Saturday, August 15, 2020

2020 වසරේ අගෝස්තු 04 දින බේරූට් නම් නගරය ගැනයි

සයිප්‍රසයෙ ඉන්න රුසියන් ව්‍යාපාරිකයෙක් හා හා පුරා කියල නෞකා ව්‍යාපාරෙට බහින්න හිතන් පරණ නැවක් ගන්නව රෝසස් කියල. බිස්නස් කාරයෙක් කිව්වට මූ ලෝක හිගන්නෙක්. නැව වුණත් හද්ද පරණයි, තැන තැන අබලන්. මේ නැවට සෙට් වෙනව ජෝජියාවෙ සිට මොසැම්බික් දක්වා භාණඩ තොගයක් ප්‍රවාහනය කරන්න. නැව භාණ්ඩ තොගයත් අරගෙන කළු මුහුදෙන් මධ්‍යධරණියට එනව. ඒ අතර තුර්කි වරායකදි පඩි ගෙවාගන්න බැරුව ස්ටාෆ් එක අයින් වෙලා වෙන සෙට් එකක් හයර් කරගෙන නැව යන්නෙ. නැව ඇතැන්ස් වලට එනව. ගමනෙ වියදම සහ සූවස් ඇලේ ගාස්තු ගෙවාගන්න අමාරු නිසා නැව් හිමියා තවත් හයර් එකක් හොයාගන්නකම් එතන නතර වෙලා ඉන්නව. ඒ පාර සෙට් වෙනව තව හයර් එකක් ගල්‍ රෝල් ඇතුලු පාර හදන උපකරණ රාශියක් අරගෙන යන්න. මේ දෙවෙනි කාගෝ ලෝඩ් එක ගන්න නැව යනව ලෙබනනයෙ බේරූට් වලට. ඒත් බේරූට් වලදි තමා දැනගන්නෙ නැවේ ඩෙක්ස් හයිය මදි කියල මේ කාගෝ එකට. ගල් රෝල් ලෝඩ් කරද්දි නැවේ ඩෙක් එක නැවුම් දෙනව. 1986 හදාපු මේ නැවේ අබලන් තත්වය ගැන වෝනින් ලබාපු එකක්. ඉතින් ගල් රෝල් පටවා ගන්න වෙන්නෙ නෑ. ඒ වගේම ඒ අතර වැටුප් ඉල්ලල අලුත් ස්ටාෆ් එකත් වලියක් දා ගන්නව. නැව සැහෙන කාලයක් මේ හේතු නිසා බේරූට් වල රස්තියාදු වෙනව.

අවසානෙ නොගෙවු වරාය ගාස්තු ඩොලර් ලක්ශයක් නිසා ලෙබනන් බලධාරින් නැව සීස් කරනව.

ඔවුන් මයිනර් ස්ටාෆ් ඔක්කොම යවල කැප්ටන් සහ ඉහළ නිළධාරින් තිදෙනෙක් නැවේ නිවාස අඩස්සියෙ තියල මුදල අයකරගන්න හදන්නෙ. ඒත් නැව් හිමියට සල්ලි නෑ. මිනිහ සේවකයින්ට පඩි ගෙවලත් නෑ. නැව තුල අල්ලගෙන ඉන්න අය මුදාගන්න ඔහුට හැකියාවකුත් නෑ. ඒ වෙනකොටත් ටික ටික ගිලෙමින් තිබෙන නැවේ පිරෙන වතුර දිනපතා ඉවත් කරගන්න ඕනෙ. අවසානෙ නැවේ ඉන්න කට්ටිය නැවේ ඉතිරි ඉන්ධන විකුණා නඩු කියල මාස ගානකට පස්සෙ නිදහස ලබාගන්නව අනාරක්ශිත බව මත. ඒ නඩුවෙම අනාරක්ශිත නැවේ භාන්ඩ තොගය ඉවත් කරන්නත් යෝජනා කරනවා. ඒ නිසා ඒ බඩු ටික එතනම වෙයාහවුස් එකකට පටවන ලෙබනන බලධාරින් රෝසස් නෞකාව විනාශ කර හෝ ගිල්වා දානවා, ඒ කොහෙද කොහොමද කියල දන්නෙ නෑ.

මේ 2014 වසරේ. එසේ නැවෙන් බා ගන්නෙ හයි ඩෙන්සිටි ඇමෝනියන් නයිට්‍රේට් ටොන් 3000කට මදක් අඩු තරමක්. ඇමෝනියම් නයිට්‍රේට් කියන්නෙ පුපුරන ද්‍රව්‍යයක් !!!

කාලය ගෙවෙනෙවා. අනේ මේ අහින්සක ඇමෝනියම් නයිට්‍රේට් තොගය මිලියන දෙකක මෙට්‍රොපොලිටන් එකේ මැද්දෙ තියෙන හාබර් එකේ ඉස්ටෝරුවේ ඔහේ තියෙනව. කවුරුත් දන්නෙ නෑ.

කවුරුත් දන්නෙ නෑ නෙවි කවුරුහරි දන්නව. සාමාන්‍ය මිනිස්සු දන්නෙ නෑ. ඒත් කස්ටම් එකේ උන් දන්නව. උන් මේක එක්කො ඉවත් කර විනාස කරන්න හෝ නැවත විකුනා දමන්න අවසර ඉල්ලා ලිපියක් යවනවා "හදිසි නඩු විසදන" නඩුකාරයට. නඩුකාරය වැඩි විස්තර ඉල්ලා උත්තරයක් එව්ව කියල කියනවා. ඒත් ඒ මොකවත් යැවෙන්නෙ නෑ. ආයෙ ටික දවසකින් පෙර සේම අවසර ඉල්ලා ලිපියක් එවනව කස්ටම් එකෙන්. ආයෙ නඩුකාරය විස්තර ඉල්ලනව. ඔය සයිකල් එක පස් පාරක් වෙලා තියෙනව වසර හයට.

නඩුකාරයට අනුව නඩු තීන්දුවෙ තියෙන්නෙ මෙම භාන්ඩ තොගය ඊට ගැලපෙන ආරක්ශිත තත්ව යටතේ අසුරාතබන්න කියල ප්‍රවාහන අමාත්‍යන්ශයට. ප්‍රවාහන අමාතයන්ශයට ඕනෙනම් වෙන ඕනෙ දෙයක් කරන්න බලෙ එතිබ්බ කියල නඩුකාරය කියනව. ප්‍රවාහන අමාත්‍යන්ශය මේ භාන්ඩ තොගය අසුරන බලය කස්ටම් එකට පවරනවා, ඒත් වෙන මොකුත් කරන්න ඕඩර් එකක් දීල නෑ. අසුරන ආකාරය ගැන කෝම උපදෙසක් දුන්නද දන්නෙත් නෑ. කස්ටම් එකේ උන්ට කොමන් සෙන්ස් තිබ්බ බවක් පේන්නෙත් නෑ.

දැන් ඔබට තේරෙනව ඇති මේකෙ අගමුල හොයන එක හිතනවට වඩා අසිරුයි කියල. කවුරුත් දන්නෙ නෑ නෙවි, රාජ්‍ය ආයතන කීපයක් දැනගෙන ඉදල, ඒ එක්කෙනෙක්වත් කොමන් සෙන්ස් එක වැඩ කරල නෑ, ඒ වෙනුවට පොතේ තාලෙට නීතියට අකුරට ලියුම් ගහමින් ඉදල.

ඉතිරි ටික ඉතින් දන්නවනෙ. අගෝස්තු 4 හාබර් එකේ ගින්නක් හටගන්නව. හේතුව හරියට දන්නෙ නෑ බොහෝ විට වැල්ඩින් වැඩක ප්‍රතිපලයක් ලෙස හටගන්න ගින්නක්. ඒ ගින්න කෙමෙන් ඇමෝනියම් නයිට්‍රේට් ස්ටොරේජ් එක කරා එනව.

ඊ ගාව විනාඩිකීපෙ හැමෝම දැක්ක. ඇතිවන පිපිරීමෙන් හිරෝශිමා වගේ හත්තක හැඩ පොඩි වලාකුලක් අහසට යනව. සුපර් සොනික් එක්ස්ප්ලෝශන් එකක් නිසා ඇතිවන ශොක්වේව් එකේ ජලවාශ්ප කන්ඩෙන්ස් වෙලා වතුර වෙනව ඒ තමා අර බෝල ශේප් වලාකුල. වෙයාහවුස් එක තිබ්බ තැන මීටර 140 ක පලල වලක් මූදට එකතු වෙලා අහල පහල කිසිම ගොඩනැගිල්ලක ගන්න කිසිම දෙයක් නෑ සැකිලි පමනයි. කිමි ගානක් යනකම් නිවාස සහ ගොඩනැගිලි හානි වෙලා. කිමි 9 ක් එහා ගුවන් තොටුපොලේ පවා හානි තියෙනව. සද්දෙ කිමි 240ක් ඈත මූදෙ අර නැව් හිමිය ඉන්න සයිප්‍රසේට ඇහිල තියෙනව. "අන්න මගේ ඇමෝනියම් නයිට්‍රේට්" කියල මිනිහට නිකමටවත් හිතුනද මන්දා.

පිපිරුමේ ප්‍රබලතාවය හීරෝශිමා බෝම්බයෙන් 1/10 පමණ කියල සැලකෙන්නෙ. ඒ නිසා මේක න්‍යශ්ටික නොවන ලොකුම පිපිරුම් කීපයෙන් එකක්. ඇමෝනියම් නයිට්‍රේට් ටොන් 2750 ක් පුපුරා ගියා කියා සැලකෙනව. කිලෝටන් 1.2-1.5 පමණ පිපිරුමක් කියල කියන්නෙ.

ලෙබනන් වාසින් 157 ක් දැනට මියගියා කියා හිතනව. 5000 කට වඩා තුවාලයි. 300000 කට වඩා නිවෙස් අහිමියි. මුලු පාඩුව ඩො බි 15 ක් කියල කියන්නෙ. ඒ ලෙබනනයේ දදේනි යෙන් 1/4 ක්. මේ අනතුර වෙන්නෙ ඉතාම අසාර්තක ආර්තිකයක් නිස බේල් අවුට් අරගෙන ණය සහ පොලි ගෙවමින් උන්නු ලෙබනනයට ඊටත් පස්සෙ ආපු කෝවිඩ් 19 නිසා සම්පුර්නයෙන්ම වගේ ආදායම් අහිමි වූ තත්වයක. හොස්පිටල් වල බෙහෙත් හා උපකරණ හිගයන් එන්නෙ 2018 සිට, ඒව කෝවිඩ් 19නිසා වඩාත් තීව්‍ර වෙද්දි තමා මේක වෙන්නෙ. ඒ නිසා සෞඛ්‍ය සේවකයින් කියන්නෙ පිපිරුමෙන් වැඩි පිරිස මැරෙන්නෙ එතන නෙවි හොස්පිටල් වල කියල බේත් නැතුව.

පිපිරුම වෙන තැන අල්ලපු බිල්ඩිම ලෙබනනයේ ජනයාට කන්න ආහාර එක් රැස් කල ධාන්‍යාගාරය, ඒකෙ තිබ්බ ධාන්‍ය වසරකට පමණ කන්න පුලුවන් කියල කියනව. ඒක සම්පුර්නයෙන් විනාශයි. අයිරොනිකලි මේ ධානය් පිටරටින් ගෙන්වන්නෙ ලෙබනන ගොවියාට සහන සලසා දෙන අමාරු නිසා, ඒත් ඒ ගොවියාට ඕනෙ ප්‍රධානම දේ පොහොර. ඇමෝනියම් නයිට්‍රේට් කියන්නෙ පොහොර නිපදවන්න පුලුවන් ද්‍රව්‍යයක්. අවු හයක් ආන්ඩුවෙ ආයතන ඔට්ටු සෙල්ලම් කරමින් උන්නු වෙලාවෙ මේ පෝර ටික බෙදල දුන්නනම් සමහරවිට ඔච්චර ධාන්‍ය ආනයනය කරන්නෙ නැතුව ඉන්නත් තිබ්බ.

තව කතාවක් තමා, හාබර් එකේ ගින්නක් හටගෙන ගින්න එක්ස්ප්ලෝසිව් දිහාට එනකොටවත් කිසිවෙක් මිනිස්සු ඉවකුවේට් කර නෑ. ඒ තියා ගින්න නිවන්න එවල තියෙන්නෙ ගිනි නිවන්නන්/නිවන්නියන් දහ දෙනයි, උනුත් මේක ගැන දැන උන්නු බවක් පේන්නෙ නෑ උන් එතනම ආසන්නයෙ ඉදල තියෙන්නෙ. උන් ගැන කිසිම ශේශයක් හොයන්න නෑ.

පස්සෙ හොයාගත්ත තවත් කතාවක් තමා, මේ ඇමෝනියම් නයිට්‍රේට් අයිනෙම තව ස්ටොක් එකක් ගහලලු ෆයර්වර්ක්ස්. ෆයර්වර්ක්ස් පුපුරන එක ඇමෝනියම් නයිට්‍රේට් වල පිපිරීමට උත්ප්‍රේරකයක් වෙනව. ඒ  බව  මෙන්න මේ විඩියෝවෙනුත්  බලාගන්න පුලුවන් මේකෙ  ස්ලෝ මෝශන් යන්නෙ.

රාජ්‍ය අන්ශය, බියුරෝක්‍රසිය කෙතරම් විකෘති ලෙස හැසිරෙන්න පුලුවන්ද කියන එකට පට්ට උදාහරනයක්. දැන් ලෝකෙ පුරාම ආධාර එකතු කරනවා ලෙබනනනයට.

බේරූට් ටිකක් හිතට වැදුණූ සිද්දියක්. මගේ අරුම කාරුණික හදවත නිසාවත් මානව සන්හතියේ අගති හා ඇගනි දැක මගේ හිත උණුවෙන නිසාවත් නෙවි, ඒක අස්සෙ තියෙන පොඩි පොඩි කාරනා රාශියක් විසින් ඇති කරන උනන්දුව, කුතුහළය සහ කෝශන් එක නිසා.

අපිත් ඉන්නෙ 
බේරූට් වගේ තැනක ද?

ලන්කාවෙ නම් මේ වගෙ දේවල් රාශියක් වුණා පහුගිය කාලෙ. පාස්කු ප්‍රහාරය, මීතොට මුල්ල බැහැර ද්‍රව්‍ය කන්ද ගිලා බැසීම සහ සාලාව ආයුධ ගබඩාව පිපිරීම. ඒත් ලෙබනනේ හද්ද ගොන් රටක් අපි ඉන්න පළමු ලෝකෙ රටේ ඒක වෙන එකක් නෑ කියල හිතෙන අය ඉන්නව නම් හිතාමත නොකළ පිපිරුම් අනතුරු ගැන කියවන්න. වැඩියෙන්ම ඒව වෙලා තියෙන්නෙ පළමු ලෝකෙ රටවල. මේ මොහොතෙ වුණත් අනාරක්ශිත ස්ටොක්ස් ඔබ අවට තියෙන්න පුළුවන්.

කෙසේ වෙතත් මේ පිපිරීමෙන් මිනිස්සු අනවශ්‍ය ඇමෝනියම් නයිට්‍රේට් භිතිකාවක් හදාගන්න බවකුත් පේනවා. ඇමෝනියම් නයිට්‍රේට් කියන්නෙ ප්‍රබල පුපුරන ද්‍රව්‍යයක් වගේම ඒක පොහොර වැනි එදිනෙදා භාවිතාවන් වලටත් යොදා ගන්නව. ඒ නිසා කෘශි සහ පතල් කර්මාන්තය සම්බන්ද හේතු මත ඒව ස්ටොක් කරගන්න සිද්ද වෙන අවස්තා තියෙනව.

ඇමෝනියම් නයිට්‍රේට් කියන්නෙ ලේසියෙන් පුපුරා යන ඒ නිසාම කොහෙත්ම භාවිතා නොකළ යුතු දෙයක් නෙවි. ඇමෝනියම් නයිට්‍රේට් පුපුරන්නෙ ඉතා ඉහල හෙවත් සෙල්සියස් දහස ආසන්න උශ්ණත්ව වලදි ඒත් ඒ තත්වය සම්පුර්ණ නොවෙන තැනක ඒවායෙන් ලොකු අනතුරක් නෑ. සාමාන්‍ය ගින්නකදි නිකම් පිළිස්සි යන්න පුලුවන්.

ඒ නිසාම කියන්නෙ ඇමෝනියම් නයිට්‍රෙට් ගිනි ගැනීමේ අවදානමක් පවතීනම් ඒ ගින්න මූලික මට්ටමින් වළකා ගන්න හෝ උත්ප්‍රේරක ගින්නෙන් ඉවත් කරගන්න බැරිනම් කළ යුත්තෙ ගිනි නිවන භටයින් ඒ අසළට නොයවා ඒ වෙනුවට ජනයා ඉවකුවේට් කරන එක කියල. මොකද ඇමෝනියක් නයිට්‍රේට් පිපිරුවොත් ගිනි නිවන්නන්ට කළ හැක්කක් නෑ, එසේ නොවුණොත් ඒක නිකම් ඔහෙ පිළිස්සි යාවි. 

බේරූට් 
වල ගින්න නිවන්න ගිය දහදෙනාගෙන් අර ලස්සන මෙඩික් ගිනි නිවන්නිය ගෙ බොඩි එක විතරයි හම්බුනා කියන්නෙ, අනික් උන් වාශ්ප වෙලා වෙන්නත් පුලුවන් ලු. මේ සටහෙනේ යට කියන ටියන්ජින් පිපිරුමේ මියගිය එකසිය හැත්ත ගානෙන් සීයකට වඩා ගිනි නිවන්නන්.

සාමාන්‍ය තත්ව වල පුපුරා නොගියට ඇමෝනියම් නයිට්‍රේට් පිපිරීම් නිතර වාර්තා වෙනව. ඒකට විවිධ හේතු තියෙනව. එකක් තමා භාවිතාවෙන් තොර ස්ටොක් කිරීම්. ඒ කියන්නෙ කිසියම් නිශ්පාදනයක් කරන්නෙ නැතුව නිකම් ඔහෙ තියන එක. කාලයත් එක්ක දේවල් දෙකක් වෙනව.එකක් තමා අන්තරායකාරිබව ගැන දෙන අවධානය අඩුවීම [කාලයක් තිබ්බනෙ කියන පදනමින්] දෙවැන්න ඇමෝනියම් නයිට්‍රේට් තියෙන නිසාම එතන වෙනත් පුපුරන ද්‍රව්‍ය ද රැස් කිරීම. මිනිස්සු හිතා ඉන්නෙ දැන් එතන ඇමෝනියම් නයිට්‍රේට් තියෙන නිසා තව වෙඩි බේත් වගේ දෙවල් ස්ටොක් කරන එක ඕකෙ කියල. අන්න ඒ සාමාන්‍ය උශ්ණත්ව වල පුපුරන අනෙකුත් දේවල් තමා ඇමෝනියම් නයිට්‍රේට් වල පිපිරුමට අවශ්‍ය උශ්ණත්වය නිර්මාණය කරන්නෙ.

දැන් හැමෝම වගෙ දන්නව 
බේරූට් වල ඇමෝනියම් නයිට්‍රේට් ස්ටොක් එකක් තිබ්බ නිසා එතනම තව ෆයර් වර්ක් වගේකුත් එක් රැස් කර තිබ්බ කියල. නොතේරිම මේ නගර මැද්දෙ ස්ටොරේජ් එක පුපුරන ද්‍රව්‍ය පොදුවෙ එක් රැස් කරන තැනක් වෙනව. ඒ නිසයි මේ පිපිරීමට අවශ්‍ය තාපය ජනනය වන්නෙ.

එසේම 2015 චීනයෙ ටියන්ජින් ජනාකිර්ණ නගරය මැද්දෙ හාබර් එකේ ඇමෝනියම් නයිට්‍රේට් ඔහේ ස්ටොක් කරල තියල. පස්සෙ එතන වෙනත්පුපුරන ද්‍රව්‍ය රාශියකුත් එකතු කරල අන්තිමේ ඒ වෙනත් ස්ටොක් එකක් දැඩි හිරු එළිය නිසා ගිනි අරගෙන තමා අර පත වලක් හැරුණු පිපිරීම සිද්ද වන්නෙ. ඒ ටොන් 800ක පිපිරුමක්
බේරූට් 2750 ක් වගෙ.

කෝම වුණත් න්‍යශ්ටික නොවන පිපිරුම් අතර ඉහළීන්ම තියෙන එක වෙන එකක්. ඒකත් වෙන්නෙ තවත් හාබර් එකක. නැවක ආපු ලෝඩ් එකක් මයි. එතන පුපුරන ද්‍රව්‍ය වන්නෙ ටී එන් ටී ටොන් තුන්දාහක් පමණ. ඒකට උත්ප්‍රේරක වන්නෙ නැවේම තියෙන බෙන්සෝල් නම් වාශ්පශිලි ගිනිගන්නා ද්‍රව්‍ය ස්ටොක් එක. අනතුරට හේතුව නැව් දෙකක ගැටුමක්. අනතුර මොන වගේද කිව්වොත් නැවේ කාල තුවක්කුව හමුවන්නෙ කිමි පහක් ගොඩබිම, නැන්ගුරම කිමි තුනක් ගොඩබිමේ. පිපිරීම වෙනෙන් වතුරෙ නිසා හාබර් එකේ පතුල පේන්න තරම් වතුර තල්ලු වෙලා තියෙනව. ඒ නිසා හටගන්නා සුනාමිය මීටර 18ක් උසයි. ශොක් වේව් එක කිමි එකසිය ගානක් දුර ගිහින් තියෙනවා. පිපිරීමෙ උශ්ණත්වය සෙල්සියස් 5000 හෙවත් සූර්‍යයා මතුපිට උශ්ණත්වය වගේ කියල කියන්නෙ. උණු වෙලා උඩ ගිය යකඩ බෝල වෙලා බිමට වැටිල තියෙනව.

බේරූට් 
වගෙ ලොකු නගරයක් නෙවි දාස් ගානක් ඉන්න එකක් ඒත් මරණ දෙදාහකට ආසන්නයි. පුදුමය කියන්නෙ නැව ගිනි ගන්න කොටම බේරගන්න බැරි බව දන්නා නිසා නැවේ කෲ එක බෝට්ටු මූදට දාල පළා යනවා. ඒ වුනත් සීන් එක බලන්න නගර වාසින් වෙරළට එනව. උන්ට අර මිනිස්සු කොච්චර එපා කිව්වත් ඒක ඇහෙන්නෙ නෑ. අන්තිමට 2000 පමණ මළාට නැවේ කෲ එකෙන් මැරුණෙ එක්කෙනයි.

මේ පිපිරුම 
බේරූට් පිපිරුම වගේ දෙකහමාරක් ලොකුයි. කොටිම්ම ඒක කෙතරම් ලොකු එකක්ද කියනව නම් අද වෙනත් පිපිරුම් වල සයිස් මනින්න භාවිතා කරන හිරෝශිමා පිපිරීමෙ සයිස් එක පත්තර වල යන්නෙ අපි මේ කියන පිපිරීම වගේ හත් ගුණයක් කියල [ඒත් දැන් දන්න තරමින් හතර ගුණයක්]

මේ  පිපිරීම  වන්නෙ  කැනඩාවෙ  නෝවා  ස්කොටියා [ස්කෝශියා]  ප්‍රාන්තයේ  හැලිෆැක්ස් වරායේ  1917  දි

No comments:

Post a Comment