Saturday, July 13, 2024

ශිම්ලා (සන්ක්‍රමණයේ අතුරු කතා)



කට්ටියම දන්නවා ඇතිනෙ, ශිම්ලා කියන්නෙ ඉන්දියාවෙ හිමාචල් ප්‍රදේස් වල ඒ කියන්නෙ හිම වැටෙන ප්‍රදේසෙ අගනුවර. ඉතාම සුන්දර නගරයක්. වසරේ මාස කීපයක් ස්තාවර හිම පවතින එක පැත්තකින් ලොකු බෑවුමකට නිරාවරණය වන ස්තානයක්. උසින් නුවර එලිය වගේ පෙනුමෙන් හපුතලේ වගේ. සමර් එක පමනයි ඒ උශ්නත්ව වල පවතින්නෙ, වින්ටරේ වඩාත් සිතලයි හිම වැටෙනවා.

හරි ශිම්ලා ගැන නෙවි කතාව. මේ කියන බුවා එක්ක මම අද තමා ටිකක් කතාබහක් කලේ. මූ කොන්තරාත් කාරයෙක් [මන් වගේම] මුගෙ රස්සාව ඉවර වෙන්න තිබ්බෙ අපි දෙසැම්බරේ බ්‍රේක් එක පටන් ගනිද්දි, කෝම හරි තව මාස හයක් එහාට දාගෙන. ඔන්න ඕක කතාවෙන්න ගිහින් සැපදුක් ඒමත් අහල, මන් ඉන්දියාවෙ නෙවි ලන්කාවෙ කියල ඒම දැනගත්තටත් පස්සෙයි [සෑම ඉන්දියානුවෙකුගේම පලවෙනිම ප්‍රශ්නයක්] මන් ඇහුවෙ ඌ කොහෙද කියල. ඌ ශිම්ලා වලින් ඇවිත් තියෙන්නෙ.

ලන්කාවෙ උන් ගානට ඉන්දියාවෙ අයිටි බුවාල හම්බුනාට එහෙන් ආපු එකෙක් මීටරේ කොහෙවත් නෑ. ඒකත් ඌට කියල මන් ඇහුව තොට පිස්සුදෝයි ඒ වගෙ ලස්සන තැනකින් මෙහෙ එන්න කියල [මම වුනත් ආපු එක ප්‍රධානම හේතුවක් කොලඹ නරාවලෙන් එලියට යන විදියක් නොතිබීම, අර වගෙ තැනක උන්නනම් මම එන්නෙ නෑ]

ඌ සුට්ටක් මූඩි වුනා. මන් ඒ පාර ශේප් එකට කිව්ව අයිටි ජොබ් ඒම නැතුව ඇති නෙහ් කියල. ඌ බෝම දුකසේ කතාව පටන් ගත්ත. ශිම්ලා වල උන් [සල්ලි තියෙන උන් වෙන්න ඇති - මූට සල්ලි තියෙන එකෙක්] ජොබ් කරන්නෙ අඩුවෙන්ලු. ගොඩක් උන් ඉන්නෙ තමන්ගෙම වගාවක් එහෙම කරගෙන. මාත් අයිටි නෙවි මගෙ ඩිග්‍රිය තිබ්බෙ ඇග්‍රි මන් මගේම ඕන් බිස්නස් එකක් කරාන උන්නෙ කියල ඔන්න මඩකලපුවෙ පොඩි කඩයක් දාගෙන උන්නු සරස්වති ගෙ හස්බ වගෙ මූ පටන් ගත්ත.

ඉස්සරින්ම පොඩි වෝනින් එකක් දෙන්නම්. මේ කතන්දර රෙට්‍රො වීව් දාගෙන කියවද්දි හද්ද ගල් මෝඩයි, ඇයි ඌ ඒම කලේ කියල හිතෙනව, ඌට මේම කරන්න තිබ්බනෙ කියල උපදෙස් දෙනන් හිතෙනව. දැනුත් ඕකට මේම .... ද තින් ඉස්, ඒව එහෙම වෙලා මේව මෙහෙම වෙමින් යන්නෙ. මිනිස්සු ගන්න සියලු තීරන බුද්දිමත් නෑ. සයිකොලොජිත් බලපානව. අනික අර විශම චක්කරේ හිරවෙන එකත් වෙන්න පුලුවන්නෙ. ඉතින් ඌට උගේ රීසනින් එක්ක උගෙ කතාව කියන්න දෙන්න ඕනෙ.

මූ ඩිගිරිය කරල උගෙම උපන් ගම වන ශිම්ලාවේ හතු ව්‍යාපාරයක් පටන්ගෙන තියෙනව. තව මීමැසි ජනපද එහෙමත් දාගෙන බිස්නස් එක හොදින් කරගෙන ගියාලු. ඒ අතර මූ අදික මිල තියෙන මල් වර්ග සහ වෙනත් වගාවන් වලට ගමෙ ගෙවතු අරගෙන උගේ උපදෙස් මත ගම්මු ලවා වවල උගේ කන්ටැක්ට්ස් වලින් විකුනල තියෙනවා. හොදම හොද නැතුවට පවුලකට යැපෙන්න තරම් ඇතිලු. මේ ලේට් නයින්ටීස්.

මුගේ අයිය මේ අතරෙ අයිටි කරල ඇමරිකා ගිහින්. ඌ අර හැම එකාම අයිටි කරන්නම ඕනෙ හැම එකාම ඇමරික යන්නම ඕනෙ වර්ගයේ එකෙක්. මූ කරල තියෙන පලවෙනි ගොන්කම අයියගෙ පඩිය ඉන්දියන් රුපියල් වලට හරවල සන්සන්දනය කිරීම. ඒම බැලුවම මුගේ බිස්නස් එක වගේ හිතාගන්න බැරි ගුනාකාරයක මාස් පඩියක අයිය ඉන්නෙ. ඒ අවදානමක් නැතිවම. ඔන්න ඉතින් අයියත් සෙට්වෙල මූත් උනන්දු නිසා මූට අයිටි කොලිෆිකේසමක් [ඉන්දියාවෙ ඒ ඔක්කොම මාස්ටර්ස් බෝම සුලු කාලින පේයිඩ් කෝසස්] සෙට් කරල මූ යනව දිල්ලියට. ඕ යෙස් දිවිය ලෝකෙන් අපායට. මූ කෝස් එක කරල අයි ටී එමෙන්සී එකක පොඩි රස්සාවකුත් කරනව.

ආ යද්දි මූ මුගෙ බිස්නස් එක යාලුවෙක්‍ට නිකම්ම දීල දානව. හතු ටිකයි උගෙ ගමෙ උන්ගෙ වගාවන් මෙහෙයවල මාකට් වලට දාන ටිකයි, නොලේජ් ට්‍රාන්සර් කරල යන්නෙ මූ.

දිල්ලියෙ කට්ට කකා ඉද්දි තව යාලුවෙක් සෙට් වෙනව ඌ ඉගෙන ගන්න ඔසි ගිහින්. ඌ මූට ඔස්ට්‍රෙලියානු සිහිනයක් විකුනනව. ඔන්න මූ ස්ටුඩන්ට් කෙනෙක් හැටියට [අතින් ගෙවාගෙන] ඔසියට බහිනව. පී ආර් ගැන අහල තිබ්බෙ නෑ කිව්ව, අපරාදෙ තව අවු දෙකක් උන්නානම් පී ආර් දාන්න තිබ්බ කිව්ව.

ඒ පාර දවල්ට ස්ටඩි රැ වෙනකම් ඔඩ් ජොබ්ස් කරමින් 2004 සිට ඇල්මෙන් අකුරු උගෙන පස්සෙ පී ආර් සහ සිටිසන්ශිප් ඒමත් දාගෙන අද අයිටි අන්ශයේ ටෙස්ටර් වරයෙක් ලෙස කොන්තරාත් පදනම යටතේ වැඩ කරන ප්‍රවුඩ් [ට්‍රයින් ටු බි] ඔස් ඉන්දියානුවෙක්. හෙට කොන්තරාත්තුව නැති වේ දො බියෙන් ඉන්න මෝගේජ් බරට ගේ කර මතට ඇලවෙලා තියෙන තවත් එක් මානවකයෙක් මේ අරුම එක්ස්පෙන්සිව් සිටියේ.

බොට නම් ආයෙ ගියත් අවුලක් නෑ ඕයි හතු බිස්නස් එකට කියල මන් කිව්ව. යන්නෙ කෝමද මැරි කරල ඉන්නෙ චීනියක්. ඔසියෙ හැදුනු චිනියකට ශිම්ලාවෙ ඉන්න බෑ කියල ඌ කිව්වෙ.

ඒත් මූ තාම හිතා ඉන්නෙ යන්න. ළමයි ලොකු වුනාම එයාලගෙන් ඈත් වෙලා ආයෙමත් ශිම්ලා ගිහින් ඇග්‍රි බිස්නස් එකක් කරන්න. ඌ ඉන්නෙ ලොස්ට් ඩ්‍රීම් එකක. ඌ ඉන්නෙ අතේ තිබ්බ අවස්තාව අහිමි වීමෙ දුකක. ඕකට ආපහු ගියා කියල ඒ ශිම්ලාව හෝ ඒ බිස්නස් ඔපොචුනිටි එක ආයෙ ලැබෙන්නෙත් නෑ. උගෙ අතීතය සිහිනයක්ම පමණයි. ඒත් ඌ ඒ සිහිනෙ තමයි ජීවත් වෙන්නෙ. වර්තමානය ඌට එතනට යන ටෙම්පරරි නවාතැනක්.

මෙන්න මේ අන්තිම සීන් එක හෙවත් ජීවිතේ මග හැරුනු ඔපොචුනිටි කෙරේ ප්‍රේමයෙන් බැදීම සහ ඒකම ඇචිව් කරන්න හදන එකනම් සයිකොලොජිකල් සීන්ස් එකක්ද කොහෙද. මට ම ත් වෙච්ච දෙයක් ඕක.

ආ අර බිස්නස් එක දීල නොලේජ් එක ට්‍රාන්සර් කරල ආපු යාලුවා. දැන් ඌ ශිම්ලාවෙ දඩ බිස්නස් කාරයෙක් ලු. උගෙ වාහනේ මූට මෙහෙවත් ගන්න බෑ කිව්ව [ඉන්ඩියන් විදියක් වෙල්ත් මනින - අයි කාන්ට් බයි අ වීල් ඔෆ් හිස් වෙයිකල් මෑන්] තාම ඌ දුවන්නෙ හතු සහ මල් බිස්නස් එක.

5 comments:

  1. අදයි මේක ඇහැ ගැටුනේ. නොකියවූ තොරතුරු බොහෝ තියන බව පේනවා. පැරණි පෝස්ට් කියවන්නත් එක්ක ආයේ එනවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි. ෆේස්බුක් එකේ සහ වෙන අතන මෙතන ලියන එව්වයෙ කල් තියාගන්න ඕනෙ කියා හිතෙන ඒව මෙතනට ගේනව. නැවත එන්න

      Delete
  2. සුජීව කාලෙකට පස්සෙ වගතුගේ දූවිලි පිහල මකුලු දැල එහෙම කඩපු එක ගැන හද පිරි මෙව්ව එක. බුකියේ එහෙමට කරක්ගන්නැති අපි වගේ උන් ගැනත් මීට වඩා හිතපන් අයියේ..
    උගෙ යාලුවගෙ වාහනේ රෝද වල දිග පළල ගැන හීන මැව්වත් මූ ඒ බිස්නස් එක දිගටම කරගෙන හිටියනං තාමත් ඒ තත්වෙම වෙන්න ලොකු ඉඩක් තිබුන කියල මට හිතෙන්නේ.

    ReplyDelete
  3. සෑහෙන කාලෙකින් ලියල වගේ. ශිම්ලා ඉනිද්‍යාවේ උඩහ කොටසේ නේද

    ReplyDelete
  4. පරණ දේවල් ගැන හිටපු ගමන් එහෙම හිතෙනවා තමා. ඒක හිතේ හැටි. ඊට පස්සේ මතක් වුනා දැන් කොච්චර හොඳට ඉන්නවද කියල.

    ReplyDelete