Wednesday, May 6, 2015

කොහේද කොහේද අපේ ලොවක් - මුරකාවල් නැති - අපේම අපේම නවාතැනක්


අඩසියවසකට ආසන්න කාලයක් රාජ්‍යයක පාලනයකින් තොරව පැවති, එවකට ලොව විශාලම ජන ඝනත්වය හිමි, මහා මාර්ග රහිත ප්‍රදේශයේ නම කුමක්ද? මේ ගැන ඔබ දන්නා කරුණු එකතු කරන්න

--------------------

අපෙක්ෂා කල පිළිතුර වනුයේ හොංකොං ආසන්නයේ පිහිටි කොව්ලූන්  හි බැමිවටකළ නගරය [Kowloon Walled City]. නගරය වටේ බැඳෙන පැරණි බැම්ම නිසා තමයි නම එන්නේ. හරියටම  තියෙන්නේ  
හොංකොං  දූපතට  කෙලින්ම  අනිත්  පැත්තේ  ගොඩබිමේ.






කොව්ලූන් කියන්නේ හොංකොං ප්‍රදේශය ආශ්‍රිත පැරණි බලකොටුවක්. අක්කර 7ක විතර පෙදෙසක්. මෙම බලකොටුව කාලයක් තිස්සේ චීනුන් පාලනය කළා. ගිවිසුමකින් හොංකොං ගත්ත බ්‍රිතාන්‍ය ජාතිකයින් එක්කත් සමගාමිව මෙහි බලකොටුවක් හා චීන හමුදා පිරිසක් තිබ්බලු. නමුත් මේ හමුදා පිරිස කාලෙකට පස්සේ ඉවත් කරගෙන තියෙනවා. ඒ වෙද්දීත් මෙය චීන භූමියක්.

හමුදාව තවම ඇති කියා සැකකරන 
හොංකොං බ්‍රිතාන්‍ය පාලනය මෙය ආක්‍රමණය කරනවා. ඒ වෙද්දී හමුදාවක් උන්නේ නැහැ. ආක්‍රමණයත් එක්ක චීනුන්ට මෙහි බලය ගිලිහෙනවා. හැබැයි හමුදාවක් නැති නිසා බ්‍රිතාන්‍යයත් ආපහු යනවා.

තවත් අඩ සියවසක් පමණ මෙම කලාපය බ්‍රිතාන්‍ය බලපෑමට යටත් පෙදෙසක් ලෙස පවතිනවා. මෙහි බොහෝ ගොඩනැගිලි කඩා දැමෙන අතර මිනිස්සු පැල්පත් අටවාගන්නවා. බ්‍රිතාන්‍ය පාලනය සපුරා ගිලිහෙන්නේ ජපනුන් දෙවෙනි ලෝක යුද්ධේ කාලේ මෙය අල්ලා ගැනීමෙන්. ඒ වෙද්දී චීනුන් කොවලූන් වලින් ඈත්වෙලා. හතලිස් ගණන් වල සිට බ්‍රිතාන්‍ය 
හොංකොං පාලනයත් කොව්ලූන් අමතක කර දානවා.

මේ කලාපයේ විවිධ අවුට් ලෝ අය සහ සමාජවාදී චීනයෙන් පලා එන්නන් පදිංචි වෙනවා. ඒ වෙද්දී තිබ්බ ගොඩනැගිලි ගිනි ගැනීම් වලින් විනාශ වෙලා යන අතර හිස් වන ඉඩට තවත් මිනිස්සු එකතු වෙනවා.

"නගරය" වේගයෙන් හැදෙනවා. මෙය වංචාවේ හා දූෂණයේ කලාපයක්. සියලු දුරාචාර හා හොරකම් මේක පුරා පැතිරෙනවා.  හොර කල්ලි තම තමන්ට රිසි දේවල් කරනවා. හිටිගමන් 
හොංකොං පොලිසිය රේඩ් එකක් එහෙම කලත් ඒ අයටත් ඇතුලේ රැඳෙන්න අමාරුයි.කොව්ලූන් නගරයේ එකකට එකක් බැඳුනු මුඩුක්කු ගෙවල් තට්ටුවෙන් තට්ටුව උඩ යනවා. එහි උපරිම උස තට්ටු දාහතරක් දක්වා ගියාලු. කිසිම සිවිල් ඉංජිනේරුවෙක් නැතුව කිසිම ආධාරකයක් පහලට බස්සපු ගැඹුරු අත්තිවාරමක් නැතුව තනි තට්ටු එක්ස්ටෙන්ඩ් කරලා තට්ටු දාහතරක් උසට හදාපු එකත් මැජික් එකක්. මම හිතන්නේ බිල්ඩින් වැටෙන්න නියමිත නමුත් එකකට එකක් හේත්තු වෙලා නිසා ඔහේ තිබ්බ කියලා. කලාපය භුගොලියව සක්‍රිය නමුත් එහෙමවත් ක්‍රමයකින් "ටෙස්ට් වෙලා" නැහැ. [එහෙම  නොවීම  පූරුවේ  වාසනාවක්.  නැත්නම්  ලෝකයේ  ලොකුම  ස්වාභාවික  විපතක්  වෙන්න  තිබ්බා ]

විකියෙන්  සහ  මෙන්න  මෙතනින්  ගත්ත  පින්තූර. ඔය  ලින්ක්  එකේ  තව  පින්තුර  තියෙනවා.



A large solid block of ramshackle buildings varying in height, with many taller buildings and some mountains in the background.

Kowloon Walled City was notorious for drugs and crime but many of its 50,000 residents lived their lives peacefully until it was demolished in the early 90s

Canadian photographer Greg Girard and Ian Lambot spent five years getting to know the residents and taking pictures of the densely populated buildings

The area was made up of 300 interconnected high-rise buildings, built without the contributions of a single architect and ungoverned by Hong Kong's health and safety regulations

The city, lit up during the night, was the scene of the 1993 movie Crime Story starring Jackie Chan and includes real scenes of buildings exploding


මුල  සිටම ඇතුලේ වාහන යන පාරවල් නැහැ. මුලදී බිල්ඩින් මැද්දෙන් ඇවිදගෙන යන්න විතරයි පුළුවන්. පහුවෙද්දී  එහෙමත්  යන්න  බැරිලු.  කොවලූන්  වල  පොලොව  පෙනෙන්නේ  එහෙමත්  තැනක  විතරයි  කියා කියන්නේ.
බොහෝ ගමනාගමන වෙන්නේ හතරවෙනි තට්ටුව හරියෙන්, අතනින්  මෙතනින්  රිංගාගෙන. ත්‍රිමාන මේස් එකක්  වැනි  මාර්ග  පද්ධතියක් තිබිලා තියෙන්නේ. අර හොංකොං පොලිසිය රේඩ් කළේ ඒකෙ. ජැකී චෑන් ලා ලෝකෙට ආවේ හොංකොං වලින් වීම පුදුමයට කරුණක් නොවන්නේ ඒ නිසා.

පෙර කී ලෙස මුළු වර්ගපලය අක්කර 7 කට අඩුයි. ඒ කියන්නේ හෙක්ටයාර තුනකට අඩුයි. ව කි මි 0.03 ට අඩුයි. මේක නිකම් අර කොළඹ තියෙන "වත්තක්" වගේ හරියක්. අසු ගණන් වෙද්දී ජනගහනය 33000 ට වැඩියි [සමහරු  කියන  පරිදි  50000 ඉක්මවනවා]. අඩුම  ගාන  සැලකුවත් ඒ කියන්නේ 33000/0.03 = ව කි මි ට මිලියන 1.1 ක ජන ඝනත්වයක්. අදටත් ලෝකේ දේශසීමා වලන් වටවන පෙදෙසක තියෙන වැඩිම ඝනත්වය ව කි මි ට 35000 වගේ ගානක්. මෙය චීන හා බ්‍රිතාන්‍ය දේශසීමා වලට පිටස්තර වෙනම කලාපයක් ලෙස සැලකුවොත්  එකල මෙන්ම පහුගිය දීර්ඝ කාලයකට තිබ්බ ලොකුම ජන ඝනත්වය. 



Over time, both the British and the Chinese governments found the massive, anarchic city to be increasingly intolerable - despite the low reported crime rate in later years


For many residents who lived in the upper levels of the city, ion in particular, the roof was an invaluable sanctuary: a 'lung' of fresh air and escape from the claustrophobia of the windowless flats below


දුරාචාර  වලින්  පිරුණු  මුඩුක්කු  වගේ  වුනාට  බහුතරය  හොඳ  අහිංසක  මිනිසුන්.  විශේෂයෙන්ම  සමාජවාදී  චීනය  නිසා පලායන  අහිංසකයින්  තමා  වැඩියෙන්  ඉඳලා  තියෙන්නේ. 


Law Yu Yi, aged 90, lived in a small and humid third-floor flat with her son's 68-year-old wife off Lung Chun First Alley. The arrangement is typical of traditional Chinese values in which the daughter-in-law looks after her inlaws

The shrieks of children playing on rooftops were frequently drowned out by the sounds of jet engines as aircraft powered through their final 100 metres on the runway at Kai Tak Airport


පසු  එකතුවක්  ලෙස  මේ  පින්තුරය  දාන්නේ  එහි  අගය  නිසා.  මේ  තමා  හොංකොං වලින්  අනුයුක්ත  කළ  ලියුම්  බෙදන්නා.  ඔහුට  මේක  නොකර  බැරිනිසා  කරන්නේ.  තොප්පියක්  දාගෙන යන්නේ  අවුව  වැස්ස  නිසා  නොවේ.  ඒවා  පොළොවට  වැටෙන්නේ  නැහැ.  එහෙත්  හැම  තැනින්ම  නොකඩවා  දියබිඳු  වැටෙනවා.  ඒවා  මොනවාද  කියන්න  රසායනික  පරික්ෂනයකින්වත්  බැරිවෙයි.  තට්ටු  දහයක  දොළහක  අපරි  ද්‍රව්‍ය.


Mir Lui was assigned to work in the city as a postman in 1976 and had no choice but to go. He was one of the few people who knew the ins and outs and wore a hat to protect him from the constant dripping


1990 දශකයේ චීන හොංකොං [බ්‍රිතාන්‍ය]  එකඟතාවයකින්  මිනිසුන් නැවත පදිංචි කරලා මෙය සපුරා විනාශ කරනවා [මුලින් පෝස්ට්  එක  ලියද්දී චීනයට නැවත පවරා ගත්තම කළා  කිව්වා  එක  වැරදියි.  දෙගොල්ලෝ  එකතුවෙලා  කරන්නේ]

මෙහෙම මුඩුක්කු ලෝකේ කොහෙත් ඇති. එහෙත් රටක පාලනයට නතු නොවී මෙහෙම තියෙන තැනක් වෙන ඇද්ද කියා මම දන්නේ නැහැ. මම දන්නා තරමින් මේ තමා එකම එක.

මේකත් එක්තරා විදිහක අරාජික සමාජයක් . අරාජික සමූහ  සලකද්දී අපි සාමුහිකවාදී හා ක්‍රිස්තියානි පම්ප්‍රදායානුකුලව ඉන්න කවදාවත් අපරාධයක් නොවුන ට්‍රිස්ටන් ද කුඥ්ඥ දූපත ගැන කතා කළා.  එහෙත් එය කෘතිමයි. මේ තමා මිනිස්සු කිසිම පාලනයක් නැතුව ඔහේ ඉන්න ගියොත් හැදෙන ස්වාභාවික තත්වය.

අද  
කොව්ලූන්  හි  කොටසක්  පමණක්  සිහිවටනයක්  සේ  ඉතුරු කර  චීනුන්  එය  උද්‍යානයක්  බවට  පත්කරලා.






ප.ලි.  

"පලියක්" ලියන්න  හිතුනේ  මේකේ  හෙඩිම  වෙනස්  කල  හේතුව  කියන්න.  කලින්  දාලා  තිබ්බේ  කොව්ලූන්  බැමිවටකළ නගරය  කියලා.  එහෙත්  පස්සේ  මට  වික්ටර්ගේ  සින්දුවක්  සිහිවුනා. උඩින්  බැලුවම  මේක  මහා  දහජරාවක්  නිසා සින්දුව  දැම්මේ  නක්කලේට  කියා  හිතෙන්න  පුළුවන්.  එහෙත්  මම සින්දුව  දැම්මේ  මේ  ජනයාට  උපහාරයක් ලෙස.

ඇයි මිනිස්සු  මෙහෙම  තැනකට  ආවේ?  බර  පිරිසක්  ආවේ  කොමියුනිස්ට්  චීනයෙන්.  ඒ  අය  දුප්පතුන් නොවේ. ඒ අයට  චීන  ක්‍රමයට  එකඟව  මීට  වඩා  හොඳ  භෞතික  ජීවිතයක්  ගෙවන්න  තිබ්බා.  ඒත් ඒ මිනිස්සු පලා යන්නේ  කොච්චර  මුඩුක්කුවක  උනත්  මානසික  නිදහස  සොයාගෙන. පාටි එකේ  ප්‍රාදේශීය  ලොක්කන්ට  මල  පනීද,  මුරකාවලුන් ඇවිත් කොයි මොහොතේ උස්සගෙන යාවිද,  පවුල - කුඩා දරුවන් එක්කම - පර්ජ් කර  දාවිද [කිව්වේ  මරා  දාන  එකට  කියාපු  නම],  එහෙමත්  නැත්නම්  වධකාගාරේට  දාවිද ඔන්න ඔහොම බයෙන්. තමන්ගේ  ජීවනෝපාය කනබොන  දේවල්  ජීවිතේ  ඔක්කොම  ආණ්ඩුවෙන්  තීන්දු කරන ලෝකෙන් මිදිලා  ඒ  මිනිස්සු  පැනලා  ආපු ඔවුන්ගේ  "අපේ ලෝකය" තමා  කොව්ලූන්.  ඔන්න යටින්  බැලුවම පෙනෙන  හැටි.

ගීතය  දැම්මේ  ඔවුන්ට  උපහාරයක්  ලෙස. 

22 comments:

  1. Thanks. It's totally new for me

    ReplyDelete
    Replies
    1. බින්දී තව පින්තුරයක් මම එකතු කළා. හෙමිහිට ආපහු බලන්න.

      Delete
  2. Kowloon Walled City ගැන මම මුලින්ම දැනගත්තේ නාගරික සැලසුම්කරණය ගැන දේශනයකදී. සුජීව පවසන පරිදි අරාජික සමාජයකට හොඳ උදාහරණයක් තමයි මේක. මිනිසුන්ගේ ජීවන තත්ත්වය, ජීවත් වන පරිසරයේ ප්‍රමිතිය, ජල සැපයුම, මළ අපවහනය, කැළිකසළ බැහැර කිරීම, ආදිය මෙහි සිදු වී ඇත්තේ කොහොමද කියා හිතන කොට ඇත්තටම එවැනි නාගරික ජනාවාස පැවතියා කියා හිතන්නත් අමාරුයි. එම දේශකයා කියූ ආකාරයට මෙහි එක් ප්‍රදේශයක (බිත්ති දෙකක් අතර) තට්ටු හතරක් පමණ උසට කැළිකසළ පිරී තිබුණාලු.

    ReplyDelete
    Replies
    1. යන්තමින් ජීවත්විය හැකි තරමට මැනේජ් කරගන්නවා. ඒ මට්ටමින් සාමූහිකයි

      Delete
    2. හුස්ම ගත්තේ කොහොමද? මැද යට තට්ටුවල ඉන්න කට්ටිය

      Delete
  3. ප.ලි.

    "පලියක්" ලියන්න හිතුනේ මේකේ හෙඩිම වෙනස් කල හේතුව කියන්න. කලින් දාලා තිබ්බේ කොව්ලූන් බැමිවටකළ නගරය කියලා. එහෙත් පස්සේ මට වික්ටර්ගේ සින්දුවක් සිහිවුනා. උඩින් බැලුවම මේක මහා දහජරාවක් නිසා අ සින්දුව දැම්මේ නක්කලේට කියා හිතෙන්න පුළුවන්. එහෙත් මම සින්දුව දැම්මේ මේ ජනයාට උපහාරයක් ලෙස.

    ඇයි මිනිස්සු මෙහෙම තැනකට ආවේ. බර පිරිසක් ආවේ කොමියුනිස්ට් චීනයෙන්. ඒ ය දුප්පත්තු නොවේ. ඒ අයට චීන ක්‍රමයට එකඟව මීට වඩා හොඳ භෞතික ජීවිතයක් ගෙවන්න තිබ්බා. ඒත් ඒ මිනිස්සු පලා යන්නේ කොච්චර මුඩුක්කුවක උනත් මානසික නිදහස සොයාගෙන. පාටි එකේ ප්‍රාදේශීය ලොක්කන්ට මල පනීද, මුරකාවලුන් ඇවිත් කොයි මොහොතේ උස්සගෙන යාවිද, පවුල - කුඩා දරුවන් එක්කම - පර්ජ් කර දාවිද [කිව්වේ මරා දාන එකට කියාපු නම], එහෙමත් නැත්නම් වධකාගාරේට දාවිද ඔන්න ඔහොම බයෙන්. තමන්ගේ ජීවනෝපාය කනබොන දේවල් ජීවිතේ ඔක්කොම ආණ්ඩුවෙන් තීන්දු කරන ලෝකෙන් මිදිලා ඒ මිනිස්සු පැනලා ආපු ඔවුන්ගේ "අපේ ලෝකය" තමා කොව්ලූන්. ඔන්න යටින් බැලුවම පෙනෙන හැටි.

    ගීතය දැම්මේ ඔවුන්ට උපහාරයක් ලෙස.

    ReplyDelete
  4. යම් විදියකින් මහින්ද රාජපක්ෂ තවදුරටත් මේ රට පාලනය කලා නම් ලංකාවෙත් සල්ලි තියෙන අය දියුනු රට වලට යද්දි සල්ලි නැති මිනිස්සු අන්දමන්ද දූපත් වලට හරි යාවි... පිරිසකට හොද වුනාට පිරිසකට බොහෝ පීඩාවක්..

    ReplyDelete
    Replies
    1. දේශපාලනය ගැන එක එක්කෙනාට වෙනස් මත තියෙන්න පුළුවන්. ඔබත් එක්ක එකඟ නැහැ. එහෙත් ඒක මෙතනට අදාළ නැහැ. ඒ නිසා ලොකු විවාදයකට යන්න අදහසක් නැහැ.

      මම රාජපක්ෂ පාලනය ගෙදර යවන්න ඕනේ කියා හිතු කෙනෙක්. එහෙත් ආක්රුතිකව රාජපක්ෂ පාලනය මාවෝ සේතුං පාලනයට සමාන වන්නේ නැහැ. චීනයට වඩා අපි ගියේ කොලොම්බියාව මෙක්සිකෝව වගේ පාරක.

      Delete
  5. පාටි එකේ ප්‍රාදේශීය ලොක්කන්ට මල පනීද, මුරකාවලුන් ඇවිත් කොයි මොහොතේ උස්සගෙන යාවිද, පවුල - කුඩා දරුවන් එක්කම - පර්ජ් කර දාවිද [කිව්වේ මරා දාන එකට කියාපු නම], එහෙමත් නැත්නම් වධකාගාරේට දාවිද ඔන්න ඔහොම බයෙන්. තමන්ගේ ජීවනෝපාය කනබොන දේවල් ජීවිතේ ඔක්කොම ආණ්ඩුවෙන් තීන්දු කරන ලෝකෙන් මිදිලා ඒ මිනිස්සු පැනලා ආපු ඔවුන්ගේ "අපේ ලෝකය" තමා කොව්ලූන්. ++++++++++++++++++++

    ReplyDelete
    Replies
    1. ඒකෙම අනිත් පැත්ත තමා, බ්‍රිතාන්‍ය පාලකයින් මේක චීනය හා අ තමන් අතර බැරියර් එකක් ලෙස පාවිච්චි කලාට ඒ ආපු මිනිසුන්ට ඔතනින් එලියට යන්න උදව් කරන්නේ නැහැ. හැබැයි ඔවුන් අතර ඉන්න අපරාධකාරයින් තමන්ගේ පලාතට කරදරයක් වුනොත් උන්ව මර්දනය කරනවා

      Delete
  6. ප.ලි.යට කලින් අහන්න හිතාගෙන හිටිය ප්‍රශ්නය තමයි ගහනය ටිකක් වැඩිවුනත්, භූමිය කුඩා නිසා මේක වෙනම සමාජයක් විදියට නම් කිරීම කොච්චර සාධාරණයිද කියන එක. නමුත් නිදහස හොයාගෙන ආපු පිරිසක් නිසා ඒ හැඳින්වීම වැරදිත් නෑ.

    ReplyDelete
    Replies
    1. මේක එහෙම තිබ්බ එකම ජනාවාසය නොවේ ඔය හරියේ චීනෙන් පලායන මිනිස්සුන්ගේ වාසභූමි රැසක් තිබ්බ. ඒ නිසා මේක වෙනම රටක් ලෙස සැලකීම සාධාරණ නැහැ තමා. හැබැයි රටක් නොවේ වෙන මොන ඒකකයක් ගත්තත් මේ වගේ ඝනත්වයකින් මිනිස්සු ඉන්නේ නැතුව ඇති

      Delete
  7. හරිම රසවත් ලියමනක් සුජීව. ෆිල්ම් වලින් ඕවා බලලා ඇති. මේ කතාව ඇහුවේ පළවෙනි පාරට.

    කොහොම හරි චීන රජය මේකේ හිටපු මිනිස්සුන්ව නැවත පදිංචි කරලා, කොන්ක්‍රීට් තිබිච්ච තැන් ගස් වවලා උද්‍යානයක් කරනකොට අපේ රටේ උද්‍යානයක් තියෙන තැන් විනාස කරලා එතන කොන්ක්‍රීට් හිටවනවා ඇස් කන් වහගෙන බලාගෙන ඉන්නවා......!

    ReplyDelete
  8. මගේ අතින් වෙච්ච වැරදීමක් හදන්න ඕනේ. නැවත පදිංචිය කරන්නේ චීනුන් නොවේ බ්‍රිතාන්‍ය හොන්කොන් පාලනය, හැබැයි චීනයත් එක්ක ගිවිසුමක් ගහගෙන කරන්නේ.

    චීන්නුත් කොන්ක්‍රීට් මාස්ටර් ලා. මිනිස්සු පදිංචි නැති "අනාගත නගර" හෙවත් ගෝස්ට් සිටීස් එහෙම හදලා තියෙන්නේ

    ReplyDelete
  9. ඒකීය පුද්ගලයාට නිදහසේ තෝරාගැනීම් කිරීමට අවසර දුන්විට මෙවැනි කාර්යක්ෂම ඉදිකිරීම ගොඩනැඟෙනවා. නමුත් අවාසනාවට වැඩවසම් කොමියුනිස්ට් චීන රජය එය විනාශ කලා

    ReplyDelete
    Replies
    1. කෙන්සියානු බ්‍රිතාන්‍ය හා වැඩවසම් චීනය ඒක නැති කළා. :)

      ඒකීය පුද්ගලයාට නිදහසේ තෝරාගැනීම් කිරීමට අවසර දුන්විට මෙවැනි කාර්යක්ෂම ඉදිකිරීම ගොඩනැඟෙනවා තමා. අනික එහි ජීව්ටහ්වීමත් පුද්ගල අයිතියක්මනේ

      Delete
  10. හොඳින් හොයලා බලන්න, මෙහි පාලනය සම්පූර්නයෙන් හොන්කොන්ග් ට්‍රයඩ් කස්ටිය විසින් නොකලාද කියා.....

    ReplyDelete
    Replies
    1. සමාවෙන්න ඕනේ මේ කොමෙන්ට් දැක්කේ දැන්.

      ට්‍රයඩ් කස්ටිය උන්නේ පනහ හැට දශකවල නේද? හැත්තෑව දශකයේදී හොන්කොන් පොලිසිය උන්ව සපුරා මෙල්ල කරනවා.

      ට්‍රයඩ් කස්ටිය "පාලකයින්" නොවේ. උන් තග් ගැන්සියක්. උන් මේක "පාලනය කලේ" නැහැ. උන්ගේ ජාවාරම් වලට මේක යොදාගත්හා. සියල්ල කෙරුනේ උන්ගේ අනසකට යටත්ව. එහෙත් එය රාජ්‍යයක පාලනයක් ලෙස ලෙස සලකන්න බැහැ.

      කොහොමත් මේ වගේ වල්බූරු අරාජිකත්වයක කිසියම් පිරිසකගේ අණසක උන්ට අවශ්‍ය තැන්වල සක්‍රිය වෙන එකත් ස්වාභාවික සන්සිද්ධියක්ම නේද? ඒක මමනම් සලකන්නේ මේ අරාජිකත්වයේ කොටසක් ලෙස.

      Delete
  11. ටමේක භුමි කම්පා වලට ඔරොත්තුදෙන නගර හදන්න හොඳ ක්‍රමයක් නේද?

    ReplyDelete
    Replies
    1. එකක් හරි වුණානම් බලාගන්න තිබ්බා :)

      Delete