Thursday, January 25, 2024

අවුට්බැක් සහ ඔස්ට්‍රෙලියාව අපිට දැනෙන හැටි

අවුට්බැක් කියන්නෙ ලෝකෙ ප්‍රචලිත නමක් ලේබලයක්. මේකට සිංහල වචනයක් හැදුවැකි. ඒත් ලොකෙ තියෙන ඔක්කොටම අපබ්‍රංශ සිංහල වචන ඕනෙ නෑ. ඒක කියවන්නාට හදුනාගන්න අසීරු වෙන තත්වයක්නෙ. ඕනෙම ඔරිජිනල් වචනයකට අර්තයක් තියේනෙ. ඔස්ට්‍රෙලියාව කියන්නෙ දකුණුදිග නොදන්නා ගොඩබිම හෙවත් ටෙරා ඉන්කොග්නිටා ඔස්ට්‍රාලිස් කීයන එකෙන් කැඩුණු එකක්. ඕන්නම් ඕකට "දකුණු රාජ්ජෙ" කියල කිව්වැකි. හැබැයි මං එහෙම ලිව්වම කාටවත් මීටර් වෙන්නෙ නෑ කන්ෆියුශන් පමණයි. ඒ නිසා මම මේ සටහනේ අවුට්බැක් සිංහලට හරවන්නෙ නෑ. 

මේ උත්සාහ කරන්නෙ සිතියමක් අරගෙන අවුට්බැක්  ලකුණු කරන්න නෙවි. ඒක කියවන්නාට එක සර්ච් එකකින් කරගන්න පුලුවන්. ඒ නිසාම මේකෙ සිතියම් දාන්නෙත් නෑ ඕන්නම් ගූගල් කර බලාගන්න. මේ සටහනේ අරමුණ නැගෙනහිර ඔස්ට්‍රෙලියානු වෙරළේ ජීවත් වන්නෙක් ලෙස මට හෝ මං දන්න තරමින් මා වටා ඉන්න සමාජයට අවුට්බැක් කියන එක දැනෙන්නෙ කෝමද කියල කියන්න. මම හිතනවා, කෙනෙක් රාජකාරි විනෝදය හෝ ජීවන අවශ්‍යතාවක් වෙනුවෙන් නිතර දෙවේලෙ අවුට්බැක් තැන්වලට යන්නෙ එන්නෙ නැත්නම් මේ කියන ෆීලින් එක එයාල කාටත් ඇති කියල.

තවේකක් තමා මම මේකෙ දුරවල් විස්තර කරන්නෙ දවසක ඩ්‍රයිව් එකක් දවස් දෙකක ඩ්‍රයිව් එකක් වගෙ වචන වලින්. ඒ ඉතින් 110 පාරෙ 120-140 ට විතර වාහනේක යන්න ගතවෙන කාලෙ තමා. ඒත් එහෙම්ම යන්න ඕනෙ නෑ මෙහි කියවෙන සියලු ස්තාන වලට ගුවන් පහසුකම් තියෙනව මම වගෙ වාහන මේනියාව නැති අසරණයින්ට ඕනෙනම්. මෙතන ඩ්‍රයිව් වලින් දුර කියන්නෙ කාටත් තේරෙන බාසාවක් නිසා. මොකද කිමි 2000 කිව්වට බොහො දෙනෙකුට ෆීල් වෙන්නෙ නෑ.

හරි, අවුට්බැක් කියන්නෙ මොකද්ද? ඒක මෙහෙම කතාවට ගම්මු.

සිඩ්නි වලින් පටන් ගම්මු මගෙ දෲශ්ටි කෝණයෙන්. දැන් මේ සිඩ්නි කියන්නෙ ලංකාවෙන් 1/5 විතර ලොකු නගරයක්. නව නගර  සැලසුම් එක්ක ග්‍රේටර් සිඩ්නි කිව්වම ලංකාවෙන් බාගෙක විතර සයිස් ඒරියා එකක්. මේ ග්‍රේටර් සිඩ්නි අර්බන් රීජන් එකක් හෙවත් ජනාවාසයෙන් ජනාවාසය එකිනෙක බැදුනු එව්වයෙ ඉන්න මිනිස්සු ඒකෙ එක එක දිහා වලට ගමන් බිමන් යන රස්සාවට යන මිනිස් වාසස්තාන එකතුවක්. මේකෙන් එලියට ගියාම  දවසකින් වගෙ යන්න පුලුවන් මෙල්බර්න් (නිරිත) හෝ බ්‍රිස්බේන් (උතුර) වලට. කැන්බරා (නිරිත) දවස් බාගයක් වගෙ. ඇඩිලේඩ් (බටහිර) දවස් දෙකක්  වැඩිම වුනොත් තුනක්. ඔය ඔක්කොම පහු කරන්නෙ ටෙම්පරට් දේශගුණයක තියෙන පලාතක්. ගොවිබිම් හිස් බිම් වන බිම් පොඩි පොඩි ප්‍රාදේශිය නගර එහෙම පහුකරගෙන තමා යන්නෙ. එක දිගට මිනිස්සු නැතුවාට මිනිස් වාස ළග ළග තියෙනව. වනගහන වෙනම මාක් වෙලා තියෙනව. ග්‍රේට් ඩිවයිඩින් කන්දෙ උඩ කැන්බරා ආසන්නෙ ප්‍රධාන පාරවලින් වෙන අතකට ගියාම තියෙනව වින්ටරේ හිම වැටෙන කලාපයකුත් ස්නෝවි මවුන්ටන්ස් කියමු. තව බ්‍රිස්බේන් වලින් උතුරට ගිය හැකි. දේශගුණය වනගහනය වෙනස් වෙනව ට්‍රොපිකල් තාලෙට. පොල් ගස් කොස්ගස් උක් වතු කෙසෙල් වතු ඝන වනන්තර (ට්‍රොපිකල් පන්නෙ) පහු කරගෙන යන්න පුලුවන් මූද අයින දිගේ කෙයාන්ස් ටවුන්ස්විල් වෙනකම් ඒ බ්‍රිස්බේන් සිට දවස් දෙකක විතර ඩ්‍රයිව් එකක් සිඩ්නි සිට නම් තුනක් වගෙ. 

තව ලංකාව විතර දූපතක් තියෙනව ටැස්මේනියා. ඒ දූපත ග්‍රේට් ඩිවයිඩින් කන්දෙන් ඉතිරි වෙච්ච කෑල්ලක් නිසා ඒක තනිකරම මහ කදු ගොඩක්. තැන්නක් හොයාගන්න ලේසි නෑ. ඉඩ තියෙන තැන් කීපෙක නගර කීපයක් තියෙනව ඒකෙ හොබාට් තමා මූලික නගරෙ. ලක්ෂ දෙකතුනක් තමා ඔක්කොම ඉන්නෙ.

දැන් මන් ඔය කිව්ව  කලාපෙ කොනේ සිට කොනට වාහනේක යන්න ගමනට පමනක් එක දිහාකට සතියකට මදක් අඩු කාලයක් යාවි. මෙහි සදහන් ප්‍රධාන නගර වලට අමතරව ප්‍රාදෙශිය නගර ඩොට්  ඩොට් වගෙ තියෙනව සීයක් වගෙ. එව්ව අවට ගොවිබිම්. මේ කොහෙවත් කාන්තාර නෑ. ග්‍රේට් ඩිවයිඩින් කන්ද මේ කිව්ව මුලු ඒරියා එකේ කෙයාන්ස් හරියෙ ඉදන් මෙල්බන් වෙනකම් (හා ටැස්මේනියාවෙත්) උතුරු දකුණු  නාරටියක් වගෙ තියෙනව. නාරටිය මැද උපරිම උස ලංකාවෙ මධ්‍ය කදුකරය විතර ඉදන් නාවල පිටිය ගම්පොල නුවර වගෙ උසකට වෙනස් වෙනව. ඒක දෙපැත්තට ස්ලොප් වෙනව. වෙරළ පැත්ත හෙවත් සුළං මුහුණතේ තමා ලොකු නගර ඔක්කොම තියෙන්නෙ. එහෙට වහිනව ගංගා ගලනව ලොකු ජනගහන ඉන්නව. සුළං මුවාව ලංකාවෙ වියළී/ශුෂ්ක කලාප වගෙ ඒවයෙ තැන තැන පොඩි නගර තියෙන.  බහුතරේ  දුවන්නෙ භූගත ජලයෙන්. ඇඩිලේඩ් එයාගෙම චූටි කදු පන්තියක් එක්ක ඉන්නව කොනේ නගරයක් ලෙස. මම ඔය විස්තර කළ කොටස සැහෙන්න ලොකු රටක්. කම්පෙයා කරනවනම් ඉරානය මෙක්සිකෝව විතර සයිස් රටක් මේ කිව්ව ටික.

තව කලාප තුනක් තියෙනව ඒව වෙන වෙනම සළකන්න ඕනෙ ඒව පෙර කී නොබිදුනු මිනිස් කලාපයට කෙලින්ම සම්බන්ද වෙන්නෙ නෑ. ඒ තමා පර්ත් සහ ඒ අවට කලාපය (ලංකාව සයිස්), ඩාවින් නගරය (ලන්කාවෙ දිස්ත්‍රික්කයක්  විතර), ඇලිස් ස්ප්‍රින්ස් නගරය (ලංකාවෙ පොඩි ප්‍රාදෙශිය ටවුමක් විතර). මේ තුන තරමක ජනගහන ව්‍යාප්තියක් තියෙන කලාප තුනක්. සැකැස්මෙන් පෙර කී ප්‍රදේශය වගේමයි. මේව කලින් එව්ව වගෙ ඩ්‍රයිව් මෙච්චරයි කියල සම්බන්ද කරගන්න බෑ. කලින් කිව්ව රටෙන් වෙන් වෙලා තියෙන්නෙ. නිකම් ෆෙයරි ටේල් එකක ඩ්‍රීම් ලෑන්ඩ්ස් වගෙ නෙවිනම් වෙනත් මානයක තියෙන ලෝකයක් වගෙ ප්ලේන්  වල නැගල මේවයෙ මිනිස්සු යනව ගිහින් ඒ කිව්ව කෑල්ලෙ තියෙන දේවල් විදල එනව. එව්වයෙ ඉන්න අයත් ඉතිරි කෑල්ලට එනව යනව. අපිට මේ කෑලි තුන ගන්න වෙන්නෙ දූපත් තුනක් ලෙස. මැද්දෙ තියෙන්නෙ පස් වුනාට මූද තිබ්බා හා සමානයි. වාහන/ෆෝවීල් පිස්සො, රාජකාරියට ඩ්‍රයිව් කරන උන්, පතල් කාරයො අරුන් මුන් ඇරෙන්න ඉතිරි බහුතරේට ඔය කලාප තුන ෆීල් වෙන්නෙ එහෙම.

මේක තමා ඔස්ට්‍රෙලියාව කියල අපි දන්න දැනෙන රට. 

හැබැයි අපි තාම කතාවට ගත්තෙ මුළු භුමියෙන් 1/5 ටත් අඩු කෑල්ලක්. ඉතිරි 4/5 තමා අවුට්බැක්.  ඒකෙ තියෙන්නෙ රතුපාට පස් හෝ සුදු වැලි වලින් හැදුනු ශුෂ්ක බිමක්, ඒකෙ 
තැන තැන පොඩි පොඩි පදුරු,  සමහර දුර්ලභ තැනක පොඩි වන වදුලු, කාන්තාර ශාඛ, ලොකුවට  සත්තු කියල නෑ, වැඩියෙම්ම ඉන්නෙ ඔටුවො තමා ඔටුවන් මිනිස්සු හදල අතෑරිය හෙවත් ෆෙරල් සතුන්. මුන්නම් මිලියනයකට ආසන්න ගානක් ඇති කියා හිතනව සමහර එස්ටිමට් අනුව ලක්ශ 12ක් - ලෝකෙ ලොකුම ඔටු රංචුව. භූවිශමතා ගත්තත් කන්දක් කියල ලොකුවට නෑ (ඔක්කොම කේස් වලට හේතුව මේක තමා). ගංගා  කියල සීසනලි ගලන එව්ව තියෙනව. ඒවයෙ වැඩි හරිය රට තුලට ගලා අතුරුදහන් වෙන්නෙ. විල් කිව්වට සීසනලි පිරෙන  ලවණ විල් තියෙන්නෙ ඒව හිඳිල හැදෙන සෝල්ට් ෆ්ලට්ස් තමා වැඩි. මේ සීසනලි කියන්නෙ ලංකාවෙ වගෙ වසරක් පාසා නෙවි සීසන් වල ටයීමින් අවු 7 8 සිට 10 20 වගෙ කාල ප්‍රාන්තර. මහා වාලුකා කාන්තාර තියෙනව. බ්‍රිතාන්‍ය දූපතට මදක් කුඩා සයිස් තඩි හිරිගල් පර්වතයක් තියෙනව  ඒකෙ කිසිම ගහක් නොහැදෙන නිසා ඒකට නලබෝර් කියල කියනව, ලස්ස්න භූමි නිර්මාණ තියෙනව හැමෝම දන්න උරුලු (අයර්ස්) පර්වතය එකක්.

මේක අස්සෙත් මිනිස් ක්‍රියාකාරකම් තියෙනව. සමහර ජල ප්‍රභව තියෙන තැනක දෙකක ලන්කාවෙන් බාගෙ කාල සමාරවිට ලන්කාවටත් ලොකු සයිස් කෑලි වල හරක් කීප දාහක් වගෙ දාගෙන ඉන්න තනි තනි ෆාම් කීපයක් තියෙනව. තව පොලොව හාරගන්න හැදුනු මයිනින් ටවුන්ස් කීපයක් තියෙනව. එදා පටන් මුලු ඔස්ට්‍රෙලියාවම තම ග්‍රහණයට ගත්ත, මේ කාන්තාර හැදෙන කොට ඒව එක්කම අනුවර්තනය වෙච්ච ස්වදේශික ගම්මාන තියෙනව. යුරොපින් අර පෙරකී "රටෙන්" එලවා දාපු ස්වදේශියන්ගෙන් සමහරුත් ඒ ගම්මාන වලටම ගිහින් තියෙනව. ස්වදේශික කිව්වට දැන් ඉන්නෙ ගෝත්‍රික තාලෙට නෙවි පොඩි පොඩි ගෙවල් හදන් ඒවට ඒසී එහෙම තියෙනව නගර නොවුනට නාගරික හුරුවක තමා ඉන්නෙ. ඔය ඔක්කොම එකතු කළත් නොගිනිය හැකි තරම් කුඩා ජනගහනයක් එන්නෙ මුලු අවුට්බැක් එකටම. මේ කලාපෙ තමයි සමර් එක දවල්ට හතලිස් පහෙන් එහා රෑට තිස්පහෙන් එහා  සති ගණන් තියෙන්නෙ. ඉතිරි පහෙන් හතර හෙවත් අවුට්බැක් කියන්නෙ ඕකට.

හැබැයි මේ පහෙන් හතරෙ සයිස් එක අපි කාටවත් හිතාගන්න ග්‍රහණය කරගන්න බෑ. ඒක එහෙම කරගන්න අවශ්‍ය නොකැඩුනු මිනිස් ක්‍රියාකාරකම් පැතිරීමක් වෙලා නෑ.  මේ කියන කලාපෙ කොච්චර කොච්චර එහාට යන්න පුලුවන්ද කියන එක ගැන ෆීල් එකක් නෑ. ඒ නිසාම මේ ඕනෙම තනි ජනාවාසයක් සළකන්න වෙන්නෙ ලෝකෙන් වෙන් වූ කෑල්ලක් කියල. මෙන්න මෙහෙම එක "ලෝකෙන් වෙන් වූ" ජනාවාසයකට ගිය යූටියුබර් කෙනෙකුගෙ වීඩියෝවක් තියෙනව කැමති කෙනෙකුට බලල ෆීල් එක ගන්න පුලුවන්. ස්තානීයව මිසක අවුබැක් ගැන එහි විශාලත්වය ගැන ෆීල් එකක් බොහොදෙනෙකුට නෑ.

අවුට්බැක් වල දිග හා පළල මනින්න අපිට ෆීල් වෙන එක විදියක් තමා ඒ හරහා යන ලක්සරි දුම්‍රිය දෙක. සිඩ්නි සිට පර්ත් දක්වා ඇඩිලේඩ් හරහා යන ඉන්ඩියන් පැසිෆික් ලක්සරි දුම්‍රියේ ඇඩිලේඩ් සිට පර්ත් දක්වා දින තුනක් යනව. මේ තමා අවුට්බැක් වල නැගෙනහිර-බටහිර අතට තියෙන දිග මැනෙන එක විදියක්. ඇඩිලේඩ් සිට ඩාවින් බලා යන ද ඝන් ලක්සරි දුම්‍රියේ කාලය දින දෙකහමාරක්. මේ තමා අවුට්බැක් වල උතුරු-දකුනු පළල මැනෙන එක විදියක්. ඒත් ඩොලර් හාර පන්දාහ ටිකට් අරන් මේ කෝච්චි දෙකේම ගිය පිරිස ඉතාම කුඩා නිසා ඒක බහුතරයක් මිනිස්සු දන්න දෙයක් නෙවි. 

ඔස්ට්‍රෙලියාව සහ අවුට්බැක් ගැන ෆීල් වෙන්නෙ ඔන්න ඔහොමයි. ෆීල් වෙන එව්ව ඉතින් පුද්ගලික නිස හැමෝටම එහෙමයි කියල කියන්න බෑ, ස්පෙශලි අවුට්බැක් අස්සෙ වාහන වලින් නිතර යන එන අයට එහෙම. සමස්ත අදහසකට වඩා මේ දෙන්න හදන්නෙ බහුතර අදහසක්.


4 comments: