යය  කරන්න  ඕනෙ.  ගනනයන්  වල  සුලු  හෝ  වැරදි  තියෙන්න  බැහැ.  මේ  කාලෙ  ගනනයන් කලෙ එ කඩදාසියේ.

කාරණා එහෙමයි. හැබැයි එදා ගහගත්ත සීල් එක තවම තියෙනවා. දැන් ඒ සීන් එක වෙලා අවුරුදු පනහක්.

ඕකෙන් පස්සෙත් රුසියාව තව කොටුවක් ටික් කරනවා. ඒ අභ්‍යවකාශයේ නිත්‍ය මධ්‍යස්තානයක් හදල. ඒ තමා මීර්. මේක  වැදගත්  වන්නෙ  කක්ශය  මත  ස්ටේශන්  එකක්  තියෙන  කොට  කක්ශයට  එලියෙන්  වෙන  කටයුතු  එතන  සිට  මැනේජ්  කල  හැකි  නිසා.  මම හිතන තාලෙට මිනිස් අභ්‍යවකාශ ගවේශනයේ ලොකුම ඇචිව්මන්ට් එක ස්පුට්නික් නෙවිනම් මීර්.

කෙසේ  වෙතත්  මෙන්න  අර  ආටිකල්  එක.

Friday, May 31, 2019

සයිබීරියාවට නිදහස දෙනු !!!

සාමාන්‍ය දැනීම සමුහයක අහපු ප්‍රශ්නයක්.

පසුගාමී අධිරාජ්‍යයකට එරෙහිව දියුණු ආර්ථිකයක් සහිත විශාල ධනවත් වෙනම රාජ්‍යයක් වෙන් කරන්න කිසියම් ප්‍රාන්තයක තරුනයින් පිරිසක් තීරණය කරනවා. මේ තරුණයින් තම මතවාද පොත් හැටියට ලියලා අර ලොකු අධිරාජ්‍යට හොරා බෙදා හරිනවා. අදිරාජ්‍ය දන්නේ නැතුවට හමුදාවේ පවා සමහරු මේකට සපෝට්.

කුඩා මට්ටමින් පටන් ගත්තට ඔවුන්ට සැහෙන හැකියාවක් තිබ්බේ ඒ පළාත ජනාවාස කරපු ක්‍රමවේදය නිසා. සරලව කිව්වොත් ඒ පළාතේ උන්න ඔක්කොම මේකට සහය දෙන බව ස්ථිරයි.

බෙදුනා නම් ඔවුන් ආදර්ශයට ගන්න කියා ලියා තිබ්බේ ලෝකේ සිරාම රටක්.

දවසක් සුළු සෙබලෙක් ගේ ගමන් මල්ලක හොර බඩු තියේද කියා බලන හමුදා කාණ්ඩයක ලොක්කෙක්ට පොත් සෙට් එක අහුවෙනවා. එතනින් වැඩේ සමාප්තයි. අර තරුනයිනුත් ඉවරයි.

1. ප්‍රාන්තය කුමක්ද?

2. අධිරාජ්‍ය කුමක්ද? කොයි කාලේද?

3. ෂුවර් එකටම බෙදේවි කියන්න හේතු වෙන පලාත තුල වූ විශේෂත්ව මොනවාද?

4. ඔවුන් ආදර්ශයට ගන්න ගියේ කාවද?

5. බෙදීම වුනානම් එයින් ලෝක සිතියමට වෙන බලපෑම කුමක්ද?

---------------------

1860 දශකයේ රුසියාවේ විවි ක උගත් සයිබීරියන් තරුණ පිරිසක් තමා වැඩේට අත ගැහුවේ. ජාතියෙන් රුසියන් වුනත් සයිබීරියන් අනන්‍යතාවය එක්ක උන්නු පිරිසක්.

සාර් රුසියානු අධිරාජ්‍යය සයිබීරියාව ආක්‍රමණය කරන්නේ 1600 ගණන් වල. ඊට පෙර ඒක ස්වාධීන මොංගල් ඛානෙට් එකක් [ගෙන්ගීස් අධිරාජ්‍ය හදන්න පෙර පටන් ම මොංගල් දේශයේ කොටසක්]. සාර් සයිබීරියාව අල්ලන්නේ සත්ව ලෝම හා සම් ව්‍යාපාරය වෙනුවෙන්. එක මුලින්ම යටත් විජිතයක් සෙසු කොලෝනියල්  යටත්  විජිත  වගේ.

රුසියාව සයිබීරියාවේ කරන්නෙත් යුරෝපියන් ලා ඇමරිකා ඕස්ට්‍රේලියා වල කල දේමයි. ස්වදේශිකයන් යටපත් කරලා තම ජාතිය පදිංචි කර සම්පත් කොල්ල කෑම. හැබැයි අර වගේ ගම පිටින් මරන්නේ නැහැ. සයිබීරියාවේ ස්වදේශික ජනගහනය තදින්ම යටපත් වන්නේ සෝවියට් කාලේ තමා. සයිබීරියාවේ ඉන්න අඩු ජනගහනය නිසා දඩුවම්  සහ  පතල්  වැඩ  වලට රුසියානුවන් දිගින් දිගටම යාම මගින්.  දැන් ස්වදේශිකයන් ඉන්නේ 25%, 30% වගේ ගණන්. බහුතරය රුසියන්. ට්‍රාන්ස් සයිබීරියන් රේල් පාරත් එක්ක මේක යකාටම ගියා. හැබැයි රුසියන් උනුත්  ඇමරිකාවෙ  ඇන්ග්ලො  වරුන්  වගේ  සයිබීරියන්  අනන්‍යතාවයක්  හදාගෙන ඉන්නෙ.

1860 දශකයේ සයිබීරියානු තරුණයින්ට අවශ්‍ය වුනෙ පසුගාමී සාර් රුසියාව වගේ නැතිව දියුණු වෙළඳපොල ආර්ථිකයක් සහිත රටක් හදන්න. ඒ වෙද්දී ලෝකෙට තිබ්බේ ඒ වගේ රටවල් එකයි. ඒ තමා ඇමරිකාව. මේ අය හදන්නේ ඇමරිකාව වගේ රටක් හෝ ජනපදයක්  ලෙස අමරිකාවේම කොටසක් වෙන්න. ඒ ගැන ලියු පොත් එහෙම සයිබීරියාවේ බෙදා හැරෙනවා.

මේ අලුත් බලාපොරොත්තුව ලොකු හිට් එකක් වෙන්නේ සයිබීරියාවේ උන්නු බහුතරය දඬුවම් ලෙස පිටුවහල් වූ ය හෝ ස්වදේශික අය වීම නිසා. ලොකු පිරිසක් පෝලන්ත ජාතිකයින් [පෝලන්තය එවකට රුසියාවේ කොටසක්] සියල්ලන් සාර් එක්ක තරහයි. මේක කලානම් බොහෝ විට හරි යන්න තිබ්බා.

කැරැල්ලට සම්බන්ධ සුළු හමුදා සෙබලෙකුගේ මල්ලක් ප්‍රධානියා චෙක් කරන්නේ මේ වෙලාවේ. ඔහු බලන්නේ මල්ලේ හොරබඩු තියේද කියා. එත් අහුවෙන්නේ පොත්. ඒ කාලේ මේ වගේ පොත් ලියන්නේ නමත් එක්කද දන්නේ නැහැ :) කොහොම හරි කැරැල්ලට සම්බන්ධ සියලු දෙනා මාට්ටු වෙනවා.

සයිබීරියා දෙකක් තියෙනවා. එකක් තමා සයිබීරියාව කියන ජනාවාස ප්‍රදේශය, හෙවත් මොන්ගොලියාවට උඩ තියෙන රුසියාවේ මැද කෑල්ල. අනික තමා ජනාවාස අඩු නැගෙනහිර කෑල්ලත් පෙර කී කෑල්ලත් එක්ක ගන්න යුරල් කන්දෙන් මෙහා සියලු කොටස හෙවත් රුසියාවේ ආසියානු කොටස. අන්න ඒ සයිබීරියාව වකිමි මිලියන 13 ට වැඩියි. තනිව ගත්තත් ලෝකේ ලොකුම රට හෙවත් කැනඩාව + ඉන්දියාව විතර ලොකුයි. ඕක  බෙදුනානම් රුසියාව කියන්නේ ඉන්දියාව විතර පොඩි රටක්. එහෙනම් එහි ස්වාභාවික සම්පත් හරි අඩුයි.  සයිබීරියාව ගැලවුනොත් රුසියාවට අහිමි වන්නේ භුමිය පමණක් නොවේ. මුළු රුසියාවම යැපෙන්නේ මිලියන 40 ක මිනිස්සු ඉන්න සයිබීරියාවෙ ස්වාභාවික සම්පත් වලින්. අලුත් සයිබීරියාව තමා සම්පත් සහිත ධනවත් හා විශාලතම රට වෙන්නේ. ජනගහනයත්  මිලියන  40  ක්  පමන  අඩුත්  නැති  වැඩිත්  නැති  නියම ප්‍රමානයක්  දියුනුවෙන්න.

බෝල්ෂෙවික් විප්ලවය වෙලාවේ කිසියම් ආකාරයක ඔටෝනොමස් කමක් ගන්න ඔවුන් උත්සහ කරමින් උන්නේ. විප්ලවය නිසා බැරිවුනා. ඊට පස්සෙත් ඔවුන් සමාජවාදයට කැමති වන්නේ නැහැ. වසර හත අටක් සයිබීරියානු "සුදු හමුදාව" යුද්ධ කරනවා රතු හමුදා එක්ක. මේ වෙලාවේ සයිබීරියාවට ධනවාදී රටවල් සහය දෙනවා ඒත් බෝල්ෂෙවික් වරුන් අතිවිශාල ජන ඝාතනයක් කරලා දිනන්නේ.

ඊට පස්සේ ස්ටාලින් සයිබීරියාවට කෙලවලා දානවා. උන්ගේ ස්වාධීන මතවාද හා එහෙම හිතන ජනතාව් යටත් කර රුසියානුකරණය කරනවා. හැබැයි ඒ කරලත් තාම මූව්මන්ට් එක තියෙනවා. ඊයේ පෙරේදාත් වෙන්  වීමේ උද්ඝෝෂණයක් පූටින් බ්ලොක් කළා.

කොලෝනිය්ල්  යුගයේ  අල්ලගත්  ලොකු  රටවලින්  නිදහස්  නොවුනු  එකම  රට  නිසා  තාර්කිකව  සයිබීරියාවට්  නිදහස  දෙන්න ම  ඕනෙ.

සයිබීරියන් නිදහස් අරගලයේ කොඩිය මේ සමග

Saturday, February 16, 2019

සරස්වතී දෙවඟන සොයා බිම කණින ඉන්දියානුවෝ

සරස්වතී කියන්නේ වචනාර්ථයෙන් ගත්තොත් පිරුණු එක්රැස් වුණු විල්ලුව, පිරුණු තැනැත්තිය කියන එකට. ඒ අර්ථය ක්‍රමයෙන් විකාශනය වෙලා දැනුම සපිරි, පාරිශුද්ධ දැනුම, වචනය හෙවත් ප්‍රකාශනයේ පරිපූර්ණත්වය, ප්‍රකාශනයේ පාරිශුද්ධත්වය, කලාව කියන තැනට එනවා.

සරස්වතී කියන්නේ ගඟක්. භාරතීය ශිෂ්ටාචාරයේ මුල්ම යුගවල වේද ග්‍රන්ථ වල මුල්ම හරියේ සරස්වතී කියන්නේ දිය පිරුණු ලොකු විල්ලු තියෙන ගඟ. ඒ ගඟේ පිරුණු බව සහ පාරිශුද්ධත්වය සංකේතකරණය කරමින් හින්දු දර්ශනයේ පවතින ස්වභාවයේ එසෙන්ස් එකක් සංකේතිය නිරුපනය කිරීමේ "ආත්ම" කරණය කිරීමේ ලක්ෂණය තුල ඒ පිරුණු පාරිශුද්ධ ගංගාව තමයි සරස්වතී දෙවඟන ලෙස විකාශනය වන්නේ. වේද ග්‍රන්ථ වලත් මුලින්ම ගඟ, පසුව ගඟ නම් දෙවඟන වෙලා පස්සේ පරිපුර්ණ සහ පාරිශුද්ධ වචනයේ, ප්‍රකාශනයේ සහ කලාවේ දෙවඟන දක්වා සරස්වතිය එනවා. ත්‍රි දේවි නමින් ලක්ෂ්මි [ධනය] සහ  පාර්වතී [උත්සාහය] සමග  මිනිස් චර්යා නිරුපනය කරන කාන්තා චරිත තුනෙන් එකක් ලෙස හින්දු පුරුෂ දේව ත්‍රිත්වය [විශ්වයේ බිහිවීම, පැවැත්ම  සහ  විනාශය] සමග මනුෂ්‍යයා නිර්මාණය කිරීමට සරස්වතිය දායක වෙනවා. හින්දුන් දෙවියන් කියන්නේ ස්වභාවයේ එසෙන්ස් එකකට.

කෙසේ වෙතත් ශිල්පයට කලාවට දරණ සම්බන්ධය නිසා සරස්වතිය ඒ ගඟෙන් ස්වායත්ත වෙලා මිනිස් රූපික දෙවඟනක් වශයෙන් තනිව සමාජගත වෙනවා උප ඉන්දීය සංස්කෘති වල. රත්මලානේ තෙලවල පාරට හැරෙන හන්දිය වෙනකම් ඉන්දියාවේ සරස්වතී ගඟ ගලන්නේ එහෙම. රත්මලානට ආවේ මිනිස් රූ ගත් දෙවඟනක් මිස ගඟක් නෙවි. හැබැයි ඇත්තටම සරස්වතී කියන්නේ දේව රූපික ගඟ.

සරස්වතී ගංගා සහ යමුනා එක්ක උත්තර්කන්ද් ආසන්නයෙන් පැන නගින්නේ පොලොව යටින්. සරස්වතී හිස එසෙව්වා කියා තැනක් වෙනම ආගමික වන්දනාවට ලක් වෙනවා. ඒ ගංගා ත්‍රිත්වය සොයුරියන් සහ දෙවඟනන් ලෙස සැලකෙන්නේ ඒ වතුර මාතෘ තත්වයෙන් සලකන්නේ ඉන්දීය ශිෂ්ටාචාරවල පදනම ඒ ගංගා නිසා. වේද ග්‍රන්ථ අනුව සරස්වතිය ගලන්නේ රාජස්ඨාන කාන්තාරයට. කාන්තාරය තුල සැගව ගොස් ඉවර වෙන ගඟ අවසාන අවධියේ තියේ කියල ඒ කාලේ කියන්නේ. දැන් සරස්වතී නමින් ගඟක් නෑ.

සරස්වතී වසර දොළොස් දාහකට පෙර බොහෝ පළල දැවැන්ත ගඟක් ලෙස උත්තර්කන්ඩ් හර්යානා රාජස්තාන් ඉන්දු පකිස්තාන් දෙකේම පන්ජාබ හරහා ගොස් ගුජරාටයෙන් මූදට වැටුණා කියනවා. ඒ සරස්වතියේ ශේෂ මත ඉන්දු නිම්න ශිෂ්ටාචාරය කියන එකේ සමහර නගර බිහි වුනා කියනවා. වේද යුග වෙද්දී එය රාජස්තානය කරා පමණක් ගලන්න ඇති. විද්‍යාඥයින් හිතන්නේ භූ ගර්භමය හේතුවක් නිසා ගඟට සැපයුම් දෙන ග්ලෙසියරයක් අවහිර වුනා කියල.

2002 බලයට එන බී ජේ පී විශාල මුදලක් දාල සරස්වතී සෙවීම් වැඩසටහන අරඹනවා. ලංකාවේ වගේ උප ඉන්දීය සංස්කෘති වලට හුදෙක් දෙවඟනක් වුනාට හින්දු රාශ්ට්‍රිය ස්වයන්සේවක් සංග් වගේ මූලධර්මවාදී හින්දුන්ට ඒ දෙවගන සහ ගඟ කියන්නේ එකක්. ස්වභාවයේ මිනිස් හැසිරීමේ එසෙන්ස් එකතු කර ඔවුන්ගේ දේව සංකල්ප හැදෙන්නේ. ඉතින් ඔවුන්ට සරස්වතී ගඟ ඕනේ. ඒ තමා සරස්වතී.

ඒ ප්‍රොජෙක්ට් එක රීශ්රායෙල් චන්ද්‍රිකා මගින් ගන්න භූ ලක්ෂණ සහ ශාඛ සැකසුම චායාරූප අනුව ගඟ කියල එකක් මාක් කරනවා. ගඟ දිගේ පස සහ වැවෙන ගස් සුවිශේෂී කියල ඒ අනුව තවම ගඟේ ශේෂයක් පවතී කියල ඔවුන් කියනවා. මෙතන ආගමික සහ දේශපාලන දැඩි මත වලින් විද්‍යාව දූෂණය වෙනවා. ඒ නිසා මෙලෝ දෙයක් ෂුවර් නෑ.

බී ජේ පී ගෙදර ගිය ගමන් කොන්ග්‍රසය ප්‍රොජෙක්ට් එක නවතනවා. සරස්වතී ගඟ සම්පුර්ණයෙන්ම නොපවතින්නක් කියල කියන විද්වතුන් ඉස්මතු වෙනවා. ආයෙම එතනත් දේශපාලනය සහ ආගමික විරෝධය නිසා විද්‍යාව දූෂිත වෙලා තියෙන්නේ.

මෝධි දිනපු ගමන් සරස්වතී සොයා පරණ සිතියම දිගේ හාරන්න පටන් ගන්නවා. රුපියල් කෝටි ගණනක් දාල කරන මහා ප්‍රොජෙක්ට් එකක්. අන්න ඒ හාරන අයට මීටර දහයක් පමණ යටදී වතුර හමුවෙනවා.

සරස්වතී දෙවඟන යලි ඉපදෙනවා, වේද ග්‍රන්ථ අනුව ඇය පොලොව යටින් ඇවිත් හිස එසෙව්වා කියන තැන ආසන්නයේදීම. ඒ නිසාම මුස්තාපාබාද් කියන ඒ ගමේ නම එක පාරට සරස්වතී නගර් වෙනවා. පළාතේම මුස්ලිම් උන්ගේ කනට ගහල හින්දු ආගමික අන්තවාදය නැගිටිනවා. අයිරණිය කියන්නේ ගඟ කියල හමුවෙච්ච වතුර හමුවන උදලු පාර ගහන්නේ පොලොව හාරන තැන වැඩ කල මුස්ලිම් සේවිකාවක්.

හැබැයි ප්‍රතියෝජක පිල කියන ආකාරයට මේ තරම් යටදී කෝමත් භූගත ජලය ලැබෙනවා. අනික මේක ගලන තරම් ලොකු වතුරක් නෙවි. ඒ නිසා මේක සරස්වතී නෙවි. මේ කාරනේදී හින්දු පූජකයිනුත් ඒ මතයට සහය දෙනවා. කාව රවටුවත් දෙවියන් රවටන්න බැරි නිසා. ඒත් බී ජේ පී ප්‍රාන්ත සහ ජාතික රජයන් කොහෙත්ම ඇහුම්කන් දෙන්නේ නෑ. කිමි පනහක් සරස්වතී හාරන්න තීන්දු කරනවා. ඒ හෑරුවම පිරෙන්න ස්වාභාවික ලෙස වතුර නැති නිසා ඉහලින් වේල්ලක් බැඳලා කෘතිමව ජලය දෙන්න. බේසිකලි උන්ට ඕනේ කෘතිමව හෝ සරස්වතී හදන්න.

මේ වීඩියෝ එක ටිකක් පරණයි, සරස්වතී කියල අපි දන්නා තෙලවල හන්දියේ ඉන්න මනුස්ස රූපී කෙනාගෙන් එහාට හින්දු ආගමික එසෙන්ස් එක කෙළවර ඉන්න ඇත්ත සරස්වතී හොයා යන ගමනක්.

අවසාන වශයෙන්. සරස්වතී කියන්නේ ගඟක්. දෙවඟනක් ලෙස අපි වඳින්නේ ඒ ගඟේ ස්වභාවික ලක්ෂණ වල එසෙන්ස් එක අරගෙන මනුෂ්‍යකරණය කරපු සංකල්පයකට.