Wednesday, November 15, 2017

ග්‍රේස් මුගාබේ ට එරෙහි සිම්බාවන්ගේ කැරැල්ල

සිම්බාබ්වේ කැරැල්ල ගැන කියවනවා නම් කතා කල යුත්තේ රොබට් බුගාබේ ගැන නෙවි ග්‍රේස් මුගාබේ ගැන. මේවා අතිශය පුද්ගලික කරුණු වුනත් අවසාන උත්තරේ ට එන ස්ටෙප්ස් නිසා කතාකරන්න වෙනවා.

පහත දැක්වෙන්නේ ග්‍රේස් ගේ ටයිම් ලයින් එක.

> උපත - 1965

> පළමු විවාහය -1983 [යුද සෙබලෙක් සමග]

> පළමු විවාහයේ දරුවා - 1984

> රොබට්මුගාබේ ගේ ලේකම් වරිය ලෙස - 80 දශකය අග

> රොබට් මුගාබේ සමග අනියම් සම්බන්ධය - ඒ කාලයේම

> රොබට් මුගාබේ ගෙන් පළමු දරුවා - 1988 [ඉන්පසු තවත් දරු දෙදෙනෙක් අනියම් සම්බන්ධය තුල හා දෙවැනි විවාහයෙන් පසු]

> පළමු විවාහයෙන් දික්කසාදය - 1996

> රොබට් මුගාබේ හා විවාහය - 1996 [ඔහුගේ පළමු බිරිය මියගිය පසු]

වයස 31 දී ඇය විවාහ වන්නේ 72 හැවිරිදි මහලු නායකයා සමග. ඔවුන් දෙදෙනාගේ ලොකුම දරුවා ගේ වයස තවම 29 යි.

මුගාබේ ගේ පෙර විවාහයේ [ග්‍රේස් ට වඩා වසරක් වැඩිමල්] දරුවා මියයනවා වයස 3 දී නිදහස් සටන අතරතුර මව සමග සැඟවී සිටියදී. මුගාබේ එවකට හිරේ දරුවා ගේ මරණයටවත් යන්න ලැබෙන්නේ නෑ.

මුගාබේ පවුලේ ගැටලුව තියෙන්නේ මෙතන. පක්ෂයේ ඊ ගාව නායකයට නොදී පවුල තුල බලය තියාගන්න කරන උත්සාහය. එහෙත් නිසි අනුප්‍රාප්තිකයෙක් නෑ. පළමු විවාහයේ දරුවා උන්නා නම් 53 වියැති ඔහු මේ වනවිට ක්‍රමිකව ගෙනත් තියෙයි.

මේ උත්සාහය කෘතීම ලෙස ග්‍රේස් එතනට ගන්න. එහි නියමුවා රොබට් ද ග්‍රේස් ද කියන්න දන්නේ නෑ. එය ක්‍රමික පරිවර්තනයකුත් නෙවෙයි. ක්ෂණිකව 2014 විතර පටන් ගන්න එකක්. ඊට පෙර එවකට 90 වියැති රොබට් කිසියම් උත්සව අවස්තාවක ඇද වැටිලා රෝගාතුර වෙලා ඉන්නවා. ඒ අනුව ස්වභාව ධර්මයේ තීන්දුවට පෙර මේ වැඩ සටහන හදිස්සි කළා වෙන්න පුළුවන්. ඉතාම මහලු නායකයා නොවේ දැන් රියදුරු අසුනේ ඉන්නේ බිරිය. රොබට් ගේ මළ සිරුර ඉල්ලුවත් අපි දිනනවා කියන ඇගේ ප්‍රසිද්ධ ප්‍රකාශය අස්සෙත් තියෙන්නේ මේ සැලසුම වෙන්න ඕනේ.

මේ ග්‍රේස් ගේ කතාවේ ඉතිරි ටික.

> පක්ෂ කාන්තා කණ්ඩායමේ නායකත්වය - 2014

> ජනාධිපති තනතුරට ඉදිරිපත් වීම ගැන කතා කරන්නේ - 2015 සිට

> උප ජනාධිපති එක්ක පක්ෂයේ ප්‍රතිරෝධය - 2016 සිට [නිදහස් සටනේ නියමුවෙක් මෙයත්]

> උප ජනාධිපති එළවීම - 2017

ඒ අනුව කතාව පැහැදිලියි. සිම්බාබ්වේ රටේ මිනිසුන්ටත් මේ කොහෙවත් නැති ගෑනියෙක් උඩින් පාත් වෙලා බලය ගන්න එක අවුල්. ලෝකයා එක්ක කෙතරම් ගැටුනත් රොබට් අදත් රටවැසියාගේ නොමද ගෞරවය ලබන්නෙක්. නිදහස් අරගලය තුල ඔහු විඳි දුක් හා කල කැපකිරීම් නෙල්සන් මැන්ඩෙලා හා සමානයි.

කැරලි ගහපු උනුත් රොබට් ට කරදරයක් නෑ රොබට් යහතින් ඉන්නවා රොබට් එක්ක තරහක් නෑ කියන්නේ ඒ නිසා.

එහෙත් මේ කාන්තාව රටවැසියා තුල නිර්මාණය කර ඇත්තේ 50-50 දැක්මක්. 2014 ට පෙර ඇය ප්‍රසිද්ධ අධි වියදම් සාප්පු සවාරි වගේ දේවල් වලට. නිදහස් සටනේ වැදගත් කාර්යභාරයක් කල අම්මා ලෙස ජාතිය විසින් ආදරයෙන් සිහි කල පෙර බිරිය ඉන්න තැනට මෙයා හොරපාරෙන් ඇවිත් එතන අල්ල ගන්නවට ඒ රටේ ජන මානසිකත්වය පවා අකමැති ඇති.

රොබට් ට කරදරයක් කරන්නේ නෑ එහෙත් ඔහු වටා සිට රටේ ධනය කොල්ලකන එවුන්ට දඬුවම් කරනවා කියන්නේ ඒකයි. දැනට දන්නා තරමින් ග්‍රේස් ඉන්නේ හමුදා අත් අඩංගුවේ.

ප.ලි. ග්‍රේස් නැමීබියාවට පළා ගිය බව පසුව දැනගන්න ලැබුණා. ස්තුතියි අජිත් ධර්මකීර්ති මේ නිවුස් එක අප්ඩේට් කලාට

4 comments:

  1. රට ගොඩගන්න කැපවීමෙන් වැඩ කරන නායකයෝ රට කරවනකොට වරද්දා ගන්න එක ලෝක සොභාවයද මංදා.. සිම්බාබ්වේ අද ඉන්න තත්වෙන් ගොඩ එනවානම් සතුටුයි.. ඒත් ප්‍රජාතන්ත්‍රවිරෝධී විදියට නම් නෙවෙයි..

    ReplyDelete
    Replies
    1. දැනට ඉස්සරහ ඉන්න ඔක්කොම සානු පී එෆ් එකේ කට්ටිය. හිටපු නියෝජ්‍ය ජනපති ලා දෙන්නෙක්. දේවල් ලොකුවට වෙනස් වෙන එකක් නෑ. හැබැයි උන්ට තේරිලා තියෙනවා මුගාබේ ක්‍රමේට යන්න බෑ කියල. එක ලොකු දෙයක්

      Delete
  2. සාමාන්‍යයෙන් එහෙ මොනවා අප්සෙට් ගියත් විපක්ෂය සමග කල බටහිර කුමණ්ත්‍රනයක් කියල මුගාබේ කියනවනෙ. විදේශීය බිල්ලන් පෙන්වා බලයේ සිටීමේ හොඳම එක්ස්පෝනන්ට් මුගබේ නේද?

    ReplyDelete
  3. ඕක චීන කුමන්ත්‍රණයක් කියනවා නේද?

    ReplyDelete