Friday, April 17, 2015

දෙමුහුන් ප්‍රජාවක්

තවත් සාමාන්‍ය දැනීම සමූහයේ ප්‍රශ්නයක්

දෙරටක් යාකරන පාලමකි. වැදගත් කලාප දෙකක් යා කරන ප්‍රධාන ගොඩබිම් සම්බන්ධයයි. මේ පාලම නිසා එක රටක ප්‍රධාන නගරයකට බොහොම ලඟින් අනික් රටේ ග්‍රාමීය පලාතක් යා වීම නිසා නගරයේ වැසියෝ අනික් රටේ ග්‍රාමීය ප්‍රදේශයෙහි පදිංචි වූහ. මෙය අඩු මිලට පහසුවෙන් ප්‍රධාන නගරයට යන්න එන්න හැකි විදිහක් නිසාවෙනි. අද මේ දෙමුහුන් ප්‍රජාව හැඳින්වෙන්නේ පාලමට යෙදු නමිනි.

1. පාලම කුමක්ද?

2. යා කරන දෙරට සහ අදාළ ප්‍රධාන නගරය කුමක්ද?

--------------------------------------------------------------------


Øresund Bridge ඩෙන්මාක් වල කෝපන්හේගන් නගරයේ සිට ස්වීඩනයේ මැල්මෝ දක්වා බෝල්ටික් මුහුදේ මුවවිට හරහා දිවෙන උමගක් හා පාලමක්. මේ මගින් කෝපන් හේගන් නගර මධ්‍යයට ස්කන්ඩිනේවියා අර්ධද්වීපය සම්බන්ධ වන්නේ කිමි 12 වගේ දුරකින්.





ඩෙන්මාක් හා ස්වීඩනය යා කරන මේ පාළම යුරෝපය හා ස්කන්දිනේවියා 
අර්ධද්වීපය යා කරන ප්‍රධාන ගොඩබිම් මාර්ගයයි. එහෙම නැතිනම් බෝල්ටික් කලාපය අස්සෙන් වටේ යන්න වෙනවා.


ජනාකීර්ණ කෝපන්හේගන් නගර මධ්‍යයට අඩු දුරකින් සම්බන්ධ වන මැල්මෝ අවට ස්වීඩන් පෙදෙස ග්‍රාමීය යි. මේ නිසා පාළම හැදු  පසු  කෝපන්හේගන් මිනිස්සු ස්වීඩනයෙන් ඉඩම් ගත්තා. නගරය ආසන්නයේ අඩු මිලට ඉඩම් ලැබුන නිසා. යුරෝපය ෂෙන්ගෙන් තනි වීසා කලාපයක් නිසා තමයි මේක කළහැකි වුනේ.

වර්තමානයේ කෝපන්හේගන් වල රස්සා කරන ඩෙන්මාක් ජාතිකයන් සැහෙන්න මැල්මෝ වල ඉන්නවා. මේ අය හුදෙක් ඩෙන්මාක් ජාතිකයන් පමණක් නොවේ උදේ හවා කෝපන්හේගන් යන ඩෙන්මාක් වලින් යැපෙන අය. මේ අමුතු තත්වය නිසා මේ ප්‍රජාව සමහරුන් හඳුන්වන්නේ Øresund people, Øresund citizens, Øresund community වගේ නම් වලින්. මේ හැමෝටම Øresund නම ලැබෙන්නේ දෙරට අතර සමුද්‍ර සන්ධියට කිව්ව නම Øresund නිසා.

පාලම උමගට සම්බන්ධ  කරන්න කිමි 4 ක කෘතීම දූපතක්  හදනවා [පින්තුරේ පෙනෙන].  මේ  භුමිය  කිසිම  වාණිජ  වැඩකට  යොදා  ගන්නේ  නැහැ.  මාර්ග වලින් එලියට  ගිහින් එයට  ඇතුළු  වීමට  අවසර  ඇත්තේ ජීව  විද්‍යාඥයින්ට  පමණයි.  එය  පර්යේෂණයක්. ස්වාභාවික ලෙස කිසියම්  භූමියක ශාඛ හා සත්ව  ප්‍රජා  පැතිරෙන්නේ  කෙසේද  කියන  එක  ගැන. ඒ  නිසා  එහි  ගස්  සිටුවා  කෘතීම  පරිසරයක්  හදා  නැහැ.  කවදා  හෝ  දවසක  සුවිසල්  අභයභූමියක්  වේවි කියා හිතා  ඉන්නවා.

දෙමුහුන් 
Øresund  ප්‍රජාව  ප්‍රවාහනය  දියුණු වීමත්  එක්ක  දේශසීමා  අර්ථවිරහිත  වෙන  හෙට  දවස  ගැන  පෙර  නිමිත්තක්. 

20 comments:

  1. ගූගල් ෆලෝවරය දාන්නකො

    ReplyDelete
    Replies
    1. add a Gadget වලට ගිහින් more Gadget ක්ලික් කරල එන පලවෙනි පිටුවේ අන්තිමටම තියන එක Followers , (more Gadget පළවෙනි පිටුවේ 30 වෙනි ගැජට් එක)

      Delete
    2. සුනාමි තත්වයක් වගේ එකකදි උමග ඇතුලට ජලය ඇතුලු වීමේ දැඩි අවදානමක් තියනව කියල හිතුන , සමහරක් විට ඒකට ප්‍රතිකර්මයක් යොදල ඇති නේද

      Delete
    3. ආ ඒ ටිකට දාල , ඒ ටනල් එක ඇතුලෙන් කෝච්ච සහ කාර් දෙකම යන්න පුලුවන් නේද

      Delete
    4. අටම් ගේ මග පෙන්නීම යටතේ ෆොලෝවර් ගැජට් එක දාගත්ත

      මේකෙන් අනිවාර්යයෙන්ම වඩදියෙන් ආරක්ෂාවක් දෙනවා. එත් මේ දූපත ගොඩක් උස නැති නිසා සුනාමියකට කොහොම බලපානවද මන්දා. දූපත හදන්න හේතුවුන මූලික කාරණා දෙක තමා එතන තිබ්බ ස්වාභාවික දූපත යොදාගත්තනම් පාරිසරික හානියක් වීම සහ ටනල් එක නිසා හාරපු පස් වලට කරන්න දෙයක් නැති වීම.

      Delete
    5. This comment has been removed by the author.

      Delete
    6. This comment has been removed by the author.

      Delete
    7. // ටනල් එක නිසා හාරපු පස් වලට කරන්න දෙයක් නැති වීම.//

      ලංකාවේ උනානං පට්ට හොද්ද අම්මා විකුනත හැකි එකසිය ගානට ( මාත් ගන්නව කියුබ් බර ගානක් ........@ වෙලක් ගොඩ කරමින් ) ....බඩ පපව දාල යනව දෙයියනේ මොනවද මේ මකල තියෙන්නේ

      Delete
    8. [[බඩ පපව දාල යනව දෙයියනේ මොනවද මේ මකල තියෙන්නේ]]

      ක්රෝමයා ක්‍රෑෂ් වුන වෙලාවක්. පස්සේ බැලින්නම් එකම දේ තුන් පාරක් දාලා. ක්රෝමයා බුකියත් එක්ක මෙමරි ලීක් එකකට යන එක ඉඳල හිටලා වෙන සිද්ධියක්.

      Delete
  2. ටනල් එකේ දුම්රිය හා මහාමාර්ග දෙකම තියෙනවා., යුරෝපයේ ගුවන් ගමන් වෙනුවට දුම්රිය යොදා ගන්න ට්‍රෙන්ඩ් එකක් තියෙන නිසා දුම්රිය සම්බන්ධය වැදගත්

    ReplyDelete
  3. මෙහි පාලම තට්ටු දෙකකට හදලා තියෙන්නෙ. උඩ තට්ටුවේ වාහනත් යට තට්ටුවේ දුම් රියත් ගමන් කරනවා. දකුණු ස්වීඩනයට (ස්කෝනේ ප්‍රන්තයට ) කිට්ටුම ජාත්‍යන්තර ගුවන්තොටුපල කොපන්හේගන් ගුවන්තොටුපලයි. මේ ඔරේසුන්ඩ් පාලමේ/උමගේ ඩෙන්මාර්ක් පැත්තේ පලවෙනි නැවතුම කොපන්හේගන් ජාත්‍යන්තර ගුවන්තොටුපලයි.

    සුජීව කියල තියෙනවා වගේ ස්වීඩනයේ පදිංචි වෙලා ඩෙන්මාර්ක් වල රැකියාව කරන බොහෝ පිරිසක් සිටිනවා. ඒ වගේම ඩෙන්මර්ක් වල ඉඳලා විදුලි උපකරණ, ඇඳුම් පැලඳුම්, ආහාර ද්‍රව්‍ය මිලට ගන්න ස්වීඩන් වලට බොහේ පිරිසක් එනවා. දැන් මේ අය වෙනුවෙන්ම පාලමේ ස්වීඩන් පැත්තේ නව නගරයක් ගොඩ නැගෙනවා. (Hyllie කියලා).

    ඒ වගේම ලාබෙට මත්පැන් හා දුම්වැටි මිලට ගන්න ස්වීඩන් ඉඳලා ඩෙන්මාර්ක් වලට කට්ටිය යනවා. ඩෙන්මාර්ක් වල ඒවා සෑහෙන ලාබයි :)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අසංග එකතු කල කාරණා වලට.

      [[ඔරේසුන්ඩ් පාලමේ/උමගේ ]]

      නම කියවීම සම්බන්ධයෙනුත් දෙපැත්තේ තියෙන්නේ විධි දෙකක් නේද?

      Delete
    2. ඔව් ඒකම විදිහට ලිව්වට දෙපැත්තේ උච්චාරණය කරන්නේ වෙනස් විදිහට. පාලමේ ආරක්ෂාව ගැන අමතර කරුණක් දෙකක් එකතු කරන්නට අවසරයි. මේ හරියේ මුහුද බොහොම නිස්කලංකයි. ගොඩබිම් තීරු දෙකකට මැදිව පිහිටා ඇති නිසා මුහුදු රල නැගෙන්නේ යන්තමින්. ලොකුම තර්ජනය තමයි මේ කලාපයේ තිබෙන තද සුලඟ. සුලඟ වැඩි දවස් වලට පාලම සම්පුර්ණයෙන්ම වසා දමනවා. හදිසි අවස්ථාවකදී ගලවා ගැනීමේ කටයුතු සඳහා වෙනම සමාන්තර උමගක් තිබෙනවා. පාලමේත් උමගේත් ආරක්ෂාව ගැන නිරතුරුවම සොයා බලනවා. නොර්ඩික් කලාපය ලෝකයේ හදිසි අනතුරුවලින් අවම ජීවිත හානි සිදුවන කලාපයක්.

      Delete
    3. ස්තුතියි අසංග. ඒ උච්චාරණ දෙකම සිංහලෙන් සානවා නම් අගෙයි

      Delete
    4. ඒ දෙක වෙන්කරල සිංහලෙන් ලියන්න නම් අමාරුයි. ඒත් පහත සබැඳියෙන් ඒක අහන්න පුලුවන්

      https://www.youtube.com/watch?v=2XpHofQF9F8

      ඒ වගේම National Geogropy චැනල් ඒකේ මේ පාලම ගැන ගිය වැඩසටහන මේ සබැඳියෙන් බලන්න පුලුවන්

      https://www.youtube.com/watch?v=X8_VQbOh7go

      Delete
  4. අැත්තට ම පුදුම හිතෙන නිර්මාණ.... සුන්දරත්වයකුත් මනාවට ඒකතු කරලා... අාරක්ෂාව ගැන තමා මටත් අාපු ගැටලුව.... මොනවා වුණත් මේ විස්තර කියලා දුන්නාට තුති

    ReplyDelete
  5. ලංකාවේ කරානම් අර ආටිෆිශල් අයිලන්ඩ් එකේ කාර් රේස් පදින්ඩ ට්‍රැක් ගහනවා.. හැක්..

    //මාර්ග වලින් එලියට ගිහින් එයට ඇතුළු වීමට අවසර ඇත්තේ ජීව විද්‍යාඥයින්ට පමණයි. එය පර්යේෂණයක්. ස්වාභාවික ලෙස කිසියම් භූමියක ශාඛ හා සත්ව ප්‍රජා පැතිරෙන්නේ කෙසේද කියන එක ගැන. ඒ නිසා එහි ගස් සිටුවා කෘතීම පරිසරයක් හදා නැහැ.// මුන් හිතන විදිහ හා දුර පුදුම සහගතයි..

    ReplyDelete
    Replies
    1. ඔය කලාපය සෙසු ලෝකෙට වඩා දශක කීපයක්වත් ඉස්සරහින් ඉන්නේ. ධනවාද, සමාජවාද ලිබරල් වාද වල හිරවෙච්ච ලෝකෙට නොර්වේ තෙල් සම්පත භාවිතා කරන ආකාරය හොඳ ආදර්ශයක්. මුළු තෙල් සම්පතම පාලනය කරන්නේ රාජ්‍ය සමාගමක්. සියලු ආදායම අරමුදලකට. ආණ්ඩුවටවත් ගන්න බැහැ බජට් බැලන්ස් කරන්නවත්. යෙදෙන්නේ මිනිසුන්ගේ සුබශාධන අවශ්‍යතා [සෞඛ්‍ය අධ්‍යාපන ආදී] පමණයි.

      ලාභය එහෙම කලාට නෝර්වේ ස්ටැ'ටොයිල් සමාගම වෙනත් සමාගම් වගේම සමාගමක්. ඇතුලේ දුවන්නේ ලාභය පෙරදැරි කරගෙන විනා ශ්‍රී ලංගම වගේ නොවේ. එක එකාට කුට්ටි කඩාගන්න බැහැ. හැමෝම හොඳට පර්ෆෝම් කරන්න ඕනේ නෝමල් සමාගමක්. අයිතිය මහජනයාට.

      Delete