පරණ කතාවක්. අහම්බෙන් ලැබුණේ.
ඔහු දේශ ගවේෂකයෙකි. ඔහු නමින් විශ්ව විද්‍යාලයක්, නාගරික ඒකකයක්, මහාමාර්ගයක්, කාන්තාරයක් තිබේ. වැදගත් ගන්ගාධාර පද්ධතියක් ලොවට හෙළි කළේ ඔහුය. ගවේෂණ නිසා ශාරීරික දුබලතා වලට ලක් විය.
එහෙත් ඔහුගේ මූලිකම සිහිනය කිසිදා සොයා ගත නොහැකි විය. ඉතාම සාධාරණ හේතු මත ඔහු ඒ පසුපස හඹා ගියද අවාසනාවකට ඔහුගේ සිහිනය සඳහා ඔහු වසර මිලියන ගණනකින් ප්‍රමාදය.
1. ඔහු කවුද?
2. සිහිනය කුමක්ද?
------------
ඔහු චාල්ස් ස්ටර්ට්.
චාල්ස්ස්ටර්ට් ගැන බොහෝ දෙනෙක් අසා ඇත්තේ එනමින් ඇති විවි නිසා. [විදෙස් සිසුන්ට හා දුරස්ථ අධ්‍යාපනය මුල් තැන දෙන විවියක්]. ඒ හැරෙන්න ඔහු නමින් සබර්බ් එකක් නගර සභා ඒකකයක්, පාර්ලිමේන්තු ආසනයක්, කාන්තාරයක් හා හයිවේ එකක් තියෙනවා.
ස්ටර්ට් ඕස්ට්‍රේලියාවේ මුල් ජනපදය වන නිව් සවුත් වේල්ස් හි ගවේෂකයෙක්. දකුණු ඕස්ට්‍රේලියාවේ බොහෝ ගවේෂණ කරන නිසා ඔහුට ඒ පළාතේ රජයෙන් ලැබෙන ඉඩම් හින්දා ඔහු එහෙත් ප්‍රකට කෙනෙක්. ස්ටර්ට් තමයි මරේ - ඩාලින් ගඟේ මූලික සිස්ටම් එක ලෝකයට හෙළිදරව් කළේ. ඊට පෙර හියුම් කියන ගවේශකයා ගඟ ආරම්භය හරියෙන් ක්‍රොස් කර තිබ්බත් ඔහු ගඟ ගැන ගවේෂණයක් කර නැහැ. ඩාලින් හා ඉතිරි අතු ගංගා මරේ ගඟට වැටෙන හැටි හා මරේ මුහුදට වැටෙන තැන ගවේෂණය කළේ ස්ටර්ට්.
ඔස්ට්‍රේලියාව අමුතු භූ විෂමතාවයක් තියෙන රටක්. කඳු තියෙන්නේ වෙරලාසන්නව. ඒ කඳු වලින් රට ඇතුලට ගංගා ගලනවා. මේ නිසා රට අභ්‍යන්තරයේ මුහුදක් [විශාල අභ්‍යන්තර ලවණ විල් වලට මුහුදු කියා කියනවා] තිබිය හැකි බවයි ස්ටර්ට් හිතුවේ. එම මුහුද ආශ්‍රිතව කැස්පියන් මුහුද වැනි සශ්‍රික කලාපයක් තිබෙය කියන අදහසින් තමා ස්ටර්ට් එය සොයා ගියේ. ස්ටර්ට් කුරුල්ලන්ගේ ගමන පවා යොදා ගත්තා තම අධ්‍යනයට.
පළමු යුරෝපියා ලෙස ඔහු රට අභ්‍යන්තරයට ගියා. රට මැද තියෙන භයානක කාන්තාර වල ඔහු ඇවිද්දා. මේ ගමන් වලදී ඔහුට ආහාර නැතුව තැන් තැන්වල සිරවී ඉන්න වුනා [හදිස්සියකට සතෙක් මරා ගන්නවත් බැරි රටක් නිසා]. කිහිප වතාවක් මැරෙන්නම ගියා. ඒ නිසා ඉතුරු වුන අර්ධ අන්ධ භාවයක් එක්කයි ස්ටර්ට් ජීවත් වුණේ. අන්ධ වෙලත් ඔහු අභ්‍යන්තර මුහුද හොයන එක නතර කළේ නැහැ.
ඇත්තෙන්ම ස්ටර්ට් හරි. ඕස්ට්‍රේලියාවේ රට ඇතුලට ගලන ගංගා ගලලා තියෙන්නේ අභ්‍යන්තර මුහුදකට තමා. ඒත් වසර මිලියන ගානකට කළින්. ඒවා දැන් එක්කෝ කාන්තාරයේ හෝ එහෙම නැතිනම් කළින් කලට ජලය එකතු වන එයර් [ලංකාවේ පොතේ අයර් විල] ලවණ තැන්නේ හෝ එකතු වෙලා වාෂ්ප වෙලා යනවා. මුහුදු මට්ටමින් පහල විශාල ප්‍රදේශයක් තිබ්බත් ඕස්ට්‍රේලියාවේ අභ්‍යන්තර මුහුද සිඳිලා ගිහින්.
නයිට් නාමයට ඉල්ලුම් දැම්මත් වේටින් ලිස්ට් එකක හිරවීම නිසා ස්ටර්ට් ට එයවත් ලැබෙන්නේ නැහැ. ඕස්ට්‍රේලියාවේ ඇමරිගෝ වෙස්පුචි ස්ටර්ට් විය යුතුයි.
මේ ඔහුගේ යුගයේ කට්ටිය සැක කළ මුහුදේ සිතියම. ඇත්තට ගංගා ගලන ආකාරය අනුව ඔහොම හිතුනට ඕක හිඳිලා කාන්තාර වෙලා වසර මිලියන ගානක්.
ස්ටර්ට් ගේ තවත් අවදානම් ගමනක් මරේ ගඟ දිගේ එහි මෝය සොයා ගිය ගමන.

විශාල ගංගාවක් නිසා මුහුදට ගලනු ඇත කියා සිතු ඔහු මරේ ගංගාව දිගේ විශාල යාත්‍රාවකින් ගවේෂණ ගමනක ගියේ ගංගාව මුදට වැටෙන තැන සොයන්නට. යාත්‍රාව තනා තිබ්බේ වන් වේ ගමනකට, එනම් ආපසු උඩු ගන් බලා එන්න නොවේ. සිතා උන්නේ මුහුදට වැටී මුහුදෙන් එන්නයි.
ඒත් බොහෝ දුරු කතර ගෙවා සාගරය සොයා එන මරේ [ඩාලින්] ගඟ සාගරය මායිමේ ඇති අලෙක්සන්ද්රියා විල විසින් ගිල ගනියි. මේ විලට ගඟේ දිය එකතු වන අතර එවැනි විල් නවයක් ඔස්සේ ගලා ගොස් වෙනම නොගැඹුරු වගුරකින් මුහුදට වැටේ.
මේ මුහුද අයිනේ තියෙන විල නිසා මග හිරවන ස්ටර්ට් බොහොම අසීරුවෙන් තමා ආපහු එන්නේ. ඒ වෙද්දී සිඩ්නි හෝ මෙල්බන් සිට මෙතරම් බටහිරට ගිය පළමු යුරෝපියානුවා ඔහු.
ස්ටර්ට් ගැන අහල තිබුනේ නෑ.
ReplyDeleteවෙස්පූචිට වඩා ලිවින්ස්ටන්, බේකර්, බර්ටන් සහ ස්පීක් ව මතක් වුනා. වැඩිපුරම Speke ව
රෝඩ්ස්වත් මතක් වුනා යුනිවර්සිටි එක නිසාද කොහෙද
black titanium wedding bands
ReplyDeleteBlack titanium titanium flash mica wedding bands. White women's wedding ring designs from top fashion chi titanium flat irons brands. Shop for high quality wedding titanium element rings polished titanium at the largest $24.99 · ecm titanium In stock