ඇලෙක්සැන්ඩර් සීසර් හිට්ලර් ඔක්කොටම කලින් එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය අත්සන් කලාම වෙන වැඩේ ගැන ලියන්න මෞර්ය රජතුමාට පොරොන්දුවක් දුන්නා. තාම කටු සටහනක ස්වරූපයෙන් තියෙන ඒක ලියන්න ටිකක් වෙලාව අවශ්‍යයි. ඒ අතරේ සිද්ධ වුනු කාලකන්නි සිද්ධියක් නිසා මේ පෝස්ටුව ඉක්මන් වෙනවා.
මේ සාමාන්‍ය දැනුම සමූහ දෙකක පළ කරන්නට යෙදුනු ප්‍රශ්නයක් [සබැඳි 1, සබැඳි 2].
1. වසර තුනකදී දැවැන්ත අධිරාජ්‍යයක් මෙල්ල කර එයින් විශාල කොටසක බලය තහවුරු කරගෙන අධිරාජ්‍යයක් තැනු රූමත් තරුණ ගැහැණිය කවුද? මෙයා සැබවින්ම සටන් කල කෙනෙක්, අසු පිට ගිහින් හමුදාව එක්ක පාගමනින් යමින් සටන් කල තරුණ ගැහැනියක්
2. ඇය උන්නේ කොහෙද?
3. ඇය සමග සටන් කල දැවැන්ත අධිරාජ්‍යය කුමක්ද?
4. වසර තුනට පස්සේ වෙන්නේ මොකද්ද?
5. ඇයගේ අධිරාජ්‍යයට වර්තමානය සමග ඇති සම්බන්ධය කුමක්ද?
6. [බෝනස්] රූමත් කිව්වට එක එකා කියන කතා තමා. හැබැයි රූමත් වීමෙන් වාසියක් වුනා කියා ඇය ගැන අධ්‍යනය කරන සමහරු කියනවා. ඒ වාසිය මොකද්ද?
--------------
නිවැරදි පිළිතුර වනුයේ පොයු [CE] 270-273 කාලය තුල විශාල පැල්මරින් අධිරාජ්‍යය බිහිකළ සිරියාවේ පැල්මයිරා නගර රාජ්‍යයේ සෙනෝබියා රැජිනයි.
සෙනෝබියා කියන්නේ වංශවත් පවුලකින් පැවතෙන කෙනෙක් ලෙස සැලකෙන්නේ. අලෙක්සන්ඩර්ගෙන් පස්සේ ඒ හරිය පාලනය කල ග්‍රීක සම්භවය ඇති පාලකයින්, එලෙසින්ම ඊජිප්තුව පාලනය කල ක්ලියෝ පැට්‍රා ගේ පියා වන ටොලමි ආදීන්ගේ සිට කාතෙජියානු [ෆිනිශියානු] සහ යුදෙව් කලාපයේ ප්‍රධාන ධාරාවල නායකයින් එක්ක ඇයට පරම්පරාගත සම්බන්ධයක් තියෙනවා. එහෙත් ඇය අයිතිවන්නේ සිරියාව ආශ්‍රිතව ජීවත් වෙච්ච යුදෙව් වාර්ගික පවුලට අයත් ඇරමියන් වරුන්ට. ඇරමයික් බසින් ඇගේ නම ලියවෙන බාත් සබ්බායි කියන ස්වරූපය තමා ඇය භාවිතා කරලා තියෙන්නේ. සෙනෝබියා කියන්නේ රෝමන් නම [ඒ කාලේ කලාපයේ සක්‍රිය සංස්කෘති වල බලපෑම නිසා කෙනෙක් නම් කීපයක් භාවිතා කල බවත් පෙනෙනවා, සෙනෝබියාට අරාබි බසිනුත් නමක් තියෙනවා]
සෙනෝබියා පැල්මයිරාවේ ප්‍රාදේශීය රජෙකුට විවාහ කරදෙන්නේ බොහොම ලාබාල වයසින්. රජු සහ රජුගේ පෙර වීවාහෙන් උපන් ඔටුන්න හිමි කුමාරයා මියයද්දී සෙනෝබියාට වයස තිහක්වත් නැහැ. ඊ ගාවට ඔටුන්න හිමි ඇගේ පුතාට වසරයි වයස. ඒ අනුව පුත්‍රයා අභිෂේක කර සම්මතය අනුව සෙනෝබියා පාලනය අතට ගන්නවා භාරකාරයෙක් ලෙස. මේ පොයු 267 වෙද්දී.
පැල්මයිරා නගරය සිරියා කාන්තාරය මැද්දේ තියෙන ක්ෂේමභුමියක්. ඒ නිසා මධ්‍යධරණී වෙරළේ සිට ඉන්දියානු සාගරය පැත්තේ තියෙන මෙසපොතේමියාව වැනි .පෙදෙස් වලට යන බොහෝ මාර්ග වැටෙන්නේ ඒ හරහා. මේ හේතුවෙන් පැල්මයිරා නගරය ඒ වෙද්දී සැහෙන්න බලවත් වෙන්න ඇති. කෙසේ වෙතත් රෝමයේ අනුදැනුම යටතේ ප්‍රාදේශීය පාලකයෙකු යටතේ තමයි නගරය පාලනය වන්නේ. මේ රෝමයේ බලය ඉහලින්ම පැතිරුණු කාලයක්. යුදෙව්වන්ගේ කැරලි දෙකම මෙල්ල කරලා යුදෙව්වන් ඔවුන්ගේ භූමියෙන් කුදලාගෙන ගිහින් යුරෝපය පුරා වහල් මෙහෙයට වික්කට පස්සේ කලාපයේ ඔවුන්ට තර්ජනයක් තිබ්බේ නැහැ. සෙනෝබියාගේ සැමියාත් එහෙම රෝමය යටතේ උන්නු ප්‍රාදේශීය රජෙක්.
කෙසේ වෙතත් රෝමය ගැලික් යුද්ධ [ප්‍රංශය - සූර පප්පලගේ පසුකාලින ඇටැක් එක :) ] එක්ක පැටලෙන වෙලාවේ පොයු 270 දී තිස් හැවිරිදි සෙනෝබියා රැජින තීරණය කරනවා නිදහස ලබා ගන්න. ඇත්තෙන්ම ඇයගේ සටන පටන් ගන්නේ රෝමය වෙනුවෙන් පර්සියාව පැත්තෙන එන ආක්‍රමණයට එරෙහිව. එහෙත් රෝමය මේ සටනට ඒ හැටි උනන්දුවක් නොදෙන නිසා ඇය තනියම යන්න තීරණය කරනවා. ඊට පස්සේ සිරියාවේ සිට යුදෙව් පෙදෙස් පසුකර සෙනෝබියා ඊජිප්තුව ආක්‍රමණය කරනවා. සටන් කරලා ඊජිප්තුවේ රෝමානු පාලකයාව මරා දානවා. ඒ වගේම වර්තමාන තුර්කිය දිගේත් සැහෙන දුරක් යනවා. වසර තුනකින් මෙම කාන්තාව කලාපයේ රෝමානු හමුදා පරදවා ඒ කාලේ හැටියට සැහෙන්න විශාල අධිරාජ්‍යයක් හදනවා. පැල්මරින් අධිරාජ්‍යය කියන්නේ එය.
සෙනෝබියා අසු පිට යන්න සෙබළු එක්ක හරි හරියට පා ගමනින් යන්න සමත් බවත් ඇය සටන් පෙරමුණේ සිට සටන මෙහෙයවූ බවත් කියවෙනවා.
කෙසේ වෙතත් නැගෙනහිර බලය ගිලිහීම වඩාත් දරුණු බව දකින රෝමන් කාරයෝ ගැලික් යුද්ධේ පසෙක තබා මුළු බලය යොදා පැල්මයිරා පැත්තට එනවා. තියුණු සටන් රාශියක් සහ ශූර රාජ්‍යතාන්ත්‍රික හැකියා යොදාගෙන රෝමන් කාරයින් සෙනෝබියා ගේ හමුදා පරදවනවා. පැල්මයිරාවෙන් පලාගිය සෙනෝබියා සහ දරුවා පස්සේ අල්ල ගන්න ඔවුන් සමත් වෙනවා. පැල්මරින් අධිරාජ්‍යය පවතින්නේ වසර තුනයි. මෙතරම් විශාල අධිරාජ්‍යයක් එතරම් කෙටි කලකදී හදල නැති වෙච්ච එක දුර්ලභ දෙයක්.
අතුරු කතාවක් ලෙස, සෙනෝබියාගේ සැමියා සහ ඔහුගේ පෙර විවාහයේ පුත් කුමරාගේ මරණ ගැන කතාවේ දෙපැත්තක් තියෙනවා. රජු හා කුමාරයා මරන්නේ රජ පවුලේම ඥාති සහෝදරයෙක්. ඊට මූලික හේතුව ඔහුට රජු දුන් දඬුවමක්. හැබැයි ඒක යට වෙනත් හේතු තියෙන බවට මත පවතිනවා. පහසුවෙන්ම සැක කල හැක්කේ සෙනෝබියා තම පුත්‍රයා රජකරවන්න මේක කළ බව. එහෙත් බොහෝ දෙනා සිතන්නේ මේක රෝමන් කාරයින්ගේ වැඩක් බව. මොකද සෙනෝබියා පස්සේ මෙහෙයවන ප්‍රබල හමුදාව හදන්නේ ඇයගේ සැමියා. ඇත්තෙන්ම රෝමන් කාරයින්ට ගහලා අධිරාජ්‍යයක් හදන එක ඔහුගේ සැලසුමක්. ඒ නිසා රෝමන් කාරයෝ ඔහුව මරා දැම්ම බව කියවෙන්නේ. රෝමානු ඉතිහාස මූලාශ්‍ර මේකේ බිල සෙනෝබියාට දාලා තියෙනවා. එය ඇය පරාජය කරන්න ගෙනගිය ප්‍රචාරක ව්‍යාපාරයේ කොටසක් ලෙස බොහෝ දෙනා හඳුනාගන්නේ. කෙසේ වෙතත් අන්තිමේදී සෙනෝබියා පරදින්නේ මේ කූට ප්‍රචාරක වැඩසටහන් මගින් ඇගේ පිරිස ඇය කෙරෙහි බිඳුවා ලීමෙන්.
අල්ල ගත්ත සෙනෝබියා දම්වැලින් බැඳ රෝමයේ ඇවිද්දවන ප්‍රකට දඬුවම සඳහා ගෙන යනවා. ඇයගේ දරුවා මගදී මියයනවා [හෝ මරා දැමෙනවා] එහෙත් සාමාන්‍යයෙන් අල්ලගත්ත නායකයින්ට අත්වෙන ඉරණම හෙවත් මරණය සෙනෝබියාට වුනාද කියන එක විවාදාත්මකයි. සමහරු එහෙම හිතනවා. එහෙත් සමහරු කියන්නේ අතිශයින් රූමත් නිසා ඇය මරා දමන එක අධිරාජයා නතර කරනවා කියා. සමහර විටෙක කිසියම් රෝමානු වංශවතෙක් ඇය විවාහ කරගන්න ඇති කියා හිතන්නේ. මොකද පසුකාලින රෝමානු නම්ගොත් අතර සෙනෝබියා ගෙන් පැවතෙන බවට සැක හිතෙන නාම දකින්න ලැබෙන නිසා.
සෙනෝබියා වර්තමානයට දක්වන සම්බන්ධය නම් ඇය විසින් උපරිමයට පත්කළ සුන්දර පැල්මයිරා නගරයේ ඉපැරණි නටඹුන් ඉස්ලාමික රාජ්‍ය කල්ලියේ අතට පත්වීම නිසා. මෙම නගරයේ නටඹුන් පුරා විද්‍යාත්මකව ඉහල වටිනාකමක් ගන්නවා. අවාසනාවකට යක්ස පැටවූ එකත් වනසා දාවී. ශිෂ්ටාචාරය තරම් ඔවුන්ට දරා ගන්න බැරි වෙන දෙයක් නැහැ.
පහත පින්තුරයේ පැල්මයිරානු අධිරාජ්‍යය කහපාටින් සලකුණු කර තියෙන්නේ. සංසන්දනාත්මකව අනෙකුත් එව්වා එක්ක හරි හරියට ඉන්නවා. මේකයි ඊ ගාව පින්තුරයයි දෙකම විකියෙන්.
මේ ඓතිහාසික මූලාශ්‍ර මත පසුකාලයේ ඇඳපු චිත්‍රයක්. පැල්මයිරා පරාජය වෙද්දී නගරය අතහැර යන්න පෙර ඒ දිහා ඇය අවසාන වරට බලන මොහොත. අයිරෝනිකලි, අපිට ඒ ශිෂ්ටාචාරය දිහා අවසානෙට බලන්න තියෙන්නේ දැන්. තව ටික කලකින් ඔතන මිලිටරි කෑම්ප් එකකට වඩා යමක් තියෙන එකක් නැහැ
මේකත් පසුකාලීනව ඇඳපු එකක්. සෙනෝබියා රැජින සටන්බිමේ සෙබළුන්ට උපදෙස් දෙන අවස්තාවක් පාදක කරගෙන. ගත්තේ මෙතනින්

//රජු සහ රජුගේ පෙර වීවාහෙන් උපන් ඔටුන්න හිමි කුමාර මියයද්දී // මේ උන්දගේ තරම දැක්කම නිකම්ම මියගියාදැයි හිතන්න නම් අමාරුයි..
ReplyDeleteමටත් ඕකනම් හිතුනා. මොකද ඒ දෙන්න මියයන්නේ හදිසියේ එල්ල වන ප්‍රහාරයකින්. මේ කුමාරිය වයස දහ අටෙන් බැඳලා අ දෙන්නේ පෙර බිරිය මියගිය රජෙකුට ඔහුට ඒ විවාහයෙන් පුත් කුමරෙක් ඉන්න නිසා මෙයාලට කිසිම වගතුවක් නැහැ. ඒකත් මෙයාගෙම වැඩක් වෙන්න පුළුවන්
Deleteමේක ගත්තේ මෙයාගේ හබී ගේ විකි පිටුවෙන්.
DeleteAccording to Imperially biased Historia Augusta, Maeonius killed Odaenathus and his son Hairan during a celebration, because of a conspiracy organized by Zenobia, second wife of Odaenathus, who wanted their son Vaballathus to succeed Odaenathus instead of Hairan (who was the son of Odaenathus by another woman). The more commonly accepted version, according to Gibbon, was that the murder was revenge for a short confinement imposed by Odaenathus to Maeonius for being disrespectful. After his death (266–267), Zenobia succeeded to his position and practically governed Palmyra on behalf of the young Vaballathus.
ඉතාම වටිනා තොරතුරු. ඒත් කණගාටුව මේ මොහොත වන විට අයි එස් අයි එස් උන්මත්තකයන් පැල්මයිරාව අල්ලගෙන .සියළු පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත දේවල් විනාශ කරාවි.
ReplyDeleteඔව් මීට කලින් ඉපැරණි නිනවේ නගරය [වසර 3000ක් පැරණි] වනසලා එන්නේ මුන්.
Deleteසුප්ප විස්තර ටිකක්...මචෝ.....අරිගතෝ........
ReplyDeleteතැන්කු ෂෙයා කලාට
Deleteසෙල්ලං නෑ... අපේ පැටවුන්ට පෙන්නන්න පුලුවන් දවසක 'ඉස්සර ලෝකෙ මෙහෙම නෙමෙයි.. පුරා වස්තු කියලා ජාතියක් තිබ්බා.මෙන්න මෙහෙම සිත්ගන්නාසුළු විදිහට තමයි ලෝකෙ තිබුනෙ.අපිත් එලියට පහලියට බැහැලා කතා කලා.ආයෙ එහෙම කාලයක් එනව නම් හොඳයි' කියලා.බ්ලොග් ලිපියක් වත් ඉතුරු උනොත්...
ReplyDeleteවෙන කොහේ මොනවා වුනත් ශිෂ්ටාචාරයේ තොටිල්ල නම් දර වලට විකුණන්නයි යන්නේ. මුස්පේන්තු අන්තවාදියෝ හිටියට ඔය වසර හය හත්දාහක අතීතයක් හිමි කලාපයක්. ඔච්චර ළඟ ළඟ ශිෂ්ටාචාර තිබ්බ වෙනත් ක්ලස්ටර් එකක් ලෝකේ නැහැ.
Deleteකනගාටුදායකයි.
The Warrior Queens by Antonia Fraser
ReplyDeleteකටු සටහනේ කටුත් නැතුවා වගෙයි. කමක් නෑ ඉතිං බ්ලොගර්ලා ඕන තරම් ලියන්න අවසර දෙන එකේ අලුත් බ්ලොග් එකකින් වැඩ අල්ලමු ආයෙත්.
ReplyDeleteනැහැ මේ දවස්වල වෙනත් සීන් එකක් නිසා අපොදී බ්රේක් එකක් ගත්තා. මේක ආයිත් පටන්ගන්න ඕනේ. සතිකීපයකින්
Deleteනියමයි.
ReplyDeleteස්තුතියි ආවාට. මේක ආයිත් තල්ලු ස්ටාට් එකක් දීලා පටන්ගන්න ඕනේ.
DeleteThis comment has been removed by the author.
ReplyDeleteහොද තොරතුරු ටිකක්.

Delete