කාලයක් තිස්සේ ලියන්න හිතා උන්නු මේ ප්‍රශ්නයට ආසන්න හේතුව වෙන්නේ පැන්ජියාව බිඳ වැටුන ආකාරය ගැන අහපු ප්‍රශ්නයක්.
----------------------------
නෙදර්ලන්ත පහත්බිම්, ගංගානම් ගඟ, පර්සියානු බොක්ක, මධ්‍යධරණී මුහුද, ඒරල් මුහුද, කළු මුහුද, බැවෙරියානු තැන්න කැස්පියන් මුහුද, ඉන්දු නිම්නය, ඩනියුබ් නදිය
මේ ඔක්කොටම පොදු එක අතීත වචනයක් තියෙනවා.
1. ඒ මොකද්ද?
2. ඒකට සිද්ධ වුනේ මොකද්ද?
3. එහි ඉරණම ලෝකයට ඇතිකලබවට සලකන බලපෑම් මොනවාද?
4. පෙර සඳහන් කල කලාපයේ මේම සිදුවීම් නිසා නිධානයක් පහල වෙනවා. ඒ මොකද්ද? වුනේ කොහොමද?
------------------------------
නෙදර්ලන්ත පහත්බිම්, ගංගානම් ගඟ, පර්සියානු බොක්ක, මධ්‍යධරණී මුහුද, ඒරල් මුහුද, කළු මුහුද, බැවෙරියානු තැන්න කැස්පියන් මුහුද, ඉන්දු නිම්නය, ඩනියුබ් නදිය මේ ඔක්කොටම පොදු එක අතීත වචනයක් තියෙනවා. ඒ තමා ටෙතිස් සාගරය. වඩාත් නිවැරදිව ටෙතිස් ට්‍රේන්ච් එක.
වසර ම්ලියන තුන්සීයකට එහා පැන්ජියාව නම් තනි මහාද්වීපයක් තිබ්බ කියල හිතන කාලේ ඒ මහාද්වීපයේ වලයාකාර හැඩයෙන් අන්තර්ගත වෙච්ච සුවිසල් සමුද්‍රයට තමා මුලින්ම මේ නම කියන්නේ. ටෙතිස් සාගරයේ මුල්ම ස්වරූපය නිසා මෙයට පූර්ව ටෙතිස් සාගරය කියා කියනවා.
මේ ගොන්ද්වානාලන්තය නැවතත් කැඩෙනවා. එහෙම කැඩුණු පටියක් තමා තුර්කියේ සිට ඉරානය ඇෆ්ගනිස්තානය ටිබෙටය තායිලන්තය මලයා අර්ධද්වීපය ඉන්දුනීසියාව ආදිය අයිති පටිය. මේ පටිය වඩාත් දකුණේ සිට පෙර කී පූර්ව ටෙතිස් සාගරය පටු කරගෙන කරගෙන එය භූ තැටි යට ගිල්වමින් ඇවිත් ආසියාවට සවි වෙනවා. පූර්ව ටෙතිස් සාගරය මේ අනුව වමි 100 විතර කාලෙක ක්‍රමයෙන් නැතිව යනවා. කැස්පියන් මුහුද එරල් මුහුද කාරකොරම් කාන්තාරය ඇතුළු මධ්‍යම ආසියානු පහත්බිම් මුහුදු මට්ටමට පහත ස්ථාන සහිත ඒ කොටස පූර්ව ටෙතිස් සාගරයේ අවසානය. අද වෙනකම් ඔරිජිනල් ටෙතිස් සාගරයෙන් කියා ඉතිරි එපමණයි.
මෙසේ පූර්ව ටෙතිස් සාගරය වහගෙන යන පටු ගොඩබිම් පටියේ දකුණෙන් විවර වී පුළුල් වන සාගරයට නව ටෙතිස් සාගරය කියනවා. ඒත් අප්‍රිකාව සහ ඉන්දියාව වේගයෙන් උතුරට ගිහින් නව ටෙතිස් සාගරයත් පෙර සේම වසා පාෂාණ තට්ටු වලින් යට කරනවා. ඒ අතරේ ඉතාලිය බෝල්කන් ග්‍රීක ආදී කොටස් ඇවිත් යුරෝපයේ ගැටිලා විශාල කඳු හදනවා. බටහිර යුරෝපයට හිමි ටෙතිස් සාගර කොටස් පහත් තැනිතලා ලෙස ගොඩබිම් බවට පත්වෙනවා.
මේ දෙවැනි ක්‍රියාවලිය ඉවර වෙලා ටෙතිස් සාගරය සමාප්තවන්නේ වමි 10-20 වගේ බොහොම මෑතක. මේ කියූ කලාපයේ අද ඉතිරි සාගර කොටස් එනම් මධ්‍යධරණිය, කළු මුහුද, පර්සියන් බොක්ක ආදිය ටෙතිස් මුහුදේ කොටස් මතින් වෙනත් භූතැටි ගිහින් ඒවා ගිලා බැහැල හැදෙන්නේ. ඔය කියූ පටියේ බොහෝ පහත් බිම් [නෙදර්ලන්තය] තැනිතලා [බැවෙරියාව] ගංගා නිම්න [ඩනියුබ් වොල්ගා ගංගානම් ඉන්දු] ටෙතිස් සාගරය නිසා පහල බහින ගොඩබිම් වල හැදෙන්නේ.
ටෙතිස් සාගරය විසින් නිර්මාණය කරන උතුරු දකුණු නැගෙනහිර බටහිර යාකිරීම නිසා සාගරික උෂ්ණත්ව යාමනය වීමෙන් පොළොවේ උණුසුම මීට අංශක 10 වගේ උඩින් තියෙන්නේ. මේ කාලේ පොළොවේ ග්ලෙසියර තිබිලා නෑ. ටෙතිස් සාගරය වැහිලා අප්‍රිකා ඉන්දියා පටියෙන් සාගර වෙන් වුනාම තමා ලෝකය සිසිලනය වී ග්ලෙසියර හැදෙන්නේ. මෙයට තවත් බලපානවා පැනමා බිම්කඩ විසින් ඇමරිකා දෙක යාකර එතනින් වෙන සාගර උෂ්ණත්ව යාමනය නැවතීම. ඔය සිසිලනය බලපානවා අප්‍රිකාවේ බොහෝ වනාන්තර සැවානා වෙන්න. එන එතකොට තමා වනාන්තර වල ඉන්න වානරයෙක් පරිසරයට හැඩ ගැහෙන්න තනකොලට බැහැලා එහි උස නිසා දෙපයින් හිටගෙන යන්න පටන් ගන්නේ. රෙස්ට් වොස් හිස්ට්‍රි.
ටෙතිස් සාගරය කියන්නේ ජීවයෙන් පිරුණු එකක් තඩි තල්මස්සු එහෙම සුලබ. එහි පළල අඩු වෙද්දී ජීව ඝනත්වය වැඩි වෙන්න ඇති. ඒ වගේම ගොඩබිම් ආශ්‍රිත නොගැඹුරු මුහුදු පෙදෙස් වල විශාල ලෙස ප්ලැන්ක්ටන් නිර්මාණය වෙනවා. මේ සියලු ජීව කොටස් එහි පතුලට බැහැල තියෙන්නේ. ඒ පතුල ගිල්වාගෙන දකුණින් ආ භුතැටියට යට වෙනවා. අන්න ඒ ජීව ද්‍රව්‍ය තමා බොරතෙල් කියල අද ගන්නේ. ඒ අනුව අප්‍රිකාවේ උතුරු වෙරළ මැද පෙරදිග ඉරානය කැස්පියන් එරල් මුහුදු අවට ආදී කලාපයේ වත්මන් ගොඩබිම් යට බොහොම ඉහල මට්ටමක පැරණි ටෙතිස් මුහුදු පතුලේ මේ සත්ව ශේෂ හෙවත් බොරතෙල් තියෙනවා. ඔවුන්ට ඒ සම්පත ලැබෙන්නේ ටෙතිස් සාගරයෙන්.

පසුව පැන්ජියාව කැඩෙනවා. එම් කැඩීම එක්ක ටෙතිස් සාගරය උතුරු මුහුදට සම්බන්ධ වෙනවා. මුල් කාලේ ඉඳලම ටෙතිස් සාගරය විශාල ප්‍රමාණයක් ජීවින් උන්නු සාගරයක්. මීට හේතුව එක තැනකට එකතු වෙච්ච ගොඩබිම් අස්සේ පැවතීමත් සමකාසන්න වීමත් පසුව උතුරු සාගර එක්ක සම්බන්ධ වී වෝටර් වේ එකක් වීමත්. මේ සාගරයේ සශ්‍රීක බව නිසා වෙන්න ඕනේ ගොඩබිම හුන් ක්ෂීරපායි ශාක භක්ෂකයෙක් ක්‍රමයෙන් සාගරයට හුරුවෙලා තල්මසුන් බවට පත්වන්නේ. තල්මසුන් ගේ මුල්ස්ථානය වගේම විශාල තල්මස් ප්‍රජාවක් උන්නු සාගරයක් ටෙතිස්.
මහද්වීප ලෙස කැඩිලා යන යුරේසියාව කියන්නේ යුරෝපයේ සහ ආසියාවේ හරි මැදින් උතුරු කොටස් පමණක් සහිත මහාද්වීපයක්. යුරෝපය කිව්වම ස්පාඤ්ඤ කෑල්ල වෙනම දූපතක් වෙලා ටෙතිස් සාගරය බටහිර යුරෝපය පුරා පැතිරෙනවා ජර්මනිය පෝලන්තය හරියෙන් ගොඩබිම ඉවරයි. දකුණේ තිබ්බ ගොන්ද්වානාලන්තය කියන්නේ අප්‍රිකාව දකුණු ඇමරිකාව මධ්‍යම ආසියාව දකුණු යුරෝපය ඉන්දියාව ඔස්ට්‍රේලියාව සහ ඇන්ටාක්ටිකා සහිත තනි මහාද්වීපයක්.
මහද්වීප ලෙස කැඩිලා යන යුරේසියාව කියන්නේ යුරෝපයේ සහ ආසියාවේ හරි මැදින් උතුරු කොටස් පමණක් සහිත මහාද්වීපයක්. යුරෝපය කිව්වම ස්පාඤ්ඤ කෑල්ල වෙනම දූපතක් වෙලා ටෙතිස් සාගරය බටහිර යුරෝපය පුරා පැතිරෙනවා ජර්මනිය පෝලන්තය හරියෙන් ගොඩබිම ඉවරයි. දකුණේ තිබ්බ ගොන්ද්වානාලන්තය කියන්නේ අප්‍රිකාව දකුණු ඇමරිකාව මධ්‍යම ආසියාව දකුණු යුරෝපය ඉන්දියාව ඔස්ට්‍රේලියාව සහ ඇන්ටාක්ටිකා සහිත තනි මහාද්වීපයක්.
මේ ගොන්ද්වානාලන්තය නැවතත් කැඩෙනවා. එහෙම කැඩුණු පටියක් තමා තුර්කියේ සිට ඉරානය ඇෆ්ගනිස්තානය ටිබෙටය තායිලන්තය මලයා අර්ධද්වීපය ඉන්දුනීසියාව ආදිය අයිති පටිය. මේ පටිය වඩාත් දකුණේ සිට පෙර කී පූර්ව ටෙතිස් සාගරය පටු කරගෙන කරගෙන එය භූ තැටි යට ගිල්වමින් ඇවිත් ආසියාවට සවි වෙනවා. පූර්ව ටෙතිස් සාගරය මේ අනුව වමි 100 විතර කාලෙක ක්‍රමයෙන් නැතිව යනවා. කැස්පියන් මුහුද එරල් මුහුද කාරකොරම් කාන්තාරය ඇතුළු මධ්‍යම ආසියානු පහත්බිම් මුහුදු මට්ටමට පහත ස්ථාන සහිත ඒ කොටස පූර්ව ටෙතිස් සාගරයේ අවසානය. අද වෙනකම් ඔරිජිනල් ටෙතිස් සාගරයෙන් කියා ඉතිරි එපමණයි.
මෙසේ පූර්ව ටෙතිස් සාගරය වහගෙන යන පටු ගොඩබිම් පටියේ දකුණෙන් විවර වී පුළුල් වන සාගරයට නව ටෙතිස් සාගරය කියනවා. ඒත් අප්‍රිකාව සහ ඉන්දියාව වේගයෙන් උතුරට ගිහින් නව ටෙතිස් සාගරයත් පෙර සේම වසා පාෂාණ තට්ටු වලින් යට කරනවා. ඒ අතරේ ඉතාලිය බෝල්කන් ග්‍රීක ආදී කොටස් ඇවිත් යුරෝපයේ ගැටිලා විශාල කඳු හදනවා. බටහිර යුරෝපයට හිමි ටෙතිස් සාගර කොටස් පහත් තැනිතලා ලෙස ගොඩබිම් බවට පත්වෙනවා.
මේ දෙවැනි ක්‍රියාවලිය ඉවර වෙලා ටෙතිස් සාගරය සමාප්තවන්නේ වමි 10-20 වගේ බොහොම මෑතක. මේ කියූ කලාපයේ අද ඉතිරි සාගර කොටස් එනම් මධ්‍යධරණිය, කළු මුහුද, පර්සියන් බොක්ක ආදිය ටෙතිස් මුහුදේ කොටස් මතින් වෙනත් භූතැටි ගිහින් ඒවා ගිලා බැහැල හැදෙන්නේ. ඔය කියූ පටියේ බොහෝ පහත් බිම් [නෙදර්ලන්තය] තැනිතලා [බැවෙරියාව] ගංගා නිම්න [ඩනියුබ් වොල්ගා ගංගානම් ඉන්දු] ටෙතිස් සාගරය නිසා පහල බහින ගොඩබිම් වල හැදෙන්නේ.
ටෙතිස් සාගරය විසින් නිර්මාණය කරන උතුරු දකුණු නැගෙනහිර බටහිර යාකිරීම නිසා සාගරික උෂ්ණත්ව යාමනය වීමෙන් පොළොවේ උණුසුම මීට අංශක 10 වගේ උඩින් තියෙන්නේ. මේ කාලේ පොළොවේ ග්ලෙසියර තිබිලා නෑ. ටෙතිස් සාගරය වැහිලා අප්‍රිකා ඉන්දියා පටියෙන් සාගර වෙන් වුනාම තමා ලෝකය සිසිලනය වී ග්ලෙසියර හැදෙන්නේ. මෙයට තවත් බලපානවා පැනමා බිම්කඩ විසින් ඇමරිකා දෙක යාකර එතනින් වෙන සාගර උෂ්ණත්ව යාමනය නැවතීම. ඔය සිසිලනය බලපානවා අප්‍රිකාවේ බොහෝ වනාන්තර සැවානා වෙන්න. එන එතකොට තමා වනාන්තර වල ඉන්න වානරයෙක් පරිසරයට හැඩ ගැහෙන්න තනකොලට බැහැලා එහි උස නිසා දෙපයින් හිටගෙන යන්න පටන් ගන්නේ. රෙස්ට් වොස් හිස්ට්‍රි.
ටෙතිස් සාගරය කියන්නේ ජීවයෙන් පිරුණු එකක් තඩි තල්මස්සු එහෙම සුලබ. එහි පළල අඩු වෙද්දී ජීව ඝනත්වය වැඩි වෙන්න ඇති. ඒ වගේම ගොඩබිම් ආශ්‍රිත නොගැඹුරු මුහුදු පෙදෙස් වල විශාල ලෙස ප්ලැන්ක්ටන් නිර්මාණය වෙනවා. මේ සියලු ජීව කොටස් එහි පතුලට බැහැල තියෙන්නේ. ඒ පතුල ගිල්වාගෙන දකුණින් ආ භුතැටියට යට වෙනවා. අන්න ඒ ජීව ද්‍රව්‍ය තමා බොරතෙල් කියල අද ගන්නේ. ඒ අනුව අප්‍රිකාවේ උතුරු වෙරළ මැද පෙරදිග ඉරානය කැස්පියන් එරල් මුහුදු අවට ආදී කලාපයේ වත්මන් ගොඩබිම් යට බොහොම ඉහල මට්ටමක පැරණි ටෙතිස් මුහුදු පතුලේ මේ සත්ව ශේෂ හෙවත් බොරතෙල් තියෙනවා. ඔවුන්ට ඒ සම්පත ලැබෙන්නේ ටෙතිස් සාගරයෙන්.
No comments:
Post a Comment