Monday, November 7, 2022

අවුරුදු මිලියනයක් තිස්සේ ගලන දියකඳ

වැහි වතුර ගංගා දිගේ මූදට ගලනවනෙ. ඒත් පොලොව වැහි වතුර උරාගන්න තාලෙට සවිවර වුණොත් මොකද වෙන්නෙ? ගංගා හැදෙන්න බෑනෙ. වතුර පොලොවට උරාගන්නව. මේක සුලබව වෙන දෙයක්. හැබැයි එහෙම උරාගන්න වතුර පොලොව යටට ගැඹුරට බහින කොට යටින් එහෙම සවිවර නැති ගල් තට්ටුවක් හම්බුනොත් මොකද වෙන්නෙ? තව බහින්න බෑනෙ ගල් තට්ටුව මත පැතිරෙමින් පස් තුල එකතුවෙනව පස් මිශ්‍ර ටැංකියක් වගෙ, තිරස්ව පැතිරෙනව කොහෙන් හෝ ගඟක් මූදක් ඒම නැතිනම් ගල් තට්ටුවෙ අවසානය හම්බෙනකම්. මතුපිට පස්වල ජලය වාශ්ප වුනාට යට ජලය ඉතුරු වෙනවා. මේ ක්‍රියාදාමයට ඇක්විෆයර් එකක් කියල කියනව. ඇක්විෆයර් එකක් හැදෙන ජියෝලොජික් සැකැස්මට ආටීසියානු බේසින් කියල කියනව.

දැන් ඔය කියන ටැංකිය හෙවත් ඇක්විෆයර් එක අති විශාල භුමියක තියේනම්, ඒකෙ පුරාම ඉතාම ගැබුරෙ - කිමි ගානක් යට - තනිකර ගලක් නම් සහ ගඟක් මූදක් පලාතෙ නැත්නම් මොකක් වෙයිද?

ඔස්ට්‍රෙලියාවෙ මැද හරියෙ වෙන්නෙ එහෙම එකක්. මේ තමා ග්‍රේට් ආටීසියන් බේසින් එක. මේ ජාතියෙ ලොකෙ තියෙන ලොකුම එක.






ඔස්ට්‍රෙලියාව මැද්දෙ ඉදල මූදට ගලන ගංගා නෑ. මතුපිට සවිවර (හිරිගල් වගෙ) පාශාණ කිමි තුනක් පමණ වෙනකම් ගැඹුරට යනව. ඊට යටින් කලුගල් වගෙ වතුර නොබහින බේස් එකක්. ඉතින් මේකට වැටෙන වතුර පාශාණ තට්ටුව ඇතුලෙ එකතුවෙමින් ගලායනව. කොච්චර ගැලුවත් ගඟක් මූදක් හමුවන්න මාර දුරක් තියෙනෙන්, යට කලුගලත් එහෙම්ම තියෙනව. මේ නිසා වතුර එකතුවෙලා ලෝකෙ ලොකුම ස්වාභාවික වතුර ටැංකිය හැදෙනව. වර්ගපලයෙන් මේක ඉරානෙට වටා ලොකුයි, ගැඹුර කිමි තුනක් විතර වෙනකම් තියෙන්න පුලුවන්. රැස්වන මුළු වතුරෙන් මුලු ලෝකෙම මීටර බාගයක් උසට පුරවන්න පුලුවන්. ඇතිතරම් පැතිරී යන ඉඩ තියෙන නිසා හෙමි හෙමි ගලන ජලය අවසානෙ මතුපිටට ඇවිත් ඩාලින් ගඟ හරහා මූදට යන්න අවුරුදු මිලියනයක් පමණ යනව කියනව.

අවුරුදු මිලියනයක් !!! ඕස්ට්‍රෙලියාවෙ මැද්දට අවුරුදු මිලියනේකට ඉස්සර වැහැපු වතුර ඉරානෙ තරම් වපසරියක කිමි තුනක් වගෙ ගනකමට තියෙන ටැංකියක ස්ටෝ වෙලා දැන් තමා මේ මූදට ගලන්නෙ. හෝමෝ සේපීයන් ලා බිහිවෙච්ච කාලෙ වගෙ තුන්ගුණයක් ඉස්සර !!!

ටැංකියෙ මතුපිට හරිය කට්ටෙට වේලිලා කාන්තාර හා ශුෂ්ක දේශගුණයක් වෙලා තියෙන්නෙ. ඒත් ඒකෙ සමහර තැන්වලින් වතුර එලියට එනව. ටැංකියෙ ප්‍රෙශර් සහ භු විශමතා අනුව සමහර තැන්වල පොඩි පොකුණු කළපු වගෙ එව්ව හැදෙනව. එව්වයෙන් තමා මේ රට මැද කෑල්ලෙ ඉතාම තුනීව පැතිරිලා ඉන්න සතුන් හා අවුරුදු පනස්දාහක් වගෙ හීවත්වන ස්වදේශික ප්‍රජාව පැවැත්ම සළසා ගන්නෙ. ඒත් ඒව මදි නවීන ශිෂ්ටාචාරයක් පවත්වාගන්න.

යුරෝපියානුන් මුළින්ම ආවම මේ ජල හිගය නිසා ඔවුන්ගෙ මුල්ම ගවේශකයින් සැහෙන්න කරදර වින්දා. මුල්ම කාලවල මධ්‍ය ඔස්ට්‍රෙලියාව සැහෙන තරමක් ගවේශණය කළ චාල්ස් ස්ටර්ට් ඒ ගමන් වලදි ජල හිගයන්ට මුහුණ දීල ශරීර ආබාධ හදා ගත්ත, නොමැරි බේරුණේ නූලෙන්. ඒත් කෙටි කළකින්ම ඔවුන්ට මේ සම්පත හමුවුණා. 1800 ගණන් වල අගබාගෙ ඔස්ට්‍රෙලියාවේ නල ළිං හාරන එක මහා ලොකු ව්‍යාපරයක් වුණා. නල ළිං සමහරක ප්‍රෙසර් එක නිසා වතුර එලියට ගලා ඇවිත් කුඩා කාණු දිගේ ගලල පරිසරයට වාශ්ප වෙලා ගියා, තාමත් එහෙම ඔහෙ ගලා යනව. නල ළිං වලින් කර්මාන්ත පතල් සත්ව ගොවිපොළ ආදිය කරන්නත් ජනාවාස හදන්නත් පටන් ගත්ත. දැන් මධ්‍ය තරමේ නගර 70 කට වඩා ආටීසියානු බේසම තුල තියෙනව.

හැබැයි ගැටලුවක් තියෙනවා. ටැංකිය ලොකුයි තමා. ඒත් සප්ලයි පොඩියි. පිරෙන්නෙ හෙමින්. දැන් මේ පාවිච්චි කරන්නෙ අවුරුදු මිලියනයක් තිස්සෙ එකතු කළ වතුරනෙ. ඉතින් මේ රේට් එකට පාවිච්චි කළාම ඒක ඉක්මණින් ඉවර වේගෙන යනවා. දැනටම ඒකෙ ලකුණූ පේනව. දැන් වතුර ප්‍රෙශර් එක අඩු වෙනවා. පොකුණු කලපු හිඳී යනවා. තදින්ම බලපෑමට ලක්වන ඩාලින් ගඟ තමන්ගෙ වියළී කාලෙ ආටීසියානු වතුරෙන් පමණයි ගලන්නෙ. දැන් ගඟ හිදිලම යනව නිතරම. මත්ස්‍ය ගහණ වල මහා පරිමාණ මරණ සිද්ද වෙනව එක පාරම.

ස්වභාවයට වෙන හානිය අමතක කළත්, ප්‍රෙශර් එක තව අඩු වුණොත් ජනාවාසවලට ජලය සපයන්න විදියක් නැතිවෙනව. එහෙම වුණොත් මධ්‍ය ඔස්ට්‍රෙලියාවෙන් වැඩි හරියක් හෝ සමහරවිට ඔක්කොම ජනශුන්‍ය වෙයි.


මේ  ගැන වීඩියෝවක් තියෙනව කැමතිනම් බලන්න

1 comment:

  1. ලඟදි ආයේ ඇහුව... ලියනාඩෝ ඩිකප්රියෝගෙ ඔස්කා අවොර්ඩ් එකේ කතාව මතක් උනා. හොඳ සටහනක්!

    ReplyDelete