Friday, May 31, 2019

සයිබීරියාවට නිදහස දෙනු !!!

සාමාන්‍ය දැනීම සමුහයක අහපු ප්‍රශ්නයක්.

පසුගාමී අධිරාජ්‍යයකට එරෙහිව දියුණු ආර්ථිකයක් සහිත විශාල ධනවත් වෙනම රාජ්‍යයක් වෙන් කරන්න කිසියම් ප්‍රාන්තයක තරුනයින් පිරිසක් තීරණය කරනවා. මේ තරුණයින් තම මතවාද පොත් හැටියට ලියලා අර ලොකු අධිරාජ්‍යට හොරා බෙදා හරිනවා. අදිරාජ්‍ය දන්නේ නැතුවට හමුදාවේ පවා සමහරු මේකට සපෝට්.

කුඩා මට්ටමින් පටන් ගත්තට ඔවුන්ට සැහෙන හැකියාවක් තිබ්බේ ඒ පළාත ජනාවාස කරපු ක්‍රමවේදය නිසා. සරලව කිව්වොත් ඒ පළාතේ උන්න ඔක්කොම මේකට සහය දෙන බව ස්ථිරයි.

බෙදුනා නම් ඔවුන් ආදර්ශයට ගන්න කියා ලියා තිබ්බේ ලෝකේ සිරාම රටක්.

දවසක් සුළු සෙබලෙක් ගේ ගමන් මල්ලක හොර බඩු තියේද කියා බලන හමුදා කාණ්ඩයක ලොක්කෙක්ට පොත් සෙට් එක අහුවෙනවා. එතනින් වැඩේ සමාප්තයි. අර තරුනයිනුත් ඉවරයි.

1. ප්‍රාන්තය කුමක්ද?

2. අධිරාජ්‍ය කුමක්ද? කොයි කාලේද?

3. ෂුවර් එකටම බෙදේවි කියන්න හේතු වෙන පලාත තුල වූ විශේෂත්ව මොනවාද?

4. ඔවුන් ආදර්ශයට ගන්න ගියේ කාවද?

5. බෙදීම වුනානම් එයින් ලෝක සිතියමට වෙන බලපෑම කුමක්ද?

---------------------

1860 දශකයේ රුසියාවේ විවි ක උගත් සයිබීරියන් තරුණ පිරිසක් තමා වැඩේට අත ගැහුවේ. ජාතියෙන් රුසියන් වුනත් සයිබීරියන් අනන්‍යතාවය එක්ක උන්නු පිරිසක්.

සාර් රුසියානු අධිරාජ්‍යය සයිබීරියාව ආක්‍රමණය කරන්නේ 1600 ගණන් වල. ඊට පෙර ඒක ස්වාධීන මොංගල් ඛානෙට් එකක් [ගෙන්ගීස් අධිරාජ්‍ය හදන්න පෙර පටන් ම මොංගල් දේශයේ කොටසක්]. සාර් සයිබීරියාව අල්ලන්නේ සත්ව ලෝම හා සම් ව්‍යාපාරය වෙනුවෙන්. එක මුලින්ම යටත් විජිතයක් සෙසු කොලෝනියල්  යටත්  විජිත  වගේ.

රුසියාව සයිබීරියාවේ කරන්නෙත් යුරෝපියන් ලා ඇමරිකා ඕස්ට්‍රේලියා වල කල දේමයි. ස්වදේශිකයන් යටපත් කරලා තම ජාතිය පදිංචි කර සම්පත් කොල්ල කෑම. හැබැයි අර වගේ ගම පිටින් මරන්නේ නැහැ. සයිබීරියාවේ ස්වදේශික ජනගහනය තදින්ම යටපත් වන්නේ සෝවියට් කාලේ තමා. සයිබීරියාවේ ඉන්න අඩු ජනගහනය නිසා දඩුවම්  සහ  පතල්  වැඩ  වලට රුසියානුවන් දිගින් දිගටම යාම මගින්.  දැන් ස්වදේශිකයන් ඉන්නේ 25%, 30% වගේ ගණන්. බහුතරය රුසියන්. ට්‍රාන්ස් සයිබීරියන් රේල් පාරත් එක්ක මේක යකාටම ගියා. හැබැයි රුසියන් උනුත්  ඇමරිකාවෙ  ඇන්ග්ලො  වරුන්  වගේ  සයිබීරියන්  අනන්‍යතාවයක්  හදාගෙන ඉන්නෙ.

1860 දශකයේ සයිබීරියානු තරුණයින්ට අවශ්‍ය වුනෙ පසුගාමී සාර් රුසියාව වගේ නැතිව දියුණු වෙළඳපොල ආර්ථිකයක් සහිත රටක් හදන්න. ඒ වෙද්දී ලෝකෙට තිබ්බේ ඒ වගේ රටවල් එකයි. ඒ තමා ඇමරිකාව. මේ අය හදන්නේ ඇමරිකාව වගේ රටක් හෝ ජනපදයක්  ලෙස අමරිකාවේම කොටසක් වෙන්න. ඒ ගැන ලියු පොත් එහෙම සයිබීරියාවේ බෙදා හැරෙනවා.

මේ අලුත් බලාපොරොත්තුව ලොකු හිට් එකක් වෙන්නේ සයිබීරියාවේ උන්නු බහුතරය දඬුවම් ලෙස පිටුවහල් වූ ය හෝ ස්වදේශික අය වීම නිසා. ලොකු පිරිසක් පෝලන්ත ජාතිකයින් [පෝලන්තය එවකට රුසියාවේ කොටසක්] සියල්ලන් සාර් එක්ක තරහයි. මේක කලානම් බොහෝ විට හරි යන්න තිබ්බා.

කැරැල්ලට සම්බන්ධ සුළු හමුදා සෙබලෙකුගේ මල්ලක් ප්‍රධානියා චෙක් කරන්නේ මේ වෙලාවේ. ඔහු බලන්නේ මල්ලේ හොරබඩු තියේද කියා. එත් අහුවෙන්නේ පොත්. ඒ කාලේ මේ වගේ පොත් ලියන්නේ නමත් එක්කද දන්නේ නැහැ :) කොහොම හරි කැරැල්ලට සම්බන්ධ සියලු දෙනා මාට්ටු වෙනවා.

සයිබීරියා දෙකක් තියෙනවා. එකක් තමා සයිබීරියාව කියන ජනාවාස ප්‍රදේශය, හෙවත් මොන්ගොලියාවට උඩ තියෙන රුසියාවේ මැද කෑල්ල. අනික තමා ජනාවාස අඩු නැගෙනහිර කෑල්ලත් පෙර කී කෑල්ලත් එක්ක ගන්න යුරල් කන්දෙන් මෙහා සියලු කොටස හෙවත් රුසියාවේ ආසියානු කොටස. අන්න ඒ සයිබීරියාව වකිමි මිලියන 13 ට වැඩියි. තනිව ගත්තත් ලෝකේ ලොකුම රට හෙවත් කැනඩාව + ඉන්දියාව විතර ලොකුයි. ඕක  බෙදුනානම් රුසියාව කියන්නේ ඉන්දියාව විතර පොඩි රටක්. එහෙනම් එහි ස්වාභාවික සම්පත් හරි අඩුයි.  සයිබීරියාව ගැලවුනොත් රුසියාවට අහිමි වන්නේ භුමිය පමණක් නොවේ. මුළු රුසියාවම යැපෙන්නේ මිලියන 40 ක මිනිස්සු ඉන්න සයිබීරියාවෙ ස්වාභාවික සම්පත් වලින්. අලුත් සයිබීරියාව තමා සම්පත් සහිත ධනවත් හා විශාලතම රට වෙන්නේ. ජනගහනයත්  මිලියන  40  ක්  පමන  අඩුත්  නැති  වැඩිත්  නැති  නියම ප්‍රමානයක්  දියුනුවෙන්න.

බෝල්ෂෙවික් විප්ලවය වෙලාවේ කිසියම් ආකාරයක ඔටෝනොමස් කමක් ගන්න ඔවුන් උත්සහ කරමින් උන්නේ. විප්ලවය නිසා බැරිවුනා. ඊට පස්සෙත් ඔවුන් සමාජවාදයට කැමති වන්නේ නැහැ. වසර හත අටක් සයිබීරියානු "සුදු හමුදාව" යුද්ධ කරනවා රතු හමුදා එක්ක. මේ වෙලාවේ සයිබීරියාවට ධනවාදී රටවල් සහය දෙනවා ඒත් බෝල්ෂෙවික් වරුන් අතිවිශාල ජන ඝාතනයක් කරලා දිනන්නේ.

ඊට පස්සේ ස්ටාලින් සයිබීරියාවට කෙලවලා දානවා. උන්ගේ ස්වාධීන මතවාද හා එහෙම හිතන ජනතාව් යටත් කර රුසියානුකරණය කරනවා. හැබැයි ඒ කරලත් තාම මූව්මන්ට් එක තියෙනවා. ඊයේ පෙරේදාත් වෙන්  වීමේ උද්ඝෝෂණයක් පූටින් බ්ලොක් කළා.

කොලෝනිය්ල්  යුගයේ  අල්ලගත්  ලොකු  රටවලින්  නිදහස්  නොවුනු  එකම  රට  නිසා  තාර්කිකව  සයිබීරියාවට්  නිදහස  දෙන්න ම  ඕනෙ.

සයිබීරියන් නිදහස් අරගලයේ කොඩිය මේ සමග

4 comments:

  1. සයිබිරියාවේ ප්‍රධාන සංඝනායක ධුරන්ධර සිනුවරවාසි පරකන්දෙණියේ තලිසෙනදිට්ඨ මහානායක ආධිපාද ස්ථාවරයන් වහන්සේ මේ සම්බන්ධ ලියා ඇති පොත්පත් කියවා නැතිද?

    ReplyDelete
  2. අහලා නැති, ඉතාම සිත්ගත් කතන්දරයක්. දැන් නම් ස්වාධීන රාජ්‍ය හැදීම අමාරු වැඩක් නේද ? ත්‍රස්තවාදී ලේබලේ අලවෙනවා. ඒ වගේම රුසියාව වගේ බලවත් හමුදාවක්, ඔත්තු සේවයක් තියෙන රටක් එක්ක පහසු වෙන්නේ නෑ. අපි වගේ උඩ බලන් ඉන්න රටකනම් වෙයි.

    ReplyDelete
  3. බටහිර බලවතුන්ට රුසියාව කෑලි කඩන්න ඕනවෙලා තියෙනවා. ඒ නිසා ඔයවගේ බෙදුම්වාදී අදහස්වලට වැඩි ප්‍රචාරයක් ලැබෙනවා.
    ටිබෙට් ප්‍රශ්නෙත් එහෙම එකක්.

    ලංකාවේ 83 කළු ජූලිය, රෝහින්‍යා ප්‍රශ්නය කියන්නෙක් ඒ වගේම මාධ්‍ය සංදර්ශණ

    ReplyDelete