මේ සටහන තියන්නේ සුවිශේෂී කතාවක් ගැන මතක සටහනක් වශයෙන්. සමහර ජීවමාන අවස්ථා තියෙනවා "මම ඒක දැක්ක" කියල දරුවෙකුට දවසක කියන්න පුළුවන් අවස්ථා. යුරි ගගාරින් අභ්‍යවකාශයේ පළමු ගමන ගිය දිනය, ආම්ස්ට්‍රෝන් සහ ඔල්ඩ්රින් සඳ මත පා තැබීම වගේ දෙයක් වෙන්න පුළුවන්. දෑසින් දැක්කෙම නැතත් සමහර විට මනසින් වත් පරිකල්පනය කරන ලෙස ප්‍රධාන ධාරාව එක්ක සම්බන්ධ වී සිටීම. 2009 යුධ ජයග්‍රහණය, 2004 සුනාමිය
මේකත් එහෙම අවස්තාවක්. ඇත්තෙන්ම මේ සටහන එන්නේ අදාළ සිදුවීම ගැන ෆේස්බුක් පෝස්ට් එකක එක්රැස් කල කාරණා ඇසුරෙන්. කමෙන්ට් 1200 සහ ශෙයා කිරීම් 110 ඉක්මවා ගිය ඒ පෝස්ට් එකට සම්පත් දායකත්වය සහ සහබාගිත්වය සැපයු සැමට ස්තුති කරන්න මේක අවස්තාවක් කරගන්නවා.
අපි ඔක්කොම මේ ගමන එක්ක යන්න තීරණය කළේ තායිලන්තයේ පාපන්දු පිලක ඇසිස්ටන්ට් කෝච් කෙනෙක් වන එක්පොල් හෙවත් "එක්". ඔහු කුඩාකල මවුපියන් අහිමි වීමෙන් පස්සේ මහණ දිවියට ඇතුළු කරලා පස්සේ තම මිත්තනිය රැක බලාගන්න සිවුරු ඇරපු අවු 25 ක තරුණයෙක්. එක් තරමක් එක්ස්ට්‍රීම් කෝචින් ටෙක්නික් යොදාගත්ත, එහෙත් එනිසාම කණ්ඩායමේ ආදරයට පාත්‍ර වෙච්ච කෙනෙක්. ඔහු තම කණ්ඩායමට ටීම් බිල්ඩින් සඳහා අසීරු ඉලක්ක සැපයු අතර ඒවා බොහෝ විට ඇඩ්වෙන්චර් ක්‍රියා.
ඔවුන් ජීවත් වුණේ තායිලන්තයේ චියන් රයි පළාතේ බුරුමය සමග බෝඩර් එකේ පිහිටි මා සයි නගරය අවට. චියන් රයි කියන්නේ තායිලන්තයේ උතුරින්ම පිහිටි පළාත. ඒ අවට බුරුමයට සහ ලාඕසයට මායිම් වන මීකොන් නදියේ ලොව ප්‍රකට හන්දියක් තියෙනවා ස්වර්ණ ත්‍රිකෝණය කියල [පසුකාලීනව එහි මත්ද්‍රව්‍ය නිෂ්පාදන නිසා අද මේ නම යෙදෙන්නේ මත්ද්‍රව්‍ය කලාපය හඳුන්වන්න]. බුරුම අනාතයින් එදිනෙදා රස්සාවට එන බුරුම ජාතිකයන් සහ බෝඩරය හරහා ආවාහ විවාහ නිසා තායිලන්තයේ උතුරුදිග ම නගරය වන මා සයි බුරුම තායි ජන මිශ්‍රණයක් සහිත නගරයක්. ග්‍රාමීය ප්‍රදේශයක් නිසා එකිනෙකා කෙරෙහි ලං ව බැඳුන සමාජයක්.
ගිනිකොණ ආසියානු උස්බිම් කියන හිමාලයට නැගෙනහිර කඳු පද්ධතියේ උසින් අඩු කෙළවරවල් මේ ප්‍රාන්තය තුල තියෙනවා. තායිලන්තයේ දිගම ගුහා පද්ධතිය වන කිමි 10 කට වඩා දිග තාම් ලුවාන් ගුහාව පවතින්නේ මා සයි නගරය අවට. මේ ගුහාවේ මුල හරිය බොහෝ දෙනා ඇවිද ගෙන යන කොටසක් එහෙත් සමහර තැන් අඩි තිහ හතලිහ උස කඳු නැගීමේ හැකියා අවශ්‍ය ගල් කුළු ඒ වගේම පටු ස්ථාන සහිතයි. වැසි සමයේ ගුහාවට යන්න එපා කියන්නේ ගුහාවේ මුවවිට වටේ භූමියට වඩා පහතින් පිහිටි නිසා ඒ කොටසට වතුර පිරෙන බැවින්.
එක් විසින් තම කණ්ඩායමට ලබාදෙන එක අසීරු අභ්‍යාසයක් වෙන්නේ මේ ගුහාව ඇතුලට යන එක. ගමන මිස් වෙච්ච සමහර සිසුන් කියන පරිදි එක්තරා තැනක තම නම ලියා එන්න කියන අභියෝගය තමා දෙන්නේ, ඒ සමගම කණ්ඩායමේ කෙනෙකුගේ උපන්දිනයකුත් යෙදෙන නිසා ඇතුලෙම උපන්දින පාටිය දාන්න කෑමත් අරගෙන කට්ටිය යන්නේ. වයස 11-16 අතර දරුවන් 12 ක් සහ පුහුණුකරු එක් මේ ගමනට සහබාගි වෙනවා.
ඔවුන් කරන මිස්ටේක් එක වන්නේ වැසි සමයක මේ ගමන යොදාගැනීම. එපා කියා අනතුරු අඟවා තිබ්බත් ඕනේ තරම් ගමේ අය වැසි කාලවල යන බවත් කියවෙනවා. ඒ අනුව අනතුරු ඇඟවීම එතරම් සීරියස් සලකන බවක් පෙනෙන්න නෑ. කෙසේ වෙතත් කණ්ඩායම ගුහාව ඇතුලේ ඉන්න වෙලාවේ විශාල මෝසම් වර්ෂාවක් වැටිලා වටෙන්ම ගලන වතුර ගුහාවට පිරෙන්න ගන්නවා. පුනීලයක් වගේ එකතුවෙන මේ වතුර ඇතුලේ සිහින් තැන්වල සුනාමියක් වගේ පිරෙන බව කියවෙනවා. ඇතුලේ වෙච්ච දේ තවම අපි දන්නේ නෑ. කෙසේ වෙතත් කණ්ඩායම මුලින්ම මුහුණ දුන්නු ගැටලුව ලෙස සැලකෙන්නේ ආපු පාර ජලයෙන් යටවීම. ගුහාව සම්පුර්ණයෙන්ම පිරීම නිසා කිමිදෙන්න වන තැනුත් මුල හරියේ තියෙනවා, කණ්ඩායමේ ඔක්කොටම වගේ පිහිනන්නවත් බෑ. ඒ නිසා ආපහු එලියට එන්න කොහෙත්ම බෑ කට වතුරෙන් සීල් වෙලා. කණ්ඩායම මේ නිසා වඩාත් ආරක්‍ෂිත තැන් සොයමින් ඇතුලට ගියා කියා හිතනවා.
කෙසේ නමුත් දෙවැනි ගැටලුව වන්නේ කන්දේ ඇතුලේ දිය සීරාව ලීක් වෙලා ගුහාවේ ඇතුලේ අසීරු තැන් පිරී යාම. ජල උස අඩි තිහක් වගේ වෙන තැනුත් තියෙන නිසා මේ වෙද්දී ගුහා සංකීර්ණය ලෝකේ ඉන්න විශේෂඥ මට්ටමේ ගුහා කිමිදීම් කරන කෙනෙකුට පවා අසීරු වන ගානට ඇවිත්. කණ්ඩායම කෙසේ පණ බේරාගෙන ගියාද කියා අපි තවම නොදන්නා නමුත් ඔවුන් ගියා කියා හිතන සමහර තැන් අඩි දෙකක පමණ විශ්කම්භයක අඩි පනහක් පමණ දිග තැන්. දැන් චෝක් පොයින්ට් කියන එක තැනක් අඩියකට වඩා මදක් පළල තැනක්. මේවා වතුරෙන් පිරෙන්න පෙර ඔවුන් යන්න ඇති ඒ සමගම ඔවුන් පසුපසින් වතුර ඇවිත් පිරෙන්න ඇති.
ළමයි සහ පුහුණුකරු අතුරුදහන් වීම එක්ක හැමෝම කලබල වෙලා මේ අය හොයන මෙහෙයුමක් පටන් ගන්නවා. මුලින්ම තායි නාවික හමුදාවේ මුහුදු, ගුවන්, ගොඩබිම් ඒකකය හෙවත් සීල් යුනිට් එක මේකට සහබාගි වෙන්නේ. ගුහාවේ ජලය පිරුණු තත්වය නිසා ජාත්‍යන්තර මට්ටමින් ගුහා කිමිදීමේ විශේෂඥයින් මේ වැඩේට එකතු වෙනවා. විදේශිකයන් වුනත් ඔවුන්ගෙන් සමහරු තායිලන්තේම කිමිදීම් ආශ්‍රිත සංචාරක ව්‍යාපාර කරන එක නිසා වෙන්න ඕනේ මෙතරම් ඉක්මනින් ඔවුන්ගේ සමාජයේ ජාත්‍යන්තර අවධානය ලැබෙන්නේ. එසේම මේ ගුහාව සිතියම්ගත කල බ්‍රිතාන්‍ය ජාතිකයා සොයා තායි රජය යාම නිසා බ්‍රිතාන්‍ය ගුහා කිමිදුම් සමාජයේ අවධානය කල්තියා ලබා දෙන්න ඔහු සමත් වෙනවා.
මේ විශේෂඥයින් අතර රිචර්ඩ් ස්ටෑන්ටන් සහ ජෝන් වොලන්තන් කියන බ්‍රිතාන්‍ය ජාතිකයන් දෙදෙනා තමා දුරටම යන්නේ. කිසියම් හේතුවකට ළමයි ගුහාවේ එක කුටීරයක ඉන්න ඕනේ කියා ඔවුන් හිතනවා, මම හිතන්නේ ගමනට සහබාගි නොවූ අය දැනගෙන ඉන්න ඇති ගමනේ සැලසුම. මේ ස්ථානය ගුහාවේ කිමි තුනක් පමණ එහා තියෙන වැලිපරයක් [නම ලියල එන්න කිව්වේ මෙතන වෙන්න පුළුවන්]. තායිලන්තයේ සුප්‍රකට පට්තායා වෙරළ නමින් මෙතනට පට්තායා බීච් කියා කියනවා [ඇත්ත පට්තායා වෙරළ තියෙන්නේ බැංකොක් වලට දකුණින්, මේ ස්ථානය එක්ක කිසිම සම්බන්දයක් නෑ. එහෙත් පට්තායා නම ප්‍රකට නිසා ගුහාවේ වැලිපරයට ඒ නම දැම්ම වෙන්න පුළුවන්. පට්තායා II කියල ගංගාවක වෙරලකුත් මේ ප්‍රාන්තයේ තියෙනවා]. කෙසේ වෙතත් ඒම වැලිපරය තරමක් උස නිසා ළමයි ඕකේ උඩ ඇති කියලයි එතනට යන්නේ. එහෙත් කිමිදුම් කරුවන් නොසිතු සේ එතන වැලිපරය සම්පුර්ණයෙන් යටකරගෙන විශාල දියපහරක් ගලාගෙන යනවා.
ඊ ගාවට වෙච්ච දේ තමා මේ සිදුවීමේ පුදුම සහගතම තැන. මඩ වතුරේ අතපත ගාලා මිසක් හොයන්න බැරි තත්ත්ව යටතේ මේ දෙන්න හොයා ගන්නවා අර පෙර කියූ අඩි දෙකක් විෂ්කම්භය සහිත ගුහා කට. ඔවුන් විෂය විශේෂඥයින් නිසා දිය ගලන ආකාරය සලකා සොයාගත්තා වෙන්න පුළුවන්. මේ පටු කුහරය අඩි පනහක් පමණ දිගයි, මේ වෙද්දී ජලයෙන් පිරිලා. ඒත් මේ දෙන්න ඒ හරහා යනවා. කොහොම ඒ වගේ අවදානම් සහ පුදුමාකාර තීන්දුවකට ආව ද දන්නේ නෑ. පෙර කියූ සියලු අසීරු තැන් තියෙන්නේ මේ පට්තායා වෙරළින් එහා කොටසේ. සියල්ල තනිකර අඳුරේ හිස්වස්මේ එලිය පවා වැඩක් නෑ මඩ ජලය නිසා.
තවත් කිලෝමීටරයක් පමණ සහ අඩි තිහකට වඩා දියයට ගැඹුරේ කිමිදුමකින් පස්සේ මේ දෙන්න හොයා ගන්නවා ළමයි සහ පුහුණුකරු උසින් පිහිටි පස් කණ්ඩියක් මත ඉන්න බව. පෙර කී පටු කුහරයට පිරෙන වතුර ඔවුන් ආසන්නයට ඇවිත්. ඉතා කුඩා ඉඩක ඔවුන් දින නවයක් ඉන්නවා. පාටියට ගෙනා ආහාර සලාක ක්‍රමයට බෙදාගෙන තියෙනවා. එසේම පුහුණුකරු ඔවුන්ට භාවනා මගින් ශක්තිය ක්ෂය වීම අවම කරන හැටි හුරු කළා කියනවා. ඔවුන් හිතාගන්න බැරි තරම් යහපත් මානසික තත්වයක ඉන්නවා. භාවනා සහ කණ්ඩායම් හැගීම නිසා වෙන්න පුළුවන්.
දැන් කතාව දිහා ආපහු හැරිලා බැලුවොත්; ළමයි ඉන්නේ මුව විටෙ සිට කිමි 4ක් දුර, අඩි කීපයක් උස ගැට්ටක.. වතුර අඩි කීපයක් පහල වෙනකම් ඇවිත්. මේ දුර යන්න දැන් වෙද්දී වතුරේ අඩි 30 වගේ ගැඹුරට මුළු දුරම වගේ කිමිදෙන්න ඕනේ. ඒ වගේම මිනිස් සිරුරක වටරවුමේ තරම් හීනි ටනල් කෑලි වලින් යන්න ඕනේ. එසේම ගුහාවේ ඊට පෙර පෙදෙස් සියල්ලම ජලයෙන් යට වෙලා, කලින් කඳු නැගීම් කල තැන්වල දැන් කිමිදීම් අවශ්‍යයි. පැය හයක් යනවා එක්ස්පීරියන්ස්ඩ් කේව් එක්ස්ප්ලෝරර් කෙනෙකුට එළියේ සිට කණ්ඩායම ඉන්න තැනට යන්න.
වතුර තියෙනකම් හොඳ ඩයිවින් ස්කිල් නැතුව එන්න බෑ. වතුර මෝටර් දාල ඉස්සත් මාස 4ක් වත් වැස්ස තියෙනවා. ඒ නිසා කලින් කතා වුනේ මාස 4 ඔතන තියන්න. ඒත් මෝසම් ක්‍රියාකාරිත්වයක් නිසා ඉදිරි දින කීපයේ මහා වැසි ඇද හැලෙන බවට අලුත් නිවේදනයක් ආපු නිසා බේරගන්න නම් දැන් ගේන්න ම වෙනවා. නොවේනම් ඔය ඉන්න තැන පිරිලා ගිලිලා මැරෙයි. එසේම 16% ට පමණ ඔක්සිජන් මට්ටම අඩුවීම සහ කාබන් ඩයොක්සයිඩ් මට්ටම වැඩිවීම කියන ගැටළු දෙකත් ඉක්මනින්ම තීරණාත්මක තත්වයක් ඇති කරන්න පුළුවන්. ඒ නිසා දිගු කලක් ඔතන තියන්න බෑ . ඔක්සිජන් 12% ට අඩු වුනොත් හෝ කාබන් ඩයොක්සයිඩ් වැඩි වුනොත් එහෙමත් නැත්නම් තව වැස්සකින් ජල මට්ටම නැග්ගොත් ඔවුන් මිය යනවා.
තායි සීල් භටයින් සහ ස්වෙච්චා කිමිදුම් කරුවන් දරුවන්ට අවශ්‍ය ආහාර සහ සෞධ්‍ය පහසුකම් සපයනවා. සෞඛ්‍ය සේවා සැපයිය හැකි සීල් භටයින් සහිත ටීම් එකක් දිගටම ඔවුන් එක්ක ඉන්නවා. ඒ අය කණ්ඩායමට පිහිනුම් සහ කිමිදුම් පාඩම් ලබාදෙනවා. වෙනම ටීම් එකක් සහන සේවා වෙනුවෙන් එදිනෙදා පැය එකොළහක රවුන්ඩ් ට්‍රිප් එක යනවා. හිතාගන්න අමාරුයි මේ වගේ සියුම් කුහර අස්සෙන් එදිනෙදා මේ කට්ටිය කොහොම ආවා ගියාද කියල. පෙර කී පටු කුහරයෙන් ස්කුබා ඇඳුමේ වායු සිලින්ඩරය එක්ක යන්න බෑ සිලින්ඩරය ඉදිරියට ගෙන තල්ලු කරමින් යන්න ඕනේ. ඒත් අඩුවෙන ඔක්සිජන් වෙනුවෙන් අමතර සිලින්ඩර පවා සපයා දෙන්න ඔවුන් සමත් වෙනවා.
මෙන්න මේ කටයුතු අතර කණ්ඩායමට ඔක්සිජන් සපයන්න ගිය සේවයෙන් ඉවත්වූ සාමාන් ගුනාන් නම් සීල් භටයෙක් ආපහු එද්දී තමන්ගේ ඔක්සිජන් ඉවර වීමෙන් මිය යනවා. මේක මම හිතන්නේ මුදාගැනීමේ අවදානම ගැන හොඳ කියවීමක් වුනා.
මම මේ වැඩසටහනේ දකින ලස්සනම දේ නම් ඔවුන් මෙය කළමනාකරණය කල හැටි. පලවෙනි ලොජිකල් වැඩේ තමා කට අවට තියෙන වතුර බැස්සවීම. මේ සඳහා අධි බල මෝටර් යොදා ඒ වතුර බස්සන්න පටන් ගන්නවා. වතුර පහල පිරිලා කුඹුරු වල ගංවතුරක් වෙනකම්. එසේම සැපයුම් දිගටම පවත්වා ගන්නවා. පහු වෙද්දී වායු නලයක් දාන්න හැදුවත් එය අසාර්ථක වෙනවා එහෙත් මුළු දුරට ලණුවක් යොදා අතරමග ඔක්සිජන් සංචිත තියාගන්න සීල් භටයින් කටයුතු කරනවා. වෙනම පිරිසක් කන්ද උඩින් හාරන්න පුලුවන්ද කියා බලනවා. ගුහාවල සාමාන්‍යයෙන් පවතින චිමිනි සිදුරු තියේද කියන එක තමා ඔවුන් බලන්නේ. එසේම ඉහල වනාන්තරයේ සිවිල් ඉංජිනේරුවන් සහ වනජීවී නිලධාරින් කන්දේ ජලය රැඳෙන තැන් පාරමින් සියලු ජලය මතුපිටින් ගලන්න සලස්වනවා මොකද එසේ නොවේනම් කුහර වලින් ඇතුලට ගලන නිසා. මේ සියල්ල නිසා වැස්ස අතරේ පවා ගුහාවේ එලිය හරියේ ජල මට්ටම අඩු කරගන්න ඔවුන් සමත් වෙනවා.
උඩින් හාරන එක බොහෝ දෙනෙක් දැක්ක පැහැදිලි චිසඳුමක්. වසර කීපයකට පෙර චිලි වල පතලක හිරවූ මිනිසුන් පිරිසක් මුදාගත්තේ හාරලා කැප්සියුල් එකක් යැවීමෙන්. එහෙත් මේ සිද්ධිය ඒ හා සමාන නෑ. පළමුවෙන්ම පතල වගේ ගුහාවේ නිරවද්‍ය සිතියම් නෑ. හාරන තැන තීන්දු කරගන්න. පතලේ වගේ පුහුණු මිනිස්සු නෙවි ඉන්නේ ගුහාවේ ළමයි ටිකක්. පතල හාරන්න වුනේ මීටර හාරසීයකට අඩුවෙන් මෙතන කන්දේ මතුපිට සිට කිලෝමීටරයක් පමණ පහල තමා ගුහාව තියේ කියා හිතන්නේ එසේම පතල හාරන්න දින 69ක් ගියා, මෙතන එතරම් කල් තිබ්බේ නෑ.
එසේම ගුහාවට ඩයිනමයිට් දාන එකත් ඉග්නෝ කලේ ඉන් වඩාත් බරපතල අනතුරක් වෙන්න පුළුවන් නිසා. හැබැයි ගල් කටුව සහ මිටියෙන් ගුහාවේ බොහෝ තැන් පුළුල් කරගන්න තායි සීල් භටයින් කටයුතු කරනවා.
මේ සියල්ල අතර සිසුන්ට තම කෑම පංගුව පවා පුද කරමින් හිටි පුහුණුකරු ඔවුන් රැකබලාගෙන කල වැඩ කොටසත් සුවිශේෂී එකක්.
මේ සියල්ල නිසා ජුලි 9 ඉරිදා වෙද්දී අර පට්තායා බීච් කියන තැනින් මෙහා සියලු ස්ථාන වල ජලය අඩුකර පඩි සකසා ගමනාගමනය පහසු කරගන්න ඔවුන් සමත් වෙනවා. ඒ අනුව පට්තායා බීච් වලින් එහා පටු ගැඹුරු කුහර තුල කිමි එකක පමණ කිමිදීම් සහ ඉතිරියේ ගල් මත නැගීම ඇරෙන්න වෙනත් කිසි අනතුරක් ඉතිරි වී නෑ. වැස්ස තවත් වැඩිවන නිසා වැඩිපුර කාලය නැති බැවින් ඔවුන් මුදාගැනීම පටන් ගන්නවා.
ජාත්‍යන්තර කිමිදුම්කරුවන් මේ සඳහා ඕස්ට්‍රේලියානු ජාතික වෛද්‍ය රිචර්ඩ් හැරිස් ව ඉල්ලා සිටිනවා. වෘත්තියෙන් නිර්වින්දනවේදියෙක් වන හදිසි ගිලන් රථ අංශයේ කටයුතු කරන ඔහු වසර තිහකට වඩා අසීරු ගැඹුරු ගුහා කිමිදුම් සහ මුදාගැනීම් වලට වෙනම ප්‍රසිද්ධියක් උසුලනවා. ගුහාව තුල සිටින ළමයින්ට අවශ්‍යම වෛද්‍ය හැකියාව තියෙනා නිසා ඔහුව නිවාඩුවකින් ගෙන්වා ගන්නේ [මේ නිවාඩුවත් ඒ වගෙම අසීරු ගුහාවක කිමිදුම් ගමනක් වෙනුවෙන් අරගෙන තියෙන්නේ].
වෛද්‍යවරයා ගුහාව තුල රඳවා ඔහුගේ පරික්ෂාව අනුව සුදුසු අය මුදාගන්නේ. ඒ අය පළමුවෙන් කිලෝමීටරයකට ආසන්න අසීරු කිමිදුම් ගමනක් නිමා කරන්න ඕනේ පෙර කී පටු කුහර අස්සෙන්. ඒ සඳහා මග දිගට ඔක්සිජන් සිලින්ඩර සපයනවා. කිමිදුම් කරුවන් තිදෙනෙක් මුදා ගන්නා කෙනා සමග එනවා. ඔක්සිජන් පවා ලබා දෙන්නේ ඔවුන්. මේ කොටස තුල මානසිකත්වය පවත්වා ගන්න ඉතාම අසීරුයි. සුළු කලබල වීමකින් සියල්ල කෙලවර වෙන්න පුළුවන්. මඩ නිසා පේන්නේ නෑ වගේම සිය දහරා නිසා පටු තැන් වල බැලන්ස් තියාගන්න බෑ. මානසික අතින් දුර්වල සමහරුන්ට ආතතිය අඩුකරන බෙහෙත් දෙන්න වෛද්‍යවරයා කටයුතු කර තියෙනවා. කෙසේ වෙතත් ඒ ගමනින් පස්සේ බඩ ගාලා කඳු නැගලා අතරමැදි කුටීරයකට එනවා. එතැනදී ප්‍රථමාධාර දීල ආධාරකයක තබන පුද්ගලයා එකසිය පනහක් පමණ සීල් භටයින් ගේ කර මතින් තවත් කිමි කීපයක අසීරු එහෙත් ජලය බස්සන ලද කොටස පහු කරලා තමා ගිලන් රථය කරා එන්නේ.
මෙන්න මේ ආකාරයට දින තුනකදී සියලු දෙනා මුදාගන්න සමත් වෙනවා. කිසිවෙකුට අතරමග කිසිම අනතුරක් වී නැහැ. ඔවුන් දැනට රෝහල් ගතකර තියෙනවා. නිව්මෝනියාව වැනි ආබාධ වලට ඔවුන් ප්‍රතිකාර ලබනවා. කෙසේ නමුත් සියලු දෙනා මුදාගෙන, මුදාගත් පිරිස් සහ වෛද්‍ය වරයා එලියට ආවට පස්සේ ගුහාව සුද්ද කර සිලින්ඩර රැගෙන එන්න ගිය එකසිය පනහකට අධික සීල් වරුන්ට එකවර ඉහල නැග්ග ජලකඳ සුනාමියක් වගේ තමන් වෙත එන බව දකින්න ලැබෙනවා. අතිශය භයානක මේ මුදාගැනීම අහවර වන්නේ ඒ සීල් භටයින් පණ බේරාගෙන ගුහාවෙන් එලියට දිව යාමෙන්. ඒ අනුව මොහොතක් හෝ පමා වුණා නම් ඇතුලේ ඉන්න පිරිසට විශාල අනතුරක් වෙලා මේක කෙළවර වෙන්න ඉඩ තිබ්බේ.
මේ සාමුහික වැඩසටහනේ වැදගත් වැඩක් වුනේ මහජන අංශය කලමනාකරනය කල හැටි. අම්මල තාත්තල බිම හැපිලා වැලපෙනවා අපි දැක්කේ නෑ. ළමයි රෝහල් ගත කරගෙන යද්දිත් සියල්ලන් මුදා ගන්න තුරු මව්පියන් ගුහාව ළඟම හිටිය බව වාර්තා වුණා. මාධ්‍ය වලට හෝ ගොසිප් වලට කවුරුත් අනවශ්‍ය ඉඩක් දුන්නේ නෑ. පළාතේ ආණ්ඩුකාරයා ඒ සියල්ල මනා සේ පාලනය කළා. අනිසි පින්තුර දැම්මොත් නඩු දාන බව දන්වා සිටියා. අනවශ්‍ය ප්‍රශ්න ඇහුවොත් කෙලින්ම එහෙම නොඅසන්න කියා ඒ අයට දැනුම් දුන්න. මහජන අංශය ඒකාධිපතියෙක් වගේ හසුරුවද්දී මුදාගැනීමේ අංශය විශේෂඥ දැනුමට බාරදීල සුදුසු ම තැනදී තීරණ ගන්න එක පමණයි ඔහු කලේ.
කෙසේ වෙතත් මුළු වැඩේම අමාරුම සහ විශිෂ්ටම මිනිස් හැකියාව පෙන්වුයේ අනතුරට පත් ළමුන්. වයස දහ අටට අඩු කෙනෙක් කවදාවත් නොකරන ගුහා තුල කිමිදීම් වගේ දෙයක් මේ අයට කරන්න වුනේ දවස් නවයක් හාමත් වෙලා ඉඳල පීනන්න පවා බැරිව. මානසික ව වියවුල් වී මගදී මැරෙයි කියා බය වෙච්ච අයගෙන් සමහරු හිනාවෙවී ගිලන් රථය කරා ඇවිදගෙන ආපු හැටි ලෝකය පුදුමයට පත්කලා.
අවාසනාවන්ත සිද්ධි ලෙස සටහන් වන්නේ සේවයෙන් ඉවත් වූ සීල් භටයෙක් ස්වේච්චා සේවයේදී මිය යාමත්, ගුහාව තුල සිටියදී ඕස්ට්‍රේලියානු වෛද්යවරයාගේ පියා මිය යාමත් [පියා මුදා ගැනීම ඉවර වුනාට පස්සේ මැරෙන්නේ. වෛද්‍යවරයා දන්නේ එලියට ආවට පස්සේ], තායි ඒකාධිපති පාලනයේ දෝෂ දර්ශනයට පාත්‍ර වන පළාත් ආණ්ඩුකාරයා තනතුරෙන් පහලට දැමීමත්. ආණ්ඩුකාරයා ට ඉහලින් තායි නිලධාරින් විවිධ විකාර කල බවත් පොලිස් නිලධාරින් සහන සේවා වලට බාධා කල බවත් කියවෙන නමුත් ඔහු මැදිහත්ව සියල්ල කළමනාකරණය කරන්න සහ විශේෂඥ තීරණ වලට අනුකුලව කටයුතු කරන්න ගත්ත උත්සාහය නොවෙන්න මේ මුදාගැනීම කරන්න බෑ. මේ සිද්ධියට පෙර පටන් ඇතිවුණු ගැටුමක් හේතුවෙන් සිකුරාදා තනතුරින් පහකළ පසුවත් ඉරිදා සිට අඟහරුවාදා දක්වා මෙහෙයුම් වලට නායකත්වය දුන් නිසා "ගුහාවේ ආණ්ඩුකාර" කියා මිනිසුන් ඔහුට කියනවා.
එසේම මේ සමග අතුරු කතා ලෙස ඉලෝන් මස්ක් සහ ඔහුගේ සමාගම් වල සේවකයින් විසින් පැය අටකදී මුදාගැනීමේ සබ්මැරීනයක් නිපදවීම [පාපන්දු පිල නමින් වයිල්ඩ් බෝ කියා නම්කළ මෙය මස්ක් ගේ අභ්‍යවකාශ වැඩසටහන තුල ජීවිතාරක්ෂක මොඩියුලයක් ලෙස වැඩි දියුණු කරන්න නියමිතයි], මස්ක් ටත් පෙර තායි පියෙක් සහ දුවක් එකතුව මුදාගැනීමේ මොඩියුලයක් නිපදවීම සහ අසීරු මුදාගැනීම් ගැන ලොව පුරා කතිකාවක් ඇතිවීම සලකන්න පුළුවන්. මේ කිසිම යන්ත්‍රයක් යොදාගත්තේ නෑ මොකද ඒවායේ උපයෝගිතාවය ගැන ස්තිර විශ්වාසයක් කාටවත් නැති නිසා.
මෙය සැලකෙන්නේ ඉතිහාසයේ සිදු වූ සංකීර්ණම සහ අසීරුම මුදාගැනීමේ ක්‍රියාව ලෙස. ඊටම ආවේනික සියුම් තත්ත්ව රාශියක් විසින් ඒ අවස්තාව නිර්මාණය කරනවා. ඒ සමග එතෙක් ආශ්චර්යයක් ලෙස සැලකු චිලි වල මුදා ගැනීම සාමාන්‍ය දෙයක් බවට පත්වෙනවා. චිලි සිදුවීම වෙලාවේ මුදාගැනීමේ කැප්සියුල් එක ඩිසයින් කල නාසා ආයතනය කිව්ව චිලි අය මුදාගැනීමේ වැඩසටහන් වල පෙළපොත අලුතෙන් ලිව්වා කියල. එහෙමනම් තායිලන්තයේ එක්රැස් වූ තායි සීල් භටයින් නිලධාරින් සහ ජාත්‍යන්තර විශේෂඥයින් මුදාගැනීම ගැන ඊට එහා මට්ටමක පර්යේෂණ පත්‍රිකාවක් එලි දැක්වූ බව අපිට කියන්න පුළුවන්. එසේම පුහුණුකරු සහ කණ්ඩායම කාටවත් හිතාගන්න බැරි මිනිස් හැකියාවක ඉහළම අවස්තාවක් පෙන්නලා තියෙනවා.

අනර්ඝ විස්තරයක් මචං
ReplyDeleteස්තූතියි.
දැනුවත් කල ඔබට ස්තුතියි.අළුත්ම අළුත් සියොලඟ කිළිපොලන විස්තරයක්.
ReplyDeleteමේ සිදුවීම වෙන අතරතුරත් සුජීව දිගටම අප්ඩේට් දුන්නා. මේක ඉතාම හොඳ දීර්ඝ විස්තරයක්. ස්තුතියි.
ReplyDeleteනියමයි...
ReplyDeleteකොකාගේ මේ ලිපිය ඉංග්‍රිිසියටත් පරිවර්තනය කරනවා නං ඒක ජීවය පවතින තුරා මිිනිසුන් බලන ලිපියක් වේවි. එක් මහත්තයා පොතක් ලිව්වොතින් හොදා මොකද එතකොට අපිට ෆිල්ම් එකකින් මේකේ භයානක කම දැකගන්න පුලුවන් වෙයි. ස්තුතියි කොකා
ReplyDeleteකලබල නැතුව සිද්ධිය ගැන ලියාපු හොද ලිපියක් ...හැමදාම වාගේ
ReplyDeleteබොහෝ තොරතුරු සැපයූ වටිනා ලිපියක් ! ස්තුතියි
ReplyDeleteපසුගිය දිනවල මේ සිද්ධිය පිළිබඳව මා උනන්දුවෙන් කියවූවා. ඔබ තොරතුරු සියල්ලම එකම ලිපියකට අපුරුවට කැටිකර තිබෙනවා.ස්තුතියි. අද තවත් වටිනා තොරතුරක් දුටුවා. ඒ 2010 මුදවාගත් චිලී පතල් කණ්ඩායම මේ දරුවන්ට අනතුරු අඟවලා තිබෙනවා. හදිසියේ ලැබුණු ජනප්‍රියබව ගැන පරිස්සම් වන්න කියලා. එදා ලැබුණු ජනප්‍රියතාවයත් සමග ඔවුන් මුහුණදුන් ගැටළු සහ අද තත්වය ගැන සඳහන් කරලා.....
ReplyDeleteසුජීව කොකාවල ඔබට බොහමෙත්ම ස්තූතියි..මේ තොරතුරු සිංහල කියවන අයට සරලව ලබාදුන්නට..ඔබට ජය !!
ReplyDeleteThanks great illustration
ReplyDeleteමේ කතාව 'සුජීව කොකාවල'ගෙන් අහනකං කියවනකම් හිතේ මොකක්දෝ හිස් තැනක් තිබ්බා.. දැන් ඒක හරි.. බොහොම ස්තුතියි! :)
ReplyDeleteඑහෙන් මෙහෙන් විස්තර ඇහුවට සම්පූර්ණ විස්තරය කියෙව්වේ අද. ස්තුතියි විස්තරයට.
ReplyDeleteThanks
ReplyDeleteමේ සිදුවීම වෙන අතරතුරත් දිගටම අප්ඩේට් දුන්නා. මේක ඉතාම හොඳ දීර්ඝ විස්තරයක්. දැනුවත් කල ඔබට ස්තුතියි.
ReplyDeleteThanks Sujeewa...;)
ReplyDeleteඅනර්ඝයි. ස්තුතියි!!!
ReplyDeleteවිස්තර ටිකටත් ඒවා පෙළගස්වා ඉදිරිපත් කරපු අපූරුවත් අනර්ඝයි සුජීව.
ReplyDeleteමේක ඉතාම සංයමයෙන් කළ සංක්ෂිප්ත කිරීමක්. බොහොම වටිනවා.
ReplyDelete