Thursday, January 26, 2023

ජසින්ඩා ගැන ලියූ සටහන්

බලයෙන් ඉවත්ව යන ජසින්ඩා ආඩ'න් ගැන යන කතාබහ නිසා මට හිතුන වරින් වර විවිධ හේතු නිසා ඇය ගැන ලියු ෆේස්බුක් සටහන් එකතුවක් හදන්න. මේ මොහොතෙ ජසින්ඩාට පක්ශව ලෝක මට්ටමින් නිර්මාණය වූ ලොකු කැරිස්මාවක් තියෙනවා. ජසින්ඩාමේනියා කියල ඒකට කිව්ව, ඒ වගේම නවසීලන්තයේ ඉන්න සුළුතරයක් වූ සුදු වර්ගවාදින් ස්ත්‍රී විරෝධින් ඇතුලු පිරිසක් ඇයට දැඩි සයිබර ප්‍රහාරයක් එල්ල කරනවා. මේ සටහනේ අරමුණ ඒ දෙකෙන් එකකට වත් සහය දීම නොවේ. මේවා ඒ ඒ අවස්තා  වල ඇය ගැන ලියනන් යෙදුණු  ඔපිනියන් පමණයි.  ආපස්සට එඩිට් කර නැත.

එසේම මම නවසීලන්තෙ නොසිටින කෙනෙක් නිසා සමහර භුමියේ තත්වයන් මට නිසි ලෙස ග්‍රහණය වෙලා නැතිවෙන්න පුළුවන්.


මේ සටහන ලියවෙන්නෙ කාලයෙ ඉදිරි දිහාවට. අදාළ දිනත් එක්ක. ලේඛනයේ කොලිටි හොයන්න එපා. ෆේස්බුක් කොපි පේස්ට් කරන එව්ව.  එඩිට් කරන්න අදහසක් නෑ.



2017 ඔක්තෝබර් 19: ජසින්ඩා අගමැතිනිය ලෙස පත්වීම

ජසින්ඩා ආර්ඩර්න් ... වයස 37යි [1980 උපන්].

දේශපාලන සන්නිවේදන උපාධිධාරීනියක් දේශපාලන කැම්පේන් වල පර්යේශිකාවක් ලෙස නවසීලන්තයේ සහ බ්‍රිතාන්‍යයේ අගමැති වරුන් දෙදෙනෙක් සමග කටයුතු කරනවා. ඒ හැම අවස්ථාවකම කම්කරු පක්ෂ වලට තමා කැම්පේන් කරන්නේ. සමාජ ප්‍රජාතන්ත්‍රවාදය සහ වාමාංශික දේශපාලනයේ නිරත වන්නියක්. ලෝක සමාජවාදී තරුණ සංවිධානයේ හිටපු සභාපතිනියක්.

නවසීලන්ත කම්කරු පක්ෂයෙන් 2008 පාර්ලිමේන්තුවට යනවා.
නවසීලන්තයේ ජාතික පක්ෂයේ ධනවාදී ප්‍රතිසංස්කරණ නිසා ආර්ථිකය සැහෙන්න දියුණු වෙන තත්වයක් තියෙන්නේ. අගෝස්තු මාසේ කම්කරු පක්ෂය ඔපිනියන් පෝල් වල ඕල් ටයිම් ලෝ එකකට ඇවිත් එහි නායකයා ඉල්ලා අස්වෙනවා. ඒ වෙලාවේ ජසින්ඩා නායකත්වයට එන්නේ. මාස දෙකකින් ඒ ඔපිනියන් පෝල් වල ජාතික පක්ෂය පරදන්න සමත් වෙනවා. එහෙම වෙන්නේ වසර දොළහකින්.

ඊට පස්සේ චන්දෙදී ඇගේ පක්ෂයේ මුළු ආසන ගණන ජාතික පක්ෂයට අඩු වුනාට ජාතිකවාදී කුඩා පක්ෂයක් සහ හරිත පක්ෂය සමග සභාගයකින් ජසින්ඩා බලය ගන්නවා [මේ සභාගයට එකතු වෙච්ච අයගේ හැටියෙන්ම ඇය කෙතරම් නෙගොශියේෂන් වලට දක්ෂ ද කියා හිතා ගන්න පුළුවන්].

දැන් දිවුරුම් දුන්නම 1856 ට පසු ලාබාලම අගමැති. කැනඩාව, ප්‍රංශය ඔස්ට්‍රියාව වගේ නෙවි ලාබාල නම්කි කෙනෙක්ම අපේ රීජන් එකෙන්.

හැබැයි ජෝන් කී අන්කල් අමාරුවෙන් හදාපු ආර්ථිකේ ට නම් අබ සරණයි මගේ හිතේ.



2018 මැයි 21: ජසින්ඩා ආඩ'න් හොලෝග්‍රෑමයකින් ජනතාව අමතයි

ජසින්ඩා අක්කිගෙ සෙන්ටර් ලෙෆ්ට් පොලිසි එක්කනම් ඒ හැටි එකඟතාවයක් නෑ. ජෝන් කී අන්කල් යන්තම් අටෝ ගත්ත දූපත් දෙක, යන්තම් අපිට ඇහැක් ඇරලා බලන්න හිතෙන තැනට ගෙනාපු දූපත් දෙක ඕකි කාල තමා යන්නේ කියල මන් හිතන් ඉන්නේ.

හැබැයි නිර්මානාත්මක වැඩකට විශේෂයෙන්ම ප්‍රචාරක වැඩකට නම් අක්කිට වඩා එකෙක් නෑ මේ හතර මායිමක. ජසින්ඩා මේනියා කියලනේ කියන්නේ. මේ තව එකක්.

පිළිගන්න ජසින්ඩා ආර්ඩන් සභාවක් හොලොග්රම් එකක් හරහා අමතන ලොව පළමු රාජ්‍ය නායක



2018 සැප්තැම්බර් 28: ජසින්ඩා  රැවුලත් කැඳත්  දෙකම  බේරා කරන කතාව

මේකි යකෝ (ට්‍රම්ප්ට එ ජා සංවිධානයේ අය නෝන්ඩියට හිනා වූ දවස ගැන)

අඩෝ අපේ [අල්ලපු රටේ] ජසින්ඩ කෙල්ලට ඔව්ව කියන්නේ හෙම නෑ. දැන් ට්‍රුඩෝ ගේ ඩවුන් ටු අර්ත් සිංහාසනේ ගැලවුනාම ජසින්ඩා තමා එතනට එන්න ඉන්නේ.


2019 මාර්තු 18: ජසින්ඩා හිජාබය පළදියි


එතෙක් මෙතෙක් ලෝක දේශපාලනයේ මා දුටු ප්‍රොපගැන්ඩා චැම්පියන් ජසින්ඩා ය. එහි ඇති සුවිශෙශත්වය නම් මේ ඇගේ ජෙනුයින් ස්වරූපය ම වීමයි [හෝ එය එසේය යන්න අපට දැඩිව ඒත්තු ගැන්වීමයි]. 

ප්‍රොපගැන්ඩාව ඇගේ ජෙනුයින් ස්වරූපය ම කියා අප සිතන තැනම ඇය එහි චැම්පියන් වී හමාර ය.


ජසින්ඩා ගේ වෘත්තිය සහ දේශපාලනය යනු ප්‍රොපගැන්ඩා කැම්පේන් ය. පටන් ගන්නේ ටෝනි බ්ලෙයා ගේ කැම්පේන් එකෙනි. ලේබර් පක්ශයට ඇතුලු වන්නෙ හෙලන් ක්ලාක් හිටපු අගමැතිනියගේ කැම්පේන් එකෙනි. පක්ශයේ ජ්‍යෙශ්ටයන් ඉක්මවා ඉහලට එන ජසින්ඩා ආර්තිකය දියුනු කල ආන්ඩුවක බලය පැහැර ගන්නේ තම පක්ශයට බහුතර බලයක් පවා නොමැතිවයි. ඒ සදහා දක්ශිනාන්ශික පොපියුලිස්ට් පක්ශයක් සමග වාමාන්ශික හරිත පක්ශයක් එකතු කරන අතර බොහෝ විට එය ලෝකයේ එවැනි සන්ධානයක් තැනෙන පලමු අවස්තාවක් වනු ඇත. ජසින්ඩා මේනියා යනු නවසීලන්තය වෙලාගත් කතාවකි.

ක්‍රමයෙන් එය දූපත් දෙකින් එලියට විත් ලෝකය වෙලා ගන්නා ආකාරය නිරික්ශනය කල හැකිය. මේ ඔබාමා ගේ ටෝක් වලට ටෘඩො ගේ පෙනුමට සහ මැක්‍රොන් ගේ දැනුමට වශී වී හුන් ලෝකයකි. එහෙත් පෙර කී තිදෙනා මෙන් එක කදවුරක් වෙනුවට ස්පෙක්ට්‍රම් එක සපුරා නියෝජනය කරන්නට ඇය සමත් ය.

කොටිම්ම මේ මොහොතේ ඔබ නොසිතු පරිදි සන්ක්‍රමන අඩු කිරීමට ඇය කටයුතු කරමින් සිටින අතර සන්ක්‍රමන විරොදි පොපියුලිස්ට් පක්ශයක් සමග කැබිනට් තනතුරු බෙදාගන්නා සභාගයක් මෙහෙයවමින් සිටියි. ස්පෙක්ට්‍රම් එක සපුරා නියෝජනය කරනවා කියන්නේ එබැවිනි.

මේ මොහොතේ ද ව්‍යසනය පරයා නැගී සිටින යෝධ කැරිස්මාව ඇයයි. ඒ ප්‍රොපගැන්ඩා බව අනිවාර්‍යය. එහෙත් ප්‍රොපගැන්ඩා ඇගේ ජෙනුයින් ස්වරූපය ම ය. ජසින්ඩා ගේ විශේශත්වය එයයි.

ටර්ම් තුනක් පමන බුක් කර තබන්නට සිතා සිටිමු.


2019 මාර්තු 21: පැළදූ  හිජාබය හෝදන්නත් කළින් ජසින්ඩා සංක්‍රමණ කෝටා  කපා දැමූ නමුත් බැණුම් ඇහුවේ වෙනත් එකෙකි

වසරක සන්ක්‍රමන සීමාව 30000 කින් අඩු කිරීමට සහ සන්ක්‍රමනිකයන්ගෙන් වැඩි පිරිස සිඩ්නි මෙල්බන් වලින් ඉවතට යොමු කිරීමේ සැලසුමක් ඔස්ට්‍රෙලියානු අගමැතිවරයා ප්‍රකාශයට පත් කරයි. 

ඇත්තටම ගිය වසර සැලකුවොත් සන්ක්‍රමනිකයන් ගනන මුලු සීමාවට වඩා අඩුවෙන් ආ නිසා නව සීමාවෙන් අඩුවන්නේ සන්ක්‍රමන 2000 ක් පමනි.

එහෙත් තම සැලසුම ඔස්ට්‍රෙලියානු අගමැතිවරයා ප්‍රකාශයට පත් කරන්නේ ක්‍රයිස්ට්චර්ච් හි දී සන්ක්‍රමන විරොදි ඔස්ට්‍රේලියානුවෙකු ජීවිත පනහක් බිලිගත්තාට සතියකට පසුවයි. මෙම සිදුවීම් දෙකේ සහසම්බන්දය නිසා අගමැතිවරයා විවේචනයට ලක් වෙයි.

ඔස්ට්‍රෙලියාවෙන් 1/4 ක ජනගහනයක් වෙසෙන නවසීලන්තයේ අගමැතිනිය වසරක සන්ක්‍රමන සීමාව 30000 කින් [ජනගහනයේ ප්‍රතිශතයක් ලෙස මෙය ඔස්ට්‍රෙලියානු කට් ඩවුන් එක මෙන් හතර ගුනයකි] අඩු කරන්නේ සභාගයේ පාර්ශ්වකාර සන්ක්‍රමන විරොදි පක්ශය සමග එකගතා ඇති කරගන්නා මොහොතේ මය. අද වනතුරු එතුමිය ඒ සැලසුම වෙනස් කරන බව කියා නැත. එහෙත් ප්‍රහාරය සිදුවූ මොහොතේ පටන් ඇය මුස්ලිම් පලදනාවෙන් සැරසී සලාම්මලෙකුම් කියමින් සන්කේතිය සන්ක්‍රමන හිතවත් ප්‍රචාරයක නියැලී සිටියි. මේ මොහොතේ ඇය සන්ක්‍රමනිකයන් සහ පොදු ලෝක ප්‍රජාව අතර වීරවරියකි.

සියල්ල කිවයුතු සහ කලයුතු ආකාර තිබේ. ෆ්‍රෑන්ක් ටෝක් කාරයින්ට වඩා කපටි ටෝක් කාරයෝ හැමදාම දිනති. පෙර කී පරිදි මෙතෙක් ලෝක දෙශපාලනයේ මා දුටු ප්‍රොපගැන්ඩා චැම්පියන් ජසින්ඩා ය. එසේම මේ මොහොතේ මා දකින ලෝක දේශපාලක චරිත අතරින් වඩාත්ම ඉන්ටරස්ටින් චරිතය ද ඇය යි.

ජසින්ඩා කියවීමට යත්න දරමින් සිටිමි.

නෝට්: දෙදෙනා ම ප්‍රතිපත්තිමය ලෙස සන්ක්‍රමන විරෝදය පිලි නොගන්නා මුත් හේතුව් ලෙස සපයන්නේ යටිතල පහසුකම් සැපයීමේ අර්බුදයයි. එහෙත් වෘත්තික ස්න්ක්‍රමන හරහා රටක යටිතල පහසුකම් වඩා වේගයෙන් නිර්මානය වන අතර ස්න්ක්‍රමන අඩු කිරීමෙන් දජානි පහල බසියි. සිඩ්නි මෙල්බන් වැනි සන්ක්‍රමන සන්කේන්ද්‍රගත වීම් පමන්ක් නැවතීම ප්‍රමානවත් කියා සිතමි.



2019 මැයි 18: ස්කොට් මොරිසන්ට එරෙහිව බිල් ශෝටන් චන්දය ඉල්ලු ඔස්ට්‍රෙලියානු මහ මැතිවරණයේ  ජනප්රියම චරිතය වූයේ ජසින්ඩා ය

අද චන්දයේ ඔස්ට්‍රෙලියා ජනතාව වැඩියෙම්ම ප්‍රියකරන අගමැති ජසින්ඩා ආර්ඩර්න් කියලයි ජෝක් එක යන්නෙ. මෙහෙ ඉල්ලන උන් එතරම්ම මිනිසුන් අතර ජන-අප්‍රියයි. ලන්කාවෙ වගේම තෙවනි නෝමල් පක්ශයක් නැහැ විවිධ කල්ට් පක්ශ තමා තියෙන්නෙ. ටැස්මන් මුහුද ක්‍රොස් කරපු ජසින්ඩා මේනියාවේ තරම කිව්වොත් උන් ඔස්ට්‍රේලියාව ආක්‍රමනය කලොත් ඔසියොත් ඒ හමුදාවට එකතුවෙන සයිස්.



2019 නොවැම්බර් 03: තම පාලනයේ දෙවර්ෂ පූර්ණය සමරන්න ජසින්ඩා කරන විනාඩි දෙකේ ප්‍රචාරක කතාව


තමන් කරපු වැඩ කියන්න  විනාඩි දෙකක්  මදි කියා  ව්‍යංගයෙන් හඟවන ජසින්ඩාගේ  ප්‍රොපගැන්ඩා ජිමික්

මේ ඉන්නෙ ජසින්ඩා ආඩර්න්. ඇය නවසීලන්තේ ලේබර් පක්ශ නායිකාව සහ ලේබර් සන්ධානයක අගමැති. මේ කියන්නෙ එයාගෙ මුල කාලෙ එයා ගේ ආන්ඩුව කල දේවල් ලිස්ට් එක.

මේ ලිස්ට් එකේ තියෙන දේවල් බහුතරයක් මාර හොද දේවල්. බහුතරයක් නීති සම්පාදන සහ රාජ්‍ය සහන සේව සුබ සාධන කටයුතු ආදිය. 

නවසීලන්තය කියන්නෙ දරිද්‍රතාවය අතින් පහල ඉන්න රටක් නොවුනත් ඇමරිකාව වගේ නමට ෆස්ට් වල්‍ර්ඩ් දිලින්දන් ගහන රටක් නොවුනත් ෆස්ට් වර්ල්ඩ් ප්‍රොබ්ලම් එකක මට්ටමේ දරිද්‍රතාවයක් [ඒ කිව්වෙ අන්ත දුප්පත් නොවුනට සමහර එව්ව ලබා ගන්න අමාරුවක්, සුරක්ශිත බවේ ගැටලුවක්] තියෙනවා - මූලිකවම ස්වදේශික මඔරින්ට සහ සන්ක්‍රමනික්‍යන්ට. ඒ පදනමින් ජසින්ඩාගෙ රජය නවසීලන්තේ කරගෙන යන්නෙ සෝශල් ජස්ටිස් වොරියර් පන්නයෙ දේශපාලන ගමනක්.

වත්මන් විපක්ශය ජාතික පක්ශය තරමක් කන්සවේටිව් සහ ආර්තික අතින් ලිබරල් [ලිබරල් වර්ග දෙකක් තියෙනවා මේ කලාපෙ ලිබරල් කියන්නෙ ආර්තිකේ ලිබරල් හෙවත් දක්ශිනාන්ශික ලිබරල් අයට, වාම ලිබරල් ලෝක සන්කල්ප මෙහෙ වැඩියෙන් යන්නෙ කම්කරු පක්ශ එක්ක]. ජාතික පක්ශය කිව්වට ඇත්තටම ඔවුන් ජාති[ක]වදි පක්ශයක් නොවේ එහෙම පොපියුලිස්ට් ජාතිකවාදි පක්ශය වනුයේ නිව්සිලන්ඩ් ෆස්ට් පක්ශය එයාල දැනට ජසින්ඩගේ වමේ සිට දකුනට පුලුල් දේශපාලන ස්පෙක්‍ට්‍රම් එකක තියෙන ආන්ඩුවේ එක කොටස් කාරයෙක්.

ජසින්ඩා ට පෙර [දිගු කලක්] බලයේ උන්නු ජාතික පක්ශයේ ජෝන් කී කියන්නෙ ෆොරෙක්ස් ක්ශේත්‍රයේ ඉහල විද්වතෙක් මෙරිල් ලින්ච් ආයතනයේ ඩිවිශන් හෙඩ් කෙනෙක් සහ විවිධ ජාතයන්තර මූල්‍ය උපදේශන කටයුතු මෙහෙයවන කෙනෙක්. ඔහුගේ කාලය සුවිශේශි වන්නෙ බැටලුවන් ස්වභාව සෞන්දර්‍ය සහ හොලිවුඩ් සීනික් බියුටිය [හොබිට් හර්කියුලිස් ලෝඩ් ඔෆ් ද රින් සීනා සහ ලොස්ට් ව්‍ර්ල්ඩ්] ගැන පමනක් අහල තිබ්බ බොහෝ දෙනාගෙ අරමුන ඉගෙනගෙන ඔස්ට්‍රෙලියාවෙ ජොබ් හොයාගෙන යාම වෙච්ච ඊට කලින් ආන්ඩුවෙන් ඩෝල් දීලා ඩෝල් මත යැපෙන්නන්ගේ දේශය කියල විරුද නාමයක් තිබ්බ නවසීලන්තෙ ආර්තිකය එක පාරට හයිටෙක් කෙශෙත්‍ර වලට විවර කරල කෙටිකාලින ප්‍රගතියක් ගන්න එක නිසා. ඔස්ට්‍රෙලියාවට ජොබ් හොයන් එන මිනිස්සු වෙනුවට එක අවධියක් තිබ්බ අපිට එහෙන් වේකන්සි වලට කෝල් ආපු. මේ කාලෙ පටන්ගත්ත සමහර බිස්නස් තවමත් නවසීලන්ත සන්නාමය එක්ක යනවා. මම ජෝන් කී දකින්නෙ සන්වර්ධන නියමුවෙක් හෝ ආර්තික සලසුකරුවෙක් ලෙස. ඉකොනොමික් ඩෙවලොප්මන්ට් වොරියර් කෙනෙක්. ජෝන් කී දේශපාලනෙන් විෂ්‍රාම ගියා [මුණූපුරාව පාසල් එක්ක යන්න විදිහක් නැහැ කියල - ඇත්තටම ඕක තමා දුන්නු හේතුව]

ජසින්ඩා මේ කියන කතාවෙ නැති එකම දේ දැක්කද? ජසින්ඩා ලා මේ ආකාර වලින් වැය කරන්නෙ ජෝන් කී ල උපයා දෙන ආර්තික ස්තාවරත්වය ඒත් ජසින්ඩගේ කාලෙ වෙච්ච දේවල් අතර ආර්තික සන්වර්ධනය නැහැ. ඕකෙ නොකිව්ව එයාගෙ ආර්තික සන්වර්ධනය [නොවීම] ගැන ලොකු විවේචන තියෙනවා. ඊට හේතුව එයා ඒ ගැන නොසැලකිලිමත් වීමද නෙවිනම් එයාගෙ අලුත් වෙනස්කම් එක්ක අර්තිකේ වැටෙන එකද දන්නෙ නැහැ.

සන්වර්ධනය පරම උත්තරීතර එකම මග නෙවි විශේශයෙන්ම සන්වර්ධිත සහ ඉහලම ජීවන තත්ව වල ඉන්න මේ වගේ රටකට. සන්වර්ධනය එක්ක තරාදියෙ අනිත් පැත්තෙ ඉන්නව පරිසරය යහපත් ජීවන තත්ව ප්‍රෙශර් ටෙන්ශන් ආදි දේවල් රාශියක්. හැබැයි ජසින්ඩ වැය කරන්නෙ ජෝන්කී ඉපයු ආර්තික ස්තාවරත්වය නම් එය සීමා සහිතයි, ජසින්ඩාට මේ සෙල්ලම් දාන්න තියෙන ඉඩ සීමා සහිතයි. කොයි දේත් කෙළවර වෙන්නෙ මේ සන්චිත ධනවත්බව [මූල්‍ය ඉලක්කම නොවේ] ඉවර වෙන තැන. ඊට පස්සෙ නවසීලන්තෙ උනත් විරැකියාව ඩොල් මත යැපීම විදෙස් නය ගැනීම [ඔස්ට්‍රෙලියාවෙ ගිලාඩ් රජය එතනටම ආව] ඇතුලු අලුත්ම ප්‍රශ්න ගොඩක් හැදෙනවා.

මේ මොහොතේ නවසීලන්තෙ පමනක් නෙවි පලමු ලෝකෙම ඇදෙන විවාදයක් මේක. ඇමරිකා ජනාධිපතිවරණය, බ්‍රෙක්සිට්, යුරොප්පා සන්ගම් සහ ජාතික රාජ්‍ය, කැනඩාවෙ චන්දෙ මේ හැම එකකම සෝශල් ජස්ටිස් වොරියර්ට එරෙහි ඉකොනොමික් ඩෙවලොප්මන්ට් වොරියර් සටන [බ්‍රිතානය් චන්දෙ ලිව්වෙ නැහැ ඒකෙ එහෙම එකක් නොපෙනෙන නිසා].
ඔය සටන එක තැනක හිර වුනාම එලියට පනින අතුරු පලය වනුයේ පොපියුලිස්ට් ජාතිකවාදි අතාර්කික හැගීම්බර දේශපාලනය. මේක මේ කලාපෙ නම් එතරම් ලොකු නැහැ ඒත් යුරොපෙ නම් ලොකු එකක්. හැබැයි ජසින්ඩා ෆේල් වුනොත් ඉදිරියේ දි නිව් සීලන්ඩ් ෆස්ට් පක්ශය ගේන් එකක් ගනියි කියා මම හිතනවා.



2020 අප්‍රේල් 15: ජසින්ඩා  ලොක් ඩවුන් පටන් ගත්තේ තියෙන තදම ලෙවල් එකෙනි

කෝවිඩ් 19 කතන්දර ...

අපි ටිකකට නවසීලන්තෙට යමු, එහෙ ලොකුවට අවුට්බ්‍රේක් ගියේ නෑ ඒත් එයාල දෙන්න තියෙන තදබල ම ලොක් ඩවුන් එකක ඉන්නෙ.

මගේ මතය නම් නවසීලන්තය ගත්තෙ දේශපාලන තීන්දුවක්. වෙන රටවල් වගෙ සයන්ටිෆික් එකක් නෙවි. එතනදි ඒ තීන්දුව ඩ්‍රයිව් කලෙ නවසීලන්තෙ අගමැතීනිය විසින්. ජසින්ඩා කරන හැම එකකම තියෙනව ලොකු ප්‍රොපගැන්ඩා එකක්. ඒ එයාගෙ හැටි.

එයාලගෙ ලොකුවට පැතිරීමක් තිබ්බෙ නැති නිසා ලෙවල් 2 හෝ 3 ලොක් ඩවුන් එකක් කරල බලන්න තිබ්බ. ඒව සහ ලෙවල් 4 අතර වෙනස නම් බොහො අත්‍යාවශ්‍ය නොවෙන ව්‍යාපාර වහලම දාන එක. එතනදි "අත්‍යාවශ්‍ය" කියන එක මධ්‍යගත ව තේරිමත් අවුල්. ලෙවල් 3 කියන්නෙ ඒව ආරක්ශිත ආකාරෙට දුවන එක.

දේශපාලන තීන්දු ගත්තම වෙන්නෙ ඒව දිගුකාලිනව ඇප්ලයි කරගන්න බෑ. උදාහරනෙකට ජසින්ඩාට රෝගින් 0 කරා ගේන්න පුලුවන් ඒත් ඒක දිගටම තියාගන්න බෑ. වැක්සින් එකක් එන්න යන අවුරුදු ගානක් එහෙම ඉන්න බෑ. එයාට දවසක රට අරින්න වෙනව . ආයෙ එතනදි රෝගින් ගාන 0 ට එහා යනව.

සයන්ට්ෆිකලි ස්පීකින් රෝගින් ගාන 0 කරනව කියන්නෙ ලෝකෙ එක්ක සම්බන්ද කඩනව කියන එක. ඒ පලවෙනි එක ශෝක් වුනාට දෙවෙනි කාරනේ කල නොහැක්කක් නිසා ඒ වෙනුවෙන් වෙහෙසීම අපරාදෙ. ඒ නිසා තමයි සයන්ටිෆික් ඩිසිශන් එකක ඒ වගෙ සද සිහින නැත්තෙ. නවසීලන්ත තීරනය ඉමෝශනල් වීමක්.

කමෙන්ට්ස් වල උපුල් යෝජන කළ පරිදි එයාල ඉක්මනින්ම ලොක්ඩවුන් එකකට ගිය එක හොද දෙයක්. ඒත් එයාල කරල තියෙන ලොක්ඩවුන් එක හොදටම සැර වැඩියි. කාටවත් එලියට බහින්නවත් බැරි ගානෙ ලොක්ඩවුන් එකක් එයාල කලේ (ලෙවල් 4). ගැටලුව නම් ඒක පවත්වා ගන්න බෑ
වෙන්න නියමිත දේනම් ඉක්මනින් ම එයාල ලොක් ඩවුන් එක ලිහිල් කරන එක. තරමක කාලයක් රෝගින් 0 තියලලොව පුරා ප්‍රශන්සා ගන්න පුලුවන්. පසුව ආයෙ රෝගින් විස්සක් තිහක් වගෙ දවසට හොයා ගත්තත් ඒක ලොකු සිද්දියක් නෙවි ඒ නිස ලබාගත් නම්බු නාමෙ පහව යන්නෙ නෑ.
ජසින්ඩට ඕනෙ ප්‍රොපගැන්ඩා කියල මම කියන්නෙ ඒකයි.

සැබෑ ගේම් කරුවන් බලන්න නම් කොරියාව තායිවානය වගෙ රටවල් බලන්න. උන් ලොක්ඩවුන් අවමයෙන් ගේම බේරුව. රෝගින් 0 කලේ නෑ ඒත් 50 ට පහල දෛනික රෝගි ගානක් ඉන්නෙ.



2020 අප්‍රේල් 30: නවසීලන්තය කෝවිඩ් රෝගය තුරන් කිරීම සමරති

කෝවිඩ් 19 කතන්දර ...

ජසින්ඩාට ආදරෙනි

ඔස්‍ට්‍රේලියාව ඉතාම පරිස්සමින් ලොක් ඩවුන් රිලිස් කරන්නෙ ටෙක්නිකලි මේ මැච් එක ගහන්නෙ කෝවිඩ් 19 ගෙ ටෙරේන් එකේ නිසා. ක්‍රමයෙන් අපේ ලොක් ඩවුන් ඒක රිලිස් කරන්නයි යන්නෙ. ඒකට මාස ගානක් ගනියි.

ඕක නිසා තමා ජසින්ඩා ආඩ'න් මැතිණිය කට වහගෙන සයන්ටිස්ට් ලට පාඩුවෙ කරගෙන යන්න දෙන්න ඕනෙ කියන්නෙ. ඒත් ජසින්ඩා එහෙම කරන්නෙ නෑනෙ, ජසින්ඩා සහ ප්‍රොපගැන්ඩා වෙන් කල නොහැකියි.
ජසින්ඩා නිසා හරි කරදරයි. මොකද එයා ඔය එක එක එව්ව කිව්ව ගමන් මිනිස්සු අපිවත් ටැග් කරනව.

උදාහරනෙකට ඔන්න ජසින්ඩා එක පාරට ලෝකෙ තියෙන සැරම ලොක් ඩවුන් එකක් දැම්ම - ලෙවල් 4 කියන්නෙ. දාල හෙන ටෝකක් එහෙමත් දැම්ම ඒ ගැන. මිනිස්සු අපෙන් අහනව "අන්න නිව්සීලන්ඩ් ලොක් ඩවුන් කරල ඔයාල කරන්නෙ නැද්ද?" ඒත් අපි ඒ වෙද්දිත් ලෙවල් 3 ලොක් ඩවුන් එකක උන්නෙ. ඒක සයන්ටිස්ට් පැනල් කීපයක් සැහෙන අධ්‍යනයක් කරල ගත්ත තීරණයක්. ඒකෙ අස්සෙ නිව්සීලන්ඩ් වගෙ එදිනෙදා ව්‍යාපාර වැහුවෙ නෑ. ඒ වගේම ජාත්‍යන්තර මාධ්‍ය වලට වෙනම වොයිස් කට් දීගෙන කලේ නෑ පනිවුඩය ගියෙ ප්‍රාන්ත මට්ටමින්.

දාපු ලොක් ඩවුන් එක මාර අසිරු නිසා දේශිය ව්‍යාපාර වැටෙන නිසා මාසෙකින් නවසීලන්තෙ ඒක පොඩ්ඩ්ක් ලිහිල් කරනව. ජසින්ඩා ආයෙ ඇවිත් කියනව ඔන්න අපි දැන් ලොක් ඩවුන් ලිහිල් කලා කියල. එතකොට මිනිස්සු ආයෙ අහනව, "මේ ඔයාලගෙ ලොක්ඩවුන් එක තාම ඇදෙනවද අන්න නිව්සීලන්ඩ් රට ඕපන් කරල" . ඒත් නිව් සීලන්ඩ් කලෙ එමොකද්ද? ලෙවල් 4 එක ලෙවල් 3 වලට අඩු කල එක. ඉතින් යකෝ අපි දිගටම උන්නෙ ලෙවල් 3 ම නෙ.

කෙසේ වෙතත් ලොක් ඩවුන් දෙකේම රිසල්ට් එකම වගේ ඕනෙනම් ඇනලයිස් කර බලන්න මිලියනයකට ඇවරේජ් කල දත්ත. රටක් ලෙස ඔස්ට්‍රෙලියාව වඩාත් සන්කීර්ණ සහ බලය බෙදු ඒකක ලෙස වඩාත් අමාරු වුනත් දෙරටම එකම මට්ටමක ඇචිව්මන්ට් එකක් ගන්නව. ඔස්ට්‍රෙලියාව කියනව අපි දැන් ලෝකලි බෝවෙන එක ඔල්මොස්ට් බින්දුවට ගෙනත් ඉන්නෙ. අපි මෙහෙම තව තරමක් කාලයක් බලමු. සමහර විට වේව් එකක් එයි ඒත් අපි ඒකට රෙඩි කියල. කියන්නෙ අර සයන්ටිස්ට් ල. ජසින්ඩ ආයෙ පනාව දාල කියනව් "නිව්සීලන්ඩ් කරන්ට්ලි කොරෝනා පරාද කරල තියෙන්නෙ" කියල. ඕක දැක්කම් මිනිස්සු කියනව "මේ අන්න නිව්සීලන්ඩ් කොරෝනා ඉවරම කරල ඔයාලගෙ තාම කේස් නේ" කියල. ඒත් ජසින්ඩට තියා සක්කරයටවත් කිව හැකිද "පරද කලා" කියල. ප්‍රොපගැන්ඩා කියන්නෙ ඕකයි. මොකද එයා ඔක පටන් ගනිද්දි ටාගට් සෙට් කලේ කෝවිඩ් 19 බින්දුව කරන්න. ඔස්ට්‍රෙලියා හිතුවෙ පාලනය කරන් ජීවත් වෙන්න. බින්දුව අපිට බෝනස් එකක්. ඒත් ජසින්ඩට ඒක කෝම හරි පෙන්වන්න වෙනව,

ඒත් එයාට වරදින්නෙ නෑ. කෙනෙකුට තම උපරිම හැකියාව තියෙන ෆීල්ඩ් එකේ කවදාව්ත් වරදින්නෙ නෑ. ඔබ නොදැක්කට එයා කියන්නෙ "කරන්ට්ලි" කියල. මේ මොහොතෙ. මේ මොහොතෙ විතරයි. ඕක ඉතින් කියන්නත් එකක්ද කියල අහන්න හිතෙනව. ඒත් ඒ එයාගෙ හැටි ජසින්ඩා කියන්නෙ ප්‍රොපගැන්ඩා. එයා වැඩේ කරන ගමන්ම එයාම ඒක කියනව. ඒ කොටස ඉබේ වෙන්නෙ. දන්නෙ නැති කෙනෙක් ඉන්නව නම් ජසින්ඩා කියන්නෙ ඉස්සර අගමති වරුන් කීප දෙනෙකුගෙ සාර්තක චන්ද කැම්පේන් ඕගනයිස් කල ප්‍රොපගැන්ඩා ප්‍රොෆෙශනල් කෙනෙක්. ඒ තමා එයා කැම්පස් එකෙන් අවුට් වෙල අවු 10 ක් විතර කල රස්සාව. නිව්සීලන්ඩ් ලේබර් එක හතේ හත වැදිල ඉන්න කොට ඒ පොඩි නන්ගිව ප්‍රොමොට් කරනව උඩටම. කතා දෙකක් නෑ එයා වැඩේ තිතටම දෙනව. ඒකයි මන් කිව්වෙ එයා ඉම්ප්ලිසිට්ලි ප්‍රොපගැන්ඩා යන්ත්‍රයක්. එයාට ඒ ආට් එක ලේසියෙන් වරදින්නෙත් නෑ ඒකෙන් ගැලවෙන්නත් බෑ.

වරදවා තේරුම් ගන්න එපා. මම ජසින්ඩාට හෙනම කැමතියි. අනික එයා සැහෙන දක්ශ කෙනෙක්. වැඩත් කරල තියෙනව ඒව අපි පොලිටිකලි එකග වෙන දේවල් නම් ඒවයෙ ඉහල මට්ටමක ප්‍රතිපල තියෙනව. කැරිස්මැටික්. රටම වශී කරන් ඉන්නෙ. අල්ලපු රටේ එයා ඉන්න එක ගැන පැලෙන්න ඉරිසියයි. මන් නෙවි මුලු ඔස්ට්‍රෙලියාවම. ජනමත විචාරනයක් තිබ්බොත් ඔස්ට්‍රෙලියාව්වෙ ජනප්‍රියම අගමති තෝරන්න ඕකි තමා දිනන්නෙ. ඒකට අපිට ඉන්නෙ මූකලන් කොට්ටෝරුවො සෙට් එකක්. මොරිසන්න්නම් කට ඇරියොත් පලාතක් ඉවරයි. මේ මුලු වැඩසටහනේම එයා ගැන ලෝකෙ දන්නෙ ස්ටුඩන්ට් ලට රටෙන් යන්න කිව්ව කියල පමණයි.

ඒත් හැමොම තේරුම් ගන්න ඕනෙ දෙයක් තමා කොච්චර දක්ශ වුනත් කොච්චර වැඩ කලත් ජසින්ඩා කියන්නෙ ප්‍රොපගැන්ඩා වලට කියන තව නමක්. එයා මොකක් හෝ ඩ්‍රාමා එකක් කරල මොකක් හෝ ජිමික් එකක් කරල ලෝකෙම අවධානය දිනාගෙන ආදරයත් දිනාගෙන එයා ගැන කතා කරන්න අවස්තාවක් හදනව. ඒකට ලේසියට හැමෝම ජසින්ඩා මේනියා කියනව. වඩාත් ඇනලිටිකල් වචනයක් ඕනෙනම් ලෙෆ්ට්/ලිබරල් පොපියුලිස්ම් කියන්නත් පුලුවන්.

අමනාපෙන් නොවේ. ජසින්ඩාට ආදරෙනි





2020 ඔක්තෝබර් 15: ජසින්ඩා දෙවෙනි චන්දෙට පෙර දරිද්‍රතාවයට ආදරය බෙදයි

ජසින්ඩා කියන්නෙ ස්වාභාවිකම ප්‍රොපගැන්ඩා ක්‍රියාවලියක්. ඒත් කතාවෙන් ඔබ්බට එයාගෙ ක්‍රියාකලාපයන් බලපාන්නෙ කොහොමද?

ජසින්ඩා කරන සමහර කතා සහ ක්‍රියා අතර පුදුම පරස්පර තියෙනවා. උදාහරණයකට සන්ක්‍රමනිකයන් බහුල මුස්ලිම් පල්ලියකට සුදු අන්තවාදියෙක් වෙඩි තබා පනස් ගානක් මරාපු වෙලාවේ හිජාබයක් දාගෙන ඔවුන් වැළද ගන්න කාලෙම ඇය සන්ක්‍රමන කෝටාවෙන් 1/3 කට වඩා කැපුවා, ඒත් ප්‍රසිද්ද වුනේ සරනාගාත කෝටාවෙන් ඒ කපාපු එකෙන් පහෙන් පන්ගුවක විතර චූටි තරමක් වැඩි කර එක පමණයි. සමස්තකයක් ලෙස වාර්ශිකව සන්ක්රමණිකයන් විසිපන්දාහක් පමන අඩු කෙරූනා නෙට් රිසල්ට් එක ලෙස. ඒ කාලෙම ඔස්ට්‍රෙලියාවෙ භාවිත නොකල මයිග්‍රේශන් කෝටා කොටස ඉවත් කරල ඒක මෝඩය වගේ ප්‍රසිද්දියෙම කිව්ව මොරිසන් ආන්ඩුව සන්ක්‍රමනික විරෝදි ලෙස ලොක වාසිය රෙජිස්ටර් කලා.

දරිද්‍රතාවයට ආදරය බෙදන්නට කතා කිරීම එකක් දරිද්‍රතාවය ඉවත්කරනන් ප්‍රායෝගික ආර්තික වැඩසටහන් ක්‍රියාත්මක කිරිල්ල වෙනකක්. ඕකෙ දෙවෙනි එක කරන්නෙ දුප්පතා ගැන ප්‍රේමයෙන් නොවෙන්නත් පුලුවන් ඒත් දුප්පතාට වැඩක් තියෙන්නෙ ඒකයි. ජසින්ඩාට කලින් දිගුකාලයක් උන්නු ජෝන් කී එහෙම කෙනෙක්. මිනිහට දුප්පතා ගැන ලොකු කැක්කුමක් තිබ්බෙ නෑ ඒත් මිනිහගේ අට වසර තුල ආර්තිකය නග්ගපු තාලෙට ඉබේම සමාජයෙ පහල අඩියට යහපතක් වුනා. එත් මිනිහ කවදාවත් දුප්පතාට ආදරේ නොබෙදු නිසා ලෝක වාසිය ඒක නෝටිස් කරන්නෙ නෑ.

පළමු ලෝකයෙ තමන් ඉන්න ස්තානය එක්ක නොසිතු විරු මට්ටමින් මිනිස්සු සාගින්නෙ ඉන්න දරුවන් ද්විතියික මට්ටමෙ මන්ද පෝශණයෙන් පෙළෙනෙ රටක් නවසීලන්තය. හේතුව ජනගහනයෙන් 1/5 පමණ වන ම-ඔරි සහ පැසිෆික් ප්‍රජාවගේ ජීවන තත්වය පහළ අඩියක පැවතීම. සුද්දන් සහ සෙසු සන්ක්‍රමනිකයන් ඊට වඩා ඉහල ජීවන තත්වයක උන්නත් නවසීලන්තයට නරක සන්වර්දන දර්ශක එක්ක ගනුදෙනු කරන්න වෙන්නෙ ඒකයි. ඒක සන්කිර්ණ ප්‍රශ්නයක්. ඒක ජසින්ඩාගෙ ම චන්ද පොරොන්දුවක් වෙන්නෙත් ඒකයි,ඒත් ඒකට ආදරය බෙදල මදි.

පවතින වාතාවරණය තවත් තීව්‍ර වන්නෙ ජසින්ඩාගෙ කෝවිඩ් පොලිසි එක නිසා. මම මුල සිටම වලකා ලීම හෙවත් ප්‍රිවෙන්ශනිසම් එක්ක එකග වෙන කෙනෙක්.ඒත් මන් හිතන්නෙ ඒක කරන්න ඕනෙ භුමියෙ තත්වය මත ක්‍රමයෙන් වැඩිවෙන රිස්ට්‍රික්ශන් දමීමෙන්. ඉස්සෙල්ල පොඩ්ඩක් තද නීතුයක් දාල ඒකෙන් අඩු නොවේ නම් තව ටිකක් තද කරල. මෙහෙම තමා සාර්තකව කෝවිඩ් මර්දනය කල ඔක්කොම රටවල් ඒක කලේ.

ඒත් ජසින්ඩාගෙ පොලිසිය වෙනස් එයාල දවසට පනහක් වගේ හොයාගන්න මොහොතෙ ටෝටල් ලෙඩ්ඩු ගාන දාහ පනින කොටම කෙලින්ම අත්‍යවශ්‍ය බිස්නස් ඇරෙන්න සේරම සම්පුනයෙන් වහල ඔක්කොම මිනිස්සු එක පිටිම්ම ගෙවල් වල නතර කලා. ඒකෙන් ආර්තිකයට මරුපහරක් වැදුනත් ජසින්ඩාගෙ මතය වුනේ අපි ඔබ කෝවිඩ් වලින් ඒකාන්තයෙන්ම රකිනවා කියන එක. ඒකෙ සාර්තක ප්‍රතිපලය ලෙස කෝවිඩ් බින්දුව කිරීම සෙල්බ්‍රේට් කරමින් ප්‍රොපගැන්ඩා මැශිමට එකතු කලා.

ඒකෙ යහපතකුත් තිබ්බ. දකුනු අර්ද ගෝලය බලාපොරොත්තු නොවන වින්ටර් හිට් එකට යද්දි ජසින්ඩාගෙ බින්දුව එයාලව බේරගත්ත. බින්දුවට මදක් උඩින්න් උන්නු ඔස්ට්‍රෙලියාව ඒ ටිකෙන් දෙවෙනි රැල්ල හදා ගත්ත. ඒත් ජසින්ඩාගෙ කිසිම පදනමක් නැති ආන්තික ලෙවල් 4 ලොක්ඩවුන් එකෙන් එයාලගෙ ආර්තිකය හාන්සිම වෙලා ගියා. කලින් කිව්ව වගෙ පලමුලෝකෙ රටකට මදක් නොගැලපෙන මට්ටමේ දරිද්‍රතා සන්ගුනක වලින් සමාජයෙ විශාල පිරිසක් පීඩා විදින වෙලාවක ජසින්ඩාගේ අන්තවාදි කෝවිඩ් පොලිසි එකෙනුත් බඩට වදින්නෙ ඒ මිනිසුන්ටමයි. ඒ මිනිසුන්ට ජසින්ඩාගේ ආදරය කන්න බෑනෙ.

මේ නිව්ස් එකට අනුව දරුවාට යහපත් කෑම වේලක් දෙන්න හිතාන තමන් බඩගින්නෙ ඉන්න මව්පියන් සැලකියයුතු තරමක් නවසීලන්තෙ ඉස්සරත් උන්න අතර ඒක කෝවිඩ් මර්දනයෙන් නොසිතු ලෙස ඉහල ගිහින්. ප්‍රිවෙන්ශනිස්ට් රටක්ලෙස ජනයාට සහනාධාර දෙන්න ඔස්ට්‍රෙලියාවෙ මොරිසන් රජය ගත් පියවරයන් ජසින්ඩා අරගෙන නෑ.

ඒත් ලෝකය මල විකාරයක්. මොරිසන් ගේ කොන්සවේටිව් ලිබරල් රජය දුප්පතාට නොසලකන ධනවාදි ආන්ඩුවක් ලෙස සලකන ලෝකයා දුප්පතාට ආදරය බෙදන ජසින්ඩාගෙ ආන්ඩුවට හැමදාම ගරු කරාවි. මොකද මොරිසන් ලා දවස ගානෙ දුප්පතා ඉඹිමින් කදුලු නොහෙලන නිසා.
මම මොරිසන් රජයට අමුතු කැමැත්තක් නෑ. මිනිහගෙ කෝවිඩ් මර්දන සැලසුම් ඇර මගෙ වර්නනාවට ලක්වෙන දෙයක් වෙලාම නෑ. ඒත් දුප්පතාට කටින් ආදරය බෙදමින් කරන ජසින්ඩලාගෙ ප්‍රොපගැන්ඩා පාලනය සහ ඒකෙම එල්බ ගෙන ඒව වර්නනා කරන බූරු ලෝකවාසියාගෙ හැසිරීම මට තරමක් අප්‍රසන්නයි.

ජසින්ඩ මේ චන්දෙ සරළ බහුතරයක්ම දිනයි.




2023 ජනවාරි 20: ජසින්ඩා ආඩ'න් ඉල්ලා අස්වෙයි

ජසින්ඩා ආඩ'න් සමුගෙන.

තවම ගිහින් නෑ ඒත් පෙබරවාරියේ ඉවත් වෙනව කියලයි කියන්නෙ. සියවසකට වගේ පස්සෙ එන ලාබාලම අගමැතිනියක් වන ජසින්ඩා වයස 36 දී බලයට ඇවිත් 42 දී බලයෙන් ඉවත් වෙනවා. ඉතාම දක්ශ ප්‍රචාරක හැකියාවක් සහිත නිසා ඒ වෙනකොට පැරදිලා වැටිල හිටිය කම්කරු පක්ශෙ නායකත්වයට පැරචූට් කරන ලද ඇය, සුලු පක්ශ රාශියක් එකග කරවාගෙන රජයක් පිහිටුවා පසුව කම්කරුපක්ශය තනිකර විශාල බලයක් දක්වා ගෙන ගියා. මේ ආකර්ශණීය චරිතයට හා කැරිස්මාවට වශී වීම ජසින්ඩාමේනියා කියල කියනව. ජසින්ඩාමේනියාව නවසීලන්තෙට බෝවෙලා එතනින් ලෝකෙටමත් බෝවුන. ඔස්ට්‍රෙලියාවට කවදාවත් ලබන්න බැරි අගමැති (the prime minister aussies will never have) කියල ජසින්ඩාව මිනිස්සු හැදින්වූවා.

ජසින්ඩා යන්න ගියෙ තමන්ට තවත් රාජ්‍ය පාලනය සම්බන්ද ඉවරයක් නැති ප්‍රශ්න වලට මූණ දෙන්න ශක්තිය නෑ කියල. ඇය මින් පසු ඇගේ දිගුකාලින සහකරු හා විවාපත් වෙන්නත් ඉන්නව කියල කියනව. ජසින්ඩා කියන්නෙ රට විශාල අර්බුද රාශියක් එක්ක තියෙන්නෙ ඒ නිසා අලුත් කෙනෙක් ඒව ගැන හිතන්න ඕනෙ කියල.

ජසින්ඩා මුහුණ දෙන සත්‍ය තත්වය නම් ඇගේ ජනප්‍රියත්වය සීයට 30 කට පමණ පහළ වැටිල කියන එක. මේ වසරෙ චන්දෙන් බලයට එන්න බැරිතරම් පහල මට්ටමක තියෙන්නෙ කියන එක (ඇය මේක ප්‍රතික්ශේප කරනවා). වෲත්තියෙන් දේශපාලන කැම්පේන් කාරියක් වූ ප්‍රතිපත්ති වලින් වාමංශික ලිබරල් අදහස් දැරූ ජසින්ඩා ගේ පාලනය පුරාම තියෙන්නෙ විවිධ නෛතික වෙනස්කම් සහ සුබසාධන කටයුතු. සමාජයේ පහල අඩියේ ඉන්න විවිධ ජන කොටස් වලට හා දුප්පතුන්ට සහන සැලසීමට ඇය විසින් සැකසු මොඩලයක් තමා ජසින්ඩා දිගටම ක්‍රියාත්මක කලේ. එහෙත් ඒ සමහර උත්සාහයන් තේරුමක් නැති බවත් ඇගේ සමයෙ දුප්පත්බව වැඩිවීම ඉහල ගිය බවත් (කෝවිඩ් එන්න කලිනුත්) සමාජයේ ආන්තික කොන් වූ කොටස් අතර ප්‍රචණ්ඩත්වය වර්ධනය විමක් තියෙන බවත් කියවෙනවා. මීට අමතරව ජසින්ඩා ගෝලීය කාළගුණ වෙනස්වීම් වෙනුවෙන් ගෙනා නීති තරමක් තදබල වැඩි බවත් එයින් ආර්තිකයට විශාල හානියක් වන බවත් කියවෙනව. කෝමත් සීමා ඉක්මවා සැලසුම් වරද්දන් කර සුබ සාධ්නත් ආර්තිකයට කරන්නෙ හානියක්.

ජසින්ඩා ලෝක ප්‍රසිද්ද වෙච්ච එක දෙයක් ඇගේ කෝවිඩ් 0 කිරීමේ සැලසුම. කෝවිඩ් 0 කියන්නෙ රටවල් රාශියක්ම මුලදිම අතෑරල දාපු වැඩක්. ලෝකෙ රටවල් කෝවිඩ් පාලනය කොයි කොයි දුරට කළා වුනත් කෝවිඩ් 0 දිග කාලයක් අරන් ගියෙ නවසීලන්තය හා චීනය පමණයි. අන්තවාදි වුණත් ජසින්ඩා ගේ කෝවිඩ් වැඩසටහන් බොහො දෙනෙක් කියන ආකාරෙට මිනිසුන්ගෙන් ප්‍රතික්ශේප වුණේ නෑ. ඇත්තෙන්ම ඇයගේ ජනප්‍රියත්වය ඉහල ගිය අතරම ඇය චන්දෙකුත් දින්නෙ ඒ ජනප්‍රියත්වය එක්ක. හැබැයි ආන්තික බව නිසාම ඒකෙනුත් ආර්තිකයට වැදුනා.

ඉතින් මන් දැන් දිගට ලියාගෙන ආපු කතාව පුරා දකින්න තිබ්බ පොදු ඍණාත්මක සාධකය දැක්කනෙ "ආර්තිකයට වැදුනා". ජසින්ඩා කළ හැම එකකින්ම ආර්තිකයට වාසිදයක කිසිවක් වුණේ නෑ. ජසින්ඩා මුලින්ම බලයට එනකොටම ඔය ලක්ශණය පේන්න තිබ්බ. ඇය ගේනව කිව්ව පොලිසි වෙනස්කම් සුබසාධන ආදිය තුල ආර්තිකය හදාගන්න ක්‍රම තිබ්බෙ නෑ. හැබැයි ඇයට කලින් හිටි පුද්ගලයා ලොකු ආර්තික සන්වර්ධනයක් කළ නිසා ඇයට සැහෙන ආර්තික ස්තාවරත්වයක් තිබ්බ. ජසින්ඩා කරන්නෙ ඔය ස්තාවරත්වය කඩා වැටෙනකම් තමන්ගෙ දේශපාලන අරමුණු ක්‍රියාත්මක කිරීම කියල ඒ කාලෙම ලිව්ව නිසා මට ලේසියි ශෙයා කරන්න විතරයි තියෙන්නෙ. ඔය කමෙන්ට් අස්සෙ ලින්ක් කර තියෙන්නෙ ජසින්ඩා ආපු කාලෙම ඇය ගැන ලියූ ඒ සටහන. මේ ටික ඒකෙන් ගන්නව.

"ජසින්ඩා මේ කියන කතාවෙ නැති එකම දේ දැක්කද? ජසින්ඩා ලා මේ ආකාර වලින් වැය කරන්නෙ ජෝන් කී ල උපයා දෙන ආර්තික ස්තාවරත්වය ඒත් ජසින්ඩගේ කාලෙ වෙච්ච දේවල් අතර ආර්තික සන්වර්ධනය නැහැ. ඕකෙ නොකිව්ව එයාගෙ ආර්තික සන්වර්ධනය [නොවීම] ගැන ලොකු විවේචන තියෙනවා. ඊට හේතුව එයා ඒ ගැන නොසැලකිලිමත් වීමද නෙවිනම් එයාගෙ අලුත් වෙනස්කම් එක්ක අර්තිකේ වැටෙන එකද දන්නෙ නැහැ.
සන්වර්ධනය පරම උත්තරීතර එකම මග නෙවි විශේශයෙන්ම සන්වර්ධිත සහ ඉහලම ජීවන තත්ව වල ඉන්න මේ වගේ රටකට. සන්වර්ධනය එක්ක තරාදියෙ අනිත් පැත්තෙ ඉන්නව පරිසරය යහපත් ජීවන තත්ව ප්‍රෙශර් ටෙන්ශන් ආදි දේවල් රාශියක්. හැබැයි ජසින්ඩ වැය කරන්නෙ ජෝන්කී ඉපයු ආර්තික ස්තාවරත්වය නම් එය සීමා සහිතයි, ජසින්ඩාට මේ සෙල්ලම් දාන්න තියෙන ඉඩ සීමා සහිතයි. කොයි දේත් කෙළවර වෙන්නෙ මේ සන්චිත ධනවත්බව [මූල්‍ය ඉලක්කම නොවේ] ඉවර වෙන තැන. ඊට පස්සෙ නවසීලන්තෙ උනත් විරැකියාව ඩොල් මත යැපීම විදෙස් නය ගැනීම [ඔස්ට්‍රෙලියාවෙ ගිලාඩ් රජය එතනටම ආව] ඇතුලු අලුත්ම ප්‍රශ්න ගොඩක් හැදෙනවා."

අවසානෙ වෙද්දි නවසීලන්තය ඉන්නෙ අනිකුත් පළැවෙනි ලෝකෙ රටවලටත් වඩා තදබල ආර්තික අර්බුදයක. උද්ධමනය පලමු ලෝකෙට සාපේක්ශව ඉහල අගයක්. පොලී අනුපාත ඉහල ගිහින් මෝගේජ් වල වාරික ලොකු ප්‍රතිශතයකින් වැඩිවෙලා. මේවා නිස රට වැසියා පීඩිතව ඉන්න අතර ජසින්ඩා පශ්වාත් කෝවිඩ් සමයෙ කරන්නෙ කෝවිඩ් නිසා හිරවෙලා තිබ්බ නෛතික වෙනස්කම් සහ සුබසාධන කටයුතු ඉක්මනින්ම ඉවර කරන්න උත්සහ කරන එක. ඇයගෙ ජනප්‍රියත්වය වැටෙන්නෙ මේ හේතුව නිසා කියල කීයන්නෙ. ඒ වගේම ඇය ම කියන පරිදි නිමා නොවෙන ාඅර්තික අර්බුදේ එක්ක තවත් ගැටෙන්න ඇයට බෑ ශක්තිය නෑ, මන් හිතන්නෙ ආර්තික අර්බුද හමුවේ ඇයට ඇත්තෙන්ම ඒ ශක්‍යතාවය හා අවබෝධය නෑ කියල. සමුගැනීම පසුබිම් වන්නෙ එහෙම තැනක.

කෝම වුණත් ජසින්ඩා ආපු දවසෙ පටන් වපර ඇහින් බලාපු කෙනෙක් ලෙස ඕකි ආර්තිකෙ පිස්සු කෙලවල යනව කියලත් කියු කෙනෙක් ලෙස ඇගේ ලෙගසිය ගැන මටත් අගයන්න දේවල් තියෙනවා. රටේ ආයුධ සම්බන්ධ නීති ටික තර කිරීම පවා වටිනා දෙයක්. තමා මතක තබා ගන්න ඕනෙ කාරුණික රාජ්‍ය නායකයෙක් ලෙස කියා ඇය කියනව. අගමැති කාලෙ ඔස්ට්‍රෙලියාවෙ නිවාඩුවට ඇවිත් සාමාන්‍ය මගියෙක් සේ නෝමල් කාර් රෙන්ටල් එකකින් කාරෙකක් අරන් ඇවිද්ද ඉතාම නිහතමානි සහ කාරුණික නායිකාවක් ලෙස බොහො කලක් බොහො දෙනා ඇය සිහිපත් කරාවි. ජසින්ඩාමේනියාවේ නොස්ටල්ජීය මුහුණුවරක් දශක ගාණක් ලෝකෙම පවතීවි.

වයස 42 ක තරුණ ජසින්ඩාත් මෙතනින් නතර වෙන එකක් නෑ. ඇත්තෙන්ම ජාත්‍යන්තර සංවිධානයක නායකත්වය ඒ වගෙ කාරුණික නිහතමානි කෙනෙක් අතට යාම අතිශයින්ම උචිත දෙයක්.

ප.ලි. මේ සටහන ලියද්දි මන් දැන නොසිටි දෙයක් තමා ජසින්ඩාට සහ පවුලේ අයට මරණ තර්ජන තිබ්බ කියල. ඒව ආවෙ දක්ශිණාන්ශික පුද්ගලයන්ගෙන්. ඔවුන් ඉතාම සුලුතරයක් වුණත් යම්කිසි දෙයක් කරන ශක්‍යතාවය තිබ්බා. ජසින්ඩාගෙ කාර්‍යාලයට කඩුවක් අරගත් මිනිහෙක් ඇවිත් තිබ්බ. මේවා තම අස්වීමට සම්බ්න්ධයි කියා ඇය කීවේ නෑ. ඒත් දරුවා පාසල් යන්නෙ මේ වසරේ නිසා බල නොපානව කියන්න බෑ.

4 comments:

  1. චතුෂ කුමාර - ස්කොට්ලන්තයJanuary 27, 2023 at 12:56 AM

    නවසීලන්තයේ ප්‍රධාන සංඝනායක අක්කරෙයිපත්තුවේ චන්ද්‍රජෝති මහනායක ආධිපාද ස්ථිවරයන් වහන්සේගේ පුතා මගේ ක්ලාස් මේට්.

    මිනිහා කියන විදියට ජසින්තා ට දැන් ප්‍රසාදයක් නැහැ.
    එයාගේ කාලේ ඉවරයි. අයිං උනේ නැත්තන් චන්දෙ පරදිනවා.

    ReplyDelete
    Replies
    1. ජසින්ඩා මුහුණ දෙන සත්‍ය තත්වය නම් ඇගේ ජනප්‍රියත්වය සීයට 30 කට පමණ පහළ වැටිල කියන එක. මේ වසරෙ චන්දෙන් බලයට එන්න බැරිතරම් පහල මට්ටමක තියෙන්නෙ කියන එක (ඇය මේක ප්‍රතික්ශේප කරනවා).

      Delete
    2. නොකිව්වට හැබැයි ජීවිත තර්ජනත් වොරියක් වෙලා ඇති. ඇය සහ පවුලේ අය මරාදාන බවට සුදු අන්තවාදි සයිබර් චැනල් වලින් කරන තර්ජන හා කාර්‍යාලයට කඩුවක් අරන් මිනිහෙක් ආවම. දරුවා පාසල් පටන් ගන්නෙ මේ වසරේ. ඒ නිසා ඒව වොරීස් නෙවි කියන්න බෑ. ලන්කාවෙ වගෙ මෝටකේඩ් එකක් දාල ලමයව යවන්නෙ නෑනෙ

      Delete
  2. වටිනව👌

    ReplyDelete