Saturday, August 31, 2019

ඉස්ලාමය වල් වැදුනේ හුලෙගු ඛාන් ගේ නෙස්ටෝරියානු-මොන්ගල් ආගමික යුද්ධය නිසාද?

මද්‍යකාලින යුගයේ කාන්තාර ආගම් තුනෙන් ශිශ්ටම එක මුස්ලිම්. අශිශ්ටම එක ක්‍රිස්තියානි.

අන්‍යාගමිකයන්ට සැලකීම ගන්න. ක්‍රිස්තියානි: කන්වර්ට් නොවුනොත් මරනවා. තනි මිනිස්සු නෙවි රටවල් පිටින්, යුදෙව්: ජුදා දේශයේ ඉන්න බැහැ රට හැර යන්න ඕනේ, මුස්ලිම්: වැඩියෙන් ටැක්ස් ගහනවා, සෙකන්ඩ් ක්ලාස් සිටිසන්ස් ලෙස ඉන්න පුලුවන්.

විද්‍යව ගන්න. ක්‍රිස්තියානි: බයිබලය හෝ බයිබලය මත පටවන ලද ඇරිස්ටෝටල් ඇක්වයිනාස් වගේ උන්ගේ මත වලට එරෙහි වුනොත් ප්‍රසිද්දියේ මරනවා, යුදෙව්: යුදෙව් දර්මයට පිටින් යමක් උගන්වන්න තහනම් පිටුවහල් කරනවා, මුස්ලිම්: ගනිතය තාරකා විද්‍යාව ආදියේ මද්‍යතන යුගයේ වැදගත්ම සොයාගැනීම් කරනවා

ඉස්ලාමය අන්‍යාගමිකයන් හදුන්වන්න දෙන නමක් "ධිමි" කියන්නෙ, එහි අර්තය "ආරක්ශාව දෙන්න ඕනෙ කෙනෙක්" කියල. ඒ කියන්නෙ මුස්ලිමුන් අතර ඉන්න අන්‍යාගමිකය සුරක්ශිතව තියාගන්න ඉස්ලාමය විශේශයෙන් වග බලාගන්නව කියන එක. ඔය කියන තරම් දේවල් සුන්දර වුනා කියා හිතන්නෙ නැහැ, ඒත් අනෙක් කාන්තාර ආගම් දෙකට සාපෙක්ශව මේක වෙනස් තත්වයක්.

මොන්ගල් සම්භවය සහිත හුලේගු ඛාන් එවකට ඉස්ලාම්‍යේ අගනුවර වෙච්ච බග්ඩෑඩ් නගරය අල්ලල එහි මිලියන දෙකම සමුල ඝාතනය කරල උන්ගෙ දැනුම සහ පොත පත සපුරා වනසපු එක තමා ඉස්ලාම් භක්තිකයන් වල් වදින්න හේතුව කියල මම හිතන්නෙ.

වැරදියට  ගන්න එපා  මේක  ගෙන්ගිස් ඛාන්  ගෙ  වැඩක්  නෙවි.  ගෙන්ගිස්  දරුනු  ආක්‍රමනිකයෙක් වුනත්  ඔහු  අන්‍යාගම්  වලට ගරු කලා.  ඉරාන  ආක්‍රමනයෙන්  පස්සෙ  එහි  දේවස්තාන  වලට හානි කලේ නෑ.  ගෙන්ගිස්  ක්‍රිස්තියානියෙකුත් නෙවි. ශමන් ආගමිකයෙක් කියල කියන්නෙ.

ගෙන්ගිස්  මැරිලා  දශක  තුනකට පස්සෙ  එන හුලේගු ක්‍රිස්තියානි,  අම්මයි ගැනියි දෙන්න බටහිර මොන්ගල් ගෝත්‍ර වලට අයත් නෙස්ටෝරියන්ස් ලා. මේ කුමාරියන් දෙන්න රාජ්‍ය පාලන වලට පවා මැදිහත් වෙනවා. හුලෙගු වැඩ කලේ නෙස්ටෝරියන් පල්ලියේ උපදෙස් මත.

ඒක  වෙන්නෙ  මෙහෙම. 1240 විතර එක සෙන්පතියෙක් මොන්ගල් ක්‍රිස්ත්‍යානි ගැහැනියක් බදිනවා. ඒකි මාලිගාවෙ බලය අල්ලන් පුතාල තුන්දෙනා උඩටම ගන්නව පුත්තුත් ක්‍රිස්තියානි උන්ගෙ ගැනුත් ක්‍රිස්තියානි. එකෙ ම්හදිරාජ මොන්ග්කෙ. අනික බටහිර ලොක්ක හුලෙගු අනික නැගෙනහිර ලොක්ක කුබ්ලායි පස්සෙ ම්හදිරාජ. ඔය යුගයේ කාරකෝරමය නෙස්ටෝරියානු පලියේ අනසක ටයතෙ පවතින්නෙ. සටන් වදින්නෙ මුසලිම්මුන්ට  එරෙහිව. ක්‍රිස්තියානි එක්ක සහයෝගෙන් [බයිසන්තියමෙන් පුතාට ගැනියෙක් එහෙමත් ගේනවා] කුරුස යුද්දයකට ආරාදනා කරනවා යුරෝපයට සහ පාප් තුමාට.


කෝම හරි එකදාස් දෙසිය පනස් අටේ එකෝමත් එක දවසක, එවකට ඒබ්‍රහමික ආගම් පද්දතියේ [ජුදා, ක්‍රිස්තියානි, ඉස්ලාම්] බුද්ධි අග්‍ර පලය වූ බැග්ඩෑඩ් නුවර වටලන මොන්ගල් සෙන්පති හුලේගු නගර ප්‍රාකාර බිද දමා එහි ජනයා අල්ලා ගෙන උන්ට නොයෙකුත් වද දෙමින් උන් සමුල ඝාතනය කරනවා [ලක්ශ හයේ සිට මිලියන දෙක දක්ව විවිද ගනන් කියවෙනවා]. සහශ්‍ර ගනනාවක වාරි පද්ධති සපුරා සුන්නද්දුලි කිරීමෙන්, ලෝකයට ධාන්‍ය කෘශිකර්මය හදුන්වා දුන්න කියන බිමේ මිනිස්සුන්ට ගොවිතැන අහිමි කරනවා. මොන්ගල් සම්ප්‍රදාය බිදිමින් තමන්ගේ සහ පවුලේ ආගම වන නෙස්ටෝරියානු ක්‍රිස්තියානි වෛරයට ඉඩ දෙමින් ඉස්ලාමික දේවස්තාන වනසා දමනවා. ඒවායෙ නෙස්ටෝරියානු පල්ලි හදනවා [මේක මොන්ගලයින් අතර හුලේගු පමනක් කල දෙයක්].

ඊටත් එහා ගිහින් අඩ සහස් වසක ඉස්ලාමිය දැනුම් ප්‍රබෝදයේ අග්‍රපලය වන දුසිමක් දෙකක් වූ මහා පුස්තකාල ගිනි ලා වනසනවා පුච්චන්න බැරි තරම් පොත් ත්‍යෙන නිසා ඒව ගන්ගාවට දාලා ගන්ගාවේ දිය එහි තින්තෙන් කලුපාට වෙනවා.

එදා ඒ ඒබ්‍රහමික ආගම් පද්දතියේ එවකට තිබ්බ දියුනුම ආගමේ විස්ඩම් එකත් ඒ ගන්ගා දියේම හේදි යනවා. කෘශිකර්මය එක්ක තිබ්බ දියුනු සම්බන්දය අඩු වුනාම මිනිස්සු අර්ද සන්ක්‍රමනික සත්වපාලකයින් වෙනවා. බුද්ධියට ඉඩ දෙන්න කාලයක් විවේකයක් නැතුව යනවා. 
ඒ සා ලොකු දැනුමක් අහිමි වෙච්චම ආගම ම්ලෙච්ච වෙනවා.

දැනුම මැරුවම ඉතුරු වෙන්නෙ භක්තිය පමනයි. අන්ද භක්තිය. 

ඒ වගේම කතාවක් තියෙනවා [පෙර කී දේවල් වගේ ෆැක්ට් නෙවි කතාවක් පමනයි] ඔය අද මුස්ලිම් සමාජයෙත් අයිසිස් වගේ උන්ගෙත් තියෙන ඇතම් ම්ලෙච්ච ක්‍රියා හුලෙගු උන්ට කරපුව ලු. ඌ මිලියන දෙක මැරුවෙ ටික ටික වද දීලලු. මිනිස්සු ඔලුව පහලට තියල එකට ගැටගහල බන්කු හදල තිබ්බලු උන්ට සාද කරන්න. බන්කු අන්ඩ ඔලු.

ආයෙ ඉස්ලාම් හිස ඔසවන්නෙ බුද්ධිය දැනුම වෙනුවට අසිපත් සහ ම්ලෙච්චත්වය කරපින්නාගෙන වහලුන් ව හිද සුල්තාන් දක්වා එන කුටුස් සහ එකට සටන් කරද්දි කුටුස් වත් මරන තවත් වහල් හේවායෙක් වන බයිබාස් සමග. බයිබාස් හුලේගු දියකර හරින බුද්ධියේ බිම් කඩ මත ලෙයින් සීමා සටහන් කරන්නෙ කුරුස යුද්ද වල ශේශ ලෙස ඉතුරු ක්‍රිස්තියානි බල කදවුරු මෙන්ම ජෙරුසෙලමේ අයිතියත් අරගෙන ජුදා ක්‍රිස්තියානි ආගම් දෙක මුල් භුමියෙන් අතුගාල දාල.

දැන් ඒබ්‍රහමික ආගම් පද්දතියේ ම්ලෙච්චවම ප්‍රභේදයක් වන ඉස්ලාමයකින් මුලු කලාපයම වෙලිලා ගිහින්.

සියවස් ගානකින් ඔටෝමන් කාලිෆේටය හැදුවත් එහි තැන තැන වෙසෙන නෝමැඩික් අරාබි ගෝත්‍ර අතර බුද්ධිමය පාලනයක් බිහිවන්නෙ නැහැ. එහි දිගින් දිගටම නිර්මානය වන්නෙ වහාබි වගේ අන්ධ භක්තින්.

පස්සෙ කාලෙක නැපෝලියන් වගේ මිනිස්සු සමුල ඝාතන කරන්නත් බ්‍රිතාන්‍ය පාලනයට ස්තානිය වටිනාකම් දෙන්නත් මේ බිම් යටත් කර ගැනෙන්වා.

ලෝක යුද්දයකින් ඒ කාලිෆේටය පැරදුනාම යුරොපියන් අතට භුමිය නතුවෙනවා. භුමියෙ තෙල් හොයා ගත්තම බ්‍රිතාන්‍ය ප්‍රන්ශ වගෙ බලවතුන් භුමියෙ ඉන්න මිනිසුන්ගෙ වාර්ගිකත්වය පවා නොසලකමින් තම තෙල් ලින් සීමා අනුව රටවල් වල සීමා ලකුනු කරනවා [සුන්නි බහුතර ඉන්න අලෙප්පො වල පාලනය ශියා පවුල් අතේ තියෙන දමස්කසයට දීල ශියා බහුතර බස්‍රා සහ බැග්ඩෑඩ් ශේක් රාජදානි සුන්නි බහුතර මොසුල් එක්ක පටලල ශියා බහුතර ඉරාකෙ බලය තමන්ට අවනත සුන්නි උන්ට දෙනව - අදටත් මේ දෙරටේ ඉන්නෙ 60-40 වගේ විකාර අනුපාත වලට බෙදුනු නයි වෛර ජන කොටස් දෙකක්]. මුස්ලිමුන් ගේ අතවර වලට ලක්වෙන ටෙල් අවිව් හි සුලුතර යුදෙව්වන්ට රටකුත් දීල මුස්ලිම්මු බහුතර ඉන්න ඉපැරනි බයිබලික නගරත් අල්ල ගන්න දීල සයෝන රාජ්‍යයේ පැරනි සිතියම් යලි හදන්නට මිලියන ගනන් කදවුරු වලට දක්කන්න සහ මහ පොලොවේ එකම මිනිස් සත්ව ගාල වන ගාසා තීරය හදාගන්න ඉඩ දෙනවා [තව ඕකෙ මගුල් නටල අරාබි බූරුවෝ වැඩේ තවත් නාගන්නව].

අන්තවාදි ආක්‍රමනික නායකයෙක් වන කුඩා ගමක උන්නු සවුද් ට කලාපෙ ලොකුම බිම්කඩ වෙන්කරල දෙනවා සහ උන් ගේ අස්තාවර කොල්ල කාල හදන රාජ්‍යය රකින්න හමුදා ස්තාපිත කරනවා තෙල් වෙලදාම තමන්ට දෙන පොරොන්දුව පිට.

තෙල් හූර කන්න කරන්න තියෙන බලු ගැත්තර වැඩ ඔක්කොම කරනවා.

අන්තිමේදි ඔන්න ඔයාල අපි ඔක්කොම දන්න වෙපන්ස් ඔෆ් මෑස් ඩෙස්ට්‍රක්ශන් කියාන කලාපයේ මුස්ලිම් අන්තවාදයට එරෙහි එකම පතාක යෝධයාවත් වට්ටල බිම දාල බැරල් එකක දාල අරගෙන එල්ලල මරනවා. අහල පහල රටවල අරාබි වසන්තේ කියල සෙකුලර් නායකයින් මරන්න ම්සුලිම් අන්තවාදින්ට ආයුද දීල දැන් ඒ රටවල් අරබි සමර් වෙලා ගිනි ගනිමින්. අන්තිමට ඔය තෙල් නලයක් එලාගන්න කියල ඉතුරුවෙලා ඉන්න එකම සෙකුලර් නායකය මර්දනේ කරන්න එයාලම හදාගන්න මෙවලම තමා අයිසිස්. එතකොට එහෙමම සෝවියට් මාක්සාගමික ව්‍යාප්තියට එරෙහිව හදාගන්න මෙවලම අල් කයීඩා.

මිත්‍රවරුනි, සහස්‍ර ගානක යුද්ද වලින්, සමූල ඝාතන වලින්, බුද්ධියේ ශීර්ශ චේදනයෙන්, පදින්චි බිම්කඩ ඩෝසර් කරල වෙන ජාතිවලට ජනපද හදනව දැකපු හිත් වේදනාවෙන් ගේම් වල්ට මිලිශියා ලෙස හයර් කිරීමෙන් වෙපන්ස් අම්බානට ලබා දීමෙන් වෙහෙසකර වූ අරාබි කාරය මේ වෙලාවෙ මාර අබුද්ධික වියරු වැටුනු මිනිහෙක්. ඌට තියෙන්නෙ දේවල් කීපයයි. කනට ඇහෙන්නෙ පෙර කී පරිදි බුද්ධි හීන වෙච්ච ඉස්ලාමයේ අන්ධ භක්තික ප්‍රභේද. ඇහැට පෙනෙන්නෙ ඒ ඉගැන්වීම් එක්ක ගෙඩිය පිටින් හරාම් වෙන බටහිර සන්ස්කෘතිය, හිතට දැනෙන්නෙ කලාපෙ ගලන සහෝදර මිනිසුන්ගේ ලේ වේදනාව, අතට ලැබෙන්නෙ පට්ට ඇමරිකන් වෙපන්ස් පොඩි සීල්ලර ගේම් දෙන්න කියල. සාක්කුවෙ තෙල් සල්ලි.

ඉතින් උන් වටේටම තියා දානව. ලෝකෙ පුරා ම්ලේච්චත්වයේ පනිවුඩය අරගෙන යනව. කට්ටිය රිකෘට් කරනවා. බෝම්බ පුපුරන් මැරෙනවා. මේක  මේ  කන්‍යාවින්  හැත්තෑ  දෙකක  එල්බ  ගෙන  කරන  දෙයක්ම  නෙවි.

මම හිතනවා  අපි  අද  දකින  ප්‍රාතමික  ම්ලේච්ච  ඉස්ලාම් ප්‍රභේද  හැදෙන්න  හුලේගුගේ  ම්ලේච්චත්වය  තදින්ම  බලපානවා කියල.

8 comments:

  1. බටහිර ක්‍රිස්තියානි නූතනත්වය හැදුනේ කතෝලික සංස්කෘතියට එරෙහිව. ඒ නිසා බටහිරයෝ ඉතිහාසය ලියනකොට පාප් වහන්සේ කියන්නේ දරුණු අපරාධ කාරයෙක් හැටියවට හංවඩු ගහන්න පෙළඹෙනවා. එහි තව දිගුවක් හැටියට මුස්ලිම් අධීරාජ්‍යයට සුදුහුණු ගාන්නත් පෙළඹෙනවා.

    https://www.youtube.com/watch?v=eKdZqtKrBAE

    ReplyDelete
  2. මුස්ලිම් ආගම බිහිවූ මුල් කාලයේ ඒක තුල සංස්කෘතික දියුනුවක් ඇතිවුනා එයට ඉස්ලාමීය සංස්කෘතිය හේතු වුනා. නමුත් පසුකාලයේ මුස්ලිම් සංස්කෘතියම මුස්ලිම් සමාජයේ දැනුම නිර්මාණයට බාධාවක් වුනා.
    මේක උපමාවකිත් කියනවා නම් කෘමියෙකුගේ කටුව ඌට ආරක්ෂාව දෙනවා වුනත් කෘමියා වැඩීමේදී කටුව ඌට බාධාවක් වෙනවා. එවිට කලයුත්තේ හැව ඇරීමයි. මුස්ලිම් සංස්කෘතිය තුල මේ හැව ඇරීම වුනේ නෑ. 1300න් පසු මුස්ලිම් ශිෂ්ඨාචාරය තුල දැනුම වර්ධනය නැවතුනා.

    තව දෙයක් තමයි නව දැනුම නිර්මාණය කල කීර්තිමත් මුස්ලිම් පඬිවරුන්ගෙන් 90% පර්සියන්. ඉස්ලාම් ආගම නොතිබුනත් පර්සියන් වරු හැටියට ඔවුන්ට ඔ්ක කරන්න බැරිද?

    ReplyDelete
  3. අපගේ "වනයේ නෙළුම" තුමා මේ දක්වා සත්‍ය වුන රුවන් වැකියක් කිව්වා,
    සිංහලයෙක්ට බටහිර (සෛධාන්තික භෞතික) විද්‍යාඥයෙක් වෙන්න බෑ කියලා.
    ලංකාවේ මුස්ලිම් වරු ගැන මටත් ඔය වගේම දෙයක් කියන්න පුළුවන්.
    ලංකාවේ මුස්ලිම් වරුන්ට මුස්ලිම් ශිෂ්ඨාචාරයට දෙයක් එකතු කරන්න බෑ. ඔවුන්ට පුළුවන් අරාබියෙන් එන දේ අනුකරනය පමණයි.

    ReplyDelete
  4. තවදෙයක් මතක්වුනා,
    ලංකාවට පෘතුග්‍රීසීන් ආව එක හෙතුවක් තමයි මෙරට කතෝලික ආගම පැතිරවීම. ඒත් එය අසාර්ථක වුනා.
    නමුත් ලංකාව තුල බයිලා කලාව පෘතුග්‍රීසීන් ගේ උවමනාවකිත් තොරවම පැතිරුනා.
    ඒයට හේිතුව තමයි පෘතුග්‍රීසීන් ඒනවිට මෙරට ශක්තිමත් ආගමක් තිබීම සහ දියුණු සංගීතයක් නොතිබීම.

    ලිපියේ අන්තිම කොටසේ තියෙන කාරණාව ගැන සලකද්දී
    "අනේ මුස්ලිම්වරු හරි අහිංසකයි මේ හැමදෙයක්ම ඇමරිකන් කුමන්ත්‍රණ කියලා හිතන්න අවශ්‍ය නෑ. ඒයට ඉස්ලාම් ආගම වගකිව යුතුයි.
    හැමදේම ඇමරිකන් කුමන්ත්‍රණ ලෙස දැකීම කෂිකබල් මාක්ස්වාදී ක්‍රියාවක්. ඒ්වගේ අදහස් තියෙන අය මුස්ලිම් අයගේ ලනු කන්න ඉඩ තියෙනවා.

    ReplyDelete
  5. තවදෙයක් මතක්වුනා සදාම් හුසේන් වැනි මුස්ලිම් ඒ්කාධිපතියන් සෙකියුලර් වීමට හේතුව ලෙස මා දකින්නේ මෙයයි,
    ඉස්ලාමය යනු ජාත්‍යන්තරවාදයක්. ඉස්ලාමය සහ ජාතික රාජ්‍යය අතර ගැටුමක් තියෙනවා. ලංකාව වැනි මුස්ලිම් සුළුතරයක් සිටින රටවල පමණක් නොව මුස්ලිම් බහුතරයක් සිටින රටවල වුවත් ඉස්ලාමය ජාතිකත්වයක් ගොඩනැඟීමට බාධාවක්.
    මුස්ලිම් රටක ඒ්කාධිපතියෙක් බිහිවුනාම ඔහුට තම රට අසල්වැසි රටවලින් වෙන්කර තබාගැනීමට සිදුවෙනවා.
    ඒනම් ඔහුට ජාතිකවාදියෙක් වෙන්න සිදුවෙනවා. ඒ් සඳහා ඉසුලාමය තරමකට හෝ අතහැරීමට සිදුවෙනවා.

    ReplyDelete
  6. ආගම් පුදුම විදිහට හොඳට හා නරකට වෙනස්වෙන්නෙ.
    ඉස්ලාම් ඉස්සර කතෝලික ආගමට වඩා ලිබරල් හා ප්‍රගතිශීලී, දැන් විනාශකාරීව අන්තවාදී.
    ලිබරල් හා ප්‍රගතිශීලී ලෙස පටන් ගත්ත බුද්ධාගම දැන් මධ්‍යතන යුගයේ කතෝලික පල්ලියේ තිබුන දරුණු ලක්ෂණ පෙන්නුම් කරන අවස්ථා තියනව

    ReplyDelete
    Replies
    1. අද ලෝකයේ ප්‍රධාන සංස්කෘතිය වන බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ ඇංග්ලිකන් සංරචකයට තව වසර 500කින් මොකක් වෙයිද?

      Delete
  7. ශුද්ධ බයිබලයේ හෙලිදරව් පොතේ තියෙන මහා බබිලෝනිය, බබිලෝනිය නම් වේශ්‍යාව කියන්නේ මේ බැග්ඩෑඩ් නලරයට විය යුතුයි.

    ReplyDelete