බොහොම ඉස්සර කාලෙක දමාපු ප්‍රශ්නයක්. මේක අද ඇදෙන්නේ Para San දාපු වීඩියෝවක් නිසා. ඒ වීඩියෝව අන්තිමට. මුලින්ම ප්‍රශ්නය.
කිසිම සාගරයකින් ජලය නොගෙන සහරාව සශ්‍රීක කරන වැඩ සටහනක් එක්තරා මහා පරිමාන ව්‍යාපෘතියක කොටසක් ලෙස ඉදිරිපත් විය.
1. එහි කතාවට ගත් සහරාවට ජලය සපයන ක්‍රමවේදය කුමක්ද?
2. අදාළ වැඩ සටහන සහිත මහා පරිමාණ ව්‍යාපෘතියේ නම හා පොඩි විස්තරයක් දෙන්න
--------------
පලවෙනි ප්‍රශ්නෙට උත්තර ගොඩක් තියෙනවා. ඉන්එකක් මාර වැදගත් එකක්. ඒ තමා කොංගෝවේ ජලය ගෙනත් චැඩ් විල පිරවීම. ඒ හරහා කාන්තාරකරණය වන සහේල් කලාපයේ විශාල පෙදෙසක් බේරාගන්න සහ දියුණු කරන්න පුළුවන් කියන එකයි මූලික අදහස. එහෙත් මේ අදහස දැන් සියවසක් පමණ තිස්සේ විවිධ මුහුණුවරින් විවිධ බල කඳවුරු වල සහයෙන් කතාවට ගැනෙනවා, තවම කිසිවක් කර නැහැ.
මුලින්ම සහේල් කලාපය ගැන හිතුවොත් චැඩ් විල තියෙන්නේ සහේල් කලාපයේ මධ්‍යයේ. සහෙල් කියන්නේ අත්ලාන්තික් ඉඳලා රතු මුහුද වෙනකම් සහරාවේ දකුණු සීමාවේ දිවෙන හීනි පටියට. වෙරළ හෙවත් සහේල් කියන්නේ වෙරලක් නොවුනට වෙරළාශ්‍රිත ශාක වර්ග වලින් බහුල වැලි තීරයක කෙළවරක් නිසා. සහරාව දකුණට පැතිරීම නිසා ලෝකයේ ලොකුම ජල හා ආහාර හිගයක් තියෙන ප්‍රදේශයක්. [සහරාව තුල මිනිස්සු නැහැනේ ඒ නිසා එහෙ අවුලක් නැහැ. අවුල තියෙන්නේ මිනිස්සු ඉන්න පැති වලට කාන්තාරේ එන කොට. ඒ තමා සහේල් ]
බඩගින්නේ සංකේතය ලෙස අප දුටු ඉතියෝපියානු හා සෝමාලියානු මිනිසුන් මේ කලාපයේ අර්බුදයේ ප්‍රතිපල. එතරම් ප්‍රකට නොවුනත් චැඩ් නයිජර් මාලි සුඩාන් වගේ රටවලත් ඒ ගානටම බඩගින්නේ මැරෙනවා. වාර්ෂිකව මිලයන ගානක් මියයන තත්වයක්. මේ ලෝකයේ බඩගිනි කලාපය.
චැඩ් විල තමා කලාපයේ එක ප්‍රධාන ජල සැපයුමක් වන්නේ. චැඩ් විල ලංකාවෙන් තුනේන් එකකට වඩා ලොකුවට තිබ්බ එකක්. මද්යම අප්‍රිකාවේ සිට චැඩ් විලට ගංගා ගලන නිසා ඒ කාලේ ඒ හරියේ මිනිස්සු සෙට්ල් වුනා. ඒත් සහරාව දකුණට ඒමත් මිනිස් ක්‍රියාකාරකම්, විවිධ වල් පැලැටි නියං ආදී හේතු නිසා චැඩ් විල හිදෙන්න ගත්ත. වර්තමානයේ චැඩ් විල වකිමි 1000 වගේ කුඩා විලක්. 1960 කාලේ 26000 ක්. ඒ කියන්නේ දැන් තියෙනෙන් 4% ට වඩා අඩු ප්‍රමාණයක්.
අප්‍රිකාවේ භූ විෂමතාවය ගත්තොත් [පහත සිතියම බලන්න] එහි මූලික ද්‍රෝණි දෙකක් තියෙනවා. එකක් කොන්ගෝ ද්‍රෝණිය, අනික චැඩ් ද්‍රෝණිය. මේ දෙක කිමි 1000 ක විතර පරාසයකින් එකිනෙකාට අසල්වාසිව තියෙන්නේ. චැඩ් ද්‍රෝණිය පෙර කී ලෙස මිය යද්දී කොන්ගෝ ද්‍රෝණියේ සියළු ජලය තප්පරෙකට ඝන මීටර 60000 ක විතර රේට් එකකින් මූදට ගලනවා කොන්ගෝ ගඟෙන්. සිතියමේ චැඩ් විල හා කොන්ගෝ ගඟත් පෙන්නනවා. පටිය තමා සහෙල්
දැන් වැඩේ පැහැදිලියි නේ. ඔය එක රවුමක උතුරා යන වතුර අනික් රවුමේ පැතිරෙන කාන්තාරය මැද්දේ හිඳිලා තියෙන විලට පිරවීමයි උවමනාව. වැඩිය ඕනේ නෑ. 5% ක ප්‍රමාණයක් ඇති වැඩේට. පෙර කී පරිදි දැන් සියවසක් පමණ තිස්සේ විවිධ මුහුණුවරින් විවිධ බල කඳවුරු වල සහයෙන් මේක ගැන කතාවෙනවා. ඒ ඒ කාලවල විවිධ නම් කියල තියෙනවා. අපි වෙන වෙනම සලකමු.
ඇට්ලන්ට්‍රොපා
ඇට්ලන්ට්‍රෝපා ව්‍යාපෘතිය කියන්නේ යුරෝපයේ වැඩිවන ජනගහනයට අප්‍රිකාව අල්ල ගන්න 1920 විතර හදාපු සැලසුමක්. ජිබ්රෝල්ටා වලින් බැම්මක් බන්දලා මධ්‍යධරණිය මීටර 200ක් හින්දලා අප්‍රිකාව හා යුරෝපය කීප තැනකින් යාකරන එක තමා පළමු සැලසුම. ඒ මගින් අඩු ජනාවාස සහිත සහරා කලාපය යුරෝපීය ප්‍රජාවෙන් ජනාකීර්ණ කරන්න.
මේ නිසා සහරාව සශ්‍රීක කිරීමට කොන්ගෝ ජලය සහරාවට ගෙන එන එක තමා දෙවන කොටස. ඒ අනුව කොන්ගෝ හරහා විශාල වේල්ලක් බැඳ වර්තමාන කොන්ගෝ රාජ්‍ය දෙකේ වැඩි හරියක් ජලයෙන් යට කර එම එකතු වෙන ජලය චැඩ් විල දිහාට ගෙන ගොස් චැඩ් විල ආශ්‍රිතව ඇති විශාල ජලාශයක් කරවා එමගින් සශ්‍රීක කලාපයක් හදන්න
[කලකට පෙර චැඩ් විල කැස්පියන් මුහුද මෙන් එකහමාරක් විතර ලොකු කාලයක සහරාව සශ්‍රීකව පැවතුනු බවට පසුව සාධක ලැබෙනවා]
මේක සුද්දගේ මහන්තත්ත වැඩක්. අප්‍රිකාව දකින්නේ හිස් ඉඩමක් ලෙස. එහි ඉන්න ම්නිසුන්ට වෙන්නේ මොකද්ද කියා නිකමටවත් හිතලා නැහැ. මේක සමහරවිට වෙන්න ඉඩ තිබ්බ හිට්ලර් අතින්. එහෙම වුනානම් අපි ඉන්නේ මේ ලෝකයේ නොවේ වෙනස් එකක.
කොටස් වශයෙන් යමු. තව ස්ටේජස් තියෙනවා.
ට්‍රාන්ස්ඇකුවා
ඇට්ලන්ට්‍රෝපා නැතත් ඉතාම තාර්කිකව කොන්ගෝව චැඩ් දිහාට හැරවීම තුලින් මේ ඛේදවාචකය නිමා කල හැකියි [සැහෙන්න දුරට].
මේ සම්බන්ධයෙන් ආපු ඊළඟ ප්‍රොජෙක්ට් එක තමා ට්‍රාන්ස්ඇකුවා. 1970 කාලේ ආපු එකක්. පස්සේ චන්ද්‍රිකා සහයෙන් 1980 කාලේ සැලසුම් කල මේ ව්‍යාපෘතිය තුල ලොකු සැලසුම් බරගානක් තියෙනවා. කොන්ගෝ ඉඳලා චැඩ් දිහාට කිමි දෙදාස් ගානක ඇලක්.
ජල විදුලිය මහා මාර්ග සමග යන මෙගා ප්‍රොජෙක්ට් එකක්. මේ වැඩසටහන ගැන විස්තර මෙතනින් ගන්න
උබන්ගයි
පසුව අප්‍රිකානු රාජ්‍ය එකතු වෙලා අප්‍රිකානු ඉංජිනේරුවන් සමග කරන කෙටි හා පහසු වැඩසටහනක් තමා උබන්ගයි. උබන්ගයි කියන්නේ කොංගෝවේ අතු ගංගාවක්. එය වඩාත් උතුරට වෙන්න තියෙන්නේ. කොන්ගෝ ප්‍ර ජනරජයේ හා මධ්‍යම අප්‍රිකාවේ මායිම. ඒ වගේම මධ්‍යම අප්‍රිකාවේ අගනුවර වන බන්ගායි තියෙන්නෙත් මේකේ. කොන්ගේවෙන් 1/5 වතුර එන්නේ මේකේ
උබන්ගයි වල ඉඳලා චැඩ් විලට ජල සපයන චාරි ගංගාවට කිමි එකසිය ගානක ඇලක් කාපුවම ඇති කියලා පස්සේ හොයා ගන්නේ. ඒ අනුව තමා උබන්ගයි වැඩසටහන් පටන් ගන්නේ. මධ්‍යම අප්‍රිකාවේ හදන ජලාශයකින් [පලම්බෝ] හරවන වතුර චැඩ් විල දක්වා ගෙනයන එක.
මේක ගැන විවිධ අධ්‍යන කලත් මේකත් තාම පටන්ගෙන නැහැ. ඇත්තෙන්ම මේක කරන්න බැරි මොකද කියා තේරෙන්නේ නැහැ. වසරකට සහෙල් වල මැරෙන හා ඉන්න උන්ව නඩත්තු කරන්න යන වියදම ම මිලියන බිලියන ගානක්. මේ ඇල බොහොම සාමාන්‍ය ඇලක්. මුළු වියදම මිලියන හයයිකියලත් තියෙනවා පහත වාර්තාවේ [ඒකනම් මට ෂුවර් නැහැ]
මේ වාර්තාව 2009. වාර්තාවේ ලස්සනට තියෙනවා චැඩ් විල හිඳුනු හැටි. 2009 ලෝක බැංකු ආධාර ලැබෙනවා ෆීසිබිලිටි ස්ටඩි එකකට. ඒත් මේ ගැන අප්‍රේල් 24 වෙනිදා ආපු පුවතක තියෙනවා චැඩ් විල සම්බන්ධ රාජ්‍ය වල කමිටුවේ නායකයා ප්‍රශ්න කරන බව ඇයි මේක තවම නොවෙන්නේ කියලා.
වර්තමානය
Para San දාපු වීඩියෝව තමා මේක. මේකට අනුව අපි ආපහු ඇවිත් ට්‍රාන්ස් ඇකුවා ප්‍රොජෙක්ට් එකට. කරන්න යන්නේ චීන සහයෙන්. බටහිර රටවල් වැඩේට කොක්ක අදිනවා.
ගැටළු සහ යතාර්තයන්
අපි කලාපයේ භූ දේශපාලනික තත්ත්ව විමසා බැලුවොත්;

- ප්‍ර කොන්ගෝ ජනරජය හෙවත් මානව වර්ගයාගේ පහුගිය සියවස තුල ලොකුම ඛේදවාචකය තුල තමා වතුර තියෙන්නේ. මේ වෙද්දී මේ රට පාලනය කරනවා විවිධ අවිගත් කල්ලි විසි ගානක්. ඒ නිසා මේ හරියේ මොකක් හරි කරන එක ලෙහෙසි නැහැ. ඇමරිකන් ගැති මොබුටු සෙසේ සෙකෝ ගේ කාලේ මොනවා උනත් කිසියම් ස්ථාවරයක් තිබ්බා. මේ ප්‍රොජෙක්ට් ප්ලෑන් කලේ එයාගේ කාලේ. ඊට පස්සේ කබීලා ඇවිත් රට අරාජික වුනා
- කොන්ගෝ දෙරට වතුර දෙන්න කැමති නැහැ. ඉන්ගා බලශක්ති ප්‍රභවයට බලපාන නිසා. සහ මත්ස්‍ය ප්‍රමාන අඩු වෙන නිසා.
- උබන්ගයි වල පලම්බෝ ජලාශය හදන්නේ මධ්‍යම අප්‍රිකානු ජනරජයේ [ගඟෙන් බාගයක් කොන්ගෝ දේශයට අයිතී]. මෑතක් වෙනකම් තරමක් ස්ථාවරව පවතී නමුත් මධ්‍යම අප්‍රිකාවේ ඉස්ලාමික අත්න්තවාදින් හා ක්‍රිස්තියානි අන්තවාදීන් අතර ගැටුම් නිසා රට දැනටම දෙකට බෙදා ඉවරයි කියා මුස්ලිම් අන්තවාදීන් කියන්නේ. ප්‍රොජෙක්ට් එක යන්නේ ඒ පසු තලයේ
- දිගු ජල මාර්ග ඔස්සේ වියලි පෙදෙස් වලට ජලය ගෙන එම එතරම් සාර්ථක දෙයක් නොවේ. මොකද ඒ ජලයෙන් වැඩි හරියක් වාෂ්ප වෙන නිසා.
- චැඩ් විලේ අර්බුදය වතුර නැති එක නොවේ එහි රොන් මැද හා ජලය උරා ගණන් වල පැලැටි වැවීම ලෙස සිතන පිරිසක් ඉන්නවා. ඔවුන් කියන්නේ එක විසඳන්නේ නැතුව බොරුවට වතුර දැම්මට වැඩක් නැහැ කියා.
- ග්‍රේටර් සහරාවට කෙලින්ම වතුර දුන්නට සශීක වන්නේ නැහැ මොකද වැලි තට්ටු මාර යටට තියෙනවා.
- ට්‍රාන්ස් ඇකුවා එකේ මුළු ඉලක්ක වගා බිම් ප්‍රමාණය ලංකාවට වඩා කුඩායි. උබන්ගායි එකේ ඊට වඩා වැඩි වෙන්න බැහැ. වියදමට වටීද?
- මේක සහෙල් වල මුළු ප්‍රශ්නයට විසඳුමක් නොවේ. ඒක මීට වඩා ලොකු පරිමානයේ ප්‍රශ්නයක්. සහෙල් කියන්නේ රුසියාවේ දකුණු දේශ සීමාව විතර තඩි පටියක්. මේ සුළු පෙදෙසක් පමණක් සශ්‍රීක කරන වැඩක්.
- අප්‍රිකාවේ හා ලෝකයේ වේගයෙන්ම වර්ධනය වන කලාපය. මේ කලාපයේ ජනගහනය පහුගිය වසර තිහේ ඩබල් වෙලාලු. කොන්ගෝ වේ දෙකහමාරක්.
- මුස්ලිම් අන්තවාදය හා සහරා කාන්තාරය ඇවිදින් වසා ගන්නේ මේ මහා ජනගහනය. අනාගත ලෝකයේ ආගමික යුදබිම මෙතන තමා.
- බටහිර විරෝධයෙන් ප්‍රොජෙක්ට් එක කරන්න යාමෙන් කලාපිය අන්තවාදයට බටහිර ආශිර්වාදය ලැබිලා උත්සන්න වෙන්න පුළුවන්. ඒක ලොකු කන්සර්න් එකක්.
මේකෙ සමහර අකුරු වල වැරදි හදන එක වැදගත් වේවි. වීඩියෝව පස්සේ බලනව
ReplyDeleteක්‍රෝම් එකේ බ්ලොගර් වල ලියන්න බෑ. මේක ලිව්වේ වර්ඩ් එකක. ලියල පේස්ට් කළා. මොකක් හරි අවුලක් ක්‍රෝම් බ්ලොගර් දෙකේ
Delete//ලොකු කන්සර්න් එකක්// යෙප්, එන්ටයර් ප්‍රොජෙක්ට් එකම. :/
ReplyDelete